Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1801. ඉති ඵන්දනරුක්ඛොපි තාවදෙ අජ්ඣභාසථ, මය්හම්පි වචනං අත්ථි භාරද්වාජ සුණොහි මෙ.
Sinhala BJT1801. මෙසේ කී මොහොතේ ම කොළොම්ගස අරක් ගත් දෙවියා ද මෙලෙස කීය. භාරද්වාජය, මගේ කීමෙක් ද ඇත. එය ද අසව.
Pali BJT1802. ඉස්සස්ස{5} උපඛන්ධම්භා{6} ඔක්කච්ච චතුරඞ්ගුලං, තෙන නෙමිං පරිහරෙසි{7} එවං දළ්හතරං සියා
Sinhala BJT1802. වලසාගේ ගෙලෙන් සතරඟුලක් (හම) ගෙන නිම් වළල්ලේ යොදා ගනුව හෙවත් සවි කරව. එයින් ඉතා ශක්තිමත් වන්නේ ය.
Pali BJT1803. ඉති ඵන්දනරුක්ඛොපි වෙරං අප්පෙසි{8} තාවදෙ, ජාතානඤ්ච අජාතානං ඉස්සානං දුක්ඛමාවහි{9}.
Sinhala BJT1803. එකෙණෙහි කොළොම් ගස ද වෛර ඉපැද වීය. උපන්නා වූ ද නූපන්නා වූ ද වලසුන්ට දුක් ගෙන දුන්නේ ය.
Pali BJT1804. ඉච්චෙව{10} ඵන්දනො ඉස්සං ඉස්සො{11} ච පන ඵන්දනං අඤ්ඤමඤ්ඤං විවාදෙන අඤ්ඤමඤ්ඤමඝාතයුං.
Sinhala BJT1804. මෙසේ කොළොම් ගස වලසාට ද වලසා කොළොම් ගසට ද ඔවුනොවුන් කළ වාදයෙන් ඔවුනොවුන් නස්වාලූහ.
Pali BJT1805. එවමෙව මනුස්සෙසු විවාදො යත්ථ ජායති, මයූරනච්චං නච්චන්ති යථා තෙ ඉස්සඵන්දනා{12}.
Sinhala BJT1805. එසේ මනුෂ්‍යයන් අතරේ විවාදයක් හටගනී ද, එය, වලසා හා කොළොම්ගස පරිදි මොනරනැටුම් නටත්. (හෙවත් විවාදාපන්නයෝ උනුන් කුලමල කියා බැණ ගැනීම නිසා තමන්ගේ ඌනතා හෙළිකර ගනිත්.)
Pali BJT1806. තං චො වදාමි භද්දං{1} වො යාවන්තෙත්ථ සමාගතා, සම්මොදථ මාවිවදිත්ථ මා හොථ ඉස්සඵන්දනා.
Sinhala BJT1806. තොපට කියමි, යම්තාක් දෙන මෙහි රැස් වූ ද ඒ හැමට සෙත් වේවා. තෙපි වලසා සහ කොළොම් ගස් සේ නො වවු, ප්‍රීත වවු. වාද නො කරවු.
Pali BJT1807. සාමග්ගිමෙව සික්ඛෙථ බුද්ධෙහෙතං පසංසිතං, සාමග්ගිරතො{2} ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසතීති.
Sinhala BJT1807. සමගියෙහි ම හික්මෙවු. මෙය බුදුවරයන් විසින් පසස්නා ලද සමගියෙහි ඇලී සුචරිත ධර්‍මයෙහි පිහිටි තැනැත්තේ නිර්‍වාණ සම්පතින් නො පිරිහේ.
Pali BJT2. ඵන්දනජාතකං.
Sinhala BJT2. ඵන්‍දන ජාතක යි.
Pali BJT1808. ඉධෙව හංස නිපත සිපියං මෙ තව දස්සනං, ඉස්සරොසි අනුප්පත්තො යං ඉධත්ථි පවෙදය.
Sinhala BJT1808. හංසය, මෙහි (මේ රන්පුටුවෙහි ම) හිඳුව. තොපගේ දැකීම මට ප්‍රිය වේ. තෙපි මෙහි ඉසුරු බවට පත් වූහු. යමක් කැමැති ද එය කියන්න.
Pali BJT1809. සවණෙන චෙකස්ස{3} පියා භවන්ති දිස්වා පනෙකස්ස වියෙති{4} ඡන්දො, දිස්වා ච සුත්වා ච පියා භවන්ති. කච්චින්නු{5} මෙ පිය්යසි දස්සනෙන.
Sinhala BJT1809. ගුණ ඇසීම නිසා කෙනෙක් කෙනකුට ප්‍රිය වෙති. සමහරුන් දැකීම නිසා සමහරකුගේ ආසා පහව යයි. දැකීමත් ඇසීමත් නිසා සමහරු ප්‍රිය වෙති. කිමෙක් ද, දැකීම නිසා ප්‍රිය බව උපදී ද?
Pali BJT1810. සමණෙන පියො මෙසි භිය්යො චාගම්ම දස්සනං, එවං පියදස්සනො සමානො වස හංස මම සන්තිකෙ.
Sinhala BJT1810. හංසය, තොපි මට ඇසීමෙන් ප්‍රිය වූහු දර්‍ශනයට පැමිණ වඩා ප්‍රිය වූහු ප්‍රිය දැකුම් ඇතියේම මා සමීපයේ වෙසෙව.
Pali BJT1811. වසෙය්යාම තවාගාරෙ නිච්චං සක්කතපූජිතා, මත්තො ච එකදා වජ්ජා{6} හංසරාජං පචන්තු මෙ.
Sinhala BJT1811. නිතර සැලැකිලි හා පිදුම් ලබමින් තොපගේ නිවෙසේ (අපි) වසමු. දවසෙකැ සුරාමදයෙන් මත් වැ මට හංසරාජයා (මස් පිණිස) පිසත්වා (යී කියන්නහු ය.)
Pali BJT1812. ධිරත්ථු තං අන්නපානං යම්මෙ පියතරං තයා, න චාපි මජ්ජං පායාමි යාව මෙ වච්ඡසී ඝරෙ.
Sinhala BJT1812. තොපටත් වඩා මට යම් ආහාරපානයක් ඉතා ප්‍රිය ද ඊට නින්‍දා වේවා. යම්තාක් තෙපි මාගේ නිවෙසේ වෙසෙන්නහු ද ඒ තාක් මත්පැන් නො බොමි.
Pali BJT1813. සුවිජානං සිගාලානං සකුන්තානඤ්ච වස්සිතං, මනුස්සවස්සිතං රාජ දුබ්බිජානතරං තතො.
Sinhala BJT1813. රජතුමනි, සිවලුන්ගේ ද පක්‍ෂීන්ගේ ද හඬ සුවසේ දත හැකි ය. මිනිසුන්ගේ හඬ දැන ගැනීම ඊට වඩා බෙහෙවින් දුෂ්කර ය.
Pali BJT1814. අපි චෙ මඤ්ඤති පොසො ඤාති මිත්තො සඛාති වා, යො{7} පුබ්බෙ සුමනො හුත්වා පච්ඡා සම්පජ්ජතෙ දිසො.
Sinhala BJT1814. යම් පුරුෂයෙක් පළමු සතුටු සිතැති වැ (මේ) නෑයෙක, මිතුරෙක යහළුවෙකැ යි සිතා ද හේ පසුව සතුරු වෙයි.
Pali BJT1815. යස්මිං මනො නිවිසති අවිදූරෙ සහාපි සො{8}, සන්තිකෙපි හි සො දූරෙ යස්මා විවසතෙ මනො.
Sinhala BJT1815. යමකු කෙරේ සිත බැසැගනී ද හේ දුරැවුව ද සමීපයේ එක්වැ වාසය කරන්නේ වේ. බැඳුණු යමකු කෙරෙන් සිත පහව යේ ද හේ සමීපයේ වෙසෙතත් ඈත වාසය කරන්නේ වේ.
Pali BJT1816. අන්තොපි සො{1} හොති පසන්න චිත්තො පාරං සමුද්දස්ස පසන්නචිත්තො, අන්තොපි යො හොති පදුට්ඨචිත්තො පාරං සමුද්දස්ස පදුට්ඨචිත්තො.
Sinhala BJT1816. පහන් සිතැත්තෙක් මුහුදෙන් එතෙර වෙසෙතත් හේ ඇතුළත (සිතැ) වෙසෙන්නේ වේ. නො පහන් සිතැත්තෙක් ඇතුළතැ වෙසෙතත් හේ මුහුදෙන් එතෙර වෙසෙන්නේ වේ.
Pali BJT1817. සංවසන්තාපි විවසන්ති යෙ දිසා{2} තෙ රථෙසභ, ආරා සන්තො සංවසන්ති{3} මනසා රට්ඨවඩ්ඪන.
Sinhala BJT1817. මහරජ, යම් කෙනෙක් සතුරු ද ඔහු එක්වැ වසන්නාහු නමුදු වෙන් වැ වෙසෙන්නෝ වෙති. සත්පුරුෂයෝ දුර වෙසෙතත් මෙත් සිත් නිසා ළං වැ වෙසෙන්නෝ වෙති.
Pali BJT1818. අතිචිරං නිවාසෙන පියො භවති අප්පියො, ආමන්ත ඛො තං ගච්ඡාම{4} පුරා තෙ හොම{5} අප්පියා{6}
Sinhala BJT1818. දිගු කල් එක් වැ විසීම නිසා ප්‍රියයා ද අප්‍රිය වේ. අප්‍රිය වන්නට පෙරාතු ව තොපට කියා අවසර ගෙන යමු.
Pali BJT1819. එවං චෙ යාචමානානං අඤ්ජලිං නාවඛුජ්ඣසි, පරිවාරකානං සත්තානං වචනං න කරොසි නො, එවං තං අභියාචාම පුන කයිරාසි පරියායං.
Sinhala BJT1819. මෙසේ දොහොත් මුදුන් දී කරන ඉල්ලීම නොපිළිගන්නේ නම්, ආශ්‍රිතයන් කියන පරිදි නො කරන්නේ නම් නැවත තොප යදිමු. මෙලෙස නැවත ද ගමනාගමනය කරව.
Pali BJT1820. එවං චෙ නො විහරතං අන්තරායො න හෙස්සති, තුය්හං චාපි මහාරාජ මය්හං වා රට්ඨවඩ්ඪන{7}, අප්පෙවනාම පස්සෙම{8} අහොරත්තානමච්චයෙති.
Sinhala BJT1820. රට වඩන රජතුමනි, මෙසේ වෙසෙන තොපගේ ද මාගේ ද ජීවිතාන්තරායෙක් නො වන්නේ නම් අහෝරාත්‍රයන් දිවිහිමියෙන් ඔවුනොවුන් දකින්නෙමු නම් ඉතා මැනැවි.
Pali BJT3. ජවනහංසජාතකං.
Sinhala BJT3. ජවනහංස ජාතක යි.
Pali BJT1821. න තෙ කට්ඨානි භින්නානි න තෙ උදකමාභතං, අග්ගිපි තෙ න හාසිතො{9} කින්නු මන්දෙව ඣායසි.
Sinhala BJT1821. තා විසින් දර නො පලන ලද ය. තා විසින් දිය නො ගෙනෙන ලද ය. තා විසින් ගිනි නො දල්වන ලද අන්‍ධ බාලයකු ලෙස සිත සිතා ඉන්නේ කිම?
Pali BJT1822. න උස්සහෙ වනෙ වත්ථුං කස්සපාමන්තයාමි තං. දුක්ඛො වාසො අරඤ්ඤස්මිං රට්ඨං ඉච්ඡාමි ගන්තවෙ.
Sinhala BJT1822. කාශ්‍යපයන් වහන්ස, ඔබ වහන්සේ අමතමි. වනයෙහි වාසය කරන්නට උත්සාහයක් නැත. වන වාසය දුක් සහිත ය රටට යන්නට කැමැත්තෙමි.
Pali BJT1823. යථා අහං ඉතො ගන්ත්වා යස්මිං ජනපදෙ වසං, ආචාරං බ්රහ්මෙ{10} සික්ඛෙය්යං තං ධම්මං අනුසාස මං.
Sinhala BJT1823. පියාණෙනි, මම මෙ තැනින් ගොස් යම් දනව්වෙක වසම් ද ඒ දනව් සිරිත් පුහුණුවනු සඳහා මට ධර්‍මයෙන් අනුශාසනා කරනු මැනැවි.
Pali BJT1824. සචෙ අරඤ්ඤං හිත්වාන මනමූලඵලානි ච, රට්ඨෙ රොචයසෙ වාසං තං ධම්මං නිසාමෙහි මෙ.
Sinhala BJT1824. ඉදින් වනයත් වනමුලුත් පලාපලත් හැර පියා රටේ විසුම රුස්නේ නම් ඒ දහම් සිරිත් අසව.
Pali BJT1825. විසං මා පතිසෙවිත්ථො පපාතං පරිවජ්ජය, පඞ්කෙ{1} ච මා විසීදිත්ථො{2} යත්තො ආසීවිසෙ{3} චරෙ
Sinhala BJT1825. විෂය සෙවීම නො කරව. ප්‍රපාතය දුරුකරව. මඩෙහි නො ගිලෙව. සර්‍පයා දුරු කරව.
Pali BJT1826. කින්නු විසං පපාතො වා පඞ්කො වා බ්රහ්මචාරිනං, කං ත්වං ආසීවිසං බ්රූහි තම්මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT1826. බඹසැරියන්හට විෂය කුමක් ද? ප්‍රපාතය කුමක් ද? මඩ නම් කුමක් ද? සර්‍පයා යයි කියන්නේ කුමකට ද? විතාළ මට එය කියනු මැනව.
Pali BJT1827. ආසවො තාත ලොකස්මිං සුරා නාම පවුච්චති, මනුඤාඤා{4} සුරභි වග්ගු මධුඛුද්දරසූපමා{5} විසං තදාහු අරියා බ්රහ්මචරියස්ස නාරද.
Sinhala BJT1827. පුතණුවෙනි, ලෝකයේ සිත් ගන්නා වූ සුවඳැතී හිතට ප්‍රිය වූ දඬුවැල් බෑ මීරස වැනි රස ඇති ආසව සුරා නම් වේ. එය බ්‍රහ්මචර්‍ය්‍යාවට විෂ (වේ) යයි ආර්‍ය්‍යයෝ කියති.
Pali BJT1828. ඉත්ථියො තාත ලොකස්මිං පමත්තං පමථෙනති තා, හරන්ති යුවිනො{6} චිත්තං තූලභට්ටංව{7} මාලුතො පපාතො එසො අක්ඛාතො බ්රහ්මචරියස්ස නාරද.
Sinhala BJT1828. පුතණුවනි, ලොවෙහි ස්ත්‍රීහු සිහි මුළාවූවන් මඩිති. සුළඟ රුකින් ගිලිහුණු පුළුන් රොදක් සේ ස්ත්‍රීහු, තරුණයාගේ සිත පැහැරැ ගනිති. නාරදය තෙල බ්‍රහ්මචර්‍ය්‍යයට ප්‍රපාතය යි කියන ලදී.
Pali BJT1829. ලාභො සිලොකො සක්කාරො පූජා පරකුලෙසු ච, පඞ්කො එසො{8} අක්ඛාතො බ්රහ්මචරියස්ස නාරද.
Sinhala BJT1829. නාරද, ලාභය, කීර්තිය, සැලැකිල්ල හා අන්‍ය කුලයන්හි පිදුම් ද යන මේ බ්‍රහ්මචර්‍ය්‍යයට පඞ්ක (මඩ) යයි කියන ලදී.
Pali BJT1830. ස සත්ථා{9} තාත රාජානො ආවසන්ති මහිං ඉමං, තෙ තාසිසෙ මනුස්සින්දෙ මහන්තෙ තාත නාරද.
Sinhala BJT1830. දරුව නාරද, මහ තෙදැති රජවරු පොළොවට අධිපති ව වෙසෙති. ඉසුරෙන් මහත් වූ ඒ රජවරුන් ද සේවනය නො කරව.
Pali BJT1831. ඉස්සරානං අධිපතීනං න තෙසං පාදතො චරෙ, ආසීවිසො සො අක්ඛාතො බ්රහ්මචරියස්ස නාරද.
Sinhala BJT1831. ආඪ්‍ය වූ අධිපති වූ ඒ රජුන් සමීප වැ ඇසුරු කොට නො හැසිරෙව. මෙය බ්‍රහ්මචර්‍ය්‍යාවට ආශීර්විෂ යයි කියන ලදී.
Pali BJT1832. භත්තත්ථො{10} භත්තකාලෙ යං යං ගෙහං උපසඞ්කමෙ, යදෙත්ථ කුසලං ජඤ්ඤා තත්ථ ඝාසෙසනං චරෙ.
Sinhala BJT1832. ආහාර කැමැත්තේ, ආහාර වේලායෙහි යම් මැ නිවෙසකට එළැඹේ ද එහි යම් තැනක් නිරවද්‍ය යැ යි දන්නේ නම් ආහාර සෙවීම කරන්නේ ය.
Pali BJT1833. පවිසිත්වා පරකුලං පානත්ථං{11} භොජනාය වා, මිතං ඛාදෙ මිතං භුඤ්ජෙ න ච රූපෙ මනං කරෙ.
Sinhala BJT1833. ආහාරපාන සඳහා අන් නිවෙසකට ගොස් පමණ දැන කන්නේ ය. පමණ දැනැ අනුභව කරන්නේ ය. ස්ත්‍රී රූපයෙහි හිත නො යොදන්නේ ය.
Pali BJT1834. ගොට්ඨං{12} මජ්ජං කිරාසඤ්ච{13} සභානි කිරණානි ච, ආරකා පරිවජ්ජෙති යානීව{14} විසමං පථන්ති.
Sinhala BJT1834. ගව ගාල ද මත්පැන් හල ද ධූර්‍තයන් හා කපටියන් වෙසෙන තැන් ද ජනයා රැස්වන තැන් ද රන්රුවන් විකුණන තැන් ද, ගිතෙල් තලතෙල් බඳුන් පුරවා ගත් වාහන විෂම මඟ හැර යන්නා සේ දුරින් ම දුරු කරව.
Pali BJT4. චුල්ලනාරදජාතකං.
Sinhala BJT4. චුල්ලනාරද ජාතක යි.
Pali BJT1835. දූතෙ තෙ බ්රහ්මෙ{15} පාහෙසිං ගඞ්ගාතීරස්මිං ඣායතො, තෙසං පුට්ඨො න ව්යාකාසි{16} දුක්ඛං ගුය්හං මතන්නු තෙ.
Sinhala BJT1835. බමුණ, ගං ඉවුරට වී සිතමින් හිඳින තොප වෙත දූතයන් එවීමි. ඔවුන් විතාරන ලද්දේ නමුදු සැඟවී ඇති දුක් සහිත ගුප්ත සිතුවිලි හෙළි නො කෙළේ ය.
Pali BJT1836. සචෙ තෙ දුක්ඛං උප්පජ්ජෙ කාසීනං රට්ඨවඩ්ඪන, මා ඛො නො{1} තස්ස අක්ඛාහි යො තං දුක්ඛා න මොචයෙ.
Sinhala BJT1836. කසී රටවාසීන්ගේ රට වඩන රජතුමනි, ඉදින් ඔබ තුමාට උපන් දුක යමෙක් දුරු නො කෙරේ ද ඔහුට ඒ දුක නො කියනු මනා ය.
Pali BJT1837. යො තස්ස දුක්ඛජාතස්ස එකන්තං අපි භාසතො, විප්පමොචෙය්ය ධම්මෙන කාමං තස්ස පවෙදයෙ.
Sinhala BJT1837. හටගත් දුක් ඇති (එය) කියන්නා වූ ඔහුගේ දුක යමෙක් ඒකාන්තයෙන් දැහැමින් මුදා නම් ඔහුට ඒකාන්තයෙන් (එය) කියන්නේ ය.
Pali BJT1838. සුවිජානං සිගාලානං සකුන්තානඤ්ච{2} වස්සිතං මනුස්සවස්සිතං රාජ දුබ්බිජානතරං තතො.
Sinhala BJT1838. සිවලුන්ගේ ද පක්‍ෂීන්ගේ ද හඬ මැනැවින් දත හැකි වේ. මහරජ (එහෙත්) මිනිසුන්ගේ හඬ දැනැගැනීම ඊට වඩා බොහෝ දුෂ්කර වේ.
Pali BJT1839. අපි චෙ මඤ්ඤති පොසො ඤාති මිත්තො සඛාති වා, යො පුබ්බෙ සුමනො හුත්වා පච්ඡා සම්පජ්ජතෙ දිසො.
Sinhala BJT1839. යම් පුරුෂයෙක් පළමු සතුටු සිතැති වැ නෑයෙක, මිතුරෙක, යහළුවෙකැ යි සිතා ද හේ පසුව සතුරු වෙයි.
Pali BJT1840. යො අත්තනො දුක්ඛමනානුපුට්ඨො පවෙදයෙ ජන්තු අකාලරූපෙ, ආනන්දිනො{3} තස්ස භවන්තමිත්තා{4} හිතෙසිනො තස්ස දුඛී{5} භවන්ති.
Sinhala BJT1840. යමෙක් තම දුක නැවත නැවත විචාරන ලද්දේ අයෝග්‍ය අවස්ථාවක කියන්නේ ද ඔහුගේ සතුරෝ (එය අසා) සතුටු වෙත්. ඔහුගේ හිතකැමති මිතුරෝ දුක් වෙත්.
Pali BJT1841. කාලඤ්ච ඤත්වාන තථාවිධස්ස මෙධාවිනං එකමනං විදිත්වා, අක්ඛෙය්ය තිප්පානි පරස්ස ධීරො සණ්හං ගිරං අත්ථවතිං පමුඤ්චෙ.
Sinhala BJT1841. (රහස් කීමට) සුදුසු කාලය දැනැ තමා හා සමාන අදහස් ඇති නුවණැත්තකුට දුක් වීමට හේතු වූ කරුණු කියන්නේ ය. නුවණැත්තේ අර්‍ත්‍ථවත් දෙය මොළොක් බසින් කියන්නේ ය.
Pali BJT1842. සචෙ ච ජඤ්ඤා අවිසය්හමත්තනො නායං නීති{6} මය්හසුඛාගමාය, එකොපි තිප්පානි{7} සහෙය්ය ධීරො, සච්චං හිරොත්තප්පමපෙක්ඛමානො.
Sinhala BJT1842. ඉදින් තම දුක ඉවසා ගන්නට අපහසු බව දන්නේ ද (එකලැ) ලෝක ධර්‍මයෝ (අටලෝදහම්) මට සැප ලබා දෙන්නට තිබෙන්නාහු නො වෙති යි සිතන නැණවතා හිරි ඔතප් උපදවා ගැනීමෙන් තියුණු දුක් ඉවසන්නේ ය.
Pali BJT1843. අහං රට්ඨානි විචරන්තො නිගමෙ රාජධානියො{8}, භික්ඛමානො මහාරාජ ආචරියස්ස{9} ධනත්ථිකො.
Sinhala BJT1843. රජතුමනි, ගුරුතුමාට දුනමනා ධනය දෙනු කැමැති වැ රටෙහි ද දනවුවල ද රාජධානිවල ද සිඟමින් ඇවිදින්නෙම්.
Pali BJT1844. ගහපතී රාජපුරිසෙ මහාසාලෙ ච බ්රාහ්මණෙ, අලත්ථං{10} සත්ත නික්ඛානි සුවණ්ණස්ස ජනාධිප තෙ මෙ නට්ඨා මහාරාජ තස්මා සොචාමහං භුසං.
Sinhala BJT1844. ජනපතිතුමනි, ගැහැවියන්, රාජපුරුෂයන් මහාසාර බමුණන් යැද රන් නිෂ්ක සතක් ලදිමි. මගේ ඒ ස්වර්‍ණ නිෂ්කයෝ නටහ. එහෙයින් මම බොහෝ දුක් වෙමි.
Pali BJT1845. පුරිසා තෙ මහාරාජ මනසා අනුවිචින්තිතා නාලං දුක්ඛා පමොචෙතුං තස්මා තෙසං න ව්යාහරිං
Sinhala BJT1845. මහරජතුමනි, ඔබගේ දූත පුරුෂයෝ සිතින් සිතුවාහු නමුදු මා දුකින් මුදන්නට සමත් නො වෙති. එහෙයින් ඔවුනට නො කීමි.
Pali BJT1846. ත්වං ච ඛො මෙ මහාරාජ මනසා අනුවිචින්තිතො, අලං දුක්ඛා පමොචෙතුං තස්මා තුය්හං පවෙදයිං.
Sinhala BJT1846. මහරජතුමනි, තෙපි මාගේ දුක සිතින් සිතුවහු මා දුකින් මුදන්නට සමත් වහු. එහෙයින් තොපට කීවෙමි.
Pali BJT1847. තස්සාදාසි පසන්නත්තො{11} කාසීනං රට්ඨවඩ්ඪනො, ජාතරූපමයෙ නික්ඛෙ සුවණ්ණස්ස චතුද්දසාති.
Sinhala BJT1847. කසීරට වාසීන්ගේ රට වඩන රජ තෙම පහන් සිතින් ස්වර්‍ණ නිෂ්ක තුදුසක් ඔහුට දුන්නේ ය.
Pali BJT5. දූතජාතකං.
Sinhala BJT5. දූත ජාතක යි.
Pali BJT1848. රාජා කාලිඞ්ගො{1} චක්කවත්තී ධම්මෙන පඨවිමනුසාසං, අගමා{2} බොධිසමීපං නාගෙන මහානුභාවෙන.
Sinhala BJT1848. කාලිංග නමැති සක්විති රජ තෙම ධර්‍මානුකූල වැ රාජ්‍යයානුශාසනා කරන්නේ මහානුභාව සම්පන්න ඇතා පිටින් ශ්‍රී මහා බෝධිය වෙත ගියේ ය.
Pali BJT1849. කාලිඞ්ගො භාරද්වාජො රාජානං කාලිඞ්ගං සමණකොලඤ්ඤං, චක්කං වත්තයතො පරිග්ගහෙත්වා පඤ්ජලී ඉදමවොච{3}.
Sinhala BJT1849. කාලිංග භාරද්වාජ නමැති පුරෝහිත බමුණා බිම විමසා බලා සක්විති වූ තාපස පුතකු වූ කලිඟු රජුට දොහොත් මුදුන් දී ගෙන මෙය කීය.
Pali BJT1850. පච්චොරොහ මහාරාජ භූමිභාගො යථා සමනුගීතො{4}, ඉධ අනධිවරා බුද්ධා අභිසම්බුද්ධා විරොචන්ති.
Sinhala BJT1850. රජතුමනි, මේ බිම බුදුවරයන් වහන්සේ වර්‍ණනා කළහ. ඇතාගේ පිටෙන් බසින්නේ මැනැවි. මෙහි අප්‍රමාණ බුදුවරු බුදුබව ලබා බබළති.
Pali BJT1851. පදක්ඛිණතො ආවට්ටා{5} තිණලතා අස්මිං භූමිභාගස්මිං, පුථුවියා අයං{6} මණ්ඩො ඉති නො සුතං මහාරාජ{7}.
Sinhala BJT1851. මේ බිමෙහි තණ හා වැල් දකුණු දෙසට නැමී කැරැකී සිටිති. මේ බිම පොළොවට අලංකාර (දෙන) තැනකි. මහරජ, අප විසින් මෙසේ අසන ලද ය.
Pali BJT1852. සාගරපරියන්තාය මෙදිනියා සබ්බභූතධරණියා, පුථුවියා අයං මණ්ඩො ඔරොහිත්වා නමො කරොහි.
Sinhala BJT1852. සයුර අවසන් කොට පවතින සව් සතුන් දරා සිටින මේ පොළොවට මෙ තැන අලංකාරයකි. මහරජ, ඇතු පිටින් බැසැ නමදිනු මැනැවි.
Pali BJT1853. යෙ තෙ භවන්ති නාගා අභිජාතා{8} මාතිතො ච පිතිතො ච, එත්තාවතා පදෙසං තෙ නාගා නෙවමුපයන්ති
Sinhala BJT1853. මව්පිය දෙ පසින් අභිජාත වූ (උපෝසථ කුලයේ ඉපැදුනු සක්විති රජහට පහළ වන) යම් ඇත්තු වෙත් ද ඒ ඇත්තු මේ පෙදෙසට මේ දක්වා නො පැමිණියාහු ය.
Pali BJT1854. අභිජාතො තෙ නාගො කාමං පෙසෙහි කුඤ්ජරං දන්තිං, එත්තාවතා පදෙසො සක්කා නාගෙන මුපගන්තුං.{9}
Sinhala BJT1854. තොපගේ ඇත් තෙම (උපෝසථ කුලයෙහි) අභිජාතය. දළැති ඒ උතුම් ඇතා (තමා) රුස්නා පරිද්දෙකින් මෙහෙයව. මෙතෙක් පෙදෙස ඇත්වාහනයෙන් එළැඹෙන්නට හැක්ක.
Pali BJT1855. තං සුත්වා රාජා කාලිඞ්ගො වෙය්යඤ්ජනිකවචො{1} නිසාමෙත්වා සංපෙසෙසි නාගං ඤස්සාම{2}මයං යථා ඉදං වචනං.
Sinhala BJT1855. කලිඟු රජ එය අසා, ලක්‍ෂණ ශාස්ත්‍ර දත් බමුණාගේ කීම පරිදි එය එසේ වන්නේ දැ යි අපි දැන ගනිමු යි (කියා) ඇතා මෙහෙයැවී.
Pali BJT1856. සංපෙසිතො ච රඤ්ඤා නාගො කොඤ්චො ච අභිනදිත්වාන, පටිසක්කිත්වා නිසීදි ගරුභාරං අසහමානො.
Sinhala BJT1856. රජතුමා විසින් මෙහෙයැවුණු ඇතා කොස්වා ලිහිණියකු සේ නාද කොට මහ බරක් දරන්නකු ලෙස පසුබැස සිටියේ යැ.
Pali BJT1857. කාලිඞ්ගොහාරද්වාජො නාගං ඛීණායුකං විදිත්වාන, රාජානං කාලිඞ්ගං තරමානො අජ්ඣභාසිත්ථ. අඤ්ඤං සඞ්කම නාගං නාගො ඛීණායුකො මහාරාජ.
Sinhala BJT1857. කාලිංග භාරදචාජ බමුණා ඇතා මළ බව දැනැ කලිඟු රජුට වහා කීය. මහරජ, ඇතා මළේ ය. අන් ඇතකු පිට නැගෙනු මැනැව.
Pali BJT1858. තං සුත්වා කාලිඞ්ගො තරමානො සඞ්කමි නාගං සඞ්කන්තෙ ච රඤ්ඤො, නාගො තත්ථෙව පති භූම්යා වෙය්යඤජනිකවචො යථා තථා අහු නාගො.
Sinhala BJT1858. කලිඟු රජ එය අසා වහා අන් ඇතකු පිට නැගුනේ ය. රජ මාරු වූ කලැ මළ ඇත් තෙම එ තැනැ ම බිමට වැටීණි. ලක්‍ෂණශාස්ත්‍රය දත් බමුණාගේ කීම යම්සේ ද එසේ ඇතා මළේ ය.
Pali BJT1859. කාලිඞ්ගභාරද්වාජං කාලිඞ්ගො බ්රාහ්මණං ඉදමමොච{4} ත්වමෙවාසි සම්බුද්ධො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී.
Sinhala BJT1859. කලිඟු රජ කාලිංග භාරද්වාජ බමුණාට මෙය කීය. තෙපි ම සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්බුදු වෙවයි.
Pali BJT1860. තං වචනං අනධිවාසෙන්තො කාලිඞ්ගො බ්රාහ්මණො ඉදමවොච, වෙය්යඤ්ජනිකා හි මයං බුද්ධා සබ්බඤ්ඤුනොව මහාරාජ
Sinhala BJT1860. ඒ කීම නො ඉවසන කලිඟු බමුණා මෙසේ කීය. මහරජ, අපි ලකුණු සතර දන්නෝ වෙමු. බුදුවරයෝ ම සියල්ල දත්තෝ ය.
Pali BJT1861. සබ්බඤ්ඤූ සබ්බවිදූ ච බුද්ධා න ලක්ඛණෙන ජානන්ති{*}, ආගමබලසාහි මයං බුද්ධා සබ්බං පජානන්ති.
Sinhala BJT1861. බුදුවරු ලකුණු සතරින් නොව සර්‍වඥතාඥානයෙන් හැම දේ දනිත්, ශිල්ප බලයෙන් අපි එකදෙශයක් දනිමු. බුදුවරයෝ සියල්ල මැනැවින් දත්තෝ ය:
Pali BJT1862. මහායිත්වාන{1} සම්බොධිං නානා තුරියෙහි වජ්ජමානෙහි, මාලාගන්ධවිලෙපනං{2} ආහරිත්වා පාකාරපරික්ඛෙපං කාරෙසි.
Sinhala BJT1862. නානාවිධ තූර්‍ය්‍යයන් වාදනය කරනු ලබදදී සුවඳැති මල් ද විලෙවුන් ද ගෙන්වා බෝධිය පුද පවුරෙකින් පිරිකෙව් කැරැවී ය.
Pali BJT1863. සට්ඨවාහසහස්සානං පුප්ඵානං සන්නිපාතයි, පූජෙසි රාජා කාලිඞ්ගො බොධිමණ්ඩවරුත්තමෙ’ති.
Sinhala BJT1863. කළිඟු රජ තෙම ගැල් සැටදහසක් මල් රැස් කැරැවී ය. උතුම් බෝමැඩ මලින් පිදී.
Pali BJT6. කාලිඞ්ගබොධිජාතකං.
Sinhala BJT6. කාලිංගබෝධි ජාතක යි.
Pali BJT1864. අකිත්තිං දිස්වාන සම්මන්තං සක්කො භූතපති බ්රවි, කිමත්ථියං මහාබ්රහ්මෙ එකො සම්මසි ඝම්මනි.
Sinhala BJT1864. භූතාධිපති ශක්‍ර තෙම, අකිත්තී තවුසා දැකැ තවුසාණෙනි, ග්‍රීෂ්ම කාලයෙහි හුදෙකලා ව කවර සම්පතක් පතා තපස් රක්නේ දැ යි ඇසී ය.
Pali BJT1865. දුක්ඛො පුනබ්භවො සක්ක සරීරස්ස ච භෙදනං, සම්මොහමරණං දුක්ඛං තස්මා සම්මාමි වාසව.
Sinhala BJT1865. ශක්‍රය, පුනර්‍භවය දුකෙකි, ශරීර භේදනය (මරණය) දුකෙකි, සම්මෝහ මරණය දුකෙකි, එහෙයින් තපස් රකිමි යි කීය.
Pali BJT1866. එතස්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං කස්සප තෙ දම්මි යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1866. කාශ්‍යපය, තොප කී මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තෝ ද (එය ගන්නේ මැනැවි).
Pali BJT1867. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, යෙන පුත්තෙ ච දාරෙ ච ධනධඤ්ඤං පියානි ච ලද්ධා නරා න තප්පන්ති සො ලොභො න මයි වසෙ.
Sinhala BJT1867. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, ‘පුතුන්, බිරියන්, ධන ධාන්‍ය හා අනෙක් ප්‍රිය වස්තූන් ලැබැ ද සෑහීමකට පත් නො වන ලෝභය මට නූපදීවා’ යන මේ වරය කැමැත්තෙමි (යි කීය.)
Pali BJT1868. එතස්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං කස්සප තෙ දම්මි යඞ්කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1868. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. තෙපි යම් වරයක් කැමැත්තහු ද (එය ගන්නේ මැනැවි.)
Pali BJT1869. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, ඛෙත්තං වත්ථුං හිරඤ්ඤඤ්ච ගවාස්සං{3} දාසපොරිසං යෙන ජාතෙන ජීයන්ති සො දොසො න මයි වසෙ.
Sinhala BJT1869. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, ‘කෙත්, වතු, රන්, ගවයන්, දාසයන්, කම්කරු පුරුෂයන් යන මොවුන් නිසා හටගත් කෝපයෙන් සිය පිරිහීම වේ ද ඒ ක්‍රෝධය මට නූපදීවා’ යන මේ වරය කැමැත්තෙමි (යි කීය.)
Pali BJT1870. එතස්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං කස්සප තෙ දම්මි යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1870. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තවු ද (එය ගන්නේ මැනැවි.)
Pali BJT1871. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, බාලං න පස්සෙ න සුණෙ න ච බාලෙන සංවසෙ බාලෙන අල්ලාපසල්ලාපං න කරෙ න ච රොචයෙ
Sinhala BJT1871. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවූ නම්, ‘බාලයකු නො දකීවා, ඔහු ගැන අසන්නට නො ලැබේවා, බාලයකු සමග එක් ව වාසයක් නො ලැබේවා, බාලයන් හා ප්‍රිය බස් (හෝ) බණන්නට නො ලැබේවා, එය රිසි නො වේවා, (යි කීය.)
Pali BJT1872. කින්නු තෙ අකරං බාලො වද කස්සප කාරණං, කෙන කස්සප බාලස්ස දස්සනං නාභිකඞ්ඛසි.
Sinhala BJT1872. කාශ්‍යපය බාලයා තොපට කුමක් කළේ ද කාශ්‍යපය, බාලයා දැකීම නො රුස්නේ කවර කරුණක් නිසා ද? ඒ හේතුව මට කියව.
Pali BJT1873. අනයං නති දුම්මෙධො අධුරායං නියුඤ්ජති, දුන්නයො සෙය්යසො හොති සම්මාවුත්තො පකුප්පති විනයං සො න ජානාති සාධු තස්ස අදස්සනං.
Sinhala BJT1873. බාලයා (ආශ්‍රිතයන්) අනභිවෘද්ධියට පමුණුවයි. අකට යුතු දෙයෙහි යොදයි. උපිළිවෙළ උසස් සේ ගනී. ළෙන්ගතුව කී දෙයිනු දු තදින් කිපෙයි. ආචාර විනය නො දනි යි. එ හෙයින් ඔහුගේ දසුන නො මැනැවි.
Pali BJT1874. එතස්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං කස්සප තෙ දම්මි යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1874. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (තෙපි) යම් වරයක් කැමැත්තවු ද (එය ගන්නේ මැනැවි.)
Pali BJT1875. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, ධීරං පස්සෙ සුණෙ ධීරං ධීරෙන සහ සංවසෙ. ධීරෙන අලලාපසල්ලාපං තං කරෙ තං ච රොචයෙ.
Sinhala BJT1875. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම් නැණවතා දකිම්වා, නැණවතා ගැන අසම්වා, නැණවතා හා එක් වැ වෙසෙම්වා, නැණවතා හා ප්‍රිය බස් බෙණෙම්වා, එය රිසි වෙම්වා. (යි කීය.)
Pali BJT1876. කින්නු තෙ අකරං ධීරො වද කස්සප කාරණං, කෙන කස්සප ධීරස්ස දස්සනං අභිකඞ්ඛසි.
Sinhala BJT1876. කාශ්‍යපය, නැණවතා තොපට කුමක් කළේ ද? කාශ්‍යපය, නැණවතා දැකීම රුස්නේ කවර කරුණක් නිසා ද? ඒ හේතුව මට කියව.
Pali BJT1877. නයං නයති මෙධාවී අධුරායං න යුඤ්ජති, සුනයො සෙය්යසො හොති සම්මා වුත්තො න කුප්පති විනයං සො පජානාති සාධු තෙන සමාගමො
Sinhala BJT1877. නැණවතා (ආශ්‍රිතයන්) අභිවෘද්ධියට පමුණුවයි. කටයුතු දෙයෙහි යොදවයි. මනා පිළිවෙළ උසස් සේ ගනී. ළෙන්ගතුව කී දෙයින් නො කිපෙයි. ආචාර විනය දනි යි. එ හෙයින් ඔහුගේ එක්වීම මනා ය.
Pali BJT1878. එතස්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං කස්සප තෙ දම්මි යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1878. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තෝ ද (එය ගන්නේ මැනැවි.)
Pali BJT1879. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, තතො රත්යා විවසනෙ{1} සුරියස්සුග්ගමනං පති. දිබ්බා භක්ඛා පාතුභවෙය්යුං සීලවන්තො ච යාචකා.
Sinhala BJT1879. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, රාත්‍රිය ගෙවී ගොස් සූර්‍ය්‍යොදය වේලෙහි දිව බොජුන් පහළ වේවා, එය පිළිගන්නට සිල්වත් පිළිගාවෝ පැමිණෙත්වා.
Pali BJT1880. දදතො ච මෙ න ඛීයෙථ දත්වා නානුතපෙය්යහං, දදං චිත්තං පසාදෙය්යං එතං සක්ක වරං වරෙ.
Sinhala BJT1880. මා දෙන්නා වූ දාන වස්තුව අඩු නො වේවා. දානය දී පසුව නො තැවෙම්වා. දෙමිනු දු සිත පහදම්වා. සක් දෙවිඳුනි මේ වරය ඉල්ලමි.
Pali BJT1881. එතස්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං කස්සප තෙ දම්මි යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1881. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තෝ ද (එය ගන්නේ මැනැවි.)
Pali BJT1882. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, න මං පුන උපෙය්යාසි එතං සක්ක වරං වරෙ.
Sinhala BJT1882. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, තෙපි යළිත් මා වෙතැ නො පැමිණෙවු. ශක්‍රය මේ වරය ඉල්ලමි.
Pali BJT1883. බහූහි වත්තචරියාහි නරා ච අථ නාරියො, දස්සනං අභිකඞ්ඛන්ති කින්නු මෙ දස්සනෙ භයං.
Sinhala BJT1883. බොහෝ ව්‍රතයන් පුරා පුරුෂයෝ ද ස්ත්‍රීහු ද මගේ දසුන කැමැති වෙති. මගේ දැකීම නිසා ඔබට කවර බයක් ඇති වේ ද?
Pali BJT1884. තං තාදිසං දෙවවණ්ණං සබ්බකාමසමිද්ධිනං, දිස්වා තපො පමජ්ජෙය්යං{1} එතං තෙ දස්සනෙ භයන්ති.
Sinhala BJT1884. එබඳු දිව්‍යවර්‍ණ සහිත සියලු සැපතින් පිරුණු තොප දැක තවුස්දම් රැක්මෙහි පමා වෙමි. එහෙයින් තොප දකින්නට බය වෙමි.
Pali BJT7. අකිත්තිජාතකං{2}.
Sinhala BJT7. අකිත්ති ජාතකය.
Pali BJT1885. අහමෙව දුබ්භාසිතං භාසි බාලො භොකො ව අරඤ්ඤෙ අහිමව්හයානො{3}, තක්කාරියෙ සොබ්භමිමං{4} පතාමි න කිරෙව සාධු අතිවෙලභාණි.
Sinhala BJT1885. තක්කාරිය, වනයෙහි සපුන් කැඳවන මැඩියකු සේ නාද කරන අඥානයකු වූ මම වැරැදි ලෙස බිණිමි. (එහෙයින්) මේ වළෙහි වැටෙමි, පමණ ඉක්මවා බෙණෙන පුද්ගලයා නුසුදුසු ය.
Pali BJT1886. පප්පොති මච්චො අතිවෙලභාණී බන්ධං වධං සොකපරිද්දවඤ්ච, අත්තානං යෙව{5} ගරහාසි එත්තො{6} ආචෙර යං තං නිඛණන්ති{7} සොබ්භෙ.
Sinhala BJT1886. ඇදුරුතුමනි, පමණ ඉක්මවා බෙණෙන පුද්ගලයා සිරගෙයි වැටීමට, හිංසා පීඩා ලැබීමට, දුක්වීමට හා වැළැපීමට පැමිණේ. යම් හෙයකින් (ඔබ) මේ වළෙහි තමා හෙළත් ද, ඔබ තමාට ම අපහාස කරගන්නෝ ය.
Pali BJT1887. කිමෙවාහං තුණ්ඩිල මනුපුච්ඡිං{8} කරෙය්ය{9} සං භාතරං කාළිකායං{10}, නග්ගොවහං වත්ථයුගඤ්ච ජීනො අයම්පි අත්ථො බහුතාදිසොව.
Sinhala BJT1887. සිය සොහොයුරු කුණ්ඩිලට පිළී නො දෙනුයේ කිම්දැ යි මම කාළිය විතාළෙමි. එ හෙයින් පිළී යුග්මය ද නැති වැ මම නග්න වීමි. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන යැ.
Pali BJT1888. යො යුජ්ඣමානානං අයුජ්ඣමානො මෙණ්ඩන්තරං අච්චුපතී කුලිඞ්ගො, සො පිංසිතො මෙණ්ඩසිරෙහි තත්ථ අයම්පි අත්ථො බහුතාදිසොව.
Sinhala BJT1888. සටන් වැදුණු බැටළුවන් සටනින් මුදන්නට උන් අතරට ගිය ගේ කුරුල්ලා බැටළුඔළු පහර ලැබ තැළී ගියේ ය. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන යැ.
Pali BJT1889. චතුරො ජනා පොත්ථකං අග්ගහෙසුං එකඤ්ච පොසං අනුරක්ඛමානා සබ්බෙව තෙ භින්නසිරා සයිංසු අයම්පි අත්ථො බහුතාදිසොව.
Sinhala BJT1889. සතර දෙනෙක් ඝන රෙද්දක කොන් සතර අල්ලා මිනිසකු රකිනුවෝ හිස් පැළී ඔවුහු හැම හොත්තාහ. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන ය.
Pali BJT1890. අජා යථා වෙළුගුම්බස්මිං බද්ධා අවෙක්ඛිපන්තී අසිමජ්ඣගඤ්ජි{11}, තෙනෙව තස්සා ගලකාවකන්තං{12} අයම්පි අත්ථො බහුතාදිසොව.
Sinhala BJT1890. හුණ ලැහැබෙක බඳින ලද එළුදෙන කෙළි දෙළෙන් පා ගසන්නී සඟවා තැබූ අවියක් පෙරැළී ය. එම අවියෙන් ම ඇගේ ගෙල කපාලූ ය. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන ය.
Pali BJT1891. නයිමෙ{1} දෙවා නපි{2} ගන්ධබ්බපුත්තා, මිගා ඉමෙ අත්ථවසාහතා ඉමෙ{3} එකඤ්ච නං සායමාසෙ පචන්තු. එකඤ්ච පුන පාතරාසෙ{4} පචන්තු.
Sinhala BJT1891. මොවුහු දෙවියෝ නො වෙති. ගන්‍ධර්‍ව පුත්‍රයෝ නො වෙති. මොවුහු මෘගයෝ වෙති. වස්තු ලෝභයෙන් මොවුහු මා වෙත ගෙනෙන ලද හ. එකකු සවසට පිසත්වා. එකකු උදේට පිසත්වා.
Pali BJT1892. සතං සහස්සානං දුබ්භාසිතානං{5} කලම්පි නාග්ඝන්ති සුභාසිතස්ස, දුබ්භාසිතං සඞ්කමානො කිලෙසො තස්මා තුණ්හී කිම්පුරිසො න බාල්යා.
Sinhala BJT1892. දුබැසි බස් ලක්‍ෂයක්, සුබැසි බසක (සොළොස් වැනි) කලාව තරමවත් නො අගනේ ය. දුබස් බිණුමෙන් කිලිටි වේ යන සැකයෙන් කිඳුරා නිහඬ විය. මෝඩ නිසා නො වේ.
Pali BJT1893. යා මෙසා ව්යාකාසි පමුඤ්චථෙතං. ගිරිඤ්ච{6} නං හිමවන්තං නයන්තු, ඉමඤ්ච ඛො දෙන්තු මහානසාය පාතොව නං පාතරාසෙ පචන්තු.
Sinhala BJT1893. මා හා කතා කළා වූ මැය මුදවු. ඇය හිමවත් පව්වට පමුණුවත්වා. මොහු මුළුතැන් ගෙට දෙත්වා. ඔහු උදාසන්හි උදේ ආහාරයට පිසත්වා.
Pali BJT1894. පජ්ජුන්නනාථා පසවො පසුනාථා අයං පජා, ත්වං නාථොස්මි මහාරාජ අම්භනාථා මම භරියා{7}, ද්වින්නමඤ්ඤතරං ඤත්වා මුතෙතා ගච්ඡෙය්ය පබ්බතං.
Sinhala BJT1894. රජතුමනි, තෘණභක්‍ෂක චතුස්පදිකයන්ට වර්‍ෂාව පිහිට වෙයි. මනුෂ්‍ය ප්‍රජාවට සිව්පාවෝ පිහිට වෙති. මම තොප පිහිට කොට ඇත්තෙමි. මගේ බිරිඳ මා පිහිට කොට ඇත්තීය. අපගෙන් එකකු මළ පසු මරණයෙන් මිදුණු අනිකා පර්‍වතයට යන්නේ ය.