Pali BJT1623. තස්මා හි ධීරස්ස බහුස්සුතස්ස සම්පස්සසතො ලොකමිමං පරඤ්ච, අඤ්ඤාය ධම්මං හදයං මනඤ්ච සොකා මහන්තාපි න තාපයන්ති.
Sinhala BJT1623. එහෙයින්, ධෛර්‍ය්‍ය සම්පන්න වූ බහුශ්‍රුත වූ මෙලොවත් පරලොවත් ධර්‍මයත් දැන සිටියහුගේ හදවත, මහත් ශෝකයෝ ද නො තවත්.
Pali BJT1624. සොහං දස්සඤ්ච භොක්ඛඤ්ච{1} භරිස්සාමි ච ඤාතකෙ, සෙසං සම්පාලයිස්සාමි කිච්චමෙතං විජානතො.
Sinhala BJT1624. ඒ මම සුදුස්සන්ට යසස ද තනතුරු ද දෙමි. නෑයන් පෝෂණය කරන්නෙමි. (වස්තු) සම්පත්තිය ද පාලනය කරන්නෙමි. මෙය නුවණැත්තහුගේ කටයුතු වේ.
Pali BJT1625. දස වස්සසහස්සානි සට්ඨිවස්සසතානි ච, කම්බුගීවො මහාබාහු රාමො රජ්ජමකාරයීති
Sinhala BJT1625. රන් මිහිඟු බෙරයක් වැනි ගෙළ ඇති මහබාහු ඇති රාම රජ හවුරුදු සොළොස් දහසක් රාජ්‍යය කැරැවී ය.
Pali BJT7. දසරථජාතකං.
Sinhala BJT7. දසරථ ජාතක යි.
Pali BJT1626. ජානන්තො නො මහාරාජ තව සීලං ජනාධිපො, ඉමෙ කුමාරෙ පූජෙන්තො න තං කෙනචි මඤ්ඤථ.
Sinhala BJT1626. මහරජ, පියරජ තෙම කුමාරවරුන් පුදන්නේ ඔබ කුඩා දනව්වකින් හෝ පිදියයුතු යයි නො සිතී ය. එසේ කළේ ඔබට රාජ්‍යය ලැබෙන බව දැන ගෙන ද?
Pali BJT1627. තිට්ඨන්තෙ නො මහාරාජෙ{2} ආදු දෙවෙ දිවංගතෙ, ඤාතී නං සමනුමඤ්ඤිංසු සම්පස්සං අත්ථමත්තනො.
Sinhala BJT1627. මහරජ, සිය අභිවෘද්ධිය දක්නා වූ නැසියෝ ඔබට කැමැති වූහ. එය වූයේ අපේ පියරජාණන් සිටිය දී ද නැතහොත් දෙව්ලොව ගිය පසු ද?
Pali BJT1628. කෙන සංවරවත්තෙන සඤ්ජාතෙ අධිතිට්ඨසි,{3} කෙන තං නාතිවත්තන්ති ඤාතිසඞ්ඝා සමාගතා.
Sinhala BJT1628. සංවර රජතුමනි, කෙබඳු සීලයක් නිසා (තමාට) සමාන එකුන්සියයක් සොහොයුරු කුමාරවරුන් මැඩපවත්වා ගෙන සිටිනේ ද? ඤාතිසමූහයා එකතු වී ඔබ අභිභවනය නො කරන්නේ කවර හෙයින් ද?
Pali BJT1629. න රාජපුත්ත උසුය්යාමි සමණානං මහෙසිනං, සක්කච්චං තෙ නමස්සාමි පාදෙ වන්දාමි තාදිනං.
Sinhala BJT1629. රාජපුත්‍රය, මම ඊර්‍ෂ්‍යයා නො කරමි. මහර්ෂී ගුණයෙන් හා, අටලෝදහම් නිසා කම්පා නො වන (තාදී) ගුණයෙන් හෙබි ශ්‍රමණයන්ගේ පා වඳිමි. සකස් කොට උන් වහන්සේ වඳිමි.
Pali BJT1630. තෙ මං ධම්මගුණෙ යුත්තං සුස්සූසමනුසුය්යකං, සමණා සමනුසාසන්ති.{4} ඉසී ධම්මගුණෙ රතා.
Sinhala BJT1630. ගුණදහම් ඇති කීකරුවෙකැ යි දැනගෙන, අනුසාසනා අසන මට ඍෂිගුණයන්හි ඇලුණු ශ්‍රමණයෝ අනුශාසනා කරති.
Pali BJT1631. තෙසාහං වචනං සුත්වා සමණානං මහෙසිනං, න කිඤ්චි අතිමඤ්ඤාමි ධම්මෙ මෙ නිරතො මනො.
Sinhala BJT1631. මම මහර්ෂී ගුණ ඇති ශ්‍රමණයන් වහන්සේගේ අවවාද ඉක්මවා නො යමි. මගේ සිත දහම්හි ඇලුණේ ය.
Pali BJT1632. හත්ථාරුහා{5} අනීකට්ඨා රථිකා පත්තිකාරිකා, තෙසං නප්පටිබන්ධාමි නිබද්ධං භත්තවෙතනං{6}.
Sinhala BJT1632. ඇතරුවන්, හමුදා නියුක්තයන්, රථිකයන්, පාබළ හමුදා නියුක්තයන් සඳහා ප්‍රතිපාදිත බත් වැටුප් නො නවත්වා දෙමි.
Pali BJT1633. මහාමත්තා ච මෙ අත්ථි මන්තිනො පරිචාරකා{1}, බාරාණසිං වොහරන්ති බහුමංස{2} සුරොදකං.
Sinhala BJT1633. මන්ත්‍ර ශාස්ත්‍රයේ පාරප්‍රාප්ත මහඇමැතියන් ද අනෙක් පරිවාර ඇමැතියන් ද මට ඇත. බරණැස් නගරයේ මස් ආදි අවුලු ද සුරා ආදි පානයන් ද බහුල වැ ඇතැ යි කියති.
Pali BJT1634. අථොපි වාණිජා ඵිතා නානා රට්ඨෙහි ආගතා, තෙසු මෙ විහිතා රක්ඛා එවං ජානාහුපොසථ.
Sinhala BJT1634. ආඪ්‍ය වූ රාෂ්ට්‍රයන්හි සිට මෙහි පැමිණි වෙළෙඳහු වෙත් ද ඔවුන්ගේ ආරක්‍ෂාව සලසන ලදී. උපෝසථය, (මෙය) මෙසේ දැන ගන්න.
Pali BJT1635. ධම්මෙන කිර ඤාතීනං රජ්ජං කාරෙහි සංවර, මෙධාවී පණ්ඩිතො චාපි{3} අථොපි ඤාතීනං හිතො
Sinhala BJT1635. සංවර රජතුමනි, නෑසියන්ට ද ධර්‍මානුකූල ව පාලන කටයුතු කරන්නේ මනා ය මෙ තැන් සිට ද ඔබ ම රාජ්‍යය කරනු මැනැවි. නුවණැති පණ්ඩිත වූ ඔබ ඤාති වර්‍ගයාට ද හිතෛෂී ය.
Pali BJT1636. තං තං ඤාති පරිබ්බූළ්හං නානාරතනමොචිතං, අමිත්තා නප්පසහන්ති ඉන්දංව අසුරාධිපොති.
Sinhala BJT1636. නෑයන් විසින් පිරිවරා ගත්තා වූ, රැස් කොට තැබූ බොහෝ රුවන් ඇත්තා වූ ඔබ මැඩලන්නට සතුරෝ සමත් නො වෙති. ශක්‍රයා මැඩ ලන්නට වේපචිත්ති අසුරයා සමත් නො වූවා මෙනි.
Pali BJT8. සංවරජාතකං.
Sinhala BJT8. සංවර ජාතක යි.
Pali BJT1637. උම්මුජ්ජන්ති නිමුජ්ජන්ති මනුස්සා ඛුරනාසිකා, සුප්පාරකං තං පුච්ඡාම සමුද්දො කතමො අයං.
Sinhala BJT1637.දැළිපිහියක මුවාත වැනි නාසය ඇති මනුෂ්‍යයන් වැනි මත්ස්‍යයෝ මේ සාගරයේ මතු වෙති, ගිලෙති. මේ කිනම් සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
Pali BJT1638. භරුකච්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප්පනට්ඨාය ඛුරමාලීති වුච්චති.
Sinhala BJT1638. භරුකච්ඡ පටුන්ගමින් නික්මගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර බුරමාලී නමැ යි කියනු ලැබේ.
Pali BJT1639. යථා අග්ගිව සුරියො ව{4} සමුද්දො පති{5}දිස්සති{5}, සුප්පාරකං තං පුච්ඡාම සමුද්දො කතමො අයං.
Sinhala BJT1639. යම්සේ, ගින්න මෙන් සූර්‍ය්‍යයා උෂ්ණවත් වූ සයුර දකින්නට ලැබේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
Pali BJT1640. භරුකච්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප්පනට්ඨාය අග්ගිමාලීති වුච්චති.
Sinhala BJT1640. භරුකච්ඡ පටුන්ග්මින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර අග්ගිමාලී යයි කියනු ලැබේ.
Pali BJT1641. යථා දධිංව ඛීරංව සමුද්දො පති{5}දිස්සති, සුප්පාරකං තං පුච්ඡාම සමුද්දො කතමො අයං.
Sinhala BJT1641. මේ සයුර දී මෙන් ද කිරි මෙන් ද පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
Pali BJT1642. භරුකච්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප්පනට්ඨාය දධිමාලීති වුච්චති.
Sinhala BJT1642. භරුකච්ඡ පටුන්ගමින් නික්මගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර දධිමාලී යයි කියනු ලැබේ.
Pali BJT1643. යථාකුසොව සස්සොව{6} සමුද්දො පතිදිස්සති, සුප්පාරකං තං පුච්ඡාම සමුද්දො කතමො අයං.
Sinhala BJT1643. මේ සයුර කුසතණ මෙන් ද ධාන්‍ය මෙන් ද පෙනේ. මේ සයුර කවරේ දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
Pali BJT1644. භරුකච්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප්පනට්ඨාය දධිමාලීති වුච්චති.
Sinhala BJT1644. භරුකච්ඡ පටුන්ගමීන් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර කුසමාලී යයී කියනු ලැබේ.
Pali BJT1645. යථා නළොව වෙලූව සමුද්දො පතිදිස්සති, සුප්පාරකං තං පුච්ඡාම සමුද්දො කතමො අයං.
Sinhala BJT1645. බටගස් මෙන් ද උණගස් මෙන් ද මේ සයුර පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
Pali BJT1646. භරුකච්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප්පනට්ඨාය නළිමාලීති වුච්චති.
Sinhala BJT1646. භරුකච්ඡ පටුන්ගමින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර නළමාලී යයි කියනු ලැබේ.
Pali BJT1647. මහාභයො{1} භිංසනකො සමුද්දො{2} සුය්යතමානුසො{3}, යථා සොබ්භො පපාතොව සමුද්දො පතිදිස්සති සුප්පාරකං තං පුච්ඡාම සමුද්දො කතමො අයං.
Sinhala BJT1647. මහත් බිය ඇති බිය උපදවන අමනුෂ්‍යයන්ගේ හඬ ඇසෙයි. හෙබක් මෙන් ද ප්‍රපාතයක් මෙන් ද සයුර පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
Pali BJT1648. භරුකච්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං නාවාය විප්පනට්ඨාය වළවාමුඛීති වුච්චති.
Sinhala BJT1648. භරුකච්ඡ පටුන්ගමින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර වළවාමුඛී යයි කියනු ලැබේ.
Pali BJT1649. යතො සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං. නාභිජානාමි සඤ්චිච්ච එකපාණම්පි හිංසිතං. එතෙන සච්චවජ්ජෙන සොත්ථිං නාවා නිවත්තතූති.
Sinhala BJT1649. යම් කලෙක සිට තමා සිහි කරම් ද යම් කලෙක සිට නුවණැති බවට පත්වූයෙම් ද එ තැන්හි පටන් දැනැ දැනැ එක් සතකු දු පෙළූ බවක් නො දනිමි. මේ සත්‍ය වචන බලයෙන් නැව සුවසේ ආපසු හැරේවා!
Pali BJT9. සුප්පාරකජාතකං.
Sinhala BJT9. සුප්පාරක ජාතක යි.
Pali BJTඑකාදසකනිපාතං නිට්ඨිතං.
Sinhala BJTඑකොළොස් වැනි නිපාතය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසිරී මාතුසුපොසක නාගවරො පුන ජුණ්හ අධම්ම මුදයවරො, අථ පාණියුධඤ්ජයකො ච දස රථ සංවර පාරගතෙන නවාති.
Sinhala BJTමාතුපෝසක ජාතක යැ ජුණ්හජාතක යැ ධම්මජාතක යැ උදය ජාතක යැ පානීයජාතක යැ යුද්ධඤ්ජයජාතක යැ දසරථජාතක යැ සුප්පාරකජාතක යි ජාතක නවයෙකි.
Pali BJT12. ද්වාදසකනිපාතො
Sinhala BJT12. ද්වාදසක නිපාතය
Pali BJT1650. ඛුද්දානං ලහුචිත්තානං අකතඤ්ඤූන දූභිනං{1}, නාදෙවසත්තො පුරිසො ථිනං සද්ධාතුමරහති.
Sinhala BJT1650. (බඳනා ලද සොරු කෙරෙහි පවා ඇලෙන ස්වභාවය ඇති හෙයින්) ක්‍ෂුද්‍ර වු, වහා පෙරළෙන සිත් ඇත්තා වූ, අකෘතඥ වූ, ද්‍රෝහී වූ ස්ත්‍රීන්ගේ (සිල්වත්බව) භූතාවේශයෙන් තොර කවර නම් පුරුෂයෙක් අදහන්නට සුදුස්සේ ද?
Pali BJT1651. න තා පජානන්ති කතං න කිච්චං න මාතරං පිතරං භාතරං වා, අනරියා සමතික්කන්නධම්මා සස්සෙව චිත්තස්ස වසං වජන්ති.
Sinhala BJT1651. ඔවුහු තමහට කළ උපකාරය හෝ තමා විසින් කළ යුතු කාර්‍ය්‍යය හෝ නො දනිත්. මා පිය සොහොවුරන් (සියලු නෑයන්) හෝ නො දනිති. නිර්ලජ්ජි වූ, ඉක්ම වූ සච්චරිත්‍ර ධර්‍ම ඇති, ඔවුහු ස්වකීය චිත්තයාගේ ම වසඟයට යෙත්.
Pali BJT1652. චිරානුවුත්තම්පි{2} පියං මනාපං අනුකම්පං පාණසමම්පි{3} සන්තං, ආවාසු කිච්චෙසු ච නං ජහන්ති තස්මාහමිත්ථිනං න විස්සසාමි.
Sinhala BJT1652. ඔවුහු බොහෝ කලක් එක්ව වාසය කළා වූ, ප්‍රිය වූ, මනාප වූ අනුකම්පක වූ, ප්‍රාණ සම වූ තැනැත්තහු පවා විපත්තීන්හි ද සෙසු කෘත්‍යයන්හි ද හැරදමත්. එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නො කරමි.
Pali BJT1653. ථිනඤ්හි චිත්තං යථා වානරස්ස කන්නප්පකන්නං{4} යථා රුක්ඛඡායා, චලාචලං හදයං ඉත්ථියානං චක්කස්ස නෙමි විය පරිවත්තති.
Sinhala BJT1653. ස්ත්‍රීන්ගේ සිත වානරයකුගේ (සිත) වැන්න. උස් පහත් තැන්වලට වැටෙන රුක්සෙවණක් වැන්න. ස්ත්‍රීන්ගේ සිත (හෘදය) එක් තැනෙකැ නො පිහිටියේ යැ. රිය සකෙහි නිම්වළල්ල මෙන් පෙරළෙයි.
Pali BJT1654. යදා තා පස්සන්ති සමෙක්ඛමානා ආදෙය්යරූපං පුරිසස්ස විත්තං, සණ්හාහි වාචාහි නයන්ති මෙනං කම්බොජකා ජලජෙනෙව අස්සං.
Sinhala BJT1654. (පුරුෂයන්) විමසා බලන්නා වූ ඔවුහු යම් විටෙක ගතයුතු ස්වභාවය ඇති පුරුෂයකු දකිත් ද, (එකල්හි) කාම්බෝජ දේශවාසීන් දියෙහි හටගත් සෙවෙලින් අශ්වයන් (පොළඹවනු) මෙන් මිහිරි වදනින් ඔහු වසඟ කෙරෙත්.
Pali BJT1655. යදා න පස්සන්ති සමෙක්ඛමානා ආදෙය්යරූපං පුරිසස්ස විත්තං, සමන්තතො නං පරිවජ්ජයන්ති තිණ්ණො නදීපාරගතොව කුල්ලං
Sinhala BJT1655. (පුරුෂයන්) විමසා බලන්නා වූ ඔවුහු යම් විටෙක ගතයුතු ස්වභාවය නැති පුරුෂයකු දකිත් ද (එකල්හි) නදිය තරණය කොට පරතෙරට ගියහු පසුර (මෙහි - තරණය සඳහා ගත් යම් කිසිවක්) මෙන් හාත්පසින් ඔවුහු හැරදමත්.
Pali BJT1656. සිලෙසූපමා{5} සිඛිරිව සබ්බභක්ඛා තික්ඛමායා{6} නදීරිව සීඝසොතා{7}, සෙවන්ති හෙතා පියමප්පියඤ්ච නාගං යථා ඔරකුලං පරඤ්ච.
Sinhala BJT1656. (ස්ත්‍රීහු පුරුෂයන්ගේ සිත් බඳනා හෙයින්) ලහටු බඳු උපමා ඇතියහ. සියල්ල භක්‍ෂණය කරන ගින්නක් වැන්න. වහා ගලන දියපහර ඇති කඳුරැලි මෙන් ශීඝ්‍රමායා ඇතියහ. මෙතෙර හා එතෙර සෙවුනා නැවක් මෙන් ඔවුහු ප්‍රිය වූවහු ද අප්‍රිය වූවාහු ද සේවනය කෙරෙත්.
Pali BJT1657. න තා එකස්ස න ද්වින්නං ආපණොව පසාරිතො{8}, යො තා මය්හන්ති මඤ්ඤෙය්ය වාතං ජාලෙන බාධයෙ.
Sinhala BJT1657. ඔවුහු විවෘත අවන්හලක් මෙන් එකකුගේ හෝ දෙදෙනකුගේ නො වෙත්, යමෙක් ‘ඔවුහු මගේ යැ’යි සිතා ද හේ දැලින් සුළඟ බඳනේ ය.
Pali BJT1658. යථා නදී ච පන්ථො ච පානාගාරං සභා පපා, එවං ලොකිත්ථියො නාම වෙලා තාසං න විජ්ජති.
Sinhala BJT1658. නදිය, මාර්‍ගය, පානාගාරය, සභාව හා පැන්හල යම් සේ ද, ලෝකයෙහි ස්ත්‍රීහු නම් එබඳු වෙති. ඔවුනට වෙලාවක් හෝ සීමාවක් විද්‍යමාන නො වේ.
Pali BJT1659. ඝතාසනසමාහෙතා කණ්හසප්ප සිරූපමා, ගාවො බහි තිණස්සෙව ඔමසන්ති වරං වරං.
Sinhala BJT1659. මොවුහු ගින්න හා සමානයහ. කෘෂ්ණ සර්‍පයකුගේ හිස බඳු උපමා ඇතියහ. බැහැර ඇති තෘණ සොයන ගවයන් මෙන් වඩ වඩා උසස් පුරුෂයන් (සධන පුරුෂයන්) සොයන්නාහ.
Pali BJT1660. ඝතාසනං කුඤ්ජරිං කණ්හසප්පං මුද්ධාභිසිත්තං පමදා ච සබ්බා, එතෙ නරො නිච්චයත්තො{1} භජෙථ තෙසං භවෙ දුබ්බිදු සබ්බභාවො{2}
Sinhala BJT1660. ගින්න ද ඇතා ද කෘෂ්ණ සර්‍පයා ද අභිෂේක කළ රජ ද සියලු ස්ත්‍රීහු ද යන මොවුන් එළඹ සිටි සිහි ඇති මනුෂ්‍ය තෙම සේවනය කරන්නේ ය. ඔවුන් මැනැවින් නො දන්නේ සියලු අනර්‍ත්‍ථයනට කරුණු වූයේ වන්නේ ය.
Pali BJT1661. නාච්චන්තවණ්ණා න බහූනං{3} කන්තා න දක්ඛිණා පමදා සෙවිතබ්බා, න පරස්ස භරියා න ධනස්ස හෙතු එතිත්ථියො පඤ්ච න සෙවිතබ්බාති.
Sinhala BJT1661. අභිරූපවත් ස්ත්‍රිය, බොහෝ දෙනාට ප්‍රිය මනාප ස්ත්‍රිය, නෘත්‍යගීතයෙහි දක්‍ෂ තැනැත්තිය, අනුන්ගේ භාර්‍ය්‍යාව, ධනය නිසා සෙවුනීය යන මේ ස්ත්‍රීහු පස්දෙන නො සෙවිය යුත්තාහ.
Pali BJT1. චූළකුණාලජාතකං.
Sinhala BJT1. චූළකුණාල ජාතක යි.
Pali BJT1662. කා ත්වං සුද්ධෙහි වත්ථෙහි අඝෙ වෙහාසයං ඨිතා, කෙන ත්යාස්සූනි වත්තන්ති කුතො තං භයමාගතං.
Sinhala BJT1662. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසී අහසේ සිටින තෙපි කවරහු ද? කුමක් හෙයින් කඳුළු වගුරුවහු ද? කුමක් හෙයින් බියපත් වූවහු ද?
Pali BJT1663. තවෙව දෙව විජිතෙ භද්දසාලොති මං විදූ, සට්ඨිං වස්සසහස්සානි තිට්ඨතො පූජිතස්ස මෙ.
Sinhala BJT1663. දේවයන් වහන්ස, ඔබතුමාගේ රාජ්‍යයේ වාසය කරන, පිදුම් ලද මට අවුරුදු හැටදහසක් ගෙවී ගියේ ය. මා භද්දසාලය යි දත්හ.
Pali BJT1664. කාරයන්තා නගරානි අගාරෙ ච දිසම්පති, විවිධෙ චාපි පාසාදෙ න මන්තෙ අව්වමඤ්ඤිසුං. යථෙව මං තෙ පූජෙසුං තථෙව ත්වම්පි පූජය.
Sinhala BJT1664. මහරජ, පැරැණි රජවරු නගර ද නිවාස ද පහයන් ද කරවන්නෝ මා නො වෙහෙසූහ. යම්සේ ඔහු මා පිදු ද එසේ තෙපි ද මා පුදව.
Pali BJT1665. තව අහං න පස්සාමි ථුල්ලං කායෙන තෙ දුමං. ආරොහපරිණාහෙන අභිරූපොසි ජාතියා.
Sinhala BJT1665. පහයට ගැළැපෙන කඳ මහත් වූ අන් රුකක් මම නො දකිමි. වැඩුණු තැන් සිට මනා පෙනුමැති රුක ආරෝහ පරිණාහ සම්පන්න වෙයි.
Pali BJT1666. පාසාදං කාරයිස්සාමි එකත්ථම්භං මනොරමං, තත්ථ තං උපනෙස්සාමි චිරං තෙ යක්ඛ ජීවිතං.
Sinhala BJT1666. සිත් ගන්නා පෙනුමැති එකස්තම්භ මාළිගාවක් කරවන්නෙමි. තොප එහි පමුණුවන්නෙමි, තෙපි (එහි) බොහෝ කල් ජීවත් වන්නහු ය.
Pali BJT1667. එවං චිත්තං{4} උදපාදි සරීරෙන විනාභාවො, පුථුසො මං විකන්තෙත්වා ඛණ්ඩසො අවකන්තථ
Sinhala BJT1667. (මාගේ) ශරීරය වෙන් කරන්නා වූ මෙබඳු සිතක් (තොපට) පහළ විය. (මේ නිසා) මා කඩ කඩ කොට කපන්නාහු ය.
Pali BJT1668. අග්ගෙ ච ඡෙත්වා මජ්ඣෙ ච පච්ඡා{1} මූලඤ්ච ඡින්දථ, එවං මෙ ඡිජ්ජමානස්ස න දුක්ඛං මරණං සියා.
Sinhala BJT1668. (රුකෙහි) අග ද මැද ද සිඳ පසුව මුල සිඳිවු, මෙලෙස සිඳිනු ලබන (කල) මට මරණය දුක් නො වේ.
Pali BJT1669. හත්ථපාදං{2} යථා ඡින්දෙ කණ්ණනාසඤ්ච ජීවිතෙ{3} තතො පච්ඡා සිරො ඡින්දෙ තං දුක්ඛං මරණං සියා.
Sinhala BJT1669. පණ ඇත්තහුගේ අත්පා කන්නාසා යම්සේ සිඳින්නේ ද ඉනික්බිතී හිස සිඳින්නේ ද (එයින්) මරණය දුක් වන්නේ ය.
Pali BJT1670. සුඛන්නු ඛණ්ඩසො ඡින්නං{4} භද්දසාල වනස්පති{5} කිං හෙතු කිං{6} උපාදාය ඛණ්ඩසො ඡින්නමිච්ඡසි.
Sinhala BJT1670. වනස්පති වූ භද්‍රසාල රුක කඩ කඩ වසයෙන් කැපීම සැපයෙක් ද? කඩ කඩ වශයෙන් කැපීම කැමැති වන්නේ කවර කරුණක් නිසා ද?
Pali BJT1671. යඤ්ච හෙතුං උපාදාය හෙතු{7} ධම්මූපසංහිතං ඛණ්ඩසො ඡින්නමිච්ඡාමි මහාරාජ සුණොහි මෙ.
Sinhala BJT1671. මහරජ හේතුව කරුණු සහිත වේ. කඩ කඩ වශයෙන් කැපීම රිසි වෙමි. මා කියන හේතුව අසනු මැනැවි.
Pali BJT1672. ඤාතී{8} මෙ සුඛසංවද්ධා මම පස්සෙ නිවාතජා තෙ’පිහං උපහිංසෙය්යං පරෙසං අසුඛොචිතං{9},
Sinhala BJT1672. මාගේ රැක වරණය ලැබැ ගස ඇසුරේ සුවසේ වැඩුණු මගේ ඥාතීහු වෙත්. මම අන්‍ය වූ ඒ ඥාතීන්ගේ කඳුළු වගුරුවන ලද්දෙම් වෙමි.
Pali BJT1673. චෙතබ්බරූපං{10} චෙතෙසි{11} භද්දසාල වනස්පති, හිතකාමොසි ඤාතීනං අභයං සම්ම දදාමි තෙ’ති.
Sinhala BJT1673. වනස්පතියකු වූ භද්‍රසාලය, සිතුවමනා දෙයක් සිතුවෙහි ය. නෑයන්ට යහපත කැමැත්තෙහි ය. මිතුර තොපට අභය දෙමි.
Pali BJT2. භද්දසාල ජාතකං.
Sinhala BJT2. භද්දසාල ජාතක යි.
Pali BJT1674. කසන්ති වපන්ති{12} තෙ ජනා මනුජා කම්මඵලූපජීවිනො, නයිමස්ස දීපකස්ස භාගිනො ජම්බුදීපා ඉදමෙව නො වරං.
Sinhala BJT1674. දඹදිවැ වෙසෙන ඒ ජනයා සී සාති, වපුරති. කර්‍මානුරූප ව ජීවත් වන මනුෂ්‍යයෝ මේ දූපතේ සැපතට කොටස්කරුවෝ නො වෙති. දඹදිවට වඩා අපට මේ දූපත උතුම් වන්නේ ය.
Pali BJT1675. තිපඤ්චරත්තූපගමම්භි චන්දෙ වොගො මහා හොහිති සාගරස්ස,{13} උපලාපයං දීපමිමං උළාරං මා වො වධි ගච්ඡථ ලෙණමඤ්ඤං.
Sinhala BJT1675. (අද සිට) හඳ පසළොස් රැයක් ඉක්මැ ගිය කලැ සයුරේ (රළ) වේගය වැඩි වෙයි. මේ මහ දූපත යට කරමින් තොප නො නසාවා! රැකවරණැති අන් තැනකට යවු.
Pali BJT1676. න ජාතයං{14} සාගරවාරිවෙගො උප්පාටයෙ{15} දීපමිමං උළාරං; තං මෙ නිමිත්තෙහි බහූහි දිට්ඨං මා භෙථ කිං සොචථ මොදථව්හො{16}
Sinhala BJT1676. මේ සයුරේ ජල වේගය, මේ මහ දූපත යට නො කරයි. බොහෝ නිමිතිවලින් මා එය දැක තිබේ. බය නො වවු. දුක් වනුයේ කුමට ද? සතුටු වවු.
Pali BJT1677. පහූතභක්ඛං{1} බහුඅන්නපානං පත්තත්ථ{2} ආවාසමිමං උළාරං: න වො භයං පටිපස්සාමි කිඤ්චි ආපුත්ත පුත්තෙහි පමොදථව්හො{3}.
Sinhala BJT1677. කෑ යුතු බොහෝ දේ තිබෙන ආහාරපාන බහුල මේ මහනිවෙසැ සම්පත් ඇත. ඔබට සිදු වන කිසිදු බියෙක් නො පෙනේ. පුතුන්ගේ පුතුන් දක්වා ප්‍රමුදිත වවු.
Pali BJT1678. යො ත්වෙවයං දක්ඛිණස්සං දිසායං ඛෙමන්ති පක්කොසති තස්ස සච්චං; න උත්තරො වෙදි භයාහයස්ස මා භෙථ කිං සොචථ මොදථව්හො.
Sinhala BJT1678. දකුණු දෙසැ සිට යම් දෙවියෙක් ආරක්‍ෂා සහිතය යි කියා ද ඔහුගේ කීම සත්‍ය වේ. උතුරු දෙසෙහි සිටැ බිය උපදී යයි කී බස සත්‍ය නො වේ. බිය නො වවු, දුක් වනුයේ කුමට ද? ප්‍රමුදිත වවු.
Pali BJT1679. යථා ඉමෙ විප්පවදන්ති යක්ඛා එකො භයං සංසති ඛෙමමෙකො තදිඞ්ඝ මය්හං වචනං සුණාථ; ඛිප්පං ලහුං මා විනස්සිම්හ{4} සබ්බෙ
Sinhala BJT1679. මේ යක්‍ෂයෝ ඔවුනොවුනට විරුද්ධ ව බෙණෙති. එකෙක් බිය සහිත යයි කියයි. එකෙක් බිය රහිත යයි කියයි. එ හෙයින් මගේ කීම අසවු. හැමදෙන වහා නො නැසෙම්හ.
Pali BJT1680. සබ්බෙ සමාගම්ම කරොම නාවං දොණිං දළ්හං සබ්බයන්තූපපන්නං: සචෙ අයං දක්ඛිණො සච්චමාහ මොඝං පටික්කොසති උත්තරො අයං.
Sinhala BJT1680. හැම දෙන එකතු වැ යන්ත්‍රොපකරණ සියල්ල සම්පූර්‍ණ ශක්ති සම්පන්න නැවක් සාදමු. ඉදින් දකුණු දිග දේව පුත්‍රයා සත්‍යයක් කීයේ නම් මේ උතුරු දිග දේව පුත්‍රයා කීයේ හිස් බසෙකි.
Pali BJT1681. සචෙ වනො හොහිති{5} ආපදත්ථා ඉමඤ්ච දීපං න පරිච්චජෙම; සචෙ ච ඛො උත්තරො සච්චමාහ මොඝං පටික්කොසති දක්ඛිණො අයං{6}. තමෙව නාවං අභිරුය්හ සබ්බෙ එවං මයං සොත්ථි තාරෙමු පාරං,
Sinhala BJT1681. අපට ඒ ප්‍රකාශය අවැඩ පිණිස වන්නී ය. මේ දූපත ද අත් නො හරිමු. ඉදින් උතුරුදිග් දෙවියා සත්‍යයක් කීයේ නම්, දකුණුදිග් දෙවියා කීයේ හිස් බසෙකි. හැම දෙන ඒ නැවට නැඟ අපි සුවසේ එතෙරට තරණය කරමු. (එතෙරට යමු.)
Pali BJT1682. න චෙ සුගණ්හං පඨමෙන සෙට්ඨං කනිට්ඨ මාපාථගතං ගහෙත්වා යො චීධ මජ්ඣං{7} පටිචෙය්ය ගණ්හති: සචෙ නාරො සෙට්ඨමුපෙති ඨානං
Sinhala BJT1682. ප්‍රථමයා කී දේ ශ්‍රේෂ්ඨ යයි දැඩි ලෙස ගැනීමත්, පශ්චිමයා කී දේ ශ්‍රේෂ්ඨ යයි දැඩි ලෙස ගැනීමත් මනා නො වේ. යමෙක් විමසා සත්‍ය වූවක් නුවණින් ගනී ද, ඒ මනුෂ්‍යයා ඒකාන්තයෙන් උසස් තැනට පැමිණෙයි.
Pali BJT1683. යථාපි තෙ සාගරවාරිමජ්ඣෙ සකම්මුනා{8} සොත්ථිං වහිංසු වාණිජා; අනාගතත්ථං පටිවිජ්ඣියාන අප්පම්පි නාච්චෙතිස භූරිපඤ්ඤො.{9}
Sinhala BJT1683. මුහුද මැද ඒ වෙළෙන්දෝ තම කර්‍මාන්තය නිසා අභයස්ථානයට සුවසේ පැමිණියෝ ද, එසේ නුවණැත්තේ අනාගත අභිවෘද්ධිය වටහා ගෙන එය ඉක්මවා නො යයි. (ඒ අනුව ක්‍රියා කරයි.)
Pali BJT1684. බාලා ච මොහෙන රසානුගිද්ධා අනාගතං අප්පටිවිජ්ඣියත්ථං; පච්චුප්පන්නෙ සීදන්ති අත්ථජාතෙ{1} සමුද්දමජ්ඣෙ යථා තෙ මනුස්සා.
Sinhala BJT1684. සයුර මැද නැසුණ ඒ මනුෂ්‍යයන් මෙන්, මෝඩයෝ ද රසයෙහි ඇලී ගිජු වැ අනාගත අභිවෘද්ධිය නො තකා ලද සැපතෙහි මුළාවට පත් වැ තම පිහිට නො ලබන්නෝ වෙත්.
Pali BJT1685. අනාගතං පටිකයිරාථ කිච්චං මාමං කිච්චං කිච්චකාලෙ ව්යධෙසි, තං තාදිසං පටිගත{2} කිච්චකාරිං න තං කිච්චං කිච්චකාලෙ ව්යධෙති.
Sinhala BJT1685. ආයත්‍යභිවෘද්ධිය ගෙන දෙන කාර්‍ය්‍ය පළමු ව කටයුත්තේ ය. එ ලෙස කාර්‍ය්‍ය කරන ප්‍රාඥයා, තමාට හිතකර කාර්‍ය්‍යය කරන්නට යෝග්‍ය අවස්ථාව පැමිණි කලැ පළමු වැ කළමනා කාර්‍ය්‍යය පළමුවැ කළ හෙයින් පීඩාවට පත් නො වේ.
Pali BJT3. සමුද්දවාණිජ ජාතකං.
Sinhala BJT3. සමුද්දවාණිජ ජාතක යි.
Pali BJT1686. කාමං කාමයමානස්ස තස්ස චෙ තං සමිජ්ඣති, අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡති.
Sinhala BJT1686. ඉදින් වස්තුකාමය පතන ඒ පුඟුලාට එය සමෘද්ධ වී නම් මනුෂ්‍ය තෙම යමක් කැමති වේ නම් එය ලැබැ ඒකාන්තයෙන් ප්‍රීති සිත් ඇත්තෙක් වේ.
Pali BJT1687. කාමං කාමයමානස්ස තස්ස වෙ තං සමිජ්ඣති, තතො නං අපරං කාමෙ ඝම්මෙ තණ්හංව වින්දති.
Sinhala BJT1687. ඉදින් වස්තුකාමය පතන පුඟුලාට එය සමෘද්ධ වී නම්, ඉක්බිති හේ ග්‍රීෂ්මයෙහි තැවුණහු පැන් පවස මෙන් අනෙක් කාමවස්තූන් විඳිනේ යැ.
Pali BJT1688. ගවංව සිඞ්ගිනො සඞ්ගං වඩ්ඪමානස්ස වඩ්ඪති, එවං මන්දස්ස පොසස්ස බාලස්ස අවිජානතො, භිය්යො තණ්හා පිපාසා ච වඩ්ඪමානස්ස වඩ්ඪති.
Sinhala BJT1688. වැඩෙන අඟ ඇති ගවයාගේ සිරුර හා සමග අඟ වැඩෙන්නා සේ මන්‍දබුද්ධික වූ කිසිත් නො දත් වැඩෙන මෝඩ පුරුෂයාගේ ආසාව නමැති පිපාසය ද බොහෝ සෙයින් වැඩේ.
Pali BJT1689. පථව්යා සාලියවකං ගවාස්සං{3} දාසපොරිසං, දත්වාපි{4} නාලමෙකස්ස ඉති විද්වා සමඤ්චරෙ.
Sinhala BJT1689. පොළොවෙහි සාලියවාදි ධාන්‍ය ද ගවාදි සතුන් ද දාසිදාසයන් ද එක් කෙනකුට දුන්නත් ඔහු එතෙකිනු දු සෑහීමට පත් නොවන බව දැනැ නැණැත්තේ සමචර්‍ය්‍යායෙහි හැසිරෙන්නේ ය:
Pali BJT1690. රාජා පසය්හ පඨවිං{5} විජෙත්වා{6} සසාගරන්තං මහිමාවසන්තො; ඔරං සමුද්දස්ස අතිත්තරූපො පාරං සමුද්දස්සපි පත්ථයෙථ.
Sinhala BJT1690. රජ තෙම බලාත්කාරයෙන් පොළොව දිනා සාගරය සීමා කොට ඇති පොළොවට අධිපති ව වසනුයේ සයුරෙන් මෙතෙර නො සෑහී සයුරෙන් එතෙර ද පතන්නේ ය.
Pali BJT1691. යාව අනුස්සරං{7} කාමෙ මනසා තිත්ති නාජ්ඣගා, තතො නිවත්තා{8} පටික්කම්ම{9} දිස්වා, තෙ වෙ තිත්තා යෙ පඤ්ඤාය තිත්තා.
Sinhala BJT1691. යමෙක් වස්තුකාමයන් සිහි කරන්නේ සිතින් තෘප්තියට නො යේ ද, (සෑහීමක් නො ලබා ද,) කාමාශාවන්ගෙන් මිදෙන ප්‍රතිකර්‍මය දැනැ යම් කෙනෙක් නුවණින් විමසා තෘප්තිමත් වූ නම් ඒකාන්තයෙන් ඔහු මැනැවින් තෘප්ත වූහ.
Pali BJT1692. පඤ්ඤාය තිත්තිනං සෙට්ඨං න සො කාමෙහි තප්පති, පඤ්ඤාය තිත්තං{1} පුරිසං තණ්හා න කුරුතෙ වසං.
Sinhala BJT1692. තෘප්ති අතුරෙන් ප්‍රඥාව නිසා ලබන තෘප්තීය උසස් වේ. හේ කාමාසා නිසා නො තැවේ. තෘෂ්ණා තොමෝ ප්‍රඥාව නිසා තෘප්ත පුරුෂයා වසඟ නො කරයි.
Pali BJT1693. අපචිනෙථෙව කාමානි{2} අප්පිච්ඡස්ස{3} අලොලුපො, සමුද්දමත්තො පුරිසො න සො කාමෙහි තප්පති.
Sinhala BJT1693. කාමයන්හි ලොල් නො වූ අල්පේච්ඡ පුද්ගලයාගේ කාමාසා නැසෙන්නේ ම ය. (මහත් ප්‍රඥාවෙන් යුත් බැවින්) සමුද්‍රය වැනි වූ ඒ පුරුෂයා (වස්තුකාම ක්ලේශකාම) කාමයන් නිසා නො තැවේ.
Pali BJT1694. රථකාරොව චම්මස්ස පරීකත්තං උපාහනං, යං යං චජති{4} කාමානං තං තං සම්පජ්ජතෙ සුඛං, සබ්බෙඤ්ච සුඛමිච්ඡෙය්ය සබ්බෙ කාමෙ පරිච්චජෙ.
Sinhala BJT1694. හම කපමින් වහන් සකස්කරන සම්කරුවකු සේ කාමයන් අතුරෙන් යමක් යමක් හරනේ ද ඒ ඒ (කොටස) සැප එළව යි. ඉදින් පූර්‍ණ සැපත රුස්නේ නම් කාමයන් සියල්ල අත් හරින්නේ ය.
Pali BJT1695. අට්ඨ තෙ භාසිතා ගාථා සබ්බා හොන්ති සහස්සියො, පතිගණ්හ මහාබ්රහ්මෙ සාධෙතං තව භාසිතං.
Sinhala BJT1695. ඔබ විසින් ගාථා අටක් කියන ලද, (ඒ ගාථා) සියල්ල දහස බැගින් වටනේ ය. පූජ්‍ය වූ බමුණ, (මේ අටදහස) පිළිගත මැනැව, ඔබගේ තෙල භාෂිතය මැනැවි.
Pali BJT1696. න මෙ අත්ථො සහස්සෙහි සතෙහි නහුතෙහි වා, පච්ඡිමං භාසතො ගාථං කාමෙ මෙ න රතො මනො.
Sinhala BJT1696. දහසෙකින් හෝ සියයෙකින් හෝ දසදහසෙකින් හෝ මට වැඩෙක් නැත. පැසුළුගය කියන මගේ සිත කාමයෙහි නො ඇලුණේ ය.
Pali BJT1697. භද්දො{5} වතායං මාණවකො සබ්බලොකවිදූ මුනි, යො තණ්හං{6} දුක්ඛජනනිං පරිජානාති පණ්ඩිතොති.
Sinhala BJT1697. මුළුලොව නුවණින් වටහා ගත් මුනි වූ යමෙක් සියලු දුක් උපදවන තෘෂ්ණාව මනාලෙස දනී ද, පණ්ඩිත වූ ඒ මේ මාණවක තෙම ඒකාන්තයෙන් යහපත් වේ.
Pali BJT4. කාමජාතකං.
Sinhala BJT4. කාම ජාතක යි.
Pali BJT1698. දස ඛලු ඉමානි{7} ඨානානි යානි පුබ්බෙ අකාරිත්වා, ස පච්ඡා මනුතප්පති ඉච්චාහ රාජා ජනසන්ධො.
Sinhala BJT1698. පළමු වැ කටයුතු මේ කරුණු දහය නො කිරීම නිසා හෙතෙම පසුතැවේ යයි ජනසන්‍ධ රජ තෙමේ මෙසේ කීය.
Pali BJT1699. අලද්ධා චිත්තං තපති{8} පුබ්බෙ අසමුදානිතං න පුබ්බෙ ධනමෙසිස්සං ඉති පච්ඡානුතප්පති.
Sinhala BJT1699. තරුණ කාලයෙහි ධනය රැස් නො කොට ධන රහිත වැ මහලු වියට පත් වැ, (දුකසේ දිවි පවත්වනුයේ) තරුණ කල්හි ධනය රැස් නො කෙළෙමි යි සිතමින් පසුතැවේ.
Pali BJT1700. සක්යරූපං පුරෙ සන්තං මයා සිප්පං න සික්ඛිතං, කිච්ඡා වුත්ති අසිප්පස්ස ඉති පච්ඡානුතප්පති.
Sinhala BJT1700. බාල වියේ ගුරුන් ඇසුරේ උගන්නට හැකියාව තිබිය දී මා ඉගෙනීම නො කරන ලදී. ශිල්ප රහිතයාට දිවි පැවැත්ම දුක් සහිතය යි සිතමින් පසුතැවේ.
Pali BJT1701. කූටවෙදී පුරෙ ආසිං පිසුනො පිට්ඨිමංසිකො, චණ්ඩො ච ඵරුසො චාසිං{9} ඉති පච්ඡානුතප්පති.
Sinhala BJT1701. පෙරැ කූටකම් (තුලාකූට, මානකුටාදිය) දත්තෙකිම් වීමී. කේලාම් කීමි, අල්ලස් ගතිමි, චණ්ඩ පරුෂ වීමි යයි (මරණාසන්නයෙහි) සිතමින් පසුතැවේ.
Pali BJT1702. පාණාතිපාතී පුරෙ ආසිං ලුද්දො චාසිං{10} අනාරියො, භූතානං නාවදායිස්සං ඉති පච්ඡානුතප්පති.
Sinhala BJT1702. පෙරැ පරපණ නැසුයෙමි, පහත් වූ රුදුරුකම් ඇත්තෙක් වීමි, සතුන් කෙරේ කාරුණික පැවැත්ම නැත්තෙකිම් වීමි යි සිතමින් පසුතැවේ.
Pali BJT1703. බහූසු වත සන්තීසු අනපාදාසු ඉත්ථිසු, පරදාරං අසෙවිස්සං ඉති පච්ඡානුතප්පති.
Sinhala BJT1703.සරණෙකැ නො ගිය බොහෝ ස්ත්‍රීන් සිටිය දී පරදාරාවන් සේවනය කෙළෙමි යි සිතමින් පසුතැවේ.
Pali BJT1704. බහුම්හි වත සන්තම්හි අන්නපානෙ උපට්ඨිතෙ, න පුබ්බෙ අදදිං දානං ඉති පච්ඡානුතප්පති.
Sinhala BJT1704. පෙර බොහෝ ආහාරපාන තිබිය දී පවා දන් නො දුන්නෙමි යි සිතමින් පසුතැවේ.
Pali BJT1705. මාතරං පිතරං වාපි ජිණ්ණකෙ ගතයොබ්බනෙ{1}, පහූ සන්තො න පොසිස්සං ඉති පච්ඡානුතප්පති.
Sinhala BJT1705. වත්කම තිබිය දී, මහලු වූ දිරාපත් වූ මව හෝ පියා හෝ පෝෂණය නො කෙළෙමි යි සිතමින් පසුතැවේ.
Pali BJT1706. ආචරියමනුසත්ථාරං සබ්බකාමරසාහරං, පිතරං අතිමඤ්ඤිස්සං ඉති පච්ඡානුතප්පති.
Sinhala BJT1706. ආචාරධර්‍මයන් පුහුණු කරවන ආචාර්‍ය්‍ය වූ, කැමැති සියලු දේ දෙමින් (තමා) පෝෂණය කළ පියාණන්ගේ අවවාද නො පිළිගත්තෙමි යි සිතමින් පසුතැවේ.
Pali BJT1707. සමණෙ බ්රාහ්මණෙ චාපි සීලවන්තෙ බහුස්සුතෙ, න පුබ්බෙ පයිරුපාසිස්සං ඉති පච්ඡානුතප්පති,
Sinhala BJT1707. සිල්වත් උගත් මහණබමුණන් පෙර ආශ්‍රය නො කෙළෙමි යි සිතමින් පසුතැවේ.
Pali BJT1708. සාධු හොති තපො චිණ්ණො සන්තො ච පයිරුපාසිතො, න ච පුබ්බෙ තපො චිණෙණා ඉති පච්ඡානුතප්පති.
Sinhala BJT1708. පෙරැ ත්‍රිවිධ සුචරිත සඞ්ඛ්‍යාත තපස පුරුදු කිරීම ද සිල්වතුන් ඇසුරු කිරීම ද කළේ නම් යහපත (එය) නො කෙළෙමියි සිතමින් පසුතැවේ.
Pali BJT1709. යො ච එතානි ඨානානි යොනිසො පටිපජ්ජති, කරං පුරිසකිච්චානි ස පච්ඡා නානුතප්පතී’ති.
Sinhala BJT1709. යමෙක් මේ කරුණු නුවණින් විමසා පිළිපදී ද (පුරුෂයන් විසින් කළයුතු ධාර්මික කෘත්‍යයන් කරන හෙයින්) අප්‍රමාද ගුණය ඇති හෙතෙම නො පසුතැවේ.
Pali BJT5. ජනසන්ධ ජාතකං.
Sinhala BJT5. ජනසන්‍ධ ජාතක යි.
Pali BJT1710. කණ්හො කණ්හො ච ඝොරො ච සුක්කදාඨො පතාපවා{2}, බද්ධො පඤ්චහි රජ්ජූහි කිං ධීර සුනඛො තව.
Sinhala BJT1710. ප්‍රාඥය, ඉතා කළු පැහැති බියකරු වූ සුදුදත් ඇති ප්‍රතාපවත් වූ පස් රැහැනකින් බඳනා ලද තොපගේ බල්ලා කුමක් කෙරේ ද?