Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදළ්හකණ්හධනඤ්චයසඞ්ඛවරො රාජා සත්තාහ සසඛ තක්කළිනා, ධම්මං කුක්කුටකුණ්ඩලිභොජනදා චක්කවාක සුභූරිසසොත්ථි ඝතො.
Sinhala BJTචතුද්වාර ජාතක යැ කණ්හ ජාතක යැ චතුපෝසථික ජාතක යැ සඞ්ඝජාතක යැ කණ්හදීපායන ජාතක යැ නිග්‍රෝධ ජාතක යැ තක්කළ ජාතක යැ මහා ධම්මපාලජාතක යැ කුක්කුටජාතක යැ මට්ටකුණ්ඩලී ජාතක යැ බිළාර කෝසිය ජාතක යැ චක්කවාකජාතක යැ භූරිපඤ්ඤජාතක යැ මහාමඞ්ගල ජාතක යැ ඝතජාතක යි සොළසෙකි.
Pali BJT11. එකාදසකනිපාතො
Sinhala BJT11. ඒකාදසක නිපාතය
Pali BJT1532. තස්ස නාගස්ස විප්පවාසෙන විරූළ්හා සල්ලකී{1} ච කුටජා ච, කුරුවින්දකරවරා භිසසාමා{2} නිවාතෙ පුප්ඵිතා ච කණිකාරා.{3}
Sinhala BJT1532. මාගේ පුත්‍රයා වන ඇතා වෙන් ව ගිය නිසා ඉඳුසල් ගස් කෙළිඳ ගස් හා කුරුඳු ගස් ද ඉළුක් ආදි තෘණ වර්‍ග ද බොඩහමු ගස් ද වැඩුණාහ. කඳු පමුලැ කිණිහිරි ගස්හි මල් පිපී ගියහ.
Pali BJT1533. කොචිදෙව සුවණ්ණකායූරා, නාගරාජං භරන්ති පිණ්ඩෙන, යත්ථ රාජා රාජකුමාරො වා කවචම්භිහෙස්සති අසම්භීතො.
Sinhala BJT1533. යම් කිසි තැනෙකැ රන් අබරණ සහිත රාජ රාජමහාමාත්‍යයෝ ඇතා ආහාරයෙන් පෝෂණය කරත් ද. යම් ඇතකු පිට රජෙක් හෝ රාජ කුමාරයෙක් හෝ හිඳ ගෙන බිය රහිත ව සතුරන්ගේ යුද ඇඳුම් විනාශ කෙරේ ද,
Pali BJT1534. ගණ්හාහි නාග කබළං මා නාග කිසකො භව, බහූනි රාජකිච්චානි යානි{4} නාග කරිස්සසි.
Sinhala BJT1534. නාගය, (හස්තිය) ආහාර අනුභව කරව. නාගය, කෘශ නො වව, රාජ කටයුතු බොහෝ ඇත. ඒ කටයුතු කරන්නෙහි ය.
Pali BJT1535. සා නූන සා කපණිකා අන්ධා අපරිනායිකා, ඛාණුං පාදෙන ඝට්ටෙති ගිරිං චණ්ඩොරණංපති.
Sinhala BJT1535. දුකට පත් වූ අන්‍ධ වූ අසරණ වූ ඒ මාගේ මව් ඇතිනි (හඬමින්) චණ්ඩොරණ පව්වෙහි කිලිඟුරන් (දැවකඳන්) පයින් පොළතී සිතමි.
Pali BJT1536. කා නු තෙ සා මහානාග අන්ධා අපරිනායිකා, ඛාණුං පාදෙන ඝට්ටෙති ගිරිං චණ්ඩොරණංපති.
Sinhala BJT1536. මහානාගය, අන්‍ධ වූ මඟ පෙන්වන්නකු නැති ද චණ්ඩොරණ පව්වෙහි කිළිඟුරන් පයින් පොළන ඕ තොපට කවරක් වේ ද?
Pali BJT1537. මාතා මෙ සා මහාරාජ අන්ධා අපරිනායිකා, ඛාණුං පාදෙන ඝට්ටෙති ගිරිං චණ්ඩොරණංපති.
Sinhala BJT1537. මහරජ, අන්‍ධ වූ මඟ පෙන්වන්නකු නැති චණ්ඩොරණ පව්වෙහි කිළිඟුරන් පයින් පොළන මාගේ මෑණියෝ ය.
Pali BJT1538. මුඤ්චථෙතං මහානාගං යො යං භරති මාතරං, සමෙතු මාතරා නාගො සහ සබ්බෙහි ඤාතිහි.
Sinhala BJT1538. යම් ඇතෙක් මව පෝෂණය කෙරේ ද ඒ ඇතා මුදවු. සියලු නෑයන් සමග (ගොස්) ඇතා මව හා එක් වේවා!
Pali BJT1539. මුත්තොච බන්ධනා නාගො කාසිරාජෙන පෙසිතො, මුහුත්තං විස්සමිත්වාන{5} අගමා යෙන පබ්බතො.
Sinhala BJT1539. කසී රජු විසින් බැම්මෙන් මුදවා යැවූ ඇතා මොහොතක් විඩා හැර, පව්ව යම් තැනක ද (එතැනට) ගියේ ය.
Pali BJT1540. තතො සො නලිනිං{6} ගන්ත්වා සීතං තුඤ්ජරසෙවිතං, සොණ්ඩාය උදකමාහත්වා{7} මාතරං අභිසිඤ්චථ.
Sinhala BJT1540. ඉක්බිති ඒ ඈතා සිහිල් දිය ඇති ඇතුන් ගැවසුන විලට ගොස් සොඬින් දිය ගෙන මවට ඉස්සේ ය.
Pali BJT1541. කොයං අනරියො දෙවො අකාලෙන{8} පි වස්සති, ගතො මෙ අත්රජො පුත්තො යො මය්හං පරිචාරකො.
Sinhala BJT1541. නො කල්හි වස්නා මේ නොහොබනා වැස්ස කුමක් ද? යමෙක් මට උපස්ථායක ව සිටියේ ද ඒ මාගේ පුත්‍රයා ගියේ ය.
Pali BJT1542. උට්ඨෙහි අම්ම කිං සෙසි ආගතො ත්යාභමත්රජො, මුත්තොම්හි කාසිරාජෙන වෙදෙහෙන යසස්සිනා.
Sinhala BJT1542. අම්මෙ, නැගිටින්න. වැතිර සිටින්නේ කිම? ඔබේ පුතා වන මම ආවෙමි. නුවණැති පිරිවර ඇති කසී රජ විසින් මම මුදනු ලදිමි.
Pali BJT1543. චිරං ජීවතු සො රාජා කාසීනං රට්ඨවද්ධනො,{9} යො මෙ පුත්තං අමොචෙසි සදා වුද්ධාපචායිකන්ති.{10}
Sinhala BJT1543. හැම දා වැඩිහිටියන් සලකන යමෙක් මාගේ පුතා නිදහස් කෙළේ ද කසී රැටියන්ගේ රට දියුණු කරන ඒ රජ සැරදේවා.
Pali BJT1. මාතුපොසකජාතකං.
Sinhala BJT1. මාතුපෝසක ජාතක යි.
Pali BJT1544. සුණොහි මය්හං වචනං ජනින්ද අත්ථෙන ජුණ්හම්භි ඉධානුපත්තො, න බ්රාහ්මණෙ අද්ධිකෙ තිට්ඨමානෙ ගන්තබ්බමාහු දිපදාන{1} සෙට්ඨ,
Sinhala BJT1544. රජතුමනි, මාගේ කීම ඇසුවමනා ය. ප්‍රයෝජනයක් සලකා ගෙන ජුණ්හ (නම්) ඔබ වෙත පැමිණියෙමි. දෙපා ඇත්තන් අතර උතුම් වූ රජතුමනි, බමුණන් ද මගියන් ද පැමිණ සිටිය දී (ඔවුන්) නො බලා යායුතු යයි (පඬිවරු) නො කියති.
Pali BJT1545. සුණොමි තිට්ඨාමි වදෙහි බ්රහ්මෙ යෙනාසි{2} අත්ථෙන ඉධානුපත්තො, කං වා ත්වමත්ථං මයි පත්ථයානො ඉධාගමා බ්රහෙම තදිඞ්ඝ බ්රූහි.
Sinhala BJT1545. බමුණ, (ඔබ කීම) අසමි. (මෙහි) සිටිමි, කියව. යම් ප්‍රයෝජනයක් සලකා මෙහි ආයෙහි ද ? මා කෙරෙහි වූ කුමක් පතමින් මෙහි ආයෙහි ද ? බමුණ, එය වහා කියව.
Pali BJT1546. දදාහි මෙ ගාමවරානි පඤ්ච දාසීසතං සත්තගවං සතානි, පරොසභස්සඤ්ච සුවණ්ණනික්ඛෙ භරියා ච මෙ සාදිසී ද්වෙ දදාහි.
Sinhala BJT1546. ගම්වර පහක් ද දැස්සන් සියයක් ද ගවයන් සත් සියක් ද දහසකට වැඩි ස්වර්‍ණ නිෂ්ක ද (ජාතිකුලාදීන්) මා හා සමාන බිරියන් දෙදෙනකු ද මට දුන මැනැවි.
Pali BJT1547. තපො නු තෙ බ්රාහ්මණ භිංසරූපො මන්තා නු තෙ බ්රාහ්මණ චිත්තරූපා, යක්ඛාච තෙ අස්සවා සන්ති කෙචි අත්ථං වා මෙ අභිජානාසි කත්තං.
Sinhala BJT1547. බමුණ, ඔබට උසස් වූ තාපස ගුණධර්‍මයෙක් ඇත් ද නැතහොත් විසිතුරු වූ මන්ත්‍ර තිබේ ද, නැතහොත් සුවච වූ කිසි යක්‍ෂ කෙනෙක් හෝ සිටිත් ද, නැතහොත් ඔබ විසින් මට කළ කිසියම් හිතකර කිසිවක් දන්නෙහි ද?
Pali BJT1548. න මෙ තපො අත්ථි න චාපි මන්තා යක්ඛාපි{3} මෙ අස්සවා නත්ථි කෙචි අත්ථම්පි තෙ නාභිජානාමි කත්තං පුබ්බෙ ච ඛො සඞ්ගතිමත්තමාසි.
Sinhala BJT1548. මට තපසෙක් නැත, මන්ත්‍ර ද නැත, සුවච යක්‍ෂයෝ ද නැත. ඔබට කළ යහපතකු දු නො දනිමි. පෙරැ ඔබ හා සමාගමය පමණෙක් විය.
Pali BJT1549. පඨමං ඉමං දස්සනං ජානතො මෙ න නාභිජානාමි ඉතො පුරත්ථා, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං කදා කුහිං වා අහු සඞ්ගමො නො.
Sinhala BJT1549. දන්නා වූ මට මේ පළමු වර දැක්මයි. මීට පෙරැ ඔබ නො හඳුනමි. කවදා කො තැනෙකැ අප හමුවීම සිදුවී ද? පුළුවුස්නා ලද මට මෙය කියව.
Pali BJT1550. ගන්ධාරරාජස්ස පුරම්භි රම්මෙ අවසිම්හසෙ තක්කසිලාය දෙව, තත්ථන්ධකාරම්භි තිමිස්සිකායං{4} අංසෙන අංසං සමඝට්ටයිම්හ.
Sinhala BJT1550. දේවයන් වහන්ස, ගන්‍ධාර රජතුමාගේ රම්‍ය තක්සලා නගරයෙහි විසූම්හ. එහි ගනඳුරු (පැවැති) රැයෙකැ අංසයෙන් අංසය ගැටූමු.
Pali BJT1551. තෙ තත්ථ ඨත්වාන උභො ජනින්ද සාරාණීයං වීතිසාරිම්භ{5} තත්ථ, සායෙව නො සඞ්ගතිමත්තමාසි තතො න පච්ඡා න පුරෙ අහොසි.
Sinhala BJT1551. මහරජ, අපි එහි දී සිහි කළ මනා කතා කෙළෙමු. අප හමුවීම එ පමණෙකි. ඉන්පසු හමුවීමෙක් නො වීය. ඉන් පෙරැ ද නො වීය.
Pali BJT1552. යදා කදාචි මනුජෙසු බ්රහ්මෙ සමාගමො සප්පුරිසෙන හොති, න පණ්ඩිතා සඞ්ගතිසන්ථවානි පුබ්බෙ කතං වාපි විනාසයන්ති.
Sinhala BJT1552. බමුණ, යම් කලෙක සත්පුරුෂයන් හා හමුවීමෙක් වේ ද මොහොතක් පැවැති එකතුව හෝ බොහෝ කලක් පැවැති එක්වීම හෝ පෙර කළ දැය හෝ පඬිවරු විනාශ නො කරත්.
Pali BJT1553. බාලා ච ඛො සඞ්ගතිසන්ථවානි. පුබ්බෙ කතං වාපි විනාසයන්ති, බහුම්පි බාලෙසු කතං විනස්සති තථා හි බාලා අකතඤ්ඤුරූපා.
Sinhala BJT1553. අඥයෝ මොහොතක් කල් හෝ බොහෝ කලක් හෝ පැවැති එකතුව නසත්, කළ ගුණ ද නසත්. බාලයන් කෙරේ කළ හොඳ වැනැසේ. ඒ එසේ මැ යි. අඥානයෝ කළ ගුණ නො දන්නාහු ය.
Pali BJT1554. ධීරා ච ඛො සඞ්ගතිසන්ථවානි පුබ්බෙ කතං වාපි න නාසයන්ති, අප්පම්පි ධීරෙසු කතං න නස්සති කථා හි ධීරා සුකතඤ්ඤුරූපා.
Sinhala BJT1554. ප්‍රාඥයෝ හමුවීම හෝ එක්ව වාසය හෝ පෙරැ කළ උපකාරයන් (දන්නා ගුණය) නො නසත්. නුවණැතියන් කෙරේ කළ හොඳ නො නැසේ. ඒ එසේ මැ යි. නැණැත්තෝ කළ ගුණ දන්නාහු ය.
Pali BJT1555. දදාමි තෙ ගාමවරානි පඤ්ච දාසීසතං සත්තගවං සතානි, පරොසහස්සඤ්ච සුවණ්ණනික්ඛෙ භරියා ච තෙ සාදිසී ද්වෙ දදාමි.
Sinhala BJT1555. ඔබට ගම්වර පහක් ද දැස්සන් සියයක් ද ගවයන් සත් සියයක් ද දහසකට වැඩි ස්වර්‍ණ නිෂ්ක ද සමාන බිරියන් දෙදෙනකු ද දෙමි.
Pali BJT1556. එවං සතං භොති සමෙච්ච රාජ නක්ඛත්තරාජාරිව තාරකානං, ආපූරතී කාසිපතී යථා අහං තයා හි මෙ සඞ්ගමො අජ්ජ ලද්ධොති.
Sinhala BJT1556. රජතුමනි, සත්පුරුෂයන් හා එකතු වීම නිසා මෙසේ එය වෙයි. කසී රටේ අධිපති රජ, තාරකා මැද සඳසේ (ක්‍රමයෙන්) පිරෙයි. මම ද අද ඔබතුමා දුන් ගම්වරාදීන් නිසා එසේ වෙමි. දැන් මා විසින් තොප හා සඞ්ගමය ලබන ලදි.
Pali BJT2. ජුණ්හජාතකං.
Sinhala BJT2. ජුණ්හ ජාතක යි.
Pali BJT1557. යසොකරො පුඤ්ඤකරොහමස්මි සදත්ථුතො සමණබ්රාහ්මණානං මග්ගාරහො දෙවමනුස්සපුජිතො ධම්මො අහං දෙහි අධම්ම මග්ගං
Sinhala BJT1557. මම දෙවිමිනිසුන්ට යශස ගෙන දෙන්නෙක්මි. මම පින් කරන්නෙක්මි. මහණ බමුණන් විසින් නිතර පසස්නා ලද්දෙමි. මාර්‍ගය ලබන්නට සුදුස්සෙක්මි. දෙවිමිනිසුන්ගේ පිදුම් ලද්දෙම් වෙමි. අධර්‍ම නම් දිව්‍යපුත්‍රය, මම ධර්‍ම දිව්‍යපුත්‍රයා වෙමි. මට මඟ දුන මැනැවි.
Pali BJT1558. අධම්මයානං දළ්හමාරුහිත්වා අසන්තසන්තො බලවාහමස්මි, ස කිස්ස හෙතුම්භි තවජ්ජ දජ්ජං මග්ගං අහං ධම්ම අදින්නපුබ්බං.
Sinhala BJT1558. (දැහැමි නම් දේවපුත්‍රය,) මම නො දැහැමි දෙවියා වෙමි. මම ශක්තිමත් අධර්‍ම යානයට නැඟ ගතිමි. බලවතෙක් වීමි. මිතුර, කිසිවෙකුටත් නුදුන් විරූ මඟ කවර හෙයින් අද මම ඔබට දෙම් ද?
Pali BJT1559. ධම්මො හවෙ පාතුරහොසි පුබ්බෙ පච්ඡා අධම්මො උදපාදි ලොකෙ, ජෙට්ඨො ච සෙට්ඨො ච සනන්තනො ච උය්යාහි ජෙට්ඨස්ස කනිට්ඨ මග්ගා.
Sinhala BJT1559. ලොවෙහි පළමු වැ ධර්‍මය පහළ විය. පසු වැ අධර්‍මය පහළ විය. (එ හෙයින්) ධර්‍මය ජේෂ්ඨ වෙයි. ශ්‍රේෂ්ඨ වෙයි. පැරැණි ද වෙයි. අධර්‍ම දිව්‍ය පුත්‍රය, ඔබ කනිටු ය. වැඩි මහලු ධර්‍ම දිව්‍ය පුත්‍ර වූ මාගේ මගෙන් ඉවත් වෙව.
Pali BJT1560. න යාචනාය නපි පාටිරූපා න අරහති{1} තෙහං දදෙය්ය{2} මග්ගං යුද්ධඤ්ච නො හොතු උභින්නමජ්ජ යුද්ධස්මි යො ජෙස්සති තස්ස මග්ගො.
Sinhala BJT1560. යැදීම නිසා ඔබට මග දෙන්නෙම් නම් යෝග්‍ය නො වේ. සුදුසු වචන කීම නිසා මඟ දීම යෝග්‍ය නැත. අද අප දෙදෙනාගේ සටන වේවා ! සටනින් යමෙක් දිනන්නේ ද ඔහුට මඟ (හිමි) වේ.
Pali BJT1561. සබ්බා දිසා අනුවිසටොහමස්මි{3} මහබ්බලො අමිතයසො අතුල්ලො,{4} ගුණෙහි සබ්බෙහි උපෙතරූපො ධම්මො අධම්ම ත්වං කථං විජෙස්සසි.
Sinhala BJT1561. මම සියලු දිසාවන්හි පැතිරැ ගියෙමි, මහ බලැත්තෙමි, අප්‍රමාණ යශස් ඇත්තෙමි. මා හා සමානයෙක් නැත. හැම ගුණයන්ගෙන් සම්පූර්‍ණ වූ (මම) ධර්‍ම දිව්‍ය පුත්‍රයා වෙමි. තෙපි කෙසේ දිනන්නෙහි ද?
Pali BJT1562. ලොහෙන වෙ හඤ්ඤති ජාතරූපං න ජාතරූපෙන හනන්ති ලොභං, සචෙ අධම්මො හඤ්ඤති ධම්මමජ්ජ අයො සුවණ්ණං විය දස්සනෙය්යං.
Sinhala BJT1562. අයෝමය මිටියෙන් රන් ඒකාන්තයෙන් නැසේ. රනින් යකඩ නො නැසේ. අධර්‍මය අද ඔබේ ධර්‍මය නසයි. යමුවා මිටිය දැකුම්කලු රන් නසන්නා මෙනි.
Pali BJT1563. සචෙ තුවං යුද්ධබලො අධම්ම න තුය්හ වද්ධා{5} ච ගරූ ච අත්ථි, මග්ගං ච තෙ දම්මි පියාප්පියෙන වාචා දුරුත්තානිපි තෙ ඛමාමි.
Sinhala BJT1563. අධර්‍ම දේවපුත්‍රය, ඔබ සටන බලය කොට ඇත්තාව. ඔබට වැඩිහිටියෝ ද ගරුකටයුත්තෝ ද නැත. ඔබට මඟ දෙනුයේ ප්‍රිය අප්‍රිය දෙදෙනාගෙන් ප්‍රියයකු ලෙසින් දෙමි. නපුරු ලෙස ඔබ කී වචන ද ඉවසමි.
Pali BJT1564. ඉදඤ්ච සුත්වා වචනං අධම්මො අවංසිරො පතිතො උද්ධපාදො, යුද්ධත්ථිකො චෙ න ලභාමි යුද්ධං එත්තාවතා හොති හතො අධම්මො.
Sinhala BJT1564. අධර්‍ම දිව්‍ය පුත්‍රයා මෙ බස් අසා, යුද්ධය රිසි වුවත් යුද්ධය (කරන්නට) නො ලබමි යි හිස යටිකුරු වැ පා උඩුකුරු වැ වැටුණි. මෙ පමණෙකින් අධර්‍ම දිව්‍ය පුත්‍රයා නටුයේ ය.
Pali BJT1565. ඛන්තිබලො යුද්ධබලං විජෙත්වා හන්ත්වා අධම්මං නිහනිත්ව භුම්මා, පායාසි විත්තො අභිරුය්හ සන්දනං මග්ගෙනෙව අතිබලො සච්චනික්කමො.
Sinhala BJT1565. යුද්ධය ජය ගෙන, අධර්‍ම දිව්‍ය පුත්‍රයා නසා බිමැ හෙළා සත්‍යය පරාක්‍රම කොට ඇති ක්‍ෂාන්ති බලය මැ ඇති දෙව් පුත් තෙම සතුටු සිතැති ව දිව්‍ය රථයට නැගී මගින් ම ගියේ ය.
Pali BJT1566. මාතාපිතා සමණබ්රාහ්මණා ච අසම්මානිතා යස්ස සකෙ අගාරෙ, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා නිරයං වජන්ති,{6} යථා අධම්මො පතිතො අවංසිරො.
Sinhala BJT1566. යම් කෙනෙක් සිය නිවෙසෙහි මවුපියන්ට ද මහණ බමුණන්ට ද සැලැකිලි නො කෙරෙත් ද, ඔවුහු අධර්‍ම දිව්‍ය පුත්‍රයා නිරයට පිවිසියා සේ මරණින් මත්තේ නිරා වදිත්.
Pali BJT1567. මාතාපිතා සමණබ්රාහ්මණා ච, සුසම්මානිතා යස්ස සකෙ අගාරෙ, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා සුගතිං වජන්ති යථාපි ධම්මො අභිරුය්හ සන්දනන්ති.
Sinhala BJT1567. යම් කෙනෙක් සිය නිවෙසෙහි මවුපියන්ට ද මහණ බමුණන්ට ද මැනැවින් සලකත් ද ඔවුහු, ධර්‍ම දිව්‍ය පුත්‍රයා දිව්‍ය රථයට නැග ගියා සේ, මරණින් මත්තේ දෙව්ලොවැ උපදිත්.
Pali BJT3. ධම්මජාතකං.{*}
Sinhala BJT3. ධම්ම ජාතක යි.
Pali BJT1568. එකා නිසින්නා සුචිසඤ්ඤතූරු පාසාදමාරුය්හ අනින්දිතඞ්ගි, යාචාමි තං කින්තරනෙත්තචක්ඛු ඉමෙකරත්තිං උභයො වසෙම.
Sinhala BJT1568. පවිත්‍ර වස්ත්‍ර ඇඳ ගත්, මනා දෙවටොර ඇති, ඉතා ශොභාසම්පන්න සිරුරැති, කිඳුරු නෙත් වැනි නෙත් ඇති ඔබ පහයට නැඟී සිටියෙහි ය. සැරැසූ මේ යහන මැද මේ රැය ගත කරමුය යි ඔබෙන් ඉල්ලමි.
Pali BJT1569. උක්කිණ්ණන්තරපරිඛං දළ්හමට්ටාලකොට්ඨකං, රක්ඛිතං බග්ගහත්ථෙහි දුප්පවෙසමිදං පුරං.
Sinhala BJT1569. මේ පුරය තැනින් තැනැ දිය අගල් ආදිය ඇත. ශක්තිමත් අටල්ලෙන් හා දොරකොටුවලින් යුක්ත ය. අසිපත් ගත්තන් විසින් රැකවරණ කරනු ලබන හෙයින් පිවිසිය නො හැකි ය.
Pali BJT1570. දහරස්ස යුධිනො{1} චාපි ආගමො ච න විජ්ජති, අථ කෙන නු වණ්ණෙන සඞ්ගමං ඉච්ඡසෙ මයා.
Sinhala BJT1570. ළදරුවෙකුට හෝ සෙබළෙකුට හෝ (මේ නගරයට) පැමිණිය නො හැකි ය: කවර හෙයින් මේ වේලාවෙහි මා හා සඞ්ගමයට කැමැත්තෙහි ද?
Pali BJT1571. යක්ඛොහමස්මි කල්යාණි ආගතොස්මි තවන්තිකං{2} ත්වං මං නන්දය භද්දන්තෙ පුණ්ණකංසං දදාමි තෙ.
Sinhala BJT1571. සොඳුර, මම දෙව්පුතෙක්මී. දිව්‍යයානුභාවයෙන් තී වෙත ආවෙමි, ඔබට සෙත් වේවා! අද මා පිනවන්න. ඔබට රන්මසු පිරුණු රන්තළිය දෙමි.
Pali BJT1572. දෙවඤ්ච යක්ඛං අථ වා මනුස්සං න පත්ථයෙ උදයමතිච්චමඤ්ඤං, ගච්ඡෙව ත්වං යක්ඛ මහානුභාව මාචස්සු ගන්ත්වා පුනරාවජිත්ථ.
Sinhala BJT1572. යක්‍ෂය, උදය රජතුමා හැර අන් දෙවියකු, මිනිසකු හෝ යකෙකු නො පතමි. ඔබ යව, යළි (මෙහි) නො එව.
Pali BJT1573. යා සා රතී උත්තමා කාමභොගිනං. රතීසු සත්තා{3} විසමං චරන්ති, මා තං රතිං ජීයි තුවං සුවිම්භිතෙ දදාමි තෙ රූපියං කංසපූරං.
Sinhala BJT1573. රතීන් අතුරෙහි කාමභෝගීන්හට යම් උත්තමරතියක් වේ ද යමක් නිසා සත්ත්‍වයෝ විෂමාචාර කෙරෙත් ද, පියකරු සිනා ඇත්තිය තෙපි ඒ රතිය නො දිනව. තොපට රනින් පිරැවූ රිදීතළිය දෙමි.
Pali BJT1574. නාරිං නරො නිජ්ඣපයං ධනෙන උක්කංසති යත්ථ කරොති ඡන්දං, විපච්චණීකො තව දෙව ධම්මො පච්චක්ඛතො ථොකතරෙන එසි,
Sinhala BJT1574. පින්වත, ඔබ මෝඩ මිනිසෙකි, කෙලෙස් රතියෙන් සන්තර්‍පණය වන්නෙක් බොහෝ වස්තුවෙන් ස්ත්‍රිය පොළඹවයි. ආසා කරවයි, ඔබේ ස්වභාවය ඊට වෙනස් ය. මඳ වූ ධනයක් ගෙනවුත් තිබෙන බව ප්‍රත්‍යක්‍ෂ හෙයිනි.
Pali BJT1575. ආයුඤ්ච වණ්ණඤ්ච මනුස්සලොකෙ නිහීයති{4} මනුජානං සුගත්තෙ, තෙනෙව වණ්ණෙන ධනම්පි තුය්හං නිහීයති ජිණ්ණතරාසි අජ්ජ.
Sinhala BJT1575. ශෝභන සිරුර ඇත්තිය, මිනිස්ලොව මිනිසුන්ගේ ආයුෂ ද, පැහැය ද පිරිහේ, එ හෙයින් තොපට දෙන ධනය ද (ක්‍රමයෙන්) පිරිහේ තෙපි අද බොහෝ දිරුවහු.
Pali BJT1576. එවං මෙ පෙක්ඛමානස්ස රාජපුත්ති යසස්සිනි, හායතෙ වත තෙ වණ්ණො අහොරත්තානමච්චයෙ.
Sinhala BJT1576. යසස් ඇති රජ දියණියනි, දිවා රෑ ගෙවී යන්නා සමග බලා සිටිය දී ම ඔබ ගේ රූපය පිරිහීයයි.
Pali BJT1577. ඉමිනා ච ත්වං වයසා රාජපුත්ති සුමෙධසෙ, බ්රහ්මචරියං චරෙය්යාසි භිය්යො වණ්ණවතී සියා.
Sinhala BJT1577. මනා පැහැති රජ දියණියනි, ඔබ මේ වියෝ බඹසර කරව. බොහෝ වර්‍ණවත් වන්නී ය.
Pali BJT1578. දෙවා න ජීරන්ති යථා මනුස්සා ගත්තෙසු තෙසං වලියො න හොන්ති. පුච්ඡාමි තං යක්ඛ මහානුභාව කථන්නු දෙවාන සරීරදෙහො.
Sinhala BJT1578. මිනිසුන් ලෙස දෙවියෝ නො දිරත්, ශරීරයේ රැළි නො වැවේ. මහානුභාව ඇති යක්‍ෂය, ඊට හේතු ඔබෙන් අසමි. දෙවියන්ගේ දේහය කවර හෙයින් නො දිරා ද?
Pali BJT1579. ද්වො න ජීරන්ති යථා මනුස්සා ගත්තෙසු තෙසං වලියො න හොන්ති, සුවෙ සුවෙ භිය්යතරොව තෙසං දිබ්බො ච වණ්ණො විපුලා ච භොගා.
Sinhala BJT1579. මිනිසුන් දිරාපත් වන පරිද්දෙන් දෙවියෝ දිරාපත් නො වෙත්. ඔවුන් සිරුරැ රැළි නො වැටේ. දවසක් පාසා දෙවියන්ට බොහෝ දිව්‍ය වර්‍ණය ද භෝගයෝ ද වැඩෙත්.
Pali BJT1580. කිංසූධ භීතා ජනතා අනෙකා මග්ගො ච නෙකායතනං පවුත්තො, පුච්ඡාමි තං යක්ඛ මහානුභාව කත්ථ ඨිතො පරලොකං න භායෙ.
Sinhala BJT1580. මෙ ලොවැ ජනයා කුමට බිය වෙත් ද? පඬිවරුන් විසින් නොයෙක් තීර්‍ත්‍ථායතන විසින් සගමග කියන ලද, මහ තෙදැති දෙව් රජාණෙනි, කවර මගෙකැ සිටි කල පරලොවට බිය නො වන්නේ ද?
Pali BJT1581. වාචං මනඤ්ච පණිධාය සම්මා කායෙන පාපානි අකුබ්බමානො බව්හන්නපානං{1} ඝරමාවසන්තො, සද්ධො මුදූ සංවිභාගී වදඤ්ඤූ සඞ්ගාහකො සඛිලො සණ්හවාචො එත්ථඨිතො පරලොකං න භායෙ.
Sinhala BJT1581. වචනය ද සිත ද මැනැවින් සංවරයෙහි පිහිටුවා ගෙන කයින් පාපක්‍රියා නො කොට ආහාර පාන බොහෝ ඇති ව ගෙහි වසනුයේ, සැදැහැවත් වීම, මොළොක් සිතැති වීම, සංවිභාග ගුණය ඇත්තකු වීම, ප්‍රතිග්‍රාහකයන්ගේ බස් තේරුම් ගැනීම, සිව්සඟරාවත් ඇත්තකු වීම, ප්‍රිය බස් ඇත්තකු වීම, මට සිලිටි බසින් කථා කිරීම යන ගුණ ඇත්තේ පරලොවට බිය නො වේ.
Pali BJT1582. අනුසාසසි මං යක්ඛ යථා මාතා යථා පිතා, උළාරවණණ පුච්ඡාමි කොනු ත්වමසි සුබ්රහා.
Sinhala BJT1582. මහේශාක්‍ය දිව්‍යරාජය, මවක මෙන් පියකු මෙන් මට අනුශාසනා කරන්නෙහි ය. පුණ්‍ය මහිමයෙන් ලද රුවක් ඇති ඔබ කවරෙක් ද?
Pali BJT1583. උදයොහමස්මි කල්යාණි සඞ්ගරත්ථා ඉධාගතො, ආමන්ත ඛො තංගච්ඡාමි මුත්තොස්මි තව සඞ්ගරා.
Sinhala BJT1583. රූපිකාවෙනි, මම උදය රජ වෙමි. (පෙර) පොරොන්දුවෙන් මිදීමට ආවෙමි. ඔබ අමතා එම පොරොන්දුවෙන් මිදුණෙමි.
Pali BJT1584. සචෙ ඛො ත්වං උදයොසි සඞ්ගරත්ථා ඉධාගතො, අනුසාස මං රාජපුත්ත යථාස්සු පුන සඞ්ගමො.
Sinhala BJT1584. ඉදින් ඔබ උදය රජ වේ නම්, ප්‍රතිඥාවෙන් මිදීමට මෙහි පැමිණියේ යළි දූ එක්වීම සිදුවන පරිද්දෙන් මට අනුශාසනය කරව.
Pali BJT1585. අධිපතති වයො ඛණො තථෙව ඨානං නත්ථි ධුවං{2} චවන්ති සත්තා, පරිජීයති අද්ධුවං සරීරං උදයෙ මා පමාදං චරස්සු ධම්මං
Sinhala BJT1585. වයස ඉතා ශීඝ්‍රව (ගෙවී) යයි. ක්‍ෂණය ද එසේ ගෙවී යයි. සත්ත්‍වයෝ ච්‍යුත වෙත්. ඔවුනට සිටීමෙක් නැත. සිරුර නො තිරය : දිරාපත් වේ. උදයභද්‍රාවෙනි, සිහි මුළාවට නො පැමිණෙව දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.
Pali BJT1586. කසිණා පඨිවී ධනස්ස පූරා එකස්සෙව සියා අනඤ්ඤවෙය්යා, තඤ්චාපි ජහාති අවීතරාගො උදයෙ මා පමාදං{3} චරස්සු ධම්මං.
Sinhala BJT1586. ධනයෙන් පිරුණු මුළු පොළොව එක් රජක්හට අයත් වුවත්, අන් කෙනකුට අයත් නො වුවත්, පහ නො වූ ආසාව ඇති හේ එය ද හැර දමයි. උදයභද්‍රාවෙනි, සිහි මුළාවට නො යව දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.
Pali BJT1587. මාතා ච පිතා ච භාතරො ච{4} භරියා යාපි ධනෙන හොති කීතා, තෙචාපි ජහන්ති අඤ්ඤමඤ්ඤං උදයෙ මා පමාදං චරස්සු ධම්මං.
Sinhala BJT1587. මවු ද පියා ද සහෝදරයෝ ද ධනයෙන් මිලයට ගත් යම් භාර්‍ය්‍යාවකුත් වේ ද ඔහු ද ඔවුනොවුන් හැරයති. එහෙයින්, සිහි මුළාවට නො යව දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.
Pali BJT1588. කායො පරභොජනන්ති ඤත්වා{1} සංසාරෙ සුගතී ච දුග්ගතී ච, ඉත්තරවාසොති ජානියා උදයෙ මා පමාදං චරස්සු ධම්මං.
Sinhala BJT1588. උදයභද්‍රාවෙනි, ශරීරය අන් සතුනට ආහාර වන බව දැනැ, සසරේ සුගති දුගතීන්හි කෙටි කලක් විසුමට ඇති බව දැනැ, සිහි මුළාවට නො යව, දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.
Pali BJT1589. සාධු භාසතයං{2} යක්ඛො අප්පං මච්චාන ජීවිතං, කසිරඤ්ච පරිත්තඤ්ච තඤ්ච දුක්ඛෙන සංයුතං සාහං එකා පබ්බජිස්සාමි හිත්වා කාසිං සුරුන්ධන’න්ති.
Sinhala BJT1589. සත්ත්‍ව ජීවිත අල්ප යයි මේ යක්‍ෂයා සොඳුරු දැයක් කියයි. එද ආස්වාද රහිත යැ, ස්වල්ප කලක් පවත්නේ ය. සසරදුක හා යෙදී පවත්නේ ය. ඒ මම කසී රට ත් සුරුන්ධන පුරය ත් හැර හුදෙකලා ව පැවිදි වන්නෙමි.
Pali BJT4. උදයජාතකං.
Sinhala BJT4. උදය ජාතක යි.
Pali BJT1590. මිත්තො මිත්තස්ස පානීයං අදින්නං පරිභුඤ්ජිසං,{3} තෙන පච්ඡා විජිගුච්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං කස්මා පබ්බජිතො අහං.
Sinhala BJT1590. මහරජ, මම එකකු හා මිතුරු වූයෙම්, ඒ මිතුරා නුදුන් පැන් බීවෙමි. ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙම් නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.
Pali BJT1591. පරදාරඤ්ච දිස්වාන ඡන්දො මෙ උදපජ්ජථ, තෙන පච්ඡා විජිගුච්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං තස්මා පබ්බජිතො අහං.
Sinhala BJT1591. මහරජ, අනෙකකුගේ බිරිඳක් දැක මට කාමාශා උපනි, ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.
Pali BJT1592. පිතරම්මෙ මහාරාජ චොරා අගණ්හුං කානනෙ, තෙසාහං පුච්ඡිතො ජානං අඤ්ඤථා නං වියාකරිං.
Sinhala BJT1592. මහරජ, සොරු මාගේ පියා වෙනෙහි දී අල්ලා ගත්හ. මා විචාළ ඔවුන්ට දැනැ දැනැ ම වෙනත් අයුරෙකින් කීවෙමි.
Pali BJT1593. තෙන පච්ඡා විජිගුච්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං තස්මා පබ්බජිතො අහං.
Sinhala BJT1593. ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමි.
Pali BJT1594. පාණාතිපාතමකරුං සොමයාගෙ උපට්ඨිතෙ, තෙසාහං සමනුඤ්ඤාසිං, තෙන පච්ඡා විජිගුච්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං තස්මා පබ්බජිතො අහං.
Sinhala BJT1594. සෝම යාගය (කරන මොහොත) එළඹ සිටි කල ප්‍රාණඝාතය කළහ. ඔවුන්ගේ කර්‍මය අනුදත්තෙමි. (එකඟ වීමි.) එය කරණ කොටගෙන පසුව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.
Pali BJT1595. සුරාමෙරයමධුකා යෙජනා පඨමාසු නො බහුන්නතෙ අනත්ථාය මජ්ජපානමකප්පයුං. තෙසාහං සමනුඤ්ඤාසිං, තෙන පච්ඡා විජිගුච්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං තස්මා පබ්බජිතො අහං.
Sinhala BJT1595. සුරාවත් මේරයත් මිහිරි (පානයකැ යි) පානය කරන්නෝ අපේ ගම්හි වූ ඔහු ද, බොහෝ දෙනාට අවැඩ පිණිස හේතු වන මද්‍ය පානය කළහ. මම ඔවුන්ගේ කර්‍මය අනුදත්තෙමි. එයින් පසුව පිළිකුල් කෙළෙමි නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමි.
Pali BJT1596. ධීරත්ථු සුබහූ කාමෙ දුග්ගන්ධෙ බහුකණ්ටකෙ, යෙ අහං පතිසෙවන්තො න ලභිං තාදිසං සුඛං,
Sinhala BJT1596. මම කාම සම්පත් විඳින්නෙම්, නිකෙලෙස් ධ්‍යාන සුවය වැනි සැපතක් නො ලදිමි. දුගඳ වූ සතුරන් නමැති කටු ඇති බහුල වූ කාමයන්ට නින්‍දා වේවා !
Pali BJT1597. මහස්සාදා සුඛා කාමා නත්ථි කාමපරං සුඛං, යෙ කාමෙ පතිසෙවන්ති සග්ගං තෙ උපපජ්ජරෙ,
Sinhala BJT1597. කාමයෝ මහත් වූ ආස්වාදය ත් සැපත ත් ඇත්තාහු වෙති. කාමය හැර අන් සැපතක් නැත. යම් කෙනෙක් කම් සැපත විඳිත් ද ඔවුහු දෙව්ලොව උපදිත්.
Pali BJT1598. අප්පස්සාදා දුඛා කාමා නත්ථි කාමාපරං{1} දුඛං, යෙ කාමෙ පතිසෙවන්ති නිරයං තෙ උපපජ්ජරෙ.
Sinhala BJT1598. කාම්යෝ අල්ප ආස්වාද ඇත්තාහු දුක් බහුල වූවාහු වෙත්, කාමයට වඩා දුකෙක් නැත. යම් කෙනෙක් කම් සැපත විඳිත් ද ඔවුහු නිරයේ උපදිත්.
Pali BJT1599. අසී යථා සුනිසිතො නෙත්තිංසොව{2} සුපායිකො,{3} සත්තීව උරසී ඛිත්තො{4} කාමා දුක්ඛතරා තතො.
Sinhala BJT1599. මුවහත් කළ කඩුව ද, පණපෙවූ සිරියද තෙබ ද ළෙහි පහළේ යම්සේ දුක් උපදවා ද, කාමයන් නිසා ලැබෙන දුක එයට වඩා බොහෝ වේ.
Pali BJT1600. අඞ්ගාරානංව ජලිතං කාසුං සාධිකපොරිසං, ඵාලංව දිවසං තත්තං කාමා දුක්ඛතරා තතො.
Sinhala BJT1600. පුරුෂ ප්‍රමාණයටත් වැඩි අඟුරු වළත් දවස මුළුල්ලේ ගිනියම් කළ හීවැලත් නිසා යම් දුකක් උපදී ද, කාමයෝ එයට වඩා බොහෝ දුක් සහිත වෙති.
Pali BJT1601. විසං යථ හලාහලං තෙලමුක්කට්ඨිතං{5} යථා, තම්බලොහ විලීනංව කාමා දුක්ඛතරා තතො’ති.
Sinhala BJT1601. හලාහල විෂ ද කකියවා ගත් තෙල ද උණු කොට ගත් තඹ ද නිසා යම් පමණ දුක් උපදවා ද කාමයෝ එයට වඩා බොහෝ දුක් සහිත වෙති.
Pali BJT5. පානීයජාතකං.
Sinhala BJT5. පානීය ජාතක යි.
Pali BJT1602. මිත්තාමච්චපරිබ්බූළ්හං අහං වන්දෙ රථෙසභං,{6} පබ්බජිස්සං{7} මහාරාජ තං දෙවො අනුමඤ්ඤතු.
Sinhala BJT1602. මම, මිතුරන් හා ඇමතියන් පිරිවරා ගත් පිය මහ රජාණන් වඳිමි. මම පැවිදි වන්නෙමි. දේවයන් වහන්සේ, එය අනුදනිත්වා.
Pali BJT1603. සචෙ තෙ ඌනං කාමෙහි අහං පරිපූරයාමි තෙ, යො තං හිංසති වාරෙමි මා පබ්බජි{8} යුධඤ්ජය.
Sinhala BJT1603. යුධංජය කුමාරය, ඔබට කාම සම්පත අඩුව ගියේ ද? එය ඔබට සපුරා දෙන්නෙමි. යමෙක් ඔබට ගැහැට කෙරේ ද ඔහු වළකාලමි. පැවිදි නො වන්න.
Pali BJT1604. න චත්ථි ඌනං කාමෙහි හිංසිතා මෙ න විජ්ජති, දීපඤ්ච කාතු{9}මිච්ඡාමි යං ජරා නාභිකීරති.
Sinhala BJT1604. මට කාම සම්පතෙන් අඩු නැත. හිංසා කරන්නෙක් නැත. පරලොව ගමන් සඳහා ආරක්‍ෂාව සලසා ගන්නට රිස්සෙමි. අමා මහනිවන සොයන්නෙමි.
Pali BJT1605. පුත්තො වා පිතරං යාචෙ පිතා වා පුත්තමොරසං, නෙගමො යාචතෙ තාත මා පබ්බජි යුධඤ්ජය.
Sinhala BJT1605. යුධංජය කුමාරය, පුතා පියා යදී, පියා පුතා යදි, නියම්ගම වැසියෝ ද යදිති. පුත්‍රය, පැවිදි නො වන්න.
Pali BJT1606. මා මං තාත{10} නිවාරෙසි පබ්බජන්තං රථෙසභ, මාහං කාමෙහි සම්මත්තො ජරාය වසමන්වගු.{11}
Sinhala BJT1606. පියරජතුමනි, පැවිදිවන මා වළක්වනු නො මනා ය. මම කාමයෙන් මත් වූවෙක් නො වෙම්වා. ජරාවේ වසයට නො යන්නෙක් වෙම්වා.
Pali BJT1607. අහං තං තාත යාචාමි අහං පුත්ත නිවාරයෙ, චිරන්තං දට්ඨුමිච්ඡාමි මා පබ්බජි යුධඤ්ජය.
Sinhala BJT1607. දරුව, මම ඔබ යදිමි, මම ඔබ වළකමි, ඔබ කලක් දකිනු කැමැත්තෙමි. පුතේ යුධංජය, පැවිදි නො වන්න.
Pali BJT1608. උස්සාවොව තිණග්ගම්හි සුරියස්සුග්ගමනං පති, එවමායු මනුස්සානං මා මං අම්ම නිවාරයෙ.
Sinhala BJT1608. මනුෂ්‍යයන්ගේ ආයුෂ, හිර උදාවන සමයේ තණ අග පිනිබිඳු වැනි ය, අම්මෙ, මා වැළක්වීම නො මැනැවි.
Pali BJT1609. තරමානො ඉමං යානං ආරොපෙතු රථෙසභ, මා මෙ මාතා තරන්තස්ස අන්තරායකරා අහු.
Sinhala BJT1609. පියරජතුමනි, මේ මව ඉක්මනින් යනාවට නගීවා! සසර තරණය කරන මට මගේ මව බාධා කරන්නෙක් නො වේවා!
Pali BJT1610. අභිධාවථ භද්දන්තෙ සුඤ්ඤං හෙස්සති රම්මකං, යුධඤ්ජයො අනුඤ්ඤාතො සබ්බදත්තෙන රාජිනා.
Sinhala BJT1610. සබ්බදත්ත රජ යුධංජය කුමරාගේ පැවිද්ද අනුදත්තේ ය. (තෙපි) වහා දිවයවු, ඔබට සෙත් වේවා යි කියවු, රම්ම නගරය හිස් වන්නේ ය.
Pali BJT1611. යොහු සෙට්ඨො සහස්සස්ස{1} යුවා කඤ්චනසන්නිභො, සොයං කුමාරො පබ්බජිතො කාසායවසනො බලී.
Sinhala BJT1611. පුත්‍රයන් දහසකට ශ්‍රේෂ්ඨ ව සිටි තරුණ වූ රන් පැහැති යම් කුමරෙක් වී ද, බලැති හේ කහවත අඳින්නා වූ පැවිද්දෙකි.
Pali BJT1612. උභො කුමාරා පබ්බජිතා යුධඤ්ජයො යුධිට්ඨිලො, පහාය මාතාපිතරො සඞ්කං{2} ඡෙත්වාන මච්චුනො’ති.
Sinhala BJT1612 යුධංජය, යුධිට්ඨිල යන කුමාරවරු මවුපියන් හැරදමා මරුවාගේ බැමි කපා පැවිදි වූහ.
Pali BJT6. යුධඤ්ජය ජාතකං.
Sinhala BJT6. යුධංජය ජාතක යි.
Pali BJT1613. එථ ලක්ඛණ සීතා ච උභො ඔතරථොදකං, එවායං භරතො ආහ රාජා දසරථො මතො.
Sinhala BJT1613. ලක්ඛණ සීතා (යන) දෙදෙනා එව. (මේ) වතුරට බසිවු. (ඉක්බිති) මේ භරත කුමරා මෙසේ කීය. දසරථ රජ මළේ ය.
Pali BJT1614. කෙන රාමප්පභාවෙන{3} සොචිතබ්බං න සොචසි, පිතරං කාලකතං සුත්වා න තං පසහතෙ දුඛං.
Sinhala BJT1614. රාම කුමාරයෙනි, කෙබඳු අනුභාවයක් නිසා දුක් විය යුත්තෙහි දී දුක් නො වන්නෙහි ද? පියා මළ බව ඇසූ ඔබ දුකෙන් නො පෙළා ද?
Pali BJT1615. යං න සක්කා පාලෙතුං{4} පොසෙන ලපතා{5} බහු, ස කිස්ස විඤ්ඤූ මෙධාවී අන්තානමුපතාපයෙ.
Sinhala BJT1615. බොහෝ වලප්නා පුරුෂයකුට ද සත්ත්‍වයන්ගේ පණ රකින්නට නො හැකි ය. අට ලෝදහම් දත් නැණවත් තැනැත්තා තමා කුමට තවාද?
Pali BJT1616. දහරා ච හි යෙ වුද්ධා යෙ බාලා යෙ ච පණ්ඩිතා, අඩ්ඪා චෙව දළිද්දා ච සබ්බෙ මච්චුපරායණා.
Sinhala BJT1616. ළදරුවෙක් ද, වෘද්ධයෝ ද, මෝඩයෝ ද, පණ්ඩිතයෝ ද ඉසුරෝ ද, දිළින්දෝ ද යන හැම දෙන මියයති.
Pali BJT1617. ඵලානමිව පක්කානං නිච්චං පපතනා භයං, එවං ජාතාන මච්චානං නිච්චං මරණතො භයං.
Sinhala BJT1617. විලිකුන් පල (බිම) වැටෙයි යන බිය නිතර ඇත්තා සේ, උපන් මනුෂ්‍යයන්ට මරණය නිසා බිය නිතර උපදී.
Pali BJT1618. සායමෙකෙ න දිස්සන්ති පාතො දිට්ඨා බහුජ්ජනා, පාතො එකෙ න දිස්සන්ති සායං දිට්ඨා බහුජ්ජනා
Sinhala BJT1618. අලුයම දුටු බොහෝ දෙනකු සවස දකින්නට නැත. සවස දුටු බොහෝ දෙනකු අලුයම දකින්නට නැත.
Pali BJT1619. පරිදෙවයමානො චෙ කඤ්චි{6}දත්ථං උදබ්බහෙ, සම්මූළ්හො හිංසමත්තානං කයිරා චෙතං විචක්ඛණො.
Sinhala BJT1619. හඬනු ලබන්නේ කිසි ප්‍රයෝජනයක් උපදවන්නේ නම් නැණවත් පුද්ගලයා මුළාවට පත් වැ තමාට පීඩාව දෙන මේ හැඬීම කරන්නේ ය.
Pali BJT1620. කිසො විවණ්ණො භවති හිංසමත්තානමත්තනා, න තෙන පෙතා පාලෙන්ති නිරත්ථා පරිදෙවනා.
Sinhala BJT1620. තමා විසින් තමාට හිංසා කිරීම නිසා (සිරුර) කෘශ වේ, දුර්වර්‍ණ වේ, හැඬීම නිසා මිය ගියාහු නො රැකෙත්. හැඬීමෙන් පලක් නැත.
Pali BJT1621. යථාසරණමාදිත්තං වාරිනා පරිනිබ්බයෙ, එවම්පි ධීරො සුතවා මෙධාවී පණ්ඩිතො නරො ඛිප්පමුප්පතිතං සොකං වාතො තූලංව ධංසයෙ.
Sinhala BJT1621. ගිනි ගත් ගෙය දියෙන් නිවන්නේ යම්සේ ද, එසේ ධෛර්‍ය්‍ය සම්පන්න, බහුශ්‍රුත නුවණැති පණ්ඩිත මනුෂ්‍යයා, සුළඟ පුළුන් පහ කරන්නා සේ හටගත් ශෝකය වහා පහ කරන්නේ ය.
Pali BJT1622. එකොව මච්චො අච්චෙති එකොව ජායතෙ කුලෙ, සඤ්ඤොගපරමාත්වෙව සම්භොගා සබ්බපාණිනං.
Sinhala BJT1622. සත්ත්‍වයා හුදෙකලා ව පරලොව යයි. හුදෙකලා ව උපදියි. මව්පිය මිතුරු ආදි වශයෙන් ඇති වන සත්ත්‍වයන්ගේ එක්වීම් කර්‍මය අනුව සිදුවන්නේ ය.