Pali BJT1442. යා තෙ සා භරියා අනරියරූපා. මාතා මමෙසා සකියා{1} ජනෙත්ති නිද්ධාපයෙතං සකා අගාරා අඤ්ඤම්පි තෙ සා දුඛ{2}මාවහෙය්ය.
Sinhala BJT1442. උතුම් පැවැතුම් නැති, තොපගේ යම් බිරිඳක් වේ ද, මැය මා ප්‍රසුත කළ මාගේ මව වෙයි. මැය ගෙන් ඉවත් කළ මැනව. ඕ තොපට වෙනත් කරදර පමුණුවන්නී ය.
Pali BJT1443. යා තෙ සා භරියා අනරියරූපා. මාතා මමෙසා සකියා ජනෙත්ති දන්තා කරෙණුව වසූපනීතා සා පාපධම්මා පුනරාවජාතූති.
Sinhala BJT1443. උතුම් පැවැතුම් නැති, තොපගේ යම් බිරිඳක් වූ ද, මෝ මා ප්‍රසුත කළ මාගේ මව වෙයි. ඇතින්නක මෙන් දමනය වූ වසඟ වූ පාප ගති ඇති ඕ නැවත පැමිණේවා!
Pali BJT8. තක්කලජාතකං.
Sinhala BJT8. තක්කල ජාතක යි.
Pali BJT1444. කින්තෙ වතං කිම්පන බ්රහ්මචරියං කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො, අක්ඛාහි මෙ බ්රාහ්මණ එතමත්ථං කස්මා හි තුම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1444. තා සමාදන් වූ ව්‍රතය කුමක් ද? උත්තම චර්‍ය්‍යාව කුමක් ද? මේ විපාකය කෙබඳු සුචරිතයක් පිරීමෙන් ලදුයේ ද? බමුණ, මේ කරුණු මට කියව. තොපගේ ගෙහි බාලයෝ කවර හෙයින් නො මියන්නෝ ද?
Pali BJT1445. ධම්මං චරාම න මුසා භණාම පාපානි කම්මානි විවජ්ජයාම, අනරියං පරිවජ්ජෙමු සබ්බං තස්මා හි අම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1445. දස පුණ්‍යක්‍රියා ධර්‍මයෙහි හැසිරෙම්හ. බොරු නො කියම්හ. ප්‍රාණඝාතාදි පාපකර්‍මයන් දුරු කරම්හ. නින්‍දා කටයුතු ක්‍රියා සියල්ල දුරු කරම්හ. ඵ හෙයින් අප බාලයෝ (අකාලයෙහි) නො මැරෙති.
Pali BJT1446. සුණොම ධම්මං අසතං සතං ච න චාපි ධම්මං අසතං රොචයාම හිත්වා අසන්තෙ න ජහාම සන්තෙ තස්මා හි අම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1446. සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද ධර්‍මය අසම්හ. අසත්පුරුෂයන්ගේ ධර්‍මය රුචි නො කරන්නමෝ වෙමු. අසත් පුරුෂයන් හැර සත්පුරුෂයන් හරින්නමෝ නො වෙමු. එ හෙයින් අප බාලයෝ (අකාලයෙහි) නො මැරෙති.
Pali BJT1447. පුබ්බෙව දානා සුමනා භවාම දදම්පි චෙ අත්තමනා භවාම, දත්වාපි චෙ නානුතප්පාම{3} පච්ඡා තස්මා හි අම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1447. දානය දෙන්නට පෙර සතුටු සිතැත්තමෝ වෙමු. දෙමිනුදු සතුටු සිතැත්තමෝ වෙමු. දානය දීමෙන් පසුව (සිතා) පසුතැවිලි වන්නමෝ නො වෙමු. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
Pali BJT1448. සමණෙ මයං බ්රාහ්මණෙ අද්ධිකෙ ච වණිබ්බකෙ යාචනකෙ දළිද්දෙ, අන්නෙන පානෙන අභිතප්පයාම{4} තස්මා හි අම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1448. ශ්‍රමණයන් ද බමුණන් ද මගියන් ද ගුණ කියා යදින්නන් ද යාචකයන් ද දිළින්දන් දැ යි හැම දෙන ආහාර පානයෙන් සන්තර්‍පණය කරමු. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
Pali BJT1449. මයඤ්ච භරියා නාතික්කමාම අම්හෙ ච භරියා නාතික්කමන්ති, අඤ්ඤත්ර තාහි බ්රහ්මචරියං චරාම තස්මා හි අම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1449. අපි දු භාර්‍ය්‍යාවන් ඉක්මවා නො යම්හ. භාර්‍ය්‍යාවෝ ද අප ඉක්මවා නො යති. ඔවුන් හැර අනෙක් ස්ත්‍රීන් කෙරෙහි බඹසර හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
Pali BJT1450. පාණාතිපාතා විරමාම සබ්බෙ ලොකෙ අදිදන්නං පරිවජ්ජයාම, අමජ්ජපා නො ච මුසා භණාම තස්මා හි අම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1450. අපි හැම දෙන ප්‍රාණඝාතයෙන් වළකිමු. ලොව (හිමියන්) නුදුන් දැය දුරු කොට වාසය කරම්හ. මත්පැන් නො බොමු. බොරු ද නො කියමු. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
Pali BJT1451. එතාසු චෙ ජායරෙ සුත්තමාසු මෙධාවිනො හොන්ති පහූතපඤ්ඤා{1} බහුස්සුතා වෙදගුනො ච{2} හොන්ති තස්මා හි අම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1451. සුසිල්වත් මේ අප උතුම් ස්ත්‍රීන් කෙරෙහි දරුවෝ උපදිත් ද, ඔවුහු ධාරණ ශක්තිය ඇති මහනුවණැත්තෝ වෙති. බහුශ්‍රුත වෙති. වේදයෙහි පාරප්‍රාප්තයෝ වෙති. එහෙයින් අප බාලයෝ නො මැරෙති.
Pali BJT1452. මාතාපිතා ච භගිනී භාතරො ච පුත්තා ච දාරා ච මයඤ්ච සබ්බෙ, ධම්මං චරාම පරලොකහෙතු. තස්මා හි අම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1452. මවුපියෝ ද සහෝදරසහෝදරියෝ ද දරුවෝ ද බිරියෝ දැ යි අපි හැම දෙනමෝ පරලොව සලකාගෙන පුණ්‍යක්‍රියාවන්හි හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
Pali BJT1453. දාසා ච දස්සො{3} අනුජීවිනො ච පරිචාරකා කම්මකරා ච සබ්බෙ, ධම්මං චරන්ති පරලොකහෙතු තස්මා හි අම්හං දහරා න මීයරෙ.
Sinhala BJT1453. දාසිදාසයෝ ද අප නිසා දිවි රැක ගන්නෝ ද පිරිවර ජනයෝ ද කම්කරුවෝ දැ යි හැම දෙන පරලොව සලකා පුණ්‍යක්‍රියාවන්හි හැසිරෙති. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
Pali BJT1454. ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ධම්මො සුචිණ්ණො සුඛමාවහාති එසානිසංසො ධම්මො සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.
Sinhala BJT1454. කුශල ධර්‍මය, ධර්‍මයෙහි හැසිරෙන්නහු ඒකාන්තයෙන් රකී. මනා ලෙස පුරුදු කළ කුශලය සුව ගෙන දෙයි. මනා ලෙස පුරුදු කළ කුශලයෙහි තෙල ආනිශංසය වෙයි. දම්සැරී තෙමේ දුගතියට නො යයි.
Pali BJT1455. ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ඡත්තං මහන්තං විය වස්සකාලෙ, ධම්මෙන ගුත්තො මම ධම්මපාලො අඤ්ඤස්ස අට්ඨීනි සුඛී කුමාරොති.
Sinhala BJT1455. කුශල ධර්‍මය දම්සැරියා වැසි සමයෙහි මහත් කුඩයක් සේ ඒකාන්තයෙන් රකී. කුසල් බෙලෙන් රක්‍ෂිත වූ මාගේ දම්පල් කුමර සුව ඇත්තේ වෙයි, මෙය අනෙකකුගේ ඇට වේ යයි.
Pali BJT9. මහාධම්මපාලජාතකං.
Sinhala BJT9. මහාධම්මපාල ජාතක යි.
Pali BJT1456. නාස්මසෙ කතපාපම්හි නාස්මසෙ අලිකවාදිනෙ, නාස්මසත්තට්ඨපඤ්ඤම්හි{1} අතිසන්තෙපි{2} නාස්මසෙ.
Sinhala BJT1456. පවු කළ පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. බොරු කියන්නහු කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. ආත්මාර්‍ත්‍ථයට ම නුවණ යොදා ගන්නා පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. අති ශාන්ත පුද්ගලයා කෙරෙහි ද විශ්වාස නො කරන්නේ ය.
Pali BJT1457. භවන්ති හෙකෙ පුරිසා ගොපිපාසකජාතිකා, ඝසන්ති මඤ්ඤෙ මිත්තානි වාචාය න ච කම්මුනා
Sinhala BJT1457. සමහර පුරුෂයෝ පිපාසිත ගවයන් වැනියහ. ඔහු මිතුරන් වචනයෙන් කාදමති. ක්‍රියාවෙන් කිසිත් නො කරති.
Pali BJT1458. සුක්ඛඤ්ජලී පග්ගහිතා වාචාය පළිගුණ්ඨිතා මනුස්සඵෙග්ගු නාසීදෙ යස්මිං නත්ථි කතඤ්ඤුතා.
Sinhala BJT1458. කළගුණ නො දත් බොරු ඇඳිලි බැඳීම් පමණක් ඇති නිසරු මිනිසා කරා නො යන්නේ ය.
Pali BJT1459. න හි අඤ්ඤඤ්ඤ{3} චිත්තානං ඉත්ථීනං පුරීසාන{4} වා, නානාව කත්වා සංසග්ගං තාදිසම්පි නාස්මසෙ.
Sinhala BJT1459. වහා වෙනස් වන ස්වභාව ඇති ස්ත්‍රී පුරුෂයන් විශ්වාස නො කරන්නේ ය. හිතෛෂී නො වූවෙක් නොයෙක් හේතු දක්වමින් (මිතුරකුසේ) එක් වන්නේ ද එ වැන්නහු විශ්වාස නො කරන්නේ ය.
Pali BJT1460. අනරියකම්මං ඔක්කන්තං{5} අත්ථෙතං{6} සබ්බ ඝාතිනං,{7} නිසිතංව පටිච්ඡන්නං තාදිසම්පි නාස්මසෙ.
Sinhala BJT1460. අනාර්‍ය්‍ය ක්‍රියාවට බැසගත් ස්ථිර වචන නැති අවකාස ලද කල්හි හැම දෙන නසන හෙයින් කොපුවෙක ලූ තියුණු කඩුවක් වැනි පුද්ගලයා විශ්වාස නො කරන්නේ ය.
Pali BJT1461. මිත්තරූපෙනිධෙකච්චෙ සාඛල්ලෙන{8} අචෙතසා, විවිධෙහි උපායෙහි{9} තාදිසම්පි නාස්මසෙ.
Sinhala BJT1461. මෙහි (මෙ ලොවැ) යම් කෙනෙක් මිත්‍රප්‍රතිරූපක ව තද හිතැත්තාහු නමුදු සිලිටි බසින් බෙණෙමින් නානාවිධ කෛරාටික පැවැතුම් ඇත්තෝ වෙත් ද එ වැනියන් විශ්වාස නො කරන්නේ ය.
Pali BJT1462. ආමිසං වා ධනං වාපි යත්ථ පස්සති තාදිසො, දූභිං{10} කරොති දුම්මෙධො තඤ්ච ඣත්වාන{11} ගච්ඡති.
Sinhala BJT1462. එ බඳු මෝඩයා (මිත්‍ර ප්‍රතිරූපකයා) යම් මිතුරකුගේ නිවෙසකැ ආහාරයක් හෝ ධනයක් හෝ දුටු වේ නම් මිතුරාට ද්‍රෝහ කොට එය පැහැර ගන්නේ ය. ඔහු ද (මිතුරා) නසාපියා යන්නේ ය.
Pali BJT1463. මිත්තරූපෙන බහවො ඡන්නා සෙවන්ති සත්තවො, ජහෙ කාපුරිසෙහෙතෙ කුක්කුටො විය සෙනකං.
Sinhala BJT1463. බොහෝ සතුරෝ මිත්‍රප්‍රතිරූපකයන් මෙන් ඇසුරු කෙරෙති. මෙ වැනි නින්දනීය පුරුෂයන් උකුස්සා දුරැලූ විලිකුළුහු මෙන් දුරු කරන්නේ ය.
Pali BJT1464. යො ච උප්පතිතං අත්ථං න ඛිප්පමනුබුජ්ඣති, අමිත්තවසමන්වෙති පච්ඡා ච මනුතප්පති.
Sinhala BJT1464. යමෙක් (යමක් පිළිබඳ) හටගත් කරුණු වහා වටහා නො ගනී ද. හේ සතුරන්ගේ වසඟයට පැමිණ පසුව තැවේ.
Pali BJT1465. යො ච උප්පතිතං අත්ථං ඛිප්පමෙව නිබොධති, මුච්චතෙ සත්තුසම්බාධා කුක්කුටො විය සෙනකා.
Sinhala BJT1465. යමෙක් (යමක් පිළිබඳ හටගත් කරුණු වහා වටහා ගනී ද. උකුස්සාගෙන් මිදුනු විලිකුළුහු සේ සතුරු වියවුලෙන් මිදෙන්නේ ය.
Pali BJT1466. තං තාදිසං කුටමිවොඩ්ඩිතං{12} වනෙ අධම්මිකං නිච්චවිධංසකාරිනං, ආරා විවජ්ජෙය්ය නාරො විචක්ඛණො සෙනං යථා කුක්කුටො වංසකානනෙ’ති.
Sinhala BJT1466. වනයේ අටවා තැබූ පාසයක් (මළපුඩුවක්) වැනි නො දැහැමි විනාශකාරී වූ ඔහු, උණ වනයේ වෙසෙන පිරික්සුම් නැණින් හෙබි ඇටිකුළා උකුස්සා දුරු කළා සේ දුරු කරන්නේ යි.
Pali BJT10. කුක්කුටජාතකං.
Sinhala BJT10. කුක්කුට ජාතක යි.
Pali BJT1467. අලඞ්කතො මට්ටකුණ්ඩලී මාලාභාරි හරිචන්දනුස්සදො, බාහා පග්ගය්හ කන්දසි වනමජ්ඣෙ කිං දුක්ඛිතො තුවං.
Sinhala BJT1467. නන් අබරණින් සැරැසී මටකොඬොල් පැළැඳ විසිතුරු මල් දරන්නේ, රන්වන් සඳුන් ආලේප කොට ගත් තෙපි මේ වන මැද හිසැ අත් බැඳගෙන කවර හෙයින් අඬන්නහු ද?
Pali BJT1468. සොවණ්ණමයො පභස්සරො උප්පන්නො අථපඤ්ජරො මම තස්ස චක්කයුගං න වින්දාමි තෙන දුක්ඛෙන ජහාමි ජිතිතං.
Sinhala BJT1468. රන්මුවා දීප්තිමත් රියමැදිරියක් මට ලැබිණ. ඊට රියසක් දෙකක් නො ලබමි. ඒ නිසා උපන් දුකෙන් දිවි හරිමි.
Pali BJT1469. සොවණ්ණමයං මණිමයං ලොහමයං අථ රූපියාමයං, පාවද රථං කාරයාමි තෙ චක්කයුගං පටිපාදයාමි තං.
Sinhala BJT1469. රන්මුවා, මිණිමුවා, ලොහොමුවා වූ හෝ රිදීමුවා රියක් ඔබට සාදමි. යම් බඳු රියක් කැමැත්තහු ද ඒ සක් යුගළය ඔබට ලබා දෙමි.
Pali BJT1470. සො මාණවො තස්ස පාවදි චන්දසුරියා උභයෙත්ථ භාතරො, සොවණ්ණමයො රථො මම තෙන චක්කයුගෙන සොභති.
Sinhala BJT1470. ඒ මාණවකයා ඔහුට කීය. මාගේ රිය රන්මුවා වෙයි. දීප්තිමත් සඳහිරු දෙදෙනා සක් යුගළය (වශයෙන්) මාගේ රියට හොබනේ වේ.
Pali BJT1471. බාලො ඛො ත්වමසි මාණව යො ත්වං පත්ථයසෙ අපත්ථියං,{1} මඤ්ඤාමි තුවං මරිස්සසි න හි ත්වං{2} ලච්ඡසි චන්දසූරියෙ.
Sinhala BJT1471. මාණවකය, නො පැතියයුතු දැය පතන තෙපි මෝඩයෙකි. තොප මියැ යෙති යි සිතමි. තෙපි සඳහිරු නො ලබන්නහු ය.
Pali BJT1472. ගමනාගමනම්පි දිස්සති වණ්ණධාතු උභයෙත්ථ වීථියො. පෙතො පන නෙව දිස්සති කො නු ඛො කන්දතං බාල්යතරො.
Sinhala BJT1472. ගමනා ගමන (උදාවීම හා බැස යාම) ද හැඩහුරු කම හා පැහැය ද ගමන් මාර්‍ග දෙක ද පෙනේ. මිය ගිය තැනැත්තා දකින්නට නැත. අඬන්නවුන්ගෙන් කවරෙක් වඩා බාල්‍යතර ද?
Pali BJT1473. සච්චං ඛො වදෙසි මාණව අහමෙව කන්දතං බාල්යතරො, චන්දං විය දාරකො රුදං පෙතං කාලකතාභිපත්ථයෙ.
Sinhala BJT1473. මාණවකය, සත්‍යයක් කීයෙහි ය. අඬන්නවුන් ගෙන් ඉතා බාලයා මම වෙමි. හඳ ඉල්ලා අඬන ගම්දරුවකු සේ මියැ පරලොව ගියකු පතන්නෙමි.
Pali BJT1474. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තං ව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT1474. ගිතෙල් ඉසින ලද ගින්නක් ලෙස ශෝක ගින්නෙන් ඇවිල ගෙන සිටි මා, ජලය ඉසින ලද කලෙක මෙන් සියලු දාහය නිවී ගියේ ය.
Pali BJT1475. අබ්බහී{3} වත මෙ සල්ලං යමාසි හදයනිස්සිතං,{4} යො මෙ සොකපරෙතස්ස පුත්තසොකං අපානුදි.
Sinhala BJT1475. සොවින් පෙළුණු මාගේ, පුත්‍ර ශෝකය යමෙක් නැති කෙළේ ද, හේ මාගේ හදවතේ පැවැති ශෝකය නමැති හුල ද ඒකාන්තයෙන් උදුරා දැමී ය.
Pali BJT1476. සොහං අබ්බූළ්හසල්ලොස්මි වීතසොකො අනාවිලො, න සොචාමි න රොදාමි තව සුත්වාන මාණවාති.
Sinhala BJT1476. තරුණය, ඒ මම උපුටා හළ ශෝක නමැති උලඇත්තෙමි. ශෝකය නැත්තෙමි. නො කැලඹුණ සිතැත්තෙමි. තොප ගේ බස් අසා ශෝක නො කරමි. නො හඬමි.
Pali BJT11. මට්ටකුණ්ඩලීජාතකං.
Sinhala BJT11. මට්ටකුණ්ඩලී ජාතක යි.
Pali BJT1477. අපචන්තාපි{1} දිච්ඡන්ති සන්නො ලද්ධාන භොජනං, කිමෙව ත්වං පචමානො යං න දජ්ජා න තං සමං.
Sinhala BJT1477. නො පිසන සත්පුරුෂයෝ බොජුන් ලැබැ දෙන්නට කැමැති වෙති. පිසන ඔබ යම් හෙයෙකින් දෙන්නට කැමැති නො වෙත් නම් සුදුසු නො වේ.
Pali BJT1478. මච්ඡෙරා ච පමාදා ච එවං දානං න දීයති, පුඤ්ඤං ආකඞ්ඛමානෙන දෙය්යං හොති විජානතා.
Sinhala BJT1478. මසුරුකමත් නො සැලකිල්ලත් නිසා දන් නො දෙනු ලැබේ. පින් කැමැති නුවණැත්තා දන් දියයුතු වේ.
Pali BJT1479. යස්සෙව භීතො න දදාති මච්ඡරී තදෙව අදදතො භයං, ජිඝච්ඡා ච පිපාසා ච යස්ස භායති මච්ඡරී. තමෙව බාලං ඵුසති{2} අස්මිං ලොකෙ පරම්හි ච.
Sinhala BJT1479. දන් දීම නිසා සාපිපාසාවෙන් පීඩා විඳින්නට සිදු වේ ය යන බිය නිසා මසුරු පුඟුලා නො දේ ද එය ම ඔහුට බිය වන්නේ ය. සාපිපාසා දෙකට මසුරා බිය වේ ද එය ම (ඔහු) දෙ ලොවැ දී පෙළයි.
Pali BJT1480. තස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනං.
Sinhala BJT1480. එ හෙයින් මසුරුකම මඩින්නේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. කළ පින් ප්‍රාණීන්ට පරලොව දී පිහිට වේ.
Pali BJT1481. දුද්දදං දදමානානං දුක්කරං කම්ම කුබ්බතං, අසන්තො නානුකුබ්බන්ති සතං ධම්මො දුරන්නයො.
Sinhala BJT1481. මසුරු සිත් මැඩ දියයුතු බැවින් දන් දීම දුෂ්කර ය. අසත්පුරුෂයෝ (දානානිසංස නො දන්නෝ) ඔවුන් ගිය මඟෙහි නො යත්. සත්පුරුෂයන් (බෝසත්වරු) ගිය මග යාම සෙස්සනට පහසු නො වේ.
Pali BJT1482. තස්මා සතඤ්ච අසතඤ්ච නානා හොති ඉතො ගති, අසන්තො නිරයං යන්ති සන්තො සග්ගපරායනා.
Sinhala BJT1482. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙයින් මතු උපත වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යති. සත්පුරුෂයෝ දෙව්ලොව යති.
Pali BJT1483. අප්පස්මෙකෙ පවෙච්ඡින්ති{3} බහුනෙකෙ{4} න දිච්ඡරෙ, අප්පස්මා දක්ඛිණා දින්නා සහස්සෙන සමං මිතා.
Sinhala BJT1483. ඇතැමෙක් මඳ වස්තුවකිනු දු දන් දෙත්. ඇතැමෙක් බොහෝ වස්තුව ඇතත් දන් නො දෙත්. මඳ වස්තුවෙන් දුන් දානය ද මහානිසංස ඇති හෙයින් ප්‍රමාණ කොට බැලීමේ දී දහසක් පමණ වැය කොට දුන් දන හා සම වේ.
Pali BJT1484. ධම්මං චරෙ යොපි සමුඤ්ජකං{5} චරෙ දාරඤ්ච{6} පොසං දදං අප්පකස්මිං, සතං සහස්සානං සහස්සයාගිනං කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ.
Sinhala BJT1484. නො දැහැමි ව සපයාගත් මුදලින් ඉසුරන් ලක්‍ෂයක් දෙනා දෙන දානයෝ ත්‍රිවිධ සුචරිතය පුරමින් අඹුදරුවන් ද රැකැ ගනිමින් දිළින්දකු ස්වල්ප වශයෙන් හෝ කරන පරිත්‍යාගයක සොළොසින් භාගයක් පමණ නො අගනාහ.
Pali BJT1485. කෙනෙස යඤ්ඤො විපුලො මහග්ඝනො සමෙන දින්නස්ස න අග්ඝමෙති, කථං සහස්සානං සහස්ස යාගිනං කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ.
Sinhala BJT1485. දේය ධර්‍ම බොහෝ බැවින් විශාල වූ ලක්‍ෂයක් දෙනා එක් ව දෙන දානය, දැහැමි ව සපයා ගත් දෙයින් දුන් දානය හා සම නො වන්නේ කවර කරුණෙකින් ද? දැහැමි ව සපයා ගත් දෙයින් දන් දෙන දිළින්දාගේ දානමය පින්කමේ (සොළොසින්) කොටසක් පමණවත් නො අගනේ කෙසේ ද?
Pali BJT1486. දදන්ති හෙකෙ විසමෙ නිවිට්ඨා ඣත්වා{7} වධිත්වා අථ සොචයිත්වා, සා දක්ඛිණා අස්සුමුඛා සදණ්ඩා සමෙන දින්නස්ස න අග්ඝමෙති එවං සහස්සානං සහස්සයාගිනං කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’ති.
Sinhala BJT1486. අනුන් තළා පෙළා අඬවා හිංසා කොට ඇතැම් කෙනෙක් දන් දෙති. එලෙස දුන් දන දැහැමි ව සපයාගත් වස්තුවෙන් දිළින්දා දුන් දානය හා සමාන නො වේ. නො දැහැමි වස්තුවෙන් යාග කළ ලක්‍ෂයක් දෙනාගේ දානය දිළින්දාගේ දානයෙහි සොළොස්වෙනි කොටස තරම්වත් නො අගී.
Pali BJT12. ඛිළාරකොසියජාතකං.
Sinhala BJT12. බිළාර කෝසිය ජාතක යි.
Pali BJT1487. වණ්ණවා අභිරූපොසි ඝනො සඤ්ජාතරොහිතො, චක්කවාක සුරූපොසි විප්පසන්නමුඛින්ද්රියො.
Sinhala BJT1487. සක්වාලිහිණිය, (ඔබ) වර්‍ණවත් ශරීර ඇත්තහු ය. රූප සම්පන්න වූවහු ය. ඝන වූ සිරුරු ඇත්තහු ය. රන්වන් මනා රූ ඇත්තහු ය. පහන් වූ මුහුණ හා ඉඳුරන් ඇත්තහු ය.
Pali BJT1488. පාඨිනං{1} පාවුසං මච්ඡං වලජං මුඤ්ජරොහිතං. ගඞ්ගාය තීරෙ නිසින්නො{2} එවං භුඤ්ජසි භොජනං.
Sinhala BJT1488. මෙසේ ගං තෙර සිටැ පෙටි මස්, ලූල් මස්, වලා මස්, මොදුව මස් හා රේ මස් බුදින්නහු ද?
Pali BJT1489. න චාහමෙතං භුඤ්ජාමි ජඞ්ගලා නොදකානි වා, අඤ්ඤත්ර සෙවාලපණකා එතං මෙ සම්ම භොජනං.
Sinhala BJT1489. මිතුර, මේ සෙවෙල් සහ දියපරඬල් මගේ ආහාරය යි. මම මෙය හැර දියෙහි හෝ වනයෙහි හටගන්නා වූ වෙනත් මාංශයක් අනුභව නො කරමි.
Pali BJT1490. න චාහමෙතං සද්දහාමි චක්කවාකස්ස භොජනං, අභං හි{3} සම්ම භුඤ්ජාමි ගාමෙ ලොණියතෙලියං.
Sinhala BJT1490. සෙවෙල් සහ දියපරඬල් සක්වාලිහිණියාගේ ආහාර යයි මම විශ්වාස නො කරමි. මිතුර, මම ගමෙහි ලුණු හා තෙල් මුසු ආහාර අනුභව කරමි.
Pali BJT1491. මනුස්සෙසු කතං භත්තං සුචිමංසූපසෙචනං, න ච මෙ තාදිසො වණ්ණො චක්කවාක යථා තවං.
Sinhala BJT1491. චක්‍රවාකය, මනුෂ්‍යයන්ට පිළියෙළ කළ මස් සහිත පවිත්‍ර ආහාරය බුදිතත් ඔබට මෙන් එ බඳු පැහැයක් මට නැත.
Pali BJT1492. සම්පස්සං අත්තනි වෙරං හිංසයං{4} මානුසිං පජං, උත්රස්තො ඝසසී භීතො තෙන වණ්ණො තවෙදිසො.
Sinhala BJT1492. (තෙපි) ක්‍රෝධ සිතින් බලමින් මිනිසුන්ට හිංසා කෙරෙමින් තැති ගත් සිතින් බුදින්නහු ය. එහෙයින් තොපගේ පැහැය මෙ බඳු වේ.
Pali BJT1493. සබ්බලොක විරද්ධොසි{5} ධඞ්ක පාපෙන කම්මුනා, ලද්ධො පිණ්ඩො න පීණෙති තෙන වණ්ණො තවෙදිසො.
Sinhala BJT1493. කාකය, පාපකර්‍ම බලයෙන් සියලු ලෝකය (ඔබට) විරුද්ධ ය. ඔබ ලද ආහාරය ඔබ නො පිනව යි. එ හෙයින් ඔබේ පැහැය මෙ බඳු වේ.
Pali BJT1494. අහම්පි සම්ම භුඤ්ජාමි අහිංසා{6} සබ්බපාණිනං. අප්පොස්සුක්කො නිරාසඞ්කී අසොකො අකුතො භයො.
Sinhala BJT1494. මිතුර, මම් වනාහි සව්සත්නට හිංසා නො කරන්නෙම්, මඳ වෑයමකින් යුතු ව සැක රහිත ව ශෝක නැති ව බියකු දු නැති ව බුදිමි.
Pali BJT1495. සො කරස්සු අනුභාවං වීතිවත්තස්සු සීලියං, අහිංසාය වරං ලොකෙ පියො හොහිසි මම්මිව.
Sinhala BJT1495. තෙපි, වෑයම් කරව, සිය දුසිල් බව ඉක්මවා පවතුව, (දුසිල් බව අත් හරුව) අහිංසක ව ලොවෙහි හැසිරෙව, මා මෙන් ලොවට ප්‍රිය වන්නහු.
Pali BJT1496. යො න හන්ති න ඝාතෙති න ජිනාති න පාපයෙ, මෙත්තංසො සබ්බභූතෙසු වෙරං තස්ස න කෙනචීති.
Sinhala BJT1496. යමෙක් අනුන් නො නසා ද නො නස්වා ද ධන හානි නො කෙරේ ද, නො කරවා ද, සව් සතුන් කෙරෙහි මෙත් කෙරේ ද ඔහුට කිසිවෙක් වෛර නො කෙරේ.
Pali BJT13. චක්කවාකජාතකං.
Sinhala BJT13. චක්කවාක ජාතක යි.
Pali BJT1497. සච්චං කිර ත්වම්පි භූරිපඤ්ඤො{1} යා තාදිසී සිරි ධිතී මුතී{2} ච, න තායතෙ භාවවසූපනීතං යො යාවකං භුඤ්ජසි අප්පසූපං.
Sinhala BJT1497. මහානුවණැත්ත, යම්බඳු වූ ඔබ ව්‍යඤ්ජන ස්වල්පයක් සමග යවසාලේ බත් බුදින්නහු ය. ඔබගේ යම් සෞභාග්‍යයක්, ධෛර්‍ය්‍යයක් හා සිහියක් වේ ද, එබඳු සෞභාග්‍යය විපතට පත් ඔබ නො රකියි. එ හෙයින් සෞභාග්‍යය උතුම් වෙයි, ප්‍රඥාව උතුම් නො වෙයි (යන) කීම සැබෑ වෙයි.
Pali BJT1498. සුඛං දුක්ඛෙන පරිපාචයන්තො කාලාකාලං විචිනං ඡන්දඡන්තො,{3} අත්ථස්ස ද්වාරානි අවාපුරන්තො තෙනාහං{4} තුස්සාමි යවොදනෙන.
Sinhala BJT1498. මම දුකෙන් සැප දියුණු කරන්නෙම් සැඟවී විසීමටත් නො සැඟවී විසීමටත් (මෙය) යෝග්‍ය සමය යයි සිතා සැඟවුණෙමි. දියුණුවට දොර අරිනුයේ යවසාලේ බතින් ප්‍රීත වෙමි.
Pali BJT1499. කාලඤ්ච ඤත්වා අභිජීහනාය මන්තෙහි අත්ථං පරිපාචයිත්වා, විජම්හිස්සං{5} සීහවිජම්හිතානි තායිද්ධියා දක්ඛසි මං පුනාපි.
Sinhala BJT1499. වෑයම් කරන්නට යෝග්‍ය කාලය දැනැ නුවණින් දියුණුව වැඩි කර ගෙන සිංහයකු සේ විජෘම්භණය කරන්නෙමි. දියුණු වූ මා නැවත දකින්නහු ය.
Pali BJT1500. සුඛීහි එකෙ{6} න කාරොන්ති පාපං. අවණණසංසග්ගහයා පුනෙකෙ, පහූ සමානො විපුලත්ථචින්ති කිං කාරණා මෙ න කරොසි දුක්ඛං.
Sinhala BJT1500. පණ්ඩිතය, සැප ඇත්තෝ පාපකර්‍ම නො කෙරෙති. තවත් කෙනෙක් අපකීර්තියට බියෙන් පාපකර්‍ම නො කෙරෙති. බොහෝ දේ සිතීමේ හැකියාව ඇති තෙපි කවර හෙයින් මට දුක් (කරදර) නො කරන්නහු ද?
Pali BJT1501. න පණ්ඩිතා අත්තසුඛස්ස හෙතු පාපානි කම්මානි සමාචරන්ති, දුක්ඛෙන ඵුට්ඨා ඛලිතත්තාපි සන්තා ඡන්දා ච දොසා න ජහන්ති ධම්මං.
Sinhala BJT1501. පණ්ඩිතයෝ ආත්මාර්‍ත්‍ථය සලකා පාපකර්‍ම නො කරති. දුකට පත් වුවත් සම්පත් ගිලිහී ගියත් ඡන්‍දය නිසා හෝ ද්වේෂය නිසා හෝ ධර්‍මය නො හරිත්.
Pali BJT1502. යෙන කෙනචි වණ්ණෙන මුදුනා දාරුණෙන වා, උද්ධරෙ දීනමන්තානං පච්ඡා ධම්මං සමාචරෙ.
Sinhala BJT1502. මොළොක් වූ හෝ දරුණු වූ හෝ කිසියම් ආකාරයෙකින් තමාගේ දීනත්‍වය උපුටා හරින්නේ ය. ඉක්බිති ව සුචරිතයෙහි හැසිරෙන්නේ ය.
Pali BJT1503. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්ය වා, න තස්ස සාඛං භඤ්ජෙය්ය මිත්තදුබ්භො හි පාපකො.
Sinhala BJT1503. යම් රුකකැ සෙවණෙහි හුන්නේ වේ ද හොත්තේ වේ ද ඒ රුකෙහි අතු නො කඩනේ ය. මිත්‍රද්‍රෝහී කම දීන හෙයිනි.
Pali BJT1504. යස්සාහි ධම්මං{7} මනුජො විජඤ්ඤා යෙචස්ස කඞ්ඛං විනයන්ති සන්තො, තං හිස්ස දීපඤ්ච පරායණඤ්ච න තෙන මිත්තං ජරයෙථ{8} පඤ්ඤො.
Sinhala BJT1504. යම් පුරුෂයෙක් පුරුෂයකුගෙන් ධර්‍මය උගත්තේ ද, සැක දුරු කෙරේ ද එය ඔහුට පිහිටකි. පිළිසරණෙකි. එ හෙයින් ඇදුරු ව සිටියහු සමග වූ මිතුරුබව දිරාපත් නො කරන්නේ ය.
Pali BJT1505. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ්ඤතො පබ්බජිතො න සාධූ, රාජා න සාධූ අනිසම්මකාරි යො පණ්ඩිතො කොධනො තං න සාධු.
Sinhala BJT1505. කම්සැප විඳින අලස ගිහියා නො මැනැවි. හික්මීම නැති පැවිද්ද නො මැනැවි. විමසීම රහිත ව ක්‍රියා කරන රජ නො මැනැවි. යම් පණ්ඩිතයෙක් කිපෙන ගතියෙන් යුතු වේ නම් හේ ද නො මැනැවි.
Pali BJT1506. නිසම්ම ඛත්තියො කයිරා නානිසම්ම දිසම්පති, නිසම්මකාරිනො රාජ යසො කින්ති ච වඩ්ඪතීති.
Sinhala BJT1506. ක්‍ෂත්‍රිය තෙම පරීක්‍ෂාකාරී ව වැඩ කරන්නේ ය. නො විමසා නො කරන්නේ ය. රජතුමනි, පරීක්‍ෂාකාරීව වැඩ කරන්නාගේ යශස ද කීර්තිය ද වැඩේ.
Pali BJT14. භූරිපඤ්ඤජාතකං.
Sinhala BJT14. භූරිපඤ්ඤ ජාතක යි.
Pali BJT1507. කිං සු නරො ජප්පමධිච්චකාලෙ කං වා විජ්ජං කතමං වා සුතානං, සො මච්චො අස්මිඤ්ච පරම්හි ලොකෙ කථං කරො සොත්ථානෙන ගුත්තො.
Sinhala BJT1507. අභිවෘද්ධිය රුස්නා පුරුෂයා වේදය හෝ ශ්‍රැතය හදාරා කවර ආකාරයෙකින් ක්‍රියා කිරීමෙන් දෙ ලොව ආරක්‍ෂා කර ගත්තේ වේ ද?
Pali BJT1508. යස්ස දෙවා පිතරො ච සබ්බ සිරිංසපා{1} සබ්බභූතානි චාපි, මෙත්තාය නිච්චං අපචිතානි හොන්ති භූතෙසු චෙ සොත්ථානං තදාහු.
Sinhala BJT1508. සියලු දෙවියෝ ද බ්‍රහ්මයෝ ද දීර්‍ඝජාතීහු ද සියලු සත්ත්‍වයෝ ද මෙත් සිතින් පුදන ලද්දෝ ද මිනිසුන්ට එය මඟුලෙකැ යි කියත්.
Pali BJT1509. යො පබ්බලොකස්ස නිවාතවුත්ති ඉත්ථි පුමානං සහ දාරකානං, ඛන්තා දුරුත්තානං අපටික්කූලවාදී අධිවාසනං සොත්ථානං තදාහු.
Sinhala BJT1509. යමෙක් ලෝකය කෙරේ නිරහඞ්කාර පැවැතුම් ඇත්තේ ද, ස්ත්‍රීපුරුෂයන් සහ ළමයින් වරදවා කී බස් කමා කෙරේ ද, ගොරෝසු කථා නැත්තේ ද ඉවැසීම ඇත්තේ ද එය මඟුලෙකැ යි කියත්.
Pali BJT1510. යො නාවජානාති සහායමත්තෙ සිප්පෙන කුල්යාහි ධනෙන ජච්චා, රුචිපඤ්ඤො අත්ථකාලෙ මුතීමා සහායෙසු වෙ සොත්ථානං තදාහු.
Sinhala BJT1510. යමෙක් යහළුවන් හා මිතුරන් කෙරේ ශිල්පය නිසා හෝ කුලය නිසා හෝ ධනය නිසා හෝ ජාතිය නිසා හෝ අවමානයට ලක් නො කෙරේ ද මනා සිහිය හා නුවණ ඇත්තේ ද එය මඟුලෙකැ යි කියත්.
Pali BJT1511. මිත්තානි වෙ යස්ස භවන්ති සන්තො සංවිස්සත්ථා{2} අවිසංවාදකස්ස, න මිත්තදූභි{3} සංවිහාගි ධනෙන මිත්තෙසු වෙ සොත්ථානං තදාහු
Sinhala BJT1511. රැවැටිලි නැතියන් හා සත්පුරුෂයෝ එකැතින් මිතුරු වෙත් ද විශ්වාස වෙත් ද මිත්‍රද්‍රෝහි නො වෙත් ද, සිය ධනය මිතුරන්ට බෙදත් ද, මිතුරන් අතරේ ඒ විශ්වාසය මඟුලෙකැ යි කියත්.
Pali BJT1512. යස්ස භරියා තුල්යවයා සමග්ගා අනුබ්බතා ධම්මකාමා පජාතා,{4} කොලීනියා සීලවතී පතිබ්බතා දාරෙසු වෙ සොත්ථානං තදාහු.
Sinhala BJT1512. යමකුගේ බිරිඳ සමාන වයස ඇත්තී ද සමගි සම්පන්න ද සැමියා අනුව වසා ද ත්‍රිවිධ සුචරිත ක්‍රියාවන් කැමැත්තී ද දරුවන් ලබන්නී ද කුලවත් වී ද පතිව්‍රතා ගුණය ඇත්තී ද එය බිරියන් කෙරේ මඟුලෙකැ යි කියත්.
Pali BJT1513. යස්ස රාජා භූතපතී යසස්සි ජානාති සොචෙය්යං{1} පරක්කමඤ්ච, අද්වෙජ්ඣතාසු{2} හදයං මමන්ති රාජුසු වෙ සොත්ථානං තදාහු.
Sinhala BJT1513. ජනපති වූ පරිවාර ඇත්තා වූ රජ යමකුගේ පවිත්‍රකම, එඩිතරකම, දනී ද (මෙ) මට පක්‍ෂපාතී ය නො වෙනස් වචන ඇත්තේ යයි දනී ද එය රජුන් කෙරේ මඟුලෙකැ යි කියත්.
Pali BJT1514. අන්නඤ්ච පානඤ්ච දදාති සද්ධො මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච,{3} පසන්නචිත්තො අනුමොදමානො සග්ගෙසු වෙ සොත්ථානං තදාහු.
Sinhala BJT1514. සැදැහැති ව පහන් සිතැති ව සතුටු සිතින් කෑම්බීම් සුවඳමල් විලෙවුන් දේ ද එය ස්වර්‍ගගාමී මඟුලෙකැ යි කියත්.
Pali BJT1515. යමරියධම්මෙන පුනන්ති වද්ධා{4} ආරාධිතා සමචරියාය සන්තො, බහුස්සුතා ඉසයො{5} සීලවන්තං අරහන්තමජ්ඣෙ සොත්ථානං තදාහු.
Sinhala BJT1515. ඥානවෘද්ධ වූ ප්‍රතිපත්ති ගරුක වූ සත්පුරුෂ වූ බහුශ්‍රුත වූ සිල්වත් වූ ඍෂිවරු ආර්‍ය්‍යධර්‍මයෙන් පවිත්‍ර වෙත් නම් එය රහතන් වහන්සේ කෙරේ ලදමනා මඟුලෙකැ යි කියත්.
Pali BJT1516. එතානි ඛො සොත්ථානාති ලොකෙ විඤ්ඤුප්පසත්ථානි{6} සුඛුද්රයානි, තානීධ සෙවෙථ නාරො සපඤ්ඤො න හි මඞ්ගලෙ කිඤ්චනමත්ථි{7} සච්චන්ති.
Sinhala BJT1516. මේ මංගලයන් ලෝකයේ නුවණැත්තන් විසින් සැපත් වැඩීමට හේතු වේ යයි පසසන ලදු, එ හෙයින් නැණවත් මිනිසා ඒ මංගලයන් ම සොයන්නේ ය. මේ මංගලයන්ගෙන් තොර සත්‍ය වූ වෙනත් මංගල නැත.
Pali BJT15. මහාමඞ්ගලජාතකං.
Sinhala BJT15. මහාමඞ්ගල ජාතක යි.
Pali BJT1517. උට්ඨෙහි කණ්හ කිං සෙසි කො අත්ථො සුපිනෙ තෙන යොපි තුය්හ සකො භාතා හදයං චක්ඛුඤ්ච{8} දක්ඛිණං තස්ස වාතා බලීයන්ති ඝතො ජප්පති කෙසව.
Sinhala BJT1517. කේසවය, ඔබේ හදවත වැනි දකුණුඇස හා සම වූ ඝත නැමැති සිය සොහොයුරු කෙනෙක් වෙත් ද ඔහුගේ හදවත අපස්මාර වාතයෙන් පෙළත්. කෘෂ්ණය නැගිටින්න. වැද හෝනේ කිම? තොපගේ නිදාගැනීමෙන් කවර ප්‍රයෝජනයක් ද?
Pali BJT1518. තස්සස තං වචනං සුත්වා රොහිණෙය්යස්ස කෙසවො, තරමානරූපො වුට්ඨාසි භාතුසොකෙන අට්ටිතො.
Sinhala BJT1518. රෝහණෙය්‍යගේ කීම අසා ඉක්මන් වූ කේසව තෙම සෝවුරු සොවින් පීඩාවට පැමිණ නැගීසිටියේ ය.
Pali BJT1519. කින්නු උම්මත්තරූපොව කෙවලං ද්වාරකං ඉමං, සසො සසොති ලපසි කො නු තෙ සසමාහරි.
Sinhala BJT1519. උමතුවූවකු සේ දවාරවතී පුරය පුරා යමින් සාවා සාවා ය යි කුමට කියහි? ඔබගේ සාවා ගත්තේ කවරෙක් ද?
Pali BJT1520. සොවණ්ණමයං මණිමයං ලොහමයං අථ රූපියාමයං, සඞ්ඛසිලාපවාළමයං කාරයිස්සාමි තෙ සසං.
Sinhala BJT1520. රන්මුවා, මිණිමුවා, ලොහොමුවා, රිදීමුවා, සක්මුවා සෙල්මුවා, පබළුමුවා සාවකු ඔබට සාදවමි.
Pali BJT1521. සන්ති අඤ්ඤෙපි සසකා අරඤ්ඤෙ වනගොචරා, තෙපි තෙ ආනයිස්සාමි කීදිසං සසමිච්ඡසි.
Sinhala BJT1521. වනයේ හැසිරෙන වෙනත් සාවෝ ද ඇත. තොපට ඔවුන් ද ගෙනෙන්නෙමි. තෙපි කෙබඳු සාවකු කැමැත්තහු ද?
Pali BJT1522. නචාහමෙතං ඉච්ඡාමි යෙ සසා පඨවිං සිතා, චන්දතො සසමිච්ඡාමි තම්මෙ ඔහර කෙසව.
Sinhala BJT1522. පොළොවේ වෙසෙන හාවුන් මම නො කැමැත්තෙමි. හඳේ හාවා (ලබනු) කැමැත්තෙමි. කේසව, ඒ හාවා මට ගෙන දෙන්න.
Pali BJT1523. සො නූන මධුරං ඤාති ජීවිතං විජහිස්සසි, අපත්ථියං යො පත්ථයසි චන්දතො සසමිච්ඡසි.
Sinhala BJT1523. ප්‍රිය ඤාතිය, හඳෙන් හාවා පතන තෙපි ඒකාන්තයෙන් මධුර වූ ජීවිතය අත් හරින්නහු ය. යම් බඳු තෙපි නො පැතියයුත්තක් පතන්නහු ද එ හෙයිනි.
Pali BJT1524. එවඤ්චෙ කණ්හ ජානාසි යදඤ්ඤමනුසාස්සි. කස්මා පුරෙ මතං පුත්තං අජ්ජාපිමනුසොචසි.
Sinhala BJT1524. කෘෂ්ණය, ඉදින් මෙසේ දන්නේ නම් අනෙකකුට අනුසාසනා කරනුයේ (කිම) පෙර මළා වූ පුත්‍රයාට අදත් ශෝක කරන්නේ කවර හෙයින් ද?
Pali BJT1525. යං න ලබ්භා මනුස්සෙන අමනුස්සෙන වා පුන,{1} ජාතො මෙ මාමරි පුත්තො කුතො ලබ්භා අලබ්භියං.
Sinhala BJT1525. උපන් මාගේ පුතා නැවත නො මැරේව යි මනුෂ්‍යයකු විසින් හෝ අමනුෂ්‍යයකු විසින් හෝ ලද නො හැකි ය. එ හෙයින් ලද නො හැකි දෙය කොතැනින් ලැබේ ද?
Pali BJT1526. න මන්තා මූලභෙසජ්ජා ඔසධෙහි ධනෙන වා, සක්කා ආනයිතුං කණ්හා යම්පෙතමනුසොචසි.
Sinhala BJT1526. කෘෂ්ණය, මියගිය යමකු නිසා නැවත නැවැත ශෝක කෙරෙහි ද (මළහු) මන්ත්‍ර බලයෙන් හෝ බෙහෙත්මුල් බලයෙන් හෝ අන් ඔසු බලයෙකින් හෝ ධන බලයෙන් හෝ ගෙනෙන්නට නො හැකි ය.
Pali BJT1527. යස්ස එතාදිසා අස්සු අමච්චා පුරිසපණ්ඩිතා, යථා නිජ්ඣාපයෙ අජ්ජ ඝතො පුරිසපණ්ඩිතො.
Sinhala BJT1527. පුත් සොවින් පෙළුණු මට ඝතපණ්ඩිත තෙම අද කරුණු වටහවා ශෝකය නැති කෙළේ ය. සෙස්සනටත් මෙ වැනි පණ්ඩිත ඇමැතිවරු වෙත් නම් කවර ශෝකයෙක් ද?
Pali BJT1528. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තං ව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT1528. ගිතෙල් ඉසින ලද ගින්නක් ලෙස ශෝක ගින්නෙන් ඇවිලගෙන සිටි මා, ජලය ඉසින ලද කලෙක මෙන් (මාගේ) සියලු දාහ නිවිගියේ ය.
Pali BJT1529. අබ්බහී වත මෙ සල්ලං යමාසි හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පුත්තසොකං අපානුදි.
Sinhala BJT1529. සොවින් පෙළුණු මාගේ පුත්‍රශෝකය යමෙක් නැති කෙළේ ද හේ මාගේ හදවතේ පැවැති ශෝකය නමැති හුල ද ඒකාන්තයෙන් උදුරාදැමී ය.
Pali BJT1530. සොහං අබ්බූළ්හසල්ලොස්මි වීතසොකො අනාවිලො, න සොචාමි න රොදාමි තව සුත්වාන මාණව.
Sinhala BJT1530. ඒ මම උපුටාලූ ශෝකය නමැති හුල් ඇත්තෙමි. ශෝක රහිතයෙමි. නො කැලඹුණ සිතැත්තෙමි. තොපගේ බස් අසා ශෝක නො කරමි. නො හඬමි.
Pali BJT1531. එවං කරොන්ති සප්පඤ්ඤා යෙ හොන්ති අනුකම්පකා, නිවත්තයන්ති සොකම්හා ඝතො ජෙට්ඨංව භාතරන්ති:
Sinhala BJT1531. යම් කෙනෙක් අනුකම්පා ඇති ප්‍රාඥයෝ වෙත් ද දෙටු සොහොයුරු ඝතයා මෙන් ජනයා සොවින් දුරු කෙරෙත්.
Pali BJT16. ඝතපණ්ඩිතජාතකං.
Sinhala BJT16. ඝතපණ්ඩිත ජාතක යි.
Pali BJTදසකනිපාතං නිට්ඨිතං.
Sinhala BJTදසක නිපදාතය නිමි.