Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2001-2100 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT12. තිත්තිරජාතකං.
Sinhala BJT12. තිත්තිර ජාතක යි.
Pali BJTගිජ්ඣවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන ගිජ්ඣ වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවරගිජ්ඣ සමජ්ජනං හංසවරො නිධිසව්හය හාරිත පාටලිකො, අජරාමර ධංක තිතික්ඛකුතො අථ ද්වාදස පෙක්ඛන දද්දරීති.
Sinhala BJTගිජ්ඣ ජාතක යැ කෝසම්බ ජාතක යැ මහාසුක ජාතක යැ චුල්ලසුක ජාතක යැ හාරිත ජාතක යැ පදමාණවක ජාතක යැ ලෝමසකස්සප ජාතක යැ චක්කවාක ජාතක යැ හළිද්දිරාග ජාතක යැ සමුග්ග ජාතක යැ පූතිමංස ජාතක යැ තිත්තිර ජාතක යැ යි ජාතක දසයෙකි.
Pali BJTනවකනිපාතං නිට්ඨිතං.
Sinhala BJTනවක නිපාතය නිමි.
Pali BJT10. දසකනිපාතො
Sinhala BJT10. දසක නිපාතය
Pali BJT1355. චතුද්වාරමිදං නගරං ආයසං{1} දළ්හ පාකාරං, ඔරුද්ධ පති{2}රුද්ධොස්මි කිං පාපං පකතං මයා.
Sinhala BJT1355. ශක්තිසම්පන්න වූ යමුවා තොරණ ඇති මේ නගරයෙහි දොරටු සතරෙක් ඇත. (නුවර වටා) පවුරෙන් වට කරන ලද්දේ ය. මා කවර පාපයෙක් කරන ලද ද?
Pali BJT1356. සබ්බෙ අපිහිතා ද්වාරා ඔරුද්ධොස්මිං යථා ද්විජො{3}, කිමාධිකරණං{4} යක්ඛ චක්කාභිනිහතො අහං.
Sinhala BJT1356. යක්‍ෂය, දොරටු සියල්ල වසා ඇත. මැදිරියක වෙසෙන පක්‍ෂියකු සේ ගමනට බාධා ඇත්තෙම් වෙමි, කවර කරුණක් නිසා මම චක්‍රයෙන් පහර ලද්දෙම් ද?
Pali BJT1357. ලද්ධා සතසහස්සානි අතිරෙකානි වීසති, අනුකම්පකානං ඤාතීනං වචනං සම්ම නාකරි.
Sinhala BJT1357. මිතුර, (මවගෙන්) දහසක් ද වෙළෙඳාමෙන් එක්ලක්‍ෂ විසිදහසක් ද ලදුයේ නමුදු සානුකම්පික නෑයන්ගේ කීම පරිදි නො කෙළේ ය. විනාස බහුල වූ සාගර නමැති මුහුදට පැන්නේ ය.
Pali BJT1358. ලඞ්ඝිං සමුද්දං පක්ඛන්දි සාගරං අප්පසිද්ධිකං. චතුබ්භි{5} අට්ඨජ්ඣගමා අට්ඨාහිපි සොළස, සොළසාහි ච බත්තිංසා{6} අත්රිච්ඡං{7} චක්කමාසදො; ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙ.
Sinhala BJT1358. සතර දෙනාගෙන් සතුටු නො වූ (හේ) අට දෙනකු සමීපයට ගියේ ය. අට දෙනකු සමීපයෙන් සොළොස් දෙනකු සමීපයට ගියේ ය, සොළොස් දෙනකු සමීපයෙන් දෙතිස් දෙනකු සමීපයට ගියේ ය, (එහෙයින්) ක්‍ෂූර චක්‍රයට (ඉතා තියුණු මුවාත ඇති රවුම් අවිය) වඩාත් සමීප විය. තණ්හාව නිසා වනසට පත් පුරුෂයා මතැ ක්‍ෂූර චක්‍රය කැරකෙයි.
Pali BJT1359. උපරි විසාලා දුප්පූරා ඉච්ඡා විසටගාමිනී, යෙ ච තං අනුගිඣන්ති තෙ හොන්ති චක්කධාරිනො.
Sinhala BJT1359. මතු මත්තෙහි විශාල වන පුරවන්නට නො හැකි පංචකාමයන්හි පැතිරෙන තෘෂ්ණාව කෙරෙහි කෙනෙක් ගිජු වූහු ද ඔව්හු ක්‍ෂූර චක්‍රය දරන්නෝ වෙති.
Pali BJT1360. බහුං භණ්ඩං{8} අපහාය{9} මග්ගං අප්පටිවෙක්ඛිය, යෙසං චෙතං අසඞ්ඛාතං{10} තෙ හොන්ති චක්කධාරිනො.
Sinhala BJT1360. වස්තු රැසක් හැර දමා (යා යුතු) මග දෙස නො බලා කිසිවෙක් (සිය) සිත පිළිබඳ ව සැලැකිලිමත් නො වෙත් ද, ඔව්හු ක්‍ෂූර චක්‍රය දරන්නෝ ය.
Pali BJT1361. කම්මං සමෙක්ඛෙ විපුලඤ්ච භොගං ඉච්ඡා නං සෙවෙය්ය{11} අනත්ථසංහිතං. කරෙය්ය වාක්යං අනුකම්පකානං තං තාදිසං නාතිවත්තෙය්ය චක්කං.
Sinhala BJT1361. නැණවත් පුරුෂයා කරන දේ සදොස් ද නිදොස් දැ යි විමසන්නේ ය. දැහැමිව සපයා ගත් සිය වස්තු සම්භාරය ද විමසා බලන්නේ ය, අනුකම්පා ඇත්තන් කියන ලෙස ක්‍රියා කරන ඔබ ක්‍ෂූර චක්‍රය නො මඩනේ ය.
Pali BJT1362. කීව{12} චිරං නු මෙ යක්ඛ චක්කං සිරසි ඨස්සති, කති වස්සසහස්සානි තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT1362. යක්‍ෂය, මේ ක්‍ෂූර චක්‍රය මගේ හිසැ මත්තෙහි කෙතෙක් කල් පවත්නේ ද? අවුරුදු කීදහසක් සිටිනේ ද? විචාරන මට එය කියව.
Pali BJT1363. අතිසාරො අච්චසරො මිත්තවින්ද සුණොහි මෙ, චක්කං තෙ සිරමාවිද්ධං න තං ජීවං පමොක්ඛසීති.
Sinhala BJT1363. මිත්තවින්‍දක, මා කියන්නක් අසව, තෝ ඉතා බලවත් දොස් (පාපකර්‍ම) ඇත්තෙහි. තාගේ හිසැ ඇමිණී තිබෙන ක්‍ෂූරචක්‍රය තාගේ දිවිහිමියෙන් නො හරනේ යි.
Pali BJT1. චතුද්වාරජාතකං.
Sinhala BJT1. චතුද්වාර ජාතක යි.
Pali BJT1364. කණ්හොවතායං පුරිසො කණ්හං භුඤ්ජති භොජනං, කණ්හෙ භූමිප්පදෙසස්මිං න මය්හං මනසො පියො.
Sinhala BJT1364. කළු පැහැති මේ පුරුෂයා කළු පැහැති බොජුන් බුදී. කළු පාට බිම් පියෙසකැ (මෙ තෙමේ) වෙසේ. (මෙය) මාගේ සිතට ප්‍රිය නො වේ.
Pali BJT1365. න කණ්හො තචසා හොති අන්තොසාරො බ්රාහ්මණො යස්මිං පාපානි කම්මානි සචෙ කණ්හො සුජම්පති.
Sinhala BJT1365. ශක්‍රය, හම කළුපැහැය ඇති වීමෙන් (කෙනකු) කළු නො වේ. සීලාදි ගුණසාරයන් ඇතුළතැ පිහිටියේ (නම්) බ්‍රාහ්මණ නම් වෙයි. ඉදින් යමකු කෙරෙහි පාපකර්‍ම ඇත්තේ ද හේ එකැතින් කළුවෙක් වේ.
Pali BJT1366. එතස්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං බ්රාහ්මණ තෙ දම්මී යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1366. බමුණ, තොපට ඔබින යහපත් ප්‍රකාශය නිමිත්තෙන් කැමැති වරයක් තොපට දෙමි.
Pali BJT1367. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, සුනික්කොධං{1} සුනිද්දොසං නිල්ලොභං වුත්තිමත්තනො. නිස්නෙහමභිකඞ්ඛාමි එතෙ මෙ චතුරො වරෙ.
Sinhala BJT1367. සර්‍වභූතයන්ට ඊශ්වර වූ දේවේන්‍ද්‍රය, මට වරයක් දේ නම්, මෙරමා කෙරෙහි ක්‍රෝධ රහිත වූ, ද්වේෂ රහිත වූ, ලෝභ රහිත වූ, ස්නෙහ රහිත වූ වරයක් රුස්නෙමි. මේ වර සතර මට දෙනු මැනැවි.
Pali BJT1368. කින්නු කොධෙ ච දොසෙ වා ලොභෙ ස්නෙහෙව බ්රාහ්මණ, ආදීනවං සම්පස්සසි{2} තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT1368. බමුණ, ක්‍රෝධයෙහි, ද්වේෂයෙහි, ලෝභයෙහි හෝ ස්නේහයෙහි කෙබඳු දෝෂයක් දක්නෙහි ද? විචාළ මට එය කියව.
Pali BJT1369. අප්පො හුත්වා බහු හොති වඩ්ඪතෙ සො අඛන්තිජො, ආසඞ්ගි බහුපායාසො තස්මා කොධං න රොචයෙ.
Sinhala BJT1369. ඉවැසීම නැති බැවින් හටගන්නා කෝපය ස්වල්ප වශයෙන් ඉපිදැ පසුව වැඩි වේ. නැවත නැවත හටගනී. ද්වේෂයට ලක් වූවහුගෙන් ඉවත් ව යන්නට නො දී ආක්‍රෝශ කරවයි. බොහෝ සිත් තැවුල් උපදී. එහෙයින් ක්‍රෝධය නො රුස්නෙමි.
Pali BJT1370. දුට්ඨස්ස ඵරුසා වාචා පරාමාසො අනන්තරා, තතො පාණි තතො දණ්ඩො සත්ථස්ස පරමා ගති{3} දොසො කොධසමුට්ඨානො තස්මා දොසං න රොචයෙ.
Sinhala BJT1370. ද්වේෂයෙන් දූෂිත වූවහුගේ වචනය එරුෂ වෙයි, අනතුරු ව දැඩි ව ගැනීම වෙයි, පසුව අත්පහර දෙයි. දඬුපහර දෙයි, ආයුධ පහර දෙයි. අවි පහර දී ද්වේෂය මස්තකප්‍රාප්ත කරයි. ද්වේෂය ක්‍රෝධයෙන් හටගනී, එහෙයින් ද්වේෂය නො රුස්නෙමි.
Pali BJT1371. අලොපසහසාකාරා නිකතී වඤ්චනානි ච, දිස්සන්ති ලොභධම්මෙසු තස්මා ලොභං න රොචයෙ.
Sinhala BJT1371. ගම් පැහැරීම, බලහත්කාරයෙන් පැහැර ගැනීම, වංචා කිරීම, යන මේ පාප ක්‍රියා ලෝභය ඇති කල්හි (සිදු කරනු) දක්නට ලැබෙති. එහෙයින් ලෝභය නො රුස්නෙමි.
Pali BJT1372. ස්නෙහ සඞ්ගථීතා ගන්ථා{4} සෙන්ති මනොමයා පුථු, තෙ භුසං උපතාපෙන්ති තස්මා ස්නෙහං න රොචයෙ.
Sinhala BJT1372. නූලකින් මල් ගොතන්නා සේ නානාවිධ බොහෝ ආරම්මණයන්හි තෘෂ්ණායෙන් ඇමිණීම බොහෝ තැවුලි උපදවති, එහෙයින් ස්නේහය නො රුස්නේ ය.
Pali BJT1373. එතස්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං බ්රාහ්මණ තෙ දම්මි යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1373. බමුණ, ඔබට ඔබින යහපත් ප්‍රකාශය නිමිත්තෙන් කැමැති වරයක් ඔබට දෙනු කැමැත්තෙමි.
Pali BJT1374. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, අරඤ්ඤෙ මෙ විහරතො නිච්චං එකවිහාරිනො. ආබාධා මා උප්පජ්ජෙය්යුං අන්තරායකරා භුසා.
Sinhala BJT1374. දේවේන්‍ද්‍රය, ඉදින් මට වරයක් දේ නම් නිතර හුදෙකලා ව වනයෙහි වාසය කරන මට තවුස්දම් රැක ගැනීමේ දී අන්තරාය කරන ආබාධයෝ නූපදනාහු නම් එබඳු වරයක් දුන මැනැවි.
Pali BJT1375. එතස්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං බ්රාහ්මණ තෙ දම්මි යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1375. බමුණ, ඔබට ඔබින යහපත් ප්‍රකාශය නිමිත්තෙන් කැමැති වරයක් ඔබට දෙනු කැමැත්තෙමි.
Pali BJT1376. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර න මනො වා සරීරං වා මඞ්කතෙ සක්ක කස්සචි කදාචි උපහඤ්ඤෙථ එතං සක්ක වරං වරෙති.
Sinhala BJT1376. සව් සතුනට ඉසුරු වූ ශක්‍රය, ඉදින් මට වරයක් දේ නම් මා නිසා කිසිවකුගේ සිත, කය හෝ වචනය කිසිකලෙකැ අපවිත්‍ර නොවන වරයක් දුන මැනැවි.
Pali BJT2. කණ්හජාතකං.
Sinhala BJT2. කණ්හ ජාතක යි.
Pali BJT1377. යො කොපනෙය්යෙ න කරොති කොපං, න කුජ්ඣති සප්පුරිසො කදාචි, කුද්ධොපි යො නාවිකරොති කොපං තං වෙ නරං සමණං{1} ආහු ලොකෙ.
Sinhala BJT1377. සත්පුරුෂ තෙම කිසි කලෙක නො කිපෙයි, යමෙක් කිපියැයුතු පුද්ගලයා කෙරෙහි කෝප නො කෙරේ ද, යමෙක් කිපියේ නමුදු කෝපය පහළ නො කෙරේ ද, ඒ පුරුෂයා ඒකාන්තයෙන් (ශමිතපාප බැවින්) ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
Pali BJT1378. ඌනොදරො{2} යො සහතෙ ජිඝච්ඡං දන්තො තපස්සි{3} මිතපානභොජනො, ආහාරහෙතු න කරොති පාපං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
Sinhala BJT1378. ඌන වූ උදරය (අල්පාහාර) ඇති යමෙක් සාගිනි ඉවසා ද ඉන්‍දිය දමනයෙන් සමන්‍වාගත වූයේ තපස් ඇතියේ ප්‍රමාණ කරනලද ආහාරපාන ඇතියේ ආහාර හේතුයෙන් පව් නො කෙරේ ද ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
Pali BJT1379. ඛිඩ්ඩං රතිං විප්පජහිත්ව{4} සබ්බං න චාලිකං භාසති කිඤ්චි ලොකෙ, විභූසනට්ඨානා විරතො මෙථුනස්මා තං වෙ නරං සමණං ආහු ලොකෙ.
Sinhala BJT1379. ලෝකයෙහි සියලු (කායික, වාචසික) ක්‍රීඩා ද (දිව්‍ය කාමගුණ) රතිය ද දුරු කොට අල්පමාත්‍ර වූ ද මුසාවක් නො කියා ද (මාංස, ඡවී විභූෂණයෙන් ද මෛථුන සේවනයෙන් ද වෙන් වූයේ වේද, ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
Pali BJT1380. පරිග්ගහං ලොභධම්මඤ්ච සබ්බං යො වෙ පරිඤ්ඤාය පරිබ්බජෙති, දන්තං ඨිතත්තං අමමං නිරාසං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
Sinhala BJT1380. යම් කෙනෙක් සියලු වස්තුකාමය ද තෘෂ්ණාව ද (ත්‍රිවිධ පරිඥායෙන්) දැන ඒකාන්තයෙන් හැරපියත් ද දැමුණු (මිථ්‍යා විතර්‍කාභාවයෙන්) ස්ථිත ස්වභාව ඇති, මමායන නැති (අඹුදරුවන් කෙරෙහි) ආශා නැති ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
Pali BJT1381. පුච්ඡාම කත්තාරං අනොමපඤ්ඤං ගාථාසු නො විග්ගහො අත්ථි ජාතො, ඡින්දජ්ජ කඞ්ඛං විචිකිච්ඡිතානි තයජ්ජ කඞ්ඛං විතරෙමු සබ්බෙ.
Sinhala BJT1381. අලාමකප්‍රඥා ඇති කළයුතු දැය කරන තොප පුළුවුසුම්හ, ගාථාවන්හි අපට උපන් විවාදයෙක් ඇත. අද අපගේ සැකය ද විචිකිත්සාවන් ද සිඳුව, තොප කරණකොටගෙන අපි හැමදෙනමෝ සැක දුරලම්හ.
Pali BJT1382. යෙ පණ්ඩිතා අත්ථදස්සා භවන්ති භාසන්ති තෙ යොනිසො තත්ථ කාලෙ, කථං නු ගාථානං{5} අභාසිතානං අත්ථං නයෙය්යුං කුසලා ජනින්ද.
Sinhala BJT1382. යම් පණ්ඩිත කෙනෙක් අර්‍ත්‍ථ දක්නා සමර්‍ත්‍ථ වෙත් ද ඔහු ඒ විවාදයෙහි (යුක්තප්‍රයුක්ත) කාලයෙහි නුවණින් කියති. රජවරුනි, ඡේක වූවාහු නමුදු නො කියනලද ගාථාවන්ගේ අර්‍ත්‍ථ කෙසේ නම් එළවා ද? (එහෙයින් කියව)
Pali BJT1383. කථං හවෙ භාසති නාගරාජා කථං පන ගරුළො වෙනතෙය්යො,{6} ගන්ධබ්බරාජා පන කිං වදෙති කථං පන කුරුනං රාජසෙට්ඨො.
Sinhala BJT1383. (වරුණ) නාගරාජ කෙසේ කියා ද? යළි විනතාපුත්‍ර ගරුඬරාජ කෙසේ කියා ද? යළි ගන්‍ධර්‍වරාජ කුමක් කියා ද? යළි කුරු ජනපදවැසියන්ගේ රාජශ්‍රේෂ්ඨ කෙසේ කියා දැ? යි.
Pali BJT1384. ඛන්තිං හවෙ භාසති නාගරාජා අප්පාහාරං ගරුළො වෙනතෙය්යො ගන්ධබ්බරාජා රතිවිප්පහානං අකිඤ්චනං කුරුනං රාජසෙට්ඨා’ති.{*}
Sinhala BJT1384. (වරුණ) නාරජ ක්‍ෂාන්තිය මැ ශීල යැ යි කියයි. විනතාපුත්‍ර ගරුඬරාජ අල්පාහාර බව (ආහාර හේතුයෙන් පව් නො කිරීම) ද ගන්‍ධර්‍වරාජ (සක්දෙව්රජ) පඤ්චකාම රති ප්‍රහාණය ද කුරුරජ පළිබෝධ නැති බව ද ශීල යැ යි කියා යි.
Pali BJT1385. සබ්බානි එතානි සුභාසිතානි නහෙත්ථ දුබ්භාසිතමත්ථි කිඤ්චි, යස්මිඤ්ච එතානි පතිට්ඨිතානි අරාව නාභ්යා{7} සුසමොහිතානි, චතුබ්භි ධම්මෙහි සමඞ්ගිභූතං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
Sinhala BJT1385. මෙ හැම සුහාෂිතයෝ යැ. මෙහි කිසි දුර්‍භාෂිතයෙක් නැත් මැ යි. තවද යම් පුද්ගලයක්හු කෙරෙහි තෙල ගුණජාතයෝ පිහිටියාහු චක්‍රනාභියෙහි සමවහිත (එක්රැස්) වූ අරයන් (දැවි) මෙන් වෙත් ද තෙල සතර දහමින් සමන්‍වාගත වූ ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි පණ්ඩිතයෝ කීහ.
Pali BJT1386. තුවං{1} සෙට්ඨො ත්වමනුත්තරොසි ත්වං ධම්මගූ ධම්මවිදූ සුමෙධො පඤ්ඤාය පඤ්හං සමධිග්ගහෙත්වා, අච්ඡෙච්ඡි ධීරො විචිකිච්ඡිතානි අච්ඡෙච්ඡි{2} කඞ්ඛං විචිකිච්ඡිතානි චුන්දො යථා නාගදන්තං ඛරෙන.
Sinhala BJT1386. තෙපි ශ්‍රේෂ්ඨ වවු, තෙපි (උත්තරීතරයකු නැතියෙන්) අනුත්තර වවු. තෙපි ධර්‍මගෝපක ද ධර්‍මඥ ද ධර්‍මවිදූ ද සුන්‍දරප්‍රඥා ඇතියහු ද වවු. ප්‍රාඥ තෙම ප්‍රඥායෙන් අපගේ ප්‍රශ්නය යථාභූත කොට දැනැ විචිකිත්සාවන් සින්දේ යැ. යම්සේ දන්ත ශිල්පියෙක් කියතින් ඇත්දළක් සිඳුනේ ද එසෙයින් සැකය ද විචිකිත්සාවන් ද සින්දේ යි.
Pali BJT1387. නීලුප්පලාභං විමලං අනග්ඝං වත්ථං ඉමං{3} ධූමසමානවණ්ණං, පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො දදාමි තෙ ධම්මපූජාය ධීර.
Sinhala BJT1387. ප්‍රාඥය, (තොපගේ) ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් නිලුපුල් වන් නිර්‍මල වූ අනර්‍ඝ වූ ධූමයට බඳු පැහැ ඇති මේ වස්ත්‍රය ධර්‍මපූජා පිණිස තොපට දෙමි.
Pali BJT1388. සුණ්ණමාලං සතපත්තඵුල්ලං{4} සකෙසරං රතනසහස්සමණ්ඩිතං පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො දදාමි තෙ ධම්මපූජාය ධීර.
Sinhala BJT1388. ප්‍රාඥය, ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් දහසක් රුවනින් සැදූ කෙසුරු සහිත පිපි සියපත් (පියුම්) ඇති රන්මල්දම ධර්‍මපූජා පිණිස තොපට දෙමි.
Pali BJT1389. මණිං අනග්ඝං රුචිරං පභස්සරං, කණ්ඨාවසත්තං මණිභූසිතං මෙ, පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො දදාමි තෙ ධම්මපූජාය ධීර.
Sinhala BJT1389. ප්‍රාඥය, ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් මාගේ ගෙලෙහි ලැගුණු මිණිරුවනින් අලංකාර වූ සිත්කලු වූ ප්‍රභාස්වර වූ අනගි මිණිරුවන ධර්‍මපූජා පිණිස තොපට දෙමි.
Pali BJT1390. ගවං සහස්සං උසභඤ්ච නාගං ආජඤ්ඤයුත්තෙ ච රථෙ දස ඉමෙ, පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො දදාමි තෙ ගාමවරානි සොළසාති.
Sinhala BJT1390. ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් දෙනුන් දහසක් ද පුංගවයකු ද ඇතකු ද ආජානීය සෛන්‍ධවයන් යෙදූ මේ රිය දසයක් ද ගම්වර සොළසක් ද තොපට (ධර්‍මපූජාවට) දෙමි.
Pali BJT3. චතුපොසථිකජාතකං.{*}
Sinhala BJT3. චතුපෝසථික ජාතක යි.
Pali BJT1391. බහුස්සුතො සුතධම්මොසි සඞ්ඛ දිට්ඨා තයා සමණබ්රාහ්මණා ච, අථක්ඛණෙ දස්සයසෙ විලාපං අඤ්ඤොනු කො තෙ පටිමන්තකො මයා.
Sinhala BJT1391. සඞ්ඛ බමුණ, තෙපි බහුශ්‍රුත වූවහු ඇසූ දහම් ඇත්තහු යැ, තොප විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද දක්නා ලදහ. (එහෙත්) නො කල්හි වලප්නහු යැ, (මෙහි) මා හැර පිළිවදන් දෙන්නේ (අනෙක් තැනැත්තේ) කවරෙක් ද?
Pali BJT1392. සුබ්භූ සුභා සුප්පටිමුත්තකම්බු පග්ගය්හ සොවණ්ණමයාය{5} පාතියා{6}, භුඤ්ජස්සු භත්තං ඉති මං වදෙති සද්ධා{7} චිත්තා තමහං නොති බ්රූමි.
Sinhala BJT1392. දුටු දුටුවන්ගේ සිත් ගන්නා මනා බැම ඇති, විසිතුරු රන්අබරණ පැළැඳි ස්ත්‍රියක් රන්තලියෙක ලූ බොජුන් ගෙන ප්‍රීති සිතැති ව බොජුන් බුදින්නා යි කියතුදු, මම (ඊට) නො කැමැතිය යි ඇයට කියමි.
Pali BJT1393. එතාදිසං බ්රාහ්මණ දිස්වා{1} යක්ඛං පුච්ඡෙය්ය පොසො සුඛමාසසානො{2} උට්ඨෙහි තං පඤ්ජලිකාහි පුච්ඡ{3} දෙවීනුසි ත්වං උද මානුසී නු.
Sinhala BJT1393. බමුණ තමාගේ සැපත රුස්නා වූ පුරුෂ තෙම මෙබඳු යක්‍ෂයා දැක (මෙසේ) විචාරන්නේ ය. ඔබ දෙව්දුවක් ද නැතහොත් මනුෂ්‍යස්ත්‍රියක් දැ යි, නැගීසිටගෙන බද්ධාඤ්ජලි වැ විචාරව.
Pali BJT1394. යං ත්වං සුඛෙනාභිසමෙක්ඛසෙ මං භුඤ්ජස්සු භත්තං ඉති මං වදෙසි, පුච්ඡාමි තං නාරි මහානුභාවෙ{4} දෙවීනුසි ත්වං උද මානුසී නු.
Sinhala BJT1394. මහතෙදැති ඉතිරිය, මා බලා බත් බුදින්නැ යි මට කියන තී විතාරමී. තෝ දෙව්දුවක් ද? නැතහොත් මනුෂ්‍ය ස්ත්‍රියක් වහු ද?
Pali BJT1395. දෙවී අහං සඞ්ඛ මහානුභාවා ඉධාගතා සාගරවාරිමජ්ඣෙ, අනුකම්පිකා නො ච පදුට්ඨචිත්තා තමෙව අත්ථාය ඉධාගතොස්මි.
Sinhala BJT1395. සඞ්ඛ බමුණ, මුහුදුදිය මැදට පැමිණි මම මහතෙදැති දෙව්දුවක්මු. සානුකම්පික වූ මම තොපගේ යහපත සලකා මෙහි පැමිණියමු. ප්‍රදුෂ්ට සිතැති ව පැමිණියා නො වෙමි.
Pali BJT1396. ඉධන්නපානං සයනාසනඤ්ච යානානි නානා විවිධානි සඞ්ඛ, සබ්බස්ස ත්යාහං පටිපාදයාමි යං කිඤ්චි තුය්හං මනසාභිපත්ථිතං.
Sinhala BJT1396. සඞ්ඛ බමුණ, තොප රුචි කරන කෑම් බිම් ද ආසන ද නානාවිධ යානාවන් ද යන මේ සියලු දෙය දෙමි.
Pali BJT1397. යං කිඤ්චි යිට්ඨංව හුතං ව මය්හං සබ්බස්ස නො ඉස්සරා ත්වං සුගත්තෙ, සුස්සොණි සුබ්භූ සුවිලාකමජ්ඣෙ කිස්ස මෙ කම්මස්ස අයං විපාකො.
Sinhala BJT1397. මනස්කාන්ත වූ සිරුරැති තොපගේ ඉහ, බැම, හා මැදපෙදෙස දුටුවන් ළගන්නා සුලු වෙයි, මාගේ කිසියම් දානයක හෝ ආගන්තුක සත්කාරයක හෝ (විපාක) වේ ද? එයට ඔබ ඉසුරු ය. මේවා මා කළ කවර කර්‍මයෙක විපාක ද?
Pali BJT1398. ඝම්මෙ පථෙ බ්රාහ්මණ එකභික්ඛුං උග්ඝට්ටපාදං තසිතං කිලන්තං, පටිපාදයි සඞ්ඛ උපාහනාහි සා දක්ඛිණා කාමදුහා තවජ්ජ.
Sinhala BJT1398. දැඩි රශ්මිය පැවැති සමයෙක මහමඟැ උණුවැල්ලේ තැබූ පා ඇති පිපාසායෙන් හා ක්ලාන්තයෙන් විඩා වූ (සිරුරැති) පසේබුදුන් වහන්සේ නමකට වහන්සඟළක් දුන්නේ ය. ඔබ දුන් ඒ දානය අද ඔබට කැමැති කැමැති දෙය දේ.
Pali BJT1399. සා හොතු නාවා ඵලකූප්පන්නා අනවස්සුතා එරකවාතයුත්තා, අඤ්ඤස්ස යානස්ස න හෙත්ථ භූමි අජ්ජෙව මං මොලිනං පාපයස්සු.
Sinhala BJT1399. (නැව් හැර) අන් යානාවකට බිමක් (මෙහි) නැත. ඒ නැව දිය ඇතුළු නො වන පරිදි බොහෝ පුවරු යොදා සකස් වූවක් වේවා, මා අද ම මෝලිනී නගරයට ගෙනයව.
Pali BJT1400. සා තත්ථ චිත්තා{5} සුමනා පතීතා නාවං සුචිත්තං අභිනිම්මිනිත්වා, ආදාය සඞ්ඛං පුරිසෙන සද්ධිං උපානයී නගරං සාධු රම්ම’න්ති.
Sinhala BJT1400. එහි දී ඔහුගේ ප්‍රකාශයන් අසා අතිශයින් ම ප්‍රමුදිත වූ දෙව්දුව විසිතුරු නැවක් මවා සඞ්ඛ නමැති පුරුෂයා සමග සිත් අලවන මෝලිනී නගරයට ගෙන ගියා ය.
Pali BJT4. සඞ්ඛජාතකං.
Sinhala BJT4. සඞ්ඛ ජාතක යි.
Pali BJT1401. යො තෙ ඉමං විසාලක්ඛිං පියං සම්මිල්ලභාසිනිං{1}, ආදාය බලා ගච්ඡෙය්ය කින්නු කයිරාසි බ්රාහ්මණ.
Sinhala BJT1401. බමුණ, යම් කෙනෙක්, විශාල ඇස් ඇති මන්‍දස්මිතයෙන් කතා කරන ඔබගේ ප්‍රියාව පැහැරගෙන ගියෝ නම් කුමක් කෙරේ ද?
Pali BJT1402. උප්පජ්ජ{2} මෙ න මුච්චෙය්ය න මෙ මුච්චෙය්ය{3} ජීවතො රජංව විපුලා වුට්ඨි ඛිප්පමෙව නිවාරයෙ.
Sinhala BJT1402. මගේ සිතෙහි හටගත් කෝපය ඇය නො මුදන්නේ ය. යම්තාක් කල් මම ජීවත් වෙම් ද ඒතාක් සිතෙහි කෝපයට රැඳෙන්නට නො දෙමි. මහවැස්ස වහා ධූලි නවතන්නා සේ කෝපය වළකා ගනිමි.
Pali BJT1403. යන්නු පුබ්බෙ විකත්ථිත්ථො{4} බලම්හි ච අපස්සිතො, ස්වාජ්ජ{5} තුණ්හීකකොදානි{6} සඞ්ඝාටිං සිබ්බමච්ඡසි.
Sinhala BJT1403. පෙරැ ඔබ යමක් ප්‍රකාශ කළේ ද (දන්) බලවතකු සේ තුෂ්ණීම්භූත ව සඟළ සිවුර මසමින් සිටී.
Pali BJT1404. උප්පජ්ජ මෙ න මුච්චිත්ථ{7} නමෙ මුච්චිත්ථ ජීවතො රජංව විපුලා වුට්ඨි ඛිප්පමෙව නිවාරයිං.
Sinhala BJT1404. මාගේ කෝපය උපන් නමුදු මෙරමාහට දැනෙන පරිදි නො පහළ විය, ජීවත් ව සිටින තුරු සිතෙහි කෝපය ඉපදීමට ඉඩ නො දෙන්නේ ය. මහවැස්ස ධූලි වළකන්නා සේ කෝපය වැළැකීමි.
Pali BJT1405. කින්තෙ උප්පජ්ජි නො මුච්චි{7} කින්තෙ නො මුච්චි ජීවතො, රජංව විපුලා වුට්ඨි කතමං ත්වං නිවාරයී.
Sinhala BJT1405. තොපගේ සිතෙහි ඉපැදුණේ කුමක් ද? ප්‍රකාශ නො වූයේ කුමක් ද? ජීවත් වන තොප කෙරෙන් නො මිදුණේ කුමක් ද? මහවැස්ස ධූලි වළකන්නා සේ තොප වැළැකුයේ කුමක් ද?
Pali BJT1406. යම්හි ජාතෙ න පස්සති අජාතෙ සාධු පස්සති, සො මෙ උප්පජ්ජි නො මුච්චි කොධො දුම්මෙධගොචරො.
Sinhala BJT1406. යමක් හටගත් කලැ ආත්මාර්‍ත්‍ථය නො දකී ද. (එය) නො හට ගත් කලැ (ආත්මාර්‍ත්‍ථය) මනාසේ දකී ද, ඒ ක්‍රෝධය මා සිතැ උපනි. මිදුණේ නො වේ. (හෙවත් කෝපය හටගත් බව මෙරමාහට නො හැඟුණේ ය.) ක්‍රෝධය මෝඩයන්ට ගෝචර ය.
Pali BJT1407. යෙන ජාතෙන නන්දන්ති අමිත්තා දුක්ඛමෙසිනො, සො මෙ උප්පජ්ජි නො මුච්චි කොධො දුම්මෙධගොචරො.
Sinhala BJT1407. යමක් හටගැනීම නිසා දුක රුස්නා සතුරෝ සතුටු වෙත් ද එය මට උපනි. නො මිදුණේ ය. ක්‍රෝධය අඥානයන්ට ගෝචර වෙයි.
Pali BJT1408. යස්මිඤ්ච ජයමානස්මිං සදත්ථං නාවබුජ්ඣති. සො මෙ උප්පජ්ජි නො මුච්චි කොධො දුම්මෙධගොචරො.
Sinhala BJT1408. යමක් හටගන්නා කල්හි ආත්මාර්‍ත්‍ථය අවබෝධ නො වේ ද, එය මට උපන නො මිදුණේ ය. ක්‍රෝධය අඥානයන්ට ගෝචර වෙයි.
Pali BJT1409. යෙනාභිභූතො කුසලං ජහාති පරක්කරෙ විපුලඤ්චාපි අත්ථං, ස භීමසෙනො බලවා පමද්දී කොධො මහාරාජ න මෙ අමුච්චථ.
Sinhala BJT1409. මහරජ, කෝපය විසින් මඩනා ලද කලැ දශපුණ්‍යක්‍රියා දුරු කෙරේ. මහත් වූ දියුණුව බැහැර කෙරේ. කෙලෙස් සේනාවෙන් බලවත් වූ කෝපය උතුමන් පවා මඩී, එය මාගෙන් නො මිදුණේ ය.
Pali BJT1410. කට්ඨස්මිං මන්ථමානස්මිං පාවකො නාම ජායති, තමෙව කට්ඨං ඩහති යස්මා සො ජායතෙ ගිනි.
Sinhala BJT1410. වියැළි ලීය ගටන කලැ ගින්න හටගනී. ඒ ගින්න යම් ලීයක් නිසා උපදී නම් එය ම දවයි.
Pali BJT1411. එවං මන්දස්ස පොසස්ස බාලස්ස අවිජානතො සාරම්භා ජායතෙ කොධො සොපි තෙනෙව ඩය්හති{1}.
Sinhala BJT1411. එ පරිදි මන්‍ද බුද්ධික කිසිත් නො දත් පුරුෂයාගේ සංරම්භයෙන් (එකට එක කීමෙන්) ක්‍රෝධය හටගනී. හෙතෙම එම කෝපයෙන් දවනු ලබයි.
Pali BJT1412. අග්ගීව තිණකට්ඨස්මිං කොධො යස්ස පවඩ්ඪති, නිහීයති තස්ස යසො කාළපක්ඛෙව චන්දිමා.
Sinhala BJT1412. තණකොළ හා දර නිසා හටගන්නා ගින්න ලෙස, යමකුගේ (සිතැ) කෝපය වැඩේ ද කෘෂ්ණ පක්‍ෂයෙහි චන්‍ද්‍රයා පරිදි ඔහුගේ යශස පිරිහේ.
Pali BJT1413. අනින්ධො{2} ධූමකෙතුව කොධො යස්සූපසම්මති, ආපූරති තස්ස යසො සුක්කපක්ඛෙව චන්දිමාති.
Sinhala BJT1413. යමකුට හටගත් කෝපය දර නැති ගින්න සේ නිවී සන්හිඳේ ද, පුරපසෙහි සඳ සේ ඔහුගේ යශස වැඩේ.
Pali BJT5. චුල්ලබොධිජාතකං.
Sinhala BJT5. චුල්ලබොධි ජාතක යි.
Pali BJT1414. සත්තාහමෙවාහං පසන්නචිත්තො පුඤ්ඤත්ථිකො අචරිං{3} බ්රහ්මචරියං අථාපරං යං චරිතං මමයිදං{4}, වස්සානි පඤ්ඤාස සමාධිකානි අකාමකො වාපි අහං චරාමි එතෙන සච්චෙන සුවත්ථි හොතු හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
Sinhala BJT1414. පින් කැමැති මම චිත්තප්‍රසාදය ඇති ව සත් දවසක් බ්‍රහ්මචාරී ව වුසූයෙම් ද, පනස් වසකට වැඩි කලක් තපස් රැක්කෙම් ද, මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
Pali BJT1415. යස්මා දානං නාභිනන්දිං කදාචි දිස්වානාහං අතිථිං වාසකාලෙ, නචාපි මෙ අප්පියතං අවෙදුං බහුස්සුතා සමණා බ්රාහ්මණා ච{5} අකාමකො වා හි අහං දදාමි, එතෙන සච්චෙන සුවත්ථි හොතු හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
Sinhala BJT1415. දන් දීමට මම කිසි කලෙකත් සතුටු නො වීම් ද, නවාතැන් ගැනීමට පැමිණි ආගන්තුකයා දැක සතුටු නො වීම් ද, බහුශ්‍රුත වූ මහණබමුණෝ මා නො කැමැත්තෙන් දන් දෙන බව නො දත්තෝ ද මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
Pali BJT1416. ආසීවිසො තාත පහූතතෙජො{6} යො තං අදංසි{7} ඛිලරා{8} උදිච්ච තස්මිඤ්ච මෙ අප්පියතාය අජ්ජ, පිතරඤ්ච තෙ නත්ථි කොචි විසෙසො එ තෙන සච්චෙන සුවත්ථි හොතු හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
Sinhala BJT1416. දරුව, මහත් තෙදැති ඝෝරවිෂ සහිත යම් ආශීර්විෂයෙක් තුඹසින් නැඟී තා ඩැසී ද, ඒ සර්‍පයා කෙරෙහි ත් ඔබ පියා කෙරෙහි ත් අද විශේෂ ප්‍රිය බවක් නැත. මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
Pali BJT1417. සන්තා දන්තා යෙව පරිබ්බජන්ති අඤ්ඤත්ර කණ්හා අනකාමරූපා, දීපායන කිස්ස ජිගුච්ඡමානො අකාමකො චරසි බ්රහ්මචරියං.
Sinhala BJT1417. කණ්හදීපායනය, (ඔබ හැර) සෙස්සෝ සන්සුන් ව දමනය කළ ඉඳුරන් ඇති ව ප්‍රව්‍රජ්‍යාව කෙරෙහි කැමැති ව පැවිදි වෙති. කවර කරුණක් නිසා තවුස් දම් රැකීම් පිළිකුල් කෙරෙමින් බඹසර විසීමට නො කැමැත්තෙහි ද?
Pali BJT1418. සද්ධාය නික්ඛම්ම පුනං{1} නිවත්තො සො එළමුගොව බලො{2}වතායං, එතස්ස වාදස්ස ජිගුච්ඡමානො අකාමකො චරාමි බ්රහ්මචරියං විඤ්ඤුප්පසත්ථඤ්ච{3} සතඤ්ච ඨානං එවම්පහං පුඤ්ඤකාරො භවාමි.
Sinhala BJT1418. කෙළතොල්ලකු වූ එකැතින් ම මෝඩ වූ නුවණ රහිත වූ මෙතෙම සැදෑයෙන් ගිහි ගෙය හැර පියා ගොස් පෙරළා ගිහි බවට පැමිණියේ ය යන මේ වචනයට පිළිකුල් කෙරෙමින් නො කැමැත්තෙන් බඹසර හැසිරෙමි. එතෙකුදුවත්, පැවිද්ද සාධුන්ගේ වාසය යි බුද්ධාදී උතුමෝ පසසති. මෙසේ හෙයින් මම පින් කරන්නෙම් වෙමි.
Pali BJT1419. සමණෙ තුවං බ්රාහ්මණෙ අද්ධිකෙ ච සන්තප්පයාසි අන්නපානෙන භික්ඛං, ඔපානභූතං ච ඝරං තවයිදං අන්නෙන පානෙන උපෙතරූපං අථ කිස්ස වාදස්ස ජිගුච්ඡමානො අකාමකො දානමිමං දදාසි.
Sinhala BJT1419. ඔබ මහණ බමුණන් හා මගියන් හා භික්‍ෂූන් ආහාර පානයෙන් සන්තර්‍පණය කරන්නාව. කන බොන දෑ ඇති ඔබගේ නිවාසය සතරමංසන්‍ධියෙක (කැණු) පොකුණක් වැන්න, කාගේ බසක් පිළිකුල් කරමින් මේ දානය නො කැමැත්තෙන් දෙයි ද?
Pali BJT1420. පිතරො ච මෙ ආසුං පිතාමහා ච සද්ධා අහූ{4} දානපතී වදඤ්ඤූ තං කුල්ලවත්තං{5} අනුවත්තමානො, මාහං කුලෙ අන්තිම ගන්ධිනො අහුං එතස්ස වාදස්ස ජිගුච්ඡමානො අකාමකො දානමිමං දදාසි.
Sinhala BJT1420. මාගේ මව් පිය මුතුන්මිත්තෝ සැදැවත් දානපතියෝ වූහ. ප්‍රතිග්‍රාහකයන්ගේ වචන වටහා ගත්තෝ ය. ඒ පරපුරෙන් ආ සිරිත අනුගමනය කරන මම ‘කුලයෙහි අන්තිමයා හිස් පුඟුලෙක් නො වේවා”යි (සිතන්නෙම්) මේ වචනය පිළිකුල් කරමින් නො කැමැත්තෙන් දන් දෙමි.
Pali BJT1421. දහරිං කුමාරිං අසමත්ථපඤ්ඤං යං තානයිං{6} ඤාතිකුලා සුගත්තෙ න චාපි මෙ අප්පියතං අවෙදි, අඤ්ඤත්ර කාමා පරිචාරයන්තී{7} අථ කෙන වණ්ණෙන මයා තෙ{8} භොති සංවාසධම්මො අහු එවරූපො.
Sinhala BJT1421. හොබනා සිරුරු ඇත්තිය, ඉතා තරුණ වූ ගෘහසංවිධානය කිරීමට තරම් මේරූ නුවණ නැති, (ඔබ) තීගේ නෑයන්ගෙන් ගෙන ආයෙමි. මට මෙහෙවර කිරීමෙහි ඔබ නුරුස්නා බවක් නො හැඟ වීය. මා හා එක් ව වාසය කිරීම කවර කරුණෙකින් මෙසේ වී ද?
Pali BJT1422. ආරා දූරෙ න ඉධ{9} කදාචි අත්ථි පරම්පරා නාම කුලෙ ඉමස්මිං තං කුල්ලවත්තං අනුවත්තමානා, මාහං කුලෙ අන්තිමගන්ධිනී අහුං එතස්ස වාදස්ස ජිගුච්ඡමානා අකාමිකා{10} බද්ධචරාස්මි තුය්හං.
Sinhala BJT1422. ඉතා ඈත සිට අප කුලයෙහි පුරුෂ පරපුරෙක් නො වී ය. කුල සිරිත අනුව පවත්නා වූ මා නිසා කුලය හිස් නො වේවා යී සිතන්නෙම්. මේ වචනය පිළිකුල් කරමින් නො කැමැත්තෙන් ඔබට පාදපරිචාරිකා වීමි.
Pali BJT1423. මණ්ඩව්ය භාසිස්සං අභාසනෙය්යං{11} තං ඛම්යතං පුත්තහෙතු මමජ්ජ, පුත්තපෙමා{12} න ඉධ පරත්ථි කිඤ්චි. සො නො අයං ජීවති යඤ්ඤදත්තොති.
Sinhala BJT1423. මාණඩව්‍යය, නො කියයුතු දෙයක් කීවෙමි. මාගේ ඒ කීම පුතු ගැන සිතා කමා කෙරේවා, පුත්‍ර ප්‍රේමයට වැඩි ප්‍රේමයෙක් මෙ ලොවැ නැත. ඒ අප යඤ්ඤදත්ත කුමාරයා ජීවත් වේවා.
Pali BJT6. කණ්හදීපායනජාතකං.
Sinhala BJT6. කණ්හදීපායන ජාතක යි.
Pali BJT1424. නචාහමෙතං ජානාමි කොවායං කස්ස චාති වා{1}, යථා සාඛො වදී එවං නිග්රොධ කින්ති මඤ්ඤසි.
Sinhala BJT1424. නිග්‍රෝධ රජුනි, මම මොහු නො දනිමි. මේ තෙම කාගේ කවරෙක් දැ යි සාඛයා යම්සේ කී ද, කෙසේ ද ඔබ ත් එසේ සිතවු ද?
Pali BJT1425. තතො ගලවිනීතෙන පුරිසා නීහරිංසු මං, දත්වා මුඛ පහාරානි සාඛස්ස වචනං කරා.
Sinhala BJT1425. සාඛයාගේ වචන කරවූ, සේවකයෝ මුඛප්‍රහාරය දී ගෙල ගැනීමෙන් මා ඉවතට දැමූහ.
Pali BJT1426. එතාදිසං දුම්මතිනා අකතඤ්ඤූන{2}දුබ්භිනා, කතං අනරියං සාඛෙන සාඛිනා තෙ ජනාධිප.
Sinhala BJT1426. ජනාධිපය, ඔබ ගේ මිත්‍රයකු වූ නුවණ නැති අකෘතඥ මිත්‍රද්‍රෝහි සාඛයා විසින් මෙබඳු පහත් ක්‍රියාවක් කරන ලද.
Pali BJT1427. නචාහං මෙතං ජානාමි නපි මෙ කොචි සංසති, යම්මෙ ත්වං සම්ම අක්ඛාසි සාඛෙන කඩ්ඪනං කතං{3}.
Sinhala BJT1427. මිතුර ඔබ මට යමක් කිවු ද, එය මම නො දනිමි. සාඛයා කළ තැළුම් පෙළුම් කිසිවෙක් මට නො කී යැ.
Pali BJT1428. සඛීනං සාජීවකාරො මම සාඛස්ස චූභයං, ත්වං නො ඉස්සරියං දාතා මනුසෙස්සු මහග්ගතං. තයම්භා ලභිතා ඉද්ධි එත්ථ මෙ නත්ථි සංසයො.
Sinhala BJT1428. ඔබ මටත් සාඛයාටත් එක සමාන ව සංග්‍රහ කළහු ය. මනුෂ්‍යයන් අතරේ ඉසුරු හා දියුණුව ඔබගෙන් අපි ලදුම්හ. මේ කරුණෙහි සැකයක් නැත.
Pali BJT1429. යථාපි බීජං අග්ගිස්මිං ඩය්හති න විරූහති, එවං කතං අසප්පුරිසෙ නස්සති න විරූහති.
Sinhala BJT1429. ගින්නෙහි ලූ බීජය ද දැවී යම්සේ (යළි) නො හටගන්නේ ද, එසේ අකෘතඥයාට කළ උපකාරය ද නැසේ. (නැවත) නො වැඩේ.
Pali BJT1430. කතඤ්ඤුම්භී ච පොසම්භි සීලවන්තෙ අරියවුත්තිනෙ, සුඛෙත්තෙ විය බීජානි කතං තම්හි න නස්සති.
Sinhala BJT1430. සිල්වත් ශ්‍රේෂ්ඨ පැවැතුම් ඇති කෘතොපකාර දත් සත්පුරුෂයාට කළ උපකාරය සරුකෙතෙකැ වපුළ බිජුවට මෙන් (වැඩේ.) නො නසී.
Pali BJT1431. ඉමඤ්ච ජම්මං{4} නෙකතිකං අසප්පුරිසචින්තකං{5}, හනත්තු සාඛං සත්ථීහි නාස්ස ඉච්ඡාමි ජීවිතං.
Sinhala BJT1431. අසත්පුරුෂ සිතිවිලි ඇති ලාමක වූ කපටි වූ මේ සාඛයා තෙබින් (ඇණ) නසත්වා. මොහුගේ ජීවිතය (මම) නො රුස්නෙමි.
Pali BJT1432. ඛම්යතස්ස{6} මහාරාජ පාණා දුප්පටිආනයා, ඛම දෙව අසප්පුරිසස්ස නාස්ස ඉච්ඡාමහං වධං.
Sinhala BJT1432. මහරජ, අසත්පුරුෂ මොහුට කමා කෙරේවා. මළවුන්ගේ ප්‍රාණයෝ යළි ගෙන්වා ගන්නට නො හැකි වෙති. රජතුමනි, කමා කරනු මනා ය. මම මොහුගේ වධය නො රුස්නෙමි.
Pali BJT1433. නිග්රොධමෙව සෙවෙය්ය න සාඛමුපසංවසෙ, නිග්රොධස්මිං මතං සෙය්යො යඤ්චෙ සාඛස්මි ජීවිතන්ති.
Sinhala BJT1433. නිග්‍රෝධයා ම ඇසුරු කරන්න. සාඛයා ගේ ඇසුරට නො යන්න. සාඛයා සමීපයේ ජීවත් වීමට වඩා නිග්‍රෝධයා සමීපයේ මිය යාම උතුම් වේ.
Pali BJT7. නිග්රොධජාතකං.
Sinhala BJT7. නිග්‍රෝධ ජාතක යි.
Pali BJT1434. න තක්කළා සන්ති න ආලුපානි න බිළාලියො න කලම්බානි තාත, එකො අරඤ්ඤම්හි සුසානමජ්ඣෙ කිමත්ථිකො තාත ඛණාසි{1} කාසුං.
Sinhala BJT1434. පියාණෙනි, කුකුළල ද වැල්ලල ද සිරිඅල ද තල්අල ද මෙහි නැත. එහෙත් හුදෙකලා ව වනයේ සොහොන මැද වළක් කණනෙහි. පියාණෙනි, කුමක් කැමැත්තෙහි ද?
Pali BJT1435. පිතාමහො තාත සුදුබ්බලො තෙ අනෙකව්යාධීහි දුඛෙන{2} ඵුට්ඨො, තමජ්ජහං නිඛණිස්සාමි සොබ්භෙ නහිස්ස තං ජීවිතං රොචයාමි
Sinhala BJT1435. පුත්‍රය, ඔබ මුත්තණුවෝ නොයෙක් රෝගයෙන් දුකින් පීඩා ලදහු බොහෝ දුබලයහ. අද මම ඔහු වළෙහි දමමි. ඔහුගේ ජීවත් වීම නො කැමැත්තෙමි.
Pali BJT1436. සඞ්කප්පමෙතං පටිලද්ධ පාපං අච්චාහිතං කම්ම කරොසි ලුද්දං. මයාපි තාත පටිලච්ඡසෙ තුවං එතාදිසං කම්ම{3} ජරූපනීතො{4}, තං කුල්ලවත්තං අනුවත්තමානො අහම්පි තං නිඛණිස්සාමි සොබ්භෙ.
Sinhala BJT1436. තොප විසින් තෙල පාපසංකල්පයෙක් ලබන ලද යැ. හිතෛෂී බව ඉක්මවා ගිය දරුණු පාපකර්‍මයක් කරන්නෙහි ය. පියාණෙනි, ජරාවට පත් තෙපි මෙබඳු ක්‍රියාවකින් (සංග්‍රහ) ලබන්නහුය. පාරම්පරික චාරිත්‍රය අනුව සිරිත් පවත්වන මමත් ඔබ වළට දමමි.
Pali BJT1437. ඵරුසාහි වාචාහි පකුබ්බමානෙ ආසජ්ජ මං ත්වං වදසෙ කුමාර, පුත්තො මම ඔරසකො සමානො අහිතානුකම්පී මෙ ත්වංසි පුත්ත.
Sinhala BJT1437. කුමාරය, නුඹ පරොස් බසින් මට ගටා බෙණෙහි. පුත්‍රය තෝ මාගේ ඖරස පුත්‍ර වුවද මා කෙරෙහි අනුකම්පා නැත්තෙහි.
Pali BJT1438. න තාහං{5} තාත අහිතානුකම්පී හිතානුකම්පී තෙ අහංපි තාත, පාපඤ්ච තං කම්ම පකුබ්බමානං අරහාමි නො වාරයිතුං තතො හි.
Sinhala BJT1438. පියාණෙනි, මම තොපට අනුකම්පා නැත්තෙම් නො වෙමි. තොප කෙරෙහි හිතානුකම්පා ඇත්තෙමි. පාපකර්‍මයක් කරන තොප (ඉන්) මුදාලන්නට සුදුස්සෙමි.
Pali BJT1439. යො මාතරං පිතරං වා වසිට්ඨ{6} අදූසකෙ හිංසති පාපධම්මො, කායස්ස භෙදා අභිසම්පරායං අසංසයං සො නිරයං පරෙති.
Sinhala BJT1439. වසිට්ඨය, පාපි පැවැතුම් ඇති යමෙක් නිරපරාධ මවුපියනට හිංසා කෙරේ ද හේ මරණින් මතු සැක නැතිව ම නරකයට යන්නේ ය.
Pali BJT1440. යො මාතරං පිතරං වා වසිට්ඨ අන්නෙන පානෙන උපට්ඨහාති, කායස්ස භෙදා අභිසම්පරායං අසංසයං සො සුගතිං පරෙති.
Sinhala BJT1440. වසිට්ඨය, යමෙක් මව්පියන් කෑමෙන් බීමෙන් උවටැන් කෙරේ ද හේ මරණින් මතු සැක නැති ව ම දෙව්ලොවට යන්නේ ය.
Pali BJT1441. න මෙ ත්වං පුත්ත අහිතානුකම්පී හිතානුකම්පී මෙ ත්වංසි පුත්ත, අහඤ්ච තං මාතරා වුච්චමානො එතාදිසං කම්ම කරොමි ලුද්දං.
Sinhala BJT1441. පුත්‍රය, නුඹ මට හිතානුකම්පා නැති නො වෙහි. නුඹ මට හිතානුකම්පා ඇතියව. මම වනාහි තොපගේ මව කියන හෙයින් මෙ වැනි දරුණු පාප කර්‍මයක් කරමි.