Pali BJT1264. සොහං සතං අඤ්ඤතරොස්මි හංස ඤාතී ච මෙ හොති සඛා ච රුක්ඛො, තං නුස්සහෙ ජීවිකත්ථො පහාතුං ඛීණන්ති ඤත්වාන නහෙසධම්මො.
Sinhala BJT1264. එම්බා හංසය, ඒ මම සත්පුරුෂයන් අතර එකෙකිමී, මට මේ ගස නෑයෙක් ද යහළුවෙක් ද වේ. මෙය පිරිහිණැ යි දැන තම ජීවිතය රකිනු සඳහා මෙය හරින්නට වෑයම් නො කරමි. පල රහිත යයි (සිතා) එය හැර දැමීම සත්පුරුෂධර්‍මය නො වේ.
Pali BJT1265. සාධු සක්ඛිකතං හොති මෙත්ති{4} සංසති සන්ථවො, සචෙ තං ධම්මං රොචෙසි පාසංසොසි විජානතං.
Sinhala BJT1265. යහළුකම ද මෛත්‍රිය ද පිරිස ඇසුරු කිරීම ද කරන ලද්දේ මැනැවි. ඒ ධර්‍ම තුන රුස්නෙහි නම් නුවණැත්තන්ගේ පැසැසුමට සුදුස්සෙක් වෙහි.
Pali BJT1266. සො තෙ සුව වරං දම්මී පත්තවාන විහඞ්ගම, වරං වරස්සු වක්කඞ්ග යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1266. පියාපත් යාන කොට ඇත්තා වූ අහසින් යන්නා වූ වක් ගෙළ ඇත්තා වූ ගිරවාණෙනි, ඒ මම ඔබට කැමැති වරයක් දෙමි. යමක් සිතින් කැමැත්තෙහි ද ඒ වරය ඉල්ලන්න.
Pali BJT1267. වරඤ්ච මෙ හංස භවං දදෙය්ය අයං{5} හි රුක්ඛො පුනරායුං ලභෙථ, සො සාඛවා ඵලිමා සංවිරූළ්හො මධුත්ථිකො තිට්ඨතු සොභමානො.
Sinhala BJT1267. එම්බා හංසය, ඉදින් තෙපි මට වරයක් දෙන්නහු නම්, මේ දිඹුල්රුක නැවත ආයුෂ ලබාවා. ගස අතුපතර ඇති මිහිරි පල සහිත වැ මනාව වැඩුණෙක් වැ ශෝභමාන වැ සිටීවා.
Pali BJT1268. තං පස්ස සම්ම එලිමං උළාරං සහාව තෙ හොතු උදුම්බරෙන, සො සාඛවා එලිමා සංවිරූළ්හො මධුත්ථිකො තිට්ඨතු සොභමානො.
Sinhala BJT1268. මිතුර, මහත් පල ඇති ඒ ගස බලන්න. දිඹුල්ගස හා ම ඔබගේ වාසය වේවා, දිඹුල්ගස අතුපතර සහිත ව මනාව වැඩුණේ මිහිරිපල සහිත ව හොබනේ වේවා.
Pali BJT1269. එවං සක්ක සුඛී හොහි සහ සබ්බෙහි ඤාතිභි, යථාහමජ්ජ සුඛිතො දිස්වාන එලිතං දුමං.
Sinhala BJT1269. ශක්‍රදේවේන්‍ද්‍රය, අද මම ඵල සහිත ගස දැක යම්සේ සුවපත් වූයෙම් ද, එසේ ම ඔබ ද සියලු නෑයන් සමග සුවපත් වෙත්වා.
Pali BJT1270. සුවස්ස ච වරං දත්වා කත්වාන සඵලං දුමං, පක්කාමි සහභරියාය දෙවානං නන්දනං වන’න්ති.
Sinhala BJT1270. දිඹුල්ගස ඵල සහිත කොට ගිරවාට වරය දී ශක්‍රයා බිරිය සමග දෙවියන්ගේ නන්‍දනෝද්‍යානයට ගියේ ය.
Pali BJT3. මහාසුකජාතකං.
Sinhala BJT3. මහාසුක ජාතක යි.
Pali BJT1271. සන්ති රුක්ඛා හරිතපත්තා දුමා නෙකඵලා බහු, කස්මා නු සුක්ඛෙ කොළාපෙ සුකස්ස නිරතො මනො.
Sinhala BJT1271. නීල්කොළ සහිත රුක්හු ඇත. ගෙඩි සහිත බොහෝ රුක්හු වෙත්. පවන් හමන කලැ හඬන සිදුරු සහිත වියැළි රුකෙහි ගිරවාගේ සිත කවර හෙයින් ඇලුණේ ද?
Pali BJT1272. ඵලස්ස උපභුඤ්ජිම්හා නෙකවස්සගණෙ බහු, අඵලම්පි විදිත්වාන සාව මෙත්ති යථාපුරෙ.
Sinhala BJT1272. අවුරුදු බොහෝ ගණනක් (මේ ගසේ) ගෙඩි බුදීමු. ගසේ පල නැති බව දැනැ ද පෙර යම්සේ මිතුරු බවක් වී ද, පල නැති කල්හි දු (මිත්‍රකම) එසේ ම වේ.
Pali BJT1273. සුක්ඛඤ්ච රුක්ඛං කොළාපං ඔපත්තමඵලං දුමං, ඔහාය සකුණා යන්ති කිං දොසං පස්සයෙ දිජ{1}
Sinhala BJT1273. වියැළි ගියා වූ ද පවනින් හඬන්නා වූ ද හැලුණ කොළ ඇති රුක හැරපියා පක්‍ෂීහු යෙති. මෙහි ගිරවාණෙනි, කවර වරදක් දක්නහු ද?
Pali BJT1274. යෙ ඵලත්ථා සම්භජන්ති අඵලොති ජහන්ති නං, අත්තට්ඨ{2}පඤ්ඤා දුම්මෙධා තෙ හොන්ති පක්ඛපාතිනො.
Sinhala BJT1274. යම් කෙනෙක් පල අපේක්‍ෂාවෙන් සෙවුනාහු ද, පල නැති කලැ (ඵල නැතැ යි) එය හැර දමත් ද, ඒ ආත්මාර්‍ත්‍ථකාමී නුවණ ඇති අසත්පුරුෂ බුද්ධිමතා මිත්‍රපක්‍ෂය නසයි.
Pali BJT1275. සාධු සක්ඛි කතං හොති මෙත්ති සංසති සන්ථවො, සචෙ තං ධම්මං රොචෙසි පාසංසොසි විජානතං.
Sinhala BJT1275. යහළු බව කරන ලදුයේ මැනැව. මෛත්‍රිය ද පිරිස්හි සමාගමය ද කරන ලද්දේ මැනැව, ඒ ත්‍රිවිධධර්‍මය රුස්නෙහි නම් පණ්ඩිතයන් ගේ පැසැසුමට සුදුස්සෙහි.
Pali BJT1276. සොතෙ සුව වරං දම්මි පත්තයාන විහඞ්ගම, වරං වරස්සු වක්කඞ්ග යංකිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT1276. පියාපත් යාන කොට ඇත්තා වූ ද අහසින් යන්නා වූ ද වක් ගෙළ ඇත්තා වූ ද ගිරවාණෙනි, ඒ මම ඔබට කැමැති වරයක් දෙමි. සිතින් කැමැති වන යමක් ඇතොත් එය ඉල්ලන්න.
Pali BJT1277. අපි නාම නං පුන පස්සෙ{3} සපත්තං සඵලං දුමං, දළිද්දොව නිධි ලද්ධා නන්දෙය්යාහං පුනප්පුනං.
Sinhala BJT1277. කොළ සහිත පල සහිත ඒ ගස දක්නෝ නම් ඉතා මැනැවි. නිධානයක් ලද දිළින්දකු මෙන් එය නැවැත නැවැත අභිනන්‍දනය කරන්නේ නම් ඉතා යෙහෙක.
Pali BJT1278. තතො අමතමාදාය අභිසිඤ්චි මහීරුහං, තස්ස සාඛා විරූහිංසු{4} සීතච්ඡායා මනොරමා.
Sinhala BJT1278. ඒ නදියෙන් දිය ගෙන දිඹුල්ගසට වක්කෙළේ ය. ඒ ගසේ සිහිල් සෙවණ දෙන සිත්කලු අතුපතර වැඩී ගියේ ය.
Pali BJT1279. එවං සක්ක සුඛී හොහි සහ සබ්බෙහි ඤාතිභි, යථාහමජ්ජ සුඛිතො දිස්වාන සඵලං දුමං.
Sinhala BJT1279. ශක්‍ර දේවේන්‍ද්‍රය, මම පල ඇති ගස දැක යම්සේ සුවපත් වීමි ද, එසේ ම ඔබ ද සියලු නෑයන් සමග සුවපත් වෙත් වා !
Pali BJT1280. සුවස්ස ච චරං දත්වා කත්වාන සඵලං දුමං, පක්කාමි සහ භරියාය දෙවානං නන්දනං වන’න්ති.
Sinhala BJT1280. දිඹුල්ගස පල සහිත කොට ගිරවාට වරය දී ශක්‍රයා බිරිය සමග දෙවියන්ගේ නන්‍දනෝද්‍යානයට ගියේ ය.
Pali BJT4. චුල්ලසුකජාතකං.
Sinhala BJT4. චුල්ලසුක ජාතක යි.
Pali BJT1281. සුතං මෙතං මහාබ්රහ්මෙ කාමෙ භුඤ්ජති හාරිතො{1}, කච්චෙතං වචනං තුච්ඡං කච්චි සුද්ධො ඉරිය්යසි.
Sinhala BJT1281. මහ බමුණ, හාරිත තවුසා කාමසම්පත් අනුභව කරතැ යි මා විසින් මෙය අසන ලදී. කිමෙක් ද? මේ වචනය බොරු ද? කිමෙක් ද, පවිත්‍ර වැ වෙසෙහි ද?
Pali BJT1282. එවමෙතං මහාරාජ යථා තෙ වචනං සුතං, කුම්මග්ගෙ{2} පටිපන්නොස්මි මොහනෙය්යෙසු මුච්ඡිතො.
Sinhala BJT1282. මහරජ, ඔබ යම්සේ අසන ලද ද, එය එසේ ම ය. සත්ත්‍වයන් මුළා කරන පංචකාමගුණයෙහි මුළා වූයෙම් වැරැදි මඟ පිළිපන්නෙම් වෙමි.
Pali BJT1283. ආදු{3} පඤ්ඤා කිමත්ථියා නිපුණා සාධු චින්තනී{4}, යාය උප්පතිතං රාගං කිං මනො න විනොදයෙ.
Sinhala BJT1283. කෙබඳු සිතක් වුව ද, උපන් රාගය (ඒ සිතැ වූ) යම් ප්‍රඥාවෙකින් දුරු නො කරන්නේ වී නම්, සියුම් වූ, සර්‍වාර්‍ත්‍ථයන් මැනැවින් සිතන, ඒ ප්‍රඥාව කුමට ද?
Pali BJT1284. චත්තාරො මෙ මහාරාජ ලොකෙ අතිබලා භුසා, රාගො දොසො මදො මොහො යත්ථ පඤ්ඤා න ගාධතී.
Sinhala BJT1284. මහරජ, යමෙක ප්‍රඥාව නො බැස ගනී ද එසේ වූ රාග ද්වේෂ මද මෝහ යන මේ සතර ලොවැ අත්‍යර්‍ත්‍ථයෙන් ම ඉතා ම ප්‍රබලහ.
Pali BJT1285. අරහං{5} සීලසම්පන්නො සුද්ධො චරති හාරිතො, මෙධාවී පණ්ඩිතො චෙව ඉති නො සම්මතො භවං
Sinhala BJT1285. පූජාර්‍හ වූ ශීලසම්පන්න වූ, හාරිත තවුසාණෝ පිරිසිදු වැ හැසිරෙති. නුවණැතියෝ යැ යි පණ්ඩිතයෙකැ යි අප විසින් බුහුමන් කරන ලදී.
Pali BJT1286. මෙධාවිනම්පි හිංසන්ති ඉසිං ධම්මගුණෙ රතං, විතක්කා පාපකා රාජ සුභා රාගූපසංහිතා.
Sinhala BJT1286. මහරජ, ශුහ නිමිති ගැනීමෙන් පැවැති, රාග නිඃෂග්‍රිත වූ, ලාමක කාමවිතර්‍කයෝ දහම්ගුණයෙහි ඇලුණු නුවණැති වූ ද තවුසාට පවා හිංසා කෙරෙති.
Pali BJT1287. උප්පන්නායං සරීරජො රාගො වණ්ණවිදුසනො තවං, තං පජහ{6} භද්දමත්ථු{7} තෙ බහුන්නාසි{8} මෙධාවීසම්මතො.
Sinhala BJT1287. ඔබට යහපතෙක් වේ වා. ඔබ බොහෝ දෙනා අතුරෙහි නුවණ ඇත්තෙකැ යි ප්‍රසිද්ධ වූවෝ ය. ඔබේ සිරුරේ හටගත් ගුණවර්‍ණ රූපවර්‍ණ දෙක අපවිත්‍ර කරන මේ රාගය උපන. එය දුරු කරන්න.
Pali BJT1288. තෙ අන්ධකරණෙ කාමෙ බහුදුක්ඛෙ මහාවිසෙ, තෙසං මූලං ගවෙසිස්සං ඡෙච්ඡං රාගං සබන්ධනං.
Sinhala BJT1288. නුවණැස අඳුරු කරන, බොහෝ දුකට හේතුවන මහා විෂයක් වැනි ඒ කාමයන් දුරු කරන්නට ඔවුන්ගේ මුල සොයන්නෙමි. බැඳුම් සහිත රාගය සිඳින්නෙමි.
Pali BJT1289. ඉදං වත්වාන හාරිතො ඉසි සච්චපරක්කමො, කාමරාගං විරාජෙත්වා බ්රහ්මලොකූපගො අහූති.
Sinhala BJT1289. සත්‍යය හා පරාක්‍රමය ඇති හාරිත නමැති තවුසා මෙය කියා කාමරාගය දුරු කොට බඹලොව ගියේ ය.
Pali BJT5. හාරිතජාතකං.
Sinhala BJT5. හාරිත ජාතක යි.
Pali BJT1290. බහුස්සුතං චිත්තකථිං{1} ගඞ්ගා වහති පාටලං{2}, වුය්හමානක{3} භද්දන්තෙ එකං මෙ දෙහි{4} ගාථකං.
Sinhala BJT1290. නදී තොමෝ බහුශ්‍රුත වූ ද විසිතුරු කථා ඇත්තා වූ ද පාටල නමැති ගදඹා ගෙන යයි. නදී දියෙන් ගෙන යනු ලබන තැනැත්තව, තට සෙත් වේවා මට එක් ගාථාවක් කියන්න.
Pali BJT1291. යෙන සිඤ්චන්ති දුක්ඛිතං යෙන සිඤ්චන්ති ආතුරං, තස්ස මජ්ඣෙ මරිස්සාමි ජාතං සරණතො භයං.
Sinhala BJT1291. දුකට පත් තැනැත්තහු යම් ජලයෙකින් තෙමෙද්ද, ආතුරයා යම් ජලයෙකින් තෙමේ ද, ඒ දිය මැද මියයන්නෙමි. පිහිට වූ තැනින් බිය උපනි.
Pali BJT1292. යත්ථ බීජානි රූහන්ති සත්තා යත්ථ පතිට්ඨිතා, සා මෙ සීසං නිපීළෙති ජාතං සරණතො භයං.
Sinhala BJT1292. යම් තැනෙක බිජුවට වැඩේ ද, සත්ත්‍වයෝ යම් තැනෙක පිහිටියෝ ද, ඒ පොළොව මගේ හිස පෙළයි. පිහිට වූ තැනින් බිය උපනි.
Pali BJT1293. යෙන භත්තානි පච්චන්ති සීතං යෙන විහඤ්ඤති, සො මං ඩහති{5} ගත්තානි ජාතං සරණතො භයං.
Sinhala BJT1293. යමක් නිසා බත පිසද්ද, යමක් නිසා සිත නසී ද, ඒ ගින්න මාගේ සිරුර දවයි. පිහිට වූ තැනින් බිය උපනි.
Pali BJT1294. යෙන භුත්තෙන යාපෙන්ති පුථු බ්රාහ්මණඛත්තියා, සො මං භුත්තො වියාපාදි{6} ජාතං සරණතො භයං.
Sinhala BJT1294. අනුභව කළ යම් ආහාරයෙකින් බොහෝ බ්‍රාහ්මණයෝත් ක්‍ෂත්‍රියයෝත් යැපෙත් ද, අනුභව කරනලද ඒ ආහාරය මා විනාශ කරයි. පිහිට වූ තැනින් බිය උපනි.
Pali BJT1295. ගිම්හානං පච්ඡිමෙ මාසෙ වාතමිච්ඡන්ති පණ්ඩිතා, සො මෙ භඤ්ජති ගත්තානි ජාතං සරණතො භයං.
Sinhala BJT1295. ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයෙහි පඬිවරු වාතය කැමැති වෙති. ඒ වාතය මගේ සිරුර බිඳී. පිහිට වූ තැනින් බිය උපනි.
Pali BJT1296. යං නිස්සිතා ජහති රුහං විහඞ්ගමා සොයං{7} අග්ගිං පමුඤ්චති, දිසා භජථ වක්කඞ්ගා ජාතං සරණතො භයං.
Sinhala BJT1296. පක්‍ෂීහු යම් ගසක් ඇසුරු කළෝ ද, ඒ ගස ගිනි පිට කෙරෙයි. කුරුල්ලනි, (අන්) දිසාවක් ඇසුරු කරවු. පිහිට වූ තැනින් බිය උපනි.
Pali BJT1297. යමානයිං{8} සොමනස්සං මාලිනිං වන්දනුස්සදං, සා මං ඝරා නීහරති{9} ජාතං සරණතො භයං.
Sinhala BJT1297. මල්දම් පැළැඳි සඳුන් ගැල් වූ යමක සොම්නසින් ගෙනාවෙම් ද ඕ තොමෝ මා නිවෙසින් නෙරපන්නී ය. පිහිට වූ තැනින් බිය උපනි.
Pali BJT1298. යෙන ජාතෙන නන්දිස්සං යස්ස ච භවමිච්ඡිසං, සො මං ඝරා නිච්ඡුහති ජාතං සරණතො භයං.
Sinhala BJT1298. උපන් යමකු නිසා ප්‍රීත වීම් ද, යමකුගේ දියුණුව බලාපොරොත්තු වූයෙම් ද, හේ මා ගෙයින් නෙරපයි. පිහිට වූ තැනින් බිය උපනි.
Pali BJT1299. සුණන්තු මෙ ජානපදා{10} නෙගමා ච සමාගතා, යතොදකං{11} තදාදිත්තං යතො ඛෙමං තතො භයං.
Sinhala BJT1299. රැස් වූ ජනපද වැසියෝ ද නියම්ගම් වැසියෝ ද මගේ කීම අසත්වා. යම් ජලයෙක් වී ද එය ගිනි ඇවිල ගත්තේ ය. යම් රජකුගෙන් ආරක්‍ෂාව වී ද ඔහුගෙන් බිය උපනි.
Pali BJT1300. රාජා විලුම්පතෙ රට්ඨං බ්රාහ්මණො ච පුරොහිතො, අත්තගුත්තා විහරථ ජාතං සරණතො භයන්ති.
Sinhala BJT1300. රජතුමා ද පුරෝහිත බමුණා ද රට කොල්ල කති. පිහිට ඇති තැනින් බිය උපනි. තෙපි තොපගේ ම ආරක්‍ෂාව ඇත්තෝ ව වාසය කරවු.
Pali BJT6. පදමාණවකජාතකං.
Sinhala BJT6. පදමානවක ජාතක යි.
Pali BJT1301. අස්ස ඉන්ද සමො රාජ අච්චන්තං අජරාමරො, සචෙ තං යඤ්ඤං යාජෙය්ය{1} ඉසිං ලොමසකස්සපං.
Sinhala BJT1301. ලෝමස කස්සප තවුසා ලවා පශුඝාතක යාගය කරවන්නේ නම් ඒකාන්තයෙන් අජරාමර වන්නෙහි ය. ශක්‍රයා හා සමාන රජෙක් වන්නෙහි ය.
Pali BJT1302. සසමුද්දපරියායං මහිං සාගරකුණ්ඩලං, න ඉච්ඡෙ සහ නින්දාය එවං සය්හ විජානහි.
Sinhala BJT1302. සය්හය, සයුර සීමා කොට ඇති, සයුරෙන් වට වූ මහපොළොවත් පශුඝාතක කර්‍මය නිසා ලැබෙන නින්‍දාවත් කැමැති නො වෙමි. මෙසේ මෙය දනු මැනවි.
Pali BJT1303. ධිරත්ථු තං යසලාභං ධනලාභං ච බ්රාහ්මණ, යා වුත්ති විනිපාතෙන අධම්මචරණෙන වා.
Sinhala BJT1303. බමුණ, අධර්‍මයෙන් ලබන යම් කීර්තියෙක් හෝ ධනයෙක් හෝ වේ ද. අපායොත්පත්තියට හේතුවන යම් දිවි පැවැත්මක් හෝ වේ ද අධර්‍ම චර්‍ය්‍යාවෙක් හෝ වේ ද එයට නින්‍දා වේවා.
Pali BJT1304. අපි චෙ පත්තමාදාය අනාගාරො පරිබ්බජෙ, සා එව ජිවිකා සෙය්යො යා චාධම්මෙන එසනා.
Sinhala BJT1304. අධාර්මික යම් සෙවීමක් වේ ද, එයට වඩා අනගාරික වැ පාත්‍රයක් ගෙන භික්‍ෂාටනයෙන් දිවි පැවැත්වීම ශ්‍රේෂ්ඨ වේ.
Pali BJT1305. අපි චෙ පත්තමාදාය අනාගාරො පරිබ්බජෙ, අඤ්ඤං අභිංසයං ලොකෙ අපි රජ්ජෙන තං වරං
Sinhala BJT1305. ගෙයක් නැතියේ නමුදු අන්‍යයන්හට හිංසා නො කොට පාත්‍රයක් ගෙන පිඬුසිඟා හැසිරෙන්නේ නම්, රාජ්‍යයට වඩා එය උතුම් වේ.
Pali BJT1306. බලං{2} චන්දො බලං සුරියො බලං සමණබ්රාහ්මණා, බලං වෙලා සමුද්දස්ස බලාතිබලමිත්ථියො.
Sinhala BJT1306. අඳුර නසන හෙයින් චන්‍ද්‍රයා බලයෙකි. සූර්‍ය්‍යයා ද එබඳු බලයෙකි. හොඳ නරක ඉවැසීමට සමත් හෙයින් මහණ බමුණෝ ද බල නම් වෙති. මුහුද වෙරළ ඉක්මැ නොයන හෙයින් වෙරළ ද බල නම් වේ. ස්ත්‍රීහු මෙසියල්ලට වඩා බල වෙති.
Pali BJT1307. යථා උග්ගතපං සන්තං ඉසිං ලොමසකස්සපං, පිතු අත්ථා චන්දවතී වාජපෙය්යං අයාජයි{3}.
Sinhala BJT1307. යම්සේ උග්‍ර තපස් සහිත වූ ලෝමස කස්සප නමැති ඍෂිවරයා ලවා චන්‍ද්‍රවතී බිසෝ සිය පියාණනට යහපත පිණිස වාජපෙය්‍ය නම් යාගය කැර වී ද, එසේ හෙයින් මෙකී සියලු බලයනට වඩා ස්ත්‍රී බලයෙකි.
Pali BJT1308. තං ලොභා පකතං කම්මං කටුකං කාමහෙතුකං, තස්ස මූලං ගවෙසිස්සං ඡෙච්ඡං රාගං සබන්ධනං.
Sinhala BJT1308. මා විසින් මේ චන්‍ද්‍රවතිය කෙරේ ලෝහ උපදවා ඒ ලෝභයෙන් කළ කාමහේතුක වූ ඒ පාපක්‍රියාව කටුක විපාක ඇත්තේ ය. ඒ පාපක්‍රියාවෙහි මූල හේතුව සොයන්නෙමි. බැඳුම් සහිත රාගය සිඳ දමන්නෙමි.
Pali BJT1309. ධිරත්ථු කාමෙ සුඛහූපි ලොකෙ තපොව සෙය්යො කාමගුණෙහි රාජ, තපො කරිස්සාමි පහාය කාමෙ තවෙව රට්ඨං චන්දවතී ච හොතූති.
Sinhala BJT1309. රජතුමනි, ලෝකයෙහි ඉතා බොහෝ වූ ද කාමයනට නින්‍දා වේවා, මේ කාමසම්පත්තීනට වඩා තපස ශ්‍රේෂ්ඨ වේ. එහෙයින් කාමයන් හැර දමා තපස්වර්‍ය්‍යාව කරන්නෙමි. රට ද චන්‍ද්‍රවතී කුමරිය ද ඔබට ම වේවා.
Pali BJT7. ලොමසකස්සපජාතකං.
Sinhala BJT7. ලෝමසකස්සප ජාතක යි.
Pali BJT1310. කාසායවත්ථෙ සකුණෙ වදාමි දුවෙ දුවෙ නන්දිමනෙ{4} චරන්තෙ, කං අණ්ඩජං අණ්ඩජා{5} මානුසෙසු ජාතිං පසජසන්ති තදිඞ්ඝ බ්රූථ.
Sinhala BJT1310. කසටවන් පෙරෙවියන් බඳු රන්වන් පැහැ ඇති ව යුගළ යුගළ වැ සතුටු සිතැති ව හැසිරෙන පක්‍ෂීන් වූ තොපට කියමි. (විචාරමි) එම්බා කුරුල්ලෙනි, මිනිසුන් අතරේ කවර නමෙකින් තොපගේ ජාතිය පසසත් දැ යි කියවු.
Pali BJT1311. අම්හෙ මනුස්සෙසු මනුස්සහිංස අනුබ්බකෙ චක්කවාකෙ වදන්ති, කල්යාණභාවම්භ දිජෙසු සම්මතා අභීතරූපා විචරාම අණ්ණවෙ.
Sinhala BJT1311. මනුෂ්‍ය හිංසකය, ඔවුනොවුන් කෙරේ ප්‍රිය සිතැති ව වසන අප චක්‍රවාකයන් යැ යි මිනිස්සු කියති. කුරුල්ලන් අතුරෙහි කලණමිතුරුදම් ඇත්තෝ යැ යි සම්මතයෙන් වෙමු. බිය රහිත වැ විලෙහි හැසිරෙමු.
Pali BJT1312. කිං අණ්ණවෙ කානි ඵලානි භුඤ්ජෙ මංසං කුතො ඛාදථ චක්කවාකා, කිං භොජනං භුඤ්ජථ වො අනොමා බලඤ්ච වණ්ණො ච අනප්පරූපො.
Sinhala BJT1312. සක්වාවෙනි, තොපගේ බලය ද පැහැය ද අලාමක ය. කිමෙක් ද?, මේ විලෙහි කවර ඵල වර්‍ග බුදින්නෝ ද? කවරකුගේ මස් කන්නහු ද? කෙබඳු අහරක් බුදිවු ද?
Pali BJT1313. න අණ්ණවෙ සන්ති ඵලානි ධඞ්ක මංසං කුතො ඛාදිතුං චක්කවාකෙ, සෙවාලභක්ඛම්භ අවාක{1} භොජනා න ඝාසහෙතු පකරොම පාපං.{*}
Sinhala BJT1313. කවුඩාණෙනි, විලෙහි ඵලවර්‍ග නැත. සක්වාවනට කන්නට මස් කොතැනින් ලැබේ ද? අපි පොතු රහිත සෙවෙල් බුදින්නවෝ වෙමු. ආහාරය සඳහා පව් නො කරමු.
Pali BJT1314. න මෙ ඉදං රුච්චති චක්කවාකෙ අස්මිං භවෙ භොජනසන්තිකාසො, අහොසි මෙ පුබ්බෙ තතො මෙ අඤ්ඤථා ඉච්චෙව මෙ විමතී එත්ථ ජාතා.
Sinhala BJT1314. සක්වාවනි, තොපගේ ආහාරය මට නො රිසියෙයි. එහෙයින් මේ චක්‍රවාක වර්‍ගයාගේ ආහාරයට සමාන ආහාර (සෙසු පක්‍ෂීනට) නැත්තේ යැ යි මට ‘පෙර මෙසේ විය. එයට පසු අන් අයුරෙකින් වී ය’ කියා තොපගේ ශරීර වර්‍ණය පිළිබඳ සැකයෙක් හටගති.
Pali BJT1315. අහම්පි මංසානි ඵලානි භුඤ්ජෙ අන්නානි ච ලොණියතෙලියානි, රසං මනුස්සෙසු ලභාමි හොත්තුං සූරොව සඞ්ගාම මුඛම්භි ජෙත්වා{2}. න ච මෙ තාදිසො වණ්ණො චක්කවාක යථා තව.
Sinhala BJT1315. මමත් මස් ද ගෙඩි ද ලුණු හා තෙල් සහිත ආහාර ද බුදිමි. සංග්‍රාම භූමියෙහි ශූරයකු පරිදි මිනිසුන් සතු ආහාර පැහැර ගෙන කමි. සක්වාවනි, එසේ වුව ද තොපගේ පැහැයට සමාන පැහැයෙක් මට නැත.
Pali BJT1316. අසුද්ධභක්ඛොසි ඛණානුපාතී කිච්ඡෙන තෙ ලබ්භති අන්නපානං, න තුස්සසි රුක්ඛඵලෙහි ධඞ්ක මංසානි වා යානි සුසානමජ්ඣෙ.
Sinhala BJT1316. කාකය, ඔබ අපවිත්‍ර දෙය බුදින්නෙහි ය. ප්‍රමාද වූ මොහොතෙහි (සිටි තැනින්) වැටෙන සුලුයෙහි. කන බොන දැය තට දුකසේ ලැබේ. රුක්හි ඵලයෙන් ද සොහොන්මැද යම් මසෙක් වේ නම් එයින් ද තෘප්ත නො වන්නෙහි ය.
Pali BJT1317. යො සාහසෙන අධිගම්ම භොගෙ පරිභුඤ්ජති ධඞ්ක ඛණානුපාතී, තතො උපක්කොසති නං සභාවො උපක්කුට්ඨො වණ්ණබලං ජහාති.
Sinhala BJT1317. මොහොතින් (හුන් තැනින්) වැටෙන ස්වභාවය ඇති කාකය, යමෙක් බලහත්කාරයෙන් ලැබ ගත් ආහාර බුදී ද ඔහුට ස්වභාවධර්‍මය නින්‍දා කෙරේ. එසේ නින්‍දා කරන ලද (ඔහුගේ) වර්‍ණය ද බලය ද හරී.
Pali BJT1318. අප්පම්පි චෙ නිබ්බුතිං භුඤ්ජති යදි අසාහසෙන අපරූපඝාතී බලඤ්ච වණ්ණො ච තදස්ස හොති න හි සබ්බො ආහාරමයෙන වණ්ණොති.
Sinhala BJT1318. ඉදින් සැහැසිකම් නො කිරීමෙන් ද අනුන් නොනසනුයේ දැහැමින් ලද මඳ වූ හෝ ආහාර වළඳා (වෙසේ) නම්, ඔහුගේ ශරීර ශක්තිය ද පැහැය ද හටගන්නේ ය. වර්‍ණය මුළුමනින් ම ආහාරය නිසා හටගන්නේ නො වේ.
Pali BJT8. චක්කවාකජාතකං.
Sinhala BJT8. චක්කවාක ජාතක යි.
Pali BJT1319. සුතිකික්ඛං අරඤ්ඤම්හි පන්තම්හි{1} සයනාසනෙ, යෙ ච ගාමෙ තිතික්ඛන්ති තෙ උළාරතරා තයා.
Sinhala BJT1319. වනයේ ඉතා දුර පිහිටි සේනාසනයේ ශීතාදිය ඉවැසිය හැකි ය. යම් කෙනෙක් ගමෙහි දී ශීතාදිය ඉවසත් ද ඔවුහු ඒ ඉවැසීමෙන් වනවාසීනට වඩා උදාර වෙති.
Pali BJT1320. අරඤ්ඤා ගාමමාගම්ම කිං සීලං කිං වතං අහං, පුරිසං තාත සෙවෙය්යං තම්මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT1320. පියාණෙනි, මම වනයෙන් ගමට අවුත් කෙබඳු වූ ශීලයක් කෙබඳු වතක් කෙබඳු පුරුෂයකු ඇසුරු කරම් ද? විචාරන ලද ඔබ එය මට කියන්න.
Pali BJT1321. යො තෙ{2} විසස්සතෙ{3} තාත විස්සාසඤ්ච ඛමෙය්ය තෙ, සුස්සූසී ච තිතික්ඛී ච තං භජෙහි ඉතො ගතො.
Sinhala BJT1321. පුත්‍රය, යමෙක් තා හා විශ්වාස කෙරේ ද, තා හා කළ විශ්වාසය බොහෝ කල් රකී ද, යමෙක් තාගේ කීම අසන්නට රිසියේ ද, යමෙක් තාගේ කීම ඉවසන්නේ ද, තෝ මේ වනයෙන් ගමට ගියෙහි ඔහු ඇසුරු කරව.
Pali BJT1322. යස්ස කායෙන වාචාය මනසා නත්ථි දුක්කතං, උරසීව පතිට්ඨාය තං භජෙහි ඉතො ගතො.
Sinhala BJT1322. මෙයින් නික්මැ ගිය තෝ, යමකුගේ කයින් හා වචනයෙන් හා සිතින් දුෂ්කෘතයෙක් (නොමනා ක්‍රියාවෙක්) නො වේ ද, (මව) ළෙහි හොවා ගත් පුතකු සේ ඔහු සිතින් පිහිටුවා ගෙන (ඔහු කෙරෙහි විශ්වාසය පිහිටුවා) ඇසුරු කරව.
Pali BJT1323. යො ච ධම්මෙන චරති චරන්තොපි න මඤ්ඤති, විසුද්ධකාරිං සප්පඤ්ඤං තං භජෙහි ඉතො ගතො.
Sinhala BJT1323. යමෙක් සුචරිතයෙන් යුතු වැ හැසිරේ ද, එසේ හැසිරෙනුයේත් (මම් සුසිරි පුරමි යි) මානී නො වේ ද, දසපින්කම් කරන නුවණැති ඔහු, මෙයින් ගමට ගියෙහි, ඇසුරු කරව.
Pali BJT1324. හළිද්දිරාගං{4} කපිචිත්තං පුරිසං රාගවිරාගිනං, තාදිසං තාත මා සෙවි නිම්මනුස්සම්පි චෙ සියා.
Sinhala BJT1324. දරුව, දඹදිව මිනිසුන්ගෙන් හිස්ව ගිය ද ස්ථිර පැවැතුම් නැති, කහ පැහැයෙන් පැහැ ගැන්වූවා වැනි, වඳුරකුගේ සිත වැනි සිතැති, මොහොතින් ඇලීමත් මොහොතින් නො ඇලීමත් ඇති (චපල) පුරුෂයා ඇසුරු නො කරව.
Pali BJT1325. ආසී{5}විසංව කුපිතං{6} මීළ්හිලිත්තං මහාපථං, ආරකා පරිවජ්ජෙහි යානීව විසමං පථං.
Sinhala BJT1325. කිපුණු සපකු සේ, අශූචි වැකි මාවතක් සේ, යානයෙකින් යන්නහු විසම මඟක් සේ එවැනි මූඪයා දුරින් ම දුරු කරව.
Pali BJT1326. අනත්ථා තාත වඩ්ඪන්ති බාලං අච්චුපසෙවතො, මාස්සු බාලෙන සඞ්ගඤ්ඡි{7} අමිත්තෙනෙව සබ්බදා.
Sinhala BJT1326. දරුව, මෝඩයා හා වැඩි ඇසුර කරන්නහුගේ අනර්‍ත්‍ථ වැඩේ. හැම කල්හි ම සතුරකු සමඟ මෙන් ම මූඪයා සමඟ ද ඇසුරට නො යන්න.
Pali BJT1327. තං තාහං තාත යාචාමි කරස්සු වචනං මම, මාස්සු බාලෙන සඞ්ගඤ්ඡි දුක්ඛො බාලෙහි සඞ්ගමොති.
Sinhala BJT1327. දරුව, මම තාගෙන් ඉල්ලමි. මාගේ වචනය කරව. මූඪයා හා ඇසුරට නො යව. කවර හෙයින් ද? මූඪ ආශ්‍රය දුක් ගෙන දෙන්නේ ය එහෙයිනි.
Pali BJT9. හළිද්දිරාගජාතකං.
Sinhala BJT9. හළිද්දිරාග ජාතක යි.
Pali BJT1328. කුතො නු ආගච්ඡථ භො තයො ජනා ස්වාගතං එත්ථ{1} නිසීදථාසනෙ, කච්චිත්ථ භොන්තො කුසලං අනාමයං චිරස්සමබ්භාගමනං හි වො ඉධ
Sinhala BJT1328. පින්වත්නි, තෙපි තිදෙන කොහි සිට එන්නහු ද? ආයේ මැනැවැ. මේ ආසනයෙහි ඉඳගනිවු. පින්වත්නි, කිම, දුකක් නැත්තෝ ද? නීරෝගී ද? කලකට පසු ඔබගේ පැමිණීම විය.
Pali BJT1329. අහමෙව එකො ඉධ මජ්ඣපත්තො න චාපි මෙ දුතියො කොචි විජ්ජති, කිමෙව සන්ධාය තෙ භාසිතං ඉසෙ කුතො නු ආගච්ඡථ භො තයො ජනා.
Sinhala BJT1329. තවුසාණෙනි, මම හුදෙකලා වැ මෙහි පැමිණියෙමි. මට කිසි දු දෙවැන්නෙක් නැත. පින්වත, තෙපි තිදෙන කොහි සිට ආවහු දැ යි තොප විසින් කවර හෙයින් කියන ලද ද?
Pali BJT1330. තුවඤ්ච එකො භරියා ච තෙ පියා සමුග්ගපක්ඛිත්තනිකිණ්ණමන්තරෙ, සා රක්ඛිතා කුච්ඡිගතාව තෙ සදා වායුස්ස පුත්තෙන සභා තහිං රතා.
Sinhala BJT1330. කරඬුවෙක තැබූ තොපගේ ප්‍රිය බිරිය බඩ තුළැ ය. තා විසින් රැකි තාගේ කුසට පත් ඇය වායුපුත්‍ර නමැති විද්‍යාධරයකු හා කුස තුළැ ම කෙලෙස් රතියෙන් ඇලී සිටින්නී ය.
Pali BJT1331. සංවිග්ගරූපො ඉසිනා වියාකතො{2} සො දානවො තත්ථ සමුග්ගමුග්ගිලි. අද්දක්ඛි භරියං සුචි මාලධාරිනිං{3} වායුස්ස{4} පුත්තෙන සභා තහිං රතං.
Sinhala BJT1331. තවුසා විසින් මෙසේ කියන ලදු වැ කලකිරුණු දානව අසුරයා කරඬුව වමාළේ ය. එ විට වායුපුත්‍ර නමැති විද්‍යාධරයා ද එහි ඔහුට ඇලි හොත් සුවඳ මල්දරා සිටි බිරිය ද දිටී ය.
Pali BJT1332. සුදිට්ඨරූපුග්ගතපානුවත්තිනා. හීනා නරා යෙ පමදාවසංගතා යථා හවෙ පාණරිවෙත්ථ රක්ඛිතා දුට්ඨා මයි අඤ්ඤමභිප්පමොදති.
Sinhala BJT1332. තවුසාණන් වහන්ස, උග්‍ර ලෙස තාපස ධර්‍මය රක්නා වූ තොප විසින් කාරණය මැනැවින් දක්නාලද ස්වභාවය ඇත්තේ ය. යම්සේ ඒකාන්තයෙන් මෙහි ලා මාගේ පණ ලෙස රැකි බිරිය මා කෙරේ ද්‍රෝහිණී වූවා අන් පුරුෂයකු වඩා රිසියෙයි. එහෙයින් යම් පුරුෂ කෙනෙක් මාගම් වසයට ගියෝ ද ඔව්හු හීනයෝ වෙති.
Pali BJT1333. දිවා ච රත්තො ච මයා උපට්ඨිතා තපස්සිනා ජොතිරිවා වනෙ වසං, සා ධම්මමොක්කම්ම අධම්මමාචරි අකිරියරූපො{5} පමදාහි{6} සන්ථවො.
Sinhala BJT1333. වනයෙහි වෙසෙන තවුසකු විසින් ගින්නක් මෙන්, රෑ දවල්හි උවටන් කරන ලද්දී ද ඕ පතිවත දහමින් ඉවත් වැ අධර්‍මයෙහි හැසුරුණා ය. එහෙයින් ස්ත්‍රීන් හා ඇසුර නොකළ යුතු ස්වභාවය ඇත්තෙක.
Pali BJT1334. සරීරමජ්ඣම්භි ඨිතානි මඤ්ඤිහං{7} මය්හං අයන්ති අසතිං අසඤ්ඤතං, සා ධම්මමොක්කම්ම අධම්මමාචරි අකිරියරූපො පමදාහි සන්ථවො.
Sinhala BJT1334. මාගේ කුස තුළැ සිටියා යි ද මෝ මාගේ යැයි ද අසත්පුරුෂ වූ, සංයම නැති මැය (ගැන) සිතීමි. එහෙත් ඕ පතිවත දහමින් ඉවත් වැ අධර්‍මයෙහි හැසුරුණා ය. එහෙයින් ස්ත්‍රීන් හා ඇසුර නො කටයුතු ය.
Pali BJT1335. සුරක්ඛිතං මෙති කථන්නු විස්සසෙ අනෙකචිත්තාසු නහෙත්ථ රක්ඛණා, එතා හි පාතාලපපාතසන්තිභා එත්ථප්පමත්තො ව්යසනං නිගච්ඡති.
Sinhala BJT1335. මෝ මා විසින් මැනැවින් රක්නා ලදැ යි නුවණැත්තේ කෙසේ නම් ස්ත්‍රිය හදහන්නේ ද? නානාවිධ සිතුවිලි ඇති ස්ත්‍රීන් විෂයයෙහි රැකීමෙක් නැත. එය එසේ ම ය. ස්ත්‍රීහු ලොකාස්වාදරතියෙන් තෘප්තිමත් නොවන හෙයින් මහමුහුදේ ප්‍රපාතයකට සමානයහ. මෙසේ වූ ස්ත්‍රීන් කෙරේ ප්‍රමත්ත වූ පුරුෂයා විනාශයට යෙයි.
Pali BJT1336. තස්මා හි තෙ සුඛිනො වීතසොකා යෙ මාතුගාමෙහි චරන්ති නිස්සටා, එතං සිවං උත්තම මාභිපත්ථයං{1} න මාතුගාමෙහි කරෙය්ය සන්ථවන්ති.
Sinhala BJT1336. එහෙයින් යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් දුරු වැ හැසිරෙද්ද, ඔහු සැප ඇත්තෝ වෙති. ශෝක නැත්තෝ වෙති. උතුම් ධ්‍යාන සුවය පතනුයේ මාගමුන් හා එක්ව හැසිරීම නො කරන්නේ ය.
Pali BJT10. සමුග්ගජාතකං.
Sinhala BJT10. සමුග්ග ජාතක යි.
Pali BJT1337. න ඛො මෙ රුච්චති ආළි පූතිමංසස්ස පෙක්ඛණා, එතාදිසා සඞ්ඛාරස්මා ආරකා පරිවජ්ජයෙ.
Sinhala BJT1337. යෙහෙළිය, පූතිමාස නමැති තිගේ සැමියාගේ බැල්ම මට නො රුස්නේ ය. මෙබඳු මිතුරාගෙන් ප්‍රයෝගයෙන් දුරින් ම දුරු වන්නේ ය.
Pali BJT1338. උම්මත්තිකා අයං වෙණී වණ්ණෙති පතිනො සඛිං, පජ්ඣාති පටිගච්ඡන්තිං ආගතං මෙළමාතරං{2}.
Sinhala BJT1338. උමතු වූ මේ වේණි තොමෝ සැමියා හමුවේ යෙහෙළියගේ ගුණ කියයි. ආවා වූ මේලමාතා නමැති එළිය පෙරළා යන්නිය ගැන ශෝක කෙරේ.
Pali BJT1339. ත්වං ඛොසි සම්ම උම්මත්තො දුම්මෙධො අවිචක්ඛණො යො ත්වං මතාලයං කත්වා අකාලෙන විපෙක්ඛසි.
Sinhala BJT1339. මිතුර, ඔබ මළ එකකුසේ කොට ගෙන නුසුදුසු වෙලාවෙහි බැලූහ. ඒ ඔබ විචාරබුද්ධිය රහිත පිස්සෝ වෙති.
Pali BJT1340. න අකාලෙ විපෙක්ඛෙය්ය කාලෙ පෙක්ඛෙය්ය පණ්ඩිතො, පූතිමංසොව පජ්ඣාති යො අකාලෙ විපෙක්ඛති.
Sinhala BJT1340. නුවණැත්තේ, අකාලයෙහි හෙවත් කාමගුණ ශුභ වශයෙන් සිතක් උපන් කල්හි නො බලන්නේ ය, කාලයෙහි හෙවත් අශුභ වශයෙන් සිත් උපන් කල්හි බලන්නේ ය, යමෙක් නුසුදුසු අවස්ථායෙහි බලා ද හේ, පූතිමාංස හිවලා මෙන් කනස්සලු වේ.
Pali BJT1341. පියං ඛො ආළි මෙ හොතු පුණ්ණපත්තං දදාහි මෙ, පති සංජීවිතො මය්හං එය්යාසි පියපුච්ඡිකා.
Sinhala BJT1341. යෙහෙළිය, මට ප්‍රිය තැනැත්තකු වේවා, මට තුටු පඬුරු දෙව, මාගේ සැමියා ජීවත් වේ. ප්‍රියයන් විචාරන්නිය මා සමග එන්න.
Pali BJT1342. සියං ඛො ආළි තෙ හොතු පුණ්ණපත්තං දදාමි තෙ, මහතා පරිවාරෙන ඵස්සං{3} කයිරාහි{4} භොජනං.
Sinhala BJT1342. යෙහෙළිය මාගේ ප්‍රිය තැනැත්තකු වේවා, ඔබට තුටු පඬුරු දෙමි, මහත් පරිවාර සම්පත් සහිත ව එන්නෙමි. අපට ආහාර පිළියෙළ කරන්න.
Pali BJT1343. කීදිසො{5} තුය්හං පරිවාරො යෙසං කාහාමි භොජනං, කිංනාමකා ච තෙ සබ්බෙ තං මෙ{6} අක්ඛාහි පුච්ඡිතා.
Sinhala BJT1343. යම් කෙනකුන්ට ආහාර පිළියෙළ කරම් ද (ඒ) ඔබගේ පිරිවර කෙබඳු ද? ඒ හැම කෙබඳු නම් ඇත්තෝ ද? විචාරන්නා වූ මට එය කියන්න.
Pali BJT1344. මාලියො චතුරක්ඛො ච පිඞ්ගලො අථ ජම්බුකො, එදිසො මය්හං පරිවාරො තෙසං කයිරාහි{7} භොජනං.
Sinhala BJT1344. මාලිය, චතුරක්ඛ, පිංගල සහ ජම්බුක යන මොව්හු මාගේ පිරිවර සමූහය වේ. ඔවුනට සුදුසු ආහාර පිළියෙළ කරන්න.
Pali BJT1345. නික්ඛන්තාය අගාරස්මා භණ්ඩකම්පි විනස්සති, ආරොග්යං ආළිනො වජ්ජං ඉධෙව වස මාගමාති.
Sinhala BJT1345. ගෙයින් බැහැර ගිය කලැ ගෙයි භාණ්ඩ විනාශ වෙයි, ඔබගේ මිතුරාට (ඔබේ) සුවදුක් කියමි. එහෙයින් මෙහි මැ (ගෙයි මැ) වාසකර, පිටතට නො යන්න.
Pali BJT11. පූතිමංසජාතකං.
Sinhala BJT11. පූතිමාංස ජාතක යි.
Pali BJT1346. යො තෙ පුත්තකෙ අඛාදි{8} දින්නභත්තො අදූසකෙ තස්මිං දාඨං නිපාතෙහි මා තෙ මුඤ්චිත්ථ{9} ජීවතො{10}
Sinhala BJT1346. තා විසින් පිස දුන් බත් ලැබූ යමෙක් තොපගේ නිරපරාධ වූ දරුවන් කෑයේ ද ඔහුට දළින් පහර දෙව. තාගේ අතින් නො මිදේවා.
Pali BJT1347. ආකිණ්ණලුද්දො පුරිසො ධාතිචෙලංව මක්ඛිතො, පදෙසං තං න පස්සාමි යත්ථ දාඨං{11} නිපාතයෙ.
Sinhala BJT1347. ඉතා කැකුළු පැවැතුම් ඇති පුරුෂයා කිරිමවකගේ වස්ත්‍රයක් මෙන් අපවිත්‍ර ය. එහෙයින් සිරුරෙහි යම් කොටසෙක දළ පහර දෙම් ද එයට (යෝග්‍ය) ශරීරයෙහි කොටසක් නො දකිමි.
Pali BJT1348. අකතඤ්ඤස්ස පොසස්ස නිච්චං විවරදස්සිනො, සබ්බං චෙ පඨවිං දජ්ජා නෙව නං අභිරාධයෙ.
Sinhala BJT1348. කළගුණ නො දන්නා නිතර අනුන්ගේ වරද සොයන පුරුෂයාට සියලු පොළොව ම දුන්නේ නමුදු ඔහු සතුටු කළ නො හැක.
Pali BJT1349. කින්නු සුබාහු තරමානරූපො පච්ඡාගතොසි සහ මාණවෙන, කිං කිච්චමත්ථං ඉධමත්ථි තුය්හං අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං
Sinhala BJT1349. ව්‍යාඝ්‍රය, යුහුසුලු ගතියකින් මෙන් මාණවකයකු හා කුමක් හෙයින් පෙරළා ආයෙහි ද? මෙහි තොපට කුමන වැඩක් තිබේ ද? මා විසින් විචාරන ලද්දෙහි මේ කරුණ කියව.
Pali BJT1350. යො තෙ සඛා ද්දදරො සාධුරූපො තස්ස වධං පරිසඞ්කාමි අජ්ජ, පුරිසස්ස කම්මායතනානි සුත්වා නාහං සුඛිං දද්දරං අජ්ජ මඤ්ඤෙ
Sinhala BJT1350. මනා පැවැතුම් ඇති තොපගේ මිතුරු වූ යම් වටුවෙක් වේ ද, දැන් ඒ පුරුෂයාගේ කටයුතු අසා ඇති හෙයින් සැක කරමි, අද වටුවා සැපසේ ඇතැ යි මම නො සිතමි.
Pali BJT1351. කානිස්ස කම්මායතනානි අස්සු පුරිසස්ස වුත්තිසමොධානතාය කං වා පටිඤ්ඤං පුරිසස්ස සුත්වා පරිසඞ්කසි දද්දරං මාණවෙන.
Sinhala BJT1351. මේ පුරුෂයාගේ දිවි පැවැත්වීමට කෙබඳු වැඩක් (කරන ලද දැ යි) ඇසූයේ ද, පුරුෂයාගේ කවර පොරොන්දුවක් අසා මාණවකයා විසින් තිත්තිර පඬිතුමා මරන ලද යි සැක කෙරෙහි ද?
Pali BJT1352. චිණ්ණා කලිඞ්ගා චරිතා වණිජ්ජා{1} වෙත්තාචරො සඞ්කුපථොපි චිණ්ණො, නටෙහි චිණ්ණං සහ වාකුරෙහි{2} දණ්ඩෙන යුද්ධම්පි සමජ්ජමජ්ඣෙ.
Sinhala BJT1352. කළිඟු දේශයෙහි හැසිරැ පුරුදු ඇත. වෙළෙඳාම් කොට පුරුදු ඇත. වේවැලේ උපකාරයෙන් යායුතු කණු සහිත මාර්‍ගයන්හි ඇවිද පුරුදු ඇත. නළුවන් හා හැසිරෙන ලද වරදැල් වැද්දන් හා හැසිරෙන ලද පිරිස්මැද මුගුරෙන් සටන් කොට පුරුදු ඇත.
Pali BJT1353. බද්ධාකුලිකා මිතමාළ්හකෙන අක්ඛා ජිතා{3} සංයමො අබ්භතීතො, අප්පහිතං පුප්ඵකං අඩ්ඪරත්තං හත්ථා දඩ්ඪා පිණ්ඩපටිග්ගහෙන.
Sinhala BJT1353. ඔහු විසින් සියොත්හු ද බඳින ලදහ. නැළියෙන් වී ආදි ධාන්‍ය මනින ලද. දුකෙළියෙන් දිනන ලද. ශීල සංයමය ඉක්මවා ගියේ ය. මධ්‍යමරාත්‍රියෙහි ලේ වැගිරීම නවතාලී ය. පිඬු සිඟාගිය අවදියෙහි උණු අහර පිළිගැනීමේ දී අත් දැවිණි.
Pali BJT1354. තානිස්ස කම්මායතනානි අස්සුං පුරිස්සස වුත්තිසමොධානතාය, යථා අයං දිස්සති ලොමපිණ්ඩො ගාවො හතා කිං පන දද්දරස්සාති.
Sinhala BJT1354. ජීවිකා වෘත්තිය පිණිස (කළ) මේ පුරුෂයාගේ ඒ කටයුතු ඇසීමි, වටුවාගේ ලොම්ගුලි (පිහාටුරොද) ජටායෙහි යම්සේ දක්නා ලැබේ ද, එහෙයින් ගවයෝ ද මොහු විසින් මරන ලදහ යි (සිතමි). වටුවා ගැන කියනු කවරේ ද?