Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTසිරිමාතලිධීතරපක්ඛිවරො රතිරාගතොමාතාපිතා ච පුන, ජගතීරුහවුද්ධසුකක්කටකො තථා නන්දකපිණ්ඩවරෙන දස.
Sinhala BJTසිරිමාතලී (කුලාවක) ධීතර (නච්ච) පක්ඛීචර (සම්මොදමාන) රතිරාගගත (මච්ඡ) මාතාපිතා ච පුන (නැවත වට්ටක) ජගති රුහ (සකුණ) වුද්ධසු (තිත්තිර) කක්කට (බක) තථා නන්‍දක (එසේම නන්‍දා) පිණ්ඩචර (ඛදිරඞ්ගාර) යන්න සමග දසය යි.
Pali BJT5. අත්ථකාමවග්ගො
Sinhala BJT5. අත්‍ථකාම වර්‍ගය
Pali BJT41. යො අත්ථකාමස්ස හිතානුකම්පිනො ඔවජ්ජමානො න කාරොති සාසනං. අජියා පාදමොලුබ්භ{1} මිත්තකො විය සොචතීති.
Sinhala BJT41. අභිවෘද්ධි කැමැතිවැ හිත චිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ ඒ අනුශාසනය අවවාද ලබන යමෙක් නො කෙරේ ද (එසේ වූ පුරුෂ තෙමේ) එළියගේ පය ගෙනැ ශෝක කරන මිත්ත වින්‍දකයා මෙන් ශෝක කරයි. (මිත්ත වින්‍දකයා ශෝක කළාක් මෙන් ශෝක කරයි.)
Pali BJT1. ලොසකජාතකං.
Sinhala BJT1. ලොසක ජාතකය.
Pali BJT42. යො අත්ථකාමස්ස හිතානුකම්පිනො ඔවජ්ජමානො න කාරොති සාසනං, කපොතකස්ස වචනං අකත්වා අමිත්තහත්ථත්ථගතොව සෙතී’ති.
Sinhala BJT42. අර්‍ත්‍ථයක් කැමැතිවැ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ ඒ අනුශාසනය අවවාද ලබන යමෙක් නො කෙරේ ද පරවියාගේ වචනය නො කොට අමිත්‍ර වූ සූදයගේ (අරක්කැමියා) අතට ගිය කාකයා මෙන් (ව්‍යසනයට පැමිණැ) හෝනේ ය.
Pali BJT2. කපොතකජාතකං.
Sinhala BJT2. කපොත ජාතකය.
Pali BJT43. යො අත්ථකාමස්ස හිතානුකම්පිනො ඔවජ්ජමානො න කාරොති සාසනං, එවං සො නිහතො සෙති වෙළුකස්ස යථා පිතා’ති.
Sinhala BJT43. දියුණුව කැමැත්තා වූ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ අනුශාසනය ඔවා ලබන යමෙක් නො කෙරේ ද හෙතෙමේ වේළුක නම් සර්‍පයාගේ පිය යම්සේ ද එපරිද්දෙන් නෂ්ට ව හෝනේ ය.
Pali BJT3. වෙළුකජාතකං.
Sinhala BJT3. වේළුක ජාතකය.
Pali BJT44. සෙය්යො අමිත්තො මතියා උපෙතො නත්ථෙව මිත්තො මතිවිප්පහීනො, මකසං වධිස්සන්ති හි එළමූගො පුත්තො පිතු අබ්භිදා උත්තමඞ්ගන්ති.
Sinhala BJT44. ප්‍රඥායෙන් යුක්ත වූ අමිත්‍ර තෙමේ උතුම් වේ. ප්‍රඥායෙන් විප්‍රහීණ වූ (නුවණ නැති) මිත්‍ර තෙමේ උතුම් නො වේ මැ යි (කුමක් හෙයින් යත්) මූඪ (කෙළතොලු) පුත්‍ර තෙමේ මදුරුවා මරමි යි පියාගේ හිස පැළී ය.
Pali BJT4. මකසජාතකං.
Sinhala BJT4. මකස ජාතකය.
Pali BJT45. සෙය්යො අමිත්තො මෙධාවී යඤ්චෙ බාලානුකම්පකො, පස්ස රොහිණිකං ජම්මිං මාතරං හන්ත්වාන සොචති’ති.
Sinhala BJT45. අනුකම්පා කරන යම්බඳු බාලයෙක් ඇද්ද (ඔහුට වඩා) නුවණැත්තා වූ අමිත්‍රයා උතුම් වේ. බාලවූ රෝහිණී නම් නුවණ නැත්තිය බලව (මැස්සන් මරමි යි) මව මරා ශෝක කරන්නී ය.
Pali BJT5. රොහිණීජාතකං.
Sinhala BJT5. රෝහිණී ජාතකය.
Pali BJT46. න වෙ අනත්ථකුසලෙන අත්ථචරියා සුඛාවහා, හාපෙති අත්ථං දුම්මෙධො කපි ආරාමිකො යථා’ති.
Sinhala BJT46. අනර්‍ත්‍ථයෙහි දක්‍ෂයා විසින් කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) උයන බැලීමෙහි යෙදුණු වානරයා මෙනි.
Pali BJT6. ආරාමදූසකජාතකං.
Sinhala BJT6. ආරාමදූෂක ජාතකය.
Pali BJT47. න චෙ අනත්ථකුසලෙන අත්ථචරියා සුඛාවහා, හාපෙති අත්ථං දුම්මෙධො කොණ්ඩඤ්ඤො වාරුණිං යථාති.
Sinhala BJT47. අනර්‍ත්‍ථයෙහි දක්‍ෂයා විසින් (අර්‍ත්‍ථයෙහි අදක්‍ෂයා විසින්) කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) සුරාව නැසූ කොණ්ඩඤ්ඤ නම් ශිෂ්‍යයා මෙනි.
Pali BJT7. වාරුණීදූසකජාතකං
Sinhala BJT7. වාරුණී ජාතකය.
Pali BJT48. අනුපායෙන යො අත්ථං ඉච්ඡති සො විහඤ්ඤති, චෙතා හනිංසු වෙදබ්භං{1} සබ්බෙ තෙ ව්යසනමජ්ඣගූති
Sinhala BJT48. යමෙක් අනුපායයෙන් (වැරදි මගින්) අභිවෘද්ධි කැමති වේ ද හෙතෙමේ (එයින්) විනාශ වෙයි. චේතිය නම් රටවැසි සොරු (වෛදර්භ නම් මන්ත්‍රය හේතුකොටගෙන) වේදබ්භ නම් බමුණා නැසූහ. ඒ සොරු සියලු දෙනා ද (ඔවුනොවුන් ඇන කොටාගෙන) විනාශයට පැමිණියෝ ය.
Pali BJT8. වෙදබ්භජාතකං{2}.
Sinhala BJT8. වේදබ්භ ජාතකය.
Pali BJT49. නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා’ති
Sinhala BJT49. අර්‍ත්‍ථය නැකත් බලන ආඥනයා ඉක්මැ යෙයි. අර්‍ත්‍ථය (අභීෂ්ට ප්‍රතිඵල ලාභය ම) බලාපොරොත්තු වන අභිවෘද්ධිය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්‍ත්‍ථයක් යොදත් ද (නො යොදත් ම ය.)
Pali BJT9. නක්ඛත්තජාතකං.
Sinhala BJT9. නක්ඛත්ත ජාතකය.
Pali BJT50. දුම්මෙධානං සහස්සෙන යඤ්ඤො මෙ උපයාචිතො, ඉදානි ඛොහං යජිස්සාමි බහූ අධම්මිකො ජනො’ති.
Sinhala BJT50. මා විසින් නුවණ නැති මිනිසුන් දහසෙකින් (යාගයක් කරමි යි දේවතාවන් වෙතට ගොස්) ආරාධනා කරන ලදි. මම දැන් යාගය කෙරෙමි. කුමක් නිසා ද යත් අධාර්මික ජනයා බහුලය (එහෙයිනි.)
Pali BJT10. දුම්මෙධජාතකං.
Sinhala BJT10. දුම්මේධ ජාතකය.
Pali BJTඅත්ථකාමවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි අත්‍ථකාම වර්‍ග යි.
Pali BJTපඨමො පණ්ණාසකො.
Sinhala BJTපළමු පණ්ණාසක යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTඅථමිත්තකමාතුකපොතවරො තථාවෙළුකඑළමූගොරොහිණී, කපිවාරුණිචෙතචරා ච පුන තථා තාරකයඤ්ඤචරෙන දස
Sinhala BJTමිත්තක (ලොසක) කපොත වේළුක එළමූග (මකස) රෝහිණී කපි (ආරාම දූසක) වාරුණී වෙනචරා (වේදබ්භ) තාරක (නක්ඛත්ත) යඤ්ඤචර (දුම්මේධ) යන දසය යි.
Pali BJT6. ආසිංසවග්ගො
Sinhala BJT6. ආසිංස වර්‍ගය
Pali BJT51. ආසිංසෙථෙව{1} පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහූති
Sinhala BJT51. පුරුෂ තෙමේ (පටන්ගන්නා ලද ක්‍රියාවෙහි නිමාවට පැමිණෙනු සඳහා) ආශා කරන්නේ මැ ය. නුවණැත්තේ (වීර්‍ය්‍ය වඩනුයේ) උකටලි නො වන්නේ යැ. බලාපොරොත්තුව නො සිඳ ගන්නේය.) යම්සේ බලාපොරොත්තු වීම ද, එසේ මැ වී. මම (එයින් රාජ සම්පත්තියට පැමිණි) තම දක්මි.
Pali BJT1. මහාසීලවජාතකං.
Sinhala BJT1. මහාසීලව ජාතකය.
Pali BJT52. වායමෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං උදකා ථලමුබ්භත’න්ති
Sinhala BJT52. පුරුෂ තෙමේ වෑයම් කරන්නේ මැ යැ. නුවණැත්තේ (අපේක්‍ෂාව සාදාගතහැකි දැ යි) උකටලි නො වන්නේ ය. මම (වීර්‍ය්‍යයෙන් සාගරය පීනා) දියෙන් ගොඩට නැංගා වූ තමා දක්මි.
Pali BJT2. චූළජනකජාතකං.
Sinhala BJT2. චූළජනක ජාතකය.
Pali BJT53. තථෙව පුණ්ණා පාතියො අඤ්ඤායං වත්තතෙ කථා, ආකාරකෙන ජානාමි න චායං භද්දිකා{2} සුරාති.
Sinhala BJT53. සුරා පාත්‍රයෝ එසේ මැ (මා යන කලැ තුබූසේ මැ) පිරුණාහ. යම් මේ (සුරාවර්‍ණනා) කතාවක් පවතී ද (මේ) අනෙකක් මැ යැ. (බොරුවෙක් මැ යැ.) ආකාරයෙන් දනිමි. ඒකාන්තයෙන් මේ සුරාව යහපත් නො වේ යැ යි.
Pali BJT3. පුණ්ණපාතිජාතකං.
Sinhala BJT3. පුණ්ණපාති ජාතකය.
Pali BJT54. නායං රුක්ඛො දුරාරූහො නපි ගාමතො ආරකා, ආකාරකෙන ජානාමි නායං සාදුඵලො දුමොති.
Sinhala BJT54. මේ වෘක්‍ෂය දුකසේ නැංග යුත්තේ නො වෙයි. (සුවසේ නැඟියැහෙයි.) ගමින් දුරුවූයේ ද නො වෙයි. (ඉදින් මිහිරි ඵල ඇත් නම් එක ද පලයක් ඉතිරි නො වේ. එයින්) මේ වෘක්‍ෂය මිහිරි පල ඇත්තේ නො වෙයි (මෙ කරුණ) ආකාරයෙන් දනිමි.
Pali BJT4. කිංඵලජාතකං.{3}
Sinhala BJT4. කිංඵල ජාතකය.
Pali BJT55. යො අලීනෙන චිත්තෙන අලීනමනසො නරො, භාවෙති කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා පාපුණෙ අනුපුබ්බෙන සබ්බසඤ්ඤොජනක්ඛයන්ති.
Sinhala BJT55. (චතුර්විධ) යෝගක්‍ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා උදාර වූ අදහස් ඇති යම් මනුෂ්‍යයෙක් නො පසුබට වූ සිතින් කුශල ධර්‍මයන් වඩා ද හෙතෙමේ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයයට හෙවත් රහත්ඵලයට පැමිණෙයි.
Pali BJT5. පඤ්චාවුධජාතකං.
Sinhala BJT5. පඤ්චාවුධ ජාතකය.
Pali BJT56. යො පහට්ඨෙන චිත්තෙන පහට්ඨමනසො නරො භාවෙති කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා පාපුණෙ අනුපුබ්බෙන සබ්බසංයොජනක්ඛයන්ති.
Sinhala BJT56. යෝගක්‍ෂේමයට හහෙවත් නිවනට පැමිණෙනු සඳහා දුරු කළ නීවරණයන් ඇති සිතින් (එහෙයින් ම) නිර්‍මල වූ සිත් ඇති යම් මනුෂ්‍යයෙක් කුශලධර්‍මයන් වඩා ද හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයයට හෙවත් රහත්ඵලයට පිළිවෙළින් පැමිණෙයි.
Pali BJT6. කඤ්චනක්ඛන්ධජාතකං.
Sinhala BJT6. කඤ්චනක්ඛන්‍ධ ජාතකය.
Pali BJT57. යස්සෙතෙ චතුරො ධම්මා වානරින්ද යථා තව, සච්චං ධම්මො ධිතී චාගො දිට්ඨං සො අතිවත්තතී’ති.
Sinhala BJT57. වානරේන්‍ද්‍රය, වාක්සත්‍යය, පරික්‍ෂාඥානය, ධෛර්‍ය්‍යය, ත්‍යාගය යන මේ සතර ධර්‍මයෝ (සතර ගුණයෝ) තට මෙන් යමකුට විද්‍යමාන වෙද්ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ. (සතුරා මැඩ පවත්වයි.)
Pali BJT7. වානරින්ද ජාතකං.
Sinhala BJT7. වානරින්‍ද ජාතකය.
Pali BJT58. යස්ස එතෙ තයො{1} ධම්මා වානරින්ද යථා තව. දක්ඛියං සූරියං පඤ්ඤා දිට්ඨං සො අතිවත්තතී’ති.
Sinhala BJT58. වානරේන්‍ද්‍රය, දක්‍ෂභාවය ද, නිර්‍භයභාවය ද, උපාය කෞශල්‍යඥානය ද යන මේ ත්‍රිවිධ ධර්‍මයෝ තට මෙන් යමකුට ඇත් ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ.
Pali BJT8. තයොධම්මජාතකං.
Sinhala BJT8. තයෝධම්ම ජාතකය.
Pali BJT59. ධමෙ ධමෙ නාතිධමෙ අතිධන්තං හි පාපකං, ධන්තෙන{2} හි සතං ලද්ධං අතිධන්තෙන නාසිත’න්ති.
Sinhala BJT59. බෙර ගසන්නේ ය. බෙර ගසන්නේ ය. (ප්‍රමාණය ඉක්මවා) අතිශයින් නො ගසන්නේ ය. නිරන්තරයෙන් බෙර ගැසීම ලාමක ය. (අනර්‍ත්‍ථකර ය.) බෙර ගසන්නාහු විසින් (කහවණු) සියයක් ලබන ලද (කාලය නො බලා) නිරන්තරයෙන් බෙර වයන්නහු විසින් (ඒ ධනය නසන ලදී.)
Pali BJT9. භෙරිවාදජාතකං.
Sinhala BJT9. භේරිවාද ජාතකය.
Pali BJT60. ධමෙ ධමෙ නාතිධමෙ අතිධන්තං පාපකං, ධන්තෙනාධිගතා භොගා තෙ තාතො විධමී ධමන්ති.
Sinhala BJT60. සක් පිඹින්නේ ය. සක් පිඹින්නේ ය. (කල් නො බලා) අධික කොට නො පිඹින්නේ ය. අධික කොට පිඹීම ලාමක ය. (අනර්‍ත්‍ථකර ය) සක් පිඹින්නහු විසින් භෝගයෝ ලබන ලදහ. (අපගේ) පිය නැවත නැවත සක් පිඹින්නේ ඒ භෝගය විනාශ කෙළේ ය.
Pali BJT10. සඞ්ඛධමනජාතකං{3}.
Sinhala BJT10. සඞ්ඛධමන ජාතකය.
Pali BJTආසිංසවග්ගො ඡට්ඨො{4}.
Sinhala BJTසවැනි ආසිංස වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTයථාඉච්ඡිං තථාහුදකාථලා සුරසාදුඵලොවඅලීනමනො, සම්පහට්ඨමනො චතුරො ච තයො සතලද්ධකභොගධනෙනදස.
Sinhala BJTයථා ඉච්ඡිං තථා අහූ (මහාසීලව) දකථල (මූළජනක) සුරා (පුණ්ණපාති) සාදුඵල (කිංඵල) අලීනමනෝ (පංචාවුධ) සම්පහට්ඨමනෝ (කඤ්චනක්ඛන්‍ධ) චතුරො (වානරින්‍ද) තයො (තයෝධම්ම) සතලද්ධ (භේරිවද) භොගධන (සංඛධමන) යන දසය යි.
Pali BJT7. ඉත්ථිවග්ගො
Sinhala BJT7. ස්ත්‍රී වර්‍ගය
Pali BJT61. අසා{1} ලොකිත්ථියො නාම වෙලා තාසං න විජ්ජති, සාරත්තා ච පගබ්භා{2} ච සිඛී සබ්බඝසො යථා; තා හිත්වා පබ්බජිස්සාමි විවෙකමනුබ්රූහයන්ති.
Sinhala BJT61. ලෝකයෙහි ස්ත්‍රීහු නම් ලාමකයහ. නොහොත් තමන් කෙරෙහි ඇලුණවුනට දුක් දෙන්නාහු ය. ඔවුනට (ක්ලේශෝත්පත්ති නිවාරණයට) මර්‍ය්‍යාදාවෙක් නැත. සංරක්තයහ, ප්‍රගල්භයහ, සියල්ල කාදමන ගින්න මෙන් පුරුෂයන් විශේෂයෙන් සෙවුණාහ. (එසේ වූ) ඔවුන් හැරැ විවේකය වඩන්නෙම් පැවිදි වෙමි.
Pali BJT1. අසාතමන්තජාතකං.
Sinhala BJT1. අසාතමන්ත ජාතකය.
Pali BJT62. යං බ්රාහ්මණො අවාදෙසි වීණං සම්මුඛවෙඨිතො, අන්ධභූතා හතා භරියා තාසු කො ජාතු විස්සසෙ’ති.
Sinhala BJT62. බමුණු තෙමේ යම් කාරණයෙකින් (ඝනවස්ත්‍රයෙකින් මුඛය සමඟ වෙළන ලද්දේ) වීණාව වැයී ද (එසේ ඔහු රැවටූ තැනැත්තිය කෙසේ වූ බැමිණියක් ද යත්:) මවුකුසැ හොත් කල්හි මැ ආරක්‍ෂා කොට පෝෂණය කළා වූ භාර්‍ය්‍යාව යැ. එබඳු (පෙරළෙනසුලු ) භාර්‍ය්‍යාවන් කෙරෙහි කවර නම් නුවණැත්තෙක් ඒකාන්තයෙන් විශ්වාස තබන්නේ ද? (නො තබන්නේ මැ යැ.)
Pali BJT2. අන්ධභූතජාතකං{3}.
Sinhala BJT2. අන්‍ධභූත ජාතකය
Pali BJT63. කොධනා අකතඤ්ඤූ ච පිසුනා ච විභෙදිකා{4}, බ්රහ්මචරියං චර භික්ඛු සො සුඛං න හොහිසීති.{*}
Sinhala BJT63. (ස්ත්‍රීහු නම්) කිපෙන සුල්ලහ. කළ ගුණ නො දන්නෝ ද වෙති. ප්‍රියභාවය ශුන්‍ය කරන්නා වූ ද මිත්‍රයන් භේද කරන්නා වූ ද කථා කරන ස්වභාවය ඇත්තාහු ය. මහණ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙව. බඹසර හැසිරෙන තෝ සුවයෙන් නො පිරිහෙන්නෙහි ය.
Pali BJT3. තක්කජාතකං{5}.
Sinhala BJT3. තක්ක ජාතකය.
Pali BJT64. මා සු නන්දි ඉච්ඡති මං මාසු සොචි න ඉච්ඡති{6}, ථීනං භාවො දුරාජානො මච්ඡස්සෙවොදකෙ ගතන්ති.
Sinhala BJT64. (මේ ස්ත්‍රිය) මා කැමැත්තීය යි සතුටු නො වෙව, මා නො කැමැත්තීය යි ශෝක නො කරව. දියෙහි මත්ස්‍යයාගේ ගමන මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය නො දත හැකි යැ. දියෙහි මත්ස්‍යයාගේ ගමන් සටහන මෙනි.
Pali BJT4. දුරාජානජාතකං.
Sinhala BJT4. දුරාජාන ජාතකය.
Pali BJT65. යථා නදී ච පන්ථො ච පානාගාරං සභා පපා, එවං ලොකිත්ථියො නාම තාසං කුජ්ඣන්ති පණ්ඩිතාති.
Sinhala BJT65. ගංගාව ද, මහාමාර්‍ගය ද, සුරාහල ද ඉසුඹුහල ද, පින්පැන් මඩුව ද, යම්සේ සියලු දෙනාට සාධාරණයෝ ද ලෝකයෙහි ස්ත්‍රීහු ද එසේ (වූ පැවැතුම් ඇත්තෝ) වෙති. පණ්ඩිතයෝ මේ ස්ත්‍රීන්ට නො කිපෙත්.
Pali BJT5. අනභිරතිජාතකං.
Sinhala BJT5. අනභිරති ජාතකය.
Pali BJT66. එකා ඉච්ඡා පුරෙ ආසි අලද්ධා මුදුලක්ඛණං, යතො ලද්ධා අළාරක්ඛී ඉච්ඡා ඉච්ඡං විජායථාති.
Sinhala BJT66. මුදුලක්ඛණා නම් දේවිය නො ලදින් පූර්‍වයෙහි එක් තෘෂ්ණාවක් වුව. විශාලනේත්‍ර ඇති ඇය යම් තැනෙක පටන් ලබන ලද ද (පූර්‍වයෙහි වූ ඒ) තෘෂ්ණාව (ගෘහොපකරණ රැස්කිරීම් ආදි අනෙක් මැ) තෘෂ්ණාවක් ඉපදවිය.
Pali BJT6. මුදුලක්ඛණජාතකං.
Sinhala BJT6. මුදුලක්ඛණ ජාතකය.
Pali BJT67. උච්ඡඞ්ගෙ දෙව මෙ පුත්තො පථෙ ධාවන්තියා පති, තඤ්ච දෙසං න පස්සාමි යතො සොදරියමානයෙති{1}.
Sinhala BJT67. දේවයෙනි, පුත්‍ර තෙමේ මාගේ ඇකයෙහි මැ යැ. (ඉණට කඩා ගන්නා පලාමෙන් සුලභයහ.) මගෙහි යන්නා වූ මට ස්වාමිපුරුෂයෝ ද සුලභයහ. යම් දේශයෙකින් සහෝදරයකු ගෙන එම් ද (මවුපියන් නැති බැවින්) ඒ දේශය (මවුකුස) නො දකිමි.
Pali BJT7. උච්ඡඞ්ගජාතකං.
Sinhala BJT7. උච්ඡඞ්ග ජාතකය.
Pali BJT68. යස්මිං මනො නිවිසති චිත්තං වාපි{2} පසීදති, අදිට්ඨපුබ්බකෙ පොසෙ කාමං තස්මිම්පි විස්සසෙ’ති
Sinhala BJT68. යම් පුද්ගලයක්හු කෙරෙහි සිත පිහිටා ද, (දුටු පමණෙකින්) සිත පහදී ද පෙර නුදුටුවිරූ ඒ පුරුෂයා කෙරෙහි ඒකාන්තයෙන් විශ්වාසය තබන්නේ ය. (හෙවත් විශ්වාසයට පැමිණෙන්නේ ය.)
Pali BJT8. සාකෙතජාතකං.
Sinhala BJT8. සාකේත ජාතකය.
Pali BJT69. ධිරත්ථු තං විසං වන්තං යමහං ජීවිතකාරණා, වන්තං පච්චාවමිස්සාමි{3} මතං මෙ ජීවිතා වරන්ති.
Sinhala BJT69. යම් විෂයෙක් හරන ලද ද, ඒ වමනය කල විෂ මම ජීවිතයාගේ පැවැත්ම සඳහාවත්, නැවත හැරැගනිම් ද, ඒ විෂට නින්‍දා වේවා. (වමනය කළ විෂ නැවත හැරැගෙනැ) ජීවත්වීමට වඩා මිය යාම උතුම්.
Pali BJT9. විසවන්තජාතකං.
Sinhala BJT9. විසවන්ත ජාතකය.
Pali BJT70. න තං ජිතං සාධු ජිතං යං ජිතං අවජීයති, තං ඛො ජිතං සාධු ජිතං යං ජිතං නාවජීයතීති.
Sinhala BJT70. යම් ජයක් (සතුරන් විසින්) පරදවනු ලැබේ ද ඒ දිනුම මනා කොට දිනුවා නම් නො වේ. යම් ජයක් (සතුරන් විසින්) පරදවනු නො ලැබේ ද, ඒ දිනුම ම මනා කොට දිනුවා නම් වේ.
Pali BJT10. කුද්දාලජාතකං.
Sinhala BJT10. කුද්දාල ජාතකය.
Pali BJTඉත්ථිවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි ස්ත්‍රීවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTසිඛී සබ්බඝසොපි ච වීණවරො පිසුනමිත්තභෙදිකානන්දිනදී, මුදුලක්ඛණසොදරියාචමනො විසසාධුජිතෙන භවන්ති දස.
Sinhala BJTසිඛීසබ්බඝසො (අසාත්මන්ත) වීණවරො (අන්‍ධභූත) පිසුනමිත්තවිභේදිකා (තක්ක) නන්‍දි (දුරාජාන) නදී (අනභිරත) මුදුලක්ඛණ සොදරීය (උච්ඡඞ්ග) මනෝ (සාකේත) විස (වීසවන්ත) සාධුජිත (කුද්දාල) යන දසය යි.
Pali BJT8. වරණවග්ගො
Sinhala BJT8. වරුණ වර්‍ගය
Pali BJT71. යො පුබ්බෙ කරණීයානි පච්ඡා සො කාතුමිච්ඡති, වරණ{1} කට්ඨභඤ්ජොව ස පච්ඡාමනුතප්පතීති.
Sinhala BJT71. යමෙක් පළමු කටයුතු දෑ පසුව කරන්නට කැමැති වේ ද හෙතෙමේ ලුණුවරණදඬු බිඳි මාණවකයා මෙන් පසුව තැවෙයි. (ශෝක කරයි.)
Pali BJT1. වරණජාතකං{2}.
Sinhala BJT1. වරණ ජාතකය.
Pali BJT72. අකතඤ්ඤුස්ස පොසස්ස නිච්චං විවරදස්සිනො, සබ්බඤ්චෙ පඨවිං දජ්ජා නෙව නං අභිරාධයෙති.
Sinhala BJT72. කළ ගුණ නො දන්නා වූ නිරතුරු (අනුන්ගේ) සිදුරු (වැරැදි) දක්නා වූ පුරුෂයාට ඉඳින් මුළු පොළොව හෙවත් සක්විති රජකම දුන්නේ වී නමුදු ඔහු සතුටට පමුණුවනු නො හැක්කේ ය.
Pali BJT2. සීලවනාගරාජ{3}ජාතකං.
Sinhala BJT2. සීලවනාගරාජ ජාතකය.
Pali BJT73. සච්චං කිරෙවමාහංසු නරා එකච්චියා ඉධ, කට්ඨං විප්ලාවිතං{4} සෙය්යො නත්වෙවෙකච්චියො නරොති.
Sinhala BJT73. ගඟදියෙහි පාවෙන දරදඬු (නගා ගොඩ තබන ලද්දේ) උතුම් වේ. (කළ ගුණ නො දන්නා) සමහර පුරුෂයෙක් (නගා ගොඩ තබන ලද්දේ) උතුම් නො වේ මැ යි. මෙ ලොවැ ඇතැම් පණ්ඩිත කෙනෙක් සැබවක් ම කීහු ල.
Pali BJT3. සච්චංකිරජාතකං.
Sinhala BJT3. සච්චංකිර ජාතකය.
Pali BJT74. සාධු සම්බහුලා ඤාතී අපි රුක්ඛා අරඤ්ඤජා, වාතො වහති එකට්ඨං බ්රහන්තම්පි වනස්පතින්ති{5}.
Sinhala BJT74. බොහෝ වූ නෑයෝ (සමඟ වැ වෙසෙන්නාහු) ශෝභන වෙති. අරණ්‍යයෙහි හට ගත් වෘක්‍ෂයෝ පවා (ඝන වැ සිටියාහු) ශෝභන වෙත්, වාතය එකලා වැ සිටියා වූ අතුපතර ඇති මහත් වූ වනදෙටු රුක ද මුලිනුපුටා හෙළයි.
Pali BJT4. රුක්ඛධම්මජාතකං.
Sinhala BJT4. රුක්ඛධම්ම ජාතකය.
Pali BJT75. අභිත්ථනය පජ්ජුන්න නිධිං කාකස්ස නාසය, කාකං සොකාය රන්ධෙහි මඤ්ච සොකා පමොචයා’ති.
Sinhala BJT75. මේඝය ගර්‍ජනා කරව. කාක සමූහයාගෙ (මත්ස්‍ය) නිධානය නසව. කපුටුමුළුව ශෝකයට පමුණුවව. නෑයන් හා මා ද ශෝකයෙන් මුදව.
Pali BJT5. මච්ඡජාතකං.
Sinhala BJT5. මච්ඡ ජාතකය.
Pali BJT76. අසඞ්කියොම්භි ගාමම්භි අරඤ්ඤෙ නත්ථි මෙ භයං, උජුමග්ගං සමාරූළ්හො මෙත්තාය කරුණාය චාති.
Sinhala BJT76. ගමෙහි ද නිසැකයෙම් වෙමි. අරණ්‍යයෙහි මට බියෙක් නැත. මෛත්‍රියෙන් ද කරුණාවෙන් ද ඍජු වූ (බ්‍රහ්මලෝක හා දිව්‍යලෝකගාමි) මාර්‍ගයට නැංගෙමි.
Pali BJT6. අසඞ්කියජාතකං.
Sinhala BJT6. අසංකිය ජාතකය.
Pali BJT77. උසභා රුක්ඛා ගාමියො ගාවා ච, අස්සො කංසො සිගාලී ච තුම්භො, පොක්ඛරණී ච අපාකචන්දනං
Sinhala BJT77. (යුද නො කොට ගිය) වෘෂභයෝ යැ, (මල් පලගත් කුඩා) වෘක්‍ෂයෝ යැ, (එදවස උපන් වස්සන්ගේ කිරි බොන) දෙන්නු යැ, (වියෙහි යොදන නහඹු ) ගවයෝ යැ, (දෙපස මුඛ ඇති) අශ්ව යැ, (ජර සිවලකුට මෙහි මූ කරව යි පෑ සිය දහසක් අගනා) රන්තලිය යැ, (අඹරන රැහැන කාදමන) සිවලී යැ, (හිස් කළ අතුරෙහි තුබූ දිය පිරිණු) කළය යැ, (ගැඹුරු තැන දිය කැලැඹුණු) පොකුණ යැ, (එක් මැ සැළෙහි නිසි සේ) නො පැසුණු බත යැ, (කුණුමෝරු වලට විකුණන සියදහසක් අගනා) රත්සඳුන්හර යැ, යන සිහින ද -
Pali BJTලාපූනි සීදන්ති සිලා ප්ලවන්ති. මණ්ඩුකියො කණ්හසප්පෙ ගිලන්ති. කාකං සුවණ්ණා පරිවාරයන්ති. තසාවකා ඵළකානං භයා හි විපරියාසො{1} වත්තති න ඉධමත්ථීති.
Sinhala BJTහිස් ලබුකබල්හු දියෙහි ගැලෙති, ඝන පාෂාණයෝ (නැව් මෙන්) දියෙහි පාවෙති, මැඬිපැටියෝ කෘෂ්ණ සර්‍පයන් ගිලිති, ස්වර්‍ණ හංසයෝ කවුඩුවකු පිරිවරති, වෘකයෝ එළුවන්ට බියෙන් තැති ගනිත්. මෙසේ විපර්‍ය්‍යාසයෙක් පවතී, දැන් වැලිත් මේ පුරුෂ යුගයෙහි (මේ සිහිනයන්ගේ) විපාක දීමෙක් නැති යි.
Pali BJT7. මහාසුපිනජාතකං.
Sinhala BJT7. මහාසුපින ජාතකය.
Pali BJT78. උභො ඛඤ්ජා උභො කුණී උභො විසමචක්ඛුකා, උභින්නං පිළකා ජාතා නාහං පස්සාමි ඉල්ලිසන්ති.
Sinhala BJT78. දෙදෙනා ම පිළු ය. දෙදෙනාම කොරු ය. දෙදෙනාම වමරැසි ය. දෙදෙනාගේ ම හිස (සමාන වූ) පිළිකාවෝ ජාතයහ. (එහෙයින්) මම ඉල්ලීස නො දකිමි.
Pali BJT8. ඉල්ලීසජාතකං.
Sinhala BJT8. ඉල්ලීස ජාතකය.
Pali BJT79. යතො විලුත්තා ච හතා ච ගාවො දඩ්ඪානි ගෙහානි ජනො ච නීතො, අථාගමා පුත්තහතාය පුත්තො ඛරස්සරං දෙණ්ඩිමං{2} වාදයන්තොති.
Sinhala BJT79. යම් කලෙක් හි ගවයෝ පැහැර ගන්නා ලද්දාහු ද, (මස් පිණිස) නසන ලද්දාහු ද, ගෘහයෝ දවන ලද්දාහු ද, ජනයෝ ද බැඳැ ගෙන යන ලද්දාහු, එකල්හි නැසුණු දරුවන් ඇති මවගේ නිර්ලජ්ජ වූ පුත්‍රයා අමධුර වූ ශබ්ද ඇති පටහබෙරය වාදනය කෙරෙමින් ආවේ ය.
Pali BJT9. ඛරස්සරජාතකං.
Sinhala BJT9. ඛරස්සර ජාතකය.
Pali BJT80. යන්තෙ පවිකත්ථිතං{3} පුරෙ අථ තෙ පූතිඝරා සරන්ති පච්ඡා. උභයං න සමෙති භීමසෙන{4} යුද්ධකථා ච ඉදං ච තෙ විහඤ්ඤන්ති.
Sinhala BJT80. හීමසේනය, තොප විසින් පෙර සංග්‍රාමයෙහි යමක් කියන ලද ද නැවත පසුව හෙවත් යුද්ධයෙහි දී තාගේ පූතිඝර නම් වූ සිරුරමල වැගිරෙති. තොපගේ යුද්ධ (පිළිබඳ ඔදවැඩි) කතා ද මේ පීඩාව ද යන දෙ කරුණ සම නො වේ.
Pali BJT10. භීමසෙනජාතකං{5}.
Sinhala BJT10. භීමසේන ජාතකය.
Pali BJTවරණ{6}වග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි වර්‍ණ වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTවරණා අකතඤ්ඤූවරෙසුසච්චවරං සවනප්පතිනා ච අභිත්ථනය, කරුණායසිලාප්ලවඉත්ථිසතො පුන දෙණ්ඩිමපූතිසරෙන දස.
Sinhala BJTවරණ අකතඤ්ඤ (සීලවනාගරාජ) සච්චචර (සච්චංකිර) වනස්පති (රුක්ඛධම්ම) අහිත්‍ථනය (මච්ඡ) කරුණාය (අසඞ්කිය) සිලාප්ලව (මහාසුපින) ඉත්‍ථී (ඉල්ලීස) දෙණ්ඩිම (ඛරස්සර) පූතිඝර (හීමසේන) යන දසය යි.