Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1095. මතං මරිස්සං රොදන්ති යෙ රුදන්ති ලපන්ති ච, තස්මා ත්වං ඉසි මාරොදි රොදිතං මොඝමාසු සන්තො.
Sinhala BJT1095. යම් කෙනෙක් මළහුට හඬත් ද මමත් මැරෙන්නෙමි කියමින් වැලැපෙත් ද එය නිෂ්ඵල යයි සත්පුරුෂයෝ කීහු. එහෙයින් ඍෂිය, තෙපි නො හඬනු මැනැවි.
Pali BJT1096. කන්දිතෙන හවෙ බ්රහ්මෙ මතො පෙතො සමුට්ඨහෙ, සබ්බෙ සඞ්ගම්ම රොදාමි අඤ්ඤමඤ්ඤස්ස ඤාතකෙ.
Sinhala BJT1096. බමුණ, හැඬීම නිසා ඒකාන්තයෙන් මැරී පරලොව ගිය පුද්ගලයා නැගී සිටී නම් ඔවුනොවුන්ගේ මළ නෑයනට අපි සියලුදෙනමෝ එක්වැගෙන හඩම්හ.
Pali BJT1097. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT1097. ගිතෙල් ඉසින ලද දැල්වුණු ගින්නක් මෙන් (සොවින් දැවුණු) මා දිය ඉස නිවූ කලෙක මෙන් සියලු ශෝක දාහය නිවූයෙහි ය.
Pali BJT1098. අබ්බහී වත මෙ සල්ලං සොකං හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පුත්තසොකං අපානුදි.
Sinhala BJT1098. යමෙක් ශෝකයෙන් මඩනා ලද මාගේ පුත්‍රශෝකය දුරු කෙළේ ද, (ඒ තෙපි) මාගේ හෘදය ඇසිරි කළ යම් ශල්‍යයෙක් වී ද එය ඒකාන්තයෙන් බැහැර කළහු යැ.
Pali BJT1099. සොහං අබ්බූළ්හසල්ලොස්මි වීතසොකො අනාවිලො, න සොචාමි න රොදාමි තව සුත්වාන වාසවා’ති.
Sinhala BJT1099. ශෝක රහිත නො කැලඹුණු සිත් ඇති ඒ මම උපුටාලූ ශෝකශල්‍යය ඇතියෙම් වීමි. ශක්‍රය එහෙයින් තොපගේ බස් අසා ශෝක නො කරමි, නො හඬමි.
Pali BJT5. සොමදත්තජාතකං.
Sinhala BJT5. සෝමදත්ත ජාතක යි.
Pali BJT1100. කාළානි කෙසානි පුරෙ අහෙසුං ජාතානි සීසම්භි යථාපදෙසෙ, තානජ්ජ සෙතානි සුසීම දිස්වා ධම්මං චර බ්රහ්මචරියස්ස කාලො.
Sinhala BJT1100. සුසීම, හිසැ කේසයට අනුරූප පෙදෙස්හි හටගත් කේසයෝ පෙරැ කළුපැහැයෙන් යුතු වූහ, දැන් සුදු වූ ඒ කෙස් දැක දසකුසල්දහම්හි හැසිරෙව, මෙථුන විරති සංඛ්‍යාත බඹසරට මේ සුදුසු කාලය වෙයි.
Pali BJT1101. මමෙව දෙව පලිතං න තුය්හං මමෙව සීසං මම උත්තමඞ්ගං, අත්ථං කරිස්සන්ති මුසා අභාණිං{1} එකාපරාධං ඛම රාජසෙට්ඨ.
Sinhala BJT1101. දේවයෙනි, නරකෙස් ඇතියේ මගේ හිසෙහි යැ, ඔබගේ හිසෙහි නො වෙයි, මාගේ මැ හිස යැ, මාගේ උතුමඟ යැ, තමහට අර්‍ත්‍ථයක් කරන්නෙමි යි සිතා බොරු කීමි. රජතුමනි, එක් අපරාධයකට කමා කළ මැනවි.
Pali BJT1102. දහරො තුවං දස්සනීයොසි රාජ පඨමුග්ගතො හොහි යථා කළීරො, රජ්ජඤ්ච කාරෙහි මමං ච පස්ස මා කාලිකං අනුධාවී ජිනින්ද.
Sinhala BJT1102. රජතුමනි, තෙපි තරුණවහු, දැකුම්කලුවහු, තුරුණු කිළීලක් (ගොබයක්) වැනි ජීවිතයෙහි පළමු වයසෙහි සිටින්නහු යැ. එහෙයින් රාජ්‍යය ද කරනු මැනැවි, මා ද බලනු මැනැවි. (නොහොත් මා අනාථ නො කරනු මැනැවි.) ජනෙන්‍ද්‍රය, කාලික වූ සුවය අනුව නො දුවනු මැනැවි, නොහොත් මේ ජීවිතයෙහි වින්ද යුතු රජසුව අත් නොහළ මැනැවි.
Pali BJT1103. පස්සාමි වොහං දහරිං කුමාරිං සාමට්ඨපස්සං සුතනුං සුමජ්ඣං, කාළාපවාළාව{2} පවෙල්ලමානා පලොභයන්තීව නරෙසු ගච්ඡති.
Sinhala BJT1103. සිලිටි පහස ද සොඳුරු සිරුර ද යහපත් මැදපෙදෙස ද ඇති කුමරිය මම් දකිමි, කළුවැල් ළපලුවක් මෙන් සැලෙන ඕ කෙලෙස් වසඟ වූවා පුරුෂයන් සමීපයෙහි යයි.
Pali BJT1104. තමෙන පස්සාමි පරෙන නාරිං අසීතිකං නාවුතිකංව ජච්චා, දණ්ඩං ගහෙත්වාන පවෙධමානං ගොපාණසීභොග්ගසමං චරන්තිං.
Sinhala BJT1104. උපතින් අසූ හැවිරිදි වූ හෝ අනු හැවිරිදි වූ හෝ සැරයටියක් ගෙන වෙවුළමින් ගොනැස්සක් සෙයින් බිඳුණු සිරුරු ඇති ව ඇවිදින ඒ ස්ත්‍රිය පසුකලෙක දකිමි.
Pali BJT1105. සොහං තමෙවානුවිචින්තයන්තො එකො සයාමි සයනස්ස මජ්ඣෙ, අහම්පි එවං ඉති පෙක්ඛමානො න ගෙහෙ රමෙ බ්රහ්මචරියස්ස කාලො.
Sinhala BJT1105. ඒ මම් එය මැ නැවත නැවත සිතමින් යහන්මැද එකලා වැ හෝමි. මම ද මෙසේ (ජරාවට පත් වන්නෙමි යි) සිතා බලනුයෙම් ගෘහවාසයෙහි නො ඇලෙමි. (සොඳුර) මෙය බඹසර රක්නට සුදුසු කාලය යි.
Pali BJT1106. රජ්ජුවාලම්බනී චෙසා යා ගෙහෙ වසතො රති, එතම්පි ඡෙත්වාන වජන්ති ධීරා අනපෙක්ඛිනො කාමසුඛං පහායා’ති.
Sinhala BJT1106. ගිහිගෙයි වසනුවහුගේ යම් පස්කම් සුවයෙහි ඇලීමෙක් වේ ද, තෙල එල්බෙන රැහැනක් වැන්න, පස්කම්සුවය ද හැරපියා ප්‍රාඥයෝ අපේක්‍ෂා රහිත වූවාහු කම්සුව හැරපියා තපස් රක්නට යති යි.
Pali BJT6. සුසීමජාතකං.
Sinhala BJT6. සුසීම ජාතක යි.
Pali BJT1107. අහං දසසතං ව්යාමං උරගමාදාය මාගතො, තඤ්ච මඤ්ච මහාකායං ධාරයං නප්පවෙධසි.
Sinhala BJT1107. මම බඹ දහසක් පමණ වූ නයකු ගෙන ආයෙමි. – විශාල ශරීරයක් ඇති ඒ නයා ද මා ද දරමින් නො සැලෙහි.
Pali BJT1108. අථ ඉමං ඛුද්දකං පක්ඛිං අප්පමංසතරං මයා, ධාරයං ව්යාධසෙ හිතො කමත්ථං කොටිසිම්බලි.
Sinhala BJT1108. කෝටිසිම්බලිය, මට වඩා අත්‍යල්ප මාංශ ඇති මේ කුඩා පක්‍ෂියා දරා සිටිමින් තෝ කවර කරුණින් බිය වූයෙහි දැ? යී.
Pali BJT1109. මංසභක්ඛො තුවං රාජ බලභක්ඛො අයං දිජො, අයං නිග්රොධ බීජානි පිලක්ඛදුම්බරානි ච අස්සත්ථානි ච භක්ඛෙත්වා ඛන්ධෙ මෙ ඔදහිස්සති.
Sinhala BJT1109. රජතුමනි, තෙපි මස් කන්නහු ය. මේ පක්‍ෂි තෙම ගෙඩි කන්නෙකි. මේ තෙමේ නුග පළොල් දිඹුල් ඇසතු යන මේ ගෙඩිවර්‍ග කා (මාගේ) කඳෙහි මල පහකරන්නේ ය.
Pali BJT1110. තෙ රුක්ඛා සංවිරූහන්ති මම පස්සෙ නිවාතජා, තෙ පරියොනනධිස්සන්ති අරුක්ඛං මං කරිස්සරෙ.
Sinhala BJT1110. මාගේ පාර්‍ශවයෙහි (අතු අතරෙහි) වාත රහිත තැන්හි වැඩුණු නුග ආදි රුක්හු සරුවට වැඩෙති, ඒ ගස් මා වැළැඳගනී. (පසුව) මා රුක් නැත්තකු කෙරෙත්.
Pali BJT1111. සන්ති අඤ්ඤෙපි රුක්ඛාසෙ මූලිනො ඛන්ධිනො දුමා, ඉමිනා සකුණජාතෙන බීජමාහරිත්වා හතා.
Sinhala BJT1111. නුග ආදි බිජුවට ගෙන එන මේ සකුණ සමූහයා විසින් නසනලද මුල් සහිත කඳ ඇති වෙනත් ගස්හු ඇතියහ.
Pali BJT1112. අජ්ඣාරූළ්හාභිවඩ්ඪන්ති{1} බ්රහන්නම්පි වනස්පතිං,{2} තස්මා රාජ පවෙධාමි සම්පස්සං නාගතං භයං.
Sinhala BJT1112. රජතුමනි, විශාලගස් යටපත් කරගෙන (ඇසටු ආදි ගස්) වැඩෙති. එහෙයින් අනාගත බිය දක්නෙම් සැලෙමි.
Pali BJT1113. සඞ්කය්යෙ සඞ්කිතබ්බානි රක්ඛෙය්යානාගතං භයං. අනාගතභයා ධීරො උභො ලොකෙ අවෙක්ඛතීති.
Sinhala BJT1113. සැක කටයුතු දෙය සැක කරන්නේ ය. නො පැමිණි බියෙන් රැකෙන්නේ ය. (නොහොත් පාණාතිපාතාදි පාපක්‍රියාවන් නොකර හැරීම හා පවිටුමිතුරන්ගේ හා වෛරී පුඟුලන්ගේ ඇසුරෙන් ඉවත් වන්නේ ය.) නුවණැත්තේ නො පැමිණි බියෙන් දෙලොව රැක ගන්නේ යි.
Pali BJT7. කොටිසිම්බලිජාතකං.
Sinhala BJT7. කෝටිසිම්බලි ජාතක යි.
Pali BJT1114. රාජා අපුච්ඡි{3} විධුරං ධම්මකාමො යුධිට්ඨිලො, අපි බ්රාහ්මණ ජානාසි කො එකො බහු සොචති.
Sinhala BJT1114. සුචරිත ධර්‍මය ප්‍රිය කරන ‘යුධිෂ්ඨීර’ රජු විධුර පඬි තුමා අතින් විචාළේ ය. බමුණ, එකලා ව වසන කවරෙක් බොහෝ කොට ශෝක කෙරේ දැ යි කිම දන්නෙහි ද?
Pali BJT1115. බ්රාහ්මණො අජයූථෙන බහූතෙධො{4} වනෙ වසං, ධූමං අකාසි වාසෙට්ඨො{5} රත්තින්දිවමතන්දිතො.
Sinhala BJT1115. එළු රැළ හා සමග බොහෝ දර ඇති ව වනයෙහි වෙසෙන ‘වාසෙට්ඨ’ බමුණු දවරැයෙහි අනලස් වැ මදුරු උවදුරු නැති කරන්නට ගිනි දල්වා දුම් ඇති කෙළේ ය.
Pali BJT1116. තස්ස තං ධූමගන්ධෙන සරභා මකසද්දිතා,{6} වස්සාවාසං උපගඤ්ඡුං ධූමකාරිස්ස සන්තිකෙ.
Sinhala BJT1116. මැසිමදුරුවන්ගෙන් පෙළුණු සරභ මෘගයෝ ඒ දුම් ගඳින් දුම හටගන්වන ඒ බමුණා සමීපයෙහි වැසිකල විසීමට පැමිණියහ.
Pali BJT1117. සරභෙසු මනං කත්වා අජායො නාවබුජ්ඣථ, ආගච්ඡන්තී වජන්තී වා තස්ස තා විනස්සුං අජා.
Sinhala BJT1117. සරභ මුවන් කෙරෙහි ස්නේහය උපදවාගත් ඒ බමුණු වනයෙන් පෙරළා එන්නාවූ හෝ ගොවුදෙන් වනයට යන්නාවූ හෝ එළුවන් නො දනී. එහෙයින් ඔහුගේ ඒ එළුවෝ නැසුණහ.
Pali BJT1118. සරභා ච සරදෙ කාලෙ පහීනමකසෙ වනෙ, පාවිසුං ගිරිදුග්ගානි නදීනං පභවානි ච.
Sinhala BJT1118. වනයෙහි මදුරුවන් ප්‍රහීණ ව ගිය සරත් කාලයෙහි සරභමුවෝ ගඞ්ගා හටගන්නා ගිරිදුර්‍ගවලට පිවිසියහ.
Pali BJT1119. සරභෙ ච ගතෙ දිස්වා අජා ච විභවං ගතා, කිසො ච විවණ්ණො ආසි පණ්ඩුරොගී ච බ්රාහ්මණො.
Sinhala BJT1119. සරභමුවන් වල් වැදුණු බව ද එළුවන් මළ බව ද දැකැ බමුණු කෘශ වූ දුර්වර්‍ණ වූ පාණ්ඩුරෝගියෙක් විය.
Pali BJT1120. එවං යො සංනිරංකත්වා ආගන්තුං කුරුතෙ පියං, සො එකො බහු සොචති ධූමකාරීව බ්රාහ්මණොති.
Sinhala BJT1120. යමෙක් මෙලෙස ස්වකීයයන් බැහැර කොට අමුත්තන් ප්‍රිය කෙරේ ද හෙතෙම ධූමකාරී බමුණා මෙන් එකලා ව බොහෝ දුක් ඇතියෙක.
Pali BJT8. ධූමකාරිජාතකං.
Sinhala BJT8. ධූමකාරි ජාතක යි.
Pali BJT1121. කොධ ජාගරතං සුත්තො කොධො සුත්තෙසු ජාගරො, කො මමෙතං{1} විජානාති කො තං පටිභණාති මෙ.
Sinhala BJT1121. මෙලොව කවරෙක් නිදිවර්ජිතයන් අතුරෙහි සයනය කෙළේ ද? සයනය කළවුන් අතුරෙහි කවරෙක් නිදිවර්ජිත ද? මාගේ තෙල ප්‍රශ්නය දනී ද? කවරෙක් මේ ප්‍රශ්නය විසඳන්නට සමත් වේ ද?
Pali BJT1122. අහං ජාගරතං සුත්තො අහං සුත්තෙසු ජාගරො, අහමෙතං විජානාමි අහං පටිභණාමි තෙ.
Sinhala BJT1122. නිදි වර්ජිතයන් අතුරෙහි මම නිදන්නෙමි, සයනය කරන්නන් අතරෙහි මම නිදි වර්‍ජනය කරමි. මේ ප්‍රශ්නය මම දනිමි, තොප විසින් පහදන්නට මම පොහොසත්මි.
Pali BJT1123. කථං ජාගරතං සුත්තො කථං සුත්තෙසු ජාගරො, කථං එතං විජානාසි කථං පටිභණාසි මෙ.
Sinhala BJT1123. නිදි වර්ජිතයන් අතුරෙහි කෙසේ නිදාගත්තේ ද? නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කළේ කෙසේ ද? මේ ප්‍රශ්නය කෙසේ දනිහි ද? මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට කෙසේ සමත් වෙහි ද?
Pali BJT1124. යෙ ධම්මං නප්පජානන්ති සංයමොති දමොති ච, තෙසු සුප්පමානෙසු අහං ජග්ගාමි දෙවතෙ.
Sinhala BJT1124. දේවතාවෙනි, සිල්වත් වීම ඉන්‍ද්‍රිය දමනය යන ගුණ ධර්‍මයන් යම් කෙනෙක් නො දනිත් ද, ඔවුහු කෙලෙස් නින්දෙන් නිදද්දී මම අප්‍රමාද ගුණයෙහි පිහිටා නො නිදා සිටිමි.
Pali BJT1125. යෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා, තෙසු ජාගරමානෙසු අහං සුත්තොස්මි දෙවතෙ.
Sinhala BJT1125. දේවතාවෙනි, යම් රහතුන් වහන්සේ කෙනකුන්ගේ රාගදෝසමෝහයෝ නැසුණාහු ද ඒ ආර්‍ය්‍යයන් නො නිදන කලැ මම නිදාගත්තෙමි.
Pali BJT1126. එවං ජාගරතං සුත්තො එවං සුත්තෙසු ජාගරො, එවමෙතං විජානාසි එවං පටිභණාමි තෙ.
Sinhala BJT1126. නිදි දුරුකරන්නවුන් අතුරෙහි මම මෙසේ නිදමි, නිදන්නවුන් අතුරෙහි මම මෙසේ නිදි වර්‍ජනය කරමි. මෙසේ මේ ප්‍රශ්නය දනිමි. ඔබට මෙසේ ප්‍රකාශ කරන්නට සමත් වෙමි.
Pali BJT1127. සාධු ජාගරතං සුත්තො සාධු සුත්තෙසු ජාගරො, සාධු මෙතං විජානාසි සාධු පටිභණාසි මෙති.
Sinhala BJT1127. මනාලෙස නො නිදන්නවුන් අතුරෙහි සයනය කෙළෙහි, මනාලෙස නිදන්නවුන් අතුරෙහි නො නිදන්නෙහි, මනාසේ ප්‍රශ්නය දත්තෙහි, මා ඇසූ ප්‍රශ්නය මනාලෙස විසඳන්නට සමත් වෙහි යි.
Pali BJT9. ජාගරජාතකං.
Sinhala BJT9. ජාගර ජාතක යි.
Pali BJT1128. න කිරත්ථි අනොමදස්සිසු පාරිචරියා බුද්ධෙසු අප්පිකා{1}, සුක්ඛාය අලොණිකාය ච පස්ස ඵලං කුම්මාසපිණ්ඩියා.
Sinhala BJT1128. අලාමක වූ ප්‍රත්‍යෙකබෝධිඥාන ඇති පසේබුදුවරයන් කෙරෙහි කළ වැඳුම් පිදුම් ආදි පරිචර්‍ය්‍යාවන්ගේ ආනිසංසය ස්වල්ප නො වේ. තෙල්, පැණි රහිත කොමුපිඬු දානයෙහි විපාක බල.
Pali BJT1129. හත්ථිගවාස්සා ච මෙ{2} බහූ ධනධඤ්ඤං පඨවී ච කෙවලා, නාරියො චිමා අච්ඡරූපමා පස්ස ඵලං කුම්මාසපිණ්ඩියා.
Sinhala BJT1129. ඇත් අස් ගවයෝ ද ධනධාන්‍යයෝ ද සියලු මහ පොළොව ද, දෙවඟනන් වැනි සුන්‍දර රූපිකාවෝ ද මට බොහෝ වෙති. කොමුපිඬු දානයෙහි විපාක බල.
Pali BJT1130. අභික්ඛණං රාජකුඤ්ජර ගාථා භාසසී කොසලාධිප, පුච්ඡාමි තං රට්ඨවඩ්ඪන බාළ්හං පීතිමනො පභාසසි.
Sinhala BJT1130. කුශලාධ්‍යශය ඇති රාජශ්‍රේෂ්ඨය, නිරතුරු ගාථා කියන්නෙහි ය රාජ්‍යය දියුණු කරන උතුමාණෙනි, ඔබ විචාරමි. ප්‍රමුදිත ව මෙහි අරුත් කියනු මැන.
Pali BJT1131. ඉමස්මිං යෙව නගරෙ කුලෙ අඤ්ඤතරෙ අහුං, පරකම්මකාරො ආසිං භතකො සීලසංවුතො.
Sinhala BJT1131. මේ නගරයේ ම එක්තරා කුලයෙක උපන්මි. අනුන්ට බැලමෙහෙකම් කොට දිවි රක්නෙම් පිරිසුදු පන්සිල් ඇති වීමි.
Pali BJT1132. කම්මාය නික්ඛමන්තාහං චතුරො සමණෙ අද්දසං. ආචාරසීලසම්පන්නෙ සීතීභූතෙ අනාසවෙ.
Sinhala BJT1132. කර්‍මාන්ත සඳහා යන මම ආචාරයෙන් හා ශීලයෙන් සම්පූර්‍ණ වූ පාප රහිත හෙයින් සිහිල් වූ ආස්‍රව රහිත වූ ශ්‍රමණයන් වහන්සේ සතර නමක් දිටිමි.
Pali BJT1133. තෙසු චිත්තං පසාදෙත්වා නිසීදෙත්වා පණ්ණසන්ථතෙ, අදාසිං බුද්ධානං කුම්මාසං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT1133. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා කොළ ඇතිරියෙහි වඩාහිඳුවා පහන් සිතැති ව පසේබුදුවරුන්හට සියතින් කොමුපිඬු පිළිගැන්වූයෙමි.
Pali BJT1134. තස්ස කම්මස්ස කුසලස්ස ඉදං මෙ එදිසං{3} ඵලං, අනුභොමි ඉදං රජ්ජං ඵීතං ධරණිමුත්තමං.
Sinhala BJT1134. මාගේ පුණ්‍යකර්‍මයේ විපාකඵලය මෙබඳු ය. හැම සම්පත්තියෙන් ආඪ්‍ය වූ උතුම් පොළොව සහිත රාජසම්පත විඳිමි.
Pali BJT1135. දද භුඤ්ජ ච මා ච පමාදො{4} චක්කං වත්තය කොසලාධිප, මා රාජ අධම්මිකො අහූ ධම්මං පාලය කොසලාධිප.
Sinhala BJT1135. කෝසලාධිපය, දන් දී වළඳනු මැනැවි. දානාදි පුණ්‍ය ක්‍රියාහි නොසැලැකිලි නොවන්නේ මැනැවි. චතුශ්චක්‍රක සම්පත් සපුරාලනු මැනවි. රජතුමනි, අධාර්මිකයකු නොවනු මැනැවි. දහම් රකින්නේ මැනැවි.
Pali BJT1136. සොහං තදෙව පුනප්පුනං වටුමං ආචරිස්සාමි සොභනෙ, අරියාචරිතං සුකොසලෙ අරහන්තො මෙ මනාපා පස්සිතුං.
Sinhala BJT1136. ඒ මම බුද්ධාදි ආර්‍ය්‍යයන් නැවැතැ නැවැතැ පුරුදු කළ මඟෙහි ම හැසිරෙන්නෙමි, රහතුන් වහන්සේ දකින්නට මට රිසි ඇත.
Pali BJT1137. දෙවී වියච්ඡරූපමා මජ්ඣෙ නාරිගණස්ස සොභසි, කිං කම්මමකාසි භද්දකං තෙනාසි වණ්ණවතී සුකොසලෙ.
Sinhala BJT1137. දේවිය, (කොසොල්රජුගේ දුවක වූ තෙපි) කතුන් මැද අප්සරාවක මෙන් බබලන්නවු ය. පෙර කිනම් කුශලකර්‍මයක් කළා ද? කවර කරුණෙකින් වර්‍ණවත් වූවා ද?
Pali BJT1138. අම්බට්ඨකුලස්ස ඛත්තිය දාස්යාහං පරපෙස්සියා අහුං, සඤ්ඤතා ධම්මජිවිනී සීලවතී ච අපාපදස්සනා.
Sinhala BJT1138. රජතුමනි, මම කෙළෙඹිකුලයක පණිවුඩ ගෙනයන දාසියක් වීමි. තිදොරින් සංවර වූ දැහැමෙන් ජීවත් වන ආචාරසීල සම්පන්න වූ දැකුම්කලු වීමි.
Pali BJT1139. උද්ධටභත්තං අහං තදා චරමානස්ස අදාසිං භික්ඛුනො, විත්තා සුමනා සයං අහං තස්ස කම්මස්ස ඵලං මමෙදිස’න්ති.
Sinhala BJT1139. එකලැ මම තමහට ලැබුණු බත්කොටස ගෙනෙනුයේ පිඬුසිඟා වඩනා බුන් කෙලෙස් ඇති පසේබුදුන් වහන්සේට සතුටු සිත් ඇති ව දුනිමි. (පිදීමි) ඒ කර්‍මයේ ඵලය මෙබඳු ය.
Pali BJT10. කුම්මාසපිණ්ඩජාතකං.
Sinhala BJT10. කුම්මාස පිණ්ඩ ජාතක යි.
Pali BJT1140. ආගගමිස්සති මෙ පාපං ආගමිස්සති මෙ භයං, තදා හි චලිතා සාඛා මනුස්සෙන මිගෙන වා.
Sinhala BJT1140. අනිෂ්ටවූ දෙයක් මට එන්නේ ය. මට බියක් එන්නේ ය. (යම්හෙයෙකින්) එකල්හි අත්ත මිනිසකු විසින් හෝ මෘගයකු විසින් හෝ සෙලැවිණි.
Pali BJT1141. භීරුයා නූන මෙ කාමෙ අවිදූරෙ වසන්තියා, කරිස්සති කිසං පණ්ඩුං සාව සාඛා පරන්තපං.
Sinhala BJT1141. බියවන ස්වභාව ඇති නුදුරෙහි වසන මගේ බැමිණිය නිසා මට කාමසිතුවිලි උපදී ද, පරන්තප දාසයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූ පඬු පැහැය ඇත්තකු කරන්නේ ය.
Pali BJT1142. සොචයිස්සති මං කන්තා ගාමෙ වසමනින්දිතා, කරිස්සති කිසං පණ්ඩුං සාව සාඛා පරන්තපං.
Sinhala BJT1142. මාගේ ප්‍රිය වූ බිරිඳ ගමේ වසන්නී අනින්‍දිත වූවා උතුම් රූ ඇත්තී මා ශෝක කරවා වියළවන්නී ය. පරන්තපයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූවකු ද පඬුපැහැ ඇත්තකු ද කරන්නේ ය.
Pali BJT1143. තයා මං හසිතාපඞ්ගි{1} මිහිතානි{2} භණිතානි ච, කිසං පණ්ඩුං කරිස්සන්ති සාව සාඛා පරන්තපං.
Sinhala BJT1143. කළු ඇස්කෙළවර ඇත්තී ය, තී පවත්වන මන්‍දස්මිතය ද මධුර කථා ද පරන්තපයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූවකු ද පඬුපැහැ ඇත්තකු ද කරන්නේ ය.
Pali BJT1144. ආගමා නූන සො සද්දො අසංසි නූන සො තව, අක්ඛාතං නූන තං තෙන යොතං සාඛමකම්පයී.
Sinhala BJT1144. ඒ ශාඛා ශබ්දය තා කරා ආයේ යයි සිතමි. ඒ ශබ්දය තොපට දැනුම්දෙන ලදැ යි සිතමි, යමෙක් ඒ අත්ත සෙලැවී ද හේ පියා මැරූ හේතුව කියන ලද යි සිතමි.
Pali BJT1145. ඉදං ඛො ත්වං සමාගම්ම මම බාලස්ස චින්තිතං, තදාහි චලිතා සාඛා මනුස්සෙන මිගෙන වා.
Sinhala BJT1145. බාල වූ මා සිතූ දෙය තා වෙත පැමිණියේ ය. එකලැ සෙලවුණු අත්ත මිනිසකු හෝ මෘගයකු හෝ සෙලවූයේ දැ යි නො පැනිණි.
Pali BJT1146. තථෙව ත්වං අවෙදෙසි අවඤ්චි පිතරං මම, හන්ත්වා සාඛාහි ඡාදෙන්තො ආගමිස්සති මෙ භය’න්ති.
Sinhala BJT1146. තෝ මාගේ පියා මැරුයෙහි ය, මරා අතුවලින් වසමින් එබඳු බියක් එන්නේ යයි දෑනගත්තෙහි යයි.
Pali BJT11. පරන්තපජාතකං.
Sinhala BJT11. පරන්තප ජාතක යි.
Pali BJTගන්ධාරවග්ගො දුතියො
Sinhala BJTදෙවන ගන්‍ධාර වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවරගාම මහාකපි භග්ගව ච දළ්හධම්ම සකුඤ්ජර කෙසවරො, උරගො විධුරො පුන ජාගරතා අථ කොසලාධිප පරන්තපෙන ච.
Sinhala BJTගන්‍ධරජාතක (වරගාම) යැ මහාකපිජාතක යැ කුම්භකාරජාතක (භග්ගව) යැ දළභධම්මජාතක යැ සෝමදත්තජාතක (කුක්කුර) යැ සුසීමජාතක (කේස) යැ කොටිසිම්බලිජාතක (උරග) යැ ධූමකාරි ජාතක (විධුර) යැ ජාගරජජාතක යැ කුම්මාසපිණ්ඩජාතක යැ පරන්තප ජාතක යැ යි දසයෙකි.
Pali BJTසත්තකනිපාතං නිට්ඨිතං.
Sinhala BJTසත්තක නිපාතය නිමි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ග උද්දානය:
Pali BJTඅථ සන්ත නිපාතම්හි වග්ගං මෙ භණතො සුණ, කුක්කු ච පුන ගන්ධාරො ද්වෙ ව මුත්තා මහෙසිනා.
Sinhala BJTසත්තකනිපාතයෙහි කුක්කුවර්‍ග යැ ගන්‍ධාරවර්‍ග යැ යී වර්‍ග දෙකක් මැ මහර්ෂි වූ බුදුරජුන් විසින් වදාරන ලදහ.
Pali BJT8. අට්ඨකනිපාතො
Sinhala BJT8. අට්ඨක නිපාතය
Pali BJT1147. ඔදාතවත්ථා සුචි අල්ලකෙසා කච්චානි කිං කුම්භිමධිස්සයිත්වා, පිට්ඨා තිලා ධොවසි තණ්ඩුලානි තිලොදනො හොහිති{1} කිස්ස හෙතු.
Sinhala BJT1147. කච්චානිය, හැඳි සුදුවත් ඇත්තී පවිත්‍ර වූ තෙතකෙස් ඇත්තී මිනීඔළුවෙන් කළ උදුනෙහි පිසින තලිය තබා තලපිටි බහා සහල් දොවන්නේ කුමට ද? තලබත් කුමට ද?
Pali BJT1148. න ඛො අයං බ්රාහ්මණ භොජනත්ථා තිලොදනො හොහිති සාධුපඤ්ඤා, ධම්මො මතො තස්ස බහූතමජ්ජ{2} අහං කරිස්සාමි සුසානමජ්ඣෙ.
Sinhala BJT1148. සොඳුරු නුවණැති බමුණ, මේ තලබත අනුභව කිරීම පිණිස නො වේ. ධර්‍මය (වැඩිහිටියන් සැලැකීම හා ත්‍රිවිධ සුචරිතය) මළේ ය. මම සොහොනමැද සිට ඒ ධර්‍මයට මතකබත කරන්නෙමි.
Pali BJT1149. අනුවිච්ච කච්චානි කරොහි කිච්චං ධම්මො මතො කොනු තවෙතසංසී, සහස්සනෙත්තො අතුලානුභාවො න මීයති{3} ධම්මවරො කදාචි.
Sinhala BJT1149. කච්චයානිය, විමසා බලා කටයුතු කරව. ධර්‍මය මළේ යයි තොපට තෙල කීයේ කවරෙක් ද? අසම වූ තෙද ඇති දහසක් නෙත් ඇති (ශක්‍රසංඛ්‍යාත) ශ්‍රේෂ්ඨ ධර්‍මය කිසිකලෙක නො මැරේ යයි කී ය.
Pali BJT1150. දළ්හප්පමාණං{4} මම එත්ථ බ්රහ්මෙ ධම්මො මතො නත්ථි මමෙත්ථ කඞ්ඛා, යෙ යෙවදානි පාපා භවන්ති තෙ තෙවදානි සුඛිතා භවන්ති.
Sinhala BJT1150. බමුණ, මෙහි මාගේ දැඩි ප්‍රමාණය යි (හෙවත් විශ්වාසයයි.) මෙහි ලා මට සැකයෙක් නැත. දැන් යම් යම් කෙනෙක් පාපියෝ වෙත් ද ඔවුහු ම සැප ඇත්තෝ වෙත්.
Pali BJT1151. සුණිසා හි මය්හං වඤ්ඣා අහොසි සා මං වධිත්වාන විජායි පුත්තං, සාදානි සබ්බස්ස කුලස්ස ඉස්සරා අහං පනම්භී අපවිද්ධා එකිකා.
Sinhala BJT1151. මාගේ ලෙහෙළි වඳ වූවා ය. ඇය මා තළා පෙළා පුතකු ප්‍රසූත කළා ය. දැන් ඕ තොමෝ ගෙදරට අධිපති වූවා ය. ගෙයින් බැහැර කරන ලද මම තනි ව අනාථ වීමි.
Pali BJT1152. ජීවාමි වොහං නාහං මතොස්මි{5} තවෙව අත්ථාය ඉධාගතොස්මි, යා තං වධිත්වාන විජායි පුත්තං සහාව පුත්තෙන කරොමි භස්මං.
Sinhala BJT1152. මම දිවි ඇත්තෙමි, මම නො මළෙමි, තී නිසා මෙහි පැමිණියෙමි, යම් ස්ත්‍රියක් තොපට හිංසා කොට පුතකු වැදුවා ද පුතා සමග ඇය අළු කරමි යි කී ය.
Pali BJT1153. එතඤ්ච{6} තෙ රුච්චති දෙවරාජ මමෙව අත්ථාය ඉධාගතොසි, අහඤ්ච පුත්තො සුණිසා ච නත්තා සම්මොදමානා ඝරමාවසෙම.
Sinhala BJT1153. ශක්‍රය, මෙය තොපට රුචි වේ. මා නිසා මෙහි පැමිණියෙහි මම ද පුතා ද ලෙහෙළිය ද මුණුබුරා ද සතුටු වෙමින් ගෙහි වසම්හ.
Pali BJT1154. එතඤ්ච තෙ රුච්චති කාතියානි හතාපි සන්තා න ජහාසි ධම්මං, තුවඤ්ච පුත්තො සුණිසා ච නත්තා සම්මොදමානා ඝරමාවසෙථ.
Sinhala BJT1154. කච්චානිය, මෙය තොපට රිසි වෙයි, තළනු ලැබූ ද තෙපි පුත්‍රයා කෙරෙහි මෛත්‍රිය නො හළවු ය, තෙපි ද පුතා ද ලෙහෙළිය ද මුණුබුරා ද ප්‍රමුදිත ව වසවු.
Pali BJT1155. සා කාතියානී සුණිසාය සද්ධිං සම්මොදමානා ඝරමාවසිත්වා, සුත්තො ච නත්තා ච උපට්ඨහිංසු දෙවානමින්දෙන අධිග්ගහීතා’ති.
Sinhala BJT1155. කච්චාන ගෝත්‍ර ඇති ඕ ලෙහෙළිය සමග සතුටින් ගෙහි වුසූවා ය. දේවේන්‍ද්‍ර වූ ශක්‍රයාගේ රැක්ම ලද පුතා ද මුණුබුරා ද ඇයට උවටන් කළහ.
Pali BJT1. කච්චානිජාතකං.
Sinhala BJT1. කච්චානි ජාතක යි.
Pali BJT1156. ඉදං පුරෙ නින්නමාහු බහුමච්ඡං මහොදිකං{1}, ආවාසො බකරාජස්ස පෙත්තිකං භවනං මම ත්යජ්ජ භෙකෙන{2} යාපෙම ඔකං{3} න විජභාමසෙ.
Sinhala BJT1156. කොක්රජුට වාසභවන වූ මාගේ පියා සතු ගෙය වූ මේ මගුල්පොකුණ පෙර දියසොරොව්වෙන් දිය පිරුණු කලැ බොහෝ මසුන් ඇත්තේ ය යි ද, දිය බොහෝ ඇත්තේ ය යි ද කියති. (එහෙත්) අද අපි එක් මැඩියකුගෙන් දිවි රකුම්හ. කුසගින්නෙන් පෙළෙන්නමෝ නමුදු වාසස්ථාන හැර නො යම්හ.
Pali BJT1157. කො දුතියං අසීඅලස්ස{4} බන්ධුරස්සක්ඛි{5} භෙජ්ජති, කො මෙ පුත්තෙ කුලාවකං මඤ්ච සොත්ථිං කරිස්සති.
Sinhala BJT1157. නො හික්මුණු බන්‍ධුර නමැති ඇත්ගොව්වාගේ දෙවැනි ඇස කවරෙක් බිඳී ද, මාගේ පුතුන් ද කූඩුව ද මා ද කවරෙක් රැක දෙන්නේ ද?
Pali BJT1158. සබ්බා පරික්ඛතා ඵෙග්ගු යාව තස්සා ගතී අහු, ඛීණභක්ඛො මහාරාජ සාරෙ න රමතී ඝුණො.
Sinhala BJT1158. යම් පමණ එළය තුබුණේ ද එළය සියල්ල ම කන ලද, මහරජතුමනි, කන්නට තුබූ දෙය ක්‍ෂය වූ කලැ ගුල්ලා අරටුයෙහි නො ඇලේ.
Pali BJT1159. සා නූනාහං ඉතො ගන්ත්වා රඤ්ඤො මුත්තා නිවෙසනා, අත්තානං රමයිස්සාමි දූමසාඛානිකෙතිනී.
Sinhala BJT1159. ඒ මම මේ රජනිවෙසින් මිදී ගොස් රුක්අතු නිවාස කොටගෙන තමා කවදා සිත් අලවා වෙසෙම් ද.
Pali BJT1160. සො නූනාහං ඉතො ගන්ත්වා රඤ්ඤො මුත්තො නිවෙසනා, අග්ගො දකානි පිවිස්සාමි{6} යූථස්ස පුරතො වජං.
Sinhala BJT1160. ඒ මම මේ රජනිවෙසින් මිදී ගොස් මෘගසමූහයාගේ පෙරමුණෙහි යනුයෙම් ඉඳුල් නො කළ දිය බොන්නට කවදා ලබම් ද.
Pali BJT1161. තං මං කාමෙහි සම්පන්නං රත්තං කාමෙසු මුච්ඡිතං ආනයී හරතො{7} ලුද්දො බාහිකො භද්දමත්ථු තෙ
Sinhala BJT1161. බාහික රටවැසි භරත නමැති වැද්දා පඤ්චකාමසම්පත්තියෙන් පිරුණු රාගයෙන් රත් වූ කාමයෙන් මුසපත් වූ ඒ මා මෙහි ගෙනාවේ ය. තොපට සෙතක් වේවා.
Pali BJT1162. අන්ධකාරතිමිසායං තුඞ්ගෙ උපරිපබ්බතෙ, සා මං සණ්හෙන මුදුනා මා පාදං ඛණියස්මනි.
Sinhala BJT1162. ඝනාන්‍ධකාරයෙහි උස්වූ පර්‍වත මුදුනෙහි (සිටි) මාගේ බිරිඳ වූ කිඳුරිය ගලෙහි පය නො පැකිලේවා යි මොළොක් බසින් කීවා ය.
Pali BJT1163. අසංසයං ජාතිඛයන්තදස්සී න ගබ්භසෙය්යං පුනරාවජිස්සං, අයං හි මෙ අන්තිමා ගබ්භසෙය්යා ඛීණො මෙ සංසාරො පුනබ්භවායා’ති.
Sinhala BJT1163. නිවන්දුටු මම ඒකාන්තයෙන් ම මවුකුස වාසයට නැවත නො එන්නෙමි. මෙය මාගේ අවසාන ප්‍රතිසන්‍ධිය වේ. නැවත ඉපැදීම නම් වූ සසර ගමන ගෙවීගියේ යි.
Pali BJT2. අට්ඨසද්දජාතකං.
Sinhala BJT2. අට්ඨසද්ද ජාතක යි.
Pali BJT1164. ඉදං සුවණ්ණකායූරං මුත්තා වෙළුරියා බහූ, සබ්බං හරස්සු භද්දන්තෙ මඤ්ච දාසීති සාවය.
Sinhala BJT1164. පින්වත, ගෙලපළඳනා මේ ආභරණය ද මුතු රැස ද වෛදූර්‍ය්‍යමණික්‍යය ද යන සියල්ල ගනු මැනැවි. මා දාසියකැ යි අස්වව හෙවත් කියව.
Pali BJT1165. ඔරොපයස්සු කල්යාණි මා{1} බහුං පරිදෙවසි, න චාහං අභිජානාමි අහන්ත්වා{2} ධනමාභතං.
Sinhala BJT1165. සොඳුර, තිගේ පළඳනා ගළවා තබව, බොහෝ නො හඬව. (මෙරමා) නො නසා ගෙනා ධනය මම නො දනිමි. හෙවත් නො ගනිමි.
Pali BJT1166. යතො සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං, න චාහං{3} අභිජානාමි අඤ්ඤං පියතරං තයා.
Sinhala BJT1166. යම් කලෙක සිට තමා සිහි කෙරෙම් ද, යම් කලෙක සිට (හොඳ නරක තේරුම් ගන්නා) නැණැති බවට පැමිණියෙම් ද (ඒතාක්) තට වඩා ප්‍රියතමයකු මම නො දනිමි.
Pali BJT1167. එහි තං උපගූහිස්සං{4} කරිස්සඤ්ච පදක්ඛිණං, න හි දානි පුනා අත්ථි මම තුය්හඤ්ච සඞ්ගමො.
Sinhala BJT1167. එනුමැන, තොප වැළැඳගන්නෙමි, පැදැකුණු කරන්නෙමි, මාගේ ද තොපගේ ද නැවැත එක්වීමෙක් නැත.
Pali BJT1168. න හි සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො, ඉත්ථිපි පණ්ඩිතා හොති තත්ථ තත්ථ විචක්ඛණා.
Sinhala BJT1168. හැම තැන්හි පුරුෂයා පණ්ඩිත නො මැ වෙයි. විචක්‍ෂණ වූ ස්ත්‍රිය ද ඒ ඒ තැන්හි පණ්ඩිත වේ.
Pali BJT1169. න හි සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො, ඉත්ථිපි පණ්ඩිතා හොති ලහුමත්ථවිචින්තිකා.
Sinhala BJT1169. හැම තැන්හි පුරුෂයා පණ්ඩිත නො මැ වේ. වහා කරුණු සිතා වටහාගන්නා ස්ත්‍රිය ද පණ්ඩිත වේ.
Pali BJT1170. ලහුඤ්ච වත ඛිප්පඤ්ච නිකට්ඨෙ සමචෙතයි, මිගං පුණ්ණාය තෙනෙවං සුලසා සත්තුකං වධි.
Sinhala BJT1170. ඒකාන්තයෙන් ලැසි නො වී පමා නො වී ඔහු මරන්නට උපක්‍රම සිතී ය, දක්‍ෂ මුවවැද්දෙක් දුන්නෙන් විද මුවකු මරන්නේ යම්සේ ද එසේ සුලසා තොමෝ සත්තුක නමැති සොරා මැරී ය.
Pali BJT1171. යොධ උප්පතිතං අත්ථං න ඛිප්පමනුබුජ්ඣති, සො හඤ්ඤති මන්දමතී චොරොව ගිරිගබ්භරෙ.
Sinhala BJT1171. මේ ලෝකයෙහි යමෙක් තමා වෙත පැමිණි කරුණ වහා තේරුම් නො ගනී ද නුවණ මඳ හේ පර්‍වත ප්‍රපාතයෙහි සොරා මෙන් විනාශ වේ.
Pali BJT1172. යො ච උප්පතිතං අත්ථං ඛිප්පමෙව නිබොධති, මුච්චතෙ{5} සත්තු සම්බාධා සුලසා සත්තුකාමිවාති.
Sinhala BJT1172. මේ ලෝකයෙහි යමෙක් පැමිණි විපත වහා තේරුම් ගනී ද, හේ සත්තුක නමැති සොරාගෙන් මිදුණු සුලසාව මෙන් සතුරු උවදුරින් මිදේ.
Pali BJT3. සුලසාජාතකං.
Sinhala BJT3. සුලසා ජාතක යි.
Pali BJT1173. භුස හි{6} කුද්ධොති අවෙක්ඛියාන න තාවදණ්ඩං පණයෙය්ය ඉස්සරො, අට්ඨානසො අප්පතිරූපමත්තනො{7} පරස්ස දුක්ඛානි භුසං උදීරයෙ.
Sinhala BJT1173. (මම්) අතිශයින් කිපියෙම් වෙමි යි (වරදකරු) බලා රජ තෙම යුහුසුලු ව දඬුවම් නො පමුණුවන්නේ ය. කවර හෙයින යත්: කිසිත් හේතු රහිත ව රජකමට නුසුදුසු අනුන්ට බලවත් දුකට හේතු වන දඬුවම් කියන්නේ ය. හෙවත් නියම කරන්නේ ය.
Pali BJT1174. යතොච ජානෙය්ය පසාදමත්තනො අත්ථං නියුඤ්ජෙය්ය පරස්ස දුක්කතං,{1} තදායමත්ථොති සයං අවෙක්ඛිය අථස්ස දණ්ඩං සදිසං නිවෙසයෙ.
Sinhala BJT1174. යම් කලෙකැ තමා කෙරෙහි පැහැදීම ඇතැ යි දන්නේ ද, අන්‍යයාගේ වරදට හේතු සොයන්නේ ද මෙය ඔහුගේ වරද ය යි (සිතා) බලා ඉක්බිති ඔහුට යෝග්‍ය දඬුවම නියම කරන්නේ ය.
Pali BJT1175. න චාපි ඣාපෙති පරං න අත්තනං{2} අමුච්ඡිතො යො නයතෙ නයානයං, යො දණ්ඩධාරො භවතීධ ඉස්සරො සවණ්ණගුත්තො සිරියා න ධංසති.
Sinhala BJT1175. සතර අගතියෙන් අගතිගාමී නො වී යමෙක් යුක්තිය හෝ අයුක්තිය පිරික්සා ද හෙතෙම අන්‍යයා ද තමා ද නො පෙළයි. යම් රජෙක් වරදට සුදුසු දඬුවම් දෙවන්නේ වේ ද ඒ රජ තෙම ගුණයෙන් හා පිරිවරින් නො පිරිහෙයි.
Pali BJT1176. යො ඛත්තියා සෙ{3} අනිසම්මකාරිනො පණෙන්ති දණ්ඩං සහසා පමුච්ඡිතා{4}, අවණ්ණසංයුත්තා{5} ජහන්ති ජීවිතං ඉතො විමුත්තාපි ච යන්ති දුග්ගතිං
Sinhala BJT1176. යම් රජෙක් නො විමසා ක්‍රියා කරන්නේ ද (කෝපයෙන්) මුසපත් ව වහා දඬුවම් නියම කෙරේ ද හේ කීර්ති රහිතයෙක් ව ජීවිතය හරෙන් ය. (මැරෙන්නේ ය) මෙයින් මැරී දුගතියට ද යෙයි.
Pali BJT1177. ධම්මෙ ච යෙ අරියපවෙදිතෙ{6} රතා අනුත්තරා තෙ වචසා මනසා කම්මනා ච{7}, තෙ සන්තිසොරච්චසමාධිසණ්ඨිතා වජන්ති ලොකං දුභයං තථාවිධා.
Sinhala BJT1177. යම් රජ කෙනෙක් ආර්‍ය වූ දැහැමිරජුන් විසින් ප්‍රකාශිත දශරාජධර්‍මයෙහි ඇලුණෝ ද, ඔවුහු වචනයෙන් සිතින් හා ක්‍රියායෙන් උත්තමයහ. ශාන්තියෙහි සීලයෙහි හා සමාධියෙහි පිහිටි දැහැමි රජවරු දෙලොවට ම (දෙව්මිනිස් ලෝකදෙක) පැමිණෙත්.