Pali BJT1010. කිං ගිජ්ඣ පරිදෙවසි{7} කානු තෙ පරිදෙවනා, න මෙ සුතො වා දිට්ඨො{8} වා භාසන්තො මානුසිං දිජො.
Sinhala BJT1010. ගිජුළිහිණිය, කුමක් හෙයින් වැලැපෙහි ද? තාගේ හැඬීම කවර? මිනිස් බසින් කථා කරන පක්‍ෂියෙක් මා විසින් අසන ලද්දේ හෝ දක්නා ලද්දේ හෝ නැති.
Pali BJT1011. භරාමි මාතාපිතරො මුද්ධෙ{9} ගිරිදරීසයෙ, තෙ කථන්නු කරිස්සන්ති අහං වසං ගතො තව.
Sinhala BJT1011. මහලු වූ ගිරිකුහරයෙහි වෙසෙන මවුපිය දෙදෙන පෝෂණය කෙරෙමි. මම තොපගේ වසයට ගියෙමි. ඒ මවුපියෝ කුමක් කෙරෙද්ද (හෙවත් ජීවත් වන්නේ කෙසේ ද?)
Pali BJT1012. යන්නු ගිජ්ඣො යොජනසතං කුණපානි අවෙක්ඛති, කස්මා ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජාපි න බුජ්ඣසි.
Sinhala BJT1012. ගිජුළිහිණියා යොදුන් සියයෙකින් ඔබ්බෙහි තුබූ කුණපයන් ඉවෙන් දැනගන්නට සමත් යයි කියනු ලැබේ. දැල හා පාශය සමීපයට පැමිණ ද කුමක් හෙයින් (බැඳෙන බව) නො දත්තේ ද?
Pali BJT1013. යදා පරාභවො හොති පොසො ජීවිතසඞ්ඛයෙ, අථ ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජාපි න බුජ්ඣති.
Sinhala BJT1013. යම් කලෙකැ විනාශය වේ ද එකල පුරුෂ ජීවිත විනාශය ඇති කල්හි දැලට ද පාශයට ද ළංවුවත් බැඳෙන බව නො දනී.
Pali BJT1014. භරස්සු මාතාපිතරො වුද්ධෙ ගිරිදරීසයෙ, මයා ත්වං සමනුඤ්ඤාතො සොත්ථිං පස්සාහි ඤාතකෙ.
Sinhala BJT1014. පර්‍වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් පෝෂණය කරව. මා විසින් අනුදන්නා ලද තෝ සුවසේ ගොස් නෑයන් බලව.
Pali BJT1015. එවං ලුද්දක නන්දස්සු සහසබ්බෙහි ඤාතිභි, භරිස්සං මාතාපිතරො වුද්ධෙ ගිරිදරීසයෙති.
Sinhala BJT1015. වැද්දාණෙනි, පර්‍වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් (යම්සේ) පෝෂණය කෙරෙම් ද, එසේ සියලු නෑයන් සමග තෙපි බොහෝ කල් සතුටු වව!
Pali BJT4. ගිජ්ඣජාතකං.
Sinhala BJT4. ගිජ්ඣ ජාතක යි.
Pali BJT1016. අනුතීරචාරි භද්දන්තෙ සහායමනුධාව මං, මහා මෙ ගහිතො{1} මච්ඡො සො මං හරති වෙගසා.
Sinhala BJT1016. ඉවුර ළඟ හැසිරෙන මිතුර තොපට යහපතක් වේවා! මා වෙත දුව එන්න, මා විසින් මහත් වූ මසෙක් ගන්නා ලද, ඒ මාළුවා මා ඉක්මනින් දියට ගෙන යයි.
Pali BJT1017. ගම්භීරචාරි භද්දන්තෙ දළ්හං ගණ්හාහි ථාමසා, අහං තං උද්ධරිස්සාමි සුපණ්ණො උරගම්මිව.
Sinhala BJT1017. ගැඹුරෙහි හැසිරෙනුව, තොපට යහපතක් වේවා! දැඩිව ගනුව, ගුරුළෙක් සර්‍පයෙකු සෙයින් මම තා දියෙන් නඟා ගන්නෙමි.
Pali BJT1018. විවාදො නො සමුප්පන්නො දබ්භපුප්ඵ සුණොහි මෙ, සමෙහි මෙධගං{2} සම්ම විවාදො වූපසම්මතං.{3}
Sinhala BJT1018. දබ්බපුප්ඵය, (කුසතණමල් පැහැය ඇති සිවලා) මා කියන්නක් අසන්න. අපගේ විවාදයෙක් උපන, යහළුව කලහය සන්හිඳුවනු මැන, විවාදය සන්හිඳේවා.
Pali BJT1019. ධම්මට්ඨොහං පුරෙ ආසිං බහු අට්ටං{4} මෙ තීරිතං, සමෙමි මෙධගං සම්මා{5} විවාදො උපසම්මතු.
Sinhala BJT1019. මම පෙරැ ධර්‍මයෙහි සිටියෙමි. මා විසින් බොහෝ අර්‍ත්‍ථ නිශ්චය කරන ලද. යහළුව, කලහය සන්හිඳුවමි, තොප දෙදෙනාගේ විවාදය සන්හිඳේවා.
Pali BJT1020. අනුතීරචාරි නඞ්ගුට්ඨං සීසං ගම්භීරචාරිනො, අථායං{6} මජ්ඣිමො ඛණ්ඩො ධම්මට්ඨස්ස භවිස්සති.
Sinhala BJT1020. ඉවුරෙහි හැසිරෙන්නාට නඟුට හිමි වේ. ගැඹුරෙහි හැසිරෙන්නාට හිස හිමිවේ. මේ මැද කොටස නඩුව විසඳු මට හිමි ය.
Pali BJT1021. චිරම්පි භක්ඛො අභවිස්ස සචෙ න විවදෙමසෙ, අසීසකං අනඞ්ගුට්ඨං සිගාලො හරති රොහති.
Sinhala BJT1021. ඉදින් විවාද නො කළමෝ නම් දවස් කීපයකට ප්‍රමාණවත් මාළු ලැබෙන්නේ ය. හිස සහ නඟුට නැති රෝහිත මාළුවා හිවල් තෙමේ ගෙන යයි.
Pali BJT1022. යථාපි රාජා නන්දෙය්ය රජ්ජං ලද්ධාන ඛත්තියො, එවාහමජ්ජ නන්දාමි දිස්වා පුණ්ණමුඛං පතිං.
Sinhala BJT1022. ක්‍ෂත්‍රිය රජෙක් රාජ්‍යයක් ලැබැ සතුටු වන්නේ යම් සේ ද එසේ අද මම (සතුටෙන්) පිරුණු මුහුණ ඇති ස්වාමියා දැක සතුටු වෙමි.
Pali BJT1023. කථන්නු ථලජො සන්තො උදකෙ මච්ඡං පරාමසි, පුට්ඨො මෙ සම්ම අක්ඛාහි කථං අධිගතං තයා.
Sinhala BJT1023. ගොඩ සිට දියේ ගැවසෙන මාළුවා අල්ලා ගත්තේ කෙසේ ද, මිතුර විචාරන ලද මට එය කියන්න. තොප විසින් එය ලැබූයේ කෙසේ ද?
Pali BJT1024. විවාදෙන කිසා හොන්ති විවාදෙන ධනක්ඛයා, ජීනා උද්දා විවාදෙන භුඤ්ජ මායාවි රොහිතං.
Sinhala BJT1024. මායාකාරිය, විවාදයෙන් කෘෂ වෙති. විවාදයෙන් ධනය නැසේ. විවාදය නිසා මස්කාවෝ පිරිහුනාහ. රේමසා බුදින්න.
Pali BJT1025. එවමෙවං මනුස්සෙසු විවාදො යත්ථ ජායති, ධම්මට්ඨං පටිධාවන්ති සො හි නෙසං විනායකො ධනාපි තත්ථ ජීයන්ති රාජකොසො පවඩ්ඪතී’ති.
Sinhala BJT1025. එසේ මිනිසුන් අතරේ යම් තැනක විවාදය හටගනී ද විනිසකරුවන් සමීපයට යති. හේ ඔවුන්ගේ විවාදය සන්හිඳුවන්නා වෙයි. ඒ නිසා ධනය පිරිහේ. රාජ කෝෂ්ටාගාරය තර වේ.
Pali BJT5. දබ්හපුප්ඵජාතකං.
Sinhala BJT5. දබ්භපුප්ඵ ජාතක යි.
Pali BJT1026. දසණ්ණකං තිඛිණධාරං අසිං සම්පන්නපායිනං, පරිසායං පුරිසො ගලති කිං දුක්කරතං තතො යදඤ්ඤං දුක්කරං ඨානං තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT1026. මේ පුරුෂ (ධනලෝභයෙන්) පිරිස්මැද හිඳ දසාර්‍ණක දේශයෙහි ජාත වූ පිරිපුන් වැ ලේ බොන තියුණු මුවහත් ඇති කඩුව ගිලී. මීට වඩා දුෂ්කර වූ අන් කරුණෙක් ඇද්ද? විචාරන ලද මට කියන්න.
Pali BJT1027. ගිලෙය්ය පුරිසො ලොභා අසිං සම්පන්නපායිනං, යො ච වජ්ජා දදාමිති තං දුක්කරතරං තතො සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ{1}.
Sinhala BJT1027. මගධාධිපතිතුමනි, පුරුෂයෙක් වස්තුලෝභයෙන් පිරිපුන් වැ ලේ බොන කඩුව ගිලින්නේ ය. යමෙක් දෙමි යි කියන්නේ නම් එය ඊට වඩා අතිශයින් දුෂ්කර වෙයි. මෙයින් අන් සියලු කරුණු කරන්නට පහසු වේ යයි මෙසේ දත මැනව.
Pali BJT1028. ව්යාකාසි ආයුරො පඤ්හං අත්ථධම්මස්ස කොවිදො, පුක්කුසං දානි පුච්ඡාමි කිං දුක්කරතරං තතො; යදඤ්ඤං දුක්කරං ඨානං තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT1028. ඒ අර්‍ත්‍ථද්‍යොතක ශාස්ත්‍රයෙහි නිපුණ වූ ආයුර තෙම ප්‍රශ්නයාගේ අර්‍ත්‍ථය ප්‍රකාශ කෙළේ ය. (ප්‍රශ්නයට පිළිතුර දුන්නේ ය.) දැන් පුක්කුසයන් පුළුවුස්මි. ඒ ‘දෙමි’ යන වචනයට වඩා ඉතා දුෂ්කර කාරණය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කරුණක් ඇද්ද? විචාරන මට කියව.
Pali BJT1029. න වාචමුපජීවන්ති අඵලං ගිරමුදීරිතං, යො ච දත්වා අවාකයිරා තං දුක්කරතරං තතො; සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ.
Sinhala BJT1029. මගධාධිපතිතුමනි, කියන ලද නිෂ්ඵල වචනය නිසා කිසිකෙනෙක් ජීවත් නො වෙති. යමෙක් යමක් දෙමි යි පිළින කොට ඒ පරිදි එය දී එහි ලෝභය දුරු කෙරේ ද, එය කඩුව ගිලිනුවාට වඩා කරන්නට දුෂ්කර ය. අනෙක් හැම දේ කරන්නට පහසු බව දනු මැනැව.
Pali BJT1030. ව්යාකාසි පුක්කුසො පඤ්හං අත්ථං ධම්මස්ස කොවිදො, සෙනකන්දානි පුච්ඡාමි කිං දුක්කරතරං තතො; යදඤ්ඤං දුක්කරං ඨානං තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT1030. අරුත් විසඳන ග්‍රන්‍ථ සංඛ්‍යාත ශාස්ත්‍රයෙහි නිපුණ පුක්කුස තෙම ප්‍රශ්නයට පිළිතුර එලි කෙළේ ය. දැන් සේනකයන් විචාරමි. එයට වඩා දුෂ්කර කාර්‍ය්‍යය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කාර්‍ය්‍යයක් තිබේ ද? විචාරන මට කියව.
Pali BJT1031. දදෙය්ය පුරිසො දානං අප්පං වා යදි වා බහුං, යො ච දත්වා නානුතපෙ තං දුක්කරතරං තතො; සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ.
Sinhala BJT1031. මගධේශ්වරය, යම් පුරුෂයෙක් ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දනක් දෙන්නේ ද, දීමෙන් පසු නො තැවෙන්නේ ද එය ඊට වඩා දුෂ්කර ය. අනෙක් හැම කරුණ කරන්නට පහසු බව දනුව.
Pali BJT1032. ව්යාකාසි ආයුරො පඤ්හං අථො පුක්කුසපොරිසො, සබ්බෙ පඤ්හෙ අභිභොති{2} යථා භාසති සෙනකො’ති.
Sinhala BJT1032. ආයුරත් පුක්කුස පුරුෂයාත් ප්‍රශ්න විසඳාලූහ. සේනක තෙමේ යම් පරිදි විසඳන ලද ද එය සියලු පැනවිසඳුම් ඉක්මවා සිටී. හෙවත් හැම විසඳුමකට වඩා එය උතුමි.
Pali BJT6. දසණ්ණකජාතකං.{*}
Sinhala BJT6. දසණ්ණක ජාතක යි.
Pali BJT1033. විබ්භන්තචිත්තො කුපිතින්ද්රියොසි නෙත්තෙහි තෙ වාරිගණා සවන්ති, කිං තෙ නට්ඨං කිං පන පත්ථයානො ඉධාගමා බ්රාහ්මණ ඉඞ්ඝ බ්රූහි{3}.
Sinhala BJT1033. බ්‍රාහ්මණය, චංචල සිත් ඇත්තෙහි ඇලළීගිය චක්‍ෂුරින්‍ද්‍රිය ඇත්තෙහි නෙතින් කඳුළුබිඳු වැගිරෙයි. තොපගේ කුමක් නටුයේ වී ද කුමක් ප්‍රාර්‍ත්‍ථනා කරන්නෙහි මෙහි ආයෙහි දැ යි. එබැවින් එ කරුණ කියව.
Pali BJT1034. මීයෙථ භරියා වජතො මමජ්ජ අගච්ඡතො මරණං ආහ යක්ඛො, එතෙන දුක්ඛෙන පවෙධිතොස්මි අක්ඛාහි මෙ සෙනක එතමත්ථං.
Sinhala BJT1034. සේනක පඬිතුමනි, අද ගෙට යන මාගේ බිරිඳ මියෙයි ල, ගෙට නොයන මට (අතරමග) මරණයයි යකෙක් (දෙවියෙක්) කී ය. මේ දුකින් වෙවුළමි. සේනකයෙනි, මෙ කරුණ මට කියව.
Pali BJT1035. බහූනි ඨානානි විචින්තයිත්වා යමෙත්ථ වක්ඛාමි තදෙව සච්චං, මඤ්ඤාමි තෙ බ්රාහ්මණ සත්තුභස්තං අජානතො කණ්හසප්පො පවිට්ඨො.
Sinhala BJT1035. බමුණ, බොහෝ වූ මරණ කරුණු සිතා අවබෝධ කොට ගෙන මෙහි යමක් කියම් ද එ මැ සත්‍ය යැ. තොපගේ අත්සුණු පසුම්බියට තොප නොදන්නා පරිද්දෙන් කළුනයෙක් පිවිසියේ යැ යි සිතමි.
Pali BJT1036. ආදාය දණ්ඩං පරිසුම්භ භස්තං පස්සෙළමූගං උරගං ද්විජිව්හං, ඡින්දජ්ජ කඞ්ඛං විචිකිච්ඡිතානි භුජඞ්ගමං පස්ස පමුඤ්ච භස්තං.
Sinhala BJT1036. දණ්ඩක් ගෙන පසුම්බියට ගසව. මුවින් කෙළ වැගිරෙන දිව් දෙකක් ඇති සර්‍පයා (පසුම්බියෙන් නික්මෙන්නා) බලව. අද තොපගේ සැකය විචිකිච්ඡාව සිඳුව. සර්‍පයා බලව. පසුම්බිය මුදව.
Pali BJT1037. සංවිග්ගරූපො පරිසාය මජ්ඣෙ සො බ්රාහ්මණො සත්තුභස්තං පමුඤ්චි, අථ නික්ඛමි උරගො උග්ගතෙජො ආසීවිසො සප්පො ඵණං කරිත්වා සුලද්ධ ලාභා ජනකස්ස රඤ්ඤො යො පස්සති සෙනකං සාධුපඤ්ඤං.
Sinhala BJT1037. තැතිගත් ස්වභාවයෙන් සිටි ඒ බමුණු තෙමේ පිරිස මැද අත්සුණු පසුම්බිය මිදුයේ ය. එකල උග්‍රතේජස් ඇති වහා පැතිරෙන විෂ ඇති සර්‍පයා පෙණය දක්වා පසුම්බියෙන් නික්මිණ. යමෙක් මනා නුවණැති සේනක පඬිතුමා නිතර දක්නේ ද ජනක රජතුමා ලද උසස් ලාභයෝ යි.
Pali BJT1038. විවත්තච්ඡද්දො{1} නුසි සබ්බදස්සී ඤාණං නු තෙ බ්රාහ්මණ භිංසරූපං ඉමානි මෙ සත්තු සතානි අත්ථි ගණ්හාහි සබ්බානි දදාමි තුය්හං, තයා හි මෙ ජීවිතමජ්ජ ලද්ධං අථොපි භරියායමකාසි සොත්ථිං.
Sinhala BJT1038. බ්‍රාහ්මණයෙනි, කිම? තෙපි විවෘත ඥේයධර්‍ම ඇති සර්‍වඥ බුද්ධ වවු ද? (අසර්‍වඥ වූ මැ) තොපගේ ඥානය (සර්‍වඥතාඥානය මෙන්) බලවත් වෙයි. යම් හෙයෙකින් අද තොප විසින් දෙන ලද ජීවිතය මා විසින් ලබන ලද යැ. තව ද මාගේ අඹුවට ද සෙතක් කෙළේ ද. එහෙයින් මේ මා සතු කහවණු සත්සියයක් ඇත. එ හැම තොපට දෙමි. එය ගනු මැනැවි.
Pali BJT1039. න පණ්ඩිතා වෙත්තනමාදියන්ති චිත්රාහි ගාථාහි සුභාසිතාහි, ඉතොපි තෙ බ්රහ්මෙ දදන්තු විත්තං ආදාය තං ගච්ඡ සකං නිකෙතන්ති.
Sinhala BJT1039. සුභාෂිත වූ චිත්‍රගාථාවන් කරණකොට ගෙන පඬිවරු කුලී නො ගනිති. බ්‍රාහ්මණය, තොපට මෙයිනුදු (මාගේ පාමුල් පෙට්ටියෙනු) දු (කහවණු තුන්සියක්) ධනය දෙත්වා. එය ගෙන සිය නිවෙසට යව.
Pali BJT7. සත්තුභස්තජාතකං.
Sinhala BJT7. සත්තුභස්ත ජාතක යි.
Pali BJT1040. යෙ මෙ අහං න ජානාමි අට්ඨසෙන වණිබ්බකෙ, තෙ මං සඞ්ගම්ම යාචන්ති කස්මා මං ත්වං න යාචසි.
Sinhala BJT1040. ආර්‍ය්‍ය අස්ථිසේනයෙනි, යම් යාචක කෙනකුන් මම නො හඳුනම් ද ඔහු පවා මා කරා පැමිණ ඉල්වති. තෙපි කුමක් හෙයින් නො ඉල්වවු ද?
Pali BJT1041. යාචකො අප්පියො හොති යාචං අදදමප්පියො, තස්මාහන්තං න යාචාමි මා මෙ විද්දෙසනා{2} අහූ.
Sinhala BJT1041. යාචක තෙම අප්‍රිය වෙයි යාච්ඤා කළ දැය නො දෙන්නෙ ද වෙයි. එහෙයින් මම තොප අතින් නො ඉල්වමි. (ඉල්වූ කල තොපට ද ඉල්වූ දැය නො දෙන කල අපට ද උපදනා) ද්වේෂය නො වේවා.
Pali BJT1042. යො චෙ යාවනජීවානො කාලෙ යාවං න යාචති, පරඤ්ච පුඤ්ඤා ධංසෙති අත්තනාපි න ජීවති.
Sinhala BJT1042. සිඟමනෙන් ජීවත්වන යමෙක් ඉල්වියයුතු දැය සුදුසු කාලයෙහි නො ඉල්ලා ද හේ අනෙකා ද පිනෙන් පිරිහෙළයි. තෙමේ ද සුවසේ ජීවත් නො වේ.
Pali BJT1043. යො චෙ යාචනජිවානො කාලෙ යාවං න යාචති, පරඤ්ච පුඤ්ඤං ලබ්භෙති අත්තනාපි න ජීවති.
Sinhala BJT1043. සිඟමනෙන් ජීවත්වන යමෙක් ඉල්ලියයුතු දැය සුදුසු සමයෙහි ඉල්ලා ද හේ අනෙකාට පින ලබාදෙයි. තෙමේ ද සුවසේ ජීවත් වේ.
Pali BJT1044. න වෙ දිස්සන්ති සප්පඤ්ඤා දිස්වා යාචකමාගතෙ, බ්රහ්මචාරි පියො මෙසි වරතං භඤ්ඤමිච්ඡසි.
Sinhala BJT1044. තපස්විය, (දානය දානඵලය දන්නා) නුවණැත්තෝ තමා වෙත පත් යාචකයන් දැක ඒකාන්තයෙන් නො කිපෙති. තෙපි මට ප්‍රිය වවු. කියැයුතු යම් දැයක් කැමැත්තවු නම් ඒ දැය ඉල්ලවු.
Pali BJT1045. න වෙ යාචන්ති සප්පඤ්ඤා ධීරො වෙදිතුමරහති{1}, උද්දිස්ස අරියා තිට්ඨන්ති එසා අරියානයාචනා.
Sinhala BJT1045. නුවණැත්තෝ ඒකාන්තයෙන් නො ඉල්ලති. නුවණැති උපස්ථායක අවස්ථාවට සුදුසු දැය දැනගන්නට වටී. ආර්‍ය්‍යයෝ (වාග් භේද නො කොට) උදෙසා සිටිති, මේ ආර්‍ය යාචනා යි.
Pali BJT1046. දදාමි තෙ බ්රාහ්මණ රොහිණීනං ගවං සහස්සං සහ පුඞ්ගවෙන, අරියො හි අරියස්ස කථං න දජ්ජා සුත්වාන ගාථා තව ධම්මයුත්තාති.
Sinhala BJT1046. බමුණ, වෘෂභරාජයකු හා සමග රතුදෙනුන් දහසක් තොපට දෙමි. ධර්‍මයෙන් යුක්ත වූ තොපගේ ගාථා අසා තොප වැනි ආචාර ආර්‍ය්‍යයක්හට ආර්‍ය්‍යයෙක් කෙසේ නම් නො දෙන්නේ ද.
Pali BJT8. අට්ඨිසෙනජාතකං.
Sinhala BJT8. අට්ඨිසේන ජාතක යි.
Pali BJT1047. යත්ථ වෙරී නිවසති{2} න වසෙ තත්ථ පණ්ඩිතො, එකරත්තං දිරත්තං වා දුක්ඛං වසති වෙරිසු.
Sinhala BJT1047. යම් තැනෙක සතුරා වෙසේ ද එතැන නැණවතා නො වසන්නේ යැ. වෛරීන් අතුරෙහි එක රැයකුදු දෙරැයකුදු දුකසේ වසන්නේ යැ.
Pali BJT1048. දිසො චෙ{3} ලහුචිත්තස්ස පොසස්ස අනුවිධිය්යතො, එකස්ස කපිනො හෙතු යූථස්ස අනයො කතො.
Sinhala BJT1048. ලඝු වූ සිත් ඇත්තේ අනුවර්තිත වූ පුරුෂයාහට ඒකාන්තයෙන් සතුරු වන්නෙ යැ. (බලව ලඝු සිත් ඇති අන්‍ධ බාල වූ) එක් වඳුරකුගේ හේතුයෙන් වානර සමූහයාට ව්‍යසනයක් කරන ලද.
Pali BJT1049. බාලො ච පණ්ඩිතමානී යූථස්ස පරිහාරකො. සචිත්තස්ස වසං ගන්ත්වා සයෙථායං{4} යථා කපි.
Sinhala BJT1049. සේනා පරිහරණය කරන පණ්ඩිතයෙමි යි සිතන අඥාන වූ තැනැත්තේ ද ස්වකීය චිත්තයාගේ වසඟයට ගොස් මේ වඳුරා සෙයින් (විනාශයට පැමිණ) හෝනේ යැ.
Pali BJT1050. න සාධු බලවා බාලො යූථස්ස පරිහාරකො, අහිතො භවති ඤාතීනං සකුණානංව චෙතකො{5}.
Sinhala BJT1050. ගණපරිහරණය කරන නොමනා පැවැතුම් ඇති බලවත් වූ අඥාන තෙම (තිත්තිර) සකුණයනට සේවටුවා මෙන් නෑයන්ට සතුරු වේ.
Pali BJT1051. ධීරො ච බලවා සාධු යූථස්ස පරිහාරකො, හිතො භවති ඤාතීනං තිදසානං ච වාසවො,
Sinhala BJT1051. ගණපරිහරණය කරන මනා පැවැතුම් ඇති බලවත් නැණවතා දෙව්ලෝවැසි ශක්‍රයා මෙන් නෑයන්ට හිතෛෂී වේ.
Pali BJT1052. යො ච සීලඤ්ච පඤ්ඤඤ්ච සුතඤ්චත්තනි පස්සති, උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච.
Sinhala BJT1052. යමෙක් තමා කෙරෙහි සීලය ද ප්‍රඥාව ද ශ්‍රැතයැ ද දකී නම් හේ තමාට ද මෙරමාට ද යන දෙදෙනාට යහපතක් කරයි.
Pali BJT1053. තස්මා තුලෙය්යමත්තානං සීලපඤ්ඤාසුතාමිව, ගණං වා පරිභරෙ ධීරො එකොවාපි පරිබ්බජෙති.
Sinhala BJT1053. එසේ හෙයින් ප්‍රාඥ තෙම ශීල යැ ප්‍රඥා යැ ශ්‍රැත යැ යන මොවුන් මෙන් තුලනය කොට (ශීලාදියෙහි පිහිටි බැව් පසක් කොට) සමූහ පරිහරණ හෝ කරන්නේ ය. එකඟ වැ හෝ වෙසෙන්නේ ය.
Pali BJT9. කපිජාතකං.
Sinhala BJT9. කපි ජාතක යි.
Pali BJT1054. ද්වාසත්තති ගොතම{1} පුඤ්ඤකම්මා වසවත්තිනො ජාතිජරං අතීතා, අයමන්තිමා වෙදගූ බ්රහ්මපත්ති{2} අස්මාභිජප්පන්ති ජනා අනෙකා.
Sinhala BJT1054. ගෞතමයෙනි, ජාති ජරා ඉක්මවා ගිය අනුන් තමා වසඟයට ගන්නා කළ පින් ඇති දෙසැත්තෑවක් බ්‍රහ්මයෝ මේ බ්‍රහ්මලෝකයෙහි වෙසෙති. මෙය ප්‍රඥාවෙන් පැමිණි උත්තම පැමිණීම ය. අපි දු මෙසේ වම්හ යි බොහෝදෙන ඇඳිලි බැඳ පතති.
Pali BJT1055. අප්පං හි එතං න හි දීඝමායු යං ත්වං බක මඤ්ඤසි දීඝමායු, සතං සහස්සානං නිරබ්බුදානං, ආයුං පජානාමි තවාහං බ්රහ්මෙ.
Sinhala BJT1055. බක බ්‍රහ්මය, තෙපි යම් තැනෙක දීර්‍ඝායු ඇතැ යි සිතවු ද තෙල දීර්‍ඝායු නො වෙයි. මඳ ආයු පමණෙක. ඒ එසේ මැ යි. නිරබ්බුද සියක් දහසක් තොපට ආයු ඇතැ යි මම් දනිමි.
Pali BJT1056. අනන්තදස්සී භගවාහමස්මිං ජාතිජරං සොකමුපාතිවත්තො, කිම්මෙ පුරාණං වතසීලවත්තං ආචික්ඛ මෙ තං යමහං විජඤ්ඤං.
Sinhala BJT1056. භාග්‍යවතුන් වහන්ස, තෙපි ‘මම අප්‍රමාණ වූ දැය දක්නෙම් වෙමි, ජාති ජරා ශෝක යන මේවා ඉක්මවා සිටිමි’යි කියව. එබැවින් මාගේ පැරැණි කිනම් ව්‍රතයක් හෝ සීලසමාදානයක් හෝ වී ද යමක් අසා මම දැනගන්නෙම් නම් තෙල මට කිව මැනවි.
Pali BJT1057. යං ත්වං අපායෙසි බහූ මනුස්සෙ පිපාසිතෙ ඝම්මනි සම්පරෙතෙ, තං තෙ පුරාණං වතසීලවත්තං සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
Sinhala BJT1057. බ්‍රහ්මයෙනි, යම් හෙයෙකින් තෙපි ග්‍රීෂ්ම කාලයෙහි ග්‍රීෂ්මය නිසා පීඩාවට පත් පිපාසිතයන් බොහෝ දෙනකුන්ට පැන් පානය කරවූහු ද තොපගේ ඒ පුරාණ ව්‍රත සමාදානය ද සිල්වත්කම ද නිදා පිබිදියක්හු මෙන් සිහි කෙරෙමි.
Pali BJT1058. යං ඵණිකූලස්මිං ජනං ගහීතං අමොවයී ගය්හකනීයමානං, තං තෙ පුරාණං වතසීලවත්තං සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
Sinhala BJT1058. ඒණී නමැති ගංඉවුරෙහි සොරුන් විසින් අල්වා ගන්නා ලද බලාත්කාරයෙන් ගෙනයනු ලබන යම් ජන කෙනකුන් මුදාලී ද තොපගේ ඒ පුරාණ වත ද සීලය ද නිදාපිබිදියක්හු මෙන් සිහි කෙරෙමි.
Pali BJT1059. ගඞ්ගාය සොතස්මිං ගහීතනාවං ලුද්දෙන නාගෙන මනුස්සකප්පා, අමොචයි ත්වං බලසා පසය්හ තං තෙ පුරාණං වතසීලවත්තං සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
Sinhala BJT1059. මිනිසුන් නසනු කැමැති වූ රෞද්‍ර වූ නාගයකු විසින් ගඞ්ඝාශ්‍රෝතස්හි දී අල්වාගන්නාලද නැව (ගුරුළුවෙස් ගෙන) බලයෙන් මැඩලා මුදාලී ද තොපගේ පුරාණ ව්‍රත සමාදානය ද ශීලය ද නිදාපිබිදියක්හු මෙන් සිහි කෙරෙමී.
Pali BJT1060. කප්පො ච තෙ බද්ධචරො අහොසිං සම්බුද්ධිමන්තං වතිනං අමඤ්ඤං{1}, තං තෙ පුරාණං වතසීලවත්තං, සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
Sinhala BJT1060. (‘කෙසව’ තාපස කාලයෙහි) තොපට ‘කප්ප’ නම් අතැවැසි වීමි. යම්බඳු වූ තොප බුද්ධිසම්පන්න යැ යි ද ව්‍රත සම්පන්න යැ යි ද සිතීමි. තොපගේ ඒ වත සමාදානය ද සීලය ද නිදාපිබිදියක්හු මෙන් සිහි කෙරෙමි.
Pali BJT1061. අද්ධා පජානාසි මමෙතමායුං අඤ්ඤම්පි ජානාසි තථාහි බුද්ධො, තථාහි තායං ජලිතානුභාවො ඔභාසයං තිට්ඨති බ්රහ්මලොකන්ති.
Sinhala BJT1061. (තෙපි) ඒකාන්තයෙන් මාගේ තෙල ආයුෂ දන්නහු ය. සෙසු සියල්ලත් දන්නහු ය. එහෙයින් තෙපි බුද්ධ වවු. එහෙයින් මැ තොපගේ මේ දිලිසෙන අනුභාවය බඹලොව එලිකරමින් පවතී.
Pali BJT10. බකබ්රහ්මජාතකං
Sinhala BJT10. බකබ්‍රහ්ම ජාතක යි.
Pali BJTකුක්කුවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන කුක්කු වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTතස්සුද්දානය:
Pali BJTවරකණ්ණික චාපවරො සුතනො අථගිජ්ඣ සරොහිත මච්ඡවරො, පුන පණ්ණකසෙනකයාචනකො අථවෙරී සබ්රහ්ම බකෙන දස.
Sinhala BJTකුක්කු ජාතක (වරකණ්ණික) යැ මනෝජජාතක (චාප) යැ සුතනු ජාතක යැ ගිජ්ඣජාතක යැ දබ්භපුප්ඵ ජාතක (රෝහිතමච්ඡ) යැ දසණ්ණකජාතක යැ සත්තුභස්තජාතක යැ අට්ඨිසේන ජාතක යැ කපිජාතක යැ බකබ්‍රහ්ම ජාතක යැ යි දසයෙකි.
Pali BJT2. ගන්ධාරවග්ගො
Sinhala BJT2. ගන්‍ධාර වර්‍ගය
Pali BJT1062. හිත්වා ගාමසහස්සානි පරිපුණ්ණානි සොළස, කොට්ඨාගාරානි ඵීතානි සන්නිධිංදානි කුබ්බසි.
Sinhala BJT1062. (උපභෝග පරිභෝග වස්තූන්ගෙන්) පිරුණු සොළොස් දහසක් ගම් ද (රන්රුවනින් පිරුණු) කොටුගුළු ද හැරපියා දැන් සන්නිධි (රැස් කිරීම) කරන්නෙහි.
Pali BJT1063. හිත්වා ගන්ධාරවිසයං පහූතධනධානියං, පසාසනිතො{1} නික්ඛන්තො ඉධදානි පසාසසි.
Sinhala BJT1063. බොහෝ ධනධාන්‍ය ඇති ගන්‍ධාර රට හැරපියා (රටවැසියන්ට කරන) අනුශාසනයෙන් ඉවත්වූයෙහි. දැන් (මේ වනයෙහි) අනුශාසනා කරන්නෙහි.
Pali BJT1064. ධම්මං භණාමි වෙදෙහ අධම්මො මෙ න රුච්චති, ධම්මං මෙ භණමානස්ස න පාපමුපලිප්පති{2}.
Sinhala BJT1064. වේදේහය, ධර්‍මය කියමි. මට අධර්‍මය නො රුස්නේ ය. ධර්‍මය කියන්නා වූ මට පාප (සිතුවිලි) නො ඇලේ.
Pali BJT1065. යෙ කෙනචි වණ්ණෙන පාරො ලභති රුප්පනං, මහත්ථියම්පි චෙ වාචං න තං භාසෙය්ය පණ්ඩිතො.
Sinhala BJT1065. යම් කිසි කරුණෙකින් අන්‍යයා ගැටීම ලබා ද (හෙවත් ක්‍රෝධය උපදවා ගනී ද) මහත් අර්‍ත්‍ථ ඇති වූ ද ඒ තෙපුල ප්‍රාඥ තෙම නො කියන්නේ ය.
Pali BJT1066. කාමං රුප්පතු වා මා වා භුසං වා විකිරීයතු, ධම්ම මෙ භණමානස්ස න පාපමුපලිප්පති.
Sinhala BJT1066. ඒකාන්තයෙන් ගැටීම වේවයි නො වේවයි. දහවියා මිටක් සේ විසිරේවයි ධර්‍මය කියන මට පාප (සිතුවිලි) නො ඇලේ.
Pali BJT1067. නො චෙ අස්ස සකා බුද්ධි විනයො වා සුසික්ඛිතො, වනෙ අන්ධමහිසොව{3} චරෙය්ය බහුකො ජනො.
Sinhala BJT1067. ඉදින් තමාට නුවණ නැති නම්, මොනොවට හික්මෙන ලද ආචාරවිනය හෝ නො වී නම් බොහෝ වූ එබඳු ජනයා ඇස් නැති වල්මීවකු මෙන් වනයෙහි ඇවිදින්නේ ය.
Pali BJT1068. යස්මා ච පනිධෙකච්චෙ ආචාරම්භි{4} සුසික්ඛිතා, තස්මා විනීතවිනයා චරන්ති සුසමාහිතා’ති. .
Sinhala BJT1068. යම් හෙයෙකින් මෙලොව ඇතැම් කෙනෙක් ආචාරීන් කෙරෙහි මොනොවට හික්මුණාහු එහෙයින් හික්මුණු ආචාරවිනය ඇත්තාහු සමාහිත සිත් ඇති වැ හැසිරෙත්.
Pali BJT1. ගන්ධාරජාතකං.
Sinhala BJT1. ගන්‍ධාර ජාතක යි.
Pali BJT1069. අත්තානං සඞ්කමං කත්වා යො සොත්ථිං සමතාරයි, කිං ත්වං තෙසං කිමො{5} තුය්හං හොන්ති එතෙ{6} මහාකපි.
Sinhala BJT1069. එම්බා මහාවානරය, (යම්) තෙපි තමා සංක්‍රමණයක් (හෙයක්) කොට (මේ වඳුරන්) සුවසේ තරණය කළවු යැ, තෙපි ඒ වඳුරනට කවුරු වවු ද තුලුහු තොපට කවුරු වෙත් දැ? යි.
Pali BJT1070. රාජාහං ඉස්සරො තෙසං යූථස්ස පරිහාරකො, තෙසං සොකපරෙතානං භීතානං තෙ අරින්දම.
Sinhala BJT1070. අරින්‍දම රජතුමනි, මම (අසූදහසක් පමණවූ) ඔවුනට රජ වෙමි. තොප කෙරෙන් බියට පත් සොවින් මඬනා ලද ඔවුන්ගේ සමූහය පරිහරණය කරමි.
Pali BJT1071. උල්ලඞ්ඝයිත්වා{7} අත්තානං විස්සට්ඨ{8}ධනුනො සතං, තතො අපරපාදෙසු දළ්හං බද්ධං ලතාගුණං.
Sinhala BJT1071. ඒ මම අනාරෝපිත දුනුසියක් පමණ තැන් සිරුරු ලම්බන කොට (පැනැ) එතැනින් කටිභාගයෙහි දැඩි කොට බඳනා ලද වැල්බානක් ඇති වැ,
Pali BJT1072. ඡින්නබ්භමිව වාතෙන නුන්නො රුක්ඛං උපාගමිං, සොහං අප්පභවං තස්ස සාඛං හත්ථෙහි අග්ගහිං.
Sinhala BJT1072. වාතවේගයෙන් සිඳී ගිය වලාකඩක් සේ පිනුයෙම් ගසට ළං වීමි. ඒ මම රුක්මතට පනනට නො හැකිවූයෙම් එරුකැ අත්තක් අතින් ගතිමි.
Pali BJT1073. තං මං වියායතං සන්තං සාඛාය ච ලතාය ච, සමනුක්කමන්තා පාදෙහි සොත්ථිං සාඛාමිගා{1} ගතා.
Sinhala BJT1073. වෘක්‍ෂගාඛායෙන් ද වෙත්‍රලතායෙන් ද, අදනාලද ඒ මා පයින් ඇක්මෙමින් සාමුවෝ (වඳුරෝ) සුවසේ ගියහ.
Pali BJT1074. තං මං න තපතෙ බද්ධො වධො මෙ න තපෙස්සති, සුඛමාහරිතං තෙසං යෙසං රජ්ජමකාරයිං.
Sinhala BJT1074. ඒ මා පළමු වල්ලිබන්‍ධ තෙම නො තවයි. දන් මටවන් (තොප කෙරෙන් පැමිණි) වධය මා නො තවන්නේ යැ. කවර හෙයින යත්: මම යම් කෙනකුන්ට රජ කෙළෙම් ද මා විසින් ඔවුනට සුව එළවනලද ද එහෙයිනි.
Pali BJT1075. එසා තෙ උපමා රාජ අත්ථසන්දස්සනී කතා, රඤ්ඤා රට්ඨස්ස යොග්ගස්ස බලස්ස නිගමස්ස ච. සබ්බෙසං{2} සුඛමෙත්ථබ්බං ඛත්තියෙන පජානතා’ති.
Sinhala BJT1075. රජතුමනි, තොපට අභිවෘඬිය දක්වන මේ උපමාව කරන ලද නුවණ ඇති කෘෂත්‍රිය රජහු විසින් රාජ්‍යයට ද රථයෙහි යොදන අශ්වාදි සතුන්ට ද සේනාවට ද ගම්නියම්ගම් වැසියන්ට ද යන හැමට සුව සෙවිය යුත්තේ ය.
Pali BJT2. මහාකපිජාතකං.
Sinhala BJT2. මහාකපි ජාතක යි.
Pali BJT1076. අම්බාහමද්දං{3} වනමන්තරස්මිං නීලොභාසං එලිනං සංවිරූළ්හං, සමද්දසං ඵලහෙතූ විභග්ගං තං දිස්වා භික්ඛාචරියං චරාමි.
Sinhala BJT1076. වන අතුරෙහි මැනැවින් වැඩුණු නිල්පැහැ ඇති පල ගත් අඹරුකක් දිටිමි. එ රුක පල හේතුවින් බිඳුනාලද ද දිටිමි. එය දැක (කලකිරී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මෙනෙහි කොට පසේබුදු වැ) පිඬු සිඟා හැසිරෙමි.
Pali BJT1077. සෙලං සුමට්ටං නරවීර{4} නිට්ඨිතං නාරී යුගන්ධාරයි අප්පසද්දං, දුතියඤ්ච ආගම්ම අහොසි සද්දො තං දිස්වා භික්ඛාචරියං චරාමි.
Sinhala BJT1077. නුවණැති ශිල්පියකු විසින් නිමවනලද මට වූ ශබ්ද රහිත මිණිවළලු දෙකක් ස්ත්‍රියක් (දෑතෙහි) දැරුවා ය. (දෑතේ දමා තුබූ වළලු දෙක එක අතක දමා ලූ කල) පළමු වළල්ල දෙවැන්නට පැමිණ හඬ නැඟී. එය දැක (බොහෝ දෙනා හා එක්ව විසීම කලහ සිදුවන්නට හේතුය යි කලකිරී තිලකුණු වඩා පසේබුදු වැ) පිඬුසිඟා හැසිරෙමි.
Pali BJT1078. දිජා{5} දිජං කුණපමාහරන්තං එකං සමානං බහුකා සමෙච්ච, ආහාරහෙතු පරිපාතයිංසු තං දිස්වා භික්ඛාචරියං චරාමි.
Sinhala BJT1078. බොහෝ පක්‍ෂීහු රැස් වැ කුණපය ගෙන එන එකලා වූ පක්‍ෂියා ආහාර හේතුවෙන් කොටමින් ලුහුබැඳ හෙළූහ. එය දැක (කලකිරී තිලකුණු වඩා පසේබුදු වැ) පිඬුසිඟා හැසිරෙමි.
Pali BJT1079. උසභාහමද්දං යූථස්ස මජ්ඣෙ චලක්කකුං වණ්ණබලූප්පන්නං, තමද්දසං කාමහෙතු විතුන්නං තං දිස්වා භික්ඛාචරියං චරාමි.
Sinhala BJT1079. මම ගෙරි සමූහයා මැද සැලෙන මොල්ලිය ඇති පැහැයෙන් හා බලයෙන් යුතු වෘෂභයකු දුටිමි. ඔහු කාමය නිසා (අන්) ගොනකු විසින් අනිනු ලැබැ මළහු දිටිමි. එය දැකැ (කලකිරී සංස්කාරයන්ගේ අනිත්‍යතාව මෙනෙහි කොට පසේ බුදු වැ) පිඬුසිඟා හැසිරෙමි.
Pali BJT1080. කරණ්ඩු{6} නාම කලිඞ්ගානං ලන්ධාරානඤ්ච නග්ගජි, නිමිරාජා විදෙහානං පඤ්චාලානඤ්ච දුම්මුඛො. එතෙ රට්ඨානි හිත්වාන පබ්බජිංසු අකිඤ්චනා.
Sinhala BJT1080. කලිඟුදනවු වැසියන්ගේ කරණ්ඩුක නම් රජ යැ ගන්‍ධාර ජනපද වාසීන්ගේ නග්ගජි නම් රජ යැ විදේහ ජනපද වාසීන්ගේ නිමි නම් රජ ය පංචාල ජනපද වාසීන්ගේ දුර්මුඛ නම් රජ යැ යන රජවරු රාජ්‍යයන් හැරපියා පළිබෝධ රහිත වැ පැවිදි වූහ.
Pali BJT1081. සබ්බෙව මෙ දෙවසමා සමාගතා අග්ගි යථා පජ්ජලිතො තථෙවිමෙ, අහම්පි එකොව චරිස්සාමි භග්ගවි හිත්වාන කාමානි යථොධිකානි.
Sinhala BJT1081. භගවිය, මෙහැම දෙන මැ විශුද්ධ දේවයන් (පූර්‍වප්‍රත්‍යෙකබුද්ධයන්) සමාන විශුද්ධ වූවාහු එක්රැස් වූහ. දිලිසෙන ගිනි යම්සේ බබළා ද එසෙයින් මැ මොහු බබළති. අවධි වශයෙන් සිටි (රූපාදි) වස්තුකාමයන් හැරපියා එකලා ව හැසිරෙමි.
Pali BJT1082. අයමෙව කාලො නහි අඤ්ඤො අත්ථි අනුසාසිතා මෙ න භවෙය්ය පච්ඡා, අහම්පි එකාව චරිස්සාමි භග්ගව සකුණීව මුත්තා පුරිසස්ස හත්ථා.
Sinhala BJT1082. භග්ගව, මෙ මැ පැවිද්දට කලි. අන්කලෙක් නැති. (අනුශාසකයන් දුර්‍ලභ හෙයින්) පසුව මට අනුශාසනා කරන්නෙක් නො වන්නෙ යැ. (එහෙයින්) මම ද පුරුෂයක්හු අතින් මිදුණු කිරිල්ලක සේ එකලා වැ හැසිරෙන්නෙමි.
Pali BJT1083. ආමං පක්කඤ්ච ජානන්ති අථො ලොණං අලොණිකං, තමහං දිස්වා පබ්බජිං චරෙව ත්වං චරාමහත්ති
Sinhala BJT1083. (අපගේ දරුවෝ) නො පැසුණු පැසුණු අහර දනිති. ලුණු ඇති ලුණු නැති අහර ද දනිති. (එයින් දිවිවඩනට හැකි වෙති.) උන්ගේ ඒ ක්‍රියාව දැක මම පැවිදි වීම්. තෙපි ද පිඬු සිඟා හැසිරෙව. මම ද පිඬු සිඟා හැසිරෙමි.
Pali BJT3. කුම්භකාරජාතකං.
Sinhala BJT3. කුම්භකාර ජාතක යි.
Pali BJT1084. අහඤ්චෙ දළ්හධම්මාය{1} වහන්ති නාභිරාධයිං, නුදන්ති උරසි සල්ලං යුද්ධෙ වික්කන්තචාරිනී.
Sinhala BJT1084. දූත කටයුතු කරන උරෙහි බැඳි හෙල්ල දමා ගසන සටන්හි දස්කම් පා හැසිරෙන මම දළ්හධම්ම රජතුමාගේ සිත සතුටු නො කෙළෙම් නම් කවරෙක් සතුටු කෙරේ ද.
Pali BJT1085. නහ නූන රාජා ජානාති{2} මම වික්කමපොරිසං, සඞ්ගාමෙ සුකතං තානි දූතවිප්පහිතානි ච.
Sinhala BJT1085. මාගේ වික්‍රමය ද පුරුෂ පරාක්‍රමය ද සඞ්ග්‍රාමයෙහි සුකෘතයෝ ද දූත මෙහෙවර ද ඒකාන්තයෙන් තොපගේ රජ නො දනී.
Pali BJT1086. සානූනාහං මරිස්සාමි අබන්ධූ අපරායිනී,{3} තදාහි කුම්භකාරස්ස දින්නා ඡකණහාරිකා.
Sinhala BJT1086. නෑයන් නැති පිහිටක් නැති ඒ මම ඒකාන්තයෙන් මියෙමි. යම් හෙයෙකින් කුඹලාට ගොම වැරැටි අදනා කොට රජතුමා විසින් දෙන ලදිම් ද එහෙයිනි.
Pali BJT1087. යාවතාසිංසති{4} පොසො තාවදෙව පවීණති, අත්ථාපායෙ ජහන්ති නං ඔට්ඨිව්යාධිංව ඛත්තියො.
Sinhala BJT1087. පුරුෂ තෙම යම්තාක් (මොහුගෙන් අර්‍ත්‍ථ ඇතැ යි) ප්‍රාථිනා කෙරේ ද ඒ තාක් සෙවුනේ යැ. ප්‍රයෝජන පහවගිය කල්හි ඔහු ඔට්ඨිව්‍යාධි ඇතින්න හළ රජ මෙන් හැරැපියත්.
Pali BJT1088. යො පුබ්බෙ කතකල්යාණො කතත්ථො නාවබුජ්ඣති, අත්ථා තස්ස පලුජ්ජන්ති යෙ හොන්ති අභිපත්ථිතා.
Sinhala BJT1088. යමෙක් පෙරැ (අනුන් විසින්) කළ උපකාර ඇත්තේ කරනලද හිතවැඩ ඇත්තේ පසුව (ඒ උපකාර) නො දනී ද ඔහු විසින් පතන ලද යම් අර්‍ත්‍ථ කෙනෙක් ඇද්ද ඒ ඔහු වෙසෙසින් නැසෙත්.
Pali BJT1089. යො පුබ්බෙ කතකල්යාණො කතත්ථො මනුබුජ්ඣති, අත්ථා තස්ස පලුවඩ්ඪන්ති යෙ හොන්ති අභිපත්ථිතා.
Sinhala BJT1089. යමෙක් පෙර (අනුන් විසින් තමහට) කරනලද කල්‍යාණකර්‍ම ඇත්තේ කරන ලද හිතවැඩ ඇත්තේ පසුව දනී ද (සිහි කෙරේ ද) ඔහු විසින් ප්‍රාර්ත්‍ථිත වූ යම් අර්‍ත්‍ථ කෙනෙක් ඇද්ද ඔහු ප්‍රකර්‍ෂයෙන් වඩනාහු වෙත්.
Pali BJT1090. තං වො වදාමි භද්දං{1} වො යාවනෙතත්ථ සමාගතා, සබ්බෙ කතඤ්ඤුනො හොථ චිරං සග්ගම්හි ඨස්සථාති{2}.
Sinhala BJT1090. මෙහි යම් පමණ කෙනෙක් රැස් වූ ද ඒ තාක් තොපට සෙතක් වේවා. එහෙයින් තොපට කියමි හැමදෙන කළගුණ දන්නෝ වවු. එයින් බොහෝ කල් දෙව්ලොව සම්පත් විඳිමින් සිටිවු.
Pali BJT4. දළ්හධම්මජාතකං
Sinhala BJT4. දළ්හධම්ම ජාතක යි.
Pali BJT1091. යො මං පුරෙ පච්චුදෙති අරඤ්ඤෙ දූරමායති{3}, සො න දිස්සති මාතඞ්ගො සොමදත්තො කුහිං ගතො.
Sinhala BJT1091. යමෙක් පෙරැ වනයේ බොහෝ දුර මට පෙරගමන් යේ ද, වැඩීගිය දික්වූ සිරුරු ඇති ඒ සෝමදත්ත නො දක්නා ලැබේ. හේ කොහි ගියේ ද?
Pali BJT1092. අයං වා සො මතො සෙති අල්ලපිඞ්කංව ඡිජ්ජිතො, භුම්යා නිපතිතො සෙති අමරා වත{*} කුඤ්ජරො.
Sinhala BJT1092. සිඳුනාලද මාලුවා ළපලුවක් සේ සෝමදත්ත මළේ හෝනේ වෙයි, මේ හේ ම යැ, බිම වැටී හෝනේ යැ, ඇතා ඒකාන්තයෙන් මළේ මැ ය.
Pali BJT1093. අනගාරියුපෙතස්ස විප්පමුත්තස්ස චෙතසො, සමණස්ස න තං සාධු යං පෙතමනුසොචසි.
Sinhala BJT1093. මළහුට ශෝක කිරීම යැ යන යමක් ඇද්ද එය අනාගාරික වූ කාමයෙන් මිදුණු සිත් ඇති ශ්‍රමණයකුට නො මැනැවි.
Pali BJT1094. සංවාසෙන භවෙ සක්ක මනුස්සස්ස මිගස්ස වා, හදයෙ ජායති පෙමං තං න සක්කා අසොවිතුං.
Sinhala BJT1094. ශක්‍රය, එක්ව විසීම නිසා ඒකාන්තයෙන් මිනිසාට ද තිරිසනාට ද සිතෙහි ඇති ප්‍රේමය උපදී. ඔහුට ශෝක නො කොට සිටින්නට නො හැක්ක.