Pali BJT930. අකක්කසං අඵරුසං ඛරධොතං සුපාසියං, සුඛුමං තිඛිණග්ගඤ්ච කො සූචිං කෙතුමිච්ඡති.
Sinhala BJT930. රළු නැති මටසිළුටු කරගලෙහි ගා ශුද්ධ කළ සුන්‍දර පාශ ඇති සියුම් වූ තියුණු තුඩ ද ඇති ඉදිකටුව මිල දී ගන්නට කවරෙක් කැමැති වේ ද.
Pali BJT931. සුමජ්ජඤ්ච සුපාසඤ්ච අනුපුබ්බං සුවත්තිතං{7}, ඝනඝාතිමං පටිත්ථද්ධං{8} කො සූචිං කෙතුමිච්ඡති.
Sinhala BJT931. (කුරුඳුගල් සුන්නෙන්) මැනැවින් මදනා ලද සුන්‍දර පාශ ඇති අනුක්‍රමයෙන් මොනොවට වට වූ කිනිහිරය විනිවිදුනා තද ඉදිකටුව මිලයට ගන්නට කවරෙක් කැමැති වේ ද.
Pali BJT932. ඉතොදානි පතායන්ති සූචියො ඛළිසානි ච, කොයං කම්මාරගාමස්මිං සූචිං වික්කෙතුමිච්ඡති.
Sinhala BJT932. දැන් ඉදිකටු ද බිළිකටු ද මේ කඹුරුගමින් ඒ ඒ දිග පැතිර යන්නාහ. කඹුරුගමේ ඉදිකටු විකුණන්නට කැමැති මේ කවරෙක් ද?
Pali BJT933. ඉතො සත්ථානි ගච්ඡන්ති කම්මන්තා විවිධා පුථු, කොයං කම්මාරගාමස්මිං සූචිං වික්කෙතුමරහති.
Sinhala BJT933. මෙයින් ආයුධ ද බැහැර යති. නානාවිධ බොහෝ කර්‍මාන්තයෝ ද (මෙයින් ගෙනගිය උපකරණයෙන් මැ) පවතිත්. මේ කඹුරුගමේ ඉදිකටු විකුණන්නට මේ කවරෙක් සුදුසු වේ ද.
Pali BJT934. සූචිං කම්මාරගාමස්මිං වික්කෙතබ්බා පජානතා ආචරියාව ජානන්ති{1} කම්මං සුකතදුක්කතං.
Sinhala BJT934. දන්නා තැනැත්තා විසින් ඉදිකටුව කඹුරුගම්හි විකිණියයුතු ය. කුමක් හෙයින් ද යත්, මනා නො මනා කර්‍මාන්තය ශිල්පාචාරීහු මැ දනිත්.
Pali BJT935. ඉමඤ්ච තෙ පිතා භද්දෙ සූචිං ජඤ්ඤා මයා කතං, තයා ච මං නිමන්තෙය්ය යඤ්චත්ථඤ්ඤං ඝරෙ ධනන්ති.
Sinhala BJT935. සොඳුර තීගේ පියා මා විසින් කරන ලද මේ ඉදිකටුව හැඳින්නේ වී නම් තී ද මට පවරන්නේ ය. ගෙහි යම් අන් ධනයකුත් ඇත් ද එය ද පවරන්නේ යි.
Pali BJT2. සූචිජාතකං.
Sinhala BJT2. සූචි ජාතක යි.
Pali BJT936. නවඡන්දකෙදානි දීයති{2} පුණ්ණායං දොණි සුවාමිනී ඨිතා, බහුකෙ ජනෙ පාසපාණිකෙ නො ච ඛො මෙ පටිභාති භුඤ්ජිතුං.
Sinhala BJT936. අලුත් අයුරෙකින් පිළියෙළ කළ දීමනාවක් දෙනු ලැබේ. අපගේ බත්ඔරුව පිරී තිබේ. අපගේ ස්වාමිදුව ද සිටිනී ය. පාශ ගත් අතැති බොහෝ දෙනා වෙති. මට කන්නට රුචිය ඇති නො වේ.
Pali BJT937. තසසි භමසි ගෙණමිච්ඡසි අත්තාණොසි{3} තුහිං ගමිස්සසි, අප්පොස්සුක්කො භුඤ්ජ තුණ්ඩිල මංසත්ථාය හි පොසියාමසෙ.
Sinhala BJT937. තුණ්ඩිලය, තැති ගත්තෙහි, ඒ මේ අත කැරකෙන්නෙහි ය, පිහිට කැමැත්තෙහි ය, අසරණ වූයේ කොහි යන්නෙහි ද, අල්පොත්සුක ව අනුභව කරන්න. මස සඳහා අපි පෝෂණය කරනු ලබම්හ.
Pali BJT938. ඔගහ රහදං අකද්දමං සබ්බං සෙදමලං පවාහය, ගණ්හාහි නවං විලෙපනං යස්ස ගන්ධො{4} න කදාචි ඡිජ්ජති.
Sinhala BJT938. මඩ නැති විලට බසුව. ඩහදිය කුණු සියල්ල ඉවත් කරව. යමක් පිළිබඳ ගන්‍ධය කිසිකලෙකත් නො නැසේ ද එබඳු නව විලේපනයක් ගනුව.
Pali BJT939. කතමො රහදො අකද්දමො කිංසු සෙදමලන්ති වුච්චති, කතමඤ්ච නවං විලෙපනං තස්ස ගන්ධො න කදාචි ඡිජ්ජති.
Sinhala BJT939. මඩ නැති විල කවරේ ද? කුමක් ඩහදිය මලය යි කියනු ලැබේ ද? නව විලේපනය යනු කුමක් ද? කුමක් පිළිබඳ ගන්‍ධය කිසිකලෙකත් නො නැසේ ද?
Pali BJT940. ධම්මො රහදො අකද්දමො පාපං සෙදමලන්ති වුච්චති, සීලඤ්ච නවං විලෙපනං තස්ස ගන්ධො න කදාචි ඡිජ්ජති.
Sinhala BJT940. තුන් සුචරිතය ආදි ගුණදහම් මඩ නැති විල ය. සියලු පාපයෝ ඩහදියමල ය. සීලය නව විලේපනය යි. සීලයේ ගන්‍ධය කිසිකලෙක නො නැසේ.
Pali BJT941. නන්දන්ති සරීරඝාතිනො න ච නන්දන්ති සරිරධාරිනො, පුණ්ණාය ච පුණ්ණමාසියා රමමානාව ජහන්ති ජීවිතන්ති.
Sinhala BJT941. අන්‍යයන් නසන්නෝ (අන්‍යයන් නැසීමේ දී) සතුටු වෙති. සිරුරු දරන්නෝ (තමහට මරණ වාරය පැමිණි සඳ) සතුටු නො වෙති. පුන්සඳ උදා වැ ඇති (අද වැනි) දවස්හි (ගුණයෙන් පිරුණු අප වැන්නෝ) ප්‍රීති සිතැති ව ම ජීවිතය අත් හරිති.
Pali BJT3. තුණ්ඩිලජාතකං.
Sinhala BJT3. තුණ්ඩිල ජාතක යි.
Pali BJT942. සිඞ්ගී මිගො ආයත චක්ඛුනෙත්තො අට්ඨිත්තචො වාරිසයො අලොමො, තෙනාභිභූතො කපණං{1} රුදාමි හරෙ සඛා කිස්ස නු මං ජහාසි.
Sinhala BJT942. එම්බා යහළුව, දිග ඇස් ඇති කටුව ම සිවිය කොට ඇති දියෙහි වෙසෙන ලොම් නැති අඬු නමැති අං ඇති සිංගීමිග නමැති කකුළුවෙකි. ඔහු විසින් මඩනා ලදුයෙන් අසරණ ව හඬමි. කුමක් හෙයින් මා හැර යෙහි ද?
Pali BJT943. සො පස්සසන්තො මහතා ඵණෙන. භුජඞ්ගමො කක්කටමජ්ඣපත්තො,{2} සඛා සඛාරං{*} පරිතායමානො භුජඞ්ගමං කක්කටකො ගහෙසි.
Sinhala BJT943. මිතුරු වූ ඒ සර්‍පයා මිතුරු කපුටා රක්නේ විශාල පෙණයක් සහිත ව ප්‍රශ්වාස කරමින් කකුළුවා වෙත පැමිණියේ ය. කකුළුවා ඒ සර්‍පයා ද අල්ලා ගත්තේ ය.
Pali BJT944. න වායසං නො පන සප්පරාජං{3} ඝාසත්ථිකො කක්කටකො අදෙය්ය, පුච්ඡාමි තං ආයතචක්ඛුනෙත්ත අථ කිස්ස හෙතුම්හ{4} උභො ගහීතා.
Sinhala BJT944. කකුළුවා ආහාර වශයෙන් කපුටා හෝ සර්‍පයා හෝ නො ගත්තේ ය. දිගු නෙතැත්තාණනි, තා විචාරමි. කවර හෙයින් අප දෙදෙනා අල්ලා ගත්තෙහි ද?
Pali BJT945. අයං පුරිසො මම අත්ථාකාමො යො{5} මං ගහෙත්වාන දකාය නෙති, තස්මිං මතෙ දුක්ඛමනප්පකං මෙ අහඤ්ච එසො ච උභො න හොම.
Sinhala BJT945. මේ පුරුෂයා මට හිත කැමැත්තේ ය. හේ මා දියට පමුණුව යි. ඔහු මළ කල්හි මට බොහෝ දුක් වන්නේ ය. මම ද මෙ තෙමේ ද යන දෙදෙනා ම ජීවත් නො වෙමු.
Pali BJT946. මමඤ්ච දිස්වාන පවඩ්ඪකායං සබ්බො ජනො හිංසිතුමෙව මිච්ඡෙ සාදුඤ්ච ථුල්ලඤ්ච මුදුඤ්ච මංසං කාකාපි මං දිස්වා විභෙඨයෙය්යුං.
Sinhala BJT946. හොඳින් වැඩුණු ශරීරය ඇති, රසවත් වූ මහත් වූ මොළොක් වූ මස් සහිත මා දැක හැමදෙන හිංසා කරන්නට කැමැති වන්නෝ ය. මා දැක කවුඩෝ ද හිංසා කරන්නෝ ය.
Pali BJT947. සවෙ තස්ස හෙතුම්හ{4} උභො ගහීතා උට්ඨාතු පොසො විසමාචමාමි, මමඤ්ච කාකඤ්ච පමුඤ්ච ඛිප්පං පුරෙ විසං ගාළහමුපෙති මච්චං.
Sinhala BJT947. ඉදින් ඔහු නිසා අප දෙදෙනා ගන්නා ලද්දාහු නම් පුරුෂයා නැඟීසිටීවා විෂ උරා ගනිමි. මිනිසාට විෂ වේදනා වැඩි වන්නට පෙර මා ද කවුඩා ද වහා මුදව.
Pali BJT948. සප්පං පමොක්ඛාමි න තාව කාකං පටිබද්ධකො හොහිති තාව කාකො, පුරිසඤ්ච දිස්වාන සුඛිං අරොගං කාකං පමොක්ඛාමි යථෙව සප්පං.
Sinhala BJT948. සර්‍පයා මුදමි. කවුඩා නො මුදමි. කවර හෙයින් ද යත්, කවුඩා තට ඇපකරුවකු වන්නේ ය. යම්සේ සර්‍පයා මිදූයෙම් ද, පුරුෂයා නීරෝග වූ පසු කවුඩා ද එසේ මුදන්නෙමි.
Pali BJT949. කාකො තදා දෙවදත්තො අහොසි මාරො පන කණ්හසප්පො අහොසි, ආනන්දභද්දො කක්කටකො අහොසි අහං තදා බ්රාහ්මණො හොමි සත්ථාති.
Sinhala BJT949. කවුඩා එදවස දෙව්දත් විය. මරහු වනාහි කෘෂ්ණ සර්‍පයා විය. යහළු කක්කටක ආනන්‍ද තෙරුන් වහන්සේ වූහ. ශාස්තෘ වූ මම් බ්‍රාහ්මණ වීමි.
Pali BJT4. සුවණ්ණකක්කටක ජාතකං.
Sinhala BJT4. සුවණ්ණකක්කටක ජාතක යි.
Pali BJT950. සකුණො මය්හකො නාම ගිරිසානාදරීචරො පක්කං පිපඵලිමාරුය්හ මය්හං මය්හන්ති{1} කන්දති.
Sinhala BJT950. පර්‍වතයේ ද කඳුබෑවුම්හි ද පර්‍වත විවරයේ ද හැසිරෙන මය්හක නමැති පක්‍ෂියෙක් පැසුණුගෙඩි ඇති පුලිල ගසෙක සිට “මය්හං මය්හං” මගේ මගේ ය යි කියමින් හඬයි.
Pali BJT951. තස්සෙවං{2} විලපන්තස්ස දිජසඞ්ඝා සමාගතා භුත්වාන පිප්ඵලිං යන්ති විලපිත්වෙව සො දිජො.
Sinhala BJT951. මෙසේ ඔහු හඬද්දී ම ගසට රැස් වූ පක්‍ෂි සමූහයෝ පුලිලගෙඩි කා යති. ඒ පක්‍ෂියා හඬන්නේ ම ය.
Pali BJT952. එවමෙව ඉධෙකච්චො සඞ්ඝරිත්වා බහුං ධනං, නෙවත්තනො න ඤාතීනං යථොධිං පටිපජ්ජති.
Sinhala BJT952. එ සෙයින් ම මෙලොව ඇතැමෙක් බොහෝ ධනය රැස් කොට බෙදුව මනා කොටස් බෙදා නො දෙති. තමා ද නිසි ප්‍රයෝජන නො ලබයි.
Pali BJT953. න සො අච්ඡාදනං භත්තං න මාලං න විලෙපනං, අනුභොති සකිං කිඤ්චි න සඞ්ගණ්හාති ඤාතකෙ.
Sinhala BJT953. හේ එක්වරෙක් හෝ ඇඳුම්වලින් හා ආහාරයෙන් ප්‍රයෝජන නො ගනී. මලින් සැරසීම හෝ විලෙවුන් අලෙවු දීම හෝ නො කරයි. කිසිම නෑයකුට සංග්‍රහ නො කරයි.
Pali BJT954. තස්සෙවං විලපන්තස්ස මය්හං මය්හන්ති{1} රක්ඛතො, රාජානො අථවා චොරා දායාදායෙව අප්පියා ධනමාදාය ගච්ඡන්ති විලපිත්වෙව සො නරො.
Sinhala BJT954. මගේ මගේ යයි රකිමින් හඬන්නා වූ ඔහුගේ වස්තුව රජවරු ද නැතහොත් හොරු ද අප්‍රියයෝ ද ගෙනයත්. ඒ මිනිසා හඬන්නේ ම ය.
Pali BJT955. ධීරො ච භොගෙ අධිගම්ම සඞ්ගණ්හාති ච ඤාතකෙ, තෙන සො කිත්තිං පප්පොති පෙච්ච සග්ගෙ ච මොදතීති.
Sinhala BJT955. නුවණැත්තා වස්තුව ලැබ නෑයන්ට සංග්‍රහ කරයි. එයින් හේ කීර්තිය ඇත්තේ වේ. පරලොව ද ස්වර්‍ගයේ (ඉපිදැ) සතුටු වේ.
Pali BJT5. මය්හකජාතකං.
Sinhala BJT5. මය්හක ජාතක යි.
Pali BJT956. දුබ්බණ්ණරූපං තුවමරියවණ්ණි පුරක්ඛත්වා{3} පඤ්ජලිකො නමස්සසි, සෙය්යො නු තෙ සො උදවා{4} සරික්ඛො නාමං පරස්සත්තතො චාපි බ්රූහි.
Sinhala BJT956. සොඳුරු රූ ඇති තෙපි විරූප වූවකු (පැවිද්දකු) පෙරටු කොට ඇඳිලි බැඳ නමස්කාර කරවු. මෙතෙම තොපට වඩා උතුම් ද නැතහොත් සමාන වේ ද. අනෙකාගේ ද තමාගේ ද නම කියව.
Pali BJT957. න නාමගොත්තං ගණ්හන්ති රාජ සම්මග්ගතානුජ්ජුගතානදෙවා, අහඤ්ච තෙ නාමධෙය්යං වදාමි සක්කොහස්මි තිදසානමින්දො.
Sinhala BJT957. රජතුමනි, මනා පිළිවෙත් ඇති ඍජුමගට පිළිපන් උතුම් වූ විශුද්ධිදේවියන්ගේ නම් ගොත් උත්පත්තියෙන් දෙවි වූවෝ නො ගනිත්. මම ඔබට මගේ නම කියමි. තව්තිසා දෙව්ලෝ වාසීන්ට අධිපති වූ මම ශක්‍රයා වෙමි.
Pali BJT958. යො දිස්වා භික්ඛුං චරණූපපන්නං පුරක්ඛත්වා{3} පඤ්ජලිකො නමස්සති, පුච්ඡාමි තං දෙවරාජෙතමත්ථං ඉතො චුතො කිං ලභතෙ සුඛං සො.
Sinhala BJT958. දෙව්රජුනි, මෙය ඔබ විචාරමි. යමෙක් සීලසම්පන්න වූ භික්‍ෂූන් වහන්සේ දැක (උන්වහන්සේ) ඉදිරියේ ඇඳිලි බැඳ නමස්කාර කෙරේ ද හේ මින් සැවැ කිනම් සුවයක් ලබන්නේ ද.
Pali BJT959. යො දිස්වා භික්ඛුං චරණූපපන්නං පුරක්ඛත්වා පඤ්ජලිකො නමස්සති, දිට්ඨෙව ධම්මෙ ලභතෙ පසංසං සග්ගඤ්ච සො යාති සරීරභෙදා.
Sinhala BJT959. යමෙක් සිල්සපන් භික්‍ෂූන් වහන්සේ දැක (උන් වහන්සේ) ඉදිරියේ ඇඳිලි බැඳ නමදී ද හේ මේ දිවියේ දී ම පැසසුම් ලබයි. මරණින් මතු දෙව්ලොවට පැමිණේ.
Pali BJT960. ලක්ඛී වත මෙ උදපාදි අජ්ජ යං වාසවං භූතපතද්දසාම, භික්ඛුඤ්ච දිස්වාන තවජ්ජ සක්ක කාහාමි පුඤ්ඤානි අනප්පකානි.
Sinhala BJT960. අද දෙවියන්ගේ ස්වාමියා වූ ශක්‍රයා දුටුවෙමු ද එහෙයින් කර්‍මවිපාක ඥානය පහළ විය. ශක්‍රය භික්‍ෂූන් වහන්සේ ද ඔබ ද දැක බොහෝ පින් කරන්නෙමි.
Pali BJT961. අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, භික්ඛුඤ්ච දිස්වාන මමඤ්ච රාජ කරොහි පුඤ්ඤානි අනප්පකානි.
Sinhala BJT961. බහුශ්‍රුත වූ බොහෝ දේ සිතන නැණවත් යම් කෙනෙක් වෙත් ද ඔහු ඒකාන්තයෙන් ඇසුරු කළ යුත්තාහ.
Pali BJT962. අක්කොධනො නිච්චපසන්නචිත්තො සබ්බාතිථියාචයොගො භවිත්වා, නිහච්චමානං අභිවාදයිස්සං සුත්වාන දෙවින්ද සුභාසිතානී’ති.
Sinhala BJT962. දෙව්රජතුමනි, ඔබේ සුබැසි වදන් අසා කෝප නැතියෙක් ව හැමවිට පහන් සිතැති ව සියලු ආගන්තුකයන්ගේ ඉල්ලීමට සුදුස්සෙක් වැ මානය නසා වඳින්නෙමි.
Pali BJT6. ධජවිහෙඨජාතකං.
Sinhala BJT6. ධජවිහෙඨ ජාතක යි.
Pali BJT963. යමෙතං වාරිජං පුප්ඵං අදින්නං උපසිඞ්ඝසි, එකඞ්ගමෙතං ථෙය්යානං ගන්ධත්ථෙනොසි{1} මාරිස.
Sinhala BJT963. යම් හෙයෙකින් දියේ හටගත් කයින් වචනයෙන් නො දුන් මේ පියුම සුඹුනෙහි ද මෙය අදත්තාදානයේ එක් කොටසෙකි. එසේ හෙයින් නිදුකාණනි, සුවඳසොරෙක් වූයෙහි ය.
Pali BJT964. න හරාමි න භඤ්ජාමි ආරා සඞ්ඝාමි වාරිජං, අථ කෙන නු වණ්ණෙන ගන්ධත්ථෙනොති වුච්චති.
Sinhala BJT964. පියුම නො ගෙන යමි. නො කඩමි. දුරින් සිට සිඹීමි. ඉක්බිති කවර කරුණෙකින් සුවඳසොරා යි කියනු ලැබේ ද?
Pali BJT965. යොයං භිසානි ඛණති පුණ්ඩරීකානි භඤ්ජති, එවං ආකිණ්ණකම්මන්තො කස්මා එසො න වුච්චති.
Sinhala BJT965. යමෙක් නෙළුම්අල සාරයි ද හෙළනෙළුම් කඩයි ද මෙබඳු දරුණු කම් කරන්නහු සොරා යයි නො කියනු ලැබේ ද?
Pali BJT966. ආකිණ්ණලුද්දො පුරිසො ධාතිවෙළංව මක්ඛිතො, තස්මිං මෙ වචනං නත්ථි තඤ්ච අරහාමි වත්තවෙ.
Sinhala BJT966. නිරන්තරයෙන් දරුණුකම් කරන පුරුෂයා කිරිමවගේ අපවිත්‍ර වස්ත්‍රය මෙන් පාපක්‍රියා නිසා හැමවිට අපිරිසුදු ය. එහෙයින් ඔහු ගැන මාගේ කථාවක් නැත. තොප කියන්නට නිස්සෙමි (ශ්‍රමණයන් ඔවා අසන්නට කැමැති හෙයිනි.)
Pali BJT967. අනඞ්ගණස්ස පොසස්ස නිච්චං සුචිගවෙසිනො, වාළග්ගමත්තං පාපස්ස අබ්භාමත්තංව ඛායති.
Sinhala BJT967. නිදොස් වූ නිරන්තරයෙන් (තිදොරා) පවිත්‍ර වූ ගුණදහම් සොයන පුරුෂයාගේ පාපය කෙසගක් තරම් වුව ද මහවැහි වලාකුළක් මෙන් වැටහේ.
Pali BJT968. අද්ධා මං යක්ඛ ජානාසි අථො මං අනුකම්පසි, පුනපි යක්ඛ වජ්ජාසි යදා පසස්සි එදිසං.
Sinhala BJT968. එම්බා දේවතාව තෙපි ඒකාන්තයෙන් මා දැනගත්තහු ය. නැවත මට අනුකම්පා කරව. දෙවිය, යම් කලෙක මෙවැනි දොසක් දුටුයෙහි නම් එකල්හි දු නැවත ඔවා ලෙසින් කියව.
Pali BJT969. නෙව තං උපජීවාම නපි තෙ හතකම්හසෙ, ත්වමෙව භික්ඛු ජානෙය්ය යෙන ගච්ඡෙය්ය සුග්ගති’න්ති.
Sinhala BJT969. භික්‍ෂුව (තවුසාණෙනි) තොප ඇසුරු කොට ජීවත් නො වම්හ. ඔබගේ බැළයක් නිසා ජීවත් නො වම්හ. යමක් නිසා සුගතියට යන්නේ ද තෙපි ම එය දැන ගනුව යී.
Pali BJT7. භිසපුප්ඵජාතකං
Sinhala BJT7. භිසපුප්ඵ ජාතක යි.
Pali BJT970. සුසුඛං වත ජීවන්ති යෙ ජනා විඝාසාදිනො, දිට්ඨෙව ධම්මෙ පාසංසා සම්පරායෙ ච සුග්ගති.
Sinhala BJT970. යම් කෙනෙක් ඉඳුල් කා ජීවත් වෙත් ද ඔවුහු ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙති. මේ ජීවිතයේ ම ප්‍රශංසා ලැබිය යුත්තෝ ය. පරලොව සුගතිය ලබන්නෝ ය.
Pali BJT971. සුකස්ස භාසමානස්ස න නිසාමෙථ පණ්ඩිතා, ඉදං සුණාථ සොදරියා අම්හෙ වායං පසංසති.
Sinhala BJT971. පඬිවරුනි, ගිරවාගේ වචනය නො අසවු. සහෝදරයෙනි, මෙය අසවු, මෙතෙම අපට පසසයි.
Pali BJT972. නාහං තුම්හෙ පසංසාමි කුණපාදා සුණාථ මෙ, උච්ඡිට්ඨභොජිනො තුම්හෙ න තුම්හෙ විඝාසාදිනො.
Sinhala BJT972. කුණප භක්‍ෂකයෙනි, මා කියන්නක් අසවු. මම තොපට ප්‍රශංසා නො කරමි. තෙපි ඉඳුල් කන්නහු ය. කා ඉතුරු කළ දෙය කන්නෝ නො වෙති.
Pali BJT973. සත්තවස්සා පබ්බජිතා මෙජ්ඣාරඤ්ඤෙ සිඛණ්ඩිනො, විඝාසෙනෙව යාපෙන්තො මයඤ්චෙ භොතො ගාරය්හා, කෙනු භොතො පසංසියා.
Sinhala BJT973. මේධ්‍යාරණ්‍යයෙහි වෙසෙන සිළුව සහිත පැවිද්දන් වූ අපට සත් වසක් ගෙවිණ. ඉඳුල් කා යැපෙන අපි භවත්හු විසින් ගර්‍හා කළ යුත්තෝ වමෝ නම් භවත්හු විසින් ප්‍රශංසා කළ යුත්තෝ කවුරු ද?
Pali BJT974. තුම්හෙ සීහානං ව්යග්ඝානං වාළානඤ්චාවසිට්ඨකං, උච්ඡිට්ඨෙනෙව යාපෙන්තා මඤ්ඤිව්හා විඝාසාදිනො.
Sinhala BJT974. තෙපි හැම සිංහ ව්‍යාඝ්‍ර ආදි ව්‍යාල මෘගයන් කා ඉතුරු කළ දෙය අනුභව කොට ඉන් යැපෙන්නාහු විඝාසාද යම්හ යි හඟිවු.
Pali BJT975. යෙ බ්රාහ්මණස්ස සමණස්ස අඤ්ඤස්ස ච වණිබ්බිනො, දත්වාන සෙසං භුඤ්ජන්ති තෙ ජනා විඝාසාදිනො’ති.
Sinhala BJT975. යම් කෙනෙක් බමුණකුට හෝ ශ්‍රමණයකුට හෝ වෙනත් යාචකයකුට හෝ ආහාර දී ඉතුරු ආහාර බුදිත් ද විඝාසාදයෝ වෙති.
Pali BJT8. විඝාසජාතකං.
Sinhala BJT8. විඝාස ජාතක යි.
Pali BJT976. පණීතං භුඤ්ජසෙ භත්තං සප්පිතෙලඤ්ච මාතුල, අථ කෙන නු වණ්ණෙන කිසො ත්වමසි වායස.
Sinhala BJT976. (කවුඩු) මයිලණුවනි, රසැති ආහාර අනුභව කෙරෙහි. ගිතෙල් සහ තලතෙල් අනුභව කෙරෙහි. යළි කවර හෙයෙකින් කෘශ වූයෙහි ද?
Pali BJT977. අමිත්තමජ්ඣෙ වසතො තෙසු ආමිසමෙසතො, නිච්චං උබ්බිග්ගහදයස්ස කුතො කාකස්ස දළ්හියං.
Sinhala BJT977. සතුරන් මැද වෙසෙන ඔවුනතරෙහි ආහාර සොයා දිවි රකින නිතර උද්වේගයට පැමිණි සිතැති කවුඩාට කවර පුෂ්ටිමත් සිරුරෙක් ද?
Pali BJT978. නිච්චං උබ්බෙධිනො කාකා ධඞ්කා පාපෙන කම්මුනා, ලද්ධො පිණ්ඩො න පීණෙති කිසො තෙනස්මි වට්ටක.
Sinhala BJT978. ධඞ්ක{*} නම් වූ කවුඩෝ නිතර බියෙන් සැලෙති. මිනිසුන් සතු දැය පැහැර ගැනීමේ පාපකර්‍මයෙන් ලැබූ ආහාරය (අප) නො පිණවයි. වටුව, එහෙයින් මම කෘශයෙමි.
Pali BJT979. ලූඛානි තිණබීජානි අප්පසෙන්හානි භුඤ්ජසි, අථ කෙන නු වණ්ණෙන ථුලො ත්වමසි වට්ටක.
Sinhala BJT979. වටුව, රළු වූ ඕජාව මඳ තෘණ බීජ බුදින්නෙහි ය. එහෙත් තෝ, පිරුණු මස්ලේ සහිත වූයේ කවර හේතුවකින් ද?
Pali BJT980. අප්පිච්ඡා අප්පචින්තාය අවිදූරගමනෙන ච, ලද්ධා ලද්ධෙන යාපෙන්තො ථූලො තෙනස්මි වායස.
Sinhala BJT980. කවුඩ, ආහාරයේ ආශාව අඩු බව ද සිතුවිලි ස්වල්ප වීම ද දුර ගමන් නොයාම ද ලද දෙයින් තුටු වීම ද නිසා මම තර වීමි.
Pali BJT981. අප්පිච්ඡස්ස හි පොසස්ස අප්පචින්තිසුඛස්ස ච, සුසඞ්ගහිතමානස්ස වුත්තී සුසමුදානියා’ති.
Sinhala BJT981. ආශා මඳ වූ සිතුවිලි අඩු වූ සැප සහිත වූ පමණ දැන ආහාරය අනුභව කරන්නා වූ පුද්ගලයාට ජීවිතය සුවසේ පවත්වා ගත හැකි ය.
Pali BJT9. වට්ටකජාතකං.
Sinhala BJT9. වට්ටක ජාතක යි.
Pali BJT982. චිරස්සං වත පස්සාම සහායං මණිධාරිනං, සුකතාය මස්සුකුත්තියා සොභතෙ වත මෙ සඛා.
Sinhala BJT982. මැණිකක් දරන යහළුවකු ඒකාන්තයෙන් කලෙකින් දකිමු. මනා ලෙස රවුල කපා ඇති මාගේ යහළුවා දැකුම්කලු ය.
Pali BJT983. පරූළ්හකච්ඡනඛලොමො අහං කම්මෙසු ව්යාවටො, චිරස්සං නහාපිතං ලද්ධා ලොමන්තං අපහාරයිං.
Sinhala BJT983. රාජකාර්‍ය්‍යයෙහි නියැලී සිටි හෙයින් වැඩී ගිය කිසිලි රෝම හා නිය ඇත්තේ වීමි. බොහෝ කලෙකින් කරනැවෑමියකු හමුවී ලෝම ඉවත් කරවීමි.
Pali BJT984. යං නු ලොමං අහාරෙසි දුල්ලභං ලද්ධකප්පකං, අථ කිඤ්චරහි තෙ සම්ම කණ්ඨෙ කිණකිණායති.
Sinhala BJT984. යම් හෙයෙකින් බොහෝ කලෙකින් කරනැවෑමියකු ලදින් ලෝම ඉවත් කරවූයෙහි ද (එය එසේ වේවා.) යහළුව, එහෙත් තොපගේ බොටුවෙහි කුමක් කිණි කිණි යන නාදය කරන්නේ ද?
Pali BJT985. මනුස්සසුඛුමාලානං මණි{1} කණ්ඨෙසු ලම්බති, තෙසාහමනුසික්ඛාමි මා ත්වං මඤ්ඤි දවා කතං.
Sinhala BJT985. සියුමැලි මනුෂ්‍යයන්ගේ බොටුවෙහි මැණිකක් එල්බෙයි. මම ඔවුන් අනුව හික්මෙමි. හෙවත් ඔවුන් ලෙස මම ද පිළි පදිමි. නුඹ එය විනෝදය තකා කරන ලද්දකැ යි නො සිතව.
Pali BJT986. සචෙපි මං පිහයසි මස්සුකුත්තිං සුකාරිතං, කාරයිස්මාමි තෙ සම්ම මණිඤ්චාපි දදාමි තෙ.
Sinhala BJT986. සබඳ මැනැවින් කරන ලද රැවුළු කැපීම (තෙපිත්) කැමැත්තනු නම්, තොපට ද එය කරවන්නෙමි. තොපට මේ මැණික ද දෙමි.
Pali BJT987. ත්වඤ්ඤෙව මණිනා ඡන්නො සුකතාය ච මස්සුයා, ආමන්ත ඛො තං ගච්ඡාමි පියං මෙ තව දසස්නන්ති.
Sinhala BJT987. තෝ ම මේ මැණිකට සුදුස්සෙහි. මනා ලෙස කරනලද රවුළු කැපීමට ද තෝ ම සුදුස්සෙහි. මිතුර, තා නො දැකීම මට ප්‍රිය වෙයි. එහෙයින් තා අමතා යමි.
Pali BJT10. කාකජාතකං
Sinhala BJT10. කාක ජාතක යි.
Pali BJTසෙනකවග්ගො දුතියො
Sinhala BJTදෙවැනි සේනක වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅථ පස්ස සසූවි ච තුණ්ඩිලකො මිගමය්හක පඤ්චම සක්කවරො, අථ පඤ්ජලිවාරිජ මෙජ්ඣ පුන අථ වට්ටක කපොතවරෙන දස.
Sinhala BJTඛරපුත්ත (පස්ස) ජාතක යැ සූචි ජාතක යැ තුණ්ඩීල ජාතක යැ සුවණ්ණ කක්කටක (මිග) ජාතක යැ මය්හක ජාතක යැ ධජවීහෙඨක ජාතක යැ හිසපුප්ඵ (වාරිජ) ජාතක යැ විභාස (මොක්ඛ) ජාතක යැ. වට්ඨක ජාතක යැ කාක ජාතක යැ යි දසයෙකි.
Pali BJTඡක්කනිපාතං නිට්ඨිතං.
Sinhala BJTඡක්ක නිපාතය නිමි.
Pali BJTතත්ර වග්ගුද්දානං භවති:
Sinhala BJTවග්ගුද්දානය:
Pali BJTඅථ වග්ගං පකිත්තිස්සං ඡනිපාතවරුත්තමෙ, අවාරියො සෙනකො ද්වෙව වුත්තා සුබ්යඤ්ජනාති.
Sinhala BJTජාතක නිපාත වරයෙහි අවාරිය යැ සේනක යැ යි සුසඤ්ජන වර්‍ග දෙකක් මැ කියන ලදී.
Pali BJT7. සත්තකනිපාතං
Sinhala BJT7. සත්තක නිපාතය
Pali BJT1. කුක්කුවග්ගො
Sinhala BJT1. කුක්කු වර්‍ගය
Pali BJT988. දියඩ්ඪකුක්කු උදයෙන කණ්ණිකා විදත්ථියො අට්ඨ පරික්ඛිපන්ති නං, සසිංසපා සාරමය{1} අඵෙග්ගුකා කුහිං ඨිතා උපරිතො න ධංසති.
Sinhala BJT988. කැණිමඬල උසින් රියන් එකහමාරකි. අට වියතෙක් එය පිරිකෙව් කෙරෙයි. (වටප්‍රමාණය වියත් අටෙකි.) එලය නැති ඇට්ටේරිය අරටුවෙන් සෑදු කැණිමඩල කොහි පිහිටියා (බිමට) නො වැටේ ද?
Pali BJT989. යා තිංසති සාරමයා අනුජ්ජුකා පරිකිරිය{2} ගොපාණසියො සමට්ඨිතා, තා සඞ්ගහිතා{3} බලසා ච පීළිතා සමට්ඨිතා උපරිතො න ධංසති.
Sinhala BJT989. ඍජු නැති සාරදාරුයෙන් තැනූ තිසක් පමණ ගොනැස්හු හාත්පසින් සම ව පිරිවරා සිටියාහු ද ඔවුහු (එකිනෙක) මනා කොට එකට බලයෙන් පෙළන ලද්දාහු මනාකොට එකට බැඳී සමබරට උඩින් සිටියාහු වෙත් ද, එහෙයින් නො වැටෙත්.
Pali BJT990. එවං මිත්තෙහි දළ්හෙහි පණ්ඩිතො අභෙජ්ජරූපෙහි සුචීහි මන්තිහි, සුසඞ්ගහීතො සිරියා න ධංසති ගොපාණසී භාරවහාව කණ්ණිකා.
Sinhala BJT990. මෙසේ නුවණැති රජ දැඩි මිතුරු වූ නො බිඳෙන සුලු වූ පිරිසුදු ගති පැවැතුම් ඇති මැතිවරුන් හා දැඩිසේ සම්බන්‍ධ වූයේ, මනාසේ සම්බන්‍ධ වූ ගොණැස් බර දරන කැණිමඩල මෙන් රාජසම්පතින් නො පිරිහේ.
Pali BJT991. ඛරත්තවං මෙල්ලං{*} යථාපි සත්ථවා අනාමසන්තොපි කරොති තිත්තකං, සමාහරං සාදුං කාරොති පත්ථිවා අසාදු{4} කයිරා තනුවට්ට මුද්ධරං{5}.
Sinhala BJT991. යම්සේ අවි ඇත්තේ ඝන ලෙල්ල ඇති නාරන්ගෙඩියේ ලෙල්ල සැස ඉවත් නො කරන්නේ, නාරන්ගෙඩියේ රස තිත්ත කෙරේ ද, ලෙල්ල සැස ඉවත් කරන්නේ රස මිහිරි කෙරේ ද, තුනී ලෙල්ල සැස ඉවත් කරන්නේ (එහි රසය) අමිහිරි කෙරේ ද,
Pali BJT992. එවම්පි ගාමනිගමෙසු පණ්ඩිතො අසාහසං රාජධනානි සංහරං, ධම්මානුවත්ති පටිපජ්ජමානො සඵානි කයිරා අවිහෙඨයං පරං.
Sinhala BJT992. මෙසේ නුවණැති රජ තෙමේ සැහැසි නො වී ගම්නියම්ගම්හි අයබදු අය කරන්නේ අනුන් නො පෙළා දහම් අනුව පැවැත්මෙන් පිළිපදනේ හේ අභිවෘඬිය කරන්නේ ය.
Pali BJT993. ඔදාතමූලං සුචිවාරිසම්භවං ජාතං යථා පොක්ඛරණීසු අම්බුජං, පදුමං යථා අග්ගිනිකාසඵාලිමං න කද්දමො න රජො න වාරි ලිම්පති.
Sinhala BJT993. පොකුණුවල සුදුමුල් ඇති පිරිසුදු ජලයේ හටගත් හිරු රැසින් පිපුණු පියුම්හි යම්සේ මඩ හෝ රජස් (දූවිලි) හෝ ජලය හෝ නො තැවරේ ද,
Pali BJT994. එවම්පි වොහාරසුචිං අසාහසං විසුද්ධකම්මන්තමපෙතපාපකං, න ලිම්පති කම්මකිලෙසතාදිසො ජාතං යථා පොක්ඛරණීසු අම්බුජ’න්ති
Sinhala BJT994. අගති රහිත ව නඩු විනිශ්චය කරන සාහසික ක්‍රියා නැති, පාපක්‍රියා නැති හෙයින් පවිත්‍ර වූ රජ තෙමේ පොකුණුවල හටගත් පියුම (පොකුණුදිය හා නො තැවරෙන්නා) මෙන් කර්‍ම ක්ලේශ හා නො වැකෙයි.
Pali BJT1. කුක්කුජාතකං.
Sinhala BJT1. කුක්කු ජාතක යි.
Pali BJT995. යථා චාපො නින්නමති ජියා චාපි නිකූජති, හඤ්ඤතෙ නූන මනොජො මිගරාජා සඛා මම.
Sinhala BJT995. යම් පරිදි දුන්න නැමේ ද දුනුදිය පොළන (ලද්දී) හඬ නඟා ද මේ කරුණෙන් මාගේ මනෝජ නමැති යහළු සිංහයා මරනු ලැබිය යි සිතමි.
Pali BJT996. හන්දදානි වනං තාණං{1} පක්කමාමි යථාසුඛං, නෙතාදිසා සඛා හොන්ති ලබ්භා මෙ ජීවතො සඛා.
Sinhala BJT996. එබැවින් දැන් සුවසේ ක්‍ෂේම වූ වනයට යමි. මෙවැනි මළාහු යාළුවෝ නො වෙති. ජීවත්වන මා විසින් යාළුවෝ ලැබිය හැක්කාහ.
Pali BJT997. න පාපජනසංසෙවී අච්චන්තං සුඛමෙධති, මනොජං පස්ස සෙමානං ගිරියස්සානුසාසනී.
Sinhala BJT997. පවිටු ජනයා ඇසුරු කරනුයේ බොහෝකල් සුව නො ලැබෙයි. ඊපහර ලැබ හෝනා මනෝජයා බල. ගිරිය නම් හිවලා ගේ අනුශාසනය මෙබඳු ය.
Pali BJT998. න පාපසම්පවඞ්කෙන මාතා පුත්තෙන නන්දති, මනොජං{2} පස්ස සෙමානං අච්ඡන්නං සම්හි ලොහිතෙ.
Sinhala BJT998. පවට නැමුණු පුත්‍රයා නිසා මව සතුටු නො වේ. ඒ එසේ මැ ය. තමාගේ ම ලෙයෙහි ගැලී හෝනා මනෝජයා බල.
Pali BJT999. එවමාපජ්ජති{3} පොසො පාපියඤ්ච නිගච්ඡති, යො වෙ හිතානං වචනං න කාරොති අත්ථදස්සිනං.
Sinhala BJT999. යමෙක් අනාගත අභිවෘඩිය දක්නා හිතෛෂීන්ගේ ඔවා අනුව ක්‍රියා නො කෙරේ ද, එබඳු පුරුෂ තෙම මෙ වැනි දුකට පැමිණේ. ලාමක බවට ද පැමිණෙයි.
Pali BJT1000. එවඤ්ච සො හොති තතො ච පාපියො යො උත්තමො අධමනුජපසෙවී පසසුත්තමං අධමජනූපසෙවිතං{4} මිගාධිපං සරවරවෙධනිබ්බුතං,
Sinhala BJT1000. උතුම් වූ යමෙක් ගුණනුවණින් හීනයකු ඇසුරු කෙරේ ද හේ හීනයාට වඩා පහත් කෙනකු වන්නේ ය. ඒ එසේ මැ ය. හීනයකු ඇසුරු කළ හී පහරින් මළා වූ උත්තම සිංහයා බල.
Pali BJT1001. නිහීයති පුරිසො නිහීනසෙවී න ච හායෙථ කදාචි තුල්යසෙවී, සෙට්ඨමුපනමං{5} උදෙති ඛිප්පං තස්මා අත්තනො උත්තරිං භජෙථාති.
Sinhala BJT1001. හීන ජනයන් ඇසුරු කරන පුරුෂ තෙම පිරිහෙයි. සමානයකු (ගුණයෙන්) ඇසුරු කරනුයේ කිසිකලෙක නො පිරිහෙයි. සීලාදිගුණයන්ගෙන් පිරුණු කෙනකුන් ඇසුරු කරනුයේ වහා දියුණුවට පැමිණෙයි. එහෙයින් තමාට වඩා ගුණැතියන් ඇසුරු කරන්නේ යි.
Pali BJT2. මනොජජාතකං.
Sinhala BJT2. මනෝජ ජාතක යි.
Pali BJT1002. රාජා තෙ භත්තං පාහෙසි සුචිමංසූපසෙචනං, මඛාදෙවස්මිං{6} අධිවත්ථෙ{7} එහි නික්ඛම භුඤ්ජස්සු.
Sinhala BJT1002. මඛාදේව නමැති නුගයෙහි වෙසෙන දෙවිය, රජතුමා පවිත්‍ර මස්රසයෙන් යුතු බත එවී ය. මෑතට අවුත් වළඳනු මැනැවි.
Pali BJT1003. එහි මාණව ඔරෙන{8} භික්ඛමාදාය සුපිතං{9}, ත්වඤ්ච මාණව භික්ඛා{10} ච උභො භක්ඛා භවිස්සථ.
Sinhala BJT1003. මාණවකය, මස්රස සහිත ආහාරය ගෙන ඔබින් මෙහි එව මාණවකය, තො ද (තා ගෙනා) බත ද මට ගොදුර වන්නවු ය.
Pali BJT1004. අප්පකෙන තුවං යක්ඛ ථුල්ලමත්ථං ජහිස්සසි, භික්ඛං තෙ නාහරිස්සන්ති ජනා මරණසඤ්ඤිනො.
Sinhala BJT1004. යක්‍ෂය, මරණබිය ඇති ජනයෝ තට ආහාරය නො ගෙනෙති. එහෙයින් තෝ මද දැයෙකින් මහත් ප්‍රයෝජනයක් අත් හරෙනහි ය හෙවත් නො ලබන්නෙහි ය.
Pali BJT1005. ලද්ධාය යක්ඛ{1} තව නිච්චභික්ඛං සුචිං පණීතං රසසා උපෙතං, භික්ඛඤ්ච තෙ ආහරියො නරො ඉධ සුදුල්ලභො හොහිති{2} ඛාදිතෙ මයි.
Sinhala BJT1005. යක්‍ෂය, තට රසයෙන් යුත් පවිත්‍ර මිහිරි ආහාරය ලැබෙන්නේ ය. මා කෑ කල්හි ආහාරය ගෙනෙන්නකු දැකීම ඉතා දුලබ වෙයි.
Pali BJT1006. මමෙසං{3} සුතනො අත්ථො යථා භාසසි මාණව, මයා ත්වං සමනුඤ්ඤාතො සොත්ථිං පස්සසි මාතරං.
Sinhala BJT1006. මාණවකය සුතනුවෙනි, තෝ යමක් කීයෙහි ද එය මට වැඩ පිණිස වේ. තෝ මා විසින් අනුදන්නා ලද්දෙහි සුවසේ ගොස් මව දකින්නෙහි ය.
Pali BJT1007. ඛග්ගං ඡත්තඤ්ච පාතිඤ්ච{4} ගච්ඡෙවාදාය{5} මාණව, සොත්ථිං පස්සතු තෙ මාතා ත්වඤ්ච පස්සාහි මාතරං.
Sinhala BJT1007. මාණවකය, තොපගේ කඩුව ද ඡත්‍රය ද රන්තලිය ද ගෙන මැ යව. තොපගේ මව සුවසේ දකීවා. තො ද මව බලව.
Pali BJT1008. එවං යක්ඛ සුඛී හොහි සහ සබ්බෙහි ඤාතිභි, ධනඤ්ච මෙ අධිගතං රඤ්ඤො ච වචනං කතන්ති.
Sinhala BJT1008. යක්‍ෂය, මා විසින් ධනය ලබන ලදී. රජ කී ලෙස කරන ලදී. සියලු නෑයන් සමග තෙපි සුවපත් වෙවයි.
Pali BJT3. සුතනුජාතකං.
Sinhala BJT3. සුතනු ජාතක යි.
Pali BJT1009. තෙ කථන්නු කරිස්සන්ති වුද්ධා ගිරිදරීසයා, අහං බද්ධොස්මි{6} පාසෙන නීලියස්ස වසං ගතො.
Sinhala BJT1009. පාශයෙන් බැඳුණු මම් නීලිය නම් වැද්දාගේ වසයට ගියෙම් වෙමි. පර්‍වත කුහරයෙහි වෙසෙන මහලු වූ ඒ මගේ මවුපියෝ කුමක් කරන්නාහු දෝ හෝ.