Pali BJTජිනඤ්ච වණ්ණං අසමං වග්ගුපරි සුදෙසිතා ජාතකන්ති පඤ්ච වීසති, මහෙසිනො බ්රහ්මචරිත්තමුත්තම මවොච ගාථා අත්ථවතී සුබ්යඤ්ජනා’ති.
Sinhala BJTමහර්ෂී වූ බුදුන්ගේ උත්තම බ්‍රහ්මචර්‍ය්‍යා ප්‍රකාශිත අර්‍ත්‍ථවත් සුවඤ්ඡන වූ ගාථා ඇති ‘ජින’ යි ආරබ්ධ මණිකුණ්ඩල වර්‍ග යැ, වර්‍ණරෝහ වර්‍ග යැ මත්තෙහි අපරිපූර්‍ණ වූ අර්‍ධවර්‍ග යැ, යන ජාතක යි සුදේශිත පස්විසි ජාතකය වදාළහ.
Pali BJT6. ඡක්කනිපාතො
Sinhala BJT6. ඡක්ක නිපාතය
Pali BJT1. අවාරියවග්ගො
Sinhala BJT1. අවාරිය වර්‍ගය
Pali BJT848. මාස්සු කුජ්ඣි{1} භූමිපති මාස්සු කුජ්ඣි රථෙසභ, කුද්ධං අප්පටිකුජ්ඣන්තො රාජා රට්ඨස්ස පූජිතො.
Sinhala BJT848. භූමිපාලයාණෙනි, නො කිපෙන්නේ මැනැවි. රජතුමනි, කෝප නො කරන්නේ මැනැවි. කිපියා වූ තැනැත්තහුට පෙරළා කෝප නො කරන රජ රටවැසියා විසින් පුදනු සුදුසු ය.
Pali BJT849. ගාමෙ වා යදි වාරඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ, සබ්බත්ථමනුසාසාමි මාස්සු කුජ්ඣි රථෙසභ.
Sinhala BJT849. ගමෙහි හෝ වනයෙහි හෝ වලතන්හි හෝ ගොඩ බිමෙහි හෝ අනුශාසනා කරමි. රජතුමනි, නො කිපුන මැනැවි.
Pali BJT850. අවාරියපිතා නාම අහු ගඞ්ගාය නාවිකො, පුබ්බෙ ජනං තාරයිත්වා{2} පච්ඡා යාචති වෙතනං තෙනස්ස භණ්ඩනං හොති න ච භොගෙහි වඩ්ඪති.
Sinhala BJT850. අවාරියපිතු නැමැති තොටියෙක් ගඟෙහි විය. හේ පළමු වැ ජනයා ගඟින් එතෙර පමුණුවා පසුව කුලිය ඉල්ලයි. එයින් ඔහුට කලහ ඇති වෙයි. ධනයෙන් හේ නො වැඩේ.
Pali BJT851. අතිණ්ණංයෙව යාචස්සු අපාරං තාත නාවික, අඤ්ඤො හි තිණ්ණස්ස මනො අඤ්ඤො හොති තරෙසිනො{3}.
Sinhala BJT851. දරුව, තොටිය, ජනයා ගඟෙන් තරණය කරවන්නට පළමු ව කුලිය ඉල්ලන්න. ගඟ තරණය කළවුන්ගේ සිත අනෙකෙකි. (වෙනස් වේ) එතෙරවීම සොයන්නහුගේ සිත අනෙකකි.
Pali BJT852. ගාමෙ වා යදි වාරඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ, සබ්බත්ථ අනුසාසාමි මාස්සු කුජ්ඣිත්ථ නාවික.
Sinhala BJT852. ගමෙහි හෝ වනයෙහි හෝ වලතන්හි හෝ ගොඩබිමෙහි හෝ අනුශාසනා කරමි. තොටිය නොකිපුන මැනැවි.
Pali BJT853. යා යෙවානුසාසනියා රාජා ගාමවරං අදා, තායෙවානුසාසනියා නාවිකො පහරී මුඛං.
Sinhala BJT853. යම් අනුශාසනාවක් නිසා රජතුමා තවුසාට ගම්වරක් දුන්නේ ද ඒ අනුශාසනාව ම නිසා තොටියා තවුසාගේ කටට ගැසූවේ ය.
Pali BJT854. භත්තං භින්නං හතා භරියා ගබ්භො ච පතිතො ඡමා, මිගොව ජාතරූපෙන න තෙනත්ථං අවඩ්ඪිතුන්ති{4}.
Sinhala BJT854. බත් බඳුන බිඳින ලදී. බිරිඳ නසන ලදී. ගැබ ද බිම හෙලන ලදී. මුතුමැණික ආදිය මැඩ ගෙන ගියේ වුව ද එයින් මුවකුට ප්‍රයෝජනයක් ලද නොහැක්කා සේ මෝඩයෙක් පඬිවරයකුගේ ඔවා අසා ද එයින් ප්‍රයෝජනයක් ගන්නට නො හැකි වේ.
Pali BJT1. අවාරියජාතකං.
Sinhala BJT1. අවාරිය ජාතක යි.
Pali BJT855. මා තාත කුජ්ඣි න හි සාධු කොධො බහුම්පි තෙ අදිට්ඨං අස්සුතඤ්ච, මාතා පිතා දිසතා සෙතකෙතු ආචරියමාහු දිසතං පසත්ථා.
Sinhala BJT855. දරුව සේතකේතු, නො කිපෙන්න. කෝප වීම මනා නො වේ. තා නොදුටු නො ඇසූ දේ බොහෝ ය. මවුපියෝ පූර්‍ව දිසාව වශයෙන් ද ගුරුවරු දකුණු දිසාව වශයෙන් ද බුද්ධාදි ආර්‍ය්‍යයෝ කියත්.
Pali BJT856. අගාරිනො අන්නදපාණවත්ථදා අව්හායිකා තම්පි දිසං වදන්ති එසා දිසා පරමා සෙතකෙතු යං පත්වා දුක්ඛී සුඛිනො භවන්ති.
Sinhala BJT856. සේතකේතුව, ආහාරපාන හා රෙදිපිළි දෙන (එසේ ම) දන් පිණිස කැඳවන ගෘහස්ථයෝ වෙත් ද එය ද දිසාවකැ යි බුද්ධාදි උතුමෝ කියති. යම් දිසාවකට පැමිණ දුක්පත් ජනයා සුවපත් වෙත් ද මේ දිසාව උතුම් වේ,
Pali BJT857. ඛරාජිනා ජටිලා පඞ්කදන්තා දුමුක්ඛරූපා යෙ මෙ ජපන්ති මන්තෙ, කච්චි නු තෙ මානුසිකෙ පයොගෙ ඉදං විදූ පරිමුත්තා අපායා.
Sinhala BJT857. රළු අඳුන්දිවිසම් අඳින ජටාමඬුලු අපවිත්‍ර දත් යන මේවා නිසා කිලිටි පෙනුම ඇති යම් තවුස් කෙනෙක් වෙත් ද ඔවුහු මතුරු දපත් (නම්) කෙසේ ද මෙය දන්නා මොවුහු අපායෙන් මිදුණෝ ද?
Pali BJT858. පාපානි කම්මානි කරිත්ව රාජ බහුස්සුතො නෙව චරෙය්ය ධම්මං, සභස්සවෙදාපි න තං පටිච්ච දුක්ඛා පමුඤ්චෙ චරණං අපත්වා
Sinhala BJT858. රජතුමනි, උගතකු වුවත් පාපක්‍රියාහි නිරත වෙමින් පුණ්‍ය ක්‍රියාහි නො යෙදේ නම්, දහස් ගණන් වේදමන්ත්‍ර දත්තේ වුව ද සීලයට හා අටසමවතට නො පැමිණ අවාදුකින් නො මිදෙන්නේ ය.
Pali BJT859. සහස්සවෙදොපි න තං පටිච්ච දුක්ඛා පමුඤ්චෙ චරණං අපත්වා, මඤ්ඤාමි වෙදා අඵලා භවන්ති සසඤ්ඤමං{1} චරණඤ්ඤෙව සච්චං.
Sinhala BJT859. බහුශ්‍රැතකම ඇත්තේ වුව ද සිල්සපන් නො වී ඒ බහුශ්‍රැතකම හේතුකොටගෙන අපායාදි දුකෙන් නො මිදෙන්නේ ය. එහෙයින් වේදය නිෂ්ඵලය යි සිතමි. සීලය සහිත චරණය ම සත්‍යයකි.
Pali BJT860. නහෙව වෙදා අඵලා භවන්ති සසංයමං චරණඤ්චෙව{2} සච්චං, කිත්තිං හි පප්පොති අධිච්ච වෙදෙ සන්තං පුතොති{3} චරණෙන දන්තොති.
Sinhala BJT860. වේදය නිෂ්ඵල වූයේ නො වෙයි. සීලය සහිත සමාපත්තිය උතුමි. එය එසේ ම ය. වේදය හදාරා කීර්තියට පැමිණේ නැවත චරණධර්‍මයන් නිසා දමිත වැ නිවනට පැමිණේ.
Pali BJT2. සෙතකෙතුජාතකං.
Sinhala BJT2. සේතකේතු ජාතක යි.
Pali BJT861. පඞ්කො ච කාමා පලිපො ච{4} කාමා භයඤ්ච මෙතං තිමූලං පවුත්තං, රජො ච ධූමො ච මයා පකාසිතා{5} හිත්වා තුවං පබ්බජ බ්රහ්මදත්ත.
Sinhala BJT861. බ්‍රහ්මදත්තය, කාමය මඩ වැනි ය. (එසේ ම) පැතිරගිය මඩකි. මුල් තුනෙකින් පිහිටි (ගසක් සේ) කාමය අචල ව පිහිටියෙන් බිය උපදවයි. දුවිල්ලක් ලෙස ද දුමක් ලෙස මා විසින් ප්‍රකාශ කොට ඇත. නුඹ මේ කාමය හැර පැවිදි වන්න.
Pali BJT862. ගථිතො ච රත්තො අධිමුච්ඡිතො ච කාමෙස්වාහං{6} බ්රාහ්මණ භිංසරූපං, තං නුස්සහෙ ජිවිකත්ථො පහාතුං කාහාමි පුඤ්ඤානි අනප්පකානි.
Sinhala BJT862. බ්‍රාහ්මණය, කාමයන් දැඩි ආශා ඇතියේ එහි ඉතා ඇලුණේ ඒ නිසා මුසපත් වූයෙන් ජීවිකාවට කැමැත්තේ බිය උපදවන ඒ කාමය දුරුකරන්නට වෑයම් නො කරමි. (එහෙත්) බොහෝ පින්කම් කරන්නෙමි.
Pali BJT863. යො අත්ථකාමස්ස හිතානුකම්පිනො ඔවජ්ජමානො න කරොති සාසනං, ඉදමෙව සෙය්යො ඉති මඤ්ඤමානො පුනප්පුනං ගබ්භමුපෙති මන්දො.
Sinhala BJT863. යමෙක් දියුණු ව කැමැති ව හිතෛෂී ව අනුකම්පා පෙරටු ව ඔවා දෙනුයේ වුව ද මෙය ම වඩා මනා යයි තමා ගත් මතයේ එල්බගෙන) සිතමින් අනුශාසිත පරිදි ක්‍රියා නො කෙරේ ද හෙතෙම නැවත නැවත මව්ගැබට පැමිණේ.
Pali BJT864. සො ඝොරරූපං නිරයං උපෙති සුභාසුභං මුත්තකරීසපූරං, සත්තා සකායෙ න ජහන්ති ගිද්ධා යෙ හොන්ති කාමෙසු අවීතරාගා.
Sinhala BJT864. හේ සසරට බිය වූ කුලපුත්‍රයන්හට පිළිකුල් වූ මලමූත්‍රයෙන් පිරුණු දරුණු ස්වභාවය ඇති මව්කුස නම් වූ නිරයට පැමිණේ. යම් කෙනෙක් කාමයන්හි පහව නොගිය ආශා ඇත්තේ ද එහි ගිජු වූයේ ද ඇලුණේ ද ඔහු මව්කුස වාසය නො හරිත්.
Pali BJT865. මීළ්හෙන ලිත්තා රුහිරෙන මක්ඛිතා සෙම්හෙන ලිත්තා උපනික්ඛමන්ති, යං යං හි කායෙන ඵුසන්ති තාවදෙ සබ්බං අසාතං දුක්ඛමෙව{8} කෙවලං.
Sinhala BJT865. අශුචියෙන් තැවරී, ලෙයින් වැකී, සෙමින් ගෑවී සත්හු නික්මෙත් ද, යමක් සිරුරෙන් ස්පර්‍ශ කෙරේ ද එකෙණෙහි ම සියල්ල දුක් ය.
Pali BJT866. දිස්වා වදාමි නහි අඤ්ඤතො සවං පුබ්බෙනිවාසං බහුකං සරාමි, චිත්රාහි ගාථාහි සුභාසිතාහි දරීමුඛො නිජ්ඣාපයී සුමෙධන්ති.
Sinhala BJT866. අනෙකකුගෙන් අසා නො කියමි. පෙරවුසූ කඳපිළිවෙළ දක්නා නුවණින් දැකැ කියමි. බහුල වශයෙන් පෙරවූසූ කඳපිළිවෙළ සිහි කරමි. දරීමුඛ පසේබුදු රජාණන් වහන්සේ විසිතුරු ගාථායෙන් වදාරා නුවණැති රජුට තම අදහස ගැන්වී ය.
Pali BJT3. දරීමුඛජාතකං.
Sinhala BJT3. දරීමුඛ ජාතක යි.
Pali BJT867. කාකොළා{1} කාකසඞ්ඝා ච මයඤ්ච පත්තං වරා, සබ්බෙව සදිසා භොම ඉමං ආගම්ම පබ්බතං.
Sinhala BJT867. වනකවුඩුවෝ ද පියවි කවුඩුවෝ ද පක්‍ෂීන්ට ශ්‍රේෂ්ඨ වූ අපි ද මේ පර්‍වතයට පැමිණ සමාන වෙමු.
Pali BJT868. ඉධ සීහා ච ව්යග්ඝා ච සිගාලා ච මිගාධමා, සබ්බෙව සදිසා හොන්ති අයං කො නාම පබ්බතො.
Sinhala BJT868. මේ පර්‍වතයේ දී සිහවගහිවල් යන හැමදෙන සමාන වෙති. මේ පර්‍වතයේ නම කුමක් ද?
Pali BJT869. ඉමං නෙරුන්ති ජානන්ති මනුස්සා පබ්බතුත්තමං, ඉධ වණ්ණෙන සම්පන්නා වසන්ති සබ්බපාණිනො.
Sinhala BJT869. මේ උතුම් පර්‍වතය රුවන් පව්ව යයි මිනිස්සු දනිත්, මේ පව්වේ දී සියලු ප්‍රාණීහු පැහැපත් ව වෙසෙති.
Pali BJT870. අමානනා යත්ථ සියා සන්තානං වා විමානනා, හීනසම්මානනා වා’පි න තත්ථ වසතිං වසෙ.
Sinhala BJT870. යම් තැනෙකැ සිල්සපන් ගුණවතුන්හට ගරුබුහුමන් නො කෙරේ ද අවමන් කෙරේ ද, දුසිල් මනුෂ්‍යයනට සම්මාන කෙරේ ද එහි වාසය නො කරන්නේ ය.
Pali BJT871. යත්ථාලසො ච{2} දක්ඛො ච සූරො භීරූ ච පූජියා, න තත්ථ සන්තො නිවසන්ති{3} අවිසෙසකරෙ නාගෙ{4}.
Sinhala BJT871. යම් තැනෙකැ අලසයා, දක්‍ෂයා, ශූරයා සහ බියගුල්ලා යන මොවුන් පිදියයුත්තෝ වෙත් ද විෂෙයක් නො කරන ඒ පර්‍වතයෙහි සත්පුරුෂයෝ නො වසත්.
Pali BJT872. නායං නෙරු විභජති හීනමුක්කට්ඨමජ්ඣිමෙ{5} අවිසෙසකරො නෙරු හන්ද නෙරුං ජහාමසෙති.
Sinhala BJT872. මේ ස්වර්‍ණ පර්‍වතය හීන උත්කෘෂ්ට මධ්‍යම යනුවෙන් බෙදීමක් නො කරයි. මේ ස්වර්‍ණ පර්‍වතය විශේෂයක් නො කරයි. එහෙයින් ස්වර්‍ණපර්‍වතය අත් හරිමු.
Pali BJT4. නෙරුජාතකං.
Sinhala BJT4. නෙරු ජාතක යි.
Pali BJT873. ආසාවතී නාම ලතා ජාතා චිත්තලතාවනෙ, තස්සා වස්සසහස්සෙන එකං නිබ්බත්තතෙ ඵලං. තං දෙවා පටිරුපාසන්ති තාව දුරඵලං සතිං{6}.
Sinhala BJT873. චිත්‍රලතා වනයෙහි ආසාවතී නැමැති වැලක් හටගත්තේ එහි අවුරුදු දහසෙකින් ගෙඩියක් හටගත්තේ ය. එතරම් දිග කාලයකගේ ඇවෑමෙන් ඵල හටගන්නා ඒ වැල සමීපයට දෙවියෝ නැවත නැවත එති.
Pali BJT874. ආසිංසෙව තුවං රාජ ආසඵලවතී සුඛා, ආසිංසෙථෙව සො පක්ඛී ආසිංසෙථෙව{7} සො දිජො.
Sinhala BJT874. රජතුමනි, ඔබ ද පතන්නෙහි ය ආසාව ඵලවත් වූයේ සැප ගෙන දේ යයි පක්‍ෂියා බලාපොරොත්තු වේ ම ය. ඒ පක්‍ෂියා ලබමි යි පතන්නේ ය.
Pali BJT875. තස්ස චාසා සමිජ්ඣිත්ථ තාව දුරගතා සතී{8} ආසිංසෙව තුවං රාජ ආසා ඵලවතී සුඛා.
Sinhala BJT875. එතෙක් දුර ගිය ඔහුගේ ආසාව සම්පූර්‍ණ විය. එහෙයින් රජතුමනි ඔබ ද පතනු මැනැවි. ආසාව ඵලවත් වූයේ සැප ගෙන දෙයි.
Pali BJT876. සම්පෙසි{1} ඛො මං වාචාය න ච සම්පෙසි කම්මුනා, මාලා සෙරෙය්යකස්සෙව වණ්ණවන්නා අගන්ධිකා.
Sinhala BJT876. සුවඳ නැති පාට සහිත කටුකරඬු මල් පරිදි මා කථාවෙන් සතුටු කෙළෙහි ය. ක්‍රියාවෙන් සතුටු නො කෙළෙහි ය.
Pali BJT877. අඵලං මධුරං වාචං යො මිත්තෙසු පකුබ්බති, අද්දං අවිස්සජං භොගං සන්ධි තෙනස්ස ජීරති.
Sinhala BJT877. යමෙක් (කිසිවක්) නො දෙන්නේ සම්පත් නො හරින්නේ, යාළුවන්ට නිෂ්ඵල වූ මිහිරිකථා කියා ද (කථාවෙන් පමණක් සංග්‍රහ කෙරේ ද) ඔහු හා මිතුරුකම නො ගැළපේ.
Pali BJT878. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා.
Sinhala BJT878. යමක් කරන්නේ ද එය කියන්නේ ය, යමක් නො කරන්නේ ද එය නො කියන්නේ ය. කියන ලෙස නො කරන්නවුන් නුවණැත්තෝ දැනගනිති.
Pali BJT879. බලඤ්ච වත මෙ ඛීණං පථෙය්යඤ්ච න විජ්ජති, සඞ්කෙ පාණූපරොධාය හන්දන්දානි වජාමහං.
Sinhala BJT879. මාගේ බලය ක්‍ෂය විය, මාර්ගෝපකරණ ද නැත. මාගේ පණ නැති වේ යයි සැක කරමි. එහෙයින් දැන් මම හැර යමි.
Pali BJT880. එතදෙව හි මෙ නාම යං නාමස්මිං රථෙසභ, ආගමෙහි මහාරාජ පිතරං ආමන්තයාමහ’න්ති.
Sinhala BJT880. රජතුමනි, මෙහි යම්බඳු නමක් වේ ද මේ මාගේ නම වේ. මහරජතුමනි, බලව මම පියා කැඳවමි.
Pali BJT5. ආසඞ්කජාතකං.
Sinhala BJT5. ආසංක ජාතක යි.
Pali BJT881. න මෙ රුච්චි මිගාලොප යස්ස තෙ තාදිසා ගති, අතුච්චං තාත පතසි අභූමිං තාත සෙවසි.
Sinhala BJT881. මිගාලෝපය, තාගේ ඒ ගමන් මට රුස්නේ නො වේ. පුත, ඉතා උඩට නො යව. තෝ තට නුසුදුසු බිම සෙවුනෙහි.
Pali BJT882. චතුක්කණ්ණංව කෙදාරං යදා තෙ පඨවී{2} සියා, තාතො තාත නිවත්තස්සු මාස්සු එත්තො පරං ගමි.
Sinhala BJT882. යම් වෙලාවක තට පොළොව හතරැස් කුඹුරක් සේ පෙනෙන්නේ වේ ද දරුව, එයින් නවතුව. ඉන් ඔබ්බට නො යව.
Pali BJT883. සන්ති අඤ්ඤෙපි සකුණා පත්තයානා විහඞ්ගමා, අක්ඛිත්තා වාතවෙගෙන නට්ඨා තෙ සස්සතීසමා.
Sinhala BJT883. පියාපත් යානා කොට අහසින් යන සෙසු පක්‍ෂීහු ද වෙති. (ඉහළ අහසේ පවතින) වායුවේගයෙන් අදින ලදු ව ඔවුහු මළහ. පොළොව හා පර්‍වතය සමාන කොට සිතන ඔවුහු පවා මළෝ ය.
Pali BJT884. අකත්වා අපරණ්ණස්ස{3} පිතු වුද්ධස්ස සාසනං{4}, කාළෙ වාතෙ{5} අතික්කම්ම වෙරම්බානං වසං ගතො{6}.
Sinhala BJT884. අපරණ්ණ නමැති මහලු පියාගේ අනුශාසනය පරිදි ක්‍රියා නො කොට කෘෂ්ණ වාතය ඉකුත් කොට ගියේ වේරම්බ වාතයේ වසඟයට ගියේ ය.
Pali BJT885. තස්ස පුත්තා ච දාරා ච යෙ චඤ්ඤෙ අනුජීවිනො, සබ්බෙ ව්යසනමාපාදුං අනොවාදකරෙ දිජෙ.
Sinhala BJT885. මෘගාලෝප නම් සකුණයා පියාගේ අවවාදයෙහි නො පවත්නා කල්හි (වේරම්බවාතයෙහි වසඟයට ගිය හෙයින්) ඔහුගේ දරුවෝ ද බිරියෝ ද, ඔහු නිසා දිවි රැකගන්නෝ ද යන හැම නටහ.
Pali BJT886. එවම්පි ඉධ වුද්ධානං{7} යො වාක්යං නාවබුජ්ඣති, අතිසීමං චරො දිත්තො ගිජ්ඣොවාතීතසාසනො. සබ්බෙ සංඛ්ය නපප්පොන්ති අකත්වා බුද්ධසාසනන්ති.
Sinhala BJT886. මෙසේ යමෙක් මෙ ලොවැ ගුණනුවණැති වැඩිහිටියන්ගේ කීම වටහා නොගෙන ක්‍රියා කෙරෙත් ද ඔවුහු අනුශාසනාව ඉක්මවා ගිය උඩඟු වූ සීමාව ඉක්මවා ගිය මෘගාලෝප ගිජුළිහිණියා මෙන් විනාශ වෙති.
Pali BJT6. මිගාලොපජාතකං.
Sinhala BJT6. මෘගාලෝප ජාතක යි.
Pali BJT887. කා නු කාළෙන වණ්ණෙන න චාසි පියදස්සනා, කා වා ත්වං කස්ස වා ධීතා කථං ජානෙමු තං මයං.
Sinhala BJT887. වස්ත්‍රාභරණයෙන් කාළවර්‍ණ හෙයින් නො ද ප්‍රිය දර්‍ශන ඇති තෝ කවරහි? කවරක්හුගේ හෝ දුහිතෘ වෙහි? අපි තී කෙසේ දනුමෝ ද? හඳුනමෝ දැ යි යී සේ යි.
Pali BJT888. මහාරාජස්සභං ධීතා විරූපක්ඛස්ස චණ්ඩියා, අහං කාළී අලක්ඛිකා කාළකණ්ණීති මං විදූ ඔකාසං යාචිතො දෙහි වසෙමු තව සන්තිකෙ
Sinhala BJT888. මම විරූපාක්‍ෂ රජුගේ දූ වෙමි. ක්‍රෝධ කිරීම ස්වභාව කොට ඇති හෙයින් චණ්ඩී නම. කළුපැහැ ඇතියෙන් කාළී නම. අධන්‍යයෙමි. අන්‍යයෝ මා කාලකණ්ණි යයි දනිති. ආරාධිත තෙපි මට අවකාශ දෙව. එක් රැයක් තොප සමීපයේ වසමු.
Pali BJT889. කිං සීලෙ කිං සමාචාරෙ පුරිසෙ නිවිසසෙ{1} තුවං, පුට්ඨා මෙ කාළි අක්ඛාහි යථා ජානෙමු තං මයං.
Sinhala BJT889. කෙබඳු සිල් ඇති කෙබඳු සමාචාර ඇති පුරුෂයකු සමීපයේ තෝ වෙසෙහි ද. මා විසින් විචාරන ලදුයෙහි යම්සේ තී කවරක් දැ යි අපි දත හැකි වන්නමෝ ද එසේ කියව.
Pali BJT890. මක්ඛී පළාසී සාරම්භී ඉස්සුකී මච්ඡරී සඨො, සො මය්හං පුරිසො කන්තො ලද්ධං යස්ස{2} විනස්සති.
Sinhala BJT890. යම් පුරුෂයෙක් ගුණමකු ද අනුන් දොස් කියා ද, කරණුත්තරිය කර්‍ම ඇත්තේ ද, ඊර්‍ෂ්‍යා ඇත්තේ ද, මසුරු වේ ද කපටි වේද, ලද ධනය ධූර්‍තකර්‍ම නිසා වනසා ද එබඳු පුරුෂ මට ප්‍රිය වෙයි.
Pali BJT891. කොධනො උපනාහී ච පිසුනො ච විභෙදකො. කණ්ටකවාචො{*} ඵරුසො සො මෙ කන්තතරො තතො.
Sinhala BJT891. යම් පුරුෂයෙක් කිපෙන සුලු ද බද්ධවෛර ඇත්තේ ද කේලාම් කියා ද මිත්‍රභේදය කෙරේ ද සදොස් බස් තෙපලා ද රළු වචන කියා ද හේ යට කී පුරුෂයාට වඩා ප්‍රිය ය.
Pali BJT892. අජ්ජසුවෙති පුරිසො සදත්ථං නාවබුජ්ඣති, ඔවජ්ජමානො කුප්පති සෙය්යසො අතිමඤ්ඤති.
Sinhala BJT892. පුරුෂයා මේ අද කටයුතු දෙය ය, මේ සෙට කටයුතු දෙය යයි තම දියුණුවට අවශ්‍ය කටයුතු නො දනී ද, ඔවා දෙන කලැ කිපේ ද තමාට වඩා බුහුමන් ලද යුත්තා පහත් කොට සිතා ද.
Pali BJT893. දවප්පලුද්ධො{3} පුරිසො සබ්බමිතෙතහි ධංසති, සො මය්හං පුරිසො කන්තො තස්මිං හොමි අනාමයා.
Sinhala BJT893. පංචකාමයෙහි බහුල ආශා ඇති, සියලු මිතුරන්ගෙන් පිරිහෙයි ඒ පුරුෂයා මට ප්‍රිය ය. මේ ගුණයන්ගෙන් හෙබි පුඟුලන් හා නිදුක් ව නිශ්ශෝක ව වසමි.
Pali BJT894. අපෙහි එත්තො ත්වං කාළි නෙතං අම්හෙසු විජ්ජති, අඤ්ඤං ජනපදං ගච්ඡ නිගමෙ රාජධානියො.
Sinhala BJT894. කාළිය, තෙපි මෙතැනින් ඉවත්ව යව. තොප ප්‍රිය කරන මේ ගුණ අප කෙරේ නැත. අනෙක් දනව්වකට හෝ නියම්ගමකට හෝ රජදහනකට හෝ යව.
Pali BJT895. අහම්පි ඛො තං ජානාමි නෙතං තුම්හෙසු විජ්ජති, සන්ති ලොකෙ අලක්ඛිකා සඞ්ඝරන්ති බහුං ධනං අහං දෙවො ච මෙ භාතා උභො නං විධමාමසෙ.
Sinhala BJT895. තෙල කරුණු තොප කෙරෙහි අවිද්‍යමානය යි මම ද දනිමි. ලොවැ පින් නැත්තෝ වෙසෙති. ඔව්හු බොහෝ ධනය රැස් කෙරෙති. මම ද මාගේ සොහොයුරු දෙවියා ද යන දෙදෙන ඒ ධනය නසමු.
Pali BJT896. කානු දිබ්බෙන වණ්ණෙන පථබ්යා සුප්පතිට්ඨිතා, කා වා ත්වං කස්ස වා ඨිතා කථං ජානෙමු තං මයං.
Sinhala BJT896. විසිතුරු පැහැයෙන් යුතු ව පොළොවෙහි මැනැවින් පිහිටා සිටින තෝ කවර? කවරක්හුගේ හෝ දූ වෙහි? අපි තී කෙසේ දනුමෝ ද.
Pali BJT897. මහාරාජස්සහං ධීතා ධතරට්ඨස්ස සිරීමතො, අහං සිරි ච ලක්ඛී ච භුරිපඤ්ඤාති මං විදූ. ඔකාසං යාචිතො දෙහි වසෙමු තව සන්තිකෙ.
Sinhala BJT897. මම සිරිමත් ධුතරාෂ්ට්‍ර මහරජුගේ දු වෙමි. මම සිරි සහ ලක්‍ෂ්මී යන නම් ඇත්තී වෙමි. මා මහ නුවණැත්තීය යි දෙවියෝ දනිති. අයදනා ලදුයෙහි අවකාශ දෙව. තොප සමීපයේ වසමු.
Pali BJT898. කිං සීලෙ කිං සමාචාරෙ පුරිසෙ නිවිසසෙ තුවං, පුට්ඨා මෙ ලක්ඛි අක්ඛාහි යථා ජානෙමු තං මයං.
Sinhala BJT898. කෙබඳු සිල් ඇති කෙබඳු සමාචාර ඇති පුරුෂයකු සමීපයේ තෙපි වසන්නහු ද, මා විසින් විචාරන ලද තෙපි යම්සේ තී කවරක් දැ යි අපි දත හෙන්නමෝ ද එසේ කියව.
Pali BJT899. යො චාපි සීතෙ අථවාපි උණ්හෙ වාතාතපෙ ඩංසසිරිංසපෙ ච, ඛුදං පිපාසං අභිභුය්ය සබ්බං රත්තින්දිවං යො සතතං නියුත්තො. කාලගතඤ්ච න හාපෙති අත්ථං සො මෙ මනාපො නිවසෙව{1} තම්හි.
Sinhala BJT899. යමෙක් සීත හා උණුසුම, අව්සුළං මැසි මදුරුවන් හා සර්‍පයන් සාපවස් යන මේ සියල්ල තණපතක් කොට ද නොගෙන මැඩලා රෑදාවල් නිරතුරු තම අභිවෘඩිය ලබනු සඳහා වැඩෙහි යෙදුනේ වේ ද, සුදුසු කාලය පැමිණි කල එළඹ සිටි ප්‍රයෝජනය නො පිරිහෙළා ද එබඳු පුරුෂයා මට මනාප ය ඔහු කෙරේ වසමු.
Pali BJT900. අක්කොධනො{2} මිත්තවා චාගවා ච සීලූපපන්නො අසඨොජුභූතො, සඞ්ගාහකො සඛිලො සණ්හවාචො මහත්තපත්තොපි නිවාතවුත්ති.
Sinhala BJT900. යමෙක් ක්‍රෝධ නො කෙරේ ද, මිතුරන් ඇත්තේ ද, ත්‍යාගශීලී ද, හික්මීමෙන් යුතු ද, කෛරාටික නො වේ ද, අවංක ද, මිතුරන්ට සංග්‍රහ කෙරේ ද, මොළොක් කථා ඇත්තේ ද ඉසුරෙන් හා බලයෙන් උසස් වුව ද නිරහංකාර වේ ද එබඳු ගුණ ඇති ඒ පුරුෂයා කෙරෙහි යම්සේ සමුද්‍රයාගේ පැහැය බලන්නවුනට එහි රළවැළ විපුල ව වැටහේ ද, එසේ මම ඒ පුඟුලා සමීපයේ විශාල වෙමි. යමෙක් මිතුරා කෙරෙහි ද නැතහොත් සතුරා කෙරෙහි ද තමාට වඩා උසස් වූවහු කෙරෙහි ද, තමා සමාන වූවහු කෙරෙහි ද නැතහොත් පහත් වූවහු කෙරෙහි ද.
Pali BJT901. තස්මාහං පොසෙ විපුලා භවාමි උම්මී{3} සමුද්දස්ස යථාපි වණ්ණං, යො චාපි මිත්තෙ අථවා අමිත්තෙ සෙට්ඨෙ සරික්ඛෙ අථවාපි හීනෙ.
Sinhala BJT901. තමාට වැඩ පිණිස කරන්නහුට ද නැතහොත් අවැඩ කරන්නහුට ද එළිපිට හෝ රහසිගත ව සිවුසඟරාවතින් සංග්‍රහ කෙරේ ද.
Pali BJT902. අත්ථං චරන්තං අථවා අනත්ථං ආවී රහො සඞ්ගහමෙව වත්තෙ, වාචං න වජ්ජා ඵරුසං කදාචි මතස්ස ජීවස්ස ව තස්ස හොමි.
Sinhala BJT902. පරුෂ වචන කිසිකලෙකත් නො කියා මළා වූ හෝ ජීවත් වන්නා වූ හෝ ඔහු වෙතට මම ළං වෙමි. (මේ ගුණ ඇත්තා අත් නො හරිමි යි කි සේ යි.)
Pali BJT903. එතෙසු යො අඤ්ඤතරං ලභිත්වා කන්තා සිරී මජ්ජති අප්පපඤ්ඤො{*}, තං දිත්තරූපං විසමං චරන්තං කරීසජාතං ව{4} විවජ්ජයාමි.
Sinhala BJT903. යම් අනුවණ පුද්ගලයෙක් මේ සම්පත් අතුරෙන් සම්පතක් ලබා සැපවත් වූයේ, සම්පත් සඳහා නැවත නැවත උත්සාහ නො කෙරේ ද, නො සැලකිලි වේ ද උඩඟු වේ ද පාපක්‍රියාහි නිරත වේ ද ඒ පුඟුලා අශුචි වළක්සේ දුරු කරමි.
Pali BJT904. අත්තානා කුරුතෙ ලක්ඛිං අලක්ඛිං කුරුතත්තනා, න හි ලක්ඛිං අලක්ඛිං වා අඤ්ඤො අඤ්ඤස්ස කාරකො’ති.
Sinhala BJT904. තමා විසින් තමාට සැපත ඇති කරගන්නේ ය. තමා විසින් තමාට විපත ඇති කරගන්නේ ය. සැපත හෝ විපත අනෙකකුට අනෙකෙක් නො කරන්නේ ය.
Pali BJT7. සිරිකාලකණ්ණිජාතකං.
Sinhala BJT7. සිරිකාලකණ්ණි ජාතක යි.
Pali BJT905. සුචිත්තපත්තච්ඡදන තම්බචූළ විහඞ්ගම, ඔරොහ දුමසාඛාය{1} මුධා භරියා භවාමි තෙ.
Sinhala BJT905. විසිතුරුපතින් කළ සෙවෙණි ඇතියව, තඹසිළුව ආකාශචාරීය, අත්තෙන් බිමට බසිනු. කිසිවක් නො ගෙන මම තොපගේ බිරිඳ වෙමි.
Pali BJT906. චතුප්පදී ත්වං කල්යාණි ද්විපදාහං{2} මනොරමෙ, මිගී පක්ඛී අසංයුත්තා අඤ්ඤං පරියෙස සාමිකං.
Sinhala BJT906. සුන්‍දරිය, තෝ සිවුපා ඇත්තෙහි. මනරම් තැනැත්තිය, මම දෙපා ඇත්තෙමි. මෘගී වූ තො ද පක්‍ෂී වූ මම දැ යි අපි දෙදෙන (අඹුසැමි වනුවට) අයුත්තම්හ. එහෙයින් අන් සැමියකු සොයාගනු.
Pali BJT907. කොමාරිකා තෙ හෙස්සාමි මඤ්ජුකා පියභාණිනි, වින්ද මං අරියෙන වෙදෙන සාවයා මං යදිච්ඡසි.
Sinhala BJT907. මම තොපට කුමරි බිරිඳ වන්නෙමි. මිහිරිබසින් හෘදයංගම බස් බෙණෙන්නෙමි. සුන්‍දර ලාභය ලබව. ඉදින් කැමැති නම් මා දාසි භාර්‍ය්‍යාවක් කොට අස්වා ගනුව.
Pali BJT908. සකුණාදිනි{3} ලොහිතපෙ චොරී කුක්කුටපොථිනි, න ත්වං අරියෙන වෙදෙන මමං භත්තාර මිච්ඡසි.
Sinhala BJT908. පක්‍ෂීන් කන තැනැත්තිය, සතුන්ගේ ලේ බොන්නිය, සෙර, කුකුළන් මරන්නිය, තෝ බ්‍රහ්මචර්‍ය්‍ය ලාභයෙන් මා ස්වාමි කොට කැමැති නො වන්නෙහි ය.
Pali BJT909. එවම්පි චතුරා නාරී දිස්වාන{4} පවරං නරං, නෙන්ති සණ්හාහි වාචාහි බිළාරී විය කුක්කුටං.
Sinhala BJT909. මෙලෙස දක්‍ෂකම් ඇති ස්ත්‍රීහු පුරුෂයකු දැක මටසිළුටු බසින් බැණැ කුකුළකු ගන්නට තැත් කළ බැළලිය මෙන් සිය වසඟයට පමුණුවත්.
Pali BJT910. යො වෙ{5} උප්පතිතං අත්ථං නඛිප්පමනුබුජ්ඣති, අමිත්තවසමන්වෙති පච්ඡා ච මනුතප්පති.
Sinhala BJT910. යමෙක් උපන් කරුණ වහා වටහා නො ගනී ද එහෙයින් සතුරාගේ වසඟයට පැමිණේ. පසු තැවෙන්නේ ද වේ.
Pali BJT911. යො ච උප්පතිතං අත්ථං ඛිප්පමෙව නිබොධති, මුච්චතෙ සත්තුසම්බාධා කුක්කුටොව බිළාරියා’ති.
Sinhala BJT911. යමෙක් උපන් අර්‍ත්‍ථය වහා වටහා ගනී ද හේ බැළලියගෙන් මිදුණු උපාය දක්‍ෂ කුකුළා මෙන් සතුරු පීඩාවන්ගෙන් මිදේ.
Pali BJT8. කුක්කුටජාතකං.
Sinhala BJT8. කුක්කුට ජාතක යි.
Pali BJT912. ධම්මං චරථ ඤාතයො ධම්මං චරථ භද්දං වො, ධම්මචාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච.
Sinhala BJT912. නෑයෙනි කුසල් කරව. නැවත නැවත කුසල් කරව. තොපට යහපතක් වන්නේ ය. කුසල් කරන්නේ දෙලොව සුවසේ වසන්නේ ය.
Pali BJT913. භද්දකො වතයං පක්ඛී දිජො පරමධම්මිකො, එකපාදෙන තිට්ඨන්තො ධම්මමෙවානාසාසති.
Sinhala BJT913. මේ පක්‍ෂි තෙම ඒකාන්තයෙන් භද්‍ර යැ. පරමධාර්මික පක්‍ෂියෙක. එක් පයින් සිටුනේ ධර්‍මානුශාසනා මැ කෙරෙයි.
Pali BJT914. නාස්ස සීලං විජානාථ අනඤ්ඤාය පසංසථ, භුත්වා අණ්ඩඤ්ච ඡාපෙ ච ධම්මො ධම්මොති භාසති.
Sinhala BJT914. මොහුගේ සීලය (කෙබඳු දැ යි) නො දන්නහු ය, නො දැන ප්‍රශංසා කරන්නහු ය. හේ බිජුවට ද පැටවුන් ද කා ධර්‍මය ධර්‍මය යි කිය යි.
Pali BJT915. අඤ්ඤං භණති වාචාය අඤ්ඤං කායෙන කුබ්බති, වාචාය නො ච කායෙන තං ධම්මං අධිට්ඨිතො.
Sinhala BJT915. වචනයෙන් අනෙකක් කියයි. කයින් අනෙකක් කරයි. ඒ ධර්‍මයෙහි වචනයෙන් මිස කයින් පිහිටියේ නො වෙ යි.
Pali BJT916. වාචාය සඛිලො මනොවිදුග්ගො ඡන්නො කූපසයොව කණ්හසප්පො, ධම්මධජො ගාමනිගමාසු සාධු සම්මතො දුජ්ජානො පුරිසෙන ඛාලිසෙන.
Sinhala BJT916. කථාවෙන් මෘදු ය, මනසින් වැදගත නො හැක්කේ ය. ඛීලයකැ හෝනා කළුනයකු සෙයින් ප්‍රච්ඡන්න යැ (සුචරිතධර්‍මය ධ්වජ කොට ඇවිදුනා හෙයින්) ධර්‍මධ්වජ වූ ගම්නියම්ගම්හි මැනැවැ යි සම්භාවිත වූ මේ දුශ්ශීලයා අඥාන පුරුෂයා විසින් දත නො හැකි ය.
Pali BJT917. ඉමං තුණ්ඩෙහි පක්ඛෙහි පාදා චිමං විහෙඨථ, ඡවං හිමං විනාසෙථ නායං සංවාසනාරහො’ති.
Sinhala BJT917. මේ කපටයා තුඩින් ද පියාපතින් ද පයින් ද පහරවු, මේ හීනයා නසවු, මේ හීනයා එක් ව වාසයට නිසි නො වේ.
Pali BJT9. ධම්මධජජාතකං.
Sinhala BJT9. ධම්මධජ ජාතක යි.
Pali BJT918. සචෙ බ්රාහ්මණ ගච්ඡසි සාකෙතං අඤ්ජනාවනං, වජ්ජාසි නන්දියං නාම පුත්තං අස්මාකඔරසං. මාතා පිතා ච තෙ වුද්ධා තෙ තං ඉච්ඡන්ති පස්සිතුං.
Sinhala BJT918. බමුණ, සාකේත නගරයේ අංජන උයනට යන්නේ නම් තොපගේ මහලු මව්පිය දෙදෙන තා දක්නට කැමැත්තෝ ය යි අපගේ ඖරස පුත්‍ර නන්‍දියට කියව.
Pali BJT919. භුත්තා මයා නිවාපානි රාජිනො පානභොජනං, තං රාජපිණ්ඩං අවභොත්තුං නාහං බ්රාහ්මණමුස්සහෙ.
Sinhala BJT919. බමුණ (මුවන්ට) ගොදුරු පිණිස වපුළ රජු අයත් තෘණ හා පැන් මා විසින් අනුභව කරන ලදී. රජු සතු ඒ ආහාරය නිකම් බුදින්නට මම වෑයම් නො කරමි.
Pali BJT920. ඔදහිස්සාමහං පස්සං ඛුරප්පාණිස්ස රාජිනො, තදාහං සුඛිතො මුත්තො අපි පස්සෙය්ය මාතරං.
Sinhala BJT920. දුනුහී ගෙන ආ රජුට මා විදුව කියා මම සිරුරේ ඇළය පෙන්වා සිටිමි. එසඳ සුවපත් වූ මරණින් මිදුණු මම මෑණියන් දක්නෙම් නම් යෙහෙකැ.
Pali BJT921. මිගරාජා පුරෙ ආසිං කොසලස්ස නිකෙතවෙ, නන්දියො නාම නාමෙන අභිරූපො චතුප්පදො.
Sinhala BJT921. කොසොල් රජුගේ වාසභවනයට සමීප වූ උයන්හි ශොභාසම්පන්න වූ නන්‍දිය නමැති සිවුපාවෙක් වූයෙම් ද.
Pali BJT922. තං මං වධිතුමාගඤ්ජි දායස්මිං අඤ්ජනාවනෙ, ධනුං අදෙජ්ඣං කත්වාන උසුං සන්ධාය කොසලො.
Sinhala BJT922. මුවන්ට වාසය පිණිස දුන් අංජන උයන්හි දී කොසොල් රජ දුනුදිය නඟා ඊතලය පිහිටුවා මා විදිනට ආයේ ය.
Pali BJT923. තස්සාහං ඔදහිං පස්සං ඛුරප්පාණිස්ස රාජිනො, තදාහං සුඛිතො මුත්තො මාතරං දට්ඨුමාගතො’ති.
Sinhala BJT923. ඊතල ගත් රජුට මගේ සිරුරේ ඇළය පෙන්වා මා මරව යි කියා සිටිමි. ඉක්බිති සුවපත් ව මරණින් මිදී මෑණියන් දක්නට ආමි.
Pali BJT10. නන්දියමිග{1}ජාතකං.
Sinhala BJT10. නන්‍දියමිග ජාතක යි.
Pali BJTඅවාරියවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන අවාරිය වග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTතස්සුද්දානය:
Pali BJTඅථ කුජ්ඣරථෙසභකෙතුවරො දරීමුඛ සනෙරුතා ච පුන, ආසානන්දසිරී ච සුචිත්තවරො අථධම්මිකනන්දි මිගෙන දස.
Sinhala BJTආවාරියා කුජ්ඣ ජාතක යැ සේතකේතු ජාතක යැ දරීමුඛ ජාතක යැ නෙරු ජාතක යැ ආසඞ්ක (ආසා) ජාතක යැ මිගාලෝප (නන්‍ද) ජාතක යැ සිරිකාලකණ්ණි ජාතක කුක්කුට (සුචින්ත) ජාතක යැ ධම්මධජ ජාතක යැ නන්‍දියමිග ජාතක යැ ජාතක දසයෙකි.
Pali BJT2. සෙනකවග්ගො
Sinhala BJT2. සේනක වර්‍ගය
Pali BJT924. සච්චං කිරෙව මාහංසු භස්තං{1} බාලොති පණ්ඩිතා, පස්ස බාලො රහොකම්මං ආවිකුබ්බං න බුජ්ඣති,
Sinhala BJT924. එළුවා මූඪ යයි පණ්ඩිතයෝ සැබැවක් මැ කිවු ල. බලව, රහස් තන්හි කටයුතු දෙය නො රහස් තන්හි කරනුයේ අයෝග්‍ය බව නො දනී.
Pali BJT925. ත්වං නුඛො සම්ම බාලොසි ඛරපුත්ත විජානහි, රජ්ජුයා හි පරික්ඛිත්තො වඞ්කොට්ඨො ඔහිතො මුඛො.
Sinhala BJT925. මිතුරු කොටළු පුත්‍රය, තෙපි වනාහි මට වඩා බාලවහු. කවර හෙයින යත්: වියගස සමග ගෙල රැහැනින් බඳනා ලදහු, වක්වූ තොල් ඇත්තවු, (මුඛබන්‍ධන රජ්ජුයෙන්) බඳනා ලද මුව ඇත්තහු මට වඩා අඥානය යි දනුව.
Pali BJT926. අපරම්පි{2} සම්ම තෙ බාල්යං{3} යො මුත්තො න පලායසි, සො ච බාලතරො සම්ම යං ත්වං වහසි සෙනකං.
Sinhala BJT926. යහළුව, බන්‍ධනයෙන් මුදා ලූ තෙපි නො පලායවු ද එය තොපගේ තවත් මෝඩ කමෙකි. තෙපි යම්බඳු සේනක නම් රජකු උසුලවු ද හෙ ද අප දෙදෙනාට වඩා අතිශයින් බාල වෙයි.
Pali BJT927. යන්නු සම්මා අහං බාලො අජරාජ විජානහි, අථ කෙන සෙනකො බාලො තං මෙ අක්ඛාහි පුච්ඡිතො
Sinhala BJT927. සගය අජරාජය, යම්හෙයෙකින් මා අඥානය යි දනු ද, සේනක රජ කවර හේතුයෙකින් මූඪ වී ද, මා විසින් විචාරන ලද්දහු එය මට කියව.
Pali BJT928. උත්තමත්ථං ලභිත්වාන භරියාය යො පදස්සති{4}, තෙන ජහිස්සතත්තානං{5} සා චෙවස්ස{6} න හෙස්සති.
Sinhala BJT928. යමෙක් සියලු ශබ්ද දනැගන්නා මන්ත්‍ර සඞ්ඛ්‍යාත උතුම් ධනය ලැබගෙන බිරිඳට දෙන්නේ ද එයින් ඔහුගේ ජීවිතය හැරපියන්නේ යැ. ඒ බිරිඳ ද ඔහට නො වන්නී ය
Pali BJT929. න වෙ පියං මෙති ජනින්ද තාදිසො අත්තං නිරං කත්වා පියානි සෙවති, අත්තාව සෙය්යො පරමාව සෙය්යා ලබ්භා පියා ඔචිතත්ථෙන පච්ඡාති.
Sinhala BJT929. නරේන්‍ද්‍රය තොප වැන්නෙක් මේ වස්තුව මට ප්‍රිය යයි ජීවිතය හැරපියා ප්‍රිය වස්තූන් සේවන නො කෙරේ මැ යැ. පරම ශ්‍රේෂ්ඨ වස්තූන්ට ද වඩා ජීවිතය මැ ශ්‍රේෂ්ඨ ය. වඩනලද ජීවිතය ඇත්තහු විසින් පසුව ප්‍රිය වස්තු ලද හැක්ක.
Pali BJT1. ඛරපුත්තජාතකං.
Sinhala BJT1. ඛරපුත්ත ජාතක යි.