Pali BJT770. යො පරෙසං වචනානි සද්දහෙථ{3} යථාතථං, ඛිප්පං භිජ්ජෙථ මිත්තස්මිං වෙරඤ්ච පසවෙ බහුං.
Sinhala BJT770. යමෙක් මෙරමාගේ මිථ්‍යාවචනයන් තථ්‍ය ලෙස හදහා ගනී ද හේ මිතුරා කෙරෙහි වහා බිඳෙන්නේ යැ. බොහෝ වූ වෛරය ද දනවන්නේ යැ.
Pali BJT771. න සො මිත්තො යො සදා අප්පමත්තො භෙදාසඞ්කි රන්ධමෙවානුපස්සී, යස්මිඤ්ච සෙති උරසීව පුත්තො ස චෙ මිත්තො යො අභෙජ්ජො පරෙහීති.
Sinhala BJT771. යමෙක් හැමදා නො පමාව මිත්‍රභේදයෙහි සැක ඇත්තේ ද මිත්‍රයාගේ සිදුරු මැ දක්නාසුලු වේ ද හේ මිතුරෙක් නො වෙයි. යමෙක් ඖරස පුත්‍රයකු මෙන් වෙසේ ද අනුන් විසින් බිඳිය නොහැකි වේ ද හේ ඒකාන්තයෙන් මිතුරෙක් වේ.
Pali BJT1. වණ්ණාරොහජාතකං.
Sinhala BJT1. වණ්ණාරෝහ ජාතක යි.
Pali BJT772. සීලං සෙය්යො සුතං සෙය්යො ඉති මෙ සංසයො අහූ, සීලමෙව සුතා සෙය්යො ඉති මෙ නත්ථි සංසයො.
Sinhala BJT772. සීලය ශ්‍රේෂ්ඨ වේ ද ශ්‍රැතය ශ්‍රේෂ්ඨ වේ දැ? යි මට සැකයෙක් විය. ශ්‍රැතයට වඩා ශීලය මැ ශ්‍රේෂ්ඨ වේ යන මෙහි (දැන්) සැකයෙක් මට නැත.
Pali BJT773. මොඝා ජාති ච වණ්ණො ච සීලමෙව කිරුත්තමං, සීලෙන අනුපෙතස්ස සුතෙනත්ථො න විජ්ජති.
Sinhala BJT773. ක්‍ෂත්‍රියාදි ජාති ද ශරීර වර්‍ණ ද තුච්ඡ යැ. සීලය ම උතුම් වේ. සීලයෙන් යුක්ත නො වූවහුගේ ශ්‍රැතයෙන් ප්‍රයෝජනයෙක් නැත.
Pali BJT774. ඛත්තියො ච අධම්මට්ඨො වෙස්සො චාධම්මනිස්සිතො, තෙ පරිච්චජ්ජජුභො ලොකෙ උපපජ්ජන්ති දුග්ගතිං.
Sinhala BJT774. අධර්‍මයෙහි පිහිටි ක්‍ෂත්‍රියයා ද අධර්‍මය ඇසුරු කළ වෛශ්‍යයා ද යන දෙදෙන දෙව්මිනිස් දෙලොව හැර දුගතියෙහි උපදිති.
Pali BJT775. ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා චණ්ඩාලපුක්කුසා, ඉධ ධම්මං චරිත්වාන භවන්ති තිදිවෙ සමා.
Sinhala BJT775. ක්‍ෂත්‍රිය යැ බ්‍රාහ්මණ යැ වෛශ්‍ය යැ ශුද්‍ර යැ චණ්ඩාල යැ බබුරු යැ යන කුලයන්හි උපන්නේ මෙලොව පින්කම් කොට දෙව්ලොව දී සම වෙති.
Pali BJT776. න දො සංපරායාය න ජාති නොපි බන්ධවා, සකඤ්ච සීලං සංසුද්ධං සම්පරායසුඛාවහන්ති.
Sinhala BJT776. වේදයෝ ද ජාතිය ද නෑයෝ ද පරලොව සුව පිණිස නො වෙත්. තමාගේ පිරිසුදු සීලය මෙලොව පරලොව සුව පිණිස වේ.
Pali BJT2. සීලවීමංස ජාතකං.
Sinhala BJT2. සීලවීමංස ජාතක යි.
Pali BJT777. හිරිං තරන්තං විජිගුච්ඡමානං තවාහමස්මිං ඉති භාසමානං, සෙය්යානි කම්මානි අනාදියන්තං. නෙසො මමන්ති ඉති තං විජඤ්ඤා.
Sinhala BJT777. ලජ්ජාව දුරු කරන මිතුරුබව පිළිකුල් කරන මම ඔබගේ මිත්‍රයෙක්මි යි වචන මාත්‍රයෙන් කියන, දෙමි කරමි යන ප්‍රතිඥාව අනුව ක්‍රියා නො කරන මේ පුද්ගල මාගේ මිත්‍රයෙක් නො වේ යයි ඔහු දැනගන්නේ ය.
Pali BJT778. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා.
Sinhala BJT778. යමක් කරන්නේ ද එය මැ කියන්නේ ය. යමක් නො කරන්නේ ද එය නො කියන්නේ ය, නො කරන දැය කියන ඔහු පඬිවරු හඳුනති.
Pali BJT779. න සො මිත්තො යො සදා අප්පමත්තො භෙදාසඞ්කි රන්ධමෙවානුපස්සී, යස්මිඤ්ච සෙති උරසීව පුත්තො ස වෙ මිත්තො යො අභෙජ්ජො පරෙහි.
Sinhala BJT779. යමෙක් හැමදා නො පමා වැ මිත්‍රභේදයෙහි සැක ඇත්තේ ද මිතුරාගේ සිදුරු මැ දක්නාසුලු වේ ද හේ මිතුරෙක් නො වෙයි. යමෙක් ඖරස පුත්‍රයකු මෙන් වෙසේ ද අනුන් විසින් බිඳිය නො හේ ද හේ ඒකාන්තයෙන් මිතුරෙකි.
Pali BJT780. පාමොජ්ජකරණං ඨානං පසංසාවහනං සුඛං. ඵලානිසංසො භාවෙති වහන්තො පොරිසං ධුරං.
Sinhala BJT780. දාන සීල භාවනාදි පුරුෂයාට අයත් පුණ්‍යක්‍රියා කිරීමට වෑයම් කරන, ඵලය හා ආනිශංසය විඳිනු රිසි පුද්ගලයා සතුටට හේතුවන පැසැසුම් ගෙන දෙන සැපය දියුණු කරයි.
Pali BJT781. පවිවෙකරසං පීත්වා රසං උපසමස්ස ච, නිද්දරො හොති නිප්පාපො ධම්මපීතිරසං පිව’න්ති.
Sinhala BJT781. දහම්රස පානය කරන්නේ ත්‍රිවිධ විවේකරසය ද (කාය විවෙක, චිත්තවිවේක, උපධිවිවෙක) කෙලෙස් සන්හිඳුවාලීමෙන් ව්‍යුපශමසුඛය ද පීඩා නැතියෙක් ද පව් නැතියෙක් ද වේ.
Pali BJT3. හිරිජාතකං.
Sinhala BJT3. හිරි ජාතක යි.
Pali BJT782. කො නු සන්තම්හි පජ්ජොතෙ අග්ගිපරියෙසනං චරං, අද්දක්ඛි රත්තිං ඛජ්ජොතං ජාතවෙදං අමඤ්ඤථ.
Sinhala BJT782. කවරෙක්, දැල්වෙන ගිනි ඇති කල ගිනි සොයා ඇවිදිනුයේ රාත්‍රියේ කණමැදිරියකු දැක ගිනීය යි සිතා ද,
Pali BJT783. ස්වාස්ස ගොමයචුණ්ණානි අභිමත්ථං තිණානි ච, විපරීතාය සඤ්ඤාය නාසක්ඛි පජ්ජලෙතවෙ.
Sinhala BJT783. හෙතෙම කණමැදිරියා මතුයෙහි ගොමරිටි තණරොඩු එකතු කොට වැරදි කල්පනාවෙන් ගිනි පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට නොහැකි වී ද,
Pali BJT784. එවම්පි අනුපායෙන අත්ථං න ලභතෙ මගො, විසාණතො ගවං දොහං යත්ථ ඛීරං න වින්දති.
Sinhala BJT784. එපරිදි පිළිවෙළ වරදවාගෙන සොයන අඥානයා ප්‍රයෝජන නො ලබයි. ගවහඟින් කිරි දොවන්නා කිරි නොලබන්නාක් මෙනි.
Pali BJT785. විවිධෙහි උපායෙහි අත්ථං පප්පොන්ති මාණවා, නිග්ගහෙන අමිත්තානං මිත්තානං පග්ගහෙන ච.
Sinhala BJT785. නොයෙක් ක්‍රමයන්ගෙන් මිනිස්සු දියුණුවට පැමිණෙත්. සතුරන්ට නිග්‍රහ කිරීමෙන් ද මිතුරන්ට සංග්‍රහ කිරීමෙන් ද,
Pali BJT786. සෙණිමොක්ඛො පලාභෙන වල්ලභානං නයෙන ච, ජගතිං ජගතීපාලා ආවසන්ති වසුන්ධරන්ති.
Sinhala BJT786. සේනාවට ප්‍රධාන ඇමතියන් ලැබීමෙන් ද විශ්වාස කටයුතු ඇමතියන්ගේ උපක්‍රමයන්ගෙන් ද යන උපායයන්ගෙන් පොළොව අයිති කරගෙන රජවරු වෙසෙති.
Pali BJT4. ඛජ්ජොපණකපඤ්හො.
Sinhala BJT4. ඛජ්ජොපණක ප්‍රශ්නය.
Pali BJT787. ධුත්තොම්භි{1} සම්ම සුමුඛ ජූතෙ අක්ඛපරාජිතො, හරෙහි{2} අම්බපක්කානි විරියන්තෙ භක්ඛයාමසෙ.
Sinhala BJT787. යහළු සුමුඛය, (මම) දූ කෙළියෙන් පැරැදුණු ධූර්‍තයෙක්මි. අඹපල හෙළාලව. තොපගේ වීර්‍ය්‍යය අනුභව කරමු. තොපෙගේ වීර්‍ය්‍යයෙන් උපන් අඹ පල අනුභව කරමු යී සේයි.
Pali BJT788. අලිකං වත මං සම්ම අභූතෙන පසංසසි, කො තෙ සුතො වා දිට්ඨො වා සුමුඛො නාම මක්කටො.
Sinhala BJT788. යහළුව, නැති ගුණයෙන් මා පසස්නෙහි එය එකැතින් මුසා යැ. වානරයා සුන්‍දර මුහුණු ඇත්තෙකැ යි කවර තැනෙකැ තා විසින් අසන ලද ද දක්නා ලද හෝ වේ ද?
Pali BJT789. අජ්ජාපි මෙ ත්වං මනසි යං මං ත්වං අහිතුණ්ඩික, ධඤ්ඤාපණං පවිසිත්වා මත්තො ඡාතං හනාසි මං.
Sinhala BJT789. අහිතුණ්ඩිකය, මත් වූ තෙපි සයින් පෙළුණු මා ධාන්‍යාපණයට ඇතුළු කොට යම් හෙයෙකින් (උණපත්තෙන්) පහර දුන්නෙහි ද එය අද දක්වා මා සිත්හි පවතී.
Pali BJT790. තාහං සරං දුක්ඛසෙය්යං අපි රජ්ජම්පි කාරයෙ, නෙවාහං යාචිතො දජ්ජං තථා හි භයතජ්ජිතො.
Sinhala BJT790. (ඉදින් තෙපි බරණැස් රජය ගෙනැදී) මා ලවා රජය කරවන්නහු වී නමුදු ධාන්‍යාපණයෙහි ඒ දුක්ඛශයනය සිහි කරන මම තොප විසින් අයදනා ලද්දෙම් එක් අඹපලයකුදු නො දෙමි. එසේ මැ යි. තොප විසින් මම බියෙන් තැති ගන්වන ලදිමි.
Pali BJT791. යඤ්ච ජඤ්ඤා කුලෙජාතං ගබ්භෙ තිත්තං අමච්ඡරිං, තෙන සඛිඤ්ච මිත්තඤ්ච ධීරො සන්ධාතුමරහතී’ති.
Sinhala BJT791. ප්‍රාඥ තෙම යමකුත් පූජ්‍යකුලයෙහි උපනෙකැ මවුකුස හෝ (සරසා පිළියෙළ කරන ලද) යහන් ගැබ්හි තෘප්තයෙකැ නොමසුරෙකැ යි දන්නේ ද ඔහු හා සමග යහළු බව ද මිතුරු බව ද ඝටනාවට නිසි වේ.
Pali BJT5. අහිතුණ්ඩිකජාතකං.
Sinhala BJT5. අහිතුණ්ඩික ජාතක යි.
Pali BJT792. මධුවණ්ණං මධුරසං මධුගන්ධං විසං අහූ, ගුම්බියො ඝාසමෙසානො අරඤ්ඤෙ ඔදහී විසං.
Sinhala BJT792. මී වැනි පැහැය ඇති මී වැනි රස ඇති මී වැනි සුවඳ ඇති විෂයෙක් විය. ගුම්බිය නමැති යකෙක් ආහාර සොයනුයේ වනයෙහි විෂ බහාලී ය.
Pali BJT793. මධු ඉති මඤ්ඤමානා යෙ තං විසමසායිසුං{3}, තෙසං තං කටුකං ආසි මරණං තෙනුපාගමුං.
Sinhala BJT793. මී යයි සිතා යම් කෙනෙක් එය කෑවෝ ද ඔවුන්ට එය කටුක විය. එයින් ඔව්හු මළහ.
Pali BJT794. යෙ ච ඛො පටිසඞ්ඛාය විසං තං පරිවජ්ජයුං, තෙ ආතුරෙසු සුඛිතා ඩය්හමානෙසු නිබ්බුතා.
Sinhala BJT794. යම් කෙනෙක් නුවණින් සලකා බලා ඒ විෂ වර්‍ජනය කළෝ ද ඔව්හු මරණාසන්න වූවන් අතරේ සුවපත් වූහ. විෂ තෙදින් දැවෙනුවන් අතුරෙහි නිවියහ.
Pali BJT795. එවමෙව මනුස්සෙසු විසං කාමා සමොහිතා, ආමිසං බන්ධනං චෙතං මච්චුවසො ගුහාසයො.
Sinhala BJT795. එපරිදි පංචකාමයෝ මිනිසුන් අතුරෙ ඒ ඒ තැනැ තබා ලූ විෂයකැ යි දතයුත්තාහ. මේ පංචකාම ආමිෂ ද බන්‍ධන ද වෙයි. තෙල පංචකාමය ශරීරය නැමැති ගුහායෙහි වෙසෙන මාරයා මැ යි.
Pali BJT796. එවමෙව ඉමෙ කාමෙ ආතුරා පරිචාරකෙ, යෙ සදා පරිවජ්ජෙන්ති සඞ්ගං ලොකෙ උපච්චගුන්ති.
Sinhala BJT796. එපරිදි කෙලෙස් පරිචාරකයන් ඇති මේ පංවකාමයන් මරණාසන්න නුවණැති යම් පුරුෂ කෙනෙක් හැම කල්හි දුරු කෙරෙත් ද ඔහු ලෝකයෙහි සඞ්ග සඞ්ඛ්‍යාත රාගාදි කෙලෙසුන් ඉක්මවා ගියාහු වෙත්.
Pali BJT6. ගුම්බියජාතකං.
Sinhala BJT6. ගුම්බිය ජාතක යි.
Pali BJT797. ය්වායං සාළියඡාපොති කණ්හසප්පං අගාහයි, තෙන සප්පෙනයං දට්ඨො හතො පාපානුසාසකො.
Sinhala BJT797. දුෂ්ට වෛද්‍යවරයෙක් සැළලිහිණි පැටියෙකැ යි (කියා) බාලයකු ලවා නයකු ගැන්වී ද මේ ලාමක අනුසාසකයා ඒ සර්‍පයා විසින් ඩසින ලදුව මළේ ය.
Pali BJT798. අහනන්තමහන්තාරං{1} යො නරො හන්තුමිච්ඡිති, එවං සො නිහතො සෙති යථායං පුරිසො හතො.
Sinhala BJT798. යම් මිනිසෙක් (අනුන්) නොපහරන නො මරන කෙනකු නසන්නට කැමැති වේ ද හේ මේ පුරුෂයා මළේ යම්සේ ද එසේ නටුයේ මරණශය්‍යායෙන් හෝනේ ය.
Pali BJT799. අහනන්තමඝාතෙන්තං{2} යො නරො හන්තුමිච්ඡති, එවං සො නිහතො සෙති යථායං පුරිසො හතො.
Sinhala BJT799. යම් මිනිසෙක් (අනුන්) නොපහරන නො මරන කෙනකු මරන්නට කැමැති වේ ද හේ මේ පුරුෂයා මළේ යම්සේ ද එසේ නැසුණේ හෝනේ ය.
Pali BJT800. යථා පංසුමුට්ඨිං පුරිසො පටිවාතං පටික්ඛිපෙ, තමෙව සො රජො හන්ති තථායං පුරිසො හතො.
Sinhala BJT800. යම්සේ පුරුෂයෙක් පස්මිටක් උඩුසුළඟට දමා ද, එ රජස් ඔහු මැ පහරනේ ද එසේ මේ පුරුෂයා ද නැසුණේ ය.
Pali BJT801. යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස, තමෙව බාලං පච්චෙති පාපං සුඛුමො රජො පටිවාතංව ඛිත්තොති.
Sinhala BJT801. යමෙක් නිරපරාධ වූ නිකෙලෙස් වූ පුරුෂයාට ද්වේෂ කෙරේ ද උඩුසුළඟට දැමූ දූලි ලෙසින් අපරාධ කළ එ මැ අනුවණයා කරා පාපය පෙරළා එන්නේ ය.
Pali BJT7. සාළියජාතකං.
Sinhala BJT7. සාළිය ජාතක යි.
Pali BJT802. අමිත්තහත්ථත්ථගතා තචසාරසමප්පිතා, පසන්නමුඛවණ්ණත්ථ කස්මා තුම්හෙ න සොචථ.
Sinhala BJT802. සතුරන් අතට පත් වැ හුණ දඬුවක බඳනා ලද තෙපි ප්‍රියමනාප මුහුණ ඇත්තහු ය. කවර හෙයින් තෙපි ශෝක නො කරවු ද?
Pali BJT803. න සොචනාය පරිදෙවනාය අත්ථො ච ලබ්භා{3} අපි අප්පකොපි, සොචන්තමෙනං දුඛිතං විදිත්වා පච්චත්ථිකා අත්තමනා භවන්ති.
Sinhala BJT803. ශෝක වීමෙන් ද හැඬීමෙන් ද මද වූ හෝ ප්‍රයෝජනයක් ලද නො හැකි ය. දුක්ඛිත වූ එහෙයින් මැ ශෝක කරන මොහු දැනගත් සතුරෝ සතුටු වෙති.
Pali BJT804. යතො ච ඛො පණ්ඩිතො ආපදාසු න වෙධති අත්ථවිනිච්ඡයඤ්ඤු, පච්චත්ථිකාස්ස දුඛිතා භවන්ති දිස්වා මුඛං අවිකාරං පුරාණං.
Sinhala BJT804. අර්‍ත්‍ථ විනිශ්චය දන්නා නුවණැත්තා යම්හෙයකින් විපතෙහි දී නොසැලේ ද එහෙයින්, විකෘත නො වූ පළමු පැවැති මුහුණ දක්නා සතුරෝ දුකට පත් වෙති.
Pali BJT805. ජප්පෙන මන්තෙන සුභාසිතෙන අනුප්පදානෙන පවෙණියා වා යථා යථා යත්ථ ලභෙථ අත්ථං තථා තථා තත්ථ පරක්කමෙය්ය.
Sinhala BJT805. මන්ත්‍ර ජප කිරීමෙන් ද සාකච්ඡාවෙන් ද ප්‍රියවචනයෙන් ද අල්ලස් දීමෙන් ද ප්‍රවේණි කථායෙන් දැ යි යම් යම් පරිද්දෙකින් යම් තැනෙකැ ප්‍රයෝජනයෙක් ලැබේ ද එහි ලා ඒ ඒ අයුරින් වෑයම් කරන්නේ ය.
Pali BJT806. යතො ච ජානෙය්ය අලබ්භනෙය්යො{*} මයාව{4} අඤ්ඤෙන වා එස අත්ථො, අසොචමානො අධිවාසයෙය්ය කම්මං දළ්හං කින්ති කාරොමිදානීති.
Sinhala BJT806. මා විසින් හෝ අන් කෙනකුන් විසින් හෝ තෙල අර්‍ත්‍ථ ලබන්නට නො හැකි යයි යම් හෙයකින් දනී නම් දැඩි කර්‍මයෙකැ දැන් කුමක් කෙරෙම් දැ යි ශෝක නො කෙරෙමින් ඉවසන්නේ යි.
Pali BJT8. තචසාරජාතකං.
Sinhala BJT8. තචසාර ජාතක යි.
Pali BJT807. ක්යාහං දෙවානමකරං කිං පාපං පකතං මයා, යම්මෙ සිරස්මිං ඔභච්ච{1} චක්කං භමති මත්ථකෙ.
Sinhala BJT807. යම් හෙයෙකින් මගේ හිස පැහැර චක්‍රය මස්තකයෙහි බමා ද එබඳු කවර වරදක් මම දෙවියන්ට කෙළෙම් ද මා විසින් කවර පාපයක් කරන ලද ද?
Pali BJT808. අතික්කම්ම රමණකං සදාමත්තඤ්ච දූභකං{2}, බ්රහ්මතරඤ්ච{3} පාසාදං කෙනට්ඨෙන ඉධාගතො.
Sinhala BJT808. පළිඟු රිදී මැණික් සහ රුවන් යන ප්‍රාසාදයන් ඉක්ම කවර හෙයෙකින් මෙහි ආයෙහි ද?
Pali BJT809. ඉතො බහුතරා භොගා අත්ර මඤ්ඤෙ භවිස්සරෙ, ඉති එතාය සඤ්ඤාය පස්ස මං ව්යසනං ගතං.
Sinhala BJT809. මේ සතර පහයෙහි සම්පතට වඩා මෙහි බොහෝ ඇති වනැ යි මේ හැඟීමෙන් විපතට පත් මා බලව.
Pali BJT810. චතුබ්භි අට්ඨජ්ඣගමා අට්ඨකාහි ච සොළස{4}, සොළසාහි ච බත්තිංස අත්රිච්ඡං චක්කමාසදො. ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙ.
Sinhala BJT810. සතර දෙනකුන්ගෙන් නො සතුටු ව අටදෙනකුන් ළඟට ගියේ යැ. අට දෙනකුන්ගෙනුදු නො සතුටු ව සොළොස් දෙනකුන් ළඟට ගියේ ය. සොළොස් දෙනකුන්ගෙනුදු නොසතුටු ව දෙතිස් දෙනකුන් ළඟට ගියේ ය. අධික අධිකය පතන්නේ උරචක්‍රයට පැමිණියේ ය. තණ්හායෙන් නැසුණ පුරුෂයා මතැ උරචක්‍රය බමා.
Pali BJT811. උපරි විසාලා{5} දුප්පූරා ඉච්ඡා විසදගාමිනී{6}, යො තං අනුගිජ්ඣන්ති තෙ හොන්ති චක්කධාරිනො’ති.
Sinhala BJT811. මතු මත්තෙහි විශාල වූ පුරවන්නට නො හැකි තෘෂ්ණා තොමෝ (රූපාදි අරමුණෙහි) පැතිර පවත්නී ය. යම් කෙනෙක් ඒ තෘෂ්ණාව පුනපුනා ගිජු වැ ගනිත් ද ඔහු චක්‍රධාරී වෙති.
Pali BJT9. මිත්තවින්දකජාතකං.
Sinhala BJT9. මිත්තවින්‍දක ජාතක යි.
Pali BJT812. හංසො පලාසමවච නිග්රොධො සම්ම ජායති{7}, අඞ්කස්මිං{8} තෙ නිසින්නොව සො තෙ මම්මානි ඡෙච්ඡති.
Sinhala BJT812. හංසයා පලාස දෙවියාට මෙසේ කී ය: යහළුව, නුගරුකෙක් හටගනී. ඒ නුගරුක තොපගේ අඞ්ක සඞ්ඛ්‍යාත වෙලෙප්හි හුන්නේ මැ තොපගේ මර්‍මයන් සිඳුනේ යැ.
Pali BJT813. වඩ්ඪතුමෙව{9} නිග්රොධො පතිට්ඨස්ස භවාමහං, යථා පිතා ච මාතා ච{10} එවමෙසො භවිස්සති.
Sinhala BJT813. නුගරුක වැඩේවා. මේ රුකට මම පියකු මෙන් හෝ මවක මෙන් හෝ පිහිට වෙමි. තෙල තැනැත්තේ මහලු මාපියනට දරුවකු මෙන් පිහිට වන්නේ යැ.
Pali BJT814. යං ත්වං අඞ්කස්මි වඩ්ඪෙසි{11} ඛීරරුක්ඛං භයානකං, ආමන්ත ඛො තං ගච්ඡාම වුඩ්ඪිමස්ස න රුච්චති.
Sinhala BJT814. යම් හෙයෙකින් තෙපි බිය ගෙන දෙන කිරිගස ඇකයේ වඩවු ද (එහෙයින්) තොප අමතා යම්හ. මේ නුග රුක්හි වර්ධනය මට රුස්නේ නො වෙයි.
Pali BJT815. ඉදානි ඛො මං භායති මහානෙරු නිදස්සනං, හංසස්ස අනභිඤ්ඤාය මහා මෙ භයමාගතං.
Sinhala BJT815. (බාල කල්හි මා තුටු කළ මේ නුගරුක) දැන් (වැඩීගියෙ) මා බිය පත් කරයි. හංසයාගේ මහමෙර බඳු වචනය අසා නො දැන මට මහබියෙක් ආයේ ය.
Pali BJT816. න තස්ස වුඩ්ඪි කුසලප්පසත්ථා යො වඩ්ඪමානො ඝසතෙ පතිට්ඨං, තස්සූපරොධං පරිසඞ්කමානො පතාරයී මූලවධාය ධීරොති.
Sinhala BJT816. යමෙක් වැඩෙනුයේ තමහට වූ මූල ප්‍රතිෂ්ඨාව නසා ද ඔහුගේ ඒ වැඩීම නුවණැත්තන් විසින් නො පසස්නා ලද ය ඔහුගෙන් වන විනාශය යයි සැක කරන නුවණැත්තේ මුලිනුපුටන්නට වෑයම් කරන්නේ ය.
Pali BJT10. පලාසජාතකං
Sinhala BJT10. පලාස ජාතක යි.
Pali BJTවණ්ණාරොහවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි වණ්ණාරෝහ වර්‍ග යි.
Pali BJT3. අඩ්ඪවග්ගො
Sinhala BJT3. අඩ්ඪ වර්‍ගය
Pali BJT817. එවම්භූතස්ස තෙ රාජ ආගතස්ස වසෙ මමං, අත්ථි නු කොචි පරියායො යො තං දුක්ඛා පමොචයෙ.
Sinhala BJT817. රජතුමනි, මගේ වසයට පත් ඔබ දුකින් මුදන්නට කිසියම් හේතුවක් තිබේ ද?
Pali BJT818. එවම්භූතස්ස මෙ තාත ආගතස්ස වසෙ තව, නත්ථි නො කොචි පරියායො යො මං දුක්ඛා පමොචයෙ.
Sinhala BJT818. දරුව, තාගේ වසයට පත් මෙබඳු මා දුකින් මුදා ද එයට කිසි යම් හේතුවක් නැත.
Pali BJT819. නාඤ්ඤං සුචරිතං රාජ නාඤ්ඤං රාජ සුභාසිතං, තායතෙ මරණ කාලෙ එවමෙවිතරං ධනං.
Sinhala BJT819. රජතුමනි, සුචරිතයට වඩා අනෙකක් මරණකාලයෙහි රක්නේ නො වෙයි. සුභාෂිතයට වඩා අනෙකක් මරණකාලයෙහි රක්නේ නො වෙයි. ඒ දෙකට වඩා මුතු මැණික් ආදි අන් ධනය මරණකාලයෙහි රක්නේ නො වේ. ධනයට වඩා සුචරිතය හා සුභාෂිතය ශ්‍රේෂ්ඨ යයි කී සේ ය.
Pali BJT820. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ තං උපනය්හන්ති වෙරං තෙසං න සම්මති.
Sinhala BJT820. මට ආක්‍රෝශ කෙළේ ය, මට ගැසුවේ ය, මා පැරදවීය, මා සතු දැය පැහැර ගත්තේ යයි යම් කෙනෙක් වෙර බඳිත් ද ඔවුන්ගේ වෛරය නො සන්හිඳෙයි.
Pali BJT821. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ තං න උපනය්හන්ති වෙරං තෙසූපසම්මති.
Sinhala BJT821. මට ආක්‍රෝශ කෙළේ ය මට ගැසුවේ ය, මා පැරදවීය, මා සතු දැය පැහැර ගත්තේ යයි යම් කෙනෙක් වෙර නො බඳිත් ද ඔවුන්ගේ වෛරය සන්හිඳේ.
Pali BJT822. නහි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං, අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනොති.
Sinhala BJT822. මෙලොවැ, වෛරයෙන් වෛරය කිසි කලෙක නො සන්හිඳෙයි. අවෛරයෙන් (මෛත්‍රියෙන්) වෛරය සන්හිඳේ. මෙය සනාතන (හැම කල්හි පවත්නා) ධර්‍මයෙකි.
Pali BJT1. දීඝිතිකොසලජාතකං.
Sinhala BJT1. දීඝිති කෝසල ජාතක යි.
Pali BJT823. අගාරා පච්චුපෙතස්ස අනාගාරස්ස{1} තෙ සතො, සමණස්ස න තං සාධු යං පෙතමනුසොචසි.
Sinhala BJT823. මිය ගිය කෙනකුට ශෝක කිරීම යන යමක් වේ ද එය ගිහි ජීවිතය හැරදා පැවිදි වූ ශ්‍රමණයකු වූ ඔබට නො ගැළපේ.
Pali BJT824. සංවාසෙන හවෙ සක්ක මනුස්සස්ස මිගස්ස වා, හදයෙ ජායතෙ පෙමං තං න සක්කා අසොචිතුං.
Sinhala BJT824. ශක්‍රය, එක් ව විසීමෙන් ඒකාන්තයෙන් මනුෂ්‍යයාගේ සහ මෘගයාගේ සිතෙහි ප්‍රේමය හටගනී. ශෝක නො කර සිටින්නට නො පිළිවන.
Pali BJT825. මතං මරිස්සං රොදන්ති යෙ රුදන්ති ලපන්ති ච, තස්මා ත්වං ඉසි මා රොදි රොදිතං මොඝමාහු සන්තො.
Sinhala BJT825. මළවුන්ටත් මැරෙන්නවුන්ටත් යම් කෙනෙක් හඬත් ද වැළපෙත් ද ඒ හැඬීම හිස් ක්‍රියාවකැ යි බුද්ධාදි සත්පුරුෂයෝ කීහ. එහෙයින් ඍෂිය නො හඬන්න.
Pali BJT826. රොදිතෙන හවෙ බ්රහ්මෙ මතො පෙතො සමුට්ඨහෙ, සබ්බෙ සඞ්ගම්ම රොදාම අඤ්ඤමඤ්ඤස්ස ඤාතකෙ.
Sinhala BJT826. බ්‍රහ්මය, ඒකාන්තයෙන් හැඬීම නිසා මියගිය තැනැත්තේ නැගිටී නම් හැමදෙන එක් වී ඔවුනොවුන්ගේ මළ නෑයන්ට හඬමු.
Pali BJT827. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT827. ගිතෙල් ඉසැ දැල්වූ ගින්නක් මෙන් මගේ සිත ඒකාන්තයෙන් ශෝක ගින්නෙන් ඇවිළ පැවැත්තේ ය. දිය ඉසි න ලද කලෙක මෙන් සියලු දාහ නිවී ගියේ ය.
Pali BJT828. අබ්බහී වත මෙ සල්ලං යමාසි හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පුත්තසොකං අපානුදි.
Sinhala BJT828. සොවින් පෙළුණු මගේ පුත්‍රශෝකය යමෙක් දුරු කෙළේ ද හේ මගේ හදවතේ ඇනී තුබූ ශෝක නමැති හුල ඒකාන්තයෙන් උදුරාලී ය.
Pali BJT829. සොහං අබ්බූළ්හසල්ලොස්මි වීතසොකො අනාවිලො, න සොචාමි න රොදාමි තව සුත්වාන වාසවාති.
Sinhala BJT829. ශක්‍රය, ඒ මම ශෝක නමැති උල උදුරන ලද්දෙම් වෙමි. ශෝක රහිත වූ නො කැලඹුණ සිතැති මම ඔබේ කිම අසා ශෝක නො කරමි, නො හඬමි.
Pali BJT2. මිගපොතජාතකං.
Sinhala BJT2. මිගපෝතක ජාතක යි.
Pali BJT830. තුහිං ගතා කත්ථ ගතා ඉති ලාලප්පතී ජනො, අහමෙව එකො ජානාමි උදපානෙ මූසිකා හතා
Sinhala BJT830. (මූෂිකා) කොහි ගියාදෝ කොහි ගියාදෝ යි කියමින් ජනයා වැළපෙති. මූෂිකාව ළිඳ සමීපයේ නසන ලදැ යි එකලා මම දනිමි.
Pali BJT831. යථෙතං{1} ඉති චිති ච ගද්රභොව නිවත්තසි, උදපානෙ මූසිකං හන්ත්වා යවං භක්ඛිතුමිච්ඡසි.
Sinhala BJT831. යම් හෙයකින් පහර දීමට සුදුසු තැනක් සොයා කොටළුවා පසුබසින්නේ යම්සේ ද එසේ පසු බසින කරුණ දනිමි. ළිඳ ළඟ මූෂිකාව මරා යව නම් රජු ද බුදින්නට කැමැත්තෙහි ද?
Pali BJT832. දහරො චාසි දුම්මෙධ පඨමුප්පත්තිකො{2} සුසු, දීඝමෙතං සමාසජ්ජ{3} න තෙ දස්සාමි ජීවිතං.
Sinhala BJT832. බාලය, (තෝ) තරුණ වෙහි. ප්‍රථම වයස් ඇතියෙහි. තරුණ වෙහි, දිග යටිය ඇති අවියක් එල්බගෙන සිටිනෙහි, තට දිවි නො දෙන්නෙමි.
Pali BJT833. නාන්තලික්ඛහවනෙනාහං{4} නාඞ්ගපුත්තසිරෙන වා{5}, පුත්තෙන සිපත්ථයිතො සිලොකෙහි පමොචිතො.
Sinhala BJT833. අහසේ වූ දිව්‍ය විමානය නිසා ද ශරීරාංග සමාන පුත්‍රයා නිසා ද මිදුණෙම් නො වෙමි. පුතා විසින් මාගේ මරණය පතන ලදුයෙම් ආචාර්‍ය්‍යන් බැඳ දුන් ගාථා නිසා (මරණයෙන්) මිදුණෙමි.
Pali BJT834. සබ්බං සුතමධීයෙථ හීනමුක්කට්ඨමජ්ඣිමං, සබ්බස්ස අත්ථං ජානෙය්ය න ච සබ්බං පයොජයෙ හොති තාදිසකො කාලො තත්ථ අත්ථාවහං සුත’න්ති.
Sinhala BJT834. ලාමක වූ ද මධ්‍යම වූ ද උත්කෘෂ්ට වූ ද විද්‍යාවන් හදාරන්නේ ය. සියලු ශාස්ත්‍රයන්හි අර්‍ත්‍ථය දැනගන්නේ ය. හැම ශාස්ත්‍රයක් ම ක්‍රියාත්මක නො කරන්නේ ය. යම් කලෙකැ යම් ශාස්ත්‍රයකින් ප්‍රයෝජන ලැබේ ද, එබඳු කාලයක් වන්නේ ය. එකල ශාස්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්නේ ය.
Pali BJT3. මූසිකජාතකං.
Sinhala BJT3. මූසික ජාතක යි.
Pali BJT835. සබ්බං භණ්ඩං සමාදාය පාරං තිණ්ණොසි බ්රාහ්මණ, පච්චාගච්ඡ ලහුං ඛිප්පං මම්පි තාරෙහිදානිතො.
Sinhala BJT835. බමුණ සියලු භාණ්ඩ ගෙන එතෙරට ගියෙහි. වහා නැවත එව. මේ නදියෙන් මා ද වහා එතෙර කරව.
Pali BJT836. අසන්ථුතං මං චිරසන්ථුතෙන{6} නිමින්නි භොතී අධුවං ධුවෙන, මයාපි භොතී නිමිනෙය්ය අඤ්ඤං ඉතො අහං දූරතරං ගමිස්සං.
Sinhala BJT836. පින්වතිය, ඇසුරක් නැති අලුතෙන් හමු වූ මා වෙත හැරුණී, දිගු කලක් ඇසුරු කළ ස්ථිර සැමියාගෙන් වෙනස් වූවා ය. තී මා කෙරෙනු දූ අනෙකකු පාවා ගන්නී ය. මම මෙතැනිනුත් ඉතා ඈතට යන්නෙමි.
Pali BJT837. කායං ඵළගලාගුම්බෙ{7} කාරොති අහුහාසියං, නයිධ නච්චං වා ගීතං වා තාලං වා සුසමාහිතං අනම්හි කාලෙ සුස්සොණි කින්නු ජග්ඝසි සොභනෙ.
Sinhala BJT837. තුවරලා ලැහැබෙක කවර තැනැත්තියක් මහහඬින් සිනාසේ ද නැටුමක් ගැයුමක් හෝ කුලුතාලමක් මෙහි නැත සුන්‍දර ඌරු යුග්මයක් ඇති රුසිරූ, තැනැත්තිය හැඬියයුතු අවස්ථාවෙහි සෙන්නේ කුමක් හෙයින් ද?
Pali BJT838. සිගාල බාල දුම්මෙධ අප්පපඤ්ඤොසි ජම්බුක, ජිනො මච්ඡඤ්ච පෙසිඤ්ච කපණො විය ඣායසි.
Sinhala BJT838. මෝඩ වූ නුවණ රහිත වූ ජම්බුකය, තෝ ඥානය නැත්තෙහි මාළුවා ද මස්වැදැල්ල ද යන දෙක ම නැති වූයේ අසරණයකු සේ සිතිවිලි සිතන්නෙහි.
Pali BJT839. සුදස්සං වජ්ජං අඤ්ඤෙසං අත්තනො පන දුද්දසං, ජිනා පතිඤ්ච ජාරඤ්ච මම්පි ත්වඤ්ඤෙව ඣායසි.
Sinhala BJT839. මෙරමාගේ වරද දකින්නට පහසු ය, තමාගේ වරද දකින්නට අපහසු ය. තෝ සැමියා සහ සොර සැමියා යන දෙදෙනාගෙන් පිරිහුනෙහි ය, මා මෙන් තො ද සිතන්නෙහි ය.
Pali BJT840. එවමෙතං මිගරාජ යථා භාසසි ජම්බුක, සා නූනාහං ඉතො ගන්ත්වා භත්තු හෙස්සං වසානුගා.
Sinhala BJT840. මෘගරාජය, ඔබ යමක් කීහු ද මෙය මෙසේ ම ය. ඒ ඒ මම මෙතැනින් ගොස් ඒකාන්තයෙන් අනික් හිමියකු ලැබැ ඔහු අනුව යන්නෙමි.
Pali BJT841. යො හරෙ මත්තිකං ථාලං කංසථාලම්පි සො හරෙ, කතංයෙව තයා පාපං පුනපෙවං කරිස්සසීති.
Sinhala BJT841. යමෙක් මැටිතලියක් සොරා ගනී ද හේ ඒ පුරුද්දෙන් රන්තලියක් සොරකම් කරන්නේ ය. තෝ පාපකර්‍මය කළා ය. නැවත ද මෙසේ කරන්නී ය.
Pali BJT4. චුල්ලධනුග්ගහජාතකං.
Sinhala BJT4. චුල්ලධනුග්ගහ ජාතක යි.
Pali BJT842. ඉදානි ඛොම්හි සුඛිතො අරොගො. නික්කණ්ටකො නිප්පතිතො කපොතො, කාහාමිදානි හදයස්ස තුට්ඨිං තථාහි මං මංසසාකං බලෙති.
Sinhala BJT842. දැන් පරෙවියා නික්මුණේ ය. එහෙයින් සුවපත් ව නීරෝග ව සතුරු නමැති කටු නැතිවූයෙම් වෙමි. දැන් මාගේ සිතට මනාපවූවක් කරන්නෙමි. එය එසේ ම ය. මේ මස් ද අනිත් මස් ද මා උත්සාහවත් කරයි.
Pali BJT843. කායං බලාකා සිඛිනී චොරී ලඞ්ඝිපිතාමහා, ඔරං බලාකෙ ආගච්ඡ චණ්ඩො මෙ වායසො සඛා.
Sinhala BJT843. වැහිවලාව මුත්තණුවන් කොට ඇති සෙරක වූ සිළු ඇති කෙකින්න කවරක් ද කෙකින්න මෑතට එන්න. මාගේ මිතුරු කවුඩා නපුරු ය.
Pali BJT844. අලං හි තෙ ජග්ඝිතායෙ මමං දිස්වාන එදිසං, විලූනං සූදපුත්තෙන පිට්ඨිමද්දෙන මක්ඛිතං.
Sinhala BJT844. අරක්කැමියාගේ පුතා විසින් සිඳුනා ලද පියාපත් ඇත්තේ, අනන ලද පිටි ගැල්වූ මගේ සිරුර දැක සිනාසීමෙන් කම් නැත.
Pali BJT845. සුනහාතො සුචිලිත්තොසි අන්නපානෙන තප්පිතො, කණ්ඨො ච තෙ වෙළුරියො අගමා නු කජඞ්ගලං.
Sinhala BJT845. ස්නානය කොටැ පවිත්‍ර වැ මැනැවින් විලවුන් ගල්වන ලදුයෙහි ය. ආහාරපානයෙන් තෘප්තිමත් කරන ලදුයේ ය, තොපගේ ගෙලෙහි වෛඩූර්‍ය්‍ය මැණිකෙකි. බරණැස් නගරයට ගියේ ද?
Pali BJT846. මා තෙ මිත්තො අමිත්තො වා අගමාසි කජඞ්ගලං. පිඤ්ඡානි තත්ථ ලායිත්වා කාණ්ඨෙ බන්ධන්ති වට්ටනං.
Sinhala BJT846. තොපගේ මිතුරෙක් හෝ සතුරෙක් හෝ කජංගල නගරයට (බරණැස්) නොයේවා කවර හෙයින් ද යත්, එහි ගියවුන්ගේ පියාපත් සිඳැ ගෙලෙහි කැබිලිත්තක් එල්වයි.
Pali BJT847. පුනපාපජ්ජසි සම්ම සීලං හි තව තාදිසං න හි මානුසකා භොගා සුභුඤ්ජා හොන්ති පක්ඛිනා’ති.
Sinhala BJT847. මිතුරු නැවත මෙබඳු දුකකට පැමිණෙන්නෙහි ය. තොපගේ ගතිය එබඳු ය. මනුෂ්‍යයනට අයත් සම්පත් පක්‍ෂියකු විසින් පහසුයෙන් බිඳිය නො හැකි ය.
Pali BJT5. කපොතජාතකං.
Sinhala BJT5. කපොත ජාතක යි.
Pali BJTඅඩ්ඪවග්ගො තතියො.
Sinhala BJTතුන්වන අඩ්ඪ වර්ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅථ වණ්ණා සසීල හිරි ලභතෙ සුමුඛාමිසසාලිය මිත්තවරො, අථ චක්ක පලාස සරාජ සතො යවබාලකපොකතං පණ්ණ රසාති.
Sinhala BJTවණ්ණරෝහජාතක යැ, සීලවීමංසජාතක යැ, හිරිජාතක යැ, ඛජ්ජොපණකජාතක යැ, අහිකුණ්ඩික (සුමුඛ) ජාතක යැ, ගුම්බිය (ආමිස) ජාතක යැ, සාලියජාතක යැ, තචසාර (අමින්ත) ජාතක යැ, මිත්තවින්‍දක (වක්ත) ජාතක යැ, පලාසජාතක යැ, දීඝිති කෝසල (සරාජ) ජාතක යැ, මිගපෝතක (සතෝ) ජාතක යැ, මූසික (යව) ජාතක යැ, චුල්ලධනුග්ගහ (බාලක) ජාතක යැ, කපොතජාතක යැ යි පසළොසෙකි.
Pali BJTපඤ්චකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTපංචක නිපාතය නිමි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTවර්‍ග උද්දානය: