Pali BJT7. අයකූටජාතකං.
Sinhala BJT7. අයකූට ජාතක යි.
Pali BJT696. අරඤ්ඤා{1} ගාමමාගම්ම කිං සීලං කිං වතං අහං, පුරිසං තාත සෙවෙය්යං තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT696. පියාණෙනි, මම වනයෙන් ගමට පැමිණියෙම් කවර සිල් ඇති කෙබඳු පැවතුම් ඇති පුරුෂයෙකු ඇසුරු කෙරෙම් දැ යි විතාරන ලද්දෙහි. එය මට කියන්නේ මැනැවි.
Pali BJT697. යො තං විස්සාසයෙ තාත විස්සාසඤ්ච ඛමෙය්ය තෙ, සුස්සූසී ච තිතික්ඛී ච තං භජෙහි ඉතො ගතො.
Sinhala BJT697. පුත්‍රය, යමෙක් තා විශ්වාස කෙරේ ද, තාගේ විශ්වාස කැමැත්තේ ද, තා කියනදෙය අසනු කැමැත්තේ ද කරන වැරදි ඉවසා ද මෙයින් ගියේ ඔහු ඇසුරු කරව.
Pali BJT698. යස්ස කායෙන වාචාය මනසා නත්ථි දුක්කටං, ඔරසිව පතිට්ඨාය තං භජෙහි ඉතො{2} ගතො.
Sinhala BJT698. යමකුගේ කය වචනය සිත යන තිදොරින් වැරදි කිරීමක් නැත් ද, මෙයින් ගියේ ඔහු ළෙහි හොවා වැඩූ පුතකු සේ (සිතා) ඇසුරු කරව.
Pali BJT699. හළිද්දරාගං කපිචිත්තං පුරිසං රාගවිරාගිනං, තාදිසං තාත මා සෙවි නිම්මනුස්සම්පි චෙ සියා’ති.
Sinhala BJT699. පුත්‍රය, කහපාට මෙන් අස්ථිර වූ වඳුරකු සේ චපල සිතැති ඇලීම සහ නො ඇලීම වෙනස්වන ස්වභාවය ඇති පුරුෂයා දඹදිවැ මිනිසුන්ගෙන් හිස්වැ ගිය ද ඇසුරු නො කරව.
Pali BJT8. ආරඤ්ඤජාතකං.
Sinhala BJT8. අරඤ්ඤ ජාතක යි.
Pali BJT700. නෙව ඉත්ථිසු සාමඤ්ඤං නපි භක්ඛෙසු සාරථි, අථස්ස සන්ධිභෙදස්ස පස්ස යාව සුචින්තිතං.
Sinhala BJT700. රථාචාර්‍ය්‍යය, ස්ත්‍රීන් දෙදෙනා කෙරේ සමාන බවක් නැත. ආහාරයෙහි ද සමාන බවක් නැත. එයින් කලහයට කරුණු නැතයී සේ යි. එහෙත් මිතුරන්ගේ මිතුරුකම බිඳැ දෙදෙනාගේ මස් කන්නට සිතූ මේ දුෂ්ට සිවලාගේ සිතිවිල්ල බලව.
Pali BJT701. අසි තික්ඛොව මංසම්හි පෙසුඤ්ඤං පරිවත්තති, යත්ථුසභඤ්ච සීහඤ්ච භක්ඛයන්ති මිගාධමා.
Sinhala BJT701. ප්‍රිය බව සුන් වැ ගිය තැනෙකැ හිවල්ලු වෘෂභයා ද සිංහයා ද අනුභව කරති, තියුණු කඩුව මාංසය මෙන් පිසුනු බස මිත්‍රත්‍වය පෙරලයි නොහොත් මිත්‍රත්‍වය කපා දමයි.
Pali BJT702. ඉමං සො සයනං සෙති යයිමං පස්සසි සාරථි, යො වාචං සන්ධිභෙදස්ස පිසුනස්ස නිබොධති.
Sinhala BJT702. රථාචාර්‍ය්‍යය, මේ දෙදෙනාගේ යම් මෘතශයනයක් දක්නෙහි ද යමෙක් මිත්‍රභේද කරන්නහුගේ කීම සත්‍ය යැ යි පිළිගනී ද හේ ද මෙසේ මරණයට පැමිණේ.
Pali BJT703. තෙ ජනා සුඛමෙධන්ති නරා සග්ගගතාරිව, යො වාචං සන්ධිභෙදස්ස නාවබොධෙන්ති{1} සාරථි’ති.
Sinhala BJT703. රථාචාර්‍ය්‍යය, මිතුරන්ගේ මිතුරුකම බිඳින්නහුගේ කීම යම් කෙනෙක් සත්‍යයැ යි නො පිළිගනිත් ද ඔවුහු දෙව්ලොව ගියවුන් සේ සැප විඳිති.
Pali BJT9. සන්ධිභෙදජාතකං.
Sinhala BJT9. සන්‍ධිභේද ජාතක යි.
Pali BJT704. හන්ති හත්ථෙහි පාදෙහි මුඛඤ්ච පරිසුම්භති, ස වෙ රාජ පියො හොති කං තෙනමභිපස්සසි.
Sinhala BJT704. රජතුමනි, අතින් පහරනේ යැ. පයින් පහරනේ යැ. මුහුණ පහරනේ යැ. (එහෙත්) හෙතෙම ඒකාන්තයෙන් ප්‍රිය වේ. පහර දීමේ හේතුවෙන් ප්‍රියවන්නා කවරේ දැ යි දන්නෙහි ද?
Pali BJT705. අක්කොසති යථාකාමං ආගමඤ්චස්ස න ඉච්ඡති, ස චෙ රාජ පියො හොති කං තෙනම්භිපස්සසි.
Sinhala BJT705. රජතුමනි, කැමති සේ ආක්‍රෝශ කෙරෙයි (එහෙත්) ඔහුට ආක්‍රෝශ පැමිණීම රිසි නො වේ. හෙතෙම ඒකාන්තයෙන් ප්‍රිය වේ. ඒ කරුණු නිසා ප්‍රියවන්නා කවරෙක් දැ යි දන්නෙහි ද?
Pali BJT706. අබ්භක්ඛාති අභූතෙන අලිකෙනමභිසාරයෙ, ස වෙ රාජ පියො හොති කං තෙනමභිපස්සසි.
Sinhala BJT706. රජතුමනි, අභූත චෝදනාවෙන් චෝදනා කරයි. බොරු සිහිපත් කරවන්නේ ය. හෙතෙම ඒකාන්තයෙන් ප්‍රිය වේ. ඒ කරුණු නිසා ප්‍රියවන්නා කවරෙක් දැ යි දන්නෙහි ද?
Pali BJT707. හරං අන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච, අඤ්ඤදත්ථු හරා සන්තා තෙ වෙ රාජ පියා හොන්ති, කං තෙන මභිපස්සසීති.
Sinhala BJT707. රජතුමනි, ආහාරපාන ද රෙදිපිළි ද ඇඳපුටු ආදිය ද ගෙන යන ඔව්හු ඒකාන්තයෙන් ප්‍රිය වෙත්, ඒ කරුණු නිසා ප්‍රියවන්නා කවරෙක් දැ යි දන්නෙහි ද?
Pali BJT10. දෙවතාපඤ්හො
Sinhala BJT10. දේවතා පඤ්හ ජාතක යි.
Pali BJTචූළකුණාලවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන චූළකුණාල වග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනරානං අසක්ඛිවසිම්භවරො නීලියමග්ගිවරඤ්ච පුන, පුන රසායසකූටවරො තථාරඤ්ඤසාරථි හන්ති දස.
Sinhala BJTමිනිසුන්ගේ ඇලීම පවසන කින්නරී ජාතක යැ, ‘අසක්ඛිං’ යන පදය ඇති වානර ජාතක යැ, ‘අවසිමහ’ යනාදි වූ කුන්තිනී ජාතක යැ, නීලිය සඳහන් කරන අම්බචෝර ජාතක යැ, අග්නිදාහය කියන ගජකුම්භ ජාතක යැ, ස්වාදු රස දක්වන කෙසව ජාතක යැ, යළි අයකූට ජාතක යැ, එසේම අරඤ්ඤ ජාතක යැ, සාරථියා ඇමතූ සන්‍ධිභේද ජාතක යැ, ‘හන්ති’ පදයද ඇති දේවතා පඤහ යැ යන දසය යි.
Pali BJTචතුක්කනිපාතො නිට්ඨිතො.
Sinhala BJTචතුක්ක නිපාතය නිමි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ග උද්දානය:
Pali BJTවිවරං පුචිමන්දඤ්ච කුටිදූසං බහුහාණකං, චූළකුණාලවග්ගො සො පඤ්චමො සුප්පකාසිතොති.
Sinhala BJTවිවර වර්‍ග යැ, පුචිමන්ද වර්‍ග යැ, කුටිදූසක වර්‍ග යැ, බහුභාණකයකු ඇති කෝකාලික වර්‍ග යැ, පස්වැනි චූළකුණාල වර්‍ගය ද මොනවට ප්‍රකාශ කරන ලද්දේ යි.
Pali BJT5. පඤ්චකනිපාතො
Sinhala BJT5. පඤ්චක නිපාතය
Pali BJT1. මණිකුණ්ඩලවග්ගො
Sinhala BJT1. මණිකුණ්ඩල වර්‍ගය
Pali BJT708. ජිනො{1} රථස්ස{2}මණිකුණ්ඩලෙ ච පුත්තෙ ච දාරෙ ච තථෙව ජීනො, සබ්බෙසු භොගෙසු අසෙසිතෙසු කස්මා න සන්තප්පසි සොකකාලෙ.
Sinhala BJT708. (මහරජ, තෙපි) රථ අශ්ව මිණිකොඬොල් යන මෙයින් පිරිහුණුහු. එසෙයින් ම දූදරුවන්ගෙන් හා බිරිඳගෙන් පිරිහුණුහු. සියලු ඉසුරු ඉතුරු නැතිව නැතිව ගිය කල්හි ශෝක වියයුතු අවස්ථායෙහි කවර හෙයින් ශෝක නොවන්නහු ද?
Pali BJT709. පුබ්බෙ ව මච්චං විජහන්ති භොගා මච්චො වා තෙ{3} පුබ්බතරං ජහාති, අසස්සතා භොගිනො කාමකාමී තස්මා න සොචාමහං සොකකාලෙ.
Sinhala BJT709. කාමකාමිය, (කාමය කැමැත්තාණෙනි) වස්තු සම්පත් සත්ත්‍වයා පළමු ව හැරයයි. (නැති වෙයි) සත්ත්‍වයා ද පළමු කොට ම වස්තු සම්පත් හැරයයි. (මැරෙයි) වස්තු සම්පත් ඇත්තෝ සදාකාලික නො වෙති. එහෙයින් ශෝක කටයුතු කල්හි මම ශෝක නො කරමි.
Pali BJT710. උදෙති ආපූරති{4} වෙති චන්දො අත්ථං තපෙත්වාන{5} පලෙති සූරියො, විදිතා මයා සත්තුක ලොකධම්මා තස්මා න සොචාමහං සොකකාලෙ.
Sinhala BJT710. සත්තුකය, චන්‍ද්‍රයා උදාවී ක්‍රමයෙන් පිරී බැසයයි. සූර්‍ය්‍යා ද ලොව උණුසුම් කොට බැස යයි. මා විසින් ලෝක ධර්‍මයන් (අටලෝ දහම) දන්නා ලදී. එහෙයින් ශෝක කටයුතු කල්හි මම ශෝක නො කරමි.
Pali BJT711. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ්ඤතො පබ්බජිතො න සාධු, රාජා න සාධු අනිසම්මකාරි යො පණ්ඩිතො කොධනො තං න සාධු.
Sinhala BJT711. පස්කම් සුවයට ගිජු අලස ගිහියා නො මැනැවැ. හික්මීමක් නැති පැවිද්දා නො මැනැවැ. නො විමසා ක්‍රියා කරන රජ නො මැනැවැ. යම් පණ්ඩිතයෙක් කිපෙන සුලු ද ඒ කිපීම නො මැනැවි.
Pali BJT712. නිසම්ම ඛත්තියො කයිරා නානිසම්ම දිසම්පති, නිසම්ම කාරිනො රඤ්ඤො යසො කින්ති ච වඩ්ඪතීති.
Sinhala BJT712. නරදේවයාණෙනි, ක්‍ෂත්‍රිය තෙමේ විමසා කටයුතු කරන්නේ ය. නො විමසා කටයුතු නො කරන්නේ ය. විමසා කටයුතු කරන්නහුගේ පිරිවර ද කීර්තිය ද වඩනේ යි.
Pali BJT1. මණිකුණ්ඩලජාතකං.
Sinhala BJT1. මණිකුණ්ඩල ජාතක යි.
Pali BJT713. කින්නු සන්තරමානොව ලායිත්වා හරිතං තිණං, ඛාද ඛාදාති විලපි ගතසත්තං ජරග්ගව.
Sinhala BJT713. නිල්තණ වහා කපා ගෙන අවුත් මළ මහලු ගොනාට කව කවැ යි කියන්නේ කිම?
Pali BJT714. න හි අන්නෙන පානෙන මතො ගොණො සමුට්ඨහෙ, ත්වඤ්ච තුච්ඡං විලපසි යථා තං දුම්මතී තථා.
Sinhala BJT714. ආහාරපානයෙන් මළ ගොනා නොම නැගිටියි. මෝඩයකු මෙන් තෝ නිෂ්ඵල දැයක් කියමින් හඬනෙහි.
Pali BJT715. තථෙව තිට්ඨති සීසං හත්ථපාදා ච වාළධි, සොතා තථෙව තිට්ඨන්ති මඤ්ඤෙ ගොණො සමුට්ඨහෙ.
Sinhala BJT715. හිස අත්පා හා වලග එසේ ම (පෙර පරිදි) ඇත්තේ ය දෙකන් ද එලෙසින් ම ඇත්තේ ය. එහෙයින් ගොනා නැගීසිටි යයි සිතමි.
Pali BJT716. නෙවය්යකස්ස සීසං වා හත්ථපාදා න දිස්සරෙ, රුදං මත්තිකථූපස්මිං නනු ත්වඤ්ඤෙව දුම්මති.
Sinhala BJT716. අපේ මිය ගිය මුත්තාගේ හිස වේවයි අත් පා වේවයි දක්නට නැත. මැටිසෑය අභිමුඛයෙහි හඬන තෙපි මැ අඥාන නො වහු ද?
Pali BJT717. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT717. ගිතෙලින් ඉසින ලද ගින්නක් මෙන් ශෝකාග්නීන් දැල්වුණු මා දිය ඉසැ නිවන්නකු සෙයින් සියලු පීඩා හැර නිවාලූයේ ය.
Pali BJT718. අබ්බූළ්හං වත මෙ සල්ලං සොකං හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පිතුසොකං අපානුදි.
Sinhala BJT718. පියා මළ සොවින් පෙළුණු මාගේ ශෝකය යමෙක් දුරු කෙළේ ද හේ හදවතේ ඇවිණී තුබූ ශෝක නමැති උල ඇද දැම්මේ ය.
Pali BJT719. සොහං අබ්බූළ්හසල්ලොස්මි වීතසොකො අනාවිලො, න සොචාමි න රොදාමි තව සුත්වාන මාණව.
Sinhala BJT719. මම උදුරා ලූ සෝක හුල් ඇති වෙමි, පහව ගිය ශෝක ඇති වෙමි, නො කැලඹුණ සිත් ඇත්තෙම් වෙමි. මාණවය, තොපගේ වචන අසා ශෝක නො වෙමි, නො හඬමි.
Pali BJT720. එවං කරොන්ති සප්පඤ්ඤා යෙ හොන්ති අනුකම්පකා, විනිවත්තයන්ති{1} සොකම්හා සුජාතො පිතරං යථාති.
Sinhala BJT720. අනුකම්පාව ඇති නුවණැති යම් කෙනෙක් වෙත් නම් ඔවුහු සොවින් පෙළුණු පියා ශෝක රහිත කළ සුජාත මෙන් ශෝකයෙන් වළකති.
Pali BJT2. සුජාතජාතකං.
Sinhala BJT2. සුජාත ජාතක යි.
Pali BJT721. නයිදං නිච්චං භවිතබ්බං බ්රහ්මදත්ත ඛෙමං සුභික්ඛං සුඛතා ච කායෙ, අත්ථච්චයෙ වා අහු සම්පමූළ්හො භින්තප්ලවො සාගරස්සෙව මජ්ඣෙ.
Sinhala BJT721. බ්‍රහ්මදත්තය, නිරුපද්‍රැත බවත් ආහාරපාන සුලභ වීමත් හැමදා එකසේ නො වේ. මුහුද මැද දී නැව කැඩී ගිය තැනැත්තේ ඉතා දුකට පත්වන්නේ යම්සේ ද එසේ වස්තු විනාශයෙහි දී මුළා වේ.
Pali BJT722. යානි කරොති පුරිසො තානි අත්තනි පස්සති, කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං, යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං.
Sinhala BJT722. පුරුෂයා යම් ක්‍රියාවක් කෙරේ ද එහි ඵලය තමා දකී. යහපත කරන්නා යහපත ද අයහපත කරන්නා අයහපත ද දකී. යම් වර්‍ගයක බීජයක් රෝපණය කෙරේ ද එබඳු ඵලයක් ලබයි.
Pali BJT723. ඉදං තදාචරියවචො පාරාසරියො{2} යදබ්රවි, මාස්සු ත්වං අකරා පාපං යංතං පච්ඡා කතං තපෙ.
Sinhala BJT723. තෝ පව් නො කරව, යම්බඳු පාපයක් කරන ලද්දෙහි නම් එය තා තවා යයි එකල්හි කීයේ ද මෙය පාරාසරිය නමැති ගුරු ඇදුරුතුමාගේ ප්‍රකාශයයි.
Pali BJT724. අයමෙව සො පිඞ්ගිය ධොනසාඛො{3} යම්හි{4} ඝාතයිං ඛත්තියානං සහස්සං, අලඞ්කතෙ චන්දනසාරලිත්තෙ තමෙව දුක්ඛං පච්චාගතං මමං.
Sinhala BJT724. පිංගිය බමුණ, සඳුන්කල්ක තවරා සැරසුණු දහස්ගණනක් ක්‍ෂත්‍රියයන් යම් ගසක්මුල දී විනාශ කරවීම් ද, පැතුරුණු අතු ඇති ඒ ගස, දුක මා කරා නැවත පැමිණවී.
Pali BJT725. සාමාපි ඛො චන්දන ලිත්තගත්තා{5} සිඞ්ගුව සොහඤ්ජනකස්ස උග්ගතා, අදිස්වාව කාලං කරිස්සාමි උබ්බරිං තං මෙ තතො{6} දුක්ඛතරං භවිස්සතීති.
Sinhala BJT725. සඳුන්කල්ක ගල්වා ශෝභමාන වූ සාමා ද මඳ සුළඟේ සැලෙන මුරුංගා ගසක්සේ මනස්කාන්ත උබ්බරී බිසව ද නො දැක මිය යන්නෙමි. මරණ දුකට වඩා ඇය නො දැකීමේ දුක ඉතා වැඩි ය.
Pali BJT3. ධොනසාඛ ජාතකං.{7}
Sinhala BJT3. ධොනසාඛ ජාතක යි.
Pali BJT726. උරගොව තවං ජිණ්ණං හිත්වා ගච්ඡති සං තනුං, එවං සරීරෙ නිබ්භොගෙ පෙතෙ කාලකතෙ සති,
Sinhala BJT726. දිරූ හැව හැර යන සර්‍පයා මෙන් ජීවිතේන්‍ද්‍රිය නැති හෙයින් සිය ශරීරය හැරදා පරලොව ගිය කල්හි,
Pali BJT727. ඩය්හමානො න ජානාති ඤාතිනං පරිදෙවිතං, තස්මා එතං න සොචාමි ගතො සො තස්ස යා ගති.
Sinhala BJT727. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපීම් නො දනී. එහෙයින් මළා වූ මොහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
Pali BJT728. අනබ්භිතො තතො ආග{1} අනනුඤ්ඤාතො{2} ඉතො ගතො, යථා ගතො තථා ගතො තත්ථ කා පරිදෙවනා.
Sinhala BJT728. කැඳවීමක් නැති ව එලොවින්, ආයේ ය. අනුදැනීමක් නැති ව මෙලොවින් ගියේ ය. කැඳවීමක් නැති ව යම්සේ ආයේ ද එසේ අනුදැනීමක් නැති ව ගියේ ය. එහි ලා කවර හැඬීමෙක් ද?
Pali BJT729. ඩය්හමානො න ජානාති ඤාතිනං පරිදෙවිතං, තස්මා එතං න සොචාමි ගතො සො තස්ස යා ගති.
Sinhala BJT729. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
Pali BJT730. සචෙ රොදෙ කිසා අස්සං තස්සා මෙ කිං ඵලං සියා, ඤාතිමිත්තසුහජ්ජානං භිය්යො නො අරතී සියා.
Sinhala BJT730. ඉදින් හඬන්නේ නම් කෘශ ශරීර ඇත්තෙකිම් වෙමි. ඒ මට කවර ප්‍රයෝජනයක් වේ ද? ඤාතිමිත්‍රහිතවතුන්ට (මා කෙරෙහි) වැඩියක් නො ඇල්ම වන්නේ ය.
Pali BJT731. ඩය්හමානො න ජානාති ඤාතිනං පරිදෙවිතං, තස්මා එතං න සොචාමි ගතො සො තස්ස යා ගති.
Sinhala BJT731. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
Pali BJT732. යථාපි දාරකො චන්දං ගච්ඡන්තමනුරොදති, එවං සම්පදමෙවෙතං යො පෙතමනුසොචති.
Sinhala BJT732. අහසේ යන හඳ දැක කුඩා ළමයෙක් එය ඉල්ලා යම්සේ හඬා ද, එසේ යමෙක් මිය පරලොව ගිය පුද්ගලයාට නැවත නැවත ශෝක කෙරේ ද එය ළමයාගේ හැඬීම වැන්න.
Pali BJT733. ඩය්හමානො න ජානාති ඤාතිනං පරිදෙවිතං, තස්මා එතං න සොචාමි ගතො සො තස්ස යා ගති.
Sinhala BJT733. දවනු ලබන්නේ නෑයන්ගේ හඬාවැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
Pali BJT734. යථාපි උදකකුම්භො භින්නො අප්පටිසන්ධියො, එවං සම්පදමෙවෙතං යො පෙතමනුසොචති.
Sinhala BJT734. බිඳුණු වතුරකළය නැවත ගැළපිය නො හැක්කේ යම්සේ ද, යමෙක් මිය ගියහුහට නැවත ශෝක කෙරේ ද එය මෙසේ නිෂ්ඵල තැතකි.
Pali BJT735. ඩය්හමානො න ජානාති ඤාතිනං පරිදෙවිතං, තස්මා එතං න සොචාමි ගතො සො තස්ස යා ගතීති.
Sinhala BJT735. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
Pali BJT4. උරගජාතකං.
Sinhala BJT4. උරග ජාතක යි.
Pali BJT736. අඤ්ඤෙ සොචන්ති රොදන්ති අඤ්ඤෙ අස්සුමුඛා ජනා,{3} පසන්නමුඛවණ්ණොසි කස්මා ඝත න සොචසි.
Sinhala BJT736. ඝත රජතුමනි, සෙස්සෝ ශෝක කරති, හඬති. සෙසු ජනයා කඳුළු සහිත මුහුණු ඇත්තෝ ය. (තෙපි) පහන්මුහුණ ඇත්තහු ය. කවර හෙයින් ශෝක නො කරන්නහු ද?
Pali BJT737. නාබ්හතීතහරො සොකො නානාගතසුඛාවභො, තස්මා ධංක{1} න සොචාමි නත්ථි සොකො දුතීයතා.
Sinhala BJT737. ධංකය, ශෝකය ගිය දෙය යළි නොගෙනේ නො පැමිණි සැපය ගෙනෙන්නේ නො වේ. එහෙයින් ශෝක නො කරමි. ශෝකයට සහාය නො වෙමි.
Pali BJT738. සොචං පණ්ඩු කිසො හොති භත්තඤ්චස්ස න රුච්චති, අමිත්තා සුමනා හොන්ති සල්ලවිද්ධස්ස න රුප්පතො.
Sinhala BJT738. ශෝක කරන්නා පඬු පැහැය ඇත්තේ වේ, කෘශ වේ. ඔහුට ආහාරය ප්‍රිය නො වේ. ශෝක නැමැති හුලෙන් විදින ලදුව පෙළෙන කල්හි ඔහුගේ සතුරෝ ප්‍රීත වෙති.
Pali BJT739. ගාමෙ වා යදි වා රඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ, ඨිතං මං නාගමිස්සති{2} එවං දිට්ඨපදො අහං
Sinhala BJT739. ගමෙහි හෝ ඉදින් වනයේ හෝ වළ තන්හි හෝ ගොඩ තන්හි හෝ සිටින මා වෙත විපත් නො එන්නේ ය. මම ධ්‍යාන දක්නා ලද්දෙම් වෙමි. නැතහොත් අටලෝදහම දන්නා ලද්දෙම් වෙමි.
Pali BJT740. යස්සත්තා නාලමෙකොව සබ්බකාමරසාරහො, සබ්බාපි යඨවී තස්ස න සුඛං ආවහිස්සතීති.
Sinhala BJT740. යමක්හුගේ සියලු සම්පත් රස එළවන එක් මැ ආත්මය තෙම ධ්‍යාන රස එළවන්නට සමත් නො වේ. එහෙයින් මුළු පොළොව ද ඔහුට (කායික චෛතසික) සුඛය නො එළවන්නේ යි.
Pali BJT5. ඝතජාතකං.{3}
Sinhala BJT5. ඝත ජාතක යි.
Pali BJT741. එකො අරඤ්ඤෙ ගිරිකන්දරායං පග්ගය්හ පග්ගය්හ සිලං පවෙච්ඡසි,{4} පුනප්පුනං සන්තරමානරූපො කාරණ්ඩිය කො නු තව යිධත්ථො.
Sinhala BJT741. කාරණ්ඩිය, හුදෙකලාව වනයෙහි වසනුයෙහි යුහුසුලු ස්වභාවයක් ඇති ව නැවත නැවතත් කඳුරැළියෙහි ගල් දමන්නෙහි ය. මෙයින් තොපට කවර ප්‍රයෝජනයෙක් ද?
Pali BJT742. අහං හිමං සාගරසෙවිතන්තං සමං කරිස්සාමි යථාපි පාණිං, විකිරිය සානූනි ච පබ්බතානි ච තස්මා සිලං දරියා පක්ඛිපාමි.
Sinhala BJT742. මම සයුරෙන් වට වූ මේ මහපොළොව සියලු කඳු හා පර්‍වත විසුරුවා හැර අල්ල මෙන් සම කරන්නෙමි. එහෙයින් කඳුරැළියෙහි ගල් දමන්නෙමි.
Pali BJT743. නයිමං මහිං අරහති පාණිකප්පං. සමං මනුස්සො කරණායමෙකො, මඤ්ඤාමිමඤ්ඤෙව දරිං ජිගිංසං කාරණ්ඩිය හායසි ජිවලොකං.
Sinhala BJT743. කාරණ්ඩිය, එක් මිනිසෙක් මේ මහපොළොව අත්ල මෙන් සම කරන්නට නො හැකි වේ යයි සිතමි. තෙපි කඳුරැළිය පිරවීමට යත්න දරන්නහු මැ මේ සත්ත්‍වලෝකය හරනහු යයි (හෙවත් මරණයට පත්වන්නේ ය) සිතමි.
Pali BJT744. සචෙ අයං භූතධරං න සක්කො සමං මනුස්සො කරණායමෙකො, එවමෙව ත්වං බ්රහ්මෙ ඉමෙ මනුස්සෙ නානාදිට්ඨිකෙ නානයිස්සසි තෙ.
Sinhala BJT744. බ්‍රාහ්මණය, එක් මනුෂ්‍යයෙක් සතුන් ධරා සිටුනා මේ මහපොළොව සම කරන්නට සමත් නො වේ ද එපරිදි තෙපි ද නානාදෘෂ්ටික වූ මේ මනුෂ්‍යයන් සිල් ගන්නැ යි කියා ඔවා දී තොප වශයට නො පමුණුවන්නහු යි.
Pali BJT745. සඞ්ඛිත්තරූපෙන භවං මමත්ථං අක්ඛාසි කාරණ්ඩිය එවමෙතං යථා න සක්කා පඨවී සමායං කාතුං මනුස්සෙන තථා මනුස්සාති.
Sinhala BJT745. කාරණ්ඩිය, මිනිසකු විසින් මේ පොළොව සම කරන්නට යම්සේ නො හැකි ද, එසේ මැ සියලු මනුෂ්‍යයෝ ද හික්මවන්නට නො පිළිවන්හ යි භවත් මාගේ ශුභ සිද්ධිය සලකා ස්වල්ප වශයෙන් මට යමක් කීයේ ද එය එසේ ම ය.
Pali BJT6. කාරණ්ඩියජාතකං.
Sinhala BJT6. කාරණ්ඩිය ජාතක යි.
Pali BJT746. වන්දාමි තං කුඤ්ජර සට්ඨිහායනං ආරඤ්ඤකං යූථපතිං යසස්සිං, පක්ඛෙහි තං පඤ්ජලිකං කරොමි මා මෙ වධී පුත්තකෙ දුබ්බලාය.
Sinhala BJT746. හැට අවුරුද්දෙන් බැස යන මද ඇති ඇත් රජුනි, තොප වඳිමි. අරණ්‍යයෙහි ජාතය, යූථපතිය, පිරිවර ඇතියව මාගේ පියාපතින් තොප වඳිමි. දුබල මාගේ දරුවන් නො නසව.
Pali BJT747. වන්දාමි තං කුඤ්ජර එකචාරිං ආරඤ්ඤකං පබ්බතසානුගොචරං, පක්ඛෙහි තං පඤ්ජලිකං කරොමි මා මෙ වධී පුත්තකෙ දුබ්බලායං.
Sinhala BJT747. හස්තිරාජයා, තොප වඳිමි. එකලා වැ හැසිරෙනුව ආරණ්‍යකය, පර්‍වත හා කඳු සමීපයන්හි ආහාර සොයනුව, පියාපතින් තොප වඳිමි. දුබල මාගේ දරුවන් නො නසව.
Pali BJT748. වධිස්සාමි තෙ ලටුකිකෙ පුත්තකානි කිං මෙ තුවං කාහසි දුබ්බලාසි, සතං සහස්සානිපි තාදිසීනං වාමෙන පාදෙන පපොථයෙය්ය.
Sinhala BJT748. කැටකිරිල්ල තීගේ දරුවන් මරන්නෙමි. දුබල වූ තෝ මට කුමක් කරන්නෙහි ද? තී බඳු ලක්‍ෂයක් වුව ද වම් පයින් (පාගා) සුණුවිසුණු කරන්නෙමි.
Pali BJT749. නහෙව සබ්බත්ථ බලෙන කිච්චං බලං හි බාලස්ස වධාය හොති, කරිස්සාමි තෙ නාගරාජා අනත්ථං යො මෙ වධී පුත්තකෙ දුබ්බලාය.
Sinhala BJT749. හස්තිරාජයා, හැම තන්හි කාය ශක්තියෙන් ප්‍රයෝජන නැත. අනුවණයාගේ බලය (පර) හිංසාව පිණිස වෙයි. යමෙක් දුබල මාගේ දරුවන් මැරී ද ඒ තොපට විපතක් කරන්නෙමි.
Pali BJT750. කාකඤ්ච පස්ස ලටුකිකං මණ්ඩූකං නීලමක්ඛිකං, එතෙ නාගං අඝාතෙසුං පස්ස වෙරස්ස වෙරිනං. තස්මා වෙරං න කයිරාථ අප්පියෙන ච කෙනචි’ති.
Sinhala BJT750. කවුඩා කැටකිරිල්ල මැඩියා හා නිලමැස්සා බලව, මොව්හු හස්ති නාගයා මැරූහ. වෛර ඇතියන්ගේ වෛරයේ තරම බලව. එහෙයින්, කිසි කෙනකුන් කෙරෙහි වෛර නො කරව.
Pali BJT7. ලටුකිකජාතකං.
Sinhala BJT7. ලටුකික ජාතක යි.
Pali BJT751. අහමෙව දූසියා භූනහතා රඤ්ඤො මහාපතාපස්ස, එතං මුඤ්චතු ධම්මපාලං හත්ථෙ මෙ දෙව ඡෙදෙහි.
Sinhala BJT751. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්‍මපාල කුමරුවා මුදවා මාගේ අත් කපන්නේ මැනැවි.
Pali BJT752. අහමෙව දූසියා භූනහතා රඤ්ඤො මහාපතාපස්ස, එතං මුඤ්චතු ධම්මපාලං පාදෙ මෙ දෙව ඡෙදෙහි.
Sinhala BJT752. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරැදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්‍මපාල කුමරුවා මුදාවා! මාගේ පා කපව.
Pali BJT753. අහමෙව දූසියා භූනහතා රඤ්ඤො මහාපතාපස්ස, එතං මුඤ්චතු ධම්මපාලං සීසං මෙ දෙව ඡෙදෙහි.
Sinhala BJT753. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරැදි කෙළෙම් නසන ලද වැඩ ඇතියෙම් මම් ම ය. මේ ධර්‍මපාල කුමරුවා මුදාවා! මාගේ හිස සිඳුව.
Pali BJT754. නහනූනිමස්ස රඤ්ඤො මිත්තාමච්චා ච විජ්ජරෙ සුහදා, යෙ න වදන්ති රාජානං මා ඝාතයි ඔරසං පුත්තං.
Sinhala BJT754. ඖරස පුත්‍රයා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද, (එහෙයින්) මේ රජුට මිතුරෝ ද නෑයෝ ද හිතවත්තු ද ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
Pali BJT755. නහනූනිමස්ස රඤ්ඤො මිත්තා ඤාතී ච විජ්ජරෙ සුහදා, යෙ න වදන්ති රාජානං මා ඝාතයි අත්රජං පුත්තං.
Sinhala BJT755. පුතා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද (එහෙයින්) මේ රජුට මිතුරෝ නෑයෝ හිතවත්තු ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
Pali BJT756. චන්දනරසානුලිත්තා බාහා ඡිජ්ජන්ති ධම්මපාලස්ස, දායාදස්ස පථව්යා පාණා මෙ දෙව රුජ්ඣන්තීති.
Sinhala BJT756. පොළොවට හිමිකරු වූ ධර්‍මපාල කුමාරයාගේ සඳුන් කල්ක ගල්වන ලද දෑත කපති. දේවයන් වහන්ස, මාගේ පණ නිරුද්ධ වේ.
Pali BJT8. චුල්ලධම්මපාලජාතකං
Sinhala BJT8. චුල්ලධම්මපාල ජාතක යි.
Pali BJT757. වික්කම රෙ මහාමිග වික්කම රෙ හරීපද,{1} ඡින්ද වාරත්තිකං පාසං නාහං එකා වනෙ රමෙ.
Sinhala BJT757. එම්බා මෘගය, මහාමෘගය, වෑයම් කරව. රන්වන් පා ඇති මෘගය වෑයම් කරව, වරපටීන් තැනූ පුඬුව සිඳින්න. එකලා වැ වනයෙහි (වාසයට) මම නො ඇලෙමි.
Pali BJT758. වික්කමාමි න පාරෙමි භූමිං සුම්භාමි වෙගසා, දළ්හො වාරත්තිකො පාසො පාදං මෙ පරිකන්තති.
Sinhala BJT758. උත්සාහ ගනිමි. පුඬුව සිඳලන්නට නො හැක්කෙමි. වේගයෙන් පොළොවට පහර දෙමි, තද වරපටින් කළ පුඬුව මගේ පා කපයි.
Pali BJT759. අත්ථරස්සු පලාසානි අසිං නිබ්බාහ ලුද්දක, පඨමං මං හනිත්වාන{2} හන පච්ඡා මහාමිගං.
Sinhala BJT759. වැද්දාණෙනි, මස් තැබීමට කොළ අතුරව. කඩුව කොපුවෙන් ඉවත ගනුව. පළමුව මා මරා පසුව මහාමෘගයා මරව.
Pali BJT760. න මෙ සුතං වා දිට්ඨං වා භාසන්තිං මානුසිං මිගිං, ත්වඤ්ච භද්දෙ සුඛී හොහි එසො චාපි මහාමිගො.
Sinhala BJT760. මනුෂ්‍ය භාෂාවෙන් කියන (කථාකරන) මුවදෙනක (පිළිබඳ) මා අසා නැත. දකින ලද්දේ ද නැත. සොඳුර, තෝ සුවපත්ව, මහමුවා ද සුවපත් වේවා!
Pali BJT761. එවං ලුද්දක නන්දස්සු සහ සබ්බෙහි ඤාතිභි, යථාහමජ්ජ නන්දාමි මුත්තං දිස්වා මහාමිගන්ති.
Sinhala BJT761. වැද්දාණෙනි, පුඬුවෙන් ගැළවුණ මහාමෘගයා දැක මම අද යම්සේ සතුටු වෙම් ද, එසේ තෙපි ද තොපගේ නෑයන් සමග සතුටු වේවා!
Pali BJT9. සුවණ්ණමිගජාතකං.
Sinhala BJT9. සුවණ්ණමිග ජාතක යි.
Pali BJT762. වාති ගන්ධො තිමිරානං කුසමුද්දො ච ඝොසවා, දූරෙ ඉතො හි සුසන්ධි තම්බකාමා{3} තුදන්ති මං
Sinhala BJT762. තම්බ රජතුමනි, මිදෙල්ලමල්හි සුවඳ හමයි. දිය සයුර ද හඬ නඟයි. සුසන්‍ධි බිසොව මෙයින් දූර දෙසෙක වසයි. කාම සිතුවිලි මගේ හදවත පෙළයි.
Pali BJT763. කථං සමුද්දමතරි කථං අද්දක්ඛි සෙරුමං{4}, කථං තස්සා ච තුය්හඤ්ච අහු සග්ගසමාගමො{5}.
Sinhala BJT763. සයුර කෙසේ තරණය කෙළේ ද සේරුම දූපත කෙසේ දුටුවේ ද සග්ගය, ඇගේ ද තාගේ ද සමාගමය හෙවත් එක්වීම කෙසේ වී ද.
Pali BJT764. භරුකච්ඡා පයාතානං වාණිජාන ධනෙසිනං{6}, මකරෙහම්භිදා{7} නාවා ඵලකෙනාහමප්ලවිං.
Sinhala BJT764. භරුකච්ඡ නැමැති තොටුපලින් පිටත්ව ධන සෙවීමට යන වෙළෙඳුන්ගේ නැව මෝරුන් විසින් බිඳින ලද මම පුවරුකඬෙකින් එතෙර ගියෙමි.
Pali BJT765. සා මං සණ්හෙන මුදුනා නිච්චං චන්දනගන්ධිනී, අඞ්කෙන{8} උද්ධරී භද්දා මාතා පුත්තංව ඔරසං.
Sinhala BJT765. නිතර හමා යන සඳුන් සුවඳැති ඒ භද්‍රාවෝ මුදුමොළොක් බසින් කතා කොට ඖරස පුත්‍රයකු ගන්නා මවක මෙන් මා දෝතින් ගොඩට ගත්හ.
Pali BJT766. සාමං අන්නෙන පාණෙන වත්ථෙන සයනෙන ච, අත්තනාපි ච මද්දක්ඛි{9} එවං තම්බි විජානහීති.
Sinhala BJT766. තම්බය, ඒ චිත්‍රලෝචනාවෝ මා ආහාරපානයෙන් ද වස්තුයෙන් හා සයනයෙන් ද පිනවූහ. එපමණක් නොව අභිරමණයෙන් ද මා පිනවූහ. එය මෙසේ දනු මැනැවි.
Pali BJT10. සුසන්ධිජාතකං{10}.
Sinhala BJT10. සුසන්‍ධි ජාතක යි.
Pali BJTමණිකුණ්ඩලවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන මණිකුණ්ඩල වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅථජිනවරොහරිතං තිණකො අථභින්නපලවො උරගොවඝතො, දරියා පුන කුඤ්ජර භූනහතා මිගපුත්තමසග්ගවරෙන දස.
Sinhala BJTමණිකුණ්ඩල (ජිනවර) ජාතක යැ, සුජාත (හරිත) ජාතක යැ, ධොනසාක (හිනනපලව) ජාතක යැ, උරගජාතක යැ, ඝතජාතක යැ, කාරණ්ඩිය (දිරි) ජාතක යැ, ලටුකික (කුඤ්ජර) ජාතක යැ, චුල්ලධම්මපාල (භූනහත) ජාතක යැ, සුවණ්ණමිග (මිගපුත්ත) ජාතක යැ, සුසන්‍ධි (සග්ග) ජාතක යැ යි දසයෙක් වේ.
Pali BJT2. වණ්ණාරොහවග්ගො
Sinhala BJT2. වණ්ණාරෝහ වර්‍ගය
Pali BJT767. වණ්ණරොහෙන ජාතියා බලනික්කමණෙන ච{1}, සුබාහු න මයා සෙය්යො සුදාඨ{2} ඉති භාසසි.
Sinhala BJT767. සුදාඨයෙනි, (තෙපි) ශරීරවර්‍ණයෙන් ද ආරෝහපරිණාහයෙන් ද උත්තම ජාතියෙන් ද කාය බලයෙන් හා වීර්‍ය්‍ය බලයෙන් ද සුබාහු නම් ව්‍යාඝ්‍රයා මට වඩා උසස් නො වේ යයි කියවු ද?
Pali BJT768. වණ්ණරොහෙන ජාතියා බලනික්කමණෙන ච, සුදාඨො න මයා සෙය්යො සුබාහු ඉති භාසති.
Sinhala BJT768. එම්බා සුබාහු, (තෙපි) ශරීරවර්‍ණයෙන් ද ආරෝහපරිණාහයෙන් ද උත්තම ජාතියෙන් ද කාය බලයෙන් හා වීර්‍ය්‍ය බලයෙන් ද සුදාඨ මට වඩා උසස් නො වේ යයි කියවු ද?
Pali BJT769. එවඤ්චෙ මං විහරන්තං සුබාහු සම්ම දුබ්භසි, නදානාහං තයා සද්ධිං සංවාසමභිරොචයෙ.
Sinhala BJT769. සගය, සුබාහු මෙසේ තා හා සමග වැවසන මා හිවලාගේ බස් පිළිගෙන නසනු කැමැත්තහු ය. මෙතැන් පටන් මම තා සමග වසනු නො කැමැත්තෙමි.