Pali BJT622. අද්ධා තුවං පණ්ඩිතකොසි රාධ ජානාසි අත්ථානි අනාගතානි, කථන්නු සාඛාමිගං දක්ඛිසාම නිද්ධාපිතං රාජකුලතොව ජම්මං.
Sinhala BJT622. රාධයෙනි, තෙපි ඒකාන්තයෙන් පණ්ඩිතයවු. මතු වන්නා වූ දෙය දන්නහු ය. රජ මැදුරෙන් පලවා හැරි හීන වඳුරා කෙසේ දකිමු ද?
Pali BJT623. චාලෙති කණ්ණං භටිකුං කරොති මුහුජ මුහුං භායයතෙ කුමාරෙ, සයමෙව තං කාහති කාළබාහු යෙනාරකා ඨස්සති අන්නපානාති.
Sinhala BJT623. කන සොලවයි. බැම බිඳියි. මොහොතින් මොහොත රජ කුමරුවන් බිය ගන්වයි. ආහාරපානයෙන් ඉවත්වී සිටින හෙයින් කාළබාහු වඳුරා තෙමේ ම එය කරන්නේ ය.
Pali BJT9. කාළබාහුජාතකං.
Sinhala BJT9. කාළබාහු ජාතක යි.
Pali BJT624. සීලං කිරෙව කල්යාණං සීලං ලොකෙ අනුත්තරං, පස්ස ඝොරවිසො නාගො සීලවාති න හඤ්ඤති.
Sinhala BJT624. ලෝකයේ සීලය යහපත් ය. සීලය නිරුත්තර ය. (හෙවත් සීලයට වඩා උසස් ගුණයෙක් නැත.) බලව, දරුණු විෂ සහිත නාගයා පවා සිල්වත් ය යි නසනු නො ලැබේ.
Pali BJT625. යාවදෙවස්සහු කිඤ්චි තාවදෙව අඛාදිසුං, සඞ්ගම්ම කුලලා ලොකෙ න හිංසන්ති අකිඤ්චනං.
Sinhala BJT625. යම්තාක් මේ උකුස්සාගේ මුඛයෙහි කන දෙයක් වී ද ඒ තාක් උකුස්සෝ එකතු වැ කෑහ. ලොවැ කිසිත් නැත්තහුට (කිසිකෙනෙක්) හිංසා නො කෙරෙත්.
Pali BJT626. සුඛං නිරාසා සුපති ආසා ඵලවතී සුඛා, ආසං නිරාසං කත්වාන සුඛං සුපති පිඞ්ගලා.
Sinhala BJT626. ආසා නැත්තී සුවසේ නිදන්නී ය. බලවත් වූ ආසාව සුවයට හේතු වේ. පිංගලා නම් දැස්ස ආසාව නසා සුවසේ නිදන්නී ය.
Pali BJT627. න සමාධිපරො අත්ථි අස්මිං ලොකෙ පරම්හි ච, න පරං නාපි අත්තානං විහිංසති සමාහිතො’ති.
Sinhala BJT627. මෙලොව ද පරලොව ද සමාධියට වඩා උසස් අන් සුවයෙක් නැත. එකඟ සිතැත්තේ අනුන්ට ද තමන්ට ද හිංසා නො කරයි.
Pali BJT10. සීලවීමංසජාතකං.
Sinhala BJT10. සීලවීමංස ජාතක යි.
Pali BJTකුටිදූසකවග්ගො තතියො.
Sinhala BJTතෙවන කුටිදූසක වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසමනුස්ස සද්දදභ යාචනකො අථ මෙණ්ඩවරුත්තම ගොධවරො, අථ කාය සකෙබුක භොතිවරො අථ රාධ සුසීලවරෙන දස.
Sinhala BJTවඳුරා මිනිසුන්ට සමය යි පැවැසූ කුටිදූසක ජාතක යැ, දද්දභ ජාතක ය සහිත යාචනය දක්වන බ්‍රහ්මදත්ත ජාතක යැ, යළි මෙණ්ඩයා උතුමැයි කී චම්මසාටක ජාතක යැ, ගොඩ ජාතක යැ, යළි කාප සුචරිතාදිය කියන කක්කාරු ජාතක යැ, කෙබුක නදය ඇති කාකාතී ජාතක යැ, (භොතිවරො) අනනු සොචිය ජාතක යැ, රාධ නම් ගිරවා ඇති කාළබාහු ජාතකය හා උතුම් සීල වීමංස ජාතකයෙන් දසය වේ.
Pali BJT4. කොකාලික වග්ගො
Sinhala BJT4. කෝකාලික වර්‍ගය
Pali BJT628. යො වෙ කාලෙ අසම්පත්තෙ අතිවෙලං පභාසති, එවං සො නිහතො සෙති කොකිලායිව අත්රජො.
Sinhala BJT628. යමෙක් කථා කළයුතු කාලය නො පැමිණි කල්හි පමණට වඩා කථා කෙරේ ද හෙතෙම කෝකිලාවගේ පුත්‍රයා මෙන් මැරී මෙසේ හෝනේ වෙයි.
Pali BJT629. න හි සත්ථං සුනිසිතං විසං හලාහලං ඉව, එවං නිකට්ඨෙ{1} පාතෙති වාචා දුබ්භාසිතා යථා.
Sinhala BJT629. යම්සේ හලාහල විෂයක් මෙන්, දුබැසි වදන් දිවි නසා ද මැනැවින් මූවත් තැබූ අවිය ද එසේ ජීවිත නො නසයි.
Pali BJT630. තස්මා කාලෙ අකාලෙ ච වාචං රක්ඛෙය්ය පණ්ඩිතො, නාතිවෙලං පභාසෙය්ය අපි අත්තසමම්හි වා
Sinhala BJT630. එ හෙයින් (කථාවට) කල්හි ද නො කල්හි ද නුවණැත්තේ වචනය රක්නේ ය. (සීමිත ව කතා කරන්නේ ය) තමා හා සමානයකු සමග වුව ද පමණ ඉක්මවා කතා නො කරන්නේ ය.
Pali BJT631. යො ච කාලෙ මිතං භාසෙ මතිපුබ්බො විචක්ඛණො. සබ්බෙ අමිත්තෙ ආදෙති සුපණ්ණො උරගං ඉවා’ති.
Sinhala BJT631. නුවණ පෙරදැරි වූ විචක්‍ෂණ වූ යමෙක් සුදුසු අවස්ථාවෙහි ප්‍රමාණවත් ව කථා කෙරේ ද හෙතෙම ගුරුළා සර්‍පයකු අල්ලා ගත්තා සේ සතුරන් අල්ලන්නේ ය.
Pali BJT1. කොකාලිකජාතකං.
Sinhala BJT1. කෝකාලික ජාතක යි.
Pali BJT632. අපි හන්ත්වා භතො බ්රූති ජෙත්වා ජිතොති භාසති, පුබ්බමක්ඛායිනො රාජ එකදත්ථුං{2} න සද්දහෙ.
Sinhala BJT632. තෙමේ පහර දී අනුන් විසින් පහර දෙන ලදිමි යි කියයි. තෙමේ අනුන් පරදා අනුන් විසින් පරදවන ලදිමි යි කියයි. රජතුමනි, පළමුව කීවහුගේ වදන් ඒකාන්තයෙන් විශ්වාස නො කරන්නේ මැනැවි.
Pali BJT633. තස්මා පණ්ඩිතජාතියො සුණෙය්ය ඉතරස්ස පි, උභින්නං වචනං සුත්වා යථා ධම්මො තථා කරෙ.
Sinhala BJT633. එහෙයින් පණ්ඩිත ස්වභාව ඇති රජතුමා අනිකාගේ කීම ද අසන්නේ ය. දෙදෙනාගේ කීම අසා සුදුසු පරිදි විනිශ්චය කරන්නේ ය.
Pali BJT634. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ්ඤතො පබ්බජිතො න සාධු, රාජා න සාධු අනිසම්මකාරි යො පණ්ඩිතො කොධනො තං න සාධු.
Sinhala BJT634. සම්පත් කැමැති අලස ගිහියා නො මැනැවි, හික්මීමක් නැති පැවිද්දා නො මැනැවි, පරීක්‍ෂාවෙන් තොරව ක්‍රියා කරන රජ නො මැනැවි, යම් පඬිවරයෙක් කිපෙන සුලු වේ නම් හේ ද නො මැනැවි.
Pali BJT635. නිසම්ම ඛත්තියො කයිරා නානිසම්ම දිසම්පති, නිසම්ම කාරිනො {3}රාජ යසො කිත්ති ච වඩ්ඪතී’ති.
Sinhala BJT635. දිසම්පති රජතුමනි, ක්‍ෂත්‍රියයා විමසා ක්‍රියා කරන්නේ ය. කරන දෙය නො විමසා නො කරන්නේ ය. විමසා කරන්නහුගේ පරිවාරාදි යසස ද කීර්තිය ද වැඩේ.
Pali BJT2. රථලට්ඨිජාතකං.
Sinhala BJT2. රථලට්ඨි ජාතක යි.
Pali BJT636. තදෙව මෙ ත්වං විදිකො වනමජ්ඣෙ රථෙසභ, යස්ස තෙ ඛග්ගබද්ධස්ස{4} සන්නද්ධස්ස තිරීටිනො අස්සත්ථදුමසාඛාය පක්කා{5} ගොධා පලායථ.
Sinhala BJT636. රජතුමනි, කඩුව දරා සන්නද්ධ වැ රිටිසුඹුලු හඳනා වූ තොපගේ පැලැහූ ගොයා වනමැද ඇසැතු රුක්හි ශාඛායෙන් පලාගියා වේ ද එදවස් මැ මා විසින් තෙපි දන්නා ලද්දහු යැ.
Pali BJT637. නමෙ නමන්තස්ස භජෙ භජන්තං කිච්චානුකුබ්බස්ස කරෙය්ය කිච්චං, නානත්ථකාමස්ස කරෙය්ය අත්ථං අසම්භජන්තම්පි න සම්භජෙය්ය.
Sinhala BJT637. යමෙක් තමා දෙස නැමේ ද ඔහුට මැ තෙමේ ද නැමෙන්නේ ය. තමා භජනය කරන්නහු තෙමේ ද භජනය කරන්නේ ය. තමහට අනුකූල වැ ක්‍රියා කරන්නහුට සුදුසු කෘත්‍යයක් තෙමේ ද තමහට අනර්‍ත්‍ථ කැමැත්තාහට තෙමේ ද අර්‍ත්‍ථයක් නො කරන්නේ ය. තමා ළඟට නො එන්නවුන් කරා තෙමේ ද නො යන්නේ ය.
Pali BJT638. චජෙ චජන්තං වනථං න කයිරා අපෙතචිත්තෙන න සම්භජෙය්ය, ද්විජො දුමං ඛීණඵලන්ති{1} ඤාත්වා අඤ්ඤං සමෙක්ඛෙය්ය මහා හි ලොකො.
Sinhala BJT638. තමා හරනහු තෙමේ ද හරනේ යැ. (ඔහුට) ආශා නො කරන්නේ ය. නො ඇලුණු සිතින් භජනය නො කරන්නේ යැ. පක්‍ෂියා ගස ගෙඩි රහිත බව දැනැ ගෙඩි ඇති අන් ගසක් සොයා යන්නේ ය. ලොව විශාල වේ මැ ය.
Pali BJT639. සො තෙ කරිස්සාමි යථානුභාවං. කතඤ්ඤුතං ඛත්තියෙ පෙක්ඛමානො, සබ්බඤ්ච තෙ ඉස්සරියං දදාමි යස්සිච්ඡිසි තස්ස තුවං දදාමිති.
Sinhala BJT639. ක්‍ෂත්‍රියාවනි, කළ ගුණ සලකන මම ශක්ති පමණින් තිට උපකාර කරන්නෙමි. තිට සියලු සම්පත් දෙමි. තෝ යමකුට යමක් දෙනු කැමැත්තෙහි ද ඔහුට දෙව.
Pali BJT3. පක්කගොධජාතකං.
Sinhala BJT3. පක්කගෝධ ජාතක යි.
Pali BJT640. ගවඤ්චෙ තරමානානං ජිම්හං ගච්ඡති පුඞ්ගවො, සබ්බා තා ජිම්හං ගච්ඡන්ති නෙත්තෙ ජිම්හං ගතෙ සති.
Sinhala BJT640. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා වක්ව යේ ද, ප්‍රධාන ගවයා වක් වැ ගිය කලැ සියලු ගවයෝ වක් වැ යෙති.
Pali BJT641. එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො දෙ අධම්මං චරති පගෙව ඉතරා පජා සබ්බං රට්ඨං දුඛං සෙති රාජා චෙ හොති අධම්මිකො.
Sinhala BJT641. එපරිද්දෙන් මනුෂ්‍යයන් අතරේ යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද, ඉදින් හේ නො දැහැමි ව හැසිරේ ද (ක්‍රියා කෙරේ ද) සෙස්සන් ගැන කවර කථා ද? ඉදින් රජතුමා අධාර්මික වේ ද (එකල) රටවැසි සියලුදෙන දුකින් හෝනේ යි.
Pali BJT642. ගවඤ්චෙ තරමානානං උජුං ගච්ඡති පුඞ්ගවො, සබ්බා තා උජුං ගච්ඡන්ති නෙත්තෙ උජුගතෙ සති.
Sinhala BJT642. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා ඍජු ව පීනා යේ ද, ප්‍රධාන ගවයා ඍජු වැ පීනා යන කලැ සියලු ගවයෝ ඍජු ව යෙති.
Pali BJT643. එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො චෙපි ධම්මං චරති පගෙව ඉතරා පජා සබ්බං රට්ඨං සුඛං සෙති රාජා චෙ හොති ධම්මිකො’ති.
Sinhala BJT643. එ පරිද්දෙන් මනුෂ්‍යයන් අතුරෙහි යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද ඉදින් හේ දැහැමි ව ක්‍රියා කෙරේ ද සෙස්සන් ගැන කවර කථා යැ? ඉදින් රජතුමා දැහැමි වේ ද (එකල) රටවැසි සියලු දෙනා සුවසේ හෝනේ යි.
Pali BJT4. රාජොවාදජාතකං.
Sinhala BJT4. රාජෝවාද ජාතක යි.
Pali BJT644. බ්රහා පවඩ්ඪකායො{2} සො දිඝදාඨො ච ජම්බුක, න ත්වං තම්හි කුලෙ ජාතො යත්ථ ගණ්හන්ති කුඤ්ජරං.
Sinhala BJT644. ජම්බුකය, හේ මහත් වූ වැඩුණු කය ඇත්තේ යැ. දික්වූ දළ ඇත්තේ යැ. යම් සිංහ කුලයෙකැ උපන්නාහු ඇතු අල්ලා ගනිත් ද, තෙපි ඒ කුලයෙහි නූපන්නාහු ය.
Pali BJT645. අසීහො සීහමානෙන යො අත්තානං විකුබ්බති, කොත්ථුව{3} ගජමාසජ්ජ සෙති භූම්යා අනුත්ථුනං.
Sinhala BJT645. සිංහයකු නො වී සිංහ මානය උපදවා ගෙන යමෙක් සිංහවෙස් මවා ගනී ද (හේ) ඇතු වෙත පැමිණි හිවලා මෙන් කෙඳිරිගාමින් බිම හෝනේ ය.
Pali BJT646. යසස්සිනො උත්තමපුග්ගලස්ස සඤ්ජාතඛන්ධස්ස මහබ්බලස්ස, අසමෙක්ඛිය ථාමබලූපපත්තිං ස සෙති නාගෙන හතොව{4} ජම්බුකො.
Sinhala BJT646. ඉසුරු ඇති වට වැ හැසුණු කඳට ඇති මහබල ඇති ඤාණබලයෙන් යුක්ත වූ උත්තම පුද්ගලයාගේ ශක්තිය බලය උත්පත්තිය ද නො විමසා (ක්‍රියා කළ) ඒ සිවලා ඇතු විසින් නසන ලද්දේ හෝනේ යි.
Pali BJT647. යො චිධ කම්මං කුරුතෙ පමාය ථාමබලං අත්තනි සංවිදිත්වා, ජප්පෙන මන්තෙන සුභාසිතෙන පරික්ඛවා සො විපුලං ජිනාතී’ති.
Sinhala BJT647. යමෙක් මෙලො වැ තමා කෙරෙහි වූ ඤාණබල හා කායබල දැනැ පරීක්‍ෂාවෙන් ක්‍රියා කෙරේ ද හෙතෙම ජපයෙන් අධ්‍යනයෙන් ද සාකච්ඡායෙන් ද සුබැසි කථායෙන් ද පරීක්‍ෂායෙන් යුක්ත වූයේ වේ ද හේ මහත් ජය ලබයි.
Pali BJT5. ජම්බුකජාතකං.
Sinhala BJT5. ජම්බුක ජාතක යි.
Pali BJT648. තිණං තිණන්ති ලපසි කො නු තෙ තිණමාහරි, කින්නු තෙ තිණකිච්චත්ථි තිණමෙව පභාසසි.
Sinhala BJT648. තෘණ තෘණ යයි කියන්නෙහි ය. ඔබගේ තෘණ කවරෙක් හැරගනී ද ඔබ හුදෙක් තෘණ ගැන මැ කියහි. තෘණයෙන් තොපට කවර ප්‍රයෝජනයෙක් ඇද්ද?
Pali BJT649. ඉධාගමා බ්රහ්මාචාරී බ්රහා ඡත්තො බහුස්සුතො, සො මෙ සබ්බං සමාදාය තිණං නික්ඛිප්ප ගච්ඡති.
Sinhala BJT649. උස් වූ බහුශ්‍රුත වූ ඡත්‍ර නමැති උත්තමචර්‍ය්‍යා ඇතියෙක් මෙහි පැමිණියේ ය. හෙතෙම මාගේ සියලු ධනය ගෙන සැළියේ තෘණ බහා ගියේ යැ.
Pali BJT650. එවෙතං හොති කත්තබ්බ. අප්පෙන බහුමිච්ඡතා, සබ්බං සකස්ස ආදානං අනාදානං තිණස්ස ච චාටීසු පක්ඛිපිත්වාන{1} තත්ථ කා පරිදෙවනා.
Sinhala BJT650. ස්වල්ප වූ තෘණයෙන් බොහෝ ධනය කැමැත්තේ මෙලෙස කටයුතු ය. පියා සතු සියලු ධනය ගැනීම ය, නො ගතයුතු තෘණ සැළියේ ලා ගමන් කිරීම ය (යන මේ දෑ බ්‍රහාඡත්තයා කෙළේ ය) ඒ කරුණෙහි කවර හැඬීමෙක් ද.
Pali BJT651. සීලවන්තො න කුබ්බන්ති බාලො සීලානි කුබ්බති, අනිච්චසීලං දුස්සීල්යං{2} කිං පණ්ඩිච්චං කරිස්සතී’ති.
Sinhala BJT651. සිල්වත්හු මෙබඳු දෙය නො කරති. අඥාන තෙම අනාචාරස්වභාවය නිසා මෙසේ කරයි. බොහෝ කල් නො පවතින සිල් ඇති දුස්සීලයාට පණ්ඩිතකම කුමක් කෙරේ ද?
Pali BJT6. බ්රහාඡත්තජාතකං.
Sinhala BJT6. බ්‍රහාඡත්ත ජාතක යි.
Pali BJT652. න තෙ පීඨමදායිම්හා න පානං නපි භොජනං, බ්රහ්මචාරි ඛමස්සු මෙ එතං පස්සාම අච්චයං.
Sinhala BJT652. බඹසැරිය, තොපට පුටුවක් නො දෙවුම්හ. ආහාරයක් හෝ පානයක් හෝ නො දෙවුම්හ. මාගේ වරද දකිමි. (මට) ක්‍ෂමා කරව.
Pali BJT653. නෙවාභිසජ්ජාමි න චාපි කුප්පෙ න චාපි මෙ අප්පියමාසි කිඤ්චි, අථොපි මෙ ආසි මනොවිතක්කො එතාදිසො නූන කුලස්ස ධම්මො.
Sinhala BJT653. තොපගේ දානයෙකැ නො ලැගෙමි. (කිසිවක් නො දිනැ යි) නො ද කිපෙමි. මට කිසිවක් අප්‍රිය ද නො වී ය. එහෙත්, මෙය ඒකාන්තයෙන් කුලස්වභාව ය යි මට අදහසෙක් විය.
Pali BJT654. එසස්මාකං කුලෙ ධම්මො පිතුපිතාමහො සදා, ආසනං උදකං පජ්ජං සබ්බෙතං නිපදාමසෙ.
Sinhala BJT654. ආසන, පා දෝනා දිය හා පා ගල්වන තෙල් යන මේ සියල්ල හැමදා දෙමු. මෙය අපගේ පියමුතුන් පරපුරේ (චාරිත්‍ර) ධර්‍ම යි.
Pali BJT655. එසස්මාකං කුලෙ ධම්මො පිතුපිතාමහො සදා, සක්කච්චං උපතිට්ඨාම උත්තමං විය ඤාතකන්ති.
Sinhala BJT655. උතුම් නෑයකුට මෙන් මැනැවින් උපස්ථාන කරමු. මෙය අපේ පියමුතුන් පරපුරේ හැමදා පැවති (චාරිත්‍ර) ධර්‍ම යි.
Pali BJT7. පීඨජාතකං.
Sinhala BJT7. පීඨ ජාතක යි.
Pali BJT656. විදිතං ථුසං උන්දුරානං විදිතං පන තණ්ඩුලං ථුසං ථූලං විවජ්ජෙත්වා තණ්ඩුලං පන ඛාදරෙ.
Sinhala BJT656. මීයන් විසින් වී පොතු ද දන්නා ලද යැ. සහල් ද දන්නා ලද යැ. ඔහු පොතු හැරපියා සහල් කන්නාහු ය.
Pali BJT657. යා මන්තනා අරඤ්ඤස්මිං යා ච ගාමෙ නිකණ්ණිකා, යඤ්චෙතං ඉතිචිතිච එතම්පි විදිතං මයා.
Sinhala BJT657. උයනෙහි යම් රහස් සාකච්ඡාවක් වී ද ගමෙහි ද යම් රහස් කීමෙක් වී ද මට පහර දීමට ඉඩක් සෙවී ද මෙය මා විසින් දන්නා ලදි.
Pali BJT658. ධම්මෙන කිර ජාතස්ස පිතා පුත්තස්ස මක්කටො, දහරස්සෙව සන්තස්ස දන්තෙහි ඵලමච්ඡිදා.
Sinhala BJT658. උපන් වඳුරා ළපටි වියේ සිටියදී ම පියා (වඳුරු) විසින් වඳුරු පැටියාගේ කෝෂය දතින් සිඳපී ල.
Pali BJT659. යමෙතං පරිසප්පසි{3} අජකාණොව සාසපෙ, යොපායං හෙට්ඨතො සෙසි{4} එතම්පි විදිතං මයා’ති.
Sinhala BJT659. අබ කෙතකට වන් කණ එළුදෙනක මෙන් ඔබමොබ යන්නෙහි ය. යම්බඳු මෙතෙම සයනය යට හෝනේ ද මෙ ද මා විසින් දන්නා ලදී.
Pali BJT8. ථුසජාතකං.
Sinhala BJT8. ථුස ජාතක යි.
Pali BJT660. අදස්සනෙන මොරස්ස සිඛිනො මඤ්ජුභාණිනො, කාකං තත්ථ අපූජෙසුං මංසෙන ච ඵලෙන ච.
Sinhala BJT660. සිළු ඇති මිහිරි නාද ඇති මොනරා දැක නැති හෙයින් එහි මනුෂ්‍යයෝ මස්වලින් හා පලවැළයෙන් කවුඩා පිදූහ.
Pali BJT661. යදා ච සරසම්පන්නො මොරො බවෙරුමාගමා, අථ ලාභො ච සක්කාරො වායසස්ස අහායථ.
Sinhala BJT661. යම් කලෙක මිහිරිනාද ඇති මොනරා බාවේරු පෙදෙසට ආයේ ද එකල කවුඩා ලාභයෙන් හා සත්කාරයෙන් පිරිහුනේ ය.
Pali BJT662. යාව නුපජ්ජති බුද්ධො ධම්මරාජා පභඞ්කරො, තාව අඤ්ඤෙ අපූජෙසුං පුථු සමණබ්රාහ්මණෙ.
Sinhala BJT662. යම්තාක් ධර්‍මරාජයන් වූ ලොව එලි කරන්නා වූ බුදුරජාණන් වහන්සේ ලොව නූපදී ද එතෙක් අන්තොටු බොහෝ මහණ බමුණන් ලෝවැසියෝ පිදූ.
Pali BJT663. යදා ච සරසම්පන්නො බුද්ධො ධම්මමදෙසයි, අථ ලාභො ච සක්කාරො තිත්ථියානං අහායථා’ති.
Sinhala BJT663. යම් කලක බ්‍රහ්මඝෝෂයෙන් යුතු බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ ද එකල තීර්‍ත්‍ථකයන්ට ලාභ සත්කාර නැති විය.
Pali BJT9. බාවෙරුජාතකං.
Sinhala BJT9. බාවේරු ජාතක යි.
Pali BJT664. අදාසි දානානි පුරෙ විසය්හ දදතො ච තෙ ඛයධම්මො අහොසි, ඉතො පරඤ්චෙ න දදෙය්ය දානං තිට්ඨෙය්යුං තෙ සඤ්ඤමන්තස්ස භොගො.
Sinhala BJT664. විසය්හය, පෙරැ දන් දින. දෙන්නා වූ තොපගේ වස්තු විනාශ විය. මින්පසු දන් නො දෙන්නේ නම් දීමෙන් වළකින තොපට පෙර පරිදි භෝගයෝ සිටුනාහ හෙවත් ඉතිරි වන්නාහ.
Pali BJT665. අනරියමරියෙන සහස්සනෙත්ත සුදුග්ගතෙනාපි අකිච්චමාහු, මා වො ධනං තං ජනින්ද අහුවා{1} යම්භොගහෙතු විජහෙම සද්ධං.
Sinhala BJT665. දහස් ඇස් ඇත්තාණෙනි, ජන දෙටුවාණෙනි, ඉතා දිළිඳු වූ ආර්‍ය්‍යයා විසින් වුවත් පාපක්‍රියාවක් නො කටයුතුය යි කියත් වස්තුව නිසා ශ්‍රද්ධාව අත් හරී නම් ඒ ධනයෙන් ප්‍රයෝජනයෙක් නැත.
Pali BJT666. යෙන එකො රථො යාති යාති තෙන පරො රථො, පොරාණං නිහිතං වත්තං වත්තතඤ්ඤෙව වාසව.
Sinhala BJT666. ශක්‍රය, යම් මගෙකින් රියක් යේ ද ඒ මගින් අනෙක් රියක් යයි. පෙරැ මා තැබූ දන්වැට මා සිටුනා තාක් (දවසින් දවස) වැඩේවා.
Pali BJT667. යදි හෙස්සති දස්සාම අසන්තෙ කිං දදාමසෙ, එවං භූතාපි දස්සාම මා දානං පමදාම්හසෙ’ති.
Sinhala BJT667. ඉදින් වස්තු විද්‍යාමාන වී නම් දෙන්නෙමු. වස්තුව නැති කල කුමක් දෙන්නෙමු ද (මෙය තණ සපයන්නකු වුව ද) අනාථ ව සිටුනේ නමුදු දන් දීමට ප්‍රමාද නො වම්හ.
Pali BJT10. විසය්හජාතකං.
Sinhala BJT10. විසය්හ ජාතක යි.
Pali BJTකොකාලිවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවන කෝකාලික වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅතිවෙලං පභාසති ජිනවරො වනමජ්ඣෙරථෙසභජිම්භගමො, අථ ජම්බුතිණාසනපීඨවරං අථ තණ්ඩුල මොර විසය්හ දස.
Sinhala BJTවේලාව ඉක්මවා කථා කළ කෝකාලික ජාතක යැ, (ජිනවර) රථලට්ඨි ජාතක යැ, (වනමජ්ඣෙ) ගෝධ ජාතක යැ, (රථේසභ) රාජෝවාද ජාතක යැ, යළි ජම්බුක ජාතක යැ, (තිණ) බ්‍රහාඡත්ත ජාතක යැ, පීඨ ජාතක යැ, (තණ්ඩුල) ථුස ජාතක යැ, මොණරකු ඇති බාවේරු ජාතක යැ, විසය්හ ජාතක ය යන මෙයින් දසය වේ.
Pali BJT5. චූළකුණාලවග්ගො
Sinhala BJT5. චූළකුණාල වර්‍ගය
Pali BJT668. නරානමාරාමකරාසු නාරිසු අනෙකචිත්තාසු අනිග්ගහාසු ච, සබ්බන්තනාපීතිකරාපි චෙ සියා න විස්සසෙ තිත්ථසමා හි නාරියො.
Sinhala BJT668. මිනිසුන් කෙරේ ඇලීම කරන නොයෙක් සිතුවිලි ඇති නිග්‍රහ කොට හික්මවන්නට නො හැකි ස්ත්‍රීන් විශ්වාස නො කරන්නේ ය. ඉදින් හැම ස්ත්‍රීහු තමන් අප්‍රීති වන්නේ වුව ද තොටුපළ සමානයහ.
Pali BJT669. යං චෙ දිස්වා කණ්ඩරි කින්නරානං{1} සබ්බිත්ථියො න රමන්ති අගාරෙ, තං තාදිසං මච්චං චජිත්වා භරියා අඤ්ඤං දිස්වා පුරිසං පීඨසප්පිං{2}
Sinhala BJT669. කණ්ඩරී රජුටත් කින්නරී බිසොවටත් යම් රාගකාරණයෙක් වී ද එය දැක හැම ස්ත්‍රීහු සිය සැමියන්ගේ ගෙහි නො ඇලෙති. එය එසේ ම ය. කණ්ඩරී රජුගේ භාර්‍ය්‍යාව පිළු වූ අන් පුරුෂයකු දැක රජු හැර දැමී ය.
Pali BJT670. බකස්ස ච පාවාරිකස්ස රඤ්ඤො අච්චන්තකාමානුගතස්ස භරියා, අවාචරී බද්ධවසානුගස්ස කං වා ඉත්ථි නාතිචරෙ තදඤ්ඤං.
Sinhala BJT670. අතිශය කාමාශක්ත බක, පාවාරික යන රජවරුන්ගේ බිසෝවරු මෙහෙකරුවන් හා අනාචාරයෙහි හැසුරුණාහු. ස්ත්‍රීහු සිය සැමියා කෙරෙන් පිටත් කවර පුරුෂයකු සමග වුව නො හැසිරෙත් ද?
Pali BJT671. පිඞ්ගියානී සබ්බලොකිස්සරස්ස රඤ්ඤො පියා බ්රහ්මදත්තස්ස භරියා අවාචරී බද්ධවසානුගස්ස තං වාපි සා නාජ්ඣගා කාමකාමිනී’ති.
Sinhala BJT671. මුළු ලොවට අධිපති බඹදත් රජුගේ පිංගියානී නැමැති කාමසම්පත් පතන ප්‍රිය බිරිඳ මෙහෙකරුවකු හා අනාචාරයෙහි හැසුරුණා ය. ඕතොමෝ ඔහු ද අගබිසෝ තනතුර ද යන (දෙකින්) පිරිහුණා ය.
Pali BJT1. කින්නරීජාතකං{3}.
Sinhala BJT1. කින්නරී ජාතක යි.
Pali BJT672. අසක්ඛිං වත අත්තානං උද්ධාතුං උදකා ථලං, න දානාහං පුන තුය්හං වසං ගච්ඡාමි වාරිජ.
Sinhala BJT672. කුම්භීලය, (මම) තමා දියෙන් ගොඩ නගන්නට ඒකාන්තයෙන් සමත් වීමි. දැන් මම යළිත් තාගේ වසඟයට නො යමි.
Pali BJT673. අලමෙතෙහි අම්බෙහි ජම්බූහි පනසෙහි ච, යානි පාරං සමුද්දස්ස වරං මය්හං උදුම්බරො.
Sinhala BJT673. සාගරයක් වැනි ගඟෙන් එතෙර යම්බඳු ඵලජාතියක් ඇද්ද (එයින් මට) කම් නැත. තෙල අඹ දඹ වැල වරකා වලට වඩා දිඹුල්ගෙඩි මට උතුමි.
Pali BJT674. යො ච උප්පතිතං අත්ථං න ඛිප්පමනුබුජ්ඣති, අමිත්තවසමන්වෙති පච්ඡා ච අනුතප්පති.
Sinhala BJT674. යමෙකුත් උපන් අර්‍ත්‍ථය වහා නො වටහා ගනී ද හෙතෙම සතුරන්ගේ වසඟයට පැමිණෙයි. පසුව තැවෙන්නේ ද වේ.
Pali BJT675. යො ච උප්පතිතං අත්ථං න ඛිප්පමෙව නිබොධති, මුච්චතෙ සත්තුසම්බාධා න ච පච්ඡාතප්පතී’ති.
Sinhala BJT675. යමෙක් උපන් අර්‍ත්‍ථය වහා වටහා ගනී ද හෙතෙම සතුරු පීඩාවෙන් මිදෙන්නේ ය. පසුව නො තැවෙන්නේ යි.
Pali BJT2. වානරජාතකං.
Sinhala BJT2. වානර ජාතක යි.
Pali BJT676. අවසිම්භා තවාගාරෙ නිච්චං සක්කතපූජිතා, ත්වමෙව දානි ච’කරි{1}. හන්ද රාජ වජාමහං.
Sinhala BJT676. රජතුමනි, තොපගේ ගෙහි නිතර සත්කාර කරනලදු වැ පුදනලදු වැ විසුවෙමු. දැන් තෙපි ම නිවසින් යන කරුණු කෙළෙහි. එහෙයින් මම යමි.
Pali BJT677. යො වෙ කතෙ පටිකතෙ කිබ්බිසෙ පටිකිබ්බිසෙ, එවං තං සම්මති වෙරං මස කුන්තිනි මාගමා.
Sinhala BJT677. යමෙක් අනුන් විසින් දරුණු අපරාධ තමාට කළ කලැ තමා විසිනු දු දරුණු අපරාධ අනුන්ට කළේ ද ඒකාන්තයෙන් එය කරන ලදැ යි දනී ද මෙසේ වූ කල වෛරය සන්හිඳේ. කොස් ළිහිණිය, මෙහි වසව (පිටත) නො යව.
Pali BJT678. න කතස්ස ච කත්තා ච මෙත්ති සන්ධීයතෙ පුන, හදයං නානුජානාති ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT678. රජතුමනි, අනුන්ට පීඩා කළ පුද්ගලයාගේ ද පීඩා ලද පුද්ගලයාගේ ද මිත්‍රත්‍වය නැවත ඇති නො වේ. මාගේ හිත මෙහි වාසයට කැමති නො වේ. එහෙයින් යන්නෙමි.
Pali BJT679. කතස්ස චෙව කත්තා ච මෙත්ති සන්ධීයතෙ පුන, ධීරානං නො ච බාලානං වස කුන්තිනි මාගමා’ති.
Sinhala BJT679. උපකාර ලබන්නාගේ ද උපකාර කරන්නාගේ ද මිත්‍රත්‍වය නැවත ගැළපේ. ප්‍රාඥයන්ගේ මිතුරුකම නැවත ඇති වේ. බාලයන්ගේ මිතුරුකම නැවත ඇති නො වේ. කුන්තිනිය, මෙහි වසව (පිටත) නො යව.
Pali BJT3. කුන්තිනීජාතකං.
Sinhala BJT3. කුන්තිනී ජාතක යි.
Pali BJT680. යො නීලියං මණ්ඩයති සණ්ඩාසෙන විහඤ්ඤති, තස්ස සා වසමන්වෙතු යා තෙ අම්බෙ අවාහරි.
Sinhala BJT680. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ පැසුණු කෙස් කළු කරන, සුදු කෙස් උගුල්ලා වෙහෙසට පත්වන්නකුගේ වසඟයට යේවා.
Pali BJT681. වීසං වා පඤ්චවීසං{2} වා ඌනතිංසංව ජාතියා, තාදිසා පතිමාලද්ධා යා තෙ අම්බෙ අවාහරි.
Sinhala BJT681. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ උපතින් විසි අවුරුද්ද, පස්විසි අවුරුද්ද හෝ එකුන්තිස් අවුරුද්දට පත් වයස ඇති සැමියකු ලබාවා.
Pali BJT682. දීඝං ගච්ඡතු අද්ධානං එකිකා {3}අභිසාරියා, සඞ්කෙතෙ පති මාද්දස යා තෙ අම්බෙ අවාහරි.
Sinhala BJT682. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ ගණිකාවක වී හුදෙකලා ව දිගමග යේවා. සලකුණු කී තැනෙහි දී සැමියා නො දකීවා.
Pali BJT683. අලඞ්කතා සුවසනා මාලිනී චන්දනුස්සදා, එකිකා සයනෙ සෙතු යා තෙ අම්බෙ අවාහරීති.
Sinhala BJT683. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ මනාලෙස හැඳි පැළඳි වස්ත්‍ර හා මල්දම් ඇත්තී සඳුන්කල්ක ගල්වා සැරසුණී තනි ව යහනේ සයනය කෙරේවා.
Pali BJT4. අම්බචොරජාතකං.
Sinhala BJT4. අම්බචෝර ජාතක යි.
Pali BJT684. වනං යදග්ගි දහති පාවකො කණ්හවත්තනී, කථං කරොසි පචලක එවං දන්ධපරක්කමො.
Sinhala BJT684. පචලකය, පාවක නම් වූ ද කෘෂ්ණ වර්‍තනී නම් වූ ද ගින්න යම්කලෙක වනය දවා ද එකලැ මඳ විරිය ඇත්තේ කෙසේ කරන්නෙහි ද?
Pali BJT685. බහූනි රුක්ඛජිද්දානි පථව්යා{1} විවරානි ච, තානි චෙ නාභිසම්භොම හොති නො කාලපරියායො.
Sinhala BJT685. ගස්බෙන ද පොළවෙහි ගුල් ද බොහෝ වෙති. ඉදින් ඒවා කරා නො පැමිණියමෝ නම් අපට මරණය ම වෙයි.
Pali BJT686. යො දන්ධකාලෙ තරති තරණීයෙ ච දන්ධති, සුක්ඛපණ්ණංව අක්කම්ම අත්ථං භඤ්ජති අත්තනො.
Sinhala BJT686. යමෙක් කටයුතු සෙමින් කළයුතු කාලයේ ඉක්මනට කෙරේ ද, ඉක්මනට කටයුතු කාලයෙහි සෙමින් කෙරේ ද හේ පෑගී ගිය වියළි තල්පතක් මෙන් දියුණුව නසයි.
Pali BJT687. යො දන්ධකාලෙ දන්ධෙති තරණීයෙ ච තාරයි, සසීව රත්තිං විභජං තස්සත්ථො පරිපූරතී’ති.
Sinhala BJT687. යමෙක් වැඩ සෙමින් කටයුතු කල්හි සෙමින් කෙරේ ද ඉක්මනින් කටයුතු කල්හි ඉක්මනින් කෙරේ ද හේ රාත්‍රියේ පුර අව පක්‍ෂයන් අනුව බෙදෙන හඳ මෙන් අභිමතාර්‍ත්‍ථය සම්පූර්‍ණ කරයි.
Pali BJT5. ගජකුම්භජාතකං.{2}
Sinhala BJT5. ගජකුම්භ ජාතක යි.
Pali BJT688. මනුස්සින්දං ජහිත්වාන සබ්බකාමසමිද්ධිනං, කථං නු භගවා කෙසි කප්පස්ස රමති අස්සමෙ.
Sinhala BJT688. හැම සැපතින් සම්පූර්‍ණ අපගේ රජතුමා හැරපියා කේශව නැමැති භාග්‍යවත් තපස්වී කප්ප තවුසාගේ අසපුවෙහි කෙසේ ඇලේ ද?
Pali BJT689. සාධුනි රමණීයානි සන්ති වක්ඛා මනොරමා, සුභාසිතානි කප්පස්ස නාරද රමයන්ති මං.
Sinhala BJT689. නාරදය, කප්ප තවුසාට මිහිරි වූ ළගන්නා වූ සුබැසි වචන ද සිත් අලවන රුක් ද ඇත. මොහු මාගේ සිත් අලවති යි.
Pali BJT690. සාලීනං ඔදනං භුඤ්ජෙ සුචිමංසූපසෙචනං, කථං සාමාකනීවාරං අලොණං ඡාදයන්ති තං.
Sinhala BJT690. පිරිසුදු මස්රස සහිත ඇල්සාලේ බත බිදියෙ යැ. ලුණු නැති බොඩහමු හූරහැල් කෙසේ ඒ තොප පිනවා ද.
Pali BJT691. අසාදුං යදි වා සාදුං{3} අප්පං වායදි වා බහුං, විස්සත්ථො යත්ථ භුඤ්ජෙය්ය විස්සාසපරමා රසාති.
Sinhala BJT691. විශ්වාසය ඇති කල්හි අමිහිරි වූ ද මිහිරි වූ ද මඳ වූ ද බොහෝ වූ ද ආහාර අනුභව කෙරේ ද (එය රසවත් වේ). රසයෝ විශ්වාසය පරම කොට ඇත්තෝ ය.
Pali BJT6. කෙසවජාතකං.{4}
Sinhala BJT6. කේසව ජාතක යි.
Pali BJT692. සබ්බායසං කූටමතිප්පමාණං පග්ගය්හ සො තිට්ඨති අන්තලික්ඛෙ, රක්ඛාය මෙ ත්වං විහිතො නුසජ්ජ උදාහු මෙ වායමසෙ වධාය.
Sinhala BJT692. ඉතා විශාල යකුළ ඔසවා ගෙන ඒ ඔබ අහසේ සිටී. තෙපි මාගේ රැක්ම පිණිස නියුක්තවහු ද නැතහොත් මා මරන්නට සිතන්නහු ද?
Pali BJT693. දූතො අහං රාජිධ රක්ඛසානං. වධාය තුය්හං පහිතොහමස්මි, ඉන්දො ච තං රක්ඛති දෙවරාජා තෙනුත්තමඞ්ගං න තෙ ඵාලයාමි.{5}
Sinhala BJT693. රජාණෙනි, තොපට වධ පිණිස මම මෙහි මෙහෙයවන ලද්දෙමි. දෙවියන්ගේ රජ වූ ශක්‍රයා තා රක්නේ ය. එහෙයින් තොපගේ හිස නො පළමි.
Pali BJT694. සචෙ ච මං රක්ඛති දෙවරාජා දෙවානමින්දො මඝවා සුජම්පති, කාමං පිසාචා කන්දන්තු සබ්බෙ න සන්තසෙ රක්ඛසියා පජාය.
Sinhala BJT694. ඉදින්, දෙවියන්ට අධිපති වූ ද මඝවා නැමැති වූ ද සුජාතාගේ සැමියා වූ ද දිව්‍යරාජයා මා රකී නම් සියලු පිසාචයෝ හඬත්වා. රකුසන්ට බිය නො වෙමි.
Pali BJT695. කාමං නන්දන්තු කුම්භණ්ඩා සබ්බෙපංසුපිසාචකා, නාලං පිසාචා යුද්ධාය මහතී සා විභිංසිකාති.
Sinhala BJT695. සියලු කුම්භාණ්ඩයෝ ද පිසාචයෝ ද රිසිසේ හඬත්වා. මා හා සටන් කරන්නට පිසාචයෝ පොහොසත් නො වෙති. යක්‍ෂයන්ගේ බිහිසුණු දර්‍ශන මහත් වෙයි.