Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවිවරවග්ගො{9} පඨමො.
Sinhala BJTපළමුවන විවර වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවිවරඤ්ච අදෙය්යසමිද්ධවරං අථ දද්දරපාපමහාතිරහො, අථ කොලිපලාසමරඤ්ච කර චරිමං සසමුද්දවරෙන දස.
Sinhala BJTදොර විවර කරවයි කී චූළකාළිඞ්ග ජාතක යැ, අදෙය්‍යෙසු යනාදිය පැවසූ මහාඅස්සාරෝහ ජාතක යැ, සමෘද්ධ කාමගුණ ඇති ඒකරාජ ජාතක යැ, යළි දද්දර ජාතක යැ, පාපකාරීහට රහස් නැති සේ කී සීලවිමංස ජාතක යැ, (කෝලි) සුජාතා ජාතක යැ, පලාස ජාතක යැ, අකරම්හසෙ යනාදිය කී ජවසකුණ ජාතක යැ, චරිමවත දැක්වූ ඡවක ජාතක යැ, (සමුද්දවර) සය්හ ජාතකයෙන් දසය වේ.
Pali BJT2. පුචිමන්දවග්ගො
Sinhala BJT2. පුචිමන්ද වර්‍ගය
Pali BJT548. උට්ඨෙහි චොර කිං සෙසි කො අත්ථො සුපිනෙන තෙ, මා තං ගහෙසුං{1} රාජානො ගාමෙ කිබ්බිසකාරකං.
Sinhala BJT548. චෞරය නැගිටුව. කුමට වැදහෙයි ද? වැදහීමෙන් තට කවර ප්‍රයෝජනයෙක් ද? ගමෙහි දරුණුකම් කළ තා රජදරුවෝ අල්ලා නො ගනිත්වා.
Pali BJT549. යන්නු චොරං ගහෙස්සන්ති ගාමෙ කිබ්බිසකාරකං, කිං තත්ථ පුචිමන්දස්ස වනෙ ජාතස්ස තිට්ඨතො.
Sinhala BJT549. ගමෙහි දරුණුකම් කළ සොරා අල්ලා ගනිති. යන යමෙක් වේ ද (එයින්) වනයෙහි ඉපිද සිටිනා වූ කොහොඹ ගසට එහි ලා කුමක් වේ ද?
Pali BJT550. න ත්වං අස්සත්ථ ජානාසි මම චොරස්ස චන්තරං, චොරං ගහෙත්වා රාජානො ගාමෙ කිබ්බිසකාරකං අප්පෙන්ති නිම්බසූලස්මිං තස්මිං මෙ සඞ්කතෙ මනො.
Sinhala BJT550. අස්වත්‍ථය, මාගේ ද සොරාගේ ද අතර (වෙනස) ඔබ නො දන්නෙහි ය. ගමේ අපරාධ කළ සොරහු රජදරුවෝ ගෙන කොහොඹ උලෙහි තබත්. මාගේ සිත එකරුණෙහි ලා සැක කෙරේ.
Pali BJT551. සඞ්කෙය්ය සඞ්කිතබ්බානි රක්ඛෙය්යානාගතං භයං, අනාගතභයා ධීරො උභො ලොකෙ අවෙක්ඛතී’ති.
Sinhala BJT551. සැක කටයුත්තන් සැක කරන්නේ යැ. නො පැමිණි බිය රක්නේ යැ. අනාගත භය හේතු කොටගෙන ප්‍රාඥයා දෙලොව බලයි.
Pali BJT1. පුචිමන්දජාතකං.
Sinhala BJT1. පුචිමන්ද ජාතක යි.
Pali BJT552. අපි කස්සපමන්දියා යුවා සපති හන්ති වා, සබ්බන්තං ඛමතෙ ධීරො පණ්ඩිතො තං තිතික්ඛති.
Sinhala BJT552. කාශ්‍යපය, ළදරුවා ළදරු බව නිසා බැණීම හෝ පහර දීම හෝ කෙරෙයි. ඒ සියල්ල නුවණැත්තා ඉවසයි. පණ්ඩිතයා එය කමා කෙරෙයි.
Pali BJT553. සචෙපි සන්තො විවදන්ති ඛිප්පං සන්ධීයරෙ පුන, බාලා පත්තාව භිජ්ජන්ති න තෙ සමථමජ්ඣගු.
Sinhala BJT553. ඉදින් (වනාහි) සත්පුරුෂයෝ විවාද කෙරෙත් නමුදු, වහා එකතු වෙති. නැවත බාලයෝ (මැටි) පාත්‍ර මෙන් බිඳෙති. ඔවුහු සන්හිඳීමට නො පැමිණෙති.
Pali BJT554. එතෙ භූය්යො සමායන්ති සන්ධි තෙසං න ජීරති, යො චාධිපන්නං ජානාති යො ච ජානාති දෙසනං.
Sinhala BJT554. යමෙක් තමා මැඩගෙන උපන් ද්වේෂය දනී ද, යමෙක් වරද දෙසීම පිළිගන්නා සේ දනි. මොවුහු නැවත එකතු වෙති. ඔවුන්ගේ මිතුරුකම නො නැසේ.
Pali BJT555. එසො හි උත්තරිතරො හාරවාහො ධුරන්ධරො, යො පරෙසාධිපන්නානං සයං සන්ධාතුමරහතී’ති.
Sinhala BJT555. යමෙක් ද්වේෂයෙන් දූෂිත වූ මෙරමාගේ සන්‍ධානය කරන්නට (සමගි කරන්නට) තෙමේ සුදුසු වේ ද මෙතෙම වනාහි උත්තරීතර වෙයි. භාරෝද්වහනය කරන්නේ ද වේ. ධුරන්‍ධර ද වෙයි.
Pali BJT2. කස්සපමන්දියජාතකං.
Sinhala BJT2. කස්සපමන්‍දිය ජාතක යි.
Pali BJT556. යො තෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණනාසඤ්ච ඡෙදයි, තස්ස කුජ්ඣ මහාවීර මා රට්ඨං විනස්සා ඉදං.
Sinhala BJT556. මහාවීරයාණෙනි, යමෙක් ඔබගේ අත් පා කන් නාසා කැප්පී ද ඔහුට කිපෙන්නේ මැනැවි. මේ රට විනාස නො කරව.
Pali BJT557. යො මෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණනාසඤ්ච ඡෙදයි, චිරං ජීවතු සො රාජා න හි කුජ්ඣන්ති මාදිසා.
Sinhala BJT557. යමෙක් මගේ අත් පා කන් නාසා කැප්පී ද ඒ රජ සැරදේවා! මා වැන්නෝ නො කිපෙත්.
Pali BJT558. අහූ අතීතමද්ධානං{2} සමණො ඛත්තිදීපනො, තං ඛන්තියායෙව ඨිතං කාසිරාජා අඡෙදයි.
Sinhala BJT558. අතීත කාලයේ ඉවැසීමේ අගය ප්‍රකාශ කරන ශ්‍රමණයෙක් විය. ඉවැසීමේ ම පිහිටි ඔහු කසී රජ ඡේදනය කරවී.
Pali BJT559. තස්ස කම්මස්ස ඵරුසස්ස විපාකො කටුකො අහු, යං කාසිරාජා වෙදෙසි නිරයම්හි සමප්පිතො’ති.
Sinhala BJT559. නිරයේ පිහිටි (හෙවත් උපන්) කසීරජ යම් දුකක් වින්දේ ද එය කර්‍කශ විය. එය පරුෂ වූ ඒ කර්‍මයාගේ විපාක යි.
Pali BJT3. ඛන්තිවාදිජාතකං.
Sinhala BJT3. ඛන්තිවාදී ජාතක යි.
Pali BJT560. දුජ්ජීවිතං අජීවිම්හ යෙ සන්තෙ න දදම්හසෙ, විජ්ජමානෙසු භොගෙසු දීපං නාකම්හ අත්තනො.
Sinhala BJT560. යම්බඳු අපි වස්තු විද්‍යමාන කල්හි නො දුන්නමෝ ද එහෙයින් භෝග ඇති කල්හි තමහට ප්‍රතිෂ්ඨාවක් නො කළමෝ ද මෙසේ නපුරු ජීවිකාවෙන් ජීවත් වූම්හ.
Pali BJT561. සට්ඨි{1} වස්සසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, නිරයෙ පච්චමානානං කදා අන්තො භවිස්සති.
Sinhala BJT561. සර්‍වප්‍රකාරයෙන් අවුරුදු හැටදහසෙක් පිරිණි. නිරෑහි පැසෙන (අපට) කවදා (මේ දුකේ) කෙළවරෙක් වේ ද?
Pali BJT562. නත්ථි අන්තො කුතො අන්තො න අන්තො පතිදිස්සති, තදා හි පකතං පාපං මමං{2} තුය්හඤ්ච මාරිසා{3}.
Sinhala BJT562. නිදුකාණෙනි, මා විසිනු දු තා විසිනු දු එකල්හි බොහෝ පාපකර්‍ම කරන ලද. මේ දුකෙහි කෙළවරෙක් නැත. කවර අවසානයෙක් ද? කෙළවරෙක් නො පැනේ.
Pali BJT563. සොහං{4} නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං, වදඤ්ඤූ සීලසම්පන්නො කාහාමි කුසලං බහු’න්ති.
Sinhala BJT563. ඒ මම මින් (සැව) ගොස් මිනිස් දිවියක් ලදින් ත්‍යාගශීලි වූයෙම් සිල්සපන් වූයෙම් ඒකාන්තයෙන් බොහෝ කුසල් කෙරෙමි.
Pali BJT4. ලොහකුම්භිජාතකං.
Sinhala BJT4. ලෝහකුම්භි ජාතක යි.
Pali BJT564. ඵරුසා වත තෙ වාචා මංසං යාචනකො අසි, කිලොමසදිසී වාචා කිලොමං සම්ම දදාමි තෙ.
Sinhala BJT564. යහළුව ඉල්ලන්නෙක් වෙහි. එකැතින් ඔබේ වචන පරුෂ ය. තොපගේ වචන දළබුවට (ශරීරයේ කොටසක්) සමාන ය. එහෙයින් තොපට දළබුව දෙමි.
Pali BJT565. අඞ්ගමෙතං මනුස්සානං භාතා ලොකෙ පවුච්චති, අඞ්ගස්ස සදිසී වාචා අඞ්ගං සම්ම දදාමි තෙ.
Sinhala BJT565. ලෝකයේ මනුෂ්‍යයන්ට සහෝදරයා යන මේ සම්මුතිය (ශරීරයේ) අංගයකැ යි කියනු ලැබේ. මිතුර තොපගේ වචන අංග සමාන ය. එහෙයින් තොප ශරීරාංගයක් දෙමි.
Pali BJT566. තාතාති පුත්තො වදමානො කම්පෙති හදයං පිතු, හදයස්ස සදිසී වාචා හදයං සම්ම දදාමි තෙ.
Sinhala BJT566. පුතා පියාය යි කියන්නේ පියාගේ හදවත කම්පා කෙරේ. තොපගේ තෙපුල් හදවතට සමාන ය. (කථාව මිහිරි ය.) එහෙයින් තොපට හෘදයමාංශය දෙමි.
Pali BJT567. යස්ස ගාමෙ සඛා නත්ථි යථාරඤ්ඤං තථෙව තං, සබ්බස්ස සදිසී වාචා සබ්බං සම්ම දදාමි තෙ’ති.
Sinhala BJT567. යමකුගේ ගමෙහි මිතුරෙක් නැද්ද. ඒ මිතුරන් නැති ගම අරණ්‍යයක් වැනි ය. තොපගේ මධුර වචන තමා සතු සියලු වස්තුවට සමාන ය. එහෙයින් සියලු මස් ගැල ම තොපට දෙමි.
Pali BJT5. මාංසජාතකං.
Sinhala BJT5. මාංශ ජාතක යි.
Pali BJT568. සත්ත මෙ රොහිතා මච්ඡා උදකා ථලමුබ්භතා, ඉදං බ්රාහ්මණ මෙ අත්ථි එතං භුත්වා වනෙ වස.
Sinhala BJT568. බමුණ, දියෙන් ගොඩ ලූ රේමස්හු සත් දෙනෙක් ඇත. මේ මත්ස්‍යාහාර අනුභව කොට වනයෙහි වාස කරව.
Pali BJT569. දුස්ස මෙ ඛෙත්තපාලස්ස රත්තිභත්තං{5} අපාහතං, මංසසූලා ච ද්වෙ ගොධා එකඤ්ච දධිවාරකං; ඉදං බ්රාහ්මණ මෙ අත්ථි එතං භුත්වා වනෙ වස.
Sinhala BJT569. අපට නුදුරෙහි තෙල කුඹුරු රක්නහුට රෑබතට ගෙනා පැලහූ මස්හුල් දෙකක් ද තලගොයෙක් ද දීකිරි කළයෙක් ද ඇත. මෙය වළඳා වෙනෙහි වසන්න.
Pali BJT570. අම්බපක්කොදකං සීතං සීතච්ඡායංමනොරමං. ඉදං බ්රාහ්මණ මෙ අත්ථි එතං භුත්වා වනෙ වස.
Sinhala BJT570. බමුණ, ඉදුණු අඹ පලයෙක් ද සිහිල් දිය ද මනරම් සිහිල් සෙවණ ද මට ඇත. මෙය වළඳා වෙනෙහි වාස කරව.
Pali BJT571. න සසස්ස තිලා අත්ථි න මුග්ගා නපි තණ්ඩුලා, ඉමිනා අග්ගිනා පක්කං මමං භුත්වා වනෙ වසාති.
Sinhala BJT571. සාවකුට තල නැත. මුං සහල් නැත. මේ ගින්නෙන් පැලැහුණු මා වළඳා වෙනෙහි වාසය කරව.
Pali BJT6. සසජාතකං.
Sinhala BJT6. සස ජාතක යි.
Pali BJT572. මතමතමෙව රොදථ න හි තං රොදථ යො මරිස්සති, සබ්බෙව සරීරධාරිනො අනුපුබ්බෙන ජහන්ති ජීවිතං.
Sinhala BJT572. මළහු මළහු ගෙනැ ම හඬවු. යමෙක් මියයන්නේ ද ඒ මරණනියතය ගැනැ නො හඬවු. සිරුරු දරන හැමදෙනම අනුක්‍රමයෙන් තම තමන්ගේ දිවි හරනාහු වෙති.
Pali BJT573. දෙවමනුස්සා චතුප්පදා පක්ඛිගණා උරගා{1} ච භොගිනො. සම්හි සරීරෙ අනිස්සරා රමමානාව ජහන්ති ජීවිතං.
Sinhala BJT573. දෙවිමිනිස්හු ද සිවුපාවෝ ද පක්‍ෂි සමූහයා ද භොග ඇත්තෝ ද සිය සිරුරෙහි ආධිපත්‍යය නැති ව තමතමන් උපන් අත්බැව්හිත් ඇලුම් ඇති ව දිවි හරනාහු වෙති.
Pali BJT574. එවඤ්චලිතං අසණ්ඨිතං සුඛදුක්ඛං මනුජෙසු අපෙක්ඛිය, කන්දිතරුදිතං නිරත්ථකං කිං වො සොකගණාභිකිරරෙ.
Sinhala BJT574. මෙසේ තුන් භවයෙහි නිශ්චලතාවක් සංස්ථානයක් නැතියෙන් සලිත වූ නො පිහිටි සැපදුක් මනුෂ්‍යයන් කෙරෙහි අපේක්‍ෂා කොට ගෙන හැඬීම වැලපීම නිරර්‍ත්‍ථක ය. ශෝක රාශීහු තොප කුමට මැඩපියද්ද?
Pali BJT575. ධුත්තා{2} සොණ්ඩා අකතා බාලා{3} සූරා අයොගිනො, ධීරං මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදාති.
Sinhala BJT575. ධූර්‍තවූ ලොල් වූ සිප්සතර පුරුදු නො කළා වූ මෝඩ වූ නො කටයුත්තෙහි ශූර වූ, ධර්‍මයෙහි අදක්‍ෂ වූ යම් කෙනෙක් වෙද්ද ඔව්හු මා මෝඩයෙකැ යි සිතති.
Pali BJT7. මතරොදනජාතකං.
Sinhala BJT7. මතරෝදන ජාතක යි.
Pali BJT576. යන්තං වසන්තසමයෙ කණවෙරෙසු භානුසු, සාමං බාහාය පීළෙසි සා තං ආරොග්යමබ්රවි.
Sinhala BJT576. වසන්ත කාලයේ රක්ත වර්‍ණය ඇති කණේරු වෙනෙහි දී ඔබ සාමා නමැති යම් ස්ත්‍රියක් බාහුයෙන් පෙළී ද ඕ තොමෝ තොපට අරෝග බව කිව.
Pali BJT577. අම්භො න කිර සද්ධෙය්යං වාතො පබ්බතං වහෙ, පබ්බතඤ්චෙ වහෙ වාතො සබ්බම්පි යඨවිං වහෙ; යත්ථ සාමා කාලකතා සා මං ආරොග්යමබ්රවි.
Sinhala BJT577. පින්වත, සුළඟ පර්‍වතයක් (තණපතක් සේ) පා කර හරින්නේ නම් එය විශ්වාස කළ නො හේ ම ය. ඉදින් සුළඟ පර්‍වතයක් පා කරා නම් පොළොව ද පා කරයි. යම් තැනෙකැ සාමා මරණයට පත් වූ ද ඕතොමෝ මට අරෝග බව කිව යනු දු නො විය හේ මැ යි.
Pali BJT578. න චෙව සා කාලකතා න ච සා අඤ්ඤමිච්ඡති, එකභත්තා කිර සාමා තමෙව අභිකඞ්ඛති.
Sinhala BJT578. සාමා කලුරිය නො කළා ය. ඕ තොමෝ අනිකකු නො කැමැත්තී ය. ඒකභක්තික වූ සාමා තොප ම පතන්නී ය.
Pali BJT579. අසන්ථුතං මං චිරසන්ථුතෙන නිමීනි සාමා අධුවං ධුවෙන, මයාපි සාමා නිමිනෙය්ය අඤ්ඤං ඉතො අහං දූරතරං ගමිස්සන්ති.
Sinhala BJT579. සාමා සංසර්‍ගයක් නො කළා වූ අස්ථිර වූ මා දිගු කලක් සංසර්‍ග කළ ස්ථිර සැමියාගෙන් පිරිවට (හුවමාරු) කළා සාමා මා කරණකොටගෙන ද අනෙකකු පිරිවට ගන්නී ය. මම මෙතැනිනුත් ඉතා ඈතට යන්නෙමි.
Pali BJT8. කණවෙරජාතකං.
Sinhala BJT8. කණවේර ජාතක යි.
Pali BJT580. සුසුඛං වත ජීවාමි ලභාමි චෙව භුඤ්ජිතුං පරිපන්ථෙ ච තිට්ඨාමි කානු{1} භන්තෙ ගතී මම.
Sinhala BJT580. ස්වාමීනි, ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමි. කෑම ද ලබමි. එහෙත් උපද්‍රවයෙහි සිටිමි. මට කවර පිහිටක් ද?
Pali BJT581. මනො චෙ තෙ න පනමති පක්ඛී පාපස්ස කම්මුනො, අව්යාවටස්ස භද්රස්ස න පාපමුපලිප්පති.
Sinhala BJT581. පක්‍ෂිය, තොපගේ සිත පාපක්‍රියාවට නො නැමේ. පාප කර්‍මයෙහි නො යෙදෙන යහපත් පැවතුම් ඇති තොපට පාපය නො ඇලේ. (හෙවත් පාපයක් නැත).
Pali BJT582. ඤාතකො නො නිසින්නොති බහු ආගච්ඡතෙ ජනො, පටිච්ච කම්මං ඵුසති තස්මිං මෙ සඞ්කතෙ මනො.
Sinhala BJT582. අපේ නෑයෙක් හුන්නේ යයි බොහෝ දෙනා (පක්‍ෂීහු) එති. මා නිසා ප්‍රාණඝාත අකුශලය ලබයි. මගේ සිත (මේ කරුණෙහි ලා) සැක කෙරේ.
Pali BJT583. පටිච්ච කම්මං න ඵුසති මනො චෙ නප්පදුස්සති, අප්පොස්සුක්කස්ස භද්රස්ස න පාපමුපලිප්පතී’ති.
Sinhala BJT583. ඉදින් තොපගේ සිත අදූෂිත නම් (වධක චේතනා නැති නම්) තා නිසා ප්‍රාණඝාත කර්‍මය සිදු නො වේ. පාපකර්‍මයට උත්සාහ රහිත වූ පැවැත්ම ඇතියාට පාපය නො ඇලේ. (හෙවත් පාපය සිදු නො වේ.)
Pali BJT9. තිත්තිරජාතකං.
Sinhala BJT9. තිත්තිර ජාතක යි.
Pali BJT584. සුච්චජං වත නච්චජි වාචාය අදදං ගිරිං, කිම්හි තස්සං චජන්තස්ස වාචා අදද පබ්බතං.
Sinhala BJT584. වචනමාත්‍රයෙන් දිය හැකි ව තිබියදී ද දෙන්නට පිළිවන් දෙය ඒකාන්තයෙන් නුදුන්නේ ය. වචනමාත්‍රයෙන් රන්මුවා පව්ව දෙන ඔහුට කවර හානියක් ද? එහෙත් වචනමාත්‍රයෙන් නුදුන්නේ ය.
Pali BJT585. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා.
Sinhala BJT585. යමක් කරන්නේ ද එය කියන්නේ ය. යමක් නො කරන්නේ ද එය නො කියන්නේ ය. දානාදි පුණ්‍යක්‍රියා නො කරන බොරු කියන්නවුන් පඬිවරු දැනගනිත්.
Pali BJT586. රාජපුත්ත නමො ත්යුත්ථු සච්චෙ ධම්මෙ ඨිතොවසි, යස්ස තෙ ව්යසනං පත්තො සච්චස්මිං රමතෙ මනො.
Sinhala BJT586. රාජපුත්‍රය, සත්‍යවචනයෙහි ද ස්වාභාවධර්‍මයෙහි ද පිහිටි යම්බඳු ඔබ විපතට පැමිණියේ වුව ද (ඔබේ) සිත සත්‍යකතායෙහි ම ඇලේ. එහෙයින් තොපට නමස්කාර වේවා.
Pali BJT587. යා දළිදදී දළිද්දස්ස අඩ්ඪා අඩ්ඪස්ස කිත්තිමා, ස හිස්ස පරමා භරියා සහිරඤ්ඤස්ස ඉත්ථියොති.
Sinhala BJT587. යම් ස්ත්‍රියක් දිළිඳු සැමියාට දිළිඳු බිරිඳ වී ද ධනවත් සැමියාට ධනවත් බිරිඳ වී ද කීර්තිය ඇති ඕ තොමෝ මොහුගේ උතුම් වූ බිරිඳ ය. රන්රුවන් ආදි ඉසුරු ඇතියහුට ස්ත්‍රීහු වෙති. (ඒ ආශ්චර්‍ය්‍ය නො වේ.)
Pali BJT10. සුච්චජජාතකං.
Sinhala BJT10. සුච්චජ ජාතක යි.
Pali BJTපුචිමන්දවග්ගො දුතියො
Sinhala BJTදෙවෙනි පුචිමන්ද වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTඅථ චොරසකස්සපඛන්තිවරො දුජ්ජිවිතතා ච වරාඵරුසා, අථ සසමතඤ්ච වසන්තසුඛං සුච්චජං වත නච්චජිතා ච දස.
Sinhala BJTසොරකු සඳහන් කරන පුචිමන්ද ජාතක යැ, කස්සපමන්‍දිය ජාතකය, සහිත උතුම් ක්‍ෂාන්තිවාදී ජාතක යැ, දුට්ඨ ජීවිත ඇති ලෝහකුම්භි ජාතක යැ, පරුෂාදී වචන ඇති මංස ජාතක යැ, යළි සස ජාතක හා (මතංච) මත රෝදන ජාතකය ද වසන්ත සමය කියන කණවේර ජාතක යැ, (සුඛං) තිත්තිර ජාතක යැ, සුච්චජ ජාතකයෙන් දසය වේ.
Pali BJT3. කුටිදූසකවග්ගො
Sinhala BJT3. කුටිදූසක වර්‍ගය
Pali BJT588. මනුස්සස්සෙව තෙ සීසං හත්ථපාදා ච වානර, අථ කෙන නු වණ්ණෙන අගාරං තෙ න විජ්ජති.
Sinhala BJT588. වානරය, තොපගේ හිස ද අත්පාද මිනිසකුට සමාන ය. එසේ කලැ කවර නම් කාරණයෙකින් තොපට ගෙයක් නැත් ද?
Pali BJT589. මනුස්සස්සෙව මෙ සීසං හත්ථපාදා ච සිඞ්ගිල යාහු සෙට්ඨා මනුස්සෙසු සා මෙ පඤ්ඤා න විජ්ජති.
Sinhala BJT589. සිංගිලය, මගේ හිස ද අත්පාද මනුෂ්‍යයකුගේ වැනි ය. මනුෂ්‍යයන් කෙරෙහි යමක් ශ්‍රේෂ්ඨය යි කියත් ද. ඒ ශ්‍රේෂ්ඨ වූ ප්‍රඥාව මට නැත.
Pali BJT590. අනවට්ඨිතචිත්තස්ස ලහුචිත්තස්ස දුබ්භිනො{1}, නිච්චං අද්ධුවසීලස්ස සුචිභාවො{2} න විජ්ජති.
Sinhala BJT590. එක අරමුණෙක නො පවත්නා වහා වෙනස්වන සිත් ඇති මිත්‍රද්‍රෝහි වූ අස්ථිර ගති ඇත්තාට පවිත්‍ර බවක් නැත.
Pali BJT591. සො කරස්සු අනුභාවං වීතිවත්තස්සු සීලියං. සීතවාතපරිත්තාණං කරස්සු කුටිකං කපීති.
Sinhala BJT591. වඳුර ප්‍රඥාව ලැබෙන උපායක් කරව. දුසිල් බව (නො හික්මුණ ගතිය) දුරු කරව. සීතවාත පරිත්‍රාණයට සමර්‍ත්‍ථ කැදැල්ලක් කරව.
Pali BJT1. කුටිදූසකජාතකං.
Sinhala BJT1. කුටිදූසක ජාතක යි.
Pali BJT592. දද්දභායති{3} භද්දන්තෙ යස්මිං දෙසෙ වසාමහං, අහම්පෙතං න ජානාමි කිමෙතං දද්දභායති.
Sinhala BJT592. ඔබට සෙතක් වේවා! මම යම් දෙසෙක වෙසෙම් ද එහි දද්දභ යන හඬ කෙරෙයි. මම ද මෙය නො දනිමි. කවර කරුණෙකින් දද්දභ යන මේ හඬ කෙරේ ද?
Pali BJT593. බෙලුවං පතිතං{4} සුත්වා දද්දභන්ති{5} සසො ජවි, සසස්ස වචනං සුත්වා සන්තත්තා මිගවාහිනී.
Sinhala BJT593. වැටුණ බෙලිගෙඩියේ හඬ අසා සාවා දද්දභ යයි (කියා දිව්වේ ය.) සාවාගේ වචනය අසා තැතිගත් දහස් ගණන් මෘග සේනාව ද දිවූ.
Pali BJT594. අප්පත්වා පදවිඤ්ඤාණං පරඝොසානුසාරිනො, පමාදපරමා බාලා තෙ හොන්ති පරපත්තියා.
Sinhala BJT594. විඤ්ඤාණපදයට නො පැමිණ (කනින් නො අසා) පරඝෝෂය අනුව යන පරතෝඝෝෂ සඛ්ඛ්‍යාත ප්‍රමාදය පරම කොට ඇති ඒ අන්‍ධබාලයෝ අනුන්ගේ වචන හදහා කරන්නෝ වෙති.
Pali BJT595. යෙ ච සීලෙන සම්පන්නා පඤ්ඤායුපසමෙ රතා, ‘ආරකා විරතා ධීරා න හොන්ති පරපත්තියාති.
Sinhala BJT595. යම් කෙනෙක් ආර්‍ය සීලයෙන් සමෘද්ධ වූවාහු මාර්‍ග ඥානයෙන් කෙලෙසුන් සන්හිඳුවා ලීමෙහි ඇලුණාහු වෙත්ද පාප ක්‍රියායෙන් දුරු වූ වෙන් වූ ඒ පණ්ඩිතයෝ ප්‍රත්‍යක්‍ෂ බැවින් මෙරමා බස් විශ්වාස නො කෙරෙති.
Pali BJT2. දද්දභජාතකං{7}.
Sinhala BJT2. දද්දභ ජාතක යි.
Pali BJT596. ද්වයං යාචනකො රාජ බ්රහ්මදත්ත නිගච්ඡති, අලාභං ධනලාභං වා එවං ධම්මා හි යාචනා.
Sinhala BJT596. බඹදත් රජතුමනි, යාච්ඤා කරන්නේ වස්තුව ලැබීමට හෝ නො ලැබීමට යන මේ දෙකට පැමිණෙයි. යාච්ඤාව මෙබඳු ස්වභාව ඇත්තේ ය.
Pali BJT597. යාචනං රොදනං ආහු පඤ්චාලානං රථෙසභ, යො යාචනං පච්චක්ඛාති තමාහු පටිරොදනං.
Sinhala BJT597. පංචාලේශ්වරය, ඉල්ලීම හැඬීමකැ යි පුරාතනයෝ කීහ. යමෙක් ඉල්ලීම ප්‍රතික්‍ෂේප කෙරේ ද එය පෙරළා හැඬීමකැ යි කීහ.
Pali BJT598. මා මද්දසංසු{8} රොදන්තං පඤ්චාලා සුසමාගතා, තුවං වා පටිරොදන්තං තස්මා ඉච්ඡාමහං රහො.
Sinhala BJT598. රැස්ව සිටින පංචාලරට වැසියෝ හඬන මා ද පෙරළා හඬන ඔබ ද නො දකිත්වා. එහෙයින් මම රහස් කැමැත්තෙමි. (හෙවත් රහසිගත ව සිටිනු කැමැත්තෙමි.)
Pali BJT599. දදාමි තෙ බ්රාහ්මණ රොහිණීනං ගවං සහස්සං සහ පුඞ්ගවෙන, අරියො හි අරියස්ස කථං න දජ්ජෙ{1} සුත්වාන ගාථා තව ධම්මයුත්තා’ති.
Sinhala BJT599. බමුණ, වෘෂභයෙකු හා රතුදෙනුන් දහසක් තොපට දෙමි. සහේතුකව (ඔබ) කී ගාථාවන් අසා ආර්‍ය්‍යයෙක් ආර්‍ය වූ තොපට කුමක් හෙයින් නො දෙන්නේ ද?
Pali BJT3. බ්රහ්මදත්තජාතකං.
Sinhala BJT3. බ්‍රහ්මදත්ත ජාතක යි.
Pali BJT600. කල්යාණරූපො වතයං චතුප්පදො සුභද්දකො චෙව සුපෙසලො ච, යො බ්රාහ්මණං ජාතිමන්තූපපන්නං අපචායති මෙණ්ඩවරො යසස්සි.
Sinhala BJT600. යශස්වී වූ යම් බැටළුවෙක් උතුම් ජාතිය හා මන්ත්‍රයෙන් යුතු (මන්ත්‍ර දන්නා) බ්‍රාහ්මණයාට ගරු කෙරේ ද (මේ ගුණයෙන් යුතු) මේ සිවුපාවා ඉතා යහපත් ගති ඇත්තේ උත්තම වූයේ ද හික්මුණේ ද වේ.
Pali BJT601 මා බ්රාහ්මණ ඉත්තරදස්සනෙන විස්සාසමාපජ්ජි චතුප්පදස්ස, දළ්හප්පහාරං අභිකඞ්ඛමානො අපසක්කති{2} දස්සති සුප්පහාරං.
Sinhala BJT601. බමුණ, සිවුපාවා දුටු පමණින් විශ්වාස නො කරව, දැඩි පහරක් දෙනු කැමැති ව පසුබසී. දැඩි පහරක් දෙන්නේ ය.
Pali BJT602. ඌරට්ඨි භග්ගං පතිතො ඛාරිභාරො{3} සබ්බං භණ්ඩං බ්රාහ්මණස්සීධභින්නං, බාහාපග්ගය්හ කන්දති. අභිධාවථා හඤ්ඤතෙ බ්රහ්මචාරී
Sinhala BJT602. කලවා ඇටය කැඩිණි. තවුස්පිරිකර වැටිණි. තවුසාගේ තවුස්පිරිකර සියල්ල කැඩී බිඳී ගියේ ය. තවුසා නසනු ලැබේ. තෙපි ඉදිරියට දුවව යි (පිරිස කියමින්) දෙ අත් නඟා ගෙන හඬයි.
Pali BJT603. එවං සො නිහතො සෙති යො අපූජං නමස්සති,{4} යථාහමජ්ජ පහටො හතො මෙණ්ඩෙන දුම්මතී’ති.
Sinhala BJT603. නුවණ නැති මම අද බැටළුවා විසින් පහර දෙන ලදුව යම්සේ නටුයෙම් ද එසේ යමෙක් පූජාර්‍හ නො වූවහුට නමදී ද හෙතෙම මැරී හෝනේ යි.
Pali BJT4. චම්මසාටකජාතකං.
Sinhala BJT4. චම්මසාටක ජාතක යි.
Pali BJT604. සමණං තං මඤ්ඤමානො උපගඤ්ඡිං අසඤ්ඤතං, සො මං දණ්ඩෙන පාහාසි යථා අස්සමණො තථා.
Sinhala BJT604. අසංයත වූ තා ශ්‍රමණයෙකැ යි සිතමින් ලඟට ආවෙමි. හෙතෙම අශ්‍රමණයකු මෙන් මට දණ්ඩකින් පහර දුනි.
Pali BJT605. කිං තෙ ජටාහි දුම්මෙධ කිං තෙ අජිනසාටියා, අබ්භන්තරං තෙ ගහනං බාහිරං පරිමජ්ජසි.
Sinhala BJT605. අඥානය, තට ජටා කුමට ද? තට අඳුන් දිවිසම් කුමට ද? තාගේ අභ්‍යන්තරය කෙලෙසුන්ගෙන් ගහන ය. එසේ වුව ද (සිරුර) ඔප කරන්නෙහි ය.
Pali BJT606. එහි ගොධ නිවත්තස්සු භුඤ්ජ සාලීනමොදනං, තෙලං ලොණඤ්ච මෙ අත්ථි පහූතං {5}මය්හ පිප්ඵලී.
Sinhala BJT606. ගෝධය, මෙහි එව නවතුව, ඇල්හාලේ බත බුදිනු. (තවත්) බොහෝ තලතෙල්, ලුණු, වගපුල් මට ඇත.
Pali BJT607. එස භිය්යො පවෙක්ඛාමි වම්මිකං පතපොරිසං, තෙලං ලොණඤ්ච කිත්තෙසි අහිතං මය්හ පිප්ඵලීති.
Sinhala BJT607. ඒ මම පතපෝරිස ප්‍රමාණය වූ තුඹසකට යලිත් ඇතුළු වෙමි. තලතෙල් ලුණු ඇතැ යි කියහි. වගපූල් ආදිය මට අපථ්‍ය යි.
Pali BJT5. ගොධජාතකං.
Sinhala BJT5. ගෝධ ජාතක යි.
Pali BJT608. කායෙන යො නාවහරෙ වාචාය න මුසා භණෙ, යසො ලද්ධා න මජ්ජෙය්ය{6} ස වෙ කක්කාරුමරහති.
Sinhala BJT608. යමෙක් කයින් සොරකම් නො කෙරේ ද, වචනයෙන් බොරු නො කියා ද, යශස් ලැබැ මත් නො වේ ද, හෙතෙම ඒකාන්තයෙන් දිව කැකිරිමල් පළඳින්නට සුදුසුය.
Pali BJT609. ධම්මෙන විත්තමෙසෙය්ය න නිකත්යා ධනං හරෙ, භොගෙ ලද්ධා න මජ්ජෙය්ය ස වෙ කක්කාරුමරහති.
Sinhala BJT609. දැහැමින් ධනය සපයන්නේ ය. කපටි කමෙන් ධනය රැස් නො කරන්නේය. වස්තුව ලැබැ මත් නොවන්නේ ය. හෙතෙම ඒකාන්තයෙන් දිවකැකිරිමල් පළඳින්නට සුදුසු ය.
Pali BJT610. යස්ස චිත්තං අහාලිද්දං සද්ධා ච අවීරාගිනී, එකො සාදුං න භුඤ්ජෙය්ය ස චෙ කක්කාරුමරහති.
Sinhala BJT610. යමකුගේ සිත කහපැහැය සේ ඉක්මනින් වෙනස් නො වේ ද ස්වල්ප හේතුවක් නිසා ශ්‍රද්ධාව නො බිඳේ ද රසවත් ආහාර ලැබැ තනි ව නො බුදී ද හෙතෙම ඒකාන්තයෙන් කැකිරිමල් පළඳින්නට සුදුසු ය.
Pali BJT611. සම්මුඛා වා පාරොක්ඛා{1} වා යො සන්තෙ න පරිභාසති, යථාවාදී තථාකාරී සචෙ කක්කාරුමරහතීති.
Sinhala BJT611. යමෙක් අභිමුඛයේ හෝ අනභිමුඛයේ සත්පුරුෂයන්ට පරිභව නො කෙරේ ද යථාවා දී තථාකාරී වේ ද හෙතෙම ඒකාන්තයෙන් කැකිරිමල් පළඳින්නට සුදුසු ය.
Pali BJT6. කක්කාරුජාතකං.
Sinhala BJT6. කක්කාරු ජාතක යි.
Pali BJT612. වාති චායං තතො ගන්ධො යත්ථා මෙ වසතී පියා, දූරෙ ඉතො හි කාකාතී යත්ථ මෙ නිරතො මනො.
Sinhala BJT612. යම් ගුරුළු භවනයෙකැ මගේ ප්‍රියාව වාස කෙරේ ද එයින් මේ සුවඳ හමයි. යමක් කෙරෙහි මගේ සිත ඇලුණේ ද ඒ කාකාතිය මෙයින් ඈත ය.
Pali BJT613. කථං සමුද්ද මතරි කථං අතරි{2} කෙඛුකං, කථං සත්ත සමුද්දනි කථං සිම්බලිමාරුහි.
Sinhala BJT613. මුහුද තරණය කෙළේ කෙසේ ද, කෙබුක ගංගාව තරණය කෙළේ කෙසේ ද, සත් සමුදුර තරණය කෙළේ කෙසේ ද, ඉඹුල් ගසට කෙසේ නැංගේ ද?
Pali BJT614. තයා සමුද්දමතරිං තයා අතරි කෙබුකං, තයා සත්ත සමුද්දානි තයා සිම්බලිමාරුහිං,
Sinhala BJT614. තා නිසා මුහුද තරණය කෙළෙමි. තා නිසා කෙබුක ගඟ තරණය කෙළෙමි. තා නිසා සත්සමුදුර තරණය කෙළෙමි. තා නිසා ඉඹුල්ගසට නැංගෙමි.
Pali BJT615. ධිරත්ථු මං මහාකායං ධිරත්ථු මං අචෙතනං, යත්ථ ජායායහං ජාරං ආවහාමි වහාමි චාති.
Sinhala BJT615. යම් හෙයෙකින් මාගේ ප්‍රියාවගේ සොරසැමියා මම යම් තැනෙක උසුලා ගෙන ගියෙම් ද, යලිත් උසුලා ගෙන ආවෙම් ද, මහත් සිරුර ඇති මට නින්‍දා වේවා. සිරුර විශාල බැවින් සැහැල්ලු බව හා බර බව නො දැනෙන මට නින්‍දා වේවා.
Pali BJT7. කාකාතීජාතකං.
Sinhala BJT7. කාකාතී ජාතක යි.
Pali BJT616. බහුන්නං විජ්ජති හොති තෙහි කිම්මෙ භවිස්සති,{3} තස්මා එතං න සොචාමි පියං සම්මිල්ලභාසිනිං.{4}
Sinhala BJT616. මේ පින්වතී (අප හැර දැන්) බොහෝ වූ මළවුන් අතරේ ඇත. ඔවුන් හා වෙසෙන තෙල තැනැත්තී මට කවරක් වන්නී ද? එහෙයින් ප්‍රිය වූ තෙල සම්මිල්ලභාසිනියට ශෝක නො කරමි.
Pali BJT617. තං තඤ්චෙ අනුසොචෙය්ය{5} යං යං තස්ස න විජ්ජති, අන්තානමනුසොචෙය්ය සදා මච්චුවසං ගතං.{6}
Sinhala BJT617. ඉදින් ඒ ශෝක කරන්නාහුගේ යම් යම් දැයක් නිරුද්ධ වී ද, ඒ ඒ දැය ගෙන ශෝක කෙරේ නම් හැම මොහොතක ම මරු වසඟයට යන්නා වූ තමා ගැන ද ශෝක කරන්නේ යැ.
Pali BJT618. නහෙව ඨිතං නාසීනං න සයානං න පද්ධගුං, යාව පාති නිම්මිසති තත්රාපි සරතී වයො.
Sinhala BJT618. ආයුසංස්කාරය සිටින්නහු අනුව නො නැවතී යයි. හුන්නහු අනුව නො නැවතී යයි. සයනය කරන්නහු අනුව නො නැවතී යයි. වැදැහෙව සිටින්නහු අනුව නො නැවතී යයි. ඇසිපිය හෙළන තරම් සුලු කාලය තුළ දී ද වයස ගෙවී යයි.
Pali BJT619. තත්ථත්තනි{7} වතප්පද්ධෙ විනාභාවෙ අසංසයෙ, භූතං සෙසං දයිතබ්බං වීතං අනනුසොචියන්ති.{8}
Sinhala BJT619. එහි ලා තමා (වයසින්) අර්‍ධ වැ සිටි කල්හි (ජීවිතයෙන්) වෙන්වීම නිසැක කල්හි සෙසු ජීවීන් ගැන මෛත්‍රී කළයුතු යැ. මළහු ගෙනැ ශෝක නො කටයුතු.
Pali BJT8. අනනුසොචියජාතකං.
Sinhala BJT8. අනනුසොචිය ජාතක යි.
Pali BJT620. යං අන්නපානස්ස පුරෙ ලභාම තංදානි සාඛාමිගමෙව ගච්ඡති, ගච්ඡාමදානි වනමෙව රාධ අසක්කතා වස්ම ධනඤ්ජයාය.{1}
Sinhala BJT620. රාධයෙනි, පෙරැ මේ රජු සමීපයෙන් යම් ආහාරපානයක් ලබමෝ ද, දැන් එය වඳුරකු කරා යයි. එහෙයින් ධනංජය රජු විසින් නො සලකා හරන ලදුවම්හ. දැන් වනයට ම යම්හ යි.
Pali BJT621. ලාභො අලාභො අයසො යසො ච නින්දා පසංසා ච සුඛඤ්ච දුක්ඛං, එතෙ අනිච්චා මනුජෙසු ධම්මා මා සොචී කිං සොචසි පොට්ඨපාද.
Sinhala BJT621. පොට්ඨපාදය, ලාභ, අලාභ, අයස, යස, නින්‍දා, ප්‍රශංසා, සුව, දුක් යන මේ අටලෝදහම් මිනිසුන් කෙරෙහි අනිත්‍යය වේ. ශෝක නොකර කුමට ශෝක කෙරෙහි ද?