Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 901-1000 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTදුමකංසවරුත්තම බ්යග්ඝමිගා මණියො මණි සාලුකමව්හයනො, අනුසාසනියොපි ච මච්ඡවරො මණිකුණ්ඩලකෙන කිරෙන දසාති
Sinhala BJT(දුම) අබ්භන්තර ජාතක යැ, උතුම් වූ සෙය්‍යංස ජාතක යැ, ව්‍යඝ්‍රයා නැසූ වඩ්ඨකීසූකර ජාතක යැ, (මණි) සිරි ජාතක යැ, මණිසූකර ජාතක යැ, සාලුක ජාතක යැ, (අනුසාසනි) ලාභගරහ ජාතක යැ, මච්ඡුද්දාන ජාතක යැ, (මණිකුණ්ඩල) නානාච්ඡන්‍ද ජාතක යැ (කිරෙන) සීලං කිර යනාදි වූ සීලවිමංස ජාතක යැ යන මෙයින් දසය වේ.
Pali BJT5. කුම්භවග්ගො
Sinhala BJT5. කුම්භ වර්‍ගය
Pali BJT478. සබ්බකාමද්දං කුම්භං කුටං{1} ලද්ධාන ධුත්තකො, යාව සො{2} අනුපාලෙති තාව සො සුඛමෙධති.
Sinhala BJT478. සියලු වස්තු කාමයන් දීමට සමත් කළය ලැබ ධූර්‍තයා යම්තාක් කල් රකී ද ඒතාක් සුව වඩා.
Pali BJT479. යදා මත්තො ච දිත්තො ච පමාදා කුම්භමබ්භිදා, තතො නග්ගො ච පොත්ථො ච පච්ඡා බාලො විහඤ්ඤති
Sinhala BJT479. යම් කලෙක සුරාමදයෙන් මත් වූයේ උඩඟු වූයේ සැලැකිලි රහිත වූයේ කළය බින්දේ ද? ඉක්බිති නග්න වූ කඩමාලු හැන්දා වූ මූඪයා පසුව වැනැසේ ද.
Pali BJT480. එවමෙව යො ධනං ලද්ධා අමත්තා පරිභුඤ්ජති, පච්ඡා තපති දුම්මෙධො කූටං භින්නොව ධුත්තකො’ති.
Sinhala BJT480. එපරිදි යමෙක් ධනය ලැබැ පමණ නොදැනැ පරිභෝග කෙරේ ද ඒ අනුවණයා භද්‍රඝටය බිඳ ගත් ධූර්‍තයා සේ පසුව තැවේ.
Pali BJT1. භද්රඝටජාතකං{3}.
Sinhala BJT1. භද්‍රඝට ජාතක යි.
Pali BJT481. බාරාණස්සං{4} මහාරාජ කාකරාජා නිවාසිකො{5}, අසීතියා සහස්සෙහි සුපත්තො පරිවාරිතො.
Sinhala BJT481. මහරජ බරණැස්නුවර නිවැසි අසූදහසක් පමණ කවුඩුවන් පිරිවරා ගත් සුපත්ත නමැති කවුඩු රජෙක් ඇත.
Pali BJT482. තස්ස දොහළිනී භරියා සුඵස්සා මච්ඡමිච්ඡති,{6} රඤ්ඤො මහානසෙ පක්කං පච්චගඝං රාජභොජනං.
Sinhala BJT482. ඔහට දොළදුක් ඇති සුඵස්සා නම් බිරිඳ රජුගේ මුළුතැන් ගෙයි පිසූ අළුත් වූ නොහොත් වෙන වෙන මහඇගි වූ රාජ භෝජනය අනුභව කරන්නට කැමැත්තී ය.
Pali BJT483. තෙසාහං පහිතො දූතො රඤ්ඤො චම්හි ඉධාගතො, භත්තු අපචිතිං කුම්මි නාසායමකරං වණන්ති.
Sinhala BJT483. මම ඔවුන්ගේ දූතියෙක්මි. රජතුමා විසින් මෙහෙයවන ලද්දෙම් මෙහි ආයෙමි. සිය සැමියාට සත්කාර කෙරෙමි, එහෙයින් මේවඩන්නාගේ නාසයෙහි වණය කෙළෙමි.
Pali BJT2. සුපත්තජාතකං.
Sinhala BJT2. සුපත්ත ජාතක යි.
Pali BJT484. ඵුට්ඨස්ස මෙ අඤ්ඤතරෙන ව්යාධිනා රොගෙන බාළ්හං දුඛිතස්ස රුප්පතො, පරිසුස්සති ඛිප්පමිදං කළෙබරං පුප්ඵං යථා සංසුනි ආතපෙ කතං.
Sinhala BJT484. එක්තරා රෝගයෙකින් දැඩි වැ පහරනලද එහෙයින් ම දුඃඛිත වූ පෙළන ලද මාගේ මේ සිරුර අව් පහරන වැල්ලෙහි ලූ මලක් මෙන් වහා වියැළේ.
Pali BJT485. අජඤ්ඤං ජඤ්ඤසඞ්ඛාතං අසුචිං සුචිසම්මතං, නානාකුණපපරිපූරං ජඤ්ඤරූපං අපස්සතො
Sinhala BJT485. මනාප නො වූ (බාලයන් විසින්) මනාප යැ යි සංඛ්‍යාවට ගිය අපවිත්‍ර වූ පවිත්‍ර යැ යි සම්මත වූ කේශාදි නොයෙක් කුණපයෙන් පිරිපුන් මේ සිරුර නුවණින් නො දක්නාහට මනාප ස්වරූපයෙන් වැටහෙන්නේ ය.
Pali BJT486. ධිරත්ථු තං ආතුරං පූතිකායං ජෙගුච්ඡියං අසුචිං බ්යාධිධම්මං, යත්ථප්පමන්තා අධිමුච්ඡිතා පජා හාපෙන්ති මග්ගං සුගතූපපත්තියා’ති
Sinhala BJT486. යම් ශරීරයෙක්හි (ක්ලේශමූර්ඡායෙන්) අතිශයින් මුසපත් වූ ප්‍රජාවෝ සුගතියෙහි උපතට මඟ පිරිහෙළත් ද, එසේ වූ නිති ගිලන් වූ පිළිකුල් කටයුතු වූ අපවිත්‍ර වූ ව්‍යාධිස්වභාවය ඇති මේ කුණුකයට නින්‍දා වේවා!
Pali BJT3. කායවිච්ඡන්දජාතකං.
Sinhala BJT3. කායවිච්ඡන්‍ද ජාතක යි.
Pali BJT487. කොයං බින්දුස්සරො වග්ගු පවදන්තානමුත්තමො, අච්චුතො ජම්බුසාඛාය මොජච්ඡාපොව කූජති.
Sinhala BJT487. බින්‍දු (පිඬු වූ) ස්වර ඇතියේ මධුර නාද ඇතියේ හඬන්නවුන් අතුරෙන් උතුම් වූයේ ජම්බු අත්තක හිඳ මොනර පැටියකු සේ නාද කරන්නේ කවරෙක් ද?
Pali BJT488. කුලපුත්තොව ජානාති කුලපුත්තෙ පසංසිතුං, ව්යග්ඝච්ඡාපසරීවණ්ණො{1} භුඤ්ජ සම්ම දදාමි තෙ.
Sinhala BJT488. කුලපුතුන් පසසන්නට කුලපුතෙක් ම දනී. වග පොව්වකු සමාන පැහැයෙන් යුත් මිතුර තෙපි (දඹ) අනුභව කරන්න. තොපට දෙමි.
Pali BJT489. චිරස්සං වත පස්සාමි මුසාවාදී සමාගතෙ, වන්තාදං කුණපාදඤ්ච අඤ්ඤමඤ්ඤං පසංසකෙ’ති.
Sinhala BJT489. බොරු කියන, හමුවූ කලැ ඔවුනොවුන් පසසාගන්නා වූ වමනය කන්නා වූ කවුඩා ද මළකුණු කන හිවලා ද බොහෝ කලෙකින් දකිමි.
Pali BJT4. ජම්බුඛාදකජාතකං.
Sinhala BJT4. ජම්බුඛාදක ජාතක යි.
Pali BJT490. උසභස්සෙව තෙ ඛන්ධො සීහස්සෙව විජම්හිතං, මිගරාජ නමොත්යුත්ථු අපි කිඤ්චි ලභාමසෙ.
Sinhala BJT490. තොපගේ කඳ වෘෂභරාජයකුගේ වැන්න, විජෘම්භණය සිංහයකුගේ මෙනි. මෘගරාජය තොපට නමස්කාර වේවා! කිසිවක් ලබමෝ නම් මැනවි.
Pali BJT491. කුලපුත්තොව{2} ජානාති කුලපුත්තෙ පසංසිතුං, මයූරගීවසඞ්කාස ඉතො පරියාහි වායස.
Sinhala BJT491. කුලපුතුන් පසසන්නට කුලපුතෙක් ම දනී. මොනරකු ගේ ගෙල බඳු ගෙලැති කවුඩාණෙනි මෙහි එන්න.
Pali BJT492. මිගානං කොත්ථුකො{3} අන්තො පක්ඛීනං පන වායසො, එරණ්ඩො අන්තො රුක්ඛානං තයො අන්තා සමාගතා’ති.
Sinhala BJT492. මෘගයන් අතුරෙන් හිවලා හීන යැ, පක්‍ෂීන් අතුරෙන් කවුඩා හීන යැ, වෘක්‍ෂයන් අතුරෙන් එරඬුගස හීන යැ. හීනයෝ තිදෙනෙක් එක්වූහ.
Pali BJT5. අන්තජාතකං.
Sinhala BJT5. අන්ත ජාතක යි.
Pali BJT493. කොනායං{4} ලොණතොයස්මිං සමන්තා පරිධාවති, මච්ඡෙ මකරෙ ච වාරෙති ඌමීසු{5} ච විහඤ්ඤති.
Sinhala BJT493. ලවණජලයෙහි හාත්පසැ දුවයි. මාලුවන් හා මෝරුන් වළකයි. රැලෙහි ද ගැටේ. මේ කවරෙක් ද?
Pali BJT494. අනන්තපායී සකුණො අතිත්තොති දිසාසුතො, සමුද්දං පාතුමිච්ඡාමි සාගරං සරිතං පතිං.
Sinhala BJT494. ගංගාවන්ට ස්වාමි වූ මුහුද බොන්නට රිස්සෙමි. එහෙයින් අනන්තපායී පක්‍ෂියා වෙමි. සපුරන්නට නො හැකි ආශාවෙන් යුත් හෙයින් අතෘප්ත යයි දිශාවන්හි ප්‍රසිද්ධ වෙමි.
Pali BJT495. ස්වායං හායති චෙව පුරතෙ ච මහොදධි, නාස්ස නායති පීතන්තො{6} අපෙය්යො කිර සාගරො’ති.
Sinhala BJT495. මේ සාගරය දිය බස්නා වේලායෙහි බසී. වැඩෙන වේලායෙහි පිරෙයි. සාගරය බීමෙන් අඩු නො වේ. එහෙයින් සයුර අපෙය (ක්‍ෂයකොට පානය කළ නො හැකි) වේ.
Pali BJT6. සමුද්දජාතකං.
Sinhala BJT6. සමුද්ද ජාතක යි.
Pali BJT496. උච්චෙ සකුණ ඩෙමාන{1} පත්තයාන විහඞ්ගම, වජ්ජාසි ඛො ත්වං වාමූරුං චිරං ඛො සා කරිස්සති.
Sinhala BJT496. උස තන්හි පියාඹන්නා වූ පක්‍ෂිය, පියාපත් යාන කොට ඇති පක්‍ෂිය, තා කෙසෙල් කඳක් වැනි මනා කලවා ඇති තැනැත්තියට මා උලැ උන්බව කියව. ඇය බොහෝ කලෙකැ සිට සිහි කෙරේ.
Pali BJT497. ඉදං ඛො සා න ජානාති අසිං සත්තිඤ්ච ඔඩ්ඩිතං, සා චණ්ඩී කාහති කොධං තං මෙ තපති නො ඉධ{2}.
Sinhala BJT497. කඩුවට හා තෙබට සමාන වූ හුලැ නගනා ලද බව ඕ තොමෝ නො දනී. චණ්ඩ වූ ඇය මට ක්‍රෝධ කරයි. ඇගේ කෝපය මා තවයි. උල ඇති දුක මා නො තවයි.
Pali BJT498. එස උප්පලසන්නාහො නික්ඛමුස්සිසකෙ{3} කතං, කාසිකඤ්ච මුදුං වත්ථං තප්පතු{4} ධනකාමිකා’ති{5}.
Sinhala BJT498. හිස්දොරැ තැබූ උපුලක් සමාන මේ සන්නාහය ද රන් නිකෙකින් කළ මුද්ද ද කසී වස්ත්‍ර යුග්මය ද ඇත. වස්තුව රිසි මාගේ ප්‍රියාව මෙයින් තෘප්තිමත් වේවා.
Pali BJT7. කාමවිලාපජාතකං.
Sinhala BJT7. කාමවිලාප ජාතක යි.
Pali BJT499. උදුම්බරා චිමෙ පක්කා නිග්රොධා ච කපිත්ථනා, එහි නික්ඛම{6} භුඤ්ජස්සු කිං ජිඝච්ඡාය මීයසි.
Sinhala BJT499. විලිකුන් පල ඇති දිඹුල්, නුග, ගිවුලු යන මේ ගස් පල බරින් නැමී ඇත. තෝ ද ගොස් අනුභව කරව. සාගින්නේ මියැයනුයේ කිම?
Pali BJT500. එවං සො සුහිතො හොති යො වද්දමපචායති,{7} යථාහමජ්ජ සුහිතො දූමපක්කානිමාසිතො.
Sinhala BJT500. අද මම රුක්ඵල කා සුවපත් වීම් ද එලෙස යමෙක් වැඩිමහල්ලන් පුදා ද ඒ පුරුෂයා සුවපත් වේ.
Pali BJT501. යං වනෙජො වනෙජස්ස වඤ්චෙය්ය කපිනො කපි, දහරොපි{8} තං න සද්ධෙය්ය න හි ජිණ්ණො ජරාකපි’ති.
Sinhala BJT501. වනයේ උපන් වඳුරා වනයේ උපන් වඳුරාට යම් රැවටීමක් කරන්නේ ද එය තා වැනි ළදරු වඳුරෙක් නො අදහන්නේ ය. ජරපත් මා වැනි මහලු වඳුරෙක් නො අදහන්නේ මැ යි.
Pali BJT8. උදුම්බරජාතකං.
Sinhala BJT8. උදුම්බර ජාතක යි.
Pali BJT502. පුරෙ තුවං සීලවතං සකාසෙ ඔක්කන්දිකං{9} කීළසි අස්සමම්හි, කරොහරෙ මක්කටියානි මක්කට න තං මයං සීලවතං රමාම.
Sinhala BJT502. කොළ වඳුර, පෙර තෝ කෙළිලොල් අප හමුයෙහි පැනපැනැ, කෙළනෙහි අපගේ අසපුවෙහි දී වැඳිරිමුහුණ පෙන්නීම ආදී ක්‍රීඩා කරව. වානරය ක්‍රීඩා ප්‍රකෘතික වූ තා කෙරෙහි අපි නො ඇලෙම්හ. එයට කරුණු කිම.
Pali BJT503. සුතා හි මය්හං පරමා විසුද්ධි කොමායපුත්තස්ස{10} බහුස්සුතස්ස, මාදානි මං මඤ්ඤි තුවං යථා පුරෙ ඣානානුයුත්තා{11} විහරාම ආවුසො.
Sinhala BJT503. ඇවැත්නි, බහුශ්‍රුත වූ කෝමායපුත්තගේ උසස් ධ්‍යාන විශුද්ධි මා විසින් අසන ලද. තෙපි පෙර පරිදි මා පිළිබඳ ව නො සිතව. ධ්‍යාන ඇති ව වසමු.
Pali BJT504. සචෙපි සෙලස්මිං වපෙය්ය බීජං දෙවො ච වස්සෙ නෙව හි තං රුහෙය්ය, සුතා හි තෙ සා පරමා විසුද්ධි ආරා තුවං මක්කට ඣානභූමියාති.
Sinhala BJT504. වානරය, ඉදින් ගල්තලායෙහි බීජ වපුරන්නාහු ද වැසි වලා ද මැනවින් වස්නේ නමුදු ඒ (අක්‍ෂේත්‍රයෙහි) වපුළ බීජය නො මැ හටගන්නේ ය. (එහෙයින් මැ) ඔවුන්ගේ අත්‍යුත්තම විසුද්ධි අසනලද නමුදු තෙපි ධ්‍යාන භූමියෙන් දුරු වවු.
Pali BJT9. කොමායපුත්තජාතකං{1}.
Sinhala BJT9. කෝමායපුත්ත ජාතක යි.
Pali BJT505. පරපාණරොධා{2} ජීවන්තො මංස ලොහිතභොජනො{3}, වකො වතං සමාදාය{4} උපපජ්ජි උපොසථං.
Sinhala BJT505. පරපණ නැසීමෙන් මස් ලේ අනුභව කොට ජීවත් වන්නා වූ වෘකයා පෙහෙවස් සමාදන් විය.
Pali BJT506. තස්ස සක්කො වතඤ්ඤාය අජරූපෙනුපාගමි, වීතතපො{5} අජ්ඣප්පත්තො{6} භඤ්ජි ලොහිතපො තපං.
Sinhala BJT506. ශක්‍රයා ඔහුගේ ව්‍රතය දැනැ එළු වෙසින් ළඟට ආවේය. (එකෙණෙහි) තපස පහව ගියේ ලේ බොන හේ තපස බිඳගති.
Pali BJT507. එවමෙවං ඉධෙකච්චෙ සමාදානස්මිං දුබ්බලා, ලහුං කරොන්ති අත්තානං වකොව අජකාරණා’ති.
Sinhala BJT507. එපරිදි මෙලොවැ ඇතැම් කෙනෙක් සමාදන් වූ සීලය රැක ගැනීමට (දුබල නොහොත්) සමත් නො වෙති. එළුවා නිසා සැහැල්ලු බවට පත් වෘකයා මෙන් තමා සැහැල්ලු කෙරෙති.
Pali BJT10. වකජාතකං.
Sinhala BJT10. වක ජාතක යි.
Pali BJTකුම්භවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි කුම්භවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවරකුම්භසුපත්තසිරිව්හයනො සුචිසම්මතබින්දුවරො චූසභො, සරිතංපතිචණ්ඩිජරාකපිනා අථ මක්කටියා වකකෙන දසාති.
Sinhala BJT(වරකුම්භ) භද්‍රඝට ජාතක යැ, සුපත්ත ජාතක යැ, දැහැන් සිරි කැඳ වූ කායවිච්ඡන්‍ද ජාතක යැ, (සුචිසම්මත) ජම්බුඛාදක ජාතක යැ, සිවලාට පැසසූ අන්ත ජාතක යැ, (සරිතංපති) සමුද්ද ජාතක යැ, චණ්ඩ වූ ස්ත්‍රියක් ඇති කාම විලාප ජාතක යැ, වඳුරකු දැක්වෙන උදුම්බර ජාතක යැ, වක ජාතකයෙන් දසය වේ.
Pali BJTතිකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTතික නිපාතය නිමි.
Pali BJTවග්ගුද්දානං:
Sinhala BJTවර්‍ග උද්දානය:
Pali BJTසඞ්කප්පො පදුමො චෙව උදපානෙන තතියං, අබ්භන්තරං ඝටභෙදං තිකනිපාතම්බි ලඞ්කතන්ති.
Sinhala BJTසඞ්කප්ප වර්‍ග යැ, පදුම ජාතකය ආදි වූ කෝසිය වර්‍ග යැ, උදපාන දූසක ජාතකය ආදි කොට ඇති අරඤ්ඤ වර්‍ග යැ, අබ්භන්තර වර්‍ග යැ, කුම්භ වර්‍ගය යන පඤ්ච වර්‍ගය තික නිපාතයෙහි සැරැසී සිටියේ යි.
Pali BJT4. චතුක්කනිපාතො
Sinhala BJT4. චතුක්ක නිපාතය
Pali BJT1. විවරවග්ගො
Sinhala BJT1. විවර වර්‍ගය
Pali BJT508. විවරථ{1} ඉමාසං ද්වාරං නගරං පවිසිතුං මයා, අරුණරාජස්ස සීහෙන සුසිට්ඨෙන සුරක්ඛිතං නන්දිසෙනෙන{2}.
Sinhala BJT508. මොවුන්ට නගරයට පිවිසෙන්නට දොර හරිවු. අස්සකරට අරුණ රජුගේ ශ්‍රේෂ්ඨ පුරුෂයා වූ ද මැනැවින් අනුශාසනා කළා වූ ද නන්‍දිසේන නමැති මා විසින් මනාලෙස රැකි නගරයට (පිවිසේත්වා)
Pali BJT509. ජයො කලිඞ්ගානං අසය්හසාහිනං පරාජයො අනයො අස්සකානං, ඉච්චෙව තෙ භාසිතං බ්රහ්මචාරී න උජජුභූතා විතථං භණන්ති
Sinhala BJT509. දුස්සහ වූ භය ඉවසනසුලු කලිඟුරට වැසියනට ජය වෙයි. අස්සකරට වැසියන විනාශයට හා පරාජය වේ යයි තොප විසින් මෙසේ කියන ලද තපස්විය ඍජු වූවෝ බොරු නො කියත්.
Pali BJT510. දෙවා මුසාවාදමුපාතිවත්තා සච්චං{3} ධනං පරමං තෙසු සක්ක, තං තෙ මුසාභාසිතං දෙවරාජ කිං වා පටිච්ච මඝවා මහින්ද.
Sinhala BJT510. ශක්‍රය දෙවියෝ මුසාවා ඉක්ම සිටියහ. (බොරු නො කියති) ඔවුන් කෙරෙහි සත්‍යය උතුම් ධනය වෙයි. දිව්‍ය රාජය, මඝවය, මහේන්‍ද්‍රය තොප විසින් ඒ බොරුව කුමක් හෙයින් කියන ලද ද?
Pali BJT511. නනු තෙ සුතං බ්රාහ්මණ භඤ්ඤමානෙ ද්වො න ඉස්සන්ති පුරිසපරක්කමස්ස, දමො සමාධි මනසො අදෙජ්ඣො{4} අව්යග්ගතා නික්ඛමනඤ්ච කාලෙ, දළ්හඤ්ච විරියං පුරිසපරක්කමො ච තෙනෙව ආසි විජයො අස්සකානන්ති.
Sinhala BJT511. බමුණ ඒ ඒ තැන කියනා කල්හි තොප විසින් අසන ලද නො වේ ද? දෙවියෝ පුරුෂ ධෛර්‍ය්‍යයට ඊෂ‍්‍යා නො කෙරෙති. ආත්ම දමනය ද චිත්ත සමාධිය ද චිත්තයාගේ එකඟකම නො විසුළ බව ද සුදුසු අවස්ථාවෙහි ඉදිරියට යාම ද දැඩි උත්සාහය ද වීර්‍ය්‍යය ද (යන මේ) හෙතූන් නිසා අස්සකරට වාසීන්ට ජය අත් විය.
Pali BJT1. චුල්ලකාලිඞ්ගජාතකං.
Sinhala BJT1. චුල්ලකාලිංග ජාතක යි.
Pali BJT512. අදෙය්යෙසු දදං දානං දෙය්යෙසු නප්පවෙච්ඡති{5}. ආපාසු{6} ව්යසනං පත්තො සහායං නාධිගච්ඡති.
Sinhala BJT512. දානාර්‍හ නො වන්නන් කෙරෙහි දන් දෙනුයේ දානාර්‍හයන් කෙරෙහි නො දේ ද, හේ ආපදායෙහි ව්‍යසයනට පැමිණියේ ඒ පුද්ගලයා විපතට සහායයකු නො ලබයි.
Pali BJT513. නාදෙය්යෙසු දදං දානං දෙය්යෙසු යො පවෙච්ඡති, ආපාසු ව්යසනං පත්තො සහායමධිගච්ඡති.
Sinhala BJT513. යමෙක් දානාර්‍හ නො වන්නන් කෙරෙහි දන් නො දේ ද, දානාර්‍හයන් කෙරෙහි පරිත්‍යාග කෙරේ ද ඒ පුද්ගල ආපදායෙහි විපතට පැමිණියේ මිතුරකු ලබයි.
Pali BJT514. සඤ්ඤොගසම්භොගවිසෙසදස්සනං. අනරියධම්මෙසු සඨෙසු නස්සති, කතඤ්ච අරියෙසු ච අඤ්ජසෙසු ච මහප්ඵලං හොති අණුම්පි{1} තාදිසු.
Sinhala BJT514. අනාර්‍ය්‍ය ස්වභාවය ඇති කපටයන් හා එක්වීමත් එක් ව ක්‍රියා කිරීමත් (උපකාර වශයෙන් කරන දෙය) දියෙහි ඇඳි ඉරක් සේ වහා නසී. කළ ගුණ දන්නා වූ ඍජු වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට කළ උපකාරය සුළු වුවත් දෙලොවින් ම මහත් ප්‍රයෝජන වේ.
Pali BJT515. යො පුබ්බෙ කතකල්යාණො අකා ලොකෙ සුදුක්කරං, පච්ඡා කයිරා න වා කයාරා අච්චන්තං පූජනාරහො’ති.
Sinhala BJT515. යමෙක් පෙර (උපකාර ඉල්ලන්නට පළමු ව) යමකුට උපකාර කෙළේ ද හේ ලොවෙහි දුෂ්කරයක් කෙළේ වෙයි. (උපකාර ලද පුඟුලා පෙරළා උපකාර කළේ හෝ නො කෙළේ හෝ) උපකාර කළ පුඟුලා පිදුම් ලබන්නට ඉතා සුදුසු වේ.
Pali BJT2. මහාඅස්සාරොහජාතකං.
Sinhala BJT2. මහාඅස්සාරෝහ ජාතක යි.
Pali BJT516. අනුත්තරෙ{2} කාමගුණෙ සමිද්ධෙ භුත්වාන පුබ්බෙ වසි{3} එකරාජා, සොදානි දුග්ගෙ නරකම්භි ඛිත්තො නප්පජහෙ වණ්ණබලං පුරාණං.
Sinhala BJT516. ඒකරාජය, පෙරැ තෙපි නිරුත්තර වූ සමෘද්ධ වූ පස් කම් ගුණයන් අනුභව කොට (හෙවත් විඳිමින්) විසුවහ. දැන් ඒ තෙපි නරාවළ බහාලන ලද්දහු (නමුදු) පැරැණි ගුණවත්කම හා (ධ්‍යාන) බලය නො හරනහු.
Pali BJT517. පුබ්බෙව ඛන්ති ච තපො ච මය්හං සම්පත්ථිතා දබබසෙනා{4} අහොසි, තංදානි ලද්ධාන කථන්නු රාජ ජහෙ අහං වණ්ණබලං පුරාණං.
Sinhala BJT517. දබ්බසේනය, මා විසින් කැලැ මැ ඉවැසීම හා තපස හා පතන ලද රජතුමනි, එය දැන් ලදින් පැරැණි ගුණවත් කම හා (ධ්‍යාන) බලය කෙසේ මම හැරපියම් ද?
Pali BJT518. සබ්බං කිරෙව{5} පරිනිට්ඨිතානි යසස්සිනං පඤ්ඤවන්තං{6} විසය්හ, යසො ච ලද්ධා පුරිමං{7} උළාරං නප්පජහෙ වණ්ණබලං පුරාණං.
Sinhala BJT518. යසැත්තාණෙනි, පැනැත්තාණෙනි, කමන්නාණෙනි, සියල්ල පෙරැ මැ මා විසින් නිමවන ලද. පෙරැ (මම) නොලද උදාර යසස හා මෛත්‍රීධ්‍යානය ලැබැ වර්‍ණය හා බලය නො හරින්නෙමි.
Pali BJT519. පනුජ්ජ දුක්ඛෙන සුඛං ජනින්ද සුඛෙන චා දුක්ඛමසය්හසාහි, උභයත්ථ සන්තො{8} අභිනිබ්බුතත්තා සුඛෙ ච දුක්ඛෙ ච භවන්ති තුල්යා’ති
Sinhala BJT519. ඉවසන්නට නො හැකි දුක් ඉවසන රජතුමනි, දුකෙන් සුවය දුරු කොට, සුවයෙන් දුක දුරු කොට (වෙසෙන) සත් පුරුෂයෝ දෙතැන්හි නිවීගිය සන්තාන ඇතිව සුව දුක් දෙක්හි එක සමාන (කම්පා නොවන හෙයින්) වෙත්.
Pali BJT3. එකරාජජාතකං.
Sinhala BJT3. ඒකරාජ ජාතක යි.
Pali BJT520. ඉමානි මං දද්දර තාපයන්ති වාචාදුරුත්තානි නුස්සලොකෙ, මණ්ඩූකභක්ඛා උදකන්තසෙවි ආසීවිසං{9} මං අවිසා සපන්ති.
Sinhala BJT520. දද්දරය, මිනිස්ලොවෙහි මැඩියන් කා උදකාන්තයෙහි (දියයට) වසන්නේ ය යන මේ නපුරු වචන මට දුක් උපදවයි. විෂ සහිත මා විෂ නැතියකු සේ (සිතා) (ගම්දරුවෝ) ආක්‍රෝශ කෙරෙති.
Pali BJT521. සකා රට්ඨා පබ්බාජිතො{1} අඤ්ඤං ජනපදං ගතො, මහන්තං කොට්ඨං කයිරාථ දුරුත්තානං නිධෙතවෙ.
Sinhala BJT521. සිය රටින් නෙරපන ලද තැනැත්තා අන් දනව්වකට ගිය (කැලැ) නොමනා ලෙස කී කථා තබනු සඳහා ගබඩාවක් සාදන්නේ ය. (ඉවසන්නට හිත දියුණු කරන්නේ ය).
Pali BJT522. යත්ථ පොසං න ජානන්ති ජාතියා විනයෙන වා, න තත්ථ මානං කයිරාථ වසමඤ්ඤාතකෙ ජනෙ.
Sinhala BJT522. පුරුෂයා යම් තැනෙක වෙසේ ද එහි දී තමා පිළිබඳ තොරතුරු නො දත් පිරිස අතරේ වෙසෙන කලැ (මෙතරම් වැදගත් මට ජනයා) බුහුමන් නො කෙරෙති යි උඩඟු නොවන්නේ ය.
Pali BJT523. විදෙසවාසං වසතො ජාතවෙදසමෙනපි, ඛමිතබ්බං සපඤ්ඤෙන අපි දාසස්ස තජ්ජිතන්ති.
Sinhala BJT523. විදේශයෙහි වෙසෙන නුවණැති ගිනි හා සමාන (අනුභාව සම්පන්න) කෙනකු වුවද දාසයකුගේ තර්‍ජනය ද ඉවැසිය යුතු ය.
Pali BJT4. දද්දරජාතකං.
Sinhala BJT4. දද්දර ජාතක යි.
Pali BJT524. නත්ථි ලොකෙ රහො නාම පාපකම්මං පකුබ්බතො, පස්සන්ති වනභූතානි තං බාලො මඤ්ඤතී{2} රහො.
Sinhala BJT524. පව් කරන්නාට ලොවැ රහසෙක් නැත. වනදේවතාවෝ (එය) දකිත්. (එහෙයිනි.) (එහෙත්) මෝඩයා කළ පාපය රහසක් ලෙස සිතයි.
Pali BJT525. අහං රහො න පස්සාමි සුඤ්ඤං වාපි න විජ්ජති, යත්ථ අඤ්ඤං න පස්සාමි අසුඤ්ඤං හොති තං මයා.
Sinhala BJT525. පව් කරන්නට යෝග්‍ය රහස් තැනක් මම නො දකිමි. ජන ශූන්‍ය ස්ථානයකුදු නැත. ජන ශුන්‍ය අනෙක් තැනක් යම් තැනෙක නො දකිම් ද එබඳු තැන ශුන්‍ය නො වේය යි මා විසින් කියන ලදී.
Pali BJT526. දුජ්ජච්චො ච{3} සුජච්චො ච නන්දො ච සුඛවචඡකො, වෙජ්ජො අද්ධුවසීලො ච තෙ ධම්මං ජහුමත්ථිකා.
Sinhala BJT526. දුජ්ජච්ච අජච්ච නන්‍ද සුඛවච්ඡ වෙජ්ජ අද්ධුවසීල යන ශිෂ්‍යයෝ ගැහැනුන් ලබාගන්නට තැබූ රිසිය හළුවෝ ය.
Pali BJT527. බ්රාහ්මණෙ ච කථං ජහෙ සබ්බධම්මානපාරගූ, යො ධම්මමනුපාලෙති ධිතිමා සච්චනික්කමොති.
Sinhala BJT527. ඔවුන්ගෙන් පිට කෙනෙකු වන සිල්සපන් බමුණා ඒ ගැහැනියගේ ලැබීම කෙසේ හැරපියන්නේ ද? යමෙක් පන්සිල් දස සිල් රකිමින් ත්‍රිවිධ සුචරිතය මැනැවින් රක්නේ ද එබඳු ධෛර්‍ය්‍යය සම්පන්න පුරුෂයා සීලය රකී.
Pali BJT5. සීලවීමංසජාතකං.
Sinhala BJT5. සීලවීමංස ජාතක යි.
Pali BJT528. තිං අණ්ඩකා ඉමෙ දෙව නික්ඛිත්තා කංසමල්ලකෙ, උපලොහිතකා වග්ගු තං{4} මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT528. දේවයන් වහන්ස, රන්තැටියේ තබන ලද රතු පැහැයෙන් යුතු මනා පෙනුමැති මේ ගෙඩි මොනවා ද? විචාරන ලද මට කියනු මැනැව.
Pali BJT529. යානි පුරෙ ත්වං දෙවි භණ්ඩු නන්තකවාසිනී, උච්ඡඞ්ගහත්ථා පචිනාසි තස්සා තෙ කොලියං ඵලං.
Sinhala BJT529. දේවිය හිසමුඩු කොට කඩමාලු හැඳැ ඇකයෙහි කළ අතැති ව එකතු කළ ගෙඩි වර්‍ගයක් වී නම්, තීගේ කුලයට අයත් ගෙඩි ජාතිය යි මේ.
Pali BJT530. උඩ්ඩය්හතෙ{5} න රමති භොගා විප්පජහන්ති තං, තත්ථෙවිමං පටිනෙථ යත්ථ කොලං පචිස්සති.
Sinhala BJT530. ලෝකුඹු නිරයේ උපන්නියක සේ (මැය), දැවෙන්නේ ය. පින් මඳ හෙයින් රාජසම්පත විඳින්නට සිත නො ඇළේ. ඩෙබර කඩා එකතු කළ තැනට මැය නැවත ගෙන යවු.
Pali BJT531. හොන්ති හෙතෙ මහාරාජ ඉද්ධිප්පත්තාය{1} නාරියා, ඛම දෙව සුජාතාය මාස්සා{2} කුජ්ඣි{3} රථෙසභාති.
Sinhala BJT531. මහරජ ඉසුරුබර වූ (කලැ) ඉතිරියට මෙබඳු පමා දොස් වෙති. දේවයන් වහන්ස, සමාවන්නේ මැනැවි. රජතුමනි, මේ සුජාතාවට නො කිපෙන්නේ මැනැවි.
Pali BJT6. සුජාතාජාතකං.
Sinhala BJT6. සුජාතා ජාතක යි.
Pali BJT532. අචෙතනං බ්රාහ්මණ අස්සුණන්තං ජානො අජානන්තමිමං පලාසං, ආරද්ධවිරියො ධුවං අප්පමත්තො සුඛසෙය්යං පුච්ඡසි කිස්ස හෙතු.
Sinhala BJT532. බමුණ, සිත නැති නො ඇසෙන නොදන්න මෙය කෑලගසක් බව දන්නේ ය. (එහෙත්) හැමදා වෑයමෙන් හා සැලකිල්ලෙන් සුවසේ නිදියේ දැ යි විචාරයි. එයට හේතු කවරේ ද?
Pali BJT533. දූරෙ සුතො චෙව බ්රහා ච රුක්ඛො දෙසෙ ඨිතො භූතනිවාසරූපො, තස්මා නමස්සාමි ඉමං පලාසං යෙ චෙත්ථා භූතා තෙ ච ධනස්ස හෙතු.
Sinhala BJT533. මේ ගස දුර දේශයන්හි ද ප්‍රසිද්ධ ය. විශාල ය. සම බිමෙක පිහිටා ඇත. දෙවියන්ට නිවාසයෙකි. එහෙයින් මේ කෑලගසේ යම් දෙවියෙක් වේ නම් ධනාශාවෙන් නමදිමි.
Pali BJT534. සො තෙ කරිස්සාමි යථානුභාවං. කතඤ්ඤුතං බ්රාහ්මණ පෙක්ඛමානො, කථං හි ආගම්ම සතං සකාසෙ මොඝානි{4} තෙ අස්සු පරිඵන්දිතානි.
Sinhala BJT534. බමුණ, කළ ගුණ දන්නා මම මගේ ශක්තිප්‍රමාණයෙන් තට උපකාර කරන්නෙමි. ඔබගේ විමසීම් විසින් වාක්ඵන්‍දිත ද හැමදීම් ආදි කායඵන්‍දිත ද සත්පුරුෂයන් හමුවේ කෙසේ නිෂ්ඵල වේ ද?
Pali BJT535. යො තින්දුරුක්ඛස්ස පරො{5} පිලක්ඛූ පරිවාරිතො පුබ්බයඤ්ඤො උළාරො, තස්සෙව මූලස්මිං නිධී නිඛාතො ආදායාදො ගච්ඡ තං උද්ධාරාහී’ති.
Sinhala BJT535. තිඹිරිගසෙන් එපිට පළොල්ගස මුලැ වටා සාරා යාග වශයෙන් තැන්පත් කළ නිදන්සැළි ද හිමියෙක් නැති නිධානය ද ගන්න.
Pali BJT7. පලාසජාතකං.
Sinhala BJT7. පලාස ජාතක යි.
Pali BJT536. අකරම්හසතෙ කිච්චං යං බලං අහුවම්භසෙ, මිගරාජ නාමො ත්යුත්ථු අපි කිඤ්චි ලභාමසෙ.
Sinhala BJT536. මෘගරාජය, අපට යම් තරමක බලයක් වී ද ඒ පමණින් ඔබට වැඩ කෙළෙමු. ඔබට නමස්කාර වේවා! කිසිවක් ලබමෝ නම් මැනවි.
Pali BJT537. මම ලොහිතභක්ඛස්ස නිච්චං ළුද්දානි කුබ්බතො, දන්තන්තරගතො සන්තො තං බහුං යම්පි{6} ජීවසි.
Sinhala BJT537. නිතියෙන් රුදුරුකම් කෙරෙමින් ලේ මස් කන මාගේ දත් අතරට ගොස් නො මැරී ජීවත් වීම ම තා ලද උපකාරය වේ.
Pali BJT538. අකතඤ්ඤුමකත්තාරං කතස්ස අප්පතිකාරකං{7}, යස්මිං කතඤ්ඤුතා නත්ථි නිරත්ථා තස්ස සෙවනා.
Sinhala BJT538. කළගුණ නො දත් සිය කැමැත්තෙන් උපකාරයකුදු නො කරන උපකාර කළහුට ප්‍රත්‍යුපකාර නො කරන කෙනකු වේ නම්, කළ ගුණ යමකුට නො වේ නම් ඔහුගේ ආශ්‍රය නිෂ්ඵල ය.
Pali BJT539. යස්ස{8} සම්මුඛචිණ්ණෙන{9} මිත්තධම්මො න ලබ්භති, අනුසුය්ය{10}මනක්කොසං සණිකං තම්හා අපක්කමෙ’ති.
Sinhala BJT539. යමකුගේ හමුවේ කළ ගුණයෙන් මිත්‍රධර්‍මය නො ලැබේ ද, (එකලැ) ඔහුට ඊර්‍ෂ්‍යා නො කොට නො දොඩා සෙමෙන් ඔහුගෙන් ඉවත් වන්නේ ය.
Pali BJT8. ජවසකුණජාතකං.
Sinhala BJT8. ජවසකුණ ජාතක යි.
Pali BJT540. සබ්බමිදං{1} චරිමවතං උභො ධම්මං න පස්සරෙ, උභො සකතියා චුතා යොචායං සජ්ඣාපයති{2}. යො ච ධම්මං අධීයති.
Sinhala BJT540. අප කළ හැමදෙය ම ලාමක ය. යමෙක් ධර්‍මය හදාරවා ද යමෙක් ධර්‍මය හදාරා ද දෙදෙන ම පැරැණි ධර්‍මය (සිරිත්) නො බලති. දෙදෙන ම ප්‍රකෘති ධර්‍මයෙන් ගිලිහුණෝ ය.
Pali BJT541. සාලීන භොජනං{3} භුඤෙජ සුචිං මංසූපසෙචනං, තස්මා එතං න සෙවාමි ධම්මං ඉසීහි සෙවිතං.
Sinhala BJT541. නන් අයුරින් පිළියෙළ කළ පවිත්‍ර මාංසසූපයන් සමග ඇල්හාලේ බත බුදිමි. එහෙයින් බුද්ධාදි උතුමන් සෙවි මෙ දහම නො සෙවීමි.
Pali BJT542. පරිබ්බජ මහා ලොකො{4} පචන්තඤ්ඤෙපි පාණිනො, මා{5} තං අධම්මො ආචරිතො අස්මා කුම්භමිවාභිදා.
Sinhala BJT542. මෙතැනින් අන් තැනකට යව. ලෝකය විශාල ය. සෙසු සත්ත්‍වයෝ ද (කෑම) පිසිත්. ගලක හැපී කළයක් බිඳෙන පරිදි හැසිරුණු තා අධර්‍මය නිසා නො නැසේවා.
Pali BJT543. ධිරත්ථු තං යසලාභං ධනලාභඤ්ච බ්රාහ්මණ, යා වුත්ති විනිපාතෙන අධම්මචරණෙන වා’ති.
Sinhala BJT543. බමුණ, ඒ යසස් ලැබීමට හා වස්තු ලැබීමට ද අපායෙහි වැටීමට හේතුවන යම් නො දැහැමි පැවැත්මක් වේ ද එයට ද නින්‍දා වේවා.
Pali BJT9. ඡවකජාතකං{6}.
Sinhala BJT9. ඡවක ජාතක යි.
Pali BJT544. සසමුද්දපරියායං මහිං සාගරකුණ්ඩලං න ඉච්ඡෙ සහනින්දාය එවං සය්හ විජානහි.
Sinhala BJT544. දැහැන්සුව සහිත පැවිද්ද හැර දමා සාගරයට කුණ්ඩලාභරණයක් වැනි චක්‍රවාට පර්‍වත සහිත මහපොළොව (ලබාගන්නට) නො කැමැත්තෙමි. සය්හය, මෙසේ දැනගනුව.
Pali BJT545. ධිරත්ථු තං යසලාභං ධනලාභඤ්ච බ්රාහ්මණ, යා වුත්ති විනිපාතෙන අධම්මචරණෙන වා.
Sinhala BJT545. බමුණ, යශස් ලැබීමට ද වස්තු ලැබීමට ද අපායෙහි වැටීමට හේතුවන යම් නො දැහැමි පැවැත්මක් වේ ද එයට ද නින්‍දා වේවා.
Pali BJT546. අපි චෙ පත්තමාදාය අනාගාරො{7} පරිබ්බජෙ, සායෙව{8} ජිවිකා සෙය්යො යා චාධම්මෙන එසනා.
Sinhala BJT546. ගෘහ රහිත වූයෙම් පාත්‍රය ගෙන හාත්පස ගෙහි භික්ශාටනය කෙළෙම් ද, යම් බඳු අධර්‍ම ඒෂණාවක් ඇද්ද එයට වඩා ඒ භික්‍ෂාටනයෙන් කරන ජීවිකාව ම උතුමි.
Pali BJT547. අපි චෙ පත්තමාදාය අනාගාරො පරිබ්බජෙ, අඤ්ඤං අහිංසයං ලොකෙ අපි රජ්ජෙන තං වරන්ති.
Sinhala BJT547. ලොවැ අනිකකු නො පෙළමින් අනගාරිකව පාත්‍රයක් ගෙන ගේ නැති ව පිඬු සිඟා යන්නෙම් නම් එය රාජ්‍යයට වඩා උතුම් වේ.
Pali BJT10. සය්හජාතකං.
Sinhala BJT10. සය්හ ජාතක යි.