Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTඛුද්දකනිකායෙ
Sinhala BJTඛුද්දකනිකායෙහි
Pali BJTජාතකපාළි
Sinhala BJTජාතකපාළි
Pali BJT(පඨමො භාගො)
Sinhala BJT(ප්‍රථම භාගය)
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. එකකනිපාතො
Sinhala BJT1. එකක නිපාතය
Pali BJT1. අපණ්ණකවග්ගො
Sinhala BJT1. අපණ්ණක වර්ගය
Pali BJT1. අපණ්ණකං ඨානමෙකෙ දුතියං ආහු තක්කිකා. එතදඤ්ඤාය මෙධාවී තං ගණ්හෙ යදපණ්ණකන්ති.{1}
Sinhala BJT1. බෝධිසත්ත්වාදි නුවණැති සමහර කෙනෙක් අවිරුද්ධ වූ කාරණය (අපණ්ණක ප්‍රතිපදාව=නිසි මඟ) ගත්හ. (තම තමන්ගේ උත්ප්රේක්ෂායෙන් කල්පනා කරන) තාර්කිකයෝ සපරාධ වූ දෙවැනි කාරණය (නො මග) ගත්හ. ප්රශස්ත බුද්ධි ඇත්තේ මේ මඟ නො මඟ දැනැගෙනැ නිසි මඟ මැ ගන්නේ යැ.
Pali BJT1. අපණ්ණකජාතකං.
Sinhala BJT1. අපණ්ණක ජාතකය.
Pali BJT2. අකිලාසුනො වණ්ණුපථෙ{2} ඛණන්තා උදඞ්ගණෙ තත්ථ පපං අවින්දුං, එවං මුනී විරියබලූපපන්නො{3} අකිලාසු වින්දෙ හදයස්ස සන්තින්ති.
Sinhala BJT2. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති උත්තමයෝ අඞ්ගණ සඞ්ඛ්‍යාත අනාවර්තක භූමිප්‍රදේශ ඇති වැලිමඟෙහි බිම සරන්නාහු ඒ වලුකාමාර්ගයෙහි ජලය ලදහ. එපරිද්දෙන් වීර්ය්යයෙනුදු කායබල ඥානබලයෙනුදු යුක්ත වූ වීර්‍ය්‍යවත් තපස්වී තෙමේ සිතට හා හෘදයට ද ශීතභාව කරණයෙන් ශාන්ති නම් වූ (ධ්යානවිදර්ශනාඅභිඥා අර්‍හන්මාර්‍ගය සඞ්කඛ්යාත) ආර්ය්යධර්මය ලබන්නේ යැ.
Pali BJT2. වණ්ණුපථජාතකං.{4}
Sinhala BJT2. වණ්ණුපථ ජාතකය.
Pali BJT3. ඉධ චෙ හි නං{5} විරාධෙසි සද්ධම්මස්ස නියාමතං{6}, චිරං ත්වං අනුතපෙස්සසි{7} සෙරිවායංව වාණිජොති.
Sinhala BJT3. මේ ශාසනයෙහි සද්ධර්මයට ප්‍රතිනියත වූ ඒ ශ්‍රෝත ආපත්ති මාර්ගය යම් හෙයකින් (වීර්‍ය්‍ය නොවැඩීම නිසා) වැරැදවූයෙහි නම් තෝ බොහෝ කාලයක් තැවෙන්නේහි ය. සේරිවා නම් වෙළෙන්දා (ලක්ෂයක් අගනා) ස්වර්ණ පාත්‍රය නො ලැබීමෙන් යම්සේ තැවුණේ ද එලෙසිනි.
Pali BJT3. සෙරිවාවාණිජජාතකං{8}.
Sinhala BJT3. සේරිවාවාණිජ ජාතකය.
Pali BJT4. අප්පකෙනපි මෙධාවී පාභතෙන විචක්ඛණො, සමුට්ඨාපෙති අත්තානං අණුං අග්ගිංව සන්ධමන්ති.
Sinhala BJT4. වෙළෙඳාමෙහි දක්ෂ වූ නුවණැත්තේ ස්වල්ප වූ බඩු මිලයෙන් (මහත් ධනය ද යශස ද උපදවා) තමන් (උසස් තැනැ) පිහිටුවයි. ඒ කෙසේ ද යත්: මුඛ වාතයෙන් පිඹ දල්වා ගන්නා වූ මඳවූ ගින්නක් මෙනි.
Pali BJT4. චුල්ලසෙට්ඨිජාතකං{9}
Sinhala BJT4. චුල්ලසෙට්ඨි ජාතකය.
Pali BJT5. කිමග්ඝති{1} තණ්ඩුලනාළිකාය අස්සාන මූලාය වදෙහි රාජ{2}, බාරාණසිං සන්තරබාහිරන්තං{3} අයමග්ඝති තණ්ඩුලනාළිකාති.{*}
Sinhala BJT5. රජතුමනි, (පන්සියයක්) අසුන්ගේ මිල සඳහා වූ සහල් නැළිය කුමක් අගනේ දැ යි කිව මැනැවැ යි. අස් වෙළෙඳ තෙමේ රජහට කීයේ ය. නැවත රජු විසින් විමසනු ලැබූ බඩු මිල කරන්නා මේ සහල් නැළිය අගනුවරත් ගම නියම් ගමුත් සහිත බරණැස් රාජ්‍යය ම අගනේයැ යි කී ය.
Pali BJT5. තණ්ඩුලනාළිජාතකං.
Sinhala BJT5. තණ්ඩුලනාළි ජාතකය.
Pali BJT6. හිරිඔත්තප්පසම්පන්නා සුක්කධම්මසමාහිතා, සන්තො සප්පුරිසා ලොකෙ දෙවධම්මාති වුච්චරෙති.
Sinhala BJT6. (දුසිරිතෙහි පිළිකුල ඇති කරන) හිරියෙන් ද (දුසිරිතෙහි) බියෙන් ද සම්පූර්ණ වූ, කුශල ධර්මයන්ගෙන් සමන්විත වූ ශාන්ත වූ සත්පුරුෂයෝ සත්ත්ව ලෝකයෙහි දේවධර්ම ඇත්තෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT6. දෙවධම්මජාතකං.
Sinhala BJT6. දේවධර්ම ජාතකය.
Pali BJT7. පුත්තො ත්යාහං මහාරාජ ත්වං මං පොස ජනාධිප, අඤ්ඤෙපි දෙවො පොසෙති කිඤ්ච දෙවො සකං පජන්ති.
Sinhala BJT7. මහරජ, මම ඔබගේ (අත්‍රජ) පුත්‍රයෙමි. ජනප්‍රධානය මා පෝෂණය කර. රජතෙමේ සේවක මිනිසුන් හා තිරිසනුන්ද යන අන්‍යයන් පෝෂණය කෙරෙයි. ස්වකීය ප්‍රජාව වූ මා කුමක් නිසා පෝෂණය නො කරන්නේ ද?
Pali BJT7. කට්ඨහාරි{4}ජාතකං.
Sinhala BJT7. කට්ඨහාරි ජාතකය.
Pali BJT8. අපි අතරමානානං ඵලාසාව සමිජ්ඣති, විපක්කබ්රහ්මචරියොස්මි එවං ජානාහි ගාමණීති.
Sinhala BJT8. නුවණැත්තන්ගේ අවවාදයෙහි පිහිටා, ඉක්මන් නොවී උපාය ක්‍රමයෙන් කර්මාන්තයෙහි යෙදෙනවුන්හට ප්‍රාර්‍ත්‍ථනා කළ ප්‍රයෝජනයෙහි ආශාව නොහොත් බලාපොරොත්තු වූ ඵලය සමෘද්ධ වේ ම ය. (සතර සඞ්ග්‍රහ වස්තු මූලක යශඃ සම්පත්තීන් මුහුකරවා සිටි බැවින්) පරිපක්ව බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙම් වෙමි. ගාමණිය, (ඔබ උසස් බවට පැමිණි සැටි) මෙසේ දනුව.
Pali BJT8. ගාමණීජාතකං.
Sinhala BJT8. ගාමණී__චණ්ඩ__ ජාතකය.
Pali BJT9. උත්තමඞ්ගරුහා මය්හං ඉමෙ ජාතා වයොහරා, පාතුභූතා දෙවදූතා පබ්බජ්ජාසමයො මමාති.
Sinhala BJT9. මාගේ උත්තමාඞ්ගයෙහි (හිසෙහි) හටගත්තා වූ වයස හැර ගන්නා වූ මේ නර (පැසුණු) කෙස්හු උපන්හ. මරණයට ළඟ බව කියන නරකෙස් නම් වූ දේවදූතයෝ පහළ වූහ. දැන් මාගේ පැවිද්දට කාල යැ යි.
Pali BJT9. මඛාදෙව{5}ජාතකං.
Sinhala BJT9. මඛාදේව ජාතකය.
Pali BJT10. යඤ්ච අඤ්ඤෙනුරක්ඛන්ති යො ච අඤ්ඤෙ න රක්ඛති, ස චෙ රාජ සුඛං සෙති කාමෙසු අනපෙඛවාති.
Sinhala BJT10. සෙසු බොහෝ පුද්ගලයෝ යමකු රක්ෂා නො කෙරෙත් ද මහරජ ඒ පුද්ගල තෙමේ (වස්තුකාම ක්ලේශකාමයන්හි) අපේක්ෂා නැත්තේ ඒකාන්තයෙන් ම කායවිවේක චිත්තවිවේක සැපයෙන් වාස කෙරෙයි.
Pali BJT10. සුඛවිහාරිජාතකං.
Sinhala BJT10. සුඛවිහාරි ජාතකය.
Pali BJTඅපණ්ණකවග්ගො පඨමො.
Sinhala BJTපළමු වන අපණ්ණක වර්ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTවරාපණ්ණකවණ්ණුපථසෙරිවරො සුචිචක්ඛණතණ්ඩුලනාළිකස්සං, හිරීපුත්තවරුත්තගාමණිනා යො ච න රක්ඛති තෙන දස.
Sinhala BJTඋතුම් අපණ්ණක-වණ්ණුපථ-උතුම් සේරිවා (වාණිජ) සුවිචක්ඛණ (චුල්ලසෙට්ඨි) තණ්ඩුලනාළි-හිරි (දේවධර්ම) පුත්ත (කට්ඨහාරි) වරුත්ත (මඛාදේව) ගාමණී යොච නරක්ඛති (සුඛවිහාරී) යන්න හා දස ජතකයෝ ය.
Pali BJT2. සීලවග්ගො
Sinhala BJT2. සීල වර්ගය
Pali BJT11. හොති සීලවතං අත්ථො පටිසන්ථාර{1}වුත්තිනං, ලක්ඛණං පස්ස ආයන්තං ඤාතිසඞ්ඝපුරක්ඛතං අථ පස්සසිමං කාළං සුවිහීනංව ඤාතිහීති.
Sinhala BJT11. සිල්වත් වූ හෙවත් ආචාර සම්පන්න වූ (ආමිස පටිසන්ථාර ධම්ම පටිසන්ථාර යන) පිළිසඳර පෙවෙතින් යුක්ත වූවන්ට අභිවෘද්ධි (සිදු) වන්නේ ය. ඥාති සමූහයා විසින් පිරිවරන ලදුව එන්නා වූ ලක්ෂණ (මෘග) යා බලව. වැළි දු නෑයන්ගෙන් විශේෂයෙන් හීන වූ මේ කාල (මෘග) යා බලව. මේ දෙදෙනා දෙස බැලීමෙන් සිල්වත් බව හා පිළිසඳර පෙවෙත හා දෙක්හි වෙනස දතහේ යැ යූ සේ යි.
Pali BJT1. ලක්ඛණමිගජාතකං{2}.
Sinhala BJT1. ලක්ඛණමිග ජාතකය.
Pali BJT12. නිග්රොධමෙව සෙවෙය්ය න සාඛමුපසංවසෙ{3}, නිග්රොධස්මිං මතං සෙය්යො යඤ්චෙ සාඛස්මිං ජීවිතන්ති.
Sinhala BJT12. (දියුණුව කැමැත්තේ වී නම්) න්‍යග්‍රෝධ මෘගරාජයා සේවනය කරන්නේ ය. සාඛ මෘගය කරා නො එළඹෙන්නේ ය. සාඛ මෘගයා සමීපයෙහි යම් ජීවත් වීමෙක් ඇද්ද (එයට වඩා) න්‍යග්‍රෝධ මෘගරාජයා පාමුලැ (වැදැහෙව) මිය යෑම උතුම් වන්නේ ය.
Pali BJT2. නිග්රොධමිගජාතකං{4}.
Sinhala BJT2. න්යග්රෝධමිග ජාතකය.
Pali BJT13. ධිරත්ථු කණ්ඩිනං සල්ලං පුරිසං ගාළ්හවෙධිනං, ධිරත්ථු තං ජනපදං යත්ථිත්ථි පරිනායිකා, තෙ චාපි{5} ධික්කිතා සත්තා යෙ ඉත්ථීනං වසං ගතාති.
Sinhala BJT13. කණ්ඩින නම් ශරය ඇති දැඩි කොට විදිනා වූ පුරුෂයාට නින්දා වේවා! යම් ජනපදයෙක්හි ස්ත්‍රියක් තොමෝ පරිණායිකා වන්නී ද ඒ ජනපදයට නින්දා වේවා ! යම් කෙනෙක් ස්ත්රීන්ගේ වසයට ගියාහු ද ඒ සත්ත්වයෝ ද නින්දිතයහ.
Pali BJT3. කණ්ඩිනජාතකං{6}.
Sinhala BJT3. කණ්ඩින ජාතකය.
Pali BJT14. න කිරත්ථි රසෙහි පාපියො ආවසෙහි වා සන්ථවෙහි වා, වාතමිගං ගෙහනිස්සිතං{7} වසමානෙසි රසෙහි සඤ්ජයොති.
Sinhala BJT14. නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහි ද මිත්‍ර සන්ථවයෙහි ද (ඡන්දරාගය) ලාමක ය. දිවට දැනෙන රසයෙහි ඡන්දරාගය යටැ කී දෙකරුණෙහි ඇල්මට වැඩ ලාමකතරය. ඊට වැඩ අධික ඡන්දරාගයක් නො ම ඇත්තේල. සඤ්ජය නම් උයන්පලු තෙමේ වනගහන ස්ථානයෙහි වූ වාතමෘගයා රසයෙන් පොළොඹවා තමාගේ වසයට පැමිණැවීය.
Pali BJT4. වාතමිගජාතකං.
Sinhala BJT4. වාතමිග ජාතකය.
Pali BJT15. අට්ඨඛුරං{8} ඛරාදියෙ මිගං වඞ්කාතිවඞ්කිතං, සත්තහි කලාහතික්කන්තං{9} න තං ඔවදිතුස්සහෙති.
Sinhala BJT15. ඛරාදිය නමැත්තිය කුර අටක් ඇති මුලින් වක් වූ අං ඇති හෙයින් වඞ්කාතිවඞ්කිත වූ අවවාද කාලසතක් ඉක්මවා සිටි අකීකරු ඒ මෘගයාට අවවාද කරන්නට උත්සාහ නැත්තෙමි.
Pali BJT5. ඛරාදියජාතකං.
Sinhala BJT5. ඛරාදිය ජාතකය.
Pali BJT16. මිගන්ති පල්ලත්ථමනෙකමායං අට්ඨඛුරං අඩ්ඪරත්තාවපායිං{10}, එකෙන සොතෙන ඡමාස්සසන්තො ඡහි කලාහතිභොති භාගිනෙය්යොති.
Sinhala BJT16. සහෝදරිය, ත්රිවිධාකාරයෙකින් ශයනය කරන්නා වූ අට කුරයක් ඇති බොහෝ මෘගමායා දන්නා වූ මාධ්‍යම රාත්‍රියෙහි පැන් බොන්නා වූ (බෑනණු) මෘගයාට (මෘගමායා) හොඳින් ඉගැන්වීමි. (ඒ කෙසේ ද යත්) යට වූ එක් නාසිකා ශ්රෝතසකින් පොළොවට ආශ්වාස හරනේ සවැදෑරුම් මෘගමායා කලාවෙන් බෑනණු තෙමේ වැද්දා වංචා කරන්නේ ය.
Pali BJT6. තිපල්ලත්ථමිගජාතකං{11}.
Sinhala BJT6. තිපල්ලත්ථමිග ජාතකය.
Pali BJT17. කාළෙ{1} වා යදි වා ජුණ්හෙ යදා වායති මාලුතො, වාතජානි හි සීතානි උභොත්ථමපරාජිතාති.
Sinhala BJT17. කෘෂ්ණ පක්ෂයෙහි වේවයි ශුක්ල පක්ෂයෙහි වේවයි යම් කාලයෙක්හි වාතය හමාද (එසමයෙහි ශීත වේ. කුමක් හෙයින් ද යත්:) ශීතයෝ නම් වාතයෙන් හටගන්නාහු ය. එහෙයින් මේ වාදයෙහි ලා සිංහ ව්යාඝ්ර තෙපි දෙදෙනා ම නො පැරදුණාහුය.
Pali BJT7. මාලුතජාතකං.
Sinhala BJT7. මාලුත ජාතකය.
Pali BJT18. එවඤ්ච සත්තා ජානෙය්යුං දුක්ඛායං ජාතිසම්භවො. න පාණො පාණිනං හඤ්ඤෙ පාණඝාතී හි සොචතීති.
Sinhala BJT18. මේ ( ඒ ඒ තන්හි) ඉපැදීම ද වැඩීම ද (ජරා ව්‍යාධි මරණාදී) දුකට කාරණාවනුයෙන් දුක් වන්නේය යි. සත්ත්වයෝ මෙසේ දන්නාහු නම්, ප්‍රාණයෙක් අන් ප්රාණයකු නො නසන්නේ ය. යම් හෙයකින් ප්‍රාණ විනාශය කරන්නේ ශෝක කරන්නේ වේ ද එහෙයිනි.
Pali BJT8. මතකභත්තජාතකං.
Sinhala BJT8. මතකභත්ත ජාතකය.
Pali BJT19. සචෙ මුඤ්චෙ පෙච්ච මුඤ්චෙ{2} මුච්චමානො හි බජ්ඣති, නාහෙවං ධීරා මුච්චන්තී මුත්ති බාලස්ස බන්ධන’න්ති.
Sinhala BJT19. ඉදින් අන්තරායවලින් මිදෙනු කැමැත්තේ වී නම් යම්සේ පරලොව්හි කර්මබන්ධනයෙන් නො බැඳේ ද එපරිද්දෙන් මිදෙව. (ප්‍රාණවධාදි දුශ්චරිත කොට දැන්) මිදෙන්නේ ඒකාන්තයෙන් ම (මතු පාප පාශයෙන්) බැඳෙන්නේ ය. නුවණැත්තෝ එපරිද්දෙන් නො මිදෙන්නාහු ම ය. බාලයාගේ මිදීම (තවත්) බැඳීමෙකි. යමෙක් ප්‍රාණවධ කොට අන්තරායෙන් මිදේ ද හේ පරලොව පාප පාශයෙන් නො මිදෙන හෙයින් මිදුණත් බැඳුණාහු නම් වෙති.
Pali BJT9. ආයාචිතභත්තජාතකං.
Sinhala BJT9. ආයාචිතභත්ත ජාතකය.
Pali BJT20. දිස්වා පදමනුත්තිණ්ණං දිස්වා නොතරිතං පදං, නළෙන වාරිං පිවිස්සාම{3} නෙව මං ත්වං{4} වධිස්සසී’ති.
Sinhala BJT20. දියෙන් ගොඩට නො නැගී පියවර දැකැ (දියෙන් ගොඩට නැගි පියවර නොදැකැ යූ සේ යි.) දියට බට පියවර(ම) දැකැ බට නළින් ජලයබොන්නෙමු. තෝ මා නො නසන්නෙහි ය (නසනු නො හැක්කෙහි ය).
Pali BJT10. නළපානජාතකං.
Sinhala BJT10. නළපාන ජාතකය.
Pali BJTසීලවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි ශීල වර්ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTඅථලක්ඛණසාඛධිරත්ථුපුන නකිරත්ථිරසෙහිඛරාදියා, අතිභොතිරසමාලුතපාණ මුච්චෙනනළඅව්හයන්තෙ භවන්ති දස.
Sinhala BJTලක්ඛණ මිග, සාඛ න්‍යග්‍රෝධ මිග, ධිරත්ථු (කණ්ඩින) නාකිරත්ථි රස (වාතමිග) ඛරාදිස අතිහොති (තිපල්ලත්ථමිග) මාලුත පාණ (මතක භත්ත) මුච්ච (ආයාචිත භත්ත) නළපාන යන මේ නම් ඇති දසය යි.
Pali BJT3. කුරුඞ්ගවග්ගො
Sinhala BJT3. කුරුඞ්ග වර්ගය
Pali BJT21. ඤාතමෙතං කුරුඞ්ගස්ස යං ත්වං සෙපණ්ණි සෙය්යසි, අඤ්ඤං සෙපණ්ණිං{1} ගච්ඡාමි න මෙ තෙ රුච්චතෙ ඵලන්ති.
Sinhala BJT21. එම්බා ඇද්දෙමට රුක, තෝ යම් හෙයකින් (ඉදිරියෙහි පල) විසුරුවනු වූයෙහි ද මේ කාරණය කුරුඞ්ග මෘගයා දන්නා ලදි. අන් ඇද්දෙමට රුකක් කරා යමි. තාගේ පල මට නො රුස්නේ ය.
Pali BJT1. කුරුඞ්ගමිගජාතකං.
Sinhala BJT1. කුරුඞ්ගමිග ජාතකය.
Pali BJT22. යෙ කුක්කුරා රාජකුලම්හි වද්ධා{2} කොලෙය්යකා වණ්ණඛලූපපන්නා, තෙ’මෙ න වජ්ඣා මයමස්ම වජ්ඣා නායං සඝච්චා{3} දුබ්බලඝාතිකායන්ති.
Sinhala BJT22. වර්ණයෙන් හා කායබලයෙන් යුක්ත වූ රාජකුලයෙහි උපන් රජගෙයි වැඩුණු යම් බලු කෙනෙක් ඇද්ද, ඒ මේ බල්ලෝ වධයට සුදුස්සෝ නො වෙති. අපි වධයට (විනාශයට) සුදුසුවම්හ. මේ වධය ප්‍රබල වධ නම් නො වේ. මේ දුර්වල වධ නම් වේ.
Pali BJT2. කුක්කුරජාතකං.
Sinhala BJT2. කුක්කුර ජාතකය.
Pali BJT23. අපි පස්සෙන සෙමානො සල්ලෙහි සල්ලීකතො, සෙය්යො ව වළවා භොජ්ජො{4} යුඤ්ජ මඤ්ඤෙව සාරථි’ති.
Sinhala BJT23. ශරයෙන් විදින ලද එහෙයින් ම එක පාර්ශ්වයෙකින් හෝනා ද වු, භෝජාජානීය වූ ජාති සෛන්ධවයා ම ඛලුඞ්ක අශ්වයාට (සින්ධු දේශයෙන් අන්‍ය දේශයෙහි උපන් කුඩා අශ්වයාට වඩා) උතුම, සාරථිය, මා මැ යුද්ධයෙහි යොදව.
Pali BJT3. භොජාජානීයජාතකං{5}.
Sinhala BJT3. භෝජාජානීය ජාතකය.
Pali BJT24. යදා යදා යත්ථ යදා යත්ථ යත්ථ යදා යදා, ආජඤ්ඤො කුරුතෙ වෙගං හායන්ති තත්ථ වාළවා’ති.
Sinhala BJT24. (පෙරවරු ආදි) යම් යම් කාලයෙක්හි වේවා, ග්රාමාදී යම් තැනෙක්හි වේවා, යම් ක්ෂණයෙක්හි වේවා, (යුද්ධ මණ්ඩලාදි) යම් යම් ස්ථානයෙක්හි වේවා, උපහාර ලැබුම් ආදි යම් යම් කාලයෙක්හි වේවා (සාරථියාගේ අභිප්‍රාය දන්නා සුලුවූ) උතුම් සෛන්ධවයා ම වීර්‍ය්‍ය කිරීමට පටන්ගනී ද එහි දී ඛලූඞඞ්ක අශ්වයෝ පිරිහෙත්. (පසුබසිත්)
Pali BJT4. ආජඤ්ඤජාතකං.
Sinhala BJT4. ආජඤ්ඤ ජාතකය.
Pali BJT25. අඤ්ඤමඤ්ඤෙහි තිත්ථෙහි අස්සං පායෙහි සාරථි, අච්චාසනස්ස පුරිසො{6} පායාසස්සපි තප්පතී’ති.
Sinhala BJT25. සාරථිය අනෙක් අනෙක් තොටෙකින් අශ්වයා පොව. (නහවව) පුරුෂ තෙමේ අධික කොට කෑමෙන් මිහිරි පායාසයෙන් ද තෘප්ත වේ. (මතු නොකනු කැමැත්තේ වේ.)
Pali BJT5. තිත්ථජාතකං.
Sinhala BJT5. තීථි ජාතකය.
Pali BJT26. පුරාණචොරාන වචො නිසම්ම මභිලාමුඛො පොථයමානුචාරි{7}{*} සුසඤ්ඤතානං හි වචො නිසම්ම. ගජුත්තමො සබ්බගුණෙසු අට්ඨාති.
Sinhala BJT26. මහිලාමුඛ නම් ඇතා පළමු සොරුන්ගේ (රෞද්‍ර) වචනය අසා (හමු වූවන්) මරමින් සොරුන්ගේ වචනය අනුවැ හැසුරුණේ ය. සුසංයත වූ සිල්වතුන්ගේ මෘදු මොළොක් තෙපුල් අසා උත්තම හස්තියා (පළමු තමා තුළ තුබුණු) සියලු ගුණයෙහි (නැවත) පිහිටියේ ය.
Pali BJT6. මහිලාමුඛජාතකං.
Sinhala BJT6. මහිලාමුඛ ජාතකය.
Pali BJT27. නාලං කබළං{1} පදාතවෙ න ච පිණ්ඩං න කුසෙ න ඝංසිතුං, මඤ්ඤාමි අභිණ්හදස්සනා නාගො සිනෙහමකාසි{2} කුක්කුරෙති.
Sinhala BJT27. (බතට පළමුව දෙන) කටුක බෙහෙත් පිණ්ඩය ගන්නට හෙවත් අනුභව කරන්නට නො සමත් ය. බත් පිඬු ගන්නට ද නො සමත්ය. තෘණ ගන්නට ද නොසමත්ය. (නහවන වේලෙහි) ඇඟ උළාලීමෙහි ද නොසමත් ය. ඇත් තෙමේ නිතර දැකීමෙන් බල්ලා කෙරෙහි ස්නෙහ කෙළේ ය යි හඟිමි.
Pali BJT7. අභිණ්හජාතකං.
Sinhala BJT7. අභිණ්හ ජාතකය.
Pali BJT28. මනුඤ්ඤමෙව භාසෙය්ය නාමනුඤ්ඤං කුදාචනං මනුඤ්ඤං භාසමානස්ස ගරුභාරං උද්දධරි, ධනඤ්ච නං අලබ්භෙසි තෙනචත්තමනො අහූ’ති.
Sinhala BJT28. මනෝඥ වචනයක් ම කියන්නේ ය. කිසි කලෙක්හිදු අමනෝඥ කොට නො බණන්නේ ය. මනෝඥ කොට බණන්නහුගේ (ප්‍රමාණ වශයෙන් ගැල් සියයක්) බරවූ සකට භාරය ඉදිරියට අද්පී ය. එයින් බමුණා ධන ද ලැබ්බවිය. සතුටු සිතැත්තේ ද විය.
Pali BJT8. නන්දිවිසාලජාතකං.
Sinhala BJT8. නන්දිවිසාල ජාතකය.
Pali BJT29. යතො යතො ගරුධුරං යතො ගම්භිරවත්තනි, තදස්සු{3} කණ්හං යුඤ්ජන්ති ස්වාස්සු තං වහතෙ ධුරන්ති.
Sinhala BJT29. යම් තැනෙක්හි (ගැල්) ධුරය ඉතා බරවේ ද යම් තැනෙක්හි (දිය හා මඩ ඇති බැවින්) ගැඹුරු වූ මාර්ගයෙක් වේ ද එකල්හි කණ්හ නම් බිලිවර්දයා (ගොනා) යොදත්. හෙතෙමේ ඒ ධුරය උසුලන්නේ ය.
Pali BJT9. කණ්හජාතකං.
Sinhala BJT9. කණ්හ ජාතකය.
Pali BJT30. මා මුනිකස්ස පිහයි ආතුරන්තානි භුඤ්ජති, අප්පොස්සුක්කො භුසං ඛාද එතං දීඝායුලක්ඛණන්ති.
Sinhala BJT30. මුනික නම් ශුකරයාගේ භෝජනය ප්‍රාර්‍ත්‍ථනා නො කරව. (කුමක් හෙයින් ද යත්) මුනික ශුකර තෙමේ මරණ භෝජන අනුභව කරයි. (මධුරාභාරය) අලේපත්සුක ව තමා විසින් ලබන තෘණපත් අනුභව කරව. මෙය දීර්ඝායු ලක්ෂණයෙකි.
Pali BJT10. මුනිකජාතකං.
Sinhala BJT10. මුනික ජාතකය.
Pali BJTකුරඞ්ගවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි කුරුඞ්ග වර්ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTකුරුඞ්ගස්සකුක්කුරභොජවරො පුන වාළවස්සසිරිවයතො, මහිළාමුඛනාමනුඤ්ඤවරො වහතෙධුරමුනිකෙන දස.
Sinhala BJTකුරුඞ්ගමිග කුක්කුරු භෝජාජානීය වාළව (ආජඤ්ඤ) සිරිවය (තිත්ථ) මහිලාමුඛ තාග (අහිණ්හ) මනුඤ්ඤචර (නන්දිවිසාල) වහතෙ (කණ්හ) මුනික යන දසයයි.
Pali BJT4. කුලාවකවග්ගො
Sinhala BJT4. කුලාවක වර්ගය
Pali BJT31. කුලාවකා මාතලි සිම්බලිස්මිං ඊසාමුඛෙන පරිවජ්ජයස්සු, කාමං චජාම අසුරෙසු පාණං මායිමෙ දිජා විකුලාවා අහෙසු’න්ති{1}.
Sinhala BJT31. මාතලිය, සුපර්ණ පොතකයෝ (ගුරුළු පැටව්) ඉඹුල් වෙනෙහි එලී හොවිති. ඔවුන් රථ ශීර්ෂයෙන් දුරු කරව. (ඔවුන්ගෙන් රථ ශීර්ෂය දුරු කරව යූ සේයි.) අසුරයන් කෙරෙහි ප්‍රාණය හරිම්හ. මේ සුපර්ණ පෝතකයෝ කැදැල්ලෙන් පහවූවාහු නො වෙත්වා.
Pali BJT1. කුලාවකජාතකං.
Sinhala BJT1. කුලාවක ජාතකය.
Pali BJT32. රුදං මනුඤ්ඤං රුචියා{2} ච පිට්ඨි වෙළුරියණ්ණුපනිභා ච{3} ගීවා, ව්යාමමත්තානි ච පෙඛුණානි{4} නච්චෙන තෙ ධීතරං නො දදාමී’ති.
Sinhala BJT32. මයුරය තාගේ ශබ්දය මනෝඥ ය. පිට ද සිත්කලු ය. ග්රීවය ද වෛදුර්ය්ය මාණික්‍යයෙහි වර්ණය හා සමානය. පිල් ද බඹයක් පමණ ය. (මෙසේ රූපී වුවද ලජ්ජා භය නැති) නැටීම හේතු කොට තට මාගේ දුව නො දෙමි.
Pali BJT2. නච්චජාතකං.
Sinhala BJT2. නච්ච ජාතකය.
Pali BJT33. සම්මොදමානා ගච්ඡන්ති ජාලමාදාය පක්ඛිනො, යදා තෙ විවදිස්සන්ති තදා එහින්ති මෙ වස’න්ති.
Sinhala BJT33. වටු පක්ෂීහු සමගි වූවාහු වෙත්. විවාද නො කරන්නාහු දැල ඔසවාගෙන යෙති. ඔවුහු යම් කලෙක්හි විවාද කෙරෙත් ද එකල්හි මාගේ වසයට එති.
Pali BJT3. සම්මොදමානජාතකං.
Sinhala BJT3. සම්මොදමාන ජාතකය.
Pali BJT34. න මං සීතං න මං උණ්හං න මං ජාලස්මිං බාධනං, යඤ්ච මං මඤ්ඤතෙ මච්ඡි අඤ්ඤං සො රතියා ගතො’ති.
Sinhala BJT34. ශීතල මා පෙළන්නේ නො වෙයි. උෂ්ණය මා පෙළන්නේ නො වෙයි. දැලෙහි බැඳීම ද මා පෙළන්නේ නො වෙයි. යම් හෙයෙකින් මා නො දක්නා වූ මත්ස්යධෙනු තොමෝ හේ (මත්ස්‍යයා) අන්‍ය මත්ස්‍ය ධේනුවක් හා කාමරතිය පිණිස ගියේ යැ යි සිතා ද එය මේ සියලු දුකට වඩා මා පෙළන්නේ ය යි.
Pali BJT4. මච්ඡජාතකං.
Sinhala BJT4. මච්ඡ ජාතකය.
Pali BJT35. සන්ති පක්ඛා අපතනා සන්ති පාදා අවඤ්චනා, මාතා පිතා ච නික්ඛන්තා ජාතවෙද පටික්කමා’ති.
Sinhala BJT35. මාගේ පියාපත් ඇත. (එහෙත්) පියාසර කරන්නට අසමර්ත්ථ ය. පාදයෝ ඇත. (එහෙත්) පියවර ගමනින් යන්නට අපොහොසත් ය. මෑණියෝ ද පියාණෝ ද මා හැරැ ගියහ. ජාතවෙදය (ගින්න) පහවව (නවතුව).
Pali BJT5. වට්ටකජාතකං.
Sinhala BJT5. වට්ටක ජාතකය.
Pali BJT36. යං නිස්සිතා ජගතිරුහං විහඞ්ගමා ස්වායං අග්ගිං පමුඤ්චති, දිසා භජථ වක්කඞ්ගා{1} ජාතං සරණතො භයන්ති.
Sinhala BJT36. පක්ෂීහු යම් රුකක් ආශ්‍රය කළෝ ද ඒ රුක මැ ගිනි හරනේ යැ. පක්ෂීනි, සරණස්ථානයෙන් හෙවත් පිහිටවනස්ථානයෙන් භය උපනි. (එහෙයින්) දිශා භජනය කරව (රුක හැර යව).
Pali BJT6. සකුණජාතකං
Sinhala BJT6. සකුණ ජාතකය.
Pali BJT37. යෙ වද්ධමපචායන්ති නරා ධම්මස්ස කොවිදා, දිට්ඨෙව ධම්මෙ{2} පාසංසා සම්පරායෙ ච සුග්ගති’ති.
Sinhala BJT37. (වැඩිහිටියන් සැලැකීම නම් වූ) ගුණධර්මයෙහි දක්ෂ වූ යම් කෙනෙක් ගුණයෙන් ද වයසින් ද වැඩිහිටියන් පුදත් ද ඔවුහු මෙලොව දී ම පැසැසියයුතු වෙති. පරලොවෙහි ද සුගතිය වෙයි.
Pali BJT7. තිත්තිරජාතකං.
Sinhala BJT7. තිත්තිර ජාතකය.
Pali BJT38. නාච්චන්තං නිකතිප්පඤ්ඤො නිකත්යා සුඛමෙධති, ආරාධෙති නිකතිප්පඤ්ඤො ඛකො කක්කටකාමිවා’ති.
Sinhala BJT38. වඤ්චන බුද්ධි ඇත්තේ තමාගේම වංචා හේතුවෙන් නිත්‍යයෙන් සුව නො වඩයි. කිසි සුවයෙක්හි නො පිහිටයි. වඤ්චන බුද්ධි ඇත්තේ (තමා කළ වැරදිවල කටුක විපාක) ලබයි. කකුළුවාගෙන් (ගෙල සිඳගත්) කොකා මෙනි.
Pali BJT8. බකජාතකං.
Sinhala BJT8. බක ජාතකය.
Pali BJT39. මඤ්ඤෙ සොවණ්ණයො රාසි සොවණ්ණමාලා ච නන්දකො, යත්ථ දාසො ආමජාතො ඨිතො ථුල්ලානි ගජ්ජතී’ති.
Sinhala BJT39. කුලජාත දාසියගේ පුත්‍ර වූ නන්දක දාස තෙමේ යම් තැනෙක්හි සිටියේ පරුෂ කොට ගර්ජනා කෙරේ ද (බෙණේ ද) ස්වර්ණරාශීය ද ස්වර්ණමාලා ද එතැන්හි යැ යි හඟිමි.
Pali BJT9. නන්දජාතකං.
Sinhala BJT9. නන්ද ජාතකය.
Pali BJT40. කාමං පතාමි නිරයං උද්ධපාදො අවංසිරො, නානරියං කරිස්සාමි හන්ද පිණ්ඩං පටිග්ගහා’ති.
Sinhala BJT40. ඌර්ධවපාද ඇත්තෙමි. අධඃකෘත හිස ඇත්තෙමි. ඒකාන්තයෙන් නරකයෙහි වැටෙමි. (එතෙකුදු වුවත් දන් නොදීම සිල් නොරැකීම ආදී) අනාර්‍ය්‍ය ක්‍රියාවක් නො කරමි. එබැවින් පිණ්ඩ නම් ලද බත පිළිගන්නේ මැනැවි.
Pali BJT10. ඛදිරඞ්ගාරජාතකං.
Sinhala BJT10. ඛදිරඞ්ගාර ජාතකය.
Pali BJTකුලාවකවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි කුලාවක වර්ග යි.