Jātaka

Birth Stories

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 7731 segments

පෙන්වන කොටස් 4301-4400 න් 7731

3593. තෙසං අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵුටා තිට්ඨන්ති සබ්බදා.
3594. එතෙ පතන්ති නිරයෙ උද්ධපාදා අවංසිරා, ඉසීනං අතිවත්තාරො සඤ්ඤතානං තපස්සිනං.
3595. තෙ භූනහුනො පච්චන්ති මච්ඡා බිලකතා යථා, සංවච්ඡරෙ අසඞ්ඛෙය්යෙ නරා කිබ්බිසකාරිනො.
3596. දය්හ{1}මානෙන ගත්තෙන නිච්චං සන්තරබාහිරං, නිරයා නාධිගච්ඡන්ති ද්වාරං නික්ඛමනෙසිනො.
3597. පුරත්ථිමෙන ධාවන්ති තතො ධාවන්ති පච්ඡතො, උත්තරෙනපි ධාවන්ති තතො ධාවන්ති දක්ඛිණං.
3598. යං යං හි ද්වාරං ගච්ඡන්ති තං තදෙව පිථීයති,{2} බහූනිවස්සසහස්සානි{3} ජනා නිරයගාමිනො.{4} බාහා පග්ගය්හ නන්දන්ති පත්වා දුක්ඛං අනප්පකං.
3599. ආසීවිසංව කුපිතං{5} තෙජස්සිං{6} දූරතික්කමං, න සාධුරූපෙ ආසීදෙ සඤ්ඤතානං තපස්සිනං.
3600. අතිකායො මහිස්සාසො අජ්ජුනො කෙකකාධිපො,{7} සහස්සබාහු උච්ඡින්නො{8} ඉසිමාසජ්ජ ගොතමං.
3601. අරජං රජසා වච්ඡං කිසං අවකිරිය දණ්ඩකී, තාලොව මූලතො{9} ඡින්නො සරාජා විභවඞ්ගතො.
3602. උපහච්ච මනං මෙජ්ඣො{10} මාතඞ්ගස්මිං යස්සසිනෙ, සපාරිසජ්ජො උච්ඡින්නො මෙජ්ඣාරඤ්ඤං{11} තදා අහූ.
3603. කණ්හාදීපායනාසජ්ජ ඉසිං අන්ධකවෙණ්හුයො, අඤ්ඤමඤ්ඤං මුසලෙ{1} හන්ත්වා සම්පත්තා යමසාධනං.
3604. අථායං ඉසිනා සත්තො අන්තලික්ඛෙ චරො පුරෙ, පාවෙක්ඛි පඨවිං{2} චෙච්චො හීනත්තො පත්තපරියායං.
3605. තස්මා හි ඡන්දාගමනං නප්පසංසන්ති පණ්ඩිතා, අදුට්ඨචිත්තො භාසෙය්ය ගිරං සච්චූපසංහිතං.
3606. මනසා චෙ පදුට්ඨෙන යො නරො පෙක්ඛතෙ මුනිං, විජ්ජාචරණසම්පන්නං ගන්තා සො නිරයං අධො.
3607. යෙ වුද්ධෙ{3} පරිභාසන්ති ඵරුසුපක්කමා ජනා, අනපච්චා අදායාදා තාලවත්ථු භවන්ති තෙ.
3608. යො ච පබ්බජිතං{4} හන්ති කතකිච්චං මහෙසිනං. ස කාළසුත්තෙ නිරයෙ චිරරත්තාය පච්චති.
3609. යො ච රාජා අධම්මට්ඨො රට්ඨවිද්ධංසනො{5} චුතො, තාපයිත්වා ජනපදං තාපනෙ පෙච්ච{6} පච්චති.
3610. යො ච වස්සසහස්සානං{7} සතං දිබ්යානි{8} පච්චති, අච්චිසඞ්ඝපරෙතො සො දුක්ඛං වෙදෙති වෙදනං.
3611. තස්ස අග්ගිසිඛා කායා නිච්ඡරන්ති පභස්සරා, තෙජොභක්ඛස්ස ගත්තානි ලොමග්ගෙහි නඛෙහි ච.
3612. දය්හ{9}මානෙන ගත්තෙන නිච්චං සන්තරබාහිරං,{10} දුක්ඛාභිතුන්නො නදති නාගො තුත්තද්දිතො{11} යථා.
3613. යො ලොභා පිතරං හන්ති දොසා වා පුරිසාධමො, ස කාළසුත්තෙ නිරයෙ චිරරත්තාය පච්චති.
3614. ස තාදිසො පච්චති ලොහකුම්භියං පක්කඤ්ච සත්තීහි හනන්ති නිත්තචං, අන්ධං කරිත්වා මුත්තකරීසභක්ඛං ඛාරෙ{1} නිමුජ්ජෙන්ති තථාවිධං නරං.
3615. තත්තං පක්කට්ඨිතං{2} අයොගුළඤ්ච දීඝෙ ච ඵාලෙ චිරරත්තතාපිතෙ, වික්ඛම්භමාදාය විභජ්ජ රජ්ජූහි විවටෙ මුඛෙ සංසවයන්ති{3} රක්ඛසා.
3616. සාමා ච සොණා සබලා ච ගිජ්ඣා කාකොළසඞ්ඝා ච දිජා අයොමුඛා, සඞ්ගම්ම ඛාදන්ති විප්ඵන්දමානං. ජිව්හං විභජ්ජ{4} විඝාසං{5} සලොහිතං.
3617. තං දඩ්ඪතාලං පරිභින්නගත්තං නිප්ඵොඨයන්තා{6} අනුවිචරන්ති රක්ඛසා, රතී හි තෙසං දුඛිනො පනීතරෙ එතාදිසස්මිං නිරයෙ වසන්ති යෙ කෙචි ලොකෙ ඉධ පෙත්තිඝාතිනො.
3618. පුත්තො ච මාතරං හන්ත්වා ඉතො ගන්ත්වා යමක්ඛයං, භුසමාපජ්ජතෙ දුක්ඛං අත්තකම්මඵලූපගො.
3619. අමනුස්සා අතිබලා{7} හන්තාරං ජනයන්තියා, අයොමයෙහි වාලෙහි පීළයන්ති පුනප්පුනං.
3620. තං පස්සවං{8} සකා ගත්තා රුධිරං{9} අත්තසම්භවං, තම්බලොහවිලීනංව{10} තත්තං පායෙන්ති මත්තියං.
3621. ජිගුච්ඡං කුණපං පූති දුග්ගන්ධං{11} ගූථකද්දමං. පුබ්බලොහිතසඞ්කාසං රහදං{12} ඔගය්හ තිට්ඨති.
3622. තමෙනං කිමයො තත්ථ අතිකායා අයොමුඛා, ඡවිං ඡෙත්වාන ඛාදන්ති පගිද්ධා මංසලොහිතෙ.
3623. සො ච තං නිරයං පත්තො නිමුග්ගො සතපොරිසං, පූතිකං කුණපං වාති සමන්තා සතයොජනං.
3624. චක්ඛුමාපි හි චක්ඛූහි තෙන ගන්ධෙන ජීයති, එතාදිසං බ්රහ්මදත්ත මාතුඝාතී{1} ලභෙ දුඛං.
3625. ඛූරධාරමනුක්කම්ම තික්ඛං දුරභිසම්භවං, පතන්ති ගබ්භපාතිනියො{2} දුග්ගං වෙතරණිං නදිං.
3626. අයොමයා සිම්බලියො සොළසඞ්ගුලකණ්ටකා, උභතො මහිලම්බන්ති දුග්ගං තෙරණිං නදිං.
3627. තෙ අච්චිමන්තො තිට්ඨන්ති අග්ගික්ඛන්ධාව ආරකා, ආදිත්තා ජාතවෙදෙන උද්ධං යොජනමුග්ගතා.
3628. එතෙ සජන්ති නිරයෙ තත්තෙ තිඛිණකණ්ටකෙ, නාරියො ච අතිචාරිණියො{3} නරා ච පරදාරගූ.
3629. තෙ පතන්ති අධොක්ඛන්ධා{4} විවත්තා{5} විහතා පුථු, සයන්ති විනිවිද්ධඞ්ගා දීඝං ජග්ගන්ති සංවරිං.
3630. තතො රත්යා විවසනෙ මහතිං පබ්බතූපමං, ලොහකුම්භිං පවජ්ජන්ති තත්තං අග්ගිසමූදකං.
3631. එවං දිවා ච රත්තො ච දුස්සීලා මොහපාරුතා, අනුභොන්ති සකං කම්මං පුබ්බෙ දුක්කතමත්තනො.
3632. යා ච භරියා ධනක්කීතා සාමිකං අතිමඤ්ඤති, සස්සුං වා සසුරං වාපි ජෙට්ඨං වාපි නනන්දරං{6}.
3633. තස්සා වඞ්කෙන ජිව්හග්ගං නිබ්බහන්ති සබන්ධනං, සබ්යාමමත්තං කිමිනං ජිව්හං පසස්ති අත්තනො විඤ්ඤාපෙතුං සක්කොති තාපනෙ පෙච්ච{7} පච්චති.
3634. ඔරබ්භිකා සූකරිකා මච්ඡිකා මිගබන්ධකා, චොරා ගොඝාතකා ලුද්දා අවණ්ණෙ වණ්ණකාරකා.
3635. සත්තීහි ලොහකූටෙහි නෙත්තිංසෙහි උසූහි ච, හඤ්ඤමානා ඛාරනදිං පපතන්ති{1} අවංසිරා.
3636. සායං පාතො කූටකාරී අයොකූටෙහි හඤ්ඤති, තතො වන්තං දුරත්තානං පරෙසං භුඤ්ජතෙ{2} සදා.
3637. ධඞ්කා භෙරණ්ඩකා{3} ගිජ්ඣා කාකොළා ච අයොමුඛා, විප්ඵන්දමානං{4} ඛාදන්ති නරං කිබ්බිසකාරිනං.
3638. යෙ විගෙන මිගං හන්ති පක්ඛිං වා පන පක්ඛිනා, අසන්තො රජසා ඡන්නා ගන්තා තෙ නිරයුස්සදං
3639. සන්තො ච උද්ධං ගච්ඡන්ති සුවිණ්ණෙනිධ කම්මුනා, සුචිණ්ණස්ස ඵලං පස්ස සහින්දා දෙවා සබ්රහ්මකා.
3640. තං තං බ්රූමි මහාරාජ ධම්මං රට්ඨපතී චර, තථා{5} තථා රාජ චරාහි ධම්මං යථා තං සුචිණ්ණං නානුතප්පෙය්ය පච්ඡාති.
සඞ්කිච්ච ජාතකං.
සට්ඨිනිපාතං නිට්ඨිතං.
තස්සුද්දානං:
අථ සට්ඨිනිපාතම්හි සුණාථ මම භාසිතං, පවරො සොණක අරින්දමසව්හයනො තථා වුත්ත රථෙසභ කිච්ච වරොති.
20. සත්තතිනිපාතො
1. කුසජාතකං.
3641. ඉදං තෙ රට්ඨං සධනං සයොග්ගං සකායූරං සබ්බකාමූපපන්නං, ඉදන්තෙ රජ්ජං අනුසාස අම්ම ගච්ඡාමහං යත්ථ පියා පභාවති.
3642. අනුජ්ජුභූතෙන හරං මහන්තං{1} දිවා ච රත්තො ච නිසීථකාලෙ{2}, පටිගච්ඡ ත්වං ඛිප්පං කුසාවතිං කුස න ඉච්ඡාමි{3} දුබ්බණ්ණමහං වසන්තං.
3643. නාහං ගමිස්සාමි ඉතො කුසාවතිං පභාවති වණ්ණපලොභිතො තව, රමාමි මද්දස්ස නිකෙතරම්මෙ හිත්වාන රට්ඨං තව දස්සනෙ රතො.
3644. පභාවතී වණ්ණපලොභිතො තව සම්මූළ්හරූපො විචරාමි මෙදිනිං, දිසං න ජානාමි කුතොම්භි ආගතො තයම්හි මත්තො මිගමන්දලොචනෙ.
3645. සුවණ්ණචීරවසනෙ ජාතරූපසුමෙඛලෙ, සුස්සොණි{4} තව කාමා හි නාහං රජ්ජෙනමත්ථිකො.
3646. අබ්භූ හි තස්ස භො හොති යො අනිච්ඡන්තමිච්ඡති, අකාමං රාජ කාමෙහි අකන්තො කන්ත{5} මිච්ඡසි.
3647. අකාමං වා සකාමං වා යො නරො ලභතෙ පියං, ලාභමෙත්ථ පසංසාමි{6} අලාභො තත්ථ පාපකො.
3648. පාසාණසාරං ඛණසි කණිකාරස්ස දාරුනා, වාතං ජාලෙන බාධෙසි යො අනිච්ඡන්තමිච්ඡති.
3649. පාසාණො නූන තෙ හදයෙ ඔහිතො මුදුලක්ඛණෙ, යො තෙ සාතං න වින්දාමි තිරොජනපදාගතො
3650. යදා මං භූකුටිං{1} කත්වා රාජපුත්ති උදික්ඛසි, ආළාරිකො තදා හොමි රඤ්ඤො මද්දස්ස{2} ථිපුරෙ.
3651. යදා උම්භයමානා මං රාජපුත්ති උදික්ඛසි, නාළාරිකො තදා හොමි රාජා හොමි තදා කුසො.
3652. සචෙ හි වචනං සච්චං නෙමිත්තානං භවිස්සති, නෙව මෙ ත්වං පති අස්ස කාමං ඡින්දන්තු සත්තධා.
3653. සචෙ හි වචනං සච්චං අඤ්ඤෙසං යදි වා මම, නෙව තුය්හං පති අත්ථි අඤ්ඤො සීහස්සරා කුසා.
3654. නෙක්ඛං{3} ගීවන්තෙ කාරෙස්සං පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු ඔලොකෙය්ය පභාවතී.
3655. නෙක්ඛං ගීවන්තෙ කාරෙස්සං{4} පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු{5} ආලපෙය්ය පභාවතී.
3656. නෙක්ඛං ගීවන්තෙ කාරෙස්සං පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු උම්භායෙය්ය{6} පභාවතී.
3657. නෙක්ඛං ගීවන්තෙ කාරෙස්සං පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු පම්භායෙය්ය{7} පභාවතී.
3658. නෙක්ඛං ගීවන්තෙ කාරෙස්සං පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු පාණීහි{8} උපසම්ඵුසෙ.
3659. නහි නූනායං රාජපුත්තී කුසෙ සාතම්පි වින්දති, ආළාරිකෙ භතෙ{1} පොසෙ වෙතනෙන{2} අනත්ථිකෙ.
3660. නහි නූන{3} අයං ඛුජ්ජා ලභති ජිව්හාය ඡෙදනං, සුනිසිතෙන සත්ථෙන එවං දුබ්භාසිතං භණං.
3661. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහායසොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3662. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහද්ධනොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3663. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහබ්බලොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3664. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහාරට්ඨොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3665. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහාරාජාති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3666. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, සීහස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3667. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, වග්ගුස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3668. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, බින්දුස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3669. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මඤ්ජුස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3670. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මධුරස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3671. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, සතසිප්පොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3672. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, ඛත්තියොති කරිත්වාන කරස්සු රුචිරෙ පියං.
3673. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, කුසරාජාති කත්වාන කරස්සු රුචිරෙ පියං.
3674. එතෙ නාගා උපත්ථද්ධා සබ්බෙ තිට්ඨන්ති වම්මිතා, පුරා මද්දන්ති පාකාරං ආනෙනෙත්තං පභාවතිං.
3675. සත්ත ඛණ්ඩෙ{1} කරිත්වාන අහමෙතං පභාවතිං, ඛත්තියානං පදස්සාමි යෙ මං හන්තුමිධාගතා.
3676. අථුට්ඨහී රාජපුත්ති සාමා කොසෙය්යවාසිනී, අස්සුපුණ්ණෙහි නෙත්තෙහි දාසීගණපුරක්ඛතා.
3677. තං නූන කක්කූපසෙවිතං මුඛං ආදාසදන්තා ථරුපච්චවෙක්ඛිතං, සුභං සුනෙත්තං විරජං අනඞ්ගණං ඡුද්ධං වනෙ ඨස්සති ඛත්තියෙහි.
3678. තෙ නූන මෙ අසිතෙ වෙල්ලිතග්ගෙ කෙසෙ මුදු චන්දනසාරලිත්තෙ, සමාකුලෙ සීවථිකාය{2} මජ්ඣෙ පාදෙහි ගිජ්ඣා පරිකඩ්ඪයන්ති{3}.
3679. තා නූන මෙ තම්බනඛා සුලොමා බාහා මුදූ චන්දනසාරලිත්තා, ඡින්නා වනෙ උජ්ඣිතා ඛත්තියෙහි ගය්හ ධඞ්කො ගච්ඡති යෙනකාමං.
3680. තෙ නූන තාලුපනිභෙ අලම්බෙ නිසෙවිතෙ කාසිකචන්දනෙන, ථනෙසු මෙ ලම්බිස්සති සිගාලො{1} මාතූව පුත්තො තරුණො තනූජො.
3681. තං නූන සොණිං පුථුලං සුකොට්ඨිතං නිසෙවිතං කඤ්චන මෙඛලාහි,{2} ඡින්නං වනෙ ඛන්තියෙහී අවත්ථං සිගාලසඞ්ඝා පරිකඩ්ඪයන්ති.{3}
3682. සොණා ධඞ්කා සිගාලා ච යෙ චඤ්ඤෙ සන්ති දාඨිනො, අජරා නූන හෙස්සන්ති භක්ඛයිත්වා පභාවතිං,
3683. සචෙ මංසානි භාරෙසුං{4} ඛන්තියා දූරගාමිනො, අට්ඨීනි අම්ම යාචිත්වා අනුපන්ථෙ{5} දහාථ නං.
3684. ඛෙත්තානි අම්ම කාරෙත්වා කණිකාරෙත්ථ රොපය, යදා තෙ පුප්ඵිතා අස්සු හෙමන්තානං හිමච්චයෙ සරෙය්යාථ මමං අම්ම එවංවණ්ණා පභාවතී.
3685. තස්සා මාතා උදට්ඨාසි ඛත්තියා දෙවවණ්ණිනී, දිස්වා අසිඤ්ච සූණඤ්ච රඤ්ඤො මද්දස්ස ථිපුරෙ.
3686. ඉමිනා නූන අසිනා සුසඤ්ඤං තනුමජ්ඣිමං, ධීතරං මම හන්ත්වාන{6} ඛත්තියානං පදස්සසි.