Jātaka

Birth Stories

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 7731 segments

පෙන්වන කොටස් 4201-4300 න් 7731

3501. යොච රාජා ජනපදං අධම්මෙන පසාසති, සබ්බොසධීහි සො රාජා විරුද්ධං හොති ඛත්තියො.
3502. තථෙව නෙගමෙ හිංසං යෙ යුත්තා කයවික්කයෙ, ඔජදානබලීකාරෙ{1} ස කොසෙන විරුජ්ඣති.
3503. පහාරවරඛෙත්තඤ්ඤු සඞ්ගාමෙ කතනිස්සමෙ, උස්සිතෙ හිංසයං රාජා සබලෙන විරුජ්ඣති.
3504. තථෙව ඉසයො හිංසං සංයමෙ බ්රහ්මචාරිනො,{2} අධම්මචාරී ඛත්තියො සො සග්ගෙන විරුජ්ඣති.
3505. යො ච රාජා අධම්මට්ඨො භරියං හන්ති අදූසකං, ලුද්දං පසවතෙ පාපං{3} පුත්තෙහි ච විරුජ්ඣති.
3506. ධම්මඤ්චරෙ ජානපදෙ නෙගමෙසු බලෙසු ච, ඉසයො ච න හිංසෙය්ය පුත්තදාරෙ සමඤ්චරෙ.
3507. ස තාදිසො භූමිපති රට්ඨපාලො අකොධනො, සාමන්තෙ සම්පකම්පෙති ඉන්දොව අසුරාධිපොති.
මහාබොධිජාතකං
පඤ්ඤාසනිපාතො නිට්ඨිතො.
තස්සුද්දානං: -
සනළීනිකමව්හයනො පඨමො දුතියො පන සඋම්මදන්තිවරො, තතියො පන බොධි සිරිව්හයනො කථිතාපන තීණි ජිනෙන සුභාති.
19. සට්ඨිනිපාතො
1. සොණකජාතකං
3508. කස්ස සුත්වා සතං දම්මි සහස්සං දට්ඨු{1} සොණකං, කො මෙ සොණක මක්ඛාති{2} සහායං පංසුකීළිතං.{3}
3509. අථ බ්රවි මාණවකො දහරො පඤ්චචූළකො, මය්හං සුත්වා සතං දෙහි සහස්සං දට්ඨු සොණකං අහං සොණකමක්ඛිස්සං{4} සහායං පංසුකීළිතං
3510. කතරස්මිං{5} සො ජනපදෙ රට්ඨෙසු නිගමෙසු ච, කත්ථ තෙ සොණකො දිට්ඨො{6} තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
3511. තවෙව දෙව විජිතෙ{7} තවෙචුය්යානභූමියා, උජුවංසා මහාසාලා නීලොභාසා මනොරමා තිට්ඨන්ති මෙඝසමානා රම්මා අඤ්ඤොඤ්ඤනිස්සිතා.
3512. තෙසං මූලස්මිං{8} සොණකො ඣායති අනුපාදනො, උපාදානෙසු ලොකෙසු දය්හමානෙසු{9} නිබ්බුතො.
3513. තතො ච රාජා පායාසි සෙනාය චතුරඞ්ගියා, කාරාපෙත්වා සමං මග්ගං අගමා යෙන සොණකො.
3514. උය්යානභූමිං ගන්ත්වාන විචරන්තො බ්රහාවනෙ, ආසීනං සොණකං දක්ඛි දය්හමානෙසු නිබ්බුතං
3515. කපණොවතායං භික්ඛු මුණ්ඩො සඞ්ඝාටිපාරුතො, අමාතිකො අපිතිකො රුක්ඛමූලස්මිං ඣායති.
3516. ඉමං වාක්යං නිසාමෙත්වා සොණකො එතදබ්රවි, න රාජා කපණො හොති ධම්මං කායෙන ඵස්සයං.
3517. යොධ ධම්මං නිරංකත්වා අධම්මමනුවත්තති, ස රාජ කපණො හොති පාපො පාපපරායනො.
3518. අරින්දමොති මෙ නාමං කාසිරාජාති මං විදූ, කච්චි භොතො සුඛසෙය්යා ඉධ පත්තස්ස සොණක.
3519. සදාපි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, න තෙසං කොට්ඨෙ ඔපෙන්ති න කුම්භිං න කළොපියං පරනිට්ඨිත{1}මෙසානා තෙන යාපෙන්ති සුබ්බතා.
3520. දුතියම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, අනවජ්ජපිණ්ඩො භොත්තබ්බො න ච කොචූපරොධති.
3521. තතියම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, නිබ්බුත{2}පිණ්ඩො භොත්තබ්බො න ච කොචූපරොධති.
3522. චතුත්ථම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, මුත්තස්ස රට්ඨෙ චරතො සඞ්ඝො යස්ස න විජ්ජති.
3523. පඤ්චමම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, නගරම්හි දය්හමානම්හි නාස්ස කිඤ්චි අදය්හථ.
3524. ඡට්ඨම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, රට්ඨෙ විලුම්පමානම්හි නාස්ස කිඤ්චි අහාරථ.{3}
3525. සත්තමම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, චොරෙහි රක්ඛිතං මග්ගං යෙ චඤ්ඤෙ පරිපන්ථිකා පත්තචීවරමාදාය සොත්ථිං ගච්ඡති සුබ්බතො.
3526. අට්ඨමම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, යං යං දිසං පක්කමති අනපෙක්ඛොව ගච්ඡති.
3527. බහූනි{1} සමණභද්රානි යෙ ත්වං භික්ඛු පසංසසි, අහඤ්ච ගිද්ධො කාමෙසු කථං කාහාමි සොණක
3528. පියා මෙ මානුසා කාමා අථො දිබ්යාපි{2} මෙ පියා, අථ කෙන නු වණ්ණෙන අභො ලොකෙ ලභම්භසෙ.
3529. කාමෙසු ගිද්ධා කාමරතා කාමෙසු අධිමුච්ඡිතා, නරා පාපානි කත්වාන උපපජ්ජන්ති දුග්ගතිං.
3530. යෙ ච කාමෙ පහත්වාන නික්ඛන්තා අකුතොභයා, එකොදිභාවාධිගතා න තෙ ගච්ඡන්ති දුග්ගතිං.
3531. උපමන්තෙ කරිස්සාමි තං සුණොහි අරින්දම, උපමායපිධෙකච්චෙ{3} අත්ථං ජානන්ති පණ්ඩිතා.
3532. ගඞ්ගාය කුණපං දිස්වා වුය්හමානං මහණ්ණවෙ, වායසො සමචින්තෙසි අප්පපඤ්ඤො අචෙතසො.
3533. යානඤ්ච වතිදං ලද්ධං භක්ඛොවායං අනප්පකො, තත්ථ රත්තිං තත්ථ දිවා තත්ථෙව නිරතො මනො.
3534. ඛාදං නාගස්ස මංසානි පිවං භාගීරථොදකං, සම්පස්සං වනචෙත්යානි න පලෙත්ථ{4} විහඞ්ගමො.
3535. තඤ්ච ඔතරණී ගඞ්ගා පමත්තං කුණපෙ රතං, සමුද්දං අජ්ඣගාහාසි අගතී යත්ථ පක්ඛිනං.
3536. සො ච භක්ඛපරික්ඛීණො උප්පතිත්වා{5} විහඞ්ගමො, න පච්ඡතො න පුරතො නුත්තරං නොපි දක්ඛිණං.
3537. දීපං සො න අජ්ඣගඤ්ඡි අගතී යත්ථ පක්ඛිනං, සො ච තත්ථෙව පාපත්ථ යථා දුබ්බලකො තථා.
3538. තඤ්ච සාමුද්දිකා මච්ඡා කුම්භීලා මකරා සුසු, පසය්හකාරා ඛාදිංසු ඵන්දමානං විපක්ඛිනං.{1}
3539. එවමෙව තුවං රාජ යෙ චඤ්ඤෙ කාමභොගිනො, ගිද්ධා චෙ න වමිස්සන්ති කාකපඤ්ඤාය{2} තෙ විදූ.
3540. එසා තෙ උපමා රාජ අත්ථසන්දස්සනී කතා, ත්වං ච පඤ්ඤායසෙ තෙන යදි කාහසි වා න වා.
3541. එකවාචම්පි ද්වෙ වාචං භණෙය්ය අනුකම්පකො, තතුත්තරිං{3} න භාසෙය්ය දාසො වය්යස්ස{4} සන්තිකෙ.
3542. ඉදං වත්වාන පක්කාමි සොණකො අමිතබුද්ධිමා, වෙහාසෙ අන්තලික්ඛස්මිං අනුසාසිත්වාන ඛත්තියං.
3543. කො නු මෙ රාජකත්තාරො සුතා චෙය්යත්තිමාගතා,{5} රජ්ජං නිය්යාදයිස්සාමි නාහං රජ්ජෙනමත්ථිකො.
3544. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
3545. අත්ථි තෙ දහරො පුත්තො දීඝාවු රට්ඨවඩ්ඪනො, තං රජ්ජෙ අභිසිඤ්චස්සු සො නො රාජා භවිස්සති.
3546. ඛිප්පං කුමාරං ආනෙථ දීඝාවුං රට්ඨවඩ්ඪනං, තං රාජ්ජෙ අභිසිඤ්චිස්සං සො වො රාජා භවිස්සති.
3547. තතො කුමාරං ආනෙසුං දීඝාවුං රට්ඨවඩ්ඪනං, තං දිස්වා ආලපි රාජා එකපුත්තං මනොරමං.
3548. සට්ඨි ගාමසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, තෙ පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
3549. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
3550. සට්ඨිනාගසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පනවාසසා.
3551. ආරූළ්හා ගාමණීයෙහි තොමරඞ්කුසපාණිහි, තෙ පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
3552. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
3553. සට්ඨිඅස්සසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, ආජානීයා ච ජාතියා සින්ධවා සීඝවාහනා.
3554. ආරූළ්හා ගාමණීයෙහි ඉල්ලියාචාපධාරිහි, තෙ පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
3555. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
3556. සට්ඨිරථසහස්සානි සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා{1} සබ්බාලඞ්කාරභූසිතා.
3557. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, තෙ පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
3558. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
3559. සට්ඨිධෙනුසහස්සානි රොහඤ්ඤා පුඞ්ගවූසභා, තා පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
3560. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
3561. සොළසිත්ථිසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, විචිත්රවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා තා පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
3562. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
3563. දහරස්සෙව මෙ තාත මාතා මතාති මෙ සුතං, තයා විනා අහං තාත ජීවිතුම්පි න උස්සහෙ.
3564. යථා ආරඤ්ඤකං නාගං පොතො අන්වෙති පච්ඡතො, ජෙස්සන්තං{1} ගිරිදුග්ගෙසු සමෙසු විසමෙසු ච.
3565. එවං තං අනුගච්ඡාමි පුත්තමාදාය ගච්ඡතො, සුභරො තෙ භවිස්සාමි න තෙ හෙස්සාමි දුබ්භරො.
3566. යථා සාමුද්දිකං නාවං වාණිජානං ධනෙසිනං, වොහාරො තත්ථ ගණ්හෙය්ය වාණිජා බ්යසනී{2} සියා එවමෙව{3} පුත්තකලි අන්තරායකරො මම.
3567. ඉමං කුමාරං පාපෙථ පාසාදං රතිවඩ්ඪනං, තත්ථ කම්බුසහත්ථායො යථා සක්කංව අච්ඡරා තා නං තත්ථ රමෙස්සන්ති තාහි චෙසො රමිස්සති.
3568. තතො කුමාරං පාපෙසුං පාසාදං රතිවඩ්ඪනං, තං දිස්වා අවචුං{4} කඤ්ඤා දීඝාවුං රට්ඨවඩ්ඪනං.
3569. දෙවතානුසි ගන්ධබ්බො ආදු සක්කො පුරින්දදො, කො වා ත්වං කස්ස වා පුත්තො කථං ජානෙමු තං මයං.
3570. නම්හි දෙවො න ගන්ධබ්බො නපි{5} සක්කො පුරින්දදො, කාසි රඤ්ඤො අහං පුත්තො දීඝාවු රට්ඨවඩ්ඪනො මමං භරථ භද්දං වො{6} අහං භත්තා භවාමි වො.
3571. තං තත්ථ අවචුං කඤ්ඤා දීඝාවුං රට්ඨවඩ්ඪනං, කුහිං රාජා අනුප්පත්තො ඉතො රාජා කුහිං ගතො.
3572. පඞ්කං රාජා අතික්කන්තො ථලෙ රාජා පතිට්ඨිතො, අකණ්ටකං අගහනං පටිපන්නො මහාපථං.
3573. අහඤ්ච පටිපන්නොස්මි මග්ගං දුග්ගතිගාමිනං, සකණ්ටකං සගහනං යෙන ගච්ඡන්ති{1} දුග්ගතිං.
3574. තස්ස තෙ ස්වාගතං රාජා සීහස්සොව ගිරිබ්බජං, අනුසාස මහාරාජ ත්වං නො සබ්බාසමිස්සරොති.
සොණකජාතකං.
2. සඞ්කිච්චජාතකං
3575. දිස්වා නිසින්නං රාජානං බ්රහ්මදත්තං රථෙසභං, අථස්ස පටිවෙදෙසි යස්සාසි අනුකම්පකො.
3576. සඞ්කිච්චායං අනුප්පත්තො ඉසීනං සාධුසම්මතො, තරමානරූපො නිය්යාහි ඛිප්පං පස්ස මහෙසිනං.
3577. තතො ච රාජා තරරමානො යුත්තමාරුය්හ සන්දනං, මිත්තාමච්චපරිබ්බූළ්හො අගමාසි රථෙසභො.
3578. නික්ඛිප්ප{2} පඤ්ච කකුධානි කාසීනං රට්ඨවඩ්ඪනො, වාළවීජනිමුණ්හීසං ඛග්ගං ඡත්තඤ්චුපාහනං.
3579. ඔරුය්හ රාජා යානම්භා ඨපයිත්වා{3} පච්ඡදං, ආසීනං දායපස්සස්මිං සඞ්කිච්චමුපසඞ්කමි.
3580. උපසඞ්කමිත්වා සො රාජා සම්මොදි ඉසිනා සහ, තං කථං වීතිසාරෙත්වා එකමන්තං උපාවිසි.
3581. එකමන්තං නිසින්නොව අථ කාලං අමඤ්ඤථ, තතො පාපානි කම්මානි පුච්ඡිතුං පටිපජ්ජථ.
3582. ඉසිං පුච්ඡාමි{1} සඞ්කිච්චං ඉසීනං සාධුසම්මතං, ආසීනං දායපස්සස්මිං ඉසිසඞ්ඝපුරක්ඛතං.{2}
3583. කං ගතිං පෙච්ච{3} ගච්ඡන්ති නරා ධම්මාතිචාරිනො, අතිචිණ්ණො මයා ධම්මො තම්මෙ අක්ඛාහි පුච්ඡිතො.
3584. ඉසී අවච සඞ්කිච්චො කාසීනං රට්ඨවඩ්ඪනං, ආසීනං දායපස්සස්මිං මහාරාජ සුණොහි මෙ.
3585. උප්පථෙන වජන්තස්ස යො මග්ගමනුසාසති, තස්ස චෙ වචනං කයිරා නාස්ස මග්ගෙය්ය කණ්ටකො.
3586. අධම්මං පටිපන්නස්ස යො ධම්මමනුසාසති, තස්ස තෙ වචනං කයිරා න සො ගච්ඡෙය්ය දුග්ගතිං.
3587. ධම්මො පථො මහාරාජ අධම්මො පන උප්පථො, අධම්මො නිරයං නෙති ධම්මො පාපෙති සුග්ගතිං.
3588. අධම්මචාරිනො රාජ නරා විසමජීවිනො, යං ගතිං පෙච්ච ගච්ඡන්ති නිරයෙ තෙ සුණොහි මෙ.
3589. සඤ්ජීවො කාළසුත්තො ච සඞ්ඝාතො{4} ද්වෙ ච රොරුවා, අථාපරො මහාවීචි තපනො ච පතාපනො.
3590. ඉච්චෙතෙ අට්ඨ නිරයා අක්ඛාතා දූරතික්කමා, ආකිණ්ණා ලුද්දකම්මෙහි පච්චෙකා සොළසුස්සදා.
3591. කදරියතාපනා ඝොරා අච්චිමන්තො මභබ්භයා, ලොමහංසනරූපා ච භෙස්මා පටිභයා දුඛා.
3592. චතුක්කණ්ණා චතුද්වාරා විභත්තා භාගසො මිතා, අයොපාකාරපරියන්තා අයසා පටිකුජ්ජිතා.