Jātaka

Birth Stories

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 7731 segments

පෙන්වන කොටස් 3201-3300 න් 7731

2559. නිසම්ම දණ්ඩං පණයෙය්ය ඉස්සරො වෙගාතකං{2} තපතෙ{3} භූමිපාල, සම්මාපණිධි ච නරස්ස අත්ථා අනානුතප්පා තෙ භවන්ති පච්ඡා.
2560. අනානුතප්පානි හි යෙ කරොන්ති විභජ්ජ කම්මායතනානි ලොකෙ, විඤ්ඤුප්පසත්ථානි සුඛුද්රයානි භවන්ති වද්ධානුමතානි තානි.
2561. ආගඤ්ඡුං දොවාරිකා ඛග්ගබද්ධා කාසාවියා හන්තු මමං ජනින්ද, මාතු ච අඞ්කස්මිං අහං නිසින්නො ආකඩ්ඪිතො සහසා තෙහි දෙව.
2562. කටුකම්භි සම්බාධං සුකිච්ඡපත්තො මධුරං පියං ජීවිතං ලද්ධු රාජ, කිච්ඡෙනාහං අජ්ජ වධා පමුත්තො පබ්බජ්ජමෙවාභිමනොහමස්මි.
2563. පුත්තො තවායං තරුණො සුධම්මෙ අනුකම්පකො සොමනස්සො කුමාරො, තං යාචමානො න ලභාමි සජ්ජ අරහාසි නං යාචිතවෙ තුවම්පි.
2564. රමස්සු භික්ඛාචරියාය පුත්ත නිසම්ම ධම්මෙසු පරිබ්බජස්සු, සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අනින්දිතො බ්රහ්මමුපෙහි ඨානං.
2565. අච්ඡිරියරූපං{1} වත යාදිසඤ්ච දුක්ඛිතං මං දුක්ඛාපයසෙ සුධම්මෙ, යාචස්සු පුත්තං ඉති වුච්චමානා භිය්යොව උස්සාහයසෙ කුමාරං.
2566. යෙ විප්පමුත්තා අනවජ්ජභොජිනො, පරිනිබ්බුතා ලොකමිමං චරන්ති, තමරියමග්ගං පටිපජ්ජමානං න උස්සහෙ වාරයිතුං කුමාරං.
2567. අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, යෙසායං සුත්වාන සුභාසිතානි අප්පොස්සුක්කා වීතසොකා සුධම්මා’ති.
සොමනස්ස ජාතකං
10. චම්පෙය්යජාතකං.
2568. කානු විජ්ජුරිවාභාසි ඔසධී විය තාරකා, දෙවතානුසි ගන්ධබ්බී න තං මඤ්ඤාමි මානුසිං{2}
2569. නම්හි දෙවි න ගන්ධබ්බී න මහාරාජ මානුසී, නාගකඤ්ඤම්හි{3} භද්දන්තෙ අත්ථෙනම්භි ඉධාගතා.
2570. විබ්භන්තචිත්තා කුපිතින්ද්රියාසි නෙත්තෙහි තෙ වරිගණා සවන්ති, කින්තෙ නට්ඨං කිම්පන පත්ථයානා ඉධාගතා නාරි තදිඞ්ඝ බ්රූහි.
2571. යමුග්ගතෙජො උරගොති චාහු නාගොති තං ආහු ජනා ජනින්ද, තමග්ගහී පුරිසො ජීවිකත්ථො තං බන්ධනා මුඤ්ච පතී මමෙසො.
2572. කථංන්වයං බලවිරියූපපන්නො හත්ථත්ථ මාගඤ්ජි{1} වණිබ්බකස්ස, අක්ඛාහි මෙ නාගකඤ්ඤෙ තමත්ථං කථං විජානෙමු ගහීතනාගං.
2573. නගරම්පි නාගො භස්මං කරෙය්ය තථා හි සො බලවිරියූපපන්නො ධම්මඤ්ච නාගො අපචායමානො තස්මා පරක්කම්ම තපො කරොති.
2574. චාතුද්දසිං පණ්ණරසිඤ්ච රාජ චතුප්පථෙ සම්මතී නාගරාජා, තමග්ගහී පුරිසො ජිවිකත්ථො තං බන්ධනා මුඤ්ච පතී මමෙසො.
2575. සොළසිත්ථිසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, වාරිගෙහසයා{2} නාරී තාපි තං සරණඞ්ගතා.
2576. ධම්මෙන මොචෙහි අසාහසෙන ගාමෙන නික්ඛෙන ගවං සතෙන, ඔස්සට්ඨකායො{3} උරගො චරාතු පුඤ්ඤත්ථිකො මුච්චතු බන්ධනස්මා.
2577. ධම්මෙන මොචෙහි අසාහසෙන ගාමෙන නික්ඛෙන ගවංසතෙන, ඔස්සට්ඨකායො උරගො චරාතු පුඤ්ඤත්ථිකො මුච්චතු බන්ධනස්මා.
2578. දම්මි නික්ඛාසතං ලුද්ද ථුල්ලඤ්ච{4} මණිකුණ්ඩලං, චතුස්සදං{5} ච පල්ලඞ්කං උම්මාපුප්ඵසිරිංනිභං,
2579. ද්වෙ ච සාදිසියො භරියා උසභඤ්ච ගවං සතං, ඔස්සට්ඨකායො උරගො චරාතු පුඤ්ඤත්ථිකො මුච්චතු බන්ධනස්මා.
2580. විනාපි දානා තව වචනං ජනින්ද මුඤ්චෙමු තං උරගං බන්ධනස්මා, ඔස්සට්ඨකායො උරගො චරාතු පුඤ්ඤත්ථිකො මුච්චතු බන්ධනස්මා.
2581. මුත්තො චම්පෙය්යකො නාගො රාජානං එතදබ්රවි, නමො තෙ කාසිරාජත්ථු නමො තෙ කාසිවඩ්ඪන අඤ්ජලිං තෙ පගණ්හාමි පස්සෙය්යම්මෙ නිවෙසනං
2582. අද්ධා හි දුබ්බිස්සසමෙතමාහු යං මානුසො විස්සසෙ අමානුසම්භි, සච්චෙ මං යාචසි එතමත්ථං දක්ඛෙමු තෙ නාග නිවෙසනානි.
2583. සචෙහි වාතො ගිරිමාවහෙය්ය චන්දො ච සුරියො ච ඡමාපතෙය්යුං, සබ්බා ව නජ්ජො පටිසොතං වහෙය්යුං න ත්වෙවහං රාජ මුසා භණෙය්යං.
2584. නභං ඵලෙය්ය උදධීපි සුස්සෙ සංවට්ටයං භූතධරා වසුන්ධරා, සිලුච්චයො මෙරු සමූලමුබ්බහෙ නත්වෙවහං රාජා මුසා භණෙය්යං.
2585. අද්ධා හි දුබ්බිස්සසමෙතමාහු යං මානුසො විස්සසෙ අමානුසම්භි, සචෙ ච මං යාචසි එතමත්ථං දක්ඛෙමු තෙ නාග නිවෙසනානි.
2586. තුම්හෙ ඛොත්ථ ඝොරවිසා උළාරා මහාතෙජා ඛිප්පකොපී ච හොථ, මම කාරණා{1} බන්ධනස්මා පමුත්තො අරහසි නො ජානිතායෙ{2} කතානි.
2587. සො පච්චතං නිරයෙ ඝොරරූපෙ මා කායිකං සාතමලථෙ කිඤ්චි, පෙළාය බද්ධො මරණං උපෙතු යො තාදිසං කම්ම කතං න ජානෙ.
2588. සච්චප්පටිඤ්ඤා තව මෙස හොතු අක්කොධනො{3} හොහි අනුපනාහී, සබ්බඤ්ච තෙ නාගකුලං සුපණ්ණා අග්ගිංව ගිම්භාසු විවජ්ජයන්තු.
2589. අනුකම්පසී නාගකුලං ජනින්ද මාතා යථා සුප්පියං එකපුත්තං, අහං ච තෙ නාගකුලෙන සද්ධිං කාහාමි වෙය්යාවටිකං උළාරං.
2590. යොජෙන්තු වෙ රාජරථෙ සුචිත්තෙ කම්බොජාක අස්සතරෙ සුදන්තෙ, නාගෙ ච යොජෙන්තු සුවණ්ණකප්පනෙ දක්ඛෙමු නාගස්ස නිවෙසනානි.
2591. භෙරි මුතිඞ්ගා පණවා ච සඞ්ඛා ආවජ්ජිසුං{1} උග්ගසෙනස්ස රඤ්ඤො. පායාසි රාජා බහුසොභමානො පුරක්ඛතො නාරිගණස්ස මජ්ඣෙ.
2592. සුවණ්ණචිතකං{2} භූමිං අද්දක්ඛි{3} කාසිවද්ධනො, සොවණ්ණමයෙ ව පාසාදෙ වෙළුරියඵලකත්ථතෙ.
2593. ස රාජ පාවිසි ව්යම්භං චම්පෙය්යස්ස නිවෙසනං, {4}ආදිච්චවණ්ණූපනිභං කංසවිජ්ජුපභස්සරං.
2594. නානාරුක්ඛෙහි සඤ්ඡන්නං නානාගන්ධසමෙරිතං{5} සො පාවෙක්ඛි කාසිරාජා චම්පෙය්යස්ස නිවෙසනං.
2595. පවිට්ඨම්හි{6} කාසිරඤ්ඤෙ චම්පෙය්යස්ස නිවෙසනං. දිබ්බා තුරියා වජ්ජිංසු{7} නාගකඤ්ඤා ච නච්චයුං.
2596. තං නාගකඤ්ඤා චරිතං ගණෙන අන්වාරුහී කාසිරාජා පසන්නො, නිසීදි සොවණ්ණමයම්භි පීඨෙ සාපස්සයෙ චන්දනසාරලිත්තෙ.
2597. සො තත්ථ භුත්වා ච අථො රමිත්වා චම්පෙය්යකං කාසිරාජා අවොච, විමානසෙට්ඨානි ඉමානි තුය්හං ආදිච්චවණ්ණානි පභස්සරානි නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
2598. තා කම්බුකෙයූරධරා සුවත්ථා වට්ටඞ්ගුලී තම්බතලූපපන්නා, පග්ගය්හ පායෙන්ති අනොමවණ්ණා නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
2599. නජ්ජො ච තෙමා පුථුලොමමච්ඡා ආටා{1} සකුන්තාභිරුදා සුතිත්ථා, නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
2600. කොඤ්චා මයූරා දිවියා ච හංසා වග්ගුස්සරා කොකිලා සම්පතන්ති, නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
2601. අම්බාව සාලා තිලකා ච ජම්බුයො උද්දාලකා පාටළියො ච ඵුල්ලා, නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
2602. ඉමා ච තෙ පොක්ඛරඤ්ඤො සමන්තතො දිව්යා ච{2} ගන්ධා සතතං සම්පතන්තී, නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
2603. න පුත්තභෙතු න ධනස්ස හොතු න ආයුනො චාපි ජනින්ද හෙතු, මනුස්සයොනිං අභිපත්ථයානො තස්මා පරක්කම්ම තපො කරොමි.
2604. ත්වං ලොහිතක්ඛො විහතන්තරංසො අලඞ්කතො කප්පිතකෙසමස්සු, සුරොසිතො ලොහිතචන්දනෙන ගන්ධබ්බරාජාව දිසා පභාසසි.
2605. දෙවිද්ධිපත්තොසි මහානුභාවො සබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො, පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං සෙය්යො ඉතො කෙන මනුස්සලොකො.
2606. ජනින්ද නාඤ්ඤත්ර මනුස්සලොකා සුද්ධී ච සංවිජ්ජති සංයමො ච, අහඤ්ච ලද්ධාන මනුස්සයොනිං කාහාමි ජාතිමරණස්ස අන්තං.
2607. අද්ධා භවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, නාරියො ච දිස්වාන තවං ච නාග කරොහි පුඤ්ඤානි අනප්පකානි.
2608. අද්ධා භවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, නාරියො ච දිස්වාන මමඤ්ච රාජ කරොහි පුඤ්ඤානි අනප්පකානි.
2609. ඉදඤ්ච මෙ ජාතරූපං පහූතං{1} රාසී සුවණ්ණස්ස ච තාලමත්තා, ඉතො හරිත්වා{2} සොවණ්ණඝරානි{3} කාරය රූපියස්ස ච පාකාරං කරොන්තු.
2610. මුත්තානඤ්ච{4} වාහසහස්සානි පඤ්ච වෙළුරියමිස්සානි ඉතො හරිත්වා, අන්තෙපුරෙ භූමියං සන්ථරන්තු නික්කද්දමා හොහිති{5} නීරජා ච.
2611. එතාදිසං ආවස රාජාසෙට්ඨ විමානසෙට්ඨං බහුසොභමානං, බාරාණසිං{6} නගරං ඉද්ධඵිතං රජ්ජඤ්ච කාරෙහි අනොමපඤ්ඤාති.
චම්පෙය්ය ජාතකං.
11. පලොභනජාතකං.
2612. බ්රහ්මලොකා චවිත්වාන දෙවපුත්තො මහිද්ධිකො, රඤ්ඤො පුත්තො උදපාදි සබ්බකාමසමිද්ධිසු.
2613. කාමා වා කාමසඤ්ඤා වා බ්රහ්මලොකෙ න විජ්ජති, ය්වාස්ස{7} තායෙව සඤ්ඤාය කාමෙහි විජිගුච්ඡථ.
2614. තස්ස චන්තෙපුරෙ ආසි ඣානාගාරං සුමාපිතං, සො තත්ථ පතිසල්ලීනො එකො රහසි ඣායථ.
2615. ස රාජා පරිදෙවෙසි පුත්තසොකෙන අට්ටිතො, එකපුත්තො චයං මය්හං න ච කාමානි භුඤ්ජති.
2616. කොනු ඛෙත්ථ{1} උපායො සො{2} කො වා ජානාති කිඤ්චනං, කො මෙ පුත්තං පලොභෙය්ය යථා කාමානි පත්ථයෙ.
2617. අහූ කුමාරී තත්ථෙව රූපවණ්ණ{3}සමාහිතා, කුසලා නච්චගීතස්ස වාදිතෙ ච පදක්ඛිණා සා තත්ථ උපසඞ්කම්ම රාජානං එතදබ්රවි.
2618. අහං ඛො තං පලොභෙය්යං සචෙ භත්තා භවිස්සති, තං තථාවාදිනිං රාජා කුමාරිං එතදබ්රවි. ත්වඤ්ඤෙව නං පලොහෙහි තව භත්තා භවිස්සති.
2619. සා ච අන්තෙපුරං ගන්ත්වා බහූ කාමූපසංහිතං, හදයඞ්ගමා පෙමණීයා චිත්රගාථා{4} අභාසථ.
2620. තස්සා ච ගායමානාය සද්දං සුත්වාන නාරියා, කාමච්ඡන්දස්ස උප්පජ්ජ ජනං සො පරිපුච්ඡථ.
2621. කස්සෙසො සද්දො කො වා සො භණති උච්චාවචං බහු, හදයඞ්ගමං පෙමණියං අථො කණ්ණසුඛං මම.
2622. ඵසා ඛො පමදා දෙව ඛිඩ්ඩා එසා අනප්පිකා, සචෙ ත්වං කාමෙ භුඤ්ජෙය්ය භිය්යො භිය්යො ඡාදෙයසු තං.
2623. ඉඞ්ඝ ආගච්ඡතොරෙන අවිදූරම්භි ගායතු, අස්සමස්ස සමීපම්හි සන්තිකෙ මය්හ ගායතු.
2624. තිරොකුඩ්ඪම්භි ගායිත්වා ඣානාගාරම්භි පාවිසි, බන්ධි{5} නං අනුපුබ්බෙන ආරඤ්ඤමිව කුඤ්ජරං.
2625. තස්ස කාමරසං ඤත්වා ඉස්සාධම්මො අජායථ, අහමෙව කාමෙ භුඤ්ජෙය්යං මා අඤ්ඤො පුරිසො අහූ.
2626. තතො අසිං ගහෙත්වාන පුරිසෙ හන්තුං උපක්කමි, අහමෙව එකො භුඤ්ජිස්සං මා අඤ්ඤො පුරිසො සියා.
2627. තතො ජානපදා සබ්බෙ වික්කන්දිංසු සමාගතා, පුත්තො ත්යායං මහාරාජ ජනං භෙඨෙත්යදූසකං.
2628. තඤ්ච රාජා විවාහෙසි සම්හා රට්ඨාතො ඛත්තියො, යාවතා විජිතං මය්හං න තෙ වත්තබ්බ{1} තාවදෙ.
2629. තතො සො භරියං ආදාය සමුද්දං උපසඞ්කමි, පණ්ණසාලං කරිත්වාන වනං උඤ්ඡාය{2} පාවිසි.
2630. අථෙත්ථ ඉසිමාගඤඡි සමුද්දං උපරූපරි, සො තස්ස ගෙහං පාවෙක්ඛී භත්තකාලෙ උපට්ඨිතෙ.
2631. තඤ්ච භරියා පලොභෙසි පස්ස යාව සුදාරුණං, චුතො සො බ්රහ්මචරියම්භා ඉද්ධියා පරිහායථ.
2632. රාජපුත්තො ච උඤ්ඡාතො වනමූලඵලං බහුං, සායං කාජෙන ආදාය අස්සමං උපසඞ්කමි.
2633. ඉසී ච ඛත්තියං දිස්වා සමුද්දං උපසඞ්කමි, වෙහාසයං ගමිස්සන්ති සීදතෙ සො මහණ්ණවෙ.
2634. ඛත්තියො ච ඉසිං දිස්වා සීදමානං මහණ්ණවෙ, තස්සෙව අනුකම්පාය ඉමා ගාථා අභාසථ.
2635. අභිජ්ජමානෙ වාරිස්මිං සයං ආගම්ම ඉද්ධියා, මිස්සීභාවිත්ථියා ගන්ත්වා සංසීදසි මහණ්ණවෙ
2636. ආවට්ටනී මහාමායා බ්රහ්මචරියවිකොපනා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිවච්චයෙ.
2637. අනලා මුදුසම්භාසා දුප්පූරා තා නදීසමා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයෙ.
2638. යං එතා උපසෙවන්ති ඡන්දසා වා ධනෙන වා, . ජාතවෙදොව සණ්ඨානං ඛිප්පං අනුදහන්ති තං.
2639. ඛත්තියස්ස වචො සුත්වා ඉසිස්ස නිබ්බිදා අහූ, ලද්ධා පොරාණකං මග්ගං ගච්ඡතෙ සො විහායසං.
2640. ඛත්තියො ච ඉසිං දිස්වා ගච්ඡමානං විහායසං, සංවෙගං අලභී ධීරො පබ්බජ්ජං සමරොචයි.
2641. තතො සො පබ්බජිත්වාන කාමරාජග විරාජයි, කාමරාගං විරාජෙත්වා බ්රහ්මලොකූපගො අහූති.
මහාපලොභන ජාතකං.
12. පඤ්චපණ්ඩිතපඤ්හො
2642. පඤ්ච පණ්ඩිතා සමාගතා පඤ්හො මෙ පටිභාති තං සුණාථ, නින්දියමත්ථං පසංසියං වා, කස්සෙවාවිකරෙය්ය ගුය්හමත්ථං.
2643. ත්වං නො ආවිකරොහි භූමිපාල භත්තා භාරසහො තුවං වදෙතං, තච ඡන්දඤ්ච රුචිඤ්ච සම්මසිත්වා අථ වක්ඛන්ති ජනින්ද මඤ්ච ධීරා.
2644. යා සීලවතී අනඤ්ඤධෙය්යා භත්තුච්ඡන්දවසානුගා මනාපා, නින්දියමත්ථං පසංසියං වා, භරියායාවිකරෙය්ය ගුය්හමත්ථං.
2645. යො කිච්ඡගතස්ස ආතුරස්ස සරණං හොති ගතී පරායණඤ්ච, නින්දියමත්ථං පසංසියං වා, සඛිනොවාවිකරෙය්ය ගුය්හමත්ථං.
2646. ජෙට්ඨො අථ මජ්ඣිමො කණිට්ඨො සො චෙ සීලවකො සමාහිතො ඨිතත්තො, නින්දියමත්ථං පසංසියං වා, භාතුවාවිකරෙය්ය ගුය්හමත්ථං.
2647. යො වෙ හදයස්ස පද්ධගු අනුජාතො පිතරං අනොමපඤ්ඤො, නින්දියමත්ථං පසංසියං වා, පුත්තයසාවිකරෙය්ය ගුය්හමත්ථං.
2648. මාතා දිපදා ජනින්දසෙට්ඨ යා තං පොසෙති ඡන්දසා පියෙන, නින්දියමත්ථං පසංසියං වා, මාතුයාවිකරෙය්ය ගුය්හමත්ථං.
2649. ගුය්හස්ස හි ගුය්හමෙව සාධු නහි ගුය්හස්ස පසත්ථමාවිකම්මං, අනිප්ඵාදාය සහෙය්ය ධීරො නිප්ඵන්නත්ථො යථා සුඛං භණෙය්ය.
2650. කින්නු ත්වං විමනොසි රාජසෙට්ඨ දිපදින්ද වචනං සුණොම නෙතං, කිං චින්තයමානො දුම්මනොසි නූන දෙව අපරාධො අත්ථි මය්හං.
2651. පඤ්ඤො වජ්ඣො මහොසධොති ආණත්තො මෙ වධාය භූරිපඤ්ඤා, තං චින්තයන්තො දුම්මනොස්මි න හි දෙවි අපරාධො අත්ථි තුය්හං.
2652. අභිදොසගතො ඉදානි එසි කිං සුත්වා කිමාසඞ්කතෙ මනො තෙ, කො තෙ කිමවොච භූරිපඤ්ඤ ඉඞ්ඝ තං වචනං සුණොම බ්රූහි මෙතං.