Jātaka

Birth Stories

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 7731 segments

පෙන්වන කොටස් 2601-2700 න් 7731

1895. න චෙ නින්දා සුපරිවජ්ජයෙථ නානා ජනා සෙවිතබ්බා ජනින්ද, යෙනෙව එකො ලභතෙ පසංසං තෙනෙව අඤ්ඤො ලභතෙ නින්දිතාරං.
1896. සබ්බො ලොකො පරිචිත්තොන අචිත්තො{8} සබ්බො ලොකො විත්තවාසම්භි චිත්තෙ, පච්චෙකචිත්තා පුථුසබ්බසත්තා කස්සීධ චිත්තස්ස වසෙන වත්තති.
1897. තුණ්හි අහූ කිම්පුරිසො සභරියො යොදානි ව්යාකාසි භයස්ස භීතො, සොදානි මුත්තො සුඛිතො ආරොගො වාචා කිරෙවත්ථවතී නරානන්ති.
8. තක්කාරියජාතකං
1898. තස්ස ගාමවරං දම්මි නාරියො ච අලඞ්කතා, කො මෙ තං මිගමක්ඛාති මිගානං මිගමුත්තමං.
1899. මය්හං ගාමවරං දෙහි නාරියො ච අලඞ්කතා, අහං තෙ මිගමක්ඛිස්සං මිගානං මිගමුත්තමං.
1900. එතස්මිං වනසණ්ඩස්මිං අම්බා සාලා ච පුප්ඵිතා, ඉන්දගොපකකසංඡන්නා එත්ථෙසො තිට්ඨතී මිගො.
1901. ධනුං අදෙජ්ඣං{1} කත්වාන උසුං සන්ධායුපාගමි{2}, මිගො ච දිස්වා රාජානං දූරතො අජ්ඣභාසථ.
1902. ආගමෙහි මහාරාජ මා මං විජ්ඣි රථෙසභ. කො නු තෙ ඉදමක්ඛාසි{3} එත්ථෙසො තිට්ඨතී මිගො.
1903. එස පාපචරො පොසො සම්ම තිට්ඨති ආරකා, සො හි මෙ ඉදමක්ඛාසි එත්ථෙසො තිට්ඨතී මිගො.
1904. සච්චං කිරෙව මාහංසු නරා එකච්චියා ඉධ, කට්ඨං විපලාවිතං{4} සෙය්යො නත්වෙවෙකච්චියො නරො.
1905. කින්නු රුරූ ගරහසි මිගානං කිං පක්ඛිනං කිං පන මානුසානං, භයං හි මං වින්දති නප්පරූපං සුත්වානං තං මානුසිං භාසමානං.
1906. යමුද්ධරිං වහනෙ{5} වුය්හමානං මහොදකෙ සලිලෙ සීඝසොතෙ, තතො නිදානං භයමාගතං මම දුක්ඛො භවෙ රාජ අසබ්භිසඞ්ගමො.
1907. සොහං චතුප්පත්තමිදං විහඞ්ගමං තනුච්ඡිදං හදයෙ ඔස්සජාමි, හනාමි මිත්තදදුමකිච්චකාරිං යො තාදිසං කම්මකතං න ජානෙ.
1908. ධීරස්ස බාලස්ස හවෙ ජනින්ද සන්තො වධං නප්පසංසන්ති ජාතු, කාමං ඝරං ගච්ඡතු පාපධම්මො යඤ්චස්ස භට්ඨං තදෙතස්ස දෙහි අහඤ්ච තෙ කාමකරො භවාමි.
1909. අද්ධා රුරූ අඤ්ඤතරො සතං සෙ{1} යො දුබ්භතො මානුසස්ස න දුබ්භි,{2} කාමං ඝරං ගච්ඡතු පාපධම්මො යඤ්චස්ස භට්ඨං තදෙතස්ස දම්මි අහඤ්ච තෙ කාමචාරං{3} දදාමි.
1910. සුවිජානං සිගාලානං සකුන්තානඤ්ච වස්සිතං, මනුස්සවස්සිතං රාජ දුබ්බිජානතරං තතො.
1911. අපි චෙ මඤ්ඤති පොසො ඤාති මිත්තො සඛාති වා, යො පුබ්බෙ සුමනො හුත්වා පච්ඡා සම්පජ්ජතෙ දිසො
1912. සමාගතා ජානපදා{4} නෙගමා ච සමාගතා, මිගා{5}ධඤ්ඤානි ඛාදන්ති තං දෙවො පටිසෙධතු{6}.
1913. කාමං ජනපදො{7} මාසි රට්ඨංවාපි විනස්සතු, නත්වෙවාහං රුරුං දුබ්භෙ දත්වා අභයදක්ඛිණං.
1914. මා මෙ ජනපදො ආසි රට්ඨඤ්චපි විනස්සතු, නත්වෙව{8} මිග රාජස්ස වරං දත්වා මුසා භණෙති.
9. රූරුමිගජාතකං.
1915. ආසිංසෙථෙව{9} පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහු.
1916. ආසිංසෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං උදකා ථලමුබ්භතං.
1917. වායමෙථෙව{10} පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහු.
1918. වායමෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං උදකා ථලමුබ්භතං.
1919. දුක්ඛූපනීතොපි නරො සපඤ්ඤො ආසං න ඡින්දෙය්ය සුඛාගමාය, බහූහි ඵස්සා අහිතා හිතා ච අවිතක්කිතා මච්චුමුපබ්බජත්ති.
1920. අවින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නහි චින්තාමයා භොගා ඉත්ථියා පුරිසස්ස වා.
1921. සරභං ගිරිදුග්ගස්මිං යං ත්වං අනුසරී පුරෙ, අලීනචිත්තස්ස තුවං වික්කන්නමනුජීවසි.
1922. යො තං විදුග්ගා නරකා සමුද්ධරි සිලාය යොග්ගං සරභො කරිත්වා, දුක්ඛුපනීතං මච්චුමුඛා පමොචයි අලීනචින්තං තමිගං වදෙසි.
1923. තුවං නු තත්ථෙව තදා අහොසි උදාහු තෙ කොචි නං එතදක්ඛා, විවත්තච්ඡද්දො{1} නුසි සබ්බදස්සී ඤාණන්නු තෙ බ්රාහ්මණ භිංසරූපං.
1924. න චෙවහං තත්ථ තදා අහොසිං න චාපි මෙ කොචි නං එතදක්ඛා, ගාථාපදානඤ්ච සුභාසිතානං අත්ථං තදා නෙන්ති ජනින්ද ධීරා.
1925. ආදාය පත්තිං පරවිරියඝාතිං චාපෙ සරං කිං විචිකිච්ඡසෙ තුවං, නුණ්ණො{2} සරො සරභං හන්තු ඛිප්පං අන්නං හි එතං වරපඤ්ඤ රඤ්ඤො.
1926. අද්ධා පජානාමි අහම්පි එතං අන්නං මිගො බ්රාහ්මණ ඛත්තියස්ස, පුබ්බෙ කතඤ්ච අපචායමානො තස්මා මිගං සරභං නො හනාමි.
1927. නෙසො මිගො මහාරාජ අසුරෙසො{1} දිසම්පති, එතං හන්ත්වා මනුස්සින්ද භවස්සු අමරාධිපො.
1928. ස්වෙව රාජ{2} විචිකිච්ඡසෙ තුවං හන්තුං මිගං සරභං සහායකං මෙ සපුන්නදාරො නරවිරියසෙට්ඨ{3} ගන්තා තුවං වෙතරණිං{4} යමස්ස.
1929. කාමං අහං ජානපදා ච සබ්බෙ පුත්තා ච දාරා ච සහායසඞ්ඝා, ගච්ඡෙමු නං වෙතරණිං යමස්ස නත්වෙව හඤ්ඤො{5} යො මමපාණදස්ස{6}.
1930. අයං මිගො කිච්ඡගතස්ස මය්හං එකස්ස කත්තා විවනස්මිං ඝොරෙ තං තාදිසං පුබ්බකිච්චං සරන්තො ජානං මහාබ්රහ්මෙ කථං හනෙය්යං.
1931. මිත්තාභීරාධී{7} චිරමෙව ජීව රජ්ජං ඉමං ධම්මගුණෙ පසාස{8}, නාරීගණෙහි පරිවාරයන්තො මොදස්සු රට්ඨෙ තිදිවෙව වාසවො.
1932. අක්කොධනො නිච්චපසන්නචිත්තො සබ්බාතිථියාචයොගො භවිත්වා{9} දත්වා ච භුත්වා ච යථානුභාවං අනින්දිතො සග්ගමුපෙහි ඨානන්ති.
10. සරභමිගජාතකං.
තෙරසකනිපාතං නිට්ඨිතං.
තස්සුද්දානං:
වරකම්බ{10} කුට්ඨාරිසහංවරො අථරඤ්ඤස්මිං දූතකපඤ්චකො අථඛොධි අකිත්තිසුතක්කරිනා අථරූරුමිගෙන පරොසරහොති.
14. පකිණ්ණකනිපාතො
1933. සම්පන්නං සාලිකෙදාරං සුවා භුඤ්ජන්ති කොසිය, පටිවෙදෙමි තෙ බ්රහ්මෙ න නං{1} වාරෙතු මුස්සහෙ
1934. එකො ච තත්ථ සකුණො සො තෙසං{2} සබ්බසුන්දරො, භුත්වා සාලිං යථාකාමං තුණ්ඩෙනාදාය ගච්ඡති.
1935. ඔඩ්ඩෙන්තු{3} වාළපාසානි යථා බජ්ඣෙථ සො දිජො, ජිවඤ්ච නං ගහෙත්වාන ආනයෙථ මමන්තිකෙ.
1936. එතෙ භුත්වා විවිත්වා ච පක්කමන්ති විහංගමා, එකො බද්ධොස්මි පාසෙන කිං පාපං පකතම්මයා.
1937. උදරං නූන අඤ්ඤෙසං සුව අච්චොදරං තව, භුත්වා සාලිං යථාකාමං තුණ්ඩෙනාදාය ගච්ඡසි.
1938. කොට්ඨන්නු තත්ථ පූරෙසි සුව වෙරන්නු තෙ මයා පුට්ඨො මෙ සම්ම අක්ඛාහි කුහිං සාලිං නිධීයසි.
1939. න මෙ වෙරං තයා සද්ධිං කොට්ඨො මය්හං න විජ්ජති, ඉණං මුඤ්චාමිණංදම්මි සම්පත්තො කොටිසිම්බලිං{4} නිධිම්පි තත්ථ නිදහාමි එවං ජානාහි කොසිය.
1940. කීදිසං තෙ ඉණදානං ඉණමොක්ඛො ච කීදිසො, නිධිං{5} නිධානං අක්ඛාහි අථ පාසා පමොක්ඛසි.
1941. අජාතපක්ඛා තරුණා පුත්තකා මය්හ{6} කොසිය, තෙ මං භතා භරිස්සන්ති තස්මා තෙසං ඉණං දදෙ.
1942. මාතා පිතා ච මෙ වුද්ධා ජිණ්ණකා ගතයොබ්බනා, තෙසං තුණ්ඩෙන භාතූන මුඤ්චෙ පුබ්බෙ කතං{7} ඉණං.
1943. අඤ්ඤෙපි තත්ථ සකුණා ඛීණපක්ඛා සුදුබ්බලා, තෙසං පුඤ්ඤත්ථිකො දම්මි තං නිධිං ආහු පණ්ඩිතා.
1944. එදිසං{1} මෙ ඉණදානං ඉණමොක්ඛො මෙ එදිසො, නිධිං නිධානං අක්ඛාතං{2} එවං ජානාහි කොසිය.
1945. භද්දකො වතයං{3} පක්ඛී ද්විජො පරමධම්මිකො, එකච්චෙසු මනුස්සෙසු අයං ධම්මො න විජ්ජති.
1946. භුඤ්ජ සාලිං යථාකාමං සහ සබ්බෙහි ඤාතිහි, පුනාපි සුව පස්සෙමු පියං මෙ තව දස්සනං.
1947. භුත්තඤ්ච පීතඤ්ච තවස්සමම්භි රතීව නො කොසිය තෙ සකාසෙ, නික්ඛිත්තදණ්ඩෙසු දදාහි දානං, ජිණ්ණෙච මාතාපිතරො භරස්සු.
1948. ලක්ඛී වත මෙ උදපාදි අජ්ජ යො අද්දසාසිං{4} පවරං දිජානං, සුවස්ස සුත්වාන සුභාසිතානි කාහාමි පුඤ්ඤානි අනප්පකානි.
1949. සො කොසියො අත්තමනො උදග්ගො අන්නඤ්ච පානඤ්චභිසඞ්ඛරිත්වා{5}, අන්නෙන පානෙන පසන්නචිත්තො සන්තප්පයි සමණෙ බ්රාහ්මණෙචාති.
1. සාලිකෙදාරජාතකං{6}.
1950. උපනීයතිදං මඤ්ඤෙ චන්දෙ ලොහිතමදෙන මජ්ජාමි, විජහාමි ජිවතං පාණා මෙ චන්දෙ නිරුජ්ඣන්ති{7}.
1951. ඔසධි මෙ දුක්ඛං මෙ හදයං මෙ දය්හතෙ නිතම්මාමි, තව චන්දියා සොචන්තියා න නං අඤ්ඤෙහි සොකෙහි.
1952. තිණමිව වනමිව මිය්යාමි{1} නදී අපරිපුණණියාව සුස්සාමි, තව චන්දියා සොචන්තියා න නං අඤ්ඤෙහි සොකෙහි.
1953. වස්සංව සරෙ පාදෙ ඉමානි මස්සූනි වත්තරෙ මය්හං, තව චන්දියා සොචන්තියා න නං අඤ්ඤෙහි සොකෙහි.
1954. පාපොසි ඛො රාජපුත්ත යො මෙ ඉච්ඡිතපතිං වරාකියා, විජ්ඣි වනමූලස්මිං සො යං විද්ධො ඡමා සෙති.
1955. ඉමං මය්හං හදයසොකං පටිමුඤ්චතු රාජපුත්ත තව මාතා, යො මය්හං හදයසොකො කිම්පුරිසං අවෙක්ඛමානාය.
1956. ඉමං මය්හං හදයසොකං පටිමුඤ්චතු රාජපුත්ත තව ජාතා, යො මය්හං හදයසොකො කිම්පුරිසං අවෙක්ඛමානාය.
1957. මා ච පුත්තෙ{2} මා ච පතිං අද්දක්ඛි රාජපුත්ත තව මාතා, යො කිම්පුරිසං අවධි අදූසකං{3} මය්හකාමාහි.
1958. මා ච පුත්තෙ මා ච පතිං5 අද්දක්ඛි රාජපුත්ත තව ජායා, යො කිම්පුරිසං අවධි අදූසකං මය්හකාමාහි.{4}
1959. මා තුවං චන්දෙ රුජ්ජි{5} මා සොචි මනතිමිරමත්තික්ඛි, මම ත්වං හොහිසි භරියා රාජකුලෙ පූජිතා නාරී{6}.
1960. අපිනූනහං{1} මරිස්සං නචපනාහං{2} රාජපුත්ත තව හෙස්සං යො කිම්පුරිසං අවධි අදූසකං මය්හකාමාහි.
1961. අපි භීරුකෙ අපිජීවිතුකාමිකෙ කිම්පුරිසි ගච්ඡ හිමවන්තං, තාලිස්සතගරභොජනෙ{3} අරඤ්ඤෙ තං මිගා රමිස්සන්ති.
1962. තෙ පබ්බතා තාච කන්දරා තා ච ගිරිගුහායො, තත්ථ{4} තං අපස්සන්තී කිංපුරිස කථං අහං කාසං{5}
1963. තෙ පණ්ණසත්ථතා රමණීයා වාළමිගෙහි අනුචිණ්ණා, තත්ථ තං අපස්සන්තී කිංපුරිස කථං අහං කාසං
1964. තෙ පුප්ඵසන්ථාරමණියා වාළමිගෙහි අනුචිණ්ණා, තත්ථ තං අපස්සන්තී කිංපුරිස කථං අහං කාසං
1965. අච්ඡා සවන්ති ගිරිවරනදියො{6} කුසුමාභිකිණ්ණසොතායො, තත්ථ තං අපස්සන්තී කිංපුරිස කථං අහං කාසං
1966. නීලානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
1967. පීතානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
1968. තම්බානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
1969. තුඞ්ගානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
1970. සෙතානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං.
1971. චිත්රානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං.
1972. යක්ඛගණසෙවිතෙ ගන්ධමාදනෙ ඔසධෙහි සඤඡන්නෙ, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
1973. කිම්පුරිසසෙවිතෙ ගන්ධමාදනෙ ඔසධෙහි සඤඡන්නෙ, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
1974. වන්දෙ තෙ පාදෙ අයිර බ්රහ්මෙ{1} යො මෙ ඉච්ඡිතපතිං වරාකියා, අමතෙන අභිසිඤ්චි සමාගතස්මිං පියතමෙන
1975. විචරාම දානි ගිරිවරනදියො කුසුමාභිකිණ්ණසොතායො, නානාදුමවසනායො පියංවදා අඤ්ඤමඤ්ඤස්සාති.
2. චන්දකින්නරජාතකං.
1976. උක්කා{1} මිලාචා බන්ධන්ති දීපෙ පජා මමං{2} ඛාදිතුං පත්ථයන්ති, මිත්තං සහායඤ්ච වදෙහි{3} සෙනක ආචික්ඛ ඤාතිව්යසනං දිජානං
1977. දිජො දිජානං පවරොසි පක්ඛි, උක්කුසරාජ{4} සරණං තං උපෙමි, පජා මම ඛාදිතුං පත්ථයන්ති ලුද්දා මිලාචා භව මෙ සුඛාය.
1978. මිත්තං සහායඤ්ච කරොන්ති පණ්ඩිතා කාලෙ අකාලෙ සුකමෙසමානා{5}, කරොමි තෙ සෙනක එතමත්ථං අරියො හි අරියස්ස කරොති කිච්චං.
1979. යං හොති කිච්චං අනුකම්පකෙන අරියස්ස අරියෙන කතං තවයිදං{6}, අත්තානුරක්ඛී භව මා අඩය්හ ලච්ඡාම පුත්තෙ තයි ජිවමානෙ.
1980. තවෙව{7} රක්ඛාවරණං කරොන්තො සරීරභෙදාපි න සන්තසාමි, කරොන්ති හෙකෙ{8} සඛිනං සඛාරො පාණං චජන්ති{9} සත{10} මෙසධම්මෙ.
1981. සුදුක්කරං කම්මමකා{11} අණ්ඩජායං විහඞ්ගමො අත්ථාය කුරරො{12} පුත්තෙ අඩ්ඪරත්තෙ අනාගතෙ.
1982. චුතාපි එකෙ ඛලිතා සකම්මුනා, මිත්තානුකම්පාය පතිට්ඨහන්ති, පුත්තා මමට්ටා ගතිමාගතොස්මි අත්ථං චරෙථ මම චාරිඡන්න.
1983. ධනෙන ධඤ්ඤෙන ච අත්තනා ව මිත්තං සහායඤ්ච කරොන්ති පණ්ඩිතා, කරොමි තෙ සෙනක එතමත්ථං අරියො හි අරියස්ස කරොති කිච්චං.
1984. අප්පොස්සුක්කො තාත තුවං නිසීද{1} පුත්තො පිතු චරති අත්ථචරියං, අහං චරිස්සාමි තවෙතමත්ථං{2} සෙනස්ස පුත්තෙ පරිතායමානො.
1985. අද්ධා හි තාත සතමෙස ධම්මො පුත්තො පිතු යං චරෙථ{3} අත්ථචරියං, අප්පෙව මං දිස්වා පවඩ්ඪකායං{4} සෙනස්ස පුත්තෙ න විහෙඨයෙය්යුං{5}.