Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “අනත්ථජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT2. “ලෝභය තෙම අවැඩ ඇති කරන්නේ ය. ලෝභය තෙම සිත ප්‍රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ ලෝභය තෙම බියට හේතු යැයි අන්‍ධබාල ජන තෙමේ නො දනී.
Pali BJT3. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං ලොභො සහතෙ නරං.
Sinhala BJT3. ලෝභයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථය නො දනී. ලුබ්ධ පුද්ගල තෙමේ (දශකුශලකර්‍මපථ) ධර්‍මය නො දනී. යම් කලෙක ලෝභය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්‍ධකාරය වෙයි.
Pali BJT4. යො ච ලොභං පහත්වාන ලොභනෙය්යෙ න ලුබ්භති, ලොභො පහීයතෙ තම්හා උදබින්දූව පොක්ඛරා.
Sinhala BJT4. යමෙක් තෙමේ ලෝභය නසා ලෝභයට කරුණු වන දැයෙහි ලෝභ නො කෙරේ ද, පොකුරුපතින් ජල බින්‍දුව මෙන් ඒ (ආර්‍ය්‍ය) පුද්ගලයා කෙරෙන් ලෝභය (ආර්‍ය්‍යමාර්‍ගයෙන්) ප්‍රහීණ වෙයි.
Pali BJT5. අනත්ථජනනො දොසො දොසො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT5. ද්වේෂය තෙම අවැඩ ඇති කරන්නේ ය. ද්වේෂය තෙම සිත ප්‍රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ ද්වේෂය තෙම බියට හේතු යැයි අන්‍ධබාල ජන තෙමේ නො දනී.
Pali BJT6. දුට්ඨො අත්ථං න ජානාති දුට්ඨො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං දොසො සහතෙ නරං.
Sinhala BJT6. ද්වේෂයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථය නො දනී. ද්විෂ්ට පුද්ගල තෙමේ (දශකුශලකර්‍මපථ) ධර්‍මය නො දනී. යම් කලෙක ද්වේෂය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්‍ධකාරය වෙයි.
Pali BJT7. යො ච දොසං පහත්වාන දොසනෙය්යෙ න දුස්සති, දොසො පහීයතෙ තම්හා තාලපක්කංව බන්ධනා.
Sinhala BJT7. යමෙක් ද්වේෂය නසා ද්වේෂයට කරුණු වන දැයෙහි ද්වේෂ නො කෙරේ ද, තල්ගෙඩිය නටුවෙන් (ගිලිහෙන්නාක්) මෙන් ඒ පුද්ගලයා කෙරෙන් ද්වේෂය (තෘතීයමාර්‍ගඥානය ඉපදීමෙන්) ප්‍රහීණ වෙයි.
Pali BJT8. අනත්ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT8. මෝහය තෙම අවැඩ ඇති කරන්නේ ය. මෝහය තෙම සිත ප්‍රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ මෝහය තෙම බියට හේතු යැ යි අන්‍ධබාල ජන තෙමේ නො දනී.
Pali BJT9. මූළ්හො අත්ථං න ජානාති මූළ්හො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං මොහො සහතෙ නරං
Sinhala BJT9. මෝහයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථය නො දනී. මුළාවූ පුද්ගල තෙමේ (දශකුශලකර්‍මපථ) ධර්‍මය නො දනී. යම් කලෙක මෝහය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්‍ධකාරය වෙයි.
Pali BJT10. යො ච මොහං පහත්වාන මොහනෙය්යෙ න මුය්හති, මොහං විහන්ති සො සබ්බං ආදිච්චොවුදයං තම”න්ති.
Sinhala BJT10. යමෙක් මෝහය නසා මුළා විය යුතු දැයෙහි මුළා නො වේ ද, ඒ පුද්ගල තෙමේ උඩට නැගෙන්නාවූ (පායන්නාවූ) හිරු අඳුර (නසන්නාක්) මෙන් සියලු මෝහය චතුර්‍ත්‍ථමාර්‍ගයෙන් නසයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 4. 10.
Sinhala BJT3. 4. 10.
Pali BJT[දෙවදත්තසුත්තං]
Sinhala BJT[දේවදත්ත සූත්‍රය]
Pali BJT89. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT89. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තීහි භික්ඛවෙ අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි තීහි?
Sinhala BJT1. මහණෙනි, අසත්පුරුෂ ධර්‍ම තුණෙකික් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නොකළ හැක්කේ වෙයි. කවර තුණෙකින් ද යත්:
Pali BJTපාපිච්ඡතාය භික්ඛවෙ අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. පාපමිත්තතාය භික්ඛවෙ අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. සති ඛො පන උත්තරිකරණීයෙ ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරා වොසානං ආපාදීති.
Sinhala BJTමහණෙනි, ලාමක ඊප්සාවෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳ ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නො කළ හැක්කේ වෙයි: මහණෙනි, පාපමිත්‍රභාවයෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළද ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නොකළ හැක්කේ වෙයි. මහණෙනි, ධ්‍යානාභිඥාවන්ගෙන් මත්තෙහි කළ යුතු මාර්‍ගඵලාධිගමයන් ඇති කල්හිත් ස්වල්පමාත්‍ර වූ උතුරුමිනිස් දහම් ලැබීමෙන් අතරතුර (නොකළ කිස ඇතියේ ම) කළ කිස ඇතියෙමි යි හඟනේ හේ නිශ්චයට පැමිණියේ ය.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ තීහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡොති.
Sinhala BJTමහණෙනි, මේ අසත්පුරුෂ ධර්‍මතුණෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳ ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නො කළ හැක්කේ වෙයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “මා ජාතු කොචි ලොකස්මිං පාපිච්ඡො උදපජ්ජතු, තදමිනාපි ජානාථ පාපිච්ඡානං යථා ගති.
Sinhala BJT2. “මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් ඒකාන්තයෙන් ලාමක ආශා ඇත්තේ නොවේවා. පාපේච්ඡපුද්ගලයන්ගේ යම් බඳු ගතියෙක් වේ ද, එය මේ (දේවදත්තයා පිළිබඳ) කාරණයෙන් ද දනිවු.
Pali BJT3. පණ්ඩිතො’ති සමඤ්ඤාතො භාවිතත්තො’ති සම්මතො, ජලං’ව යසසා අට්ඨා දෙවදත්තො’ති විස්සුතො.
Sinhala BJT3. දේවදත්ත යැ යි ප්‍රකට පුද්ගල තෙමේ පණ්ඩිත යැ යි ප්‍රසිද්ධ වූයේ ධ්‍යානාභිඥාවන්ගෙන් වඩන ලද සිත් ඇත්තේ යැ යි සම්භාවනා කරණ ලද්දේ කීර්තියෙන් දිලියෙමින් මෙන් සිටියේ ය.
Pali BJT4. සො පමාණමනුචිණ්ණො{1} ආසජ්ජ නං තථාගතං, අවීචිනිරයං පත්තො චතුද්වාරං භයානකං.
Sinhala BJT4. හෙ තෙම (මම් මහණ ගොයුම් හා සමයෙමියි සිතමින්) තමා ප්‍රමාණ කෙළේ ඒ තථාගතයන් වහන්සේ වෙහෙසා දොරටු සතරක් ඇත්තා වූ භයජනක වූ අවීචිමහානරකයට පැමිණියේ ය.
Pali BJT5. අදුට්ඨස්ස හි යො දුබ්භෙ පාපකම්මං අකුබ්බතො, තමෙව පාපං ඵුසති දුට්ඨචිත්තං අනාදරං.
Sinhala BJT5. යමෙක් වනාහි පව් නොකරන්නා වූ අදූෂිත සිත් ඇත්තහුට ද්‍රෝහ කරන්නේ වේ ද, ඒ පාපකර්‍මය තෙම සිත් ඇති ආදර රහිත වූ ඒ පුද්ගලයා ම ස්පර්‍ශ කරයි. (ඔහු කරා ම විපාක වශයෙන් පැමිණෙයි)
Pali BJT6. සමුද්දං විසකුම්භෙන යො මඤ්ඤෙය්ය පදූසිතුං, න සො තෙන පදූසෙය්ය යස්මා{2} හි උද්ධී මහා.
Sinhala BJT6. යමෙක් තෙමේ විෂ කළයකින් මහමුහුද දූෂණය කරන්නට සිතන්නේ ද, හෙ තෙම එයින් (මුහුද) දූෂණය නොකරන්නේ ය. යම් හෙයකින් මුහුද විශාල ද එහෙයිනි.
Pali BJT7. එවමෙව තථාගතං යො වාදෙන විහිංසති, සමග්ගතං සන්තචිත්තං වාදො තම්හි න රූහති.
Sinhala BJT7. එ පරිද්දෙන් ම යමෙක් තෙම ශාන්ත සිත් ඇති තථාගතයන් වහන්සේට දොස් නැඟීමෙන් වෙහෙසන්නට තැත් කරන්නේ ද, ඔහු නඟන දෝෂය උන්වහන්සේ කෙරෙහි නො නැඟෙයි.
Pali BJT8. තාදිසං මිත්තං කුබ්බෙථ තඤ්ච සෙවෙය්ය පණ්ඩිතො, යස්ස මග්ගානුගො භික්ඛු ඛයං දුක්ඛස්ස පාපුණෙ’ති”.
Sinhala BJT8. යම් කෙනෙකුන් වහන්සේගේ ප්‍රතිපත්තිමාර්‍ගය අනුව ගියාවූ මහණ තෙම සංසාරදුඃඛයාගේ ක්‍ෂයට පැමිණෙන්නේ ද, නුවණැත්තේ එබඳු තැනැත්තකු තම මිතුරා කැරැ ගන්නේ ය. එබඳු තැනැත්තකු ම සේවනය කරන්නේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJTචතුත්ථො වග්ගො.
Sinhala BJTසිවු වන වගයි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවිතක්කා සක්කාර සද්ද චවමාන ලොකෙ, අසුභ ධම්ම අන්ධකාර මලං, දෙවදත්තො’ති තෙ දසා’ති.
Sinhala BJTවිතක්ක, සක්කාර, දේවසද්ද, දෙවාවචන, (පුබ්බනිමිත්ත), තථාගතලෝකුප්පත්ති (බහුජනහිත), අසුභානුපස්සී, ධම්මානුධම්මපටිපන්න, අන්‍ධකරණ, මල, දේවදත්ත සූත්‍රය යි ඔහු දසදෙනෙකි.
Pali BJTපඤ්චමො වග්ගො
Sinhala BJTපඤ්චම වර්‍ගය
Pali BJT3. 5. 1.
Sinhala BJT3. 5. 1.
Pali BJT[අග්ගප්පසාදසුත්තං]
Sinhala BJT[අග්‍රප්‍රසාද සූත්‍රය]
Pali BJT90. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT90. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ අග්ගප්පසාදා. කතමෙ තයො?
Sinhala BJT1. මහණෙනි, මේ අග්‍ර වූ (ශ්‍රේෂ්ඨ වූ) ප්‍රසාදයෝ (පැහැදීම්) තුන් දෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්:
Pali BJTයාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති යදිදං අරහං සම්මාසම්බුද්ධො. යෙ භික්ඛවෙ බුද්ධෙ පසන්නා අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTමහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිවුපා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපය ඇත්තා වූ හෝ රූපය නැත්තා වූ හෝ සංඥා ඇත්තා වූ හෝ සංඥා නැත්තා වූ හෝ නෛවසංඥීනාසංඥී වූ හෝ යම් පමණ සත්ත්‍වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුරජ තෙමේ අග්‍රයැ යි (ශ්‍රේෂ්ඨ යැ යි) කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුනාහු නම් ඔවුහු අග්‍ර වූ (බුද්ධරත්නයෙහි) පැහැදුනාවූ වෙත්. අග්‍ර වූ බුද්ධරත්නයෙහි පැහැදුනවුන්ට අග්‍ර (ශ්‍රේෂ්ඨ) වූ විපාකය වෙයි.
Pali BJTයාවතා භික්ඛවෙ ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා විරාගො තෙසං අග්ගමක්ඛායති යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. යෙ භික්ඛවෙ විරාගෙ ධම්මෙ පසන්නා අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTමහණෙනි, හේතුප්‍රත්‍යයෙන් නිපන්නාවූ හෝ හේතුප්‍රත්‍යයෙන් නොනිපන්නාවූ හෝ යම් පමණ ස්වභාවධර්‍මයෝ වෙත් නම්, ඔවුන් අතුරෙන් යම් මේ (මානාමදාදි) සියලු මද මර්දනය කරන්නාවූ (කාමාදි) පිපාසයන් පහ කරන්නාවූ (කාමාදි) ආලයයන් සහමුලින් නසන, (කම්වට කෙලෙස්වට විවාවට යන) සංසාරවෘත්තයන් සිඳින්නාවූ, තෘෂ්ණාක්‍ෂය කරන්නාවූ, රාගය දුරු කරන්නාවූ, කෙලෙස් නිරුද්ධ කරන්නාවූ නිර්‍වාණයක් වේ ද, (ඒ ධර්‍මය) ශ්‍රේෂ්ඨ යැ යි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි (නිවණෙහි) පැහැදුනාහු නම් (ඔවුහු) අග්‍ර වූ ධර්‍මරත්නයෙහි පැහැදුනාහු වෙත්. අගතන්හි පැහැදුනවුන්ට වනාහි අග්‍ර වූ විපාකය වෙයි.
Pali BJTයාවතා භික්ඛවෙ සඞ්ඝා වා ගණා වා තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා. එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. යෙ භික්ඛවෙ සඞ්ඝෙ පසන්නා අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTමහණෙනි, සඞ්ඝ වූ හෝ ගණ වූ හෝ යම් පමණ (ජනසමූහයක්) ඇද්ද ඔවුන් අතුරෙන් යම් මේ පුරිසයුගල වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් අට දෙනෙක් වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ශ්‍රේෂ්ඨ යැ යි කියනු ලැබේ. ඒ භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ දුරින් ගෙණවුත් දිය යුත්ත පිළිගැණීමට සුදුසු වේ. ආගන්තුදානය පිළිගැණීමට සුදුසු වේ. පරලොව අදහා දිය යුත්ත පිළිගැණීමට සුදුසු වේ. දොහොත් මුදුන්හි තබා නමස්කාර කිරීමට සුදුසු වේ. ලොවැස්සාගේ උතුම් වූ පින්කෙත ද වේ. මහණෙනි, යම් කෙනෙක් (මෙබඳු) සඞ්ඝයා කෙරෙහි පැහැදුනාහු නම් ඔවුහු අග්‍ර (සඞ්ඝරත්නයෙහි) පැහැදුනාහු වෙත්. අගතන්හි පැහැදුනවුනට අග්‍ර වූ විපාකය වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ තයො අග්ගප්පසාදා”ති.
Sinhala BJTමහණෙනි, මොවුහු වනාහි අග්‍රප්‍රසාදයෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “අග්ගතො වෙ පසන්නානං අග්ගං ධම්මං විජානතං, අග්ගෙ බුද්ධෙ පසන්නානං දක්ඛිණෙය්යෙ අනුත්තරෙ.
Sinhala BJT2. “ඒකාන්තයෙන් (රත්නත්‍රවිෂයයෙහි) අග්‍ර වශයෙන් පැහැදුනාවූ උත්තම ගුණස්වභාවය දන්නාවුන්ට ද දක්‍ෂිණාර්‍හ වූ නිරුත්තර අග්‍ර බුදුන් කෙරෙහි පැහැදුනවුනට ද, (අග්‍ර විපාකය වේ.)
Pali BJT3. අග්ගෙ ධම්මෙ පසන්නානං විරාගූපසමෙ සුඛෙ, අග්ගෙ සඞ්ඝෙ පසන්නානං පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
Sinhala BJT3. සියලු කෙලෙසුන්ගේ නොඇලීමට හා සංසිඳීමට හේතු වූ, සැප ඇත්තා වූ අග්‍ර වූ ධර්‍මය කෙරෙහි පැහැදුනවුන්ට ද, උසස් පින් කෙතක් වූ අග්‍ර සඞ්ඝරත්නය කෙරෙහි පැහැදුනවුන්ට ද, (අග්‍ර විපාකය වේ.)
Pali BJT4. අග්ගස්මිං දානං දදතං අග්ගං පුඤ්ඤං පවඩ්ඪති, අග්ගං ආයු ච වණ්ණො ච යසො කිත්ති සුඛං බලං.
Sinhala BJT4. අග්‍ර වූ රත්නත්‍රය විෂයයෙහි දන් දෙන්නවුන්ට අග්‍ර වූ පින් වැඩේ. අග්‍ර වූ ආයුෂය ද, ශරීර වර්‍ණය ද, පිරිවර සම්පත ද, කීර්තිය ද, (කායිකචෛතසික) සුවය ද, කායබල හා ඥානබලය ද වැඩෙන්නේ ය.
Pali BJT5. අග්ගස්ස දාතා මෙධාවී අග්ගධම්මසමාහිතො, දෙවභූතො මනුස්සො වා අග්ගප්පත්තො පමොදතී”ති.
Sinhala BJT5. අග්‍ර වූ රත්නත්‍රයට (අග්‍ර වූ දේයධර්‍මය) දෙන්නා වූ නුවණැති පුරුෂ තෙම අග්‍රප්‍රසාදධර්‍මයෙන් හා අග්‍රදානධර්‍මයෙන් යුක්ත වූයේ, දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍ර බවට පැමිණ සතුටු වෙයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 5. 2.
Sinhala BJT3. 5. 2.
Pali BJT[ජීවිකාසුත්තං]
Sinhala BJT[ජීවිකා සූත්‍රය]
Pali BJT91. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT91. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. අන්තමිදං භික්ඛවෙ ජීවිකානං යදිදං පිණ්ඩොල්යං, අභිසාපො’යං භික්ඛවෙ ලොකස්මිං පිණ්ඩොලො විචරසි පත්තපාණීති. තඤ්ච ඛො එතං භික්ඛවෙ කුලපුත්තා උපෙන්ති අත්ථවසිකා අත්ථවසං පටිච්ච, නෙව රාජාභිනීතා න චොරාභිනීතා න ඉණට්ටා න භයට්ටා න ආජීවිකාපකතා. අපි ච ඛො ඔතිණ්ණම්හා ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛාභිකිණ්ණා දුක්ඛපරෙතා අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති.
Sinhala BJT1. මහණෙනි, යම් මේ පිඬු සිඟීමෙන් ජීවත්වීමෙක් වේ ද, මේ ජීවිතය ජීවිතයන් අතුරෙන් ලාමක ය. මහණෙනි, “කබලක් ගත් ඇති ව පිඬු සෙවීම ඇසුරු කරන්නෙක් ව හැසිරෙහි” යනු ලෝකයෙහි මේ ආක්‍රෝශ කිරීමෙක් වේ. මහණෙනි, ඒ (මෙබඳු) ආක්‍රෝශ ඇති, පිඬු සිඟීමෙන් කරණ ජීවිකාවට අර්‍ත්‍ථවශික (කාරණයට වසඟ) වූ කුලපුත්‍රයෝ කරුණක් නිසා එළඹෙත්. (ඔවුහු) රජුන් විසින් එළවන ලද්දාහු නො වෙත්. සොරුන් විසින් නෙරපන ලද්දාහු නො වෙත්. නය දී ගත නොහැකිව පෙළුනාහු ද නො වෙත්. බියෙන් පෙළුනාහු ද නො වෙත්. ජීවිකාව ස්වභාව කොට ඇත්තාහු ද නො වෙත්. යළිදු, ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, දුකින් ද, දොම්නසින් ද, දැඩි වෙහෙසින් ද, ගැවැසී ගත්තෝ වමු. දුකිට බැස ගත්තෝ වමු. දුකින් පෙළන ලද්දෝ වමු. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පැණේ නම් නම් ඉතා යෙහෙක කියා යි.
Pali BJTඑවං පබ්බජිතො චායං භික්ඛවෙ කුලපුත්තො හොති අභිජ්ඣාලු කාමෙසු තිබ්බසාරාගො බ්යාපන්නචිත්තො පදුට්ඨමනසඞ්කප්පො, මුට්ඨස්සති අසම්පජානො අසමාහිතො විබ්භන්තචිත්තො පාකතින්ද්රියො.
Sinhala BJTමහණෙනි, මෙසේ පැවිදි වූ ද ඒ කුලපුත්‍ර තෙමේ අධික ලෝභී වූයේ වස්තුකාම ක්ලේශකාමයන්හි තියුණු ආශාව ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත සිත් ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා රහිත වූයේ, එකඟ නොවූ සිත් ඇත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, ප්‍රකෘති ඉඳුරන් ඇත්තේ (අසංවර වූයේ) වේ ද,
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ඡවාලාතං උභතො පදිත්තං මජ්ඣෙගූථගතං නෙව ගාමෙ කට්ඨත්ථං ඵරති න අරඤ්ඤෙ, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි ගිහිභොගා ච පරිහීනො සාමඤ්ඤත්ථඤ්ච න පරිපූරෙතී’ති.
Sinhala BJTමහණෙනි, යම්සේ දෙපසින් ගිනි ඇවිළ ගත්තාවූ, මැද අසූචි තැවරුණු සොහොන් පෙණෙල්ලක් ගමෙහි (කැණිමඬුලු ආදී) දැවකිස සිදු නො කෙරේ ද, වනයෙහිත් (ඛෙත්තකුටිපාදාදි) දැවකිසක් සිදු නො කෙරේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එසේ (සොහොන් පෙණෙල්ලට) උපමා කොට කියමි. (හෙතෙම) ගිහිසැපතින් පිරිහුනේ අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද, සම්පූර්‍ණ නොකෙරේ යැ යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මේ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “ගිහිභොගා ච පරිහීනො සාමඤ්ඤත්ථඤ්ච දුබ්භගො, පරිධංසමානො පකිරෙති ඡවාලාතං ව නස්සති.
Sinhala BJT2. “ගිහීන් විසින් පරිභෝග කටයුතු කාම සැපතින් ද පිරිහුනා වූ, අර්‍හත්ත්‍වඵලසඞ්ඛ්‍යාත ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද සම්පූර්‍ණ නොකරන්නාවූ නිඃශ්‍රික (කාලකණ්ණි) පුද්ගල තෙමේ දෙපසින් ම පරිබාහිර වූයේ (ශීලාදි ගුණවිශේෂයන්) ඉක්මෙයි. සොහොන් පෙණෙල්ලක් මෙන් (ශීලාදි ගුණනාශයෙන්) නැසෙයි.
Pali BJT3. කාසාවකණ්ඨා බහවො පාපධම්මා අසඤ්ඤතා, පාපා පාපෙහි කම්මෙහි නිරයං තෙ උපපජ්ජරෙ.
Sinhala BJT3. කහවත් ගෙල ලාගත් පවිටු ගති ඇති කායවාක් සංයමයක් (හොඳ හැසුරුමක්) නැති පවිටු පුද්ගලයෝ බොහෝ වෙත්. ඔහු තමන් කළ පව් හේතුවෙන් නරකයෙහි උපදිත්.
Pali BJT4. සෙය්යො අයොගුළො භුත්තො තත්තො අග්ගිසිඛූපමො, යඤ්චෙ භුඤ්ජෙය්ය දුස්සීලො රට්ඨපිණ්ඩං අසඤ්ඤතො”ති.
Sinhala BJT4. ඉදින් සංවර රහිත වූ දුසිල් මහණ තෙමේ රට වැසියා විසින් දෙන ලද යම් ආහාරයක් වළඳන්නේ නම් (එයට වඩා) රත් වූ ගිනිසිළක් හා සමාන වූ ලෝ ගුළියක් අනුභව කෙළේ නම් උතුමි”.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙකරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 5. 3.
Sinhala BJT3. 5. 3.
Pali BJT[සඞ්ඝාටිකණ්ණසුත්තං]
Sinhala BJT[සඞ්ඝාටිකර්‍ණ සූත්‍රය]
Pali BJT92. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT92. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. සඞ්ඝාටිකණ්ණෙ චෙ’පි භික්ඛවෙ භික්ඛු ගහෙත්වා පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො අස්ස, පාදෙ පාදං නික්ඛිපන්තො. සො ච හොති අභිජ්ඣාලු කාමෙසු තිබ්බසාරාගො බ්යාපන්නචිත්තො පදුට්ඨමනසඞ්කප්පො මුට්ඨස්සති අසම්පජානො අසමාහිතො විබ්භන්තචිත්තො පාකතින්ද්රියො. අථ ඛො සො ආරකා’ව මය්හං, අහං ච තස්ස. තං කිස්ස හෙතු: ධම්මං හි සො භික්ඛවෙ භික්ඛු න පස්සති ධම්මං අපස්සන්තො න මං පස්සති.
Sinhala BJT1. මහණෙනි, ඉදින් යම් මහණෙක් (මාගේ) සඟළ සිවුරු කොණ අල්ලා ගෙණ (මාගේ) පියවරෙහි පියවර තබමින් පසුපසින් ලුහුබඳනේ වේ ද, හෙ තෙමේත් අධික ලෝභී වූයේ, පස්කම් සැපයෙහි තියුණු ඇලුම් ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත චිත්තසංකල්පනා ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥා නැත්තේ, එකඟ වූ සිත් නැත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, පියෙවි ඉඳුරන් ඇත්තේ, (ඉන්‍ද්‍රියසංවර නැත්තේ) වේ ද, එසේ ඇති කල්හි ඒ මහණ තෙම මට දුරෙහි වේ. මම ද ඔහුට දුරෙහි වෙමි. එයට හේතු කිම යත්: මහණෙනි, ඒ මහණ තෙම නව ලොවුතුරාදහම් නො දකී. ධර්‍මය නොදක්නේ මා නොදක්නේ ය. (එහෙයිනි).
Pali BJTයොජනසතෙ චෙ’පි සො භික්ඛවෙ භික්ඛු විහරෙය්ය සො ච හොති අනභිජ්ඣාලු කාමෙසු න තිබ්බසාරාගො අබ්යාපන්නචිත්තො අප්පදුට්ඨමනසඞ්කප්පො උපට්ඨිතස්සති සම්පජානො සමාහිතො එකග්ගචිත්තො සංවුතින්ද්රියො. අථ ඛො සො සන්තිකෙව මය්හං, අහං ච තස්ස. තං කිස්ස හෙතු: ධම්මං හි සො භික්ඛවෙ භික්ඛු පස්සති ධම්මං පස්සන්තො මං පස්සතීති.
Sinhala BJTමහණෙනි, යම් ඒ මහණෙක් තෙමේ යොදුන් සියක් දුර වාසය කරන්නේ නමුදු හෙ තෙමේත් අධික ලෝභී නොවූයේ, පස්කම්හි තියුණු ආශා නැත්තේ, විපරීත සිත් නැත්තේ, දූෂිත චිත්තසංකල්පනා නැත්තේ, එළැඹ සිටි සිහි ඇත්තේ වේ ද, එසේ ඇති කල්හි ඒ මහණ තෙම මාගේ සමීපයෙහි වේ. මම ඔහු සමීපයෙහි වෙමි. එයට හේතු කිම යත්: මහණෙනි, ඒ මහණ තෙමේ නව ලොවුතුරා දහම් දකී. දහම් දක්නේ මා ද දකී (එහෙයිනි).
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “අනුබන්ධො’පි චෙ අස්ස මහිච්ඡො ච විඝාතවා, එජානුගො අනෙජස්ස නිබ්බුතස්ස අනිබ්බුතො, ගිද්ධො සො වීතගෙධස්ස පස්ස යාවඤ්ච ආරකා.
Sinhala BJT2. “මහත් ආශා ඇත්තා වූ (කැමැති දෑ නොලැබීමෙන්) දුක් ඇත්තා වූ, තෘෂ්ණාව අනුව යන්නාවූ (කෙලෙස් මැඩීමෙන්) නො නිවියාවූ, (රූපාදි විෂයයන්හි) ගිජු වූ (යම් මහණෙක්) මා ලුහුබඳින්නේ නමුදු, හේ තෘෂ්ණා රහිත වූ, කෙලෙස් නිවියා වූ, පහ කල ගිජුබව් ඇති (සම්බුදු රදුන්ගෙන්) යම් තාක් දුරෙහි වේ ද, (එය) බලව.
Pali BJT3. සො ව ධම්මමභිඤ්ඤාය ධම්මමඤ්ඤාය පණ්ඩිතො, රහදො’ව නිවාතෙ ච අනෙජො වූපසම්මති.
Sinhala BJT3. ඒ නුවණැති මහණ තෙම සිවුසස් දහම් දැන, ඒ දහම් මඟනුවණින් දැන, තෘෂ්ණාරහිත වූයේ, වාතය නොහමන තැනෙක දියවිලක් නොසැලෙන්නා සේ (ක්ලේශචලනය නොමැති ව) සංසිඳෙයි.
Pali BJT4. අනෙජො සො අනෙජස්සනිබ්බුතස්සචනිබ්බුතො, අගිද්ධො වීතගෙධස්ස පස්ස යාවඤ්ච සන්තිකෙ’ති”.
Sinhala BJT4. ඒ මහණ තෙමේ තෘෂ්ණාරහිත වූයේ (කෙලෙස් මැඩීමෙන්) නිවියේ, (රූපාදි විෂයයන්හි) ගිජු නො වූයේ, තෘෂ්ණාරහිත වූයේ, පිරිනිවියා වූ වීතගේධ වූ බුදුරජුනට යම් තාක් සමීපයෙහි වේ ද, (එය) බලව.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 5. 4.
Sinhala BJT3. 5. 4.
Pali BJT[අග්ගිසුත්තං]
Sinhala BJT[අග්නි සූත්‍රය]
Pali BJT93. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT93. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ අග්ගී. කතමෙ තයො? රාගග්ගි දොසග්ගි මොහග්ගි. ඉමෙ ඛො භික්ඛවෙ තයො අග්ගීති.
Sinhala BJT1. මහණෙනි, මේ ගිනි තුණෙකි. කවර තුණෙක් ද යත්: රාග නැමැති ගින්න, ද්වේෂ නැමැති ගින්න, මෝහ නැමැති ගින්න, යන මේ යි. මහණෙනි, මේ ගිනි තුණ යැ යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “රාගග්ගි දහති මච්චෙ රත්තෙ කාමෙසු මුච්ඡිතෙ, දොසග්ගි පන බ්යාපන්නෙ නරෙ පාණාතිපාතිනො.
Sinhala BJT2. “රාගාග්නි තෙම රාගයෙන් රත් වූ කාමයන්හි මුළා වූ මිනිසුන් දවයි. ද්වේෂාග්නි තෙම ව්‍යාපාද වශයෙන් පෙරැළුණු සිත් ඇති, ප්‍රාණඝාතය කරණ මිනිසුන් දවයි.
Pali BJT3. මොහග්ගි පන සම්මූළ්හෙ අරියධම්මෙ අකොවිදෙ, එතෙ අග්ගී අජානන්තී සක්කායාභිරතා පජා.
Sinhala BJT3. මෝහාග්නි තෙම ආර්‍ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ වූ වෙසෙසින් මුළා වූ මිනිසුන් (දවයි.) සත්කායයෙහි (ස්කන්‍ධ පංචකයෙහි) ඇලුනාවු ඒ සත්ත්‍වයෝ මේ රාගාදි අග්නීන් නොදන්නාහු වෙත්.
Pali BJT4. තෙ වඩ්ඪයන්ති නිරයං තිරච්ඡානඤ්ච යොනියො, අසුරං පෙත්තිවිසයං අමුත්තා මාරබන්ධනා.
Sinhala BJT4. ඒ මාරබන්‍ධනයෙන් නොමිදුනාවූ (ඔහු) නිරය ද, තිරච්ඡානයෝනිය ද, අසුරනිකාය ද, ප්‍රේතවිෂයය ද, (එහි ඉපදීම් වශයෙන්) වඩන්නෝ වෙත්.
Pali BJT5. යෙ ච රත්තින්දිවා යුත්තා සම්මාසම්බුද්ධසාසනෙ, තෙ නිබ්බාපෙන්ති රාගග්ගිං නිච්චං අසුභසඤ්ඤිනො.
Sinhala BJT5. යම් කෙනෙක් රෑ දාවල් දෙක්හි සම්‍යක් සම්බුද්ධශාසනයෙහි (භාවනා වශයෙන්) යෙදුනාහු වෙත් ද, නිතර අශුභ සංඥා ඇති ඔහු රාගාග්නිය නිවත්.
Pali BJT6. දොසග්ගිං පන මෙත්තාය නිබ්බාපෙන්ති නරුත්තමා, මොහග්ගිං පන පඤ්ඤාය යායං නිබ්බෙධගාමිනී.
Sinhala BJT6. ඒ නරෝත්තමයෝ මෛත්‍රීභාවනායෙන් ද්වේෂාග්නිය ද, යම් මේ කෙලෙස් කඳු විඳින ප්‍රඥාවෙක් වේ නම් ඒ ප්‍රඥායෙන් මොහාග්නිය ද නිවත්.
Pali BJT7. තෙ නිබ්බාපෙත්වා නිපකා රත්තින්දිවමතන්දිතා, අසෙසං පරිනිබ්බන්ති අසෙසං දුක්ඛමච්චගුං.
Sinhala BJT7. ප්‍රඥායෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි නොමැලි වූ (ඔහු) රාගාදි ගිනි නිවා (අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන්) පිරිනිවෙත්. සියලු සසර දුක් ඉක්මෙත්.
Pali BJT8. අරියද්දසා වෙදගුනො සම්මදඤ්ඤාය පණ්ඩිතා, ජාතික්ඛයමභිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භවන්ති”.
Sinhala BJT8. ආර්‍ය්‍ය වූ (නිර්‍වාණය) දුටුවාවූ වේද සංඛ්‍යාත මාර්‍ගඥානයෙන් (සසර කෙළවරට) ගියා වූ නුවණැති ඔහු (ස්කන්‍ධාදිය) මොනොවට දැන නිර්‍වාණාවබෝධය කොට නැවැත ඉපැදීමට නො පැමිණෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 5. 5.
Sinhala BJT3. 5. 5.
Pali BJT[උපපරික්ඛසුත්තං]
Sinhala BJT[උපපරීක්‍ෂා සූත්‍රය]
Pali BJT94. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT94. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තථා තථා භික්ඛවෙ භික්ඛු උපපරික්ඛෙය්ය යථා යථාස්ස උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං හොති අවිසටං, අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා චස්ස භික්ඛවෙ විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාති ජරාමරණ දුක්ඛසමුදයසම්භවො න හොතී’ති.
Sinhala BJT1. මහණෙනි, යම් යම් අයුරෙකින් හණ (සංස්කාරධර්‍මයන්) විමංසනය කරත් ම ඔහුගේ විදසුන් සිත (රූපාදි) බාහිර අරමුණු විෂයයෙහි නො විසුරුණේ නොපැතුරුණේ වේ ද, අධ්‍යාත්මයෙහි (කමටහන් අරමුණෙහි) (හැකිළීම් වශයෙන්) නොපිහිටියේ දැඩි වශයෙන් නොගෙණ (එහෙයින් ම) ත්‍රස්ත නොවන්නේ ද, ඒ ඒ අයුරින් භික්‍ෂු තෙම විමසන්නේ ය. මහණෙනි, සිත බාහිර අරමුණෙහි නොවිසුරුණු කල්හි, නොපැතුරුණු කල්හි, අධ්‍යාත්මයෙහි නොපිහිටිකල්හි (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) නොගෙණ (එහෙයින් ම) ත්‍රස්ත නොවන්නාවූ මහණහට මතු ජාතිජරාමරණ දුක්ඛයන්ගේ සම්භවයෙක් නො වේ යැ යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “සත්තසඞ්ගපහීනස්ස නෙත්තිච්ඡින්නස්ස භික්ඛුනො, වික්ඛීණො ජාතිසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති.
Sinhala BJT2. “තෘෂ්ණාදි සත්වැදෑරුම් සඞ්ග (ක්ලේශ) යන් ප්‍රහීණ කළ, භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාව සිඳ දැමූ භික්‍ෂූහු පිළිබඳ උත්පත්තිසංසාරය ක්‍ෂීණ වූයේ වෙයි. (එහෙයින්) ඔහුට පුනර්‍භවයෙක් නැත්තේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 5. 6.
Sinhala BJT3. 5. 6.
Pali BJT[කාමූපපත්ති සුත්තං]
Sinhala BJT[කාමෝපපත්ති සූත්‍රය]
Pali BJT95. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT95. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තිස්සො ඉමා භික්ඛවෙ කාමූපපත්තියො. කතමා තිස්සො? පච්චුපට්ඨිතකාමා, නිම්මානරතිනො, පරනිම්මිතවසවත්තිනො. ඉමා ඛො භික්ඛවෙ තිස්සො කාමූපපත්තියො”ති.
Sinhala BJT1. මහණෙනි, කාමලාභයෝ (නොහොත්) කාමසේවනයෝ මේ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: නිබද්ධකාම ලාභය ද, නිම්මානරති කාම ලාභය ද, පරනිම්මිතවසවත්ති කාමලාභය ද යන තිදෙන වෙති.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “පච්චුපට්ඨිතකාමා ච යෙ දෙවා වසවත්තිනො, නිම්මානරතිනො දෙවා යෙ චඤ්ඤෙ කාමභොගිනො.
Sinhala BJT2. “පරනිම්මිත වසවත්ති නම් වූ යම් දෙවි කෙනෙක් වෙත් ද, නිම්මානරතී නම් වූ දෙවි කෙනෙක් වෙත් ද, නිබද්ධකාමලාභී වූ සෙසු කාමභොගීහු වෙත් ද,
Pali BJT3. ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තරෙ, එතමාදීනවං ඤත්වා කාමභොගෙසු පණ්ඩිතො, සබ්බෙ පරිච්චජෙ කාමෙ යෙ දිබ්බා යෙ ච මානුසා.
Sinhala BJT3. (ඔහු) මේ අත්බව හා උත්පත්තිභව සඞ්ඛ්‍යාත මතු අතින් අත්බව ද යන දෙවැදෑරුම් සසර නො ඉක්මෙත්. නුවණැති පුද්ගල තෙමේ මෙම ආදීනවය දැන කාමභෝග විෂයයෙහි දිව්‍යමය වූ ද මානුෂක වූ ද යම් කාමයෝ වෙත් නම්, ඒ සියලු කාමයන් දුරු කරන්නේ ය.
Pali BJT4. පියරූපසාතගධිතං ඡෙත්වා සොතං දුරච්චයං, අසෙසං පරිනිබ්බන්ති අසෙසං දුක්ඛමච්චගුං.
Sinhala BJT4. (යම් ආර්‍ය්‍ය කෙනෙක්) ප්‍රියරූප සුඛාදියෙහි ගිජු වූ, ඉක්මීමට දුෂ්කර වූ තෘෂ්ණා ස්‍රොතස (රහත්මග නුවණින්) සිඳ දමා නිරවශේෂ ව පිරිනිවෙත් ද, නිරවශේෂ කොට (සසරදුක්) ඉක්මෙත් ද,
Pali BJT5. අරියද්දසා වෙදගුනො සම්මදඤ්ඤාය පණ්ඩිතා, ජාතික්ඛයමභිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භව”න්ති.
Sinhala BJT5. නිර්‍වාණය දුටුවාවූ, වේද සංඛ්‍යාත මාර්‍ගඥානයෙන් (සසර කෙළවරට) ගියා වූ නුවණැති ඔහු (ස්කන්‍ධාදිය) මොනොවට දැන, නිර්‍වාණාවබෝධය කොට නැවැත ඉපදීමට නො පැමිණෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 5. 7.
Sinhala BJT3. 5. 7.
Pali BJT[කාමයොගසුත්තං]
Sinhala BJT[කාමයෝග සූත්‍රය]
Pali BJT96. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT96. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. කාමයොගයුත්තො භික්ඛවෙ භවයොගයුත්තො ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං.
Sinhala BJT1. මහණෙනි, පඤ්චකාමගුණික රාග සඞ්ඛ්‍යාත කාමයොගයෙන් යුක්ත වූ ද, රූපාරූපභවයන්හි ඡන්‍දරාගසඞ්ඛ්‍යාත භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට (පිළිසිඳ ගැණීම් වශයෙන්) එන්නේ අගාමී වෙයි.
Pali BJTකාමයොගවිසඤ්ඤුත්තො භික්ඛවෙ භවයොගයුත්තො අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං.
Sinhala BJTමහණෙනි, කාමයොගයෙන් වෙන් වූ භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට නොඑන්නේ අනාගාමී වෙයි.