Itivuttaka

Thus It Was Said

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-800 න් 1102

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. “කම්මාරාමො භස්සරතො නිද්දාරාමො ච උද්ධතො, අභබ්බො තාදිසො භික්ඛු ඵුට්ඨුං සම්බොධිමුත්තමං.
Sinhala BJT2. “කර්‍මාන්තයන්හි ඇලුනාවූ කථා මාර්‍ගයෙහි ඇලුනාවූ, නිද්‍රායෙහි ඇලුනාවූ, නොසංසුන් සිත් ඇති මෙ බඳු මහණ තෙම, උතුම් අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත සම්‍යක් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් නො වේ.
Pali BJT3. තස්මා හි අප්පකිච්චස්ස අප්පමිද්ධො අනුද්ධතො භබ්බො සො තාදිසො භික්ඛු ඵුට්ඨුං සම්බොධිමුත්තමන්ති.”
Sinhala BJT3. එහෙයින් අල්ප කෘත්‍ය ඇත්තෙක් ද, නිද්‍රා රහිතයෙක් ද, සංහුන් සිත් ඇත්තෙක් ද වන්නේ ය. එබඳු ඒ මහණ තෙමේ අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත සම්‍යක් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් වන්නේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJTවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ දිට්ඨී නිස්සරණං රූපං පුත්තො අවුට්ඨිකෙන ච සුඛා ච භින්දනා ධාතු පරිහානෙන තෙ දසා’ති.
Sinhala BJTදිට්ඨි දෙක, නිස්සරණ, රූප, අවුට්ඨික, සුඛ, භින්‍දන (භිදුර), ධාතුසංසන්‍දන, පරිහාණ සූත්‍රයැ යී ඔහු දස දෙනෙක.
Pali BJTචතුත්ථො වග්ගො
Sinhala BJTසිවුවන වර්‍ගය
Pali BJT3. 4. 1.
Sinhala BJT3. 4. 1.
Pali BJT[විතක්කසුත්තං]
Sinhala BJT[විතර්‍ක සූත්‍රය]
Pali BJT80. වුත්තං හෙතං භගවතා, වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT80. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ අකුසලවිතක්කා. කතමෙ තයො? අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො. ලාභසක්කාරසිලොකපටිසංයුත්තො විතක්කො, පරානුද්දයතාපටිසංයුත්තො විතක්කො. ඉමෙ ඛො භික්ඛවෙ තයො අකුසලවිතක්කා’ති .
Sinhala BJT1. මහණෙනි, මේ අකුශල විතර්‍කයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් යත්: මෙරමාගෙන් අවඥා ලබනු නොකැමැති බව හා එක්ව යෙදුනු විතර්‍කය, ලාබ සත්කාර කීර්ති යන මොවුන් අරමුණු කිරීම් වශයෙන් ඇසුරු කළ විතර්‍කය, පරානුකම්පා ස්වරූප ගෙහසිතප්‍රේමය හා එක් ව යෙදුනු විතර්‍කය යන තිදෙන යි. මහණෙනි, මේ තිදෙනා අකුශල විතර්‍කයෝ වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “අනවඤ්ඤත්තිසංයුත්තො ලාභසක්කාරගාරවො, සහනන්දී අමච්චෙහි ආරා සංයොජනක්ඛයා.
Sinhala BJT2. “අනුන් විසින් තමහට අවඥා කිරීම නො කැමැත්තෙන් යුක්ත වූ, ලාභ සත්කාරයන් ගරු කොට ගන්නා වූ රාජාමාත්‍යාදීන් හා අනනුලෝමික ගෘහීසංසර්‍ගයෙන් සතුටු වන (පුඟුල් තෙම) සංයෝජනක්‍ෂය කෙරෙන් (හෙවත් රහත්බව කෙරෙන්) දුරෙහි වේ.
Pali BJT3. යො ච පුත්තපසුං හිත්වා විවාහෙ සඞ්ගහානි ච, භබ්බො සො තාදිසො භික්ඛු ඵුට්ඨුං සම්බොධිමුත්තම”න්ති.
Sinhala BJT3. යමෙක් වනාහි අඹුදරුවන් හා සිවුපාවන් ද ආවාහවිවාහයන් ද පරිජනසඞ්ග්‍රයන් ද හැර දමා (සිටියේ) ද එබඳු වූ ඒ මහණ තෙමේ උතුම් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට (රහත්බවට පැමිණීමට) සුදුසු ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 4. 2.
Sinhala BJT3. 4. 2.
Pali BJT[සක්කාරසුත්තං]
Sinhala BJT[සත්කාර සූත්‍රය]
Pali BJT81. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT81. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. දිට්ඨා මයා භික්ඛවෙ සත්තා සක්කාරෙන අභිභූතා පරියාදින්නචිත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. දිට්ඨා මයා භික්ඛවෙ සත්තා අසක්කාරෙන අභිභූතා පරියාදින්නචිත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. දිට්ඨා මයා භික්ඛවෙ සත්තා සක්කාරෙන ච අසක්කාරෙන ච තදුභයෙන අභිභූතා පරියාදින්නචිත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
Sinhala BJT1. මහණෙනි, සත්කාර හේතුවෙන් මඩනා ලද, ක්‍ෂයට පැමිණැ වූ කුසල් සිත් ඇති, ශරීර භේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයෙහි උපන්නාවූ සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, අසත්කාර හේතුවෙන් මඩනා ලද, ක්‍ෂයට පැමිණැවූ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, සත්කාර හේතුවෙන් ද අසත්කාර හේතුවෙන් ද යන ඒ දෙකින් ම මඩනා ලද ක්‍ෂේපිත කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ.
Pali BJTතං ඛො පනාහං භික්ඛවෙ නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි. අපි ච භික්ඛවෙ යදෙව මෙ සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙවාහං වදාමි:
Sinhala BJTමහණෙනි, ඒ කාරණය වූ කලී මම් අන් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ අතින් අසා නො කියමි. වැළි මා විසින් යමක් ස්වයංඥාත ද (තමා විසින් දක්නා ලද ද) ස්වයංදෘෂ්ටද (තමා විසින් දක්නා ලද ද) ස්වයං විදිත ද (තමා විසින් ප්‍රකට කොට දන්නා ලද ද) එය ම මම් කියමි:
Pali BJT‘දිට්ඨා මයා භික්ඛවෙ සත්තා සක්කාරෙන අභිභූතා පරියාදින්නචිත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. දිට්ඨා මයා භික්ඛවෙ සත්තා අසක්කාරෙන අභිභූතා පරියාදින්නචිත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. දිට්ඨා මයා භික්ඛවෙ සත්තා සක්කාරෙන ච අසක්කාරෙන ච තදුභයෙන අභිභූතා පරියාදින්නචිත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා’ති.
Sinhala BJT‘මහණෙනි, සත්කාර හේතුවෙන් මඩනා ල, ක්‍ෂයයට පැමිණැ වූ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, අසත්කාර හේතුවෙන් මඩනා ලද, ක්‍ෂේපිත කුසල් සිතැති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, සත්කාර හේතුවෙන් ද අසත්කාර හේතුවෙන් ද යන එ දෙකින් ම මඩනා ලද, ක්‍ෂේපිත කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ’ යනු යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යස්ස සක්කරියමානස්ස අසක්කාරෙන චූභයං, සමාධි න විකම්පති අප්පමාදවිහාරිනො.
Sinhala BJT2. “සත්කාර කරණු ලබන්නාවූ ද, අසත්කාරයෙන් නොතකා හරිනු ලබන්නා වූ ද අප්‍රමාද විහරණ ඇති යම් රහතකුගේ චිත්ත සමාධිය ඒ සත්කාර අසත්කාර දෙකින් ම නොසැලේ ද,
Pali BJT3. තං ඣායිනං සාතතිකං සුඛුමදිට්ඨිවිපස්සකං, උපාදානක්ඛයාරාමං ආහු සප්පුරිසො ඉතී”ති.
Sinhala BJT3. ධ්‍යාන කරණ සුලුවූ, සතතයෙන් පැවැති වීර්‍ය්‍ය ඇති, පලසමවත්හි සියුම් ප්‍රඥාවෙන් නිතර පැවැති විදසුන් ඇති, චතුරූපාදානයන්ගේ ක්‍ෂයය (අවසානය) වූ රහත්පලය ආරාම කොටැති උන්වහන්සේ සත්පුරුෂයා යැ යි කියත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT3. 4. 3.
Sinhala BJT3. 4. 3.
Pali BJT[දෙවසද්දසුත්තං]
Sinhala BJT[දේවශබ්ද සූත්‍රය]
Pali BJT82. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT82. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ දෙවෙසු දෙවසද්දා නිච්ඡරන්ති සමයා සමයං උපාදාය. කතමෙ තයො?
Sinhala BJT1. මහණෙනි, දෙවියන් අතරැ මේ දිව්‍යශබ්දයෝ තිදෙනෙක් කලින් කල ඔවුනොවුන්ගේ කථාසංලාප වශයෙන් පවතිත්. කවර තිදෙනෙක් ද යත්:
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය චෙතෙති. තස්මිං සමයෙ දෙවෙසු දෙවසද්දො නිච්ඡරති ‘එසො අරියසාවකො මාරෙන සද්ධිං සඞ්ගාමාය චෙතෙතී’ති. අයං භික්ඛවෙ පඨමො දෙවෙසු දෙවසද්දො නිච්ඡරති සමයා සමයං උපාදාය.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ පෙරව ගිහිගෙන් නික්මැ සසුන් වදනා පිණිස සිතා ද, එකලැ “මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මරහු සමග යුද පිණිස සිතා යැ”යි දෙවියන් අතරැ දිව්‍යශබ්දයෙක් පවතියි. මහණෙනි, කලින් කල දෙවියන් අතරැ මේ පළමු වන දිව්‍යමය ප්‍රීතිරාවය පවතී.
Pali BJTපුන චපරං භික්ඛවෙ යස්මිං සමයෙ අරියසාවකො සත්තන්නං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො විහරති, තස්මිං භික්ඛවෙ සමයෙ දෙවෙසු දෙවසද්දො නිච්ඡරති ‘එසො අරියසාවකො මාරෙන සද්ධිං සඞ්ගාමෙතී’ති. අයං භික්ඛවෙ දුතියො දෙවෙසු දෙවසද්දො නිච්ඡරති සමයා සමයං උපාදාය.
Sinhala BJTතවද මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙම (කොටස් වශයෙන්) සතක් වූ බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනායෙහි යෙදුනේ වාසය කෙරේ ද, මහණෙනි, එ කලැ “මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මරහු හා යුද කෙරේ යැ”යි දෙවියන් අතරැ දිව්‍යමය ප්‍රීතිශබ්දයෙක් පවතී. මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ දෙවෙනි දිව්‍යශබ්දය පවතී.
Pali BJTපුන චපරං භික්ඛවෙ යස්මිං සමයෙ අරියසාවකො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. තස්මිං භික්ඛවෙ සමයෙ දෙවෙසු දෙවසද්දො නිච්ඡරති “එසො අරියසාවකො විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අභිවිජිය අජ්ඣාවසතී”ති. අයං භික්ඛවෙ තතියො දෙවෙසු දෙවසද්දො නිච්ඡරති සමයා සමයං උපාදාය.
Sinhala BJTතවද මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රව රහිත වු අර්‍හත්ත්‍වඵලසමාධිය හා ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරේ ද, මහණෙනි, එකලැ “මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිනූ යුද ඇත්තේ එ ම සංග්‍රාමශීර්‍ෂය දිනා වෙසේ යැ”යි දෙවියන් අතර දිව්‍යමය ශබ්දයෙක් පවතියි. මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ තෙවෙනි දිව්‍යශබ්දය පවතී.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ තයො දෙවෙසු දෙවසද්දා නිච්ඡරන්ති සමයා සමයං උපාදායා’ති.
Sinhala BJTමහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ දිව්‍යශබ්දයෝ තිදෙන පවත්නාහ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “දිස්වා විජිතසඞ්ගාමං සම්මාසම්බුද්ධසාවකං, දෙවතා’පි නමස්සන්ති මහන්තං වීතසාරදං.
Sinhala BJT2. “දිනන ලද සංග්‍රාම ඇති ශීලාදි ගුණමහත්ත්‍වයෙන් මහත් වූ, පහ වූ බිය ඇති සම්‍යක්සම්බුද්ධශ්‍රාවකයා දැක දෙවියෝ ද මෙසේ නමස්කාර කෙරෙත්.
Pali BJT3. නමො තෙ පුරිසාජඤ්ඤ යො ත්වං දුජ්ජයමජ්ඣගා,{1} ජෙත්වාන මච්චුනො සෙනං විමොක්ඛෙන අනාවරං.
Sinhala BJT3. යම් බඳු නුබ වහන්සේ අන්‍යයන් විසින් වළකා ලිය නොහැක්කා වු මරසෙනඟ ආර්‍ය්‍යමාර්‍ගයෙන් දිනා, දිනීමට දුෂ්කර වූ මරසෙනග මැඩලූ සේක් ද, පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ නුබ වහන්සේට නමස්කාර වේවා.
Pali BJT4. ඉති හෙතං නමස්සන්ති දෙවතා පත්තමානසං, තඤ්හි තස්ස න පස්සන්ති යෙන මච්චුවසං වජෙ”ති.{2}
Sinhala BJT4. උක්තප්‍රකාරයෙන් පැමිණි අර්‍හත්ත්‍වය ඇති මේ ක්‍ෂීණාස්‍රවයාට දේවතාවෝ නමස්කාර කෙරෙත්. යම් හෙයෙකින් හෙතෙම මරහු වසයට පැමිණිය හෙන්නේ ද, ඒ පුරුෂෝත්තමයා පිළිබඳ එබඳු කාරණයක් දෙවියෝ නො දනිත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින්මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 4. 4.
Sinhala BJT3. 4. 4.
Pali BJT[පුබ්බනිමිත්තසුත්තං]
Sinhala BJT[පූර්‍වනිමිත්ත සූත්‍රය]
Pali BJT83. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT83. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. යදා භික්ඛවෙ දෙවො දෙවකායා චවනධම්මො හොති, පඤ්චස්ස පුබ්බනිමිත්තානි පාතුභවන්ති: මාලා මිලායන්ති, වත්ථානි කිලිස්සන්ති, කච්ඡෙහි සෙදා මුච්චන්ති, කායෙ දුබ්බණ්ණියං ඔක්කමති, සකෙ දෙවො දෙවාසනෙ නාභිරමතී’ති.
Sinhala BJT1. මහණෙනි, යම් කලෙක දෙවියෙක් දෙව්ලොවින් චුතවන ස්වභාව ඇත්තේ (එළැඹ සිටි මරණය ඇත්තේ) වේ ද, ඔහුට පෙරනිමිති පසෙක් පහළ වෙයි. එනම්: පැළැඳි මල් මැලැවෙයි. හැඳි වත් කිලිටි වෙයි. කිසිලි වලින් දහඩිය වැගිරෙයි. සිරුරෙහි දුර්වර්‍ණ බව ඇති වෙයි. ඒ දෙවි තෙම ස්වකීය දිව්‍යාසනයෙහි නො ඇලෙයි. (යන මේ පස යි.)
Pali BJTතමෙනං භික්ඛවෙ දෙවා ‘චවනධම්මො අයං දෙවපුත්තො’ති ඉති විදිත්වා තීහි වාචාහි අනුමොදන්ති: “ඉතො භො සුගතිං ගච්ඡ. සුගතිං ගන්ත්වා සුලද්ධලාභං ලභ. සුලද්ධලාභං ලභිත්වා සුප්පතිට්ඨිතො භවාහීති”.
Sinhala BJTමහණෙනි, දෙවියෝ “මේ දෙව්පුත් තෙම එළඹ සිටි මරණය ඇත්තේ යැ”යි මෙසේ දැන වචන තුණෙකින් ඒ දෙව්පුත් අස්වසත්: “පින්වත, මේ දෙව්ලොවින් චුත ව සුගතියට යව. සුගතියට ගොස් මනාගොට ලැබූ ලාභය ලබව. සුලද්ධලාභය ලැබ සුප්පතිට්ඨිත වව” (යන මේ තුන් වචනයෙනි).
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “කින්නු ඛො භන්තෙ දෙවානං සුගතිගමනසඞ්ඛාතං, කිඤ්ච භන්තෙ දෙවානං සුලද්ධලාභසඞ්ඛාතං, කිම්පන භන්තෙ දෙවානං සුප්පතිට්ඨිතසඞ්ඛාතන්ති?”
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, දෙවියන්ගේ සුගතිගමනය යි කියන ලද්දේ කුමක් ද? ස්වාමීනි, දෙවියන්ගේ සුලද්ධලාභය නම් කිමෙක් ද? ස්වාමීනි, දෙවියන්ගේ මනාකොට පිහිටීම යැ යි කියන ලද්දේ කුමක් දැ? යි” මෙ බස් කීය.
Pali BJT“මනුස්සත්තං ඛො භික්ඛු දෙවානං සුගතිගමනසඞ්ඛාතං. යං මනුස්සභූතො සමානො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං පටිලභති, ඉදං ඛො පන භික්ඛවෙ දෙවානං සුලද්ධලාභසඞ්ඛාතං. සා ඛො පනස්ස සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා දළ්හා අසංහාරියා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. ඉදං ඛො භික්ඛවෙ දෙවානං සුප්පතිට්ඨිතසඞ්ඛාතන්ති”.
Sinhala BJTමහණ, “මිනිසත්බව වනාහි දෙවියන්ගේ සුගතිගමනයැ යි කියන ලදී. මිනිසෙක් වූයේ ම බුදුන් විසින් වදාළ ධර්‍මවිනයෙහි යම් සැදැහැයෙක් ලබා ද, මහණෙනි, මෙය වනාහි දෙවියන්ගේ සුලද්ධලාභ ය යි කියන ලදී. එම සැදැහැය වූ කලී මොහුගේ සිත තුළට පිවිසියේ හටගත් මුල් ඇත්තේ පිහිටියේ ස්ථිර වූයේ, ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයෙහි අන් කිසිවකු විසින් හෝ ඉවත ලිය නොහැක්කේ වෙයි. මහණෙනි, මේ වනාහි දෙවියන්ගේ සුප්පට්ඨිත”යැ යි වදාරණ ලදී.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යදා දෙවො දෙවකායා චවති ආයුසඞ්ඛයා, තයො සද්දා නිච්ඡරන්ති දෙවානං අනුමොදතං:
Sinhala BJT2. “දෙවියෙක් තෙම ආයු ගෙවී යෑමෙන් යම් කලෙක දෙව්ලොවින් චුත වේ ද, එකල ඔහු අස්වසන දෙවියන්ගේ ශබ්දයෝ තිදෙනෙක් නික්මෙත්:
Pali BJT3. ‘ඉතො භො සුගතිං ගච්ඡ මනුස්සානං සහව්යතං, මනුස්සභූතො සද්ධම්මෙ ලභ සද්ධං අනුත්තරං.
Sinhala BJT3. ‘පින්වත, මේ දෙව්ලොවින් චුතව මනුෂ්‍යයන්ගේ සහභාවය වූ සුගතියට යව. මිනිස් වූයේ සද්ධර්‍මයෙහි නිරුත්තර වූ ශ්‍රද්ධාව ලබව.
Pali BJT4. සා තෙ සද්ධා නිවිට්ඨස්ස මූලජාතා පතිට්ඨිතා, යාවජීවං අසංහීරා සද්ධම්මෙ සුප්පවෙදිතෙ.
Sinhala BJT4. මොනොවට ප්‍රකාශ කරණ ලද සද්ධර්‍මයෙහි නුඹගේ ඒ සැදැහැය සිතට ඇතුළු වූයේ හටගත් මුල් ඇත්තේ පිහිටියේ, දිවි ඇතිතෙක් කිසිවෙකු විසිනුත් බැහැර ලිය නොහැකි ද වෙයි.
Pali BJT5. කායදුච්චරිතං හිත්වා වචීදුච්චරිතානි ච, මනොදුච්චරිතං හිත්වා යඤ්චඤ්ඤං දොසසඤ්හිතං.
Sinhala BJT5. කායදුශ්චරිතය ද වාග්දුශ්චරිතය ද මනෝදුශ්චරිතය ද හැරලා දෝෂසංහිත වූ වෙනත් අකුසල් ද හැරලා,
Pali BJT6. කායෙන කුසලං කත්වා වාචාය කුසලං බහුං, මනසා කුසලං කත්වා අප්පමාණං නිරූපධිං.
Sinhala BJT6. කයින් අප්‍රමාණ වූ උපධිරහිත වූ නොහොත් නිර්‍මල වූ කුසල් කොට වචනයෙන් බොහෝ කුසල් කොට සිතින් කුසල් කොට,
Pali BJT7. තතො ඔපධිකං පුඤ්ඤං කත්වා දානෙන තං බහුං, අඤ්ඤෙ’පි මච්චෙ සද්ධම්මෙ බ්රහ්මචරියෙ නිවෙසය.{1}
Sinhala BJT7. ඉක්බිති දානයෙන් උපධිසම්පත් ඇති කරන්නා වූ ඒ ඒ පින් බහුල වශයෙන් කොට අන්‍ය වූ ද මිනිසුන් ධර්‍මයෙහි ද බඹසරෙහි ද පිහිටු වව.’
Pali BJT8. ඉමාය අනුකම්පාය දෙවා දෙවං යදා විදූ, චවන්තං අනුමොදන්ති එහි දෙව පුනප්පුනන්ති.”
Sinhala BJT8. දෙවියෝ යම් කලෙක චුතවන්නාවූ දෙවියකු දකිත් නම් එකලැ මෙම අනුකම්පාවෙන් කියන ලද පරිදි දුක් පහකරණු කැමැත්තෙන් ‘දෙවිය’ නැවැත නැවැත මෙහි එව”යි සතුටු කරවත්”.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 4. 5.
Sinhala BJT3. 4. 5.
Pali BJT[බහුජනහිතසුත්තං]
Sinhala BJT[බහුජනහිත සූත්‍රය]
Pali BJT84. වුත්තං හෙතං භගවතා, වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT84. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තයො’මෙ (භික්ඛවෙ{1}) පුග්ගලා ලොකෙ උප්පජ්ජමානා උප්පජ්ජන්ති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙ තයො?
Sinhala BJT1. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනෙක් ලොවැ උපදනාහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදිත්. කවර තිදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. අයං භික්ඛවෙ පඨමො පුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTමහණෙනි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ (සුන්‍දරස්ථානයට පැමිණි හෙයින්) සුගත වූ ලෝකයන් දන්නා සුලු වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුන්ගේ ශාස්තෘ වූ චතුස්සත්‍යාවබෝධය කළා වූ භාග්‍යවත් වූ තථාගත තෙමේ මේ ලෝකයෙහි උපදී. උන්වහන්සේ මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරණ සේක. මහණෙනි, මේ පළමුවන පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
Pali BJTපුන චපර, භික්ඛවෙ තස්සෙව සත්ථුසාවකො අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. අයං භික්ඛවෙ දුතියො පුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTතව ද, මහණෙනි, ඒ ශාස්තෲන් වහන්සේගේ ම ශ්‍රාවක තෙමේ ක්‍ෂය කරණලද ආස්‍රව ඇත්තේ, වැස නිමවූ මගබඹසර ඇත්තේ, කොට නිමවන ලද සිවුමග කිස ඇත්තේ, බහා තබනලද කෙලෙස්බර ඇත්තේ, පැමිණි අර්‍හත්‍වය ඇත්තේ, ප්‍රහීණ වූ භවසංයෝජන ඇත්තේ, මනා කොට විශිෂ්ටඥානයෙන් දැන මිදුනේ රහත් වේ ද, හෙ තෙමේ ද මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරණ සේක. මහණෙනි, මේ දෙවෙනි පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
Pali BJTපුන චපරං භික්ඛවෙ තස්සෙව සත්ථුසාවකො සෙඛො හොති පටිපදො බහුස්සුතො සීලවතූපපන්නො. සො’පි ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. අයං භික්ඛවෙ තතියො පුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTතව ද මහණෙනි, ඒ ශාස්තෲන් වහන්සේගේ ම ශ්‍රාවක තෙමේ ශෛක්‍ෂප්‍රතිපත්ති ඇත්තේ බහුශ්‍රුත වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරාදි ශීලයෙන් හා ආරඤ්ඤිකාදි ධූතාඞ්ගයන්ගෙන් යුක්ත වූයේ ශෛක්‍ෂ පුද්ගලයෙක් වේ ද, හෙ තෙමේත් මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරයි. මහණෙනි, මේ තෙවෙනි පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සත්ථා හි ලොකෙ පඨමො මහෙසි තස්සන්වයො සාවකො භාවිතත්තො, අථාපරො පාටිපදො’පි සෙඛො බහුස්සුතො සීලවතූපපන්නො.
Sinhala BJT2. “ලෝකයෙහි මහර්ෂි වූ ශාස්තෲන් වහන්සේ (ප්‍රථම පුද්ගලයා යි) උන්වහන්සේගේ අනුජාත වූ වඩනා ලද ශීල සමාධි ප්‍රඥා ඇති ශ්‍රාවකයා රහත් පුගුලා (දෙවෙනි පුද්ගලයා) යි. නැවත අන්‍ය වු නොනිමි පිළිවෙත් කිස ඇති බහුශ්‍රුත වූ ශීලයෙන් හා ධූතාඞ්ගයන්ගෙන් යුක්ත වූ ශෛක්‍ෂපුද්ගල තෙමේ (තෙවැන්නා) යි.
Pali BJT3. එතෙ තයො දෙවමනුස්සසෙට්ඨා පභඞ්කරා ධම්මමුදීරයන්තා, අපාපුරන්ති අමතස්ස ද්වාරං යොගා පමොචෙන්ති බහුජ්ජනෙ තෙ.
Sinhala BJT3. මේ තිදෙනා දෙවිමිනිසුන් අතරැ ශ්‍රේෂ්ඨයහ. ධර්‍මලෝකය කරණ හෙයින් ප්‍රභාකරයහ. සිවුසස් දම් දෙසන හෙයින් ධර්‍මදේශකයහ. ඔවුහු නිවන්දොර (ආර්‍ය්‍යමාර්‍ගය) විවෘත කරත්. කාමාදි චතුර්යෝගයෙන් බොහෝ ජනයා මුදත්.
Pali BJT4. යෙ සත්ථවාහෙන අනුත්තරෙන සුදෙසිතං මග්ගමනුක්කමන්ති, ඉධෙව දුක්ඛස්ස කරොන්ති අන්තං, යෙ අප්පමත්තා සුගතස්ස සාසනෙ”ති.
Sinhala BJT4. යම් කෙනෙක් තුමූ නිරුත්තර වූ සාර්‍ත්‍ථවාහකයාණන් (බුදුරදුන්) විසින් මොනොවට දෙසන ලද ආර්‍ය්‍යමාර්‍ගය අනුව යෙත් ද, යම් කෙනෙක් තුමූ බුදුසසුන්හි අප්‍රමාද වූවාහු ද (ඔවුහු) මේ අත්බව්හි ම දුක් කෙළවර කරත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 4. 6.
Sinhala BJT3. 4. 6.
Pali BJT[අසුභානුපස්සීසුත්තං]
Sinhala BJT[අශුභානුදර්ශි සූත්‍රය]
Pali BJT85. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT85. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. අසුභානුපස්සී භික්ඛවෙ කායස්මිං විහරථ. ආනාපානසති ච වො අජ්ඣත්තං පරිමුඛං සූපට්ඨිතා හොතු. සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සිනො විහරථ. අසුභානුපස්සීනං භික්ඛවෙ කායස්මිං විහරතං යො සුභාය ධාතුයා රාගානුසයො සො පහීයති ආනාපානසතියා අජ්ඣත්තං පරිමුඛං සූපට්ඨිතාය යෙ බාහිරා විතක්කාසයා විඝාතපක්ඛිකා තෙ න හොන්ති. සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සීනං විහරතං යා අවිජ්ජා සා පහීයති, යා විජ්ජා සා උප්පජ්ජතී’ති.
Sinhala BJT1. මහණෙනි, කයෙහි අශුභාකාරය අනුව දක්නෝ ව වසවු. ආනාපානසතිය ද තොපගේ ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ කොට මොනොවට එළැඹ සිටියේ වේවා. සියලු සංස්කාරයන්හි අනිස්ලකුණ අනුව දක්නා සුලු වැ වසවු. මහණෙනි, කයෙහි අශුභය අනුව දක්නා සුලු වැ වසන්නහුට ශුභ අරමුණෙහි යම් කාමරාගානුශයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි. ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ ව (ආධ්‍යාත්ම අරමුණට යොමු වැ) ආනාපානසතිය මොනොවට එළැඹැ සිටි කල්හි දුඃඛපක්‍ෂයෙහි වූ යම් බාහිර විතර්‍කාශය (අප්‍රහීණ වූ ආශයානුගත වූ කාමවිතර්‍කාදි) කෙනෙක් වෙත් නම්, ඔහු නො වෙත්. සියලු සංස්කාරයන්හි අනිස් ලකුණ අනුව දක්නා සුලු ව වසන්නවුන්හට යම් අවිද්‍යාවෙක් වේ ද, එය පහ වෙයි. යම් විද්‍යාවෙක් (රහත්මඟනුවණෙක්) වේ ද, එය උපදී.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “අසුභානුපස්සී කායස්මිං ආනාපානෙ පතිස්සතො, සබ්බසඞ්ඛාරසමථං පස්සං ආතාපි සබ්බදා
Sinhala BJT2. “කයෙහි අශුභය අනුව දක්නා සුලු වූ, ආනාපානනිමිත්තෙහි එළැඹැ සිටි සිහි ඇති, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (නිවණ) දක්නා, හැම කල්හි අසුභානුපස්සනාදීන්හි යුක්තප්‍රයුක්ත (වෑයම් කරන්නා) වූ,
Pali BJT3. ස වෙ සම්මද්දසො භික්ඛු යතො තත්ථ විමුච්චති, අභිඤ්ඤාවොසිතො සන්තො ස වෙ යොගාතිගො මුනී”ති.
Sinhala BJT3. දුක් ඈ විසින් දහමුත් ඇති සැටියෙන් දක්නා ඒ මහණ තෙම ඒකාන්තයෙන් ඒ නිවන් අරමුණෙහි රහත්පල විමුක්තියෙන් ඒකාන්තයෙන් මිදෙයි. (ආස්‍රවක්‍ෂයකරඥාන සඞ්ඛ්‍යාත) අභිඥායෙන් අවසන් කළ (සත්‍යප්‍රතිවේධය සම්බන්‍ධ) කෘත්‍ය ඇති, ඒ මුනි තෙමේ ඒකාන්තයෙන් (කාමයොගාදි සියලු) යෝගයන් ඉක්මවූයේ වේ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
Sinhala BJTමේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
Pali BJT3. 4. 7.
Sinhala BJT3. 4. 7.
Pali BJT[ධම්මානුධම්මපටිපන්නසුත්තං]
Sinhala BJT[ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සූත්‍රය]
Pali BJT86. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT86. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. ධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛුනො අයමනුධම්මො හොති වෙය්යාකරණාය ධම්මානුධම්මපටිපන්නො’යන්ති. භාසමානො ධම්මඤ්ඤෙව භාසති නො අධම්මං. විතක්කයමානො වා ධම්මවිතක්කඤ්ඤෙව විතක්කෙති නො අධම්මවිතක්කං. තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරති සතො සම්පජානො’ති.
Sinhala BJT1. ධර්‍මානුධර්‍මප්‍රතිපන්න (නව ලොවුතුරා දහම් ලබනු සඳහා පූර්‍වභාග ප්‍රතිපත්තිධර්‍මය පිළිපන්) මහණහට මේ තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයැ යි කියනුවට{1} මේ යෝග්‍ය වූ ස්වභාවයෙක් වෙයි. හෙ තෙම කියනුයේ දශ කථාවස්තුධර්‍මය ම කියයි. (මහිච්ඡතාදිය වඩා ලන) අධර්‍ම කථාවක් නො කියයි. කල්පනා කරණුයේ ද (නෙක්ඛම්මවිතක්කාදි) ධර්‍මවිතර්‍කයක් ම කල්පනා කෙරෙයි. (කාමවිතර්‍කාදි) අධර්‍මවිතර්‍කයක් කල්පනා නො කෙරෙයි. ඒ දෙක ම හැර එහි උපේක්‍ෂක වැ වෙසේ නම්, (කමටහන් වඩනුයේ) සිහි ඇති වැ නුවණ ඇති ව වෙසෙයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “ධම්මාරාමො ධම්මරතො ධම්මං අනුවිචින්තයං, ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මා න පරිහායති.
Sinhala BJT2. “ධර්‍මය ආරාම කොට ඇති (ශමථවිදර්‍ශනා වැඩීමෙහි ලැගුනු) ධර්‍මයෙහි ඇලුනු, ඒ ධර්‍මය ම පුනපුනා සිතන, එය මතුමත්තෙහිත් වැඩීම් විසින් අනුස්මරණය කරණ මහණ තෙමේ (සත්තිස් බෝපැකිදහම් ද නවලොවුතුරා දහම් ද යන) සදහම් කෙරෙන් නො පිරිහේ.
Pali BJT3. චරං වා යදි වා තිට්ඨං නිසින්නො උද වා සයං, අජ්ඣත්තං සමයං චිත්තං සන්තිමෙවාධිගච්ඡතී”ති.
Sinhala BJT3. ඒ මහණ තෙම යන්නේ හෝ සිටිනුයේ හෝ හුන්නේ හෝ නැතහොත් වැදැ හෝනේ හෝ ආධ්‍යාත්මයෙහි (හෙවත් ආධ්‍යාත්මාලම්බනයෙහි) කෙලෙස් සංසිඳුවීම් විසින් සිත සංසිඳුවනුයේ අත්‍යන්තශාන්තිය ම (නිවණ ම) ලබයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
Pali BJT3. 4. 8.
Sinhala BJT3. 4. 8.
Pali BJT[අන්ධකරණසුත්තං]
Sinhala BJT[අන්‍ධකරණ සූත්‍රය]
Pali BJT87. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT87. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ අකුසලවිතක්කා අන්ධකරණා අචක්ඛුකරණා අඤ්ඤාණකරණා පඤ්ඤානිරොධිකා විඝාතපක්ඛිකා අනිබ්බානසංවත්තනිකා. කතමෙ තයො?
Sinhala BJT1. මහණෙනි, (යථාභූත දර්‍ශනය වැළැක්වීමෙන්) අන්‍ධයකු කරන්නාවූ නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ අකුශල විතර්‍කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
Pali BJTකාමවිතක්කො භික්ඛවෙ අන්ධකරණො අචක්ඛුකරණො අඤ්ඤාණකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො. ව්යාපාදවිතක්කො භික්ඛවෙ අන්ධකරණො අචක්ඛුකරණො අඤ්ඤාණකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො. විහිංසාවිතක්කො භික්ඛවෙ අන්ධකරණො අචක්ඛුකරණො අඤ්ඤාණකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො.
Sinhala BJTමහණෙනි, අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ කාමප්‍රතිසංයුක්ත විතර්‍කය; මහණෙනි, අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ ව්‍යාපාදප්‍රතිසංයුක්ත විතර්‍කය; අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ විහිංසාප්‍රතිසංයුක්ත විතර්‍කය යන මේ තිදෙනා ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ තයො අකුසලවිතක්කා අන්ධකරණා අචක්ඛුකරණා අඤ්ඤාණකරණා පඤ්ඤානිරොධිකා විඝාතපක්ඛිකා අනිබ්බානසංවත්තනිකා.
Sinhala BJTමහණෙනි, මේ අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නා වූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ තුන් අකුශල විතර්‍කයෝ වෙති.
Pali BJTතයො’මෙ භික්ඛවෙ කුසලවිතක්කා අනන්ධකරණා චක්ඛුකරණා ඤාණකරණා පඤ්ඤාවුද්ධිකා අවිඝාතපක්ඛිකා නිබ්බානසංවත්තනිකා. කතමෙ තයො?
Sinhala BJTමහණෙනි, මේ අන්‍ධයකු නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ කුශලවිතර්‍කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
Pali BJTනෙක්ඛම්මවිතක්කො භික්ඛවෙ අනන්ධකරණො චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො අබ්යාපාදවිතක්කො, භික්ඛවෙ අනන්ධකරණො චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො. අවිහිංසාවිතක්කො භික්ඛවෙ අනන්ධකරණො චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො.
Sinhala BJTමහණෙනි, අන්‍ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ, නෙක්ඛම්මපටිසංයුක්ත විතර්‍කය; අන්‍ධ නොකරන්නා වූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අව්‍යාපාද විතර්‍කය; අන්‍ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නා වූ, සුඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අවිහිංසා විතර්‍කය යන මේ තිදෙනා ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ තයො කුසලවිතක්කා අනන්ධකරණා චක්ඛුකරණා ඤාණකරණා පඤ්ඤාවුද්ධිකා අවිඝාතපක්ඛිකා නිබ්බානසංවත්තනිකා”ති.
Sinhala BJTමහණෙනි, මේ අන්‍ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ තුන් කුශල විතර්‍කයෝ වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “තයො විතක්කෙ කුසලෙ විතක්කයෙ තයො පන අකුසලෙ නිරාකරෙ, ස වෙ විතක්කානි විචාරිතානි සමෙති වුට්ඨීව රජං සමූහතං, ස වෙ විතක්කූපසමෙන චෙතසා ඉධෙව සො සන්තිපදං සමජ්ඣගා”ති.
Sinhala BJT2. “ත්‍රිවිධ කුශල විතර්‍කයන් මෙනෙහි කරන්නේ ය. ත්‍රිවිධ අකුශල විතර්‍කයන් බැහැර කරන්නේ ය. වැසි දිය පොළොවෙහි හාත්පසින් නැගුනාවූ දුවිල්ල සංසිඳුවන්නා සේ ඒ යෝගාවචර තෙමේ ඒකාන්තයෙන් මිථ්‍යාවිතර්‍කයන් ද ඒ හා යෙදුනු විචාරයන් ද සංසිඳුවයි. හෙ තෙම විතර්‍කයන් සංසිඳුවන්නාවූ ආර්‍ය්‍යමාර්‍ග චිත්තයෙන් ඉහාත්මයෙහි ම නිවණට මැනැවින් පැමිණියේ වෙයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මේ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 4. 9.
Sinhala BJT3. 4. 9.
Pali BJT[අන්තරාමලසුත්තං]
Sinhala BJT[අන්තරාමල සූත්‍රය]
Pali BJT88. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT88. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ අන්තරාමලා අන්තරාඅමිත්තා අන්තරාසපත්තා අන්තරාවධකා අන්තරාපච්චත්ථිකා. කතමෙ තයො?
Sinhala BJT1. මහණෙනි, සිතෙහි හටගත් මලයෝ (කෙලෙස්) වූ සිතෙහි උපන් අමිත්‍රයෝ වූ සිතෙහි හටගත් සතුරෝ වූ සිතෙහි හටගත් වධකයෝ වූ සිතෙහි උපන් පසමිතුරෝ වූ මේ ධර්‍මයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්:
Pali BJTලොභො භික්ඛවෙ අන්තරාමලො අන්තරාඅමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො. දොසො භික්ඛවෙ අන්තරාමලො අන්තරාඅමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො. මොහො භික්ඛවෙ අන්තරාමලො අන්තරාඅමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො.
Sinhala BJTමහණෙනි, ලෝභය තෙම සිතෙහි හටගත් මලයෙකි. (කිලුටෙකි). සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, මෝහය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ තයො අන්තරාමලා අන්තරාඅමිත්තා අන්තරාසපත්තා අන්තරාවධකා අන්තරාපච්චත්ථිකා’ති.
Sinhala BJTමහණෙනි, මේ තිදෙනා සිතෙහි හටගත් මලයෝ, සිතෙහි උපන් අමිත්‍රයෝ, සිතෙහි උපන් සතුරෝ, සිතෙහි උපන් වධකයෝ, සිතෙහි උපන් පසමිතුරෝ වෙත්.