Pali BJTතං ඛො පනාහං භික්ඛවෙ නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි.
Sinhala BJTමහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
Pali BJTදිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
Sinhala BJTමහණෙනි, කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ, ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ, මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටිහේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු ය.
Pali BJTඅපි ච භික්ඛවෙ යදෙව සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙවාහං වදාමි.
Sinhala BJTයලි දු මහණෙනි, යමක් තමා විසින් ම නුවණින් අවබෝධ කරණ ලද ද, තමා විසින් ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද, එය ම මම කියමි.
Pali BJTදිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා’ති.
Sinhala BJTමහණෙනි, කායවාග්මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු වෙති.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “මිච්ඡා මනං පනිධාය මිච්ඡා වාචං ච භාසිය,{1} මිච්ඡා කම්මානි කත්වාන කායෙන ඉධ පුග්ගලො.
Sinhala BJT2. “මෙ ලොව පුඟුල් තෙම සිත වැරැදි ලෙස පිහිටුවා, වැරැදි බස් තෙපලා, කයින් වැරැදි ක්‍රියා කොට,
Pali BJT3. අප්පස්සුතො’පුඤ්ඤකරො අප්පස්මිං ඉධ ජීවිතෙ, කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජතී”ති.
Sinhala BJT3. මේ මිනිස් ලොවැ ජීවත් වන සුළු කාලය තුළ ඇසු පිරූ තැන් නැති අකුසල් කරණ, නුවණ නැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 2. 2.
Sinhala BJT3. 2. 2.
Pali BJT[සම්මාදිට්ඨිකම්මසමාදාන සුත්තං]
Sinhala BJT[සම්‍යග්දෘෂ්ටි කර්‍මසමාදාන සූත්‍රය]
Pali BJT71. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT71. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. දිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා.
Sinhala BJT1. මහණෙනි, කායසුචරිතයෙන් යුක්ත වූ වාක්සුචරිතයෙන් යුක්ත වූ මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්‍යග්දෘෂ්ටිකවූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියෝ වෙති.
Pali BJTතං ඛො පනාහං භික්ඛවෙ නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි.
Sinhala BJTමහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
Pali BJTදිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායසුචරිතෙන සමන්නාගතා, වචීසුචරිතෙන සමන්නාගතා, මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා.
Sinhala BJTමහණෙනි, කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියාහු වෙති.
Pali BJTඅපි ච භික්ඛවෙ යදෙව සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙවාහං වදාමි.
Sinhala BJTයලිදු මහණෙනි, යමක් තමා ම (නුවණින්) අවබෝධ කරණ ලද ද, තමා ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද එය ම මම කියමි.
Pali BJTදිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති.
Sinhala BJTමහණෙනි, කාය වාග් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට බොරුවෙන් චෝදනා නොකරණ සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු යැ යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සම්මා මනං පණිධාය සම්මාවාචං ච භාසිය,{1} සම්මා කම්මානි කත්වාන කායෙන ඉධ පුග්ගලො
Sinhala BJT2. “මෙ ලොව පුඟුල් තෙම සිත මනා ලෙස පිහිටුවා යහපත් වචන කථා කොට කයින් හොඳ වැඩ කොට,
Pali BJT3. බහුස්සුතො පුඤ්ඤකරො අප්පස්මිං ඉධ ජීවිතෙ, කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජතී”ති.
Sinhala BJT3. මේ මිනිස් ලොව ජීවත් වන සුළු කාලය තුළ ඇසූ පිරූ තැන් ඇති කුසල් කරණ, නුවණැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) පැමිණේ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 3. 3.
Sinhala BJT3. 3. 3.
Pali BJT[නිස්සරණීය සුත්තං]
Sinhala BJT[නිඃශරණිය සූත්‍රය]
Pali BJT72. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT72. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තිස්සො ඉමා භික්ඛවෙ නිස්සරණියා ධාතුයො. කතමා තිස්සො? කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං. රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං. යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං, නිරොධො තස්ස නිස්සරණං. ඉමා ඛො භික්ඛවෙ තිස්සො නිස්සරණීයා ධාතුයො’ති.
Sinhala BJT1. මහණෙනි, නිශ්ශරණ (නික්මීම) ප්‍රතිසංයුක්ත වූ ධර්‍මයෝ තිදෙනෙත් වෙත්. කවර තිදෙනෙක් ද යත්: යම් මේ ප්‍රථමද්ධ්‍යානයෙක් වේ ද, මෙය කාමයන්ගේ නිඃශ්ශරණය යි (හෙවත් නික්මීම යි) යම් මේ අරූපාවචර ධ්‍යානයෙක් වේ ද, මෙය රූපයන්ගේ නිශ්ශරණය යි. (හේතු ප්‍රත්‍යයයෙන්) හටගත් එයින් ම රැස් කරණ ලද හේතු ප්‍රත්‍යයයෙන් උපන් යම් කිසිවක්, වේ ද, ඒ ධර්‍මයාගේ නිශ්ශරණය (පහවීම) නිරෝධය ය (නිවණ ය.) මහණෙනි, මේ නිශ්ශරණීය ස්වභාවයෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කාමනිස්සරණං ඤත්වා රූපානඤ්ච අතික්කමං සබ්බසඞ්ඛාරසමථං ඵුසං ආතාපි සබ්බදා.
Sinhala BJT2. “හැම කල්හි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති, කාමනිශ්ශරණය ද, රූපයන්ගේ අතික්‍රමය ද (අතික්‍රමොපායය ද) දැන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (යැ යි කියන ලද නිර්‍වාණය) ස්පර්‍ශ කරන්නාවූ,
Pali BJT3. ස වෙ සම්මද්දසො භික්ඛු යතො තත්ථ විමුච්චති අභිඤ්ඤා වොසිතො සන්තො ස වෙ යොගාතිගො මුනී”ති.
Sinhala BJT3. ඒ මහණ තෙම ඒකාන්තයෙන් සම්‍යග්දර්ශී නම් වෙයි. යම් හෙයකින් ඒ කාමයන්ගේ නිශ්ශරණයෙහි මිදේ ද (එ හෙයිනි.) විශිෂ්ට ඥානයෙන් දැන නිමවන ලද කෘත්‍ය ඇති ඒ රහත් මහණ තෙමේ කාමාදි චතුර්යොගයන් ඉක්මවූයේ නම් වෙයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 3. 4.
Sinhala BJT3. 3. 4.
Pali BJT[සන්තතර සුත්තං]
Sinhala BJT[ශාන්තතර සූත්‍රය]
Pali BJT73. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT73. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
Pali BJT1. රූපෙහි භික්ඛවෙ අරූපා සන්තතරා. අරූපෙහි නිරොධො සන්තතරො”ති.
Sinhala BJT1. මහණෙනි, අරූපාවචර ධර්‍මයෝ රූපාවචර ධර්‍මයනට වඩා ශාන්ත වෙත්. නිවණ අරූපාවචර ධර්‍මයනට වඩා ශාන්ත වෙයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙ ච රූපූපගා සත්තා යෙ ච ආරුප්පඨායිනො{1} නිරොධං අප්පජානන්තා, ආගන්තාරො පුනබ්භවං.
Sinhala BJT2. “රූපභවයට උත්පත්ති වශයෙන් පැමිණි යම් සත්ත්‍ව කෙනෙක් වෙද්ද, අරූපභවයෙහි උපන් යම්, සත්ත්‍ව කෙනෙකුන් වෙද්ද, නිවණ නොදන්නාවූ (ඔවුහු) පුනරුත්පත්තියට (නැවත ඉපැත්මට) පැමිණෙන්නෝ වෙත්.
Pali BJT3. යෙ ච රූපෙ පරිඤ්ඤාය අරූපෙසු අසණ්ඨිතා, නිරොධෙ යෙ විමුච්චන්ති තෙ ජනා මච්චුහායිනො.
Sinhala BJT3. යම් සත්ත්‍ව කෙනෙක් රූපධර්‍මයන් පිරිසිඳ දැන අරූපධර්‍මයෙහි නො පිහිටියාහු, නිරෝධයෙහි (=නිර්‍වාණය අරමුණු කොට) කෙලෙසුන් කෙරෙන් මිදෙත් ද, ඒ ක්‍ෂීණාස්‍රවයෝ මරණය ඉක්මියෝ වෙත්.
Pali BJT4. කායෙන අමතං ධාතුං ඵුසයිත්වා නිරූපධිං, උපධිප්පටිනිස්සග්ගං සච්ඡිකත්වා අනාසවො, දෙසෙති සම්මාසම්බුද්ධො අසොකං විරජං පදන්ති.”
Sinhala BJT4. ආස්‍රව රහිත වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ උපධිරහිත වූ නිර්‍වාණය (නාම) කයින් ස්පර්‍ශ කොට උපධීන්ගේ බැහැර ලීමේ කාරණය ප්‍රත්‍යක්‍ෂ කොට ශෝක රහිත වූ කෙලෙස් රජස් රහිත වූ නිර්‍වාණ පදය දෙසන සේක.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
Pali BJT3. 3. 5.
Sinhala BJT3. 3. 5.
Pali BJT[පුත්තසුත්තං]
Sinhala BJT[පුත්‍ර සූත්‍රය]
Pali BJT74. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT74. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ පුත්තා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? අතිජාතො අනුජාතො අවජාතො’ති.
Sinhala BJT1. මහණෙනි, මේ ලෝකයෙහි පුත්‍රයෝ තිදෙනෙක් ඇත්තාහු විද්‍යාමාන වන්නාහු වෙත්. කවර තිදෙනෙක් ද යත්: අතිජාතය ය, අනුජාතය ය, අවජාතය ය (යන තිදෙන යි.)
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුත්තො අතිජාතො හොති? ඉධ භික්ඛවෙ පුත්තස්ස මාතාපිතරො හොන්ති න බුද්ධං සරණං ගතා, න ධම්මං සරණං ගතා, න සඞ්ඝං සරණං ගතා. පාණාතිපාතා අප්පටිවිරතා, අදින්නාදානා අප්පටිවිරතා, කාමෙසු මිච්ඡාචාරා අප්පටිවිරතා, මුසාවාදා අප්පටිවිරතා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතා, දුස්සීලා පාපධම්මා. පුත්තො ච නෙසං හොති, බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො. පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො, සීලවා කල්යාණධම්මො. එවං ඛො භික්ඛවෙ පුත්තො අතිජාතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුත්‍ර තෙම අතිජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්‍රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ නොගියාහු, දහම් සරණ නොගියාහු, සඟුන් සරණ නොගියාහු වෙත් ද, ප්‍රාණඝාතයෙන් නොවැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් නොවැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුනාහු, බොරු කීමෙන් නොවැළකුනාහු, මදයට ප්‍රමාදයට කරුණු වු රහමෙර පානයෙන් නොවැළකුනාහු, සිල් නැත්තාහු, ලාමක ධර්‍ම ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්‍ර තෙම බුදුන් සරණ කොට ගියේ, දහම් සරණ කොට ගියේ, සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්‍ම ඇත්තේ වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්‍ර තෙම අතිජාත නම් වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුත්තො අනුජාතො හොති? ඉධ භික්ඛවෙ පුත්තස්ස මාතාපිතරො හොන්ති බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා. පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා, සීලවන්තො කල්යාණධම්මා. පුත්තො ච නෙසං හොති බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො. පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො, සීලවා කල්යාණධම්මො. එවං ඛො භික්ඛවෙ පුත්තො අනුජාතො හොති.
Sinhala BJTමහණෙනි, පුත්‍ර තෙම කෙසේ නම් අනුජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්‍රයකුගේ මව්පිය දෙදෙන බුදුන් සරණ කොට ගියාහු, දහම් සරණ කොට ගියාහු, සඟුන් සරණ කොට ගියාහු , ප්‍රාණඝාතයෙන් වැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් වැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාහු, බොරු කීමෙන් වැළකුනාහු, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු, කලණ දහම් ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්‍ර තෙමේ ද බුදුන් දහම් සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්‍ම ඇත්තේ (සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත) වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්‍ර තෙම අනුජාත නම් වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුත්තො අවජාතො හොති? ඉධ භික්ඛවෙ පුත්තස්ස මාතාපිතරො හොන්ති බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා. පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා, සීලවන්තො කල්යාණධම්මා. පුත්තො ච නෙසං හොති න බුද්ධං සරණං ගතො, න ධම්මං සරණං ගතො, න සඞ්ඝං සරණං ගතො. පාණාතිපාතා අප්පටිවිරතො, අදින්නාදානා අප්පටිවිරතො, කාමෙසු මිච්ඡාචාරා අප්පටිවිරතො, මුසාවාදා අප්පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතො, දුස්සීලො පාපධම්මො. එවං ඛො භික්ඛවෙ පුත්තො අවජාතො හොති. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුත්තා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුත්‍ර තෙමේ අවජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්‍රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ ගියාහු, දහම් සරණ ගියාහු, සඟුන් සරණ ගියාහු වෙත් ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු කලණදහම් ඇත්තාහු වෙත් ද, එහෙත් ඔවුන්ගේ පුත්‍ර තෙමේ බුදුන් සරණ දහම් සරණ සඟුන් සරණ නො ගියේ වේ ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් නොවැළැකුනේ වේ ද, සිල් නැත්තේ, ලාමකධර්‍ම (හීනාචාර) ඇත්තේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍ර තෙමේ අවජාත නම් වේ. මහණෙනි, මේ පුත්‍රයෝ තිදෙන ලෝකයෙහි ඇත්තාහු විද්‍යාමාන වන්නාහු වෙත් යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා, අවජාතං න ඉච්ඡන්ති යො හොති කුලගන්ධනො.
Sinhala BJT2. “නුවණැත්තෝ අතිජාත පුත්‍රයා ද, අනුජාත පුත්‍රයා ද කැමැති වෙත්. යම් පුත්‍රයෙක් කුලය වනසන්නේ වේ ද (ඒ) අවජාත පුත්‍රයා නො කැමැති වෙත්.
Pali BJT3. එතෙ ඛො පුත්තා ලොකස්මිං යෙ භවන්ති උපාසකා, සද්ධා සීලෙන සම්පන්නා වදඤ්ඤූ වීතමච්ඡරා, චන්දො අබ්භඝනා මුත්තො පරිසාසු විරොචරෙ”ති.
Sinhala BJT3. මොහු ම (මේ අතිජාතාදි තිදෙන) ලෝකයෙහි පුත්‍රයෝ නම් වෙති. යම් පුත්‍ර කෙනෙක් උපාසක වෙත් ද, ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් යුක්තයෝ (යාචකයන්ගේ) වදන් දන්නාහු, පහවූ මසුරුමල ඇත්තාහු වෙත් ද, (ඔවුහු ම) ඝන වලාකුළින් මිදුනු චන්‍ද්‍රයා මෙන් පිරිස් අතැරැ බබලත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 3. 6.
Sinhala BJT3. 3. 6.
Pali BJT[වුට්ඨිසුත්තං]
Sinhala BJT[වෘෂ්ටි සූත්‍රය]
Pali BJT75. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT75. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? අවුට්ඨිකසමො පදෙසවස්සී සබ්බත්ථාභිවස්සී.
Sinhala BJT1. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනෙක් ලෝකයෙහි ඇත්තාහ විද්‍යාමානයහ. කවර තිදෙනෙක් ද යත්: අවුට්ඨිකසම (නොවස්නා වැසිවලාවක් වැනි) පුද්ගලයා ද, ප්‍රදේශවර්ෂී (පෙදෙසකට වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද, සර්‍වත්‍රවර්ෂී (හැමතැන්හි වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද යන තිදෙන යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අවුට්ඨිකසමො හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සබ්බෙසඤ්ඤෙව න දාතා හොති, සමණබ්රාහ්මණකපණද්ධික වණිබ්බක යාචකානං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථ පදීපෙය්යං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අවුට්ඨිකසමො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම පුද්ගල තෙමේ අවුට්ඨිකසම වේ ද? මහණෙනි, මේ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන (වණිබ්බක) යදි යන මේ සියල්ලන්ට ම ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් වසන ප්‍රදීප උපකරණ (යන මේ කිසිවක්) නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි අවුට්ඨිකසම වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පදෙසවස්සී හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො එකච්චානං දාතා හොති, එකච්චානං න දාතා හොති සමණබ්රාහ්මණකපණද්ධික වණිබ්බක යාචකානං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථ පදීපෙය්යං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පදෙසවස්සී හොති.
Sinhala BJTමහණෙනි, පුද්ගල තෙමේ කෙසේ නම් ප්‍රදේශවර්ෂී වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන මොවුන් අතුරෙන් ඇතැම් කෙනෙකුන්හට ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් ආවාස ප්‍රදීපෝපකරණ යන මේ දෑ දෙන්නේ වේ ද, ඇතැම් කෙනකුන්හට නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ ප්‍රදේශවර්ෂී නම් වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සබ්බත්ථාභිවස්සී හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සබ්බෙසඤ්ච දෙති සමණබ්රාහ්මණ කපණද්ධිකවණිබ්බක යාචකානං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථ පදීපෙය්යං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සබ්බත්ථාභිවස්සී හොති. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල තෙමේ සර්‍වත්‍රවර්ෂී වේ ද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන සියල්ලන්ට ම ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සයනාසන ආවාස ප්‍රදීපෝපකරණ යන සියල්ල දෙයි ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි සර්‍වත්‍රවර්ෂී නම් වේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි ඇත්තාහ. විද්‍යාමානයහ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙසේ මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “න සමණෙ න බ්රාහ්මණෙ න කපණද්ධිකවණිබ්බකෙ, ලද්ධාන සංවිභජති අන්නං පානඤ්ච භොජනං තං වෙ අවුට්ඨිකසමො’ති, ආහු නං පුරිසාධමං.
Sinhala BJT2. “(යම් පුද්ගලයෙක්) මහණ බමුණු දුගී මගී පුලනු යදි (යන මොවුන්) ලැබ ආහාරපානභෝජනයන් මනා කොට බෙදා නො දෙයි ද, (ඒ තද මසුරු) නිහීන පුද්ගලයා ඒකාන්තයෙන් අවුට්ඨිකසම (නොවස්නා වැසිවලාව වැනි) යයි (පණ්ඩිතයෝ) කියත්.
Pali BJT3. එකච්චානං න දදාති එකච්චානං පවෙච්ඡති, තං වෙ පදෙසවස්සීති ආහු මෙධාවිනො ජනා.
Sinhala BJT3. ඇතැම් කෙනකුන්හට නො දේ ද, ඇතැම් කෙනකුන්හට දේ ද, ඔහු ඒකාන්තයෙන් ප්‍රදේශවර්ෂී යයි නුවණැත්තෝ කියත්.
Pali BJT4. සුභික්ඛවාචො පුරිසො සබ්බභූතානුකම්පකො, ආමොදමානො පකිරෙති දෙථ දෙථාති භාසති.
Sinhala BJT4. (සුලභ ආහාර ඇති බැවින්) සුභික්‍ෂ වචන ඇති, සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති, පුද්ගල තෙමේ තුටුපහටු සිත් ඇත්තේ (ප්‍රතිගාහක ක්‍ෂේත්‍රයෙහි) (දේයධර්‍මය) වගුරුවා ද, ‘දෙවු දෙවූ’ යැ යි කියා ද,
Pali BJT5. යථාපි මෙඝො ථනයිත්වා ගජ්ජයිත්වා පවස්සති, ථලං නින්නඤ්ච පූරෙති අභිසන්දන්තො’ව වාරිනා.
Sinhala BJT5. යම්සේ වනාහි මේඝය කුදු මහත් ගර්‍ජනා කොට වසී ද, ජලගැල්මෙන් උස්පහත් තැන් පුරවා ද,
Pali BJT6. එවමෙව ඉධෙකච්චො පුග්ගලො හොති තාදිසො ධම්මෙන සංහරිත්වාන උට්ඨානාධිගතං ධනං තප්පෙති අන්නපානෙන සම්මා පත්තෙ වණිබ්බකෙති.”
Sinhala BJT6. එ පරිද්දෙන් මේ ලොව්හි එබඳුවූ ඇතැම් පුද්ගලයෙක් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද ධනය දහමින් රැස් කොට ගෙණ තමා වෙත පැමිණි යාචකයන් සතප්වයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 3. 7.
Sinhala BJT3. 3. 7.
Pali BJT[සුඛපත්ථනාසුත්තං]
Sinhala BJT[සුඛප්‍රාර්‍ත්‍ථනා සූත්‍රය]
Pali BJT76. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT76. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තීණිමානි භික්ඛවෙ සුඛානි පත්ථයමානො සීලං රක්ඛෙය්ය පණ්ඩිතො. කතමානි තීණි? ‘පසංසා මෙ ආගච්ඡතූ’ති සීලං රක්ඛෙය්ය පණ්ඩිතො, භොගා මෙ උප්පජ්ජන්තූ’ති සීලං රක්ඛෙය්ය පණ්ඩිතො, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති සීලං රක්ඛෙය්ය පණ්ඩිතො. ඉමානි ඛො භික්ඛවෙ තීණි සුඛානි පත්ථයමානො සීලං රක්ඛෙය්ය පණ්ඩිතො’ති.
Sinhala BJT1. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැති පුරුෂ තෙමේ සිල් රක්නේ ය. කවර කරුණු තුණක් ද යත්: මට ප්‍රශංසාව ලැබේවා යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘මට වස්තූහු උපදිත්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදිම්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැත්තේ සිල් රක්නේ ය.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සීලං රක්ඛෙය්ය මෙධාවී පත්ථයානො තයො සුඛෙ, පසංසං විත්තලාභඤ්ච පෙච්ච සග්ගෙ පමොදනං.
Sinhala BJT2. “නුවණැත්තේ ප්‍රශංසාව ද, වස්තුලාභය ද, පරලොවැ ස්වර්‍ගයෙහි සතුටු වීම ද (යන) සැප තුණ පතමින් සිල් රක්නේ ය.
Pali BJT3. අකරොන්තො’පි චෙ පාපං කරොන්තමුපසෙවති, සඞ්කියො හොති පාපස්මිං අවණ්ණො චස්ස රූහති.
Sinhala BJT3. ඉදින් හේ පව් නො කරන්නේ නුමුදු පව් කරන්නකු සෙව්නේ නම්, (සෙස්සන් විසින්) හේ පාපයෙහි සැක කටයුත්තේ වෙයි. ඔහුට අගුණ ද නැගෙයි. (පැතිරේ.)
Pali BJT4. යාදිසං කුරුතෙ මිත්තං යාදිසං චූපසෙවති, ස වෙ තාදිසකො හොති සහවාසො’පි තාදිසො.
Sinhala BJT4. යමෙක් යම් බඳු පුද්ගලයෙකු මිත්‍රයකු කෙරේ ද, යමකුත් සෙව්නේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් එබඳු ම වේ. ඔහු හා සහවාසය ද එබඳු ම වේ.
Pali BJT5. සෙවමානො සෙවමාන, සම්ඵුට්ඨො සම්ඵුසං පරං, සරො දිද්ධො කලාපං’ව, අලිත්තමුපලිම්පති, උපලෙපභයා ධීරො නෙව පාපසඛා සියා.
Sinhala BJT5. (කලින් කල තමන්) සේවනය කරණ (පියෙවින් පිරිසිදු) පුද්ගලයෙකු සේවනය කරණ (පාප) පුද්ගල තෙමේ ( ඒ පිරිසිදු පුද්ගලයා විසින් සංසර්‍ගවශයෙන්) නිති පහස්නා ලද්දේ, (තෙමේ ද) අන්‍යයා (ඒ පිරිසිදු පුද්ගලයා එසේම) නිති පහස්නේ විෂ පොවන ලද හීය (විෂ නොපෙවූ සෙසු) හී සමූහය (විෂයෙන්) ආලිප්ත කරන්නාක් මෙන් ඒ පිරිසිදු පුද්ගලයා පාපයෙන් තවරයි. (එ හෙයින්) නුවණැත්තේ පවින් තැවැරෙණුවට බියෙන් පාපමිත්‍රයන් ඇත්තේ නොවන්නේ ය.
Pali BJT6. පූතිමච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති, කුසා’පි පූතී වායන්ති එවං බාලූපසෙවනා.
Sinhala BJT6. යම් පුරුෂයෙක් කුණු මස් කුස තණයෙන් වෙළා ද (ඔතා ද), ඒ කුසතෘණයෝ ද දුගඳ විහිදුවත්. බාලජන සේවනය මෙ බඳු ය.
Pali BJT7. තගරඤ්ච පලාසෙන යො නරො උපනය්හති, පත්තා’පි සුරභි වායන්ති එවං ධීරූපසෙවනා.
Sinhala BJT7. යම් මිනිසෙක් තුවරලා නම් සුගන්‍ධ ද්‍රව්‍යය කොළයෙකින් වෙළා ද, ඒ කොළ ද සුවඳ විහිදුවයි. පණ්ඩිතජන සේවනය ද එබඳු ය.
Pali BJT8. තස්මා පත්තපුටස්සෙව ඤත්වා සම්පාකමත්තනො, අසන්තෙ නොපසෙවෙය්ය සන්තෙ සෙවෙය්ය පණ්ඩිතො, අසන්තො නිරයං නෙන්ති සන්තො පාපෙන්ති සුග්ගති”න්ති.
Sinhala BJT8. එ හෙයින් නුවණැත්තේ පත්‍රපුටයාගේ (දුර්‍ගන්‍ධ-සුගන්‍ධභාවයෙන්) තමා පිළිබඳ (අසත්පුරුෂ-සත්පුරුෂ සංසර්‍ග) ඵලය දැන අසත්පුරුෂ සේවනය නො කරන්නේ ය. සත්පුරුෂයන්ම සේවනය කරන්නේ ය. අසත්පුරුෂයෝ නිරයට පමුණුවත්. සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 3. 8.
Sinhala BJT3. 3. 8.
Pali BJT[භිදුරසුත්තං]
Sinhala BJT[භිදුර සූත්‍රය]
Pali BJT77. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT77. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. භිදුරායං භික්ඛවෙ කායො විඤ්ඤාණං විරාගධම්මං සබ්බෙ උපධී අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති.
Sinhala BJT1. මහණෙනි, මේ සිරුර බිඳෙන සුලු ය. විඤ්ඤාණය (ත්‍රෛභූමකකුශලාදි චිත්තය) නැසෙන සුලු ය. සියලු උපධීහු අනිත්‍යයහ. දුඃඛයහ පෙරළෙන ස්වභාව ඇත්තාහු ය.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කායං ච භිදුරං{1} ඤත්වා විඤ්ඤාණං ච පභඞ්ගුරං{2} උපධීසු භයං දිස්වා ජාතිමරණමච්චගා{3} සම්පත්වා පරමං සන්තිං කාලං කඞ්ඛති භාවිතත්තො’ති.”
Sinhala BJT2. “සිරුර බිඳෙන සුලු ය යි ද, සිතත් බිඳෙන සුලු ය යි ද දැන උපධීන්හි බිය දැක ඉපදීම හා මරණය ඉක්මියේ ය. (රහත්වූයේ ය.) උතුම්වූ ශාන්තියට (නිර්‍වාණයට) පැමිණ භාවනා වශයෙන් වඩනා ලද අත්බව් (ශීලසමාධිප්‍රඥා) ඇත්තේ තමාගේ පරිනිර්‍වාණ කාලය බලාපොරොත්තු වෙයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 3. 9.
Sinhala BJT3. 3. 9.
Pali BJT[ධාතුසංසන්දන සුත්තං]
Sinhala BJT[ධාතුසංස්‍යන්‍දන සූත්‍රය]
Pali BJT78. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT78. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. “ධාතුසො භික්ඛවෙ සත්තා සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කල්යාණාධිමුත්තිකා සත්තා කල්යාණාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJT1. මහණෙනි, ධාතුවශයෙන් අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. එක් සිත් ඇති ව සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා එක් වෙත්. ඔවුනොවුන් භජනය කරත්. කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා එක් වෙත්. භජනය කරත්.
Pali BJTඅතීතම්පි භික්ඛවෙ අද්ධානං ධාතුසො සත්තා සත්තෙහි සද්ධිං සංසන්දිංසු, සමිංසු. හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු කල්යාණාධිමුත්තිකා සත්තා කල්යාණාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු.
Sinhala BJTමහණෙනි, ඉකුත් කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වූහ. සමාගමයට පැමිණියහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා ද එක් වූහ. සමාගමයට පැමිණියහ.
Pali BJTඅනාගතම්පි භික්ඛවෙ අද්ධානං ධාතුසො සත්තා සත්තෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති. හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමිස්සන්ති. කල්යාණාධිමුත්තිකා සත්තා කල්යාණාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමිස්සන්ති.
Sinhala BJTමහණෙනි, මතු කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ.
Pali BJTඑතරහි’පි භික්ඛවෙ පච්චුප්පනං අද්ධානං ධාතුසො’ව සත්තා සත්තෙහි සද්ධිං සංසන්දන්ති, සමෙන්ති. හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති, කල්යාණාධිමුත්තිකා සත්තා කල්යාණාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දන්ති, සමෙන්තී’ති.
Sinhala BJTමහණෙනි, මෙ කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වෙත්. සමාගමයට පැමිණෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සංසග්ගා වනථො ජාතො අසංසග්ගෙන ඡිජ්ජති, පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ.
Sinhala BJT2. “(සහවාසාදි වශයෙන්) සමායෝගයෙන් උපන් කෙලෙස් අසමායොගයෙන් (පාපසේවන ප්‍රතික්‍ෂෙපයෙන් ද සමුච්ඡේද විවේකයෙන් ද) ප්‍රහීණ වේ. දැවමුවා කුඩා පසුරක් නැග මහසයුරෙහි යනුයේ යම්සේ ගිලා බස්නේ ද,
Pali BJT3. එවං කුසීතමාගම්ම සාධුජීවීපි සීදති, තස්මා තං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං.
Sinhala BJT3. එමෙන් ම කුසීත පුද්ගලයා හා සමාගමයට පැමිණීමෙන් ආජීවයෙන් හා ශීලයෙන් යහපත් වූ සාධුජීවී පුද්ගල තෙමේ ද සසර සයුරෙහි ගිලා බසී. එහෙයින් කුසීත වූ වීර්‍ය්‍ය නැති ඔහු දුරු කරන්නේ ය.
Pali BJT4. පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිභි, නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සහා වසෙ’ති.”
Sinhala BJT4. කායවිවේකාදියෙන් ප්‍රකර්‍ෂවිවේක ඇති, දුරු කරන ලද කෙලෙස් ඇති නිවණ කරා මෙහෙයූ සිත් ඇති, වඩන ලද ධ්‍යාන ඇති, සැම කල්හි පටන් ගත් වීර්‍ය්‍ය ඇති නුවණැත්තේ හා එක් වැ වසන්නේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 3. 10.
Sinhala BJT3. 3. 10.
Pali BJT[පරිහාන සුත්තං]
Sinhala BJT[පරිහාණ සූත්‍රය]
Pali BJT79. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT79. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ තයො? ඉධ භික්ඛවෙ සෙඛො භික්ඛු කම්මාරාමො හොති කම්මරතො කම්මාරාමතමනුයුත්තො, භස්සාරාමො හොති භස්සරතො භස්සාරාමතමනුයුත්තො, නිද්දාරාමො හොති නිද්දාරතො නිද්දාරාමතමනුයුත්තො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
Sinhala BJT1. මහණෙනි, මේ ධර්‍මයෝ තිදෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්. කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි සේඛ මහණ තෙමේ කර්‍මාන්තයන්හි ඇලුනේ, කර්‍මාන්තයන්හි නිරත වූයේ කර්‍මාන්තාභිරතියෙහි යෙදුනේ, කථායෙහි ඇලුනේ, කථා මාර්‍ගයෙහි නිරත වූයේ කථාභිරතියෙහි යෙදුනේ, නිදීමෙහි ඇලුනේ, නිදීමෙහි නිරත වූයේ, නිද්‍රාභිරතියෙහි යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්‍මයෝ තිදෙන ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.
Pali BJTතයො’මෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ තයො? ඉධ භික්ඛවෙ සෙඛො භික්ඛු න කම්මාරාමො හොති න කම්මරතො න කම්මාරාමතමනුයුත්තො, න භස්සාරාමො හොති න භස්සරතො න භස්සාරාමතමනුයුත්තො න නිද්දාරාමො හොති න නිද්දාරතො න නිද්දාරාමතමනුයුත්තො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවත්නා මේ ධර්‍මයෝ තිදෙනෙක් වෙත්, කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ කර්‍මාන්තයන්හි නො ඇලුනේ; කර්‍මාන්තයන්හි නිරත නො වූයේ, කර්‍මාන්තාභිරතියෙහි නො යෙදුනේ, කථායෙහි නො ඇලුනේ, කථායෙහි නිරත නො වූයේ, කථාභිරතියෙහි නො යෙදුනේ, නිදීමෙහි නො ඇලුනේ, නිදීමෙහි නිරත නො වූයේ, නිද්‍රාභිරතියෙහි නො යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්‍මයෝ තුන් දෙන ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙසේ මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.