Pali BJT3. 1. 10.
Sinhala BJT3. 1. 10.
Pali BJT[මාරධෙය්යසුත්තං]
Sinhala BJT[මාරධෙය්‍ය සූත්‍රය]
Pali BJT59. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT59. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අතික්කම්ම මාරධෙය්යං ආදිච්චො’ව විරොචති. කතමෙහි තීහි? ඉධ භික්ඛවෙ භික්ඛු අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති.
Sinhala BJT1. මහණෙනි, ධර්‍මත්‍රයයකින් යුක්ත වූ මහණ තෙමේ මාරධෙය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමක වෘත්තය ඉක්මවා හිරු මෙන් බබලයි. කවර ධර්‍මත්‍රයයකින් ද යත්: මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් යුක්ත වේ ද, අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් යුක්ත වේ ද, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වේ ද,
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අතික්කම්ම මාරධෙය්යං ආදිච්චො’ව විරොචතී’ති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මත්‍රයයෙන් යුක්ත වූ මහණ තෙමේ මාරධෙය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමික වෘත්තය (සසර) ඉක්මවා හිරු මෙන් බබලයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සීලං සමාධි පඤ්ඤා ච යස්ස එතෙ සුභාවිතා අතික්කම්ම මාරධෙය්යං ආදිච්චො’ව විරොචතී”ති.
Sinhala BJT2. “යමකු විසින් මේ ශීලසමාධිප්‍රඥාවෝ මනා කොට වඩන ලද්දාහු ද (ඒ පුද්ගල තෙමේ) මාරයාගේ විෂයය වූ ත්‍රෛභූමකවෘත්තය (සසර දුක්) ඉක්මවා හිරු මෙන් බබලයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJTවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන වර්‍ගය යි.
Pali BJTතස්සුද්දාන:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමූල ධාතු අථ වෙදනා දුවෙ එසනා ච දුවෙ ආසවා දුවෙ තණ්හාතො ච අථ මාරධෙය්යතො වග්ගමාහු පඨමන්ති මුත්තමං.
Sinhala BJTඅකුසලමූලය, ධාතුය, වේදනා දෙක ය, ඒසනා දෙක ය, ආසව දෙක ය, තණ්හාය, මාරධෙය්‍ය යයි මේ උතුම් පළමු වන වර්‍ගය කීහු.
Pali BJTදුතියවග්ගො
Sinhala BJTදුතිය වර්‍ගය
Pali BJT3. 2. 1.
Sinhala BJT3. 2. 1.
Pali BJT[පුඤ්ඤකිරියවත්ථු සුත්තං]
Sinhala BJT[පුණ්‍යක්‍රියාවස්තු සූත්‍රය]
Pali BJT60. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT60. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තීණිමානි භික්ඛවෙ පුඤ්ඤකිරියවත්ථූනි. කතමානි තීණි? දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු. ඉමානි ඛො භික්ඛවෙ තීණි පුඤ්ඤකිරියවත්ථූනී’ති.
Sinhala BJT1. මහණෙනි, මේ පුණ්‍යක්‍රියාවස්තූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: දාන, ශීල, භාවනා ය. මහණෙනි, මේ පුණ්‍යක්‍රියාවස්තූහු තිදෙනයහ.
Pali BJTඑතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “පුඤ්ඤමෙව සො සික්ඛෙය්ය ආයතග්ගං සුඛුද්රයං දානඤ්ච සමචරියඤ්ච මෙත්තචිත්තඤ්ච භාවයෙ.
Sinhala BJT2. “තමහට වැඩ කැමැති යම් කුලපුත්‍රයෙක් වේ නම් හේ මතු උතුම් සැප විපාක ඇති තුන් පින්කිරියවත්හි හික්මෙන්නේ ය. දානය ද, සම හැසිරීම ද, මෛත්‍රීසහගත සිත ද වඩන්නේ ය.
Pali BJT3. එතෙ ධම්මෙ භාවයිත්වා තයො සුඛසමුද්දයෙ අබ්යාපජ්ඣං සුඛං ලොකං පණ්ඩිතො උපපජ්ජතී”ති.
Sinhala BJT3. සැප අනුසස් ඇති මේ (කුශල) ධර්‍ම තුන වඩා නුවණැත්තේ නිදුක් වූ සැප ඇති බඹලොව උපදී.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 2. 2.
Sinhala BJT3. 2. 2.
Pali BJT[චක්ඛුසුත්තං]
Sinhala BJT[චක්‍ෂුස් සූත්‍රය]
Pali BJT61. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT61. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය.
Pali BJT1. තීණිමානි භික්ඛවෙ චක්ඛූනි. කතමානි තීණි? මංසචක්ඛු, දිබ්බචක්ඛු, පඤ්ඤාචක්ඛූ’ති. ඉමානි ඛො භික්ඛවෙ තීණි චක්ඛූනී’ති.
Sinhala BJT1. මහණෙනි, චක්‍ෂූස්හු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: මසැ ස, දිවැස, පැණැස ය. මහණෙනි, මේ චක්‍ෂූස්හු තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “මංසචක්ඛු දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු අනුත්තරං එතානි තීණි චක්ඛූනි අක්ඛාසි පුරිසුත්තමො.
Sinhala BJT2. “පුරුෂෝත්තම වූ බුදුරදහු මසැස දිවැස නිරුත්තර වූ පැණැස (යන) තෙ ඇස වදාළහ.
Pali BJT3. මංසචක්ඛුස්ස උප්පාදො මග්ගො දිබ්බස්ස චක්ඛුනො යතො ඤාණං උදපාදි පඤ්ඤාචක්ඛු අනුත්තරං යස්ස චක්ඛුස්ස පටිලාභා සබ්බදුක්ඛා පමුච්චතී”ති.
Sinhala BJT3. මසැසෙහි පැවැත්ම (ඉපැත්ම) දිවැසට කාරණ යි. යම් විටෙක නිරුත්තර ප්‍රඥාචක්‍ෂුස වූ ආස්‍රවක්‍ෂය ඥානය පහළ වී ද, ඒ ඇස ලැබීමෙන් සියලු දුකින් මිදේ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ අරුත ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 2. 3.
Sinhala BJT3. 2. 3.
Pali BJT[ඉන්ද්රියසුත්තං]
Sinhala BJT[ඉන්‍ද්‍රිය සූත්‍රය]
Pali BJT62. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT62. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තීණිමානි භික්ඛවෙ ඉන්ද්රියානි. කතමානි තීණි? අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, අඤ්ඤින්ද්රියං, අඤ්ඤාතාවින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ තීණි ඉන්ද්රියානී’ති.
Sinhala BJT1. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය (සෝවාන් මග නුවණ), අඤ්ඤින්‍ද්‍රිය (සෝවාන් පෙලෙහි පටන් සතැනක පවත්නා නුවණ), අඤ්ඤාතාවින්‍ද්‍රිය (රහත්පල නුවණ) යි. මහණෙනි, මේ ඉන්‍ද්‍රියෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සෙඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො, ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා.
Sinhala BJT2. “පිළිවෙළින් ආර්‍ය්‍ය මාර්‍ගය උපදවන්නා වූ, ත්‍රිවිධ ශික්‍ෂා වඩන්නා වූ සේඛපුද්ගලයාහට පළමු කොට රහත්මග නුවණ උපදී. ඉක්බිති එයට අනතුරුව ම රහත්පල නුවණ ලැබෙයි.
Pali BJT3. තතො අඤ්ඤා විමුත්තස්ස ඤාණං වෙ හොති තාදිනො, අකුප්පා මෙ විමුත්තීති භවසසඤ්ඤොජනක්ඛයා.
Sinhala BJT3. නොහොත් සමථවිදර්‍ශනා වශයෙන් පැවති පූර්‍වාභාග මාර්‍ගයට පිළිපන්නා වූ ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මෙන තාදී වූ සේඛපුද්ගලයාහට සෝතාපත්ති මාර්‍ගයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය පහළ වෙයි. එයට අනතුරුව අඤ්ඤින්‍ද්‍රිය උපදී. භවසඤ්ඤෝජනයන් ක්‍ෂය කිරීම නිසා මාගේ විමුක්තිය අකෝප්‍ය වේ යැ යි ඒ අඤ්ඤින්‍ද්‍රියට පසුව ප්‍රත්‍යවේක්‍ෂාඥානය උපදී.
Pali BJT4. ස වෙ ඉන්ද්රියසම්පන්නො සන්තො සන්තිපදෙ රතො, ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනි”න්ති.
Sinhala BJT4. (යථෝක්ත ත්‍රිවිධ) ඉන්‍ද්‍රියයෙන් සමන්‍විත වූ ශාන්ත වූ නිවණෙහි ඇලුනාවූ ඒ පුද්ගල තෙමේ සේනා සහිත මරු දිනා පශ්චිම දේහය දරයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 2. 4.
Sinhala BJT3. 2. 4.
Pali BJT[අද්ධාසුත්තං]
Sinhala BJT[අධ්ව සූත්‍රය]
Pali BJT63. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT63. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. “තයො’මෙ භික්ඛවෙ අද්ධා. කතමෙ තයො? අතීතො අද්ධා, අනාගතො අද්ධා, පච්චුප්පන්නො අද්ධා. ඉමෙ ඛො භික්ඛවෙ තයො අද්ධා’ති.
Sinhala BJT1. මහණෙනි, මේ කාලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: අතීත කාලය, අනාගත කාලය, වර්‍තමාන කාලය යි. මහණෙනි, මේ කාලයෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “අක්ඛෙය්යසඤ්ඤිනො සත්තා අක්ඛෙය්යස්මිං පතිට්ඨිතා, අක්ඛෙය්යං අපරිඤ්ඤාය යොගමායන්ති මච්චුනො.
Sinhala BJT2. “සත්ත්‍වයෝ අක්ඛෙය්‍ය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන්හි සත්ත්‍වපුද්ගලාදි සංඥා ඇත්තාහු පඤ්චස්කන්‍ධයෙහි පිහිටියාහු පඤ්චස්කන්‍ධය පිරිසිඳ නොදැන මරුවසයට පැමිණෙත්.
Pali BJT3. අක්ඛෙය්යඤ්ච පරිඤ්ඤාය අක්ඛාතාරං න මඤ්ඤති, ඵුට්ඨො විමොක්ඛො මනසා සන්තිපදමනුත්තරං.
Sinhala BJT3. පඤ්චස්කන්‍ධය පිරිසිඳ දැන (තිස්ස ඵුස්ස යන ආදි නම් ගොත් වශයෙන්) කියයුත්තකු නොහඟී. (යම් හෙයකින්) විමෝක්‍ෂා සඞ්ඛ්‍යාත නිරුත්තර නිර්‍වාණපදය සිතින් ස්පර්‍ශ කරණ ලද ද, එහෙයිනි.
Pali BJT4. ස වෙ අක්ඛෙය්යසම්පන්නො සන්තො සන්තිපදෙ රතො, සඞ්ඛාය සෙවී ධම්මට්ඨො සඞ්ඛ්යං නොපෙති වෙදගූ”ති.
Sinhala BJT4. පඤ්චස්කන්‍ධය පිරිසිඳ දන්නා වූ ශාන්තවූ නිවණෙහි ඇලුනාවූ, ප්‍රත්‍යවේක්‍ෂා කොට සිවුපසය සෙවුනා සුලුවූ, අසේඛ ධර්‍මයන්හි නොහොත් නිර්‍වාණ ධර්‍මයෙහි පිහිටි චතුස්සත්‍යයෙහි පරතෙරට ගියා වූ ඒ පුද්ගල තෙමේ (දෙවි මිනිස් ආදී) සඞ්ඛ්‍යාවට නො පැමිණෙයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 2. 5.
Sinhala BJT3. 2. 5.
Pali BJT[දුච්චරිත සුත්තං]
Sinhala BJT[දුශ්චරිත සූත්‍රය]
Pali BJT64. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT64. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තීණිමානි භික්ඛවෙ දුච්චරිතානි. කතමානි තීණි? කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං. ඉමානි ඛො භික්ඛවෙ තීණි දුච්චරිතානී”ති.
Sinhala BJT1. මහණෙනි, මේ දුශ්චරිතයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය යි. මහණෙනි, මේ දුශ්චරිතයෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙ’තං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) ද මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කායදුච්චරිතං කත්වා වචීදුච්චරිතානි ච, මනොදුච්චරිතං කත්වා යඤ්චඤ්ඤං දොසසඤ්හිතං.
Sinhala BJT2. “ඒ දුෂ්ප්‍රාඥවූ පුද්ගල තෙමේ කායදුශ්චරිත ද, වාග්දුශ්චරිත ද, මනෝදුශ්චරිත ද කොට රාගාදි කෙලෙසුන් සහිත වෙනත් අකුසල් ද කොට -
Pali BJT3. අකත්වා කුසලං කම්මං කත්වානාකුසලං බහුං, කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො’පපජ්ජතී”ති.{1}
Sinhala BJT3. කුශලකර්‍ම නොකොට බොහෝ අකුශලකර්‍ම කොට ශරීරයාගේ භේදයෙන් නරකයට පැමිණේ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 2. 6.
Sinhala BJT3. 2. 6.
Pali BJT[සුචරිතසුත්තං]
Sinhala BJT[සුචරිත සූත්‍රය]
Pali BJT65. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතාති මෙ සුතං –
Sinhala BJT65. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තීණිමානි භික්ඛවෙ සුචරිතානි. කතමානි තීණි? කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං. ඉමානි ඛො භික්ඛවෙ තීණි සුචරිතානී”ති.
Sinhala BJT1. මහණෙනි, මේ සුචරිතයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායසුචරිතය, වාග්සුචරිතය, මනස්සුචරිතය යි. මහණෙනි, මේ සුචරිතයෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ද) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කායදුච්චරිතං හිත්වා වචීදුච්චරිතානි ච, මනොදුච්චරිතං හිත්වා යඤ්චඤ්ඤං දොසසංහිතං.
Sinhala BJT2. “ඒ සප්‍රාඥ වූ පුද්ගල තෙමේ කායදුශ්චරිතය ද, වාග්දුශ්චරිතය ද, මනෝදුශ්චරිතය ද හැර රාගාදි කෙලෙසුන් සහිත වෙනත් අකුසල් ද හැර -
Pali BJT3. අකත්වා’කුසලං කම්මං කත්වාන කුසලං බහුං කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජතී”ති.
Sinhala BJT3. අකුශලකර්‍ම නොකොට බොහෝ කුසල් කොට ශරීරයාගේ භේදයෙන් ස්වර්‍ගයට ද පැමිණේ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 2. 7.
Sinhala BJT3. 2. 7.
Pali BJT[සොචෙය්ය සුත්තං]
Sinhala BJT[සෞචෙය සූත්‍රය]
Pali BJT66. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT66. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තීණිමානි භික්ඛවෙ සොචෙය්යානි. කතමානි තීණි? කායසොචෙය්යං, වචීසොචෙය්යං, මනොසොචෙය්යං. ඉමානි ඛො භික්ඛවෙ තීණි සොචෙය්යානීති.
Sinhala BJT1. මහණෙනි, සුචි (පිරිසිදු) භාවයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායද්වාරයේ පිරිසිදු බව, වාග්ද්වාරයෙහි පිරිසිදු බව, මනෝද්වාරයේ පිරිසිදු බව ය. මහණෙනි, මේ පිරිසිදුබව් තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙ’තං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කායසුචිං{1} වාචාසුචිං චෙතොසුචිමනාසවං, සුචිං සොචෙය්යසම්පන්නං ආහු සබ්බප්පහායින”න්ති.
Sinhala BJT2. “ආස්‍රව රහිත වූ කායසුචි, (කායසුචරිත) වාක්සුචි, මනස්සුචි යැ යි පිරිසිදුබව්හු තිදෙනෙකි. මේ පිරිසිදු බැවින් යුත් පිරිසිදු තැනැත්තහු සියලු පව් කිලිටු දුරැලන්නහු කොට ආර්‍ය්‍යෝ කියත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 2. 8.
Sinhala BJT3. 2. 8.
Pali BJT[මොනෙය්ය සුත්තං]
Sinhala BJT[මෞනෙය සූත්‍රය]
Pali BJT67. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT67. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. තීණි’මානි භික්ඛවෙ මොනෙය්යානි. කතමානි තීණි? කායමොනෙය්යං, වචීමොනෙය්යං, මනොමොනෙය්යං. ඉමානි ඛො භික්ඛවෙ තීණි මොනෙය්යානීති.
Sinhala BJT1. මහණෙනි, මුනිභාවයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ මේ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායමෝනෙය්‍ය ය, වචීමොනෙය්‍ය ය, මනෝමෝනෙය්‍ය යි. මහණෙනි, මේ මොනෙය්‍යයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙ’තං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ද) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කායමුනිං{2} වාචාමුනිං, මනොමුනිමනාසවං, මුනිං මොනෙය්යසම්පන්නං ආහු නින්හාතපාපක’න්ති.”
Sinhala BJT2. “ආස්‍රව රහිත වූ කායමෝනෙය්‍ය ය, වචීමොනෙය්‍ය ය, මනෝමෝනෙය්‍යය යන මෞනෙයයෙන් (මුනිගුණයෙන්) සමන‍්‍විත ඒ මුනිහු සෝදාහළ පව් ඇත්තාහු කොට ආර්‍ය්‍යයෝ කියත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT3. 2. 9.
Sinhala BJT3. 2. 9.
Pali BJT[පඨමරාගසුත්තං]
Sinhala BJT[ප්‍රථම රාග සූත්‍රය]
Pali BJT68. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT68. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. යස්ස කස්සචි භික්ඛවෙ රාගො අප්පහීනො, දොසො අප්පහීනො මොහො අප්පහීනො, අයං වුච්චති භික්ඛවෙ බද්ධො{3} මාරස්ස, පමුක්කස්ස මාරපාසො යථාකාමකරණීයො ච පාපිමතො.
Sinhala BJT1. මහණෙනි, යම් කිසිවකුගේ රාගය ප්‍රහීණ නොවී ද, ද්වේෂය ප්‍රහීණ නො වී ද, මෝහය ප්‍රහීණ නො වී ද, මහණෙනි, මේ තෙමේ කෙලෙස් මරු විසින් බඳනා ලද්දේ යැ යි මොහු විසින් මාරපාසය (සිත් සතන්හි) ලා ගන්නා ලද්දේ වන්නේ යැ යි පවිටු (මර) හු විසින් කැමැති පරිදි කළ හැක්කෙක් ද වේ යැ යි කියනු ලැබේ.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ රාගො පහීනො දොසො පහීනො මොහො පහීනො, අයං වුච්චති භික්ඛවෙ අබද්ධො{1} මාරස්ස ඔමුක්කස්ස මාරපාසො. න යථාකාමකරණීයො පාපිමතො’ති.
Sinhala BJTමහණෙනි, යම් කිසිවකුගේ රාගය ප්‍රහීණ වී ද, ද්වේෂය ප්‍රහීණ වී ද, මෝහය ප්‍රහීණ වී ද, මහණෙනි, මේ තෙමේ කෙලෙස් මරු විසින් නොබඳනා ලද්දේ ය. මොහු විසින් මාරපාසය ඉවත් කරණ ලද්දේ ය, පවිටු (මර) හු විසින් කැමැති පරිදි කළ හැක්කෙක් වේ යැ යි කියනු ලැබේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති.
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යස්ස රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා: තං භාවිතත්තඤ්ඤතරං බ්රහ්මභූතං තථාගතං බුද්ධං වෙරභයාතීතං ආහු සබ්බප්පහායින”න්ති.
Sinhala BJT2. “යමකු විසින් රාගයත් ද්වේෂයත් මෝහයත් නිරුද්ධ කරණ ලද්දාහු ද, භාවිතාත්මයන් (රහතුන්) අතුරෙන් එක්තරා කෙනෙක් වූ, බ්‍රහ්මභූතවූ (ශ්‍රේෂ්ඨ රහත් ඵලයට පැමිණි), තථාගත (අන් රහතුන් සේ පිළිපන්නා) වූ, බුදු වු (සිවුසස් පිළිවිදි) වෛරය ද භය ද ඉක්මැවූ ඒ පුද්ගලයා සියල්ල දුරු කළ කෙනෙකුන් කොට (බුද්ධාදි) ආර්‍ය්‍යයෝ කියත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 2. 10.
Sinhala BJT3. 2. 10.
Pali BJT[දුතියරාගසුත්තං]
Sinhala BJT[දෙවෙනි රාග සූත්‍රය]
Pali BJT69. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT69. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා රාගො අප්පහීනො දොසො අප්පහීනො මොහො අප්පහීනො. අයං වුච්චති භික්ඛවෙ න අතරි සමුද්දං සඌමිං සවීචිං සාවට්ටං සගහං සරක්ඛසං.
Sinhala BJT1. මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය ප්‍රහීණ නොවී ද, ද්වේෂය ප්‍රහීණ නො වී ද, මෝහය ප්‍රහීණ නො වී ද, මහණෙනි, මෙ තෙමේ (කෝධුපායාස සඞ්ඛ්‍යාත) ලොකු කුඩා රළ සහිත වූ (පස්කම් නමැති) දියසුළි සහිත වූ (මස්කැසුබු දියරකුස් වැනි) විසභාග පුද්ගලයන් සහිත වූ සංසාර සමුද්‍රය (නොහොත් චක්‍ෂුරාදි ආයතන සමුද්‍ර ය) තරණය නො කෙළේ යැ යි කියනු ලැබේ.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා රාගො පහීනො දොසො පහීනො මොහො පහීනො, අයං වුච්චති භික්ඛවෙ අතරි සමුද්දං සඌමිං සවීචිං සාවට්ටං සගහං සරක්ඛසං, තිණ්ණො පාරගතො, ථලෙ තිට්ඨති බ්රාහ්මණො’ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය ප්‍රහීණ වී ද, ද්වේෂය ප්‍රහීණ වී ද, මෝහය ප්‍රහීණ වී ද, මහණෙනි, මෙ තෙමේ (කෝධුපායාස සඞ්ඛ්‍යාත) ලොකු කුඩා රළ සහිත වූ (පස්කම් නමැති) දියසුළි සහිත වූ (මස් කැසුබු දිය රකුස් වැනි) විසභාග පුද්ගලයන් සහිත වූ සංසාර සමුද්‍රය (නොහොත් චක්‍ෂුරාදි ආයතන සමුද්‍රය) තරණය කෙළේ යැ යි කියනු ලැබේ. බ්‍රාහ්මණ නම් වූ ඒ (ක්‍ෂීණාස්‍රව) තෙමේ එතෙර වූයේ පරතෙරට ගියේ (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ගොඩබිමැ සිටී යැ යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යස්ස රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා සො’මං සමුද්දං සගහං සරක්ඛසං සඌමිභයං දුත්තරමච්චතාරි සඞ්ගාතිගො මච්චුජහො නිරූපධි පහාසි දුක්ඛං අපුනබ්භවාය, අත්ථං ගතො සො න පමාණමෙ’ති, අමොහයී මච්චුරාජන්ති බ්රූමී”ති.
Sinhala BJT2. “යමකු විසින් රාග ද්වේෂ මෝහ නිරුද්ධ කරණ ලද්දාහු ද, හෙ තෙමේ විසභාග පුද්ගලයන් සහිත වූ (කෝධූපායාස සඞ්ඛ්‍යාත) රළබිය සහිත වූ තරණයට දුෂ්කර වූ සසර සයුර තරණය කෙළේ යි (රාගාදි පඤ්චවිධ) සඞ්ගයන් ඉක්ම වූ කෙලෙස් මරු දුරු කළ උපධි රහිත වූ දුරු කෙළේ නැවැත ඉපැදීමට නො ඒ යැ යි රාගාදීන් ඉක්මැ වූයේ යැ යි, (එහෙයින් ම) ප්‍රමාණයට නො ඒ යැ යි (එහෙයින් ම) මරු මුළා කෙළේ යැ යි කියමි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJTදුතියො වග්ගො.
Sinhala BJTදෙවන වගයි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපුඤ්ඤං චක්ඛු අථ ඉන්ද්රියානි අද්ධා ච චරිතං දුවෙ සොචි මුනො අථ රාගදුවෙ පුන වග්ගමාහු දුතියමුත්තමන්ති.
Sinhala BJTපුඤ්ඤ, චක්ඛු, නැවත ඉන්‍ද්‍රිය, අද්ධ, චරිය දෙක, සොචෙය්‍ය, මෝනෙය්‍ය, නැවත රාග දෙකැ යි උතුම් දෙවැනි වර්‍ගය කීහු.
Pali BJTතතියවග්ගො
Sinhala BJTතෙවෙනි වර්‍ගය
Pali BJT3. 3. 1.
Sinhala BJT3. 3. 1.
Pali BJT[මිච්ඡාදිට්ඨිකම්මසමාදානසුත්තං.]
Sinhala BJT[මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන සූත්‍රය]
Pali BJT70. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT70. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. දිට්ඨා මයා භික්ඛවෙ සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
Sinhala BJT1. මහණෙනි, කායදුශ්චරිතයෙන් යුක්ත වූ වාග්දුශ්චරිතයෙන් යුක්ත වූ මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපදින්නාහු ය.