Itivuttaka

Thus It Was Said

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 1102

SegmentPali BJTSinhala BJT
Pali BJT2. 2. 11.
Sinhala BJT2. 2. 11.
Pali BJT[ආපායික සුත්තං]
Sinhala BJT[ආපායික සූත්‍රය]
Pali BJT48. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT48. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. ද්වෙමෙ භික්ඛවෙ ආපායිකා නෙරයිකා ඉදමප්පහාය, කතමෙ ද්වෙ? යො ච අබ්රහ්මචාරී බ්රහ්මචාරිපටිඤ්ඤො, යො ච පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්තං අමූලකෙන අබ්රහ්මචරියෙන අනුද්ධංසෙති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ආපායිකා නෙරයිකා ඉදමප්පහායාති.
Sinhala BJT1. මහණෙනි, මේ (කියනු ලබන දෙවැදෑරුම් පාපසමාචාර) අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: යමෙක් බ්‍රහ්මචාරී නොවූයේ බ්‍රහ්මචාරී වෙමි යි ප්‍රතිඥා කෙරේ ද, යමෙකුත් පිරිසිදු බඹසර හැසිරෙන්නහුට අමූලික ග්‍රාමධර්‍මයෙන් දැන දැන චෝදනා කෙරේ ද, මහණෙනි, මෙය අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. අභූතවාදී නිරයං උපෙති යො වාපි කත්වා න කරොමි චාහ, උභොපි තෙ පෙච්ච සමා භවන්ති නිහීනකම්මා මනුජා පරත්ථ.
Sinhala BJT2. බොරු කියන සුලු පුද්ගල තෙමේ ද, යලි පව්කම් කොට මම නො කෙළෙමි යි කියන පුද්ගල තෙමේ ද නරකයට පැමිණෙති. ලාමක ක්‍රියා ඇති ඒ මිනිස් දෙදෙනා ම මෙයින් සැව ගොස් පරලොවදී සමාන ගති ඇත්තෝ වෙත්.
Pali BJT3. කාසාවකණ්ඨා බහවො පාපධම්මා අසඤ්ඤතා, පාපා පාපෙහි කම්මෙහි නිරයං තෙ උපපජ්ජරෙ.
Sinhala BJT3. කාෂාචකණ්ඨ (කසාවතකින් කර වෙළාගත්) පවිටුගති ඇති, හොඳ හැසුරුමක් නැති පවිටු පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ (තමන් කළ) පව්කම් හේතුවෙන් නරකයෙහි උපදිත්.
Pali BJT4. සෙය්යො අයොගුළො භුත්තො තත්තො අග්ගිසිඛූපමො, යඤ්චෙ භුඤ්ජෙය්ය දුස්සීලො රට්ඨපිණ්ඩං අසඤ්ඤතො’ති.
Sinhala BJT4. කායවාක්සංයම නැති දුශ්ශීලයෙක් යම් හෙයකින් රටවැසියා දුන් අහර වළඳන්නේ වේ ද, ඔහු විසින් රත්කළ ගිනිසිළක් බඳු වූ ලෝගුළියක් වළඳන ලද්දේ එයට වඩා උතුම් වේ.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භගවත් බුදුරදුන් විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT2. 2. 12.
Sinhala BJT2. 2. 12.
Pali BJT[දිට්ඨිගතසුත්තං]
Sinhala BJT[දෘෂ්ටිගත සූත්‍රය]
Pali BJT49. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT49. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.
Pali BJT1. ද්වීහි භික්ඛවෙ දිට්ඨිගතෙහි පරියුට්ඨිතා දෙවමනුස්සා ඔලීයන්ති එකෙ. අතිධාවන්ති එකෙ. චක්ඛුමන්තො ච පස්සන්ති.
Sinhala BJT1. මහණෙනි, දෘෂ්ටි ද්වයකින් (මිථ්‍යාදර්‍ශන දෙකෙකින්) මඬනා ලද ඇතැම් දෙවි මිනිස් කෙනෙක් (ලෝකය ශාශ්වත යයි භවයෙයි) ඇලෙත්. ඇතැම් දෙව්මිනිස් කෙනෙක් (ආත්මයත් ලෝකයත් මරණින් මතු නැතැ යි උච්ඡේද වශයෙන් ගෙණ ධර්‍මතා) ඉක්මවා දුවත්. නුවණැස් ඇත්තෝ වනාහි (මෙ කී අන්ත දෙකටම නො පැමිණ අවිපරීත වශයෙන් ඇතිසැටියෙන්) දකිත්.
Pali BJT2. කථඤ්ච භික්ඛවෙ ඔලීයන්ති එකෙ?
Sinhala BJT2. මහණෙනි, ඇතැම් දෙවි මිනිස් කෙනෙක් කෙසේ නම් භවයෙහි ඇලෙද්ද?
Pali BJTභවාරාමා භික්ඛවෙ දෙවමනුස්සා භවරතා භවසම්මුදිතා. තෙසං භවනිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්දති න පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. එවං ඛො භික්ඛවෙ ඔලීයන්ති එකෙ.
Sinhala BJTමහණෙනි, දෙව්මිනිස්සු භවයෙහි ඇලුනාහු, භවයෙහි නිරත වූවාහු, භවයෙහි මැනැවින් සතුටු වූවාහු වෙත් ද, ඔවුන්ට භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි සිත එහි බැස නො ගණී, නො පහදියි, නො පිහිටයි, නිමාවට නො පැමිණෙයි. මහණෙනි, මෙසේ ඇතැම් කෙනෙක් භවයෙහි ඇලෙත්.
Pali BJT3. කථඤ්ච භික්ඛවෙ අතිධාවන්ති එකෙ?
Sinhala BJT3. මහණෙනි, ඇතැම් කෙනෙක් කෙසේ නම් ඉක්මවා දුවත් ද?
Pali BJTභවෙනෙව ඛො පනෙකෙ අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා විභවං අභිනන්දන්ති ‘යතො කිර භො අයං අත්තා{1} කායස්ස භෙදා පරම්මරණා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා. එතං සන්තං එතං පණීතං එතං යථාවන්ති{2}. එවං ඛො භික්ඛවෙ අතිධාවන්ති එකෙ.
Sinhala BJTඇතැමෙක් භවයෙන් ම පෙළනු ලබන්නාහු, ලජ්ජිත වන්නාහු, පිළිකුල් කරන්නාහු උච්ඡේදයෙහි සතුටු වෙත් (කෙසේ ද යත්:) ‘පින්වත්නි, යම් හෙයකින් මේ ආත්මය කාබුන් මරණින් මතු සිඳේ ද, නැසේ ද, මරණින් මතු නො වේ ද, ඒ නොවීම ම ශාන්ත ය, එහෙයින් ම ප්‍රණීතය, එහෙයින් ම අවිපරීතය, (ඇතිසැටිය) කියා යි. මහණෙනි, මෙසේ ඇතැමෙක් ඉක්මවා දුවත්.
Pali BJT4. කථඤ්ච භික්ඛවෙ චක්ඛුමන්තො පස්සන්ති?
Sinhala BJT4. මහණෙනි, නුවණැස් ඇත්තෝ කෙසේ නම් දකිත් ද?
Pali BJTඉධ භික්ඛු භූතං භූතතො පස්සති, භූතං භූතතො දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ චක්ඛුමන්තො ච පස්සන්තීති.
Sinhala BJTමේ සසුන්හි මහණ තෙමේ පඤ්චස්කන්‍ධය පඤ්චස්කන්‍ධ වශයෙන් දකී ද, පඤ්චස්කන්‍ධය පඤ්චස්කන්‍ධ වශයෙන් දැක එහි කළකිරීම, නො ඇලීම, නැති කිරීම පිණිස පිළිපන්නේ වේ ද, මහණෙනි, මෙසේ නුවණැස් ඇත්තෝ (ඇතිසැටියෙන්) දකිත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ:
Pali BJT5. යෙ{3} භූතං භූතතො දිස්වා භූතස්ස ච අතික්කමා{4} යථාභූතෙ විමුච්චන්ති භවතණ්හාපරික්ඛයා.
Sinhala BJT5. “යම් කෙනෙක් පඤ්චස්කන්‍ධය පඤ්චස්කන්‍ධ වශයෙන් (මාර්‍ගඥානයෙන්) දැක පඤ්චස්කන්‍ධය ඉක්මවීමෙන් (භාවනාභිසමයයෙන්) භවතෘෂ්ණාව හාත්පසින් සිඳ ලීමෙන් අවිපරීත සත්‍යය යි කියන ලද නිවණෙහි (ප්‍රත්‍යක්‍ෂයෙන්) අධිමෝක්‍ෂයට පැමිණෙත් ද,
Pali BJT6. ස වෙ{5} භූතපරිඤ්ඤො සො{6} වීතතණ්හො භවාභවෙ භූතස්ස විභවා භික්ඛු නාගච්ඡති පුනබ්භව”න්ති.
Sinhala BJT6. පඤ්චස්කන්‍ධය පිරිසිඳ දත්තා වූ කුදු මහත් භවයන්හි පහ වූ තෘෂ්ණා ඇති, ඒ මහණ තෙමේ පඤ්චස්කන්‍ධයාගේ උත්පාද නිරෝධයෙන් යලි ඉපැද්මට නොපැමිණෙයි.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJTවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි වර්‍ගයයි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ ඉන්ද්රියා ද්වෙ තපනීයා සීලෙන අපරෙ දුවෙ අනොත්තප්පී කුහනා ද්වෙ ච සංවෙජනීයෙන තෙ දස විතක්කා දෙසනා විජ්ජා පඤ්ඤා ධම්මෙන පඤ්චමං අජාතං ධාතු සල්ලානං සික්ඛා ජාගරියෙන ච අපාය දිට්ඨියා චෙව බාවීසති පකාසිතා’ති.
Sinhala BJTඉන්‍ද්‍රිය දෙක, තපනීය දෙක, ශීල දෙක, අනොත්තප්පීය, ජනකුහන දෙක, සංවේජනීය යන සූත්‍ර දහය ද, විතක්කය-දේශනා දෙක, අවිජ්ජාය, පස්වැනි වූ පඤ්ඤාය, අජාතය, නිබ්බානධාතුය, පටිසල්ලානය, සික්ඛාය, ජාගරිය, ආපායිකය, දිට්ඨිගතය යන සූත්‍ර සියල්ල දෙවිස්සකැ යි ප්‍රකාශ කරණ ලදී.
Pali BJTදුකනිපාතො.
Sinhala BJTදුකනිපාතය යි.
Pali BJTතිකනිපාතො
Sinhala BJTතික නිපාතය
Pali BJTපඨමො වග්ගො
Sinhala BJTපඨම වර්‍ගය
Pali BJT3. 1. 1.
Sinhala BJT3. 1. 1.
Pali BJT[අකුසලමූලසුත්තං]
Sinhala BJT[අකුසල මූල සූත්‍රය]
Pali BJT50. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT50. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තීණි’මානි භික්ඛවෙ අකුසලමූලානි, කතමානි තීණි? ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං. ඉමානි ඛො භික්ඛවෙ තීණි අකුසලමූලානීති.
Sinhala BJT1. මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: ලෝභය අකුසල්මුලකි. ද්වේෂය අකුසල්මුලකි. මෝහය අකුසල්මුලකි. මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙකරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං හිංසන්ති අත්තසම්භූතා තචසාරං’ව සම්ඵලං.”
Sinhala BJT2. “සිත්හි හටගත් ලෝභ ද්වේෂ මෝහ යන මොහු පව් අදහස් ඇති පුරුෂයා පෙළත්. (කුමක් මෙන් ද යත්:) ස්වකීය ඵලය ත්‍වක්සාර වෘක්‍ෂය (හුණ බට ආදි පොත්ත අරටුව කොට ඇති) ගස නසන්නාක් මෙනි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කරුණ භගවත්හු වදාළහ. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 1. 2.
Sinhala BJT3. 1. 2.
Pali BJT[ධාතුසුත්තං]
Sinhala BJT[ධාතු සූත්‍රය]
Pali BJT51. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT51. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. “තිස්සො ඉමා භික්ඛවෙ ධාතුයො. කතමා තිස්සො? රූපධාතු, අරූපධාතු, නිරොධධාතු. ඉමා ඛො භික්ඛවෙ තිස්සො ධාතුයොති.
Sinhala BJT1. මහණෙනි, මේ ධාතූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: රූපධාතුය, අරූපධාතුය, නිරෝධ ධාතුය. මහණෙනි, මේ ධාතූහු තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “රූපධාතුං පරිඤ්ඤාය අරූපෙසු අසණ්ඨිතා නිරොධෙ යෙ විමුච්චන්ති තෙ ජනා මච්චුහායිනො.
Sinhala BJT2. “යම් කෙනෙක් රූපභවය පිරිසිඳ දැන අරූප භවයෙහි නොපිහිටියාහු නිර්‍වාණය අරමුණු කොට (කෙලෙසුන්ගෙන්) මිදෙත් ද, ඒ ක්‍ෂීණාස්‍රවයෝ මරණය ඉක්මවූවෝ වෙත්.
Pali BJT3. කායෙන අමතං ධාතුං ඵස්සයිත්වා{1} නිරූපධිං උපධිප්පටිනිස්සග්ගං සච්ඡිකත්වා අනාසවො දෙසෙති සම්මාසම්බුද්ධො අසොකං විරජං පදන්ති.
Sinhala BJT3. ආස්‍රවරහිත වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ උපධි රහිත වූ නිර්‍වාණය (නාම) කයින් ස්පර්‍ශ කොට, උපධීන්ගේ බැහැරලීමේ කාරණය ප්‍රත්‍යක්‍ෂ කොට ශෝකරහිත වූ. රජස් රහිත වූ නිර්‍වාණපදය දක්වන සේක.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 1. 3.
Sinhala BJT3. 1. 3.
Pali BJT[පඨමවෙදනා සුත්තං]
Sinhala BJT[ප්‍රථම වේදනා සූත්‍රය]
Pali BJT52. වුත්තං හෙතං භගවතා වුත්තමරහතාති මෙ සුතං.
Sinhala BJT52. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ තිස්සො වෙදනාති.
Sinhala BJT1. මහණෙනි, මේ වේදනාවෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: සැප වේදනාය දුක් වේදනාය නො දුක් නො සැප (මැදහත්) වේදනාය යන මොහු යි. මහණෙනි, මේ වේදනාවෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සමාහිතො සම්පජානො සතො බුද්ධස්ස සාවකො වෙදනා ච පජානාති වෙදනානඤ්ච සම්භවං.
Sinhala BJT2. “එකඟ සිත් ඇති, සම්‍යක්ප්‍රඥා ඇති, සිහි ඇති බුද්ධශ්‍රාවක තෙමේ වේදනාවන් ද ඔවුන්ගේ හටගැන්ම ද දනී.
Pali BJT3. යත්ථ චෙතා නිරුජ්ඣන්ති මග්ගඤ්ච ඛයගාමිනං වෙදනානං ඛයා භික්ඛු නිච්ඡාතො පරිනිබ්බුතො”ති.
Sinhala BJT3. යම් තැනෙක්හි මේ වේදනාවෝ නිරුද්ධ වෙත් නම් (ඒ නිවණ ද) වේදනාක්‍ෂයගාමී වූ මාර්‍ගය ද (දනී). මහණ තෙමේ වේදනාවන් ක්‍ෂය කිරීමෙන් ආශාරහිත වූයේ පිරිනිවියේ වෙයි.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 1. 4.
Sinhala BJT3. 1. 4.
Pali BJT[දුතියවෙදනා සුත්තං]
Sinhala BJT[දෙවෙනි වේදනා සූත්‍රය]
Pali BJT53. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT53. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙට වදාරණ ලද්දේ ම ය. අර්‍හත් බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා.
Sinhala BJT1. මහණෙනි, මේ වේදනාවෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: සැප වේදනාය, දුක් වේදනාය, නොදුක් නොසැප (මැදහත්) වේදනාය යන මොහුයි.
Pali BJTසුඛා භික්ඛවෙ වෙදනා දුක්ඛතො දට්ඨබ්බා. දුක්ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බා. අදුක්ඛමසුඛා වෙදනා අනිච්චතො දට්ඨබ්බා. යතො ඛො භික්ඛවෙ භික්ඛුනො සුඛා වෙදනා දුක්ඛතො දිට්ඨා හොති, දුක්ඛා වෙදනා සල්ලතො දිට්ඨා හොති, අදුක්ඛමසුඛා වෙදනා අනිච්චතො දිට්ඨා හොති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරියො සම්මද්දසො අච්ඡෙච්ඡි තණ්හං වාවත්තයි{1} සංයොජනං සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සා’ති.
Sinhala BJTමහණෙනි, සැපවෙදනාව (විපරිණාම) දුක් වශයෙන් දැක්ක යුතු ය. දුක් වේදනාව (පීඩනාර්‍ත්‍ථයෙන්) හුල් වශයෙන් දැක්ක යුතු ය. නොදුක් නොසැප වේදනාව අනිත්‍ය වශයෙන් දැක්ක යුතු ය. මහණෙනි, යම් හෙයකින් මහණ සැප වේදනාව දුක් වශයෙන් දක්නා ලද ද, දුක් වේදනාවහුල් වශයෙන් දක්නා ලද ද, නොදුක් නොසැප වේදනාව අනිත්‍ය වශයෙන් වශයෙන් දක්නා ලද ද, මහණෙනි, මේ මහණ තෙම ආර්‍ය්‍ය යැ යි ද, සම්‍යග් දර්ශී යැ යි ද කියනු ලැබේ. හෙ තෙමේ තෘෂ්ණාව සිඳැ ලීය. සංයෝජන පෙරළා ලීය. මනා කොට මානයාගේ දර්‍ශනප්‍රහාණාභිසමයයෙන් (සියලු) දුක් කෙළවර කෙළේ ය.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යො සුඛං දුක්ඛතො’ද්දක්ඛි දුක්ඛමද්දක්ඛි සල්ලතො අදුක්ඛමසුඛං සන්තං අද්දක්ඛි නං අනිච්චතො.
Sinhala BJT2. “යමෙක් සැපවෙදනාව දුක් වශයෙන් දුටුයේ ද, දුක්වේදනාව හුල් වශයෙන් දුටුයේ ද, නොදුක් නොසැප ශාන්ත වූ ඒ වේදනාව අනිත්‍ය වශයෙන් දුටුයේ ද, ඒ මහණ තෙම ඒකාන්තයෙන් සම්‍යක්දර්ශී නම් වෙයි. යම් හෙයෙකින් ඒ වේදනායෙහි සමුච්ඡේද වශයෙන් මිදේ ද (එහෙයිනි).
Pali BJT3. ස වෙ සම්මද්දසො{2} භික්ඛු, යතො තත්ථ විමුච්චති අභිඤ්ඤාවොසිතො සන්තො ස වෙ යොගාතිගො මුනී”ති.
Sinhala BJT3. විශිෂ්ටඥානයෙන් දැන නිමවන ලද කෘත්‍ය ඇති ශාන්ත වූ ඒ රහත් මහණ තෙමේ ඒකාන්තයෙන් කාමාදි චතුර්යොගයන් ඉක්මවූයේ නම් වෙයි.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 1. 5.
Sinhala BJT3. 1. 5.
Pali BJT[පඨමඑසනාසුත්තං.]
Sinhala BJT[ප්‍රථම ඒෂණා සූත්‍රය]
Pali BJT54. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT54. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තිස්සො ඉමා භික්ඛවෙ එසනා. කතමා තිස්සො? කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ තිස්සො එසනා’ති.
Sinhala BJT1. මහණෙනි, මේ සෙවීම් තුණෙකි. කවර තුණෙක්ද යත්: කාමය පිළිබඳ සෙවීමය, භවය පිළිබඳ සෙවීමය, බඹසර පිළිබඳ සෙවීමය (යන මේ යි.) මහණෙනි, මේ සෙවීම් තුණ වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සමාහිතො සම්පජානො සතො බුද්ධස්ස සාවකො එසනා ච පජානාති එසනානඤ්ච සම්භවං.
Sinhala BJT2. “එකඟසිත් ඇති, යහපත් නුවණැති, සිහියෙන් යුත් බුද්ධශ්‍රාවක තෙමේ සෙවීම් ද සෙවීම් පිළිබඳ සම්භවය (හටගැන්ම) ද මනා කොට දනී.
Pali BJT3. යත්ථ චෙතා නිරුජ්ඣන්ති මග්ගඤ්ච ඛයගාමිනං. එසනානං ඛයා භික්ඛු නිච්ඡාතො පරිනිබ්බුතො”ති.
Sinhala BJT3. යම් තැනෙක ඒ සෙවීම් නිරුද්ධ වේ නම් ඒ නිවණ ද, නිර්‍වාණගාමී මාර්‍ගය ද දනී. ඒ මහණ තෙමේ එම පර්‍ය්‍යෙෂණයන් ක්‍ෂය කිරීමෙන් ආශාරහිත වූයේ පිරිනිවියේ නම් වෙයි.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT3. 1. 6.
Sinhala BJT3. 1. 6.
Pali BJT[දුතියඑසනාසුත්තං.]
Sinhala BJT[දෙවෙනි ඒෂණා සූත්‍රය]
Pali BJT55. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT55. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තිස්සො ඉමා භික්ඛවෙ එසනා. කතමා තිස්සො? කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ තිස්සො එසනා’ති.
Sinhala BJT1. මහණෙනි, මේ ඒසනා (සෙවීම්) තුණෙකි. කවර තුණෙක් ද යත්: කාමය සෙවීමය, භවය සෙවීමය, බඹසර සෙවීමය. මහණෙනි, මේ සෙවීම් තුණයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා සහ ඉති සච්චපරාමාසො දිට්ඨිට්ඨානා සමුස්සයා.
Sinhala BJT2. කාමේසනා, භවේසනා, මේ ම සැබව සෙසු සියල්ල හිස් ය යි දෘෂ්ටිගත වශයෙන් සම්මත වූ බ්‍රහ්මචරියේසනා සමග ඒසනා තුණෙකි.
Pali BJT3. සබ්බරාගවිරත්තස්ස තණ්හක්ඛයවිමුත්තිනො{1} එසනා පටිනිස්සට්ඨා දිට්ඨිට්ඨානා සමූහතා එසනානං ඛයා භික්ඛු නිරාසො අකථංකථී”ති.
Sinhala BJT3. සියලු (කාම භව) රාගයන්ගෙන් වෙන් වූ, තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි (නිවන අරමුණු කොට) කෙලෙසුන්ගෙන් මිදුණා වූ (රහත්හු විසින්) ඒසනා බැහැර කරන ලදහ. දෘෂ්ටීහු (ප්‍රථමමාර්‍ගයෙන්) නසන ලදහ. ඒ මහණ තෙමේ එ ම පර්‍ය්‍යෙෂණයන් ක්‍ෂය කිරීමෙන් ආශා නැත්තෙක් ද (කෙසේ කෙසේ දැ යි පැවති) සැක නැත්තෙක් ද වෙයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 1. 7.
Sinhala BJT3. 1. 7.
Pali BJT[පඨම ආසවසුත්තං]
Sinhala BJT[ප්‍රථම ආස්‍රව සූත්‍රය]
Pali BJT56. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT56. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තයො’මෙ භික්ඛවෙ ආසවා. කතමෙ තයො? කාමාසවො භවාසවො අවිජ්ජාසවො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ආසවාති.
Sinhala BJT1. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සමාහිතො සම්පජානො සතො බුද්ධස්ස සාවකො ආසවෙ ච පජානාති ආසවානඤ්ච සම්භවං.
Sinhala BJT2. “එකඟ සිත් ඇති, යහපත් නුවණැති, සිහියෙන් යුත් බුද්ධශ්‍රාවක තෙමේ ආස්‍රවයන් ද, ආස්‍රවයන්ගේ සම්භවය ද (හටගැන්ම ද) මනා කොට දනී.
Pali BJT3. යත්ථ චෙතා නිරුජ්ඣන්ති මග්ගඤ්ච ඛයගාමිනං ආසවානං ඛයා භික්ඛු නිච්ඡාතො පරිනිබ්බුතො’ති.”
Sinhala BJT3. යම් තැනෙක ඒ ආස්‍රවයෝ නිරුද්ධ වෙත් නම් ඒ නිවණ ද, නිර්‍වාණගාමී මාර්‍ගය ද (දනී). ඒ මහණ තෙමේ එම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශා රහිත වූයේ පිරිනිවියේ නම් වේ.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT3. 1. 8.
Sinhala BJT3. 1. 8.
Pali BJT[දුතිය ආසවසුත්තං]
Sinhala BJT[ද්විතීය ආස්‍රව සූත්‍රය]
Pali BJT57. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT57. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තයො’ මෙ භික්ඛවෙ ආසවා. කතමෙ තයො? කාමාසවො භවාසවො අවිජ්ජාසවො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ආසවාති.
Sinhala BJT1. මහණෙනි, ආස්‍රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යස්ස කාමාසවො ඛීණො අවිජ්ජා ච විරාජිතා භවාසවො පරික්ඛීණො විප්පමුත්තො නිරූපධි ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනින්ති”ති{1}
Sinhala BJT2. “යමකු විසින් කාමාස්‍රවය ක්‍ෂය කරණ ලද ද, අවිද්‍යාව දුරු කරණ ලද ද, භවාස්‍රවය ක්‍ෂය කරණ ලද ද, කෙලෙසුන්ගෙන් මිදුනා වූ උපධි රහිත වූ, (ඒ රහත් තෙමේ) සේනාසහිත මාරයා දිනා අන්තිම වූ ශරීරය දරයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 1. 9.
Sinhala BJT3. 1. 9.
Pali BJT[තණ්හාසුත්තං]
Sinhala BJT[තෘෂ්ණා සූත්‍රය]
Pali BJT58. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT58. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. තිස්සො ඉමා භික්ඛවෙ තණ්හා. කතමා තිස්සො? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. ඉමා ඛො භික්ඛවෙ තිස්සො තණ්හා’ති.
Sinhala BJT1. මහණෙනි, මේ තෘෂ්ණාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමතෘෂ්ණාය (පඤ්චකාමයෙහි ඇල්මය), (ශාශ්වතදෘෂ්ටිසහගත භවයෙහි ඇල්ම නම් වූ) භවතෘෂ්ණාය, (උච්ඡේදදෘෂ්ටිසහගත ඇල්ම නම් වූ) විභවතෘෂ්ණාය. මහණෙනි, මේ තෘෂ්ණාවෝ තිදෙන වෙත්:
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “තණ්හායොගෙන සංයුත්තා රත්තචිත්තා භවාභවෙ තෙ යොගයුත්තා මාරස්ස අයොගක්ඛෙමිනො ජනා සත්තා ගච්ඡන්ති සංසාරං, ජාතිමරණගාමිනො.
Sinhala BJT2. “යම් කෙනෙක් තෘෂ්ණායෝගයෙන් සංයුක්ත වූවාහු, කුදු මහත් භවයෙහි ඇලුණු සිත් ඇත්තාහු වෙද්ද, ඒ සංසාරගත සත්ත්‍වයෝ මාරපාශ සඞ්ඛ්‍යාත යෝගයෙන් බැඳුනාහු වෙත්: සත්ත්‍වයෝ (නැවත නැවත උත්පත්ති වශයෙන්) සසරට යෙත්. (එ හෙයින්) නැවත ජාති මරණ දුක්වලට පැමිණෙන සුලු වූවාහු වෙත්.
Pali BJT3. යෙ ච තණ්හං පහත්වාන වීතතණ්හා{1} භවාභවෙ. තෙ වෙ පාරංගතා ලොකෙ යෙ පත්තා ආසවක්ඛය”න්ති.
Sinhala BJT3. යම් සත්ත්‍ව කෙනෙක් තෘෂ්ණාව දුරු කොට කුදු මහත් භවයෙහි ආශා රහිත වූවාහු ද, යම් කෙනෙකුත් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවණ පැමිණියාහු ද ඔවුහු ලෙව්හි පරතෙරට ගියාහු නම් වෙත්.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.