Itivuttaka

Thus It Was Said

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 301-400 න් 1102

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT37. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT37. භගවත්හු විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති. යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි ද්වීහි? සංවෙජනීයෙසු ඨානෙසු සංවෙජනෙන, සංවිග්ගස්ස ච{1} යොනිසො පධානෙන. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති. යොනි චස්ස ආරද්ධා හොති. ආසවානං ඛයායාති.
Sinhala BJT1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායික චෛතසික වූ) සුව සොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් ආස්‍රවයන් ක්‍ෂය කිරීම සඳහා (අර්‍හත්ඵලයට අවශ්‍ය) කාරණය පටන් ගන්නා ලද්දේ නම් වෙයි. කවර නම් දෙකෙකින් ද යත්: සංවේගයට වස්තු වූ තන්හි සංවේගයෙන් ද, සංවේගයට පැමිණියහුගේ සම්‍යක් ව්‍යායාමයෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මේ ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බැව්හි ම සුවසොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් අර්‍හත්ඵලය සඳහා අවශ්‍ය කාරණය පටන් ගන්නා ලද්දේ නම් වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTබුදුහු මෙ කරුණ වදාළහ. මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සංවෙජනීයට්ඨානෙසු සංවිජ්ජෙතෙව පණ්ඩිතෙ ආතාපී නිපකො භික්ඛු පඤ්ඤාය සමවෙක්ඛිය.
Sinhala BJT2. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පාරිහාරික ප්‍රඥාවෙන් යුක්ත වූ නුවණැති මහණ තෙමේ නුවණින් මොනවට බලා සංවේගයට පැමිණිය යුතු තන්හි සංවේගයට පැමිණේ ම ය.
Pali BJT3. එවංවිහාරී ආතාපී සන්තවුත්ති අනුද්ධතො චෙතොසමථමනුයුත්තො ඛයං දුක්ඛස්ස පාපුණෙ’ති.
Sinhala BJT3. මෙසේ වාසය කරණ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, යහපත් පැවතුම් ඇති, වික්‍ෂිප්ත නො වූ, චිත්තසමථයෙහි යෙදුනු භික්‍ෂු තෙමේ දුක්ඛක්ඛය සඞ්ඛ්‍යාත නිවණට පැමිණෙන්නේ ය.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJTවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ ච භික්ඛූ තපනීයා’ තපනීයා අපරෙ දුවෙ{2} අනාතාපී ද්වෙ කුහනා ච{3} සොමනස්සෙන තෙ දසාති.
Sinhala BJT(අගුත්තද්වාරින්‍ද්‍රිය - ගුත්තද්වාරින්‍ද්‍රිය) ය භික‍්ෂු සූත්‍ර දෙක, තපනීය අතපනීය දෙක, පාපකසීල භද්දකසීල යන දෙක, අනාතාපීය, ජනකුහන (බ්‍රහ්මචරිය - අභිඤ්ඤත්‍ථබ්‍රහ්මචරිය) දෙක ද, සෝමනස්ස (බහුලය) යන ඒ සූත්‍ර දසය යි.
Pali BJTදුතියවග්ගො
Sinhala BJTදෙවෙනි වර්‍ගය
Pali BJT2. 2. 1.
Sinhala BJT2. 2. 1.
Pali BJT[විතක්ක සුත්තං]
Sinhala BJT[විතර්‍ක සූත්‍රය]
Pali BJT38. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT38. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය.
Pali BJT1. තථාගතං භික්ඛවෙ අරහන්තං සම්මාසම්බුද්ධං ද්වෙ විතක්කා බහුලං සමුදාචරන්ති: ඛෙමො ච විතක්කො පවිවෙකො ච. අබ්යාපජ්ඣාරාමො{1} භික්ඛවෙ තථාගතො අබ්යාපජ්ඣරතො.{2} තමෙනං භික්ඛවෙ තථාගතං අබ්යාපජ්ඣාරාමං අබ්යාපජ්ඣරතං එසොව විතක්කො බහුලං සමුදාචරති: ‘ඉමායාහං ඉරියාය න කිඤ්චි ව්යාබාධෙමි{3} තසං වා ථාවරං වා’ති. පවිවෙකාරාමො භික්ඛවෙ තථාගතො පවිවෙකරතො. තමෙනං භික්ඛවෙ තථාගතං පවිවෙකාරාමං පවිවෙකරතං එසෙව විතක්කො බහුලං සමුදාචරති: යං අකුසලං තං පහීනන්ති.
Sinhala BJT1. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට විතර්‍කයෝ දෙදෙනෙක් බහුලව පවතිත්: ක්‍ෂේම විතර්‍කය, ප්‍රවිවේක විතර්‍කය (යන දෙකයි). මහණෙනි, තථාගත තෙමේ අවිහිංසාවේ ඇලුනේ ද, අවිහිංසාවෙහි නිරත වූයේ ද වෙයි. මහණෙනි, අවිහිංසාවෙහි ඇලුනා වූ, අවිහිංසාවෙහි නිරත වූ, ඒ මේ තථාගතයන්ට මේ විතර්‍කය බහුල ව පවතී: “මම මේ ක්‍රියාවෙන් (කායවාක් ප්‍රයෝගයෙන්) (තෘෂ්ණාප්‍රහීණ නොකළ) තස නම් වූ හෝ (තෘෂ්ණා ප්‍රහීණ කළ) ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමි” කියා යි. මහණෙනි, තථාගත තෙමේ උතුම් විවේකයෙහි ඇලුනේ ද, උතුම් විවෙක යෙහි නිරත වූයේ වෙයි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනා වූ, උතුම් විවෙයෙහි නිරත වූ ඒ මේ තථාගතයන්ට මේ විතර්‍කය බහුලව පවතී: “යමක් අකුසල් වේ ද එය ප්‍රහීණය” කියා යි.
Pali BJT2. තස්මාතිහ භික්ඛවෙ තුම්හෙ’පි අබ්යාපජ්ඣාරාමා විහරථ අබ්යාපජ්ඣරතා. තෙසං වො භික්ඛවෙ තුම්හාකං අබ්යාපජ්ඣාරාමානං විහරතං අබ්යාපජ්ඣරතානං එසෙව විතක්කො බහුලං සමුදාචරිස්සති: ‘ඉමාය මයං ඉරියාය න කිඤ්චි ව්යාබාධෙම තසං වා ථාවරං වා’ති. “පවිවෙකාරාමො භික්ඛවෙ විහරථ පවිවෙකරතා. තෙසං වො භික්ඛවෙ තුම්හාකං පවිවෙකාරාමානං විහරතං පවිවෙකරතානං එසෙව විතක්කො බහුලං සමුදාචරිස්සති: ‘කිං අකුසලං කිං අප්පහීනං කිං පජහාමා’ති.
Sinhala BJT2. මහණෙනි, එසේ හෙයින් තෙපි දු අවිහිංසාවෙහි ඇලුනාහු අවිහිංසාවෙහි නිරතවූවාහු වාසය කරවු. මහණෙනි, අවිහිංසාවෙහි ඇලී අවිහිංසාවෙහි නිරත ව වෙසෙන ඒ තොපට මේ විතර්‍කය ම බහුල ව පවත්නේ ය: “අපි මේ ක්‍රියාවෙන් (කායවාක් ප්‍රයෝගයෙන්) තස නම් වූ හෝ ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමු” කියායි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනාහු උතුම් විවේකයෙහි නිරත වූවාහු වාසය කරවු. මහණෙනි, උතුම් විවේකයෙහි නිරතව වෙසෙන ඒ තොපට මේ විතර්‍කය බහුලව පවත්නේ ය: “අකුසල් කිම? කුමක් අප්‍රහීණ ද? කුමක් දුරු කරමු ද?” කියා යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTබුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT3. “තථාගතං බුද්ධමසය්හසාහිනං දුවෙ විතක්කා සමුදාචරන්ති නං ඛෙමො විතක්කො පඨමො උදීරිතො තතො විවෙකො දුතියො පකාසිතො.
Sinhala BJT3. “අන්‍යයන් විසින් නො ඉවසිය හැකි දෑ ඉවසන සුලු වූ, තථාගත බුදුරදුන්ට විතර්‍කයෝ දෙදෙනෙක් පවතිත්: පළමුව ක්‍ෂේම විතර්‍කය කියන ලදී. ඉක්බිති දෙවනු ව ප්‍රවිවේක විතර්‍කය ප්‍රකාශ කරන ලදී.
Pali BJT4. තමොනුදං පාරගතං මහෙසිං තං පත්තිපත්තං වසිමං අනාසවං වෙස්සන්තරං තණ්හක්ඛයෙ විමුත්තං තං වෙ මුනිං අන්තිමදෙහධාරිං මාරංජහං{4} බ්රූමි ජරාය පාරගුං.
Sinhala BJT4. මොහඳුරු දුරු කළා වූ, පාර සඞ්ඛ්‍යාත නිවණට ගියා වූ, (පැමිණිය යුතු සියල්ලට පැමිණි හෙයින්) පත්තිපන්න වූ, සිත් වසඟ බැව් ඇති, ආස්‍රව රහිත වූ (සියලු සසර දුකින් එතෙර ව සෙස්සන් ද එතෙර කළ හෙයින්) විශ්වන්තර වූ, අර්‍හත් ඵල විමුක්තියෙන් මිදුනා වූ, පශ්චිමකායධාරී වූ, කෙලෙස් මරුන් දුරු කළා වූ, ජරාවගේ පරතෙරට පත් ඒ තථාගතයන්ට සම්‍යක් විතර්‍කයෝ දෙදෙනෙක් පවතිත් යැ යි කියමි.
Pali BJT5. සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො තථූපමං ධම්මමයං සුමෙධො{5} පාසාදමාරුය්හ සමන්තචක්ඛු සොකාවතිණ්ණං ජනතමපෙතසොකො අවෙක්ඛති ජාතිජරාභිභූතන්ති.”
Sinhala BJT5. ඒකඝනවූ ගල් පර්‍වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජනසමූහයා යම් සේ දකී ද, එසේ සුන්‍දර ප්‍රඥා ඇත්තාවූ, සමතැස් ඇත්තා වූ, පහ වූ ශෝක ඇති බුදුරජානන් වහන්සේ ඒ සෙල්පව්වට උපමා වූ දහම් පහය නැඟ ජාති ජරාවෙන් මඩනා ලද ශෝකයෙහි ගැලුනු ජනසමූහයා බලන සේක.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT2. 2. 2.
Sinhala BJT2. 2. 2.
Pali BJT[දෙසනාසුත්තං]
Sinhala BJT[දේශනා සූත්‍රය]
Pali BJT39. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT39. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස ද්වෙ ධම්මදෙසනා පරියායෙන භවන්ති. කතමා ද්වෙ? පාපං පාපකතො පස්සථා’ති අයං පඨමා ධම්මදෙසනා. පාපං පාපකතො දිස්වා තත්ථ නිබ්බින්දථ විරජ්ජථ විමුච්චථා’ති අයං දුතියා ධම්මදෙසනා. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමා ද්වෙ ධම්මදෙසනා පරියායෙන භවන්තීති.
Sinhala BJT1. “මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ධර්‍මදේශනා කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) දෙකෙකි. කවර දෙකෙක් ද යත්: “පාපය ලාමක වශයෙන් බලවු.” යන මෙය පළමු වන ධර්‍මදේශනා ව යි. “පාපය ලාමක වශයෙන් දැක එහි කලකිරෙවු, නො ඇලෙවු, මිදෙවු” යන දෙවන ධර්‍මදේශනාව යි. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ධර්‍මදේශනා කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) මේ දෙකෙකි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “තථාගතස්ස බුද්ධස්ස සබ්බභූතානුකම්පිනො පරියායවචනං පස්ස ද්වෙ ච ධම්මා පකාසිතා:
Sinhala BJT2. “සියලු සත්ත්‍වයන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වු තථාගත බුදුරජානන් වහන්සේගේ කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) පවත්නා වූ දේශනාව බලවු. උන්වහන්සේ විසින් ධර්‍මයෝ දෙදෙනෙක් ප්‍රකාශ කරණ ලදහ.
Pali BJT3. පාපකං පස්සථ චෙතං තත්ථ චාපි විරජ්ජථ තතො විරත්තචිත්තා සෙ දුක්ඛස්සන්තං කරිස්සථා”ති.
Sinhala BJT3. පාපය ලාමක වශයෙන් බලවු, එහිදු නො ඇලෙවු ඉක්බිති නො ඇලුනු සිත් ඇත්තාහු දුක් කෙළවර කරවු.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 2. 3.
Sinhala BJT2. 2. 3.
Pali BJT[විජ්ජාසුත්තං]
Sinhala BJT[විද්‍යා සූත්‍රය]
Pali BJT40. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT40. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. අවිජ්ජා භික්ඛවෙ පුබ්බඞ්ගමා අකුසලානං ධම්මානං සමාපත්තියා අන්වදෙව අහිරිකං අනොත්තප්පං. විජ්ජා ච ඛො භික්ඛවෙ පුබ්බඞ්ගමා කුසලානං ධම්මානං සමාපත්තියා අන්වදෙව හිරොත්තප්පන්ති.
Sinhala BJT1. මහණෙනි, අකුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට අවිද්‍යා තොමෝ පෙරටු වන්නී ය. අහිරික අනොත්තප්ප දෙක ඒ අනුව පවතී. මහණෙනි, කුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට විද්‍යාව පෙරටු වන්නී ය. හිරි ඔතප් දෙක ඒ අනුව පවතී.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යා කාචිමා දුග්ගතියො අස්මිං ලොකෙ පරම්හි ච අවිජ්ජාමූලිකා සබ්බා ඉච්ඡාලොභසමුස්සයා.
Sinhala BJT2. “මෙ ලොවත් පරලොවත් යම් කිසි දුර්‍ගතීහු වෙත් නම් ඒ සියල්ල අවිද්‍යාව මුල්කොට ඇත්තාහු වෙත් නොලත් දෙය සෙවීම් ලක්‍ෂණ ඊප්සාවය, ලත් දෙයෙහි ඇලීම් ලක්‍ෂණ ලෝභය යන මොවුන් විසින් රැස් කරණ ලද්දාහු වෙත්.
Pali BJT3. යතො ච හොති පාපිච්ඡො අහිරීකො අනාදරො තතො පාපං පසවති අපායං තෙන ගච්ඡති.
Sinhala BJT3. යම් හෙයකින් ලාමක ඊප්සා ඇත්තේ පවට ලජ්ජා නැත්තේ ආදර නැත්තේ වේ ද, එහෙයින් පව් රැස් කෙරෙයි. ඒ හේතුවෙන් අපායට යෙයි.
Pali BJT4. තස්මා ඡන්දඤ්ච ලොභඤ්ච අවිජ්ජඤ්ච විරාජයං. විජ්ජං උප්පාදයං භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙ”ති.
Sinhala BJT4. එහෙයින් ඡන්‍දය (ඊප්සාව) ද, ලෝභය ද, අවිද්‍යාව ද, සහමුලින් නසන්නා වූ මාර්‍ගවිද්‍යාව උපදවන්නාවූ මහණ තෙමේ සියලු දුර්‍ගතීන් දුරු කරන්නේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJTපඨම භාණවාරං.
Sinhala BJTපළමුවන බණවරයි
Pali BJT2. 2. 4.
Sinhala BJT2. 2. 4.
Pali BJT[පඤ්ඤාපරිහානි සුත්තං]
Sinhala BJT[ප්‍රඥාපරිහාන සූත්‍රය]
Pali BJT41. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT41. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. තෙ භික්ඛවෙ සත්තා සුපරිහීනා, යෙ අරියාය පඤ්ඤාය පරිහීනා. තෙ දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරන්ති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. තෙ භික්ඛවෙ සත්තා අපරිහීනා, යෙ අරියාය පඤ්ඤාය අපරිහීනා. තෙ දිට්ඨෙව ධම්මෙ සුඛං විහරන්ති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛා’ති.
Sinhala BJT1. “මහණෙනි, ආර්‍ය්‍ය (විදර්‍ශනාඥාන මාර්‍ගඥාන) ප්‍රඥාවෙන් යම් කෙනෙක් පිරිහුනාහු වෙත් ද, ඔහු (ලොවි ලොවුතුරා සැපතින්) මොනවට පිරිහුනාහු වෙති. ඔහු මේ අත්බැව්හි ම පීඩා සහිත වූ, දැඩි වෙහෙස ඇති, දැවීම් සහිත වූ දුකින් වාසය කෙරෙත්. ඔවුන් විසින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුගතිය කැමැති විය යුතු වේ. මහණෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍ය (විදර්‍ශනා, මාර්‍ගසඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙන් නො පිරිහුනාහු වෙත් ද; (ඔහු සියලු සැපතින්) නොපිරිහුනාහු නම් වෙත්. ඔහු මේ අත්බැව්හි ම පීඩා රහිත වූ, දැඩි වෙහෙස නැති, දැවීම් රහිත වූ සැපයෙන් වෙසෙත්. ශරීරයාගේ බිඳීම සඞ්ඛ්‍යාත මරණින් මතු (ඔවුන් විසින්) සුගතිය කැමැති විය යුතු වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “පඤ්ඤාය පරිහානෙන පස්ස ලොකං සදෙවකං නිවිට්ඨං නාමරූපස්මිං ඉදං සච්චන්ති මඤ්ඤති.
Sinhala BJT2. “නුවණින් පිරිහීම් නිසා නාමරූප සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැස ගත් සදේවක ලෝකයා බලවු. (එබඳු පුද්ගල තෙම) මෙය ම ඇත්ත ය (සෙසු සියල්ල හිස්යැ යි) සිතයි.
Pali BJT3. පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මිං යායං නිබ්බෙධගාමිනී යාය සම්මා පජානාති ජාතිභවපරික්ඛයං.
Sinhala BJT3. යම් ඒ ප්‍රඥාවක් නිර්වේදගාමිනී (ලෝභාදිකේලේස් සිඳලන්නී) වේ ද, යම් බඳු ප්‍රඥාවකින් උත්පත්ති කර්‍මභවයන්ගේ ක්‍ෂය කිරීම් සඞ්ඛ්‍යාත නිර්‍වාණය හා අර්‍හත්‍වය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, එ විදසුන් සහිත මඟනුවණ ම ශ්‍රේෂ්ඨ වන්නේ ය.
Pali BJT4. තෙසං දෙවා මනුස්සා ච සම්බුද්ධානං සතීමතං පිහයන්ති හාසපඤ්ඤානං සරීරන්තිමධාරින”න්ති.
Sinhala BJT4. දෙවියෝ ද, මිනිස්සු ද, සිහියෙන් යුක්ත වූ හාස ප්‍රඥා ඇති අන්තිම සිරුර දරණ ඒ සම්බුදුවරයන්ට කැමැති වෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භගවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 2. 5.
Sinhala BJT2. 2. 5.
Pali BJT[සුක්කධම්ම සුත්තං]
Sinhala BJT[ශුක්ලධර්‍ම සූත්‍රය]
Pali BJT42. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT42. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. ද්වෙ මෙ භික්ඛවෙ සුක්කා ධම්මා ලොකං පාලෙන්ති. කතමෙ ද්වෙ? හිරි ච, ඔත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ සුක්කා ධම්මා ලොකං න පාලෙය්යුං, නයිධ පඤ්ඤායෙථ මාතාති වා මාතුච්ඡා’ති වා මාතුලානී’ති වා ආචරියභරියා’ති වා ගරූනං දාරා’ති වා. සම්භෙදං ලොකො අගමිස්ස යථා අජෙළකා කුක්කුටසූකරා සොණසිගාලා. යස්මා ච ඛො භික්ඛවෙ ඉමෙ ද්වෙ සුක්කා ධම්මා ලොකං පාලෙන්ති, තස්මා පඤ්ඤායති මාතා’ති වා මාතුච්ඡා’ති වා මාතුලානී’ති වා අචරියභරියා’ති වා ගරූනං දාරාති වා’ති.
Sinhala BJT1. මහණෙනි, මේ ශුක්ල (කුසල) ධර්‍මයෝ දෙදෙනෙක් ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක් ද? ලජ්ජාව ද බිය ද (යන දෙක ය.) මහණෙනි, මේ ශුක්ලධර්‍මයෝ දෙදෙන ලොව පාලනය නොකරන්නාහු නම් මෙහි මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යයාවෝ ය කියා හෝ තැකීමක් නො පැමිණෙන්නේ ය. ලෝවැසි තෙම එළුබැටළුවන් මෙන් ද, කුකුළන් ඌරන් මෙන් ද, බලු සිවලුන් මෙන් ද, සංකරයට පැමිණෙන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව පාලනය කෙරෙත් ද, එහෙයින් මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යයාවෝ ය කියා හෝ (තැකීමක්) පැණෙන්නේ ය.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
Pali BJT2. “යෙසං චෙ හිරිඔත්තප්පං සබ්බදා ච න විජ්ජති, වොක්කන්තා සුක්කමූලා තෙ ජාතිමරණගාමිනො.
Sinhala BJT2. “ඉදින් යමකුන්ට ලජ්ජා භය දෙක හැම කල්හි එළඹ සිටියාහු නො වෙත් ද? ඒ කුශල මූලයෙන් බැහැර වූ ඔහු ජාතිජරා මරණයට පැමිණෙන්නෝ වෙත්.
Pali BJT3. යෙසඤ්ච හිරිඔත්තප්පං සදා සම්මා උපට්ඨිතා, විරූළ්හබ්රහ්මචරියා තෙ සන්තො ඛීණපුනබ්භවා”ති.
Sinhala BJT3. යම් කෙනෙකුන්ට වනාහි ලජ්ජා භය දෙක හැම කල්හි මැනවින් එළඹ සිටියාහු ද වැඩුනු බඹසර ඇති ශාන්තගුණ ඇති ඔහු පුනර්‍භවය ක්‍ෂය කළෝ නම් වෙත්.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 2. 6.
Sinhala BJT2. 2. 6.
Pali BJT[අජාතසුත්තං]
Sinhala BJT[අජාත සූත්‍රය]
Pali BJT43. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT43. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJT1. අත්ථි භික්ඛවෙ අජාතං අභූතං අකතං අසඞ්ඛතං. නො චෙ තං භික්ඛවෙ අභවිස්ස අජාතං අභූතං අකතං අසඞ්ඛතං, නයිධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ. යස්මා ච ඛො භික්ඛවෙ අත්ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං, තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායතී’ති.
Sinhala BJT1. මහණෙනි, (හේතු ප්‍රත්‍යයයෙන් හට නොගත් හෙයින්) අජාත නම් වූ, (ඉබේ පහළ නොවූ හෙයින්) අභූත නම් වූ, (කිසිවකින් නොකරණ ලද හෙයින්) අකත නම් වූ, (එහෙයින් ම) අසඞ්ඛත නම් වූ නිවණ ඇත්තේ ය. මහණෙනි, අජාත - අභූත - අකත - අසඞ්ඛත - සඞ්ඛ්‍යාත නිවණ ඉදින් නොවන්නේ නම්, ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්‍යාත සංස්කාරධර්‍මයන්ගේ සංසිඳීමෙක් නො පැණෙන්නේ ය. යම් හෙයකින් අජාත - අභූත - අකත - අසඞ්ඛත - නිවණ ඇත්තේ ද, එහෙයින් ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්‍යාත සංස්කාරධර්‍මයන්ගේ සංසිඳීම පැණේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “ජාතං භූතං සමුප්පන්නං, කතං සඞ්ඛතමද්ධුවං ජරාමරණසඞ්ඝාතං රොගනිඩ්ඩං{1} පභඞ්ගුරං{2} ආහාරනෙත්තිප්පභවං{3} නාලං තදභිනන්දිතුං.
Sinhala BJT2. “ජාත භුත සමුත්පන්න කත සඞ්ඛත අනිත්‍ය ලක්‍ෂණ වූ, ජරාමරණ හා එකට බැඳුනු, රෝගයන්ට කැදැල්ලක් වූ, වහා බිඳෙන සුලු, ආහාර තෘෂ්ණාව ප්‍රභව කොට ඇති (ඒ උපාදානස්කන්‍ධ පඤ්චකය) සිත් අලවන්නට සුදුසු නො වේ.
Pali BJT3. තස්ස නිස්සරණං සන්තං අතක්කාවචරං ධුවං අජාතං අසමුප්පන්නං අසොකං විරජං පදං නිරොධො දුක්ඛධම්මානං සඞ්ඛාරූපසමො සුඛො’ති”.
Sinhala BJT3. ඒ ස්කන්‍ධපඤ්චකයාගේ නික්මයාම ම ශාන්ත වේ. (ඒ නිර්‍වාණය) තර්‍කඥානයට විෂය නො වේ. නිත්‍ය වේ. අජාත වේ. අසමුත්පන්න වෙයි. අශෝක වෙයි. විරජ වෙයි. පද (ලදයුතු) වෙයි. දුක්ඛනිරෝධ වෙයි. සඞ්ඛාරූපසම වෙයි.(අත්‍යන්ත) සුඛ වෙයි.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 2. 7.
Sinhala BJT2. 2. 7.
Pali BJT[නිබ්බානධාතු සුත්තං]
Sinhala BJT[නිර්‍වාණධාතු සූත්‍රය]
Pali BJT44. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT44. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. ද්වෙ’මා භික්ඛවෙ නිබ්බානධාතුයො. කතමෙ ද්වෙ? සඋපාදිසෙසා ච නිබ්බානධාතු අනුපාදිසෙසා ච නිබ්බානධාතු.
Sinhala BJT1. මහණෙනි, මේ නිර්‍වාණධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: සෝපාදිශේෂ නිර්‍වාණධාතු, අනුපාදිශේෂ නිර්‍වාණධාතු ය.
Pali BJT2. කතමා ච භික්ඛවෙ සඋපාදිසෙසා නිබ්බානධාතු?
Sinhala BJT2. මහණෙනි, සෝපාදිශේෂ නිර්‍වාණධාතු කවරේ ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො. තස්ස තිට්ඨන්තෙව පඤ්චින්ද්රියානි යෙසං අවිඝාතත්තා{1} මනාපාමනාපං පච්චනුභොති සුඛදුක්ඛං පටිසංවෙදෙති. තස්ස යො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, අයං වුච්චති භික්ඛවෙ සඋපාදිසෙසා නිබ්බානධාතු.
Sinhala BJTමහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආස්‍රව ඇතියේ, වැස නිමවූ බඹසර ඇතියේ, කරණ ලද සිවුමග කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇතියේ, පිරිහුනු බවබැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේ ද, ඒ රහත්හු පිළිබඳ යම් ඉන්‍ද්‍රිය කෙනකුන් නිරුද්ධ නොකළ හෙයින් ඉටු අනිටු අරමුණු ලබයි ද, සැප දුක් විඳියි ද, ඒ පසිඳුරෝ පවත්නාහු ම වෙත්. ඒ රහත්හුගේ රාගක්‍ෂය, ද්වේෂක්‍ෂය, මෝහක්‍ෂය වේ ද, මහණෙනි, මේ (ක්ලේශපරිනිර්‍වාණය) සෝපාදිශේෂ නිර්‍වාණධාතුයැ යි කියනු ලැබේ.
Pali BJT3. කතමා ච භික්ඛවෙ අනුපාදිසෙසා නිබ්බානධාතු?
Sinhala BJT3. මහණෙනි, අනුපාදිශේෂ නිර්‍වාණධාතු කවරේ ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො. තස්ස ඉධෙව භික්ඛවෙ සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීති භවිස්සන්ති. අයං වුච්චති භික්ඛවෙ අනුපාදිසෙසා නිබ්බානධාතු.
Sinhala BJTමහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආස්‍රව ඇතියේ, වැස නිමවූ බඹසර ඇතියේ, කරණ ලද සිවු මග කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇතියේ, පිරිහුනු බවබැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේ ද, මහණෙනි, ඒ රහත්හුගේ සියලු වේදනාවෝ මේ අත්බැව්හි ම තෘෂ්ණාදීන් නොරුස්නා ලද්දාහු (අතිශයින් සන්හුන් බැවින්) සිහිල් වන්නාහුය. මහණෙනි, මේ (ස්කන්‍ධපරිනිර්‍වාණය) අනුපාදිශේෂ නිර්‍වාණධාතුයැ යි කියනු ලැබේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ:
Pali BJT4. දුවෙ ඉමා චක්ඛුමතා පකාසිතා නිබ්බානධාතූ අනිස්සිතෙන තාදිනා එකා හි ධාතු ඉධ දිට්ඨධම්මිකා සඋපාදිසෙසා භවනෙත්තිසඞ්ඛයා, අනුපාදිසෙසා පන සම්පරායිකා යම්හි නිරුජ්ඣන්ති භවානි සබ්බසො.
Sinhala BJT4. පසැස් ඇත්තා වූ, තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන් ආශ්‍රිත නොවූ, (ඉටු අනිටු අරමුණු විෂයයෙහි) තාදීගුණ යුක්ත වූ, බුදුරදුන් විසින් මේ නිර්‍වාණ ධාතුහු දෙදෙනෙක් වදාරණ ලදහ: එකක් දිට්ඨධම්මික (මේ අත්බවට අයත් වූ) උපාදි සඞ්ඛ්‍යාත ස්කන්‍ධශේෂ සහිත ය. භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාවගේ ක්‍ෂයයෙන් වේ. යම් නිර්‍වාණ ධාතුයෙක්හි සර්‍වප්‍රකාරයෙන් භවයෝ නිරුද්ධ වෙත් ද, ඒ අනුපාදිශේෂ නිර්‍වාණධාතු තොමෝ සාම්පරායික (හෙවත් මරණින් මත්තෙහි) වේ.
Pali BJT5. යෙ එතදඤ්ඤාය පදං අසඞ්ඛතං විමුත්තචිත්තා භවනෙත්තිසඞ්ඛයා, තෙ ධම්මසාරාධිගමා ඛයෙ රතා පහංසු තෙ සබ්බභවානි තාදිනො”ති.
Sinhala BJT5. යම් කෙනෙක් මේ අසඞ්ඛතධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණපදය දැන තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් මිදුනු සිත් ඇත්තාහු වෙත් ද, ඔහු ධම්මසාර නම් වූ රහත් බව ලැබීමෙන් නිවණෙහි ඇලුනාහු වෙත්. (නොහොත් ධම්මසාර නම් වූ නිර්‍වාණාධිගමයෙන් අනුපාදිශේෂ නිර්‍වාණයෙහි ඇලුනු) තාදී වු ඔහු සියලු භවයන් පහ කළාහු වෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 2. 8.
Sinhala BJT2. 2. 8.
Pali BJT[පටිසල්ලාන සුත්තං]
Sinhala BJT[ප්‍රතිසංලයන සූත්‍රය]
Pali BJT45. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT45. භගවත් බුදුරදුන් විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. පටිසල්ලානාරාමා භික්ඛවෙ විහරථ පටිසල්ලානරතා, අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තා, අනිරාකතජ්ඣානා විපස්සනාය සමන්නාගතා බ්රූහෙතා සුඤ්ඤාගාරානං. පටිසල්ලානාරාමානං භික්ඛවෙ විහරතං පටිසල්ලානරතානං අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තානං අනිරාකතමජ්ඣානානං විපස්සනාය සමන්නාගතානං බ්රූහෙතානං සුඤ්ඤාගාරානං ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙ’ව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.
Sinhala BJT1. මහණෙනි, හුදෙකලාබව්හි ඇලුනෝ ව, හුදෙකලාබවෙහි නිරත ව, වාසය කරවු. ස්වකීය චිත්තසමථයෙහි යෙදුනෝ වැ බැහැරැ නොකළ ධ්‍යාන ඇත්තෝ ව විදර්‍ශනාවෙන් යුක්ත වැ ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩන්නෝ වැ වාසය කරවු. මහණෙනි, හුදෙකලා වාසයෙහි ඇලී, හුදෙකලා වාසයෙහි නිරත ව චිත්තසමථයෙහි යෙදී බැහැර නොකළ ධ්‍යාන ඇති ව විදර්‍ශනාවෙන් යුක්ත ව ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩමින් වාසයකරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ අර්‍ත්‍ථය භගවත්හු වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙ සන්තචිත්තා නිපකා සතිමන්තො ච ඣායිනො සම්මා ධම්මං විපස්සන්ති කාමෙසු අනපෙක්ඛිනො
Sinhala BJT2. “යම් කෙනෙක් ශාන්ත සිත් ඇත්තාහු වෙත් ද, පාරිහාරික නුවණින් යුක්ත වෙත් ද, සිහි ඇත්තාහු වෙත් ද, ධ්‍යාන කරණ සුලු වෙත් ද, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු පඤ්චස්කන්‍ධය අනිත්‍යාදි වශයෙන් මොනවට බලත් ද,
Pali BJT3. අප්පමාදරතා සන්තා පමාදෙ භයදස්සිනො අභබ්බා පරිහානාය නිබ්බානස්සෙ’ව සන්තිකෙ”ති.
Sinhala BJT3. අප්‍රමාදයෙහි ඇලුනා වූ, ප්‍රමාදයෙහි බිය දක්නා සුලු වූ, ශාන්ත වූ, (ඔහු) පිරිහීමට සුදුස්සෝ නො වෙත්. නිවණ සමීපයෙහි ම වෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
Pali BJT2. 2. 9.
Sinhala BJT2. 2. 9.
Pali BJT[සික්ඛානිසංසසුත්තං]
Sinhala BJT[ශික්‍ෂානෘශංස සූත්‍රය]
Pali BJT46. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT46. භගවත් බුදුරදුන් විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. සික්ඛානිසංසා භික්ඛවෙ විහරථ පඤ්ඤුත්තරා විමුත්තිසාරා සතාධිපතෙය්යා. සික්ඛානිසංසානං භික්ඛවෙ විහරතං පඤ්ඤුත්තරානං විමුත්තිසාරානං සතාධිපතෙය්යානං ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.
Sinhala BJT1. මහණෙනි, (ත්‍රිවිධ) ශික්‍ෂාවෙහි අනුසස් දක්නා සුලු වූවාහු, ප්‍රඥාව ප්‍රධාන කොට ඇත්තාහු, විමුක්තිය හර කොට ඇත්තාහු සිහිය අධිපති කොට ඇත්තාහු වාසය කරවු. මහණෙනි, (ත්‍රිවිධ) ශික්‍ෂාවෙහි අනුසස් දැක ප්‍රඥාව ප්‍රධාන කොට, විමුක්තිය හර කොට සිහිය අධිපති කොට වාසය කරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද (යන) ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කරුණ ද භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “පරිපුණ්ණසෙඛං අපහානධම්මං පඤ්ඤුත්තරං ජාතිඛයන්තදස්සිං තං වෙ මුනිං අන්තිමදෙහධාරිං මානං ජහං බ්රූමි ජරාය පාරගුං.
Sinhala BJT2. “නිවණ දක්නා සුලු වූ, අන්තිම සිරුර දරන්නා වූ, මානය දුරු කළා වූ ජරාවගේ පරතෙරට ගියා වූ ඒ මුනි තෙමේ සම්පූර්‍ණ ශික්‍ෂා ඇත්තේ යැ යි ද, අකෝප්‍ය (අවිකාර්‍ය්‍ය) ධර්‍ම ඇත්තේ යැ යි ද, ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇත්තේ යැ යි ද කියමි.
Pali BJT3. තස්මා සදා ඣානරතා සමාහිතා ආතාපිනො ජාතිඛයන්තදස්සිනො මාරං සසෙනං අභිභුය්ය භික්ඛවො භවාථ{1} ජාතිමරණස්ස පාරගා”ති.
Sinhala BJT3. මහණෙනි, එසේ හෙයින් හැම කල්හි ධ්‍යානයෙහි ඇලුනාහු, එකඟ සිත් ඇත්තාහු, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාහු, නිවණ දක්නා සුලු වූවාහු, සේනා සහිත මරු මැඩ ලා ජාති (ජරා) මරණයන්ගේ පරතෙරට ගියාහු වවු.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT2. 2. 10.
Sinhala BJT2. 2. 10.
Pali BJT[ජාගරිය සුත්තං]
Sinhala BJT[ජාගර්‍ය සූත්‍රය]
Pali BJT47. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT47. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.
Pali BJT1. ජාගරො චස්ස භික්ඛවෙ භික්ඛු විහරෙය්ය සතො සම්පජානො සමාහිතො පමුදිතො විප්පසන්නො ච තත්ථ කාලවිපස්සී ච කුසලෙසු ධම්මෙසු. ජාගරස්ස භික්ඛවෙ භික්ඛුනො විහරතො සතස්ස සම්පජානස්ස සමාහිතස්ස පමුදිතස්ස විප්පසන්නස්ස තත්ථ කාලවිපස්සිනො කුසලෙසු ධම්මෙසු ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙ’ව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.
Sinhala BJT1. මහණෙනි, මහණ තෙමේ (කමටහන් මෙනෙහි කිරීමෙන්) නිදි දුරු කෙළේ, එළඹ සිටි සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, එකඟ වූ සිත් ඇත්තේ, ප්‍රමුදිත වූයේ, ප්‍රසන්න වූයේ, කුශලධර්‍ම විදර්‍ශනායෙහි කාලානුරූප වැ යෙදී වාසය කරන්නේ වේ ද, මහණෙනි, නිදි දුරුකළා වූ, එළඹ සිටි සිහි ඇති, සම්‍යක්ප්‍රඥා ඇති, එකඟ සිත් ඇති, ප්‍රමුදිත වූ, ප්‍රසන්න වූ ඒ කුශලධර්‍ම විදර්‍ශනායෙහි කාලානුරූප ව යෙදෙන භික්‍ෂුහු විසින් මේ අත්බැව්හි රහත් බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “ජාගරන්තා සුණාථෙතං යෙ සුත්තා තෙ පබුජ්ඣථ සුත්තා ජාගරියං{1} සෙය්යො නත්ථි ජාගරතො භයං.
Sinhala BJT2. “නිදි වර්‍ජජිත කිරීමෙහි යෙදුනාහු තෙපි මේ වචනය අසවු: යම් කෙනෙක් නිද්‍රාවට ගියාහු ද ඒ තෙපි පිබිදෙවු. නිදීමට වඩා නිදි වැරීම ශ්‍රේෂ්ඨය. නිදි වරන්නාට (අත්තානුවාදී) බියෙක් නැත්තේ ය.
Pali BJT3. යො ජාගරො ච සතිමා සම්පජානො සමාහිතො පමුදිතො{2} විප්පසන්නො කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සො.
Sinhala BJT3. යමෙක් නිදි දුරු කෙළේ, සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, එකඟ සික් ඇත්තේ, ප්‍රමුදිත වූයේ, විප්‍රසන්න වූයේ, සුදුසු කල්හි බෝධිපාක්‍ෂික ධර්‍මයන් හාත්පසින් විමසා බලන්නේ, හටගත් ශ්‍රේෂ්ඨ සමාධි ඇත්තේ වේ ද, හෙ තෙමේ මොහඳුර නසන්නේ වේ.
Pali BJT4. තස්මා හවෙ ජාගරියං භජෙථ ආතාපී භික්ඛු නිපකො ඣානලාභී සංයොජනං ජාතිජරාය ඡෙත්වා ඉධෙව සම්බොධි මනුත්තරං ඵුසෙ”ති.
Sinhala BJT4. එසේ හෙයින් ඒකාන්තයෙන් නිදි වැරීම භජනය කරවු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, ප්‍රඥාසම්පන්න ධ්‍යානලාභී භික්‍ෂු තෙමේ මේ අත්බැව්හි ම ජාතිජරාවන් පිළිබඳ සංයෝජනයන් නසා නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය ස්පර්‍ශ කරන්නේ ය. (ලබන්නේ යි.)
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.