Itivuttaka

Thus It Was Said

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 1102

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT26. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT26. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJT1. එවඤ්චෙ භික්ඛවෙ සත්තා ජානෙය්යුං දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, න අදත්වා භුඤ්ජෙය්යුං. න ච නෙසං මච්ඡෙරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්ය. යො’පි නෙසං අස්ස චරිමො ආලොපො චරිමං කබළං, තතො’පි න අසංවිභජිත්වා භුඤ්ජෙය්යුං සචෙ නෙසං පටිග්ගාහකා අස්සු. යස්මා ච ඛො භික්ඛවෙ සත්තා න එවං ජානන්ති දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, තස්මා අදත්වා භුඤ්ජන්ති, මච්ඡෙරමලඤ්ච නෙසං චිත්තං පරියාදාය තිට්ඨතී ති.
Sinhala BJT1. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මම යම් සේ දනිම් ද, එසේ ම සෙස්සෝත් දනිත් නම් නොදී නො වළඳන්නාහු ය. මසුරු මල ඔවුන්ගේ සිත හාත්පසින් අල්ලා ගෙණ නො සිටින්නේ ය. ඔවුන්ගේ යම් අවසන් බත් පිඩෙක් වෙයි නම්, පිළිගන්නෝද වෙත් නම්, ඒ බත් පිඩෙන් ද කොටසක් බෙදා නොදී නො වළඳන්නාහු ය. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මා දන්නා සේ සෙසු මිනිස්සු යම් හෙයකින් නො දනිත් ද, එබැවින් බෙදා දී නො වළඳත්. මසුරුමලද ඔවුන්ගේ සිත හාත්පසින් මැඩ ගෙණ සිටියි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය බුදුහු වදාළහ. එහි ලා මේ අර්‍ත්‍ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “එවං චෙ සත්තා ජානෙය්යුං යථාවුත්තං මහෙසිනා විපාකං සංවිභාගස්ස යථා හොති මහප්ඵලං
Sinhala BJT2-3. “බෙදා වැළඳීමෙහි අනුසස් මහත් ඵල වන පරිදි බුදුහු විසින් යම් ලෙසකින් වදාරණ ලද සැටියෙන් මිනිස්සු දනිත් නම්, මසුරුමල දුර ලන්නාහු ය. යම් තැනකට දෙන ලද්දේ මහත්ඵල වේ ද (එබඳු වු) ආර්‍ය්‍යයනට සුදුසු කාලයෙහි පහන් සිතින් දන් දෙන්නාහු ය.
Pali BJT3. විනෙය්ය මච්ඡෙරමලං විප්පසන්නෙන චෙතසා දජ්ජුං කාලෙන අරියෙසු යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4. අන්නං ච දත්වා බහුනො දක්ඛිණෙය්යෙසු දක්ඛිණං ඉතො චුතා මනුස්සත්තා සග්ගං ගච්ඡන්ති දායකා.
Sinhala BJT4. දන් පිළිගැණීමට සුදුසු ආර්‍ය්‍යයනට පරලොව අදහා දන් දී බොහෝ දායකයෝ මේ මිනිසත් බැවින් චුත ව ස්වර්‍ගයට යෙත්.
Pali BJT5. තෙ ච සග්ගං ගතා තත්ථ මොදන්ති කාමකාමිනො විපාකං සංවිභාගස්ස අනුභොන්ති අමච්ඡරා”ති.
Sinhala BJT5. ඒ දායකයෝ ස්වර්‍ගයට ගියාහු එහි සියලු කම්සැපවලින් යුක්ත ව සුතුටු වෙත්. මසුරුමල රහිත වූ ඔහු බෙදා වැළඳීමෙහි ප්‍රතිඵල වළඳත්.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන්වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. 3. 7.
Sinhala BJT1. 3. 7.
Pali BJT[මෙත්තාචෙතොවිමුත්ති සුත්තං]
Sinhala BJT[මෙත්තා චේතෝවිමුත්ති සූත්‍රය]
Pali BJT27. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT27. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. යානි කානිචි භික්ඛවෙ ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං. මෙත්තායෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති ච. සෙය්යථාපි භික්ඛවෙ යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දිමපභාය කලං නාග්ඝන්ති සොළසිං, චන්දප්පභා යෙව තා අධිග්ගහෙත්වා භාසතෙ ච, තපතෙ ච, විරොචති ච, එවං ඛො භික්ඛවෙ යානි කානිචි ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං. මෙත්තා යෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති ච.
Sinhala BJT1. මහණෙනි, උපධි සම්පතට (අත්බැව් සපුවට) හිතවූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො වටී. ඒ පින් කිරිය වත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි. මහණෙනි, තාරකාවන්ගේ යම් ප්‍රභායෙක් වේ නම් යම් සේ එය සඳපහනින් සොළොස් වන කලාවකුදු නො වටී ද, ඒ තරු එළිය මැඩ පවත්වා සඳ එළිය ම දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම ඔපධික වූ යම් ඒ පින්කිරිය වත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි.
Pali BJT2. සෙය්යථාපි භික්ඛවෙ වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ නභෙ ආදිච්චොනභං අබ්භුස්සක්කමානො{1} සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්චභාසතෙ ච තපතෙ ච විරොචති ච, එවමෙව ඛො භික්ඛවෙ යානි කානිචි ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං. මෙත්තා යෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච, තපතෙ ච, විරොචති ච. සෙය්යථාපි භික්ඛවෙ රත්තියා පච්චූසසමයං ඔසධි තාරකා භාසතෙ ච තපතෙ ච විරොචති ච, එව මෙව ඛො භික්ඛවෙ යානි කානිචි ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානිමෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං, මෙත්තා යෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති ච.
Sinhala BJT2. මහණෙනි, යම් සේ වස්සාන ඍතුවෙහි කෙළවර ඉල් මස සරත් කාලයෙහි හෙළි වූ, විසුරුණු වැහි වලාකුළු ඇති, පහ වූ වලාකුළු ඇති, අහසෙහි සූර්‍ය්‍යයා ගමන් කරන්නේ අහසෙහි වූ සියලු අඳුරු මැඩ පවත්වා දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි. මහණෙනි, යම් සේ රෑ පැසුලුයම්හි (අලුයම්හි) දහවත් තරුව දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වු යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩපවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, මැඩ බබලයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච, තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ:
Pali BJT3. “යො ච මෙත්තං භාවයති අප්පමාණං පතිස්සතො, තනූ සංයොජනා හොන්ති පස්සතො උපධික්ඛයං.
Sinhala BJT3. “යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් එළඹ සිටි සිහි ඇත්තේ මෛත්‍රී ධ්‍යානය අප්‍රාමාණ්‍ය වශයෙන් වඩා ද, නිර්‍වාණය දක්නා වු ඔහුගේ සඤ්ඤෝජනයෝ තුනී වෙත්.
Pali BJT4. එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො මෙත්තායති කුසලො තෙන හොති සබ්බෙ ච පාණෙ මනසානුකම්පං පහූතමරියො පකරොති පුඤ්ඤං.
Sinhala BJT4. ඉදින් එක් ප්‍රාණියකුකෙරෙහි දූෂිත නො වූ සිතින් යුතු ව මෙත් කෙරේ ද, ඒ හේතු කොට ගෙණ හෙ තෙමේ මහ පින් ඇත්තෙක් වේ. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාවෙන් යුත් ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කරන්නේ ය යනු කියනු ම කිම?
Pali BJT5. යො සත්තසණ්ඩං පඨවිං විජිත්වා රාජිසයො යජමානානුපරියගා, අස්සමෙධං පුරිසමෙධං සම්මාපාසං වාජපෙය්යං නිරග්ගලං.
Sinhala BJT5-6. මිනිසුන්ගෙන් ගැවැසී ගත්තා වූ මහ පොළොව ජය ගත් ඍෂීන් වැනි යම් දැහැමි රජ කෙනෙක් වූ ද (ඔහු) අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගළ යන යාගයන් කරමින් හැසුරුණාහු ද, ඒ යාග මනා කොට වඩන ලද මෙත් සිතින් ලැබෙන පිණින් සොළොස් වන කලාවකුදු නො අගී. සියලු තරු සඳපහනින් සොළොස් වන කලාවකුදු අගනාක් මෙනි.
Pali BJT6. මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස කලම්පි තෙ නානුභවන්ති සොළසිං චන්දප්පභා තාරගණා’ව සබ්බෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT7. යො න හන්ති න ඝාතෙති න ජිනාති න ජාපයෙ මෙත්තංසො සබ්බභූතෙසු වෙරං තස්ස න කෙනචි”ති.
Sinhala BJT7. යමෙක් තෙමේ කිසිවකුට හිංසා නො කෙරේ ද, අනුන් ලවා හිංසා නො කරවා ද, කිසිවකු නො පරදවා ද, අනුන් ලවා අනෙකකුට හානි නොකරවා ද, සියලු සතුන් කෙරෙහි මෛත්‍රියෙහි අංශයක් බඳු වේ ද ඕහට කිසිකරුණෙකිනුත් (නොහොත් කිසිවකු හා ද) වෛරයක් නැත්තේ ය.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJTවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි වර්‍ගයයි.
Pali BJTතස්සුද්දාන:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචිත්තං භායී උභො අත්ථෙ පුඤ්ජං වෙපුල්ලපබ්බතං. සම්පජානමුසාවාදො දානඤ්ච මෙත්තභාවනා. සත්තමානීධ සුත්තානි පුරිමානි ච වීසති එකධම්මෙසු සුත්තන්තා සත්තවීසතිසඞ්ගහා’ති.
Sinhala BJTපසන්නචිත්ත, මාපුඤ්ඤභායී, උභො අත්‍ථ, අට්ඨිපුඤ්ජ, සම්පජානමුසාවාද, දානසංවිභාග, මෙත්තාචෙතොවිමුත්ති යන සත ද පළමු කී විස්ස දැයි සත්විසි සූත්‍රාන්තයෝ ඒකක නිපාතයේ සඞ්තෘහීත වෙත්:
Pali BJTඑකකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඒකකනිපාතය නිමියේ ය.
Pali BJTදුකනිපාතො
Sinhala BJTදුක නිපාතය
Pali BJTපඨමො වග්ගො
Sinhala BJTප්‍රථම වර්‍ගය
Pali BJT2. 1. 1.
Sinhala BJT2. 1. 1.
Pali BJT[පඨමභික්ඛුසුත්තං]
Sinhala BJT[පඨමබික්ඛු සූත්‍රය]
Pali BJT28. {1}වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT28. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරරදුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. කතමෙහි ද්වීහි? ඉන්ද්රියෙසු අගුත්තද්වාරතාය ච භොජනෙ අමත්තඤ්ඤුතාය ච. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා”ති.
Sinhala BJT1. මහණෙනි, අකුශලධර්‍ම දෙකෙකින් යුක්තවූ මහණ තෙමේ මේ අත් බව්හිම (කායචිත්ත) පීඩාසහිත වූ, දැඩි වෙහෙස සහිත වූ, දැවීම් සහිත වූ දුකින් යුක්ත ව වෙසෙයි. ඔහු විසින් මරණින් මතු දුගතිය කැමැති විය යුතු වෙයි. කවර ධර්‍ම දෙකෙකින් ද යත්: ඉන්‍ද්‍රිය විෂයයෙහි අසංවර බැවිනුත්, අහරෙහි පමණ නොදන්නා බැවිනුත් ය. මහණෙනි, මේ අකුශල ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත් බව්හිම පීඩා සහිත වූ, දැඩි වෙහෙස සහිත වූ, දැවීම් සහිත වූ දුකින් යුතු ව වෙසෙයි. මරණින් මතු (ඔහු විසින්) දුගතිය කැමැති විය යුතු වෙයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ බුදුහු වදාළහ. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
Pali BJT2. චක්ඛු සොතඤ්ච ඝානඤ්ච ජිව්හා කායො අථො මනො එතානි යස්ස ද්වාරානි අගුත්තානීධ භික්ඛුනො
Sinhala BJT2-3. “මේ ශාසනයෙහි යම් කිසි මහණකුගේ ඇස කණ නැහැය දිව කය සිත යන මේ දෙරවල් නොවසන ලද ද, අහරෙහි පමණ නොදන්නා වූ ඉන්‍ද්‍රියයන්හි නොවැසූ දොර ඇති ඒ මහණ තෙමේ කය සිත පිළිබඳ සර්‍වප්‍රකාර දුකට පැමිණේ.
Pali BJT3. භොජනම්හි අමත්තඤ්ඤූ ඉන්ද්රියෙසු අසංවුතො කායදුක්ඛං චෙතොදුක්ඛං දුක්ඛං සො අධිගච්ඡති
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4. ඩය්හමානෙන කායෙන ඩය්හමානෙන චෙතසා දිවා වා යදි වා රත්තිං දුක්ඛං විහරති තාදිසො’ති.
Sinhala BJT4. එබඳු පුද්ගල තෙමේ කායික චෛතසික දුක් නැමැති ගින්නෙන් දැවෙමින් දිවා රෑ දෙක්හි ම දුක සේ වාසය කෙරෙයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT2. 1. 2.
Sinhala BJT2. 1. 2.
Pali BJT[දුතියභික්ඛු සුත්තං]
Sinhala BJT[දුතියබික්ඛු සූත්‍රය]
Pali BJT29. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT29. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛා. කතමෙහි ද්වීහි? ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය ච භොජනෙ මත්තඤ්ඤුතාය ච. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛා ති.
Sinhala BJT1. මහණෙනි, (කුශල) ධර්‍ම දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායචිත්ත) පීඩා නැති, දැඩි වෙහෙස නැති, නන්වැදෑරුම් දැවීම් නැති සැපයෙන් යුක්ත ව වෙසෙයි. මරණින් මතු ඔහු විසින් සුගතිය කැමැති විය යුතු වෙයි. කවර (කුශල) ධර්‍ම දෙකෙකින් ද යත්: ඉඳුරන්හි සංවරයෙනුත්, අහරෙහි පමණ දන්නා බැවිනුත් ය. මහණෙනි, මේ ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායචිත්ත) පීඩා නැති, දැඩි වෙහෙස නැති, නන්වැදෑරුම් දැවීම් නැති සැපයෙන් යුතු ව වෙසෙයි. (ඔහු විසින්) මරණින් මතු සුගතිය කැමැති විය යුතු වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. චක්ඛු සොතඤ්ච ඝානඤ්ච ජිව්හා කායො අථො{1} මනො. එතානි යස්ස ද්වාරානි සුගුත්තානීධ භික්ඛුනො.
Sinhala BJT2-3. “මේ ශාසනයෙහි යම් කිසි භික්‍ෂූවකගේ ඇස කණ නැහැය දිව කය සිත යන මේ සදොර වසන ලද ද, අහරෙහි පමණ දන්නා වු, ඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වූ ඒ භික්‍ෂු තෙමේ කය සිත පිළිබඳ සර්‍වප්‍රකාර සැපයට පැමිණේ.
Pali BJT3. භොජනම්හි ච මත්තඤ්ඤූ ඉන්ද්රියෙසු ච සංවුතො කායසුඛං චෙතොසුඛං සුඛං සො අධිගච්ඡති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4. අඩය්හමානෙන කායෙන අඩය්හමානෙන චෙතසා දිවා වා යදි වා රත්තිං සුඛං විහරති තාදිසො’ති.
Sinhala BJT4. එබඳු පුද්ගල තෙමේ කායික චෛතසික ගින්නෙන් නො දැවෙන්නේ දිවා රෑ දෙක්හි ම සැප සේ වාසය කෙරෙයි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT2. 1. 3.
Sinhala BJT2. 1. 3.
Pali BJT[තපනීය සුත්තං]
Sinhala BJT[තපනීය සූත්‍රය]
Pali BJT30. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT30. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. ද්වෙ මෙ භික්ඛවෙ තපනීයා. කතමෙ ද්වෙ? ඉධ භික්ඛවෙ එකච්චො අකතකල්යාණො හොති අකතකුසලො අකතභීරුත්තානො, කතපාපො කතලුද්දො කතකිබ්බිසො. සො අකතං මෙ කල්යාණන්ති’පි තප්පති. කතං මෙ පාපන්ති’පි තප්පති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා තපනීයා’ති.
Sinhala BJT1. මහණෙනි, (දෙලොව ම) පසුතැවිල්ල ඇති කරණ (පසුතැවිල්ලට හේතු වූ) මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තෙමේ නොකරණ ලද කලණ දම් ඇත්තේ, නොකරණ ලද කුසල් ඇත්තේ, නොකරණ ලද පුණ්‍ය කර්‍ම ඇත්තේ, කරණ ලද පාපකර්‍ම ඇත්තේ, කරණ ලද රෞද්‍ර කර්‍ම ඇත්තේ, කරණ ලද කිලිටි කම් ඇත්තේ වේ ද, හෙතෙමේ ‘මා විසින් පින් නොකරණ ලදැ’යි ද තැවෙයි. ‘පව් කරණ ලදැ’යි ද තැවෙයි. මහණෙනි, පසුතැවිල්ලට හේතු වූ මේ ධර්‍මයෝ දෙදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය ම (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. කායදුච්චරිතං කත්වා වචීදුච්චරිතානි ච මනොදුච්චරිතං කත්වා යඤ්චඤ්ඤං දොසසඤ්හිතං.
Sinhala BJT2-3. “ඒ අඥාන පුද්ගල තෙමේ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත හා (කර්‍මපථභාවයට නොගිය) වෙනත් අකුසල් ද කොට, කුසල් නො කොට, බොහෝ අකුසල් කොට, කාබුන් මරණින් මතු අපායෙහි උපදී.”
Pali BJT3. අකත්වා කුසලං කම්මං කත්වානාකුසලං බහුං කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජතීති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT2. 1. 4.
Sinhala BJT2. 1. 4.
Pali BJT[අතපනීය සුත්තං]
Sinhala BJT[අතපනීය සූත්‍රය]
Pali BJT31. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT31. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. ද්වෙ’ මෙ භික්ඛවෙ ධම්මා අතපනීයා. කතමෙ ද්වෙ? ඉධ භික්ඛවෙ එකච්චො කතකල්යාණො හොති කතකුසලො කතභීරුත්තාණො, අකතපාපො අකතලුද්දො අකතකිබ්බිසො. සො කතං මෙ කල්යාණන්ති’පි න තප්පති. ‘අකතං මෙ පාපන්ති’පි න තප්පති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා අතපනීයා’ති.
Sinhala BJT1. මහණෙනි, පසුතැවිල්ල ඇති නො කරණ (පසුතැවිල්ලට හේතු නොවන්නා වූ) මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් කරණ ලද කලණ දම් ඇත්තේ, කරණ ලද කුසල් ඇත්තේ, කරණ ලද පුණ්‍යකර්‍ම ඇත්තේ, නොකරණ ලද පාපකර්‍ම ඇත්තේ, නොකරණ ලද රෞද්‍ර කර්‍ම ඇත්තේ, නොකරණ ලද කිලිටි කම් ඇත්තේ වේ ද, හෙ තෙමේ ‘මා විසින් පින් කරණ ලදැ’යි ද නො තැවෙයි. ‘මා විසින් පව් නොකරණ ලදැ’යි ද නො තැවෙයි. මහණෙනි, පසුතැවිල්ල ඇති නොකරණ මේ ධර්‍මයෝ දෙදෙන වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය ම (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ:
Pali BJT2. “කායදුච්චරිතං හිත්වා වචීදුච්චරිතානි ච මනොදුච්චරිතං හිත්වා යඤ්චඤ්ඤං දොසසඤ්හිතං
Sinhala BJT2. “ඒ ප්‍රාඥ පුද්ගල තෙමේ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත හා වෙනත් සදොස් දැ ද (අකුසල්) හැර පියා,
Pali BJT3. අකත්වා’ කුසලං කම්මං කත්වාන කුසලං බහුං කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජතී”ති{1}.
Sinhala BJT3. අකුසල් නොකොට, බොහෝ කුසල් කොට, මරණින් මතු සුගතියෙහි උපදී.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT2. 1. 5.
Sinhala BJT2. 1. 5.
Pali BJT[පාපකසීල සුත්තං]
Sinhala BJT[පාපක සීල සූත්‍රය]
Pali BJT32. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT32. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි ද්වීහි? පාපකෙන ච සීලෙන පාපිකාය ච දිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ති.
Sinhala BJT1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන දෙකෙනි. මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “පාපකෙන ච සීලෙන පාපිකාය ච දිට්ඨියා එතෙහි ද්වීහි ධම්මෙහි යො සමන්නාගතො නරො කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජතී”ති.
Sinhala BJT2. “ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්‍යයෙක් වේ ද, ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 1. 6.
Sinhala BJT2. 1. 6.
Pali BJT[භද්දකසීල සුත්තං]
Sinhala BJT[භද්දක සීල සූත්‍රය]
Pali BJT33. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT33. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි ද්වීහි: භද්දකෙන ච සීලෙන භද්දිකාය ච දිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
Sinhala BJT1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්‍ගයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: යහපත් ශීලයෙන් ද, යහපත් දෘෂ්ටියෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්‍ගයෙහි උපදී.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTබුදුහු මෙ කරුණ වදාළ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “භද්දකෙන ච සීලෙන භද්දිකාය ච දිට්ඨියා එතෙහි ද්වීහි ධම්මෙහි, යො සමන්නාගතො නරො කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතී”ති.
Sinhala BJT2. “යහපත් වූ ශීලයෙන් ද යහපත් වූ දෘෂ්ටියෙන් ද, යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්‍යයෙක් වේ ද, ඒ නුවණැති පුද්ගල තෙමේ මරණින් මතු ස්වර්‍ගයෙහි උපදී.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 1. 7.
Sinhala BJT2. 1. 7.
Pali BJT[අනාතාපී සුත්තං]
Sinhala BJT[ආනාතාපී සූත්‍රය]
Pali BJT34. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT34. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJT1. අනාතාපී භික්ඛවෙ භික්ඛු අනොත්තාපී{1} අභබ්බො සම්බොධාය, අභබ්බො නිබ්බානාය, අභබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. ආතාපී ච ඛො භික්ඛවෙ භික්ඛු ඔත්තාපී{2} භබ්බො සම්බොධාය, භබ්බො නිබ්බානාය, භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමායා’ති.
Sinhala BJT1. මහණෙනි, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් තොර වූ, (කුසීත වූ) පවට බිය නැති මහණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට සුදුස්සෙක් නො වේ. නිර්‍වාණාධිගමයට සුදුස්සෙක් නො වේ. රහත් පලයට පැමිණීමට සුදුස්සෙක් නො වේ. මහණෙනි, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවට බිය ඇති මහණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට සුදුස්සෙක් වේ. නිර්‍වාණාධිගමයට සුදුස්සෙක් වේ. අර්‍හත්ඵලාධිගමයට සුදුස්සෙක් වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ බුදුහු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “අනාතාපී අනොත්තාපී{3} කුසීතො හීනවීරියො යො ථීනමිද්ධබහුලො අහිරීකො{4} අනාදරො අභබ්බො තාදිසො භික්ඛු ඵුට්ඨුං සම්බොධිමුත්තමං.
Sinhala BJT2. කෙලෙස් තවන වීර්‍ය්‍ය නැත්තා වූ, පවට බිය නොවන සුලු වූ, කුසීත වූ, වීර්‍ය්‍යය නැති, ථීන-මිද්ධය බහුල කොට ඇති, ලජ්ජා නැති, මනා පිළිවෙත්හි ආදරයක් නැති යම් මහණෙක් වේ ද, හෙ තෙමේ උතුම් වූ අර්‍හත්‍වය ලබන්ට සුදුස්සෙක් නො වේ.
Pali BJT3. යො ච සතිමා නිපකො ඣායී ආතාපී ඔත්තාපී ච අප්පමත්තො සංයොජනං ජාතිජරාය ඡෙත්වා ඉධෙව සම්බොධිමනුත්තරං ඵුසෙ.
Sinhala BJT3. යම් කිසි මහණෙක් මනා සිහියෙන් යුක්ත වූයේ, ප්‍රඥා ඇත්තේ, ධ්‍යාන වඩන සුලු වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, පවට බිය වන සුලු වූයේ, කමටහන් වැඩීමෙහි පමා නොවූයේ, ජාතිජරා සංයෝජන ධර්‍මයන් සිඳ මේ අත්බැව්හි ම උතුම් රහත්මඟ නුවණ ලබන්නේ ය.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 1. 8.
Sinhala BJT2. 1. 8.
Pali BJT[පඨම ජනකුහන සුත්තං]
Sinhala BJT[ප්‍රථම ජනකුහන සූත්‍රය]
Pali BJT35. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT35. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. නයිදං භික්ඛවෙ බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං ජනලපනත්ථං න ලාභසක්කාරසිලොකානිසංසත්ථං ‘ඉති මං ජනො ජානාතූ’ති. අථ ඛො ඉදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති සංවරත්ථඤ්ච පහානත්ථඤ්චාති.
Sinhala BJT1. මහණෙනි, මේ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය (නොහොත් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය) ‘ජන තෙමේ මා මෙසේ දනීවා’යි ජනයා විස්මය පත් කරණු පිණිස, ජනයා ලවා සිය ගුණ කියවනු පිණිස, ලාභසත්කාරකීර්ති සඞ්ඛ්‍යාත අනුසස් පිණිස නො වසනු ලැබේ. මහණෙනි, වැලිදු මේ බ්‍රහ්මචර්‍ය්‍යය සංවරය පිණිස ද ක්ලේශප්‍රහාණය පිණිස ද වසනු ලැබේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTබුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සංවරත්ථං පහානත්ථං බ්රහ්මචරියං අනීතිහං අදෙසයි සො භගවා නිබ්බාණොගධගාමිනං.
Sinhala BJT2. ඒ භාග්‍යවතුන් වහන්සේ සංවරය පිණිස ද, ප්‍රහාණය පිණිස ද, උපද්‍රව රහිත වූ, නිවන් නමැති ප්‍රතිෂ්ඨාවට පමුණුවන බ්‍රහ්මචර්‍ය්‍යය වදාළ සේක.
Pali BJT3. එස මග්ගො මහත්තෙහි{1} අනුයාතො මහෙසිභි.{2} යෙ යෙ තං පටිපජ්ජන්ති යථා බුද්ධෙන දෙසිතං දුක්ඛස්සන්තං කරිස්සන්ති සත්ථුසාසනකාරිනො”ති.
Sinhala BJT3. මේ මාර්‍ගය උදාර අදහස් ඇති මහාත්මයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය. බුදුරදුන් විසින් දේශනා කරණ ලද පරිදි යම් කෙනෙක් මේ බ්‍රහ්මචර්‍ය්‍යය පිළිපදිත් ද, ශාස්තෘශාසනය කරන්නා වු (ඔහු තුමූ) සසර දුක් කෙළවර කරන්නාහ.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ බුදුහු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 1. 9.
Sinhala BJT2. 1. 9.
Pali BJT[දුතිය ජනකුහන සුත්තං]
Sinhala BJT[දෙවෙනි ජනකුහන සූත්‍රය]
Pali BJT36. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT36. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. නයිදං භික්ඛවෙ බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං ජනලපනත්ථං ලාභසක්කාරසිලොකානිසංසත්ථං ‘ඉති මං ජනො ජානාතූ’ති. අථ ඛො ඉදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති අභිඤ්ඤත්ථඤ්චෙව පරිඤ්ඤත්ථඤ්චාති.
Sinhala BJT1. මහණෙනි, මේ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය (නොහොත් ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය) ‘ජන තෙමේ මා මෙසේ දනීවා’යි ජනයා විස්මය පත් කරණු පිණිස, ජනයා ලවා සිය ගුණ කියවා ගනු පිණිස, ලාභසත්කාර කීර්ති සඞ්ඛ්‍යාත අනුසස් පිණිස නො වසනු ලැබේ. මහණෙනි, වැලිදු මේ බ්‍රහ්මචර්‍ය්‍යයන් සර්‍වධර්‍මයන් විශිෂ්ටඥානයෙන් අවිපරීත ලෙස දැන ගණු පිණිස ද ත්‍රෛභූමක ධර්‍මයන් පිරිසිඳ දැන ගණු පිණිස ද වසනු ලැබේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTබුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “අභිඤ්ඤත්ථං පරිඤ්ඤත්ථං බ්රහ්මචරියං අනීතිහං අදෙසයි සො භගවා නිබ්බානොගධගාමිනං.
Sinhala BJT2. “ඒ භාග්‍යවතුන් වහන්සේ සර්‍වධර්‍මයන් ඇති සැටියෙන් විශිෂ්ටඥානයෙන් දැන ගණු පිණිස, ත්‍රෛභූමකධර්‍මයන් පිරිසිඳ දැන ගණු පිණිස ශඞ්කාරහිත වූ නොහොත් උවදුරු රහිත වූ නිවණට පමුණුවන මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය දේශනා කළ සේක.
Pali BJT3. එස මග්ගො මහත්තෙහි{3} අනුයාතො මහෙසිභි{4} යෙ යෙ තං පටිපජ්ජන්ති යථා බුද්ධෙන දෙසිතං දුක්ඛස්සන්තං කරිස්සන්ති සත්ථුසාසනකාරිනො”ති.
Sinhala BJT3. මේ මාර්‍ගය උදාර අදහස් ඇති, බුද්ධාදි මහාත්මයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය. බුදුරදුන් විසින් දේශනා කරණ ලද පරිදි යම් කෙනෙක් මේ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය පිළිපදිත් ද, ශාස්තෘශාසනය කරන්නා වු (ඔහු තුමූ) සසර දුක් කෙළවර කරන්නාහ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT2. 1. 10.
Sinhala BJT2. 1. 10.
Pali BJT[සොමනස්ස සුත්තං]
Sinhala BJT[සෝමනස්ස සූත්‍රය]