Itivuttaka

Thus It Was Said

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 101-200 of 1102

SegmentPali BJTSinhala BJT
Pali BJT[අවිජ්ජානීවරණා සුත්තං]
Sinhala BJT[අවිජ්ජානීවරණ සූත්‍රය]
Pali BJT14. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT14. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
Pali BJT1. නාහං භික්ඛවෙ අඤ්ඤං එකනීවරණම්පි සමනුපස්සාමි යෙන නීවරණෙන නිවුතා පජා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්ති යථයිදං භික්ඛවෙ අවිජ්ජානීවරණං. අවිජ්ජානීවරණෙන හි භික්ඛවෙ නිවුතා පජා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්තී’ති.
Sinhala BJT1. මහණෙනි, යම් නීවරණයෙකින් වෙළුනා වූ සත්ත්‍වයෝ (උත්පත්ති වශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ අවිද්‍යානීවරණය යම් සේ ද (එබඳු වූ) අන් එක ම නීවරණයකුදු මම (ඤාණසමනුපස්සනාවෙන්) නො දකිමි. මහණෙනි, අවිද්‍යානීවරණයෙන් ඇවුරුණා වූ සත්ත්‍වයෝ බොහෝ කලක් මුළුල්ලෙහි (උප්පත්තිවශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත්, හැසිරෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “නත්ථඤ්ඤො එකධම්මො’පි{2} යෙනෙවං{3} නිවුතා පජා. සංසරන්ති අහොරත්තං යථා මොහෙන ආවුතා.
Sinhala BJT2. “යම්සේ මෝහයෙන් ඇවුරුණාහු ද එසේ නම් නීවරණයෙකින් සත්ත්‍වයෝ නිතර සසර හැසිරෙත් ද, මේ අවිද්‍යා නීවරණය යම් සේ ද, එබඳු වූ අන් එක ම ධර්‍මයෙකුදු නැත්තේ ය.
Pali BJT3. “යෙ ච මොහං පහත්වාන{4} තමොඛන්ධං පදාළයුං න තෙ පුන සංසරන්ති හෙතු තෙසං න විජ්ජතී”ති.
Sinhala BJT3. යම් ආර්‍ය්‍යශ්‍රාවක කෙනෙක් මෝහය දුරු කොට අර්‍හත්ත්‍ව මාර්‍ගඥානයෙන් සහමුලින් මෝහස්කන්‍ධය සින්දාහු ද, ඔහු නැවත සසර නො හැසිරෙත්. ඔවුනට සසර හැසිරීමෙහි හේතුව විද්‍යාමාන නොවේ”.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 2. 5.
Sinhala BJT1. 2. 5.
Pali BJT[තණ්හාසංයොජනසුත්තං]
Sinhala BJT[තණ්හාසංයෝජන සූත්‍රය]
Pali BJT15. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT15. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
Pali BJT1. නාහං භික්ඛවෙ අඤ්ඤං එකසංයොජනම්පි{1} සමනුපස්සාමි යෙන සඤ්ඤොජනෙන සංයුත්තා සත්තා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්ති යථයිදං, භික්ඛවෙ තණ්හාසඤ්ඤොජනං. තණ්හාසඤ්ඤොජනෙන හි භික්ඛවෙ සංයුත්තා සත්තා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්තී’ති.
Sinhala BJT1. මහණෙනි, යම් සඤ්ඤෝජනයෙකින් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ තෘෂ්ණාසංයෝජනය යම් සේ ද එබඳු වූ අන් එකම සඤ්ඤෝජනයකුදු මම ඤාණසමනුපස්සනාවෙන් නො දකිමි. මහණෙනි, තෘෂ්ණාසඤ්ඤෝජනයෙන් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත්, හැසිරෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. තණ්හාදුතියො පුරිසො දීඝමද්ධාන සංසරං. ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති.
Sinhala BJT2. “තෘෂ්ණාව සහාය කොට ඇති පුරුෂ තෙමේ දීර්‍ඝකාලයක් හැසිරෙන්නේ මනුෂ්‍යාත්මභාවය හා අවශේෂ ආත්මභාව සඞ්ඛ්‍යාත සංසාරය නො ඉක්මෙයි.”
Pali BJT3. එතමාදීනවං ඤත්වා තණ්හං{2} දුක්ඛස්ස සම්භවං. වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ”ති.
Sinhala BJT3. “මහණ තෙමේ ස්මෘතිමත් වූයේ දුඃඛයාගේ හට ගැණීම වූ තෘෂ්ණාව මෙ බඳු ආදීනව ඇත්තේ ය යි දැන, පහ කළ තෘෂ්ණා ඇතියේ, උපාදාන රහිත වූයේ, සංසාර ප්‍රවෘත්තියෙන් ඉවත් වන්නේය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. 2. 6.
Sinhala BJT1. 2. 6.
Pali BJT[පඨමසෙඛසුත්තං]
Sinhala BJT[පළමු සේඛ සූත්‍රය]
Pali BJT16. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT16. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJT1. සෙඛස්ස භික්ඛවෙ භික්ඛුනො අප්පත්තමානසස්ස අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානස්ස විහරතො අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි යං එවං බහූපකාරං යථයිදං භික්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො භික්ඛවෙ භික්ඛු මනසිකරොන්තො අකුසලං පජහති කුසලං භාවෙතීති.
Sinhala BJT1. මහණෙනි, නො පැමිණි අර්‍හත්ත්‍වය ඇති උතුම් වූ නිවණ පතමින් වෙසෙන ශෛක්‍ෂ භික්‍ෂූහට සිය සතන්හි උපන් අඞ්ගයක් වශයෙන් මේ යෝනිසෝමනසිකාරය යම්සේ බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක ම අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරණ භික්‍ෂු අකුසල් පහ කරයි. කුසල් වඩයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යොනිසො මනසිකාරො ධම්මො සෙඛස්ස භික්ඛුනො, නත්ථඤ්ඤො එවං බහුකාරො උත්තමත්ථස්ස පත්තියා, යොනිසො පදහං භික්ඛු ඛයං දුක්ඛස්ස පාපුණෙ”ති.
Sinhala BJT2. “නුවණින් මෙනෙහි කිරීම් සඞ්ඛ්‍යාත යම් ධර්‍මයෙක් වේ ද, ශෛක්‍ෂ භික්‍ෂුහට අර්‍හත්ත්‍වය ලැබ ගැනීම පිණිස එ සේ මහත් සේ උපකාරී වූ අන් එක් කරුණකුදු නුවණින් නො දක්මි. භික්‍ෂු තෙමේ නුවණින් වීර්‍ය්‍ය වඩනුයේ දුඃඛක්‍ෂයට (නිවණට) පැමිණෙන්නේ ය.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. 2. 7.
Sinhala BJT1. 2. 7.
Pali BJT[දුතියසෙඛසුත්තං]
Sinhala BJT[දෙවන සේඛ සූත්‍රය]
Pali BJT17. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT17. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
Pali BJT1. සෙඛස්ස භික්ඛවෙ භික්ඛුනො අප්පත්තමානසස්ස අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානස්ස විහරතො බාහිරං අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි එවං බහූපකාරං යථයිදං භික්ඛවෙ කල්යාණමිත්තතා. කල්යාණමිත්තො භික්ඛවෙ භික්ඛු අකුසලං පජහති කුසලං භාවෙතීති.
Sinhala BJT1. මහණෙනි, නො පැමිණි අර්‍හත්ත්‍වය ඇති, උතුම් වූ නිවන පතමින් වෙසෙන ශෛක්‍ෂ භික්‍ෂුහට බාහිර වූ අඞ්ගයක් වශයෙන් මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බව බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රයන් ඇති භික්‍ෂු තෙමේ අකුසල් පහ කරයි, කුසල් වඩයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කල්යාණමිත්තො යො භික්ඛු සප්පතිස්සො සගාරවො, කරං මිත්තානං වචනං සම්පජානො පතිස්සතො, පාපුණෙ අනුපුබ්බෙන සබ්බසඤ්ඤොජනක්ඛය”න්ති.
Sinhala BJT2. “සුවච වූ, ගෞරව සහිත වු, කල්‍යාණමිත්‍රයන් ඇති යම් භික්‍ෂුවෙක් වේ ද ( හෙ තෙමේ) නුවණ ඇත්තේ, පිහිටි සිත් ඇත්තේ, කල්‍යාණමිත්‍රයන්ගේ වචනය (ඉටු) කරනුයේ, පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීම් සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණෙන්නේ ය.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. 2. 8.
Sinhala BJT1. 2. 8.
Pali BJT[සඞ්ඝභෙදසුත්තං]
Sinhala BJT[සඞ්ඝභේද සූත්‍රය]
Pali BJT18. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT18. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJT1. එකධම්මො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. කතමො එකධම්මො? සඞ්ඝභෙදො. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ භින්නෙ අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි චෙව හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිභාසා ච හොන්ති අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිච්චජනා ච හොන්ති. තත්ථ අප්පසන්නා චෙව නප්පසීදන්ති. පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තං හොතී”ති.
Sinhala BJT1. “මහණෙනි, එක් (මහා සාවද්‍ය වූ) අකුශල ධර්‍මයෙක් සත්ත්‍ව ලෝකයෙහි පහළ වනුයේ, බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්හට අහිත පිණිස දුක් පිණිස පහළ වෙයි. කවර එක් ධර්‍මයෙක් ද යත්: සඞ්ඝභේදය යි. මහණෙනි, සඞ්ඝයා බිඳුණු කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ තර්‍ජනයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද වෙත්, ඔවුනොවුන්ගේ අත්හැරීම්හු ද වෙත්. එහි නො පහන් වූවෝ ද නො පහදිත්. පැහැදුණු ඇතැමුන්ගේ වෙනස් බවෙක් ද වෙයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “ආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො, වග්ගාරාමො අධම්මට්ඨො යොගක්ඛෙමා විධංසති, සඞ්ඝං සමග්ගං භෙත්වාන කප්පං නිරයම්හි පච්චතී’ති.
Sinhala BJT2. “අපායෙහි ඉපැද්මට සුදුසු වූ අවීචි මහානරකයෙහි ඉපැත්ම පිණිස පවත්නා වූ, කපක් මුළුල්ලෙහි එහි සිටීමට කාරණ වූ ව්‍යග්‍රාරාම වූ (භේදයෙහි ඇලුණු) අධර්‍මයෙහි පිහිටියා වූ, සඞ්ඝභේද කර්‍මය කරන්නා වූ පුද්ගල තෙමේ නිවනින් වෙසෙසින් පිරිහෙයි. ( නිවන් නො ලබයි.) සමග වූ සඞ්ඝයා බිඳ කල්පයක් නරකයෙහි පැසෙයි.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. 2. 9.
Sinhala BJT1. 2. 9.
Pali BJT[සඞ්ඝසාමග්ගිසුත්තං]
Sinhala BJT[සඞ්ඝසාමග්ගී සූත්‍රය]
Pali BJT19. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT19. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJT1. එකධම්මොභික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එක ධම්මො? සඞ්ඝසාමග්ගි. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චෙව පසීදන්ති, පසන්නානඤ්ච භිය්යොභාවො හොතී’ති.
Sinhala BJT1. “මහණෙනි, එක් කුශල ධර්‍මයෙක් සත්ත්‍ව ලෝකයෙහි උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස, සැප පිණිස උපදියි. කවර එක් ධර්‍මයෙක් ද? යත්: සඞ්ඝයාගේ සමගිය යි. මහණෙනි, සඞ්ඝයා සමඟ වූ කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ නො වෙත්, ඔවුනොවුන්ගේ තර්‍ජනයෝ ද නො වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද නො වෙත්, ඔවුනොවුන්ගේ අත් හැරීම් ද නො වේ. එහි ලා නො පහන් වූවෝ පහදිත්. පහන් වූවන්ගේ බොහෝ බව ද වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානඤ්චනුග්ගහො සමග්ගරතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති, සඞ්ඝං සමග්ගං කත්වාන කප්පං සග්ගම්හි මොදතී’ති.
Sinhala BJT2. “සඞ්ඝයාගේ සමඟිය සැපයට හේතුවෙකි. සමගවූවනට අනුබල දීම ද සුව එළවන්නේ වේ. සමගියෙහි ඇලුනා වූ, ධර්‍මයෙහි පිහිටි පුද්ගල තෙමේ නිවනින් නො පිරිහෙයි. සඞ්ඝයා සමඟ කොට කල්පයක් දෙව්ලොවැ සතුටු වෙයි.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 2. 10.
Sinhala BJT1. 2. 10.
Pali BJT[පදුට්ඨපුග්ගලසුත්තං]
Sinhala BJT[පදුට්ඨපුග්ගල සූත්‍රය]
Pali BJT20. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT20. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. ඉදාහං භික්ඛවෙ එකච්චං පුග්ගලං පදුට්ඨචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමම්හි චායං සමයෙ පුග්ගලො කාලං කරෙය්ය, යථාභතං නික්ඛිත්තො, එවං නිරයෙ. තං කිස්ස හෙතු: චිත්තඤ්හි’ස්ස භික්ඛවෙ පදුට්ඨං. චෙතොපදොසහෙතු ඛො පන භික්ඛවෙ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තී”ති.
Sinhala BJT1. මහණෙනි, මම මේ ලෝකයෙහි දූෂිත සිතැති ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම් ගෙන එන ලද්දක් යම් සේ බිම තබා ද, එසේ නිරයෙහි උපදනේ වෙයි. ඒ කවර හෙයින? යත්: මහණෙනි, යම් හෙයෙකින් ඔහුගේ සිත ප්‍රදුෂ්ට ද, එහෙයින්. මහණෙනි, සිත දූෂිත වීම හේතු කොට ගෙණ මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තා වූ, දුකට හේතු වූ, විවශ ව පතිත වන තැන වූ නරකයෙහි උපදිත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මෙහි ලා මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “පදුට්ඨචිත්තං ඤත්වාන එකච්චං ඉධ පුග්ගලං, එතමත්ථඤ්ච ව්යාකාසි බුද්ධො භික්ඛූන සන්තිකෙ.
Sinhala BJT2. “මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු ප්‍රදුෂ්ට සිත් ඇත්තකු වශයෙන් දැන බුදුහු භික්‍ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය ප්‍රකාශ කළහ:
Pali BJT3. ඉමම්හි චායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො, නිරයං උපපජ්ජෙය්ය චිත්තඤ්හි’ස්ස පදූසිතං.”
Sinhala BJT3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම් නරකයෙහි උපදනේ ය. යම් හෙයකින් ඔහුගේ සිත දූෂිත වූයේ ද එ හෙයිනි.“
Pali BJT4. යථා’හරිත්වා නික්ඛිපෙය්ය එවමෙව තථාවිධා චෙතොපදොසහෙතූ හි සත්තා ගච්ඡන්ති දුග්ගති”න්ති
Sinhala BJT4. “යම්සේ යමක් ගෙනවුත් බහා තබන්නේ ද, එසේ ම එවැනි සත්ත්‍වයෝ චිත්තප්‍රදෝෂ හේතුයෙන් දුගතියට යෙත්.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJTවග්ගො දුතියො.
Sinhala BJTදෙවන වර්‍ගය යි.
Pali BJTතස්සුද්දාන:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමොහො කොධො අථ මක්ඛො විජ්ජා තණ්හා සෙඛා දුවෙ, භෙදො සාමග්ගි පුග්ගලො ච වග්ගමාහු දුතියන්ති වුච්චති.
Sinhala BJTමෝහ, කෝධ, මක්ඛ, මෝහ, අවිජ්ජා, (නීවරණ), තණ්හා (සංයෝජන) සේඛ දෙකය, සඞ්ඝභේද, සඞ්ඝසාමග්ගි, දුට්ඨපුග්ගල යැ යි මේ සූත්‍ර කීහු. වර්‍ගය දෙවැනි ය යි කියනු ලැබේ.
Pali BJTතතියො වග්ගො
Sinhala BJTතතිය වර්‍ගය
Pali BJT1. 3. 1.
Sinhala BJT1. 3. 1.
Pali BJT[පසන්නචිත්ත සුත්තං]
Sinhala BJT[පසන්නචිත්ත සූත්‍රය]
Pali BJT21. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT21. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
Pali BJT1. ඉදාහං භික්ඛවෙ එකච්චං පුග්ගලං පසන්නචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමම්හි චායං සමයෙ පුග්ගලො කාලං කරෙය්ය යථා’භතං නික්ඛිත්තො එවං සග්ගෙ. තං කිස්ස හෙතු? චිත්තඤ්හි’ස්ස භික්ඛවෙ පසන්නං. චෙතොපසාද හෙතු ඛො පන භික්ඛවෙ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී ති.
Sinhala BJT1. මහණෙනි, මේ ලෝකයෙහි පැහැදුණු සිත් ඇති ඇතැම් පුද්ගලයකු මෙසේ (මගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දනිමි: “මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම්, හිසින් ගෙනා බරක් යම්සේ බහා තබනු ලැබේ ද, එසේ ම ස්වර්‍ගයෙහි උපදියි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න ය. එ හෙයින් මහණෙනි, සිත පැහැදීම හේතු කොට ගෙණ මෙසේ සමහර සත්ත්‍වයෝ කරජකායයාගේ භේදයෙන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපදිත්.”
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) කියනු ලැබේ:
Pali BJT2. “පසන්න චිත්තං ඤත්වාන එකච්චං ඉධ පුග්ගලං, එතමත්ථං ච ව්යාකාසි බුද්ධො භික්ඛූන සන්තිකෙ
Sinhala BJT2. “මේ ලෝකයෙහි ඇතැම් පහන් සිතැති පුඟුලකු දැන බුදුහු භික්‍ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය වදාළහ:
Pali BJT3. ඉමම්හි චායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො, සුගතිං උපපජ්ජෙය්ය චිත්තඤ්හි’ස්ස පසාදිතං.
Sinhala BJT3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම්, සුගතියෙහි උපදනේ ය. ඔහුගේ සිත ප්‍රසන්න ය එහෙයිනි.
Pali BJT4. යථා’හරිත්වා නික්ඛිපෙය්ය එවමෙව තථාවිධො චෙතොපසාදහෙතූ හි සත්තා ගච්ඡන්ති සුග්ගති”න්ති.
Sinhala BJT4. යම් සේ යමක් ගෙණවුත් බහා තබන්නේ ද, පැහැදුණු සිත් ඇති පුද්ගල තෙමේ ද, එ පරිද්දෙන් ම ස්වර්‍ගයෙහි උපදනේ වේ. සිත පැහැදීම හේතු කොට ගෙන සත්ත්‍වයෝ සුගතියට යෙත්.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT1. 3. 2.
Sinhala BJT1. 3. 2.
Pali BJT[මාපුඤ්ඤභායී සුත්තං{1}]
Sinhala BJT[මාපුඤ්ඤභායී සූත්‍රය]
Pali BJT22. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT22. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. මා භික්ඛවෙ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සෙතං භික්ඛවෙ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි. අභිජානාමි ඛො පනාහං භික්ඛවෙ දීඝරත්තං කතානං පුඤ්ඤානං ඉට්ඨං කන්තං පියං මනාපං විපාකං පච්චනුභූතං. සත්ත වස්සානි මෙත්තචිත්තං භාවෙත්වා සත්ත සංවට්ටවිවට්ටකප්පෙ නයිමං ලොකං පුනරාගමාසිං. සංවට්ටමානෙ සුදං භික්ඛවෙ කප්පෙ ආභස්සරූපගො හොමි. විවට්ටමානෙ කප්පෙ සුඤ්ඤං බ්රහ්මවිමානං උපපජ්ජාමි. තත්ර සුදං භික්ඛවෙ බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං භික්ඛවෙ සක්කො අහොසිං දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසම්පන්නො. කො පන වාදො පදෙසරජ්ජස්ස? තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘කිස්ස නු ඛො මෙ ඉදං කම්මස්ස ඵලං, කිස්ස කම්මස්ස විපාකො, යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවො’ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: තිණ්ණං ඛො මෙ ඉදං කම්මානං ඵලං, තිණ්ණං කම්මානං විපාකො, යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවො’ති, සෙය්යථිදං: දානස්ස දමස්ස සඤ්ඤමස්සා’ති.
Sinhala BJT1. මහණෙනි, පිණට බිය නො වවු. මහණෙනි, මේ පින් යනු යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ සැපයට නමෙකි. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි (මා විසින්) කරන ලද පුණ්‍යකර්‍මවල යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ ප්‍රතිඵල වළඳන ලදැ යි මම හොඳින් දනිමි. සත් වසක් මෙත් සිත වඩා (සංවර්‍ත විවර්‍ත) මහාකල්ප සතක් මුළුල්ලෙහි මේ කාම ලෝකයට පෙරළා නො ආයෙමි. මහණෙනි, කල්පය වැනැසෙන කල්හි ආභස්සර නම් බඹලොවට යන්නෙම් වෙමි. කල්පය හට ගන්නා කල්හි හිස්වූ (ප්‍රථමධ්‍යාන භූමි සඞ්ඛ්‍යාත) බ්‍රහ්ම විමානයෙක උපදිමි. මහණෙනි, මම එහි (බඹ විහරණයෙන් උපන් හෙයින් ) බ්‍රහ්මයා වෙමි. (බ්‍රහ්ම පාරිසද්‍ය බ්‍රහ්ම පුරෝහිතයනට වඩා ශ්‍රේෂ්ඨ හෙයින්) මහාබ්‍රහ්ම වෙමි. කිසිවකු විසින් මැඩ පැවැත්වියැ නො හැකි වෙමි. කිසි යම් ගුණයෙකිනුදු කිසිසේත් මැඩ පැවැත්විය නො හැකි වෙමි. තුන් කල් දත්තෙම් වෙමි. සෙස්සන්ගේ සිත් තමාගේ වශයෙහි පවත්වන්නෙම් වෙමි. මහණෙනි, මම සතිස් වරක් දෙවියනට අධිපති වූ ශක්‍රයා වීමි. නොයෙක් සියගණන් වාරයන්හි ධාර්මික වූ, ධර්‍මරාජන් වූ, සතර මහා ද්වීපයට අධිපති වූ, සතුරන් ජය ගන්නා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූ, සත් රුවනින් යුක්ත වූ සක්විති රජ වීමි. ප්‍රදේශ රාජ්‍යලාභය ගැන කියනුම කවරේ ද? මහණෙනි, ඒ මට “මේ මගේ කවර කර්‍මයෙක ප්‍රතිඵලයෙක් ද? යම් හෙයකින් මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් නම්, මහානුභාව ඇත්තෙම් නම්, ඒ කවර කර්‍මයෙක විපාකයෙක් දැ?”යි මෙ බඳු සිතෙක් විය. මහණෙනි, ඒ මට “යමක් හේතු කොට ගෙණ මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් ද, මෙසේ මහානුභාව ඇත්තෙම් ද, එය මා විසින් කරන ලද මේ පින්කම් තුනේ ප්‍රතිඵලය යි. ඒ කවරේද? යත්: දානය, ඉන්‍ද්‍රිය දමනය, කායවාක් සංවරය යන තුන යැ” යි මේ සිත විය.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTබුදුහු මේ කාරණය වදාළහ. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “පුඤ්ඤමෙව සො සික්ඛෙය්ය ආයතග්ගං සුඛුද්රයං දානඤ්ච සමචරියඤ්ච මෙත්තචිත්තඤ්ච භාවයෙ.
Sinhala BJT2. “යමෙක් තමහට වැඩ කැමැති නම්, හෙ තෙමේ මහත් ඵල ඇති, සැප විපාක ගෙණ දෙන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව ම සම්පූර්‍ණ කරන්නේ ය. දානය ද (සමචර්‍ය්‍යා නම් වූ) ශීලය ද, මෙත් සිත ද වඩන්නේ ය.
Pali BJT3. එතෙ ධම්මෙ භාවයිත්වා තයො සුඛසමුද්දයෙ අබ්යාපජ්ඣං සුඛං ලොකං පණ්ඩිතො උපපජ්ජතී”ති.
Sinhala BJT3. නුවණැති මනුෂ්‍ය තෙමේ මේ ත්‍රිවිධ ධර්‍මයන් සම්පූර්‍ණ කොට දුක් රහිත වු බ්‍රහ්ම ලෝකයට පැමිණෙන්නේ ය.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. 3. 3.
Sinhala BJT1. 3. 3.
Pali BJT[උභො-අත්ථ සුත්තං]
Sinhala BJT[උභො-අත්‍ථ සූත්‍රය]
Pali BJT23. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT23. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
Pali BJT1. එකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො උභො අත්ථෙ සමධිගය්හ තිට්ඨති, දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්ච. කතමො එකධම්මො? අප්පමාදො කුසලෙසු ධම්මෙසු. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො උභො අත්ථෙ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා ති.
Sinhala BJT1. මහණෙනි, එක් ධර්‍මයෙක් වඩන ලද්දේ නැවැත නැවැත පුරුදු කරණ ලද්දේ මෙලොව යහපත පරලොව යහපත යන උභය ලෝකාර්‍ත්‍ථසිද්ධිය අත් නොහැර පවතී. කවර එක් ධර්‍මයෙක් ද යත්: කුශලධර්‍මයන් කෙරෙහි සිහිය එළැවීම යි. මහණෙනි, මේ එක ම ධර්‍මය වඩන ලද්දේ නැවැත නැවැත පුරුදු කරණ ලද්දේ මෙලොව යහපත පරලොව යහපත යන උභය ලෝකාර්‍ත්‍ථසිද්ධිය අත් නොහැර පවත්නේ යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා. අප්පමත්තො උභො අත්ථෙ අධිගණ්හාති පණ්ඩිතො.
Sinhala BJT2. “පුණ්‍යක්‍රියා විෂයයෙහි සිහිය එළවීම පඬිවරු පසසත්. සිහි ඇති පණ්ඩිත තෙමේ දෙලොව යහපත වෙසෙසින් සලසා ගනී.
Pali BJT3. දිට්ඨෙවධම්මෙ යො අත්ථො යො චත්ථො සම්පරායිකො අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චතී”ති.
Sinhala BJT3. මෙලොව දී ලැබිය යුතු යම් අභිවෘද්ධියෙක් වේ නම් එය ද, පරලොව දී ලැබිය යුතු යම් අභිවෘද්ධියෙක් ඇත් නම් එය ද යන දෙලොවෙහි අභිවෘද්ධිය ලැබීම හේතු කොට ගෙණ ඒ නැණවත් පුද්ගල තෙමේ පණ්ඩිතයෙක් යැ යි කියනු ලැබේ.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය වදාරණ ලදී. මවිසින් මෙසේ අසන ලදි.
Pali BJT1. 3. 4.
Sinhala BJT1. 3. 4.
Pali BJT[අට්ඨිපුඤ්ජසුත්තං]
Sinhala BJT[අට්ඨිපුඤ්ජ සූත්‍රය]
Pali BJT24. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT24. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මවිසින් මෙසේ අසන ලදි:
Pali BJT1. එකපුග්ගලස්ස භික්ඛවෙ කප්පං සන්ධාවතො සංසරතො සියා එවං මහාඅට්ඨිකඞ්කලො අට්ඨිපුඤ්ජො අට්ඨිරාසි යථායං වෙපුල්ල පබ්බතො. සචෙ සංහාරකො අස්ස සම්භතඤ්ච න විනස්සෙය්යා”ති.
Sinhala BJT1. මහණෙනි, මහා කල්පයක් තුළ සසර ඇවිදින්නා වූ, ඒ ඒ භවයෙහි හැසිරෙන්නා වූ සත්ත්‍වයකුගේ ඇටගොඩ, අස්ථිපුඤ්ජය, ඇටරැස ඉදින් එක් රැස් කරණ ලද්දේ නො නැසී පවත්නේ නම්, එය මේ වේපුල්ල පර්‍වතය සෙයින් මහත් වන්නේ ය.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “එකස්සෙකෙන කප්පෙන පුග්ගලස්සට්ඨිසඤ්චයො සියා පබ්බතසමො රාසි ඉති වුත්තං මහෙසිනා.
Sinhala BJT2-3. “මගධ රට ගිරිබ්බජ නම් වූ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වට උතුරින් පිහිටි ඒ මේ වේපුල්ල පර්‍වතය (රජගහ නුවර පිරිවරා සිටි කඳු පහ අතුරින්) මහත් යැ යි කියනු ලැබේ. එක් කපක් තුළ රැස් කරණ ලද එක් පුද්ගලයකුගේ ඇට සමූහය ඒ වේපුල්ල පර්‍වතයට සම වේ යැ යි මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJT3. සො ඛො පනායං අක්ඛාතො වෙපුල්ලො පබ්බතො මහා උත්තරො ගිජ්ඣකූටස්ස මගධානං ගිරිබ්බජෙ.
Sinhala BJTSegment missing in this edition
Pali BJT4. යතො අරියසච්චානි සම්මප්පඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.
Sinhala BJT4-5. “යම් කලෙක පටන් පුද්ගල තෙමේ දුක ය, දුක ඉපදීමට හේතුවය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්‍ගය යන ආර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක්ප්‍රඥාවෙන් දකී ද, හෙතෙමේ සත් වර හිම් කොට (භවයෙහි) ඔබ මොබ හැසිර සියලු සඤ්ඤෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.”
Pali BJT5. සත්තක්ඛත්තුං පරමඤ්ච සන්ධාවිත්වාන පුග්ගලො දුක්ඛස්සන්තකරො හොති සබ්බසංයොජනක්ඛයා”ති.
Sinhala BJTSegment missing in this edition
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මවිසින් මෙසේ අසන ලදී.
Pali BJT1. 3. 5.
Sinhala BJT1. 3. 5.
Pali BJT[සම්පජාන මුසාවාද සුත්තං]
Sinhala BJT[සම්පජානමුසාවාද සූත්‍රය]
Pali BJT25. වුත්තං හෙතං භගවතා, වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT25. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. එකං ධම්මං අතීතස්ස භික්ඛවෙ පුරිසපුග්ගලස්ස නාහං තස්ස කිඤ්චි පාපකම්මං අකරණීයන්ති වදාමි. කතමං එකධම්මං? යථයිදං{1} භික්ඛවෙ සම්පජාන මුසාවාදො’ති.
Sinhala BJT1. මහණෙනි, වාක්සත්‍ය නම් වූ එක් ධර්‍මයක් ඉක්මි ඒ පුද්ගලයා විසින් නො කළ හැකි කිසි යම් පාපකර්‍මයෙක් නැතැ යි මම කියමි. කවර එක් ධර්‍මයෙක් ද? යත්: මහණෙනි, යම් බඳුවූ මේ දැන දැන බොරු කීමෙක් වේ ද එය යි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය බුදුහු වදාළහ. ඒ අර්‍ත්‍ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “එකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනො විතිණ්ණපරලොකස්ස නත්ථි පාපං අකාරියන්ති.”
Sinhala BJT2. “එක ම වාක්සත්‍යය ඉක්මි, බොරු කියන සුලු වූ, පරලොව සැපතින් ඉවත් වූ මනුෂ්‍යයා විසින් නො කළ හැකි පවෙක් නැත්තේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. 3. 6.
Sinhala BJT1. 3. 6.
Pali BJT[දානසංවිභාග සුත්තං]
Sinhala BJT[දානසංවිභාග සූත්‍රය]