Itivuttaka

Thus It Was Said

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 1102

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4. යෙසං වෙ සාසනං සුත්වා සම්මදඤ්ඤාය පණ්ඩිතා, ජාතික්ඛයමභිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භවන්ති.”
Sinhala BJT4. නුවණැත්තෝ යම් ආර්‍ය්‍ය කෙනකුන්ගේ අවවාදය අසා සම්‍යක් ප්‍රඥාවෙන් දැන ජාතික්‍ෂය (සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය) අවබෝධ කොට ඒකාන්තයෙන් පුනර්‍භවයට නො යෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 6.
Sinhala BJT4. 1. 6.
Pali BJT[තණ්හුප්පාදසුත්තං]
Sinhala BJT[තෘෂ්ණෝත්පාද සූත්‍රය]
Pali BJT105. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT105. භාග්‍යවතුන් වහන්සේ විසින්මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJT1. චත්තාරො’මෙ භික්ඛවෙ තණ්හුප්පාදා යත්ථ භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. කතමෙ චත්තාරො?
Sinhala BJT1. මහණෙනි, යමක් නිමිති කොට භික්‍ෂුහට තෘෂ්ණාව උපදී නම් තෘෂ්ණෝත්පාද කාරණයෝ මේ සිවු දෙනෙක් වෙත්. කවර සිවු දෙනෙක් ද යත්:
Pali BJTචීවරහෙතු වා භික්ඛවෙ භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. පිණ්ඩපාතහෙතු වා භික්ඛවෙ භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. සෙනාසනහෙතු වා භික්ඛවෙ භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. ඉතිභවාභවහෙතු වා භික්ඛවෙ භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.
Sinhala BJTමහණෙනි, චීවරය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, පිණ්ඩපාතය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, සේනාසනය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, මෙසේ ප්‍රණීත-අප්‍රණීත-අති ප්‍රණීත දෑ හේතු කොට ගෙණ ද තෘෂ්ණාව උපදිනුයේ උපදී.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො තණ්හුප්පාදා යත්ථ භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජතීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී ද, මේ ඒ තෘෂ්ණෝත්පාද කාරණයෝ සිවු දෙන වෙති.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “තණ්හාදුතියො පුරිසො දීඝමද්ධාන සංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති.
Sinhala BJT2. “තෘෂ්ණා දෙවෙනි කොටැති (තෘෂ්ණාව සහාය කොටැති) පුරුෂ තෙම දීර්‍ඝ කාලයක් මුළුල්ලෙහි හැසිරෙන්නේ මේ ආත්මභාවය ද අනාගත ආත්මභාවය ද ලක්‍ෂණ කොට ඇති සංසාරය නො ඉක්මෙයි.
Pali BJT3. එවමාදීනවං ඤත්වා තණ්හං දුක්ඛස්ස සම්භවං, වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ”ති.
Sinhala BJT3. තෘෂ්ණාව සසර දුකට මුල් වන්නේ යැ යි මෙසේ ආදීනව වශයෙන් දැන පහ කරණ ලද තෘෂ්ණාව ඇති (නැවත භවයෙහි පිළිසඳ ගැන්මක් නැති හෙයින්) ආදාන රහිත වූ, ස්මෘතිමත් වූ (ක්‍ෂීණාස්‍රව) භික්‍ෂු තෙමේ සංසාර ප්‍රවෘත්තියෙන් ඉවත් වන්නේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 7.
Sinhala BJT4. 1. 7.
Pali BJT[සබ්රහ්මකසුත්තං]
Sinhala BJT[සබ්‍රහ්මක සූත්‍රය]
Pali BJT106. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT106. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJT1. සබ්රහ්මකානි භික්ඛවෙ’තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති. සපුබ්බදෙවකානි{1} භික්ඛවෙ, තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති, සපුබ්බාචරියකානි භික්ඛවෙ, තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති. සාහුනෙය්යකානි භික්ඛවෙ, තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති.
Sinhala BJT1. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්‍රහ්මයා සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වදේවතාවන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය්‍යයන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ සාහුනෙය්‍ය (වෙත පමුණුවා දන් දිය යුත්තන් සහිත) වෙත්.
Pali BJTබ්රහ්මා’ති භික්ඛවෙ, මාතාපිතුන්නං එතං අධිවචනං. පුබ්බදෙවතා’ති භික්ඛවෙ, මාතාපිතුන්නං එතං අධිවචනං. පුබ්බාචරියා’ති භික්ඛවෙ, මාතාපිතුන්නං එතං අධිවචනං. ආහුනෙය්යා’ති භික්ඛවෙ, මාතාපිතුන්නං එතං අධිවචනං. තං කිස්ස හෙතු?
Sinhala BJTමහණෙනි, බ්‍රහ්ම යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්‍වදේව යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්‍වාචාර්‍ය්‍ය යන මේ මවුපියන්ට නමෙකි. මහණෙනි, ආහුනෙය්‍ය යන මෙය මවුපියන්ට නමෙකි. ඒ කවර හෙයින යත්:
Pali BJTබහුකාරා භික්ඛවෙ මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො’ති.
Sinhala BJTමහණෙනි, මවුපිය දෙදෙන පුත්‍රයනට බෙහෙවින් උපකාර ඇත්තෝ වෙත්. ජීවිතාරක්‍ෂකයෝ වෙත්. (අත් පා වඩා) පෝෂණය කරන්නෝ වෙත්. මේ ලොව (ඉටු අනිටු අරමුණු) දක්වන්නෝ වෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “බ්රහ්මා’ති මාතාපිතරො පුබ්බාචරියාති වුච්චරෙ, ආහුනෙය්යා ච පුත්තානං පජාය අනුකම්පකා.
Sinhala BJT2. “පුත්‍රප්‍රජාවට අනුකම්පා කරණ මවුපිය දෙදෙන පුත්‍රයනට බ්‍රහ්මයෝ යැ යි පූර්‍ව ආචාර්‍ය්‍යවරයෝ යැ යි ද (දුරින් ගෙණවුත් දිය යුත් ආහාරාදියට සුදුසු) ආහුනෙය්‍යයෝ යැ යි ද කියනු ලැබෙත්.
Pali BJT3. තස්මා හි නෙ නමස්සෙය්ය සක්කරෙය්යා ච පණ්ඩිතො, අන්නෙන අථ{1} පානෙන වත්ථෙන සයනෙන ච, උච්ඡාදනෙන නහාපනෙන පාදානං ධොවනෙන ච.
Sinhala BJT3. එහෙයින් නුවණැති පුද්ගල තෙමේ ඒ මවුපියනට නමස්කාර කරන්නේ ය. යලි ආහාරයෙන් ද, පානයෙන් ද, වස්ත්‍රයෙන් ද, සයනයෙන් ද, ඇඟ ඉළීමෙන් ද, නැහැවීමෙන් ද, පාදෙවීමෙන් ද, සත්කාර කරන්නේ ය.
Pali BJT4. තාය නං පාරිචරියාය මාතාපිතුසු පණ්ඩිතා, ඉධෙව{2} නං පසංසන්ති, පෙච්ච සග්ගෙ ච මොදතී”ති.
Sinhala BJT4. පණ්ඩිතයෝ මවුපියන් කෙරෙහි ඒ (අත්පා මෙහෙකිරීමාදි) උවටැන් කිරීම නිසා මෙ ලොව දී ඔහු පසසත්. මරණින් මතු ස්වර්‍ගයෙහි ඉපිද අතිශයින් සතුටු වේ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 8.
Sinhala BJT4. 1. 8.
Pali BJT[බහුකාරසුත්තං]
Sinhala BJT[බහුකාර සූත්‍රය]
Pali BJT107. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT107. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. බහුකාරා භික්ඛවෙ බ්රාහ්මණගහපතිකා තුම්හාකං යෙ තෙ පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. තුම්හෙ’පි භික්ඛවෙ බහූපකාරා බ්රාහ්මණගහපතිකානං යං නෙසං ධම්මං දෙසෙථ ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. එවමිදං භික්ඛවෙ අඤ්ඤමඤ්ඤං නිස්සාය බ්රහ්මචරියං වුස්සති ඔඝස්ස නිත්ථරණත්ථාය සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති.
Sinhala BJT1. මහණෙනි, යම් බමුණු ගැහැවි කෙනෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් තොපට උවටැන් කරන්නාහු වෙත් ද, ඔහු (තොපට) බෙහෙවින් උපකාර ඇත්තාහු වෙත්. මහණෙනි, තෙපි ද ඒ බමුණු ගැහැවියනට යම් හෙයකින් මුල යහපත් වූ මැද යහපත් වූ අවසන යහපත් වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියලු ලෙසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දේශනා කරවු ද, පිරිසුදු (ශාසනමාර්‍ග) බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරවු ද, (එහෙයින්) ඔවුන්ට තෙපි ද බෙහෙවින් උපකාරීහ. මහණෙනි, මෙසේ වනාහි ඔවුනොවුන් ඇසුරු කොට චතුරෝඝය තරණය කරණු පිණිස මනා කොට සියලු සසරදුක් කෙළවර කරණු පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සාගාරා අනගාරා ච උභො අඤ්ඤොඤ්ඤනිස්සිතා, ආරාධයන්ති සද්ධම්මං යොගක්ඛෙමං අනුත්තරං.
Sinhala BJT2. “ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද යන දෙ පක්‍ෂය ඔවුනොවුන් ඇසුරු කරන්නාහු (ප්‍රතිපත්ති ප්‍රතිවේධ) සද්ධර්‍මය ද, අර්‍හත්ත්‍වය හා නිවණ ද සම්පාදනය කෙරෙත්.
Pali BJT3. සාගාරෙසු ච චීවරං පච්චයං සයනාසනං, අනාගාරා පටිච්ඡන්ති පරිස්සයවිනොදනං.
Sinhala BJT3. පැවිද්දෝ ගෘස්ථයන්ගෙන් පීඩා උපද්‍රව දුරු කරණ සිවුරුය සෙනසුන් ය (පිණ්ඩපාත ගිලන්පස යන) ප්‍රත්‍යය ද පිළිගණිත්.
Pali BJT4. සුගතං පන නිස්සාය ගහට්ඨා ඝරමෙසිනො, සද්දහානා අරහතං අරියපඤ්ඤාය ඣායිනො.
Sinhala BJT4. ආර්‍ය්‍ය පුද්ගලයා නිසා ගිහිගෙයි වෙසෙන ගෘහස්ථයෝ රහතුන්ගේ වචන අදහන්නාහු සුවිශුද්ධ ප්‍රඥාවෙන් ධ්‍යාන කරණ සුලු වූවාහු,
Pali BJT5. ඉධ ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං, නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනො’ති.”
Sinhala BJT5. මේ අත්බැව්හිදී (ලොවී ලොවුතුරා) සැපයට මාර්‍ගය වූ (ශීලාදි) ධර්‍මයෙහි හැසිර සතුටු වන සුලු වූවාහු දෙව්ලොවෙහි කාමසැප කැමැත්තාහු සතුටු වෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 9.
Sinhala BJT4. 1. 9.
Pali BJT[කුහසුත්තං]
Sinhala BJT[කුහ සූත්‍රය]
Pali BJT108. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT108. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. යෙ කෙචි භික්ඛවෙ භික්ඛූ කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා, න මෙ තෙ භික්ඛවෙ භික්ඛූ මාමකා, අපගතා ච තෙ භික්ඛවෙ භික්ඛූ ඉමස්මා ධම්මවිනයා. න ච තෙ භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති.
Sinhala BJT1. මහණෙනි, යම් කිසි භික්‍ෂු කෙනෙක් කුහක වූවාහු (ජනයන් විස්මය පත් කරන්නාහු) (ක්‍රෝධයෙන් හා මානයෙන්) දැඩි සිත් ඇත්තාහු (ප්‍රත්‍යය සඳහා ජනයන්) පොළොඹවන්නාහු, ශෘඞ්ගදෘස වූවාහු (ප්‍රකට කෙලෙස් ඇත්තාහු) උස් වූ මානනළ ඇත්තාහු, එකඟසිත් නැත්තාහු වෙද්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා අයත් වූවෝ නො වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් බැහැර වූවෝ වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි (ශීලාදි ගුණයෙන්) වැඩීමට ද නැගීමට ද මහත් බවට ද නො පැමිණෙත්.
Pali BJTයෙ ච ඛො භික්ඛවෙ භික්ඛූ නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ ඛො මෙ භික්ඛවෙ භික්ඛූ මාමකා, අනපගතා ච තෙ භික්ඛවෙ භික්ඛූ ඉමස්මා ධම්මවිනයා. තෙ භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං ච ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්තී’ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි භික්‍ෂු කෙනෙක් කුහක නොවූවාහු (ප්‍රත්‍යය පිණිස) නොපොළඹ වන්නාහු ප්‍රාඥ වූවාහු දැඩි නොවූවාහු එකඟ සිත් ඇත්තාහු වෙද්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා අයත් වූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ සස්නෙන් බැහැර නොවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ සස්නෙහි ශීලාදි ගුණයෙන් වැඩීම ද (අචල ව) නැගීමට ද (පතළ බැවින්) මහත් බවට ද පැමිණෙති.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා, න තෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ.
Sinhala BJT2. “යම් භික්‍ෂූ කෙනෙක් කුහක වූවාහු, දැඩි වූවාහු (ජනයන්) පොළඹ වන්නාහු, ප්‍රකට කෙලෙස් ඇත්තාහු, උස්වූ මාන නළ ඇත්තාහු, එකඟ සිත් නැත්තාහු වෙද්ද, ඒ භික්‍ෂූහු බුදුරදුන් වදාළ ධර්‍මයෙහි වැඩීමට නො පැමිණෙත්.
Pali BJT3. නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ වෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ”ති.
Sinhala BJT3. (යම් කෙනෙක්) කුහක නොවූවාහු (ප්‍රත්‍යය පිණිස) නොපොළොඹ වන්නාහු, ප්‍රාඥ වූවාහු, දැඩි සිත් නැත්තාහු, මනා කොට එකඟ සිත් ඇත්තාහු වෙද්ද, ඔහු ඒකාන්තයෙන් බුදුරදුන් වදාළ සද්ධර්‍මයෙහි වැඩීමට පැමිණෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 10.
Sinhala BJT4. 1. 10.
Pali BJT[පුරිසපියරූපසුත්තං]
Sinhala BJT[පුරුෂප්‍රියරූප සූත්‍රය]
Pali BJT109. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT109. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො නදියා සොතෙන ඔවුය්හෙය්ය පියරූපසාතරූපෙන. තමෙනං චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො දිස්වා එවං වදෙය්ය, ‘කිඤ්චාපි ඛො ත්වං අම්භො පුරිස නදියා සොතෙන ඔවුය්හසි පියරූපසාතරූපෙන, අත්ථි චෙත්ථ හෙට්ඨා රහදො සඌමි සාවට්ටො සගහො සරක්ඛසො යං ත්වං අම්භො පුරිස, පාපුණිත්වා මරණං වා නිගච්ඡසි මරණමත්තං වා දුක්ඛන්ති.” අථ ඛො සො භික්ඛවෙ පුරිසො තස්ස පුරිසස්ස සද්දං සුත්වා හත්ථෙහි ච පාදෙහි ච පටිසොතං වායමෙය්ය.
Sinhala BJT1. මහණෙනි, ප්‍රිය ස්වභාවය හා සුඛස්වභාවය ඇති ස්වර්‍ණාදි වස්තුව නිසා යම්සේ පුරුෂයෙක් ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් ගංතෙර සිටියේ, (ඔහු) දැක මෙසේ කියන්නේ ය: “එම්බල පුරුෂය, තෝ ප්‍රියස්වභාවය හා සුඛස්වභාවය ඇති වස්තුව නිසා ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබෙන්නෙහි නමුදු මේ නදියේ පහල රළ සහිත වූ දිය සුළි සහිත වු ග්‍රාහ (චණ්ඩ මත්ස්‍යාදීන්ගේ ගැණීම්) සහිත වූ දිය රකුසන් සහිත වූ මහවිලෙක් ඇත්තේ ය. එම්බල පුරුෂය, තෝ යම් ඒ විලකට පැමිණ මරණයට හෝ මරණය තරම් දුකකට හෝ පැමිණෙන්නෙහි ද, එසේ වූ විලෙක” (කියායි.) මහණෙනි, එ කල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ වචනය අසා අතින් ද පයින් ද දියපහර තරණය කරන්නේ ය.
Pali BJTඋපමා ඛො මෙ අයං භික්ඛවෙ කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමෙත්ථ අත්ථො:
Sinhala BJTමහණෙනි, අර්‍ත්‍ථාවබෝධයට මා විසින් මේ උපමාව කරණ ලදී. මෙහි මේ අර්‍ත්‍ථය වේ:
Pali BJTනදියා සොතො’ති ඛො භික්ඛවෙ, තණ්හායෙතං අධිවචනං. පියරූපසාතරූපන්ති ඛො භික්ඛවෙ ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. හෙට්ඨාරහදො’ති ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං අධිවචනං. සඌමීති ඛො භික්ඛවෙ, කොධූපායාසස්සෙතං අධිවචනං. සාවට්ටො’ති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. සගහො සරක්ඛසො’ති ඛො භික්ඛවෙ මාතුගාමස්සෙතං අධිවචනං. පටිසොතො’ති ඛො භික්ඛවෙ, නෙක්ඛම්මස්සෙතං අධිවචනං. හත්ථෙහි ච පාදෙහි ච වායාමො’ති ඛො භික්ඛවෙ, විරියාරම්භස්සෙතං අධිවචනං. චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො’ති ඛො භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTමහණෙනි, ගඟෙහි සැඩ දියපහර යන මෙය තෘෂ්ණාවට නමෙකි. මහණෙනි, ප්‍රියස්වභාවය හා සුඛස්වභාවය ඇති වස්තුව යන මෙය සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයට නමෙකි. මහණෙනි, පහල (භය සහිත) දියවිල යන මෙය පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයනට නමෙකි. මහණෙනි, රළ යන මෙය ක්‍රෝධයට හා උපායාසයට නමෙකි. මහණෙනි, දියසුළිය යන මෙය පඤ්චකාම ගුණයනට නමෙකි. මහණෙනි, සගහසරක්ඛස යන මෙය මාගමට නමෙකි. මහණෙනි, ප්‍රතිස්‍රෝතස යන මෙය නෙක්ඛම්මයට නමෙකි. අත්පාවලින් ව්‍යායාමය යන මෙය සතර සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයට නමෙකි. මහණෙනි, ගංතෙර සිටි ඇස් ඇති පුරුෂයා යන මෙය අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයනට නමෙකි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සහාපි දුක්ඛෙන ජහෙය්ය කාමෙ යොගක්ඛෙමං ආයතිං පත්ථයානො{1} සම්මප්පජානො සුවිමුත්තචිත්තො විමුත්තියා ඵස්සයෙ තත්ථ තත්ථ ස වෙදගූ වුසිතබ්රහ්මචරියො ලොකන්තගූ පාරගතො’ති වුච්චතී”ති.
Sinhala BJT2. “මතු (අනාගාමි බව හා අර්‍හත්ත්‍වය) පතන්නාවූ භික්‍ෂු තෙම දුක් සහිතව ම කාමයන් දුරු කරන්නේ ය. සම්‍යක් ප්‍රඥා ඇති, මොනොවට මිදුනු සිත් ඇති (හෙ තෙම) (මාර්‍ගඵලාධිගමය කළ) ඒ ඒ අවස්ථාවන්හි විමුක්තිසඞ්ඛ්‍යාත නිර්‍වාණය ස්පර්‍ශ කරන්නේ ය. වේද සඞ්ඛ්‍යාත මාර්‍ගඥානයෙන් චතුස්සත්‍යාවබෝධය කළා වූ, වැස නිම වූ බඹසර ඇති ඒ භික්‍ෂුතෙම ස්කන්‍ධලෝකයෙහි අනත්යට ගියේ යැ යි ද (සසර පරතෙර වූ) නිවණට ගියේ යැ යි ද කියනු ලැබේ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 11.
Sinhala BJT4. 1. 11.
Pali BJT[චරසුත්තං]
Sinhala BJT[චර සූත්‍රය]
Pali BJT110. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT110. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. චරතො චෙපි භික්ඛවෙ භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ භික්ඛවෙ භික්ඛු අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති අනභාවං ගමෙති. චරම්පි භික්ඛවෙ භික්ඛු එවංභූතො අනාතාපී අනොත්තප්පී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච්චති.
Sinhala BJT1. මහණෙනි, හැසිරෙන්නාවූ ද භික්‍ෂුහට ඉදින් කාමවිතර්‍කයක් හෝ ව්‍යාපාදවිතර්‍කයක් හෝ විහිංසාවිතර්‍කයක් හෝ උපදී ද, මහණෙනි, ඉදින් ඒ මහණ තෙමේ ඒ විතර්‍කය ඉවසා ද (තදඞ්ගාදි වශයෙන්) පහ නො කෙරේ ද, (සිතින්) බැහැර නොකෙරේ ද, කෙළවර නොකෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, හැසිරෙන්නාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ වීර්‍ය්‍ය නැත්තෙකැ යි කියනු ලැබේ.
Pali BJTඨිතස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ භික්ඛවෙ භික්ඛු අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. ඨිතො’පි, භික්ඛවෙ භික්ඛු එවංභූතො අනාතාපී අනොත්තප්පී සතතං සමිතං කුසීතො හීනවිරියො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, ඉදින් සිටියාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් එම විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, සිටියාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.
Pali BJTනිසින්නස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ භික්ඛවෙ භික්ඛු අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. නිසින්නො’පි ඛො භික්ඛවෙ භික්ඛු එවම්භූතො අනාතාපී අනොත්තප්පී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, හුන්නාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවත නොඉපදීමට නොපමුණවා ද, මහණෙනි, හුන්නාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.
Pali BJTසයානස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො ජාගරස්ස උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ භික්ඛවෙ භික්ඛු අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති, සයානො’පි භික්ඛවෙ භික්ඛු ජාගරො එවංභූතො අනාතාපී අනොත්තප්පී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවත නොඉපදීමට නො පමුණුවා ද, මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.
Pali BJTචරතො චෙ’පි භික්ඛවෙ භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ භික්ඛවෙ භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, චරම්පි භික්ඛවෙ භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, හැසිරෙන්නාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයන ලද සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
Pali BJTඨිතස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ භික්ඛවෙ භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, ඨිතො’පි භික්ඛවෙ භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, සිටියාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, මහණෙනි, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයන ලද සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
Pali BJTනිසින්නස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ භික්ඛවෙ භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, නිසින්නො’පි භික්ඛවෙ භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, හුන්නාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, මහණෙනි, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපැදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
Pali BJTසයානස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො ජාගරස්ස උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ භික්ඛවෙ භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති සයානො’පි භික්ඛවෙ භික්ඛු ජාගරො එවම්භූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චතී”ති.
Sinhala BJTමහණෙනි, නිදන්නා වූ ද නොනිදන්නා වූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මේ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “චරං වා යදි වා තිට්ඨං නිසින්නො උද වා සයං, යො විතක්කං විතක්කෙති පාපකං ගෙහනිස්සිතං.
Sinhala BJT2. “හැසිරෙන්නාවූ හෝ ඉදින් සිටින්නාවූ හෝ හුන්නාවූ හෝ නිදන්නා වූ හෝ යම් මහණෙක් තෙමේ ලාමක වූ පඤ්චකාමගුණ ඇසුරු කළ යම් විතර්‍කයක් කල්පනා කෙරේ ද,
Pali BJT3. කුම්මග්ගං පටිපන්නො සො මොහනෙය්යෙසු මුච්ඡිතො, අභබ්බො තාදිසො භික්ඛු ඵුට්ඨුං සම්බොධිමුත්තමං.
Sinhala BJT3. නින්‍දිත මාර්‍ගයට බැසගත්තාවූ, මෝහය උපදවන (රූපාදි අරමුණවල) මුළා වූ, එබඳු මහණ තෙමේ උතුම් සම්බෝධය (අරහත්ත්‍වමාර්‍ගඥානය) ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් නොවේ.
Pali BJT4. යො චරං වා’ථ තිට්ඨං වා නිසින්නො උද වා සයං, විතක්කං සමයිත්වාන විතක්කූපසමෙ රතො.
Sinhala BJT4. හැසිරෙන්නාවූ හෝ සිටින්නාවූ හෝ හුන්නාවූ හෝ යලි නිදන්නාවූ හෝ මහණෙක් කාමාදි ත්‍රිවිධ) විතර්‍කයන් සංසිඳුවා විතර්‍ක සංසිඳුවාලීමෙහි ඇලුනේ වේ නම් එබඳු මහණ තෙමේ උතුම් අර්‍හත්ත්‍වමාර්‍ගඥානය ස්පර්‍ශකරන්නට සුදුස්සෙක් වේ.”
Pali BJTභබ්බො සො තාදිසො භික්ඛු ඵුට්ඨුං සම්බොධිමුත්තමන්ති”.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 12.
Sinhala BJT4. 1. 12.
Pali BJT[සම්පන්නසීලසුත්තං]
Sinhala BJT[සම්පන්නසීල සූත්‍රය]
Pali BJT111. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT111. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. සම්පන්නසීලා භික්ඛවෙ විහරථ, සම්පන්නපාතිමොක්ඛා. පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු.
Sinhala BJT1. මහණෙනි, සිල්වත් ව වාසය කරවු. පාතිමොක්ඛසංවරයෙන් යුක්ත ව පාතිමොක්ඛසංවරයෙන් සංවෘත ව ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත ව අණුප්‍රමාණ (ඉතා සුලු) වරදෙහි පවා බිය දක්නා සුලු ව වාසය කරවු. ශික්‍ෂාපදයන් මනා කොට සමාදන් ව ගෙණ හික්මෙවු.
Pali BJTසම්පන්නසීලානං භික්ඛවෙ විහරතං සම්පන්නපාතිමොක්ඛානං පාතිමොක්ඛසංවරසංවුතානං විහරතං ආචාරගොචරසම්පන්නානං අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවීනං සමාදාය සික්ඛතං සික්ඛාපදෙසු, කිස්ස භික්ඛවෙ උත්තරිං කරණීයං?
Sinhala BJTමහණෙනි, සිල්වත් ව පාතිමොක්ඛසීලයෙන් යුක්ත ව පාතිමොක්ඛසංවරසීලයෙන් සංවෘත ව ආචාරගෝචර දෙකින් යුක්තව, අණුප්‍රමාණ වරදෙහි පවා භය දක්නා සුලු ව වසන, ශික්‍ෂාපදයන්හි මොනොවට සමාදන් ව හික්මෙන තොප විසින් මහණෙනි, මත්තෙහි කුමක් කටයුතු වන්නේ ද?
Pali BJTචරතො චෙ’පි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣා විගතා හොති, ව්යාපාදො විගතො හොති, ථිනමිද්ධං විගතං හොති, උද්ධච්චකුක්කුච්චං විගතං හොති, විචිකිච්ඡා පහීණා හොති, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා,{1} පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං, චරම්පි භික්ඛවෙ භික්ඛු එවංභූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, හැසිරෙන්නාවූ මහණහට කාමච්ඡන්‍දය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද,ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය (නොසංසුන් බව හා කුකුස් බව) පහ වූයේ වේ ද, විචිකිච්ඡාව පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය වඩනා ලද්දේ (එ හෙයින්) නො හැකුළුනේ සිහිය එළඹ සිටියේ (එහෙයින්) නො නටුයේ වේ ද, නාමකය හා රූපකය සංසිඳුනේ (එහෙයින්) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, හැසිරෙන්නාවූ ද මෙබඳු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවට බිය ඇති නිතොර සම්පූර්‍ණ කරණ ලද වීර්‍ය්‍යය ඇති නිවන් කරා මෙහෙයූ සිතැති (කායජීවිතයෙහි අපේක්‍ෂා රහිත) තැනැත්තෙ කැයි කියනු ලැබේ.
Pali BJTඨිතස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣා විගතා හොති, ව්යාපාදො විගතො හොති, ථිනමිද්ධං විගතො හොති, උද්ධච්චකුක්කුච්චං විගතො හොති, විචිකිච්ඡා පහීණා හොති, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං, ඨිතො’පි, භික්ඛවෙ භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, සිටියාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, සැකය පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ (එහෙයින්) නොහැකුළුනේ වේ ද, සිහිය එළැඹ සිටියේ (එහෙයින්) නොනටුයේ වේ ද, නාමකය හා රූප කය සන්හිඳුනේ (එහෙයින්) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, සිටියාවූ ද, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවට බිය ඇති නිතොර පිරිපුන් වීර්‍ය්‍යය ඇති නිවන් කරා මෙහෙයූ සිතැත්තෙකැ යි කියනු ලැබේ.
Pali BJTනිසින්නස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣා විගතා හොති, ව්යාපාදො විගතො හොති, ථිනමිද්ධං විගතං හොති, උද්ධච්චකුක්කුච්චං විගතං හොති, විචිකිච්ඡා පහීණා හොති, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං, නිසින්නො’පි භික්ඛවෙ භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, හුන්නාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, සැකය පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය පිරිපුන් කරණ ලද්දේ (එහෙයින් ම) නොහැකුළුනේ වේ ද, සිහිය එළඹ සිටියේ (එහෙයින් ම) නොනටුයේ ද, නාමකය හා රූපකය සන්හිඳුනේ (එහෙයින් ම) දරථ රහිත වේ ද, සිත මනාව පිහිටියේ (එහෙයින් ම) එකඟවූයේ වේ ද, මහණෙනි, සිටියාවූ ද, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවට බිය ඇති, නිතොර පිරිපුන් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි කියනු ලැබේ.
Pali BJTසයානස්ස චෙ’පි භික්ඛවෙ භික්ඛුනො ජාගරස්ස අභිජ්ඣා විගතා හොති, ව්යාපාදො විගතො හොති, ථිනමිද්ධං විගතං හොති, උද්ධච්චකුක්කුච්චං විගතං හොති, විචිකිච්ඡා පහීණා හොති, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. සයානො’පි භික්ඛවෙ භික්ඛු ජාගරො එවම්භූතො ආතාපී ඔත්තප්පී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චතී’ති.
Sinhala BJTමහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, විචිකිච්ඡාව පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය පිරිපුන් කරණ ලද්දේ (එහෙයින් ම) නොහැකුළුනේ වේ ද, සිහිය එළඹ සිටියේ (එහෙයින් ම) නොනටුයේ වේ ද, නාම කය හා රූප කය සන්හිඳුනේ (එහෙයින් ම) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මෙබඳු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවට බිය ඇති, නිතොර පිරිපුන් කරණ වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි කියනු ලැබේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යතං චරෙ යතං තිට්ඨෙ යතං අච්ඡෙ යතං සයෙ, යතං සම්මිඤ්ජයෙ භික්ඛු යතමෙනං පසාරයෙ.
Sinhala BJT2. “භික්‍ෂු තෙමේ වීර්‍ය්‍යය වඩනුයේ හැසිරෙන්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ සිටින්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ හිඳින්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ නිදන්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ අත් පා ඈ හකුළුවන්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ (අඟපසඟ) දිගු කරන්නේ ය.
Pali BJT3. උද්ධං තිරියං අපාචීනං, යාවතා ජගතො ගති. සමවෙක්ඛිතා ච ධම්මානං ඛන්ධානං උදයබ්බයං.
Sinhala BJT3. උඩ දිශාවෙහි ද, වටා දිශාභාගයන්හි ද, යට දිශාවෙහි ද යම් තාක් සත්ත්‍වසංස්කාරලෝකයාගේ පැවැත්මෙක් වේ ද, (ඒ හැම තන්හි) (නිස්සත්තනිජ්ජීව) ධර්‍මයන්ගේ ද පඤ්චස්කන්‍ධයන්ගේ ද උදයව්‍යය (ඇති වීම හා නැති වීම) විදර්‍ශනා නුවණින් බලන්නෙක් වන්නේ ය.
Pali BJT4. එවං විහාරිමාතාපිං සන්තවුත්තිමනුද්ධතං, චෙතොසමථසාමීචිං සික්ඛමානං සදා සතං, සතතං පහිතත්තොති ආහු භික්ඛුං තථාවිධ”න්ති.
Sinhala BJT4. මෙබඳු විහරණ ඇති, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, ශාන්ත පැවතුම් ඇති, සන්හුන් සිත් ඇති, චිත්තශමථයට සුදුසු ප්‍රතිපත්ති (ඥානදර්‍ශනවිශුද්ධිය) වඩන්නාවූ, හැම කල්හි සිහි ඇතියේ වූ භික්‍ෂු තෙම නිවණ කරා යවන ලද සිත් ඇත්තෙකැ යි (ආර්‍ය්‍යයෝ) කියත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
Pali BJT4. 1. 13.
Sinhala BJT4. 1. 13.
Pali BJT[ලොකාවබොධසුත්තං]
Sinhala BJT[ලෝකාවබෝධ සූත්‍රය]
Pali BJT112. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT112. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. ලොකො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකස්මා තථාගතො විසඤ්ඤුත්තො. ලොකසමුදයො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකසමුදයො තථාගතස්ස පහීණො. ලොකනිරොධො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධා. ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා.
Sinhala BJT1. මහණෙනි, ලෝකය (දුඃඛසත්‍යය) තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. තථාගත තෙම ලෝකයෙන් වෙන්වූයේ වෙයි. මහණෙනි, ලෝකයට හේතුව තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. ලෝකයට හේතුව තථාගත බුදුහු විසින් (සමුච්ඡේද වශයෙන්) ප්‍රහීණ කරණ ලද්දේ ය. මහණෙනි, තථාගත බුදුහු විසින් ලෝකනිරෝධය (නිවණ) මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. තථාගත බුදුහු විසින් ලොකනිරොධය ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ ය. මහණෙනි, ලෝකනිරෝධගාමිනීප්‍රතිපත්තිය (අරිඅටැගිමඟ) තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. ඒ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය තථාගත බුදුහු විසින් වඩන ලද්දේ ය.
Pali BJTයං භික්ඛවෙ සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, යස්මා තං තථාගතෙන අභිසම්බුද්ධං, තස්මා තථාගතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් ද, මහණබමුණන් සහිත දෙවිමින්සුන් සහිත සත්ත්‍වප්‍රජාව විසින් ද, යමක් දක්න ලද ද, අසන ලද ද, (නැහැය දිව කන යන මෙයින්) සම්ප්‍රාප්තග්‍රාහයෙන් ගන්නා ලද ද, සිතින් දැන ගන්නා ලද ද, (සොයා හෝ නොසොයා) ලබන ලද ද, (ලැබුවක් හෝ නොලැබූවක්) සොයන ලද ද, සිතින් විමසන ලද ද, ඒ සියල්ල යම් හෙයකින් තථාගත බුදුහු විසින් මැනැවින් අවබෝධ කරණ ලද්දේ ද, එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.
Pali BJTයඤ්ච භික්ඛවෙ රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති. නො අඤ්ඤථා. තස්මා තථාගතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, තථාගත තෙම යම් රාත්‍රියෙක්හි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරේ ද, යම් රාත්‍රියෙක්හි අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවේ ද, මේ අතුරෙහි යමක් වදාරා ද, ප්‍රකාශ කෙරේ ද, දක්වා ද, ඒ සියල්ල එසේ ම වේ. අන් පරිද්දෙකින් නො වේ. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.
Pali BJTයථාවාදී භික්ඛවෙ තථාගතො තථාකාරී. යථාකාරී තථාගතො තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, තස්මා තථාගතො’ති වුච්චති. සදෙවකෙ භික්ඛවෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො. අඤ්ඤදත්ථුදසො වසවත්තී. තස්මා තථාගතො’ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, තථාගත තෙම යම්සේ කියන්නේ ද, එසේ ම කරන්නේ වේ. තථාගත තෙමේ යම්සේ කරන්නේ ද, එසේ ම කියන්නේ වේ. මෙ පරිද්දෙන් යම්සේ කියන සුලු නම් එසේ කරණ සුලු ය. යම්සේ කරණ සුලු නම් එසේ කියන සුලු ය. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාවෙහි තථාගත තෙම අනුන් මැඩ පවත්වන්නේ අනුන් විසින් නො මඩනා ලද්දේ ය. ඒකාන්තයෙන් සියල්ල දක්නේ සියල්ල තමා වශයෙහි පවත්වයි. (එහෙයින්) තථාගත යැ යි කියනු ලැබේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “සබ්බලොකං අභිඤ්ඤාය සබ්බලොකෙ යථාතථං, සබ්බලොකවිසංයුත්තො සබ්බලොකෙ අනූපයො.
Sinhala BJT2. “මුළු ලොව (ත්‍රෛධාතුක ලෝකසන්නිවාසය) මැනැවින් දැන, මුළු ලොව්හි (දතයුතු සියල්ල තත් වූ පරිද්දෙන් (දැන) සියලු ලෝකයෙන් වෙන් වූ, සියලු තෘෂ්ණාදෘෂ්ටි ග්‍රහණ රහිත වූ,
Pali BJT3. සබ්බෙ සබ්බාභිභූ ධීරො සබ්බගන්ථප්පමොචනො, ඵුට්ඨාස්ස පරමා සන්ති නිබ්බානං අකුතොභයං.
Sinhala BJT3. (රූපාදි අරමුණු) සියල්ල මැඩ පවත්වා සිටි ඒ ධීර තෙම ඒකාන්තයෙන් සියලු ක්ලේශග්‍රන්‍ථයන් මුදා සිටියේ වේ. (ඔහු විසින්) උතුම් නිවණ ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කරණ ලදී. ඒ නිර්‍වාණය කොතැනිනුත් බියක් නැතියෙක.
Pali BJT4. එස ඛීණාසවො බුද්ධො අනීඝො ඡින්නසංසයො, සබ්බකම්මක්ඛයං පත්තො විමුත්තො උපධිසඞ්ඛයෙ.
Sinhala BJT4. දුක් රහිත වූ, සිඳින ලද සැක ඇති, සියලු කර්‍මයන්ගේ ක්‍ෂයයට පැමිණියාවූ මේ ක්‍ෂීණාස්‍රව බුදුරජ තෙමේ උපධික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි (එය අරමුණු කොටැති) ඵල විමුක්තියෙන් මිදුනේ වෙයි.
Pali BJT5. එස සො භගවා බුද්ධො එස සීහො අනුත්තරො, සදෙවකස්ස ලොකස්ස බ්රහ්මචක්කං පවත්තයී.
Sinhala BJT5. ඒ මේ භගවත් තෙමේ (චතුස්සත්‍යාවබෝධය කළ හෙයින්) බුද්ධ ය. මේ (භගවත්) තෙමේ (උපද්‍රවයන් ඉවසන හෙයින් හා කෙලෙස් නසන හෙයින්) නිරුත්තර සිංහ ය. හේ දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ (ධර්‍ම) චක්‍රය පැවැත්වූයේ ය.
Pali BJT6. ඉති දෙවා මනුස්සා ච යෙ බුද්ධං සරණං ගතා, සංගම්ම තං නමස්සන්ති මහන්තං වීතසාරදං.
Sinhala BJT6. මෙසේ යම් දෙව්මිනිස් කෙනෙක් බුදුන් සරණ ගියාහු ද, (ඔවුහු) (ගුණයෙන්) මහත් වූ (චතුර්වෛශාරද්‍යයෙන්) වීතසාර ද වූ උන් වහන්සේ කරා පැමිණ නමස්කාර කරත්.
Pali BJT7. දන්තො දමයතං සෙට්ඨො සන්තො සමයතං ඉසි, මුත්තො මොචයතං අග්ගො තිණ්ණො තාරයතං වරො.
Sinhala BJT7. තෙමේ දැමුනේ අනුන් දමනය කරන්නවුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය. ශාන්ත වූයේ අනුන් ශාන්ත කරන්නවුන් අතුරෙහි ඍෂි ය. තෙමේ මිදුනේ අනුන් මුදන්නවුන් අතුරෙහි අග්‍රය. තෙමේ එතෙරැ වූයේ එතෙරැ කරන්නවුන් අතුරෙහි උතුම් ය.
Pali BJT8. ඉති හෙතං නමස්සන්ති මහන්තං වීතසාරදං, සදෙවකස්මිං ලොකස්මිං නත්ථි තෙ පටිපුග්ගලො’ති”.
Sinhala BJT8. මෙසේ ගුණ දැන මහත් වූ වීතසාරද වූ ඔබ වහන්සේට (දෙව්මිනිස් ආදීහු) නමස්කාර කෙරෙත්. දෙවිමිනිසුන් සහිත ලෝකයෙහි ඔබ වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJTචතුක්කනිපාතො නිට්ඨිතො.
Sinhala BJTචතුෂ්ක නිපාතය නිමි.
Pali BJTතස්සුද්දාන:
Sinhala BJTඋද්දානය:
Pali BJTබ්රාහ්මණ චත්තාරි ජානං සමණ සීලා තණ්හා බ්රහ්මා බහූකාරා කුහ පුරිසා චර සම්පන්න ලොකෙන තෙරසා’ති.
Sinhala BJTබ්‍රාහ්මණ සූත්‍රය, වතුඅනවජ්ජ සූත්‍රය, ජානතොආසවක්ඛය සූත්‍රය, සමණබ්‍රාහ්මණ සූත්‍රය, සීලසම්පන්න සූත්‍රය, තණ්හුප්පාද සූත්‍රය, සබ්‍රහ්මක සූත්‍රය, බහුකාර සූත්‍රය, කුහ සූත්‍රය, පුරිසපියරූප සූත්‍රය, චරතොආදිවිතක්ක සූත්‍රය, සම්පන්නසීල සූත්‍රය, ලෝකාවබෝධ සූත්‍රය - මෙතෙකින් මේ වර්‍ගයෙහි සූත්‍ර තෙළෙසෙකි.