Pali BJTඉතිවුත්තකපාළි
Sinhala BJTඉතිවුත්තක පෙළ
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTඑකකනිපාතො
Sinhala BJTඒකක නිපාතය
Pali BJTපඨමො වග්ගො
Sinhala BJTප්‍රථම වර්‍ගය
Pali BJT1. 1. 1.
Sinhala BJT1. 1. 1.
Pali BJTලොභසුත්තං
Sinhala BJTලෝභ සූත්‍රය
Pali BJTවුත්තං හෙ’තං භගවතා. වුත්තමරහතා’ති{1} මෙ සුතං.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. එක ධම්මං{2} භික්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? ලොභං භික්ඛවෙ එකධම්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතායා’ති.
Sinhala BJT1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. (එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ලෝභ (කාමරාගය) නම් වූ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු.(එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
Pali BJTඑතමත්ථං{3} භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙන ලොභෙන ලුද්ධා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං, තං ලොභං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො, පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් ලෝභයෙකින් ඇලුනා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මා විසින් අසන ලදි.
Pali BJT1. 1. 2.
Sinhala BJT1. 1. 2.
Pali BJTදොසසුත්තං.
Sinhala BJTදොස සූත්‍රය
Pali BJTවුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. එකධම්මං භික්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? දොසං භික්ඛවෙ එකධම්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතායා’ති.
Sinhala BJT1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද? යත්: මහණෙනි, ද්වේෂ නම් වූ එක ම සංක්ලේශධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:-
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙන දොසෙන දුට්ඨා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං, තං දොසං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො, පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් ද්වේෂයකින් දූෂිත වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ද්වේෂය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ද්වේෂය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJT1. 1. 3.
Sinhala BJT1. 1. 3.
Pali BJTමොහසුත්තං
Sinhala BJTමෝහ සූත්‍රය
Pali BJTවුත්තං හෙතං භගවතා වුත්ත මරහතා’ති මෙ සුතං.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
Pali BJT1. එකධම්මං භික්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං?
Sinhala BJT1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්:
Pali BJTමොහං භික්ඛවෙ එකධම්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතායා’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:-
Sinhala BJTමහණෙනි, මෝහ නම් වූ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙන මොහෙන මූළ්හා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං, තං මොහං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො, පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් මොහයෙකින් මුළා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ මෝහය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මෝහය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 1. 4.
Sinhala BJT1. 1. 4.
Pali BJTකොධසුත්තං
Sinhala BJTකෝධ සූත්‍රය
Pali BJTවුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි: මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. එකධම්මං භික්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? කොධං භික්ඛවෙ එකධම්මං පජහථ. අහං වො පාටිභොගො අනාගාමිතායා’ති.
Sinhala BJT1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ක්‍රෝධ නම් වූ මේ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:-
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා (ගාථා වශයෙන්) මෙය මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙන කොධෙන කුද්ධා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං, තං කොධං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො, පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් ක්‍රෝධයෙකින් කිපියා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ක්‍රෝධය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ක්‍රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 1. 5.
Sinhala BJT1. 1. 5.
Pali BJTමක්ඛසුත්තං
Sinhala BJTමක්ඛ සූත්‍රය
Pali BJTවුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය: මෙසේ මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. එකධම්මං භික්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? මක්ඛං භික්ඛවෙ එකධම්මං පජහථ. අහං වො පාටිභොගො අනාගාමිතායා”ති.
Sinhala BJT1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ම්‍රක්‍ෂ (මකු බව) නම් වූ මේ එක ම ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙන මක්ඛෙන මක්ඛාසෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං මක්ඛං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් මකුබවෙකින් මෙරමා ගුණ වළහන්නා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ මකුබව සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මකුබව පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 1. 6.
Sinhala BJT1. 1. 6.
Pali BJT[මානසුත්තං]
Sinhala BJT[මාන සූත්‍රය]
Pali BJT6. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT6. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය: මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. එකධම්මං භික්ඛවෙ පජහථ. අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? මානං භික්ඛවෙ එකධම්මං පජහථ. අහං වො පාටිභොගො අනාගාමිතායා’ති.
Sinhala BJT1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, මාන නම් වූ මේ එක ම ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙන මානෙන මත්තා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං මානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් මානයෙකින් මත් වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ මානය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මානය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 1. 7.
Sinhala BJT1. 1. 7.
Pali BJT[සබ්බපරිඤ්ඤාසුත්තං]
Sinhala BJT[සබ්බපරිඤ්ඤා සූත්‍රය]
Pali BJT7. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT7. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
Pali BJT1. සබ්බ, භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. සබ්බඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’ති.
Sinhala BJT1. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ට ඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත නො ම නො අලවන්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නොඅලවන්නේ, කෙලෙස් දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යො සබ්බං සබ්බතො ඤත්වා සබ්බත්ථෙසු න රජ්ජති, ස වෙ සබ්බං{1} පරිඤ්ඤාය සො සබ්බදුක්ඛමුපච්චගා{2}”ති.
Sinhala BJT2. “යම් යෝගාවචරයෙක් තෙමේ දත යුතු සියල්ල සර්‍වප්‍රකාරයෙන් දැන සියලු සත්කායධර්‍මයන්හි නො ඇලේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් සියල්ල දැන ගැණීමෙන් සියලු සසර දුක් ඉක්මවන්නේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 1. 8.
Sinhala BJT1. 1. 8.
Pali BJT[මානපරිඤ්ඤාසුත්තං]
Sinhala BJT[මානපරිඤ්ඤා සූත්‍රය]
Pali BJT8. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT8. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
Pali BJT1. මානං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. මානං ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’ති.
Sinhala BJT1. මහණෙනි, මානය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත ඇල්ම නො හරින්නේ, කෙලෙස් නොදුර ලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, මානය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නො අලවන්නේ, කෙලෙස් දුරැලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTඑහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “මානුපෙතා අයං පජා මානගන්ථා භවෙ රතා මානං අපරිජානන්තා ආගන්තාරො පුනබ්භවං යෙ ච මානං පහත්වාන,{3} විමුත්තා මානසඞ්ඛයෙ. තෙ මානගන්ථාභිභුනො සබ්බදුක්ඛමුපච්චගු{4}”න්ති.
Sinhala BJT2. “මේ සත්ත්‍වයෝ මානයෙන් යුක්ත වූවෝ මානයෙන් ගෙතුනෝ, භවයෙහි ඇලුනාහු ය. මානය (ත්‍රිවිධ පරිඥාවන්ගෙන්) පිරිසිඳ නොදන්නාහු පුනර්‍භවයට පැමිණෙත්. යම් කෙනෙක් මානය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහාණය කොට අර්‍හත් ඵලයෙහි පිහිටා (මානය සමග පවත්නාවූ සියලු කෙලෙසුන් කෙරෙන්) මිදුනාහු වෙද්ද, අභිභවනය කළ මානග්‍රන්‍ථ ඇති ඒ රහත්හු සියලු දුක් ඉක්මියහ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 1. 9.
Sinhala BJT1. 1. 9.
Pali BJT[ලොභපරිඤ්ඤාසුත්තං]
Sinhala BJT[ලෝභපරිඤ්ඤා සූත්‍රය]
Pali BJT9. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT9. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
Pali BJT1. ලොභං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. ලොභං ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’ති.
Sinhala BJT1. මහණෙනි, ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිතැ ඇල්ම නොහරින්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, එහෙත් ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරණුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නො රඳනුයේ, කෙලෙස් පහ කරණුයේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙන ලොභෙන ලුද්ධා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං ලොභං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් ලෝභයෙකින් ලුබ්ධ වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහකෙරෙත්. ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නොඑත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. එය මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 1. 10.
Sinhala BJT1. 1. 10.
Pali BJT[දොසපරිඤ්ඤාසුත්තං]
Sinhala BJT[දෝසපරිඤ්ඤා සූත්‍රය]
Pali BJT10. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT10. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
Pali BJT1. දොසං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. දොසඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායාති.
Sinhala BJT1. මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරණුයේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත ඇල්ම නො හරිණුයේ, කෙලෙස් දුරු නො කරනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. එහෙත් මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නොරඳවනුයේ, එහි ඇල්ම දුරැ ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “යෙන දොසෙන දුට්ඨා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං දොසං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් ද්වේෂයෙකින් ද්විෂ්ට වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ද්වේෂය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ද්වේෂය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT[පාටිභොගවග්ගො පඨමො.]
Sinhala BJT[පළමුවන පාටිභෝග වර්‍ගය නිමි.]
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTරාගදොසා අථ මොහො කොධමක්ඛා මානං සබ්බං මානතො ලොභදොසා පුන පකාසිතා වග්ගමාහු පඨමන්ති.
Sinhala BJTරාග, දෝස, මෝහ, කෝධ, මක්ඛ. මාන, සබ්බ, නැවතත් මාන, ලෝභ, දෝස ද යන මොහු ප්‍රකාශිත ය හ. වර්‍ගය ප්‍රථම ය යි කීහු.
Pali BJTදුතියවග්ගො
Sinhala BJTදෙවන වර්‍ගය
Pali BJT1. 2. 1.
Sinhala BJT1. 2. 1.
Pali BJT[මොහපරිඤ්ඤා සුත්තං]
Sinhala BJT[මෝහපරිඤ්ඤා සූත්‍රය]
Pali BJT11. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT11. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
Pali BJT1. මොහං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. මොහඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’ති.
Sinhala BJT1. මහණෙනි, මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නො ගන්නේ, එහි සිත රඳවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැනැගන්නේ, එහි සිත නො අලවන්නේ, එය දුර ලන්නේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙන මොහෙන මූළ්හා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං. තං මොහං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් මෝහයෙකින් මුළා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ මෝහය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මෝහය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 2. 2.
Sinhala BJT1. 2. 2.
Pali BJT[කොධපරිඤ්ඤා සුත්තං]
Sinhala BJT[කෝධපරිඤ්ඤා සූත්‍රය]
Pali BJT12. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT12. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
Pali BJT1. කොධං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. කොධඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’ති.
Sinhala BJT1. “මහණෙනි, ක්‍රෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරණුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත අලවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් කෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ එහි සිත නො අලවනුයේ, එය දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “යෙන කොධෙන කුද්ධා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං කොධං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො. පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් ක්‍රෝධයෙකින් ක්‍රැද්ධ වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ ක්‍රෝධය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ක්‍රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 2. 3.
Sinhala BJT1. 2. 3.
Pali BJT[මක්ඛපරිඤ්ඤා සුත්තං]
Sinhala BJT[මක්ඛපරිඤ්ඤා සූත්‍රය]
Pali BJT13. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
Sinhala BJT13. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJT1. මක්ඛං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. මක්ඛඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’ති.
Sinhala BJT1. මහණෙනි, මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත අලවන්නේ, එය දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැනැ ගන්නේ, එහි සිත නො අලවන්නේ,( මාර්‍ග ඥානයෙන්) දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “යෙන මක්ඛෙන මක්ඛා සෙ{1} සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං මක්ඛං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
Sinhala BJT2. “යම් මකු බවෙකින් මෙරමා ගුණ වළහන්නා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ මකුබව සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මකුබව පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.
Pali BJT1. 2. 4.
Sinhala BJT1. 2. 4.