Pali BJTභවං හි කූටදන්තො බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ-.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ පොකුරුසැත් බමුණහු විසින් සත්කාර කැරුණෙක, ගරු කැරුණෙක, බුහුමන් කැරුණෙක, පිදුණෙක, යටත් පැවැතුම් දැක්වුණෙක ...
Pali BJTභවං හි කූටදන්තො ඛාණුමතං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං. යම්පි භවං කූටදන්තො ඛාණුමතං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං. ඉමිනාපඞ්ගෙන න අරහති භවං කූටදන්තො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සමණො ත්වෙව ගොතමො අරහති භවන්තං කූටදන්තං දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ බොහෝ ජනයා ගැවැසුණු, තණ දඬු දිය ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, රජුගෙන් ලත් නින්දගම් වූ රජුගේ ත්‍යාගය වූ, සේනිය බිම්බිසාර රජු දුන් උතුම් දානවස්තු වූ ඛාණුමත ගමට ඉසුරු වැ වෙසේ. පින්වත් කුළුදත් තෙමේ බොහෝ ජනයා ගැවැසුණු ... ඛාණුමත ගමට ඉසුරු වැ වෙසේ ය යන යමෙක් ඇද්ද, මේ කරුණිනුත් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නට නො නිස්සේ ය. මහණ ගොයුම්හු ම පින්වත් කුළුදතු දක්නට නිසි හ” යනු යි.
Pali BJT7. එවං වුත්තෙ කූටදන්තො බ්රාහ්මණො තෙ බ්රාහ්මණෙ එතදවොච:
Sinhala BJT7. මෙසේ (ඔවුන්) කී කලැ කුළුදත් බමුණා ඒ, බමුණනට මේ බස් කී ය:
Pali BJT“තෙන හි භො මමපි සුණාථ යථා මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං, නත්වෙව අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT“භවත්නි, එසේ වී නම්, මහණ ගොයුමාණන් අප දක්නට එනුවට වඩා අප ඔබ දක්නට යෑමෙහි සුදුසු වන සැටි දක්වන මා බස් ද අසවු.
Pali BJT“සමණො ඛලු භො ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. යම්පි භො සමණො ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. ඉමිනාපඞ්ගෙන න අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං. අථ ඛො මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT“භවත්නි, මහණ ගොයුම්හු වූ කලි වූ පිය දෙ පසින් ම අභිජාත ය, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෝ ය. ජාතිවාදයෙන් නො හෙළන ලද්දෝ ය, නො ගරහන ලද්දෝ ය. … මහණ ගොයුම්හු මවුපිය දෙපසින් ම අභිජාතයහ … නො හෙළන ලද්දෝ ය, නො ගරහන ලද්දෝ ය යන යමක් ඇද්ද, මේ කරුණිනුදු ඒ පින්වත් ගොයුම්හු අප දක්නට එන්නට නො නිස්සහ. වැළි අපි ම ඔබ දක්නට යන්නට නිස්සම්හ.
Pali BJTසමණො ඛලු භො ගොතමො මහන්තං ඤාතිසඞ්ඝං ඔහාය පබ්බජිතො -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහත් නෑමුළුව පියා පැවිදි වූවෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො පහූතං හිරඤ්ඤසුවණ්ණං ඔහාය පබ්බජිතො භූමිගතඤ්ච වෙහාසට්ඨඤ්ච -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි පොළෝ යට ද පොළෝ මතු පිට ද වූ මහත් රන් අමුරන් හැරැ පියා පැවිදි වූවෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො දහරො’ව සමානො යුවා සුසු කාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අගාරස්මා අනගාරියං පබ්බජිතො -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි සොඳුරු යොවුනෙන්, (වයස් තුන අතුරෙන්) පළමු වයසින් යුත් වූවෝ ම, තරුණ වූවෝ ම, මනා කළු කෙහෙ ඇති වැ යොවුන් වියැ සිටියෝ ම ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට වන්නෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි ඔබ පැවිදි වන්නා නො කැමැති මාපියන් කඳුළු පිරි මුහුණ ඇති වැ හඬද්දී එය නොතකා කෙහෙ රවුළු බා පියා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට බටුවෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී අක්ඛුද්දාවකාසො දස්සනාය -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු කලි හැමට වැඩි තරම් රූ සිරි ඇත්තෝ ය, දක්නවුන් සිතැ පැහැදීම් පහළ කරවන සුලුහ, උතුම් පැහැ සපුයෙන් යුතුහ. උතුම් රන් පැහැ ඇත්තෝ ය, උතුම් සිරුරු පබ ඇත්තෝ ය. සිය සිරුරැ දැක්මට නොමඳ ඔවස් ඇත්තෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො සීලවා අරියසීලී කුසලසීලී කුසලසීලෙන සමන්නාගතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි සිල්වත්හ, පිරිසිදු සිල් ඇත්තෝ ය, නිදොස් ශීලයෙන් යුත්හ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො කල්යාණවාචො කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා -පෙ-
Sinhala BJTමහණ ගොයුම්හු වූ කලි කලණ තෙපුල් ඇත්තෝ ය, කලණ මිහිරි බස් තෙපලන්නෝ ය, නිදොස් වූ නොකෙළතොලු වූ කී දෑ හඟවනු සමත් සිලිටි බසින් සමන්‍විතයෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො බහුන්නං ආචරියපාචරියො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි බොහෝ දෙනාට ආචාර්‍ය්‍ය ද ප්‍රාචාර්‍ය ද වෙති ...
Pali BJTසමණො ඛලු භො ගොතමො ඛීණකාමරාගො විගතචාපල්ලො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි පහ වූ කාමරාග ඇත්තෝ ය, පහ වූ චපල බව් ඇත්තෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො කම්මවාදී කිරියවාදී අපාපපුරෙක්ඛාරො බ්රහ්මඤ්ඤාය පජාය -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි කර්‍මවාදිත් ක්‍රියවාදිත් වෙති. නව ලොවුතුරා දහම් පුරස්සර කොට වැටෙති. සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට ද නායක වැ හැසිරෙති ...
Pali BJTසමණො ඛලු භො ගොතමො උච්චාකුලා පබ්බජිතො අසම්භින්නඛත්තියකුලා -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි පිරිසිදු කැත් කුල වූ උසස් කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො අඩ්ඪා කුලා පබ්බජිතො මහද්ධනා මහාභොගා -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහත් ධන ඇති මහත් භෝග ඇති ඉසුරුමත් කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
Pali BJTසමණං ඛලු භො ගොතමං තිරොරට්ඨා තිරොජනපදා සම්පුච්ඡිතුං ආගච්ඡන්ති -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති ...
Pali BJTසමණං ඛලු භො ගොතමං අනෙකානි දෙවතාසහස්සානි පාණෙහි සරණං ගතානි -පෙ-
Sinhala BJTභවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහණ ගොයුමන් දිවිහිමියෙන් සරණ ගියහ ...
Pali BJTසමණං ඛලු භො ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ ති -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුමාණන්ගේ වූ කලි “මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ රහත් ය, සම්මාසම්බුදු ය, විදු සරණින් යුතු ය, සුගත ය, ලොව දන්නේ ය, ලොවුතුරා නරදම්සැරි ය, දෙව්මිනිස්නට සසු ය, සිවු සස් දතුයේ ය, භගවත් යැ”යි මෙසේ වූ උතුම් වූ යසගී උස් වැ නැංගේ යැ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි දෙතිස් මහ පුරිස්ලකුණින් යුතු ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො එහිසාගතවාදී සඛිලො සම්මොදකො අබ්භාකුටිකො උත්තානමුඛො පුබ්බභාසී -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි තමන් වෙත එන්නවුන් ‘එන්න, මෙහි ආ යේ මැනැවැ’යි පිළිගන්නා සුලු හ, කණට සුව එළවන තෙපුල් තෙපලන්නෝ ය, පිළිසඳරෙහි දක්‍ෂය හ, බැම නොහකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය, පැමිණයනට තුමූ පළමුයෙන් කථා කරන සුලුහ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො චතුන්නං පරිසානං සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි සිවු පිරිස් විසින් සත්කාර කරන ලදුහ, ගුරුකාර කරන ලදුහ, බුහුමන් කරන ලදුහ, පුදන ලදුහ, යටත් පැවැතුම් දක්වන ලදුහ ...
Pali BJTසමණෙ ඛලු භො ගොතමෙ බහූ දෙවා ච මනුස්සා ච අභිප්පසන්නා -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුමාණන් කෙරෙහි බොහෝ දෙව්මිනිස්සු වෙසෙසින් පහන්හ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො යස්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති, න තස්මිං ගාමෙ වා නිගමෙ වා අමනුස්සා මනුස්සෙ විහෙඨෙන්ති -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි යම් ගමෙක හෝ නියම් ගමෙක වෙසෙත් නම්, එ ගමැ හෝ නියම් ගමැ වැසි මිනිස්නට යක්කු පීඩා නො කෙරෙත් ...
Pali BJTසමණො ඛලු භො ගොතමො සඞ්ඝී ගණී ගණාචරියො පුථුතිත්ථකරානං අග්ගමක්ඛායති.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහ සඟපිරිස් ඇත්තෝ ස, ගණ නායකයහ, ගණාචාර්‍ය්‍යය හ. බොහෝ තීර්‍ත්‍ථංකරයන් අතුරෙහි අග්හ යි කියනු ලැබෙති ...
Pali BJTයථා ඛො පන භො එකෙසං සමණබ්රාහ්මණානං යථා වා තථා වා යසො සමුදාගච්ඡති, න හෙවං සමණස්ස ගොතමස්ස යසො සමුදාගතො. අථ ඛො අනුත්තරාය විජ්ජාචරණසම්පදාය සමණස්ස ගොතමස්ස යසො සමුදාගතො -පෙ-.
Sinhala BJTයම්සේ වනාහි ඇතැම් මහණබමුණන්ගේ යශස අචේලකතාදි පිටතට පෙනෙන යම්තම් ව්‍රතමාත්‍රයෙකින් වැඩෙතත් මහණ ගොයුමන්ගේ යශස වූ කලි එසේ වැඩුණේ නො වේ. වැලි තමන් තුළැ ම වූ නිරුත්තර විද්‍යාචරණසම්පතින් වැඩුණේ වේ ...
Pali BJTසමණං ඛලු භො ගොතමං රාජා මාගධො සෙනියො බිම්බිසාරො සපුත්තො සභරියො සපරිසො සාමච්චො පාණෙහි සරණං ගතො. සමණං ඛලු භො ගොතමං රාජා පසෙනදී කොසලො සපුත්තො සභරියො සපරිසො සාමච්චො පාණෙහි සරණං ගතො. සමණං ඛලු භො ගොතමං බ්රාහ්මණො පොක්ඛරසාතී සපුත්තො සභරියො සපරිසො සාමච්චො පාණෙහි සරණං ගතො. සමණො ඛලු භො ගොතමො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො. සමණො ඛලු භො ගොතමො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො. සමණො ඛලු භො ගොතමො බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො.
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් වූ කලි මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් බිරියන් සහිත වැ පිරිස් හා ඇමැත්තන් හා සමග දිවි හිම් කොට සරණ ගියේ ය ... භවත්නි, මහණ ගොයුමන් වූ කලි කෝශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සහිත වැ දිවි හිම් කොට සරණ ගියේ ය ... භවත්නි, මහණ ගොයුමන් වූ කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් බිරියන් පිරිස් හා ඇමැත්තන් සහිත වැ දිවි හිම් කොට සරණ ගියේ ය ... භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මගධ රටට අධිපති සේනිය බිම්බිසාර රජහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ... භවත්නි, මහණ ගොයුම්හු වූ කලි කෝශලාධිපති පසේනදී රජහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ... භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ...
Pali BJTසමණො ඛලු භො ගොතමො ඛාණුමතං අනුප්පත්තො, ඛාණුමතෙ විහරති අම්බලට්ඨිකායං. යෙ ඛො පන කෙචි සමණා වා බ්රාහ්මණා වා අම්හාකං ගාමක්ඛෙත්තං ආගච්ඡන්ති, අතිථී නො තෙ හොන්ති. අතිථී ඛො පනම්හෙහි සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා අපචෙතබ්බා. යම්පි භො සමණො ගොතමො ඛාණුමතං අනුප්පත්තො ඛාණුමතෙ විහරති අම්බලට්ඨිකායං. අතිථම්හාකං සමණො ගොතමො, අතිථි ඛො පනම්හෙහි සක්කාතබ්බො ගරුකාතබ්බො මානෙතබ්බො පූජෙතබ්බො අපචෙතබ්බො.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි දැන් ඛාණුමතයට පැමිණියෝ ඛාණුමතය සමීපයෙහි අඹයැටි වෙනෙහි (අම්බලට්ඨිකා වනයෙහි) වෙසෙති. භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අප ගම් කෙතට එත් නම්, ඔහු අපට අමුතු වෙති. අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කටයුතුහ, ගුරුකාර කටයුතුහ, මානනීයහ, පූජනීයහ, අපචයනීයහ. භවත්නි, යම් හෙයකින් මහණ ගොයුම්හු ඛාණුමතයට පැමිණියෝ, ඛාණුමතය සමීපයෙහි අඹයැටියෙහි වෙසෙත් ද, එහෙයින් ඔබ අප අමුත්තෝ ය. අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කටයුතුහ, ගුරුකාර කටයුතුහ, බුහුමන් කටයුතුහ, පිදියැ යුතුහ, යටත් පැවැතුම් දැක්වියැ යුතුහ.
Pali BJTඉමිනාපඞ්ගෙන නාරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං. අථ ඛො මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJTමේ කරුණිනුත් ඒ පින්වත් ගොයුම්හු අප දක්නට එන්නට නො නිස්සහ. වැලි ඇපි ම ඒ භවද්ගෞතමයන් දක්නා පිණිස එළැඹෙන්නට නිසි වම්හ.
Pali BJTඑත්තකෙ ඛො අහං භො තස්ස භොතො ගොතමස්ස වණ්ණෙ පරියාපුණාමි. නො ච ඛො සො භවං ගොතමො එත්තකවණ්ණො. අපරිමාණවණ්ණො හි සො භවං ගොතමො’ති.
Sinhala BJTභවත්නි, ඒ භවද් ගෞතමයන් පිළිබඳ වූ මෙතෙක් ගුණ මම දනිමි. එහෙත් පින්වත් ගොයුම්හු මෙ පමණක් ම ගුණ ඇත්තෝ නොවෙති. “ඔබ වූ කලි නො මිනියැ හැකි ගුණ ඇතියහ” යනු යි.
Pali BJT8. එවං වුත්තෙ තෙ බ්රාහ්මණා කූටදන්තං බ්රාහ්මණං එතදවොචුං: “යථා ඛො භවං කූටදන්තො සමණස්ස ගොතමස්ස වණ්ණෙ භාසති ඉතො චෙ’පි සො භවං ගොතමො යොජනසතෙ විහරති, අලමෙව සද්ධෙන කුලපුත්තෙන දස්සනාය උපසඞ්කමිතුං අපි පුටංසෙනාපි{1}. තෙන හි භො සබ්බෙව මයං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සාමා”ති.
Sinhala BJT8. මෙසේ කී කල්හි ඒ බමුණෝ කුළුදත් බමුණා බණවා, “පින්වත් කුළුදතු මහණ ගොයුමන්ගේ ගුණ වනන සැටියෙන්, ඒ පින්වත් ගොයුමන් මෙයින් සිය යොදුනක් දුරැ වසතත්, සැදැහැති කුලපුතුහු විසින් පාථේය රැගෙන ද ඔබ දකිනු පිණිස එන්නට නිසි ම ය. එ බැවින්, භවත්නි, ඇපි සියල්ලමෝ මහණ ගොයුමන් දක්නට ඔබ වෙත එළඹෙන්නම්හ”යි කීහ.
Pali BJT9. අථ ඛො කූටදන්තො බ්රාහ්මණො මහතා බ්රාහ්මණගණෙන සද්ධිං යෙන අම්බලට්ඨිකා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. ඛාණුමතිකා’පි ඛො බ්රාහ්මණගහපතිකා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT9. ඉක්බිත්තෙන් කුළුදත් බමුණා මහත් බමුණුගණයා හා අඹයැටියට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ, සිතැ රැඳැවිය යුතු වූ කථාව කැරැ නිමවා, පසෙක ඉඳගත්තේ ය. ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝ ද කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පසෙක ඉඳ ගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු වියැ යුතු සිතැ රැඳැවිය යුතු වූ කථා නිමවා පසෙක ඉඳ ගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසාවට ඇඳිලි බැඳගෙන පසෙක හුන්හ. කෙනෙක් නම්ගොත් අස්වා පසෙක ඉඳ ගත්හ. කෙනෙක් නිහඬ වැ පසෙක ඉඳ ගත්හ.
Pali BJT10. එකමන්තං නිසින්නො ඛො කූටදන්තො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “සුතං මෙතං භො ගොතම සමණො ගොතමො තිවිධං යඤ්ඤසම්පදං සොළසපරික්ඛාරං ජානාතීති. න ඛො පනාහං ජානාමි තිවිධං යඤ්ඤසම්පදං සොළසපරික්ඛාරං. ඉච්ඡාමි චාහං මහායඤ්ඤං යජිතුං. සාධු මෙ භවං ගොතමො තිවිධං යඤ්ඤසම්පදං සොළසපරික්ඛාරං දෙසෙතූ”ති.
Sinhala BJT10. එක් පසෙකැ හුන්නා වූ ම කුළුදත් බමුණා, “පින්වත් ගොයුමාණනි, ‘මහණ ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් දනිති’යි මෙය මා විසින් අසන ලදි. මම් වූ කලි තෙවැදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් නො ම දනිමි. වැලි දු මහායාගයක් යජනට මම් කැමැතියෙමි. යාච්ඤා කරමි. මට පින්වත් ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතුත් සොළොස් පිරිකරත් දෙසත් වා”යි භාග්‍යවතුන් වහන්සේට කී ය.
Pali BJT“තෙන හි බ්රාහ්මණ සුණොහි සාධුකං මනසිකරොහි භාසිස්සාමී”ති.
Sinhala BJT“බමුණ, එසේ වී නම් අසන්නැ. මොනොවට මෙනෙහි කරන්නැ. කියන්නෙමි”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
Pali BJT‘එවං භො’ති ඛො කූටදන්තො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT‘එසේ ය, පින්වතැ’යි කුළුදත් බමුණු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT11. “භූතපුබ්බං බ්රාහ්මණ රාජා මහාවිජිතො නාම අහොසි, අඩ්ඪො මහද්ධනො මහාභොගො පහූතජාතරූපරජතො පහූතවිත්තූපකරණො පහූතධනධඤ්ඤො පරිපුණ්ණකොසකොට්ඨාගාරො. අථ ඛො බ්රාහ්මණ රඤ්ඤො මහාවිජිතස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අධිගතා ඛො මෙ විපුලා මානුසකා භොගා. මහන්තං පඨවිමණ්ඩලං අභිවිජිය අජ්ඣාවසාමි. යන්නූනාහං මහායඤ්ඤං යජෙය්යං, යං මම’ස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT11. “පෙර වූවක් කියමි. බමුණ, ආඪ්‍ය වූ, මහත් ධන ඇති, මහත් භෝඟ ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ වස්තූපකරණ ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, පිරිපුන් ගබඩා කොටුගුල් ඇති මහාවිජිත නම් රජෙක් විය. බමුණ, එ කලැ හුදෙකලා වැ චිත්තවිවේකයෙන් හුන් මහාවිජිත රජුට “මානුෂක මහත් භෝගසම්පත්හු මා විසින් ලබන ලද්දෝ ම ය. ඒ මම් මහත් පොළෝමඬුල්ල වෙසෙසින් දිනා හැමට අධිපති වැ වෙසෙමි. මට දික් කලක් හිත සුව පිණිස පවත්නා මහා යඥයක් යදින්නෙම් නම් මැනැවැ”යි මෙසේ චිත්ත සඞ්කල්පනාවෙක් පහළ විය.
Pali BJTඅථ ඛො බ්රාහ්මණ රාජා මහාවිජිතො පුරොහිතං බ්රාහ්මණං ආමන්තෙත්වා එතදවොච: ‘ඉධ මය්හං බ්රාහ්මණ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අධිගතා ඛො මෙ විපුලා මානුසකා භොගා. මහන්තං පඨවිමණ්ඩලං අභිවිජිය අජ්ඣාවසාමි. යන්නූනාහං මහායඤ්ඤං යජෙය්යං, යං මම’ස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති. ඉච්ඡාමහං බ්රාහ්මණ මහායඤ්ඤං යජිතුං. අනුසාසතු මං භවං, යං මම’ස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJTබමුණ, ඉක්බිත්තෙන් මහාවිජිත රජ තෙම් පෙරෙවියා අමතා, “බමුණ, මෙහි හුදෙකලා වැ චිත්තවිවේකයෙන් හුන් මට ‘මානුෂක වූ මහත් භෝගයෝ මා විසින් ලදහ. ඒ මම් මහත් මිහිමඬල දිනා එයට අධිපති වැ වෙසෙමි. මට දික් කලක් භිත සුව පිණිස පවත්නා මහා යඥයක් කළොත් මැනැවැ යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. බමුණ, මහා යඥයක් කරන්නට කැමැත්තෙමි. එහි ලා භවත් තෙමේ මට දික් කලක් හිත සුව පිණිස අනුශාසන කෙරේ වා” යි මේ බස් පැවැසී ය.
Pali BJT12. එවං වුත්තෙ බ්රාහ්මණ පුරොහිතො බ්රාහ්මණො රාජානං මහාවිජිතං එතදවොච: ‘භොතො ඛො රඤ්ඤො ජනපදො සකණ්ටකො සඋප්පීළො. ගාමඝාතා’පි දිස්සන්ති, නිගමඝාතා’පි දිස්සන්ති, __නගරඝාතාපි දිස්සන්ති__, පන්ථදූහනා’පි දිස්සන්ති. භවං චෙ ඛො පන රාජා එවං සකණ්ටකෙ ජනපදෙ සඋප්පීළෙ බලිමුද්ධරෙය්ය, අකිච්චකාරී අස්ස තෙන භවං රාජා. සියා ඛො පන භොතො රඤ්ඤො එවමස්ස: ‘අහමෙතං දස්සුඛීලං වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා සමූහනිස්සාමී’ති. න ඛො පනෙතස්ස දස්සුඛීලස්ස එවං සම්මා සමුග්ඝාතො හොති. යෙ තෙ හතාවසෙසකා භවිස්සන්ති, තෙ පච්ඡා රඤ්ඤො ජනපදං විහෙඨෙස්සන්ති. අපි ච ඛො ඉදං සංවිධානං ආගම්ම එවමෙතස්ස දස්සුඛීලස්ස සම්මා සමුග්ඝාතො හොති. තෙන හි භවං රාජා යෙ භොතො රඤ්ඤො ජනපදෙ උස්සහන්ති කසිගොරක්ඛෙ, තෙසං භවං රාජා බීජභත්තං අනුප්පදෙතු. යෙ භොතො රඤ්ඤො ජනපදෙ උස්සහන්ති වණිජ්ජාය, තෙසං භවං රාජා පාභතං අනුප්පදෙතු. යෙ භොතො රඤ්ඤො ජනපදෙ උස්සහන්ති රාජපොරිසෙ, තෙසං භවං රාජා භත්තවෙතනං පකප්පතු. තෙ ච මනුස්සා සකම්මපසුතා රඤ්ඤො ජනපදං න විහෙඨෙස්සන්ති. මහා ච රඤ්ඤො රාසිකො භවිස්සති, ඛෙමට්ඨිතා ජනපදා අකණ්ටකා අනුප්පීළා. මනුස්සා ච මුදා මොදමානා උරෙ පුත්තෙ නච්චෙන්තා අපාරුතඝරා මඤ්ඤෙ විහරිස්සන්තී”ති.
Sinhala BJT12. බමුණ, මෙසේ කී කල්හි පෙරෙවි බමුණා මහාවිජිත රජුට මෙය කී ය: “භවත් රජුහුගේ රට කටු සහිත (සොරඋවදුරු සහිත) වෙයි, සොර උවදුරින් මිරිකුණේ වෙයි. ගම් පැහැරුම් දක්නා ලැබේ. නියම්ගම් පැහැරුම් දක්නා ලැබේ. නුවර පැහැරුම් දක්නා ලැබේ. මං පැහැරුම් දක්නා ලැබේ. භවත් රජ තෙමේ ඉදින් මෙසේ සොර උවදුරු ඇති සොර උවදුරින් මිරිකුණු රටෙහි බදු කරවුවර ගන්නේ නම්, එයින් නොකටයුත්තක් කරන්නෙක් වන්නේ ය. ‘වධ කිරීමෙන් හෝ බැඳැ ලීමෙන් හෝ දඩ ගැසීමෙන් හෝ හිස මුඩු කැරැවීම් ආදී ගැරැහුමෙන් හෝ රටින් නෙරැපීමෙන් හෝ මේ දශ්‍යුකීලය (සොර හුල) මුලින් ම උදුරා ලන්නෙමි’ යි පින්වත් රජුට මෙසේ සිතක් විය හැක්ක. මෙසේ මේ සොර හුල මැනැවින් ඉදිරීමෙක් නො වේ ම ය. නසන ලද්දවුන්ගෙන් ඉතිරි වූ යම් සොරසතුරු කෙනෙක් වන්නෝ ද, ඔහු පසු වැ රජුගේ රට පෙළන්නාහ. එතෙකුදු වුවත් මේ මතු දැක්වෙන සංවිධානයට පැමිණ (මතු දැක්වෙන සේ පිළිපැදීමෙන්) මෙසේ මේ සොර හුල මොනොවට ඉදිරී යෑම වේ. එ බැවින් සිය රටෙහි යම් කෙනෙක් ගොවිතැන්හි ගෙරි රැකුම්හි උත්සාහ කෙරෙත් නම්, පින්වත් රජ තෙමේ ඔවුනට ධාන්‍ය බිජුවට ද බත් ද දේ වා. යම් කෙනෙක් පින්වත් රජුහුගේ රටෙහි වෙළෙඳාම පිණිස උත්සාහ කෙරෙත් ද, ඔවුනට රජ තෙමේ බඩු මිල දේ වා. පින්වත් රජුහුගේ රටෙහි යම් කෙනෙක් රාජකාර්‍ය්‍යයෙහි උත්සාහ කෙරෙත් ද, ඔවුනට පින්වත් රජ තෙමේ බත් වැටුප් දේ වා. ඒ මිනිස්සුත් තමන්ගේ වැඩපලෙහි යෙදුණේ රජුගේ රට නො පෙළන්නෝ ය. රජුගේ ධනධාන්‍ය රැස ද මහත් වන්නේ ය. ජනපදයෝ සොර උවදුරු නැත්තෝ, නො මිරිකුණෝ, නිරුපද්‍රැතභාවයේ සිටියෝ වන්නාහ. මිනිස්සු ද උනුන් කෙරෙහි සතුටු වන්නෝ, ඔරෙහි දරුවන් නටවන්නෝ, දොර නොවැසූ ගෙවල් ඇත්තවුන් මෙන් (බිය සැක නැති ව) වසන්නෝ ය.”
Pali BJT13. ‘එවං භො’ති ඛො බ්රාහ්මණ රාජා මහාවිජිතො පුරොහිතස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙ රඤ්ඤො ජනපදෙ උස්සහිංසු කසිගොරක්ඛෙ, තෙසං රාජා මහාවිජිතො බීජභත්තං අනුප්පාදාසි.{1} යෙ රඤ්ඤො ජනපදෙ උස්සහිංසු වණිජ්ජාය, තෙසං රාජා මහාවිජිතො පාභතං අනුප්පාදාසි. යෙ රඤ්ඤො ජනපදෙ උස්සහිංසු රාජපොරිසෙ, තෙසං රාජා මහාවිජිතො භත්තවෙතනං පකප්පෙසි. තෙ ච මනුස්සා සකම්මපසුතා රඤ්ඤො ජනපදං න විහෙඨෙසුං. මහා ච රඤ්ඤො රාසිකො අහොසි, ඛෙමට්ඨිතා ජනපදා අකණ්ටකා අනුප්පීළා. මනුස්සා මුදා මොදමානා උරෙ පුත්තෙ නච්චෙන්තා අපාරුතඝරා මඤ්ඤෙ විහරිංසු.
Sinhala BJT13. බමුණ, ‘භවත්, එසේයැ’ යි කියා ම ඒ මහාවිජිත රජ පිළිවදන් දී, රජුගේ රටෙහි ගොවිතැන්හි ගෙරිරැකුම්හි උත්සුක වූවනට බිජු ද බත් ද දෙවී ය. වෙළෙඳාමෙහි උත්සුක වූවනට බඩුමිල දෙවී ය. රාජකාර්‍ය්‍යයෙහි යෙදුණවුනට බත්වැටුප් දෙවී ය. ඒ මිනිස්සු ද මෙසේ රජුගේ රට නො පෙළූහ. රජුගේ ද ධනධාන්‍ය රාශිය මහත් විය. ජනපදයෝ සොරසතුරු උවදුරින් මිදුණෝ නොමිරිකුණෝ නිරුපද්‍රැත බව්හි සිටියෝ වූහ. මිනිස්සු ඔවුනොවුන් හා සතුටු වන්නෝ දරුවන් ඔරෙහි නටවනුවෝ දොර නොවැසූ ගෙවල් ඇතියන් සේ (බිය සැක නැති වැ) වුසූහ.
Pali BJT14. අථ ඛො බ්රාහ්මණ, රාජා මහාවිජිතො පුරොහිතං බ්රාහ්මණං ආමන්තෙත්වා එතදවොච: “සමූහතො ඛො මෙ භො සො දස්සුඛීලො භොතො සංවිධානං ආගම්ම. මහා ච මෙ රාසිකො. ඛෙමට්ඨිතා ජනපදා අකණ්ටකා අනුප්පීළා. මනුස්සා මුදා මොදමානා උරෙ පුත්තෙ නච්චෙන්තා අපාරුතඝරා මඤ්ඤෙ විහරන්ති. ඉච්ඡාමහං බ්රාහ්මණ මහායඤ්ඤං යජිතුං. අනුසාසතු මං භවං, යං මම’ස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT14. බමුණ, ඉක්බිත්තෙන් මහාවිජිත රජ තෙමේ පෙරෙවියා අමතා, “භවත, මා විසින් භවත්හුගේ සංවිධානය පිළිපැද ඒ සොරසතුරු හුල මුලින් උදුරන ලද්දේ ය. මගේ ධන ධාන්‍ය රැස ද මහත් ම ය. ජනපදයෝ අකණ්ටක වූවෝ, (සොර සතුරු උවදුරු නැත්තෝ) උවදුරින් නොමිරිකුණෝ, උවදුරු නැති බව්හි සිටියෝ ය. මිනිස්සු ඔවුනොවුන් හා සතුටු වන්නෝ, ඔරෙහි දරුවන් නටවන්නෝ, දොර නොවැසූ ගෙවල් ඇත්තවුන් සේ වෙසෙත්. බමුණ, මට දික් කලක් හිත සුව පිණිස පවත්නා මහා යඥයක් යදනට (මහ දනක් දෙන්නට) මම් කැමැත්තෙමි. පින්වත් තෙමේ මට අනුශාසන කෙරේ වා” හි මෙ බස් කී ය.
Pali BJT“තෙන හි භවං රාජා යෙ භොතො රඤ්ඤො ජනපදෙ ඛත්තියා අනුයුත්තා නෙගමා චෙව ජානපදා ච, තෙ භවං රාජා ආමන්තයතං, ‘ඉච්ඡාමහං භො මහායඤ්ඤං යජිතුං. අනුජානන්තු මෙ භොන්තො යං මම’ස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති. යෙ භොතො රඤ්ඤො ජනපදෙ අමච්චා පාරිසජ්ජා නෙගමා චෙව ජානපදා ච -පෙ- බ්රාහ්මණමහාසාලා නෙගමා චෙව ජානපදා ච, __ගහපතිනෙචයිකා නෙගමා චෙව ජානපදා ච__, තෙ භවං රාජා ආමන්තයතං: ‘ඉච්ඡාමහං භො මහායඤ්ඤං යජිතුං. අනුජානන්තු මෙ භවන්තො යං මම’ස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති.
Sinhala BJTඑ විට පෙරෙවි තෙමේ මෙසේ රජුට අනුශාසන කෙළේ ය: “එසේ නම්, පින්වත් රජුගේ රටෙහි තමා අනුව පවත්නා නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් යම් ක්‍ෂත්‍රිය කෙනෙක් වෙත් තම්, පින්වත් රජ තෙමේ ඔවුන් අමතා, ‘භවත්නි, මට බොහෝ කල් හිත සුව පිණිස මම් මහ දනක් දෙනු කැමැත්තෙමි. භවත්හු එයට මට අනුදනිත් වා’යි කියා වා. පින්වත් වූ රජුගේ රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසභාවට අයත් ඇමැතියෝ වෙත් ද, ... නියම්ගම් වැසි දනවුවැසි බමුණුමහසල්හු වෙත් ද ... නියම්ගම්වැසි දනවුවැසි මහ දනවත් ගැහැවි කෙනෙක් වෙත් ද, පින්වත් රජ තෙමේ ඔවුන් අමතා ‘භවත්නි, මට බොහෝ කල් හිත සුව පිණිස මම් මහ දනක් දෙනු රිසියෙමි. භවත්හු එයට මට අනුදනිත්වා’යි කියා වා”.
Pali BJT‘එවං භො’ති ඛො බ්රාහ්මණ, රාජා මහාවිජිතො පුරොහිතස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙ රඤ්ඤො ජනපදෙ ඛත්තියා අනුයුත්තා නෙගමා චෙව ජානපදා ච, තෙ රාජා මහාවිජිතො ආමන්තෙසි: “ඉච්ඡාමහං භො මහායඤ්ඤං යජිතුං. අනුජානන්තු මෙ භොන්තො, යං මම’ස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT“බමුණ, ‘එසේ ය පින්වතැ’යි කියා ම මහාවිජිත රජ තෙමේ පෙරෙවි බමුණාට පිළිවදන් දී, සිය රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් තමා අනුව පවත්නා ක්‍ෂත්‍රිය කෙනෙක් වූහු නම්, ඔවුන් අමතා, ‘පින්වත්නි, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස පවත්නේ ද, මම එසේ වූ යඥයක් යජන්නට (මහ දනක් දෙන්නට) කැමැත්තෙමි. පින්වත්හු එයට මට අනුදනිත්වා’යී කී ය.
Pali BJT“යජතං භවං රාජා යඤ්ඤං. යඤ්ඤකාලො මහාරාජා”ති.
Sinhala BJT‘පින්වත් රජ තුමෝ යඥය යජත් වා (මහ දන් දෙත් වා). මහරජාණනි, මේ යඥයට කාලය වේ යැ’යි ඔහු කීහ.
Pali BJTයෙ රඤ්ඤො ජනපදෙ අමච්චා පාරිසජ්ජා නෙගමා චෙව ජානපදා ච -පෙ- බ්රාහ්මණමහාසාලා නෙගමා චෙව ජානපදා ච -පෙ- ගහපතිනෙචයිකා නෙගමා චෙව ජානපදා ච, තෙ රාජා මහාවිජිතො ආමන්තෙසි: “ඉච්ඡාමහං භො මහායඤ්ඤං යජිතුං. අනුජානන්තු මෙ භවන්තො, යං මම’ස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJTසිය රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසභාසද ඇමැති කෙනෙක් වූහු ද ... නියම්ගම්වැසි දනවුවැසි බමුණු මහසල් කුල කෙනෙක් වූහු ද, ... නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් දන රැස් කරන ගැහැවි මහසල් කුල කෙනෙක් වූහු ද, මහාවිජිත රජ තෙමේ ඔවුන් හැම අමතා, ‘භවත්නි, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස පවත්නේ ද, එසේ වූ මහායඥයක් යජනු රිසියෙම්. පින්වත්හු මට එයට අනුදනිත් වා’යි දැන්වී ය.
Pali BJT“යජතං භවං රාජා යඤ්ඤං. යඤ්ඤකාලො මහාරාජා”ති.
Sinhala BJT‘මහරජාණනි, මේ යඥයට කාලය ය. පින්වත් රජ තුමෝ යඥය කෙරෙත් වා’යි ඔහු කීහ.
Pali BJTඉතීමෙ චත්තාරො අනුමතිපක්ඛා තස්සෙව යඤ්ඤස්ස පරික්ඛාරා භවන්ති.
Sinhala BJTමෙසේ මේ අනුමති පක්‍ෂ සතර (අවසරය දෙන්නන් සතර වගය) එ ම යඥයට පිරිවර වෙත්.
Pali BJT15. රාජා මහාවිජිතො අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතො:
Sinhala BJT15. මහාවිජිත රජ තෙමේ අංග අටෙකින් සමන්‍විත ය. (කවර අටඟින් ද? යත්:)
Pali BJTඋභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා,
Sinhala BJTහේ මාපිය දෙපසින් ම අභිජාත ය, සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෙක.
Pali BJTඅක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන,
Sinhala BJTජාතිවාදයෙන් නොහෙළන ලද්දෙක, ගැරැහුම් නොලද්දෙක.
Pali BJTඅභිරූපො දස්සනීයො පාසාදිකො, පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී අක්ඛුවද්දාවකාසො දස්සනාය.
Sinhala BJTවිශිෂ්ට රූප ශෝභා ඇත්තෙක, දැකුම් කටයුත්තෙක, ප්‍රසාද එළවන සුලු ය.
Pali BJTඅඩ්ඪො මහද්ධනො මහාභොගො පහූතජාතරූපරජතො පහූතවිත්තූපකරණො පහූතධනධඤ්ඤො පරිපුණ්ණකොසකොට්ඨාගාරො.
Sinhala BJTඋතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත ය, උතුම් රන් පැහැ ඇත්තෙක, උතුම් සිරුරු පැහැ ඇත්තෙක, සිය සිරුර අනුන් විසින් දක්නට නොමඳ අවකාශ ඇත්තෙක.
Pali BJTබලවා චතුරඞ්ගිනියා සෙනාය සමන්නාගතො අස්සවාය ඔවාදපටිකරාය, පතපති මඤ්ඤෙ පච්චත්ථිකෙ යසසා.
Sinhala BJTආඪ්‍ය ය, මහද් ධන ඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය, බොහෝ රන් රිදී ඇත්තේ ය, වස්තූපකරණ ඇත්තේ ය, බොහෝ ධන ධාන්‍ය ඇත්තේ ය, පිරිපුන් ගබඩා කොටාර ඇත්තේ ය.
Pali BJTසද්ධො දායකො දානපති අනාවටද්වාරො, සමණබ්රාහ්මණකපණද්ධිකවණිබ්බකයාචකානං ඔපානභූතො, පුඤ්ඤානි කරොති.
Sinhala BJTබලවත් වූයේ, අණට කන් දෙන, ඔවා පිළිපදනා සිවුරඟ සෙනඟින් සමන්‍විත වූයේ, පසමිතුරන් සිය යස තෙදින් තවාලන්නාක් මෙන් වේ.
Pali BJTබහුස්සුතො තස්ස තස්ස සුතජාතස්ස. තස්ස තස්සෙව ඛො පන භාසිතස්ස අත්ථං ජානාති: ‘අයං ඉමස්ස භාසිතස්ස අත්ථො අයං ඉමස්ස භාසිතස්ස අත්ථො’ති.
Sinhala BJTසැදැහැත්තේ ය, දීමෙහි හුරු ය, දානපති ය, මහණුනට බමුණනට දුගියනට මගියනට පුලනුනට යදියනට නොවැසූ දොර ඇත්තේ ය, සිවුමං හන්දියෙක කැණූ පොකුණක් මෙන් වැ දන් පින් කෙරෙයි.
Pali BJTපණ්ඩිතො වියත්තො මෙධාවී පටිබලො අතීතානාගතපච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං.
Sinhala BJTඒ ඒ ඇසූ දෑ පිළිබඳ වැ බහුශ්‍රුත ය, මේ මෙබසෙහි අරුත ය, මේ මෙබසෙහි අරුත යැ යි ඒ ඒ කී බසෙහි අරුත් දනී.
Pali BJTරාජා මහාවිජිතො ඉමෙහි අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතො.
Sinhala BJTනුවණැත්තේ ය, වියත් ය, අයුනා වත්මන් අරුත්හි සමත් ය.
Pali BJTඉති ඉමානි’පි අට්ඨඞ්ගානි තස්සෙව යඤ්ඤස්ස පරික්ඛාරා භවන්ති.
Sinhala BJTමහාවිජිත රජ තෙමේ මෙ අටඟින් සමන්‍විත ය. මෙසේ මේ අංග අට ද එම යඥයට පිරිවර වෙත්.
Pali BJT16. පුරොහිතො’පි බ්රාහ්මණො චතුහඞ්ගෙහි සමන්නාගතො:
Sinhala BJT16. පෙරෙවි බමුණු ද සතර අංගයෙකින් යුත් වෙයි. (කවර සතරෙකින් ද යත්:)
Pali BJTඋභතො සුජාතො මාතිතො ච පිතිතො ච. සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා. අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන.
Sinhala BJTමා පිය දෙපසින් ම අභිජාත ය, සතර වන මීමුතු යුවල තෙක් ම පිරිසිදු මවුකුස ඇත්තේ ය, ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය.
Pali BJTඅජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො.
Sinhala BJTවේද හදාරන්නේ ය, නිඝණ්ඩු ද කෛටභශාස්ත්‍ර ද සහිත ශික්‍ෂා හා නිරුක්ති හා සහිත ඉතිහාසය පස්වනු කොටැති තුන් වේදයේ පරතෙරට පැමිණියේ ය, පදපාඨ දන්නේ ය, සෙසු සියලු වියරණ විදි ද දන්නේ ය, ලෝකායත ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්‍ෂණ විද්‍යායෙහිත් නිපුණ ය.
Pali BJTසීලවා වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො.
Sinhala BJTසිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය, වැඩුණු ශීලයෙන් සමන්‍විත ය,
Pali BJTපණ්ඩිතො වියත්තො මෙධාවී පඨමො වා දුතියො වා සුජං පග්ගණ්හන්තානං.
Sinhala BJTපණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. යාග සැන්ද ඔසොවන්නවුන් අතුරෙහි පළමු හෝ දෙවෙනි තැනැත්තේ ය.
Pali BJTපුරොහිතො බ්රාහ්මණො ඉමෙහි චතූහඞ්ගෙහි සමන්නාගතො. ඉති ඉමානි’පි චත්තාරි අඞ්ගානි තස්සෙව යඤ්ඤස්ස පරික්ඛාරා භවන්ති.
Sinhala BJTපෙරෙවි බමුණු තෙමේ මේ සතර අංගයෙන් සමන්‍විත වෙයි. මෙසේ මේ සතර අංගයෝ ද එ ම යාගයට පිරිවර වෙත්.
Pali BJT17. අථ ඛො බ්රාහ්මණ, පුරොහිතො බ්රාහ්මණො රඤ්ඤො මහාවිජිතස්ස පුබ්බෙව යඤ්ඤා තිස්සො විධා දෙසෙසි:
Sinhala BJT17. බමුණ, ඉක්බිත්තෙන් පෙරෙවි බමුණු තෙමේ යඥයෙන් පෙරාතුව ම මහාවිජිත රජුට තුන් විධාවන් දැක්වී ය:
Pali BJT“සියා ඛො පන භොතො රඤ්ඤො මහායඤ්ඤං යිට්ඨුකාමස්ස කොචිදෙව විප්පටිසාරො ‘මහා වත මෙ භොගක්ඛන්ධො විගච්ඡිස්සතී’ති, සො භොතො රඤ්ඤො විප්පටිසාරො න කරණීයො. සියා ඛො පන භොතො රඤ්ඤො මහායඤ්ඤං යජමානස්ස කොචිදෙව විප්පටිසාරො ‘මහා වත මෙ භොගක්ඛන්ධො විගච්ඡතී’ති, සො භොතො රඤ්ඤො විප්පටිසාරො න කරණීයො. සියා ඛො පන භොතො රඤ්ඤො මහායඤ්ඤං යිට්ඨස්ස කොචිදෙව විප්පටිසාරො ‘මහා වත මෙ භොගක්ඛන්ධො විගතො’ති, සො භොතො රඤ්ඤො විප්පටිසාරො න කරණීයො”ති.
Sinhala BJT“මහා යාගයක් යජනු කැමැති පින්වත් රජහට “අහෝ! මා සතු භෝග රැසක් මතු නැසෙතැ’යි කිසි විපිළිසරක් විය හැක්ක. පින්වත් රජුහු විසින් එසේ වූ විපිළිසරක් නො කටයුතුය. මහා යාගයක් යජන පින්වත් රජුට ‘අහෝ මා සතු මහත් භෝග රැසක් දැන් නැසෙතැ’යි කිසි විපිළිසරක් වියැ හැක්ක. පින්වත් රජු විසින් එසේ වූ විපිළිසරක් නො කටයුත්තේ ය. මහායාගය යැජූ පින්වත් රජුට ‘අහෝ මා සතු මහත් භෝග රැසක් නැසී ගියේ වනැ’යි විපිළිසරක් වියැ හැක්ක. පින්වත් රජුහු විසින් එසේ වූ විපිළිසරක් නොකටයුත්තේ ය.”
Pali BJTඉමා ඛො බ්රාහ්මණ, පුරොහිතො බ්රාහ්මණො රඤ්ඤො මහාවිජිතස්ස පුබ්බෙව යඤ්ඤා තිස්සො විධා දෙසෙසි.
Sinhala BJTබමුණ, පෙරෙවි බමුණු තෙමේ යඥයෙන් පෙරාතු ව ම මහාවිජිත රජුට මේ තුන් විධාවන් දෙසී ය.
Pali BJT18. අථ ඛො බ්රාහ්මණ, පුරොහිතො බ්රාහ්මණො රඤ්ඤො මහාවිජිතස්ස පුබ්බෙව යඤ්ඤා දසහාකාරෙහි පටිග්ගාහකෙසු විප්පටිසාරං පටිවිනොදෙසි: “ආගමිස්සන්ති ඛො භොතො යඤ්ඤං පාණාතිපාතිනො’පි පාණාතිපාතා පටිවිරතා’පි. යෙ තත්ථ පාණාතිපාතිනො, තෙසඤ්ඤෙව තෙන. යෙ තත්ථ පාණාතිපාතා පටිවිරතා, තෙ ආරබ්භ යජතං භවං, සජ්ජතං භවං, මොදතං භවං, චිත්තමෙව භවං අන්තරං පසාදෙතු. ආගමිස්සන්ති ඛො භොතො යඤ්ඤං අදින්නාදායිනො’පි අදින්නාදානා පටිවිරතා’පි -පෙ- කාමෙසු මිච්ඡාචාරිනො’පි කාමෙසු මිච්ඡාචාරා පටිවිරතාපි -පෙ- මුසාවාදිනො’පි මුසාවාදා පටිවිරතා’පි -පෙ- පිසුණවාචිනො’පි පිසුණාය වාචාය පටිවිරතා’පි -පෙ- ඵරුසවාචිනො’පි ඵරුසාය වාචාය පටිවිරතා’පි -පෙ- සම්ඵප්පලාපිනො’පි සම්ඵප්පලාපා පටිවිරතා’පි -පෙ- අභිජ්ඣාලුනො’පි අනභිජ්ඣාලුනො’පි -පෙ- බ්යාපන්නචිත්තා’පි අබ්යාපන්නචිත්තා’පි -පෙ- මිච්ඡාදිට්ඨිකා’පි සම්මාදිට්ඨිකා’පි. යෙ තත්ථ මිච්ඡාදිට්ඨිකා, තෙසඤ්ඤෙව තෙන. යෙ තත්ථ සම්මාදිට්ඨිකා, තෙ යජතං භවං, සජ්ජතං භවං, මොදතං භවං. චිත්තමෙව භවං අන්තරං පසාදෙතූ”ති.
Sinhala BJT18. බමුණ, ඉක්බිත්තෙන් පෙරෙවි බමුණු තෙම මහාවිජිත රජුට යඥයෙන් පෙරාතු ව ම දන් පිළිගන්නවුන් කෙරෙහි විපිළිසර දස අයුරෙකින් දුරැ ලී ය. (ඒ මෙසේ ය:) “පින්වත්හුගේ යඥයට පණිවා කරන්නෝ ද පණිවායෙන් වැළැකුණෝ ද එන්නාහු ම ය. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් පණිවා කරන්නෝ නම් එයින් වරද ඔවුනට ම ය. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් පණිවායෙන් වැළැක්කෝ නම් භවත් තෙමේ ඔවුන් ඇරැබැ යජා වා. භවත් තෙමේ ඔවුන් ඇරැබැ පරිත්‍යාග කෙරේවා. භවත් තෙමේ සතුටු වේ වා. භවත් තෙමේ ඇතුළත සිත ම පහදා වා. පින්වත්හුගේ යඥයට අයිනාදන් කරන්නෝ ද අයිනාදනින් වැළැක්කෝ ද, … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ ද එයින් වැළැක්කෝ ද … මුසවා කියන්නෝ ද එයින් වැළැක්කෝ ද … පෙහෙසුන් තෙපලන්නෝ ද එයින් වැළැක්කෝ ද … පරොස්බස් බණින්නෝ ද එයින් වැළැක්කෝ ද … බොල් බස් දොඩන්නෝ ද එයින් වැළැක්කෝ ද … දැඩි ලොහොබියෝ ද දැඩිලොහොබි නොවන්නෝ ද … ද්වේෂ සහිත සිතැත්තෝ ද එබඳු සිත් නැත්තෝ ද … මිසදිටුවෝ ද සම්දිටුවෝ ද එන්නාහු ම ය. ඔවුනතුරෙහි යම් කෙනෙක් මිසදිටු ගතුවෝ නම් එයින් අවැඩ ඔවුනට ම ය. ඔවුනතුරෙහි යම් කෙනෙක් සම්දිටුහු නම් ඔවුන් අරමුණු කොට පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ සතුටු වේ වා. ඇතුළත සිත ම පින්වත් තෙමේ පහදා වා”යනු යි.
Pali BJTඉමෙහි ඛො බ්රාහ්මණ, පුරොහිතො බ්රාහ්මණො රඤ්ඤො මහාවිජිතස්ස පුබ්බෙව යඤ්ඤා දසහාකාරෙහි පටිග්ගාහකෙසු විප්පටිසාරං පටිවිනොදෙසි.
Sinhala BJTබමුණ, පෙරෙවි බමුණු තෙමේ මහාවිජිත රජුට යාගයෙන් පෙරාතු ව ම මේ දසඅයුරින් යාග පිළිගන්නවුන් කෙරේ (වියැ හැකි) විපිළිසර දුරැ ලී ය.
Pali BJT19. අථ ඛො බ්රාහ්මණ, පුරොහිතො බ්රාහ්මණො රඤ්ඤො මහාවිජිතස්ස මහායඤ්ඤං යජමානස්ස සොළසහාකාරෙහි චිත්තං සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි: සියා ඛො පන භොතො රඤ්ඤො මහායඤ්ඤං යජමානස්ස කොචිදෙව වත්තා: “රාජා ඛො මහාවිජිතො මහායඤ්ඤං යජති. නො ච ඛො තස්ස ආමන්තිතා ඛත්තියා අනුයුත්තා නෙගමා චෙව ජානපදා ච. අථ ච පන භවං රාජා එවරූපං මහායඤ්ඤං යජතී”ති. එවම්පි භොතො රඤ්ඤො වත්තා ධම්මතො නත්ථි. භොතා ඛො පන රඤ්ඤා ආමන්තිතා ඛත්තියා අනුයුත්තා නෙගමා චෙව ජානපදා ච.
Sinhala BJT19. බමුණ, ඉක්බිති පෙරෙවි බමුණු තෙම මහායඥය යජන මහාවිජිත රජුගේ සිතට සොළොස් අයුරෙකින් කරුණු දැක්වී ය, කරැණු ගැන්වී ය, එහි සිත තියුණු කෙළේ ය, එහි සිත තුටුපහටු කෙළේ ය. (ඒ මෙසේ ය:) “මහායඥයක් යජන පින්වත් රජහට ‘මහා විජිත රජ වනාහි මහායඥයක් යජයි. එහෙත් ඔහු විසින් නියම්ගම්වැසි වූ ද දනවුවැසි වූ ද අනුයුක්ත ක්‍ෂත්‍රියයෝ නො ම කැඳවන ලද්දාහ. එතෙකුදු වුවත් රජ තෙමේ මෙ බඳු මහායඥයක් යජා’යැ යි මෙසේ කියන්නකු ඇති වියැ හැකි ද, පින්වත් රජුට දහම් නයින් එසේ කියන්නෙක් නැත. (කවර හෙයින? යත්:) පින්වත් රජුහු විසින් නියම්ගම් වැසි වූ ද දනවුවැසි වූ ද අනුයුක්ත ක්‍ෂත්‍රියයෝ කැඳවන ලද්දාහ. (එ හෙයිනි).
Pali BJTඉමිනාපෙතං භවං රාජා ජානාතු. යජතං භවං, සජ්ජතං භවං, මොදතං භවං, චිත්තමෙව භවං අන්තරං පසාදෙතු.
Sinhala BJTමේ කරුණින් ද, මෙය පින්වත් රජ තෙමේ දැන ගනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා, පින්වත් තෙමේ දන් දේ වා, පින්වත් තෙමේ යාගයට සතුටු වේ වා, පින්වත් තෙමේ ඇතුළත සිත පහදා වා.
Pali BJT20. සියා ඛො පන භොතො රඤ්ඤො මහායඤ්ඤං යජමානස්ස කොචිදෙව වත්තා ‘රාජා ඛො මහාවිජිතො මහායඤ්ඤං යජති, නො ච ඛො තස්ස ආමන්තිතා අමච්චා පාරිසජ්ජා නෙගමා චෙව ජානපදා ච -පෙ- බ්රාහ්මණමහාසාලා නෙගමා චෙව ජානපදා ච -පෙ- ගහපතිනෙචයිකා නෙගමා චෙව ජානපදා ච. අථ ච පන භවං රාජා එවරූපං මහායඤ්ඤං යජතී’ති. එවම්පි භොතො රඤ්ඤො වත්තා ධම්මතො නත්ථි. භොතා ඛො පන රඤ්ඤා ආමන්තිතා ගහපතිනෙචයිකා නෙගමා චෙව ජානපදා ච. ඉමිනාපෙතං භවං රාජා ජානාතු. යජතං භවං, සජ්ජතං භවං, මොදතං භවං, චිත්තමෙව භවං අන්තරං පසාදෙතු.
Sinhala BJT20. “මහාවිජිත රජ මහායාගයක් කරයි. එහෙත් ඔහු විසින් නියම්ගම්වැසි, දනවුවැසි පොහොසත් බමුණෝත් නො දන්වන ලදුහ. නියම්ගම්වැසි දනවුවැසි පොහොසත් ගැහැවියෝත් නො දන්වන ලදුහ. එතෙකුදු වුවත් ‘පින්වත් රජු මෙ බඳු මහා යාගයක් කරතැ යි මහා යාගයක් කරනු කැමැති පින්වත් රජුට කියන කිසිවෙක් ඇති විය හැක්කේ ද, පින්වත් රජුට කරුණු සහිත ව එසේ කියන්නෙක් නැත. පින්වත් රජුහු විසින් වනාහි නියම්ගම්වැසි දනවුවැසි සිය යහළුවෝත් අණ පිළිපදනා සෙස්සෝත් දන්වන ලදහ … පොහොසත් බමුණෝත් … පොහොසත් ගැහැවියෝත් දන්වන ලදුහ. මේ කාරණයෙනුත්, මෙය භවත් මහරජ තෙමේ දැනැ ගනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා, පින්වත් තෙමේ දානය දේ වා, පින්වත් තෙමේ සතුටු වේ වා, පින්වත් තෙමේ ඇතුළත සිත ම පහදා වා.
Pali BJT21. සියා ඛො පන භොතො රඤ්ඤො මහායඤ්ඤං යජමානස්ස කොචිදෙව වත්තා ‘රාජා ඛො මහාවිජිතො මහායඤ්ඤං යජති. නො ච ඛො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අථ ච පන භවං රාජා එවරූපං මහායඤ්ඤං යජතී’ති. එවම්පි භොතො රඤ්ඤො වත්තා ධම්මතො නත්ථි. භවං ඛො පන රාජා උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. ඉමිනාපෙතං භවං රාජා ජානාතු. යජතං භවං, සජ්ජතං භවං, මොදතං භවං, චිත්තමෙව භවං අන්තරං පසාදෙතු.
Sinhala BJT21. ‘මහාවිජිත රජ තෙමේ මහායාගයක් කරයි. එහෙත් හේ මාපිය දෙපසින් අභිජාත නො වේ. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇත්තේ නො වේ. ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ නො වේ. නො ගරහන ලද්දේ නො වේ. එහෙත් භවත් රජු මෙ බඳු මහ යාගයක් කරතැ’ යි මහායාගය කරන භවත් රජුට කියන කිසිවෙක් ඇති විය හැක්ක. එහෙත් භවත් රජහට කරුණු සහිත වැ එසේත් කියන්නෙක් නැත. පින්වත් රජ තෙමේ වූ කලි මා පිය දෙ පසින් අභිජාත ය, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇත්තේ ය, ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය. මේ කරුණිනුත් මෙය භවත් රජ තෙමේ දැනගනී වා. භවත් තෙමේ යාගය කෙරේ වා, භවත් තෙමේ දානය දේ වා, භවත් තෙමේ සතුටු වේ වා, භවත් තෙමේ ඇතුළත සිත ම පහදා වා.
Pali BJT22. සියා ඛො පන භොතො රඤ්ඤො මහායඤ්ඤං යජමානස්ස කොචිදෙව වත්තා ‘රාජා ඛො මහාවිජිතො මහායඤ්ඤං යජති. නො ච ඛො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී අඛුද්දාවකාසො දස්සනාය -පෙ- නො ච ඛො අඩ්ඪො මහද්ධනො මහාභොගො පහූතජාතරූපරජතො පහූතවිත්තූපකරණො පහූතධනධඤ්ඤො පරිපුණ්ණකොසකොට්ඨාගාරො -පෙ- නො ච ඛො බලවා චතුරඞ්ගිනියා සෙනාය සමන්නාගතො අස්සවාය ඔවාදපටිකරාය පතපති මඤ්ඤෙ පච්චත්ථිකෙ යසසා -පෙ- නො ච ඛො සද්ධො දායකො දානපති අනාවටද්වාරො සමණබ්රාහ්මණකපණද්ධිකවණිබ්බකයාචකානං ඔපානභූතො පුඤ්ඤානි කරොති -පෙ- නො ච ඛො බහුස්සුතො තස්ස තස්ස සුතජාතස්ස -පෙ- නො ච ඛො තස්ස තස්සෙව ඛො පන භාසිතස්ස අත්ථං ජානාති:
Sinhala BJT22. මහා යාගයක් යජනා පින්වත් රජහට “මහාවිජිත රජ වූ කලි මහා යාගයක් යදී. එහෙත් හේ මනා රූ ඇත්තේ නො වේ, දැකුම්කලු නො වේ. උතුම් පැහැ සපුයෙන් යුත් නො වේ. උතුම් පැහැ ඇත්තේ නො වේ. බඹහු වැනි කය ඇත්තේ නො වේ. දැක්මට මහත් ඔවස් ඇත්තේ නො වේ … ආඪ්‍ය ද නො වේ. මහත් ධන ඇත්තේ නො වේ. මහත් භෝග ඇත්තේ නො වේ. බොහෝ රන් රිදී ඇත්තේ නො වේ. බොහෝ වස්තූපකරණ ඇත්තේ නො වේ. බොහෝ ධනධාන්‍ය ඇත්තේ නො වේ. පිරිපුන් බඬුගුල් හා කොටුගුල් ඇත්තේ නො වේ … බසට කන් දෙන, ඔවා පිළිපදනා, බලවත් සිවුරඟ සෙනගින් සමන්‍විත නො වේ. සතුරන් සිය යසසින් තවතැ යි නො සිතම් … සැදැහැවත් දායකයෙක් දානපතියෙක් හළ දොරැත්තෙක් නො වෙයි. මහණ බමුණනට දුගියනට මගියනට යදිනට පුලනුනට සිවුමංහන්දියෙකැ පිහිටි ළිඳක් මෙන් වැ දන් පින් නො කෙරෙයි … ඒ ඒ ඇසූ දෑ පිළිබඳ ඇසූ පිරූ තැන් ඇත්තේ නො වෙයි … මේ මේ කියන ලද්දෙහි අරුත් ය, මේ මේ කියන ලද්දෙහි
Pali BJT‘අයං ඉමස්ස භාසිතස්ස අත්ථො අයං ඉමස්ස භාසිතස්ස අත්ථො’ති. -පෙ- නො ච ඛො පණ්ඩිතො වියත්තො මෙධාවී පටිබලො අතීතානාගතපච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං -පෙ- අථ ච පන භවං රාජා එවරූපං මහායඤ්ඤං යජතී’ති.
Sinhala BJTඅරුත් යැ යි ඒ ඒ භාෂිතයේ අරුත් නො දනී … පණ්ඩිත ද ව්‍යක්ත ද නුවණැති ද අයුනාවත්මන් දෑ සිතනු සමත් ද නො වේ … එහෙත් භවත් රජු මේ බඳු මහා යඥයක් යජතැ”යී මෙසේ දොස් කියන්නකු වියැ හැක්කේ ද, පින්වත් රජුහට එසේ කරුණු සහිත වැ කියන්නෙක් නම් නැත.
Pali BJTඑවම්පි භොතො රඤ්ඤො වත්තා ධම්මතො නත්ථි. භවං ඛො පන රාජා -පෙ- පණ්ඩිතො වියත්තො මෙධාවී පටිබලො අතීතානාගතපච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං. ඉමිනාපෙතං භවං රාජා ජානාතු. යජතං භවං, සජ්ජතං භවං, මොදතං භවං, චිත්තමෙව භවං අන්තරං පසාදෙතු.
Sinhala BJTපින්වත් රජ තෙමේ වනාහි … පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. අයුනාවත්මන්හි අරුත් සිතන්නට සමත් ය. මේ කරුණින් ද පින්වත් රජ තෙමේ (යඥයට කලැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යඥය කෙරේ වා. පින්වත් තෙමේ දානය දේ වා. පින්වත් තෙමේ (ස්වකීය යඥයෙහි) සතුටු වේ වා, පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදැවීම ම කෙරේ වා.
Pali BJT23. සියා ඛො පන භොතො රඤ්ඤො මහායඤ්ඤං යජමානස්ස කොචිදෙව වත්තා: ‘රාජා ඛො මහාවිජිතො මහායඤ්ඤං යජති. නො ච ඛ්වස්ස පුරොහිතො බ්රාහ්මණො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා. අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අථ ච පන භවං රාජා එවරූපං මහායඤ්ඤං යජතී’ති. එවම්පි භොතො රඤ්ඤො වත්තා ධම්මතො නත්ථි. භොතො ඛො පන රඤ්ඤො පුරොහිතො බ්රාහ්මණො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. ඉමිනාපෙතං භවං රාජා ජානාතු. යජතං භවං, සජ්ජතං භවං, මොදතං භවං, චිත්තමෙව භවං අන්තරං පසාදෙතු.
Sinhala BJT23. මහා යඥයක් යජනා පින්වත් රජුට “මහාවිජිත රජ වනාහි මහා යඥයක් කරයි. එහෙත් ඔහු පෙරවි බමුණු තෙමේ මාපිය දෙපසින් පිරිසිදු උපත ඇතියෙක් නො වේ. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියෙක් නො වේ. ජාතිවාදයෙන් බැහැර නොකරන ලදුයෙක්, නොගරහන ලදුයෙක් නො වේ. එතෙකුදු වුවත් පින්වත් රජු මෙ බඳු මහායඥයක් කරතැ”යි කියන කිසිවකු ඇති විය හැකි වතොත්, පින්වත් රජුට කරුණු සහිත වැ එසේ කියන්නෙක් නම් නැත. පින්වත් රජුහුගේ පෙරෙවි බමුණු තෙමේ මවු පසින් ද පිය පසින් ද යන දෙ පසින් ම පිරිසිදු උපත ඇතියෙක් ය. සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇතියෙක් ය. ජාතිවාදයෙන් බැහැරැ නො කැරුණෙක් ය. ගැරැහුම් නොලදුයෙක් ය. මෙ කරුණින් ද පින්වත් රජ තෙමේ (යඥයට කලැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යඥය කෙරේ වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ ස්වකීය යඥයෙහි සතුටු වේ වා. පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදීම ම කෙරේ වා.
Pali BJT24. සියා ඛො පන භොතො රඤ්ඤො මහායඤ්ඤං යජමානස්ස කොචිදෙව වත්තා ‘රාජා ඛො මහාවිජිතො මහායඤ්ඤං යජති. නො ච ඛ්වස්ස පුරොහිතො බ්රාහ්මණො අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො -පෙ-
Sinhala BJT24. මහා යඥයක් කරන පින්වත් රජුට, “මහාවිජිත රජ වනාහි මහා යඥයක් කෙරෙයි. එහෙත් ඔහු පෙරෙවි බමුණු තෙමේ වේද හදාරන්නෙක්, වේදය සිතැ දරන්නෙක්, නිඝණ්ටු කෙටුභශාස්ත්‍ර සහිත, අක්‍ෂරප්‍රභේද සහිත, ඉතිහාසය පස්වනු කොටැති තුන් වේදයන්හි පරතෙරට ගියෙක් නො වේ යැ යි ද, පද දන්නෙක්, වියරණෙහි නිපුනයෙක්, ලෝකායත ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්‍ෂණ ශාස්ත්‍රයෙහිත් අනූනයෙක් නො වේ යැ යී ද ...
Pali BJTනො ච ඛ්වස්ස පුරොහිතො බ්රාහ්මණො සීලවා වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො -පෙ-
Sinhala BJTඔහු පෙරෙවි බමුණා සිල්වතෙක්, වැඩුණු සිල් ඇත්තෙක්, වැඩුණු ශීලයෙන් සමන්‍විතයෙක් නො වේ යැ යි ද ...
Pali BJTනො ච ඛ්වස්ස පුරොහිතො බ්රාහ්මණො පණ්ඩිතො වියත්තො මෙධාවී පඨමො වා දුතියො වා සුජං පග්ගණ්හන්තානං. අථ ච පන භවං රාජා එවරූපං මහායඤ්ඤං යජතී’ති. එවම්පි භොතො රඤ්ඤො වත්තා ධම්මතො නත්ථි.
Sinhala BJTඔහු පෙරෙවි බමුණා පණ්ඩිත ද නො වේ යැ යි, ව්‍යක්ත ද නො වේ යැ යි, නුවණැති ද නො වේ යැ යි, හෝම සැන්ද ඔසොවන්නවුන් ගෙන් පළමු වැන්නා හෝ දෙවැන්නා හෝ නො වේ යැ යි, එතෙකුදු වුවත් පින්වත් මගරජ මෙ බඳු මහා යඥයක් කෙරේ යැ’යි ද කියන කිසිවකු ඇති විය හැක්ක. එහෙත් කරුණු සහිත වැ එසේ කියන්නෙක් නම් නැත.
Pali BJTභොතො ඛො පන රඤ්ඤො පුරොහිතො බ්රාහ්මණො පණ්ඩිතො වියත්තො මෙධාවී පඨමො වා දුතියො වා සුජම්පග්ගණ්හන්තානං. ඉමිනා පෙතං භවං රාජා ජානාතු. යජතං භවං, සජ්ජතං භවං, මොදතං භවං, චිත්තමෙව භවං අන්තරං පසාදෙතූ’ති.
Sinhala BJTපින්වත් රජුගේ පෙරෙවි බමුණා වනාහි පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. හෝම සැන්ද ඔසොවන්නන් අතුරෙහි පළමු වැන්නා හෝ දෙවැන්නා ය. පින්වත් රජ තෙමේ මෙයිනුත් (යඥයට කාලය යැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ යාගයෙහි සතුටු වේ වා. පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදීම ම කෙරේ වා”.
Pali BJTඉමෙහි ඛො බ්රාහ්මණ, පුරොහිතො බ්රාහ්මණො රඤ්ඤො මහාවිජිතස්ස මහායඤ්ඤං යජමානස්ස සොළසහි ආකාරෙහි චිත්තං සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි.
Sinhala BJTබමුණ, ඒ පෙරෙවි බමුණා මහා යාගයක් කරන්නට සැරැසෙන මහාවිජිත රජුහුගේ සිත මේ සොළොස් අයුරින් කරුණු දක්වා මෙහෙයී ය, සිතට ගැන්වී ය, සිත උනන්දු කෙළේ ය, පැසැසීමෙන් සිත සතුටු කෙළේ ය.
Pali BJT25. තස්මිං ඛො බ්රාහ්මණ, යඤ්ඤෙ නෙව ගාවො හඤ්ඤිංසු, න අජෙළකා හඤ්ඤිංසු, න කුක්කුටසූකරා හඤ්ඤිංසු, න විවිධා පාණා සංඝාතං ආපජ්ජිංසු, න රුක්ඛා ඡිජ්ජිංසු{1} යූපත්ථාය, න දබ්භා ලූයිංසු බරිහිසත්ථාය.{2} යෙ’පි’ස්ස අහෙසුං දාසා’ති වා පෙස්සා’ති වා කම්මකරා’ති වා, තෙ’පි න දණ්ඩතජ්ජිතා න භයතජ්ජිතා න අස්සුමුඛා රුදමානා පරිකම්මානි අකංසු. අථ ඛො යෙ ඉච්ඡිංසු, තෙ අකංසු. යෙ න ඉච්ඡිංසු, න තෙ අකංසු. යං ඉච්ඡිංසු, තං අකංසු. යං න ඉච්ඡිංසු, න තං අකංසු. සප්පිතෙලනවනීතදධිමධුඵාණිතෙන චෙව සො යඤ්ඤො නිට්ඨානමගමාසි.
Sinhala BJT25. ඒ යාගයෙහි වූ කලි ගෙරිහු නො මරන ලදහ. එළුතිරෙළුවෝ නො මරන ලදහ. කුකුළෝ හූරෝ නො මරන ලදහ. නොයෙක් ලිහිණි ඈ සත්තු වනසට නො පැමිණියහ. යාග කණු පිණිස රුක්හු නො සිඳින ලදහ. යාගශාලාව පිරිකෙවීම පිණිස හෝ යාග බිමැ ඇතිරීම පිණිස කුස තණ නො සිඳින ලද්දේ ය. ඔහුගේ දාසයෝ යී හෝ මෙහෙකරුවෝ යී හෝ කම්කරුවෝ යී කියන ලද යම් කෙනෙක් වූහු නම්, ඔහුත් දඬු ගැන්මෙන් නො තේජනු ලදුවෝ, බිය දැනැවීමෙන් නො තේජනු ලදුවෝ, කඳුළෙන් තෙමුණු මුහුණු ඈති වැ නො ම හඬනුවෝ, (පිය බසින් ම මෙහෙයුණෝ) කටයුතු දෑ කළහ. වැලි දු යම් කෙනෙක් කැමැත්තෝ නම්, ඔහු එහි කටයුතු දැය කළහ. යම් කෙනෙක් නොකැමැත්තෝ තම්, ඔහු එය නො කළහ ... ගිතෙල් තලතෙල් වෙඬරු දිහි මී සකුරින් මුසු වූ කැඳ බත් ආදියෙන් ම ඒ යඥය නිමාවට පැමිණියේ ය.
Pali BJT26. අථ ඛො බ්රාහ්මණ, ඛත්තියා අනුයුත්තා නෙගමා චෙව ජානපදා ච අමච්චා පාරිසජ්ජා නෙගමා චෙව ජානපදා ච, බ්රාහ්මණමහාසාලා නෙගමා චෙව ජානපදා ච, ගහපතිනෙචයිකා නෙගමා චෙව ජානපදා ච පහූතං සාපතෙය්යං ආදාය රාජානං මහාවිජිතං උපසඞ්කමිත්වා එවමාහංසු: “ඉදං දෙව පහූතං සාපතෙය්යං දෙවඤ්ඤෙව උද්දිස්ස ආභතං. තං දෙවො පතිගණ්හාතූ”ති.
Sinhala BJT26. එ කල්හි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් එ රජුගේ කටයුතුවලැ යෙදී වසන බමුණෝ ද ක්‍ෂත්‍රියයෝ ද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් ඇමැත්තෝ ද පිරිස්වැස්සෝ ද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් බමුණු මහසල්කුල වැස්සෝ ද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් ගැහැවි මහසල්කුල වැස්සෝ ද බොහෝ ධනය (ගැල් පුරා) නඟා ගෙන මහාවිජිත රජු කරා එළැඹ, “දේවයන් වහන්ස, මේ බොහෝ ධනය දේවයන් වහන්සේ ම උදෙසා ගෙනෙන ලද්දේ ය. එය දේවයන් වහන්සේ පිළිගන්නා සේක් වා”යී මෙසේ කීහ.
Pali BJT“අලං භො. මමපි ඉදං පහූතං සාපතෙය්යං ධම්මිකෙන බලිනා අභිසඞ්ඛතං. තඤ්ච වො හොතු ඉතො ච භිය්යො හරථා”ති.
Sinhala BJT(එයසා,) “පින්වත්නි, (තොප ධනයෙන්) කම් නැත. මගේ ද දැහැමි කරවුවරින් රැස් කළ මේ බොහෝ ධනය ඇත්තේ ය. (එ බැවින් තොප ගෙනා) ඒ ධනයත් තොපට ම වේ වා. මොබිනුත් තවත් ගෙන යවු”යී රජ කී ය.
Pali BJT27. තෙ රඤ්ඤා පටික්ඛිත්තා එකමන්තං අපක්කම්ම එවං සම්මන්තෙසුං: “න ඛො එතං අම්හාකං පතිරූපං යං මයං ඉමානි සාපතෙය්යානි පුනදෙව සකානි ඝරානි පටිහරෙය්යාම. රාජා ඛො මහාවිජිතො මහායඤ්ඤං යජති. හන්දස්ස මයං අනුයාගිනො හොමා”ති.
Sinhala BJT27. ඔහු රජු විසින් නොගිවිස්නා ලද්දෝ එක් පැත්තකට ගොස්, “මේ ධන නැවැත අප ගෙවලට ගෙනැ යෑම අපට නො හොබනේ ය. මහාවිජිත රජු වූ කලී මහා යාගයක් කෙරෙයි. එ බැවින් අපි ඔහුට අනුයාග කරන්නමෝ වමු”යී මෙසේ කතා කැරැ ගත්හ.
Pali BJTඅථ ඛො බ්රාහ්මණ පුරත්ථිමෙන යඤ්ඤාවාටස්ස ඛත්තියා අනුයුත්තා නෙගමා චෙව ජානපදා ච දානානි පට්ඨපෙසුං. දක්ඛිණෙන යඤ්ඤාවාටස්ස අමච්චා පාරිසජ්ජා නෙගමා චෙව ජානපදා ච දානානි පට්ඨපෙසුං. පච්ඡිමෙන යඤ්ඤාවාටස්ස බ්රාහ්මණමහාසාලා නෙගමා චෙව ජානපදා ච දානානි පට්ඨපෙසුං. උත්තරෙන යඤ්ඤාවාටස්ස ගහපතිනෙචයිකා නෙගමා චෙව ජානපදා ච දානානි පට්ඨපෙසුං.
Sinhala BJTබමුණ, ඉක්බිති (රජුගේ) දන්හලට පැදුම් දිගැ නිගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසේවක ක්‍ෂත්‍රියයෝ දන් (හල්) පිහිටුවූහ. රජුගේ දන්හලට දකුණු දිගැ නිගම්වැසි වූත් ජනවුවැසි වූත් ඇමැත්තෝත් පිරිස්වැස්සෝත් දන් (හල්) පිහිටුවූහ. (රජුගේ) දන්හලට පැසිම් දිගැ නිගම්වැසි වූත් ජනවුවැසි වූත් බමුණුමහසල්වැසියෝ දන් (හල්) පිහිටුවුහ. (රජුගේ) දන්හලට උතුරු දිගැ නිගම්වැසිවූත් ජනවුවැසි වූත් ගැහැවි මහසල් වැසියෝ දන් (හල්) පිහිටුවූහ.
Pali BJTතෙසු’පි ඛො බ්රාහ්මණ යඤ්ඤෙසු නෙව ගාවො හඤ්ඤිංසු, න අජෙළකා හඤ්ඤිංසු, න කුක්කුටසූකරා හඤ්ඤිංසු, න විවිධා පාණා සංඝාතං ආපජ්ජිංසු, න රුක්ඛා ඡිජ්ජිංසු යූපත්ථාය, න දබ්භා ලූයිංසු බරිහිසත්ථාය. යෙ’පි නෙසං අහෙසුං දාසා’ති වා පෙස්සා’ති වා කම්මකරා’ති වා, තෙ’පි න දණ්ඩතජ්ජිතා න භයතජ්ජිතා න අස්සුමුඛා රුදමානා පරිකම්මානි අකංසු. අථ ඛො යෙ ඉච්ඡිංසු, තෙ අකංසු. යෙ න ඉච්ඡිංසු, න තෙ අකංසු. යං ඉච්ඡිංසු, තං අකංසු, යං න ඉච්ඡිංසු, න තං අකංසු. සප්පිතෙලනවනීතදධිමධුඵාණිතෙන චෙව තෙ යඤ්ඤා නිට්ඨානමගමංසු.
Sinhala BJTබමුණ, ඒ යාගයන්හි (දානයන්හි) ද ගෙරිහු නො ම මරන ලදහ. එළුතිරෙළුවෝ නො ම මරණ ලදහ. කුකුළෝත් නො ම මරණ ලදහ. නන් සත්තු මරණයට නො පැමිණියහ. යාග සඳහා රුක්හු නො ම සිඳුනා ලදහ. වනමල් අවුණා මල් දම් කොටැ දන්හල වටා ලනු පිණිසත් හිඳ ගන්නට යාග බිමැ අතුරනු පිණිසත් කුස තණ නො ම සිඳුනා ලද්දේ ය. ඔවුන්ගේ දාසයෝ යී හෝ මෙහෙකරුවෝ යී හෝ කම්කරුවෝ යී කියන ලද යම් කෙනෙක් වූහු නම්, ඔහු දු දඬුයෙන් තේජතා ලදුවෝ හෝ බිය දැනැවීමෙන් තෙජනා ලදුවෝ හෝ කඳුළු මුසු මුහුනැති වැ හඬන්නෝ හෝ එහි කටයුතු නො කළහ. වැලි කටයුතු කරනු කැමැතියෝ ම කටයුතු කළහ. නොකැමැතියෝ නො ම කළහ. ඒ යඥයෝ (දානයෝ) ගිතෙල් තලතෙල් වෙඬරු දිහි මී සකුරෙන් හා කැඳ බත් ආදියෙන් ම නිමාවට ගියහ.
Pali BJT28. ඉති චත්තාරො ච අනුමතිපක්ඛා, රාජා මහාවිජිතො අට්ඨහඞ්ගෙහි සමන්නාගතො, පුරොහිතො බ්රාහ්මණො චතූහඞ්ගෙහි සමන්නාගතො, තිස්සො ච විධා. අයං වුච්චති බ්රාහ්මණ තිවිධා යඤ්ඤසම්පදා සොළසපරික්ඛාරා’ති.
Sinhala BJT28. බමුණ, මෙසේ යාගය කිරීමට අනුමතිය දුන් පක්‍ෂ සතර ද, අටඟින් යුත් මහාවිජිත රජ ද, සිවුරඟින් යුත් පෙරෙවි බමුණා ද, තර ව පිහිටියැ යුතු තුන් තැන් ද යන මොහු තුන් වැදෑරුම් යාග සම්පතුත් සොළොස් යාග පිරිකරත් ය.
Pali BJT29. එවං වුත්තෙ, තෙ බ්රාහ්මණා උන්නාදිනො උච්චාසද්දමහාසද්දා අහෙසුං: “අහො යඤ්ඤො, අහො යඤ්ඤසම්පදා”ති. කූටදන්තො පන බ්රාහ්මණො තුණ්හීභූතො’ව නිසින්නො හොති. අථ ඛො තෙ බ්රාහ්මණා කූටදන්තං බ්රාහ්මණං එතදවොචුං: කස්මා පන භවං කූටදන්තො සමණස්ස ගොතමස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදතී? ති.
Sinhala BJT29. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, ඒ බමුණෝ “යාග නම් මෙසේ වුව මැනව, යාගසම්පත් නම් මේ මැ යැ”යි ගුගුරන්නෝ උස් හඬ ඇත්තෝ, මහහඬ ඇත්තෝ වූහ. කුළුදත් බමුණු වනාහි නිහඬ ව ම උන්නේ වෙයි. එ කලැ ඒ බමුණෝ කුළුදත් බමුණාට “පින්වත් කුළුදත් තෙමේ කවර හෙයින් මහණ ගොයුමාණන්ගේ සුබැසිය සුබැසි විසින් නො අනුමොවී දැ?”යී කීහ.
Pali BJT“නාහං භො සමණස්ස ගොතමස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදාමි. මුද්ධාපි තස්ස විපතෙය්ය, යො සමණස්ස ගොතමස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදෙය්ය. අපි ච මෙ භො එවං හොති: න සමණො ගොතමො එවමාහ: ‘එවං මෙ සුතන්ති වා එවං අරහති භවිතුන්ති’ වා. අපි ච සමණො ගොතමො: ‘එවං තදා ආසි ඉත්ථං තදා ආසි’ත්වෙව භාසති. තස්ස මය්හං භො එවං හොති: “අද්ධා සමණො ගොතමො තෙන සමයෙන රාජා වා අහොසි මහාවිජිතො යඤ්ඤසාමි, පුරොහිතො වා බ්රාහ්මණො තස්ස යඤ්ඤස්ස යාජෙතා’ති. අභිජානාති පන භවං ගොතමො එවරූපං යඤ්ඤං යජිත්වා වා යාජෙත්වා වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිතා?”ති.
Sinhala BJT“මම් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නොඅනුමෙවුනෙම් නො වෙමි. යමෙක් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නො අනුමෙවුනේ වී තම්, ඔහු හිස ගිලි හෙන්නේ ය. වැලි ‘මා විසින් මෙය ඇසිණැ’ යී හෝ ‘මෙසේ වියැ යුතු යැ’ යී හෝ මහණ ගොයුමන් වහන්සේ මෙසේ නො වදාළ සේක. එහෙත් උන් වහන්සේ ‘එදා මෙසේ වී ය. එදා මෙ පරිද්දෙන් වී යැ’ යී ම වදාරන සේක. භවත්නි, ඒ මට ‘ඒකාන්තයෙන් මහණ ගොයුමන් වහන්සේ එ කලැ යාගස්වාමි වූ මහාවිජිත රජ හෝ වුව මැනැව, ඔහු යාගය කැරැවූ පෙරෙවි බමුණා හෝ වුව මැනැවැ’යී මෙසේ සිතෙක් වෙයි. පින්වත් ගොයුමාණන් මහත්සේ ‘මෙ බඳු යඥයක් යැද හෝ යදවා (දනක් දී හෝ දෙවා) කාබුන් මරණින් මතු මනා ගති ඇති සඟ ලොවට පැමිණෙන්නේ යැ’යි පිළින කරන සේක් දැ?”යී කුළුදත් බමුණු කී ය.
Pali BJT“අභිජානාමහං බ්රාහ්මණ, එවරූපං යඤ්ඤං යජිත්වා වා යාජෙත්වා වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිතා. අහං තෙන සමයෙන පුරොහිතො බ්රාහ්මණො අහොසිං තස්ස යඤ්ඤස්ස යාජෙතා”ති.
Sinhala BJT“බමුණ මෙ බඳු යාගයක් කොට හෝ කරවා කාබුන්මරණින් මතු මනා ගති ඇති සඟ ලොවට පැමිණෙන්නේ යැ’යි පිළින කෙරෙමි. එ සමයෙහි ඒ යාගය කරවූ පෙරෙවි බමුණා මම් වීම්”යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT30. “අත්ථි පන භො ගොතම, අඤ්ඤො යඤ්ඤො ඉමාය තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා?” ති.
Sinhala BJT30. “පින්වත් ගෞතමයන් වහන්ස, සොළොස් පිරිකරක් ඇති මේ තුන් වැදෑරුම් යාග සම්පතට වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි (එහෙත්) වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති අන් යාගයෙක් ඇත්තේ දැ?”යී කුළුදත් බමුණා විචාළේ ය.
Pali BJT“අත්ථි ඛො බ්රාහ්මණ, අඤ්ඤො යඤ්ඤො ඉමාය තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”ති.
Sinhala BJT“බමුණ, සොළොස් පිරිකරක් ඇති මේ තුන් යාග සම්පතට වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති අන් යාගයෙක් ඇත්තේ යැ”යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
Pali BJT31. කතමො පන සො භො ගොතම, යඤ්ඤො ඉමාය තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා?” ති.
Sinhala BJT31. “පින්වත් ගෞතමයන් වහන්ස, සොළොස් පිරිකරක් ඇති මේ තුන් යාග සම්පතට වඩා අල්ප කෘත්‍ය ඇති, වඩා අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් එයට වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති ඒ යාගය කවරේ ද?”යී (කුළුදත් ඇසී ය.)
Pali BJT“යානි ඛො පන තානි බ්රාහ්මණ, නිච්චදානානි අනුකූලයඤ්ඤානි සීලවන්තෙ පබ්බජිතෙ උද්දිස්ස දීයන්ති, අයං ඛො බ්රාහ්මණ යඤ්ඤො ඉමාය තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය අප්පට්ඨතරො{1} ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”ති.
Sinhala BJT“බමුණ, සිල්වත් පැවිද්දන් උදෙසා කුලපරපුරෙහි දෙන යම් නිති දන් (හැම දා ම දෙන දන්) කෙනෙක් වෙත් නම්, බමුණ, ඒ මේ යාගය මෙ කී සොළොස් පිරිකරක් ඇති තුන් යාග සම්පතට වඩා අල්ප කෘත්‍ය ඇති අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් එයට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති එකෙකැ”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
Pali BJT32. කො නු ඛො භො ගොතම, හෙතු කො පච්චයො යෙන තං නිච්චදානං අනුකූලයඤ්ඤං ඉමාය තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය අප්පට්ඨතරඤ්ච අප්පසමාරම්භතරඤ්ච මහප්ඵලතරඤ්ච මහානිසංසතරඤ්චා?”ති.
Sinhala BJT32. “පින්වත් ගෞතමයන් වහන්ස, ඒ නිති දෙන අනුකූල යඥය යමෙකින් සොළොස් පිරිකරක් ඇති මේ ත්‍රිවිධ යඥසම්පතට වඩා අල්ප කෘත්‍ය ඇතියෙක්, වඩා අල්පොත්සාහයෙන් සිදු කට හැකියෙක්, එහෙත් එයට වඩා මහත් පලක් මහත් අනුසසුත් ඇතියෙක් වන්නේ නම්, ඒ හේතුව ඒ ප්‍රත්‍යයය කවරේ ද?” (යී කුළුදත් පුළුවුත.)
Pali BJTන ඛො බ්රාහ්මණ, එවරූපං යඤ්ඤං උපසඞ්කමන්ති අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා. තං කිස්ස හෙතු? දිස්සන්ති හෙත්ථ බ්රාහ්මණ දණ්ඩප්පහාරා’පි ගලග්ගහා’පි. තස්මා එවරූපං යඤ්ඤං න උපසඞ්කමන්ති අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා. යානි ඛො පන තානි බ්රාහ්මණ නිච්චදානානි අනුකූලයඤ්ඤානි සීලවන්තෙ පබ්බජිතෙ උද්දිස්ස දීයන්ති, එවරූපං ඛො බ්රාහ්මණ, යඤ්ඤං උපසඞ්කමන්ති අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා. තං කිස්ස හෙතු? න හෙත්ථ බ්රාහ්මණ දිස්සන්ති දණ්ඩප්පහාරාපි ගලග්ගාහාපි. තස්මා එවරූපං යඤ්ඤං උපසඞ්කමන්ති අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා. අයං ඛො බ්රාහ්මණ, හෙතු අයං පච්චයො යෙන තං නිච්චදානං අනුකූලයඤ්ඤං ඉමාය තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය අප්පට්ඨතරඤ්ච අප්පසමාරම්භතරඤ්ච මහප්ඵලතරඤ්ච මහානිසංසතරඤ්චා”ති.
Sinhala BJT“බමුණ, එ බඳු යාගයකට (දානයකට) රහත්හු හෝ රහත්මඟ පිළිපන්නෝ හෝ නො ම එළැඹෙත්. ඒ කවර හෙයින් ද? යත්: බමුණ, එ බඳු මහා යඥයෙහි ‘පිළිවෙළින් සිටිවු’ යන ආදීන් කියා දන් ලබන්නවුනට දඬුයෙන් පැහැරුම් ද ගෙල ගැනුම් ද දක්නා ලැබේ. එහෙයින් එබඳු යඥයට රහත්හු හෝ රහත්මඟට පිළිපන්නෝ හෝ නො එළඹෙත්. බමුණ, සිල්වත් පැවිද්දන් උදෙසා කුලපරපුරෙහි දෙන යම් නිතිදන් කෙනෙක් වෙත් නම්, එබඳු යඥයට රහත්හු ද රහත්මඟට පිළිපන්නෝ ද එළැඹෙත්. ඒ කවර හෙයින? යත්: බමුණ, මේ බඳු යඥයෙහි දඬුයෙන් පැහැරුම් හෝ ගෙල ගැනුම් හෝ දක්නා නො ලැබේ. එහෙයින් මෙබඳු යඥයට රහත්හු ද රහත්මඟ වන්නෝ ද එළැඹෙත්. බමුණ, ඒ කුලපරපුරැ දෙන නිති දන යමෙකින් මෙ කී සොළොස් පිරිකරක් ඇති ත්‍රිවිධ යඥසම්පතට, වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් වඩා මහත්පල ද මහත් අනුසස් ද ඇති එකෙක් වේ නම්, මේ එයට හේතුව ය, මේ ප්‍රත්‍යය ය.”
Pali BJT33. “අත්ථි පන භො ගොතම, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”? ති.
Sinhala BJT33. (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ සොළොස් පිරිකරක් ඇති තුන් වැදෑරුම් යාගසම්පතටත් මේ කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් මේ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් යඥයෙක් ඇත් ද?”
Pali BJT“අත්ථි ඛො බ්රාහ්මණ, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”ති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ සොළොස් පිරිකරක් තුන්වැදෑරුම් යාගසම්පතටත් කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් ඒ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් යඥයෙක් ඇත.”