Pali BJT81. පුන චපරං අම්බට්ඨ, ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා ඉමඤ්චෙව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානො පවත්තඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො කුද්දාලපිටකං ආදාය අරඤ්ඤායතනමජ්ඣොගාහති කන්දමූලඵලභොජනො භවිස්සාමීති. සො අඤ්ඤදත්ථු විජ්ජාචරණසම්පන්නස්සෙව පරිචාරකො සම්පජ්ජති. ඉමාය ච ඛො අම්බට්ඨ, අනුත්තරාය විජ්ජාචරණසම්පදාය ඉදං දුතියං අපායමුඛං භවති.
Sinhala BJT81. අම්බට්ඨය, තව ද මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයේ, පවත්තඵලභෝජී බවටත් නො පැමිණෙනුයේ, උදැල්ලකුත් පැසකුත් ගෙන ‘අල මුල් ගෙඩි වළඳන්නෙක් වන්නෙමි’ යි සිතා වනපෙදෙසකට බැස ගනී. හේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයාගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මෙ කී නිරුත්තර විද්‍යාචරණසම්පත්හුගේ මේ දෙවෙනි විනාශමුඛය වේ.
Pali BJT82. පුන චපරං අම්බට්ඨ, ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා ඉමඤ්චෙව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානො පවත්තඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො කන්දමූලඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො ගාමසාමන්තං වා නිගමසාමන්තං වා අග්යාගාරං කරිත්වා අග්ගිං පරිචරන්තො අච්ඡති. සො අඤ්ඤදත්ථු විජ්ජාචරණසම්පන්නස්සෙව පරිචාරකො සම්පජ්ජති. ඉමාය ඛො අම්බට්ඨ, අනුත්තරාය විජ්ජාචරණසම්පදාය ඉදං තතියං අපායමුඛං භවති.
Sinhala BJT82. තව ද අම්බට්ඨය, මෙහි කිසි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්තියට ද නො පැමිණෙනුයේ, පවත්තඵලභෝජනයට ද නො පැමිණෙනුයේ, අල මුල් පල බොජුන් කොට ඇති බවට ද නොපැමිණෙනුයේ, ගමක් සමීපයේ හෝ නියම් ගමක් සමීපයේ හෝ ගිනි පුදනා ගෙයක් කොට, ගිනි පුදමින් හිඳී. හේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්හුගේ තෙවෙනි විනාශ මුඛය වේ.
Pali BJT83. පුන චපරං අම්බට්ඨ, ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා ඉමඤ්චෙව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානො පවත්තඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො කන්දමූලඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො අග්ගිපරිචරියඤ්ච අනභිසම්භුණමානො චාතුම්මහාපථෙ චතුද්වාරං අගාරං කරිත්වා අච්ඡති: යො ඉමාහි චතූහි දිසාහි ආගමිස්සති සමණො වා බ්රාහ්මණො වා තමහං යථාසත්ති යථාබලං පටිපූජෙස්සාමීති. සො අඤ්ඤදත්ථු විජ්ජාචරණසම්පන්නස්සෙව පරිචාරකො සම්පජ්ජති. ඉමාය ඛො අම්බට්ඨ, අනුත්තරාය විජ්ජාචරණසම්පදාය ඉදං චතුත්ථං අපායමුඛං භවති.
Sinhala BJT83. තව ද අම්බට්ඨය, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයේ, පවත්තඵලභෝජී බවටත් නො පැමිණෙනුයේ, අල මුල් පල බොජුන් කොට ඇති බවටත් නො පැමිණෙනුයේ, ගිනි පිදීමට ද නොබස්නේ, ‘යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ සිවු දිසායෙන් එන්නේ ද, ඔහු මම් හැකි සේ පිළිවන් සේ පුදන්නෙමි’යි සිවුමංහන්දියෙක දොර සතරක් ඇති (සිව්දිගට දොර ඇති) දන්හලක් කොට හිඳී. හේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මේ විද්‍යාචරණසම්පත්හුගේ සතර වන විනශමුඛය වේ.
Pali BJTඉමාය ඛො අම්බට්ඨ, අනුත්තරාය විජ්ජාචරණසම්පදාය ඉමානි චත්තාරි අපායමුඛානි භවන්ති.
Sinhala BJTඅම්බට්ඨය, මොහු මේ විද්‍යාචරණසම්පත්හුගේ සතර විනාශමුඛයෝ වෙත්.
Pali BJT84. තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? අපි නු ත්වං ඉමාය අනුත්තරාය විජ්ජාචරණසම්පදාය සන්දිස්සසි සාචරියකො?’ති
Sinhala BJT84. ඒ කිමැ යි සිතයි ද අම්බට්ඨය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්හි තෝ සිය ඇදුරා සහිත වැ දක්නා ලැබෙහි (පෙනෙහි) ද?
Pali BJT“නො හිදං භො ගොතම. කො චාහං භො ගොතම සාචරියකො? කා ච අනුත්තරා විජ්ජාචරණසම්පදා? ආරකා’හං භො ගොතම අනුත්තරාය විජ්ජාචරණසම්පදාය සාචරියකො”ති.
Sinhala BJT“භවත් ගෞතමයිනි, මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි, ඇදුරා සහිත මම් කවරෙකිම් වෙම් ද? නිරුත්තර විද්‍යාචරණසම්පත් කවරේ ද? භවද් ගෞතමයාණනි, ඇදුරා සහිත මම විද්‍යාචරණ සම්පත කෙරෙන් දුරින් ම සිටියෙම් වෙමි” යි (අම්බට්ඨයා කීය.)
Pali BJT“තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? අපි නු ත්වං ඉමඤ්චෙව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානො ඛාරිවිවධමාදාය අරඤ්ඤවනමජ්ඣොගාහසි සාචරියකො පවත්තඵලභොජනො භවිස්සාමීති?”
Sinhala BJT[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එය කිමැ යි සිතයි ද? තෝ මේ විද්‍යාචරණ සම්පතට නො පැමිණියෙක් වනුයෙහි, තවුස්පිරිකර - කඳ ගෙන, පවත්තඵලභෝජි වන්නෙමි’ යි සිය ඇදුරා සහිත වැ වන පෙදෙසකට බට තැනැත්තෙහි වත් වෙහි ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “මෙය නො වේ ම ය, භවත්ගෞතමයාණනි.”
Pali BJT“තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? අපි නු ත්වං ඉමඤ්චෙව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානො පවත්තඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො කුද්දාලපිටකං ආදාය අරඤ්ඤවනමජ්ඣොගාහසි සාචරියකො කන්දමූලඵලභොජනො භවිස්සාමීති?”
Sinhala BJT[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එය කිමැ යි සිතයි ද? ඇදුරා සහිත තෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයෙහි, පවත්තඵලභෝජි බවට ද නොපැමිණෙන්නෙහි, ‘අල මුල් පල බොජුන් කොටැත්තෙම් වන්නෙමි’ යි උදැල්ලකුත් පැසකුත් ගෙන වන පෙදෙසකට බටුයෙහි හෝ වෙහි ද?”
Pali BJT“නො හිදං, භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”
Pali BJT“තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? අපි නු ත්වං ඉමඤ්චෙව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානො පවත්තඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො කන්දමූලඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො ගාමසාමන්තං වා නිගමසාමන්තං වා අග්යාගාරං කරිත්වා අග්ගිං පරිචරන්තො අච්ඡසි සාචරියකො?”ති
Sinhala BJT[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එය කැමැ යි සිතයි ද? ඇදුරා සහිත තෝ මේ නිරුත්තර විද්‍යාචරණ සම්පතටත් නො පැමිණෙනුයෙහි, පවත්තඵලභෝජි බවට ද නො පැමිණෙනුයෙහි, අල මුල් පල බොජුන් කොටැති බවට ද නො පැමිණෙනුයෙහි, ගමක් අසල හෝ නියම්ගමක් අසල හෝ ගිනි පුදනා ගෙයක් කොට ගිනි පුදමින් හෝ ඉඳිනෙහි ද?”
Pali BJT“නො හිදං, භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”
Pali BJT“තං කිම්මඤ්ඤසි අම්බට්ඨ, අපි නු ත්වං ඉමඤ්චෙව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානො පවත්තඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො කන්දමූලඵලභොජනතඤ්ච අනභිසම්භුණමානො අග්ගිපරිචරියඤ්ච අනභිසම්භුණමානො චාතුම්මහාපථෙ චතුද්වාරං අගාරං කරිත්වා අච්ඡසි සාචරියකො, යො ඉමාහි චතූහි දිසාහි ආගමිස්සති සමණො වා බ්රාහ්මණො වා තං මයං යථාසත්ති යථාබලං පටිපූජෙස්සාමාති?”
Sinhala BJT[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එය කිමැ යි සිතහි ද? මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙන්නෙහි, පවත්තඵලභෝජිත් නො වන්නෙහි, අල මුල් පල බොජුන් කොටැති බවට ද නො පැමිණෙන්නෙහි, ගිනි පිදීම ද නොකරන්නෙහි, සිවුමංහන්දියෙක දොර සතරක් ඇති දන්හලක් කොට මේ සිවු දෙසින් එන තාක් මහණබමුණන් හැකි පරිදි පිළිවන් පරිදි පුදන්නෙමි යි සිතා තෝ ඇදුරා සහිත වැ ඉඳිනෙහි ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “භවත් ගෞතමයිනි, මෙය නැත්තේ ම ය.”
Pali BJT85. ඉති ඛො අම්බට්ඨ, ඉමාය චෙ ව ත්වං අනුත්තරාය විජ්ජාචරණසම්පදාය පරිහීනො සාචරියකො. යෙ චිමෙ අනුත්තරාය විජ්ජාචරණසම්පදාය චත්තාරි අපායමුඛානි භවන්ති, තතො ච ත්වං පරිහීනො සාචරියකො. භාසිතා ඛො පන තෙ එසා අම්බට්ඨ, ආචරියෙන බ්රාහ්මණෙන පොක්ඛරසාදිනා වාචා “කෙ ච මුණ්ඩකා සමණකා ඉබ්භා කණ්හා බන්ධුපාදාපච්චා, කා ච තෙවිජ්ජානං බ්රාහ්මණානං සාකච්ඡා”ති, අත්තනා ආපායිකො’පි අපරිපූරයමානො. පස්ස අම්බට්ඨ, යාව අපරද්ධඤ්ච තෙ ඉදං ආචරියස්ස බ්රාහ්මණස්ස පොක්ඛරසාදිස්ස.
Sinhala BJT85. [භාග්‍යවත්හු:] “අම්බට්ඨය, ඇදුරා සහිත තෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතිනුත් පිරිහුණෙහි ය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට විනාශ මුඛ වූ යම් තපශ්චර්‍ය්‍යා කෙනෙක් වෙත් නම් එයිනුත් පිරිහුණෙහි ය. එහෙත් අම්බට්ඨය, තගේ ඇදුරු වූ පොක්ඛරසාදී බමුණා විසින් තමා විද්‍යාචරණසම්පතට විනාශමුඛ වූ දහම් පමණකුත් නොපුරන්නකු වැ හිඳ, “බමුණනට මෙහෙකරු වූ, කළු වූ, බඹුහුගේ පයින් උපන්, ගර්හිත මුඬු මහණහු කවුරු ද? එවැන්නන් හා ත්‍රෛවිද්‍යාක බමුණන්ගේ කවර සාකච්ඡා දැ?” යි මේ වචනය කියන ලද්දේ ම ය. බලව, අම්බට්ඨය, තගේ ආචාර්‍ය්‍ය වූ පොක්ඛරසාදී බමුණුහු විසින් කොතරම් මහත් වරදෙක් කරන ලද්දේ ද?
Pali BJT86. බ්රාහ්මණො ඛො පන අම්බට්ඨ, පොක්ඛරසාදී රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස දත්තිකං භුඤ්ජති. තස්ස රාජා පසෙනදී කොසලො සම්මුඛීභාවම්පි න දදාති. යදාපි තෙන මන්තෙති තිරොදුස්සෙන මන්තෙති. යස්ස ඛො පන අම්බට්ඨ, ධම්මිකං පයතං භික්ඛං පතිගණ්හෙය්ය, කථං තස්ස රාජා පසෙනදී කොසලො සම්මුඛීභාවම්පි න දදෙය්ය? පස්ස අම්බට්ඨ, යාව අපරද්ධඤ්ච තෙ ඉදං ආචරියස්ස බ්රාහ්මණස්ස පොක්ඛරසාදිස්ස.
Sinhala BJT86. අම්බට්ඨය, පොක්ඛරසාදී බමුණු තෙමේ වූ කලි පසේනදී කොසොල් රජුහු විසින් දුන් දෑ බුක්ති විඳී. කොසොල් රජ ඔහුට මුහුණ පෑම ද නො කෙරෙයි. යම් විටෙක ඔහු හා සාකච්ඡා කෙරේ නම් කඩතුරාවෙකින් මුවහ වී හිඳ කථා කෙරෙයි. අම්බට්ඨය, යමකු විසින් තමහට එළැවූ දැහැමි බොජුන් (පොක්ඛරසාදි තෙමේ) පිළිගන්නේ නම්, ඒ පසේනදී කොසොල් රජ ඔහුට තමා මුහුණ පෑම පවා කෙසේ නම් නො කරන්නේ ද? අම්බට්ඨය, බලව, මේ තගේ ඇදුරු වූ පොක්ඛරසාදී බමුණා විසින් කොතරම් මහත් වරදෙක් කරන ලද ද?
Pali BJTතං කිම්මඤ්ඤසි අම්බට්ඨ? රාජා පසෙනදී කොසලො හත්ථිගීවාය වා නිසින්නො අස්සපිට්ඨෙ වා නිසින්නො රථූපත්ථරෙ වා ඨිතො උග්ගෙහි වා රාජඤ්ඤෙහි වා කිඤ්චිදෙව මන්තණං මන්තෙය්ය, සො තම්හා පදෙසා අපක්කම්ම එකමන්තං තිට්ඨෙය්ය. අථ ආගච්ඡෙය්ය සුද්දො වා සුද්දදාසො වා, සො තස්මිං පදෙසෙ ඨිතො තදෙව මන්තණං මන්තෙය්ය: එවම්පි රාජා පසෙනදී කොසලො ආහ එවම්පි රාජා පසෙනදී කොසලො ආහාති. අපි නු සො රාජභණිතං වා භණති රාජමන්තනං වා මන්තෙති, එත්තාවතා සො අස්ස රාජා වා රාජමහාමත්තො වාති?”
Sinhala BJTඅම්බට්ඨය, එය කිමැ යි සිතන්නෙහි ද? මෙහි පසේනදී කොසොල් රජ තෙමේ ඇතු ගෙල මතුයෙහි හෝ හුන්නේ, අසු පිටැ හෝ හුන්නේ, රිය තුළ ඇතිරිය මතැ හෝ සිටියේ, උසස් ඇමැතියන් හෝ අභිෂේක නොලත් රජ දරුවන් හෝ සමඟ කිසි යම් මන්ත්‍රණයක් කරන්නේ නම්, හේ ඒ රජු සිටි තැනින් ඉවත් වැ එක් පසෙක සිටින්නේ ය. එකල්හි ශුද්‍රයෙක් හෝ ශුද්‍රයෙකුගේ දාසයෙක් හෝ එන්නේ නම්, හේ ඒ පෙදෙසෙහි සිටියේ, ‘පසේනදී කොසොල් රජ මෙසේත් කීයේ ය, පසේනදී කොසොල් රජ මෙසේත් කීයේ යැ’ යි ඒ මන්ත්‍රණය ම කියන්නේ නම්, හේ රාජවචනය කියන්නේ ද? රාජමන්ත්‍රණය කරන්නේ? මෙතෙකින් හේ රජ හෝ රජමහඇමැතියෙක් හෝ වන්නේ ද?
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “භවද්ගෞතමයිනි, මෙය නොවේ ම ය.”
Pali BJT87. එවමෙව ඛො ත්වං අම්බට්ඨ, යෙ තෙ අහෙසුං බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමූහිතං තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති, සෙය්යථිදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු, ත්යාහං මන්තෙ අධියාමි සාචරියකො’ති තාවතා ත්වං භවිස්සසි ඉසි වා ඉසිත්තාය වා පටිපන්නො’ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT87. [භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එපරිද්දෙන් ම, වේදකතෘ වූ වේද පැවැත්වූ, බ්‍රාහ්මණයන්ගේ පූර්‍වපුරුෂ වූ අට්ටක (ආත්‍රෙය), වාමක, වාමදේව, වෙස්සාමිත්ත (විශ්වාමිත්‍ර), යමතග්ගි (ජමදග්නි), අංගිරස, භාරද්වාජ, වාසෙට්ඨ (වසිෂ්ට), කස්සප (කාශ්‍යප), භඟු(භෘගු) යන යම් ඍෂි කෙනෙක් වූහු ද, යම් කෙනකුන් විසින් ගයන ලද (-සජ්ඣායනා කරන ලද), කියවන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද (වේදයයි) මෙ කළ බමුණෝ ඔවුන් අනුවැ ගයත් ද, කියැවූ දැය අනුවැ කියවත් ද, ‘ඇදුරාණන් සහිත මම් ඒ වේද හදාරමි’යි යන මෙපමණෙකින් තෝ ඍෂිවරයෙක් හෝ ඍෂි බවට පිළිපන්නෙක් හෝ වන්නෙහි ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ.
Pali BJT88. තං කිම්මඤ්ඤසි අම්බට්ඨ, කින්ති තෙ සුතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: “යෙ තෙ අහෙසුං බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමූහිතං තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති සෙය්යථිදං: අට්ටකො, වාමකො, වාමදෙවො, වෙස්සාමිත්තො, යමතග්ගි, අඞ්ගීරසො, භාරද්වාජො, වාසෙට්ඨො, කස්සපො, භගු - එවං සු තෙ සුන්හාතා සුවිලිත්තා කප්පිතකෙසමස්සූ ආමුත්තමණිකුණ්ඩලාභරණා ඔදාතවත්ථවසනා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරෙන්ති, සෙය්යථාපි ත්වං එතරහි සාචරියකො?” ති.
Sinhala BJT88. අම්බට්ඨය ඒ කිමැයි සිතහි ද? ඒ ඍෂීන් ගැන කියන වෘද්ධ වූ මහලු වූ තගේ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ වචනය තා විසින් කෙසේ නම් අසන ලද ද? වේද කතෘ වූ, වේද පැවැත්වූ, බමුණන්ගේ පූර්‍වපුරුෂ වූ, අට්ඨක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගි, අංගිරස, භාරද්වාජ වාසෙට්ඨ, කස්සප, භගු යන යම් ඍෂි කෙනෙකුන් විසින් ගයන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද දැන් සිටිනා බමුණෝ ඔවුන් අනුව ගයත් නම්, ඔවුන් අනුවැ කියත් නම්, ඔවුන් කී වචනය අනුවැ කියත් නම්, කියැවූ වචන අනුවැ කියවත් නම්, මෙ කල්හි වු ඇදුරා සහිත තා සේ ඒ ඍෂිවරුන් මොනවට නා ගත්තෝ වැ, මොනවට සුවඳ විලෙවුන් ගල්වා ගත්තෝ වැ, අන්දම් තබා කැපූ කෙහෙ රැවුලු ඇත්තෝ වැ, පැලැඳ ගත් මිණිකොඬොල් අබරණ ඇත්තෝ වැ, සුදු වස්ත්‍ර හඳින්නෝ වැ පස් කම් සුවෙන් ඇලී යෙදී එහි ඉඳුරන් මෙහෙයවන්නෝ වූහු ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නොවූයෙකි.”
Pali BJT89. “එවං සු තෙ සාලීනං ඔදනං සුචිමංසූපසෙචනං විචිතකාලකං අනෙකසූපං අනෙකබ්යඤ්ජනං පරිභුඤ්ජන්ති, සෙය්යථාපි ත්වං එතරහි සාචරියකො?”ති.
Sinhala BJT89. [භාග්‍යවත්හු:] “දැන් ඇදුරා සහිත තා කරන්නා සේ, ඒ ඍෂිහු අවුලා ඉවත් කළ කළු සහල් ඇති, බොහෝ සූප ඇති, බොහෝ ව්‍යංජන ඇති, මසවුළු ඇති, පිරිසිදු හැල් බත් වළඳන්නෝ වූහු ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”
Pali BJT“එවං සු තෙ වෙඨනකපස්සාහි නාරීහි පරිචාරෙන්ති සෙය්යථාපි ත්වං එතරහි සාචරියකො?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “දැන් ඇදුරා සහිත තා කරනා පරිදි ඔහු වෙළුම් පිටින් බැඳ සිහින් කළ ඉඳ ඇති ස්ත්‍රීන් ලවා මෙහෙ කරවා ගන්නෝ වූහු ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “මේ නො වී ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“එවං සු තෙ කුත්තවාලෙහි වළවාරථෙහි දීඝාහි පතොදලට්ඨීහි වාහනෙ විතුදෙන්තා වීපරියායන්ති සෙය්යථාපි ත්වං එතරහි සාචරියකො?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “දැන් ඇදුරා සහිත තා කරන්නා සේ ඔහු සැරැසු වලග ඇති වෙළෙඹුන් යෙදූ රියවලින්, දික් කැවිටි ලී වලින් එය අදනා සත්නට අනින්නාහු, ඔබ මොබ ගියෝ ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”
Pali BJT“එවං සු තෙ උක්කිණ්ණපරිඛාසු ඔක්ඛිත්තපලිඝාසු නගරූපකාරිකාසු දීඝාසිබද්ධෙහි පුරිසෙහි රක්ඛාපෙති සෙය්යථාපි ත්වං එතරහි සාචරියකො?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “දැන් ඇදුරා සහිත තා කරන සේ, ඒ ඍෂිහු කැණු අගල් ඇති, තැබූ කණයම් ඇති, උපකාරීකාවන්ගෙන් යුත් නුවරවලැ දික් කඩු ගත් පුරුෂයන් ලවා රකවල් කැරැවූහු ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “මෙය නො වී ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“ඉති ඛො අම්බට්ඨ, නෙව ත්වං ඉසි, න ඉසිත්තාය පටිපන්නො සාචරියකො. යස්ස ඛො පන අම්බට්ඨ මයි කඞ්ඛා වා විමති වා, සො මං පඤ්හෙන, අහං වෙය්යාකරණෙන සොධිස්සාමී”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, මෙසේ ඇදුරා සහිත තෝ ඍෂියෙකුත් නො ම වෙහි ය. ඍෂි බව සඳහා පිළිපන්නෙකුත් නො ම වෙහි ය. අම්බට්ඨය, යමකුට මා කෙරෙහි සැකයෙක් විමතියෙක් වේ නම්, හේ ප්‍රශ්නයෙන් මා විචාරා වා. මම ඔහුගේ ප්‍රශ්න විසැඳීමෙන් ඔහු සැක දුරැ ලන්නෙමි.”
Pali BJT90. අථ ඛො භගවා විහාරා නික්ඛම්ම චඞ්කමං අබ්භුට්ඨාසි. අම්බට්ඨො’පි මාණවො විහාරා නික්ඛම්ම චඞ්කමං අබ්භුට්ඨාසි. අථ ඛො අම්බට්ඨො මාණවො භගවන්තං චඞ්කමන්තං අනුචඞ්කමමානො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි. අද්දස ඛො අම්බට්ඨො මාණවො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කොසොහිතෙ ච වත්ථගුය්හෙ{1} පහූතජිව්හතාය ච.
Sinhala BJT90. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ වෙහෙරින් නික්මැ, සක්මන් මලුවට නැංග සේක. අම්බට්ඨ මාණවක ද වෙහෙරින් නික්මැ සක්මන් මලුවට නැංගේ ය. ඉන් පසු අම්බට්ඨ මාණවක තෙමේ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ අනුවැ සක්මන් කරනුයේ, භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහපුරිස්ලකුණු සෙවී ය. අම්බට්ඨ මාණවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි බෙහෙවින් දෙකක් හැර දෙතිස් මහ පුරිෂ් ලකුණු දිටී ය. හේ කොශාවහිත අංගජාතයෙහි ද පුළුල් දිව ඇතිබව්හි ද යන මහා පුරුෂලක්‍ෂණ දෙක්හි සැක කෙරෙයි. එයින් සනිටුහනකට නො බසී. ‘මේ තෙමේ පිරිපුන් මහපුරිස්ලකුණු ඇත්තෙකැ’ යි පැහැදීමට නො පැමිණේ.
Pali BJT91. අථ ඛො භගවතො එතදහොසි: පස්සති ඛො මෙ අයං අම්බට්ඨො මාණවො ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චාති.
Sinhala BJT91. එ කල්හි “මේ අම්බට්ඨ මාණවක තෙමේ මා සිරුරෙහි බෙහෙවින් දෙකක් හැර දෙතිස් මහ පුරුස් ලකුණු දැකී ම ය, කොශාවහිත අංගජාතයත් පුළුල් දිවත් යන මහපුරිස් ලකුණු දෙක්හි සැක කෙරෙයි, සනිටුහනට නො බසී. නො පැහැදෙයි. (එබැවින් මොහුට ඒ මහපුරිස් ලකුණු දෙක පෙන්වීම් නම් යෙහෙකැ)” යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය.
Pali BJTඅථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා අද්දස අම්බට්ඨො මාණවො භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභො’පි කණ්ණසොතානි අනුමසි පරිමසි. උභො’පි නාසිකාසොතානි අනුමසි පරිමසි. කෙවලම්පි නළාටමණ්ඩලං ජිව්හාය ඡාදෙසි.
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කොශාවහිත අංගජාතය යම්සේ අම්බට්ඨ මාණවකයා දක්නේ ද, එසේ වූ ඍද්ධ්‍යාභිසංස්කාරයක් කළ සේක. එයින් පසුව දිව නිකුත් කොට දෙකන් සිදුරු ස්පර්‍ශ කල සේක. දෙනාස්පුඬු පිරිමැද්ද සේක. සියලු නලල් මඩල දිවෙන් වැසූ සේක.
Pali BJTඅථ ඛො අම්බට්ඨස්ස මාණවස්ස එතදහොසි: සමන්නාගතො ඛො සමණො ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි පරිපුණ්ණෙහි නො අපරිපුණ්ණෙහීති භගවන්තං එතදවොච: “හන්ද ච’දානි මයං භො ගොතම ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයා”ති.
Sinhala BJTඑවිට ‘ශ්‍රමණ ගෞතම තෙමේ නො අඩු පිරිපුන් දෙතිස් මහ පුරිස්ලකුණින් සමන්‍විත යැ’යි අම්බට්ඨ මාණවකයාට මේ සිත විය. ඉක්බිති හේ භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයෙනි, දැන් අපි යම්හ, අපි බොහෝ කෘත්‍ය ඇත්තමෝ, බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ” යි කී ය.
Pali BJT“යස්ස’දානි ත්වං අම්බට්ඨ කාලං මඤ්ඤසීති”.
Sinhala BJT“අම්බට්ඨය, යම් ගමනකට තෝ කාලය සිතහි නම්, ඒ ගමන කරන්නැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTඅථ ඛො අම්බට්ඨො මාණවො වළවාරථමාරුය්හ පක්කාමි.
Sinhala BJTඉක්බිති අම්බට්ඨ මාණවක තෙමෙ වෙළෙඹුන් යෙදූ රියෙක නැඟ නික්මුණේ ය.
Pali BJT92. තෙන ඛො පන සමයෙන බ්රාහ්මණො පොක්ඛරසාදී උක්කට්ඨාය නික්ඛමිත්වා මහතා බ්රාහ්මණගණෙන සද්ධිං සකෙ ආරාමෙ නිසින්නො හොති අම්බට්ඨං යෙව මාණවං පටිමානෙන්තො. අථ ඛො අම්බට්ඨො මාණවො යෙන සකො ආරාමො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකො’ව යෙන බ්රාහ්මණො පොක්ඛරසාදී තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා බ්රාහ්මණං පොක්ඛරසාදිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT92. ඒ සමයෙහි වූ කලි පොක්ඛරසාදී බමුණු තෙමේ උක්කට්ඨා නුවරින් නික්මැ, අම්බට්ඨ මාණවකයා (ගේ ඊම) බලාපොරොත්තු වනුයේ, මහත් බමුණුමුළුවක් හා සිය අරමෙහි හුන්නේ වෙයි. එ කල්හි අම්බට්ඨ මාණවක තෙමේ සිය අර ම කරා එළැඹියේ ය. රියෙන් යෑ හැකි තාක් රියෙන් ගොස් එයින් බැස, පා ගමන් ඇත්තේ ම පොක්ඛරසාදි බමුණා වෙත එළැඹියේ ය. එළැඹ ඔහු වැඳ පසෙක හිඳ ගත්තේ ය.
Pali BJT93. එකමන්තං නිසින්නං ඛො අම්බට්ඨං මාණවං බ්රාහ්මණො පොක්ඛරසාදී එතදවොච: කච්චි තාත අම්බට්ඨ අද්දස තං භවන්තං ගොතමන්ති?
Sinhala BJT93. පසෙක හුන් අම්බට්ඨ මාණවකයාගෙන් පොක්ඛරසාදි බමුණු තෙමේ “කිමෙක් ද? දරුව අම්බට්ඨය, ඒ භවද්ගෞතමයන් දුටු දෑ?” යි විචාළේ ය.
Pali BJT“අද්දසාම ඛො මයං භො තං භවන්තං ගොතමන්ති.”
Sinhala BJT“භවතාණනි, ඒ භවද්ගෞතමයන් අපි දුටුම්හ” යි අම්බට්ඨ කී ය.
Pali BJT“කච්චි තාත අම්බට්ඨ තං භවන්තං ගොතමං තථා සන්තො යෙව සද්දො අබ්භුග්ගතො නො අඤ්ඤථා? කච්චි පන භො සො භවං ගොතමො තාදිසො නො අඤ්ඤාදිසො?”ති.
Sinhala BJT[පොක්ඛරසාදි:] “කිමෙක් ද? දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇත්තාවූ ම ගුණ පිළිබඳ වූ කීර්තිශබ්දයෙක් නැඟුණේ ද? අන් පරිද්දෙකින් නොවේ ද? (නැති ගුණ පිළිබඳ හඬෙක් නො නැඟුණේ ද?) භවත, ඒ භවද්ගෞතම තෙමේ එබඳුම ද? අන් සැටි නො වේ ද?”
Pali BJT“තථා සන්තො යෙව භො තං භවන්තං ගොතමං සද්දො අබ්භුග්ගතො නො අඤ්ඤථා, තාදිසො’ව භො සො භවං ගොතමො නො අඤ්ඤාදිසො. සමන්නාගතො ච භො සො භවං ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි පරිපුණ්ණෙහි නො අපරිපුණ්ණෙහී”ති.
Sinhala BJT[අම්බට්ඨ:] “භවතාණනි, ඒ භවද්ගෞතමයන්ගේ එසේ ඇත්තාවූ ම ගුණ පිළිබඳ වූ කීර්තිඝෝෂයෙක් නැඟිණ. අන් පරිදි වූ (නැති ගුණ පිළිබඳ වූ ඝෝෂ) යෙක් නො වේ. භවතාණෙනි, ඒ භවත්ගෞතම තෙමේ එබඳු ම ය අන් සැටි නො වේ. භවතාණෙනි, ඒ භවද්ගෞතම තෙමේ අඩු නො වූ පිරිපුන් දෙතිස් මහපුරිස්ලකුණින් යුතු වේ.”
Pali BJT“අහු පන තෙ තාත අම්බට්ඨ, සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො?”ති.
Sinhala BJT[පොක්ඛරසාදි:] “දරුව අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් හා තගේ කිසියම් කතාබහෙක් වී ද?”
Pali BJT“අහු ඛො යෙව භො, සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො?”ති.
Sinhala BJT[අම්බට්ඨ:] “භවතාණෙනි, ශ්‍රමණ ගෞතමයන් හා මගේ කිසි යම් කතාබහෙක් වී ය”
Pali BJT“යථාකථං පන තෙ තාත අම්බට්ඨ, අහු සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො?”ති.
Sinhala BJT[පොක්ඛරසාදි:] “අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් හා තගේ ඒ ස්වල්ප කථාසංලාපය කෙසේ වූ එකෙක් ද?”
Pali BJTඅථ ඛො අම්බට්ඨො මාණවො යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො තං සබ්බං බ්රාහ්මණස්ස පොක්ඛරසාදිස්ස ආරොචෙසි.
Sinhala BJTඉක්බිති අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ හා යම් පමණ තමාගේ කථාසංලාපයෙක් වී ද ඒ සියල්ල පොක්ඛරසාදී බමුණාට සැළ කළේ ය.
Pali BJT94. එවං වුත්තෙ බ්රාහ්මණො පොක්ඛරසාදී අම්බට්ඨං මාණවං එතදවොච: “අහො වත රෙ, අම්හාකං පණ්ඩිතක! අහො වත රෙ අම්හාකං බහුස්සුතක! අහො වත රෙ, අම්හාකං තෙවිජ්ජක! එවරූපෙන කිර භො පුරිසො අත්ථචරකෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යදෙව ඛො ත්වං අම්බට්ඨ තං භවන්තං ගොතමං එවං ආසජ්ජ ආසජ්ජ අවචාසි. අථ ඛො සො භවං ගොතමො අම්හෙ’පි එවං උපනෙය්ය උපනෙය්ය අවච. අහො වත රෙ, අම්හාකං පණ්ඩිතක! අහො වත රෙ, අම්හාකං බහුස්සුතක! අහො වත රෙ, අම්හාකං තෙවිජ්ජක! එවරූපෙන කිර භො පුරිසො අත්ථචරකෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්යා”ති කුපිතො අනත්තමනො අම්බට්ඨං මාණවං පදසා යෙව පවත්තෙසි. ඉච්ඡති ච තාවදෙව භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT94. එසේ සැළ කළ කල්හි, පොක්ඛරසාදී තෙමේ අම්බට්ඨ මාණවකයා අමතා, “යහහා, කොල, අප ඊනියා පණ්ඩිතය! යහහා, කොල, අප ඊනියා මහ උගත! යහහා, කොල, අප ඊණියා ත්‍රිවිද්‍යා දතුව! එම්බල, මෙබඳු තා වැනි ඊණියා වැඩ සලසන්නකු කරණ කොට ගෙන (තා වැන්නකු ඇති කල්හි ඇසුරු කරන) මිනිසා කාබුන් මරණින් මතු සැප නැති දුර්‍ගති වූ තමාට අවශග වැ වැටෙන තැන වූ නිරයට පැමිණෙන්නේ ම ය. යම් හෙයකින් ම, අම්බට්ඨය, තෝ මෙසේ ඒ භවද් ගෞතමයනට ගට ගටා කීයෙහි ද, එ හෙයින් ම භවද් ගෞතමයෝ මෙසේ අපටත් සැඟවුණු දෑ මතු කොට ශුද්‍රාදී බව නඟ නඟා මෙසේ කීහ. යහහා, කොළ, අප ඊණීය පණ්ඩිතය! යහහා, කොල, අප ඊණීයා උගත! යහහා, කොල, අප තෙවිදු දතුව! භවත්නි ,මේ වැනි වැඩ සලසන්නකු කරණ කොට ගෙන මිනිසා කාබුන් මරණින් මතු සැප නැති, දුර්‍ගති වූ, විනිපාතයක් වූ නිරයට පැමිණෙන්නේ ම යැ!”යි. මේ බස් කී ය. මෙසේ කියා, කිපුණේ, නොසතුටු සිතැත්තේ පයින් පැහැරැ ඔහු බිම පෙරැළී ය. එ කෙණෙහි ම භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු කැමැති ද විය.
Pali BJT95. අථ ඛො තෙ බ්රාහ්මණා බ්රාහ්මණං පොක්ඛරසාදිං එතදවොචුං: අතිවිකාලො ඛො භො අජ්ජ සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. ස්වෙදානි භවං පොක්ඛරසාතී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී”ති.
Sinhala BJT95. එවිටැ ඒ බමුණෝ පොක්ඛරසාදී බමුණුට “භවත, අද (දැන්) ශ්‍රමණ ගෞතමයන් දක්නට යන්නට ඉතා නොකල් වෙයි. භවත් පොක්ඛරසාදි තෙමේ හෙට දිනැ ශ්‍රමණ ගෞතමයන් දක්නට එළැඹියැ හැකි වන්නේ යැ” යි කීහ.
Pali BJTඅථ ඛො බ්රාහ්මණො පොක්ඛරසාදී සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා යානෙසු ආරොපෙත්වා උක්කාසු ධාරියමානාසු උක්කට්ඨාය නිය්යාසි. යෙන ඉච්ඡානඞ්ගලවනසණ්ඩො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා, යානා පච්චොරොහිත්වා පත්තිකො’ව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො බ්රාහ්මණො පොක්ඛරසාදී භගවන්තං එතදවොච: “ආගමානුඛවිධ භො ගොතම, අම්හාකං අන්තෙවාසී අම්බට්ඨො මාණවො?”ති.
Sinhala BJTඉක්බිති පොක්ඛරසාදී බමුණු තෙම සිය නිවසෙහි මිහිරි වූ කෑ යුතු බුදිය යුතු දෑ පිළියෙළ කරවා, යානයන්හි නංවා දඬුවැට පහන් දරනු ලබන කල්හි උක්කට්ඨා නුවරින් නික්මුණේ ය. ඉච්ඡානංගල වන ලැහැබ කරා එළැඹියේ ය. යානයෙන් යා හැකි තාක් දුර යානයෙන් ගොස්, එයින් බැස, පයින් ම භාග්‍යවතුන් වහන්සේ කරා එළෑඹීයේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ (සිහි කටයුතු වූ) කථාව නිමවා පසෙක හිඳ ගත්තේ ය, පසෙක හුන්නේ ම පොක්ඛරසාදී බමුණු තෙමෙ, “භවද්ගෞතමයිනි, අප අතැවැසි අම්බට්ඨ මාණවකයා මෙහි ආයේ දැ?”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය.
Pali BJT“ආගමා ඛො තෙ බ්රාහ්මණ, අන්තෙවාසී අම්බට්ඨො මාණවො”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “බමුණ, තා අතැවැසි අම්බට්ඨ මාණවකයා මෙහි ආයේ ම ය.”
Pali BJT“අහු පන තෙ භො ගොතම, අම්බට්ඨෙන මාණවෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො?”ති.
Sinhala BJT[පොක්ඛරසාදි:] “භවද්ගෞතමයිනි, අම්බට්ඨ මාණවකයා හා ඔබේ කිසි කථාසංලාපයක් වූයේ ද?”
Pali BJT“අහු ඛො මෙ බ්රාහ්මණ, අම්බට්ඨෙන මාණවෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “බමුණ, අම්බට්ඨ මාණවකයා හා මගේ කිසි (ස්වල්ප) කථාසංලාපයක් වූයේ ම ය.”
Pali BJT“යථාකථං පන තෙ භො ගොතම, අහු අම්බට්ඨෙන මාණවෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො?”ති.
Sinhala BJT[පොක්ඛරසාදි:] “භවද්ගෞතමයිනි, අම්බට්ඨ මාණවකයා හා ඔබගේ කෙබඳු වු කිසි කථාසංලාපයක් වූයේ ද?”
Pali BJTඅථ ඛො භගවා යාවතිකො අහොසි අම්බට්ඨෙන මාණවෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං බ්රාහ්මණස්ස පොක්ඛරසාදිස්ස ආරොචෙසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා හා යම් පමණ කථා සංලාපය වී ද, ඒ සියල්ල පොක්ඛරසාදි බමුණාට වදාළ සේක.
Pali BJT“එවං වුත්තෙ බ්රාහ්මණො පොක්ඛරසාදී භගවන්තං එතදවොච: බාලො භො ගොතම, අම්බට්ඨො මාණවො. ඛමතු භවං ගොතමො අම්බට්ඨස්ස මාණවස්සා”ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි පොක්ඛරසාදි බමුණු තෙම, “භවද්ගෞතමයිනි, අම්බට්ඨ මාණවකයා ලාමක ය. භවද්ගෞතමයෝ අම්බට්ඨ මාණවකයාට ක්‍ෂමා කෙරෙත්වා” යි කී ය.
Pali BJT“සුඛී හොතු බ්රාහ්මණ, අම්බට්ඨො මාණවො”ති.
Sinhala BJT“බමුණ, අම්බට්ඨ මාණවක තෙමේ සුවපත් වේ වා යි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT96. අථ ඛො බ්රාහ්මණො පොක්ඛරසාදී භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි. අද්දසා ඛො බ්රාහ්මණො පොක්ඛරසාදී භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය ච.
Sinhala BJT96. ඉක්බිති පොක්ඛරසාදි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහ පුරිස්ලකුණු පිරික්සී ය. පොක්ඛරසාදී බමුණු වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු අතුරෙන් දෙකක් හැර සෙස්ස බෙහෙවින් දිටී ය. හේ කොශාවහිත අංගජාත ලක්‍ෂණයෙහිත් ප්‍රභූතජිහ්වාලක්‍ෂණයෙහිත් දැ යි මේ මහපුරිස්ලකුණු දෙක්හි සැක කෙරෙයි, තීරණයකට නො බසී. එ හෙයින් ම නො පැහැදෙයි.
Pali BJT97. අථ ඛො භගවතො එතදහොසි: පස්සති ඛො මෙ අයං බ්රාහ්මණො පොක්ඛරසාදී ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චාති.
Sinhala BJT97. එවිට භාග්‍යවතුන් වහන්සේ “මේ පොක්ඛරසාදි බමුණු තෙමේ දෙතිස් මහපුරිස්ලකුණු වලින් දෙකක් හැර සෙස්ස බෙහෙවින් දකී ම ය. කොශාවහිත අංගජාතලක්‍ෂණයෙහිත්, ප්‍රභූතජිහ්වාලක්‍ෂණයෙහිත් යන මහපුරිස්ලකුණු දෙක්හි සැක කෙරෙයි, තීරණයකට නො බසී, නො පැහැදෙයි. (ඒ දෙ ලකුණු මොහුට දක්වන්නෙම් නම් යෙහෙකැ)” යි මේ සිත විය.
Pali BJTඅථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා අද්දස බ්රාහ්මණො පොක්ඛරසාදී භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභො’පි කණ්ණසොතානි අනුමසි, පටිමසි, උභො’පි නාසිකාසොතානි අනුමසි, පටිමසි. කෙවලම්පි නළාටමණ්ඩලං ජිව්හාය ඡාදෙසි.
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ කොශාවහිත අංගජාතය පොක්ඛරසාදී බමුණාට පැනෙන සේ වු ඍද්ධ්‍යාභිසංකාරයක් කළ සේක. ඉන් පසු දිව නික්මවා දෙකන් සිදුරු ස්පර්‍ශ කළ සේක, පිරිමැද්ද සේක, දෙ නාස්පුඬු ස්පර්‍ශ කළ සේක, පිරිමැද්ද සේක, මුළු නලල් තලය ම දිවෙන් වැසූ සේක.
Pali BJT98. අථ ඛො බ්රාහ්මණස්ස පොක්ඛරසාදිස්ස එතදහොසි: “සමන්නාගතො ඛො සමණො ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි පරිපුණ්ණෙහි නො අපරිපුණ්ණෙහී”ති භගවන්තං එතදවොච: අධිවාසෙතු මෙ භවං ගොතමො අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT98. එවිටැ පොක්ඛරසාදී බමුණාට “ශ්‍රමණ ගෞතම තෙමේ අඩු නොවූ පිරිපුන් දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍විත යැ”යි මේ සිත විය. හේ “භවත් ගෞතම තෙමේ බික් සඟන හා අදට මගේ බත ඉවසා වා”යි කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක.
Pali BJT99. අථ ඛො බ්රාහ්මණො පොක්ඛරසාදී භගවතො අධිවාසනං විදිත්වා’ භගවතො කාලං ආරොචෙසි: ‘කාලො භො ගොතම, නිට්ඨිතං භත්තන්ති.’
Sinhala BJT99. ඉක්බිති පොක්ඛරසාදී බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම (සිතින් පැළිගැන්ම) දැන, භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයිනි, දැන් කල් පැමිණියේ ය, බත පිළියෙල කොට නිමැවිණැ”යි කල් දැන්වීය.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන බ්රාහ්මණස්ස පොක්ඛරසාදිස්ස පරිවෙසනා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො බ්රාහ්මණො පොක්ඛරසාතී භගවන්තං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. මාණවකා’පි භික්ඛුසඞ්ඝං. අථ ඛො බ්රාහ්මණො පොක්ඛරසාතී භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ (ඒ) පෙරවරුයෙහි සිවුරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන බික්සඟන සමඟ පොක්ඛරසාදි බමුණාගේ පිරිවෙස්න (=බොජුන් වළඳනා තැන) කරා වැඩි සේක. වැඩ, පැණැවුණු අස්නෙහි හුන් සේක. ඉක්බිති පොක්ඛරසාදි බමුණු තෙම මිහිරි වූ කෑයුතු බුදිය යුතු දැයින් සියතින් භාග්‍යවතුන් වහන්සේ සැතැප්වී ය, මැනවින් පැවැරැවී ය. මාණවකයෝ ද බික්සඟන සතැප්වූහ, මැනවින් පැවැරැවූහ. එයින් පසු පොක්ඛරසාදී බමුණා භාග්‍යවතුන් වහන්සේ, වළඳා පාත්‍රයෙන් ඉවත් කළ අත ඇත්තවුන් දැන, එක්තරා මිටි අස්නක් ගෙන පසෙක හුන්නේය.
Pali BJT100. එකමන්තං නිසින්නස්ස ඛො බ්රාහ්මණස්ස පොක්ඛරසාදිස්ස භගවා ආනුපුබ්බිකථං කථෙසි, සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි බ්රාහ්මණං පොක්ඛරසාතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං.
Sinhala BJT100. එකත්පස්හි හුන් පොක්ඛරසාදී බමුණහුට භාග්‍යවතුන් වහන්සේ, දානකථා, ශීලකථා, ස්වර්‍ගකථා, කාමාදීනව, කාමයන්ගේ ලාමක බව, කාමයන්ගේ කෙලෙසීම, නෙක්ඛම්මයෙහි (කාමයන්ගෙන් නික්මුණු බව්හි) අනුසස් පැවැසූ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක පොක්ඛරසාදි බමුණුහු (ඒ බණ ඇසීමෙන්) නිරෝග සිතැති වූවහු, මොළොක් සිතැති වූවහු, නීවරණ කෙරෙන් පහ වූ සිතැත්තහු, ඔද වැඩී ගිය සිතැත්තහු, පහන් සිතැත්තහු දත් සේක් ද, එ කල්හි, දුඃඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුත්කර්‍ෂකී ධර්‍මදේශනාවෙක් වේ නම් එය පැවැසූ සේක.
Pali BJTසෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්ය, එවමෙව බ්රාහ්මණස්ස පොක්ඛරසාදිස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති.
Sinhala BJTයම්සේ පහ වූ කළුබව ඇති , පිරිසිදු වතෙක් මොනවට රජන් (පඬු) උරා ගන්නේ ද, එසේ ම පොක්ඛරසාදී බමුණාට එ අස්නෙහි ම ‘යමෙක් උපදනා සුලු නම් ඒ සියල්ල නැසෙන සුලු යැ’ යි කෙලෙස් රජස් නැති, පහ වූ කෙලෙස් මල ඇති, දහම් ඇස පහළ විය.
Pali BJT101. අථ ඛො බ්රාහ්මණො පොක්ඛරසාදී දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච:
Sinhala BJT101. ඉක්බිති පොක්ඛරසාදි බමුණු තෙම දුටු ආර්‍ය්‍යසත්‍යය ධර්‍ම ඇත්තේ, ලැබූ ආර්‍ය්‍යසත්‍යාවබෝධය ඇත්තේ, දැන ගත් ආර්‍ය්‍යසත්‍ය ධර්‍ම ඇත්තේ, බැසැගත් ආර්‍ය්‍යසත්‍ය ධර්‍ම ඇත්තේ, ඉක්මැවූ සැක ඇත්තේ, පහ වු සැක ඇත්තේ, බුදු සස්නැ විසාරද බවට පැමිණියේ, තමාම පසක් කළ බැවින් හැදැහිය යුතු අනෙකක්හු නැත්තේ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීය:
Pali BJT“අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භො ගොතම සපුත්තො සභරියො සපරිසො සාමච්චො භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. යථා ච භවං ගොතමො උක්කට්ඨාය අඤ්ඤානි උපාසකකුලානි උපසඞ්කමති එවමෙව භවං ගොතමො පොක්ඛරසාදිකුලං උපසඞ්කමතු. තත්ථ යෙ තෙ මාණවකා වා මාණවිකා වා භවන්තං ගොතමං අභිවාදෙස්සන්ති වා පච්චුට්ඨිස්සන්ති වා ආසනං වා උදකං වා දස්සන්ති චිත්තං වා පසාදෙස්සන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT“භවද්ගෞතමයිනි, අභිකාන්ත ය (විසෙසින් සිත්කලුය). භවද් ගෞතමයිනි, අභිකාන්තය. භවද් ගෞතමයිනි, මුනින් නමා තැබූ දැයක් උඩුකුරු කරන්නේ යම් සේ ද, වැසුණු දැයක් විවෘත කරනුයේ යම්සේ ද, මං මුළා වූවකුට මඟ කියන්නේ යම්සේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහ යි සිතා තෙල් පහනක් දල්වන්නේ යම් සේද, එසේ ම, භවද් ගෞතමයන් විසින්, නොයෙක් කරුණින් ධර්‍මය පැවැසිණ. භවද්ගෞතමයිනි, ඒ මම් භාර්‍ය්‍යාව සහිත වැ, පිරිස් සහිතැ වැ, මෙහෙකරුවන් සහිත වැ, භවද්ගෞතමයන් ද ධර්‍මය ද, භික්‍ෂුසංඝයා ද සරණ යෙමි. අද පටන් දිවි හිමි කොට සරණ ගිය උවසකු කොට භවද්ගෞතම තෙමේ මා සලකා වා. යම්සේ භවද්ගෞතම තෙමේ උක්කට්ඨා නුවරෙහි අන් උපාසක කුලයන් කරා එළැඹේ ද, එසේ ම පොක්ඛරසාදී කුලයට ද එළැඹේවා. එහි යම් මාණවක කෙනෙක් හෝ මාණවිකා කෙනෙක් හෝ භවද් ගෞතමයන් ආදරයෙන් වඳින්නෝ ද, දැක හුනස්නෙන් නැගී සිටින්නෝ ද, අසුන් හෝ දිය හෝ දෙන්නෝ ද, සිත හෝ පහදවන්නෝ ද, එය ඔවුනට දික් කලක් වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.”
Pali BJT“කල්යාණං වුච්චති බ්රාහ්මණා”ති.
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “බ්‍රාහ්මණය, මනා දැයෙක් තොප කී සේ මැනැවැ” යි වදාළ සේක.
Pali BJTඅම්බට්ඨසුත්තං නිට්ඨිතං තතියං.
Sinhala BJTඅම්බට්ඨ සූත්‍රය නිමියේ ය.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTසොණදණ්ඩසුත්තං
Sinhala BJTසෝණදණ්ඩ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං. එකං සමයං භගවා අඞ්ගෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන චම්පා තදවසරි. තත්ර සුදං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා අංග රටෙහි සැරිසරන සේක්, චම්පා නුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි ඒ චම්පා නුවර සමීපයෙහි ගර්‍ගරා පොකුණු තෙරැ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සොණදණ්ඩො බ්රාහ්මණො චම්පං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං.
Sinhala BJTඑ සමයෙහි සෝණදණ්ඩ බමුණු තෙමේ බහුජනාකිර්‍ණ වූ, තණ දඬු දිය සුලභ වූ, බොහෝ ධන ධාන්‍ය ඇති, රජුහුගෙන් ලත් නින්දගම් වූ (රාජස්‍වරූපයෙන් පරිභෝග කට යුතු වූ), මගධ රටට අධිපති සේනිය බිම්බිසාර රජු විසින් දුන් රාජදායාද්‍ය වූ, ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ චම්පා නුවරැ වෙසෙයි.
Pali BJT2. අස්සොසුං ඛො චම්පෙය්යකා බ්රාහ්මණගහපතිකා “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො අඞ්ගෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි චම්පං අනුප්පත්තො, චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT2. චම්පා නුවරැ වැසි බමුණුගැහැවියෝ (රටෙහි පැතිරැ පැවැති) මතු දැක්වෙන කථාව ඇසූහ: “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ, ශ්‍රමණ ගෞතම තෙමේ වූ කලි භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහපැවිදිමුළුවක් හා අඟුරටැ සැරි සරනුයේ, චම්පාවට පැමිණියේ, එය අසලැ, ගර්‍ගරා පොකුණ තෙරැ වෙසෙයි. ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය,විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිසුනට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය. හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, මහණබමුණන් සහිත දෙවි මිනිසුන් සහිත මේ සත්ත්‍වවර්‍ගයා, තමා ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වයි. ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ (සතිපට්ඨානාදි) මනා අර්‍ත්‍ථ ඇති, මනා (සම්පූර්‍ණ) ව්‍යංජන ඇති, සර්‍වාකාර පරිපූර්‍ණ, පිරිසිදු දහමක් දෙසයි. එසේ දෙසනුයේ ද, සියලු සසුන්බඹසර පවසයි. එබඳු රහතුන් දැක්ම වූ කලි හිත වැඩ ගෙනැ දෙන්නෙකැ’යි ඒ භවද් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ උතුම් වූ කීර්තිශබ්දයෙක් උස් වැ නැංගේ ය” යනු යි.
Pali BJT3. අථ ඛො චම්පෙය්යකා බ්රාහ්මණගහපතිකා චම්පාය නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතා යෙන ගග්ගරා පොක්ඛරණී තෙනුපසඞ්කමන්ති.
Sinhala BJT3. ඉක්බිති චම්පාපුර වැසි බමුණෝත් ගැහැවියෝත් චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වැ රැස් වූවෝ, එකි එකී පැත්තෙහි මුළු මුළු වැ නුවරින් පිටතැ දි මහ මුළුවෙක් වැ එකතු වූවෝ, ගර්‍ගරා පොකුණ අතට යෙති.
Pali BJT4. තෙන ඛො පන සමයෙන සොණදණ්ඩො බ්රාහ්මණො උපරිපාසාදෙ දිවාසෙය්යං උපගතො හොති. අද්දසා ඛො සොණදණ්ඩො බ්රාහ්මණො චම්පෙය්යකෙ බ්රාහ්මණගහපතිකෙ චම්පාය නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතෙ යෙන ගග්ගරා පොක්ඛරණී තෙනුපසඞ්කමන්තෙ. දිස්වා ඛත්තං ආමන්තෙසි: “කින්නු ඛො භො ඛත්තෙ, චම්පෙය්යකා බ්රාහ්මණගහපතිකා චම්පාය නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතා යෙන ගග්ගරා පොක්ඛරණී තෙනුපසඞ්කමන්තී?”ති.
Sinhala BJT4. එ සමයෙහි සෝණදණ්ඩ බමුණු තෙමේ තමා පහයැ උඩු මහලෙහි දවයහනට පැමිණියේ වෙයි. හේ (කවළියෙන් බලනුයේ) චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වී රැස් වැ, එක් එක් පසැ මුළු මුළු වැ, නුවරින් පිටතැ දී මහ මුළුවක් වැ එකතු වැ ගර්‍ගරා පොකුණ අතට යන චම්පාවාසී බමුණන් ද ගැහැවියන් ද දැක්කේ ය. දැක ක්‍ෂත්තෘහු බණවා “භවත් කෂත්තෘව, කවර හෙයින් චම්පාවාසී බමුණෝත් ගැහැවියෝත් චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වී රැස් වැ එකි එකී පසැ මුළු මුළු වැ නුවරින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වැ ගර්‍ගරා පොකුණ කරා යෙත් දැ ?” යි විචාළේ ය.
Pali BJT“අත්ථි ඛො භො, සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො අඞ්ගෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි චම්පං අනුප්පත්තො චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තමෙතෙ භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමන්තී”ති.
Sinhala BJT“භවත, කාරණයෙක් ඇත: ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ, පැවැදි වූ ශ්‍රමණ ගෞතම තෙමේ අංග රටැ සැරි සරනුයේ, භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා චම්පාවට පැමිණියේ, චම්පා පුර සමීපයේ වූ ගර්‍ගරා නම් පොකුණ අද්දරැ වෙසෙයි. ‘ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුනට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ යි මෙසේ ඒ භවද් ගෞතමයා පිළිබඳ භද්‍ර වූ ගුණඝෝෂයෙක් උස් වැ නැංගේ ය. මොහු ඒ භවද් ගෞතමයා දක්නා පිණිස එහි යෙත්” යැ යි ක්‍ෂත්තෘ තෙම කී ය.
Pali BJT5. තෙන හි භො ඛත්තෙ, යෙන චම්පෙය්යකා බ්රාහ්මණගහපතිකා තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා චම්පෙය්යකෙ බ්රාහ්මණගහපතිකෙ එවං වදෙහි: “සොණදණ්ඩො භො බ්රාහ්මණො එවමාහ: ‘ආගමෙන්තු කිර භවන්තො සොණදණ්ඩො’පි බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී”ති.
Sinhala BJT5. “භවත් ක්‍ෂත්තෘව, එසේ වී නම්, ඒ චම්පාවාසී බමණූ ගැහැවියන් වෙත එළැඹ ඔවුනට “භවත්හු (මොහොතක්) බලා පොරොත්තු වෙත්වා. සෝණදණ්ඩ බමුණාත් ශ්‍රමණ ගෞතමයන් දක්නට එහි යන්නේයැ’ යි සැළ කරව” යි කී ය.
Pali BJT‘එවං භො’ති ඛො සො ඛත්තා සොණදණ්ඩස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙන චම්පෙය්යකා බ්රාහ්මණගහපතිකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා චම්පෙය්යකෙ බ්රාහ්මණගහපතිකෙ එතදවොච: “සොණදණ්ඩො භො බ්රාහ්මණො එවමාහ: “ආගමෙන්තු කිර භවන්තො, සොණදණ්ඩො’පි බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී”ති.
Sinhala BJT‘එසේ ය භවතැ’යි කියා ක්‍ෂත්තෘ තෙමේ සෝණදණ්ඩ බමුණාට පිළිවදන් දී, චම්පාවාසී ඒ බමුණු ගැහැවියන් කරා එළැඹ “භවත්නි, භවත්හු බලා පොරොත්තු වෙත් වා. සෝණදණ්ඩ බමුණු ද ශ්‍රමණ ගෞතමයා දක්නට එහි යන්නේ” යැ යි දැන්වී ය.
Pali BJT6. තෙන ඛො පන සමයෙන නානාවෙරජ්ජකානං බ්රාහ්මණානං පඤ්චමත්තානි බ්රාහ්මණසතානි චම්පායං පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන. අස්සොසුං ඛො තෙ බ්රාහ්මණා: ‘සොණදණ්ඩො කිර බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. අථ ඛො තෙ බ්රාහ්මණා යෙන සොණදණ්ඩො බ්රාහ්මණො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සොණදණ්ඩං බ්රාහ්මණං එතදවොචුං: ‘සච්චං කිර භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’?”ති
Sinhala BJT6. එ සමයෙහි වනාහි නොයෙක් විදෙසින් පැමිණි පන්සියක් පමණ බමුණෝ කිසි කටයුත්තක් පිණිස චම්පා නුවරැ වෙසෙත්. ඒ බමුණෝ ‘සෝණදණ්ඩ බමුණා මහණ ගොයුම්හු දක්නට යෙත් ලු’යි ඇසූහ. ඉක්බිති ඔහු සෝණදණ්ඩ බමුණා කරා ගියහ. ගොස් “භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නේ ල යනු සැබෑ ද?”යි විචාළහ.
Pali BJT“එවං ඛො මෙ භො හොති අහම්පි සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සාමී”ති.
Sinhala BJT“භවත්නි, (සැබෑ ය) ‘මමත් මහණ ගොයුමන් දක්නට යන්නෙමි’යි මට මෙසේ සිතෙක් වේ” යැ යි සෝණදණ්ඩ තෙමේ කී ය.
Pali BJT7. “මා භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමි. න අරහති භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සචෙ භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සති, භොතො සොණදණ්ඩස්ස යසො හායිස්සති සමණස්ස ගොතමස්ස යසො අභිවඩ්ඪිස්සති. යම්පි භොතො සොණදණ්ඩස්ස යසො හායිස්සති සමණස්ස ගොතමස්ස යසො අභිවඩ්ඪිස්සති. ඉමිනා පඞ්ගෙන න අරහති භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සමණො ත්වෙව ගොතමො අරහති භවන්තං සොණදණ්ඩං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT7. එ බස් අසා ඔහු කියන්නෝ, “භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට නො යේ වා. භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට නො නිසි වේ. ඉදින් භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නේ නම්, භවත් සෝණදණ්ඩයාගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමන්ගේ යශස් වැඩෙන්නේ ය, ‘භවත් සෝණදණ්ඩයාගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමන්ගේ යශස් වැඩෙන්නේ ය’ යන යමෙක් ඇද්ද මේ කරුණින් භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නා පිණිස එහි යන්නට නො නිසි ය. මහණ ගොයුමාණන් ම භවත් සෝණදණ්ඩයන් දකින්නට එනු නිසි ය.
Pali BJTභවං හි සොණදණ්ඩො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන.
Sinhala BJT‘භවත් සෝණදණ්ඩ තෙමේ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාත ය. සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තේ ය. ජාතිවාදයෙන් (කුල පිළිබඳ තෙප්ලෙන්) නොහෙළන ලද්දේ ය. නො ගරහන ලද්දේ ය.
Pali BJTයම්පි භවං සොණදණ්ඩො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. ඉමිනා පඞ්ගෙන න අරහති භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සමණො ත්වෙව ගොතමො අරහති භවන්තං සොණදණ්ඩං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ මවුපසින් ද පියපසින් ද යන දෙ පසින් මැ අභිජාත ය. සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියේ ය, ‘ජාතිවාදයෙන් ඉවත නො හෙළන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය’ යන යමෙක් ඇද්ද, මේ කරුණෙනුත් භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නට යනු නො වටී. මහණ ගොයුමන් ම භවත් සෝණදණ්ඩයා දක්නට එනු වටී.
Pali BJTභවං හි සොණදණ්ඩො අඩ්ඪො මහද්ධනො මහාභොගො -පෙ-.
Sinhala BJTතව ද භවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි ආඪ්‍ය ය, මහත් ධන ඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය ...
Pali BJTභවං හි සොණදණ්ඩො අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො -පෙ-.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ වූ කලී වේද හදාරන්නෙක. වේදයන් සිතැ ලා දරන්නෙක. නිඝණ්ටු කෛටභශාස්ත්‍ර සහිත, අක්‍ෂරප්‍රභේද (ශික්‍ෂා හා නිරුක්ති) සහිත, ඉතිහාසය පස්වනු කොටැති ත්‍රිවේදයන්ගේ පරතෙර පැමිණියෙක, පදපාඨ දන්නෙක. එයින් අන්‍ය සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක. ලොකායන ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්‍ෂණ ශාස්ත්‍රයෙහිත් නිපුණයෙක …
Pali BJTභවං හි සොණදණ්ඩො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී අක්ඛුද්දාවකාසො දස්සනාය -පෙ-.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි විශිෂ්‍ට රූපශෝභා ඇත්තෙක, දැකුම් කටයුතු ය, ප්‍රසාද එළවන සුලු ය, උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍විත ය, උතුම් රන්වන් පැහැත්තෙක, උතුම් ශරීරප්‍රභා ඇත්තෙක. (ආරෝහපරිණාහසම්පත්තියෙන් ද අවයවයන්ගේ පරිපූර්‍ණත්‍වයෙන් ද) සිරුරෙහි දැක්මට නොමඳ වූ අවකාශ ඇත්තෙක ...
Pali BJTභවං හි සොණදණ්ඩො සීලවා වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො -පෙ-.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය, වැඩුණු ශීලයෙන් යුක්ත ය ...
Pali BJTභවං හි සොණදණ්ඩො කල්යාණවාචො කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා -පෙ-.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ කලණ තෙපුල් ඇත්තේ, කලණ මිහිරි බස් කියන්නේ, නිදොස් වූ කෙලතොලු නොවූ, කී අරුත අඟවනු සමත් සිලිටි බසින් සමන්‍විත ය ...
Pali BJTභවං හි සොණදණ්ඩො බහුන්නං ආචරියපාචරියො තීණි මාණවකසතානි මන්තෙ වාචෙති. බහූ ඛො පන නානාදිසා නානාජනපදා මාණවකා ආගච්ඡන්ති භොතො සොණදණ්ඩස්ස සන්තිකෙ මන්තත්ථිකා මන්තෙ අධීයිතුකාමා -පෙ-.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ බොහෝ දෙනාට ආචාර්‍ය්‍ය ද ප්‍රාචාර්‍ය ද වූයේ, තුන්සියක් මාණවකයනට වේදයන් කියවයි. වේදයන් ප්‍රයෝජන කොටැති, වේද හදාරනු කැමැති බොහෝ මාණවකයෝ නන් දෙසින් නන්රටින් භවත් සෝණදණ්ඩයා වෙත එත් ...
Pali BJTභවං හි සොණදණ්ඩො ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. සමණො ගොතමො තරුණො චෙව තරුණපබ්බජිතො ච -පෙ-.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි ජරාජීර්‍ණ ය, වයෝවෘද්ධ ය, මහලු ය, බොහෝ කල් ඉක්මැවූයෙක, පැසිම් වයසට පැමිණියෙක. මහණ ගොයුම් තෙමේ තරුණ ද වේ. තරුණ පැවිද්දෙක් ද වේ ...
Pali BJTභවං හි සොණදණ්ඩො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ-.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි මගධාධිපති සේනිය බිම්බිසාර රජහු විසින් සත්කාර කරන ලද්දෙක, ගුරුකාර කරන ලද්දෙක, බුහුමන් කරන ලද්දෙක, පුදන ලද්දෙක, යටත් පැවැතුම් දක්වන ලද්දෙක ...
Pali BJTභවං හි සොණදණ්ඩො බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ-.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වේ ...
Pali BJTභවං හි සොණදණ්ඩො චම්පං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි බහුජනාකීර්‍ණ, තණ දඬු දිය යන මෙයින් යුක්ත, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් ස්‍වකීය පරිභෝග වස්තු වූ, රජුගේ දායාද්‍ය වූ, සේනිය බිම්බිසාර මහරජුහු දුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ චම්පානුවරට අධිපති වැ වෙසෙයි.
Pali BJTයම්පි භවං සොණදණ්ඩො චම්පං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං, ඉමිනාපඞ්ගෙන න අරහති භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සමණො ත්වෙව ගොතමො අරහති භවන්තං සොණදණ්ඩං දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJTභවත් සෝණදණ්ඩ තෙමේ බහුජනාකීර්‍ණ ... චම්පානුවරට අධිපති වැ වෙසේ ය යන යම් කරුණෙක් ඇද්ද, මේ කරුණිනුත් භවත් සෝණදණ්ඩ තෙම මහණ ගොයුම්හු දක්නට යනු නොනිසි ය. මහණ ගොයුම් තෙමේ ම භවත් සෝණදණ්ඩයා දක්නට එනු සුදුසු යැ”සි කීහ.
Pali BJT8. එවං වුත්තෙ සොණදණ්ඩො බ්රාහ්මණො තෙ බ්රාහ්මණෙ එතදවොච: තෙන හි භො මමපි සුණාථ, යථා මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං නත්වෙව අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං. සමණො ඛලු භො ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන.
Sinhala BJT8. මෙසේ කී කල්හි සෝණදණ්ඩ බමුණු තෙමේ ඒ බමුණනට කියනුයේ, “භවත්නි, එසේ වී නම් ඒ භවද්ගෞතමයන් අප දක්නට ඊම නොවැ අප ම ඔබ දක්නට යනු සුදුසු බවට මා කියන බස් ද අසවු: ‘භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාතයහ, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෝ ය. ජාතිවාදයෙන් නො හෙළන ලද්දෝ ය, නො ගරහන ලද්දෝ ය.’
Pali BJTයම්පි භො සමණො ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, ඉමිනාපඞ්ගෙන න අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං. අථ ඛො මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT‘මහණ ගොයුම්හු මවුපසින් ද පියපසින් ද යන දෙපසින් ම අභිජාතයහ … නොගරහන ලද්දෝ ය’ යන යමෙක් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ. වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
Pali BJTසමණො ඛලු භො ගොතමො මහන්තං ඤාතිසඞ්ඝං ඔහාය පබ්බජිතො .....
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහත් නෑමුළුව පියා පැවිදි වූවෝය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො පහූතං හිරඤ්ඤසුවණ්ණං ඔහාය පබ්බජිතො භූමිගතඤ්ච වෙහාසට්ඨඤ්ච .....
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි පොළොව යට ද පොළොව මත්තෙහි ද වූ මහත් හිරණ්‍යස්‍වර්‍ණ හැරැ පියා පැවිදි වූවෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො දහරො’ව සමානො යුවා සුසු කාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අගාරස්මා අනගාරියං පබ්බජිතො .....
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි සොඳුරු යොවුනෙන්, (තුන් වයසින්) පළමු වයසින් යුත් වූවෝ ම, තරුණ වූවෝ ම, මනා කළු කෙහෙ ඇති වැ යොවුන් වියෙහි සිටියෝ ම ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට වන්නෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො .....
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි මවුපියන් ඔබ පැවිදි වනුවට නොකැමැති වැ කඳුළු පිරුණු මුහුණු ඇති වැ හඬද්දී එය නොතකා කෙහෙ රවුළු බා දමා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට වන්නෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී අක්ඛුද්දාවකාසො දස්සනාය .....
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි විශිෂ්‍ට රූප සම්පත් ඇත්තෝ ය, දැකුම් කටයුතු හ, ප්‍රසාදජනක හ, උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍විත හ, බඹහු සේ උතුම් රන් පැහැ ඇත්තෝ ය, උත්තම ශරීරප්‍රඟා ඇත්තෝ ය, සිය සිරුරෙඟි දැක්මට නොමඳ වූ අවකාශ ඇත්තෝ ය ...