Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5101-5110 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉමෙ දස ධම්මා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTමේ අභිඥෙය (වෙසෙසි නුවණින් දත යුතු) ධර්‍ම දශය යැ.
Pali BJTකතමෙ දස ධම්මා සච්ඡිකාතබ්බා? දස අසෙක්ඛා ධම්මා: අසෙක්ඛා සම්මාදිට්ඨි, අසෙක්ඛො සම්මාසඞ්කප්පො, අසෙක්ඛා සම්මාවාචා, අසෙක්ඛො සම්මාකම්මන්තො, අසෙක්ඛො සම්මාආජීවො, අසෙක්ඛො සම්මාවායාමො, අසෙක්ඛා සම්මාසති, අසෙක්ඛො සම්මාසමාධි, අසෙක්ඛං සම්මාඤාණං, අසෙක්ඛා සම්මාවිමුත්ති.
Sinhala BJTසාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම දශය කවර යැ? අශෛක්‍ෂ සම්‍යග්දෘෂ්ටිය, අශෛක්‍ෂ සම්‍යක්සඞ්කල්පය, අශෛක්‍ෂ සම්‍යග්වචනය, අශෛක්‍ෂ සම්‍යක්කර්‍මාන්තය, අශෛක්‍ෂ සම්‍යගාජීවය, අශෛක්‍ෂ සම්‍යග්ව්‍යායාමය, අශෛක්‍ෂ සම්‍යක්ස්මෘතිය, අශෛක්‍ෂ සම්‍යක්සමාධිය, අශෛක්‍ෂ සම්‍යග්ඥානය, අශෛක්‍ෂ සම්‍යග්විමුක්තිය යන අශෛක්‍ෂ ධර්‍ම දශය යැ.
Pali BJTඉමෙ දස ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJTමේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම දශය යැ.
Pali BJTඉති ඉමෙ සත ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා’ති.
Sinhala BJTමෙසේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ මේ සියයෙක් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට ඥානයෙන් දැනගන්නා ලදුහ”.
Pali BJTඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මෙය වදාළහ. ආරාධිත සිත් ඇති ඒ මහණහු ආයුෂ්මත් ශාරිපුත්‍රයන්ගේ වචනය මැනැවැ යි පිළිගත්හ.
Pali BJTදසුත්තරසුත්තං නිට්ඨිතං එකාදසමං.
Sinhala BJTඑකොළොස්වන දශෝත්තර සූත්‍රය නිමියේ යැ.
Pali BJTපාථිකවග්ගො{1} නිට්ඨිතො.
Sinhala BJTපාථිකවර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTමේ එහි උද්දානය යැ:
Pali BJTපාටිකො ච උදුම්බරං{2} චක්කවත්තී අග්ගඤ්ඤකං සම්පසාදං ච පාසාදං{3} මහාපුරිසලක්ඛණං සිගාලාටානාටියකං{4} සඞ්ගීති ච දසුත්තරං එකාදසහි සුත්තෙහි පාථිකවග්ගො’ති වුච්චති.
Sinhala BJTපාථික සූත්‍රය ද උදුම්බර සූත්‍රය ද චක්‍රවර්ති සූත්‍රය ද අග්ගඤ්ඤ සූත්‍රය ද සම්ප්‍රසාදන සූත්‍රය ද පාසාදික සූත්‍රය ද මහාපුරුෂලක්‍ෂණ සූත්‍රය ද ගෘගාලසූත්‍රය ද ආටානාටියක සූත්‍රය සඞ්ගීති සූත්‍රය ද දශෝත්තර සූත්‍රය ද යන එකොළොස් සූත්‍රයන් කරණ කොට ගෙන පාථිකවර්‍ගය යැයි කියනු ලැබේ.
Pali BJTනිට්ඨිතො දීඝනිකායො.
Sinhala BJTදික්සඟිය නිමියේ යි .