Pali BJTපුන චපරං ආවුසො -පෙ- පෙත්තිවිසයං උපපන්නො හොති. අයං තතියො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි … ප්‍රේතලෝකයට (උත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ තෙවෙනි අක්‍ෂණ යැ.
Pali BJTපුන චපරං ආවුසො -පෙ- දීඝායුකං දෙවනිකායං උපපන්නො හොති. අයං චතුත්ථො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, … දීර්‍ඝායුෂ්ක දේව නිකායයකට (උත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ සතර වන අක්‍ෂණය යැ.
Pali BJTපුන චපරං ආවුසො -පෙ- පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති මිලක්ඛෙසු අවිඤ්ඤාතාරෙසු යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. අයං පඤ්චමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, … මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හැසිරීමක් නැති, පව් පින් නොදන්නා ජනයා ඇති, ප්‍රත්‍යන්ත ම්ලෙච්ඡ ජනපද අතුරෙන් එකෙක උපන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ පස්වන අක්‍ෂණය යැ.
Pali BJTපුන චපරං ආවුසො -පෙ- අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො ‘නත්ථි දින්නං, නත්ථි දිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. අයං ඡට්ඨො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, … මේ පුඟුල් තෙමේ ද මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ වෙයි. හේ ද ‘දුන් දැයෙහි පල නැත, යාගයෙහි මහදන්හි පල නැත. පූජායෙහි පල නැත. කසුලාකුසල කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙ ලොව නැත, පරලොව නැත, මවට කළ සත්කාරයෙහි පල නැත, පියාට කළ සත්කාරයෙහි පල නැත, උපපාදුක (කම් වූ පරිදි මැරී උපදනා) සත්‍වයෝ නැත, මෙලොව ද පර ලොව ද වෙසෙසින් දැන, පසක් කොට පවසන, නොවැරැදි මඟින් ගිය, නොවැරැදි මඟ පිළිපන් මහණ බමුණු කෙනෙක් ලොවැ නැතැ’ යි පෙරැළුණු දෘෂ්ටි ඇති, මිසදිටුවෙක් වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ සවන අක්‍ෂණය යැ.
Pali BJTපුන චපරං ආවුසො -පෙ- අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති දුප්පඤ්ඤො ජළො එළමූගො න පටිබලො සුභාසිතදුබ්භාසිතානං අත්ථමඤ්ඤාතුං. අයං සත්තමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, … මේ පුඟුල් තෙමේ ද මැදුම් දනව්වෙක උපන්නේ වෙයි. හේ ද නුවණ නැති, ජඩ වූ කෙළතොලු වූ, මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට ප්‍රතිබල නො වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ සත්වන අක්‍ෂණය යැ.
Pali BJTපුන චපරං ආවුසො ධම්මො ච න දෙසීයති -පෙ- අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිතදුබ්භාසිතානං අත්ථමඤ්ඤාතුං. අයං අට්ඨමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය. අයං අට්ඨමො අක්ඛමො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි ... ධර්‍මය ද නො දෙසනු ලැබෙයි. මේ පුඟුල් තෙමේ ද මැදුම් දනවුහි උපන්නේ වෙයි. හෙ තෙමේ නුවණ ඇත්තේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, මොනවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට සමර්‍ත්‍ථ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ අට වන අක්‍ෂණය යැ.
Pali BJTඉමෙ අට්ඨ ධම්මා දුප්පටිවිජ්ඣා.
Sinhala BJTමේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම අට යැ.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා උප්පාදෙතබ්බා? අට්ඨ මහාපුරිසවිතක්කා: අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස.
Sinhala BJTඋත්පාදයිතව්‍ය ධර්‍ම අට කවර යැ? මහාපුරුෂ විතර්‍ක අට යැ මේ ධර්‍මය අල්පේච්ඡයාට යැ, මේ ධර්‍මය මහේච්ඡයාට නො වේ.
Pali BJTසන්තුට්ඨස්සායං ධම්මො නායං ධම්මො අසන්තුට්ඨස්ස.
Sinhala BJTමේ ධර්‍මය සන්තුෂ්ටයාට (ලද දැයින් සතුටු වන්නාට) යැ, මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වේ.
Pali BJTපවිවිත්තස්සායං ධම්මො නායං ධම්මො සඞ්ගණිකාරාමස්ස.
Sinhala BJTමේ ධර්‍මය ප්‍රවිවික්තයාට යැ, මේ ධර්‍මය ගණසඞ්ගණිකාහි ක්ලේශසඞ්ගණිකාහි ඇලුණහුට නො වේ.
Pali BJTආරද්ධවිරියස්සායං ධම්මො නායං ධම්මො කුසීතස්ස.
Sinhala BJTමේ ධර්‍මය කළ වීර්‍ය්‍යාරම්භ ඇත්තාහට ය. මෙ ධර්‍මය කුශීදයාට නො වේ.
Pali BJTඋපට්ඨිතසතිස්සායං ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්ස.
Sinhala BJTමේ ධර්‍මය එළැඹැ සිටි සිහි ඇත්තාහට ය, මෙ ධර්‍මය නටුවා වූ සිහි ඇත්තහුට නො වේ.
Pali BJTසමාහිතස්සායං ධම්මො නායං ධම්මො අසමාහිතස්ස.
Sinhala BJTමේ ධර්‍මය එකඟ සිතැත්තාහට යැ, මේ ධර්‍මය නොඑකඟ සිතැත්තහුට නො වේ.
Pali BJTපඤ්ඤවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස.
Sinhala BJTමේ ධර්‍මය කර්‍මස්වකතා ප්‍රඥාව ඇත්තාට ය, මේ ධර්‍මය කර්‍මස්වකතා ප්‍රඥාව නැත්තහුට නො වේ.
Pali BJTනිප්පපඤ්චස්සායං ධම්මො නායං ධම්මො පපඤ්චාරාමස්ස
Sinhala BJTමේ ධර්‍මය මානාදි ප්‍රපඤ්ච නැත්තහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයන් ආරාම කොට ඇත්තාහට නො වේ.
Pali BJTනිප්පපඤ්චරතිනොඅයං ධම්මො නායං ධම්මො පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො’ති
Sinhala BJTමේ ධර්‍මය ප්‍රපඤ්ඡයන්හි ඇලුම් නැත්තාහට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයන්හි ඇලුම් ඇතියාහට නො වේ.
Pali BJTඉමෙ අට්ඨ ධම්මා උප්පාදෙතබ්බා.
Sinhala BJTමේ උත්පාදයිතව්‍ය ධර්‍ම අට යැ.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා අභිඤ්ඤෙය්යා? අට්ඨ අභිභායතනානි: අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං.
Sinhala BJTඅභිඥෙය ධර්‍ම අට කවර යැ? අභිභායතන අට යැ: එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම වශයෙන් රූපසංඥා ඇත්තේ, පිටත්හි සුවර්‍ණ හෝ දුර්වර්‍ණ හෝ පරිත්‍රාලබම්බන වූ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු වන අභිභායතන යැ.
Pali BJTඅජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ, පිටත්හි අප්‍රමාණ වූ සුවර්‍ණ හෝ දුර්වර්‍ණ නිමිත්ත රූපයන් දකී. ඒ රූප මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිභායතනය යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්‍ම සංඥා නැත්තේ, පිටත්හි වූ සුවර්‍ණ හෝ දුවර්‍ණ වූ පරිත්‍රාලම්බන වූ පරිකර්‍ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණ මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිභායතනය යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූපසංඥා නැත්තේ, පිටත්හි වූ අප්‍රමාණ සුවර්‍ණ දුර්වර්‍ණ රූපයන් දකී. ඒ රූප අබිබවා ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිභායතන යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්යථාපි නාම උමාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං. සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම සංඥා නැත්තේ, නිල් වූ, නිල වන් වූ, නිල් දැකුම් ඇති, නිල් පැහැති, බාහිරයෙහි වූ රූප දකී. නිල් වූ නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල් පැහැති දියමෙරලිය මලෙක් යම්සේ වේ ද, නිල් වූ, නිල්වන් වූ, නිල්දැකුම් ඇති, නිල්පැහැති දෙ පිට ම මට සිලිටි වූ කසීවතෙක් යම්සේ වේ ද, එසේ ම නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල්පැහැති, බාහිර කසිණාලම්බන රූපයන් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ දකී, ඒ රූප අබිබවා, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පස් වන අභිභායතනය යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති. පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවංසඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම සංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති බාහිර වූ පීතවර්‍ණ රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන් පැහැති, බාහිර වූ පීතවර්‍ණ වූ කිණිහිරි මලෙක් යම්බඳු වේ ද, දෙ පිට මට සිලිටි වූ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන් පැහැති, පීතවර්‍ණ කසීවතෙක් හෝ යම්බඳු වේ ද, එසේ ම අධ්‍යාත්මයෙහි රූපසංඥා නැති එකෙක් රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන් පැහැති, බාහිර පීතකසිණ රූපයන් දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි, ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි - සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවංසඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති රත් පැහැ වූ බඳුවද මලෙක් යම්සේ වේ ද, දෙපසැ මට සිලිටි වූ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බාහිර රූපයන්, අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැති එකෙක් දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභායතනය යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි - සෙය්යථාපි නාම ඔසධී තාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං, එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදු පැහැති බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති, ඔෂධී තාරකාව යම්සේ වේ ද, එසේ ම සුදු වූ සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති කසී වතෙක් යම්සේ වේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ සුදු වූ, සුදුවන් වූ, සුදු දැකුම් ඇති, සුදු පැහැ වූ, බාහිර කසිණ රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ අටවන අභිභායතනය යැ.
Pali BJTඉමෙ අට්ඨ ධම්මා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTමේ අභිඥෙය ධර්‍ම අට යැ.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා සච්ඡිකාතබ්බා? අට්ඨ විමොක්ඛා: රූපී රූපානි පස්සති. අයං පඨමො විමොක්ඛො.
Sinhala BJTසාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම අට කවර යැ? විමෝක්‍ෂ අට යැ: රූපධ්‍යාන ඇත්තේ, නීලකසිණරූපාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමු වන විමෝක්‍ෂය යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති. අයං දුතියො විමොක්ඛො.
Sinhala BJTඅධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමෝක්‍ෂය යැ.
Pali BJTසුභන්තෙව අධිමුත්තො හොති. අයං තතියො විමොක්ඛො.
Sinhala BJTදහන් ඇසින් පිරිසිදු කසිණ අරමුණු දක්නේ, ‘ශුභ යැ’ යි ම එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමෝක්‍ෂය යැ.
Pali BJTසබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථො විමොක්ඛො.
Sinhala BJTසර්‍ව ප්‍රකාරයෙන් රූපසංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා පහ වැ යෑමෙන් නානාත්‍වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ‘අහස අනන්තයැ’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සතර වන විමෝක්‍ෂය යැ.
Pali BJTසබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමො විමොක්ඛො.
Sinhala BJTසර්‍ව ප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්තයැ’ යි විඤ්ඤ්ණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂය යැ.
Pali BJTසබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨො විමොක්ඛො.
Sinhala BJTසර්‍ව ප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂය යැ.
Pali BJTසබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො.
Sinhala BJTසර්‍ව ප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂය යැ.
Pali BJTසබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමො විමොක්ඛො.
Sinhala BJTසර්‍ව ප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට (නිරෝධසමාපත්තියට) පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂය යැ.
Pali BJTඉමෙ අට්ඨ ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJTමේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම අට යැ.
Pali BJTඉති ඉමෙ අසීති ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
Sinhala BJTමෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ අසූවෙක් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට නුවණින් දැනගන්නා ලදුහ.
Pali BJTනව ධම්මා
Sinhala BJTනවකය
Pali BJT10. නව ධම්මා බහුකාරා. නව ධම්මා භාවෙතබ්බා. නව ධම්මා පරිඤ්ඤෙය්යා. නව ධම්මා පහාතබ්බා. නව ධම්මා හානභාගියා. නව ධම්මා විසෙසභාගියා. නව ධම්මා දුප්පටිවිජ්ඣා. නව ධම්මා උප්පාදෙතබ්බා. නව ධම්මා අභිඤ්ඤෙය්යා. නව ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJT10. බහූපකාර ධර්‍ම නවයෙක, භාවයිතව්‍ය ධර්‍ම නවයෙක, පරිඥේය ධර්‍ම නවයෙක, ප්‍රහාතව්‍ය ධර්‍ම නවයෙක, හානභාගික ධර්‍ම නවයෙක, විශේෂභාගික ධර්‍ම නවයෙක, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම නවයෙක උත්පාදයිතව්‍ය ධර්‍ම නවයෙක, අභිඥෙය ධර්‍ම නවයෙක, සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම නවයෙක.
Pali BJTකතමෙ නව ධම්මා බහුකාරා? නව යොනිසොමනසිකාරමූලකා ධම්මා: යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙ චිත්තෙ යථාභූතං ජානාති. යථාභූතං ජානං පස්සං නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. ඉමෙ නව ධම්මා බහුකාරා.
Sinhala BJTබහූපකාර ධර්‍ම නවය කවර යැ? යෝනිසෝමනස්කාරය මුල් කොටැති ධර්‍ම නවය යැ: නිවැරැදි මගින් (ධර්‍මයන්) මෙනෙහි කරන්නහුට ප්‍රමෝදය (සතුට) උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංසිඳේ. සංසුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත සමාධි ගත වේ (අරමුණෙහි එකඟ වේ.) සිත එකඟවූ කල්හි තතු වූ පරිදි දනී. තතු වූ පරිදි දන්නේ දක්නේ (සංස්කාරයන්හි) කලකිරෙයි. කලකිරෙන්නේ (සංස්කාරයන්හි) නො ඇලෙයි. නො ඇලීම් හෙයින් (සංස්කාරයන් කෙරෙන්) මිදෙයි. මේ බහූපකාර ධර්‍ම නවය යැ.
Pali BJTකතමෙ නව ධම්මා භාවෙතබ්බා? නව පාරිසුද්ධිපධානියඞ්ගානි: සීලවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, චිත්තවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, දිට්ඨිවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, කඞ්ඛාවිතරණවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, පටිපදාඤාණදස්සනවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, ඤාණදස්සනවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, පඤ්ඤාවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං, විමුත්තිවිසුද්ධි පාරිසුද්ධිපධානියඞ්ගං. ඉමෙ නව ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTභාවයිතව්‍ය ධර්‍ම නවය කවර යැ? පාරිසුද්ධි පධානියඞ්ග (පිරිසිදු බවේ ප්‍රධාන අවයව) නවය යැ: ශීල විශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, චිත්තවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, දෘෂ්ටිවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, කාංක්‍ෂාවිතරණවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, ප්‍රතිපද්ඥානදර්‍ශනවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, ඥානදර්‍ශනවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, ප්‍රඥාවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, විමුක්තිවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක. මේ භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්‍ම නවය යැ.
Pali BJTකතමෙ නව ධම්මා පරිඤ්ඤෙය්යා? නව සත්තාවාසා: සන්තාවුසො සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමො සත්තාවාසො.
Sinhala BJTපරිඥේය ධර්‍ම නවය කවර යැ? සත්‍වාවාස නවය යැ: ඇවැත්නි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සේ කයැ වෙනස් බව ඇති, ප්‍රතිසන්‍ධිසංඥායෙහි ද වෙනස් බව ඇති, සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, කල්පාරම්භ සමයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියන් සේ කයින් වෙනස් වූ ප්‍රතිසන්‍ධිසංඥායෙන් සමාන වූ සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, ආභස්සර දෙවියන් සේ වූ කයැ සමාන බව් ඇති, ප්‍රතිසන්‍ධිසංඥායෙහි වෙනස් බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ තෙවෙනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි ශුභකෘත්ස්නක දෙවියන් සේ කයැ සමාන බව් ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවේ ද සමාන බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සිවුවැනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො සත්තා අසඤ්ඤිනො අප්පටිසංවෙදිනො, සෙය්යථාපි දෙවා අසඤ්ඤසත්තා. අයං පඤ්චමො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, අසංඥසත්‍ව දෙවියන් සේ ප්‍රතිසන්‍ධි සංඥාව නැති, විඳුම් නැති සත්‍ව කෙනෙක් ඇත. මේ පස්වැනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා, පටිඝසඤ්ඤානං අත්ථංගමා, නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං ඡට්ඨො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, හැම සැටියෙන් ම රූපසංඥාවන් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් අතුරුදහන් වීමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි සමාධි වඩා ආකාසානඤ්චායතනට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං සත්තමො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, හැම අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්ත යැ’ යි සමාධි වඩා, විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං අට්ඨමො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, හැම අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි සමාධි වඩා, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත, මේ අටවැනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා. අයං නවමො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, හැම අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ නවවැනි සත්‍වාවාසය යැ
Pali BJTඉමෙ නව ධම්මා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTමේ පරිඥේය (පිරිසිඳ දත යුතු) ධර්‍ම නවය යැ.
Pali BJTකතමෙ නව ධම්මා පහාතබ්බා? නව තණ්හාමූලකා ධම්මා: තණ්හං පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො, ආරක්ඛාධිකරණං පටිච්ච{1} දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා, අනෙකෙ පාපකා අකුසලා ධම්මා සංවත්තන්ති. ඉමෙ නව ධම්මා පහාතබ්බා.
Sinhala BJTප්‍රහාතව්‍ය ධර්‍ම නවය කවර යැ? තෘෂ්ණාමූලක (තෘෂ්ණාව මුල් කොට ඇති) ධර්‍ම නවය යැ: තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ගෙන පර්‍ය්‍යෙෂණය (චීවරාදි පසය සෙවීම) වේ. පර්‍ය්‍යෙෂණය ප්‍රත්‍යය කොට ගෙන (චීවරාදි පසය) ලැබීම වේ. පසය ලැබීම ප්‍රත්‍යය කොට ගෙන විනිශ්චයය (විතර්‍කණය) වේ. විනිශ්චයය ප්‍රත්‍යය කොට ගෙන ඡන්‍ද රාගය (දුර්‍වල වූ ද මහත් වූ ද තෘෂ්ණා) වේ. ඡන්‍දරාගය ප්‍රත්‍යය කොට ගෙන අධ්‍යවසානය (මම යැ යි බලවත් සනිටුහන) වේ. අධ්‍යවසානය ප්‍රතයය කොට ගෙන පරිග්‍රහය (අත් කරැගැන්ම) වේ. පරිග්‍රහය ප්‍රත්‍යය කොට ගෙන මාත්සර්‍ය්‍යය (මසුරුබව) වේ. මාත්සර්‍ය්‍යය ප්‍රත්‍යය කොට ගෙන ආරක්‍ෂණය (ලත් දැය රැක ගැන්ම) වේ. ආරක්‍ෂාධිකරණය (රකවල් කිරීම) ප්‍රත්‍යය කොට ගෙන දඬු ගැනුම් අවි ගැනුම් කලහ භේද විවාද ගැරහුම් කේලාම් කීම් මුසවා බිණුම් ද නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ ද පවතිත්. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම නවය යැ.
Pali BJTකතමෙ නව ධම්මා හානභාගියා? නව ආඝාතවත්ථූනි: අනත්ථං මෙ අචරීති ආඝාතං බන්ධති, අනත්ථං මෙ චරතීති ආඝාතං බන්ධති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතං බන්ධති, පියස්ස මෙ මනාපස්ස අනත්ථුං අචරී’ති -පෙ- අනත්ථුං චරතීති -පෙ- අනත්ථුං චරිස්සතීති ආඝාතං බන්ධති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරී’ති -පෙ- අත්ථං චරතී’ති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති. ඉමෙ නව ධම්මා හානභාගියා.
Sinhala BJTහානභාගික ධර්‍ම නවය කවරැ යැ? නව ආඝාත වස්තු යැ: මට පෙරැ අනර්‍ත්‍ථ කළැ යි වෙර බඳී, මට දැන් අනර්‍ත්‍ථ කරතැයි වෙර බඳී. මට මතු අනර්‍ත්‍ථ කරතැයි වෙර බඳී. මගේ ප්‍රිය මනාප තැනැත්තහුට අනර්‍ත්‍ථ කළැයි … දැන් අනර්‍ත්‍ථ කරතැ යි … මතු අනර්‍ත්‍ථ කරතැ යි වෙර බඳී. මට අප්‍රිය වූ අමනාප වූ තැනැත්තහුට අර්‍ත්‍ථ (වැඩ) සිදු කළැ යි … දැන් වැඩ සිදු කරතැ යි … මතු වැඩ කර සිදු කරතැ යි වෙර බඳී. මේ හානභාගික ධර්‍ම නවය යැ.
Pali BJTකතමෙ නව ධම්මා විසෙසභාගියා? නව ආඝාතපටිවිනයා. අනත්ථං මෙ අචරීති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අනත්ථං මෙ චරතීති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අනත්ථං මෙ චරිස්සතීති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති, පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරීති -පෙ- අනත්ථං චරතී’ති -පෙ- අනත්ථං චරිස්සතීති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරී’ති -පෙ- අත්ථං චරතී’ති -පෙ- අත්ථං චරිස්සති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති. ඉමෙ නව ධම්මා විසෙසභාගියා.
Sinhala BJTවිශේෂ භාගික ධර්‍ම නවය කවර යැ? ආඝාත ප්‍රතිවිනය (වෙර සංසිඳු වන කරුණු) නවය යැ: මට අවැඩ කෙළේ ය යන එය කොයින් ලැබේ දැ යි (සලකා) වෙර දුරැ ලයි. දැන් මට අවැඩ කරතැ යි යන එය කොයින් ලැබේ දැ යි වෙර දුරැ ලයි. මතු මට අවැඩ කරතැයි යන එය කොයින් ලැබේදැ යි වෙර දුරැලයි. මගේ ප්‍රිය මනාප තැනැත්තහුට අවැඩ කෙළේ ය යන එය කොයින් ලැබේ දැ යි වෙර දුරැලයි. මගේ ප්‍රිය මනාප තැනැත්තහුට දැන් අවැඩ කරතැ යි … මතු අවැඩ කරතැ යි … මට අප්‍රිය අමනාප තැනැත්තහුට වැඩ සිදු කෙළේ යැ යි … මට අප්‍රිය අමනාප තැනැත්තහුට දැන් වැඩ සිදු කරතැ යි … මට අප්‍රිය අමනාප තැනැත්තහුට මතු වැඩ සිදු කරතැ යි යන එය කොයින් ලැබේ දැ යි වෙර දුරැ ලයි. මේ විශේෂභාගික ධර්‍ම නවය යැ.
Pali BJTකතමෙ නව ධම්මා දුප්පටිවිජ්ඣා? නව නානත්තා: ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තං, වෙදනානානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සඞ්කප්පනානත්තං, සඞ්කප්පනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං, ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං, පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං, පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති ලාභනානත්තං. ලාභනානත්තං පටිච්ච උප්පජ්ජති මඤ්ඤනානානත්තං, ඉමෙ නව ධම්මා දුප්පටිවිජ්ඣා.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍ය (දුක සේ පිළිවිද්ද යුතු) ධර්‍ම නවය කවර යැ? නානාත්‍ව නවය යැ: (චක්‍ෂුර්ධාත්‍වාදි) ධාතූන්ගේ නානාත්‍වය නිසා (චක්‍ෂු ස්පර්‍ශාදි) ස්පර්‍ශනානාත්‍වය උපදී. (චක්‍ෂුඃ ස්පර්‍ශාදි) ස්පර්‍ශ නානාත්‍වය නිසා (චක්‍ෂුඃස්පර්‍ශජවේදනාදී) වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා (කාමසංඥාදී) සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා (කාමසඞ්කල්පනාදි) සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා (රූපයෙහි ඡන්‍දය, ශබ්දයෙහි ඡන්‍දය යන ආදි විසින්) ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා (රූපපරිදාහ ශබ්දපරිදාහාදි) පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා (රූපපර්‍ය්‍යෙෂණ ශබ්දපර්‍ය්‍යෙෂණාදි) පර්‍ය්‍යෙෂණ නානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා (රූපප්‍රතිලාභ ශබ්ද ප්‍රතිලාභාදි) ලාභනානාත්‍වය උපදී. ලාභනානාත්‍වය නිසා (රූප මඤ්ඤනා සද්දමඤ්ඤනාදි) මඤ්ඤනාවන්ගේ නානාත්‍වය උපදී. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම නවය යැ.
Pali BJTකතමෙ නව ධම්මා උප්පාදෙතබ්බා? නව සඤ්ඤා: අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙපටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතිසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහාණසඤ්ඤා, විරාගසඤ්ඤා. ඉමෙ නව ධම්මා උප්පාදෙතබ්බා.
Sinhala BJTඋත්පාදයිතව්‍ය ධර්‍ම නවය කවර යැ? අශුභසංඥාව, මරණසංඥාව, ආහාරය කෙරෙහි ප්‍රතිකූලසංඥාව, සියලු ලොව කෙරෙහි අනභිරත (කලකිරුණු) සංඥාව, අනිත්‍යසංඥාව, අනිත්‍යයෙහි දුඃඛසංඥාව, දුකෙහි අනාත්මසංඥාව, ප්‍රහාණ සංඥාව, විරාගසංඥාව යන නව සංඥා යැ. මේ ඉපැදැවියැ යුතු සංඥා නවය යැ.
Pali BJTකතමෙ නව ධම්මා අභිඤ්ඤෙය්යා? නව අනුපුබ්බවිහාරා: ඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමො නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. ඉමෙ නව ධම්මා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTඅභිඥෙය ධර්‍ම නවය කවර යැ? අනුපූර්‍වවිහාර නවය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුඛවේදනාව ඇති, ප්‍රථම ධ්‍යානය ලැබ වෙසෙයි … ද්විතීය ධ්‍යානය ලැබ වෙසෙයි, … තෘතීය ධ්‍යානය ලැබ වෙසෙයි, … චතුර්‍ත්‍ථධ්‍යානය ලැබ වෙසෙයි. … හැම ලෙසින් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වීමෙන්, නානාත්‍වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තයැ’ යි (සමාධි වඩා) ආකාශානඤ්චායතනය ලබා වෙසෙයි. හැම ලෙසින් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්තයැ’ යි (සමාධි වඩා) විඤ්ඤාණඤ්චායතන ය ලැබ වෙසෙයි. හැම ලෙසින් විඤ්ඤාණඤ්චායතන ඉක්මැ ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය ලැබ වෙසෙයි. හැම ලෙසින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ලැබ වෙසෙයි. හැම ලෙසින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තිය ලැබ වෙසෙයි. මේ අභිඥෙය (වෙසෙසා දත යුතු) ධර්‍ම නවය යැ.
Pali BJTකතමෙ නව ධම්මා සච්ඡිකාතබ්බා? නව අනුපුබ්බනිරොධා: පඨමං ඣානං සමාපන්නස්ස කාමසඤ්ඤා නිරුද්ධා හොති, දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්ති, තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හොති, චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාස්සා නිරුද්ධා හොන්ති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හොති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හොති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති. ඉමෙ නව ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJTසාක්‍ෂාත්කර්‍ත්‍ය ධර්‍ම නවය කවර යැ? අනුපූර්‍ව නිරෝධ නවය යැ: ප්‍රථම ධ්‍යානායට සමවන්නහුගේ කාමසංඥාව නිරුද්ධ වෙයි, ද්වීතිය ධ්‍යානයට සමවන්නහුගේ විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුගේ ප්‍රීතිය නිරුද්ධ වෙයි. චතුර්‍ත්‍ථ ධ්‍යානයට සමවන්නහුගේ ආශ්වාසප්‍රාශ්වාසයෝ නිරුද්ධ වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුගේ රූපසංඥාව නිරුද්ධ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුගේ ආකාසානඤ්චායතනසඤ්ඤාව නිරුද්ධ වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුගේ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාව නිරුද්ධ වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුගේ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාව නිරුද්ධ වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුගේ සංඥාත් වේදනාත් නිරුද්ධ වෙත්. මේ සාක්‍ෂාත් කටයුතු ධර්‍ම නවය යැ.
Pali BJTඉති ඉමෙ නවුතී ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
Sinhala BJTමෙසේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ මේ අනූවෙක් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට නුවණින් දැනගන්නා ලදුහ.
Pali BJTදස ධම්මා
Sinhala BJTදශකය
Pali BJT11. දස ධම්මා බහුකාරා. දස ධම්මා භාවෙතබ්බා. දස ධම්මා පහාතබ්බා. දස ධම්මා හානභාගියා. දස ධම්මා විසෙසභාගියා. දස ධම්මා දුප්පටිවිජ්ඣා. දස ධම්මා උප්පාදෙතබ්බා. දස ධම්මා අභිඤ්ඤෙය්යා. දස ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJT11. බහූපකාර ධර්‍ම දසයෙක, භාවයිතව්‍ය ධර්‍ම දශයෙක, පරිඥේය ධර්‍ම දශයෙක, ප්‍රහාතව්‍ය ධර්‍ම දශයෙක, හානභාගික ධර්‍ම දශයෙක, විශේෂභාගික ධර්‍ම දශයෙක, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දශයෙක, උත්පාදයිතව්‍ය ධර්‍ම දශයෙක, අභිඥෙය ධර්‍ම දශයෙක, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම දශයෙක.
Pali BJTකතමෙ දස ධම්මා බහුකාරා? දස නාථකරණා ධම්මා: ඉධාවුසො භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, යං ආවුසො භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTබහූපකාර ධර්‍ම දශය කවරයැ? දශ නාථකරණධර්‍මයෝ යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවර ශිලයෙන් හැවුරුණේ ආචාරගෝචර සම්පන්න වැ ස්වල්පමාත්‍ර වරදෙහි ද බිය දක්නා සුලු වැ වෙසෙයි. සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි. ඇවැත්නි, මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් හැවුරුණේ ආචාර ගෝචර දෙකින් යුතු වැ අල්පමාත්‍ර දෝෂයන්හි ද බිය දක්නා සුලු වැ වෙසෙයි, සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි, යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා’ස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, යම්පාවුසො භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා, මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථ්රා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති තථා රූපා’ස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි. ඇසූ දහම් සිතැ දරන්නේ වෙයි, ඇසූ දහම් සිතින් රැස් කොට ගන්නේ වෙයි. ආදියෙහි යහපත් වූ මැද යහපත් වූ අවසනැ යහපත් වූ, අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ යම් ධර්‍ම කෙනෙක් හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙත් ද එසේ වූ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු වචනයෙන් දරන ලද්දාහු චවනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් පුනපුනා විමසන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි … දෘෂ්ටියෙන් පිළිවිදුනා ලද්දාහු වෙත් යන මෙය ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. යම්පාවුසො භික්ඛු -පෙ- කල්යාණසම්පවඞ්කො, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ කලණ මිතුරන් ඇත්තේ, කලණ යහළුවන් ඇත්තේ කලණමිතුරනට නැමුණේ වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමෙ කලණ මිතුරන් ඇත්තේ කලණ යහළුවන් ඇත්තේ කලණමිතරුනට ම නැමුණේ වේ’ යන යමෙක් ඇද්ද මේ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං, යම්පාවුසො භික්ඛු -පෙ- අනුසාසනිං. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ සුවච වෙයි, සුවච බව කරන දහමුන් ගෙන් යුක්ත වූයේ ඉවසනුයේ කරන අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ සුචව වෙයි … අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වේ’ යන යමෙක් ඇද්ද මේ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්රුපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම්පාවුසො භික්ඛු -පෙ- අලං සංවිධාතුං. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, ‘කුම් කෙරෙම් දැ?’ යි අසා කළ යුතු වූ සබ්රම්සරුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද, මහණ තෙමේ එහි දක්‍ෂ ද අනලස් ද එයට උපායමාර්‍ග වූ නුවණින් සමන්‍විත ද, එය කරනුයෙහි සමර්‍ත්‍ථ ද එය පිළිබඳ විවාරණයෙහි සමර්‍ත්‍ථ ද වෙයි. ඇවැත්නි, … සබ්රම් සරුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද, … පිළිබඳ විවාරණයෙහි සමර්‍ත්‍ථ ද වේ යන යමෙක් ඇද්ද, මෙත් නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමුජ්ජො. යම්පාවුසො භික්ඛු ධම්මකාමො හොති -පෙ- පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි. ප්‍රිය සමුදාහර ඇත්තේ වෙයි. අභිධර්‍මයෙහි අභිවිනයයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි … අභිධර්‍මයෙහි අභිවිනයයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි’ යන යමෙක් ඇද්ද මේ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. යම්පාවුසො භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගෙන් සතුටු වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලාන ප්‍රත්‍යය පිණ්ඩපාත ශයනාසන ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගෙන් සතුටු වේ’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ආරද්ධවිරියො විහරති, අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො, අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යම්පාවුසො භික්ඛු -පෙ- අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ අකුසල්දහමුන් පහ කරනුවට කුසල් දහමුන් පිළිලබනුවට ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ, බල ඇත්තේ, දැඩි වැර ඇත්තේ, කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ … ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ … කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යම්පාවුසො භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ කලකට පෙරැ කළ දෑ ද, බොහෝ කලකට පෙරැ කී දෑ ද, සිහි කරනුයේ, පුනපුනා සිහි කරනුයේ උතුම් ම සිහියෙන් ද ස්ථානෝචිත ප්‍රඥායෙන් ද සමන්‍විත වූයේ, ස්මෘතිමත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමෙ සිහි කරනුයේ පුන පුනා සිහි කරනුයේ ස්මෘතිමත් වෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. යම්පාවුසො භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමේ ඉපැද්ම ද නැස්ම ද පිරිසිඳනු සමත් වූ, ලෝභ ස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක් වැනැස්මට යන, පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමෙ ඉපැද්මත් වැනැස්මත් පිරිසිඳිනු සමත් වූ, ලෝභ ස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක් වැනැස්මට යන පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ ප්‍රඥාවත් වේ’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTඉමෙ දස ධම්මා බහුකාරා.
Sinhala BJTමේ බහූපකාර ධර්‍ම දශය යැ.
Pali BJTකතමෙ දස ධම්මා භාවෙතබ්බා? දස කසිණායතනානි: පඨවීකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ආපොකසිණමෙකො සඤ්ජානාති -පෙ- තෙජොකසිණමෙකො සඤ්ජානාති -පෙ- වායොකසිණමෙකො සඤ්ජානාති -පෙ- නීලකසිණමෙකො සඤ්ජානාති -පෙ- පීතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ලොහිතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ඔදාතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ආකාසකසිණමෙකො සඤ්ජානාති -පෙ- විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ඉමෙ දස ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTභාවයිතව්‍ය ධර්‍ම දශය කවර යැ? කසිණායතන දශය යැ: එකෙක් උඩ යට සරසැ දෙකක් නො වූ (එකක් ම වූ) පඨවී කසිණය හඳුනයි. එකෙක් … ආපෝකසිණය හඳුනයි, එකෙක් … තේජෝකසිණය හඳුනයි, එකෙක් … වායෝකසිණය හඳුනයි, එකෙක් … නීලකසිණය හඳුනයි, එකෙක් … පීතකසිණය හඳුනයි, එකෙක් … ලෝහිතකසිණය හඳුනයි, එකෙක් … ඕදාතකසිණය හඳුනයි, එකෙක් … ආකාසකසිණය හඳුනයි, එකෙක් උඩ යටැ සර සැ දෙකක් නොවූ (එකක් ම වූ) අප්‍රමාණ වූ විඤ්ඤාණකසිණය හඳුනයි. මේ භාවයිතව්‍ය ධර්‍ම දශය යැ.
Pali BJTකතමෙ දස ධම්මා පරිඤ්ඤෙය්යා? දසායතනානි: චක්ඛායතනං, රූපායතනං, සොතායතනං, සද්දායතනං, ඝානායතනං, ගන්ධායතනං, ජිව්හායතනං, රසායතනං, කායායතනං, ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTපරිඥේය ධර්‍ම දශය කවර යැ? චක්‍ෂුරායතනය රූපායතනය ශ්‍රෝත්‍රායතනය ශබ්දායතනය ඝ්‍රාණායතනය ගන්‍ධායතනය ජිහ්වායතනය රසායතනය කායායතනය ස්ප්‍රෂ්ටව්‍යායතනය යන ආයතන දශය යැ.
Pali BJTඉමෙ දස ධම්මා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTමේ පරිඥේය ධර්‍ම දශය යැ.
Pali BJTකතමෙ දස ධම්මා පහාතබ්බා? දස මිච්ඡත්තා: මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්පො, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්තො, මිච්ඡාආජීවො, මිච්ඡාවායාමො, මිච්ඡාසති, මිච්ඡාසමාධි, මිච්ඡාඤාණං, මිච්ඡාවිමුත්ති. ඉමෙ දස ධම්මා පහාතබ්බා.
Sinhala BJTප්‍රහාතව්‍ය ධර්‍ම දශය කවර යැ? මිථ්‍යාදෘෂ්ටිය මිථ්‍යාසඞ්කල්පය මිථ්‍යාවචනය මිථ්‍යාකර්‍මාන්තය මිථ්‍යාආජීවය මිථ්‍යාව්‍යායාමය මිථ්‍යාස්මෘතිය මිථ්‍යාසමාධිය මිථ්‍යාඥානය මිථ්‍යාවිමුක්තිය යන මිථ්‍යාත්‍වයෝ යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම දශය යැ.
Pali BJTකතමෙ දස ධම්මා හානභාගියා? දස අකුසලකම්මපථා: පාණාතිපාතො, අදින්නාදානං, කාමෙසුමිච්ඡාචාරො, මුසාවාදො, පිසුණා වාචා, ඵරුසා වාචා, සම්ඵප්පලාපො, අභිජ්ඣා, බ්යාපාදො, මිච්ඡාදිට්ඨි. ඉමෙ දස ධම්මා හානභාගියා.
Sinhala BJTහානභාගික ධර්‍ම දශය කවර යැ? ප්‍රාණාතිපාතය අදත්තාදානය කාමමිථ්‍යාචාරය මෘෂාවාදය පිසුණවචනය පරුෂචවචනය සම්ඵප්‍රලාපය අභිධ්‍යාව ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය යන අකුශල කර්‍මපථ දශය යැ. මේ හානභාගික ධර්‍ම දශය යැ.
Pali BJTකතමෙ දස ධම්මා විසෙසභාගියා? දස කුසලකම්මපථා: පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අනභිජ්ඣා, අබ්යාපාදො, සම්මාදිට්ඨි. ඉමෙ දස ධම්මා විසෙසභාගියා.
Sinhala BJTවිශේෂභාගික ධර්‍ම දශය කවර යැ? ප්‍රාණවධයෙන් වැළැක්ම, අදත්තාදානයෙන් වැළැක්ම, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්ම, බොරුකීමෙන් වැළැක්ම, කේලාම් කීමෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, සම්ඵප්‍රලාපයෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය යන කුශල කර්‍මපථ දශය යැ. මේ විශේෂභාගික ධර්‍ම දශය යැ.
Pali BJTකතමෙ දස ධම්මා දුප්පටිවිජ්ඣා? දස අරියවාසා: ඉධාවුසො භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති ඡළඞ්ගසමන්නාගතො එකාරක්ඛො චතුරාපස්සෙනො පනුන්නපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසඞ්කප්පො පස්සද්ධකායසඞ්ඛාරො සුවිමුත්තචිත්තො සුවිමුත්තපඤ්ඤො.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දශය කවර යැ? ආර්‍ය්‍යවාස දශය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම් අඞ්ග පසෙකින් වියුක්ත වූයේ, අඞ්ග සයෙකින් යුක්ත වූයේ, එක් ම ආරක්‍ෂාවක් ඇත්තේ, අපශ්‍රයණ සතරක් ඇත්තේ, මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ, නොකැලැඹුණු කල්පනා ඇත්තේ, සංසිඳුණු කායසංස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සිතැත්තේ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති: ඉධාවුසො භික්ඛුනො කාමච්ඡන්දො පහීනො හොති, බ්යාපාදො පහීනො හොති. ථිනමිද්ධං පහීනං හොති, උද්ධච්චකුක්කුච්චං පහීනං හොති, විචිකිච්ඡා පහීනා හොති. එවං ඛො ආවුසො භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග පසෙකින් වී යුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථීනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අඞ්ග පසෙකින් වියුක්ත වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොති: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො. එවං ඛො ආවුසො භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග සයෙකින් යුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්‍ෂක වැ වෙසෙයි. කනින් හඬක් අසා … නැහැයෙන් ගඳක් අඝා … දිවින් රසක් විඳ, … කයින් හැපෙන දැයක් පැහැසැ … මනසින් දහම් අරමුණක් සිතා නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ, නුවණින් දන්නේ, උපේක්‍ෂක ද වැ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ අඞ්ග සයෙකින් යුක්ත වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු එකාරක්ඛො හොති: ඉධාවුසො භික්ඛු සතාරක්ඛෙන චෙතසා සමන්නාගතො හොති. එවං ඛො ආවුසො භික්ඛු එකාරක්ඛො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් එක ම ආරක්‍ෂාවක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිහිය ම ආරක්‍ෂාව කොටැති සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම එක් ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු චතුරාපස්සෙනො හොති: ඉධාවුසො භික්ඛු සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙති. එවං ඛො ආවුසො භික්ඛු චතුරාපස්සෙනො හොති.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ අපශ්‍රයණ සතරක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා එකක් සෙවියි, නුවණින් බලා එකක් ඉවසයි, නුවණින් බලා එකක් පහ කෙරෙයි, නුවණින් බලා එකක් ඉවත් කරයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අපශ්‍රයණ සතරක් ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති: ඉධාවුසො භික්ඛුනො යානි හි පුථුසමණබ්රාහ්මණානං පුථුප්පච්චෙකසච්චානි සබ්බානි තානි නුන්නානි හොන්ති පනුන්නානි චත්තානි වන්තානි මුත්තානි පහීනානි පටිප්පස්සට්ඨානි. එවං ඛො ආවුසො භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, බොහෝ මහණ බමුණන්ගේ යම් බොහෝ ප්‍රත්‍යෙක සත්‍ය කෙනෙක් වෙත් ද, මෙහි මහණහු විසින් ඔහු හැම බැහැරැ කරන ලද්දාහු, දුරු කරන ලද්දාහු, හැර දමන ලද්දාහු, පහ කරන ලද්දාහු, මුදන ලද්දාහු, එ හෙයින් ම ප්‍රහීණ වූවාහු, සංසිඳුණාහු වෙත්. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු සමවයසට්ඨෙසනො හොති: ඉධාවුසො භික්ඛුනො කාමෙසනා පහීනා හොති, භවෙසනා පහීනා හොති, බ්රහ්මචරියෙසනා පටිප්පස්සද්ධා හොති. එවං ඛො ආවුසො භික්ඛු සමවයසට්ඨෙසනො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො අඩු කොට, මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම ඒෂණාව ප්‍රහීණ වෙයි, භව ඒෂණාව ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණාව සංසිඳුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ මොනොවට නො අඩු කොට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්චාවුසො භික්ඛු අනාවිලසඞ්කප්පො හොති: ඉධාවුසො භික්ඛුනො කාමසඞ්කප්පො පහීනො හොති, බ්යාපාදසඞ්කප්පො පහීනො හොති, විහිංසාසඞ්කප්පො පහීනො හොති. එවං ඛො ආවුසො භික්ඛු අනාවිලසඞ්කප්පො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො කැලැඹුණු කල්පනා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම සංකල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපාද සංකල්පය ප්‍රහීණ වෙයි, විහිංසා සංකල්පය ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ නො කැලැඹුණු සංකල්ප ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති: ඉධාවුසො භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො ආවුසො භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් සංසිඳුණු සංස්කාර ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සුඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් වේදනාවන් දුරු වීමෙන් දුක් ද නොවූ සුව ද නොවූ, උපේක්‍ෂාවගේ ද ස්මෘතියගේ ද පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ සංසිඳුණු කායසංස්කාර ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු සුවිමුත්තචිත්තො හොති: ඉධාවුසො භික්ඛුනො රාගාචිත්තං විමුත්තං හොති, දොසා චිත්තං විමුත්තං හොති, මොහා චිත්තං විමුත්තං හොති. එවං ඛො ආවුසො භික්ඛු සුවිමුත්තචිත්තො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු සිතැත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ සිත රාගය කෙරෙන් මිදුණේ වෙයි, ද්වේෂය කෙරෙන් මිදුණේ වෙයි, මෝහය කෙරෙන් මිදුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට මිදුණු සිතැත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු සුවිමුත්තපඤ්ඤො හොති: ඉධාවුසො භික්ඛු රාගො මෙ පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවං කතො ආයතිං අනුප්පාදධම්මො’ති පජානාති. දොසො -පෙ- මොහො -පෙ- පජානාති. එවං ඛො ආවුසො භික්ඛු සුවිමුත්තපඤ්ඤො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු ප්‍රඥාව ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ‘මාගේ රාගය ප්‍රහීණ ය සිඳ දමන ලද මුල් ඇත්තේ ය, උදුරන ලද තල් රුකක් මෙන් කරන ලද්දේ යැ නැවැත නොහටගන්නා බවට පැමිණියේ ය, යලි නො උපදනා ස්වභාවය ඇත්තේ වේ යැ’ යි දනී. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
Pali BJTඉමෙ දස ධම්මා දුප්පටිවිජ්ඣා.
Sinhala BJTමේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දශය යැ.
Pali BJTකතමෙ දස ධම්මා උප්පාදෙතබ්බා? දස සඤ්ඤා: අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා. ඉමෙ දස ධම්මා උප්පාදෙතබ්බා.
Sinhala BJTඋත්පාදයිතව්‍ය ධර්‍ම දශය කවර යැ? අශුභසංඥාව, මරණසංඥාව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව, සියලු ලොවෙහි අනභිරත සංඥාව, අනිත්‍යසංඥාව, අනිත්‍යයෙහි දුඃඛසංඥාව, දුකෙහි අනාත්ම සඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව යන දශ සංඥාවෝ යැ. මේ උත්පාදයිතව්‍ය දශ ධර්‍මයෝ යැ.
Pali BJTකතමෙ දස ධම්මා අභිඤ්ඤෙය්යා? දස නිජ්ජරවත්ථූනි: සම්මාදිට්ඨිස්ස මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTඅභිඥෙය ධර්‍ම දශය කවර යැ? දශ නිර්ජර වස්තුහු (අකුසල් දිරා යෑමට කරුණු වන දෑ) ය. සම්‍යග්දෘෂ්ටිකයාගේ (සන්තානයෙහි) මිථ්‍යාදෘෂ්ටිය දිරාපත් වෙයි, මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයයෙන් යම් නොඑක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු ද ඔහුගේ සන්තානයෙහි ඒඅකුසල්හු ද දිරාපත් වෙත්. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
Pali BJTසම්මාසඞ්කප්පස්ස මිච්ඡාසඞ්කප්පො නිජ්ජිණ්ණො හොති, යෙ ච මිච්ඡාසඞ්කප්පපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසඞ්කප්පපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTසම්‍යක්සඞ්කල්පනා ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාසඞ්කල්පය දිරා ගියේ වෙයි. මිථ්‍යාසඞ්කල්පප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු ද , ඔහුගේ (සන්තානයෙහි) ඒ අකුසල්හු ද දිරා ගියාහු වෙත්. සම්‍යක්සඞ්කල්පප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුශලධර්‍මයෝ භවානායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
Pali BJTසම්මාවාචස්ස මිච්ඡාවාචා නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාවාචප්පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාවාචප්පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTසම්‍යග්වචන ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාවචනය දිරා ගියේ වෙයි. මිථ්‍යාවචන ප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගන්නාහු ද, ඔහුගේ සතන්හි ඒ අකුසල්හු ද දිරා ගියාහු වෙත්. සම්‍යග්වචනප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භවානායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
Pali BJTසම්මාකම්මන්තස්ස මිච්ඡාකම්මන්තො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාකම්මන්තපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාකම්මන්තපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTසම්‍යක්කර්‍මාන්ත ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාකර්‍මාන්තය දිරා ගියේ වෙයි. මිථ්‍යාකර්‍මාන්තප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගන්නාහු ද, ඔහුගේ සන්තානයෙහි ඒ අකුසල්හු ද දිරා ගියාහු වෙත්. සම්‍යක්කර්‍මාන්තප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල්දහම්හු භාවනායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
Pali BJTසම්මාආජීවස්ස මිච්ඡාආජීවො නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාආජීවප්පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාආජීවප්පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTසම්‍යගාජීවය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාආජීවය දිරාගියේ වෙයි. මිථයාජීවප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගන්නාහු ද, ඔහුගේ (සන්තානයෙහි) ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්, සම්‍යගාජීවප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
Pali BJTසම්මාවායාමස්ස මිච්ඡාවායාමො නිජ්ජණ්ණො හොති. යෙ ච මිච්ඡාවායාමපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මා වායාමපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTසම්‍යග්ව්‍යායාමය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාව්‍යායාමය දිරා ගියේ වෙයි, මිථ්‍යාව්‍යායාමප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඒ අකුසල්හු ද ඔහුගේ (සන්තානයෙහි) දිරාගියාහු වෙත්. සම්‍යග්ව්‍යායාමප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාසතිස්ස මිච්ඡාසති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාසතිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසතිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTසම්‍යක්ස්මෘතිය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාස්මෘතිය දිරා ගියේ වෙයි. මිථ්‍යාස්මෘතිප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඔහුගේ ඒ අකුශල්හු ද දිරාගියාහු වෙත්. සම්‍යක්ස්මෘතිප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාසමාධිස්ස මිච්ඡාසමාධි නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාසමාධිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසමාධිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTසම්‍යක්සමාධිය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාසාමාධිය දිරාගියේ වෙයි. මිථ්‍යාසමාධිප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඔහුගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්‍යක්සමාධිප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාඤාණස්ස මිච්ඡාඤාණං නිජ්ජිණ්ණං හොති. යෙච මිච්ඡාඤාණපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාඤාණපච්චයාච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTසම්‍යග්ඥානය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාඥානය දිරාගියේ වෙයි. මිථ්‍යාඥානප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඔහුගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්‍යග්ඥානප්‍රත්‍යයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාවිමුත්තිස්ස මිච්ඡාවිමුත්ති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මා විමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTසම්‍යග්විමුක්තිය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාවිමුක්තිය දිරා ගියේ වෙයි. මිථ්‍යාවිමුක්තිප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්‍යග්විමුක්තිප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.