Pali BJTකතමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා? පඤ්චඞ්ගිකො සම්මාසමාධි: පීතිඵරණතා, සුඛඵරණතා, චෙතොඵරණතා, ආලොකඵරණතා, පච්චවෙක්ඛණනිමිත්තං. ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTභාවයිතව්‍ය ධර්‍ම පස කවර යැ? ප්‍රීතිය පතුරුවමින් උපදනා (ප්‍රථම ද්වීතිය ධ්‍යාන දෙක්හි) ප්‍රඥාව, සුඛවේදනාව පතුරුවමින් උපදනා (ප්‍රථම ද්වීතිය තෘතීය ධ්‍යාන තුනෙහි) ප්‍රඥාව, චේතඃස්ඵරණතා (පරචිත්ත විජානන) ප්‍රඥාව, ආලෝකස්ඵරණතා (එළිය පැතිරවීමෙහි උපදනා දිව්‍යචක්‍ෂුස්) ප්‍රඥාව, ප්‍රත්‍යවේක්‍ෂණ ඥානය යන අංග පසින් යුත් සමාධිය යි. එහි මේ භාවයිතව්‍ය ධර්‍ම පස යැ.
Pali BJTකතමෙ පඤ්ච ධම්මා පරිඤ්ඤෙය්යා? පඤ්චුපාදානක්ඛන්ධා: සෙය්යථිදං රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ පඤ්ච ධම්මා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTපරිඥේය ධර්‍ම පස කවර යැ? රූපෝපාදානස්කන්‍ධය යැ, වේදනෝපාදානස්කන්‍ධය යැ, සංඥොපාදානස්කන්‍ධය යැ, සංස්කාරෝපාදානස්කන්‍ධය යැ, විඥානෝපාදානස්කන්‍ධය යැ යන උපාදානස්කන්‍ධ පස යි. මේ පරිඥේය (පිරිසිඳැ දත යුතු) ධර්‍ම පස යැ.
Pali BJTකතමෙ පඤ්ච ධම්මා පහාතබ්බා? පඤ්ච නීවරණානි: කාමච්ඡන්දනීවරණං, බ්යාපාදනීවරණං, ථිනමිද්ධනීවරණං, උද්ධච්චකුකුච්චනීවරණං, විචිකිච්ඡානීවරණං. ඉමෙ පඤ්ච ධම්මා පහාතබ්බා.
Sinhala BJTප්‍රහාතව්‍ය ධර්‍ම පස කවර යැ? කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ස්ත්‍යානමිද්ධ නීවරණය, ඖද්ධත්‍යකෞකෘත්‍ය නීවරණය, විචිකිත්සා නීවරණය යන පස යි. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම පස යැ.
Pali BJTකතමෙ පඤ්ච ධම්මා හානභාගියා? පඤ්ච චෙතොඛිලා: ඉධාවුසො භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො ආවුසො භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඨමො චෙතොඛිලො. පුන චපරං, ආවුසො භික්ඛු ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති -පෙ- සඞ්ඝෙ කඞ්ඛති -පෙ- සික්ඛාය කඞ්ඛති -පෙ- සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො. යො සො ආවුසො භික්ඛු සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. අයං පඤ්චමො චෙතොඛිලො. ඉමෙ පඤ්ච ධම්මා හානභාගියා.
Sinhala BJTහානභාගික ධර්‍ම පස කවර යැ? චේතෝඛීල (සිතේ තද බව්) පස යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ශාස්තෘහු කෙරෙයි සැක කෙරෙයි ද, කුකුස් කෙරෙයි ද, නිශ්චය නැත්තේ ද, නො පහදී ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස, පුන පුනා භාවනා යෝගය පිණිස, සතතයෙන් භාවනානුයෝගය පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස, පුන පුනා භාවනායෝගය පිණිස, සතතයෙන් භාවනායෙහි යෙදෙනු පිණිස ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි ද, මෙය පළමු වන චේතෝඛීලය යි. ඇවැත්නි, තව ද මහණෙක් ධර්‍මය කෙරෙහි සැක කෙරෙයි ද, කුකුස් කෙරෙයි ද, නිශ්චය නැත්තේ වෙයි ද, නො පහදී ද …, සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි ද … ශික්‍ෂායෙහි සැක කෙරෙයි ද … සබරම්සරුවන් කෙරෙහි කිපියේ නොසතුටු සිතැත්තේ, ආහතචිත්ත (ගැටුණු සිතැත්තේ) වෙයි ද, ඛීලජාත (තද) වෙයි ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස, පුන පුනා භාවනානුයෝගය පිණිස, සතතයෙන් භවනානුයෝගය පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස පුන පුනා භාවනානුයෝගය පිණිස, සතතයෙන් භාවනායෝගය පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි ද, මෙය පස් වන චේතෝඛීලය යි. මේ හානභාගික ධර්‍ම පස යැ.
Pali BJTකතමෙ පඤ්ච ධම්මා විසෙසභාගියා? පඤ්චින්ද්රියානි: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. ඉමෙ පඤ්ච ධම්මා විසෙසභාගියා.
Sinhala BJTවිශේෂභාගික ධර්‍ම පස කවර යැ? ශ්‍රද්ධේන්‍ද්‍රියය, වීර්ය්‍යේන්‍ද්‍රියය, ස්මෘතීන්‍ද්‍රියය, සමාධීන්‍ද්‍රියය, ප්‍රඥේන්‍ද්‍රියය යන ඉන්‍ද්‍රිය පස යි. මේ විශේෂභාගික ධර්‍ම පස යැ.
Pali BJTකතමෙ පඤ්ච ධම්මා දුප්පටිවිජ්ඣා? පඤ්චනිස්සාරණියා ධාතුයො: ඉධාවුසො, භික්ඛුනො කාමෙ මනසිකරොතො කාමෙසු චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. නෙක්ඛම්මං ඛො පනස්ස මනසිකරොතො නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං කාමෙහි. යෙ ච කාමප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං කාමානං නිස්සරණං.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍යා ධර්‍ම පස කවර යැ? නිඃසරණීය ධාතු (විසංයුක්ත ධර්‍ම) පස යැ: ඇවැත්නි, මෙහි කාමයන් මෙනෙහි කරන මහණහු සිත කාමයන්හි නො පිවිසෙයි, නො පහදී, නො පිහිටයි,නො ඇලෙයි. නෙක්ඛම්මය (අශුභ කර්‍මස්ථානයෙන් ලත් ප්‍රථම ධ්‍යානය) මෙනෙහි කරන මහණහු සිත නෙක්ඛම්මයෙහි පිවිසෙයි, පැහැදෙයි, පිහිටයි, ඇලෙයි. ඔහුගේ එ සිත අරමුණෙහි මොනොවට ගියේ මොනොවට වැඩුණේ, කාමයන් කෙරෙන් මොනොවට නැඟී සිටියේ, කාමයන් කෙරෙන් මොනොවට මිදුණේ, කාමයන්ගෙන් වෙන් වූයේ වෙයි. කාම හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් කාමපරිදාහ කෙනෙක් උපදනාහු ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි, හේ ඒ වේදනා නො විඳී. මෙය කාමයන්ගේ නිඃසරණය නැමැයි කියන ලදි.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛුනො බ්යාපාදං මනසිකරොතො බ්යාපාදෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අබ්යාපාදං ඛො පනස්ස මනසිකරොතො අබ්යාපාදෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං බ්යාපාදෙන. යෙ ච බ්යාපාදපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං බ්යාපාදස්ස නිස්සරණං.
Sinhala BJTඇවැත්නි, තව ද ව්‍යාපාදය මෙනෙහි කරන මහණහුගේ සිත ව්‍යාපාදයෙහි නො පිවිසෙයි, නො පහදියි, නො රැඳෙයි, නො ඇලෙයි. අව්‍යාපාදය (මෛත්‍රී ධ්‍යානය) මෙනෙහි කරන ඔහු සිත අව්‍යාපාදයෙහි පිවිසෙයි, පැහැදෙයි, සිටියි, ඇලෙයි. ඔහුගේ එ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, (ව්‍යාපාද කෙරෙන්) මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, ව්‍යාපාදය කෙරෙන් වෙන් වූයේ වෙයි. ව්‍යාපාද හේතුයෙන් යම් ආස්‍රව දුක් පරිදාහ කෙනෙක උපදිත් ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි. හේ ඒ වේදනාව නො විඳී. මේ ව්‍යාපාදයේ නිඃසරණයැ යි කියන ලදි.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛුනො විහෙසං මනසිකරොතො විහෙසාය චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අවිහෙසං ඛො පනස්ස මනසිකරොතො අවිහෙසාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං විහෙසාය. යෙ ච විහෙසප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං විහෙසාය නිස්සරණං.
Sinhala BJTතව ද ඇවැත්නි, විහිංසාව මෙනෙහි කරන මහණහු සිත විහිංසායෙහි නො පවිවිසෙයි, නො පහදියි, නො සිටියි, නො ඇලෙයි. වැලි අවිහිංසාව (කරුණාධ්‍යානය) මෙනෙහි කරන ඔහු සිත අවිහිංසායෙහි (කරුණාධ්‍යානයෙහි) පිවිසෙයි, පැහැදෙයි, සිටියි, ඇලෙයි. ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, විහිංසාව කෙරෙන් මොනොවට නැගී සිටියේ, මොනොවට මිදුණේ, මොනොවට වෙන් වූයේ වෙයි. විහිංසා හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, දුක් කෙනෙක්, පරිදාහ කෙනෙක් උපදනාහු ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි, හේ ඒ වේදනාව නො විඳී. මේ විහිංසාවගේ නිඃසරණයැ යි කියන ලදී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො රූපෙ මනසිකරොතො රූපෙසු චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අරූපං ඛො පනස්ස මනසිකරොතො අරූපෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං රූපෙහි. යෙ ච රූපප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං රූපානං නිස්සරණං.
Sinhala BJTඇවැත්නි, තව ද මහණ තෙමේ රූපයන් මෙනෙහි කරන මහණහුගේ සිත රූපයන්හි නො පිවිසෙයි, නො පහදියි, නො සිටියි, නො ඇලෙයි. වැලි දු අරූපධ්‍යානය මෙනෙහි කරන ඔහු සිත අරූපධ්‍යානයෙහි පිවිසෙයි පහදියි, සිටියි, ඇලෙයි, ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, රූපයන් කෙරෙන් මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, වෙන් වූයේ වෙයි. රූප හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක් දුක් කෙනෙක් පරිදාහ කෙනෙක් උපදනාහු ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි. හේ ඒ කාම වේදනා ද විඝාතපරිදාහ වේදනා ද නොවිඳී. මෙය රූපයන්ගේ නිඃසරණයැ යි කියන ලදි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො සක්කායං මනසිකරොතො සක්කායෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. සක්කායනිරොධං ඛො පනස්ස මනසිකරොතො සක්කායනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං සක්කායෙන. යෙ ච සක්කායප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං සක්කායස්ස නිස්සරණං. ඉමෙ පඤ්ච ධම්මා දුප්පටිවිජ්ඣා.
Sinhala BJTඇවැත්නි, තව ද සත්කායය (සංස්කාර ධර්‍ම) මෙනෙහි කරන ශුෂ්ක විදර්‍ශක රහත්හුගේ සිත සත්කායයයෙහි නො පිවිසෙයි, නො පහදී, නො සිටියි, නො ඇලෙයි. වැලි, සත්කාය නිරෝධය මෙනෙහි කරන ඔහුගේ සිත සත්කාය නිරෝධයෙහි (නිවනෙහි) පිවිසෙයි, පැහැදෙයි, රැඳී සිටියි, ඇලෙයි. ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, සත්කායය කෙරෙන් නැඟී සිටියේ, මොනොවට මිදුණේ, වෙන් වූයේ වෙයි. සත්කාය හේතුයෙන් යම් ආස්‍රව විඝාත පරිදාහ කෙනෙක් උපදනාහු ද, ඔවුන් කෙරෙන් හේ මිදුණේ වෙයි. හේ ඒ වේදනාව නො විඳී. මේ සත්කායයාගේ නිඃසරණයැ යි කියන ලදි. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය වූ ධර්‍ම පස යැ.
Pali BJTකතමෙ පඤ්ච ධම්මා උප්පාදෙතබ්බා? පඤ්ච ඤාණිකො සම්මාසමාධි, අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිඤ්ච සුඛවිපාකො ති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි අරියො නිරාමිසො ති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි අකාපුරිසසෙවිතො ති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. අයං සමාධි සන්තො පණීතො පටිප්පස්සද්ධලද්ධො එකොදිභාවාධිගතො න සඞ්ඛාරනිග්ගය්හවාරිතාවතොති{1} පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. සො ඛො පනාහං ඉමං සමාධිං සතො’ව සමාපජ්ජාමි, සතො වුට්ඨහාමී’ති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. ඉමෙ පඤ්ච ධම්මා උප්පාදෙතබ්බා.
Sinhala BJTඋත්පාදයිතව්‍ය ධර්‍ම පස කවර යැ? ඥාන පසක් ඇති සම්‍යක්සමාධිය යැ. මේ සමාධිය (අර්‍හත්‍ව ඵලසමාධිය සමවන් සමවන් කෙණෙහි සුව ගෙන දෙන බැවින්) වර්‍තමාන සැප විපාක ඇත්තේ ද (පළමු පළමු සමවන් සමාධිය මතු මතු සමාධීනට ප්‍රත්‍යය වන බැවින්) මත්තෙහි සැප විපාක ගෙනැ දෙන්නේ යැ යි තමා කෙරෙහි නුවණ උපදී. මේ සමාධිය ආර්‍ය්‍ය යැ (කෙලෙසුන්ගෙන් ඈත් ය), නිරාමිස යැ (කාමාමිස වට්ටාමිස ලෝකාමිස යන තුන් ආමිසයන්ගෙන් තොර යැ) තමා තුළැ ම නුවණ උපදී. මේ සමාධිය අලාමක පුරුෂයන් විසින් (බුදු පසේ බුදු රහතුන් විසින්) සෙව්නා ලදැ යි තමා තුළ ම නුවණ උපදී. මේ සමාධිය ශාන්ත යැ යි ප්‍රණීත යැ යි කෙලෙස් සංසිඳීමෙන් ලද්දේ යැ යි, එක් නිවන් අරමුණෙහි ම සිත පිහිටුවීමෙන් ලබන ලද්දේ යැ යි සසංස්කාර (ලෞකික සමාධි සෙයින් සප්‍රයෝග) සිතින් කෙලෙසුන් මැඩ වළක්වා ලත් පැවැතුම් නැත්තේ යැ යි තමා කෙරෙහි ම නුවණ උපදී. ඒ මම් වූ කලි සිහි ඇත්තෙම් ම මේ සමාධියට සමවදිමි, සිහි ඇත්තෙම් ම මේ සමාධියෙන් නැඟී සිටිමි යි තමා කෙරෙහි ම නුවණ උපදී. මේ උත්පාදයිතව්‍ය ධර්‍ම පස යැ.
Pali BJTකතමෙ පඤ්ච ධම්මා අභිඤ්ඤෙය්යා? පඤ්ච විමුත්තායතනානි: ඉධාවුසො, භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. යථා යථා ආවුසො භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං පඨමං විමුත්තායතනං.
Sinhala BJTඅභිඥෙය ධර්‍ම පස කවර යැ? විමුක්ත්‍යායතන (මිදීමට කාරණ වූ ධර්‍ම) පස යැ: මෙහි මහණක් හට ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ දහම් දෙස යි. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ යම් යම් සේ ඒ මහණහට දහම් දෙසා ද, ඒ ඒ පරිද්දෙන් හෙ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද වෙයි, පෙළ දැනගන්නේ ද වෙයි, අරුත් දන්නා පෙළ දන්නා ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිතැත්තහුගේ නාම කය සංහිඳෙයි. සංහිඳුණු නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ පළමු විමුක්ත්‍යායතනය යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති. අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. යථා යථා ආවුසො භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථප්පටිසංවෙදී ච හොති ධම්මප්පටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං දුතියං විමුත්තායතනං.
Sinhala BJTතව ද ඇවැත්නි, ශාස්තෘ තෙමේ මහණකුට දහම් නො ම දෙසයි, ගුරු තන්හි වූ අන් සබරම්සරුවෙකුත් දහම් නො ම දෙසයි, එතෙකුදු වුවත් ඇසූ පරිදි පුහුණු කළ පරිදි ඒ ධර්‍මය විස්තර වශයෙන් අනුනට දෙසයි. ඇවැත්නි, මහණ තෙමේ යම් යම් සේ තමා ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්තර වශයෙන් අනුනට දහම් දෙසන්නේ ද, එසේ එසේ හේ ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද, අරුත් දැනගන්නාවූ පෙළ දැනගන්නාවූ ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහිඳුණු නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ දෙවැනි විමුක්ත්‍යායතනය යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. යථා යථාවුසො භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං තතියං විමුත්තායතනං.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ අන් කිසි ගුරු තන්හි වූ සබ්රම්සරුවෙක් හෝ මහණකුට දහම් නො ම දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි අනුනට විස්තර වසයෙන් දහම් නො ද දෙසයි. එතෙකුදු වුවත් ඇසූ පරිදි, පුහුණු කළ පරිදි, ධර්‍මය විස්තරයෙන් ස්වාධ්‍යාය කෙරෙයි (පුන පුනා කියයි). ඇවැත්නි, යම් සේ යම් සේ මහණ තෙම ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරයෙන් ස්වාධ්‍යාය කෙරෙයි ද, එසේ එසේ හේ ඒ දහමෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ තෙවෙනි විමුක්ත්‍යායතනය යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, නාපි යථා සුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. යථා යථා , ආවුසො භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථුපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං චතුත්ථං විමුත්තායතනං.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, ශාස්තෘ හෝ ගුරු තන්හි සිටි කිසි සබ්රම්සරුවෙක් හෝ දහම් නො ම දෙසයි. ඇසූ පරිදි, පුහුණු පරිදි විස්තරයෙන් ධර්‍මය ස්වාධ්‍යයන ද නො ම කෙරෙයි. වැළි, ඇසූ පරිදි පුහුණු පරිදි ධර්‍මය සිතින් පුන පුනා කල්පනා කෙරෙයි. පුන පුනා විමසයි, සිතින් පුන පුනා සලකා බලයි. ඇවැත්නි, ඇසූ පරිදි පුහුණු පරිදි යම් යම් සේ ධර්‍මය සිතින් පුන පුනා කල්පනා කෙරෙයි ද, පුන පුනා විමසයි ද, පුන පුනා සිතින් සලකා බලයි ද, එසේ එසේ හෙ තෙමේ ඒ ධර්‍මයෙහි අරුත් දැන ගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ නාම කාය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ සතරවන විමුක්ත්‍යායතනය යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. අපි ච ඛ්වස්ස අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය. යථා යථා ආවුසො භික්ඛුනො අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය. තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං පඤ්චමං විමුත්තායතනං. ඉමෙ පඤ්ච ධම්මා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, ශාස්තෘ හෝ ගුරු තන්හි සිටි කිසි සබ්රම්සරුවෙක් හෝ මහණහට නො ම දහම් දෙසයි, මහණ තෙම ඇසූ පරිදි, ප්‍රගුණ කළ පරිදි විස්තරයෙන් දහම් නො ද දෙසයි, ඇසූ පුහුණු කළ පරිදි විස්තර විසින් දහම ස්වාධ්‍යායනය ද නොම කෙරෙයි. ඇසූ පුහුණු කළ පරිදි ධර්‍මය සිතින් පුන පුනා නො ම කල්පනා කෙරෙයි, නො ම විමසයි, සිතින් පුන පුනා නො ද සලකා බලයි. වැළි දු ඔහු විසින් එක්තරා සමාධියෙක් (ගුරුහුගෙන් කමටහන් උගන්නා හා ම) මොනොවට උගන්නා ලද්දේ මොනවට මෙනෙහි කරන ලද්දේ ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙන් මහණහු විසින් එක්තරා සමාධියෙක් මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි ද, ඒ ඒ පරිද්දෙන් හෙ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දන්නේ ද පෙළ දන්නේ ද වෙයි. අරුත් දන්නා, පෙළ දන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහට ප්‍රීතිය උපදී. ප්‍රීති සිතැත්තහුගේ නාම කය සංසිඳේ. සංසුන් නාමකය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ පස් වනු විමුක්ත්‍යායතනය යැ. මේ අභිඥෙය ධර්‍ම පස යැ.
Pali BJTකතමෙ පඤ්ච ධම්මා සච්ඡිකාතබ්බා? පඤ්ච ධම්මක්ඛන්ධා: සීලක්ඛන්ධො, සමාධික්ඛන්ධො, පඤ්ඤාක්ඛන්ධො, විමුත්තික්ඛන්ධො, විමුත්තිඤාණදස්සනක්ඛන්ධො. ඉමෙ පඤ්ච ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJTසාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම පස කවර යැ? ශීලස්කන්‍ධය, සමාධිස්කන්‍ධය, ප්‍රඥාස්කන්‍ධය, විමුක්තිස්කන්‍ධය, විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය යන ධර්‍මස්කන්‍ධ පස යැ. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම පස යැ.
Pali BJTඉති ඉමෙ පඤ්ඤාස ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
Sinhala BJTමෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ පනස් දහම්හු තථාගතයන් වහන්සේ විසින් තමන් ම මොනොවට වෙසෙසි නුවණින් අවබෝධ කරන ලද්දාහ.
Pali BJTඡ ධම්මා
Sinhala BJTෂට්කය
Pali BJT7. ඡ ධම්මා බහුකාරා -පෙ- ඡ ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJT7. බහුපකාර ධර්‍ම සයෙක … සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම සයෙකි.
Pali BJTකතමෙ ඡ ධම්මා බහුකාරා? ඡ සාරාණීයා ධම්මා: ඉධාවුසො භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTබහුපකාර ධර්‍ම සය කවර යැ? සාරාණීය (සංරඤ්ජනීය) ධර්‍ම සය යැ: ඇවැත්නි, මෙහි මහණක්හුගේ මෛත්‍රී සහගත කායකර්‍මය සබ්රම්සරුවන් කෙරෙහි ප්‍රකට ව ද රහසේ ද එළැඹ සිටියේ වෙයි. මේ සාරාණීය ධර්‍මය ද ප්‍රිය කරන ප්‍රිය කටයුත්තකු කරන ගරුකරන ගරුකටයුතු කරන සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, අවිහිංසාව පිණිස, සමගිය පිණිස, එකමුතු බව පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො මෙත්තං වචීකම්මං -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණහුගේ මෛත්‍රී සහගත වාක්කර්‍මය … එකමුතු බව පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො මෙත්තං මනොකම්මං -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණහුගේ මෛත්‍රීසහගත මනඃකර්‍මය ... එකමුතු බව පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකාධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී. අයම්පි ධම්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණහට දැහැමි වූ, දැහැමින් ලැබුණු, යටත් පිරිසෙයින් පාත්‍රයට ප්‍රමාණ දෑ වූ ද යම් ලාභ කෙනෙක් වෙත් ද, එ බඳු වූ ලාභයන්ගෙන් අප්‍රතිවිභක්තභෝගී (අමිස වශයෙන් හෝ පුද්ගල වශයෙන් බෙදීමක් නැති ව යළදන්නෝ) වේ ද, සිල්වත් සබ්රම්සරුවන් හා සාධාරණ පරිභෝගයෙන් එය වළඳන්නේ වේ ද, මේ සාරාණීය ධර්‍මය ද, ප්‍රිය කරනු පිණිස ගරුකරනු පිණිස සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, සමගිය පිණිස, එකමුතු බව පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, අඛණ්ඩ වූ අච්ඡි දා වූ අසබල වූ (අකල්මාෂ වූ) භුජිශ්‍ය වූ නුවණැත්තන් විසින් පසස්නා ලද, අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වු, යම් ශීලධර්‍ම කෙනෙක් ඇද්ද, මහණ තෙමේ එ බඳු වූ ශීලවිෂයෙහි සබ්රම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද ශීලයෙන් සමාන බවට පැමිණියේ වෙසෙයි ද, මේ සාරාණීය ධර්‍මය ද … ඒකී භාවය පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු යා’යං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය අවිහෙසාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. ඉමෙ ඡ ධම්මා බහුකාරා.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියෙක් එය පිළිපදනාහට මොනවට දුක් නැසෙනු පිණිස පවතී ද, මහණ තෙමේ එබඳු දෘෂ්ටියෙන් සබ්රම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද දෘෂ්ටි සාමාන්‍ය ගත වැ (දෘෂ්ටියෙන් සමාන බවට පැමිණියෙක් වැ) වෙසෙයි ද, මේ සාරාණීය ධර්‍මය ද ප්‍රිය කරන ගරුකරන වෙයි, සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, ඒකී භාවය පිණිස, පවතී. මේ බහූපකාර ධර්‍ම සය යැ.
Pali BJTකතමෙ ඡ ධම්මා භාවෙතබ්බා? ඡ අනුස්සතිට්ඨානානි: බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති. ඉමෙ ඡ ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTභාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්‍ම සය කවර යැ? බුද්ධානුස්මෘතිය, ධර්‍මානුස්මෘතිය, සංඝානුස්මෘතිය, ශීලනානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දේවතානුස්මෘතිය යන අනුස්මෘති ස්ථාන සය යැ. මේ භාවයිතව්‍ය ධර්‍ම සය යැ.
Pali BJTකතමෙ ඡ ධම්මා පරිඤ්ඤෙය්යා? ඡ අජ්ඣත්තිකානි ආයතනානි: චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං. ඉමෙ ඡ ධම්මා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTපරිඥේය ධර්‍ම සය කවර යැ? චක්‍ෂුරායතනය, ශ්‍රෝත්‍රායතනය, ඝ්‍රාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනආයාතනය යන ආධ්‍යාත්මික ආයතන සය යැ. මේ පරිඥේය ධර්‍ම සය යැ.
Pali BJTකතමෙ ඡ ධම්මා පහාතබ්බා? ඡ තණ්හාකායා: රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා. ඉමෙ ඡ ධම්මා පහාතබ්බා.
Sinhala BJTප්‍රහාතව්‍ය ධර්‍ම සය යැ? රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්‍ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව, ධර්‍ම තෘෂ්ණාව යන තෘෂ්ණකාය සය යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම සය යි.
Pali BJTකතමෙ ඡ ධම්මා හානභාගියා? ඡ අගාරවා: ඉධාවුසො භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය -පෙ- අප්පමාදෙ -පෙ- පටිසන්ථාරෙ අගාරවො විහරති අප්පතිස්සවො. ඉමෙ ඡ ධම්මා හානභාගියා.
Sinhala BJTහානභාගික ධර්‍ම සය කවර යැ? අගෞරව සය යැ: ඇවැත්නි, මෙහි මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි: ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි … ශික්‍ෂාව කෙරෙහි … අප්‍රමාදයෙහි … පිළිසඳර කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි. මේ හානභාගික ධර්‍ම සය යි.
Pali BJTකතමෙ ඡ ධම්මා විසෙසභාගියා? ඡ ගාරවා: ඉධාවුසො භික්ඛු සත්ථරි සගාරවො විහරති සප්පතිස්සවො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය -පෙ- අප්පමාදෙ -පෙ- පටිසන්ථාරෙ සගාරවො විහරති සප්පතිස්සවො. ඉමෙ ඡ ධම්මා විසෙසභාගියා.
Sinhala BJTවිශේෂභාගික ධර්‍ම සය කවර යැ? ගෞරව සය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි. ධර්‍මය කෙරෙහි … සංඝයා කෙරෙහි … ශික්‍ෂාව කෙරෙහි … අප්‍රමාදයෙහි … පිළිසඳරෙහි ගෞරව ඇත්තේ, යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි මේ විශේෂභාගික ධර්‍ම සය යැ.
Pali BJTකතමෙ ඡ ධම්මා දුප්පටිවිජ්ඣා? ඡ නිස්සරණියා ධාතුයො: ඉධාවුසො, භික්ඛු එවං වදෙය්ය: මෙත්තා හි ඛො මෙ ආවුසො, චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මෙ බ්යාපාදො චිත්තං පරියාදාය තිට්ඨතීති. සො ‘මාහෙවන්ති’ස්ස වචනීයො, මා’යස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං මෙත්තාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. අථ ච පනස්ස බ්යාපාදො චිත්තං පරියාදාය ඨස්සතීති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො බ්යාපාදස්ස යදිදං මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සය කවර යැ? නිඃසරනික ධාතු සය යැ ‘ඇවැත්නි, මා විසින් මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිතය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත යැ, අනුත්‍ථිත යැ, පරිචිත යැ (පුරුදු කරන ලද්දේ යැ), සුසමාරබ්ධ යැ, එතෙකුදු වුවත් ව්‍යාපාදය මා සිත හාත්පසින් ගෙන සිටී යැ’ යි මෙසේ මෙහි මහණෙක් කියන්නේ නම්, ‘මෙසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො නඟා වා, භාග්‍යවතුන් වහන්සේට දොස නැඟීම නො මැනවි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක, ඇවැත්නි, මෛත්‍රීචිත්ත විමුක්තිය භාවිත කල්හි, බහුලීකෘත කල්හි, යානීකෘත කල්හි, වාස්තුකෘත කල්හි, අනුත්‍ථිත කල්හි, පරිචිත කල්හි, සුසමාරබ් ධ කල්හි, එසේ කලැ ව්‍යාපාදය ඔහුගේ සිත හාසත්පසින් ගෙන සිටී යන යමෙක් ඇද්ද, ඇවැත්නි, මෙය නො කරුණෙක, අවකාශ නැත්තෙක, මේ කාරණය අවිද්‍යමාන යැ’යි ඒ මහණ තෙමේ කියැ යුතු (ඒ මහණහට කියනු සුදුසු යැ). කවර හෙයිනැ? ඇවැත්නි, මෛත්‍රී චිත්ත විමුක්තිය යන යමෙක් ඇද්ද මෙය ව්‍යාපාදයාගේ නිඃසරණය යැ, එහෙයිනි.
Pali BJTඉධ පනාවුසො, භික්ඛු එවං වදෙය්ය: කරුණා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. අථ ච පන මෙ විහෙසා චිත්තං පරියාදාය තිට්ඨතී ති. සො’මා හෙවන්ති’ස්ස වචනීයො, මා’යස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි -පෙ- නිස්සරණං හෙතං ආවුසො, විහෙසාය යදිදං කරුණා චෙතොවිමුත්ති.
Sinhala BJTඇවැත්නි, මා විසින් කරුණා චිත්තවිමුක්තිය භාවිත යැ, බහුලීකෘත යැ, යානි කෘත යැ, වාස්තුකෘත යැ, අනුත්‍ථිත යැ, පරිචිත යැ, සුසමාරබ්ධ යැ. එතෙකුදු වුවත් විහිංසාව මා සිත හාත්පසින් ගෙන සිටී යැ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ නම්, ‘මෙසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො නඟා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නැඟීම නො මැනැවි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේකැ …’ යි ඒ මහණ තෙමේ මෙසේ කියැ යුතු වන්නේ ය. කවර හෙයින? ඇවැත්නි, කරුණාචිත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය විහිංසාවගේ නිඃසරණය යැ. එහෙයිනි.
Pali BJTඉධාවුසො, භික්ඛු එවං වදෙය්ය: මුදිතා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා -පෙ- අථ ච පන මෙ අරති චිත්තං පරියාදාය තිට්ඨතී’ති. සො ‘මා හෙවන්ති’ස්ස වචනීයො, මායස්මා එවං අවච -පෙ- නිස්සරණං හෙතං ආවුසො අරතියා යදිදං මුදිතාචෙතොවිමුත්ති.
Sinhala BJTඇවැත්නි, ‘මා විසින් මුදිතා චිත්තවිමුක්තිය භාවිත යැ … එතෙකුදු වුවත් අරතිය මා සිත හාත්පසින් ගෙන සිටී යැ’ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ එසේ නහමක් කියා වා ... යි හෙ තෙමේ මෙසේ කියැ යුතු වන්නේ ය. කවර හෙයින? ඇවැත්නි, මුදිතා චේතෝවිමුක්ති යන යමෙක් ඇද්ද, මෙය අරතියගේ නිඃසරණය යැ. එහෙයිනි.
Pali BJTඉධ පන ආවුසො, භික්ඛු එවං වදෙය්ය: උපෙක්ඛා හි ඛො මෙ ආවුසො, චෙතොවිමුත්ති භාවිතා -පෙ- අථ ච පන මෙ රාගො චිත්තං පරියාදාය තිට්ඨතී ති. -පෙ- නිස්සරණං හෙතං ආවුසො රාගස්ස යදිදං උපෙක්ඛා චෙතොවිමුත්ති.
Sinhala BJTඇවැත්නි, ‘මා විසින් උපේක්‍ෂා චේතෝවිමුක්තිය භාවිත යැ … එතෙකුදු වුවත් රාගය මා සිත හාත්පසින් ගෙන සිටී යැ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියා වා’ ආයුෂ්මත් තෙමේ එසේ නහමක් කියා වා …’ යි මෙසේ ඒ මහණ තෙමේ කිය යුතු වන්නේ ය. ඒ කවර හෙයින? ඇවැත්නි, උපේක්‍ෂා චේතෝවිමුක්ති යන යමෙක් ඇද්ද, මෙය රාගයාගේ නිඃසරණය යැ. එහෙයිනි.
Pali BJTඉධ පනාවුසො, භික්ඛු එවං වදෙය්ය: අනිමිත්තා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා -පෙ- අථ ච පන මෙ තං නිමිත්තානුසාරි ඤාණං හොතී ති. -පෙ- නිස්සරණං හෙතං ආවුසො, සබ්බනිමිත්තානං යදිදං අනිමිත්තා චෙතොවිමුත්ති.
Sinhala BJTඇවැත්නි, ‘මා විසින් අනිමිත්ත චේතෝවිමුක්තිය භාවිත යැ … එතෙකුදු වුවත් මගේ ඒ නුවණ (රාගනිමිත්තාදි) නිමිති අනුව යන්නේ වේ යැ’ යි කියන්නේ නම්, ‘එසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ එසේ නහමක් කියා වා …’ යි මෙසේ ඒ මහණ තෙමේ කියැ යුතු වන්නේ ය. ඒ කවර හෙයින? ඇවැත්නි, අනිමිත්ත චේතෝවිමුක්ති යන යමෙක් ඇද්ද, මෙය සියලු නිමිතීන්ගේ නිඃසරණය යැ, එහෙයිනි.
Pali BJTඉධ පන ආවුසො, භික්ඛු එවං වදෙය්ය: අස්මී ති ඛො මෙ විගතං, අයමහමස්මී ති න සමනුපස්සාමි. අථ ච පන මෙ විචිකිච්ඡා කථංකථාසල්ලං චිත්තං පරියාදාය තිට්ඨතී ති. සො ‘මා හෙවන්ති’ස්ස වචනීයො, මා’යස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං. න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො, අනවකාසො, යං අස්මීති විගතෙ අයමහමස්මීති අසමනුපස්සතො, අථ ච පනස්ස විචිකිච්ඡා කථංකථාසල්ලං චිත්තං පරියාදාය ඨස්සතී ති, නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො විචිකිච්ඡා කථංකථාසල්ලස්ස, යදිදං අස්මීති මානස්ස සමුග්ඝාතො. ඉමෙ ඡ ධම්මා දුප්පටිවිජ්ඣා.
Sinhala BJTඇවැත්නි, ‘මම වෙමි’ යන මගේ අස්මි මානය පහ විය. ‘මේ මම වෙමි’ යි නො දකිමි. එතෙකුදු වුවත් මාගේ සැකය, කථංකථාශල්‍යය (කෙසේ ද කෙසේ දැ’ යි විමති කරන සැක හුල) හාත්පසින් මගේ සිත ගෙන සිටී’ යැ යි මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියන්නැ, ආයුෂ්මත් තෙමේ එසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො කියන්න, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නො මැනැව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක. ඇවැත්නි, ‘වෙමි’ යි අස්මිමානය පහ වූ කල්හි, මේ ‘මම් වෙමි’ යි නො දක්නාහට මෙසේ සැක ඇති වීම යන මෙය නො කරුණෙක. මෙය අවකාශ නැත්තෙක. එතෙකුදු වුවත් විචිකිච්ඡාව වූ කථංකථාසල්ලය ඔහු සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මේ කාරණය නැත, මෙය අවිද්‍යමාන ය. කවර හෙයින? යම් අස්මිමානකගේ මුල් සිඳීමෙක් වේ ද, මෙය විචිකිච්ඡා සංඛ්‍යාත කථංකථාසල්ලයාගේ නිඃසරණය වේ. එ හෙයිනි. මේ දුෂ්ප්‍රතිධ්‍යධර්‍ම සය යැ.
Pali BJTකතමෙ ඡ ධම්මා උප්පාදෙතබ්බා? ඡ සතතවිහාරා: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො. උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය, නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො. ඉමෙ ඡ ධම්මා උප්පාදෙතබ්බා.
Sinhala BJTඋත්පාදයිතව්‍ය ධර්‍ම සය කවර යැ? සතතවිහාර සය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම ඇසින් රුවක් දැක සතුටු ද නො ම වෙයි. නො සතුටු ද නො ම වෙයි, සිහි ඇත්තේ, නුවණින් දන්නේ, උපේක්‍ෂක ව ම වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අඝා … දිවින් රසක් විඳ … කයින් ස්ප්‍රෂ්ටව්‍යක් පැහැස … මනසින් දහමක් සිතා සතුටු ද නො ම වෙයි, නො සුතුටු ද නො ම වෙයි, සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්‍ෂක ව ද වෙසෙයි. මේ උත්පාදයිතව්‍ය ධර්‍ම සය යැ.
Pali BJTකතමෙ ඡ ධම්මා අභිඤ්ඤෙය්යා? ඡ අනුත්තරියානි: දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියං. ඉමෙ ඡ ධම්මා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTඅභිඥෙය ධර්‍ම සය කවර යැ? අනුත්තරිය දර්‍ශනය, අනුත්තරිය ශ්‍රවණය, අනුත්තරිය ලාභය, අනුත්තරිය ශික්‍ෂාව, අනුත්තරිය පාරිචර්‍ය්‍යාව, අනුත්තරි අනුස්මෘතිය යන අනුත්තරිය සය යි. මේ අභිඥෙය ධර්‍ම සය යැ.
Pali BJTකතමෙ ඡ ධම්මා සච්ඡිකාතබ්බා? ඡ අභිඤ්ඤා: ඉධාවුසො, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ වා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති සරාගං වා චිත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති-සෙය්යථිදං, එකම්පි ජාතිං ද්වෙ පි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉමෙ ඡ ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJTසාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම සය කවර යැ? අභිඥා සය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නොයෙක් ඍද්ධිවිධ ලබයි … බඹ ලොව දක්වා ද කයින් වශය පවත්වයි. මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය ඉක්මි පිරිසිදු දිව කනින් දුරැ වූ ද ළඟැ වූ ද දිව්‍ය වූ ද මානුෂක වූ ද යන දෙ හඬ ම අසයි. රාග සහිත සිත රාග සහිත සිතැ යි … නො මිදුණු සිත නොමිදුණු සිතැ යි දනී. මෙසේ අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ දනී. එක් ජාතියක් ද ජාති දෙකක් දැ … යි අනේකවිධ පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ ආකාර සහිත උද්දේස සහිත, අනේක විධ පූර්වේනිවාසය සිහි කරයි. මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්ක හැකි පිරිසිදු දිවැසින් … කම් වූ පරිදි මිය යන නැවත උපදනා සතුන් දැනගනී. ආස්‍රවයන්ගේ විනාශයෙන් ආස්‍රව රහිත වූ, චේතෝවිමුක්තිය ද (ඵල සමාධිය ද) ප්‍රඥා විමුක්තිය ද (ඵල ඥානය ද) මේ අත්බව්හි ම තෙමේ ම වෙසෙයි නුවණින් දැන පසක් කොට ලැබ වෙසෙයි. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සය යැ.
Pali BJTඉති ඉමෙ සට්ඨි ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
Sinhala BJTමෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ මේ සැටෙක් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට අවබෝධ කරන ලදුහ.
Pali BJTසත්තධම්මා
Sinhala BJTසප්තධර්‍මයෝ
Pali BJT8. සත්ත ධම්මා බහුකාරා, සත්ත ධම්මා භාවෙතබ්බා, සත්ත ධම්මා පරිඤ්ඤෙය්යා, සත්ත ධම්මා පහාතබ්බා, සත්ත ධම්මා හානභාගියා, සත්ත ධම්මා විසෙසභාගියා, සත්ත ධම්මා දුප්පටිවිජ්ඣා, සත්ත ධම්මා උප්පාදෙතබ්බා, සත්ත ධම්මා අභිඤ්ඤෙය්යා, සත්ත ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJT8. බහූපකාර ධර්‍ම සතෙක, භාවයිතව්‍ය ධර්‍ම සතෙක, පරිඥේය ධර්‍ම සතෙක, ප්‍රහාතව්‍ය ධර්‍ම සතෙක, හානභාගිය ධර්‍ම සතෙක, විසේසභාගිය ධර්‍ම සතෙක, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සතෙක, උත්පාදයිතව්‍ය ධර්‍ම සතෙක, අභිඥෙය ධර්‍ම සතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සතෙක.
Pali BJTකතමෙ සත්ත ධම්මා බහුකාරා? සත්ත අරියධනානි: සද්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත්තප්පධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං. ඉමෙ සත්ත ධම්මා බහුකාරා.
Sinhala BJTබහූපකාර ධර්‍ම සත කවර යැ? ශ්‍රද්ධාධනය, ශීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, ශ්‍රැතධනය, ත්‍යාගධනය, ප්‍රඥාධනය යන ආර්‍ය ධන සත යැ. මේ බහූපකාර ධර්‍ම සත යැ.
Pali BJTකතමෙ සත්ත ධම්මා භාවෙතබ්බා? සත්තසම්බොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, විරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ සත්ත ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTභාවයිතව්‍ය ධර්‍ම සත කවර යැ? සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජඣඞ්ඝය, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යන සප්ත සම්බෝධ්‍යඞ්ඝයෝ යැ. මේ භාවයිතව්‍ය ධර්‍ම සත යැ.
Pali BJTකතමෙ සත්ත ධම්මා පරිඤ්ඤෙය්යා? සත්ත විඤ්ඤාණට්ඨිතියො: සන්තාවුසො සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTපරිඥේය ධර්‍ම සත කවර යැ? විඥානස්ථිති සත යැ: ඇවැත්නි, මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ දැ යි කායනානාත්‍වය (කයින් වෙනස් බව) ඇති, සංඥානානාත්‍වය (ප්‍රතිසන්‍ධිසංඥා වශයෙන් උනුනට වෙනස් බව) ද ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු වන විඥානස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, ලොවැ කල්පාරම්භසමයයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියෝ යම් සේ ද එසේ වූ කායනානාත්‍වය ඇති ප්‍රතිසන්‍ධි සංඥා ඒකත්‍වය ඇති (එක ම ව වර්‍ගයේ ප්‍රතිසන්‍ධි සිතින් උපන්) සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි විඥානස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, ආභාස්වර දෙවියන් සේ වූ, කායෛකත්‍වය (කයින් එක් බඳු බව) ඇති, සංඥානානාත්‍වය (ප්‍රතිසන්‍ධි සංඥාවගේ විවිධතාව) ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ තෙවෙනි විඥානස්ථිති යැ.
Pali BJTසන්තාවුසො සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියන් සේ වූ කායෛකත්‍වය (කයින් එක් බඳු බව) ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවේ ද එක්බඳු බව ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සතරවන විඥානස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කම්ම -පෙ- අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමී විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, රූපසංඥා හැම ලෙසින් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා දුරු වැ යෑමෙන්, නානාත්‍වසංඥා නොමෙනෙහි කිරීමෙන්, ආකාශප්‍රඥප්තිය අනන්ත යැ යි දැක, එහි සිත පිහිටුවා, ආකාසානඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ පස්වැනි විඥානස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, හැම ලෙසින් ම අනන්ත වූ කසිණුග්ඝාටිමාකාස අරමුණ ඉක්මැ, විඥානය අනන්ත යැ යි ධ්‍යාන වඩා, විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි විඥානස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමී විඤ්ඤාණට්ඨිති. ඉමෙ සත්ත ධම්මා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTඇවැත්නි, හැම ලෙසින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි බවා, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි විඥානස්ථිති ය යැ. මේ පරිඥේය ධර්‍ම සත යැ.
Pali BJTකතමෙ සත්ත ධම්මා පහාතබ්බා? සත්තානුසයා: කාමරාගානුසයො, පටිඝානුසයො, දිට්ඨානුසයො, විචිකිච්ඡානුසයො, මානානුසයො, භවරාගානුසයො, අවිජ්ජානුසයො. ඉමෙ සත්ත ධම්මා පහාතබ්බා.
Sinhala BJTප්‍රහාතව්‍ය ධර්‍ම සත කවර යැ? කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, මානානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය ය යන අනුශය සත යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම සත යැ.
Pali BJTකතමෙ සත්ත ධම්මා හානභාගියා? සත්ත අසද්ධම්මා: ඉධාවුසො භික්ඛු අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති. ඉමෙ සත්ත ධම්මා හානභාගියා.
Sinhala BJTහානභාගික ධර්‍ම සත කවර යැ? ඇවැත්නි, මෙහි මහණෙක් ශ්‍රද්ධා නැත්තේ වෙයි ද, පවට ලජ්ජා නැත්තේ වෙයි ද, පවට බිය නැත්තේ වෙයි ද, අල්පශ්‍රැත වෙයි ද, කුසීත වෙයි ද, නටුවා වූ සිහි ඇත්තේ වෙයි ද, ප්‍රඥා නැත්තේ වෙයි ද (ඔහු කෙරෙහි වූ ඒ අශ්‍රද්ධාදීහු) අසද්ධර්‍ම සත යැ. මොහු හානභාගිය ධර්‍ම සත යැ.
Pali BJTකතමෙ සත්ත ධම්මා විසෙසභාගියා? සත්ත සද්ධම්මා: ඉධාවුසො භික්ඛු සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතස්සති හොති, පඤ්ඤවා හොති. ඉමෙ සත්ත ධම්මා විසෙසභාගියා.
Sinhala BJTවිශේෂභාගික ධර්‍ම සත කවර යැ? සද්ධර්‍ම සත යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම ශ්‍රද්ධා ඇත්තේ වෙයි, පවට ලජ්ජා ඇත්තේ වෙයි, පවට බිය ඇත්තේ වෙයි, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ (බහුශ්‍රුත) වෙයි, වැඩූ වීර්‍ය්‍ය ඇත්තේ වෙයි, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා ඇත්තේ වෙයි. මේ සද්ධර්‍ම සත යැ. මොහු විශේෂභාගික ධර්‍ම සත යැ.
Pali BJTකතමෙ සත්ත ධම්මා දුප්පටිවිජ්ඣා? සත්ත සප්පුරිසධම්මා: ඉධාවුසො භික්ඛු ධම්මඤ්ඤූ ච හොති, අත්ථඤ්ඤූ ච, අත්තඤ්ඤූ ච, මත්තඤ්ඤූ ච, කාලඤ්ඤූ ච, පරිසඤ්ඤූ ච, පුග්ගලඤ්ඤූ ච. ඉමෙ සත්ත ධම්මා දුප්පටිවිජ්ඣා.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සත කවර යැ? සත්පුරුෂ ධර්‍ම සත යැ: ඇවැත්නි, මෙහි මහණ ධර්‍මය දන්නේ ද වෙයි, අර්‍ත්‍ථ දන්නේ ද වෙයි, තමා දන්නේ ද වෙයි, පමණ දන්නේ ද වෙයි, කල් දන්නේ ද වෙයි, පිරිස දන්නේ ද වෙයි, පුඟුලන් දන්නේ ද වෙයි. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සත යැ.
Pali BJTකතමෙ සත්ත ධම්මා උප්පාදෙතබ්බා? සත්ත සඤ්ඤා: අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, පහාණසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා. ඉමෙ සත්ත ධම්මා උප්පාදෙතබ්බා. 8
Sinhala BJTඋත්පාදයිතව්‍ය ධර්‍ම සත කවර යැ? අනිත්‍යසංඥා, අනාත්මසංඥා, අශුභසංඥා, ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, යන සංඥා සත යැ. මොහු උත්පාදයිතව්‍ය ධර්‍ම සත යැ.
Pali BJTකතමෙ සත්ත ධම්මා අභිඤ්ඤෙය්යා? සත්ත නිද්දසවත්ථූනි: ඉධාවුසො භික්ඛු සික්ඛාසමාදානෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච සික්ඛාසමාදානෙ අවිගතපෙමො, ධම්මනිසන්තියා තිබ්බඡන්දො හොති ආයතිඤ්ච ධම්මනිසන්තියා අවිගතපෙමො, ඉච්ඡාවිනයෙ තිබ්බඡන්දො හොති, ආයතිඤ්ච ඉච්ඡාවිනයෙ අවිගතපෙමො, පටිසල්ලානෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච පටිසල්ලානෙ අවිගතපෙමො, විරියාරම්භෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච විරියාරම්භෙ අවිගතපෙමො. සතිනෙපක්කෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච සතිනෙපක්කෙ අවිගතපෙමො, දිට්ඨිපටිවෙධෙ තිබ්බඡන්දො හොති ආයතිඤ්ච දිට්ඨිපටිවෙධෙ අවිගතපෙමො. ඉමෙ සත්ත ධම්මා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTඅභිඥෙය ධර්‍ම සත කවර යැ? නිර්දශ වස්තු සත යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම ශික්‍ෂා සමාදානයෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි ද ධර්‍ම නිශාන්තියෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ඉච්ඡාවිනයයෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි ද ඉච්ඡාවිනයයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ප්‍රතිසංල්ලයනයෙහි (එකලා වැ හිඳීමෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි දු ප්‍රතිසංල්ලයනයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. කායික චෛතසික වීර්‍ය්‍ය පිරීමෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි වීර්‍ය්‍ය පිරීමෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් දැඩි කැමැත්තේ මත්තෙහි ද සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් නොපහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. දෘෂ්ටිප්‍රතිවේධයෙහි (මාර්‍ගදර්‍ශනයෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි ද දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. මේ අභිඥෙය ධර්‍ම සත යැ.
Pali BJTකතමෙ සත්ත ධම්මා සච්ඡිකාතබ්බා? සත්ත ඛීණාසවබලානි: ඉධාවුසො ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. යම්පාවුසො ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ‘ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTසාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සත කවර යැ? ක්‍ෂීණාස්‍රව බල සත යැ: ඇවැත්නි, මෙහි ක්‍ෂීණාස්‍රව (රහත්) භික්‍ෂුහු විසින් සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් සම්‍යක්ප්‍රඥායෙන් තතු වූ පරිදි මොනොවට දක්නා ලද්දාහු වෙත්. යම් බලයක් නිසා රහත් මහණ ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ආස්‍රවයන්ගේ විනාශය පිළින කෙරෙයි ද මේ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
Pali BJTපුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTතව ද අනෙකෙක් ඇත. ඇවැත්නි, රහත් මහණහු විසින් කාමයෝ ගිනි අගුරු වළක් බඳු හ යි සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළිනකෙරෙයි ද මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි .
Pali BJTපුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං විවෙකට්ඨං නෙක්ඛම්මාභිරතං ව්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහි. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTතව ද අනෙකෙක . ඇවැත්නි, රහත් මහණහුගේ සිත විවේකයට (නිවනට) නැමුණේ, විවේකයට නතු වූයේ, විවේකයට බර වූයේ, විවේකයෙහි (නිවනෙහි) පිහිටියේ නෛෂ්කාම්‍යයෙහි (නිවනෙහි) ඇලුණේ, ආස්‍රවයනට කරුණු වූ දැයින් (ත්‍රෛභූමක සංස්කාර කෙරෙන්) හැම සැටියෙන් ම ඉවත් වූයේ වෙයි. ඇවැත්නි, යම් බලයක් නිසා ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි.
Pali BJTපුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් සතර සතිපට්ඨානයෝ භාවිත වෙත්, මොනොවට වඩන ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා, ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි.
Pali BJTපුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් පංච ඉන්‍ද්‍රියෝ භාවිත වෙත්, මොනොවට වඩන ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා, ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි.
Pali BJTපුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො සත්ත බොජ්ඣඞ්ගා භාවිතා හොන්ති සුභාවිතා. යම්පාවුසො -පෙ- ‘ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත්, මොනොවට වඩන ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා … ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි පිළින කෙරෙයි ද, මේ ද රහත් මහණහුගේ එක් බලයෙක් වෙයි.
Pali BJTපුන චපරං ආවුසො ඛීණාසවස්ස භික්ඛුනො අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො. යම්පාවුසො ඛීණාසවස්ස භික්ඛුනො අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො. ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති. යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ‘ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් අරි අටැඟි මඟ භාවිත වෙයි, මොනොවට වඩන ලද්දේ වෙයි. යම් බලයක් නිසා රහත් මහණ ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ආස්‍රවක්‍ෂයය (රහත් බව) පිළින කෙරෙයි ද, මේ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
Pali BJTඉමෙ සත්ත ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJTමේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සත යැ.
Pali BJTඉති මෙ සත්තති ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
Sinhala BJTමෙසේ භූත (සත්‍ය) වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ සැත්තෑවෙක් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට විශිෂ්ටඥානයෙන් දන්නා ලදුහ.
Pali BJTඅට්ඨ ධම්මා
Sinhala BJTඅෂ්ට ධර්‍මයෝ
Pali BJT9. අට්ඨ ධම්මා බහුකාරා -පෙ- අට්ඨ ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJT9. බහූපකාර ධර්‍ම අටෙක, … සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම අටෙක.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා බහුකාරා? අට්ඨ හෙතූ අට්ඨ පච්චයා ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තන්ති. කතමෙ අට්ඨ:
Sinhala BJTබහූපකාර ධර්‍ම අට කවර යැ? අට දෙනෙක් හේතුහු අට දෙනෙක් ප්‍රත්‍යයයෝ නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාවගේ (මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට හෙවත් අරි අටැඟි මඟට පූර්‍වභාගයෙහි වූ තරුණ ශමථ විදර්‍ශනා ප්‍රඥාවගේ) ලැබීම පිණිස ද, ලත් එකී ප්‍රඥාවගේ වැඩීම පිණිස, මහත් බව පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතිත්. කවර අට දෙනෙක් ද යත්:
Pali BJTඉධාවුසො භික්ඛු සත්ථාරං චා උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං, යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති, පෙමං ච ගාරවො ච. අයං පඨමො හෙතු, පඨමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJTඇවැත්නි, මෙහි මහණ තෙම, යමක්හු කෙරෙහි ඔහුගේ දැඩි හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, ප්‍රේමයත් ගෞරවයත් එළැඹ සිටියේ වේ ද, එසේ වූ ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තන්හි වූ එක්තරා සබරම් සරුවක්හු හෝ ඇසුරු කොට වෙසෙයි. මේ පළමු හේතුව, මේ පළමු ප්‍රත්‍යය නොලත් ආදි බ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාවගේ ලැබීම පිණිසත් ලත් එකී ප්‍රඥාවගේ වැඩීම පිණිසත් මහත් බව පිණිසත් භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිසත් පවතී.
Pali BJTතං ඛො පන සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති පෙමං ච ගාරවො ච. තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති ඉදං භන්තෙ කථං? ඉමස්ස කො අත්ථො ති? තස්ස තෙ ආයස්මන්තො අවිවටං චෙව විවරන්ති අනුත්තානීකතඤ්ච උත්තානීකරෙන්ති අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. අයං දුතියො හෙතු දුතියො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJTමහණ තෙමෙ, යමක්හු කෙරෙහි ඔහුගේ හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, ප්‍රේමයත් ගෞරවයත් එළැඹ සිටියාහු වෙත් ද, එසේ වූ ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තන්හි වූ එක්තරා සබරම් සරුවකු හෝ ඇසුරු කොට වෙසෙයි, කලින් කලැ ඔවුන් කරා එළැඹැ, ‘වහන්ස, මෙය කෙසේ ද? මෙහි අරුත් කිම් දැ’ යි පුනපුනා විචාරයි, පුනපුනා ප්‍රශ්න කෙරෙයි. ඒ ආයුෂ්මත්හු ඔහුට හෙළි නො වූ දෑ හෙළි කෙරෙත්, අප්‍රකට දෑ ප්‍රකට කෙරෙත්, නොයෙක් අයුරු සැකයට කරුණු වූ දහම්හි සැක දුරැලත්. මේ හේතුව, මේ ප්‍රත්‍යයය වනාහි නො ලත් ආදී බ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස ද ලත් එකී ප්‍රඥාව වැඩෙනු පිණිස මහත්වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස ද පවතී.
Pali BJTතං ඛො පන ධම්මං සුත්වා ද්වයෙන වූපකාසෙන සම්පාදෙති කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච. අයං තතියො හෙතු තතියො පච්චයො ආදිබ්රහ්මචරියිකායපඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJTඒ ධර්‍මය අසා කායවිවේකයෙන් ද චිත්තවිවේකයෙන් ද යන විවේක දෙකින් එය සම්පාදනය කෙරෙයි. මේ තුන්වැනි හේතුව තුන්වැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං චතුත්ථො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමෙ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් හැවුරුණේ, ආචාරගෝචර සම්පන්න වූයේ, ස්වල්පමාත්‍ර ද වරදෙහි බිය දක්නා සුලු වූයේ, සිල්වත් වෙයි. සමාදන් කොට ගෙන ශික්‍ෂාපදයන්හි හික්මෙයි. මේ සතරවන හේතුව, සතරවන ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස මහත් වනු පිණිස භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා’ස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. අයං පඤ්චමො හෙතු පඤ්චමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ බහුශ්‍රුත (බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ) වෙයි, ශ්‍රැතධර (ඇසූ දෑ සිතින් දරන්නේ) වෙයි, ශ්‍රැතසන්නිචය (ඇසූ දෑ සිතැ රැස් කොට ගෙන සිටිනුයේ) වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත වූ ව්‍යංජන සහිත වූ යම් ධර්‍ම කෙනෙක් හැම ලෙසින් පරිපූර්‍ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙත් ද, එසේ වූ ධර්‍මයෝ ඔහු විසින් බොහෝ සෙයින් අසන ලද්දාහු ද සිතින් දරන ලද්දාහු ද වචනයෙන් පුරුදු කරන ලද්දාහු ද සිතින් යලි යලි බලන ලද්දාහු ද දෘෂ්ටියෙන් (ප්‍රඥායෙන්) මොනොවට පිළිවිදුනා ලද්දාහු ද වෙත්. මේ පස්වැනි හේතුව, පස්වැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස ද ලද්දාහු වැඩෙනු පිණිස මහත් වනු පිණිස භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස ද පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවං දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අයං ඡට්ඨො හෙතු ඡට්ඨො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ අකුසල් දහමුන් බැහැරැ කරනු පිණිස, කුසල් දහම් සැපයෙනු පිණිස ශක්ති ඇත්තේ දැඩි වීර්‍ය්‍ය ඇත්තේ කුසල් දහම්හි නො බහා තැබූ ධුර (වීර්‍ය්‍ය) ඇත්තේ කරන ලද වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. සවැනි හේතුව, සවැනි ප්‍රත්‍යයය නො ලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. අයං සත්තමො හෙතු සත්තමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ උතුම් සිහි නුවණින් සමන්‍විත වූයේ, බොහෝ කලකට පෙරැ කළ දෑ ද බොහෝ කලකට පෙරැ කී දෑ ද සිහිකරන්නේ අනුස්මරණය කරන්නේ සිහි ඇත්තේ වෙයි. මේ සත්වැනි හේතුව, සත්වැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථංගමො, ඉති වෙදනා ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථංගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථංගමො, ඉති සඞ්ඛාරා ඉති සඞ්ඛාරානං සමුදයො. ඉති සඞ්ඛාරානං අත්ථංගමො. ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථංගමො ති. අයං අට්ඨමො හෙතු අට්ඨමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති. ඉමෙ අට්ඨ ධම්මා බහුකාරා.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ‘රූපය මෙසේ යැ, රූපය හටගන්නා හේතුව මෙසේ යැ, රූපය නැසී යෑම මෙසේ යැ, වේදනාව මෙසේ යැ, වේදනාව හටගන්නා හේතුව මෙසේ යැ, වේදනාව නැසී යෑම මෙසේ යැ, සංඥාව මෙසේ යැ, සංඥාව උපදනා හේතුව මෙසේ ය, සංඥාව නැසී යෑම මෙසේ යැ, සංස්කාරයෝ මෙසේ ය, සංස්කාරයන් උපදනා හේතුව මෙසේ යැ, සංස්කාරයන් නැසී යෑම මෙසේ යැ, විඥානය මෙසේ යැ, විඥානය උපදනා හේතු මෙසේ යැ, විඥානය නැසී යෑම මෙසේ යැ යි උපාදානස්කන්‍ධ පසෙහි ඉපැත්මත් නැස්මත් අනුව බලනසුලු ව වෙසෙයි. මේ අටවැනි හේතුව අටවැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී. මේ බහූපකාර ධර්‍ම අට යැ.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා භාවෙතබ්බා? අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාසංකප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. ඉමෙ අට්ඨ ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTභාවයිතව්‍ය ධර්‍ම අට කවර යැ? ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යැ. එය මෙසේ යැ: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන අට යැ. මේ භාවයිතව්‍ය ධර්‍ම අට යැ.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා පරිඤ්ඤෙය්යා? අට්ඨ ලොකධම්මා: ලාභො ච, අලාභො ච, අයසො ච, යසො ච, නින්දා ච, පසංසා ච, සුඛං ච, දුක්ඛං ච. ඉමෙ අට්ඨ ධම්මා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTපරිඥේය ධර්‍ම අට කවර යැ? ලාභය ද අලාභය ද අයශස ද යශස ද නින්‍දාව ද ප්‍රශංසාව ද සුව ද දුක ද යන අටලෝදහම් යැ. මේ පරිඥේය (පිරිසිඳැ දත යුතු) ධර්‍ම අට යැ.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා පහාතබ්බා? අට්ඨ මිච්ඡත්තා: මිච්ඡාදිට්ඨි, මිච්ඡාසංකප්පො, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්තො, මිච්ඡාආජීවො, මිච්ඡාවායාමො, මිච්ඡාසති, මිච්ඡාසමාධි. ඉමෙ අට්ඨ ධම්මා පහාතබ්බා.
Sinhala BJTප්‍රහාතව්‍ය ධර්‍ම අට කවර යැ? මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යාසඞ්කල්පය, මිථ්‍යාවචනය, මිථ්‍යාකර්‍මාන්තය, මිථ්‍යාආජීවය, මිථ්‍යාව්‍යායාමය, මිථ්‍යාස්මෘතිය, මිථ්‍යාසමාධිය යන මිථ්‍යාත්‍ව අට යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම අට යැ.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා හානභාගියා? අට්ඨ කුසීතවත්ථූනි: ඉධාවුසො භික්ඛුනා කම්මං කාතබ්බං හොති. තස්ස එවං හොති: කම්මං ඛො මෙ කාතබ්බං භවිස්සති, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං කුසීතවත්ථු.
Sinhala BJTහානභාගික ධර්‍ම අට කවර යැ? කුශීදවස්තු අට යැ: ඇවැත්නි, මෙහි මහණක්හු විසින් (කුදුමහත්) කටයුත්තක් කළ යුතු වෙයි. ‘මා විසින් කටයුත්තක් කළ යුතු වන්නේ ය. ඒ කටයුත්ත කරන මගේ කය වෙහෙසෙන්නේ ය. එ බැවින් දැන් මම් සැතපෙමි’ යි ඔහුට මෙසේ සිත් වෙයි. හේ වැදහෙයි. නොපැමිණි (ධ්‍යානාදියකට) පැමිණීමට, නොලත් ධ්‍යානාදියක් ලබනුවට, සාක්‍ෂාත් නො කළ (ධර්‍මයක්) සාක්‍ෂාත් කරනුවට වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ පළමු වන කුශීදවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: අහං ඛො කම්මං අකාසිං, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලන්තො, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න විරියං ආරභති -පෙ- ඉදං දුතියං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් (කුදු මහත්) කටයුත්තෙක් කරන ලදුයේ වෙයි. ‘මම් වනාහි කටයුත්තක් කෙළෙමි, කර්‍මය (ඒ කටයුත්ත) කරන මගේ කය වෙහෙසුණේ ය. එබැවින් මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි, … වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ දෙවෙනි කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති: මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න විරියං ආරභති, -පෙ- ඉදං තතියං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟ යෑ යුතු වෙයි. ‘මා විසින් මඟ යෑ යුතු වන්නේ ය, මඟ යන මගේ කය වෙහෙසෙන්නේ ය, එබැවින් දැන් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. … වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ තෙවෙනි කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති: අහං ඛො මග්ගං අගමාසිං, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලන්තො, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න විරියං ආරභති, -පෙ- ඉදං චතුත්ථං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟ යන ලදුයේ වෙයි. ‘මම මඟ ගියෙමි මඟ යන මගේ කය වෙහෙසිණ. එබැවින් දැන් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. … වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ සතරවැනි කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: “අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං, තස්ස මෙ කායො කිලන්තො අකම්මඤ්ඤො, හන්දාහං නිපජ්ජාමී”ති. -පෙ- ඉදං පඤ්චමං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙම ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයේ කැමැති තාක් රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුනක් කුස පුරා නො ලබයි. ‘මම් ගමැ, හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයෙම් කුස පුරා රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුනක් නො ලදිමි. ඒ මගේ කය ක්ලාන්ත යැ. අකර්‍මණ්‍ය යැ. එබැවින් මම් දැන් වැදැහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි … මේ පස් වන කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො ගරුකො අකම්මඤ්ඤො මාසාචිතං මඤ්ඤෙ, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති. -පෙ- ඉදං ඡට්ඨං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙම ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයේ, කැමැති තාක් රූක්‍ෂ හෝ ප්‍රණීත වූ කුසපුරා අහරක් ලබයි. ‘මම් ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හසිරෙනුයෙම්, රූක්‍ෂ හෝ ප්‍රණීත අහරක් කැමැති තාක් කුස පුරා ලදිමි. ඒ මගේ කය බර යැ, අකර්‍මණ්‍ය යැ, දියෙන් පෙඟුණු මෑ බඳු යැ. එබැවින් දැන මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. … හේ වැදහෙයි. මේ සවන කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො, තස්ස එවං හොති: උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො, අත්ථි කප්පො නිපජ්ජිතුං, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති. -පෙ- ඉදං සත්තමං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණකුට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. වැදහෝනට සුදුසු බව ඇත. එබැවින් මම වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි … මේ සත් වැනි කුශීදවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගිලානා වුට්ඨිතො හොති, අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති: ‘අහං ඛො ගිලානා වුට්ඨිතො, අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස මෙ කායො දුබ්බලො අකම්මඤ්ඤො, අත්ථි කප්පො පනිජ්ජිතුං, හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති. -පෙ- ඉදං අට්ඨමං කුසීතවත්ථු. ඉමෙ අට්ඨ ධම්මා හානභාගියා.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ගිලන් බැවින් නැඟී සිටියේ, ගිලන් බැවින් නැඟීසිටි නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුට ‘මම් වනාහි ගිලන් බැවින් නැඟීසිටියෙම්, ගිලන්බැවින් නැගීසිටි නොබෝ කල් ඇතියෙම් වෙමි. ඒ මගේ කය දුබල ය, අකර්‍මණ්‍යය, වැද හෝනට සුදුසු බව ඇත. එබැවින් මම වැදහෙමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි ... මේ අටවන කුශීද වස්තුව යැ. මේ හානභාගික ධර්‍ම අට යැ.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා විසෙසභාගියා? අට්ඨ ආරම්භවත්ථූනි: ඉධාවුසො භික්ඛුනා කම්මං කාතබ්බං හොති තස්ස එවං හොති: ‘කම්මං ඛො මෙ කාතබ්බං භවිස්සති, කම්මං ඛො පන මෙ කරොන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසි කාතුං, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං ආරම්භවත්ථු.
Sinhala BJTවිශේෂභාගික ධර්‍ම අට කවර යැ? ආරම්භ වස්තු (වීර්‍ය්‍යයට කරුණු) අට යැ. ඇවැත්නි, මහණක්හු විසින් කටයුත්තෙක් කළ යුතු වෙයි. ‘මා විසින් වූ කලි කටයුත්තෙක් කළ යුතු වන්නේ ය. කටයුත්තක් කරන මා විසින් බුදුරජුන්ගේ සසුන මෙනෙහි කරන්නට නො හැක්ක. එ හෙයින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩමි’යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩයි. මේ පළමුවන ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: ‘අහං ඛො කම්මං ආකාසිං, කම්මං ඛො පනාහං කරොන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං විරියං ආරභාමි. -පෙ- ඉදං දුතියං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් කටයුත්තෙක් කරන ලද්දේ වෙයි. ‘මම් වූ කලි කටයුත්තක් කෙළෙමි. මම් කටයුත්ත කරනුයෙම්, බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට නො හැකි වීමි. එහෙයින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, පසක් නොකළ ධ්‍යානාදි පසක් කිරීමට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩයි. මේ දෙවෙනි ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති: ‘මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං විරියං ආරභාමි. -පෙ- ඉදං තතියං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟෙක් යෑ යුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි: මා විසින් මඟෙක් යෑ යුතු වෙයි. මඟ යන මා විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු නො වේ. එබැවින් මම් … වැර වඩමි … මේ තෙවෙනි ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති: ‘අහං ඛො මග්ගං අගමාසිං, මග්ගං ඛො පනාහං ගච්ඡන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං විරියං ආරභාමි’. -පෙ- ඉදං චතුත්ථං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟෙක් යන ලදුයේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි: ‘මම් වූ කලි මඟක් ගියෙමි. මඟ යන මම් බුදුරජුන් සස්න මෙනෙහි කරන්නට නො හැකි වීමි. එහෙයින් මම් වැර වඩමි. මේ සතර වන ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං, තස්ස මෙ කායො ලහුකො කම්මඤ්ඤො, හන්දාහං විරියං ආරභාමි’. -පෙ- ඉදං පඤ්චමං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මම් වූ කලි ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලදිමි. ඒ මගේ කය හෑල්ලු යැ. කර්‍මණ්‍ය යැ. එබැවින් මම් වැර වඩමි යි වැර වඩයි. මේ පස් වන ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො බලවා කම්මඤ්ඤො, හන්දාහං විරියං ආරභාමි’ -පෙ- ඉදං ඡට්ඨං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලබයි. ඔහුට ‘මම් වූ කලි ගමැ හෝ නියම් ගමැ හෝ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ සිරුර ශක්තිමත් යැ, කර්‍මණ්‍ය යැ. එබැවින් මම් වැර වඩමි’ යි … වැර වඩයි. මේ සවන ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො. තස්ස එවං හොති: ‘උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො, ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආබාධො පවඩ්ඪෙය්ය, හන්දාහං විරියං ආරභාමි’ -පෙ- ඉදං සත්තමං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණකුහට අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ඔහුට ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ ම වෙයි. මගේ ආබාධය වැඩෙන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන යැ. එබැවින් මම් වැර වඩමි’ යි … වැර වඩයි. මේ සත්වන ආරම්භක වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගිලානා වුට්ඨිතො හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති: ‘අහං ඛො ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා, ඨානං ඛො පනෙතං විජ්ජති, යං මෙ ආබාධො පච්චුදාවත්තෙය්ය, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායාති. ඉදං අට්ඨමං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගිලන් බැවින් නැඟී සිටියේ, ගිලන් බැවින් නැඟී සිටි නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුට ‘මම් වූ කලි ගිලන් බැවින් නැඟී සිටියෙමි, ගිලන් බැවින් නැඟී සිටි නොබෝකල් ඇත්තෙම් වෙමි. මගේ මේ ආබාධය වටාලා නැඟී එන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන යැ. එබැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ අටවන ආරම්භක වස්තුව යැ.
Pali BJTඉමෙ අට්ඨ ධම්මා විසෙසභාගියා.
Sinhala BJTමොහු විශේෂභාගික ධර්‍ම අට යැ.
Pali BJTකතමෙ අට්ඨ ධම්මා දුප්පටිවිජ්ඣා? අට්ඨ අක්ඛණා අසමයා බ්රහ්මචරියවාසාය. ඉධාවුසො තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයඤ්ච පුග්ගලො නිරයං උපපන්නො හොති. අයං පඨමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම අට කවර යැ? බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට (මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව වැඩීමට) නොහැකි කාල වූ අක්‍ෂණ අටෙක: ඇවැත්නි, මෙහි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ උපන්සේක් වෙති, කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන, මාර්‍ගඥානප්‍රතිවේධයට යන, සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙම නිරයට පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ පළමු වන අක්‍ෂණය යැ.
Pali BJTපුන චපරං ආවුසො තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො, අයඤ්ච පුග්ගලො තිරච්ඡානයොනිං උපපන්නො හොති. අයං දුතියො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගත්යන් වහන්සේ ලොවැ උපන්සේක් වෙති. කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙමේ තිරශ්චීනයෝනියට (උත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ දෙවෙනි අක්‍ෂණය යැ.