Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 5110

SegmentPali BJTSinhala BJT
Pali BJTඅථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන් වැ උනස්නෙන් නැඟිට පැදකුණු කොට නික්මැ ගියේ ය.
Pali BJT87. අථ ඛො භගවා අචිරපක්කන්තස්ස රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස භික්ඛූ ආමන්තෙසි: ඛතායං භික්ඛවෙ රාජා, උපහතායං භික්ඛවෙ රාජා. සචායං භික්ඛවෙ රාජා පිතරං ධම්මිකං ධම්මරාජානං ජීවිතා න වොරොපෙස්සථ ඉමස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උප්පජ්ජිස්සථාති.
Sinhala BJT87. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ නික්මැ ගිය නොබෝ වේලායෙහි භික්‍ෂූන් අමතා, “මහණෙනි, මේ රජ සිය පියා නැසීමෙන් කළ කර්‍මාපරාධයෙන් උදුරාලූ උපනිඃශ්‍රය සම්පත් නැමැති මුල් ඇත්තේ ඉදුරුණේ වෙයි. එහෙයින් ම (නටුවා වූ ප්‍රතිෂ්ඨා ඇත්තෙන්) නටුයේ වෙයි. මහණෙනි, ඉදින් මේ රජ දැහැමි වූ, දැහැමෙන් රජ බවට පැමිණි පියා ජීවිතයෙන් තොර නො කෙළේ වී නම්, මේ අස්නෙහි ම (මෙතන්හි දි ම) රාගාදි කෙලෙස් රජස් රහිත, පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස (සෝවාන්මඟනැණ) මොහුට පහළ වූයේ වනැ”යි වදාළ සේක.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එ මහණහු සතුටු සිතැත්තෝ උන්වහන්සේගේ වචන පිළිගත්හ.
Pali BJTසාමඤ්ඤඵලසුත්තං නිට්ඨිතං දුතියං.
Sinhala BJTදෙවෙනි වූ ශ්‍රාමණ්‍යඵල සූත්‍රය නිමියේ ය.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTඅම්බට්ඨසුත්තං
Sinhala BJTඅම්බට්ඨ සූත්‍රය
Pali BJT1. එවං මෙ{1} සුතං එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන ඉච්ඡානඞ්ගලං{2} නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. තත්ර සුදං භගවා ඉච්ඡානඞ්ගලෙ{3} විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් බික්සඟන හා කොසොල් රටැ සැරි සරණ සේක්, කොසොල් රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණු ගමට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගමට නොදුරෙ හි වූ ඉච්ඡානඞ්ගල වනලැහැබෙහි වැඩ වසන සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන බ්රාහ්මණො පොක්ඛරසාති{4} උක්කට්ඨං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසෙනදිනා{5} කොසලෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං. අස්සොසි ඛො බ්රාහ්මණො පොක්ඛරසාති:
Sinhala BJT2. එ සමයෙහි වනාහි පොක්ඛරසාති නම් බමුණු තෙමේ බහුජනාකිර්‍ණ වූ, තණ දඬු දිය යන මෙයින් යුක්ත වූ, බොහෝ ධාන්‍ය ඇති, රජහු කෙරෙන් ලත් තමාගේ පරිභෝග වස්තුව වූ, රජහුගේ දායාද්‍යය(දානය) වූ බ්‍රහ්මදේයය වූ, (රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ), පසේනදී කොසොල් රජුහු දුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ උක්කට්ඨා නුවරැ වෙසෙයි. හෙ තෙමේ (රටෙහි පැතිරැ ගිය) මතු දැක්වෙන කථාව ඇසී ය:
Pali BJT“සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි ඉච්ඡානඞ්ගලං අනුප්පත්තො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි{6} සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා.{7} සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං{8} කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT“භවත්නි, ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවැදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වනාහි භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහබික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, කොසොල්රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් ගමට වැඩි සේක්, එයට නොදුරෙහි වූ ඉච්ඡානඞ්ගල වන ළෑහැබෙහි වසන සේක. ඒ භාගවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත නම්හ, ලෝකවිත් (ලොව දන්නා)හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්‍වවර්‍ගයා, තමන් ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට, දන්වන සේක. ‘උන් වහන්සේ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදි) මනා අර්‍ත්‍ථ ඇති, මනා (සම්පූර්‍ණ) ව්‍යංජන ඇති, සර්‍වාකාර පරිපූර්‍ණ, පිරිසිදු ධර්‍මය දෙසන සේක. එසේ දෙසන්නෝ ද (අධිශීල අධිචිත්ත අධිපඥා යන ත්‍රිශික්‍ෂායෙන් සංගෘහිත වූ)සකල ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය පවසන සේක. එබඳු රහතුන් දැක්ම වූ කලී හිත වැඩ ගෙනැ දෙන්නෙකැ’යි ඒ භගවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ වූ භද්‍ර වූ කීර්ත්තිශබ්දයෙක් උස් වැ නැංගේ වේ” යනුයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස අම්බට්ඨො නාම මාණවො{9} අන්තෙවාසී හොති අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො අනුඤ්ඤාතපටිඤ්ඤාතො සකෙ ආචරියකෙ තෙවිජ්ජකෙ පාවචනෙ යමහං ජානාමි තං ත්වං ජානාසි, යං ත්වං ජානාසි තමහං ජානාමීති.
Sinhala BJT3. එසමයෙහි වූ කලි පොක්ඛරසාති බමුණාට වේද හදාරන, වේදයන් මුඛපාඨයෙන් දරන, නිඝණ්ටු කෙටුභශාස්ත්‍ර සහිත අක්‍ෂර ප්‍රභේද (ශික්‍ෂා හා නිරුක්ති) සහිත, ඉතිහාසය පස්වනු කොටැති ත්‍රිවේදයන්ගේ පරතෙර පත්, පදපාඨ දන්නා, තදන්‍ය සියලු ව්‍යාකරණ ද දන්නා, ලෝකායතශාස්ත්‍රයෙහිත් මහා පුරුෂලක්‍ෂණශාස්ත්‍රයෙහිත් නිපුණ වූ, ඇදුරන් විසින් උගන්වන ලද තිවිද්‍යා සංඛ්‍යාත ශ්‍රේෂ්ඨවචනයෙහි, ‘මා දන්නා සියල්ල තෝ දනිහි’ යැ යි ගුරුහු විසින් අනුදන්නා ලද, ‘ඔබ දන්නා සියල්ල මම් දනිමැ’යි තමා විසින් කරන ලද ප්‍රතිඥා ඇති අම්බට්ඨ නම් මාණවකයෙක් අතැවැසි වෙයි.
Pali BJT4. අථ ඛො බ්රාහ්මණො පොක්ඛරසාති අම්බට්ඨං මාණවං ආමන්තෙසි: “අයං තාත අම්බට්ඨ සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි ඉච්ඡානඞ්ගලං අනුප්පත්තො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ.
Sinhala BJT4. ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙම අම්බට්ඨ මාණවකයා බණවා මෙ සේ කී ය: “දරුව අම්බට්ඨය, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මැ පැවිදි වූ මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහ බික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, ඉච්ඡානංගලයට පැමිණියෝ එයට නොදුරැ වූ ඉච්ඡානංගල වන ළැහැබෙහි වසන සේක.”
Pali BJTතං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: “ඉතිපි සො භගවා, අරහං සම්මාසම්බුද්ධො -පෙ- බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT“මෙසේ මෙසේ ඒ භාග්‍යයවතුන් වහන්සේ අර්‍හත්හ, ... සම්‍යක්සම්බුද්ධයහ, … බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරන සේක. එබඳු රහතුන් දැක්ම හිත වැඩ ගෙන දෙන්නෙකැ’යි ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ වූ කීර්ත්තිශබ්දයෙක් උස් වැ නැංගේ වේ.”
Pali BJTඑහි ත්වං තාත අම්බට්ඨ, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා සමණං ගොතමං ජානාහි යදි වා තං භවන්තං ගොතමං තථාසන්තංයෙව සද්දො අබ්භුග්ගතො, යදි වා නො තථා, යදි වා සො භවං ගොතමො තාදිසො, යදි වා න තාදිසො, තථා මයං තං භවන්තං ගොතමං වෙදිස්සාමාති.
Sinhala BJTදරුව අම්බට්ඨය, එන්නැ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කරා එළැඹෙන්නැ. එළැඹැ, “ඒ භාග්‍යවතුන් වහන්සේගේ එසේ විද්‍යාමාන වූ ම ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද? නැතහොත් එසේ විද්‍යාමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳු ම ද? නැතහොත් එබඳු නො වෙත් දැ?” යි ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැනැ ගන්නැ. එසේ අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන ගන්නමු” යනුයි.
Pali BJT5. “යථා කථං පනාහං භො තං භවන්තං ගොතමං ජානිස්සාමි යදි වා තං භවන්තං ගොතමං තථාසන්තංයෙව සද්දො අබ්භුග්ගතො, යදි වා නො තථා, යදි වා සො භවං ගොතමො තාදිසො යදි වා න තාදිසො”ති.
Sinhala BJT5. “භවත, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ එසේ විද්‍යාමාන වූ ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද? නැත හොත් එසේ විද්‍යාමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් තමයන් වහන්සේ එබඳු ම ද? නැත හොත් එබඳු නො වෙත් දැ’යි මම් කෙසේ නම් දැන ගත හෙන්නෙම් ද ?”යි (අම්බට්ඨ මාණවකයා කීය.)
Pali BJT6. “ආගතානි ඛො තාත අම්බට්ඨ, අම්හාකං මන්තෙසු ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා: සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්තරතනානි භවන්ති. සෙය්යථිදං: චක්කරතනං, හත්ථිරතනං, අස්සරතනං, මණිරතනං, ඉත්ථිරතනං, ගහපතිරතනං, පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති.
Sinhala BJT6. “දරුව අම්බට්ඨය, යමෙකින් සමන්‍විත මහාපුරුෂයක්හට නිෂ්ඨා දෙකක් ම විනා එයින් අනෙකක් නැත් ද, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් දැහැමි වූ, දැහැමෙන් ම රජය ලත්, සිවු මුහුදු හිම් කොට ඇති සතර මහද්වීපයෙන් සැදුණු මුළු පොළවට අධිපති, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්‍විත සක්විති රජෙක් වන්නේ ද, සක්රුවන ය, ඇත්රුවන ය, අස්රුවනය, මිණිරුවන ය, ඉතිරිරුවන ය, ගැහැවිරුවන ය, සත්වන පිරිනාරුවන ය, යන මේ සත්රුවන් කෙනෙක් යම් ඒ රජෙක් හට ඇත් ද, දහසකටත් වැඩි ශූර වූ (නොබාන සුලු), දෙව් කුමරුන් වැනි සිරුරු ඇති, සතුරු සෙන් මඩනට සමත් වූ, පුත්හු ඇත් ද, යම් ඒ මහාපුරිස්ලකුණින් යුත් හේ සයුර හිම් කොටැති මේ පොළොව දංඩෙන් සැතින් වෙන් වැ (පන්සිල්) දහමෙන් වෙසෙසින් දිනා එයට අධිපති වැ වෙසේ ද; -
Pali BJTසචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො{1}. අහං ඛො පන තාත අම්බට්ඨ මන්තානං දාතා ත්වං මන්තානං පටිග්ගහෙතා”ති.
Sinhala BJTඉදින් යම් මහපුරිස්ලකුණු කෙනකුන්ගෙන් සමන්‍විත හේ ගිහිගෙන් නික්මැ පැවිදි වදනේ නම් නැසූ පව් සෙවෙණි ඇති (නොහොත් ත්‍රිවර්‍ගයෙන් හා තුන් සෙවෙණියෙන් මිදුණු) අර්‍හත් සම්‍යක්සම්බුද්ධෝත්තමයෙක් වන්නේ ද, දරුව අම්බට්ඨ ය, එසේ වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෝ අපගේ වේදයෙහි ආවහු ම ය. දරුව අම්බට්ඨ ය, මම වනාහි මන්ත්‍ර (වේද) දෙන (=උගන්වන) තැනැත්තෙම් වෙමි. තෝ මන්ත්‍ර පිළිගන්නා තැනැත්තෙහි” (යයි පොක්ඛරසාති තෙම කී ය.)
Pali BJT“එවං භො’ති ඛො අම්බට්ඨො මාණවො බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස පටිස්සුත්වා උට්ඨායාසනා බ්රාහ්මණං පොක්ඛරසාතිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා වළවාරථමාරුය්හ සම්බහුලෙහි මාණෙවහි{1} සද්ධිං යෙන ඉච්ඡානඞ්ගලවනසණ්ඩො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකො’ව ආරාමං පාවිසි.
Sinhala BJT“පින්වත්නි, (යම්සේ තෙපි කියවු නම්) එසේ කරන්නෙමි” යි අම්බට්ඨ මාණවකායා පොක්ඛරසාති බමුණාට පිළිවදන් දී, හුනස්නෙන් නැගී සිටැ, ඔහු සකසා වැඳ පැදකුණු කොට වෙළඹුන් යෙදූ රියක් නැඟ බොහෝ මාණවකයන් හා ඉච්ඡානංගල වනළැහැබ බලා නික්මුණේ ය. යානයට බිම් යම් පමණෙක් ද එතෙක් (යානයෙන් යෑ හැකි තාක් ) යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇතියේ ම (පයින් ම) ආරාමයට පිවිසියේ ය.
Pali BJT7. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අබ්භොකාසෙ චඞ්කමන්ති. අථ ඛො අම්බට්ඨො මාණවො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “කහන්නු ඛො භො එතරහි සො භවං ගොතමො විහරති? තං හි මයං භවන්තං ගොතමං දස්සනාය ඉධූපසඞ්කන්තා”ති.
Sinhala BJT7. එසමයෙහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි සක්මන් කෙරෙත්. ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමේ ඒ භික්‍ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඒ භික්‍ෂූන්ගෙන් ‘භවත්නි, ඒ භවත් ගෞතමයෝ දැන් කොහි වසනන්නෝ ද? අපි වූ කලි ඒ භවද් ගෞතමයන් දක්නා පිණිස මෙහි එළැඹියම්හ’ යි මෙය කී ය.
Pali BJT8. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අයං ඛො අම්බට්ඨො මාණවො අභිඤ්ඤාතකොලඤ්ඤො චෙව අභිඤ්ඤාතස්ස ච බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස අන්තෙවාසී. අගරු ඛො පන භගවතො එවරූපෙහි කුලපුත්තෙහි සද්ධිං කථාසල්ලාපො හොතී”ති. තෙ අම්බට්ඨං මාණවං එතදවොචුං: “එසො අම්බට්ඨ විහාරො සංවුතද්වාරො. තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙහි. විවරිස්සති තෙ භගවා ද්වාරන්ති.”
Sinhala BJT8. එකල්හි ඒ භික්‍ෂූන්හට “මේ අම්බට්ඨ මාණවකයා වූ කලි ප්‍රකට කුලයෙක උපන්නෙක් ද ප්‍රසිද්ධ පොක්ඛරසාති බමුණාගේ අතැවැස්සෙක් ද වේ. මෙබඳු කුලපුතුන් හා කතාබස් කිරීම භාග්‍යවතුන් වහන්සේට බරෙක් නම් නො වේ ම යැ”යි මේ සිත විය. ඔහු අම්ට්ඨ මාණවකයාට “අම්බට්ඨය, මේ වැසූ දොර ඇතියේ විහාරය යි. නිශ්ශබ්ද වැ එතැනට ගොස්, සෙමෙන් පිලට පිවිස කාරා අගුල ළඟට නියපිටින් ගසව. (එවිට) භාග්‍යවතුන් වහන්සේ දොර හරනා සේකැ”යි කීහ.
Pali BJT9. අථ ඛො අම්බට්ඨො මාණවො යෙන සො විහාරො සංවුතද්වාරො තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙසි. විවරි භගවා ද්වාරං. පාවිසි අම්බට්ඨො මාණවො. මාණවකා’පි පවිසිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අම්බට්ඨො පන මාණවො චඞ්කමන්තො’පි නිසින්නෙන භගවතා කඤ්චි කඤ්චි කථං සාරාණීයං වීතිසාරෙති. ඨිතො’පි නිසින්නෙන භගවතා කඤ්චි කඤ්චි කථං සාරාණීයං වීතිසාරෙති.
Sinhala BJT9. එවිට අම්බට්ඨ මාණවක තෙම වැසූ දොර ඇති ඒ වෙහෙරට නිහඬ වැ එළැඹ සෙමෙන් ගඳකිළි පිලට වැද කාරා අගුල සමීපයට නිය පිටින් ගැසී ය. (එවිට) භාග්‍යවතුන් වහන්සේ දොර හළ සේක. අම්බට්ඨ මාණවක තෙමේ (විහාරයට) පිවිසියේ ය. මාණවකයෝ ද පිවිසැ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිහි කරනුවට (සිතැරදවනුවට) නිසා වූ කතා බස් අවසන් කොට, එක් පසෙක හිඳැ ගත්හ. අම්බට්ඨ මාණවකයා වූ කලි තෙමේ සක්මන් කෙරෙමිනුත් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ හා යම් යම් කිසි සාරාණීය කථා කෙරෙයි, සිටැ ගෙනත් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ හා යම් යම් සාරාණීය කථා කෙරෙයි.
Pali BJT10. අථ ඛො භගවා අම්බට්ඨං මාණවං එතදවොච: එවන්නු ඛො තෙ{2} අම්බට්ඨ, බ්රාහ්මණෙහි වුද්ධෙහි මහල්ලකෙහි ආචරියපාචරියෙහි සද්ධිං කථාසල්ලාපො හොති යථයිදං චරං තිට්ඨං නිසින්නෙන මයා කඤ්චි කඤ්චි කථං සාරාණීයං වීතිසාරෙතී?”ති
Sinhala BJT10. එකලැ භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා බණවා, “අම්බට්ඨය, යම්සේ යමිනුත් සිටිමිනුත් තෝ හුන් මා හා කිසි යම් සාරාණීය කථා කෙරෙහි නම් තගේ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය වූ, වයසින් වැඩී සිටි, මහලු බමුණන් හාත් එපරිද්දෙන් ම තගේ කතා බස් කිරීම වේ දැ?” යි ඇසූ සේක.
Pali BJT“නො හිදං භො ගොතම. ගච්ඡන්තො වා හි භො ගොතම ගච්ඡන්තෙන බ්රාහ්මණො බ්රාහ්මණෙන සද්ධිං සල්ලපිතුමරහති. ඨිතො වා හි භො ගොතම ඨිතෙන බ්රාහ්මණො බ්රාහ්මණෙන සද්ධිං සල්ලපිතුමරහති. නිසින්නො වා හි භො ගොතම නිසින්නෙන බ්රාහ්මණො බ්රාහ්මණෙන සද්ධිං සල්ලපිතුමරහති. සයානො වා හි භො ගොතම සයානෙන බ්රාහ්මණො බ්රාහ්මණෙන සද්ධිං සල්ලපිතුමරහති. යෙ ච ඛො තෙ භො ගොතම මුණ්ඩකා සමණකා ඉබ්භා කණ්හා{2} බන්ධුපාදාපච්චා, තෙහිපි මෙ සද්ධිං එවං කථාසල්ලාපො හොති යථරිව භොතා ගොතමෙනා”ති.
Sinhala BJT(එවිටැ අම්බට්ඨ මාණවක තෙම) “භවද් ගෞතමය, එසේ නොවේ ම ය. යන බමුණහු යන බමුණක්හු හා ම කතා කරනු හෝ වටී. සිටි බමුණහු සිටිනා බමුණක්හු හා ම හෝ කතා කරනු වටී. හුන් බමුණා හුන් බමුණකු හා ම කතා කරනු හෝ වටී. හෝනා බමුණහු හෝනා බමුණකු හා ම කතා කරනු හෝ වටී. එහෙත් භවත් ගෞතමය, ගැහැවි වූ, කළු වන් වූ බඹහු පතුලෙන් උපන් යම් මුඬු මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් හාත් මගේ කථාසංලාපය භවත් ගෞතමයා හා කතා කරන පරිද්දෙන් ම වේ” (යැ යි කී ය.)
Pali BJT11. “අත්ථිකවතො ඛො පන තෙ අම්බට්ඨ ඉධාගමනං අහොසි. යායෙව ඛො පනත්ථාය ආගච්ඡෙය්යාථො තමෙව අත්ථං සාධුකං මනසි කරෙය්යාථො{1}. අවුසිතවා යෙව ඛො පන භො අයං අම්බට්ඨො මාණවො වුසිතමානී{2} කිමඤ්ඤත්ර අවුසිතත්තා”ති.
Sinhala BJT11. (එවිටැ භාග්‍යවතුන් වහන්සේ,) “අම්බට්ඨය, පැමිණ කළ යුතු වැඩක් සඳහා ම තගේ මෙහි පැමිණීම විය. යම් කරුණක් සඳහා ආයෙහි නම් ඒ කරුණ ම මැනවින් මෙනෙහි කරව. භවත්නි, මේ අබට්ඨ මාණවක තෙමේ ඇදුරු කුලෙහි නො හික්මුණේ අල්පශ්‍රැත වූයේ ‘හික්මුණෙමි’යි ‘බහුශ්‍රැතයෙමි’ යි යන මාන ඇත්තේ වෙයි. මොහු මේ පරොස් බස් දොඩනුයේ ඇදුරු කුලයෙහි නොහික්මුණු අල්පශ්‍රැතබැවින් ම විනා අන් කරුණෙකින් නො වේ” (යැ යි වාදාළ සේක.)
Pali BJT12. අථ ඛො අම්බට්ඨො මාණවො භගවතා අවුසිතවාදෙන වුච්චමානො කුපිතො අනත්තමනො භගවන්තංයෙව ඛුංසෙන්තො භගවන්තංයෙව වම්භෙන්තො භගවන්තංයෙව උපවදමානො සමණො ච මෙ භො ගොතමො පාපිතො භවිස්සතීති භගවන්තං එතදවොච: “චණ්ඩා භො ගොතම සක්යජාති, ඵරුසා භො ගොතම සක්යජාති, ලහුසා භො ගොතම සක්යජාති, රභසා භො ගොතම සක්යජාති, ඉබ්භා සන්තා ඉබ්භා සමානා න බ්රාහ්මණෙ සක්කරොන්ති න බ්රාහ්මණෙ ගරුකරොන්ති න බ්රාහ්මණෙ මානෙන්ති න බ්රාහ්මණෙ පූජෙන්ති න බ්රාහ්මණෙ අපචායන්ති. තයිදං භො ගොතම නච්ඡන්නං තයිදං නප්පටිරූපං යදිමෙ සක්යා ඉබ්භා සන්තා ඉබ්භා සමානා න බ්රාහ්මණෙ සක්කරොන්ති න බ්රාහ්මණෙ ගරුකරොන්ති න බ්රාහ්මණෙ මානෙන්ති න බ්රාහ්මණෙ පූජෙන්ති න බ්රාහ්මණෙ අපචායන්තීති.
Sinhala BJT12. එකල්හි අම්බට්ඨ මාණවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් අවුසිතවාදයෙන් (නොහික්මුණෙක, නොඋගතෙක යන කථායෙන්) කියනු ලබනුයේ, කිපුණේ, නොසතුටු සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේට ම ආක්‍රෝශ කරනුයේ, භාග්‍යවතුන් වහන්සේට ම ගර්‍හා කරනුයේ, භාග්‍යවතුන් වහන්සේට ම දොස් නගනුයේ, ශ්‍රමණ ගෞතම තෙමේත් චණ්ඩභාවාදී දෝෂයට මා විසින් පමුණුවන ලද්දේ වන්නේ යැ යි සිතා, “භවද් ගෞතමය, ශාක්‍යජාතිය චණ්ඩ ය. භවද් ගෞතමය, ශාක්‍යජාතිය පරුෂ ය. භවද්ගෞතමය, ශාක්‍යජාතිය හෑල්ලු ය (වහා පෙරැළෙන සුලු ය). ශාක්‍ය ජාතිය දොඩමලු ය. තුමූ (බමුණනට මෙහෙකරු විය යුතු) ගෘහපතියෝ ම වන්නෝ නුමුදු බමුණනට සත්කාර නො කෙරෙත්. බමුණනට ගෞරව නො කෙරෙත්. බමුණනට බුහුමන් නො කෙරෙත්. බමුණන් නො පුදත්. බමුණනට යටත් පැවැතුම් නො දක්වත්. භවද් ගෞතමය, මේ ශාක්‍යෙයෝ බමුණනට (මෙහෙකරු වියැ යුතු ) ගැහැවියෝ වන්නෝ ම බමුණනට සත්කාර නො කෙරෙත් ය, බමුණනට ගෞරව නො කෙරෙත් ය, බමුණනට බුහුමන් නො කෙරෙත් ය, බමුණනට නොපුදත් ය, බමුණනට යටත් පැවැතුම් නො දක්වත් ය යන යමක් ඇද්ද, ඒ මේ කරුණ නො සුදුසු ය, ඒ මේ කරුණ නො නිසි යැ”යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් කී ය.
Pali BJTඉතිහ අම්බට්ඨො මාණවො ඉදං පඨමං සක්කෙසු ඉබ්භවාදං නිපාතෙසි.
Sinhala BJTමෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ පළමු වන ඉබ්භවාදය (බමුණන්ගේ දාසයෝ ය යන නිග්‍රහ කථාව) හෙළී ය.
Pali BJT13. “කිම්පන තෙ අම්බට්ඨ, සක්යා අපරද්ධුන්ති?”
Sinhala BJT13. එවිට භාග්‍යවතුන් වහන්සේ, ‘කිමෙක් ද අම්බට්ඨය, ශාක්‍යෙයෝ තට කිසි වරදක් කළෝ දැ?’යි වදාළ සේක.
Pali BJT“එක මිදාහං භො ගොතම, සමයං ආචරියස්ස බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස කෙනචිදෙව කරණීයෙන කපිලවත්ථුං අගමාසිං. යෙන සක්යානං සන්ථාගාරං තෙනුපසඞ්කමිං. තෙන ඛො පන සමයෙන සම්බහුලා සක්යා චෙව සක්යකුමාරා ච සන්ථාගාරෙ උච්චෙසු ආසනෙසු නිසින්නා හොන්ති අඤ්ඤමඤ්ඤං අඞ්ගුලිපතොදකෙහි සඤ්ජග්ඝන්තා සංකීළන්තා අඤ්ඤදත්ථු මමඤ්ඤෙව මඤ්ඤෙ අනුජග්ඝන්තා. න මං කොචි ආසනෙන’පි නිමන්තෙසි. තයිදං භො ගොතම නච්ඡන්නං, තයිදං නප්පටිරූපං, යදිමෙ සක්යා ඉබ්භා සන්තා ඉබ්භා සමානා න බ්රාහ්මණෙ සක්කරොන්ති න බ්රාහ්මණෙ ගරුකරොන්ති න බ්රාහ්මණෙ මානෙන්ති න බ්රාහ්මණෙ පූජෙන්ති න බ්රාහ්මණෙ අපචායන්තී”ති.
Sinhala BJT“එසේ ය, භවද් ගෞතමය, මම් එක් කලෙක මා ඇදුරු පොක්ඛරසාති බමුණානන්ගේ කිසි කටයුත්තෙකින් කිඹුල්වත් නුවරට ගියෙමි. එහි ශාක්‍යයන්ගේ සන්‍ථාගාරය කරා එළැඹුණෙමි. එසමයෙහි වූ කලි බොහෝ ශාක්‍යයෝත් ශාක්‍යකුමාරයොත් උනුනට ඇඟිලිවලින් කෙවිටි කරමින් මහත් කොට සිනහ සෙමින්, ඇඟිලි එකට ගැටීම් ආදීන් කෙළි කවට කම් පාමින්, ඒ කාන්තයෙන් මට ම සිනා සෙන්නාක් මෙන් කෙරෙමින් සන්‍ථාගාරයෙහි උස් අසුන්හි හුන්නෝ වෙත්. කිසිවෙක් මට අස්නෙකින් නිමැතුම් පමණකුත් නො කෙළේ ය. භවත් ගෞතමය, මේ ශාක්‍යෙයෝ තුමූ ඉබ්භ (බමුණනට දාස වූ ගැහැවියෝ) වන්නෝ ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පූජා අපචායන (යටත් පැවැතුම්) නො කරන්නාහ යන මෙය නොසුදුසු ය, නො නිසි යැ” යි අම්බට්ඨ තෙමේ පැවැසී ය.
Pali BJTඉතිහ අම්බට්ඨො මාණවො ඉදං දුතියං සක්කෙසු ඉබ්භවාදං නිපාතෙසි.
Sinhala BJTමෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ දෙවෙනි උපවාද ය හෙළී ය.
Pali BJT14. “ලටුකිකාපි ඛො අම්බට්ඨ, සකුණිකා සකෙ කුලාවකෙ කාමලාපිනී හොති. සකං ඛො පනෙතං අම්බට්ඨ සක්යානං යදිදං කපිලවත්ථු. න අරහතායස්මා අම්බට්ඨො ඉමාය අප්පමත්තාය අභිසජ්ජිතුන්ති.”
Sinhala BJT14. එ විට භාග්‍යවතුන් වහන්සේ වාදරණ සේක්, “අම්බට්ඨය, කැටකිරිල්ල පවා තමාගේ කැදැල්ලෙහි දී කැමැති සේ හඬනසුලු වේ. අම්බට්ඨය, කිඹුල්වත් පුරය යන යමක් ඇද්ද, මෙය ශාක්‍යයන් සතු ස්වනගරය යි. එබැවින් ආයුෂ්මත් අම්බට්ඨ තෙමේ මේ ස්වල්ප මාත්‍රයෙහි වෙර බඳින්නට නො වටී” යැ යි වදාළ සේක.
Pali BJT15. “චත්තාරො’මෙ භො ගොතම, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. ඉමෙසං හි භො ගොතම චතුන්නං වණ්ණානං තයො වණ්ණා ඛත්තියා ච වෙස්සා ච සුද්දා ච අඤ්ඤදත්ථු බ්රාහ්මණස්සෙව පරිචාරකා සම්පජ්ජන්ති. තයිදං භො ගොතම නච්ඡන්නං තයිදං නප්පටිරූපං යදි මෙ සක්යා ඉබ්භා සන්තා ඉබ්භා සමානා න බ්රාහ්මණෙ සක්කරොන්ති න බ්රාහ්මණෙ ගරුකරොන්ති න බ්රාහ්මණෙ මානෙන්ති න බ්රාහ්මණෙ පූජෙන්ති න බ්රාහ්මණෙ අපචායන්තී”ති.
Sinhala BJT15. එකලැ අම්බට්ඨ තෙමේ යලි දු ශාක්‍යයනට දොස් නගනුයේ, “භවද් ගෞතමය, ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යැ යි මේ වර්‍ණ (කුල) සතරෙකි. භවද් ගෞතමය, මේ සතර වර්‍ණයන් අතුරෙන් ක්‍ෂත්‍රිය ද වෛශය ද ශුද්‍ර ද යන තුන් කුලයෝ ඒකාන්තයෙන් බ්‍රාහ්මණයාගේ ම මෙහෙකරු වෙත්. (එබැවින්) භවත් ගෞතමය, මේ ශාක්‍යයෝ බමුණනට මෙහෙකරු වූ ගැහැවියෝ වන්නෝ ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පූජන අපචායන (=යටත් පැවැත්ම) නො කෙරෙත් යන මෙය නොසුදුසු ම ය, නොනිසි ම යැ” යි කී ය.
Pali BJTඉතිහ අම්බට්ඨො මාණවො ඉදං තතියං සක්කෙසු ඉබ්භවාදං නිපාතෙසි.
Sinhala BJTමෙසේ අම්බට්ඨ මාණවක තෙම ශාක්‍යයන් කෙරෙහි මේ තෙවෙනි ඉබ්භවාදය (=බමුණන්ගේ මෙහෙකරු ගැහැවියෝ ය යන ගැරැහීම) හෙළී ය.
Pali BJT16. අථ ඛො භගවතො එතදහොසි: අතිබාළ්හං ඛො අයං අම්බට්ඨො මාණවො සක්කෙසු ඉබ්භවාදෙන නිම්මානෙති{1}. යන්නූනාහං ගොත්තං පුච්ඡෙය්යන්ති.
Sinhala BJT16. එවිට “මේ අම්බට්ඨ මාණවක තෙමේ ඉතා දැඩි ලෙස ශාක්‍යයන් කෙරෙහි ඉබ්භවාදයෙන් පිරිහෙළා කථා කෙරෙයි. මා ඔහු අතින් ගෝත්‍රය විචාළොත් යෙහෙකැ”යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය.
Pali BJTඅථ ඛො භගවා අම්බට්ඨං මාණවං එතදවොච: ‘කථං ගොත්තොසි අම්බට්ඨා?ති’ “කණ්හායනො’හමස්මි, භො ගොතමා”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, තෝ කවර ගොත් ඇත්තෙහි දැ?” යි විචාළ සේක. “භවද්ගෞතමය, මම් කෘෂ්ණායනයෙක් (-කෘෂ්ණ නම් ඍෂිහුගේ පෙළපතට අයත්තෙක්) වෙමි” යි අම්බට්ඨ තෙමේ (තෙ වරක් උස් හඬින්) කී ය.
Pali BJT17. “පොරාණං ඛො පන තෙ අම්බට්ඨ මාතාපෙත්තිකං නාමගොත්තං අනුස්සරතො අය්යපුත්තා සක්යා භවන්ති, දාසිපුත්තො ත්වමසි සක්යානං. සක්යා ඛො පන අම්බට්ඨ, රාජානං ඔක්කාකං පිතාමහං දහන්ති.
Sinhala BJT17. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක): “අම්බට්ඨය, ඉකුත් කාලයට අයත් සිය මා පියන් අයත් නම්ගොත් සිහි කරන තාගේ ස්වාමිපුත්‍රයෝ ශාක්‍යයෝ වෙති. තෝ ක්‍යයන්ගේ දාසියකගේ පුත්‍ර (පරම්පරාවට අයත්) වෙහි ය. (එබැවින් දාස වූ තා ස්වකීය ස්වාමී වූ ශාක්‍යයන් කරා නො එළැඹෙන්නහු දැක ශාක්‍යයෝ එදා සිනාසුනහ.) අම්බට්ඨය, ශාක්‍යයෝ වනාහි ඔක්කාක (=ඉක්‍ෂවාකු) රජහු තමන් මීමුත්තනුවන් (=පූර්‍වපුරුෂයාණන්) කොට තබත් (=පූර්‍වපුරුෂයා යි කියත්).
Pali BJT“භූතපුබ්බං අම්බට්ඨ, රාජා ඔක්කාකො යා සා මහෙසී පියා මනාපා, තස්සා පුත්තස්ස රජ්ජං පරිණාමෙතුකාමො ජෙට්ඨකුමාරෙ රට්ඨස්මා පබ්බාජෙසි උක්කාමුඛං{2} කරකණ්ඩං{3} හත්ථිනිකං නිපුරං{4}. තෙ රට්ඨස්මා පබ්බාජිතා හිමවන්තපස්සෙ පොක්ඛරණියා තීරෙ මහාසාකසණ්ඩො තත්ථ වාසං කප්පෙසුං. තෙ ජාතිසම්භෙදභයා සකාහි භගිනීහි සද්ධිං සංවාසං කප්පෙසුං.
Sinhala BJT“අම්බට්ඨය, තට පෙරැ වූවක් කියමි, (අතීතයෙහි) ඔක්කාක රජ තෙමේ තමහට ප්‍රිය වූ මනාප වූ යම් මෙහෙසියක් වූ නම්, ඇයගේ පුතුට රජය පිරිනමනු කැමැත්තේ උක්කාමුඛ කරකණ්ඩ හත්‍ථනික නිපුර යන දෙටු කුමරුන් රටින් පිටත් කෙළේ ය. රටින් පිටත් කරනු ලැබූ ඔහු - හිමවත් පෙදෙසැ පොකුණක් අද්දරැ මහ ශාක ගස් ඇති වනයෙක් විය. - එහි වාසය කළහ. ඔහු ජාතිසම්භේදයට(අන්‍යකුල හා මිශ්‍ර වැ කිලිටි වීමට) බියෙන් සිය බිහිනියන් හා එක් වැ වුසූහ.
Pali BJTඅථ ඛො අම්බට්ඨ, රාජා ඔක්කාකො අමච්චෙ පාරිසජ්ජෙ ආමන්තෙසි: “කහන්නු ඛො භො එතරහි කුමාරා සම්මන්තීති”?
Sinhala BJT“අම්බට්ඨය, ඉක්බිති ඔක්කාක රජ තෙම මැතිමඬුල්ලට අයත් ඇමැතියන් අමතා “භවත්නි, කුමරුවෝ දැන් කොහි වෙසෙත් දැ?” යි විචාළේ ය.
Pali BJT“අත්ථි දෙව, හිමවන්තපස්සෙ පොක්ඛරණියා තීරෙ මහාසාකසණ්ඩො තත්ථෙතරහි කුමාරා සම්මන්ති. තෙ ජාතිසම්භෙදභයා සකාහි භගිනීහි සද්ධිං සංවාසං කප්පෙන්තී”ති.
Sinhala BJT“දේවයිනි, හිමවත පැත්තෙහි පොකුණු තෙරෙක මහා ශාක වනයෙක් ඇත. එහි කුමරුවෝ වෙසෙති. ඔහු ජාතිසම්මිශ්‍රණයෙන් වූ බියෙන් සිය බිහිනියන් හා එක් වැ වෙසෙත් යැ” යි ඇමතියෝ කීහ.
Pali BJTඅථ ඛො අම්බට්ඨ, රාජා ඔක්කාකො උදානං උදානෙසි: “සක්යා වත භො කුමාරා පරමසක්යා වත භො කුමාරා”ති. තදග්ගෙ ඛො පන අම්බට්ඨ, සක්යා පඤ්ඤායන්ති. සො’ව{1} නෙසං පුබ්බපුරිසො.
Sinhala BJT“අම්බට්ඨය, එවිටැ ඔක්කාක රජ ‘භවත්නි, පුදුම යි. කුමරුවෝ ශාක්‍යයෝ ය (සමත්තු ය)! කුමරුවෝ පරම ශක්‍යයෝයැ (මහත් ම සමත්තු යැ)!” යි උදන් ඇනී ය. අම්බට්ඨය, එතැන් පටන් ඔහු ‘ශාක්‍යයෝ’ යි (‘ශාක්‍යයෝ’ යි) පැනෙත්. ඒ ඔක්කාක රජ ම ඔවුන්ගේ පූර්‍ව පුරුෂ විය.
Pali BJTරඤ්ඤො ච ඛො පන අම්බට්ඨ, ඔක්කාකස්ස දිසා නාම දාසී අහොසි. සා කණ්හං{2} නාම ජනෙසි. ජාතො කණ්හො පබ්යාහාසි: “ධොවථ මං අම්ම, නහාපෙථ මං අම්ම, ඉමස්මා මං අම්ම අසුචිස්මා පරිමොචෙථ, අත්ථාය වො භවිස්සාමී’ති.
Sinhala BJT“අම්බට්ඨය, තව ද ඔක්කාක රජහුගේගේ දිශා නම් දැස්සක් වූ ය. ඕ කෘෂ්ණ නැමැත්තහු වැදූ ය. (එ සේ උපන් කෘෂ්ණ තෙමේ යකෙක් උපනැ යි බියෙන් දිවැගොස් දොර වසාගෙන සිටි මවට) ‘මෑණියනි මා නාවන්න; මෑණියනි, මේ අපවිත්‍ර දැයින් මා මුදන්න; ඔබට මම යහපත පිණිස වන්නෙමි’ යි කෑ ගැසීය.
Pali BJTයථා ඛො පන අම්බට්ඨ, එතරහි මනුස්සා පිසාචෙ දිස්වා ‘පිසාචා’ති සඤ්ජානන්ති. එවමෙව ඛො අම්බට්ඨ, තෙන සමයෙන මනුස්සා පිසාචෙ ‘කණ්හා’ති සඤ්ජානන්ති. තෙ එවමාහංසු: අයං ජාතො පබ්යාහාසි: ‘කණ්හො ජාතො, පිසාචො ජාතො’ති.
Sinhala BJT“අම්බට්ඨය, මේ කලැ මිනිස්සු පිශාචයන් දැක ‘පිශාචයෝ’යි යම්සේ හඳුනත් ද, අම්බට්ඨය, එසේ ම එසමයෙහි, මිනිස්සු පිශාචයන් කළු පැහැත්තෝ යැ යි හඳුනත්. ඔහු ‘මේ තෙම උපන්නේ (=උපන් කෙණෙහි) කථා කෙළේය. කෘෂ්ණයෙක් (=කළුවෙක්) උපන, පිශාචයෙක් උපනැ’ යි මෙසේ කීහ.”
Pali BJTතදග්ගෙ ඛො පන අම්බට්ඨ, කණ්හායනා පඤ්ඤායන්ති. සො ච කණ්හායනානං පුබ්බපුරිසො. ඉති ඛො තෙ අම්බට්ඨ, පොරාණං මාතාපෙත්තිකං නාමගොත්තං අනුස්සරතො අය්යපුත්තා සක්යා භවන්ති. දාසිපුත්තො ත්වමසි සක්යානන්ති.
Sinhala BJT“අම්බට්ඨය, එතැන් පටන් කෘෂ්ණායනයෝ (=කෘෂ්ණ පරම්පරාවට අයත් වූවෝ යැ යි ඔහු පරපුරෙහි වූවෝ) පැනෙත්. හේ කෘෂ්ණායනයන්ගේ පූර්‍ව පුරුෂයා ය. අම්බට්ඨය, මෙසේ ම ශාක්‍යයෝ මාපිය පරපුරට අයත් අතීත නම් ගොත් සිහි කරන තාගේ ස්වාමිපුත්‍රයෝ ය, තෝ ශාක්‍යයන්ගේ දාසීපුත්‍රයකැ”යි යනු යි.
Pali BJT18. එවං වුත්තෙ තෙ මාණවකා භගවන්තං එතදවොචුං: “මා භවං ගොතමො අම්බට්ඨං මාණවං අතිබාළ්හං දාසිපුත්තවාදෙන නිම්මානෙසි. සුජාතො ච භො ගොතම, අම්බට්ඨො මාණවො කුලපුත්තො ච අම්බට්ඨො මාණවො බහුස්සුතො ච අම්බට්ඨො මාණවො කල්යාණවාක්කරණො ච අම්බට්ඨො මාණවො පණ්ඩිතො ච අම්බට්ඨො මාණවො. පහොති ච අම්බට්ඨො මාණවො භොතා ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතු”න්ති.
Sinhala BJT18. මෙසේ වදාළ කල්හි ඒ මාණවකයෝ කියන්නෝ “භවත්ගෞතම තෙමේ ඉතා දැඩි ලෙස දාසිපුත්‍රවාදයෙන් අම්බට්ඨ මාණවකයා නො පිරිහෙළා වා. භවද් ගෞතමයිනි, අම්බට්ඨ මාණවක තෙමේ සුජාත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ කුලපුත්‍ර (මනා කුලයෙහි උපන්නෙක්) ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ බහුශ්‍රුත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ පණ්ඩිත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මේ වචනයෙහි (=මේ වේදත්‍රය පිළිබඳ කථායෙහි හෝ මේ දාසිපුත්‍ර කථායෙහි) භවද් ගෞතමයන් හා ප්‍රතිමන්ත්‍රණය කරන්නට (=මෙහිලා උත්තර දෙන්නට) පොහොසත් ද වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේට කීහ.
Pali BJT19. අථ ඛො භගවා තෙ මාණවකෙ එතදවොච: “සචෙ ඛො තුම්හාකං මාණවකා එවං හොති ‘දුජ්ජාතො ච අම්බට්ඨො මාණවො, අකුලපුත්තො ච අම්බට්ඨො මාණවො, අප්පස්සුතො ච අම්බට්ඨො මාණවො, අකල්යාණවාක්කරණො ච අම්බට්ඨො මාණවො, දුප්පඤ්ඤො ච අම්බට්ඨො මාණවො, න ච පහොති අම්බට්ඨො මාණවො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතුන්ති, තිට්ඨතු අම්බට්ඨො මාණවො, තුම්හෙ මයා සද්ධිං මන්තයව්හො{1} අස්මිං වචනෙ. සචෙ පන තුම්හාකං මාණවකා එවං හොති: සුජාතො ච අම්බට්ඨො මාණවො, කුලපුත්තො ච අම්බට්ඨො මාණවො, බහුස්සුතො ච අම්බට්ඨො මාණවො, කල්යාණවාක්කරණො ච අම්බට්ඨො මාණවො, පණ්ඩිතො ච අම්බට්ඨො මාණවො, පහොති ච අම්බට්ඨො මාණවො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතුන්ති, තිට්ඨථ තුම්හෙ, අම්බට්ඨො මාණවො මයා සද්ධිං පටිමන්තෙතූ”ති.
Sinhala BJT19. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයන් අමතා, “මාණවකයෙනි, අම්බට්ඨ මාණවකයා දුර්‍ජාත ද වේ. අම්බට්ඨ මාණවකයා අකුලපුත්‍ර ද වේ. අම්බට්ඨ මාණවකයා අල්පශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවකයා නොමිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවකයා අපණ්ඩිත ද වේ. ශ්‍රමණ ගෞතමයා හා මේ වචනයෙහි සාකච්ඡා කරන්නට පොහොසත් ද නො වේ යැ යි. ඉදින් තොපට මෙසේ සිතෙක් වේ නම්, අම්බට්ඨ මාණවකයා සිටී වා. තෙපි මා හා මේ වචනයෙහි සාකච්ඡා කරවු. ඉදින් මාණවකයිනි, අම්බට්ඨ මාණවකයා සුජාත ද ... කුලපුත්‍ර ද … බහුශ්‍රුත ද ... මිහිරි වචන ඇත්තේ ද ... පණ්ඩිත ද වේ, ශ්‍රමණ ගෞතමයා හා මේ වචනයෙහි සාකච්ඡා කරන්නට පොහොසත් ද වේ යැ යි තොපට මෙසේ සිතෙක් වේ නම්, තෙපි සිටිවු. අම්බට්ඨ මාණවක තෙමේ මා හා සාකච්ඡා කෙරේ වා” යි වදාළ සේක.
Pali BJT20. “සුජාතො ච භො ගොතම අම්බට්ඨො මාණවො, කුලපුත්තො ච අම්බට්ඨො මාණවො, බහුස්සුතො ච අම්බට්ඨො මාණවො, කල්යාණවාක්කරණො ච අම්බට්ඨො මාණවො, පණ්ඩිතො ච අම්බට්ඨො මාණවො, පහොති ච අම්බට්ඨො මාණවො භොතා ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතුං. තුණ්හී මයං භවිස්සාම. අම්බට්ඨො මාණවො භොතා ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතූ”ති.
Sinhala BJT20. “භවද් ගෞතමය, අම්බට්ඨ මාණවක තෙමේ සුජාත ද ... බහුශ්‍රුත ද ... මිහිරි වචන ඇත්තේ ද ... පණ්ඩිත ද ... භවද් ගෞතමයන් හා මේ වචනයෙහි සාකච්ඡා කරන්නට පොහොසත් ද වේ. අපි නිහඬ වන්නමු. අම්බට්ඨ මාණවක තෙමේ භවද් ගෞතමයන් හා මේ වචනයෙහි සාකච්ඡා කෙරේ වා (උත්තර පුත්‍යුත්තර කථා කෙරේ වා)” යි මාණවකයෝ කීහ.
Pali BJT21. අථ ඛො භගවා අම්බට්ඨං මාණවං එතදවොච: අයං ඛො පන තෙ අම්බට්ඨ, සහධම්මිකො පඤ්හො ආගච්ඡති. අකාමාපි ව්යාකාතබ්බො. සචෙ ත්වං න ව්යාකරිස්සසි අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සසි, තුණ්හී වා භවිස්සසි, පක්කමිස්සසි වා එත්ථෙව තෙ සත්තධා මුද්ධා ඵලිස්සති. තං කිං මඤ්ඤසි අම්බට්ඨ? කින්ති තෙ සුතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං __භාසමානානං__ කුතොපභුතිකා කණ්හායනා? කො ච කණ්හායනානං පුබ්බපුරිසො?ති
Sinhala BJT21. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා, “අම්බට්ඨය, නොකැමැත්තෙන් වුව ද විසැඳිය යුතු මේ කරුණු සහිත පැණයෙක් තා කරා පැමිණෙයි. ඉඳින් තෝ නො විසඳන්නෙහි නම්, එක් වචනයෙකින් අන් වචනයක් වසා ලන්නෙහි නම්, තුෂ්ණීම්භූත හෝ වන්නෙහි නම්, උත්තර හෝ නොදී නැගී පලායන්නෙහි නම්, මෙහි ම තගේ හිස සත් කඩක් වැ පැළෙන්නේ ය. අම්බට්ඨ ය, එය කිමැ යි සිතහි ද? වයසින් වැඩි සිටි, මහලු වූ, (මෙහිලා) කරුණු කියන ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? (කියව,) කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද? (කවරුන්ගෙන් ඇති වූවෝ ද?) කෘෂ්ණායනයන්ගේ පූර්‍වපුරුෂයා කවරෙක් වී දැ?” යි පුළුවුත් සේක.
Pali BJTඑවං වුත්තෙ අම්බට්ඨො මාණවො තුණ්හී අහොසි. දුතියම්පි ඛො භගවා අම්බට්ඨං මාණවං එතදවොච: තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? කින්ති තෙ සුතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං -පෙ- කො ච කණ්හායනානං පුබ්බපුරිසො?ති දුතියම්පි ඛො අම්බට්ඨො මාණවො තුණ්හී අහොසි.
Sinhala BJTමෙසේ ඇසූ කල්හි අම්බට්ඨ මාණවක තෙමේ තුෂ්ණීම්භූත විය. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, කිමැ යි සිතහි ද? … කෘෂ්ණායනයන්ගේ පූර්‍වපුරුෂයා කවරෙක් වී දැ?” යි වදාළ සේක. දෙවෙනි වර ද අම්බට්ඨ මාණවක තෙමේ තුෂ්ණීම්භූත විය.
Pali BJTඅථ ඛො භගවා අම්බට්ඨං මාණවං එතදවොච: ව්යාකරොහි ‘දානි අම්බට්ඨ, න’දානි තෙ තුණ්හීභාවස්ස කාලො. යො ඛො අම්බට්ඨ තථාගතෙන යාවතතියකං සහධම්මිකං පඤ්හං පුට්ඨො න ව්යාකරොති එත්ථෙවස්ස සත්තධා මුද්ධා ඵලිස්සති.
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයාට වදාරන සේක්, “අම්බට්ඨය, දැන් විසඳව. දැන් තට නිහඬ වීමට කල් නො වේ. අම්බට්ඨය, යමෙක් වනාහි තථාගතයන් විසින් තෙවෙනි වර තෙක් කරුණු සහිත පැණයක් පිළිවිස්නා ලද්දේ උත්තර නො දේ නම්, මෙහි ම ඔහුගේ හිස සත් කඩෙක් වැ පැළෙන්නේ යැ”යි වදාළ සේක.
Pali BJT22. තෙන ඛො පන සමයෙන වජිරපාණි යක්ඛො මහන්තං අයොකූටං ආදාය ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං අම්බට්ඨස්ස මාණවස්ස උපරිවෙහාසං ඨිතො හොති: සචායං අම්බට්ඨො මාණවො භගවතා යාවතතියකං සහධම්මිකං පඤ්හං පුට්ඨො න ව්යාකරිස්සති, එත්ථෙවස්ස සත්තධා මුද්ධං ඵාලෙස්සාමීති. තං ඛො පන වජිරපාණිං යක්ඛං භගවා චෙව පස්සති අම්බට්ඨො ච මාණවො.
Sinhala BJT22. එ වේලෙහි වනාහි වජ්‍රාපාණි යක්‍ෂ තෙමේ ගිනි ගත් දිලියෙන ගිනි දැල් සහිත මහ යකුළක් අතින් ගෙන, ‘ඉදින් මේ අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් තෙවෙනි වර තෙක් කරුණු සහිත පැනය පුළුවුස්නා ලද්දේ උත්තර නො දෙන්නේ නම්, මෙහි ම මොහුගේ හිස සත් කඩකට පළන්නෙමි’ යි කියා අම්බට්ඨ මාණවකයාට උඩින් අහසෙහි සිටියේ වෙයි. ඒ වජ්‍රපාණි යක්‍ෂයා වනාහි භාග්‍යවතුන් වහන්සේත් දක්නා සේක. අම්බට්ඨ මාණවකයාත් දක්නේ ය.
Pali BJT23. අථ ඛො අම්බට්ඨො මාණවො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො භගවන්තංයෙව තාණගවෙසී භගවන්තංයෙව ලෙණගවෙසී භගවන්තංයෙව සරණගවෙසී උපනිසීදිත්වා භගවන්තං එතදවොච: “කිං මෙ තං භවං ගොතමො ආහ? පුන භවං ගොතමො බ්රවීතූ”ති.
Sinhala BJT23. ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමේ තැති ගත්තේ, බිය පත් වූයේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේ ම ආරක්‍ෂාස්ථානය කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම තමාට සැඟවෙන තැන කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම පිහිට කොට සොයනුයේ, සමීපයෙහි හිඳ ගෙන ‘භවත් ගෞතම් තෙමේ මට ඒ කුමක් කීයේ ද? යලිත් භවද් ගෞතම තෙමේ කියාවා”යි කී ය.
Pali BJT“තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? කින්ති තෙ සුතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං, කුතොප්පභුතිකා කණ්හායනා? කො ච කණ්හායනානං පුබ්බපුරිසො?ති.”
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ “අම්බට්ඨය, එය කිමැ යි සිතහිද? (මෙහිලා) කරුණු කියන වයසින් වැඩි සිටි, මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන්ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද? කෘෂ්ණායනයන්ගේ පූර්‍වපුරුෂයා කවරෙක් වී දැ?” යි වදාළ සේක.
Pali BJT“එවමෙව මෙ භො ගොතම සුතං, යථෙව භවං ගොතමො ආහ. තතොප්පභුතිකා කණ්හායනා. සො ච කණ්හායනානං පුබ්බපුරිසො”ති.
Sinhala BJT“භවද් ගෞතම තෙමේ යම්සේ ම කීයේ ද, එසේ ම මා විසින් අසන ලදි. කෘෂ්ණායනයෝ ඒ කෘෂ්ණයා මූලස්ථාන කොට ඇත්තෝ ය. හේ ම කෘෂ්ණායනයන්ගේ ප්‍රථම පුරුෂයා වී යැ” යි අම්බට්ඨයා කී ය.
Pali BJT24. එවං වුත්තෙ තෙ මාණවකා උන්නාදිනො උච්චාසද්දමහාසද්දා අහෙසුං: “දුජ්ජාතො කිර භො අම්බට්ඨො මාණවො, අකුලපුත්තො කිර භො අම්බට්ඨො මාණවො, දාසිපුත්තො කිර භො අම්බට්ඨො මාණවො සක්යානං, අය්යපුත්තා කිර භො අම්බට්ඨස්ස මාණවස්ස සක්යා භවන්ති. ධම්මවාදිං යෙව කිර මයං සමණං ගොතමං අපසාදෙතබ්බං අමඤ්ඤිම්හා”ති.
Sinhala BJT24. මෙසේ කී කලැ ඒ මාණවකයෝ “භවත්නි, අම්බට්ඨ මාණවකයා පහත් ජාතියෙක උපන්නෙක් ල! භවත්නි අම්බට්ඨ මාණවකයා කුලපුත්‍රයෙක් නොවේ ල! භවත්නි, අම්බට්ඨ මාණවකයා ශාක්‍යයන්ගේ දාසිපුත්‍රයෙක් ල! භවත්නි ශාක්‍යයෝ අම්බට්ඨ මාණවකයාගේ ස්වාමීපුත්‍රයෝ වෙත් ල! අපි ධර්‍මවාදී වූ ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැරැහියැ යුත්තන් කොට සිතුවමු!” යි හඬ ගා කියන්නෝ උස්හඬ ඇත්තෝ මහ හඬ ඇත්තෝ වූහ.
Pali BJT25. අථ ඛො භගවතො එතදහොසි: “අතිබාළ්හං ඛො ඉමෙ මාණවකා අම්බට්ඨං මාණවං දාසිපුත්තවාදෙන නිම්මානෙන්ති. යන්නූනාහං පරිමොචෙය්යන්ති.” අථ ඛො භගවා තෙ මාණවකෙ එතදවොච:
Sinhala BJT25. එවි ටැ “මේ මාණවකයෝ අම්බට්ඨමාණවකයාට ඉතා දැඩි ලෙස දාසිපුත්‍ර වාදයෙන් පිරිහෙළා කියත්. මම් ඔහු එයින් මුදා ලන්නෙම් නම් යෙහෙකැ”යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයනට මෙසේ වදාළ සේක:
Pali BJT“මා ඛො තුම්හෙ මාණවකා අම්බට්ඨං මාණවං අතිබාළ්හං දාසිපුත්තවාදෙන නිම්මානෙථ. උළාරො සො කණ්හො ඉසි අහොසි. සො දක්ඛිණං ජනපදං ගන්ත්වා බ්රහ්මෙ මන්තෙ අධීයිත්වා රාජානං ඔක්කාකං උපසඞ්කමිත්වා මට්ඨරූපිං{1} ධීතරං යාචි. තස්ස රාජා ඔක්කාකො ‘කො නෙව රෙ අයං මය්හං දාසිපුත්තො සමානො මට්ඨරූපිං ධීතරං යාචතී’ති කුපිතො අනත්තමනො ඛුරප්පං සන්නය්හි. සො තං ඛුරප්පං නෙව අසක්ඛි මුඤ්චිතුං, නො පටිසංහරිතුං.
Sinhala BJT“මාණවකයෙනි, තෙපි ඉතා දැඩි කොට අම්බට්ඨ මාණවකයාට දාසීපුත්‍රවාදයෙන් නො ගරහවු. ඒ (ඔහුගේ ආදී පුරුෂ වූ) කෘෂ්ණර්ෂී තෙමේ මහානුභාව ඇත්තෙක් වී ය. හේ දක්‍ෂීණාපථයට ගොස් බ්‍රහ්මමන්ත්‍රයන් ඉගෙන ඔක්කාක රජු කරා එළැඹ, මට්ඨරූපී නම් දියණියන් ඉල්ලී ය. ඔක්කාක රජ තෙමේ ‘එම්බල, මගේ දාසිපුත්‍ර වැ හිඳත් මූ කවරෙක් නම් (=මූ තමා තරම නොදැන) මට්ඨරූපි දුව ඉල්ලනුයේ දැ!’යි කිපුණේ නොසතුටු සිතැත්තේ (ඔහු විද මරණ පිණිස) ඊය දුන්නෙහි හිඳුවී ය. හේ ඒ ඊය දුන්නෙන් මුදන්නට ද (=විඳින්නට) ඇද ගන්නට ද නොහැකි විය.
Pali BJTඅථ ඛො මාණවකා අමච්චා පාරිසජ්ජා කණ්හං ඉසිං උපසඞ්කමිත්වා එතදවොචුං: “සොත්ථි භදන්තෙ හොතු රඤ්ඤො, සොත්ථි භදන්තෙ හොතු රඤ්ඤො”ති.
Sinhala BJTමාණවකයිනි, එ විටැ මැතිමඩුල්ලට අයත් ඇමැතියෝ කෘෂ්ණර්ෂීහු වෙත එළැඹ ‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා, පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා’ යි කීහ.
Pali BJT“සොත්ථි භවිස්සති රඤ්ඤො, අපි ච රාජා යදි අධො ඛුරප්පං මුඤ්චිස්සති යාවතා රඤ්ඤො විජිතං එත්තාවතා පඨවී උද්රීයිස්සතී”ති.
Sinhala BJT(එ විට කෘෂ්ණ තෙමේ) “රජුට සෙත් වන්නේ ය, එතෙකුදු වුවත්, ඉඳින් රජ ඊය යට දෙසට මුදන්නේ නම්, රජුගේ රට යම් තාක් ද ඒ තාක් පොළොව බිඳී විසිරෙන්නේ යැ”යි කී ය.
Pali BJT“සොත්ථි භදන්තෙ හොතු රඤ්ඤො, සොත්ථි ජනපදස්සා”ති.
Sinhala BJT‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා රටට සෙත් වේ වා’යි ඇමැතියෝ කීහ.
Pali BJT“සොත්ථි භවිස්සති රඤ්ඤො, සොත්ථි ජනපදස්ස. අපි ච රාජා යදි උද්ධං ඛුරප්පං මුඤ්චිස්සති යාවතා රඤ්ඤො විජිතං එත්තාවතා සත්තවස්සානි දෙවො න වස්සිස්සතී”ති.
Sinhala BJT‘රජුට සෙත් වන්නේ ය, රටට සෙත් වන්නේ ය, එතෙකුදු වුවත් ඉඳින් රජ ඊය උඩ දෙසට මුදා හළොත් රජුගේ රට යම් තාක් ද එතෙක් පෙදෙසට සත් හවුරුද්දක් වැසි නො වස්නේ යැ’ යි කෘෂ්ණයා කී ය.
Pali BJT“සොත්ථි භදන්තෙ හොතු රඤ්ඤො, සොත්ථි ජනපදස්ස, දෙවො ච වස්සතූ”ති.
Sinhala BJT(එ විට ඇමැතියෝ ) ‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා, රටට ද සෙත් වේවා, වැසි ද වසී වා’යි කීහ.
Pali BJT“සොත්ථි භවිස්සති රඤ්ඤො, සොත්ථි ජනපදස්ස, දෙවො ච වස්සිස්සති. අපි ච රාජා ජෙට්ඨකුමාරෙ ඛුරප්පං පතිට්ඨාපෙතු, සොත්ථි කුමාරො, පල්ලොමො භවිස්සතී”ති.
Sinhala BJT(කෘෂ්ණ තෙමේ) ‘රජුට සෙත් වන්නේ ය, රටට ද සෙත් වන්නේ ය, වැසි ද වස්නේ ය, එතෙකුදු වුවත් රජ තෙමේ දෙටු කුමරා කෙරෙහි ඊය පිහිටුවා වා (=දෙටු කුමරුට ඊයෙන් විදී වා), කුමර තෙමේ නිරුපද්‍රැත වන්නේ ය, ලොමුදහ ගැණුම් පමණකුදු නොමැතියේ වන්නේ යැ’ යි කී ය.
Pali BJTඅථ ඛො මාණවකා, අමච්චා ඔක්කාකස්ස ආරොචෙසුං: “දෙවො ජෙට්ඨකුමාරෙ ඛුරප්පං පතිට්ඨාපෙතු, සොත්ථි කුමාරො පල්ලොමො භවිස්සතී”ති. අථ ඛො රාජා ඔක්කාකො ජෙට්ඨකුමාරෙ ඛුරප්පං පතිට්ඨාපෙසි. සොත්ථි කුමාරො පල්ලොමො භවි.
Sinhala BJTමණවකයිනි, ඉක්බිති ඇමැතියෝ “රජ තෙමේ දෙටු කුමරා කෙරෙහි ඊය පිහිටුවා වා, කුමර තෙමේ නිරුපද්‍රැත වන්නේ ය, ලොමුදහ ගැණුම් පමණකුදු නැත්තෙක් වන්නේ යැ” යි ඔක්කාක රජුට කීහ. එවිටැ ඔක්කාක රජු දෙටු කුමාරා කෙරෙහි ඊය පිහිටුවීය (දෙටු කුමරු දෙසට ඊය මුදා හැරියේ ය). කුමර තෙමේ නිරුපද්‍රැත විය. ලොමුදහ ගැනුම් පමණකුදු ඇත්තේ නො වී ය.
Pali BJTඅථ ඛො තස්ස රාජා ඔක්කාකො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො බ්රහ්මදණ්ඩෙන තජ්ජිතො මට්ඨරූපිං ධීතරං අදාසි. මා ඛො තුම්හෙ මාණවකා අම්බට්ඨං මාණවං අතිබාළ්හං දාසිපුත්තවාදෙන නිම්මානෙථ. උළාරො සො කණ්හො ඉසි අහොසි.
Sinhala BJTඉක්බිති ඔක්කාක රජු තැති ගත්තේ, බිය ගත්තේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, බ්‍රහ්මදණ්ඩයෙන් තරවටු කරනු ලැබුයේ, ඔහුට මට්ඨරූපී නම් දියැණියන් දුන්නේ ය. මාණවකයිනි, තෙපි අම්බට්ඨ මාණවකයාට ඉතා දැඩි කොට දාසිපුත්‍රවාදයෙන් නො ගරහවු. ඒ කෘෂ්ණඊෂී තෙමේ මහානුභාව ඇත්තෙක් වී ය” යනු යි.
Pali BJT26. අථ ඛො භගවා අම්බට්ඨං මාණවං ආමන්තෙසි: “තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? ඉධ ඛත්තියකුමාරො බ්රාහ්මණකඤ්ඤාය සද්ධිං සංවාසං කප්පෙය්ය, තෙසං සංවාසමන්වාය පුත්තො ජායෙථ, යො සො ඛත්තියකුමාරෙන බ්රාහ්මණකඤ්ඤාය පුත්තො උප්පන්නො, අපි නු සො ලභෙථ බ්රාහ්මණෙසු ආසනං වා උදකං වා?’ති,
Sinhala BJT26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, මෙය කිමැයි සිතහි ද? මෙහි කැත්කුමරෙක් බමුණුදැරියක හා එක් වැ වසන්නේ නම්, ඔවුන්ගේ එක් වැ විසීමෙන් පුතෙක් උපදනේ නම්, ඒ කැත් කුමරා නිසා බමුණු දැරියට උපන් පුතා බමුණන් අතුරෙහි අග්‍රාසනය හෝ අග්‍රෝදකය ලබන්නේ දැ?” යි ඇසූ සේක.
Pali BJT“ලභෙථ භො ගොතම”.
Sinhala BJT[අම්බට්ඨ:] “ගෞතමයෙනි, ලබන්නේ ය.”
Pali BJT“අපි නු නං බ්රාහ්මණා භොජෙය්යුං සද්ධෙ වා ථාලිපාකෙ වා යඤ්ඤෙ වා පාහුනෙ වා?”ති
Sinhala BJT[භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ මළවුන් උදෙසා දෙන බතෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ ආගන්තුක දානයෙහි හෝ ඔහු වළදවන්නෝ ද?”
Pali BJT“භොජෙය්යුං භො ගොතම”.
Sinhala BJT[අම්:] “භවත් ගෞතමයෙනි, ඔහු වළදවන්නෝ ය.”
Pali BJT“අපි නු නං බ්රාහ්මණා මන්තෙ වාචෙය්යුං වා නො වා?”ති
Sinhala BJT[භා:] “බමුණෝ ඔහුට වේදයන් කියවන්නෝ ද, නොකියවන්නෝ ද?”
Pali BJT“වාචෙය්යුං භො ගොතම”.
Sinhala BJT[අම්:] “භවද් ගෞතමයෙනි, කියවන්නෝ ය.”
Pali BJT“අපිනු’ස්ස ඉත්ථීසු ආවටං වා අස්ස අනාවටං වා?”ති
Sinhala BJT[භා:] “ඒ කැත් කුමරුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් වන්නේ ද, නො වන්නේ ද,? (බමුණු දැරියන් ලබත හැකි වන්නේ ද නොවන්නේ ද?)”
Pali BJT“අනාවටං හි’ස්ස භො ගොතම”.
Sinhala BJT[අම්:] “භවද් ගෞතමයිනි, ඔහුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් නැත.”
Pali BJT“අපි නු නං ඛත්තියා ඛත්තියාභිසෙකෙන අභිසිඤ්චෙය්යුන්ති?”
Sinhala BJT[භා:] “ක්‍ෂත්‍රියයෝ ඔහු ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිසේක කරන්නෝ ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්:] “අභිෂේක නොකරන්නෝ ය, භවත් ගෞතමයෙනි.”
Pali BJT“තං කිස්ස හෙතු?”
Sinhala BJT[භා:] “ඒ කවර හෙයින් ද?”
Pali BJT“මාතිතො හි භො ගොතම අනුපපන්නො”ති.
Sinhala BJT[අම්:] “භවත් ගෞතමයෙනි, හේ මවු පසින් අසම්පූර්‍ණ ය (අපිරිසිදු ය). එහෙයිනි.”
Pali BJT27. “තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? ඉධ බ්රාහ්මණකුමාරො ඛත්තියකඤ්ඤාය සද්ධිං සංවාසං කප්පෙය්ය, තෙසං සංවාසමන්වාය පුත්තො ජායෙථ, යො සො බ්රාහ්මණකුමාරෙන ඛත්තියකඤ්ඤාය පුත්තො උප්පන්නො, අපි නු සො ලභෙථ බ්රාහ්මණෙසු ආසනං වා උදකං වා?”ති
Sinhala BJT27. [භා:] “අම්බට්ඨය, එය කිමැයි සිතහි ද? මෙහි බමුණු කුමරෙක් කැත් දැරියක හා එක් වැ වසන්නේ නම්, ඔවුන්ගේ එක් වැ විසීමෙන් පුතෙක් උපදනේ නම්, ඒ බමුණු කුමරහු නිසා කැත් දැරියට උපන් යම් පුතෙක් වේ නම්, හේ බමුණන් අතුරෙහි අග්‍රාසන හෝ අග්‍රෝදක ලබන්නේ ද?”
Pali BJT“ලභෙථ භො ගොතම”.
Sinhala BJT[අම්:] “ලබන්නේ ය, භවත් ගෞතමයෙනි.”
Pali BJT“අපි නු නං බ්රාහ්මණා භොජෙය්යුං සද්ධෙ වා ථාලිපාකෙ වා යඤ්ඤෙ වා පාහුනෙ වා?”ති
Sinhala BJT[භා:] “බමුණෝ මළවුන් උදෙසා දෙන බතෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි හෝ ඔහු වළදවන්නෝ ද?”
Pali BJT“භොජෙය්යුං භො ගොතම”.
Sinhala BJT[අම්:] “වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
Pali BJT“අපි නු නං බ්රාහ්මණා මන්තෙ වාචෙය්යුං වා නො වා?”ති
Sinhala BJT[භා:] “බමුණෝ ඔහුට වේද කියවන්නෝ ද නොකියවන්නෝ ද?”
Pali BJT“වාචෙය්යුං භො ගොතම”.
Sinhala BJT[අම්:] “කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
Pali BJT“අපි නු’ස්ස ඉත්ථීසු ආවටං වා අස්ස අනාවටං වා?”ති
Sinhala BJT[භා:] “ඔහුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් වන්නේ ද, නො වන්නේ ද?”
Pali BJT“අනාවටං හි’ස්ස භො ගොතම”.
Sinhala BJT[අම්:] “භවත් ගෞතමයෙනි, ආවරණයෙක් නොවන්නේ ය.”
Pali BJT“අපි නු නං ඛත්තියා ඛත්තියාභිසෙකෙන අභිසිඤ්චෙය්යුන්ති?”
Sinhala BJT[භා:] “ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියාභිෂේකයෙන් ඔහු අභිෂේක කරන්නෝ ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[අම්:] “භවද් ගෞතමයෙනි, මෙය ඔහු නොකරන්නෝ ය.”
Pali BJT“තං කිස්ස හෙතු?”
Sinhala BJT[භා:] “ඒ කවර හෙයින් ද?”
Pali BJT“පිතිතො හි භො ගොතම අනුපපන්නො”ති.
Sinhala BJT[අම්:] “භවද් ගෞතමයෙනි හේ පිය පසින් අසම්පූර්‍ණ ය(අශුද්ධ ය).”
Pali BJT28. “ඉති ඛො අම්බට්ඨ, ඉත්ථියා වා ඉත්ථිං කරිත්වා පුරිසෙන වා පුරිසං කරිත්වා ඛත්තියා ‘ව සෙට්ඨා, හීනා බ්රාහ්මණා. තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? ඉධ බ්රාහ්මණා බ්රාහ්මණං කිස්මිචිදෙව පකරණෙ ඛුරමුණ්ඩං කරිත්වා අස්සපුටෙන වධිත්වා රට්ඨා වා නගරා වා පබ්බාජෙය්යුං, අපි නු සො ලභෙථ බ්රාහ්මණෙසු ආසනං වා උදකං වා?”ති
Sinhala BJT28. [භා:] “අම්බට්ඨය, මෙසේ වනාහි (කැත් බමුණු දෙකුලෙන් එක් කුලෙක) ස්ත්‍රියක හා (අන් කුලෙහි) ස්ත්‍රියක සැසැඳු කල්හි ද, (එක් කුලෙක) පිරිමියකු හා (අන් කුලයක) පිරිමියකු සැසැඳු කල්හි ද, කැත්හු ම උසස් වෙත්, බමුණෝ පහත් වෙත්. අම්බට්ඨය, එය කිමැ යි සිතහි ද? මෙහි බමුණෝ බමුණකු කිසි නොකටයුත්තෙක්හි කරයෙන් හිස මුඩු කොට, අස්මපුටයෙන් වෙහෙසවා (=හෙවත් හිසැ අළු වගුරුවා) රටින් හෝ නුවරින් නෙරපන්නෝ නම්, හේ බමුණන් අතුරෙහි අග්‍රාසනය හෝ අග්‍රෝදකය ලබන්නේ ද?”
Pali BJT“නො හිදං භො ගොතම.”
Sinhala BJT[අම්:] “භවද් ගෞතමයෙනි, මෙය නො වන්නේ යැ.”
Pali BJT“අපි නු නං බ්රාහ්මණා භොජෙය්යුං සද්ධෙ වා ථාලිපාකෙ වා යඤ්ඤෙ වා පාහුනෙ වා?”ති.
Sinhala BJT[භා:] “බමුණෝ ශ්‍රාද්ධයෙහි(මතක බතෙහි) හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි ඔහු වළඳවන්නෝ ද?”
Pali BJT“නො හිදං භො ගොතම.”
Sinhala BJT[අම්:] “නො වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
Pali BJT“අපි නු නං බ්රාහ්මණා මන්තෙ වාචෙය්යුං වා නො වා”ති.
Sinhala BJT[භා:] “බමුණෝ ඔහුට වේදයන් කියවන්නෝ ද?”
Pali BJT“නො හිදං භො ගොතම.”
Sinhala BJT[අම්:] “නො කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
Pali BJT“අපි නු’ස්ස ඉත්ථිසු ආවටං වා අස්ස අනාවටං වා?ති”
Sinhala BJT[භා:] “ඔහුට ස්ත්‍රීන් අතුරෙහි ආවරණයෙක් හෝ අනාවරණයෙක් වන්නේ ද?”
Pali BJT“ආවටං හි’ස්ස භො ගොතම.”
Sinhala BJT[අම්:] “භවත් ගෞතමයෙනි, ආවරණයෙක් ම වන්නේ ය.”
Pali BJT29. “තං කිම්මඤ්ඤසි අම්බට්ඨ? ඉධ ඛත්තියා ඛත්තියං කිස්මිචිදෙව පකරණෙ ඛුරමුණ්ඩං කරිත්වා අස්සපුටෙන වධිත්වා රට්ඨා වා නගරා වා පබ්බාජෙය්යුං, අපි නු සො ලභෙථ බ්රාහ්මණෙසු ආසනං වා උදකං වා?ති”
Sinhala BJT29. [භා:] “අම්බට්ඨය, ඒ කිමැයි සිතහි ද? මෙහි ක්‍ෂත්‍රියයෝ ක්‍ෂිත්‍රියයෙකු කිසි කරුණෙක්හි කරයෙන් හිස මුඬු කොට හිසැ අළු වගුරුවා රටින් හෝ නුවරින් නෙරපන්නෝ නම්, හේ බමුණන් මැදැ අග්‍රාසනය හෝ අග්‍රෝදකය හෝ ලබන්නේ ද?”
Pali BJT“ලභෙථ භො ගොතම.”
Sinhala BJT[අම්:] “ලබන්නේ ය, භවත් ගෞතමයෙනි.”
Pali BJT“අපි නු නං බ්රාහ්මණා භොජෙය්යුං සද්ධෙ වා ථාලිපාකෙ වා යඤ්ඤෙ වා පාහුනෙ වා?ති”
Sinhala BJT[භා:] “බමුණෝ ශ්‍රාද්ධයෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි හෝ ඔහු වළඳවන්නෝ ද?”
Pali BJT“භොජෙය්යුං භො ගොතම.”
Sinhala BJT[අම්:] “වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
Pali BJT“අපි නු නං බ්රාහ්මණා මන්තෙ වාචෙය්යුං වා නො වා?”ති
Sinhala BJT[භා:] “බමුණෝ ඔහුට වේදයන් කියවන්නෝ ද? නැතහොත් නො කියවන්නෝ ද?”
Pali BJT“වාචෙය්යුං භො ගොතම.”
Sinhala BJT[අම්:] “කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”