Pali BJTසබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහැම ලෙසින් රූපප සංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝ සංඥාවන් අතුරුදහන් වීමේන, නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි (සමාධි වඩා) ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
Pali BJTසබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහැම ලෙසින් ආකාසානඤ්චායතන ඉක් මැ, විඥානය අනන්ත යැ යි (සමාධි වඩා) විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
Pali BJTසබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහැම ලෙසින් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි (සමාධි වඩා) ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
Pali BJTසබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහැම ලෙසින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
Pali BJTසබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහැම ලෙසින් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි.
Pali BJTනව අනුපුබ්බනිරොධා: පඨමං ඣානං සමාපන්නස්ස කාමසඤ්ඤා නිරුද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා නිරුද්ධා හොන්ති. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හොති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හොති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති.
Sinhala BJTඅනුපූර්‍ව නිරෝධ (පිළිවෙළින් නිරුද්ධ වීම්) නවයෙක: ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට කාම සංඥාව නිරුද්ධ වෙයි. ද්වීතිය ධ්‍යානයට සමවන්නහුට විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය නිරුද්ධ වෙයි. චතුර්‍ත්‍ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව නිරුද්ධ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවනුනහුට සංඥාව ද වේදනාව ද නිරුද්ධ වේ.
Pali BJTඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන නව ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTඇවැත්නි, මොහු දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද නව ධර්‍මයෝ යැ. එහි සියල්ලන් විසින් ම සමග වැ ගැයියැ යුතු. එය … දෙව්මිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස, සුව පිණිස පවතී.
Pali BJTදසකං
Sinhala BJTදශකය
Pali BJT16. අත්ථි ඛො ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දස ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT16. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද දශ ධර්‍මයෝ ඇත. එහි සියල්ලන් විසින් සමග වැ ගැයියැ යුතු … එය දෙව්මිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස සුව පිණිස වෙයි.
Pali BJTකතමෙ දස?
Sinhala BJTකවර දශධර්‍ම කෙනෙක් ද යත්:
Pali BJTදස නාථකරණා ධම්මා: ඉධාවුසො, භික්ඛු සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යං ආවුසො භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTනාථකරණ (තම හට පිහිට සලසන) ධර්‍ම දශයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලෙයන් හැවුරුණේ, ආචාර ගෝචර සම්පන්න වැ ස්වල්පමාත්‍ර වරදෙහි ද බිය දක්නා සුලු වැ වෙසෙයි. සමාදන් කොට ගෙන සිකපදන්හි හික්මෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් හැවුරුණේ ආචාර ගෝචර දෙකින් යුතු වැ, ස්වල්පමාත්‍ර දෝෂයන්හි ද බිය දක්නා සුලු වැ වෙසෙයි, සමාදන් කොට ගෙන සිකපදන්හි හික්මෙයි’ යන යමෙක් ඇද්ද, මෙය ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා{1} කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා’ස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{2} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. යම්පාවුසො, භික්ඛු බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTඇවැත්නි, තව ද අනෙකෙක. මහණ තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි, ඇසූ දහම් සිතැ දරන්නේ වෙයි, ඇසූ දහම් සිතින් රැස් කොට ගන්නේ වෙයි. ආදියෙහි යහපත් වූ, මැද යහපත් වූ, අවසනැ යහපත් වූ, අර්‍ත්‍ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ යම් ධර්‍ම කෙනෙක් හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එසේ වූ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු, වචනයෙන් දරන ලද්දාහු, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් පුන පුනා විමසන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි … දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත් යන මේද ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කෙ. යම්පාවුසො, භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ කලණ මිතුරන් ඇත්තේ, කලණ යහලුවන් ඇත්තේ, කලණ මිතුරනට ම නැමුණේ වෙයි. ඇවැත්නි, මහණ තෙමෙ කලණ මිතුරන් ඇත්තේ, කලණ යහලුවන් ඇත්තේ, කලණ මිතුරනට ම නැමුණේ වේ යන යමෙක් ඇද්ද, මෙය ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. යම්පාවුසො, භික්ඛු සුවචො හොති -පෙ- පදක්ඛිණග්ගාහී අනුසාසනිං. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමෙ සුවච වෙයි. සුවච බව කරන දහමුන්ගෙන් යුක්ත වූයේ, ඉවසනුයේ කරන අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වෙයි, ඇවැත්නි, මහණ තෙමෙ සුවච වෙයි … අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වේ යන යමෙක් වේ ද, මේ ද නාථ කරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම්පාවුසො, භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං -පෙ- අලං සංවිධාතුං. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, කුම් කෙරෙම් දැ යි අසා කළ යුතු වූ සබරම්සරුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද, මහණ තෙමේ එහි දක්‍ෂ ද අනලස් ද එයට උපාය මාර්‍ග වූ නුවණින් සමන්‍විත ද, එය කරනුයෙහි සමර්‍ත්‍ථ ද එය පිළිබඳ විචාරණයෙහි සමර්‍ත්‍ථ ද වෙයි. ඇවැත්නි, … සබ්රම්රුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද … එය පිළිබඳ විචාරණයෙහි සමර්‍ත්‍ථ ද වේ යන යමෙක් ඇද්ද, මෙයත් නාථකරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පාවුසො, භික්ඛු ධම්මකාමො හොති -පෙ- අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි, ප්‍රිය සමුදාහර (කියන දහම් සකසා ඇසීමත් උගත් බණ පරනට දෙසනු රිසියත්) ඇත්තේ වෙයි. අභිධර්‍මයෙහි අභිවිනයයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි. ඇවැත්නි, මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි. … අභිධර්‍මයෙහි අභිවිනයෙයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. යම්පාවුසො, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ඉතරෙතර (ලැබුණු යම් කවර හෝ) චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන්ගෙන් සතුටු වෙයි. ඇවැත්නි, මහණ තෙම ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගෙන් සතුටු වේ යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යම්පාවුසො, භික්ඛු ආරද්ධවිරියො විහරති -පෙ- අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ අකුසල් දහමුන් පහ කරනුවට, කසුල් දහමුන් පිළිලබනුවට, ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ බල ඇත්තේ, දැඩි වැර ඇත්තේ, කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. ඇවැත්නි, මහණ තෙමේ … ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ … කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යම්පාවුසො, භික්ඛු සතිමා හොති -පෙ- සරිතා අනුස්සරිතා. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ කලකට පෙරැ කළ දෑ ද බොහෝ කලකට පෙරැ කී දෑ ද සිහි කරනුයේ, පුන පුනා සිහි කරනුයේ, උතුම් ම සිහියෙන් ද ස්ථානෝචිත ප්‍රඥායෙන් ද සමන්‍විත වූයේ ස්මෘතිමත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ … සිහි කරනුයේ පුන පුනා සිහිකරනුයේ, ස්මෘතිමත් වෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාථ කරණ ධර්‍මයෙක.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. යම්පාවුසො, භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමෙ (සංස්කාරයන්ගේ) ඉපැත්ම ද නැස්ම ද පිරිසිඳිනු සමත් වූ, ලෝභස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක්වැනැස්මට යන පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ, ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ (සංස්කාරයන්ගේ) ඉපැත්මත් වැනැස්මත් පිරිසිඳිනු සමත් වූ, ලෝභස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක වැනැස්මට යන පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ ප්‍රඥාවත් වේ’ යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
Pali BJTදස කසිණායතනානි: පඨවීකසිණමෙකො{1} සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ආපොකසිණමෙකො සඤ්ජානාති -පෙ- තෙජොකසිණමෙකො සඤ්ජානාති -පෙ- වායොකසිණමෙකො සඤ්ජානාති -පෙ- නීලකසිණමෙකො සඤ්ජානාති -පෙ- පීතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ලොහිතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ඔදාතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ආකාසකසිණමෙකො සඤ්ජානාති විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං.
Sinhala BJTකසිණායතන දශයෙක: එකෙක් උඩ යට සරසැ දෙකක් නොවූ (එකක් ම වූ) අප්‍රමාණ පඨවිකසිණය හඳුනයි. එකෙක් … ආපෝකසිණය හඳුනයි, එකෙක් … තේජෝකසිණය හඳුනයි, එකෙක් … වායෝකසිණය හඳුනයි. එකෙක් … නීලකසිණය හඳුනයි. එකෙක් … පීතකසිණය හඳුනයි. එකෙක් … ලෝහිතකසිණය හඳුනයි. එකෙක් … ඕදාතකසිණය හඳුනයි. එකෙක් … ආකාසකසිණය හඳුනයි. එකෙක් උඩ යට සරස දෙකක් නොවූ (එකක් ම වූ) අප්‍රමාණ විඤ්ඤාණකසිණය (කසිණුග්ඝාටිමාකාසය අරමුණු කරන සිත) හඳුනයි.
Pali BJTදස අකුසලකම්මපථා: පාණාතිපාතො, අදින්නාදානං, කාමෙසුමිච්ඡාචාරො, මුසාවාදො, පිසුණා වාචා, ඵරුසා වාචා, සම්ඵප්පලාපො, අභිජ්ඣා, බ්යාපාදො, මිච්ඡාදිට්ඨි.
Sinhala BJTඅකුශල කර්‍මපථ දශයෙක: ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමයන්හි වරදවා හැසිරීම, මුසා බස් බිණීම, කේලාම් කීම, පරොස් බස් බිණීම, ප්‍රලාප දෙඩීම, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය.
Pali BJTදස කුසලකම්මපථා: පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අනභිජ්ඣා, අබ්යාපාදො, සම්මාදිට්ඨි.
Sinhala BJTකුශල කර්‍මපථ දශයෙක: පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, ප්‍රලාප දෙඩීමෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය.
Pali BJTදස අරියවාසා: ඉධාවුසො, භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති ඡළඞ්ගසමන්නාගතො එකාරක්ඛො චතුරාපස්සෙනො පනුන්නපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසංකප්පො පස්සද්ධකායසංඛාරො සුවිමුත්තචිත්තො, සුවිමුත්තපඤ්ඤො.
Sinhala BJTආර්‍ය්‍යවාස (උතුමන්ගේ විසුම්) දශයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ අඞ්ග පසෙකින් විප්‍රයුක්ත වූයේ, අඞ්ග සයෙකින් සමන්‍විත වූයේ, එක් ම ආරක්‍ෂාවක් ඇත්තේ, අපශ්‍රයණ අතරක් ඇත්තේ, මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙකසත්‍ය ඇත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ, නො කැළැඹුණු කල්පනා ඇත්තේ, සංහිඳුණු කායසංස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සිත් ඇත්තේ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො, භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති: ඉධාවුසො, භික්ඛුනො කාමච්ඡන්දො පහීනො හොති, බ්යාපාදො පහීනො හොති, ථිනමිද්ධං පහීනං හොති, උද්ධච්චකුකුච්චං පහීනං හොති, විචිකිච්ඡා පහීනා හොති. එවං ඛො ආවුසො භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග පසෙකින් විප්‍රයුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි. ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථීනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අංග පසෙකින් විප්‍රයුක්ත වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො, භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොති: ඉධාවුසො, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො. එවං ඛො ආවුසො භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග සයෙකින් සමන්‍විත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්‍ෂක වැ වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අඝා, … දිවින් රසක් විඳ, … කයින් හැපෙන දැයක් පැහැසැ, … මනසින් දහම් අරමුණක් සිතා නො ම සතුටු ද වෙයි, නො වෙයි, සිහි ඇත්තේ, නුවණින් ම නොසතුටු ද දන්නේ, උපේක්‍ෂක ද වැ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ අඞ්ග සයෙකින් සමන්‍විත වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො, භික්ඛු එකාරක්ඛො හොති: ඉධාවුසො, භික්ඛු සතාරක්ඛෙන චෙතසා සමන්නාගතො හොති. එවං ඛො ආවුසො, භික්ඛු එකාරක්ඛො හොති.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ එක ම ආරක්‍ෂාවක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ සිහිය ම ආරක්‍ෂාව කොටැති සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම එක් ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො, භික්ඛු චතුරාපස්සෙනො හොති, ඉධාවුසො, භික්ඛු සඞ්ඛායෙකං පරිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං විනොදෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති. එවං ඛො ආවුසො, භික්ඛු චතුරාපස්සෙනො හොති.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ අපශ්‍රයණ (ආධාර) සතරක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා එකක් සෙවියි, නුවණින් බලා එකක් ඉවසයි, නුවණින් බලා එකක් පහ කරයි, නුවණින් බලා එකක් ඉවත් කෙරෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ අපශ්‍රයණ සතරක් ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච ආවුසො, භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති, ඉධාවුසො, භික්ඛුනො යානි තානි පුථුසමණබ්රාහ්මණානං පුථුපච්චෙකසච්චානි සබ්බානි තානි නුන්නානි හොන්ති පනුන්නානි චත්තානි වන්තානි මුත්තානි පහීනානි පටිප්පස්සද්ධානි. එවං ඛො ආවුසො, භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති-
Sinhala BJTඇවැත්නි, කෙසේ නම්, මහණ තෙමේ මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, බොහෝ මහණ බමුණන්ගේ යම් බොහෝ ප්‍රත්‍යෙක සත්‍ය කෙනෙක් (මේ දර්‍ශනය ම සත්‍ය යැ’ යි වෙන වෙන ම ඒ ඒ මහණබමුණන් විසින් දැඩි කොට සත්‍ය වශයෙන් පිළිගන්නා ලද දෑ) වෙත් ද, මෙ සස්නැ මහණහු විසින් ඔහු හැම බැහැරැ කරන ලද්දාහු, දුරු කරන ලද්දාහු, හැර දමන ලද්දාහු, පහ කරන ලද්දාහු, මුදන ලද්දාහු, එ හෙයින් ම ප්‍රහීණ වූවාහු සංහිඳුණාහු වෙත්, ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම බැහැර කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්චාවුසො, භික්ඛු සමවයසට්ඨෙසනො හොති: ඉධාවුසො භික්ඛුනො කාමෙසනා පහීනා හොති, භවෙසනා පහීනා හොති, බ්රහ්මචරියෙසනා පටිප්පස්සද්ධා හොති. එවං ඛො ආවුසො, භික්ඛු සමවයසට්ඨෙසනො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම ඒෂණාව ප්‍රහීණ වෙයි, භව ඒෂණාව ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණාව සංසිඳුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට අනූන කොට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්චාවුසො, භික්ඛු අනාවිලසඞ්කප්පො හොති: ඉධාවුසො, භික්ඛුනො කාමසඞ්කප්පො පහීනො හොති, බ්යාපාදසඞ්කප්පො පහීනො හොති, විහිංසාසංකප්පො පහීනො හොති. එවං ඛො ආවුසො, භික්ඛු අනාවිලසඞ්කප්පො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො කැළැඹුණු කල්පනා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමසංකල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදසඞ්කල්පය ප්‍රහීණ වෙයි, විහිංසාසංකල්පය ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ නො කැලැඹුණු සංකල්ප ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්චාවුසො, භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති: ඉධාවුසො, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො ආවුසො, භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් සංහිඳුණු සංස්කාර ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සුඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛවේදනාවගේ ද ප්‍රහාණයෙන්, පළමු කොට ම සොම්නස් වේදනාවන් දුරු වීමෙන්, දුක් නොවූ සුව ද නොවූ උපේක්‍ෂාවගේ ද ස්මෘතියගේ ද පිරිසිදු බව ඇති සතර වන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ සංහිඳුණු කායසංස්කාරය ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්චාවුසො, භික්ඛු සුවිමුත්තචිත්තො හොති: ඉධාවුසො භික්ඛුනො රාගා චිත්තං විමුත්තං හොති, දොසා චිත්තං විමුත්තං හොති, මොහා චිත්තං විමුත්තං හොති. එවං ඛො ආවුසො, භික්ඛු සුවිමුත්තචිත්තො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙම කෙසේ නම් මොනොවට මිදුණු සිතැත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ සිත රාගය කෙරෙන් මිදුණේ වෙයි, ද්වේෂය කෙරෙන් මිදුණේ වෙයි, මෝහය කෙරෙන් මිදුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට මිදුණු සිතැත්තේ වෙයි.
Pali BJTකථඤ්චාවුසො භික්ඛු සුවිමුත්තපඤ්ඤො හොති: ඉධාවුසො, භික්ඛු රාගො මෙ පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවං ගතො ආයතිං අනුප්පාදධම්මොති පජානාති, දොසො මෙ පහීනො -පෙ- මොහො මෙ පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවං ගතො ආයතිං අනුප්පාදධම්මොති පජානාති. එවං ඛො ආවුසො භික්ඛු සුවිමුත්තපඤ්ඤො හොති.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු ප්‍රඥාව ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ‘මගේ රාගය ප්‍රහීණ ය, සිඳ දමන ලද මුල් ඇත්තේය, … උදුරා දමන ලද තල්රුකක් මෙන් කරන ලද්දේය, නැවැත නො හටගන්නා බවට පැමිණියේ ය, යලි නො උපදනා ස්වභාවය ඇත්තේ වේ’ යැ යි දනී, ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
Pali BJTදස අසෙක්ඛා ධම්මා: අසෙක්ඛා සම්මාදිට්ඨි, අසෙක්ඛො සම්මාසඞ්කප්පො, අසෙක්ඛා සම්මාවාචා, අසෙක්ඛො සම්මාකම්මන්තො, අසෙක්ඛො සම්මාආජීවො, අසෙක්ඛො සම්මාවායාමො, අසෙක්ඛා සම්මාසති, අසෙක්ඛො සම්මාසමාධි, අසෙක්ඛං සම්මාඤාණං, අසෙක්ඛා සම්මාවිමුත්ති.
Sinhala BJTඅශෛක්‍ෂ (ඵලසම්ප්‍රයුක්ත) ධර්‍ම දශයෙක: අශෛක්‍ෂ සම්‍යග්දෘෂ්ටිය, අශෛක්‍ෂ සම්‍යග්වචනය, අශෛක්‍ෂ සම්‍යක්කර්‍මාන්තය, අශෛක්‍ෂ සම්‍යගාජීවය, අශෛක්‍ෂ සම්‍යග්ව්‍යායාමය, අශෛක්‍ෂ සම්‍යක්ස්මෘතිය, අශෛක්‍ෂ සම්‍යක්සමාධිය, අශෛක්‍ෂ සම්‍යක්ඥානය, අශෛක්‍ෂ සම්‍යග්විමුක්තිය.
Pali BJTඉමෙ ඛො ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දස ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං න විවදිතබ්බං යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද දශ ධර්‍මයෝ මොහු ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මේ බ්‍රහ්මචර්‍ය්‍යාව දික්කලක් පැවැතිය හැකි වන්නේ ද, දික්කලක් සිටුනේ වන්නේ ද, එසේ වනු පිණිස එක් වැ ගැයිය යුතු, විවාද නො කළ යුතු. එය බොහෝ දෙනාට හිතපිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.”
Pali BJT17. අථ ඛො භගවා වුට්ඨහිත්වා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි: “සාධු සාධු සාරිපුත්ත, සාධු ඛො ත්වං, සාරිපුත්ත, භික්ඛූනං සඞ්ගීතිපරියායං අභාසී”ති.
Sinhala BJT17. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ නැඟී සිට, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් අමතා, “ශාරිපුත්‍රයිනි, මැනැව! මැනැව!! ශාරිපුත්‍රයිනි, තෙපි භික්‍ෂූනට මනා කොට ම සංගීතිපර්‍ය්‍යායය (සමගියට කාරණ වූ ධර්‍මය) වදාළහ” යි වදාළසේක.
Pali BJTඉදමවොච ආයස්මා සාරිපුත්තො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අත්තමනා ච තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මෙය වදාළාහ. ශාස්තෲන් වහන්සේ මොනොවට අනුදත් සේක් වූහ. ඒ භික්‍ෂූ ද සතුටු වූවාහු ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ගේ වචනය පිළිගත්හ.
Pali BJTසඞ්ගීතිසුත්තං නිට්ඨිතං දසමං.
Sinhala BJTදශ වන සඞ්ගීති සූත්‍රය නිමියේ යි.
Pali BJT11.
Sinhala BJT11.
Pali BJTදසුත්තරසුත්තං
Sinhala BJTදසුත්තර සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJTඑකං සමයං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක්හි භික්‍ෂූන් පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චම්පා නුවර සමීපයෙහි ගර්‍ගරා පොකුණු තෙරැ වැඩ වසන සේක.
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: ‘ආවුසො භික්ඛවො’ති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑහි දී වනාහි සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූහ. ‘ඇවැත්නි’ යි කියා ම ඒ භික්‍ෂුහු සැරියුත් තෙරුනට පිළිවදන් දුන්හ. සැරියුත් තෙරණුවෝ මෙය වදාළාහ:
Pali BJTදසුත්තරං පවක්ඛාමි ධම්මං නිබ්බානපත්තියා,දුක්ඛස්සන්තකිරියාය සබ්බගන්ථප්පමොචනං.
Sinhala BJTනිවන් පැමිණෙනු පිණිස, දුක් කෙළවර කරනු පිණිස, සියලු කෙලෙස් ගැට ලිහන දශෝත්තර ධර්‍මය (ඒකකය පටන් කොට දශකය හිම් කොට සංඛ්‍යා විසින් නැඟී ගිය ධර්‍ම සමුදාය වූ සූත්‍ර දේශනාව) කියන්නෙමි.
Pali BJTඑකො ධම්මො
Sinhala BJTඒකධර්‍ම
Pali BJT2. එකො ආවුසො ධම්මො බහුකාරො, එකො ධම්මො භාවෙතබ්බො, එකො ධම්මො පරිඤ්ඤෙය්යො, එකො ධම්මො පහාතබ්බො, එකො ධම්මො හානභාගියො, එකො ධම්මො විසෙසභාගියො, එකො ධම්මො දුප්පටිවිජ්ඣො, එකො ධම්මො උප්පාදෙතබ්බො, එකො ධම්මො අභිඤ්ඤෙය්යො, එකො ධම්මො සච්ඡිකාතබ්බො.
Sinhala BJT2. ඇවැත්නි, බහුප්‍රකාර වූ එක් ධර්‍මයෙක. භාවයිතව්‍ය (වැඩියැ යුතු) එක් ධර්‍මයෙක. පරිඡ්ඤේය (පිරිසින්දැ යුතු) එක් ධර්‍මයෙක. ප්‍රහාතව්‍ය (පහ කළ යුතු) එක් ධර්‍මයෙක. හානභාගික (පිරිහීම බජන, අපායගාමී) එක් ධර්‍මයෙක. විශේෂභාගික (විශේෂ ගුණ ලැබීම පිණිස පවත්නා) එක් ධර්‍මයෙක. දුෂ්ප්‍රතිවිධ්‍ය (දුකසේ පිළිවිදියැ යුතු) එක් ධර්‍මයෙක. උත්පාදයිතව්‍ය (ඉපැදැවියැ යුතු) එක් ධර්‍මයෙක. අභිඡ්ඤේය (ඥාතපරිඥායෙන් වෙසෙයින් දත යුතු) එක් ධර්‍මයෙක. සාක්‍ෂාත් කර්‍තව්‍ය එක් ධර්‍මයෙක.
Pali BJTකතමො එකො ධම්මො බහුකාරො? අප්පමාදො කුසලෙසු ධම්මෙසු. අයං එකො ධම්මො බහුකාරො.
Sinhala BJTබහුපකාර වූ එක් ධර්‍මය කවර යැ? කුසල්දහම්හි අප්‍රමාදය යැ. මේ බහූපකාර වූ එක් ධර්‍මය යැ.
Pali BJTකතමො එකො ධම්මො භාවෙතබ්බො? කායගතාසති සාතසහගතා. අයං එකො ධම්මො භාවෙතබ්බො.
Sinhala BJTභාවයිතව්‍ය එක් ධර්‍මය කවර යැ? සුඛවේදනාසම්ප්‍රයුක්ත කායගතාස්මෘතිය ය (ආනාපාන චතුඉරියාපථ, සතිසම්පජඤ්ඤ, ද්වත්තිංසාකාර, චතුධාතුවවත්‍ථාන, දසඅසුභ, නවසීවථිකා, චුණ්ණිකමනසිකාර, කේසාදීන්හි වැඩූ සතර රූපධ්‍යාන යන මේ දෑ බැවීමෙහි උපන් සිහිය ය). මේ භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්‍මය යැ.
Pali BJTකතමො එකො ධම්මො පරිඤ්ඤෙය්යො? ඵස්සො සාසවො උපාදානියො. අයං එකො ධම්මො පරිඤ්ඤෙය්යො.
Sinhala BJTපරිඥේය (පිරිසින්දැ යුතු) එක් ධර්‍මය කවර යැ? ආස්‍රව උපාදාන දෙකට ම ප්‍රත්‍යය වූ ස්පර්‍ශය යැ. මේ පරිඥේය එක් ධර්‍මය යැ.
Pali BJTකතමො එකො ධම්මො පහාතබ්බො? අස්මිමානො, අයං එකො ධම්මො පහාතබ්බො.
Sinhala BJTප්‍රහාතව්‍ය (පහ කළ යුතු) එක් ධර්‍මය කවර යැ? අස්මිමානය යැ. මේ ප්‍රහාතව්‍ය එක් ධර්‍මය යැ.
Pali BJTකතමො එකො ධම්මො හානභාගියො? අයොනිසො මනසිකාරො. අයං එකො ධම්මො හානභාගියො.
Sinhala BJTහානභාගික එක් ධර්‍මය කවර යැ? අයෝනිසෝමනස්කාරය යැ. මේ හානභාහික එක් ධර්‍මය යැ.
Pali BJTකතමො එකො ධම්මො විසෙසභාගියො? යොනිසො මනසිකාරො. අයං එකො ධම්මො විසෙසභාගියො.
Sinhala BJTවිශේෂභාගික එක් ධර්‍මය කවර යැ? යෝනිසෝමනස්කාරය යැ. මේ විශේෂභාගික එක් ධර්‍මය යැ.
Pali BJTකතමො එකො ධම්මො දුප්පටිවිජ්ඣො? ආනන්තරිකො චෙතොසමාධි. අයං එකො ධම්මො දුප්පටිවිජ්ඣො.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍ය එක් ධර්‍මය කවර යැ? ආනන්තරික චිත්තසමාධිය (විදර්‍ශනාවට අනතුරු මාර්‍ගය) යැ. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය එක් ධර්‍මය යැ.
Pali BJTකතමො එකො ධම්මො උප්පාදෙතබ්බො? අකුප්පං ඤාණං. අයං එකො ධම්මො උප්පාදෙතබ්බො.
Sinhala BJTඋත්පාදයිතව්‍ය එක් ධර්‍මය කවර යැ? අකෝප්‍ය ඥානය (ප්‍රත්‍යවේක්‍ෂණ ප්‍රඥාව) යැ. මේ උත්පාදයිතව්‍යු එක් ධර්‍මය යැ.
Pali BJTකතමො එකො ධම්මො අභිඤ්ඤෙය්යො? සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. අයං එකො ධම්මො අභිඤ්ඤෙය්යො.
Sinhala BJTඅභිඥෙය එක් ධර්‍මය කවර යැ? සියලු සත්හු ආහාරයෙන් (ප්‍රත්‍යයයෙන්) සිටුනාහු ය යන්න යැ. මේ අභිඥෙය එක් ධර්‍මය යැ.
Pali BJTකතමො එකො ධම්මො සච්ඡිකාතබ්බො? අකුප්පා චෙතොවිමුත්ති. අයං එකො ධම්මො සච්ඡිකාතබ්බො.
Sinhala BJTසාක්‍ෂාත්කර්‍තව්‍ය (ප්‍රත්‍යක්‍ෂ කළ යුතු) එක් ධර්‍මය කවර යැ? අකෝප්‍ය චේතෝවිමුක්තිය (අර්‍හත්ත්‍වඵලවිමුක්තිය) යැ. මේ සාක්‍ෂාත් කර්‍තව්‍ය එක් ධර්‍මය යැ.
Pali BJTඉති ඉමෙ දස ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
Sinhala BJTමෙසේ භූත වූ (සැබැවින් ඇති) තථ්‍ය වූ (ඇති සැටි ම වූ) තථ (කී පරිදි ම වූ) අවිතථ (කී පරිදි ම මිස අන් සැටියක් නැති) අනන්‍යථ (අන්සැටියෙකින් නැති) මේ දශ ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට තමන් ම අවබෝධ කරන ලදහ.
Pali BJTද්වෙ ධම්මා
Sinhala BJTදෙදෙනෙක් ධර්‍මයෝ
Pali BJT3. ද්වෙ ධම්මා බහුකාරා, ද්වෙ ධම්මා භාවෙතබ්බා, ද්වෙ ධම්මා පරිඤ්ඤෙය්යා, ද්වෙ ධම්මා පහාතබ්බා, ද්වෙ ධම්මා හානභාගියා, ද්වෙ ධම්මා විසෙසභාගියා, ද්වෙ ධම්මා දුප්පටිවිජ්ඣා, ද්වෙ ධම්මා උප්පාදෙතබ්බා, ද්වෙ ධම්මා අභිඤ්ඤෙය්යා, ද්වෙ ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJT3. බහුපකාර වූ ධර්‍මදෙකෙක. භාවයිතව්‍ය ධර්‍මදෙකෙක. පරිඥේය ධර්‍ම දෙකෙක. ප්‍රහාතව්‍ය ධර්‍ම දෙකෙක. හානභාගික ධර්‍ම දෙකෙක. විශේෂභාගික ධර්‍ම දෙකෙක. දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දෙකෙක. උත්පාදයිතව්‍ය ධර්‍ම දෙකෙක. අභිඥෙය ධර්‍ම දෙකෙක. සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම දෙකෙක.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා බහුකාරා? සති ච සම්පජඤ්ඤං ච. ඉමෙ ද්වෙ ධම්මා බහුකාරා.
Sinhala BJTබහුපකාරධර්‍ම දෙක කවර යැ? සතියත් (සිහියත්) සම්පජඤ්ඤයත් (නුවණත්) ය. මේ බහුපකාර ධර්‍ම දෙක යැ.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා භාවෙතබ්බා? සමථො ච විපස්සනා ච. ඉමෙ ද්වෙ ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTභාවයිතව්‍ය ධර්‍ම දෙක කවර යැ? ශමථයත් විදර්‍ශනාවත් යැ. මේ භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්‍ම දෙක යැ.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා පරිඤ්ඤෙය්යා? නාමඤ්ච රූපඤ්ච. ඉමෙ ද්වෙ ධම්මා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTපරිඥේය ධර්‍ම දෙක කවර යැ? නාමයත් රූපයත් යැ. මේ පරිඥේය (පිරිසින්දැ යුතු) ධර්‍ම දෙක යැ.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා පහාතබ්බා? අවිජ්ජා ච භවතණ්හා ච. ඉමෙ ද්වෙ ධම්මා පහාතබ්බා.
Sinhala BJTප්‍රහාතව්‍ය ධර්‍ම දෙක කවර යැ? අවිද්‍යාවත් භවතෘෂ්ණාවත් යැ. මේ ප්‍රහාවතව්‍ය ධර්‍ම දෙක යැ.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා හානභාගියා? දොවචස්සතා ච පාපමිත්තතා ච. ඉමෙ ද්වෙ ධම්මා හානභාගියා.
Sinhala BJTහානභාගික ධර්‍ම දෙක කවර යැ? දුර්වච බවත් පාපමිත්‍රයන් ඇති බවත්යැ. මේ හානභාගික ධර්‍ම දෙක යැ.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා විසෙසභාගියා? සොවචස්සතා ච කල්යාණමිත්තතා ච. ඉමෙ ද්වෙ ධම්මා විසෙසභාගියා.
Sinhala BJTවිශේෂභාගික ධර්‍ම දෙක කවර යැ? සුවච බවත් කලණ මිතුරන් ඇති බවත් යැ. මේ විශේෂභාගික ධර්‍ම දෙක යැ.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා දුප්පටිවිජ්ඣා? යො ච හෙතු යො ච පච්චයො සත්තානං සංකිලෙසාය, යො ච හෙතු යො ච පච්චයො සත්තානං විසුද්ධියා. ඉමෙ ද්වෙ ධම්මා දුප්පටිවිජ්ඣා.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍ය (දුක සේ පිළිවිදියැ යුතු) ධර්‍ම දෙක කවර යැ? සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු වූ ප්‍රත්‍යය වූ යම් ධර්‍මයෙක් වේ නම් එය ද, සත්‍වයන්ගේ පිරිසිදු බවට හේතු වූ ප්‍රත්‍යය වූ යම් ධර්‍මයෙක් වේ නම් එය ද යන දෙක ය. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දෙක ය.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා උප්පාදෙතබ්බා? ද්වෙ ඤාණානි ඛයෙ ඤාණං, අනුප්පාදෙ ඤාණං. ඉමෙ ද්වෙ ධම්මා උප්පාදෙතබ්බා.
Sinhala BJTඋත්පාදයිතව්‍ය (ඉපදැවියැ යුතු) ධර්‍ම දෙක කවර යැ? ක්‍ෂයයෙහි නුවණ (මාර්‍ගසිත්හි වූ කෙලෙස් නසන නුවණ) ත් අනුත්පාදයෙහි නුවණ (ඒ ඒ මඟින් කෙලෙස් නැසීමෙන් නැවැත ඔවුන් නො උපදනා බවට පත් වූ අවසනැ උපන් පලසිත්හි නුවණ) ත් ය. මේ උත්පාදයිතව්‍ය නුවණ දෙක යැ.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා අභිඤ්ඤෙය්යා? ද්වෙ ධාතුයො: සඞ්ඛතා ච ධාතු අසඞ්ඛතා ච ධාතු. ඉමෙ ද්වෙ ධම්මා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTඅභිඥෙය ධර්‍ම (වෙසෙසි නුවණින් දත යුතු දහම්) දෙක කවර යැ? සංස්කෘතධාතුවත් (පංචස්කන්‍ධයත්) අසංස්කෘතධාතුවත් (නිවනත්) ය. මේ අභිඥෙය ධර්‍ම දෙක යැ.
Pali BJTකතමෙ ද්වෙ ධම්මා සච්ඡිකාතබ්බා? විජ්ජා ච විමුත්ති ච. ඉමෙ ද්වෙ ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJTසාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම දෙක කවර යැ? විද්‍යාත් (පෙර ජාති දක්නා නුවණ, දිවැස, කෙලෙස් නසන නුවණ යන තුන් විද්‍යාත්) විමුක්තිත් (රහත් පලයත්) ය. මේ සාක්‍ෂාත් කළ යුතු ධර්‍ම දෙක යැ.
Pali BJTඉති ඉමෙ වීසති ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
Sinhala BJTමෙසේ මේ භූත වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ විසි ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට තමන් ම අවබෝධ කරන ලද්දාහු යැ.
Pali BJTතයොධම්මා
Sinhala BJTතිදෙනෙක් ධර්‍මයෝ
Pali BJT4. තයො ධම්මා බහුකාරා, තයො ධම්මා භාවෙතබ්බා -පෙ- තයො ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJT4. බහූපකාර වූ ධර්‍ම තුනෙක. භාවයිතව්‍ය ධර්‍ම තුනෙක. පරිඥේය ධර්‍ම තුනෙක. ප්‍රහාතව්‍ය ධර්‍ම තුනෙක හානභාගික ධර්‍ම තුනෙක. විශේෂභාගික ධර්‍ම තුනෙක. දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම තුනෙක. උත්පාදයිතව්‍ය ධර්‍ම තුනෙක. අභිඥෙය ධර්‍ම තුනෙක. සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම තුනෙක.
Pali BJTකතමෙ තයො ධම්මා බහුකාරා? සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, ධම්මානුධම්මප්පටිපත්ති. ඉමෙ තයො ධම්මා බහුකාරා.
Sinhala BJTබහුපකාර ධර්‍ම තුන කවුරු යැ? සත්පුරුෂාශ්‍රයයත් සද්ධර්‍මශ්‍රවණයත් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියත් යැ, මේ බහූපකාර ධර්‍ම තුන යැ.
Pali BJTකතමෙ තයො ධම්මා භාවෙතබ්බා? තයො සමාධී: සවිතක්කසවිචාරො සමාධි, අවිතක්කවිචාරමත්තො සමාධි, අවිතක්ක අවිචාරො සමාධි. ඉමෙ තයො ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTභාවයිතව්‍ය ධර්‍ම තුන කවුරු යැ? සවිතර්‍ක සවිචාර සමාධියත් අවිතර්‍ක විචාරමාත්‍ර සමාධියත් අවිතර්‍ක අවිචාර සමාධියත් යැ. මේ භාවයිතව්‍ය ධර්‍ම තුන යැ.
Pali BJTකතමෙ තයො ධම්මා පරිඤ්ඤෙය්යා? තිස්සො වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමෙ තයො ධම්මා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTපරිඥේය ධර්‍ම තුන කවර යැ? සුඛවේදනා දුඃඛවේදනා අදුඃඛාසුඛ වේදනා යන තුන් වේදනාවෝ යැ. මේ පරිඥේය ධර්‍ම තුන යැ.
Pali BJTකතමෙ තයො ධම්මා පහාතබ්බා? තිස්සො තණ්හා: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉමෙ තයො ධම්මා පහාතබ්බා.
Sinhala BJTප්‍රහාතව්‍ය ධර්‍ම තුන කවර යැ? කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා යන තුන් තෘෂ්ණා යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම තුන යැ.
Pali BJTකතමෙ තයො ධම්මා හානභාගියා? තීණි අකුසලමූලානි: ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං. ඉමෙ තයො ධම්මා හානභාගියා.
Sinhala BJTහානභාගික ධර්‍ම තුන කවර යැ? ලෝභ නම් වූ අකුසල් මුල, ද්වේෂ නම් වූ අකුසල් මුල, මෝහ නම් වූ අකුසල් මුල යන තුන් අකුසල් මුල් යැ. මේ හානභාගික ධර්‍ම තුන යැ.
Pali BJTකතමෙ තයො ධම්මා විසෙසභාගියා? තීණි කුසලමූලානි: අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං. ඉමෙ තයො ධම්මා විසෙසභාගියා.
Sinhala BJTවිශේෂභාගික ධර්‍ම තුන කවර යැ? අලෝභ නම් වූ කුසල් මුල, අද්වේෂ නම් වූ කුසල් මූල, අමෝහ නම් වූ කුසල් මුලැ යි යන තුන් කුසල් මුලැ යැ. මේ විශේෂභාගික ධර්‍ම තුන යැ.
Pali BJTකතමෙ තයො ධම්මා දුප්පටිවිජ්ඣා? තිස්සො නිස්සරණියා ධාතුයො: කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං, රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං, යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං නිරොධො තස්ස නිස්සරණං. ඉමෙ තයො ධම්මා දුප්පටිවිජ්ඣා.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම තුන කවර යැ? නිඃශරණීය ධාතු තුන යැ: නෙක්ඛම්මය (අනාගාමි මාර්‍ගය) යන මෙය කාමයන්ගේ නිඃශරණය යැ, ආරූප්‍යය (රහත් මඟය) යන මෙය රූපයන්ගේ නිඃශරණය යැ, ප්‍රත්‍යයයන් නිසා සකස්වූ, ප්‍රත්‍යයයන් එක් වැ පහළ වූ යම් කිසි දැයෙක් ඇද්ද නිරෝධය (රහත් පලය) එහි නිඃශරණ යැ. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම තුන යැ.
Pali BJTකතමෙ තයො ධම්මා උප්පාදෙතබ්බා? තීණි ඤාණානි: අතීතංසෙ ඤාණං, අනාගතං සෙ ඤාණං, පච්චුප්පන්නං සෙ ඤාණං. ඉමෙ තයො ධම්මා උප්පාදෙතබ්බා.
Sinhala BJTඋත්පාදයිතව්‍ය ධර්‍ම තුන කවර යැ? අතීතාංශය (අතීත ස්කන්‍ධ පංචකය) අරමුණු කොටැති නුවණ, අනාගතාංශය (අනාගත ස්කන්‍ධ) අරමුණු කොටැති නුවණ, ප්‍රත්‍යුත්පන්නාංශය (වර්‍තමාන ස්කන්‍ධ) අරමුණු කොටැති නුවණ යන තුන් ඥානයෝ යැ. මේ උත්පාදයිතව්‍ය ධර්‍ම තුන යැ.
Pali BJTකතමෙ තයො ධම්මා අභිඤ්ඤෙය්යා? තිස්සො ධාතුයො: කාමධාතු, රූපධාතු, අරූපධාතු. ඉමෙ තයො ධම්මා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTඅභිඥෙය ධර්‍ම තුන කවර යැ? කාමධාතු (කාමභවය), රූපධාතු (රූප භවය). අරූපධාතු (අරූප භවය) යන තුන යැ. මේ අභිඥෙය ධර්‍ම තුන යැ.
Pali BJTකතමෙ තයො ධම්මා සච්ඡිකාතබ්බා? තිස්සො විජ්ජා: පුබ්බෙනිවාසානුස්සතිඤාණං විජ්ජා, සත්තානං චුතූපපාතෙ ඤාණං විජ්ජා, ආසවානං ඛයෙ ඤාණං විජ්ජා: ඉමෙ තයො ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJTසාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම තුන කවර යැ? ත්‍රි විද්‍යාවෝ යැ: පෙරැ වුසූ කඳපිළිවෙළ දක්නා නුවණ විද්‍යාවෙක, සත්‍වයන්ගේ ච්‍යුති උපපත්ති දක්නා නුවණ විද්‍යාවෙක, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙහි නුවණ (සතර මග නුවණ) විද්‍යාවෙක. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම තුන යැ.
Pali BJTඉති ඉමෙ තිංස ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
Sinhala BJTමෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ තිස් දහම්හු තථාගතයන් වහන්සේ විසින් තමන් ම මොනොවට වෙසෙසි නුවණින් අවබෝධ කරන ලද්දාහ.
Pali BJTචත්තාරො ධම්මා
Sinhala BJTචතුෂ්කය
Pali BJT5. චත්තාරො ධම්මා බහුකාරා, චත්තාරො ධම්මා භාවෙතබ්බා -පෙ- චත්තාරො ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJT5. බහූපකාර ධර්‍ම සතරෙක. භාවයිතව්‍ය ධර්‍ම සතරෙක … සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සතරෙක.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා බහුකාරා? චත්තාරි චක්කානි: පතිරූපදෙසවාසො, සප්පුරිසූපනිස්සයො,{1} අත්තසම්මාපණිධි, පුබ්බෙ ච කතපුඤ්ඤතා. ඉමෙ චත්තාරො ධම්මා බහුකාරා.
Sinhala BJTබහූපකාර ධර්‍ම සතර කවරේ යැ? සතර සම්පත්ති චක්‍රයෝ යැ: සුදුසු රටැ විසීම, සත්පුරුෂයන් ඇසුරු කිරීමය, තමා ශ්‍රද්ධාදි ගුණධර්‍මයන්හි පිහිටුවීම යැ, පෙරැ කළ පින් ඇති බව යැ. මේ බහූපකාර ධර්‍ම සතර යැ.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා? චත්තාරො සතිපට්ඨානා: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. -පෙ- වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTභාවයිතව්‍ය ධර්‍ම සතර කවරේ යැ? සතර සතිපට්ඨානයෝ යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කෙලෙස් තවන වැර ඇත්තේ නුවණින් දන්නේ, සිහි ඇත්තේ ලොව කෙරෙහි අභිධ්‍යා හා දොම්නස් හා බැහැර කොට කයෙහි කායානුපස්සී ව වෙසෙයි, … වේදනාවන්හි … සිතෙහි චිත්තානුපස්සී වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා හා දොම්නස් හා බැහැරැ කොට ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. මේ භාවයිතව්‍ය සතර ධර්‍මයෝ යැ.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා පරිඤ්ඤෙය්යා? චත්තාරො ආහාරා: කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ චත්තාරො ධම්මා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTපරිඥේය ධර්‍ම සතර කවරේ යැ? සතර ආහාරයෝ යැ: ඖදාරික වූ හෝ සියුම් වූ කබලීකාරාහාරය, දෙවෙනි ස්පර්‍ශාහාර ය, තෙවෙනි මනස්සඤේචතනාහාර ය, සතරවැනි විඥානාහාර යි. මේ පරිඥේය වූ සතර ධර්‍මයෝ යැ.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා පහාතබ්බා? චත්තාරො ඔඝා: කාමොඝො, භවොඝො, දිට්ඨොඝො, අවිජ්ජොඝො. ඉමෙ චත්තාරො ධම්මා පහාතබ්බා.
Sinhala BJTප්‍රහාතව්‍ය ධර්‍ම සතර කවරේ යැ? කාම ඕඝ, භව ඕඝ, දෘෂ්ටි ඕඝ, අවිද්‍යා ඕඝ යන ඕඝ සතර යි. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම සතර යැ.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා හානභාගියා? චත්තාරො යොගා: කාමයොගො, භවයොගො, දිට්ඨියොගො, අවිජ්ජායොගො. ඉමෙ චත්තාරො ධම්මා හානභාගියා.
Sinhala BJTහානභාගික ධර්‍ම සතර කවර යැ? කාමයෝග, භවයෝග, දෘෂ්ටියෝග, අවිද්‍යායෝග යන සතර යෝගයෝ යැ. මේ හානභාගික ධර්‍ම සතර යැ.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා විසෙසභාගියා? චත්තාරො විසංයොගා: කාමයොගවිසංයොගො, භවයොගවිසංයොගො, දිට්ඨියොගවිසංයොගො, අවිජ්ජායොගවිසංයොගො. ඉමෙ චත්තාරො ධම්මා විසෙසභාගියා.
Sinhala BJTවිශේෂභාගික ධර්‍ම සතර කවර යැ? කාමයෝගවිසංයෝගය (කාමයොගයෙන් මිදීම - අශුභධ්‍යානය හා එය පාදක කොට ලත් අනාගාමි මාර්‍ගය), භවයෝග විසංයෝගය (භවයොගයෙන් මිදීම, රහත්මඟ), දෘෂ්ටියෝගවිසංයෝගය (දෘෂ්ටිබන්‍ධනයෙන් මිදීම - සෝවාන් මඟ), අවිද්‍යායෝගවිසංයෝගය (අවිද්‍යාබන්‍ධනයෙන් මිදීම - රහත්බව) යන සතර විසංයෝගයෝ යැ. මොහු විශේෂභාගික ධර්‍ම සතර යැ.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා දුප්පටිවිජ්ඣා? චත්තාරො සමාධායො: හානභාගියො සමාධි, ඨිතිභාගියො සමාධි, විසෙසභාගියො සමාධි, නිබ්බෙධභාගියො සමාධි. ඉමෙ චත්තාරො ධම්මා දුප්පටිවිජ්ඣා.
Sinhala BJTදුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සතර කවර යැ? හානභාගික සමාධිය (නීවරණ ඇති බැවින් පිරිහීම භජනය කරන සමාධිය), ස්ථිතිභාගික සමාධිය (පිරිහීම් වැසීම් නැති ව ස්ථිතිය සෙව්නා සමාධිය) විශේෂභාගික සමාධිය (මතු විශේෂාධිගමයට ප්‍රත්‍යය වන සමාධිය), නිර්වේදභාගික සමාධිය (නිවන් සෙවුනා සමාධිය) යන සතර සමාධිහුය, මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සතර යැ.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා උප්පාදෙතබ්බා? චත්තාරි ඤාණානි: ධම්මෙ ඤාණං, අන්වයෙ ඤාණං, පරියෙ ඤාණං, සම්මුතියා ඤාණං. ඉමෙ චත්තාරො ධම්මා උප්පාදෙතබ්බා.
Sinhala BJTඋත්පාදයිතව්‍ය ධර්‍ම සතර කවර යැ? ධර්‍මයෙහි ඥානය (සතර මඟැ සතර පලැ නුවණ), අන්‍වයයෙහි ඥානය (සිවුසස් පසක් කොට දැන් සේ ම අතීතයෙහිත් මොහු දුඃඛාදි විසින් වූහ යි ලත් අනුමානඥානය), පර්යයයෙහි (මෙරමා සිත් පිරිසිඳ දැන්මෙහි) නුවණ, සම්මුතියෙහි නුවණ (උඩ කී ඥාන තුන හැර ඉතිරි සියලු දැයෙහි නුවණ) යන ඥාන සතර යැ. මේ උත්පාදයිතව්‍ය ධර්‍ම සතර යැ.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා අභිඤ්ඤෙය්යා? චත්තාරි අරියසච්චානි: දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයො අරියසච්චං, දුක්ඛනිරොධො අරියසච්චං, දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්චං. ඉමෙ චත්තාරො ධම්මා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTඅභිඥෙය ධර්‍ම සතර කවර යැ? දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයැ යි සතර ආර්‍ය සත්‍යයෝ යා. මේ අභිඥෙය ධර්‍ම සතර යැ.
Pali BJTකතමෙ චත්තාරො ධම්මා සච්ඡිකාතබ්බා? චත්තාරි සාමඤ්ඤඵලානි: සොතාපත්තිඵලං, සකදාගාමිඵලං, අනාගාමිඵලං, අරහත්තඵලං. ඉමෙ චත්තාරො ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJTසාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සතර කවර යැ? ශ්‍රෝත ආපත්තිඵලය, සකෘදාගාමිඵලය, අනාගාමිඵලය, අර්‍හත්ත්‍වඵලය යන සතර ශ්‍රාමණ්‍යඵලයෝ යැ. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සතර යැ.
Pali BJTඉති ඉමෙ චත්තාරීසං ධම්මා භූතා තච්ඡා තථා අවිතථා අනඤ්ඤථා සම්මා තථාගතෙන අභිසම්බුද්ධා.
Sinhala BJTමෙසේ තථ්‍ය වූ, තථ වූ. අවිතථ වූ, අනන්‍යථ වූ සතළිස් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට වෙසෙසින් අවබෝධ කරන ලදුහ.
Pali BJTපඤ්ච ධම්මා
Sinhala BJTපඤ්චකය
Pali BJT6. පඤ්ච ධම්මා බහුකාරා -පෙ- පඤ්ච ධම්මා සච්ඡිකාතබ්බා.
Sinhala BJT6. බහූපකාර ධර්‍ම පසෙක … සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම පසෙක.
Pali BJTකතමෙ පඤ්ච ධම්මා බහුකාරා? පඤ්ච පධානියඞ්ගානි: ඉධාවුසො භික්ඛු සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං; ඉති පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථුගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. ඉමෙ පඤ්ච ධම්මා බහුකාරා.
Sinhala BJTබහූපකාර ධර්‍ම පස කවර යැ? ප්‍රාධානිකාඞ්ග (ප්‍රධන් වීර්‍ය්‍ය වඩන මහණහුගේ ගුණාඞ්ග) පස යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම සැදැහැ ඇත්තේ වෙයි, ඒ භගවත්හු මේ මේ කරුණින් අරහත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් යැ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය. දෙව් මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ යි තථාගතයන් වහන්සේගේ බෝධිය හදහයි. රෝග නැත්තේ නිදුක් වූයේ, ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ, මධ්‍යම වූ, ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීමට යෝග්‍ය වු, සම ලෙස අහර පැසවන උදරාග්නියෙන් යුක්ත වෙයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හා නුවණැති සබ්රම්සරුවන් කෙරෙහි හෝ තතු වූ පරිදි සිය වරද හෙළි කරන්නේ, ශඨ නොවූයේ මායා නැත්තේ වෙයි, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුසල් දහම්හි බහා නො තැබූ වැර ඇත්තේ, අකුසල් දහමුන් පහ කරනු පිණිස, කුසල් දහමුන් ලැබැගැන්ම පිණිස පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. කෙලෙසුන් විදැලීමට සමත් වූ, පිරිසිදු වූ, මොනොවට දුක් වැනැස්මට යන නුවණින් යුක්ත වූයේ, සංස්කාරයන්ගේ ඉපැත්මත් නැස්මත් පිරිසිඳ දක්නට සමත් ප්‍රඥායෙන් සමන්‍විත වූයේ, ප්‍රඥාවත් වෙයි. මේ බහූපකාර ධර්‍ම පස යැ.