Pali BJTඉධ පනාවුසො භික්ඛු එවං වදෙය්ය අස්මීති ඛො මෙ විගතං{1} අයමහමස්මීති න සමනුපස්සාමි. අථ ච පන මෙ විචිකිච්ඡා කථංකථාසල්ලං චිත්තං පරියාදාය තිට්ඨතීති. සො මා හෙව’න්තිස්ස වචනීයො, ‘මායස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො යං අස්මීති විගතෙ{1} අයමහමස්මීති අසමනුපස්සතො, අථ ච පනස්ස විචිකිච්ඡාකථංකථාසල්ලං චිත්තං පරියාදාය ඨස්සතී’ති, නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො විචිකිච්ඡාකථංකථාසල්ලස්ස, යදිදං අස්මීති මානස්ස සමුග්ඝාතො.
Sinhala BJT‘ඇවැත්නි, මෙහි මහණෙක් ‘මම වෙමි’ යි මගේ අස්මිමානය පහ විය. ‘මේ මම් වෙමි’ යි නො දකිමි. එතෙකුදු වුවත් විචිකිච්ඡාව වූ ‘කෙසේ ද? කෙසේ ද? යන’ ශාංකා හුල තෙම මගේ හාත් පසින් ගෙන සිටී යැ’ යි මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියන්නැ’ යි හෙතෙම කියැ යුතු වන්නේ ය. ‘ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො කියන්න, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නො මැනැව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක, ඇවැත්නි, ‘වෙමි’ යි අස්මිමානය පහ වූ කල්හි, ‘මේ මම් වෙමි’ යි නො දක්නාහට (මෙසේ සැකයක් පහළ වී යන) මෙය නො කරුණෙක, මෙය අවකාශ නැත්තෙක. එතෙකුදු වුවත් විචිකිච්ඡාව වූ කථංකථාසල්ලය ඔහු සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මේ කාරණය අවිද්‍යාමාන ය. කවර හෙයින? යම් අස්මි මානයාගේ මුලින් සිඳීමෙක් වේ ද, මෙය විචිකිච්ඡා සංඛ්‍යාත කථංකථාශල්‍යයාගේ නිඃශරණය (නික්මීම) වේ යැ’ යි හේ කියැ යුතු වන්නේ ය.
Pali BJTඡ අනුත්තරියානි: දස්සනානුත්තරියං, සවනානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියං.
Sinhala BJTඅනුත්තරිය (එයට වඩා උතුම් දෑ යැ යි කියැ යුතු කිසිත් නැති) ධර්‍ම සයෙක: අනුත්තරිය දර්‍ශනය (උසස් ම දැක්ම), අනුත්තරිය ශ්‍රවණය (උතුම් ම ඇසීම), අනුත්තරිය ලාභය (උතුම් ම ලැබීම), අනුත්තරිය ශික්‍ෂාව (උතුම් ම හික්මීම), අනුත්තරිය පාරිචර්‍ය්‍යාව (උතුම් ම උවටන), අනුත්තරිය අනුස්මතිය (උතුම් ම සිහි කිරීම).
Pali BJTඡ අනුස්සතිට්ඨානානි: බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති.
Sinhala BJTඅනුස්මෘතිස්ථාන (සිහිකිරීම්) සයෙක: බුද්ධානුස්මෘතිය, ධර්‍මානුස්මෘතිය, සඞ්ඝානුස්මෘතිය, ශීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දේවතානුස්මෘතිය.
Pali BJTඡ සතතවිහාරා: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො.
Sinhala BJTසතතවිහාර (රහත්හුගේ නිත්‍ය විහරණ) සයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම ඇසින් රූපයක් දැක සතුටු ද නො ම වෙයි, නොසතුටු ද නො ම වෙයි. එළැඹ සිටි සිහි ඇත්තේ, නුවණින් යුක්ත වූයේ, අරමුණු මැදහත් වැ දකිනුයේ වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අගා … දිවින් රසක් විඳ … කයින් හැපෙන දෑ පැහැසැ … මනසින් දහම් අරමුණක් සිතා සතුටු ද නො ම වෙයි, නොසතුටු ද නො ම වයි, එළැඹ සිටි සිහි ඇත්ත නුවණින් යුක්ත වූයේ අරමුණ මැදහත් වැ දකිනුයේ වෙසෙයි.
Pali BJTඡළාභිජාතියො: ඉධාවුසො එකච්චො කණ්හ භිජාතිකො සමානො කණ්හං ධම්මං අභිජායති. ඉධාවුසො එකච්චො කණ්හාභිජාතිකො සමානො සුක්කං ධම්මං අභිජායති. ඉධාවුසො එකච්චො කණ්හාභිජාතිකො සමානො අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති. ඉධාවුසො එකච්චො සුක්කාභිජාතිකො සමානො සුක්කං ධම්මං අභිජායති. ඉධාවුසො එකච්චො සුක්කාභිජාතිකො සමානො කණ්හං ධම්මං අභිජායති. ඉධාවුසො එකච්චො සුක්කාභිජාතිකො සමානො අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති.
Sinhala BJTඅභිජාති (ඉපැදුම්) සයෙක: ඇවැත්නි, මෙහි එකෙක් කළු උපත ඇත්තේ (හීන කුලයෙහි උපන්නේ) ම කළු දහම් (දස අකුසල්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් කළු උපත් ඇත්තේ ම (හීන කුලයෙහි උපන්නේ ම) සුදු දහම් (පින්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් කළු උපත් ඇත්තේ ම කළු ද නොවූ සුදු ද නොවූ නිවන් දහම් උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් සුදු උපත් ඇත්තේ (උසස් කුලෙහි උපන්නේ ම) සුදු දහම් (පින්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් සුදු උපත් ඇත්තේ ම (උසස් කුලෙහි උපන්නේ ම), කළු දහම් (පව්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් සුදු උපත් ඇත්තේ ම නොකළු නොසුදු නිවන උපදවයි.
Pali BJTඡ නිබ්බෙධභාගියා සඤ්ඤා: අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා.
Sinhala BJTනිර්වේධභාගික (නිවන් බජන, නිවන් කරා එළැඹෙන) ධර්‍ම සයෙක: අනිත්‍යසංඥාව, අනිත්‍යයෙහි දුඃඛසංඥාව, දුකෙහි අනාත්මසංඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව (නිරෝධානුපස්සනා ඤාණයෙහි සංඥාව).
Pali BJTඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ඡ ධම්මා සම්මදක්ඛාතා, තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සදෙනෙක් ධර්‍මයෝ මොනොවට වදාරන ලද්දාහු වෙත්. එහි සියල්ලන් විසින් ම … එක් වැ ගැයිය යුතු ය. එය …. දෙව් මිනිස්නට හිත පිණිස, සුව පිණිස වන්නේ ය.
Pali BJTසත්තකං
Sinhala BJTසප්තකය
Pali BJT13. අත්ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්ත ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT13. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත් දහම් කෙනෙක් මොනොවට වදාරන ලද්දාහු වෙත්. එහි සියල්ලන් විසින් ම එක් ව ගැයිය යුතු … එය ... දෙව් මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.
Pali BJTකතමෙ සත්ත:
Sinhala BJTකවර දහම් සත් දෙනෙක් ද? යත්:
Pali BJTසත්ත අරියධනානි: සද්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත්තප්පධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං.
Sinhala BJTආර්‍ය ධන සතෙක: ශ්‍රද්ධාධනය, ශීලධනය, හ්රිධනය, අපත්‍රපාධනය, ශ්‍රැතධනය, ත්‍යාගධනය, ප්‍රඥාධනය.
Pali BJTසත්ත සම්බොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, විරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTසම්බෝධ්‍යඞ්ග සතෙක: ස්මෘතිසම්බොධ්‍යඞ්ගය, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය, වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය, ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය, සමාධිසම්බෝධ්‍යඞ්ගය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය.
Pali BJTසත්ත සමාධිපරික්ඛාරා: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති.
Sinhala BJTසමාධිපරිෂ්කාර ධර්‍ම (සමාධියට පිරිවර වූ දහම්) සතෙක: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය.
Pali BJTසත්ත අසද්ධම්මා: ඉධාවුසො භික්ඛු අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති.
Sinhala BJTඅසද්ධර්‍ම (ලාමක දෑ) සතෙක: ඇවැත්නි, මෙහි මහණෙක් සැදැහැ නැත්තේ වෙයි, පවට ලජ්ජා නැත්තේ වෙයි, පවට බිය නැත්තේ වෙයි, අල්පශ්‍රැත (දහම් නොඋගත්තේ) වෙයි, අලස වෙයි, නටුවාවූ සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා නැත්තේ වෙයි.
Pali BJTසත්ත සද්ධම්මා: ඉධාවුසො භික්ඛු සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතස්සති හොති, පඤ්ඤවා හොති.
Sinhala BJTසද්ධර්‍ම සතෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම සැදැහැ ඇත්තේ වෙයි, පවට ලජ්ජා ඇත්තේ වෙයි, පවට බිය ඇත්තේ වෙයි, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි, සම්පූර්‍ණ කරන ලද වීර්‍ය්‍ය ඇත්තේ වෙයි, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි.
Pali BJTසත්ත සප්පුරිසධම්මා: ඉධාවුසො භික්ඛු ධම්මඤ්ඤූ ච හොති, අත්ථඤ්ඤූ ච, අත්තඤ්ඤූ ච, මත්තඤ්ඤූ ච, කාලඤ්ඤූ ච, පරිසඤ්ඤූ ච, පුග්ගලඤ්ඤූ ච.
Sinhala BJTසත්පුරුෂ ධර්‍ම සතෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ධර්‍මඥ (සූත්‍ර ගෙය ආදි දහම් පෙළ දන්නේ) ද වෙයි, අර්‍ත්‍ථඥ (වදාළ ධර්‍මයේ අර්‍ත්‍ථ දන්නේ) වෙයි, ආත්මඥ (ශීලාදියෙන් මම් මෙ පමණ ඇත්තෙමි යි තමා පමණ දන්නේ) වෙයි, මාත්‍රඥ (ප්‍රත්‍යය පිළිගැනුම් වැළැඳුම් දෙකේ පමණ දන්නේ) වෙයි, කාලඥ (පරිපුච්ඡාදියට කල් දන්නේ) වෙයි. පර්ෂජඥ (අට වැදෑරුම් පිරිස දන්නේ) වෙයි, පුද්ගලඥ (සෙවියැ යුතු නොසෙවියැ යුතු පුඟුලන් දන්නේ) වෙයි.
Pali BJTසත්ත නිද්දසවත්ථූනි: ඉධාවුසො භික්ඛු සික්ඛාසමාදානෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච සික්ඛාසමාදානෙ අවිගතපෙමො. ධම්මනිසන්තියා තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච ධම්මනිසන්තියා අවිගතපෙමො. ඉච්ඡාවිනයෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච ඉච්ඡාවිනයෙ අවිගතපෙමො. පටිසල්ලානෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච පටිසල්ලානෙ අවිගතපෙමො. විරියාරම්භෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච විරියාරම්භෙ අවිගතපෙමො. සතිනෙපක්කෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච සතිනෙපක්කෙ අවිගතපෙමො. දිට්ඨිපටිවෙධෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච දිට්ඨිපටිවෙධෙ අවිගතපෙමො.
Sinhala BJTනිර්දශ වස්තු සතෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම ශික්‍ෂා සමාදානයෙහි දැඩි කැමැත්තේ මත්තෙහිදු ශික්‍ෂා සමාදානයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ධර්‍මනිශාන්තියෙහි (විදර්‍ශනායෙහි) දැඩි කැමැත්තේ මත්තෙහි ධර්‍මනිශාන්තියෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ඉච්ඡාවිනයෙහි (තෘෂ්ණාව දුරැලීමෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි දු ඉච්ඡාවිනයයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ප්‍රතිසංල්ලයනයෙහි (එකලා වැ හිඳීමෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි දු ප්‍රතිසංල්ලයනයෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. කායික චෛතසික වීර්‍ය්‍ය පිරීමෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි දු වීර්‍ය්‍යය පිරීමෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් දැඩි කැමැත්තේ මත්තෙහි දු සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. දෘෂ්ටිප්‍රතිවේධයෙහි (මාර්‍ගදර්‍ශනයෙහි) දැඩි කැමැත්තේ මත්තෙහිදු දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.
Pali BJTසත්ත සඤ්ඤා: අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා.
Sinhala BJTසංඥා සතෙක: අනිත්‍යසංඥාව, අනාත්මසංඥාව, අශුභසංඥාව, ආදීනවසංඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව.
Pali BJTසත්ත බලානි: සද්ධාබලං, විරියබලං, හිරිබලං, ඔත්තප්පබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.
Sinhala BJTබල සතෙක: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, හ්රිබලය, අපත්‍රපාබලය, ස්මෘතිබලය, සමාධි බලය, ප්‍රඥාබලය.
Pali BJTසත්ත විඤ්ඤාණට්ඨිතියො: සන්තාවුසො සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTවිඥානස්ථිති සතෙක: ඇවැත්නි, මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ දැ යි කායනානාත්‍වය (කයින් වෙනස් බවද) ඇති සංඥානානාත්‍වය (ප්‍රතිසන්‍ධි සංඥා වශයෙන් උනුනට වෙනස් බව) ද ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු වැනි විඥාන ස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, ලොවැ කල්පාරම්භසමයයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියෝ යම්සේ ද එසේ වූ කායනානාත්‍වය ඇති ප්‍රතිසන්‍ධිසංඥාඒකත්‍වය ඇති (එක ම වර්‍ගයේ ප්‍රතිසන්‍ධි සිතින් උපන්) සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි විඥාන ස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, ආභාස්වරදෙවියන් සේ වූ කායෛකත්‍වය (එක් බඳු කය) ඇති, සංඥානානාත්‍වය (උත්පත්තිය සිදු කළ ප්‍රතිසන්‍ධිසංඥාවගේ විවිධතාව) ඇති සත්‍ව කෙනෙක් ඇත. මෙ තෙවෙනි විඥානස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථි විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියන් සේ වූ කායෛකත්‍වය (කයින් එක් බඳු බව) ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවගේ ද ඒකත්‍වය ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සතර වැනි විඥානස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමී විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, රූපසංඥාවන් හැම ලෙසින් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරැ වැ යෑමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාශප්‍රඥප්තිය අනන්තයැ යි දැක, එහි සිත පිහිටුවා, ආකාශානන්තායතන බඹ ලොවට පැමිණි සතාව කෙනෙක් ඇත. මේ පස්වැනි විඥානස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං ඡට්ඨී විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, හැම ලෙසින් ම අනන්ත වූ කසිණුග්ඝාටිම ආකාරසාරම්මණය ඉක්මැ, (ආකාශානන්තායතන ධ්‍යාන) විඥානය අනන්තයැ යි ධ්‍යාන වඩා, විඥානන්තායතන බඹලොවට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි විඥානස්ථිතිය යැ.
Pali BJTසන්තාවුසො සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමී විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTඇවැත්නි, හැම ලෙසින් ම විඥානන්තායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි බවා ආකිංචන්‍යායතන බඹලොවට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි විඥානස්ථිතිය යැ.
Pali BJTසත්ත පුග්ගලා දක්ඛිණෙය්යො: උභතොභාගවිමුත්තො, පඤ්ඤාවිමුත්තො, කායසක්ඛි, දිට්ඨිප්පත්තො, සද්ධාවිමුත්තො, ධම්මානුසාරී, සද්ධානුසාරී.
Sinhala BJTදක්‍ෂිණාර්‍හ පුද්ගලයෝ සත්දෙනෙක: උභතෝභාගවිමුක්තයා, ප්‍රඥාවිමුක්තයා, කායසාක්‍ෂිකයා, දෘෂ්ටිප්‍රාප්තයා, ශ්‍රද්ධාවිමුක්තයා, ධර්‍මානුසාරියා, ශ්‍රද්ධානුසාරියා.
Pali BJTසත්ත අනුසයා: කාමරාගානුසයො, පටිඝානුසයො, දිට්ඨානුසයො, විචිකිච්ඡානුසයො, මානානුසයො, භවරාගානුසයො, අවිජ්ජානුසයො.
Sinhala BJTඅනුශය සතෙක: කාමරාගානුශය, ප්‍රතිඝානුශය, දෘෂ්ට්‍යානුශය, විචිකිත්සානුශය, මානානුශය, භවරාගානුශය, අවිද්‍යානුශය.
Pali BJTසත්ත සංයොජනානි: අනුනයසංයොජනං,{1} පටිඝසංයොජනං, දිට්ඨිසංයොජනං, විචිකිච්ඡාසංයොජනං, මානසංයොජනං, භවරාගසංයොජනං, අවිජ්ජාසංයොජනං.
Sinhala BJTසංයෝජන සතෙක: අනුනයසංයෝජනය, ප්‍රතිඝසංයෝජනය, දෘෂ්ටිසංයෝජනය, විචිකිත්සාසංයෝජනය, මානසංයෝජනය, භවරාගසංයෝජනය, අවිද්‍යාසංයෝජනය.
Pali BJTසත්ත අධිකරණසමථා: උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය සම්මුඛාවිනයො දාතබ්බො, සතිවිනයො දාතබ්බො, අමූළ්හවිනයො දාතබ්බො, පටිඤ්ඤාය කාරෙතබ්බං, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො.
Sinhala BJTඅධිකරණ ශමථ සතෙක: උපනුපන් අධිකරණයන්ගේ සන්සිඳීම පිණිස, ව්‍යුපශමය පිණිස සම්මුඛාවිනය දියැ යුතු, සතිවිනය දියැ යුතු, අමූළ්හවිනය දියැ යුතු, ප්‍රතිඥායෙන් කැරැවියැ යුතු, යේභුය්‍යසිකාව, තස්සපාපිය්‍යසිකාව, තිණවත්‍ථාරකය (කැරැවිය යුතු).
Pali BJTඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්ත ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සප්ත ධර්‍මයෝ මොහුය. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය යුතු … එය … දෙවිමිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
Pali BJTඅට්ඨකං
Sinhala BJTඅෂ්ටකය
Pali BJT14. අත්ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අට්ඨ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT14. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද අෂ්ට ධර්‍ම කෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් මැ එක් වැ ගැයිය යුතු … එය දෙවිමිනිස්නට ප්‍රයෝජනන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ යි.
Pali BJTකතමෙ අට්ඨ?
Sinhala BJTකවර අට දෙනෙක් ද? යත්:
Pali BJTඅට්ඨ මිච්ඡත්තා: මිච්ඡාදිට්ඨි, මිච්ඡාසංකප්පො, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්තො, මිච්ඡාආජීවො, මිච්ඡාවායාමො, මිච්ඡාසති, මිච්ඡාසමාධි. (1)
Sinhala BJTමිථ්‍යාත්‍ව (මිථ්‍යා ස්වභාවයෝ) අටෙක: මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යාසංකල්පය, මිථ්‍යාවචනය, මිථ්‍යා කර්‍මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා ස්මෘතිය, මිථ්‍යා සමාධිය.
Pali BJTඅට්ඨ සම්මත්තා: සම්මාදිට්ඨි, සම්මාසංකප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. (2)
Sinhala BJTසම්‍යක්ත්‍ව (සම්‍යක් ස්වභාවයෝ) අටෙක: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය.
Pali BJTඅට්ඨ පුග්ගලා දක්ඛිණෙය්යා: සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමී, සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අනාගාමී, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො. (3)
Sinhala BJTදක්‍ෂිණාර්‍හ පුද්ගලයෝ අට දෙනෙක: සෝවාන් පුඟුලාය, සෝවාන් පලය පසක් කරනුවට පිළිපන් පුඟුලා ය, සෙදැගැමියා ය, සෙදගැමිඵලය පිණිස පිළිපන් පුඟුලා ය, අනැගැමියා ය, අනැගැමිපලය පිණිස පිළිපන් පුඟුලා ය, රහත් තෙමේ ය, රහත්පලය පිණිස පිළිපන් පුඟුලා ය.
Pali BJTඅට්ඨ කුසීතවත්ථූනි: ඉධාවුසො භික්ඛුනා කම්මං කාතබ්බං හොති. තස්ස එවං හොති: කම්මං ඛො මෙ කාතබ්බං භවිස්සති, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමී’ති සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං කුසීතවත්ථු.
Sinhala BJTකුසීදවස්තු (කුසීදයාගේ කරුණු, කුසීද බවට කාරණ) අටෙක: ඇවැත්නි, මෙහි මහණහු විසින් (සිවුරු විචාරණාදි) කර්‍මයෙක් කළ යුතු වෙයි. මා විසින් කර්‍මයෙක් කළ යුතු වන්නේ ය. කර්‍මය කරන්නාවූ මගේ කය වෙහෙසන්නේ ය. එහෙයින් දැන් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ පළමු කුසීද වස්තුව ය.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: අහං ඛො කම්මං අකාසිං, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලන්තො, හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති න විරියං ආරභති -පෙ- ඉදං දුතියං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, මහණහු විසින් කර්‍මයෙක් කරන ලද්දේ වෙයි. ‘මම් වහනාහි කර්‍මයක් කෙළෙමි. කර්‍මය කරන්නාවූ මගේ කය වෙහෙසුණේ ය. එ බැවින් මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි … වැර නො වඩයි. මේ දෙවෙනි කුශීද වස්තුව ය.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති: මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති, මග්ගං ඛො පන මෙ ගච්ඡින්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං තතියං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණහු විසින් මඟ යෑ යුතු වෙයි ‘මා විසින් මඟ යෑ යුතු ය, මඟ යන මගේ වූ කලි කය වෙහෙසෙන්නේ ය. එහෙයින් මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි, නො පැමිණි ධ්‍යානාදියෙක් පැමිණෙනුවට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ හේ වැර නො වඩයි. මේ තෙවෙනි කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති. අහං ඛො මග්ගං අගමාසිං, මග්ගං ඛො පන මෙ ගච්ඡින්තස්ස කායො කිලන්තො. හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං චතුත්ථං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, මහණහු විසින් මඟ යන ලද්දේ වෙයි. ‘මම් වූ කලි මඟ ගියෙමි. මඟ යන්නා වූ මගේ කය ඒකාන්තයෙන් වෙහෙසුණේ ය. එ බැවින් මම් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදැ හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීම පිණිස හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැ නො වඩයි. මේ සිවුවැනි කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො කිලන්තො අකම්මඤ්ඤො. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඤ්චමං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙම ගමෙක හෝ නියම් ගමෙක පිඬු පිණිස හැසිරෙන්නේ රූක්‍ෂ වූ ප්‍රණීත වූ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ‘මම් වූ කලි ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම් සෑහෙන පමණ, (කුස පිරෙන පමණ) රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුනක් නො ලද්දෙමි. ඒ මගේ කය ක්ලාන්ත ය, අකර්‍මණ්‍ය ය (පණ නැත). එ බැවින් මම් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ පස් වැනි කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගාමංවා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො ගරුකො අකම්මඤ්ඤො. මාසාචිතං මඤ්ඤෙ. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති. න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං ඡට්ඨං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක: ඇවැත්නි, මහණ තෙම ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයේ රූක්‍ෂ හෝ ප්‍රණීත ආහාර සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලබයි. ‘මම් ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම් රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ කය තෙත් මෑ සේ බර ය, අකර්‍මණ්‍ය ය. එ බැවින් මම් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදැ හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණෙන්නට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ ස වැනි කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො. තස්ස එවං හොති: ‘උප්පන්නො ඛො මෙ අප්පමත්තකො ආබාධො. අත්ථි කප්පො නිපජ්ජිතුං, හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං සත්තමං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණහට අල්පමාත්‍ර වූ ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට අල්පමාත්‍ර ආබාධයෙක් උපන. වැදැ හෝනට සුදුසු බව ඇත. එ බැවින් මම් වැද හෙමි’ යි ඔහු මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට, නොලත් ධ්‍යානාදියක් ලබන්නට, නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරන්නට වැර නො වඩයි. මේ සත්වැනි කුශීද වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගිලානා වුට්ඨිතො{1} හොති, අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති: අහං ඛො ගිලානා වුට්ඨිතො අචිතවුට්ඨිතො ගෙලඤ්ඤා, තස්ස මෙ කායො දුබ්බලො අකම්මඤ්ඤො, අත්ථි කප්පො නිපජ්ජිතුං හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං අට්ඨමං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ගිලන් බැවින් නැඟී සිටියේ වෙයි, ගිලන් බැවින් නැඟී නො බෝ කල් ඇත්තේ වෙයි. ඔහුට, ‘මම් වනාහි ගිලන් බැවින් නැඟී සිටියෙම්, ගිලන් බැවින් නැඟී සිටි නො බෝ කල් ඇත්තෙම් වෙමි. ඒ මාගේ කය දුර්‍වල ය, අකර්‍මණ්‍ය ය, වැද හෙනුවට සුදුසු බව ඇත. එ බැවින් මම් වැද හෙමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ අට වැනි කුශීද වස්තුව යැ.
Pali BJTඅට්ඨ ආරම්භවත්ථූනි: ඉධාවුසො භික්ඛුනා කම්මං කාතබ්බං හොති. තස්ස එවං හොති: ‘කම්මං ඛො මෙ කාතබ්බං භවිස්සති, කම්මං ඛො පන මෙ කරොන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසි කාතුං, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං ආරම්භවත්ථු.
Sinhala BJTආරම්භවස්තු (වීර්‍ය්‍යයට කරුණු) අටෙක: ඇවැත්නි, මහණක්හු විසින් කර්‍මයෙක් කළ යුතු වෙයි. ‘මා විසින් වූ කලී කර්‍මයෙක් කළ යුතු වන්නේ ය. කර්‍මයක් කරන මා විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට නො හැක්ක. එ හෙයින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනු පිණිස, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හෙ තෙම නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩයි. මේ පළමු වන ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: අහං ඛො කම්මං අකාසිං. කම්මං ඛො පනාහං කරොන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසි කාතුං. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං දුතියං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් කර්‍මයෙක් කරන ලද්දේ වෙයි. ‘මම් වූ කලි කර්‍මයක් කෙළෙමි. මම් කර්‍මය කරනුයෙම්, බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට නො හැකි වීමි, එ හෙයින් මම් නො පැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නො ලත් ධ්‍යානාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩයි. මේ දෙවෙනි ආරම්භ වස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති: ‘මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති. මග්ගං ඛො පන මෙ ගච්ඡන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං තතියං ආරම්භවත්ථු.
Sinhala BJT__missing trans__
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනා මග්ගො ගතො හොති තස්ස එවං හොති: ‘අහං ඛො මග්ගං අගමාසිං. මග්ගං ඛො පනාහං ගච්ඡන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඉදං චතුත්ථං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟෙක් යෑ යුතු වෙයි. ‘මා විසින් වූ කලි මඟෙක් යෑ යුතු වෙයි. මඟ යන මා විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු නො වේ. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, නොපසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමඩ වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීම, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩයි. මේ සතර වැනි ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථුං පාරිපූරිං. තස්ස මෙ කායො ලහුකො කම්මඤ්ඤො. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඤ්චමං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ඔහුට, ‘මම් ගමැ හෝ නියම් ගමැ හෝ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ හෝ ප්‍රණීත හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලද්මි, ඒ මගේ කය හෑල්ලු යැ, කර්‍මණ්‍ය යැ. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ නො පැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩයි. මේ පස් වන ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ළූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො බලවා කම්මඤ්ඤො. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං ඡට්ඨං ආරම්භවත්ථු .
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුනක් සෑහෙන පමණ. කුස පිරෙන පමණ ලබයි. ‘මම් වනාහි ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ හෝ ප්‍රණීත වූ බොජුනක් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ කය ශක්තිමත් ය, කර්‍මණ්‍ය ය. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නො පැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නො ලත් ධ්‍යානාදිය ලබන්නට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ සවැනි ආරම්භවස්තුව යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො තස්ස එවං හොති: ‘උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො. ආබාධො ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආබාධො පවඩ්ඪෙය්ය, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං සත්තමං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හට අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ ම වෙයි. මගේ ආබාධය වැඩෙන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන ය, එ බැවින් නො පැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නො ලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරන්නට මම් වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නො කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ සත් වැනි ආරම්භවස්තුවය යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ගිලානා වුට්ඨිතො හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති: ‘අහං ඛො ගිලානා වුට්ඨිතො{1} අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා, ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආබාධො පච්චුදාවත්තෙය්ය, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං අට්ඨමං ආරම්භවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගිලන් බැවින් නැගී සිටියේ, ගිලන් බැවින් නැගී සිටි නොබෝ කල් ඇත්තේ වෙයි. ‘මම් වූ කලි ගිලන් බැවින් නැඟී සිටියෙම්, ගිලන් බැවින් නැඟීසිටි නොබෝ කල් ඇත්තෙම් වෙමි. මගේ මේ ආබාධය වටාලා නැඟී එන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන ය. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නො කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, නොපසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ අටවැනි ආරම්භවස්තුව යැ.
Pali BJTඅට්ඨ දානවත්ථූනි: ආසජ්ජ දානං දෙති. භයා දානං දෙති. ‘අදාසි මෙ’ති දානං දෙති, ‘දස්සති මෙ’ති දානං දෙති. ‘සාහු දානන්ති දානං දෙති, ‘අහං පචාමි, ඉමෙ න පචන්ති, නාරහාමි පචන්තො අපචන්තානං දානං න දාතු’න්ති දානං දෙති. ‘ඉදං මෙ දානං දදතො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡතී’ති දානං දෙති. චිත්තාලඞ්කාරචිත්තපරික්ඛාරත්ථං දානං දෙති.
Sinhala BJTදානවස්තු (දීමට කරුණු) අටෙක: පැමිණි අමුත්තාට වහා දන් දෙයි. බිය හේතු කොට ගෙන දන් දෙයි. ‘මට මේ තෙම දුන්නේ යැ’ යි දන් දෙයි. ‘මට දෙන්නේ යැ’ යි දන් දෙයි. ‘දීම මැනැව’ යි සලකා දන් දෙයි. ‘මම් පිසමි, මොහු නො පිසත්, මම් පිසන්නෙම් නො පිසන්නනට දන් නොදෙන්නට නො සුදුස්සෙමි’ යි දන් දෙයි. ‘මෙ දන් දෙන මා පිළිබඳ යහපත් කීර්තිශබ්දයෙක් උස් වැ නැඟේ’ යැයි දන් දෙයි. ශමථවිදර්‍ශනා සිතට සැරසිල්ලක් කොට, ශමථ විදර්‍ශනා සිතට පිරිවර පිණිස දන් දෙයි.
Pali BJTඅට්ඨ දානූපපත්තියො: ඉධාවුසො එකච්චො දානං දෙති. සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො යං දෙති තං පච්චාසිංසති. සො පස්සති ඛත්තියමහාසාලං වා බ්රාහ්මණමහාසාලං වා ගහපතිමහාසාලං වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතං සමඞ්ගීභූතං පරිචාරයමානං. තස්ස එවං හොති ‘අහොවතාහං කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සහබ්යතං උපපජ්ජෙය්ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තං චිත්තං හීනෙ’ධිමුත්තං උත්තරිං අභාවිතං තත්රුපපත්තියා සංවත්තති. තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස. ඉජ්ඣතාවුසො සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා.
Sinhala BJTදානෝප්පත්ති (දාන හේතුයෙන් ඇතිවන දෙවෙනි භව) අටෙක: ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශයන ආවාස පහන් තෙල් යන දානවස්තු දෙයි. හේ යමක් දෙන්නේ ද, එය ලබන්නට පතයි. හෙ තෙම පංච කාමගුණයන්ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ එහි ඉඳුරන් හසුරුවන (පස්කම් සුව විඳුනා) ක්‍ෂත්‍රිය මහාසාරයකු හෝ බ්‍රාහ්මණ මහාසාරයකු හෝ ගෘහපති මහාසාරයකු හෝ දකී. ‘මමත් කා බුන් මරණින් මතු ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ හෝ ඒකී භාවයට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ ඒ සිත පිහිටුවයි. ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීන වූ පංචකාම ගුණයන්හි ඇලුණු, මත්තෙහි නො වඩන ලද ඔහුගේ ඒ සිත එහි ඉපැත්ම පිණිස පවතී. එ ද සිල්වත්හුගේ සිත ම ය, දුසිලක්හුගේ සිත නො වේ යැ යි කියම්. ඇවැත්නි, පිරිසිදු බැවින් සිල්වත්හුගේ වෙතස්ප්‍රණිධිය (පැතුම) සිද්ධ වේ.
Pali BJTපුන චපරං ආවුසො ඉධෙකච්චො දානං දෙති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං -පෙ- සෙය්යාවසථපදීපෙය්යං. සො යං දෙති තං පච්චාසිංසති.{1} තස්ස සුතං හොති ‘චාතුම්මහාරාජිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං{2} දෙවානං සහබ්යතං උපපජ්ජෙය්යන්ති”. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති, තස්ස තං චිත්තං හීනෙ’ධිමුත්තං උත්තරිං අභාවිතං තත්රුපපත්තියා සංවත්තති. තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස. ඉජ්ඣතාවුසො සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා.
Sinhala BJTතව ද අනෙකක් කියමි. ඇවැත්නි, මෙහි එක්තරා පුගුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන … පහන්තෙල් යන මේ දෑ දන් දෙයි. හේ යමක් දෙන්නේ ද එය පතයි. සිවුමහරජයෙහි වැසි දෙවියෝ දීර්‍ඝායුෂ ඇත්තෝ යැ යි පැහැ සටහන් ඇත්තෝ යැ යි, සැප බහුල කොට ඇත්තෝ යැ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ‘කා බුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන් හා එක් වන බවට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ ඒ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීන වූ කම් සුවෙහි ඇලුණු, මත්තෙහි නො වඩන ලද ඔහුගේ ඒ සිත එහි ඉපැත්ම පිණිස පවතී. ඒ ද සිල්වත්හුගේ සිත යැ යි, දුසිල්හුගේ සිත නො වේ යැ යි කියමි. ඇවැත්නි, පිරිසිදු බැවින් සිල්වත්හුගේ සිතේ පැතුම සිද්ධ වේ.
Pali BJTපුන චපරං ආවුසො ඉධෙකච්චො දානං දෙති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං -පෙ- සෙය්යාවසථපදීපෙය්යං. සො යං දෙති තං පච්චාසිංසති. තස්ස සුතං හොති තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම්මානරතී දෙවා -පෙ- පරනිම්මිතවසවත්තී දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති ‘අහොවතාහං කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්යන්ති”. සො තං චිත්තං දහති තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස චිත්තං හීනෙ’ධිමුත්තං උත්තරිං අභාවිතං තත්රුපපත්තියා සංවත්තති. තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස. ඉජ්ඣතාවුසො සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන … ශයන ආවාස පහන්තෙල් යන මේ දෑ දන් දෙයි. හේ යමක් දෙන්නේ ද එය පතයි. තව්තිසාවැසි දෙවියෝ … යාම දෙව්ලෝ වැසි දෙවියෝ … තුසී දෙව්ලෝ වැසි දෙවියෝ … නිර්‍මාණරති දෙව්ලොව වැසි දෙවියෝ … පරනිර්මිත වශවර්ත්ති දෙව්ලොව වැසි දෙවියෝ දීර්‍ඝායුෂ්කහ යි වර්‍ණවත් හ යි, සුඛ බහුල හ යි ඔහු විසින් අසන ලද්ද වෙයි. ‘කා බුන් මරණින් මතු පරනිර්මිත වශවර්ත්ති දෙවියන්ගේ සහභාවයට පැමිණියැ හෙන්නෙම් නම් යෙහෙකැ’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ එ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීන වූ කම් සුවෙහි ඇලුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩන ලද්දේ එහි ඉපැත්ම පිණිස පවතී. ‘ඒ ද සිල්වත්හුගේ සිතය ය, දුසිල්හුගේ සිත නො වේ’ යැ යි කියමි. ඇවැත්නි, පිරිසිදු හෙයින් සිල්වත්හුගේ සිතැ පැතුම සිදු වෙයි.
Pali BJTපුන චපරං ආවුසො ඉධෙකච්චො දානං දෙති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො යං දෙති තං පච්චාසිංසති. තස්ස සුතං හොති ‘බ්රහ්මකායිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති, තස්ස තං චිත්තං හීනෙ’ධිමුත්තං උත්තරිං අභාවිතං තත්රුපපත්තියා සංවත්තති. තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස, වීතරාගස්ස නො සරාගස්ස. ඉජ්ඣතාවුසො සීලවතො චෙතොපණිධි වීතරාගත්තා.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශයන ආවාස පහන් තෙල් යම මේ දෑ දන් දෙයි. හේ යමක් දෙන්නේ ද, එය පතයි. ඔහු විසින් ‘බ්‍රහ්මකායික දෙවියෝ දීර්‍ඝායුෂ්ක හ, වර්‍ණවත් හ, සුව බහුල කොටැත්තෝ හ’ යි අසන ලද්දේ වෙයි. ‘මම් කා බුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණියැ හෙන්නෙම වීම් නම් යෙහෙකැ යි මෙසේ සිතෙක් ඔහුට වෙයි. ඒ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත පහත් බඹලොවෙහි ඇලුණේ, මත්තෙහි නො වඩනා ලද්දේ එහි ඉපැත්ම පිණිස පවතී. ඒ ද සිල්වත්හුගේ සිත යැ, දුසිල්හුගේ සිත නො වේ යැ’ යි කියමි. පහවූ රාගය ඇත්තහුගේ සිත ය, රාග සහිතයාගේ සිත නො වේ යැ යි කියමි. ඇවැත්නි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය (පැතුම) සිදු වෙයි. පහ වූ රාගය ඇති බැවිනි.
Pali BJTඅට්ඨ පරිසා: ඛත්තියපරිසා, බ්රාහ්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා, චාතුම්මහාරාජිකපරිසා, තාවතිංසපරිසා, මාරපරිසා, බ්රහ්මපරිසා.
Sinhala BJTපිරිස් අටෙක: කැත් පිරිස, බමුණු පිරිස, ගැහැවි පිරිස, මහණ පිරිස,සිවුමහරැජි පිරිස, තව්තිසා දෙව් පිරිස, මර පිරිස, බඹ පිරිස.
Pali BJTඅට්ඨ ලොකධම්මා: ලාභො ච, අලාභො ච, යසො ච, අයසො ච, නින්දා ච, පසංසා ච, සුඛඤ්ච, දුක්ඛඤ්ච.
Sinhala BJTලෝකධර්‍ම අටෙක: ලාභය, අලාභය, යශස, අයශස, නින්‍දාව, ප්‍රශංසාව, සුඛය, දුඃඛය.
Pali BJTඅට්ඨ අභිභායතනානි: අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං.
Sinhala BJTඅභිභායතන අටෙක: එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍ම වශයෙන් රූපසංඥා ඇත්තේ පිටත්හි සුවර්‍ණ හෝ දුර්වර්‍ණ හෝ පරිත්‍රාලම්බන වූ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ, ‘දනිමි යි, දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු වන අභිහායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ නිමිත්තරූපයන් දකී. ඒ රූප මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිහායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්‍මසංඥා නැත්තේ, පිටත්හි වූ සුවර්‍ණ හෝ දුර්වර්‍ණ වූ පරිත්‍රාලම්බන වූ පරිකර්‍ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණ මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිහායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූප සංඥා නැත්තේ, පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ රූපයන් දකී. ඒ රූප අභිභවා ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිභායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි - සෙය්යථාපි නාම උම්මාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමී ති එවං සඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල්පැහැති බාහිර වූ රූප දකී. නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල්පැහැති දිරමෙරලිය මලෙක් යම් සේ වේ ද, නිල් වූ නිල්වන් වූ නිල් දැකුම් ඇති, නිල් පැහැති, දෙපිට ම මට සිලිටි වූ කසීවතෙක් යම් සේ වේ ද, එසේ ම නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති නිල්පැහැති, බාහිර කසිණාලම්බන රූපයන් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ දකී. ඒ රූප අභිභවා ‘දනිමි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පස්වන අභිභායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන් පැහැති, බාහිර වූ පීත වර්‍ණ රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන්පැහැති, පීතවර්‍ණ කිණිහිරි මලෙක් යම් බඳු වේ ද, දෙ පිට මට සිලිටි වූ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති පීතවර්‍ණ කසී වතෙක් හෝ යම්බඳු වේ ද, එසේ ම රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති, බාහිර පීතකසිණරූපයන් එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං. එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී ති එවංසඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත් පැහැ වූ බඳුවද මලෙක් යම් සේ වේ ද, දෙපස මට සිලිටි වූ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ කසීවතෙක් හෝ යම් සේ වේ ද, එසේ ම රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බාහිර රූපයන්, අධ්‍යාත්ම රූපයෙහි රූප සංඥා නැති එකෙක් දකී. ඔවුන් මැඩැ ‘දනිමි’ යි, ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභාතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. සෙය්යථාපි නාම ඔසධීතාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං. එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී ති එවංසඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං.
Sinhala BJTඑකෙක් අධ්‍යාත්මරූපයෙහි රූප සංඥා නැත්තේ සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති වූ බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ සුදුවන් දැකුම් ඇති, සුදුපැහැ වූ, ඔෂධී තාරකාව යම් සේ ද, දෙපස මට සිලිටි වූ, සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති කසී වතෙක් හෝ යම් සේ වේ ද එසේ ම සුදු වූ, සුදුවන් වූ, සුදු දැකුම් ඇති, සුදු පැහැ වූ, බාහිර කසිණරූපයන්, එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්ත වෙයි. මේ අටවන අභිභායතනය යි.
Pali BJTඅට්ඨ විමොක්ඛා: රූපී රූපානි පස්සති. අයං පඨමො විමොක්ඛො.
Sinhala BJTවිමෝක්‍ෂ අටෙක: රූපධ්‍යාන ඇත්තේ නීලකසිණරූපාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමුවන විමෝක්‍ෂය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියො විමොක්ඛො.
Sinhala BJTඅධ්‍යාත්ම රූපයෙහි රූප සංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමෝක්‍ෂය යි.
Pali BJTසුභන්තෙව අධිමුත්තො හොති. අයං තතියො විමොක්ඛො.
Sinhala BJTදහන් ඇසින් පිරිසිදු කසිණ අරමුණු දක්නේ ‘ශුභ යැ’ යි ම එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමෝක්‍ෂය යි.
Pali BJTසබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථො විමොක්ඛො.
Sinhala BJTසර්‍ව ප්‍රකාරයෙන් රූප සංඥා ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වැ යෑමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සතරවන විමෝක්‍ෂය යි.
Pali BJTසබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමො විමොක්ඛො-
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස් වන විමෝක්‍ෂය යි.
Pali BJTසබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨො විමොක්ඛො.
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂය යි.
Pali BJTසබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො.
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂය යි.
Pali BJTසබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිත නිරොධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමො විමොක්ඛො.
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂය යි.
Pali BJTඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අට්ඨ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්ස විසින් මොනොවට වදාරන ලද අෂ්ට ධර්‍මයෝ මොහු ය. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය යුතු … එය දෙව් මිනිස්නට ප්‍රයෝජනය පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
Pali BJTනවකං
Sinhala BJTනවකය
Pali BJT15. අත්ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන නව ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT15. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද නව ධර්‍ම කෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය යුතු … එය දෙව් මිනිස්නට ප්‍රයෝජනය පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
Pali BJTකතමෙ නව?
Sinhala BJTකවර ධර්‍ම නව දෙනෙක් ද? යත්:
Pali BJTනව ආඝාතවත්ථූනි: අනත්ථං මෙ අචරීති ආඝාතං බන්ධති, අනත්ථං මෙ චරතීති ආඝාතං බන්ධති. අනත්ථං මෙ චරිස්සතීති ආඝාතං බන්ධති පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති.
Sinhala BJTආඝාත වස්තු (වෛරයට කරුණු) නවයෙක: මට අවැඩ කෙළේ යැ යි වෛර බඳී, මට දැන් අවැඩ කෙරේ යැයි වෛර බඳී, මට මතු අවැඩ කරතැ යි වෛර බඳී, මට ප්‍රිය මනාප පුද්ගලයාට අවැඩ කෙළේ යැ යි … දැන් අවැඩ කෙරේ යැ යි … මතු අවැඩ කරතැ යි වෛර බඳී. මට අප්‍රිය අමනාප පුද්ගලයාට වැඩ කෙළේ (අභිවෘද්ධිය සිදු කෙළේ) යැ යි … දැන් වැඩ කෙරේ යැ යි … මතු වැඩ කරතැ යි වෛර බඳී.
Pali BJTනව ආඝාතපටිවිනයා: අනත්ථං මෙ අචරී ති, තං කුතෙත්ථ ලබ්භා ති ආඝාතං පටිවිනෙති, අනත්ථං මෙ චරිස්සතී ති තං කුතෙත්ථ ලබ්භා ති ආඝාතං පටිවිනෙති, අනාත්ථං මෙ චරිස්සතී ති තං කුතෙත්ථ ලබ්භා ති ආඝාතං පටිවිනෙති, පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතීති තං කුතෙත්ථ ලබ්භා ති ආඝාතං පටිවිනෙති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතී ති, තං කුතෙත්ථ ලබ්භා ති ආඝාතං පටිවිනෙති.
Sinhala BJTඅඝාතප්‍රතිවිනය (වෛර දුරැ ලන කරුණු) නවයෙක: හේ මට අවැඩ කෙළේ යැ යි (ඒ අවැඩ කිරීම නො වේ වා යි ඒ පුඟුලා කෙරෙහි) එය කොයින් ලද හැකි දැ යි සිතන්නේ වෛර දුරැ ලයි. හේ මට දැන් අවැඩ කෙරේ යැ යි එය ඔහු කෙරෙහි කොයින් ලද හැකි දැයි සිතන්නේ වෛර දුරැ ලයි. ඔහු මට මතු අවැඩ කරතැ යි යන එය (ඔහු කෙරෙහි) කොයින් ලද හැකි දැ යි සිතනුයේ වෛර දුරැ ලයි. මගේ ප්‍රිය මනාප පුඟුලාට හේ අවැඩ කෙළේ යැ යි … හේ දැන් අවැඩ කෙරේ යැ යි … ඔහු මතු අවැඩ කරතැයි යන එය (ඔහු කෙරෙහි) කොයින් ලද හැකි දැ යි සිතනුයේ වෛර දුරැ ලයි. මට අප්‍රිය වූ අමනාප වූ පුඟුලාට හේ වැඩ සිදු කෙළේ ය … දැන් වැඩ සිදු කෙරෙයි … මතු වැඩ සිදු කෙරෙතැ යි යන එය ඔහු කෙරේ කොයින් ලද හැකි දැ යි සිතනුයේ වෛර දුරැ ලයි.
Pali BJTනව සත්තාවාසා: සන්තාවුසො, සත්තා නානත්තකායා නානත්ත සඤ්ඤිනො සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමො සත්තාවාසො.
Sinhala BJTසත්‍වාවාස (සත්‍වයනට වාසස්ථාවන) නවයෙක: ඇවැත්නි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සේ කයැ වෙනස් බව ඇති, ප්‍රතිසන්‍ධිසංඥායෙහි ද වෙනස් බව ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි. දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, කල්පාරම්භ සමයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියන් සේ කයින් වෙනස් වූ ප්‍රතිසන්‍ධිසංඥායෙන් සමාන වූ සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, ආභස්සර දෙවියන් සේ වූ කයැ සමාන බව් ඇති ප්‍රතිසන්‍ධිසංඥායෙහි වෙනස් බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ තෙවෙනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියන් සේ කයැ සමාන බව් ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවේ ද සමාන බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සිවුවැනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො, සත්තා අසඤ්ඤිනො අප්පටිසංවෙදිනො සෙය්යථාපි දෙවා අසඤ්ඤසත්තා.{1} අයං පඤ්චමො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, අසංඥසත්‍ව දෙවියන් සේ ප්‍රතිසන්‍ධිසංඥාව නැති, විඳුම් නැති සත්‍ව කෙනෙක් ඇත. මේ පස්වැනි සත්‍වාවාස යැ.
Pali BJTසන්තාවුසො, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො ති ආකාසානඤ්චායතනූපගා. අයං ඡට්ඨො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, හැම සැටියෙන් ම රූප සංඥාවන් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් අතුරුදහන් වීමෙන්, නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන්, ‘අහස අනන්ත යැ’ යි සමාධි වඩා ආකාසානඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤානණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං සත්තමො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, හැම අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්ත යැ’ යි සමාධි වඩා විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං අට්ඨමො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, හැම අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි සමාධි වඩා, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ අටවැනි සත්‍වාවාසය යැ.
Pali BJTසන්තාවුසො, සත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා. අයං නවමො සත්තාවාසො.
Sinhala BJTඇවැත්නි, හැම අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤාසඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ නවවැනි සත්‍වාවාසය යි.
Pali BJTනව අක්ඛණා අසමයා බ්රහ්මචරියවාසාය: ඉධාවුසො, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො, අයං ච පුග්ගලො නිරයං උපපන්නො හොති. අයං පඨමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTබ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාල වූ අක්‍ෂණ නවයෙක: ඇවැත්නි, මෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙයි. කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන ගෙනැදෙන, මාර්‍ගඥානප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙමේ නිරයට වන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නොසුදුසු කාලය වූ පළමු වැනි අක්‍ෂණ යැ.
Pali BJTපුන චපරං ආවුසො, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො. ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයං ච පුග්ගලො තිරච්ඡානයොනිං උපපන්නො හොති. අයං දුතියො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය. -පෙ- පෙත්තිවිසයං උපපන්නො හොති. -පෙ- අසුරකායං උපපන්නො හොති. -පෙ- අඤ්ඤතරං දීඝායුකං දෙවනිකායං උපපන්නො හොති. -පෙ- පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති මිලක්ඛෙසු{1} අවිඤ්ඤාතාරෙසු යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. අයං ඡට්ඨො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත දහම ද දෙසෙයි. එහෙත් මේ පුඟුල් තෙමේ තිරිසන් යෝනියට පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාලය වූ දෙවෙනි අක්‍ෂණය යැ. … ප්‍රේත ලෝකයට පැමිණියේ වෙයි … … අසුර නිකායයට පැමිණියේ වෙයි … … දීර්‍ඝායුෂ්ක දේවනිකායකට පැමිණියේ වෙයි … යම් තැනෙක මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හැසිරීමෙක් නැති, පව් පින් දන්නවුන් නැති ප්‍රත්‍යන්තයෙහි වූ ම්ලෙච්ඡ ජනපදයන්හි උපන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාලය වූ සවැනි අක්‍ෂණය වෙයි.
Pali BJTපුන චපරං ආවුසො, තථාගතොච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො. ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයං ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති. සො ච හොති මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං{2} කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. අයං සත්තමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥානප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. එහෙත් හෙ තෙමේ ‘දුන් දැයෙහි පල නැත, යාගයෙහි (මහ දන් හි) පල නැත, පූජායෙහි පල නැත, සුකෘත දුෂ්කෘත (කුශලාකුශල) කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙ ලොව නැත, පර ලොව නැත, මවට කළ සත්කාරයෙහි පල නැත, පියාට කළ සත්කාරයෙහි පල නැත, උපපාදුක (කම් වූ පරිදි මැරී උපදනා) සත්‍වයෝ නැත, සම කෙනෙක් මෙ ලොව ද පර ලොව ද තුමූ වෙසෙසි නුවණින් දැන, පසක් කොට පවසන්නාහු නම්, එසේ වූ සම්‍යග්ගත (නො වැරැදි මගින් ගිය) සම්‍යක්ප්‍රතිපන්න (නොවැරැදි මඟැ පිළිපන්) මහණ බමුණෝ ලෙව්හි නැතැ යි ගත් පෙරැළුණු දෘෂ්ටි ඇති මිසදිටුවෙක් වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසය පිණිස නො සුදුසු කාල වූ සත්වැනි අක්‍ෂණය වෙයි.
Pali BJTපුන චපරං ආවුසො, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො. ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයං ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසුපච්චාජාතො හොති. සො ච හොති දුප්පඤ්ඤො ජළො එළමූගො න පටිබලො සුභාසිතදුබ්භාසිතානමත්ථමඤ්ඤාතුං. අයං අට්ඨමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. එහෙත් හේ නුවණ නැති, ජඩ වූ, කෙළතොලු වූ මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට ප්‍රතිබල නො වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාල වූ අටවැනි අක්‍ෂණය වේ.
Pali BJTපුන චපරං ආවුසො, තථාගතො ච ලොකෙ න උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො. ධම්මො ච න දෙසීයති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයං ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති. සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිතදුබ්භාසිතානමත්ථමඤ්ඤාතුං. අයං නවමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJTතව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ නො පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය වූ කලී නො දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. හේ ප්‍රඥා ඇත්තේ, ජඩ නො වූයේ, කෙළතොලු නො වූයේ, මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට සමර්‍ත්‍ථ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාල වූ නවවැනි අක්‍ෂණය වේ.
Pali BJTනව අනුපුබ්බවිහාරා: ඉධාවුසො, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTඅනුපූර්‍ව විහාර නවයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන්ගෙන් වෙන් වැ මැ, විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුව හා ඇති පළමු දහන ලැබ වෙසෙයි.
Pali BJTවිතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTවිතර්‍කවිචාරයන් සංහිඳීමෙන් … දෙවෙනි දහන ලැබ වෙසෙයි.
Pali BJTපීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTප්‍රීතිය ද පහ වීමෙන් … තෙවෙනි දහන ලැබ වෙසෙයි.
Pali BJTසුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTසුඛවේදනාව ද දුරැලීමෙන් … සතර වන දහන් ලැබ වෙසෙයි.