Pali BJTචත්තාරො ගන්ථා: අභිජ්ඣා කායගන්ථො, බ්යාපාදො කායගන්ථො, සීලබ්බතපරාමාසො කායගන්ථො, ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො.
Sinhala BJTග්‍රන්‍ථ (සසරැ නාමරූපයන් ගැට ගසන බඳින අකුසල්) සතරෙක : අභිධ්‍යාව (නාම කය හා රූප කය හා සසරැ ගැට ගසන) කාය ග්‍රන්‍ථයෙක, ව්‍යාපාදය කාය ග්‍රන්‍ථයෙක, ශීලව්‍රත දැඩි කොට ගැන්ම කාය ග්‍රන්‍ථයෙක, මෙය ම සත්‍ය යැ යි සෙස්ස හිස් යැ යි පැවැති දැඩි දෘෂ්ටිග්‍රාහය කාය ග්‍රන්‍ථයෙක.
Pali BJTචත්තාරි උපාදානානි: කාමුපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතූපාදානං, අත්තවාදූපාදානං.
Sinhala BJTඋපාදාන (ගැනුම්) සතරෙක: කාමෝපාදානය (රාග නැමැති ග්‍රහණය), දෘෂ්ට්‍යුපාදානය (මිථ්‍යාදෘෂ්ටි නැමැති ග්‍රහණය), ශීලව්‍රතෝපාදානය (ශීලව්‍රතයෙන් ගැන්ම), ආත්මවාදෝපාදානය (ආත්මදෘෂ්ටිග්‍රහණය).
Pali BJTචතස්සො යොනියො: අණ්ඩජයොනි, ජලාබුජයොනි, සංසෙදජයොනි, ඔපපාතිකයොනි.
Sinhala BJTයෝනි (කොටස්) සතරෙක: අණ්ඩජ යෝනිය (බිජුවටැ උපන් සත්‍ව වර්‍ගයා), ජලාබුජ යෝනිය (දලබුයෙහි උපන් සත්‍ව වර්‍ගයා), සංස්වේදජ යෝනිය (ඇතුළත උණුහුමක් ඇති තැන උපන් සත්‍ව වර්‍ගයා) ඕපපාතික යෝනිය (වේගයෙන් අවුත් පැන්නවුන් බඳු වැ සොළොස් විය පත්තවුන් සේ වහා පහළ වන අත් බැව් ඇති සත්‍ව වර්‍ගයා.)
Pali BJTචතස්සො ගබ්භාවක්කන්තියො: ඉධාවුසො එකච්චො අසම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, අසම්පජානො මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානො මාතුකුච්ඡිස්මා නික්ඛමති, අයං පඨමා ගබ්භාවක්කන්ති.
Sinhala BJTගර්‍භාවක්‍රාන්ති (ගැබැ පිළිසිඳුම්) සතරෙක: ඇවැත්නි, මෙහි ඇතැම් පුද්ගලයෙක් දැනුම් නැත්තේ මවු කුසට බසී, දැනුම් නැත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම් නැත්තේ මවු කුසින් බිහි වෙයි. මේ පළමු ගර්‍භාවක්‍රාන්තිය ය.
Pali BJTපුන චපරං ආවුසො ඉධෙකච්චො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, අසම්පජානො මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානො මාතුකුච්ඡිස්මා නික්ඛමති. අයං දුතියා ගබ්භාවක්කන්ති.
Sinhala BJTතව ද ඇවැත්නි, මෙහි එක්තරා පුද්ගලයෙක් දැනුම් ඇත්තේ මවු කුසට බසී, දැනුම් නැත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම් නැත්තේ මවු කුසින් බිහි වෙයි. මේ දෙවෙනි ගර්‍භාවක්‍රාන්තිය ය.
Pali BJTපුන චපරං ආවුසො ඉධෙකච්චො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, සම්පජානො මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානො මාතුකුච්ඡිස්මා නික්ඛමති. අයං තතියා ගබ්භාවක්කන්ති.
Sinhala BJTතව ද ඇවැත්නි, මෙහි එක්තරා පුද්ගලයෙක් දැනුම් ඇත්තේ මවු කුසට බසී, දැනුම් ඇත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම් නැත්තේ මවු කුසින් බිහි වෙයි. මේ තෙවෙනි ගර්‍භාවක්‍රාන්තිය ය.
Pali BJTපුන චපරං ආවුසො ඉධෙකච්චො සම්පජානො චෙව මාතුකුච්ඡිං ඔක්කමති, සම්පජානො මාතුකුච්ඡිස්මිං ඨාති, සම්පජානො මාතුකුච්ඡිස්මා නික්ඛමති. අයං චතුත්ථා ගබ්භාවක්කන්ති.
Sinhala BJTතව ද ඇවැත්නි, මෙහි එක්තරා පුද්ගලයෙක් දැනුම් ඇත්තේ ම මවු කුසට බසී, දැනුම් ඇත්තේ ම මවු කුසැ වෙසෙයි, දැනුම් ඇත්තේ ම මවු කුසින් බිහි වෙයි. මේ සතර වන ගර්‍භාවක්‍රාන්තිය ය.
Pali BJTචත්තාරො අත්තභාවපටිලාභා: අත්ථාවුසො අත්තභාවපටිලාභො යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා යෙව කමති නො පරසඤ්චෙතනා. අත්ථාවුසො අත්තභාවපටිලාභො යස්මිං අත්තභාවපටිලාභෙ පරසඤ්චෙතනා යෙව කමති නො අත්තසඤ්චෙතනා. අත්ථාවුසො අත්තභාවපටිලාභො යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා චෙව කමති පරසඤ්චෙතනා ච. අත්ථාවුසො අත්තභාවපටිලාභො යස්මිං අත්තභාවපටිලාභෙ නෙව අත්තසඤ්චෙතනා කමති නො පරසඤ්චෙතනා.
Sinhala BJTආත්මභාව ප්‍රතිලාභ (අත්බව් ලැබීම්) සතරෙක: යම් අත්බව් ලැබීමෙක ආත්මසංචේතනාව (තමා විසින් කරන ලද චේතනාව ම) පවතී ද පරසඤ්චේතනාව (මනඃප්‍රදූෂක දෙවියන්ගේ සෙයින් අනුන්ගේ චේතනාව) නො පවතී ද එබඳු අත්බව් ලැබීමෙක් ඇත. ඇවැත්නි, යම් අත්බව් ලැබීමෙක පරසඤ්චේතනාව ම පවතී ද (ක්‍රීඩාප්‍රදූෂක දෙවියන්ගේ සෙයින්) ආත්මසඤ්චේතනාව නොපවතී ද එබඳු අත්බව් ලැබීමෙක් ඇත. ඇවැත්නි, යම් අත්බව් ලැබීමෙක ආත්මසංචේතනාවත් පවතී ද පරසංචේතනාවත් පවතී ද එසේ වූ අත්බව් ලැබීමෙක් ඇත. ඇවැත්නි, යම් අත්බව් ලැබීමෙක ආත්මසංචේතනාවත් නො පවතී ද පරසංචේතනාවත් නො ම පවතී ද එසේ වූ ආත්ම ප්‍රතිලාභයෙක් ඇත.
Pali BJTචතස්සො දක්ඛිණාවිසුද්ධියො: අත්ථාවුසො දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථාවුසො දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො. අත්ථාවුසො දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථාවුසො දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච.
Sinhala BJTදක්‍ෂිණා විශුද්ධි (දානය පිරිසිදු කරන, මහත් පල කරන කරුණු) සතරෙක: ඇවැත්නි, පිළිගන්නහුගෙන් නොව දායකයාගෙන් පිරිසිදු වන දක්‍ෂිණාවෙක් (දානයෙක්) ඇත, දානයාගෙන් නොව පිළිගන්නහුගෙන් පිරිසිදු වන දක්‍ෂිණාවෙක් ඇත, දායකයාගෙනුදු පිළිගන්නහුගෙනුදු පිරිසිදු නොවන දක්‍ෂිණාවෙක් ඇත. දායකායාගෙනුදු පිළිගන්නාහුගෙනුදු පිරිසිදුවන දක්‍ෂිණාවෙක් ඇත.
Pali BJTචත්තාරි සඞ්ගහවත්ථූනි: දානං, පෙය්යවජ්ජං,{1} අත්ථචරියා, සමානත්තතා.
Sinhala BJTසංග්‍රහවස්තු සතරෙකි: දානය, ප්‍රියවචනය, අර්‍ත්‍ථචර්‍ය්‍යාව, සමානාත්මතාව.
Pali BJTචත්තාරො අනරියවොහාරා: මුසාවාදො, පිසුණා වාචා, ඵරුසා වාචා, සම්ඵප්පලාපො.
Sinhala BJTඅනාර්‍ය්‍ය (ලාමකයන්ගේ) ව්‍යවහාර සතරෙක: බොරුකීම, කේලාම් කීම, පරොස් බස් බිණීම, හිස බස් දෙඩීම.
Pali BJTචත්තාරො අරියවොහාරා: මුසාවාදා වෙරමණී,{1} පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී.
Sinhala BJTආර්‍ය (සත්පුරුෂයන්ගේ) ව්‍යවහාර සතරෙකි: මුසවායෙන් වැළැක්ම, කේලාම් කීමෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, හිස් බස් දෙඩුමෙන් වැළැක්ම.
Pali BJTඅපරෙපි චත්තාරො අනරියවොහාරා: අදිට්ඨෙ දිට්ඨවාදිතා, අස්සුතෙ සුතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා.
Sinhala BJTඅන්‍ය ද අනාර්‍ය්‍ය ව්‍යවහාර සතරෙක්: නො දුටු දැයෙහි දක්නා ලදැ යි කියන බව, නො ඇසූ දැයෙහි අසන ලදැ යි කියන බව, අමුතයෙහි (ආඝ්‍රාණ ආස්වාදන ස්පර්‍ශන නො කළ දැයෙහි) මුත යැ යි (ආඝ්‍රාණ ආස්වාදන ස්පර්‍ශන කරන ලදැ යි) කියන බව, අවිඥාතයෙහි (නො සිතූ දැයෙහි) සිතන ලදැ යි කියන බව.
Pali BJTඅපරෙපි චත්තාරො අරියවොහාරා: අදිට්ඨෙ අදිට්ඨවාදිතා, අස්සුතෙ අස්සුතවාදිතා, අමුතෙ අමුතවාදිතා, අවිඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා.
Sinhala BJTඅන්‍ය ද ආර්‍ය්‍යව්‍යවහාර සතරෙක: නොදුටු දැයෙහි නො දක්නා ලදැ යි කියන බව, නො ඇසුණු දැයෙහි නො ඇසිණැ යි කියන බව, අමුතයෙහි අමුත යැ යි කියන බව, අවිඥාතයෙහි අවිඥාත යැ යි කියන බව.
Pali BJTඅපරෙපි චත්තාරො අනරියවොහාරා: දිට්ඨෙ අදිට්ඨවාදිතා, සුතෙ අස්සුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා.
Sinhala BJT__missing trans__
Pali BJTඅපරෙපි චත්තාරො අරියවොහාරා: දිට්ඨෙ දිට්ඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා.
Sinhala BJTඅන්‍ය ද ආර්‍ය ව්‍යවහාර සතරෙක: දුටු දැයෙහි දක්නා ලදැ යි කියන බව, ඇසූ දැයෙහි අසන ලදැ යි කියන බව, මුතයෙහි මුත යැ යි කියන බව, විඥාතයෙහි විඥාත යැයි කියන බව.
Pali BJTචත්තාරො පුග්ගලා: ඉධාවුසො එකච්චො පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො, ඉධාවුසො, එකච්චො පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධාවුසො එකච්චො පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පනාවුසො එකච්චො පුග්ගලො නෙව අත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො. සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
Sinhala BJTපුද්ගලයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි (තමා තැවීමෙහි) යෙදුණේ ආත්මන්තප වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් පරපරිතාපනානුයෝගයෙහි (අනුන් තැවීමෙහි) යෙදුණේ පරන්තප වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ ආත්මන්තප ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ පරන්තප ද වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුද්ගලයෙක් ආත්මපරිතාපනානු යෝගයෙහි නො යෙදුණේ ආත්මන්තප ද නො වේ පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ පරන්තප ද නො වේ. හේ ආත්මන්තප නො වූයේ (තමා නො තවනුයේ), පරන්තප ද නො වූයේ (අනුන් නො තවනුයේ) මෙ අත්බව්හි ම තෘෂ්ණා නැත්තේ, කෙලෙස් නිවීමෙන් නිවුණේ, සිසිල් වූයේ (ධ්‍යාන සැප මාර්‍ග සැප, ඵල සැප, නිවන් සැප යන) සුව විඳුනා සුලු වූයේ බ්‍රහ්මභූත වූ ආත්මයෙන් (ශ්‍රේෂ්ඨ වූ සිතින්) යුක්ත ව වෙසෙයි.
Pali BJTඅපරෙ පි චත්තාරො පුග්ගලා: ඉධාවුසො එකච්චො පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය. ඉධාවුසො එකච්චො පුග්ගලො පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතාය. ඉධාවුසො එකච්චො පුග්ගලො නෙව අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය. ඉධාවුසො එකච්චො පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො හොති පරහිතාය ච.
Sinhala BJTඅන්‍ය වූ ද පුද්ගලයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් තමහට මිස පරහට වැඩ පිණිස පිළිපන්නේ නොවෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් පරහට මිස තමහට වැඩ පිණිස පිළිපන්නේ නො වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් තමහට ද පරහට ද වැඩ පිණිස පිළිපන්නේ නො වෙයි. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් තමහට ද, පරහට ද වැඩ පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJTඅපරෙ පි චත්තාරො පුග්ගලා: තමොතමපරායනො, තමොජොතිපරායනො, ජොතිතමපරායනො, ජොතිජොතිපරායනො.
Sinhala BJTඅන්‍යවූ ද පුද්ගලයෝ සතරදෙනෙක: අඳුරු වූයේ අඳුර ම පර ලොවැ ගතිය කොටැති (අඳුරින් අඳුරට යන) පුඟුලාය, අඳුරු වූයේ එළිය පරලොව් ගතිය කොටැති (අඳුරෙන් එළියට යන) පුඟුලා ය, එළිමත් වූයේ අඳුර පරලොව් ගතිය කොටැති (එළියෙන් අඳුරට යන) පුඟුලා ය, එළිමත් වූයේ එළියම පරලොව් ගතිය කොටැති (එළියෙන් එළියට යන) පුඟුලා ය.
Pali BJTඅපරෙපි චත්තාරො පුග්ගලා: සමණමචලො, සමණපදුමො, සමණපුණ්ඩරීකො, සමණෙසු සමණසුඛුමාලො.
Sinhala BJTඅන්‍ය වූ පුද්ගලයෝ සතර දෙනෙක: අචලශ්‍රමණයා ය (සෝවාන් මහණ ය), ශ්‍රමණපද්මය හෙවත් පියුමක් බඳු මහණ ය (සකෘදාගාමී මහණ ය), ශ්‍රමණපුණ්ඩරිකය හෙවත් හෙළ පියුමක් බඳු මහණ ය (අනාගාමී මහණය), ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුකුමාර ය හෙවත් සියුමැලි මහණ ය (රහත් මහණ තෙමේ ය.)
Pali BJTඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTඇවැත්නි, මොහු දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට ම වදාරන ලද සතර ධර්‍මයෝය. එය … දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස සියල්ලන් විසින් ම සමග වැ ගැයියැ යුතු.
Pali BJTපඤ්චතං
Sinhala BJTපඤ්චකය
Pali BJT11. අත්ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඤ්ච ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං න විවදිතබ්බං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස විරට්ඨිනිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT11. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද පඤ්ච ධර්‍ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්‍ඝ කාලයක් පැවැතිය හැකි වන්නේ ද, බොහෝ කලක් සිටිය හැකි වන්නේ ද එසේ වනු පිණිස, එහි තොප සියලු දෙනා ම විසින් සමග වැ ගැයියැ යුතු, විවාද නො කළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනා සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
Pali BJTකතමෙ පඤ්ච: පඤ්චක්ඛන්ධා - රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTකවර පඤ්ච ධර්‍ම කෙනෙක් ද යත්: ස්කන්‍ධ පසෙක - රූපස්කන්‍ධය, වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධය, විඥානස්කන්‍ධයි.
Pali BJTපඤ්චුපාදානක්ඛන්ධා: රූපුපාදානක්ඛන්ධො,{1} වෙදනුපාදානක්ඛන්ධො සඤ්ඤුපාදානක්ඛන්ධො සංඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
Sinhala BJTඋපාදානස්කන්‍ධ පසෙක: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥෝපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධයි.
Pali BJTපඤ්ච කාමගුණා: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා.
Sinhala BJTකාමගුණ (කාම කොටස්) පසෙක: චක්‍ෂුර්විඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන්නා වූ ප්‍රියස්වභාවය ඇති කාම නිඃශ්‍රිත වූ ඇලුම් කටයුතු වූ රූපයෝ ය, ශ්‍රෝත විඥානයෙන් දත යුතුවූ … ශබ්ද යෝ ය, ඝ්‍රාණ විඥානයෙන් දත යුතු වූ … ගන්‍ධයෝ ය, ජිහ්වාවිඥානයෙන් දතයුතු වූ … රසයෝය, කායවිඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ, කානත් වූ මන වඩන්නා වූ ප්‍රිය ස්වභාවය ඇති කාම නිඃශ්‍රිත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි.
Pali BJTපඤ්ච ගතියො: නිරයො, තිරච්ඡානයොනි, පෙත්තිවිසයො, මනුස්සා, දෙවා.
Sinhala BJTගති (කර්‍ම කළවුන් යෑ යුතු තැන්) පසෙක: නිරය, තිරිසන් යෝනිය, ප්‍රේතලෝකය, මිනිස් ලොව, දෙව්ලොව.
Pali BJTපඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.
Sinhala BJTමාත්සර්‍ය්‍ය (මසුරුබව්) පසෙක: ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යය, වර්‍ණමාත්සර්‍ය්‍යය, ධර්‍මමාත්සර්‍ය්‍යය.
Pali BJTපඤ්ච නීවරණානි: කාමච්ඡන්දනීවරණං, බ්යාපාදනීවරණං, ථිනමිද්ධනීවරණං, උද්ධච්චකුක්කුච්චනීවරණං, විචිකිච්ඡානීවරණං.
Sinhala BJTනීවරණ පසෙක: කාමච්ඡන්‍දනීවරණය. ව්‍යාපාදනීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡානීවරණය.
Pali BJTපඤ්චොරම්භාගියානි සංයොජනානි: සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො, කාමච්ඡන්දො, බ්යාපාදො.
Sinhala BJTඕරම්භාගිය සංයෝජන පසෙක: සත්කායදෘෂ්ටිය, විචිකිත්සාව, ශීලව්‍රතපරාමර්‍ශය, කාමච්ඡන්‍දය, ව්‍යාපාදය.
Pali BJTපඤ්චුද්ධම්භාගියානි සංයොජනානි: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා.
Sinhala BJTඋද්ධම්භාගිය සංයෝජන පසෙක: රූපරාගය, අරූපරාගය, මානය, උද්ධ්ච්චය, අවිද්‍යාව.
Pali BJTපඤ්ච සික්ඛාපදානි: පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී.
Sinhala BJTශික්‍ෂාපද (ශික්‍ෂා කොටස්) පසෙක : ප්‍රාණඝාතයෙන් වැළැක්ම, අදත්තාදානයෙන් වැළැක්ම, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්ම, මුසාවාදයෙන් වැළැක්ම, මත්බවට ද ප්‍රමාදයට ද කාරණ වූ රහමෙර පීමෙන් වැළැක්ම.
Pali BJTපඤ්ච අභබ්බට්ඨානානි: අභබ්බො ආවුසො ඛීණාසවො භික්ඛු සංචිච්ච පාණං ජීවිතා වොරොපෙතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවිතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං, සෙය්යථාපි පුබ්බෙ ආගාරියකභූතො.
Sinhala BJTඅභව්‍ය (නොවියැ හැකි) කරුණු පසෙක : ඇවැත්නි, රහත් මහණ තෙමේ සිතා ප්‍රාණියකු දිවියෙන් තොර කරන්නට නො හැක්කේ ය, රහත් මහණ තෙමේ නො දුන් දැයක් සොර සිතින් ගන්නට නො හැක්කේ ය, රහත් මහණ මෙවුන්දම් සෙවුනට නො හැක්කේ ය. රහත් මහණ තෙමේ දැන මුසවා තෙපලන්නට නො හැක්කේ ය, රහත් මහණ තෙමේ පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කොට තබා ගෙන කාමවස්තූන් පරිභෝග කරන්නට නො හැක්කේ ය.
Pali BJTපඤ්ච බ්යසනානි: ඤාතිබ්යසනං, භොගබ්යසනං, රොගබ්යසනං, සීලබ්යසනං, දිට්ඨිබ්යසනං. නාවුසො සත්තා ඤාතිබ්යසනහෙතු වා භොගබ්යසනහෙතු වා රොගබ්යසනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. සීලබ්යසනහෙතු වා ආවුසො සත්තා දිට්ඨිබ්යසනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.”
Sinhala BJTව්‍යසන පසෙක : ඥාතිව්‍යසනය, භෝගව්‍යසනය, රෝගව්‍යසනය, ශීලව්‍යසනය, දෘෂ්ටිව්‍යසනය. ඇවැත්නි, සත්‍වයෝ ඥාතිව්‍යසන හෙයින් හෝ භෝගව්‍යසන හෙයින් හෝ රෝග ව්‍යසන හෙයින් හෝ කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ස්ථාන වූ විවස වැ පතිත වන තැන වූ නිරයට නො පැමිණෙත්. ඇවැත්නි, ශීලව්‍යසන හෙයින් හෝ දෘෂ්ටිව්‍යසන (මිථ්‍යාදෘෂ්ටි) හෙයින් හෝ සත්‍වයෝ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට ස්ථාන වූ විවශ ව පතිත වන තැන වූ නිරයට පැමිණෙත්.
Pali BJTපඤ්ච සම්පදා: ඤාතිසම්පදා, භොගසම්පදා, ආරොග්යසම්පදා, සීලසම්පදා, දිට්ඨිසම්පදා. නාවුසො සත්තා ඤාතිසම්පදාහෙතු වා භොගසම්පදාහෙතු වා ආරොග්යසම්පදාහෙතු වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සීලසම්පදාහෙතු වා ආවුසො සත්තා දිට්ඨිසම්පදාහෙතු වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTසම්පත් පසෙක: ඥාති සම්පත, භෝග සම්පත, ආරෝග්‍ය සම්පත, ශීල සම්පත, දෘෂ්ටි සම්පත. ඇවැත්නි, සත්‍වයෝ ඥාති සම්පත් හෙයින් හෝ භෝග සම්පත් හෙයින් හෝ ආරෝග්‍ය සම්පත් හෙයින් හෝ කා බුන් මරණින් මතු සුවයට ස්ථාන වූ ස්වර්‍ග ලෝකයට නො පැමිණෙත්. ඇවැත්නි, ශීල සම්පත් හෙයින් හෝ දෘෂ්ටිසම්පත් (සම්‍යග් දෘෂ්ටි) හෙයින් හෝ සත්‍වයෝ කා බුන් මරණින් මතු සැපට ස්ථාන වූ ස්වර්‍ග ලෝකයට පැමිණෙත්.
Pali BJTපඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා: ඉධාවුසො , දුස්සීලො සීලවිපන්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච්ඡති, අයං පඨමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJT__missing trans__
Pali BJTපුන චපරං ආවුසො දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අයං දුතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි, දුසිල්හුගේ ලාමක කීර්තිශබ්දයෙක් (අපකීර්තියෙක්) උස් වැ නැඟෙයි. මේ දුසිල්හුගේ ශීලවිපත්තියෙහි දෙවෙනි දොස ය.
Pali BJTපුන චපරං ආවුසො දුස්සීලො සීලවිපන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං අවිසාරදො උපසඞ්කමති මඞ්කුභූතො, අයං තතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද අනෙකෙක් ඇත. ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල් තෙම කැත් පිරිසක් හෝ බමුණු පිරිසක් හෝ ගැහැවිපිරිසක් හෝ මහණ පිරිසක් හෝ යම් යම් ම පිරිසක් කරා එළැබෙන්නේ නම් අභීත නො ව (බාන සුලු ව) තෙද නැති ව එළැඹෙයි. මේ දුසිල්හුගේ ශීලවිපත්තියෙහි තුන් වැනි දොස ය.
Pali BJTපුන චපරං ආවුසො දුස්සීලො සීලවිපන්නො සම්මූළ්හො කාලං කරොති, අයං චතුත්ථො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, ශීලවිපන්න වූ දුසිල් තෙමේ සිහි මුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හුගේ ශීලවිපත්තියෙහි සතරවන දොස ය.
Pali BJTපුන චපරං ආවුසො දුස්සීලො සීලවිපන්නො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, අයං පඤ්චමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, සීලවිපන්න වූ දුසිල් තෙම කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට ස්ථාන වූ, විවශ වැ පතිත වන තැන වූ නිරයට පැමිණෙයි. මේ දුසිල්හුගේ ශීලවිපත්තියෙහි පස්වන දොස යි.
Pali BJTපඤ්ච ආනිසංසා සීලවතො සීලසම්පදාය: ඉධාවුසො, සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTසිල්වත්හුගේ ශීලසම්පත්තියේ අනුසස් පසෙක. ඇවැත්නි, මෙහි සිල්වත් තෙමේ ශීලයෙන් යුක්තවූයේ, නොපමා කරුණින් මහත් භෝගරාශියක් ලබයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි පළමු වන අනුසස ය.
Pali BJTපුන චපරං ආවුසො සීලවතො සීලසම්පන්නස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, ශීලසම්පන්න වූ සිල්වත්හුගේ යහපත් කීරත්තිශබ්දයෙක් උස් වැ නැඟෙයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්හි දෙවෙනි අනුසස ය.
Pali BJTපුන චපරං ආවුසො සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, ශීලයෙන් යුත් සිල්වත් තෙමේ කැත් පිරිසකට වේවයි බමුණු පිරිසකට වේවයි ගැහැවි පිරිසකට වේවයි මහණ පිරිසකට වේවයි යම් යම් ම පිරිසක් කරා එළැඹෙන්නේ නම්, අභීත වැ තෙදැති වැ එළැඹෙයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියේ තෙවෙනි අනුසස ය.
Pali BJTපුන චපරං ආවුසො සීලවා සීලසම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, ශීලසම්පන්න වූ සිල්වත් තැනැත්තේ සිහි මුළා නොවූයේ කලුරිය කෙරෙයි. මේ සිල්වත්හුගේ ශීල සම්පත්හි සතරවැනි අනුසස ය.
Pali BJTපුන චපරං ආවුසො සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, ශීලයෙන් යුක්ත වූ සිල්වත් තෙමේ කා බුන් මරණින් මතු සැපයට ස්ථාන වූ සගලොවට පැමිණෙයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියේ පස්වැනි අනුසස යි.
Pali BJTචොදකෙන ආවුසො භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො: කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තචිත්තෙන{1} වක්ඛාමි නො දොසන්තරෙනා ති. චොදකෙන ආවුසො භික්ඛුනා පරං චොදෙතුකාමෙන. ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, මෙරමාහට චෝදනා කරනු රිසි චෝදක භික්‍ෂුහු විසින් ධර්‍ම පසක් තමා කෙරෙහි එළවා මෙරමාට චෝදනා කළ යුතු: සුදුසු කාලයෙහි කියන්නෙමි, නොකල්හි නොකියන්නෙමි යි යන සිත, වූ දැයින් (සත්‍යයෙන්) කියමි, නොවූ දැයෙකින් නො කියමි යි යන සිත, මොළොක් බසින් කියමි, පරොස් බසින් නො කියමි යි යන සිත, ඔහුට වැඩ කැමැති සිතින් මිස අවැඩ කැමැති සිතෙකින් නො කියන්නෙමි යි යන සිත, මෙත්සිතින් මිස ද්වේෂ සහිත සිතින් නොකියන්නෙමි යන සිත. ඇවැත්නි, මෙරමාහට චෝදනා කරනු රිසි චෝදක මහණහු විසින් මේ ධර්‍ම පස තමා කෙරෙහි එළවා මෙරමාට චෝදනා කළ යුතු.
Pali BJTපඤ්ච පධානියඞ්ගානි: ඉධාවුසො භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො, ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අප්පාබාධො හොති අප්පාතඞ්කො, සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවිකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.
Sinhala BJTප්‍රාධානිකාඞ්ග (ප්‍රධන් වීර්‍ය්‍ය වඩන මහණහු තුළ වියැ යුතු ගුණාඞ්ග) පසෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම සැදැහැ ඇත්තේ වෙයි. ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාවන්ගෙන් හා චරණධර්‍මයන්ගෙන් සම්පූර්‍ණ ය, සුගත ය, ලෝකවිදු ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත්’ යැ යි තථාගතයන් වහන්සේගේ බෝධිය (සතර මඟ නුවණ) හදහයි. රෝග නැත්තේ නිදුක් වූයේ, ඉතා ශීත ද නො වූ ඉතා උෂ්ණ ද නො වූ මධ්‍යම වූ, ප්‍රධන් වීර්‍ය්‍යය වැඩීමට යෝග්‍ය වූ, සම ලෙස අහර පැසවන උදරාග්නියන් යුක්ත වෙයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්රම්සරුවන් කෙරෙහි හෝ තත් වූ පරිදි සිය වරද හෙළි කරන්නේ ශඨ නොවූයේ මායා නැත්තේ වෙයි. ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුසල් දහම්හි බහා නො තැබූ වැර ඇත්තේ, අකුසල් දහමුන් පහ කරනු පිණිස, කුසල් දහමුන් ලැබගැන්ම පිණිස පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. පිරිසිදු වූ, කෙලෙසුන් විදැලීම සමත්, මොනොවට දුක් වැනැසීමට යන නුවණින් යුක්ත වූයේ උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්‍විතවූයේ, ප්‍රඥාවත් වෙයි.
Pali BJTපඤ්ච සුද්ධාවාසා: අවිහා අතප්පා සුදස්සා සුදස්සී අකනිට්ඨා.
Sinhala BJTශුද්ධාවාස (අනාගාමී ද රහත් ද යන ශුද්ධ පුද්ගලයනට වාසස්ථාන) පසෙක: අවිහය, අතප්පය, සුදස්ස ය, සුදස්සී ය, අකනිට්ඨ ය.
Pali BJTපඤ්ච අනාගාමිනො: අන්තරාපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, අසංඛාරපරිනිබ්බායී, සසංඛාරපරිනිබ්බායී, උද්ධංසොතො අකනිට්ඨගාමී.
Sinhala BJTඅනාගාමීහු පස් දෙනෙක: අන්තරාපරිනිබ්බායී (ආයු කාලයේ මැදක් ද නො ඉක්මැ අතර දී ම රහත් බවට පැමිණියේ) ය, උපහච්චපරිනිබ්බායී (ආයු කාලයේ මැද කොටස ඉක්මැ රහත් වූයේ) ය, අසඞ්ඛාරපරිනිබ්බායී (වෙහෙස නැති ව සුවසේ රහත් වූයේ) ය, සසඞ්ඛාර පරිනිබ්බායී (උත්සාහ ඇති ව වෙහෙසී රහත් වූයේ) ය, උද්ධංසෝත අකනිට්ඨගාමී (අවිහය පටන් කොට සතර බඹලෝ ඉක්මැ අකනිටාවට ගොස් රහත් වූයේ) ය.
Pali BJTපඤ්ච චෙතොඛිලා: ඉධාවුසො භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො ආවුසො භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඨමො චෙතොඛිලො.
Sinhala BJTචේතෝඛීල (සිතැ තද බව්) පසෙක : ඇවැත්නි, මෙහි මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විමති උපදවයි, නිශ්චිත නො වෙයි, නො පහදී. ඇවැත්නි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි ද විමති උපදවයි ද නිශ්චිත නො වෙයි ද නො පහදී ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය කරනුවට, පුන පුනා වීර්‍ය්‍යයෙහි යෙදෙනුවට, නිරතුරු වීර්‍ය්‍ය වඩනුවට, ප්‍රධන් වීර්‍ය්‍ය කරනුවට නො නැමෙයි. යමකුගේ සිත වීර්‍ය්‍ය කරනුවට, පුන පුනා වීර්‍ය්‍යයෙහි යෙදෙනුවට නිරතුරු වීර්‍ය්‍ය වඩනුවට ප්‍රධන් වීර්‍ය්‍ය කරනුවට නො නැමෙයි ද, මෙය පළමු වන චේතෝඛීලය යි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති -පෙ- සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති -පෙ- සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති -පෙ- සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛීලජාතො. යො සො ආවුසො භික්ඛු සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛීලජාතො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඤ්චමො චෙතොඛිලො.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණෙක් (පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන ත්‍රිවිධ) ධර්‍මයෙහි සැක කෙරෙයි, විමති කෙරෙයි … (අෂ්ටාර්‍ය්‍ය පුද්ගල වූ ආර්‍ය) සංඝයා කෙරෙහි සැක කෙරෙයි, විමති කෙරෙයි … (අධිශීල අධිචිත්ත අධිප්‍රඥා යන ත්‍රිවිධ) ශික්‍ෂකයෙහි සැක කෙරෙයි. විමති කෙරෙයි … සබ්‍රම්සරුන් කෙරෙහි කිපුණේ, නොසතුටු වූයේ, ගැටුණු සිතැත්තේ, හටගත් තද බව් ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු වූයේ ගැටුණු සිතැත්තේ, හට ගත් තද බව් ඇත්තේ වේ ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය කරනුවට, පුන පුනා වීර්‍ය්‍යයෙහි යෙදීමට, නිරතුරු වීර්‍ය්‍ය වඩනුවට, ප්‍රධන් වීර්‍ය්‍ය කරනුවට නො නැමෙයි ද. මෙය පස් වනු චේතෝඛීලය යි.
Pali BJTපඤ්ච චෙතසො විනිබන්ධා: ඉධාවුසො භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො ආවුසො භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. අයං පඨමො චෙතසො විනිබන්ධො.
Sinhala BJTචේතෝවිනිබන්‍ධ (සිතේ බැඳුම්) පසෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම කාමයන්හි නො පහ වූ ඇල්ම ඇත්තේ, නො පහ වූ ඡන්‍දය ඇත්තේ, නො පහ වූ ප්‍රේමය ඇත්තේ, නො පහ වූ පවස් ඇත්තේ නො පහ වූ දැවිලි ඇත්තේ, නො පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් මහණෙක් කාමයන්හි නො පහ වූ ඇල්ම ඇත්තේ, නො පහ වූ ඡන්‍දය ඇත්තේ, නො පහ වූ ප්‍රේමය ඇත්තේ, නො පහ වූ පවස් ඇත්තේ, නො පහ වූ දැවිලි ඇත්තේ, නො පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි ද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, පුන පුනා වීර්‍ය්‍ය කරණු පිණිස, නිරතුරුව ව වීර්‍ය්‍ය කරනු පිණිස, ප්‍රධන් වඩනු පිණිස නො නවැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස, පුන පුනා වැර වඩනු පිණිස, නිරතුරු ව වැර වඩනු පිණිස, ප්‍රධන් වඩනු පිණිස නො නැමෙයි ද, මෙය සිත පිළිබඳ පළමු විනිබන්‍ධය (සිතේ බැඳීම) වෙයි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු කායෙ අවිගතරාගො හොති -පෙ- රූපෙ අවිගතරාගො හොති -පෙ-
Sinhala BJTතව ද අනෙකෙක් ඇත. ඇවැත්නි, මහණෙක් සිය කය කෙරෙහි නො පහවූ ඇල්ම ඇත්තේ වෙයි … බාහිර රූපය කෙරෙහි නො පහ වූ ඇල්ම ඇත්තේ වෙයි …
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු යාවදත්ථං උදරාවභෙදකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති -පෙ-
Sinhala BJTතවද අනෙකෙකි. ඇවැත්නි, මහණෙක් රිසි තාක් කුස පුරා කා යහන් සුවය (සැප පහසු දෙන ඇඳ පුටු පරිහරණය), පාර්ශ්ව සුඛය (සුව පහසු ලැබෙන ලැබෙන සේ ඇලයෙන් ඇලයට පෙරැළි පෙරැළී හෝනා බව), නිදි සුව යන මෙහි යෙදුණේ වෙසෙයි ...
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති. යො සො ආවුසො භික්ඛු අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා ති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. අයං පඤ්චමො චෙතසො විනිබන්ධො.
Sinhala BJTතවද අනෙකෙකි. ඇවැත්නි, මහණෙක් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් මහබලැති දෙවියෙක් හෝ වන්නෙමි, එක්තරා (ස්වල්ප බල ඇති) දෙවියෙක් හෝ වන්නෙමි’ යි කිසි දෙව් මුළුවෙක ඉපැදීම පතා මහණදම් පුරයි. ඇවැත්නි, මේ ශීලයෙන් හෝ මේ ව්‍රතයෙන් හෝ මේ තපසින් හෝ මේ බඹසරින් මම මහ බලැති දෙවියෙක් හෝ වන්නෙමි, එක්තරා හෝ දෙවියෙක් වන්නෙමි’ යි කිසි යම් දෙව්මුළුවෙකැ ඉපැදීම පතා මහණදම් පුරයි ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර වඩනු පිණිස, පුන පුනා වැර වඩනු පිණිස, ප්‍රධන් වඩනු පිණිස නො නැමෙයි. මෙය පස්වනු චේතෝවිනිබන්‍ධය ය.
Pali BJTපඤ්චින්ද්රියානි: චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං.
Sinhala BJTඉන්‍ද්‍රිය පසෙක : චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රියය, කායේන්‍ද්‍රියය.
Pali BJTඅපරානිපි පඤ්චින්ද්රියානි: සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං.
Sinhala BJTඅන්‍ය වූ ද ඉන්‍ද්‍රිය පසෙක : සුඛ ඉන්‍ද්‍රියය, දුඃඛ ඉන්‍ද්‍රියය, සෞමනස්‍ය ඉන්‍ද්‍රියය, දෞර්‍මනස්‍ය ඉන්‍ද්‍රියය, උපේක්‍ෂා ඉන්‍ද්‍රියය.
Pali BJTඅපරානිපි පඤ්චින්ද්රියානි: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං.
Sinhala BJTඅන්‍ය වූ ද ඉන්‍ද්‍රිය පසෙක : ශ්‍රද්ධා ඉන්‍ද්‍රියය, වීර්‍ය්‍ය ඉන්‍ද්‍රියය, ස්මෘති ඉන්‍ද්‍රිය, සමාධි ඉන්‍ද්‍රියය, ප්‍රඥා ඉන්‍ද්‍රියය.
Pali BJTපඤ්ච නිස්සරණියා{1} ධාතුයො: ඉධාවුසො භික්ඛුනො කාමෙ මනසිකරොතො කාමෙසු චිත්තං න පක්ඛන්දති නප්පසීදති සන්තිට්ඨති න විමුච්චති. නෙක්ඛම්මං ඛො පනස්ස මනසිකරොතො නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං කාමෙහි. යෙ ච කාමපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා,{2} මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං කාමානං නිස්සරණං.
Sinhala BJTනිඃසරණීය (විසංයුක්ත වූ) වෙන් වූ ස්වභාව පසෙක: ඇවැත්නි, මෙහි (අශුභධ්‍යානයෙන් නැගී සිට) කාමයන් මෙනෙහි කරන මහණහුගේ සිත කාමයන්හි නො පිවිසෙයි. (කාමයන්හි) නො පහදියි, නො රැඳෙයි, නො ඇලෙයි. වැලි දු නෙක්ඛම්මය (දශ අශුභයන් වඩා ලබන ප්‍රථම ධ්‍යානය) මෙනෙහි කරන ඔහුගේ සිත නෙක්ඛම්යෙහි පිවිසෙයි, එහි පහදී, එහි පහදී, එහි රැඳී සිටී, එහි ඇලෙයි. ඔහුගේ ඒ සිත (අරමුණෙහි) මනා ව ගියේ, මොනොවට වැඩුණේ, කාමයන් කෙරෙන් මොනොවට නැගී සිටියේ, මොනොවට මිදුණේ, කාමයන් කෙරෙන් වෙන් වූයේ වෙයි. කාමයන් හේතු කොට ගෙන යම් ආස්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් කාම දැවිලි කෙනෙක් උපදනාහු ද , ඔවුන්ගෙන් හේ මිදුණේ වෙයි. හේ ඒ (කාම වේනා ද කාම පරිදාහ වේදනා ද යන ද්විවිධ) වේදනා නො විඳී. මේ (අශුභ ධ්‍යානය) කාමයන්ගේ නිඃසරණයැ (විසංයෝගයැ) යි කියන ලදී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො බ්යාපාදං මනසිකරොතො බ්යාපාදෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අබ්යාපාදං ඛො පනස්ස මනසිකරොතො අබ්යාපාදෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං බ්යාපාදෙන. යෙ ච බ්යාපාදපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං බ්යාපාදස්ස නිස්සරණං.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, (මෛත්‍රීධ්‍යානයෙන් නැගී සිට) වයාපාදය මෙනෙහි කරන භික්‍ෂුහුගේ සිත ව්‍යාපාදයෙහි නො පිවිසෙයි, ව්‍යාපාදයෙහි නො පහදී, ව්‍යාපාදයෙහි නොසිටී, ව්‍යාපාදයෙහි නො ඇලෙයි. වැලි දු අව්‍යාපාදය (මෛත්‍රිය) මෙනෙහි කරන ඔහුගේ සිත අව්‍යාපාදයෙහි (මෛත්‍රිධ්‍යානයෙහි) පිවිසෙයි, එහි සිටියි, එහි ඇලෙයි. ඔහුගේ ඒ සිත (මෙත් අරමුණෙහි) මනා ව ගියේ මනා ව වැඩුණේ, (ව්‍යාපාදය කෙරෙන්) මොනොවට නැගී සිටියේ, (ව්‍යාපාදය කෙරෙන්) මොනොවට මිදුණේ, ව්‍යාපාදය කෙරෙන් වෙන් වූයේ වෙයි. ව්‍යාපාද හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් යම් පරිදාහ (දැවිලි) කෙනෙක් උපදනාහු නම් ඔවුන්ගෙන් හේ මිදුණේ වෙයි. හේ ඒ (ව්‍යාපාද වේදනා ද එහි විපාක වූ පරිදාහ වේදනා ද යන ද්විවිධ) වේදනා නො විඳී. මෙය ව්‍යාපාදයාගේ නිඃසරණ යැ (විසංයෝගයැ) යි කියන ලදී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො විහෙසං මනසිකරොතො විහෙසාය චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අවිහෙසං ඛො පනස්ස මනසිකරොතො අවිහෙසාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං විහෙසාය. යෙ ච විහෙසාප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං විහෙසාය නිස්සරණං.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, (කරුණාධ්‍යානයෙන් නැගී සිට) විහිංසාව මෙනෙහි කරන භික්‍ෂුහුගේ සිත විහිංසායෙහි නො පිවිසෙයි, විහිංසායෙහි නො පහදී, විහිංසායෙහි නො සිටී, විහිංසායෙහි නො ඇලෙයි. වැලි අවිහිංසාව (කරුණාව) මෙනෙහි කරන ඔහුගේ සිත අවිහිංසායෙහි (කරුණා ධ්‍යානයෙහි) පිවිසෙයි, එහි සිටියි, එහි ඇලෙයි. ඔහුගේ ඒ සිත (කරුණා අරමුණෙහි) මොනොවට ගියේ, මොනොවට වැඩුණේ (විහිංසාව කෙරෙන්) මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ මොනොවට වෙන් වූයේ වෙයි. විහිංසා හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, යම් (විහිංසා වේදනා විහිංසා විපාක පරිදාහ යැ යි) විවිධ වේදනා කෙනෙක් උපදනාහු නම්, හෙ තෙමේ ඔවුන් කෙරෙන් මිදෙයි. හේ ඒ වේදනා නො විඳී. මෙය විහිංසාවගේ නිඃසරණයයැ (විසංයෝගයයැ) යි කියන ලදී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො රූපෙ මනසිකරොතො රූපෙසු චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අරූපං ඛො පනස්ස මනසිකරොතො අරූපෙ චිත්තං පක්ඛන්දති පසීදති සංතිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං රූපෙහි. යෙ ච රූපප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං රූපානං නිස්සරණං.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි (අරූපධ්‍යානයෙන් නැඟී සිට) රූපයන් මෙනෙහි කරන භික්‍ෂුහුගේ සිත රූපයන්හි නො පිවිසෙයි, නො පහදියි, නො සිටියි, නො ඇලෙයි. අරූප ධ්‍යානය මෙනෙහි කරන ඔහුගේ සිත අරූපධ්‍යානයෙහි පිවිසෙයි, පහදී, සිටියි, ඇලෙයි. ඔහුගේ ඒ සිත (අරූප අරමුණෙහි) මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, රූපයන් කෙරෙන් මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, මොනොවට වෙන් වූයේ වෙයි. රූප හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, දුක් කෙනෙක්, පරිදාහ (දැවිලි) කෙනෙක් උපදනාහු නම්, හෙ තෙම් ඒ වේදනා නො විඳී. මෙය රූපයන්ගේ නිඃසරණයැ යි කියන ලදී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො සක්කායං මනසිකරොතො සක්කායෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. සක්කායනිරොධං ඛො පනස්ස මනසිකරොතො සක්කායනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං, සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං සක්කායෙන. යෙ ච සක්කායපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං සක්කායස්ස නිස්සරණං.
Sinhala BJTතව ද අනෙකක් කියම්. ඇවැත්නි, (පලසමවතින් නැගී සිට) සත්කායය (උපාදානස්කන්‍ධ පස) මෙනෙහි කරන (ශුෂ්ක විදර්‍ශක රහත්) මහණහට සත්කායයෙහි (පංච උපාදානස්කන්‍ධයෙහි) සිත නො පිවිසෙයි, නො පහදී, නො සිටී, නො ඇලෙයි. වැලි සත්කාය නිරෝධය (නිවන) මෙනෙහි කරන ඔහුගේ සිත සත්කාය නිරෝධයෙහි (නිවනෙහි) පිවිසෙයි, පහදී, රැඳී සිටී, ඇලෙයි. ඔහුගේ ඒ සිත (නිවන් අරමුණෙහි) මොනවට ගියේ, මොනොවට වැඩුණේ, සත්කායය (උපාදානස්කන්‍ධය) කෙරෙන් මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, විසංයුක්ත (වෙන වූයේ) වෙයි. සත්කායප්‍රත්‍යයයෙන් (උපාදාන ස්කන්‍ධ හේතු කොට ගෙන) යම් ආස්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් පරිදාහ (දැවිලි) කෙනෙක් උපදනාහු නම්, හේ ඔවුන්ගෙන් මිදුණේ වෙයි. මෙය සත්කායයාගේ නිඃසරණය (උපාදාන ස්කන්‍ධයන්ගේ විසංයෝගය) යැ යි කියන ලදී.
Pali BJTපඤ්ච විමුත්තායතනානි: ඉධාවුසො භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී. යථා යථා ආවුසො භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථප්පටිසංවෙදී ච හොති ධම්මප්පටිසංවෙදී ච. තස්ස අත්ථප්පටිසංවෙදිනො ධම්මප්පටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං පඨමං විමුත්තායතනං.
Sinhala BJTවිමුක්ත්‍යායතන (මිදීමට කරුණු) පසෙක: ඇවැත්නි, මෙහි මහණක් හට ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ දහම් දෙසයි. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ යම් යම් සේ එ මහණහට දහම් දෙසා ද, ඒ ඒ පරිද්දෙන් හෙ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද වෙයි, පාළිය දැනගන්නේ ද වෙයි. අරුත් දන්නා පෙළ දන්නා ඔහුට ප්‍රමෝදය (සතුට) උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිතැත්තහුගේ නාම කය සංහිඳෙයි. සංහිඳුණු නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ පළමු විමුක්ත්‍යායතන යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. යථා යථා ආවුසො භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථප්පටිසංවෙදී ච තෙන ධම්මප්පටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධ කායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං දුතියං විමුත්තායතනං.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, මහණකුහට ශාස්තෘ තෙමේ දහම් නො ම දෙසයි, ගුරුතන්හි වූ අන් සබ්රම්සරුවෙකුත් දහම් නො ම දෙසයි. එතෙකුදු වුවත් ඇසූ පරිදි පුහුණු කළ පරිදි ඒ ධර්‍මය විස්තර වශයෙන් අනුනට දෙසයි. ඇවැත්නි, මහණ යම්සේ යම්සේ තමා ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්තර වශයෙන් අනුනට දහම් දෙසන්නේ ද එසේ එසේ හේ ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නාවූ පෙළ දැනගන්නාවූ ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී, ප්‍රීතියට පැමිණි සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳින්නහුගේ සිත එකඟ වෙයි. මේ දෙවෙනි විමුක්ත්‍යායතනය යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. යථා යථාවුසො භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධ කායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං තතියං විමුත්තායතනං.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, මහණකුහට ශාස්තෘ තෙමේ හෝ අන් කිසි ගුරු තන්හි වූ සබ්රම්සරුවෙක් හෝ නො ම දහම් දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි අනුනට විස්තර වශයෙන් දහම් නො ද දෙසයි. එතෙකුදු වුවත් ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරයයෙන් ස්වාධ්‍යාය කෙරෙයි (පුන පුනා කියි). ඇවැත්නි, මහණ තෙමේ ඇසූ පරිදි පුහුණු කළ පරිදි මේ පරිද්දෙන් යම් සේ ධර්‍මය විස්තරයෙන් ස්වාධ්‍යාය කෙරෙයි ද එසේ එසේ හේ එ දහමෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනග්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිය උපන් සිතැත්තහුගේ නාම කය සංහිඳෙයි. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ තෙවෙනි විමුක්ත්‍යායතනය යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං චතුත්ථං විමුත්තායතනං.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ ගුරුතන්හි වූ කිසි සබ්රම්සරුවෙක් හෝ නො ම දහම් දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරයෙන් අනුනට නො ද දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරයෙන් නො ද ස්වාධ්‍යායනය කෙරෙයි. වැලි, ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය සිතින් පුන පුනා කල්පනා කෙරෙයි, පුන පුනා විමසයි, පුන පුනා සිතින් සලකා බලයි. ඇවැත්නි, ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය යම්සේ යම්සේ පුන පුනා සිතින් කල්පනා කෙරේ ද, පුන පුනා විමසා ද, පුන පුනා සිතින් බලා ද, එසේ එසේ හෙ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියට පැමිණි සිතැත්තහුගේ නාම කය සංසිඳෙයි. සංසුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ සතර වන විමුක්ත්‍යායතනය යැ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානිකො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. අපි ච ඛ්වස්ස අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං, සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය. යථා යථා ආවුසො භික්ඛුනො අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති , සුඛිනො චිත්තං සමාධියති. ඉදං පඤ්චමං විමුත්තායතනං.
Sinhala BJTතව ද අනෙකෙකි. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි කිසි සබ්රම්සරුවෙක් හෝ මහණහට නො ම දහම් දෙසයි, මහණ තෙම දහම ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්තරයෙන් නො ද දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම විස්තර විසින් නො ද ස්වාධ්‍යයනය කෙරෙයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය සිතින් පුන පුනා නො ම කල්පනා කෙරෙයි, නො ම විමසයි, පුන පුනා සිතින් නො ද බලයි. වැලිදු ඔහු විසින් එක්තරා සමාධියෙක් (ගුරුහුගෙන් කමහටන් උගන්නා හා ම) මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙන් මහණහු විසින් එක්තරා සමාධියෙක් මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වේ ද, ඒ ඒ පරිද්දෙන් හේ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දන්නේ ද පෙළ දන්නේ ද වෙයි. අරුත් දන්නා, පෙළ දන්නා ඔහුට සතුට උපදී. සතුට වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියට පත් සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ පස්වන විමුක්ත්‍යායතනය යැ.
Pali BJTපඤ්ච විමුත්තිපරිපාචනීයා සඤ්ඤා: අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා.
Sinhala BJTවිමුක්තිපාරිපචනීය (රහත් බව මුහුකුරුවන) සංඥා පසෙක: අනිත්‍ය සංඥාව (අනිත්‍යානුදර්‍ශන ඥානයෙහි උපන් සංඥාව) අනිත්‍යයෙහි දුඃඛසංඥාව (අනිත්‍ය දැය දුක් වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) දුකෙහි අනාත්මසංඥාව (දුක් වූ දැය අනාත්ම වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) ප්‍රහාණසංඥාව (කෙලෙසුන් ප්‍රහීණ කිරීම පුන පුනා දක්නා නුවණෙහි උපන් සංඥාව), විරාග සංඥාව (පංචවිධ විරාගය ම අරමුණු කොට උපන් සංඥාව).
Pali BJTඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඤ්ච ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පො- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTඇවැත්නි, මෙසේ ම දන්නා දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පස් දෙනෙක් දහම්හු මොනවට වදාරන ලදුහ. එහි සියල්ලන් විසින් ම සමග වැ ගැයිය යුතු … එය … දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTඡක්කං
Sinhala BJTෂට්කය
Pali BJT12. අත්ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ඡ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙ ඡ:
Sinhala BJT12. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සදෙනෙක් ධර්‍මයෝ මොනොවට වදාරන ලද්දාහු ඇත. එහි සියල්ලන් විසින් සමග ව ගැයියැ යුතු ... එය … දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය. කවර ස දෙනෙක් ධර්‍මයෝ ද යත්:
Pali BJTඡ අජ්ඣත්තිකානි ආයතනානි: චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං.
Sinhala BJTආධ්‍යාත්මික ආයතන සයෙක: චක්‍ෂුරායතනය ශ්‍රෝත්‍රායතනය, ඝ්‍රාණායතනය, ජිහ්වායතනය, කායායතනය, මන ආයතනය.
Pali BJTඡ බාහිරානි ආයතනානි: රූපායතනං, සද්දායතනං, ගන්ධායතනං, රසායතනං, ඵොට්ඨබ්බායතනං, ධම්මායතනං.
Sinhala BJTබාහිර ආයතන සයෙක: රූපායතනය, ශබ්දායතනය, ගන්‍ධායතනය, රසායතනය, ස්ප්‍රෂ්ටව්‍යායතනය, ධම්මායතනය.
Pali BJTඡ විඤ්ඤාණකායා: චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං.
Sinhala BJTවිඥානකාය (විඥානසමූහ) සයෙක: චක්‍ෂුර්විඥානය, ශ්‍රෝතවිඥානය, ඝ්‍රාණවිඥානය, ජිහ්වාවිඥානය, කායවිඥානය, මනෝවිඥානය.
Pali BJTඡ ඵස්සකායා: චක්ඛුසම්ඵස්සො, සොතසම්ඵස්සො, ඝානසම්ඵස්සො, ජිව්හාසම්ඵස්සො, කායසම්ඵස්සො, මනොසම්ඵස්සො.
Sinhala BJTස්පර්‍ශකාය (ස්පර්‍ශ සමූහ) සයෙක : චක්‍ෂුඃ සංස්පර්‍ශය (ඇස ඇසුරු කළ ස්පර්‍ශය) ශ්‍රෝත්‍රසංස්පර්‍ශය, ඝ්‍රාණසංස්පර්‍ශය, ජිහ්වාසංස්පර්‍ශය, කායසංස්පර්‍ශය, මනඃසංස්පර්‍ශය.
Pali BJTඡ වෙදනාකායා: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා.
Sinhala BJTවේදනාකාය (වේදනා සමූහ) සයෙක : චක්‍ෂුස්පර්‍ශයෙන් උපදනා වේදනාව, ශ්‍රෝත්‍ර ස්පර්‍ශයෙන් උපදනා වේදනාව, ඝ්‍රාණස්පර්‍ශයෙන් උපදනා වේදනාව, ජිහ්වාස්පර්‍ශයෙන් උපදනා වේදනාව, කායස්පර්‍ශයෙන් උපදනා වේදනාව, මනඃස්පර්‍ශයෙන් උපදනා වේදනා.
Pali BJTඡ සඤ්ඤාකායා: රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ධම්මසඤ්ඤා.
Sinhala BJTසංඥාකාය සයෙක : රූපසංඥාව, ශබ්දසංඥාව, ගන්‍ධසංඥාව, රසසංඥාව, ස්ප්‍රෂ්ටව්‍යසංඥාව, ධර්‍මසංඥාව.
Pali BJTඡ සඤ්චෙතනාකායා: රූපසඤ්චෙතනා, සද්දසඤ්චෙතනා, ගන්ධසඤ්චෙතනා, රසසඤ්චෙතනා, ඵොට්ඨබ්බසඤ්චෙතනා, ධම්මසඤ්චෙතනා.
Sinhala BJTසඤ්චේතනා සයෙක : රූපසඤ්චේතනා, ශබ්දසංචේතනා, ගන්‍ධසඤ්චේතනා, රසසඤ්චේතනා, ස්ප්‍රෂටව්‍යසංචේතනා, ධර්‍මසඤ්චේතනා.
Pali BJTඡ තණ්හාකායා: රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා.
Sinhala BJTතෘෂ්ණාකාය සයෙක : රූපතෘෂ්ණා, ශබ්දතෘෂ්ණා, ගන්‍ධතෘෂ්ණා, රසතෘෂ්ණා, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා, ධර්‍මතෘෂ්ණා.
Pali BJTඡ අගාරවා: ඉධාවුසො,භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සවො, ධම්මෙ අගාරවො විහරති අප්පතිස්සවො, සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සවො, සික්ඛාය අගාරවො විහරති අප්පතිස්සවො, අප්පමාදෙ අගාරවො විහරති අප්පතිස්සවො, පටිසන්ථාරෙ අගාරවො විහරති අප්පතිස්සවො,
Sinhala BJTඅගෞරව සයෙක: ඇවැත්නි, මෙහි මහණෙක් ශාස්තෘහු කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මයෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි, අප්‍රමාද ගුණයෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි. ප්‍රතිසංස්ථාරයෙහි (පිළිසඳරෙහි) ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි.
Pali BJTඡ ගාරවා: ඉධාවුසො භික්ඛු සත්ථරි සගාරවො විහරති සප්පතිස්සවො, ධම්මෙ සගාරවො විහරති සප්පතිස්සවො, සඞ්ඝෙ සගාරවො විහරති සප්පතිස්සවො, සික්ඛාය සගාරවො විහරති සප්පතිස්සවො, අප්පමාදෙ සගාරවො විහරති සප්පතිස්සවො, පටිසන්ථාරෙ සගාරවො විහරති සප්පතිස්සවො.
Sinhala BJTගෞරව සයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි, ධර්‍මයෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි, අප්‍රමාදයෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි. ප්‍රතිසංස්ථාරයෙහි (පිළිසඳරෙහි) ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි.
Pali BJTඡ සොමනස්සූපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානියං ධම්මං උපවිචරති.
Sinhala BJTසෝමනස්සූපවිචාරයෝ (සොම්නස් සහගත විචාරණයෝ) ස දෙනෙක: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපයෙකැ යි (කල්පනා කොට) පිරිසිඳි යි, කනින් හඬක් අසා සොම්නසට කරුණු වූ හඬෙකැ යි පිරිසිඳියි. නැහැයෙන් ගඳක් අගා සොම්නසට කරුණු වූ ගඳෙකැ යි පිරිසිඳියි. දිවෙන් රසක් විඳ සොම්නසට කරුණු වූ රසයෙකැ යි පිරිසිඳියි, කයින් හැපෙන දැයක් පැහැසැ සොම්නසට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෙකැ යි පිරිසිඳියි. මනසින් දහමක් සිතා සොම්නසට කරුණු වූ දහමෙකැ යි පිරිසිඳියි.
Pali BJTඡ දොමනස්සූපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා දොමනස්සට්ඨානියං රූපං උපවිචරති -පෙ- මනසා ධම්මං විඤ්ඤාය දොමනස්සට්ඨානියං ධම්මං උපවිචරති.
Sinhala BJTදෝමනස්සුපවිචාරයෝ (දොම්නස් සහගිය විචාරණයෝ) සදෙනෙක: ඇසින් රූපයක් දැක දොම්නසට කරුණුවූ රූපයෙකැ යි පිරිසිඳියි, කනින් හඬක් අසා දොම්නසට කරුණු වූ හඬෙකැ යි පිරිසිඳියි, නැහැයෙන් ගඳක් අගා දොම්නසට කරුණු වූ ගඳෙකැ යි පිරිසිඳියි, දිවෙන් රසක් විඳ දොම්නසට කරුණු වූ රසෙකැ යි පිරිසිඳියි, කයින් හැපෙන දැයක් පැහැසැ දොම්නසට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෙකැයි පිරිසිඳියි, මනසින් දහමක් සිතා දොම්නසට කරුණු වූ දහමෙකැ යි පිරිසිඳියි.
Pali BJTඡ උපෙක්ඛූපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා උපෙක්ඛාට්ඨානියං රූපං උපවිචරති -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උපෙක්ඛාට්ඨානියං{1} ධම්මං උපවිචරති.
Sinhala BJTඋපෙක්ඛුපවිචාරයෝ (උපේක්‍ෂා සහගත විචාරණයෝ) සදෙනෙක: ඇසින් රූපයක් දැක උපේක්‍ෂාවට කරුණු වූ රූපයෙකි යි පිරිසිඳී. කනින් හඬක් අසා උපේක්‍ෂාවට කරුණු වූ හඬෙකැයි පිරිසිඳී, නැහැයෙන් ගඳක් අගා උපේක්‍ෂාවට කරුණු වූ ගඳෙකැ යි පිරිසිඳී, දිවෙන් රසක් විඳ උපේක්‍ෂාවට කරුණු වූ රසෙකැ යි පිරිසිඳී. කයින් හැපෙන දැයක් පැහැසැ උපේක්‍ෂාවට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෙකැ යි පිරිසිඳී. මනසින් දහමක් සිතා උපේක්‍ෂාවට කරුණු වූ දහමෙකැ යි පිරිසිඳියි.
Pali BJTඡ සාරාණීයා ධම්මා: ඉධාවුසො භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී{1} චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො, සංගහාය අවිවාදාය අවිහෙසාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTසාරාණීය (සංරඤ්ජනීය) ධර්‍ම සයෙක: ඇවැත්නි, මෙහි මහණක්හුගේ මෛත්‍රී සහගත කායකර්‍මය සබ්රම්සරුවන් කෙරෙහි ප්‍රකට ව ද රහසේ ද එළැඹ සිටියේ වෙයි. මේ සාරාණීය ධර්‍මය ද … ප්‍රිය කරන (ප්‍රිය කටයුත්තකු කරන), ගරුකරන (ගරු කටයුත්තකු කරන) මේ සාරාණීය ධර්‍මය ද සගැන්ම පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස ඒකීභාවය (එක්මුතු බව) පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො මෙත්තං වචීකම්මං -පෙ-
Sinhala BJTඇවැත්නි, තව ද මහණක්හුගේ මෛත්‍රීසහගත වාක්කර්‍මය …
Pali BJTමෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච, අයම්පි ධම්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJTමෛත්‍රීසහගත මනඃ කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි ප්‍රකට වත් අප්‍රකට වත් එළැඹ සිටියේ වෙයි ද, මේ සාරාණීය ධර්‍මය ද ප්‍රිය කටයුත්තකු කරන, ගරු කටයුත්තකු කරන, සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, සමගිය පිණිස, ඒකීභාවය (එක්මුතුබව) පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී, අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො, සඞ්ගහාය විවාදාය අවිහෙසාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණහට දැහැමි වූ දැහැමින් ලද, යටත් පිරිසෙයින් පාත්‍රයට අන්තර්‍ගත ප්‍රමාණ වූ ද යම් ලාභ කෙනෙක් වෙත් ද, එ බඳු වූ ලාභයන්හි ආමිස විසින් ද පුද්ගල විසින් ද බෙදීමක් නැති ව පරිභෝග කරනුයේ සිල්වත් සබ්රම් සරුවන් හා සාධාරණ පරිභෝගී ව වළඳන්න් වේ ද, මේ සාරානිය ධර්‍මය ප්‍රිය කටයුතු බව ඇති කරන, ගරු කටයුතු බව ඇති කරන, සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, සමගිය පිණිස ඒකී භාවය (එක්මුතුබව) පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJTතව ද ඇවැත්නි, අඛණ්ඩ වූ මුලින් හෝ අගින් නොසිඳුණු, අච්ඡිද්‍ර වූ (මැදින් නො සිඳුණු) අසබල වූ (පිළිවෙළින් සිකපද කිහිපයක් නො නොසිඳුණු) අකල්මාෂ වූ (අතරින් අතර සිකපද සිඳී නොගිය) භූජිෂ්‍ය වූ (තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණු) නුවණැත්තන් විසින් පසස්නා ලද්දා වූ, අපරාමෘෂ්ට වූ (තෘෂ්ණාදෘෂ්ට්‍යාදියෙන් ස්පර්‍ශ නොකරන ලද), කිසිවකු විසිනුත් දෝෂාරෝපණවශයෙන් ගැහැට කළ නොහැකි සේ වූ, සමාධිය පිණිස පවත්නාවූ යම් ශීලධර්‍ම කෙනෙක් ඇද්ද, මහණ තෙම එසේ වූ ශීල විෂයයෙහි සබරම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද ශීලසාමාන්‍යගත ව (ශීලයෙන් සමාන බවට පැමිණියේ) වෙසේ ද, මේ සාරාණීය ධර්‍මය ද ඒකීභාවය (එකමුතුබව) පිණිස පවතී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු යායං දිට්ඨි අරියා නිය්යාණිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථා රූපාය දිට්ඨියා දිසාට්ඨිමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො, සඞ්ගහාය අවිවාදාය අවිහෙසාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTතව ද ඇවැත්නි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියෙක් එය පිළිපදනාහට මොනොවට දුක් නැසෙනු පිණිස පවතී ද මහණ තෙම එබඳු වූ සම්‍යග්දෘෂ්ටියෙන් සබ්රම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද දෘෂ්ටිසාමාන්‍ය ගත වැ (දෘෂ්ටියෙන් සමාන බවට පැමිණියෙක් වැ) වෙසෙයි ද, මේ සාරාණීය ධර්‍මය ද ප්‍රියත්‍වය ඇති කරනුයේ, ගරු කටයුතු බව ඇතිකරනුයේ වෙයි. සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, ඒකීභාවය පිණිස පවතී.
Pali BJTඡ විවාදමූලානි: ඉධාවුසො භික්ඛු කොධනො හොති උපනාහී. යො සො ආවුසො භික්ඛු කොධනො හොති උපනාහී, සො සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සවො, ධම්මෙ පි අගාරවො විහරති අප්පතිස්සවො, සඞ්ඝෙ පි අගාරවො විහරති අප්පතිස්සවො, සික්ඛාය පි න පරිපූරකාරී{2} හොති.
Sinhala BJTවිවාදමූල සයෙක: ඇවැත්නි, මෙහි මහණෙක් කිපෙන සුලු ද වෙර බැඳගන්නා සුලු ද වෙයි. ඇවැත්නි, යම් මහණෙක් කිපෙන සුලුත් වෙර බඳින සුලුත් වේ නම්, හේ ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂාවේ ද පරිපූරකාරී නො වෙයි.
Pali BJTයො සො ආවුසො භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සවො, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය න පරිපූරකාරී, සො සඞ්ඝෙ විවාදං ජනෙති. යො හොති විවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපඤ්චෙ තුම්හෙ ආවුසො විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආවුසො තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපඤ්චෙ තුම්හෙ ආවුසො විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආවුසො තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් ශාස්තෘහු කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ශික්‍ෂාවෙයි පරිපූරකාරී නො වෙයි ද, හේ සඟ මැද විවාද උපදවයි ද, - යම් විවාදයෙක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස වේ ද, දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ ද එබඳු විවාදයෙකි - ඇවැත්නි, ඉදින් මෙබඳු විවාද මූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත්හි හෝ දක්නහු නම්, ඇවැත්නි, එහි තෙපි ලාමක වූ ඒ විවාද මූලය ම දුරැලනු පිණිස වෑයම් කරවු. ඇවැත්නි, ඉදින් තෙපි මෙබඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ බැහැරැ හෝ නො දක්නහු නම්, ඇවැත්නි, තෙපි එහි ලාමක වූ ඒ විවාදමූලය ම මත්තෙහි නො හටගැන්ම පිණිස පිළිපදනාහු නම්, මෙසේ මේ ලාකම විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි, මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නො ඉපැද්ම වෙයි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු මක්ඛී හොති පලාසී -පෙ- ඉස්සුකී හොති මච්ඡරී -පෙ- සඨො හොති මායාවී -පෙ- පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨී සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුස්සටිනිස්සග්ගී. යො සො ආවුසො භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී, සො සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සවො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සවො, සඞ්ඝෙ පි අගාරවො විහරති අප්පතිස්සවො, සික්ඛාය පි න පරිපූරකාරී හොති. යො සො ආවුසො භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සවො, ධම්මෙ අගාරවො විහරති අප්පතිස්සවො, සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සවො, සික්ඛාය න පරිපූරකාරී, සො සඞ්ඝෙ විවාදං ජනෙති. යො හොති විවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ ආවුසො විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ ආවුසො තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ ආවුසො විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආවුසො තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
Sinhala BJTතව ද අනෙකෙක් කියම්. ඇවැත්නි, මහණ තෙම මෙරමා ගුණ මකන සුලු වූයේ යුගග්‍රාහී (එකට එක කරන සුලු වූයේ) වේ. … ඊර්‍ෂ්‍යා කරන සුලු වූයේ මසුරු වූයේ වේ. … කෛරාටික වූයේ කළ වරද සඟොවන සුලු වේ. … තමා කෙරෙහි නැති ගුණයෙහි බුහුමන් කැමැත්තේ මිසදිටු වේ, … තමා ගත් දෘෂ්ටිය ම දැඩි කොට ගත්තේ දෘඪග්‍රාහී වූයේ ගන්නා ලද්ද බැහැර කරනු නො හැක්කේ වේ. ඇවැත්නි, යම් මහණෙක් තමා ගත් දෘෂ්ටිය ම දැඩි කොට ගත්තේ දෘඪග්‍රාහී වූයේ ගන්නා ලද්ද බැහැර කරනු නො හැක්කේ වේ ද, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි පරිපූරකාරී නො වෙයි. ඇවැත්නි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ධර්‍මය කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, සඞ්ඝයා කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ශික්‍ෂායෙහි පරිපූරකාරීත් නො වෙයි ද, හේ සඞ්ඝයා අතුරෙහි විවාද උපදවයි. යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සැප පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වෙයි ද, එසේ වූ විවාදයෙකි. ඇවැත්නි, ඉදින් තෙපි මෙ බඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ බැහැර හෝ දක්නහු නම්, ඇවැත්නි, එහි තෙපි ඒ ලාමක විවාද මූලය ම දුරු කරනු පිණිස වෑයම් කරවු. ඇවැත්නි, ඉදින් මෙබඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ බැහැර හෝ නො දක්නාහු නම්, ඇවැත්නි, තෙපි එහි ඒ විවාද මූලය ම මත්තෙහි නො හට ගන්නා පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාකම වූ විවාදමූලයාගේ ප්‍රහාණය වේ, මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ මත්තෙහි නො හටගැන්ම වේ.
Pali BJTඡ ධාතුයො: පඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු.
Sinhala BJTධාතු සයෙක: පෘථිවි ධාතුව, අබ්ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව.
Pali BJTඡ නිස්සරණියා ධාතුයො: ඉධාවුසො භික්ඛු එවං වදෙය්ය: මෙත්තා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. අථ ච පන මෙ බ්යාපාදො චිත්තං පරියාදාය තිට්ඨතී ති. සො ‘මා හෙවන්ති’ස්ස වචනීයො, මා’යස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං මෙත්තාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය; අථ ච පනස්ස බ්යාපාදො චිත්තං පරියාදාය ඨස්සතී ති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො බ්යාපාදස්ස යදිදං මෙත්තා චෙතොවිමුත්තී’ති.
Sinhala BJTනිඃශරණීය ධාතු (අකුසලින් නික්මුණු ස්වභාව) සයෙක: ‘ඇවැත්නි, ඒකාන්තයෙන් මා විසින් මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිතය, බහුලී කෘතය, යානයක් බඳු ව කරන ලද්දේ ය. වාස්තුකෘත ය (ප්‍රතිෂ්ඨාවත් කරන ලද්දේ ය). අනුස්ථිත ය (සම්පූර්‍ණ කරන ලද්දේ ය), පරිචිත ය (පුරුදු කරන ලද්දේ ය), සුසමාරබ්ධ ය (මොනොවට සම්පූර්‍ණ කරන ලද්දේ ය). එතෙකුදු වුවත් ද්වේෂය මා සිත මැඩ ගෙන (ක්‍ෂීණ කොට) සිටී’ යැ යි මෙහි මහණක් මෙසේ කියන්නේ නම්, හෙතෙම ‘මෙසේ කියැ යුතු වන්නේය. ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කෙරේ වා (දොස නො නඟා වා), භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන කිරීම (දොස් නැඟීම) නො මැනැව, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක, ඇවැත්නි, මෛත්‍රී චිත්ත විමුක්තිය (මෙත් වැඩීමෙන් අර්‍පණා වශයෙන් ලත් ත්‍රික චතුෂ්කධ්‍යාන) භාවිත කරන ලද කල්හි, බහුලීකෘත කල්හි, යානීකෘත කල්හි, වාස්තුකෘත කල්හි, අනුස්ථිත කල්හි, පරිචිත කල්හි, සුසමාරබ්ධ කල්හි, එසේ කරන ලද නුමුදු ව්‍යාපාදය ඔහුගේ සිත හාත්පසින් ගෙන (හෝ ඔහුගේ කුශල සිත ක්‍ෂීණ කොට) සිටී යන මෙ නො කරුණෙක, අවකාශ නැති එකෙක. මේ කාරණය නැත්තේ ය. ඇවැත්නි, මෛත්‍රී චිත්ත විමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය ව්‍යාපාදයාගේ නිඃශරණය (නික්මීම) වේ’ යැ යි මෙසේ ඔහුට කිය යුතු වන්නේ ය.
Pali BJTඉධ පන ආවුසො භික්ඛු එවං වදෙය්ය:– කරුණා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. අථ ච පන මෙ විහෙසා චිත්තං පරියාදාය තිට්ඨතී ති, සො මා හෙවන්ති’ස්ස වචනීයො: මා’යස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො, අනවකාසො යං කරුණාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය අථ ච පනස්ස විහෙසා චිත්තං පරියාදාය ඨස්සතීති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො විහෙසාය යදිදං කරුණා චෙතොවිමුත්ති.
Sinhala BJT‘ඇවැත්නි, මා විසින් කරුණා චිත්තවිමුක්තිය භාවිත ය (වඩන ලද්දේ ය), බහුලීකෘත ය (නැවැත නැවැත කරන ලද්දේ ය), යානීකෘත ය (යානයක් මෙන් කරන ලද්දේ ය), වාස්තුකෘත ය (වාස්තුවක් හෙවත් ප්‍රතිෂ්ඨාවක් කරන ලද්දේ ය), අනුෂ්ඨිත ය (පරිපූර්‍ණ කරන ලද්දේ ය), පරිචිත ය (පුරුදු කරන ලද්දේ ය), සුසමාරබ්ධ ය (මොනොවට වඩන ලද්දේ ය), එතෙකුදු වුවත් විහිංසා චේතනාව මා සිත හාත්පසින් ගෙන (හෝ මා කුසල් සිත ක්‍ෂීණ කොට ගෙන) සිටී යැ යි මහණෙක් මෙසේ කියන්නේ නම්, හෙ තෙම මෙසේ කිය යුතු (ඔහුට මෙසේ කියැ යුතු) වන්නේ ය, ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කෙරේ වා (දොස් නො නඟා වා), භාග්‍යවතුන් වහන්සේ ට අභ්‍යාඛ්‍යාන කිරීම (දොස් නැඟීම) නො මැනැව, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක. ඇවැත්නි, කරුණා චිත්තවිමුක්තිය වඩන ලද කල්හි, බහුල වශයෙන් කරන ලද කල්හි, යානයක් මෙන් කරන ලද කල්හි, වාස්තුකෘත (ප්‍රතිෂ්ඨාවක් කරන ලද) කල්හි, අනුෂ්ඨිත (පරිපූර්‍ණ කරන ලද) කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනොවට සම්පූර්‍ණ කරන ලද කල්හි, එසේ කරන ලද නමුත් විහිංසා චේතනාව ඔහුගේ සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මෙය නො කරුණෙක, අවකාශ නැත්තෙක. ඇවැත්නි, කරුණාචිත්තවිමුක්තිය යන මෙය විහිංසාවගේ නිඃශරණය (නික්මීම) යැ’ යි (හේ මෙසේ කියැ යුතු වන්නේය).
Pali BJTඉධාවුසො භික්ඛු එවං වදෙය්ය: “මුදිතා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මෙ අරති චිත්තං පරියාදාය තිට්ඨතී”ති, සො ‘මා හෙවන්ති’ස්ස වචනීයො, මායස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං මුදිතාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස අරති චිත්තං පරියාදාය ඨස්සතීති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො අරතියා, යදිදං මුදිතා චෙතොවිමුත්ති.
Sinhala BJT‘ඇවැත්නි, මුදිතා චිත්තවිමුක්තිය මා විසින් වඩන ලද්දේ ය, බොහෝ සෙයින් කරන ලද්දේ ය, යානයක් බඳු කොට කරන ලද්දේ ය, වාස්තුකෘත ය (ප්‍රතිෂ්ඨාවක් කරන ලද්දේ ය), අනුෂ්ඨිත ය (වඩන ලද්දේ ය), පුරුදු කරන ලද්දේ ය, මොනොවට සම්පූර්‍ණ කරන ලද්දේ ය, එතෙකුදු වුවත් අරතිය (නො ඇල්ම) මා සිත හාත්පසින් ගෙන සිටී’ යැ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ ද, ‘එසේ නො කිය යුතු යැ’ යි හෙ තෙම කිය යුතු වන්නේ ය, ‘ආයුෂ්මත් තෙමේ එසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කෙරේ වා (දොස් නො නඟා වා), භාග්‍යවතුන් වහන්සේ ට අභ්‍යාඛ්‍යාන කිරීම (දොස් නැඟීම) නො මැනැව, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක. ඇවැත්නි, මුදිතා චිත්තවිමුක්තිය වඩන ලද කල්හි, බහුල වශයෙන් කරන ලද කල්හි, යානයක් බඳු කොට කරන ලද කල්හි, වාස්තුකෘත (ප්‍රතිෂ්ඨාවක් කරන ලද) කල්හි, අනුෂ්ඨිත (පරිපූර්‍ණ) කරන ලද කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනොවට සම්පූර්‍ණ කරන ලද කල්හි, එසේ කරන ලද නමුත්, අරතිය ඔහුගේ සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මෙය නො කරුණෙක, අවකාශ (කාරණ) නැත්තෙක. මෙ කරුණ නැත්තේ ය. ඇවැත්නි, මුදිතා චිත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය අරතියගේ නිඃශරණය යැ’ යි මෙසේ හෙ තෙම කියැ යුතු වන්නේය (ඔහුට කිය යුතු වන්නේ ය).
Pali BJTඉධ පනාවුසො භික්ඛු එවං වදෙය්ය: උපෙක්ඛා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. අථ ච පන මෙ රාගො චිත්තං පරියාදාය තිට්ඨතී ති. සො ‘මා හෙවන්ති’ස්ස වචනීයො, මායස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං, ආවුසො අනවකාසො යං උපෙක්ඛාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස රාගො චිත්තං පරියාදාය ඨස්සතී ති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො රාගස්ස, යදිදං උපෙක්ඛා චෙතොවිමුත්ති.
Sinhala BJT‘ඇවැත්නි, උපේක්‍ෂා චිත්තවිමුක්තිය වූ කලි මා විසින් වඩන ලද්දේ ය, බහුල වශයෙන් කරන ලද්දේ ය, යානයක් සේ කරන ලද්දේ ය, වාස්තුවක් (ප්‍රතිෂ්ඨාවක්) කරන ලද්දේ ය, අනුෂ්ඨිත ය (පරිපූර්‍ණ) කරන ලද්දේ ය, පුරුදු කරන ලද්දේ ය, මොනොවට සම්පූර්‍ණ කරන ලද්දේ ය, එතෙකුදු වුවත් රාගය මා සිත හාත්පසින් ගෙන සිටී’ යැ යි මෙහි භික්‍ෂු නමෙක් මෙසේ කියන්නේ වී නම්, ‘එසේ නො කිය යුතු යැ’ යි හේ කිය යුතු වන්නේ ය, ‘ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කෙරේ වා (දොස් නො කියා වා), භාග්‍යවතුන් වහන්සේ ට අභ්‍යාඛ්‍යාන කිරීම නො මැනැව, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක. ඇවැත්නි, උපේක්‍ෂා චිත්තවිමුක්තිය වඩන ලද කල්හි, බහුල කොට කරන ලද කල්හි, යානයක් මෙන් කරන ලද කල්හි, වාස්තුවක් (ප්‍රතිෂ්ඨාවක්) කරන ලද කල්හි, අනුෂ්ඨිත (පරිපූර්‍ණ) කරන ලද කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනොවට සම්පූර්‍ණ කරන ලද කල්හි, එසේ කරන ලද කල්හි පවා ඔහුගේ සිත රාග තෙමේ හාත්පසින් ගෙන සිටින්නේ ය යන මෙය නො කරුණෙක, අවකාශ නැත්තෙක. මේ කාරණය අවිද්‍යාමාන ය, ඇවැත්නි, උපේක්‍ෂා චිත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය රාගයාගේ නිඃශරණය යැ’ යි හෙ තෙම කියැ යුතු වන්නේය (ඔහුට කිය යුතු වන්නේ ය).
Pali BJTඉධාවුසො භික්ඛු එවං වදෙය්ය “අනිමිත්තා හි ඛො මෙ ආවුසො චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. අථ ච පන මෙ තං නිමිත්තානුසාරි විඤ්ඤාණං හොතී’ති. සො ‘මා හෙවන්ති’ස්ස වචනීයො. මායස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං. න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං අනිමිත්තාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස නිමිත්තානුසාරි විඤ්ඤාණං භවිස්සතී ති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො සබ්බනිමිත්තානං යදිදං අනිමිත්තා චෙතොවිමුත්ති.
Sinhala BJT‘ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තිය (රහත්පල සමවත) මා විසින් වඩන ලද්දේ ය, බහුල වශයෙන් කරන ලද්දේ ය, යානයක් සේ කරන ලද්දේ ය, වාස්තු කරන ලද්දේ ය, අනුෂ්ඨාන කරන ලද්දේ ය, මොනොවට සම්පූර්‍ණ කරන ලද්දේ ය, එතෙකුදු වුවත් මගේ ඒ සිත (රාගනිමිත්තාදි) නිමිති අනුව යන්නේ වේ යැ’ යි කියන්නේ නම්, ‘එසේ නො කියා වා යැ’ යි හේ කිය යුතු වන්නේ ය. ‘ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන (දෝෂාරෝපණ) නො කෙරේ වා, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන කිරීම නො මැනැව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක. ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තිය වඩන ලද කල්හි, බහුල වශයෙන් කරන ලද කල්හි, යානයක් බඳු කරන ලද කල්හි, වාස්තුවක් (ප්‍රතිෂ්ඨාවක්) කරන ලද කල්හි අනුෂ්ඨිත (සම්පූර්‍ණ) කරන ලද කල්හි, පුරුදු කරන ලද කල්හි, මොනොවට සම්පූර්‍ණ කරන ලද කල්හි, එසේ කරන ලද නුමුදු ඔහුගේ සිත නිමිති අනුව යන්නෙක් වන්නේ යැ යන මෙය නොකරුණෙක, මෙය අවකාශ (කරුණු) නැති එකෙක. මේ කාරණය විද්‍යාමාන නො වේ. ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තියෙක් වේ ද, මෙය සියලු නිමිතීන්ගේ නික්මීමෙක් වේ යැ’ යි මෙසේ හෙ තෙම කිය යුතු වන්නේය.