Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4401-4500 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT22. යෙන උත්තරකුරූ රම්මා මහානෙරු සුදස්සනො. මනුස්සා තත්ථ ජායන්ති අමමා අපරිග්ගහා.
Sinhala BJT22. යම් දිග්භාගයෙක ඉතා දැකුම්කලු මහාමේරු පර්‍වතය වෙයි ද, එහි සිත්කලු වූ උතුරුකුරුව වෙයි. එහි මමත්‍වය නැති. ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහ නැති මිනිස්සු උපදිත්.
Pali BJTන තෙ බීජං පවපන්ති නාපි නීයන්ති නඞ්ගලා, අකට්ඨාපාකිමං සාලිං පරිභුඤ්ජන්ති මානුසා.
Sinhala BJTඔහු ධ්‍යාන බිජුවට නො වපුරවත්. නගුල්හු ද කෙතට නො පමුණුවනු ලබත්. එ මිනිස්සු නො සාන ලද බිමැ තමන් ම නැඟී පැසුණු හැල් පරිභෝග කෙරෙත්.
Pali BJTඅකණං අථුසං සුද්ධං සුගන්ධං තණ්ඩුලප්ඵලං, තුණ්ඩිකීරෙ පචිත්වාන තතො භුඤ්ජන්ති භොජනං.
Sinhala BJTකුඩු නැති, තොහො නැති, ශුද්ධ වූ, සුවඳැති සහල් සැළියෙක බහා පිසැ, එයින් ගෙන බොජුන් වළඳත්.
Pali BJTගාවිං එකඛුරං කත්වා අනුයන්ති දිසොදිසං, පසුං එකඛුරං කත්වා අනුයන්ති දිසොදිසං.
Sinhala BJTඑහි යක්කු එළ දෙන එක් කුරැති වාහනයක් කොට ගෙන දිශායෙන් දිශාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් කොට ගෙන, දෙසින් දෙසට යෙත්.
Pali BJTඉත්ථි වාහනං කත්වා අනුයන්ති දිසොදිසං, පුරිස වාහනං කත්වා අනුයන්ති දිසොදිසං.
Sinhala BJTගැබිනි ස්ත්‍රියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.
Pali BJTකුමාරි වාහනං කත්වා අනුයන්ති දිසොදිසං කුමාර වාහනං කත්වා අනුයන්ති දිසොදිසං.
Sinhala BJTකුමරියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්, කුමරකු වානහ කොට ගෙන, දෙසින් දෙස යෙත්.
Pali BJTතෙ යානෙ අභිරූහිත්වා සබ්බා දිසා අනුපරියන්ති, පචාරා තස්ස රාජිනො. හත්ථියානං අස්සයානං දිබ්බං යානං උපට්ඨිතං පාසාදා සිවිකා චෙව මහාරාජස්ස යසස්සිනො.
Sinhala BJTඒ වෙසවුණු රජු ගේ පරිවාරක යක්‍ෂයෝ එළැඹැ සිටි හස්තියාන ද අශ්වයාන ද (අන්‍ය බහුවිධ) දිව්‍යයාන ද යන එකී යානයන් අරා සියලු දික් සිසාරා යෙත්. යශස් ඇති ඒ වෙසවුණු මහ රජුට ප්‍රසාද ද සිවිගෙවල් ද වෙයි.
Pali BJTතස්ස ච නගරා අහු අන්තලික්ඛෙ සුමාපිතා, ආටානාටා කුසිනාටා පරකුසිනාටා නාටපුරියා පරකුසිතනාටා.
Sinhala BJTඑ රජුට අහසැ මොනවට මවන ලද ආටානාටා ය, කුසිනාටා ය, පරකුසීනාටා ය, නාටපුරියා ය, පරකුසිතනාටා යැ යි නගරයෝ වෙත්.
Pali BJTඋත්තරෙන කපිවන්තො ජනොඝමපරෙන ච නවනවුතියො අම්බරඅම්බරවතියො ආළකමන්දා නාම රාජධානී.
Sinhala BJTඑයින් (ඒ පරකුසිතනාටා නුවරින්) ඉඳුරා උතුරු දිගැ කපිවන්න නම් නුවරෙක් ද, එයින් ඔබ්බෙහි ජනෝඝ නම් නුවරෙක් ද, අන්‍ය නවනවති ය නම් නුවරෙක් ද අම්බරඅම්බරවතිය නම් නුවරෙක් ද ආළකමන්‍දා නම් අන්‍ය රාජධානියෙක් ද ඇත.
Pali BJTකුවෙරස්ස ඛො පන මාරිස මහාරාජස්ස විසාණා නාම රාජධානී. තස්මා කුවෙරො මහාරාජා වෙස්සවණො’ති පවුච්චති.
Sinhala BJTනිදුකාණනි, කුවේර මහ රජුගේ රජදහන විසාණා නම. එහෙයින් කුවේර මහ රජ වෙස්සවණ යැ යි නම් කරනු ලැබෙයි.
Pali BJT23. පච්චෙසන්තො පකාසෙන්ති තතොලා තත්තලා තතොතලා, ඔජසි තෙජසි තතොජසි සූරො රාජා අරිට්ඨො නෙමි.
Sinhala BJT23. එහි තතෝලා, තත්තලා, තතෝතලා, ඕජසී. තේජසී, තතෝජසී, සූර, සූරරාජ, අරිට්ඨ, නෙමි, අරිට්ඨනෙමි යන නම් ඇති යක්රැටියෝ කරුණු විමසා පවසත්.
Pali BJTරහදො’පි තත්ථ ධරණී නාම යතො මෙඝා පවස්සන්ති වස්සා යතො පතායන්ති, සභා පි තත්ථ භගලවතී නාම යත්ථ යක්ඛා පයිරුපාසන්ති.
Sinhala BJTයම් පොකුණෙකින් දිය ඇද ගෙන් මේඝයෝ වසිත් ද, යම් පොකුණෙකින් වර්‍ෂාවෝ පැතිරෙත් ද, එසේ වූ ධරණී නම් ජලාසයෙක් ද, එහි වෙයි. එහි තෙරැ යකුන් රැස්වැ හිඳුනා භගලවතී මඩුවෙක් වෙයි.
Pali BJTතත්ථ නිච්චඵලා රුක්ඛා නානාදිජගණායුතා, මයුරකොඤ්චාභිරුදා කොකිලාදීහි වග්ගුහි.
Sinhala BJTඑහි හාත්පසැ විවිධ පක්‍ෂි සමූහයන් ගෙන් යුක්ත වූ, මොණරුන් ද කොස් ලිහිණියන් ද විසින් දුන් නාද ඇති, කෝකිලාදීන් විසින් මනෝඥ නාදයෙන් උන්නාදිත වූ, නිති ඵල දරන වෘක්‍ෂයෝ වෙත්.
Pali BJTජීවජීවක සද්දෙත්ථ අථො උට්ඨවචිත්තකා, කුකුත්ථකා කුළීරකා වනෙ පොක්ඛරසාතකා.
Sinhala BJTමෙහි ඒ පියුම් වෙනෙහි ‘ජීව ජීව’ යැ යි හඬ නඟන, (ජීව ජීවක නම්) පක්‍ෂි කෙනෙක් ද, තව උට්ඨවචිත්තක නම් පක්‍ෂීහු ද, වලිකුකුළෝ ද, රන්වන් කකුළුවෝ ද, පොක්ඛරසතක නම් පක්‍ෂීහු ද වෙත්.
Pali BJTසුකසාලිකසද්දෙත්ථ දණ්ඩමානවකානි ච, සොභති සබ්බකාලං සා කුවෙරනලිනී සදා.
Sinhala BJTමෙහි ගිරවුන්ගේ ද සැළලිහිණියන්ගේ ද හඬ ඇත. දණ්ඩමානවක නම් පක්‍ෂීහු ද, මෙහි හැසිරෙත්, මෙසේ හැම කල්හි ඒ කුවේරයා ගේ පියුම් විල නිරතුරු හොබනේ ය.
Pali BJTඉතො සා උත්තරා දිසා ඉති නං ආචික්ඛතී ජනො, යං දිසං අභිපාලෙති මහාරාජා යසස්සි සො.
Sinhala BJTයශස් ඇති ඒ කුවේර මහරජ යම් දිගක් පාලනය කෙරෙයි ද, ඒ මෙතැනින් උතුරු දෙස යැ යි මහජනයා කිය යි.
Pali BJTයක්ඛානං ආධිපති කුවෙරො ඉති නාමසො, රමති නච්චගීතෙහි යක්ඛෙහෙව පුරක්ඛතො.
Sinhala BJTනම් විසින් කුවේර යැ යි ප්‍රකට, යක්‍ෂාධිපති වූ, හේ යකුන් විසින් පෙරටු කරන ලද්දේ නෘත්‍ය ගීතයෙන් සිත් අලවා වෙසෙයි.
Pali BJTපුත්තාපි තස්ස බහවො එකනාමා ති මෙ සුතං, අසීතිං දස එකො ච ඉන්දනාමා මහබ්බලා.
Sinhala BJTඔහුට එක් නම ඇති බොහෝ පුතුන් ද වෙති යි මා විසින් අසන ලදී, ඉන්‍ද්‍ර යන නම ඇති, මහබලැති ඔහු එක් අනූ දෙනෙකි.
Pali BJTතෙ චාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්චබන්ධුනං දූරතො ව නමස්සන්ති මහන්තං වීතසාරදං. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම
Sinhala BJTඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වූ, ක්ලේශනිද්‍රායෙන් පිබිදුණු, මහත්ත්‍වප්‍රාප්ත වූ, පහ වූ බිය ඇති බුදුරජුන් දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, උත්තම පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමදිත්.
Pali BJTකුසලෙන සමෙක්ඛසි, අමනුස්සාපි තං වන්දන්ති, සුතං නෙතං අභිණ්හසො තස්මා එවං වදෙමසෙ. ජිනං වන්දථ ගොතමං ජිනං වන්දාම ගොතමං, විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමන්ති.
Sinhala BJT‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි කියා අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි (ප්‍රශ්න කිරීම් වශයෙන්) කියම්හ. ‘අපි ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු උත්තර දෙත්.
Pali BJT24. අයං ඛො සා මාරිස, ආටානාටියා රක්ඛා භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති. යස්ස කස්සචි මාරිස, භික්ඛුස්ස වා භික්ඛුනියා වා උපාසකස්ස වා උපාසිකාය වා අයං ආටානාටියා රක්ඛා සුග්ගහිතා භවිස්සති සමත්තා පරියාපුතා. තඤ්චෙ අමනුස්සො යක්ඛො වා යක්ඛිනී වා, යක්ඛපොතකො වා යක්ඛපොතිකා වා, යක්ඛමහාමත්තො වා යක්ඛපාරිසජ්ජො වා යක්ඛපචාරො වා, ගන්ධබ්බො වා ගන්ධබ්බී වා, ගන්ධබ්බපොතකො වා ගන්ධබ්බපොතිකා වා, ගන්ධබ්බමහාමත්තො වා ගන්ධබ්බපාරිසජ්ජො වා ගන්ධබ්බපචාරො වා, කුම්භණ්ඩො වා කුම්භණ්ඩී වා, කුම්භණ්ඩපොතකො වා කුම්භණ්ඩපොතිකා වා, කුම්භණ්ඩමහාමත්තො වා කුම්භණ්ඩපාරිසජ්ජො වා කුම්භණ්ඩපචාරො වා, නාගො වා නාගිනී වා, නාගපොතකො වා නාගපොතිකා වා, නාගමහාමත්තො වා නාගපාරිසජ්ජො වා නාගපචාරො වා, පදුට්ඨචිත්තො, භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා පදුට්ඨචිත්තො ගච්ඡන්තං වා අනුගච්ඡෙය්ය, ඨිතං වා උපතිට්ඨෙය්ය, නිසින්නං වා උපනිසීදෙය්ය, නිපන්නං වා උපනිපජ්ජෙය්ය. න මෙ සො මාරිස, අමනුස්සො ලභෙය්ය ගාමෙසු වා නිගමෙසු වා සක්කාරං වා ගරුකාරං වා. න මෙ සො මාරිස, අමනුස්සො ලභෙය්ය ආළකමන්දාය නාම රාජධානියා වත්ථුං වා වාසං වා. න මෙ සො මාරිස, අමනුස්සො ලභෙය්ය යක්ඛානං සමිතිං ගන්තුං. අපිස්සු නං මාරිස, අමනුස්සා අනවය්හම්පි නං කරෙය්යුං අවිවය්හං. අපිස්සු නං මාරිස, අමනුස්සා අත්තාහි පරිපුණ්ණාහි පරිභාසාහි පරිභාසෙය්යුං. අපිස්සු නං මාරිස, අමනුස්සා රිත්තම්පි’ස්ස පත්තං සීසෙ නික්කුජ්ජෙය්යුං. අපිස්සු නං මාරිස, අමනුස්සා සත්තධා පි’ස්ස මුද්ධං ඵාලෙය්යුං. සන්ති හි මාරිස, අමනුස්සා චණ්ඩා රුද්ධා රභසා, තෙ නෙව මහාරාජානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති. තෙ ඛො තෙ මාරිස, අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති.
Sinhala BJT24. ‘නිදුකාණන් වහන්ස, මහණුනට ද මෙහෙණනට ද උවසුවනට ද උවැසියනට ද ගුප්තිය පිණිස රැක්ම පිණිස නො වෙහෙසීම පිණිස සැප විහරණ පිණිස වූ ඒ ආටානාටිය පිරිත නම් මෙ ය. නිදුකාණන් වහන්ස, යම් කිසි මහණක්හු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක විසින් මේ ආටානාටිය පිරිත මනා කොට උගන්නා ලද්දේ, අර්‍ත්‍ථව්‍යංජන විසින් පිරිපුන් කොට පුහුණු කරන ලද්දේ වී නම්, යක්‍ෂයෙක් හෝ යක්‍ෂිණියක් හෝ යක්‍ෂපෝතකයෙක් හෝ යක්‍ෂපෝතිකාවක් හෝ යක්‍ෂමහාමාත්‍රයෙක් හෝ යක්‍ෂපාරිෂද්‍යයෙක් හෝ යක්‍ෂපරිවාරකයෙක් හෝ, ගාන්‍ධර්‍වයෙක් හෝ ගාන්‍ධර්වියක් හෝ ගාන්‍ධරවපෝතකයෙක් ගාන්‍ධර්‍වපෝතිකාවක් හෝ ගාන්‍ධර්‍වමහාමාත්‍රයෙක් හෝ ගාන්‍ධර්‍වපාරිෂද්‍යයෙක් හෝ ගාන්‍ධර්‍වපරිවාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පෝතකයෙක් හෝ කුම්භාණ්ඩ පෝතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ; නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපෝතකයෙක් හෝ නාගපෝතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාග පාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ, මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට වූ සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ, මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙතැ සිටින්නේ ද, උන්නහු වෙතැ ඉඳුනේ ද, හොත්තහු වෙතැ හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයා මගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ ආළකමන්‍දා රාජධානියෙහි වසන ගෙයක් හෝ නවාතැනක් හෝ නො ලබන්නේ ය; නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ යක්‍ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැලි දු නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු ආවාහයක් නො කට හැක්කකු ද විවාහයක් නො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහුට අත්බව එළවා කියනු ලබන පරිපූර්‍ණ පරිභව වචනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් යැටිකුරු කොටැ ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිස සත් කඩක් කොට හෝ පළන්නාහු ද වෙත්.
Pali BJT25. සෙය්යථාපි මාරිස, රඤ්ඤො මාගධස්ස විජිතෙ මහාචොරා. තෙ නෙව රඤ්ඤො මාගධස්ස ආදියන්ති, න රඤ්ඤො මාගධස්ස පුරිසකානං ආදියන්ති, න රඤ්ඤො මාගධස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති. තෙ ඛො තෙ මාරිස, මහාචොරා රඤ්ඤො මාගධස්ස අවරුද්ධා නාම වුච්චන්ති. එවමෙව ඛො මාරිස, සන්ති හි අමනුස්සා චණ්ඩා රුද්ධා රභසා. තෙ නෙව මහාරාජානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති. තෙ ඛො තෙ මාරිස, අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති.
Sinhala BJT25. නිදුකාණන් වහන්ස, නපුරු වූ සතුරු වූ, කළ දැයට වැඩියක් කරන අමනුෂ්‍යයෝ ඇත. ඔහු සතර වරම් මහ රජ දරුවන් ගේ බස් නො ම පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහරජුන් ගේ සතුරෝ නමැ යි කියනු ලබත්. නිදුකාණන් වහන්ස, යම්සේ මගධාධිපති රජුගේ රටෙහි මහ සොරහු ඇත් ද, ඔහු මගධාධිපති රජුහු ගේ වචන නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන්ගේ වචන දු නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන්ගේ මෙහෙකරුවන් ගේ වචන දු නො ම පිළිගනිත් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සොරහු මගධාධිපති රජහු ගේ සතුරෝ නමැ යි කියනු ලබත් ද, එසේ ම නිදුකාණන් වහනස්, නපුරු වූ සතුරු වූ, කළ එකට වැඩියක් කරන්නා වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ම ය. ඔහු වරම් මහ රජුන්ගේ බස් නො පිළිගනිත්. වරම් මහ රජුන්ගේ සෙනෙවියන් බස් ද නො ම පිළිගනිත්. වරම් මහ රජුන් අයත් සෙනෙවියන් ගේ මෙහෙකරුවන් බස දු නො පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහ රජුන්ගේ සතුරෝ යැ යි කියනු ලබත්.
Pali BJT26. යො හි කොචි මාරිස, අමනුස්සො යක්ඛො වා යක්ඛිනී වා යක්ඛපොතකො වා යක්ඛපොතිකා වා යක්ඛමහාමත්තො වා යක්ඛපාරිසජ්ජො වා යක්ඛපචාරො වා, ගන්ධබ්බො වා ගන්ධබ්බී වා ගන්ධබ්බපොතකො වා ගන්ධබ්බපොතිකා වා ගන්ධබ්බමහාමත්තො වා ගන්ධබ්බපාරිසජ්ජො වා ගන්ධබ්බපචාරො වා, කුම්භණ්ඩො වා කුම්භණ්ඩී වා කුම්භණ්ඩපොතකො වා කුම්භණ්ඩපොතිකා වා කුම්භණ්ඩමහාමත්තො වා කුම්භණ්ඩපාරිසජ්ජො වා කුම්භණ්ඩපචාරො වා, නාගො වා නාගිනී වා නාගපොතකො වා නාගපොතිකා වා නාගමහාමත්තො වා නාගපාරිසජ්ජො වා නාගපචාරො වා, පදුට්ඨචිත්තො භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්ය, ඨිතං වා උපතිට්ඨෙය්ය, නිසින්නං වා උපනිසීදෙය්ය, නිප්පන්නං වා උපනිපජ්ජෙය්ය, ඉමෙසං යක්ඛානං මහායක්ඛානං සෙනාපතීනං මහාසෙනාපතීනං උජ්ඣාපෙතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං: “අයං යක්ඛො ගණ්හාති, අයං යක්ඛො ආවිසති, අයං යක්ඛො හෙඨෙති, අයං යක්ඛො විහෙඨෙති, අයං යක්ඛො හිංසති, අයං යක්ඛො විහිංසති, අයං යක්ඛො න මුඤ්චතී”ති.
Sinhala BJT26. නිදුකාණන් වහන්ස, යකෙක් හෝ යකින්නක් හෝ යක්දරුවෙක් හෝ යක් දැරියක් හෝ යක් දෙටුවෙක් හෝ යක් පිරිසදැ වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගඳෙව්වෙක් හෝ ගඳෙවියක් හෝ ගඳෙවු දරුවෙක් හෝ ගඳෙවු දැරියක් හෝ ගඳෙවු දෙටුවෙක් හෝ ගඳෙවු පිරිසදැ වූයෙක් හෝ ගඳෙවු මෙහෙකරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ දරුවෙක් හෝ කුම්භාණ්ඩ දැරියක් හෝ කුම්භාණ්ඩ දෙටුවෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ, නාගයෙක් හෝ නාගිනියක් හෝ නා දරුවෙක් හෝ නා දැරියක් හෝ නා දෙටුවෙක් හෝ නා පිරිසදැ වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ, මෙ කී කිසි අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවක්හු යන්නහු පසු පසැ යන්නේ වී නම්, හෝ සිටියහු වෙත සිටින්නේ වී නම් හෝ හුන්නහු වෙත හිඳින්නේ වී නම් හෝ හොත්තහු වෙත හෝනේ වී නම් හෝ, මේ යකුනට මහ යකුනට, යක් සෙනෙවියනට, යක් මහසෙනෙවියනට, ‘මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙසින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිංසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මෙ යක් තෙමේ මා නො මුදා (නො අත්හරි), යැ යි දැන්විය යුතු, හඬ නඟා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.
Pali BJTකතමෙසං යක්ඛානං මහායක්ඛානං සෙනාපතීනං මහාසෙනාපතීනං?
Sinhala BJT(එසේ කියැ යුත්තේ) කවර යකුනට ද? කවර මහ යකුනට ද? කවර යක් සෙනෙවියනට ද? කවර මහ යක්සෙනෙවියනට ද? යත්:
Pali BJT27. “ඉන්දො සොමො වරුණො ච භාරද්වාජො පජාපති, චන්දනො කාමසෙට්ඨො ච කින්නිඝණ්ඩු{1} නිඝණ්ඩු ච.
Sinhala BJT27. ඉන්‍ද්‍ර ය, සෝම ය, වරුණ ය, භාරද්වාජ ය, ප්‍රජාපති ය, චන්‍දන ය, කාමශ්‍රේෂ්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝණ්ඩු ය,
Pali BJTපනාදො ඔපමඤ්ඤො ච දෙවසූතො ච මාතලි, චිත්තසෙනො ච ගන්ධබ්බො නළො රාජා ජනෙසභො.
Sinhala BJTප්‍රණාද ය, ඕපමඤ්ඤ ය, දෙව්සැරි මාතලී ය, චිත්‍රසේන ය, ගන්‍ධර්‍ව ය, නළ ය, රාජ ය, ජනර්ෂහ ය,
Pali BJTසාතාගිරො හෙමවතො පුණ්ණකො කරතියො ගුළො, සීවකො මුචලින්දො ච වෙස්සාමිත්තො යුගන්ධරො.
Sinhala BJTසාතාගිරි ය, හේමවත ය, පූර්‍ණක ය, කරතිය ය, ගුඩ ය, සීවක ය, මුචලින්‍ද ය, විශ්වාමිත්‍ර ය, යුගන්‍ධර ය,
Pali BJTගොපාලො සුප්පරොධො ච හිරිනෙත්ති ච මන්දියො පඤ්චාලචණ්ඩො ආළවකො පජ්ජන්නො සුමනො සුමුඛො දධිමුඛො, මණි මානී චරො දීඝො අථො සෙරිස්සකො සහ.’
Sinhala BJTගෝපාල ය, සුප්‍රරෝධ ය, හිරිනෙත්ති ය, මන්‍දිය ය, පඤ්චාලචණ්ඩ ය, ආළවක ය, පර්ජන්‍ය ය, සුමන ය, සුමුඛ ය, දධිමුඛ ය, මණි ය, මානී ය, චර ය, දීර්‍ඝ ය, තව ද සෙරීස්ක ය යන මොවුනට ය.
Pali BJT28. ඉමෙසං යක්ඛානං මහායක්ඛානං සෙනාපතීනං මහාසෙනාපතීනං උජ්ඣාපෙතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං: අයං යක්ඛො ගණ්හාති, අයං යක්ඛො ආවිසති, අයං යක්ඛො හෙඨෙති, අයං යක්ඛො විහෙඨෙති, අයං යක්ඛො හිංසති, අයං යක්ඛො විහිංසති, අයං යක්ඛො න මුඤ්චතී ති.
Sinhala BJT28. මේ යක්‍ෂයනට ද මහා යක්‍ෂයනට ද යක්‍ෂ සේනාපතියනට ද මහා යක්‍ෂ සේනාපතියනට ද, ‘මේ යක් තෙමේ මා අල්ලා ගනී යැ යි, මේ යක් තෙම් ආවිෂ්ට වැ යැ යි, මේ යක් තෙමේ මා පෙළා යැ යි, මේ යක් තෙමේ මා වෙසෙසින් පෙළා යැ යි, මේ යක් තෙමේ මට හිංසා කෙරේ යැයි, මේ යක් තෙමේ මා වෙහෙසා යැ යි, මේ යක් තෙමේ මා නො මුදා යැ යි දැන්වියැ යුතු, හඬ නඟා කියැ යුතු.
Pali BJTඅයං ඛො සා මාරිස, ආටානාටියා රක්ඛා භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා ති.
Sinhala BJTනිදුකාණන් වහන්ස, මේ, මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රක වරණ පිණිස, නො වෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වූ ආටානාටිය පිරිත ය.
Pali BJTහන්ද ච දානි මයං මාරිස, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා’ති. ‘යස්ස’ දානි තුම්හෙ මහාරාජානො කාලං මඤ්ඤථා’ති.
Sinhala BJTනිදුකාණන් වහන්ස, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ, බොහෝ කටයුතු ඇත්තම්හ” යි වරම් රජුහු කීහ. මහ රජුනි, යම ගමනකට දැන කලැ වේ යැ යි සලකන්නහු ද, ඒ ගමන කරනු ලැබේ වා’ යි මම් කීමි.
Pali BJT29. අථ ඛො භික්ඛවෙ, චත්තාරො මහාරාජානො උට්ඨායාසනා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු. තෙ’පි ඛො භික්ඛවෙ, යක්ඛා උට්ඨායාසනා අප්පෙකච්චෙ මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු.
Sinhala BJT29. මහණෙනි, එ කල්හි සතර වරම් මහ රජදරුවෝ හුනස්නෙන් නැඟි මා සාදර වැ වැඳ, පැදකුණු කොට, එහි ම අතුරුදහන් වූහ. ඒ යක්කු ද හුනස්නෙන් නැගී, ඇතැම් කෙනෙක් මා සාදර වැ වැඳ පැදකුණු කොට, එහි ම අතුරුදහන් වූහ.
Pali BJTඅප්පෙකච්චෙ මයා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා, තත්ථෙවන්තරධායිංසු: අප්පෙකච්චෙ යෙනාහං තෙනඤ්ජලිම්පණාමෙත්වා තත්ථෙවන්තරධායිංසු: අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා තත්ථෙවන්තරධායිංසු: අප්පෙකච්චෙ තුණ්හීභූතා තත්ථෙවන්තරධායිංසු’ති.
Sinhala BJTඇතැම් කෙනෙක් මා හා සතුටු වූහ. සතුටට කරුණු වූ. සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් මා දිසාවට දොහොත් නමා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නිහඬ වැ එහි ම අතුරුදහන් වූහ.
Pali BJT30. උග්ගණ්හාථ භික්ඛවෙ, ආටානාටියං රක්ඛං. පරියාපුණාථ භික්ඛවෙ, ආටානාටියං රක්ඛං. ධාරෙථ භික්ඛවෙ, ආටානාටියං රක්ඛං. අත්ථසංහිතා{1} භික්ඛවෙ, ආටානාටියා රක්ඛා භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා ති.
Sinhala BJT30. මහණෙනි, ආටානාටිය පිරිත උගනිවු. මහණෙනි, ආටානාටිය පිරිත පුහුණු කරවු. මහණෙනි, ආටානාටිය පිරිත සිතැ දරවු. මහණෙනි, ආටානාටිය පිරිත වැඩ ඇසුරු කෙළේ වේ. මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රැකවරණ පිණිස, නොවෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වේ.”
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්‍ෂූහු ආරාධිත සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
Pali BJTආටානාටියසුත්තං නිට්ඨිතං නවමං.
Sinhala BJTනව වනු ආටානාටිය සූත්‍රය නිමියේ ය.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTසඞ්ගීතිසුත්තං
Sinhala BJTසඞ්ගීති සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJTඑකං සමයං භගවා මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛු සඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන පාවා නාම මල්ලානං නගරං තදවසරි. තත්ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ.
Sinhala BJTඑක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා හා මල්ල රටෙහි සැරි සරන සේක්, පාවා නම් වූ මල්ල රජුන්ගේ නගරය යම් තැනෙක ද, එයට වැඩ වදාළ සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවරැ චුන්‍ද කර්‍මාරපුත්‍රයාගේ අඹවෙනෙහි වාසය කරන සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන පාවෙය්යකානං මල්ලානං උබ්භතකං{1} නවං සන්ථාගාරං{2} අචිරකාරිතං හොති, අනජ්ඣාවුත්ථං{3} සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. අස්සොසුං ඛො පාවෙය්යකා මල්ලා: භගවා කිර මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි පාවං අනුප්පත්තො පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ’ති. අථ ඛො පාවෙය්යකා මල්ලා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො පාවෙය්යකා මල්ලා භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ පාවෙය්යකානං මල්ලානං උබ්භතකං නවං සන්ථාගාරං අචිරකාරිතං හොති අනජ්ඣාවුත්ථං සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. තං ච භන්තෙ භගවා පඨමං පරිභුඤ්ජතු. භගවතා පඨමං පරිභුත්තං පච්ඡා පාවෙය්යකා මල්ලා පරිභුඤ්ජිස්සන්ති. තදස්ස පාවෙය්යකානං මල්ලානං දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT2. එ සමයෙහි වූ කලි පාවා නුවරැ වැසි මල්ල රජුන්ගේ උබ්හතක නම් අළුත් සන්‍ථාගාරය කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ මිනිස් වූ කිසි දු කෙනකු විසින් වාසග්‍රහණ වශයෙන් පරිභෝග නො කරන ලදුයේ වෙයි. පාවා නුවරැ වැසි මල්ලයෝ ‘භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා කැටුව මල්ල රටැ සැරි සරන්නාහු පාවා නුවරට වැඩියාහු, එහි චුන්‍දකර්‍මාරපුත්‍රයාගේ අඹ වෙනෙහි වසන සේක් ලැ’ යි ඇසූහ. ඉක්බිත්තෙන් පාවා නුවරැ වැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ සාදර වැ වැඳ, පසෙක හිඳගත්හ. පසෙක හිඳගත්තාවූ ම පාවා නුවරැ වැසි මල්ලයෝ, “වහන්ස, මෙහි පාවා නුවරැ වැසි මල්ලයන්ගේ උබ්හතක නම් අළුත් සන්‍ථාගාරයෙක් කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ කිසි දු මිනිස් වූවක්හු විසින් වාසග්‍රහණ විසින් අපරිභුක්ත වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එය පළමුවෙන් පරිභෝග කරන සේක් වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවෙන් පරිභෝග කරන ලද එය පසු වැ පාවා නුවරැ වැසි මල්ලයෝ පරිභෝග කරන්නාහ. එය පාවෙයක මල්ලයනට බොහෝ කලක් වැඩ පිණිස, සුව පිණිස වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ කීහ.
Pali BJT3. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො පාවෙය්යකා මල්ලා භගවතො අධිවාසනං විදිත්වා, උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා, පදක්ඛිණං කත්වා යෙන සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං{4} සන්ථාගාරං සන්ථරිත්වා ආසනානි පඤ්ඤපෙත්වා, උදකමණිකං පතිට්ඨපෙත්වා තෙලප්පදීපං ආරොපෙත්වා, යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු.
Sinhala BJT3. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක. එ කල්හි පාවෙයක මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියාව දැන, හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සාදර වැ වැඳ පැදකුණු කොට, සන්‍ථාගාරශාලාව කරා ගියහ. ගොස් සන්‍ථාගාරය සියලු තැන බුමුතුරුණු අතුට, අසුන් පණවා, දියසැළක් තබා, තෙල් පහනක් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ සාදර වැ වැඳ එක් පසෙක සිටියාහ.
Pali BJTඑකමන්තං ඨිතා ඛො තෙ පාවෙය්යකා මල්ලා භගවන්තං එතදවොචුං, සබ්බසන්ථරිං සන්ථතං භන්තෙ සන්ථාගාරං, ආසනානි පඤ්ඤත්තානි: උදකමණිකො පතිට්ඨාපිතො, තෙලප්පදීපො ආරොපිතො. යස්ස’දානි භන්තෙ භගවා කාලං මඤ්ඤතී”ති.
Sinhala BJTඑක් පසෙකැ සිටියා වූ ම ඒ පාවෙයක මල්ලයෝ ‘වහන්ස, සන්‍ථාගාරශාලාව හැම තැනම බුමුතුරුණු අතුරන ලද්දේ ය, අසුන් පැනැවිණ, දියසැළෙක් තැබිණ, තෙල් පහනෙක් නැංවිණ. යම් ගමනකට භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වනු සේක් ද, දැන එයට කල් පැමිණියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
Pali BJT4. අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සන්ථාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි භගවන්තංයෙව පුරක්ඛත්වා. පාවෙය්යකා පි ඛො මල්ලා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු භගවන්තංයෙව පුරක්ඛත්වා. අථ ඛො භගවා පාවෙය්යකෙ මල්ලෙ බහුදෙවා රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උය්යොජෙසි; අභික්කන්තා ඛො වාසෙට්ඨා රත්ති. යස්ස’දානි තුම්හෙ කාලං මඤ්ඤථා ති. ‘එවං භන්තෙ’ති ඛො පාවෙය්යකා මල්ලා භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJT4. එ කලැ භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන භික්‍ෂුසඞ්ඝයා කැටුවැ සන්‍ථාගාරය කරා එළැඹි සේක. එළැඹ පා දෙවැ සන්‍ථාගාරයට පිවිසැ, එහි මැද ටැඹ නිසා පෙරදිගට මුහුණ ලා වැඩහුන් සේක. භික්‍ෂුසඞ්ඝයා ද පා දෙවැ, සන්‍ථාගාරයට පිවිසැ පැසිම් බිත්තිය නිසා, පැසිම් දිගට මුහුණු ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පා දෙවැ සන්‍ථාගාරයට වැද, පෙරදිගැ බිත්තියට පිටු දී, පැසිම් දිගට මුහුණු ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් පාවෙයක මල්ලයනට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, දැක්වූ වැඩෙහි සිත් ගන්වා, එහි ඔවුන් සිත් තියුණු කොට, එහි (යහපතැ යි) සිත් සතුටු කොට, ‘වාශිෂ්ඨයෙනි, රාත්‍රිය බොහෝ ඉක්මිණ, සිය ගෙවලට යම් පෙරළා යෑමක් කළ යුතු ද, දැන් එයට කල් නියාව දනිවු’ යැ යි ඔවුන් නික්මැ යන්නට උද්‍යෝගී කළ සේක. ‘එසේ යැ වහන්සේ’ යි කියා ම පාවා නුවරැ වැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී, ඔබ සාදර වැ වැඳ පැදකුණු කොට නික්මැ ගියාහ.
Pali BJT5. අථ ඛො භගවා අචිරපක්කන්තෙසු පාවෙය්යකෙසු මල්ලෙසු තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසංඝං අනුවිලොකෙත්වා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි, ‘විගතථිනමිද්ධො ඛො සාරිපුත්ත භික්ඛුසඞ්ඝො පටිභාතු තං සාරිපුත්ත භික්ඛූනං ධම්මී කථා පිට්ඨි මෙ ආගිලායති. තමහං ආයමිස්සාමී”ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා සාරිපුත්තො භගවතො පච්චස්සොසි.
Sinhala BJT5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පාවෙයක මල්ලයන් නික්මැගිය නොබෝ වේලායෙහි, නිහඬ නිහඬ වැ හුන් බික්සඟන දෙස බලා සැරියුත් තෙරුන් බණවා, ‘ශාරිපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝ තෙමේ පහ වූ ථීනමිද්ධය ඇත්තේ වෙයි, ශාරිපුත්‍රයෙනි, ඔබට භික්‍ෂූන් පිණිස ධර්‍ම කථාවෙක් වැටැහේ වා (භික්‍ෂූනට දහමක් දෙසන්නැ), මා පිට රිදෙයි එ හෙයින් මම් හෝනෙමි’ යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා ම සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJTඅථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි, පාදෙ පාදං අච්චාධාය, සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා.
Sinhala BJTඑයින් පසු භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පට කොට පණවා (එළා), උත්‍ථානසංඥාව සිත්හි කොට (මෙතෙක් වෙලායෙන් නැඟී සිටිමි යි ඉටා), දකුණු පය මතැ වම් පය මඳක් ඉක්මැ තබා දකුණැලයෙන් සිංහශය්‍යාව කළ සේක.
Pali BJTභින්නනිගණ්ඨවත්ථු
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාතපුත්තො පාවායං අධුනා කාලකතො හොති. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා{1} භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි, අහමස්මි සම්මාපටිපන්නො සංහිතම්මෙ{2} අසහිතන්තෙ, පුරෙ වචනීයං පච්ඡා අවච, පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණන්තෙ විපරාවත්තං, ආරොපිතො තෙ වාදො, නිග්ගහිතො ත්වමසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි ච සචෙ පහොසී’ති. වධො යෙව ඛො මඤ්ඤෙ නිගණ්ඨෙසු නාතපුත්තියෙසු අනුවත්තති. යෙ’පි තෙ නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකා ගිහී ඔදාතවසනා, තෙ’පි තෙසු නිගණ්ඨෙසු නාතපුත්තියෙසු නිබ්බින්නරූපා විරත්තරූපා පටිවානරූපා යථා තං දුරක්ඛාතෙ ධම්මවිනයෙ දුප්පවෙදිතෙ අනිය්යානිකෙ අනුපසමසංවත්තනිකෙ අසම්මාසම්බුද්ධප්පවෙදිතෙ භින්නථූපෙ අප්පටිසරණෙ.
Sinhala BJT6. එ සමයෙහි වූ කලි නිර්ග්‍රන්‍ථඥාතපුත්‍ර පාවා නුවරැදී නොබෝ කල්හි ම කලුරිය කෙළේ වෙයි. ඔහුගේ මරණයෙන් පසු, යම් සේ නොමනා කොට කියන ලද, නොමනා කොට උගන්වන ලද නෛර්‍ය්‍යාණික නොවූ, කෙලෙස් නිවීම පිණිස නොපවත්නා, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ, බිඳීගිය ස්තූපය ඇති (මළාවූ ශාස්තෘහු ඇති), ශාස්තෘහුගේ අභාවයෙන් පිළිසරණක් නැති සස්නෙක්හි වියැ යුතු ද, එසේ ම නිවටහු ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ මරණයෙන් බිඳීගියාහු, දෙ කොටසක් වූවාහු, “තෝ මේ දහම් විනය නො දනී, මේ දහම් විනය දනුයෙම් මම් ය, තෝ කිමැ යි මේ දහම් විනය දන්නෙහි ද? තෝ වැරැදැ පිළිපන්නෙහි වෙහි, මම් මොනොවට පිළිපන්නෙම් වෙමි, තා බස නො සිලිටි ය, මා බස සිලිටි ය, පළමුවෙන් කියැ යුත්ත තෝ පසු වැ කීයෙහි, පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි, තා පුරුදු පුහුණු කළ දැය (මගේ වාදය නිසා) පෙරැළී ගියේ ය, මා විසින් තට දොස් නැඟිණ, තෝ නිගන්නා ලද්දෙහි, මා නැඟු දොසින් මිදෙනු පිණිස (මතුමත්තෙහි කරුණු සොයනුයෙහි ඒ ඒ ගුරුහු කරා) යව, ඉදින් පොහොසත් වෙහි නම් වෙළුම් හරුව (විසඳව)” යි හටගත් ඩබර ඇත්තාහු, උපන් කලහ ඇත්තාහු, විවාදයට බටුවාහු, උනුන් වචන නැමැති සැතින් විදුනාහු වෙසෙත්. නිර්ග්‍රන්‍ථඥාතපුත්‍රයාගේ අතැවැසි නිවටුන් අතුරෙහි උනුන් මරාගැන්මක් මෙන් පවතී. ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ ශ්වේතවස්ත්‍රධාරී යම් ගෘහී ශ්‍රාවක කෙනෙක් වෙත් ද, උහුත් ඥාතපුත්‍රයාගේ අතැවැසි නිවටුන් කෙරෙහි කලකිරුණු ස්වභාවය ඇත්තාහු, ආදර රහිත ස්වභාවය ඇත්තාහු, පළමු උනට දැක්වූ සත්කාර ගුරුකාර හැර පසුබා ගිය ස්වභාවය ඇත්තාහු වෙත්.
Pali BJT7. අථ ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: නිගණ්ඨො ආවුසො නාතපුත්තො පාවායං අධුනා කාලකතො, තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා -පෙ- භින්නථූපෙ අප්පටිසරණෙ එවං හෙතං ආවුසො හොති දුරක්ඛාතෙ ධම්මවිනයෙ දුප්පවෙදිතෙ අනිය්යානිකෙ අනුපසමසංවත්තනිකෙ අසම්මාසම්බුද්ධප්පවෙදිතෙ. අයං ඛො පන ආවුසො අම්හාකං භගවතා ධම්මො ස්වාක්ඛාතො සුප්පවෙදිතො නිය්යානිකො උපසමසංවත්තනිකො සම්මාසම්බුද්ධප්පවෙදිතො. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං න විවදිතබ්බං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො චාවුසො අම්හාකං භගවතා ධම්මො ස්වාක්ඛාතො සුප්පවෙදිතො නිය්යානිකො උපසමසංවත්තනිකො සම්මාසම්බුද්ධප්පවෙදිතො, තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං න විවදිතබ්බං යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT7. ඉක්බිති සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් අමතා, ‘ඇවැත්නි, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ පාවා නුවැරැදී නොබෝ කල්හි කලුරිය කෙළේ ය, ඔහුගේ කාලක්‍රියායෙන් … යම්සේ නොමනා කොට කියන ලද, නොමනා කොට දන්වන ලද, නෛර්‍ය්‍යාණික නොවූ, කෙලෙස් නිවීම පිණිස නොපවත්නා, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ, බිඳීගිය ස්තූපය ඇති, ශාස්තෘහුගේ අභාවයෙන් පිළිසරණක් නැති සස්නෙක්හි වියැ යුතු ද, එසේ ම නිවටහු ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ මරණයෙන් බිඳී ගියාහු දෙකොටසක් වූවාහු … වෙසෙත්. ඇවැත්නි, එතෙකුදු වුවත් අප භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්‍මය ස්වාඛ්‍යාත ය, මොනොවට වදාරන ලද්දේ ය, මොනොවට උගන්වන ලද්දේ ය, නෛර්‍ය්‍යාණික ය, උපශමසංවර්‍තනික ය, සම්‍යක්සම්බුද්ධප්‍රවේදිත ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතිය හැකි වන්නේ ද, බොහෝ කල් සිටින්නෙක් වන්නේ ද, එසේ සමග්‍රව ගැයිය යුතු (එක් ම වචන ඇත්තවුන්, අවිරුද්ධ වචන ඇත්තවුන් වියැ යුතු), විවාද නො කළ යුතු. එය බොහෝ ජනයාට වැඩ පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
Pali BJTඑකකං
Sinhala BJTඒකකය
Pali BJT8. අත්ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකො ධම්මො සම්මදක්ඛාතො. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං න විවදිතබ්බං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එකො ධම්මො? සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. සබ්බෙ සත්තා සඞ්ඛාරට්ඨිතිකා. අයං ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකො ධම්මො සම්මදක්ඛාතො. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං න විවදිතබ්බං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT8. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද එක් දහමෙක් ඇත. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතියැ හැකි වන්නේ ද, බොහෝ කල් සිටුනෙක් වන්නේ ද, එසේ සමග වැ ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය. ඒ කවර එක් දහමෙක් ද යත්: සියලු සත්‍වයෝ ආහාරයෙන් (ප්‍රත්‍යයයෙන්) සිටුනාහු වෙත්, සියලු සත්‍වයෝ සංස්කාරයෙන් (ඵලය සකසන දැයින් - ප්‍රත්‍යයයෙන්) සිටුනාහු වෙත්. ඇවැත්නි, මෙය අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද එක් දහම ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතියැ හැකි වන්නේ ද, බොහෝ කල් සිටුනෙක් වන්නේ ද, එසේ සමග වැ ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTදුකං
Sinhala BJTද්විකය
Pali BJT9. අත්ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ද්වෙ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT9. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද දහම්හු දෙදෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් සමග වැ ගැයිය යුතු. එය … දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
Pali BJTකතමෙ ද්වෙ?
Sinhala BJTකවර දහම්හු දෙදෙනෙක් ද? යත්:
Pali BJTනාමඤ්ච රූපඤ්ච.
Sinhala BJTනාමය ද රූපය ද …
Pali BJTඅවිජ්ජා ච භවතණ්හා ච.
Sinhala BJTඅවිද්‍යාව ද භවතෘෂ්ණාව ද …
Pali BJTභවදිට්ඨි ච විභවදිට්ඨි ච.
Sinhala BJTභවදෘෂ්ටිය ද විභවදෘෂ්ටිය ද…
Pali BJTඅහිරිකඤ්ච අනොත්තප්පඤ්ච.
Sinhala BJTඅහිරිකය ද අනොත්තප්පය ද …
Pali BJTහිරී ච ඔත්තප්පඤ්ච.
Sinhala BJTහිරිය ද ඔත්තප්පය ද …
Pali BJTදොවචස්සතා ච පාපමිත්තතා ච.
Sinhala BJTදුර්වච බව ද පාප මිත්‍රයන් ඇති බව ද …
Pali BJTසොවචස්සතා ච කල්යාණමිත්තතා ච.
Sinhala BJTසුවච බව ද කල්‍යාණ මිත්‍රයන් ඇති බව ද …
Pali BJTආපත්තිකුසලතා ච ආපත්තිවුට්ඨානකුසලතා ච.
Sinhala BJTආපත්තිකුශලතාව (ඇවැත් දැනීම) ද, ආපත්ත්‍යුත්‍ථානකුශලතාව ද (ඇවැතින් නැඟී සිටීම දන්නා නුවණ ද) …
Pali BJTසමාපත්තිකුසලතා ච සමාපත්තිවුට්ඨානකුසලතා ච.
Sinhala BJTසමාපත්තිකුශලතාව (සමවතුන් දැනීම) ද, සමාපත්ත්‍යුත්‍ථානකුශලතාව (සමවත්නෙන් නැඟීසිටීම දන්නා නුවණ) ද …
Pali BJTධාතුකුසලතා ච මනසිකාරකුසලතා ච
Sinhala BJTධාතුකුශලතාව (ධාතූන් දන්නා නුවණ) ද, මනස්කාරකුශලතාව (ධාතූන් මෙනෙහි කරන්නට දන්නා නුවණ) ද …
Pali BJTආයතනකුසලතා ච පටිච්චසමුප්පාදකුසලතා ච
Sinhala BJTආයතනකුශලතාව (ආයතනයන් දැන්ම) ද, ප්‍රතීත්‍යසමුත්පාදකුශලතාව (ප්‍රතීත්‍යසමුත්පාදය දන්නා නුවණ) ද …
Pali BJTඨානකුසලතා ච අට්ඨානකුසලතා ච
Sinhala BJTස්ථානකුශලතාව (ස්ථාන දන්නා නුවණ) ද, අස්ථානකුශලතාව (අස්ථාන දන්නා නුවණ) ද, …
Pali BJTඅජ්ජවඤ්ච ලජ්ජවඤ්ච
Sinhala BJTඍජු බව ද, ලජ්ජාව ද …
Pali BJTඛන්ති ච සොරච්චඤ්ච
Sinhala BJTක්‍ෂාන්තිය ද සෞරත්‍යය (සිලවත්බව) ද, …
Pali BJTසාඛල්යඤ්ච පටිසන්ථාරො ච
Sinhala BJTසාඛල්‍යය (මොළොක් වචන ඇති බව) ද පටිසන්‍ථාරය (පිළිසඳර) ද …
Pali BJTඅවිහිංසා ච සොචෙය්යඤ්ච
Sinhala BJTඅවිහිංසාව (කරුණාව) ද ශුචි බව (මෛත්‍රිය) ද …
Pali BJTමුට්ඨසච්චඤ්ච අසම්පජඤ්ඤඤ්ච
Sinhala BJTනටුවාවු සිහි ඇති බව ද නුවණනැති බව ද …
Pali BJTසති ච සම්පජඤ්ඤඤ්ච
Sinhala BJTසිහිය ද නුවණ ද …
Pali BJTඉන්ද්රියෙසු අගුත්තද්වාරතා ච භොජනෙ අමත්තඤ්ඤුතා ච
Sinhala BJTඉඳුරන්හි නොවැසූ දොර ඇති බව ද බොජුනෙහි පමණ නොදන්නා බව ද …
Pali BJTඉන්ද්රියෙසු ගුත්තද්වාරතා ච භොජනෙ මත්තඤ්ඤුතා ච
Sinhala BJTඉඳුරන්හි වැසූ දොර ඇති බව ද බොජුනෙහි පමණ දන්නා බව ද …
Pali BJTපටිසඞ්ඛානබලඤ්ච{1} භාවනාබලඤ්ච
Sinhala BJTප්‍රතිසඞ්ඛ්‍යාන බලය (නොනුවණින් සැලිය නොහැකි නුවණ) ද, භාවනාබලය (බවුන් වැඩීමෙහි තහවුරු බව) ද …
Pali BJTසතිබලඤ්ච සමාධිබලඤ්ච
Sinhala BJTස්මෘතිබලය (තර වැ සිටුනා සිහිය) ද සමාධිබලය (සමාධියෙහි තහවුරු බව) ද …
Pali BJTසමථො ච විපස්සනා ච
Sinhala BJTශමථය ද විදර්‍ශනාව ද …
Pali BJTසමථනිමිත්තඤ්ච පග්ගහනිමිත්තඤ්ච
Sinhala BJTශමථනිමිත්තය ද ප්‍රග්‍රහනිමිත්තය ද …
Pali BJTපග්ගාහො ච අවික්ඛෙපො ච
Sinhala BJTප්‍රග්‍රාහය (වීර්‍ය්‍යය) ද අවික්‍ෂේපය (එකඟබව) ද …
Pali BJTසීලවිපත්ති ච දිට්ඨිවිපත්ති ච
Sinhala BJTශීලවිපත්තිය (දුසිල් බව) ද දෘෂ්ටිවිපත්තිය (මිසදිට) ද …
Pali BJTසීලසම්පදා ච දිට්ඨිසම්පදා ච
Sinhala BJTශීලසම්පත්තිය (ශීලසංවරය) ද දෘෂ්ටිසම්පත්තිය (ඥානය) ද …
Pali BJTසීලවිසුද්ධි ච දිට්ඨිවිසුද්ධි ච
Sinhala BJTශීලවිශුද්ධිය ද දෘෂ්ටිවිශුද්ධිය ද …
Pali BJTදිට්ඨිවිසුද්ධි ඛො පන යථා දිට්ඨිස්ස ච පධානං සංවෙගො චසංවෙජනීයෙසු ඨානෙසු සංවිග්ගස්ස ච යොනිසො පධානං
Sinhala BJTදෘෂ්ටිවිශුද්ධිය (ඥානදර්‍ශනය) ද දෘෂ්ටිවිශුද්ධිය හා එක්වැ යෙදුණ වීර්‍ය්‍යය ද … සංවේගය (ජාතිජරාදි සංවේගවස්තූන් භය වශයෙන් භයජනක වශයෙන් දක්නා නුවණ) ද සංවේග කටයුතු කරුණෙහි සංවේගයට පත්තහුගේ උපාය (වීර්‍ය්‍යය) ද …
Pali BJTඅසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසු අප්පටිවානිතා ච පධානස්මිං
Sinhala BJTකුසල්දහම්හි අතෘප්තිකර බවද ප්‍රධන් වීර්‍ය්‍යයෙහි නොපසුබස්නා බව ද …
Pali BJTවිජ්ජා ච විමුත්ති ච
Sinhala BJTවිද්‍යාව (පූර්වේනිවාසානුස්මෘතිඥානාදි තුන්විද්‍යා) ද විමුක්තිය (නීවරණයන්ගෙන් හා සංස්කෘතධර්‍මයන්ගෙන් හා මිදීම) ද …
Pali BJTඛයෙ ඤාණං අනුප්පාදෙ ඤාණං
Sinhala BJTක්‍ෂයයෙහි නුවණ (මාර්‍ගඥානය) ද අනුත්පාදයෙහි නුවණ (ඵලඥානය) ද යන මොහු ය.
Pali BJTඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ද්වෙ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං න විවදිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTඇවැත්නි, මොහු දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද ද්වික ධර්‍මයෝ ය. එහි … දෙව්මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස සියල්ලන් විසින් ම සමග වැ ගැයිය යුතු, විවාද නො කටයුතු.
Pali BJTතිකං
Sinhala BJTත්‍රිකය
Pali BJT10. අත්ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තයො ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT10. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද තුන් ධර්‍ම කෙනෙක් ඇත. එහි … දෙව්මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස සියල්ලන් විසින් ම සමග වැ ගැයිය යුතු විවාද නො කටයුතු.
Pali BJTකතමෙ තයො?
Sinhala BJTකවර දහම්හු තිදෙනෙක් ද යත්:
Pali BJTතීණි අකුසලමූලානි: ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං.
Sinhala BJTඅකුසල්මුල් තුනෙක: ලෝභය අකුසල් මුලෙක, ද්වේෂය අකුසල් මුලෙක, මෝහය අකුසල් මුලෙක …
Pali BJTතීණි කුසලමූලානි: අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං.
Sinhala BJTකුසල්මුල් තුනෙක: අලෝභය කුසල් මුලෙක, අද්වේෂ ය කුසල් මුලෙක, අමෝහය කුසල් මුලෙක ….
Pali BJTතීණි දුච්චරිතානි: කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං.
Sinhala BJTදුසිරිත් තුනෙක: කායදුශ්චරිත ය, වාග්දුශ්චරිත ය, මනෝදුශ්චරිත ය …
Pali BJTතීණි සුචරිතානි: කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං.
Sinhala BJTසුසිරිත් තුනෙක: කායසුචරිත ය, වාක්සුචරිත ය, මනස්සුචරිත ය …
Pali BJTතයො අකුසලවිතක්කා: කාමවිතක්කො, බ්යාපාදවිතක්කො, විහිංසාවිතක්කො.
Sinhala BJTඅකුශලවිතර්‍ක තුනෙක: කාමවිතර්‍ක, ව්‍යාපාදවිතර්‍ක, විහිංසාවිතර්‍ක …
Pali BJTතයො කුසලවිතක්කා: නෙක්ඛම්මවිතක්කො, අබ්යාපාදවිතක්කො, අවිහිංසාවිතක්කො.
Sinhala BJTකුශලවිතර්‍ක තුනෙක: නෛෂ්කාම්‍යවිතර්‍ක, අව්‍යාපාදවිතර්‍ක, අවිහිංසාවිතර්‍ක …
Pali BJTතයො අකුසලසංකප්පා: කාමසංකප්පො, බ්යාපාදසංකප්පො, විහිංසාසංකප්පො.
Sinhala BJTඅකුශල සංකල්ප තුනෙක: __missing__
Pali BJTතයො කුසලසංකප්පා: නෙක්ඛම්මසංකප්පො, අබ්යාපාදසංකප්පො, අවිහිංසාසංකප්පො.
Sinhala BJTකුශල සංකල්ප තුනෙක: නෛෂ්කාම්‍යසංකල්පය, අව්‍යාපාදසංකල්පය, අවිහිංසා සංකල්පය …
Pali BJTතිස්සො අකුසලසඤ්ඤා: කාමසඤ්ඤා, බ්යාපාදසඤ්ඤා, විහිංසාසඤ්ඤා.
Sinhala BJTඅකුශල සංඥා තුනෙක: කාමසංඥා, ව්‍යාපාදසංඥා, විහිංසාසංඥා …
Pali BJTතිස්සො කුසලසඤ්ඤා: නෙක්ඛම්මසඤ්ඤා, අබ්යාපාදසඤ්ඤා, අවිහිංසාසඤ්ඤා.
Sinhala BJTකුශලසංඥා තුනෙක: නෛෂ්කාම්‍යසංඥා, අව්‍යාපාදසංඥා, අවිහිංසාසංඥා …