Pali BJTඑතෙහි චෙ පි චුන්ද, අඞ්ගෙහි සමන්නාගතං බ්රහ්මචරියං හොති, සත්ථා ච හොති ථෙරො රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයො අනුප්පත්තො, නො ච ඛ්වස්ස ථෙරා භික්ඛු සාවකා හොන්ති වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා, අලං සමක්ඛාතුං සද්ධම්මස්ස, අලං උප්පන්නං පරප්පවාදං සහ ධම්මෙහි සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙතුං, එවං තං බ්රහ්මචරියං අපරිපූරං හොති තෙනඞ්ගෙන.
Sinhala BJTචුන්‍දයෙනි, සසුන් බඹසර මේ අඞ්ගවලින් පරිපූර්‍ණ වන්නේ නමුදු, ශාස්තෘ තෙමේත් ස්ථවිරත් රාත්‍රඥත් පැවිදි වූ බොහෝ කල් ඇතියේත් දික් කලක් ඉක්මියේත් පැසිම්වයසට පැමිණියේත් වේ ද, වැලිදු ඔහුට ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ, රහත්බවට පැමිණියාවූ, සද්ධර්‍මය මොනොවට කියන්නට සමර්‍ත්‍ථ වූ, උපන්නාවූ පරවාදය කරුණු සහිත ව මොනොවට නිගහා දුක් දුරැලීම පිණිස ප්‍රයෝජනවත් වන සේ කොට දහම් දෙසන්නට සමර්‍ත්‍ථ වූ, ස්ථවිර වූ, ශ්‍රාවක භික්‍ෂූහු නො වෙත් ද, මෙසේ මේ අඞ්ගයෙන් ඒ සසුන් බඹසර අපරිපූර්‍ණ වෙයි.
Pali BJT10. යතො ච ඛො චුන්ද, එතෙහි ද්වෙහි පි අඞ්ගෙහි සමන්නාගතං බ්රහ්මචරියං හොති, සත්ථා ච හොති ථෙරො රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයො අනුප්පත්තො, ථෙරා චස්ස භික්ඛු සාවකා හොන්ති වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා, අලං සමක්ඛාතුං සද්ධම්මස්ස අලං උප්පන්නං පරප්පවාදං සහ ධම්මෙහි සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙතුං, එවං තං බ්රහ්මචරියං පරිපූරං හොති තෙනඞ්ගෙන.
Sinhala BJT10. චුන්‍දයෙනි, යම් හෙයෙකින් සසුන් බඹසර මේ අඞ්ගවලින් සමන්‍විතත් වේ ද, ශාස්තෘ තෙමේත් ස්ථවිරත් රාත්‍රඥත් පැවිදි වූ බොහෝ කල් ඇතියේත් දික් කලක් ඉක්මියේත් පැසිම් වයසට පැමිණියේත් වේ ද, ඔහුට ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ, රහත් බවට පැමිණියාවූ, සද්ධර්‍මය මොනොවට කියන්නට සමර්‍ත්‍ථ වූ, උපන් පරවාදය කරුණු සහිත ව මොනොවට නිගහා, දුක් දුරැලීම පිණිස ප්‍රයෝජනවත් වන සේ කොට දහම් දෙසන්නට සමත් වූ, ස්ථවිර වූ, ශ්‍රාවක භික්‍ෂූහු වෙත් ද, මෙසේ ඒ සසුන් බඹසර මේ අඞ්ගයෙන් පරිපූර්‍ණ වෙයි.
Pali BJTඑතෙහි චෙපි චුන්ද, අඞ්ගෙහි සමන්නාගතං බ්රහ්මචරියං හොති, සත්ථා ච හොති ථෙරො රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයො අනුප්පත්තො ථෙරා චස්ස භික්ඛු සාවකා හොන්ති වියත්තා විනීතා විසාරදා -පෙ- අලං උප්පන්නං පරප්පවාදං සහ ධම්මෙහි සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙතුං, නො ච ඛ්වස්ස මජ්ඣිමා භික්ඛු සාවකා හොන්ති, විනීතා -පෙ- මජ්ඣිමා චස්ස භික්ඛු සාවකා හොන්ති -පෙ- නො ච ඛ්වස්ස නවා භික්ඛු සාවකා හොන්ති ව්යත්තා -පෙ- නවා චස්ස භික්ඛු සාවකා හොන්ති -පෙ- නො ච ඛ්වස්ස ථෙරා භික්ඛුනියො සාවිකා හොන්ති ව්යත්තා -පෙ- ථෙරා චස්ස භික්ඛුනියො සාවිකා හොන්ති -පෙ- නො ච ඛ්වස්ස මජ්ඣිමා භික්ඛුනියො සාවිකා හොන්ති ව්යත්තා -පෙ- මජ්ඣිමා චස්ස භික්ඛුනියො සාවිකා හොන්ති ව්යත්තා -පෙ- නො ච ඛ්වස්ස නවා භික්ඛුනියො සාවිකා හොන්ති -පෙ- න වා චස්ස භික්ඛුනියො සාවිකා හොන්ති ව්යත්තා -පෙ- නො ච ඛ්වස්ස උපාසකා සාවකා හොන්ති ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ව්යත්තා -පෙ- උපාසකා චස්ස සාවකා හොන්ති ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ව්යත්තා -පෙ- නො ච ඛ්වස්ස උපාසකා සාවකා හොන්ති ගිහී ඔදාතවසනා කාමභොගිනො ව්යත්තා -පෙ- උපාසකා චස්ස සාවකා හොන්ති ගිහී ඔදාතවසනා කාමභොගිනො ව්යත්තා -පෙ- නො ච ඛ්වස්ස උපාසිකා සාවිකා හොන්ති ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිනියො ව්යත්තා -පෙ- උපාසිකා චස්ස සාවිකා හොන්ති ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිනියො ව්යත්තා -පෙ- නො ච ඛ්වස්ස උපාසිකා සාවිකා හොන්ති ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො ව්යත්තා -පෙ- උපාසිකා චස්ස සාවිකා හොන්ති ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො ව්යත්තා -පෙ- නො ච ඛ්වස්ස බ්රහ්මචරියං හොති ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිතං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං -පෙ- බ්රහ්මචරියං චස්ස හොති ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිතං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙව මනුස්සෙහි සුප්පකාසිතං, නො ච ඛො ලාභග්ගයසග්ගප්පත්තං, එවං තං බ්රහ්මචරියං අපරිපූරං හොති තෙනඞ්ගෙන.
Sinhala BJTචුන්‍දයෙනි, සසුන් බඹසර මේ අඞ්ගවලිනුත් සමන්‍විත වේ ද, ශාස්තෘ තෙමේත් ස්ථවිරත් රාත්‍රඥත් චිරප්‍රවුජිතත් දික් කලක් ඉක්මියේත් පැසිම් වයසට පැමිණියේත් වේ ද, ඔහුට ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ රහත් බවට පැමිණියා වූ, සද්ධර්‍මය මොනොවට කියන්නට සමත් වූ, උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා, දුක් දුරලනුවට ප්‍රයෝජනවත් සේ කොට දහම් දෙසන්නට සමත් වූ, ස්ථවිර වූ භික්‍ෂුශ්‍රාවකයෝ වෙත් ද, එහෙත් ඔහුට ව්‍යක්ත වූ … මැදුම් වයසෙහි සිටි භික්‍ෂුශ්‍රාවකයෝ නැත් ද, ව්‍යක්ත වූ … නවක භිකෂුශ්‍රාවකයෝ නො වෙත් ද, ව්‍යක්ත වූ … ස්ථවිර වූ ශ්‍රාවිකා භික්‍ෂුණිහූ නො වෙත් ද, ඔහුට ව්‍යක්ත වූ … ස්ථවිර වූ ශ්‍රාවිකා භික්‍ෂුණීහු වෙත් ද … එහෙත් ඔහුට ව්‍යක්ත වූ … මැදිම් වයස්හි සිටි ශ්‍රාවිකා භික්‍ෂුණීහු නො වෙත් ද, … ඉදින් ව්‍යක්ත වූ … මැදුම් වයස්හි සිටි ශ්‍රාවිකා භික්‍ෂුණීහු වෙත් ද … එහෙත් ව්‍යක්ත වූ … නවක භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ නො වෙත් ද, … ඉදින් ව්‍යක්ත වූ … නවක භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ වෙත් ද, … එහෙත් ඔහුට ව්‍යක්ත වූ, සුදුවත් හඳනා ගෘහී බ්‍රහ්මචාරී උපාසක ශ්‍රාවකයෝ නො වෙත් ද … ඉදින් ඔහුට ව්‍යක්ත වූ සුදුවත් හඳනා ගෘහී බ්‍රහ්මචාරී උපාසක ශ්‍රාවකයෝ වෙත් ද, … එහෙත් ගෘහී වූ සුදුවත් හඳනා කාමභෝගී වූ ව්‍යක්ත උපාසක ශ්‍රාවකයෝ ඔහුට නො වෙත් ද, … ඉදින් ගෘහී වූ සුදුවත් හඳනා කාමභෝගී වූ ව්‍යක්ත උපාසක ශ්‍රාවකයෝ ඔහුට වෙත් නමුදු සුදු වත් හඳනා ගෘහස්ථ බ්‍රහ්මචාරිණී වූ ව්‍යක්ත උපාසිකා ශ්‍රාවිකාවෝ නො වෙත් ද, … ඉදින් ඔහුට සුදු වත් හඳනා ගෘහස්ථ බ්‍රහ්මචාරිණී වූ ව්‍යක්ත උපාසිකා ශ්‍රාවිකාවෝ වෙත් නුමුත් සුදුවත් හඳනා ගෘහස්ථ වූ කාමභෝගී වූ ව්‍යක්ත උපාසිකා ශ්‍රාවිකාවෝ නො වෙත් ද, එ හෙයින් … ඔහුගේ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය සමෘද්ධ ද, වෘද්ධිප්‍රාප්ත ද, පැතිරැගියේ ද, බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ ද, පුළුල් වූයේ ද, නුවණැති සියලු දෙව් මිනිසුන් අතරැ මොනොවට ප්‍රකාශිත ද නො වෙයි. ... ඔහුගේ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය සමෘර්‍ධ ද වෘද්ධිප්‍රාප්ත ද පැතිරැගියේ ද, බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ ද, පුළුල් වූයේ ද නුවණැති සියලු දෙව් මිනිසුන් අතරැ මොනොවට ප්‍රකාශිත ද වන්නේ නමුදු ලාභයෙන් යශසින් අගපත් නො වෙයි නම්, මෙසේ ඒ සස්න ඒ අඞ්ගයෙන් අපරිපූර්‍ණ වෙයි.
Pali BJT11. යතො ච ඛො චුන්ද, එතෙහි ද්වීහිපි අඞ්ගෙහි සමන්නාගතං බ්රහ්මචරියං හොති සත්ථා ච හොති ථෙරො රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයො අනුප්පත්තො, ථෙරා චස්ස භික්ඛූ සාවකා හොන්ති වියත්තා විනීතා විසාරදා -පෙ- අලං සප්පාටිහාරියං ධම්මං දෙසෙතුං, මජ්ඣිමා චස්ස භික්ඛු සාවකා හොන්ති, නවා චස්ස භික්ඛු සාවකා හොන්ති, ථෙරා චස්ස භික්ඛුනියො සාවිකා හොන්ති, මජ්ඣිමා චස්ස භික්ඛුනියො සාවිකා හොන්ති, නවා චස්ස භික්ඛුනියො සාවිකා හොන්ති, උපාසකා චස්ස සාවකා හොන්ති ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො, උපාසකා චස්ස සාවකා හොන්ති ගිහී ඔදාතවසනා කාමභොගිනො, උපාසිකා චස්ස සාවිකා හොන්ති ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිනියො, උපාසිකා චස්ස සාවිකා හොන්ති ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො, බ්රහ්මචරියං චස්ස හොති ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිතං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං ලාභග්ගප්පත්තඤ්ච යසග්ගප්පත්තඤ්ච, එවං තං බ්රහ්මචරියං පරිපූරං හොති තෙනඞ්ගෙන.
Sinhala BJT11. චුන්‍දයෙනි, යම් හෙයකින් ශාසනය මේ අඞ්ගවලින් සමන්‍විත වේ ද, ශාස්තෘ තෙමේත් ස්ථවිර ද රාත්‍රඥ ද චිරප්‍රව්‍රජිත ද දික් කලක් ඉක්මියේ ද පැසිම් වයසට පැමිණියේ ද වේ නම් කෙලෙස්නසනුවට ප්‍රයෝජනවත් සේ දහම් දෙසන්නට සමත් ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ ස්ථවිර භික්‍ෂූ ශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, මැදුම් වයස්හි වූ … භික්‍ෂු ශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, නවක භික්‍ෂුශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, ස්ථවිර වූ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, මැදුම් වයස්හි වූ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, නවක භික්‍ෂුණී ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, සුදුවත් හඳනා ගෘහී බ්‍රහ්මචාරී උපාසක ශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, සුදු වත් හඳනා ගෘහී කාමභෝගී උපාසක ශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, සුදු වත් හඳනා ගෘහස්ථබ්‍රහ්මචාරිණී උපාසිකා ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, සුදු වත් හඳනා ගෘහස්ථ කාමභෝගිනී උපාසිකා ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, ඔහුගේ ඒ සස්න සමෘද්ධ ද වෘද්ධිප්‍රාප්ත ද පැතිරැගියේ ද, බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ ද, පුළුල් වූයේ ද, නුවණැති සියලු දෙවිමිනිසුන් අතරැ සුප්‍රකාශිත ද ලාභයෙන් අග්‍රප්‍රාප්ත ද යශසින් අග්‍රප්‍රාප්ත ද වේ. මෙසේ ඒ සස්න ඒ අඞ්ගයෙන් පරිපූර්‍ණ වේ.
Pali BJT12. අහං ඛො පන චුන්ද, එතරහි සත්ථා ලොකෙ උප්පන්නො අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ච ස්වාක්ඛාතො සුප්පවෙදිතො නිය්යානිකො උපසමසංවත්තනිකො සම්මාසම්බුද්ධප්පවෙදිතො, විඤ්ඤාපිතත්ථා ච මෙ සාවකා සද්ධම්මෙ, කෙවලඤ්ච තෙසං පරිපූරං බ්රහ්මචරියං ආවීකතං උත්තානීකතං සබ්බසඞ්ගාහපදකතං සප්පාටිහීරකතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං. අහං ඛො පන චුන්ද, එතරහි සත්ථා ථෙරො රත්තඤ්ඤූ චිරපබ්බජිතො. අද්ධගතො වයො අනුප්පත්තො. සන්ති ඛො පන මෙ චුන්ද එතරහි ථෙරා භික්ඛූ සාවකා වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා, අලං සමක්ඛාතුං සද්ධම්මස්ස, අලං උප්පන්නං පරප්පවාදං සහධම්මෙහි සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙතුං. සන්ති ඛො පන මෙ චුන්ද එතරහි මජ්ඣිමා භික්ඛූ සාවකා -පෙ- සන්ති ඛො පන මෙ චුන්ද එතරහි නවා භික්ඛූ සාවකා -පෙ- සන්ති ඛො පන මෙ චුන්ද එතරහි ථෙරා භික්ඛුනියො සාවිකා -පෙ- සන්ති ඛො පන මෙ චුන්ද එතරහි මජ්ඣිමා භික්ඛුනියො සාවිකා -පෙ- සන්ති ඛො පන මෙ චුන්ද එතරහි නවා භික්ඛුනියො සාවිකා -පෙ- සන්ති ඛො පන මෙ චුන්ද එතරහි උපාසකා සාවකා ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො -පෙ- සන්ති ඛො පන මෙ චුන්ද එතරහි උපාසකා සාවකා ගිහී ඔදාතවසනා කාමභොගිනො -පෙ- සන්ති ඛො පන මෙ චුන්ද එතරහි උපාසිකා සාවිකා ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිනියො -පෙ- සන්ති ඛො පන මෙ චුන්ද එතරහි උපාසිකා සාවිකා ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො.
Sinhala BJT12. චුන්‍දයෙනි, මම් වූ කලි මේ සමයෙහි පහළ වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෙමි. ඒ සම්‍යක්සම්බුද්ධ වූ මා විසින් සුප්‍රවේදිත වූ ධර්‍මය ද මොනොවට කියන ලද්දේ ය, මොනොවට දන්වන ලද්දේය. නෛර්‍ය්‍යාණික ය, ක්ලේශෝපශමය පිණිස පවත්නේ ය. මගේ ශ්‍රාවකයෝ ද සද්ධර්‍මයෙහි අවබෝධකරවන ලද අර්‍ත්‍ථ ඇත්තෝ ය. ඔවුන්ගේ සියලු සසුන් බඹසර පරිපූර්‍ණ ය, හෙළි කරන ලද්දේ ය, පෙහෙළි කරන ලද්දේ ය, සියලු ධර්‍මය කැටි කොට දක්වන ලද්දේ ය, දුක් දුරැලනුවට ප්‍රයෝජනවත් සේ දෙසන ලද්දේ ය, නුවණැති සියලු දෙවියන් මිනිසුන් අතරැ සුප්‍රකාශිත ය. චුන්‍දයෙනි, මම් වූ කලි මෙ සමයෙහි ස්ථවිර වූ චිරරාත්‍රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, දික් කලක් ඉක්මැ ගිය, පැසිම් වයසට පැමිණි ශාස්තෘ වෙමි. චුන්‍දයෙනි, දැන් ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ, රහත් බවට පැමිණි, දහම් කියන්නට සමත් වූ, උපන් පරප්‍රවාදය කරුණු දක්වා මොනොවට නිගහා, දුක් දුරැලීමට ප්‍රයෝජනවත් වන සේ දහම් දෙසන්නට සමත් වූ ස්ථවිර භික්‍ෂු වූ මගේ ශ්‍රාවකයෝ වෙත්. චුන්‍දයෙනි, දැන් … මධ්‍යම වයස්ක භික්‍ෂු වූ මගේ ශ්‍රාවකයෝ වෙත්. දැන් ... නවක භික්‍ෂු වූ මගේ ශ්‍රාවකයෝ වෙත්. චුන්‍දයෙනි, දැන් … ස්ථවිර භික්‍ෂුණී වූ මගේ ශ්‍රාවිකාවෝ වෙත් … මධ්‍යමවයස්ක භික්‍ෂුණි වූ මගේ ශ්‍රාවිකාවෝ වෙත්. නවක භික්‍ෂුණී වූ මගේ ශ්‍රාවිකාවෝ වෙත්, චුන්‍දයෙනි, දැන් … සුදුවත් හඳනා බ්‍රහ්මචාරී වූ ගෘහස්ථ ශ්‍රාවකයෝ මට වෙත්. දැන් … සුදු වත් හඳනා කාමභෝගී වූ ගෘහස්ථ ශ්‍රාවකයෝ මට වෙත්. චුන්‍දයෙනි, දැන් … සුදු වත් හඳනා බ්‍රහ්මචාරීණී වූ ගෘහස්ථ ශ්‍රාවිකාවෝ මට වෙත්. දැන් … සුදු වත් හඳනා කාමභෝගී වූ ගෘහස්ථ ශ්‍රාවිකාවෝ මට වෙත්.
Pali BJTඑතරහි ඛො පන මෙ චුන්ද, බ්රහ්මචරියං ඉද්ධං චෙව ඵීතඤ්ච විත්ථාරිතං බාහුජඤ්ඤං පුථුභූතං යාවදෙව මනුස්සෙහි සුප්පකාසිතං.
Sinhala BJTචුන්‍දයෙනි, දැන් වනාහි මගේ සස්න සමෘද්ධ ද වෘද්ධිප්‍රාප්ත ද, පැතිර ගියේ ද බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ ද, පුළුල් වූයේ ද, නුවණැති දෙව් මිනිසුන් අතරැ ප්‍රකාශිත ද වෙයි.
Pali BJTයාවතා ඛො චුන්ද, එතරහි සත්ථාරො ලොකෙ උප්පන්නා, නාහං චුන්ද අඤ්ඤං එකසත්ථාරම්පි සමනුපස්සාමි එවං ලාභග්ගයසග්ගප්පත්තං යථරිවාහං. යාවතා ඛො පන චුන්ද, එතරහි සඞ්ඝො වා ගණො වා ලොකෙ උප්පන්නො, නාහං චුන්ද අඤ්ඤං එකසංඝම්පි සමනුපස්සාමි එවං ලාභග්ගයසග්ගප්පත්තං යථරිවායං චුන්ද භික්ඛුසඞ්ඝො. යං ඛො තං චුන්ද, සම්මා වදමානො වදෙය්ය සබ්බාකාරපරිපූරං අනූනං අනධිකං ස්වාක්ඛාතං කෙවලපරිපූරං බ්රහ්මචරියං සුප්පකාසිතන්ති, ඉදමෙව තං සම්මා වදමානො වදෙය්ය සබ්බාකාරසම්පන්නං -පෙ- සුප්පකාසිතන්ති.
Sinhala BJTචුන්‍දයෙනි, මෙ සමයෙහි යම් පමණ දෙනෙක් ශාස්තෘහු ලොවැ පහළ වූහු ද, මා සේ ලාභයෙන් යශසින් අග පත් අන් එක ද ශාස්තෘවරයකු මම් නො දකිමි. චුන්‍දයෙනි, මෙ සමයෙහි යම් පමණ සඟ පිරිසෙක් හෝ ගණමුළුවෙක් ලොවැ පහළ වී ද, මේ භික්‍ෂූසඞ්ඝයා සේ ලාභයෙන් යශසින් අග පත් අන් එක ද සඟ පිරිසක් මම් නො දකිමි. චුන්‍දයෙනි,සියලු කාරණයෙන් සැපැයුණු, සියලු කාරණයෙන් පිරිපුන්, අඩු ද වැඩි ද නො වූ, මොනොවට කියන ලද, සියල්ලෙන් පිරිපුන්, මොනොවට ප්‍රකාශිත වූ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යයැ යි යමක් ඇරැබැ මොනොවට කියන තැනැත්තේ කියන්නේ ද, හෙ තෙමේ මෙ සස්න ඇරැබැ ම සියලු කාරණයෙන් සැපැයුණු … මොනොවට ප්‍රකාශිත වූ බ්‍රහ්මචර්‍ය්‍යයැ යි මොනොවට කියනුයේ කියන්නේ ය.
Pali BJT13. උද්දකො සුදං{1} චුන්ද, රාමපුත්තො එවං වාචං භාසති: පස්සං න පස්සතීති. කිඤ්ච පස්සං න පස්සතී?ති. ඛුරස්ස සාධු නිසිතස්ස තලමස්ස පස්සති, ධාරඤ්ච ඛ්වස්ස න පස්සති. ඉදං වුච්චති චුන්ද පස්සං න පස්සති. යං ඛො පනෙතං චුන්ද, උද්දකෙන රාමපුත්තෙන භාසිතං හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං ඛුරමෙව සන්ධාය, යඤ්චෙතං චුන්ද, සම්මා වදමානො වදෙය්ය ‘පස්සං න පස්සතී’ති, ඉදමෙව තං සම්මා වදමානො වදෙය්ය ‘පස්සං න පස්සතී’ති.
Sinhala BJT13. චුන්‍දයෙනි, රාම පුත්‍ර උද්‍රක තෙමේ ‘දක්නේ නො දකී’ යැ යි මෙසේ වූ වචනයක් කියයි. කුමක් දක්නේ නො දකී ද? යත්: මොනොවට මුවහත් කරන ලද ඒ කරකැත්තෙක තලය හේ දකී. එහෙත් එහි මූනත වූ කලී හේ නො දකී. චුන්‍දයෙනි, දක්නේ නො දකි යි යනු මේ යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, රාමපුත්‍ර උද්‍රකයා විසින් ම මේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනනට ම සුදුසු වූ ආර්‍ය නොවූ, ආශ්‍රිත නොවූ යම් වචනයෙක් කියන ලද ද, එහෙත් ‘දක්නේ නො දකී’ යැ යි මොනොවට කියන තැනැත්තේ යමක් සඳහා කියන්නේ නම්, ‘දක්නේ නො දකී’ යැ යි මේ සස්න සඳහා ම කියන්නේ ය.
Pali BJTකිඤ්ච පස්සං න පස්සතී?ති: එවං සබ්බාකාරසම්පන්නං සබ්බාකාරපරිපූරං අනූනං අනධිකං ස්වාක්ඛාතං කෙවලපරිපූරං බ්රහ්මචරියං සුප්පකාසිතන්ති, ඉති හෙතං පස්සති ඉදමෙත්ථ අපකඩ්ඪෙය්ය, එවං තං පරිසුද්ධතරං අස්සාති, ඉති හෙතං න පස්සති. ඉදමෙත්ථ උපකඩ්ඪෙය්ය, එවං තං පරිසුද්ධතරං අස්සාති ඉති හෙතං න පස්සති. ඉදං වුච්චති පස්සං න පස්සතීති.
Sinhala BJTකුමක් දක්නේ නො දකී ද? යත්: මෙසේ මේ සසුන් බඹසර සියලු කරුණින් සැපැයුණේ ය, සියලු කරුණින් සපිරුණේ ය. අඩුත් නැත, වැඩිත් නැත. මොනොවට දෙසන ලද්දේ ය, සියලු අංගයෙන් පරිපූර්‍ණ ය. මනා කොට පවසන ලද්දේ යැ’ යි මෙසේ ම හේ මෙ සස්න දකී. මෙහි මෙනම් කොටස බැහැරැ කරන්නේ ය (බැහැරැ කළ යුතුය). මෙසේ එය වඩා පිරිසිදු වෙතැ යි මෙසේ හේ නො ම දකී. මෙහි (මෙ සස්නට) මෙ නම් කොටසක් පිටතින් ඇද ගන්නේ ය (ඇද ගත යුතුය). මෙසේ එය වඩා පිරිසිදු වන්නේ යැ යි මෙසේ මෙය හේ නො ම දකී. මෙය ‘දක්නේ නො දකී’ යැ යි කියනු ලැබේ.
Pali BJTයං ඛො තං චුන්ද, සම්මා වදමානො වදෙය්ය “සබ්බාකාරසම්පන්නං -පෙ- බ්රහ්මචරියං සුප්පකාසිතන්ති” ඉදමෙව තං සම්මා වදමානො වදෙය්ය සබ්බාකාරසම්පන්නං සබ්බාකාරපරිපූරං අනූනං අනධිකං ස්වාක්ඛාතං කෙවලපරිපූරං බ්රහ්මචරියං සුප්පකාසිතන්ති.
Sinhala BJTමොනොවට කියන තැනැත්තේ ‘සියලු අයුරින් සැපැයුණු … සසුන් බඹසර මොනවට පැවැසිණැ’ යි යමක් ඇරැබැ කියන්නේ නම්, එසේ කියන තැනැත්තේ ‘සියලු අයුරින් සැපැයුණු, සියලු අයුරින් පිරිපුන්, අඩුත් නොවූ වැඩිත් නොවූ මොනොවට වදාරන ලද, හැම ලෙසින් පිරිපුන්, බඹසර මොනොවට පවසන ලදැ’ යි මෙ සසුන් බඹසර ඇරැබැ ම එය කියන්නේ ය (කිය යුතු ය.)
Pali BJTසඞ්ගායිතබ්බා ධම්මා
Sinhala BJT__missing translation__
Pali BJT14. තස්මාතිහ චුන්ද, යෙ වො මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා, තත්ථ සබ්බෙහෙව සඞ්ගම්ම සමාගම්ම අත්ථෙන අත්ථං බ්යඤ්ජනෙන බ්යඤ්ජනං සඞ්ගායිතබ්බං න විවදිතබ්බං. යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙ ච වො චුන්ද ධම්මා මයා අභිඤ්ඤා දෙසිතා යත්ථ සබ්බෙහෙව සඞ්ගම්ම සමාගම්ම අත්ථෙන අත්ථං බ්යඤ්ජනෙන බ්යඤ්ජනං සඞ්ගායිතබ්බං න විවදිතබ්බං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං සෙය්යථීදං: චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො. ඉමෙ ඛො තෙ චුන්ද, ධම්මා මයා අභිඤ්ඤා දෙසිතා, යත්ථ සබ්බෙහෙව සඞ්ගම්ම සමාගම්ම අත්ථෙන අත්ථං බ්යඤ්ජනෙන බ්යඤ්ජනං සඞ්ගායිතබ්බං, න විවදිතබ්බං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT14. චුන්‍දයෙනි, එ හෙයින් මෙහි මා විසින් වෙසෙසි නුවණින් දැන තොපට යම් දහම් දෙසන ලද ද, එහි තොප සියලු දෙනා විසින් ම, යම්සේ මෙ සසුන් බඹසර දික් කලක් පැවැති යැ හැකි වන්නේ ද බොහෝ කලක් සිටි යැ හැකි වන්නේ ද, එසේ එක් වැ එක්රැස් වැ අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ද ව්‍යංජනය ද සසඳනුවන් ව සැඟැයිය යුතු ය. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ ය, ඒ දහම්හු නම්: සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක්ප්‍රධානයෝ ය, සතර ඍද්ධිපාදයෝ ය, පඤ්ච ඉන්‍ද්‍රියෝ ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ගයෝ ය, ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යන මොහු ය. චුන්‍දයෙනි, සියලු දෙනා විසින් ම එක් වැ එක්රැස් වැ යමෙක අරුතින් අරුතද අකුරින් අකුර ද සසඳනුවන් ව, යම්සේ මේ බඹසර දික්කලක් පැවැති යැ හැකි වන්නේ ද, බොහෝ කලක් සිටියැ හැකි වන්නේ ද, එසේ සැඟැයියැ යුතු ද, විවාද නො කළ යුතු ද ඒ මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලද මේ දහම්හු ය. එසේ එය සංගායනා කිරීම බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTසඤ්ඤාපෙතබ්බ විධි
Sinhala BJT__missing translation__
Pali BJT15. තෙසං ච වො චුන්ද, සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛිතබ්බං අඤ්ඤතරො සබ්රහ්මචාරී සංඝෙ ධම්මං භාසෙය්ය. තත්ර චෙ තුම්හාකං එවමස්ස “අයං ඛො ආයස්මා අත්ථඤ්චෙව මිච්ඡා ගණ්හාති, බ්යඤ්ජනානි ච මිච්ඡා රොපෙතී”ති. තස්ස නෙව අභිනන්දිතබ්බං, නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා සො එවමස්ස වචනීයො “ඉමස්ස නු ඛො ආවුසො අත්ථස්ස ඉමානි වා බ්යඤ්ජනානි එතානි වා බ්යඤ්ජනානි කතමානි ඔපායිකතරානි ඉමෙසං වා බ්යඤ්ජනානං අයං වා අත්ථො එසො වා අත්ථො, කතමො ඔපායිකතරො?ති”
Sinhala BJT15. චුන්‍දයෙනි, සමග වූ සතුටු වන්නා වූ විවාද නො කරන්නා වූ ඒ තොප විසින් මෙසේ හික්මි යැ යුතු (උගත යුතු): එක්තරා සබ්‍රරම්සැරියෙක් සඞ්ඝයා කෙරෙහි දහම් දෙසන්නේ නම්, එහි තොපට ‘මේ ආයුෂ්මත්හු වූකලි අර්‍ත්‍ථය ද වරදවා ගනී, ව්‍යඤ්ජන ද වරදවා නංවා යැ’යි මෙසේ සිතෙක් වන්නේ නම්, මොහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො පිළිගෙන, නො ද පිළිකෙවු කොට, “ඇවැත්නි, මේ අර්‍ත්‍ථයට මොහු ව්‍යඤ්ජනයෝ ද නැත හොත් තුලු ව්‍යඤ්ජනයෝ ද? කවර ව්‍යඤ්ජන කෙනෙක් වඩා යෝග්‍ය ද? මේ ව්‍යඤ්ජනයන්ගේ අර්‍ත්‍ථය මෙය ද? නැත හොත් එය ද? කවර අර්‍ත්‍ථයෙක් වඩා යෝග්‍ය වේ දැ?” යි හෙ තෙමේ මෙසේ විචාළ යුතු වන්නේ ය.
Pali BJTසො චෙ එවං වදෙය්ය “ඉමස්ස ඛො ආවුසො අත්ථස්ස ඉමානෙව බ්යඤ්ජනානි ඔපායිකතරානි යානෙව එතානි ‘ඉමෙසං බ්යඤ්ජනානං, අයමෙව අත්ථො ඔපායිකතරො යානෙව එසො’ති, සො නෙව උස්සාදෙතබ්බො න අපසාදෙතබ්බො. අනුස්සාදෙත්වා අනපසාදෙත්වා ස්වෙ ව සාධුකං සඤ්ඤාපෙතබ්බො, තස්ස ච අත්ථස්ස තෙසං ච බ්යඤ්ජනානං නිසන්තියා.
Sinhala BJTඉදින් හේ ඇවැත්නි, මේ අර්‍ත්‍ථයට මේ ව්‍යඤ්ජන ම වඩා සුදුසු ය. මේ ව්‍යඤ්ජනයනට මා විසින් කියන ලද මේ යම් අර්‍ත්‍ථ කෙනෙක් ඇද්ද, මේ අර්‍ත්‍ථ ම වඩා සුදුසු ය. යම් තෙල අර්‍ත්‍ථයෙක් ඇද්ද, එය නො ම හුවා දැක්වි යැ යුතු, නො ද බැහැරැ කළ යුතු. නො ම හුවා දක්වා, නො ම බැහැර කොට, ‘ඒ අර්‍ත්‍ථය ද ඒ ව්‍යඤ්ජනයන් ද’ සලකා බලනු පිණිස හේ ම මොනොවට දැන්වියැ යුතු.
Pali BJTඅපරොපි චෙ චුන්ද, සබ්රහ්මචාරී සඞ්ඝෙ ධම්මං භාසෙය්ය, තත්ර චෙ තුම්හාකං එවමස්ස “අයං ඛො ආයස්මා අත්ථං හි ඛො මිච්ඡා ගණ්හාති, බ්යඤ්ජනානි සම්මා රොපෙතී”ති. තස්ස නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා සො එවමස්ස වචනීයො “ඉමෙසං නු ඛො ආවුසො බ්යඤ්ජනානං අයං වා අත්ථො එසො වා අත්ථො, කතමො ඔපායිකතරො?”ති, සො චෙ එවං වදෙය්ය “ඉමෙසං ඛො ආවුසො බ්යඤ්ජනානං අයමෙව අත්ථො ඔපායිකතරො, යා චෙව එසො”ති. සො නෙව උස්සාදෙතබ්බො න අපසාදෙතබ්බො. අනුස්සාදෙත්වා අනපසාදෙත්වා ස්වෙව සාධුකං සඤ්ඤාපෙතබ්බො තස්සෙව අත්ථස්ස නිසන්තියා.
Sinhala BJTචුන්‍දයෙනි, අන් සබ්රම්සැරියෙකුත්, සඞ්ඝයා කෙරෙහි දහම් කියන්නේ නම්, ‘මේ ආයුෂ්මත් තෙම අර්‍ත්‍ථය වරදවා ගනී, ව්‍යඤ්ජනයන් මොනොවට නංවා’ යැ යි එහි තොපට මෙසේ සිතෙක් වන්නේ නම්, ඔහුගේ වචන නො ම පිළිගත් යුතු නො ද පිළිකෙවු කළ යුතු. සතුටු ද නො වී, නො ද පිළිකෙවු කොට, ‘ඇවැත්නි, මේ ව්‍යඤ්ජනයන්ගේ මේ අර්‍ත්‍ථය ද? නැත හොත් තෙල අර්‍ත්‍ථය ද? මෙයින් කවර එකෙක් වඩා යෝග්‍ය දැ?’ යි මෙසේ හේ කියැ යුතු ය. ඉදින් ‘ඇවැත්නි, මේ ව්‍යංජනයන්ගේ (ශබ්දයන්ගේ) යම් තෙල අරුතෙක් වේ ද, ඒ මේ අරුත ම වඩා යෝග්‍ය යැ’ යි හෙ තෙමෙ මෙසේ කියන්නේ නම්, හේ නො ම හුවා දැක්විය යුතු, නො ද හෙලා දැක්ක යුතු. නො ම හුවා දක්වා, නො ද හෙලා දැක, එහි අරුත් සලකා බලනු පිණිස හේ ම මොනොවට දැන්වියැ යුතු.
Pali BJTඅපරො පන චුන්ද, සබ්රහ්මචාරී සඞ්ඝෙ ධම්මං භාසෙය්ය, තත්ර චෙ තුම්හාකං එවමස්ස “අයං ඛො ආයස්මා අත්ථං හි ඛො සම්මා ගණ්හාති, බ්යඤ්ජනානි මිච්ඡා රොපෙතී”ති. තස්ස නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා, සො එවමස්ස වචනීයො “ඉමස්ස නු ඛො ආවුසො අත්ථස්ස ඉමානෙව බ්යඤ්ජනානි එතානි වා බ්යඤ්ජනානි, කතමානි ඔපායිකතරානී?”ති. සො චෙ එවං වදෙය්ය “ඉමස්ස නු ඛො ආවුසො අත්ථස්ස ඉමානෙව බ්යඤ්ජනානි ඔපායිකතරා ව යානි චෙව එතානීති,{1} සො නෙව උස්සාදෙතබ්බො න අපසාදෙතබ්බො. අනුස්සාදෙත්වා අනපසාදෙත්වා ස්වෙව සාධුකං සඤ්ඤාපෙතබ්බො තෙසඤ්ඤෙව බ්යඤ්ජනානං නිසන්තියා.
Sinhala BJTචුන්‍දයෙනි, අන් සබ්රම්සැරියෙක් සඞ්ඝයා කෙරෙහි දහම් කියන්නේ නම්, ‘මේ ආයුෂ්මත්හු අර්‍ත්‍ථය වූකලි මොනොවට ගනිත්, ව්‍යඤ්ජනයන් වරදවා නංවතී’ යි තොපට මෙසේ සිතෙක් වන්නේ නම් ඔහුගේ වචනයට නො ම සතුටු වියැ යුතු, එය නො ද පිළිකෙවු කළ යුතු. එයට නො ම සතුටු ව, නො ද පිළිකෙවු කොට, ‘ඇවැත්නි, මේ අර්‍ත්‍ථයාගේ (මේ අර්‍ත්‍ථය පවසන) ව්‍යඤ්ජනයෝ මොහු ම ද? නැත හොත් තුලුහු ද? කවර ව්‍යඤ්ජන කෙනෙක් වඩා යෝග්‍ය දැ?’ යි හේ මෙසේ කියැ යුතු (ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කළ යුතු.) ඉදින් හෙ තෙම් “ඇවැත්නි, (මා කී) යම් තෙල ව්‍යඤ්ජන කෙනෙක් වෙත් ද, මේ අර්‍ත්‍ථයට ඒ ව්‍යඤ්ජනයෝ ම වඩා යෝග්‍ය වෙත්” යැ යි මෙසේ කියන්නේ නම්, හේ නො ම හුවා කියැ යුතු නො ද හෙලා කියැ යුතු. හුවා නො කියා, හෙලා ද නො කියා, ඒ ව්‍යඤ්ජනයන් ම සලකා බලනු පිණිස හේ ම මොනොවට දැන්වියැ යුතු.
Pali BJTඅපරොපි චෙ චුන්ද, සබ්රහ්මචාරී සඞ්ඝෙ ධම්මං භාසෙය්ය, තත්ර චෙ තුම්හාකං එවමස්ස “අයං ඛො ආයස්මා අත්ථඤ්චෙව සම්මා ගණ්හාති, බ්යඤ්ජනානි ච සම්මා රොපෙතී”ති, තස්ස ‘සාධූ’ති භාසිතං අභිනන්දිතබ්බං අනුමොදිතබ්බං. තස්ස ‘සාධූ’ති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා සො එවමස්ස වචනීයො “ලාභා නො ආවුසො සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං බ්රහ්මචාරිං පස්සාම එවං අත්ථුපෙතං බ්යඤ්ජනුපෙතන්ති.”
Sinhala BJTචුන්‍දයෙනි, අන් සබ්රම්සැරියෙක් ද සඞ්ඝයා කෙරෙහි දහම් කියන්නේ නම්, ඉදින් එහි ලා ‘මේ ආයුෂ්මත්හු වනාහි අර්‍ත්‍ථය ද මොනොවට ගනී, ව්‍යඤ්ජනයන් ද මොනොවට නංවා යැ’ යි තොපට මෙසේ සිතෙක් වන්නේ නම්, ‘මැනැවැ’ යි ඔහුගේ වචනයට සතුටු වියැ යුතු, අනුමෙවියැ යුතු. ඔහුගේ වචනයට ‘මැනැවැ යි සතුටු වැ, අනුමෙවැ ‘ඇවැත්නි, යම්බඳු වූ අපි මෙසේ අරුත් දන්නා, ව්‍යංජන දන්නා ආයුෂ්මත් වූ ඔබ වැනි සබ්‍රම්සරක්හු දක්නමෝ ද, ඇවැත්නි ඒ අපට ලාභයෝ ය, ඇවැත්නි, ඒ අප විසින් (අත්බව) මොනොවට ලදුයේ යැ’යි හේ මෙසේ කියැ යුතු වන්නේ ය.
Pali BJTපච්චයානුඤ්ඤාතකාරණං
Sinhala BJT__missing translation__
Pali BJT16. න වො අහං චුන්ද, දිට්ඨධම්මිකානං යෙව ආසවානං සංවරාය ධම්මං දෙසෙමි. න පනාහං චුන්ද, සම්පරායිකානං යෙව ආසවානං පටිඝාතාය ධම්මං දෙසෙමි. දිට්ඨධම්මිකානං චෙවාහං චුන්ද, ආසවානං සංවරාය ධම්මං දෙසෙමි. සම්පරායිකානඤ්ච ආසවානං පටිඝාතාය. තස්මා තිහ චුන්ද යං වො මයා චීවරං අනුඤ්ඤාතං, අලං වො තං යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව හිරිකොපීනපටිච්ඡාදනත්ථං. යො වො මයා පිණ්ඩපාතො අනුඤ්ඤාතො, අලං වෙසො යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය.
Sinhala BJT16. චුන්‍දයිනි, මේ ලොවැ (ප්‍රත්‍යය පර්‍ය්‍යෙෂණ ප්‍රත්‍යය පරිභෝග හේතුයෙන්) උපදනා කාමාස්‍රවාදි ආස්‍රව හැවුරුම පිණිස පමණක් තොපට දහම් නො දෙසමි. චුන්‍දයෙනි, (කලහ හේතුයෙන් උපදනා) පරලොවැ දී දුක් විපාක දෙන ආස්‍රවයන් නැසීම පිණිස පමණක් දහම් නො දෙසමි. චුන්‍දයෙනි, තොපට මෙලොවැ උපදනා ආස්‍රවයන්ගේ සංවරය පිණිස ද, පරලොවැ විපාක දෙන ආස්‍රවයන්ගේ විනාශය පිණිස ද තොපට දහම් දෙසමි. චුන්‍දයෙනි, එහෙයින් මෙහි මා විසින් තොපට යම් සිවුරෙක් අනුදන්නා ලද ද, එය යම්තාක් ම ශීතය නැසීම පිණිස උණුසුම නැසීම පිණිස, ඇටලේ මැස්සන් මදුරුවන් සර්‍පයන් අවු සුළං යන මොවුන්ගේ ස්පර්‍ශය වැළැක්වීම පිණිස, හිරි කොවන අඞ්ග වසාලනු පිණිස සමත් ම වෙයි. තොපට මා විසින් යම් පිණ්ඩපාතයෙක් අනුදන්නා ලද්දේ ද, එය යම්තාක් ම මෙ රූපකය සිටුනා පිණිස, “මෙසේ පැරැණි බඩගිනි වේදනාව නසන්නෙමි, අළුත් බඩගිනි වේදනාවක් නො උපදවන්නෙමි, මෙයින් මගේ ජීවිත යාත්‍රාව ද වන්නේ ය, නිවරද බව ද පහසු විහරණය ද වන්නේ යැ” යි යැපෙනු පිණිස වෙහෙසින් වළකිනු පිණිස, බඹසරට අනුග්‍රහ පිණිස සමත් ම වෙයි.
Pali BJTඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. යං වො මයා සෙනාසනං අනුඤ්ඤාතං, අලං වො තං යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය යාවදෙව උතුපරිස්සයවිනොදනං පටිසල්ලානාරාමත්ථං.
Sinhala BJTමා විසින් තොපට යම් සෙනස්නෙක අනුදන්නා ලද ද, එය යම්තාක් ම ශීත නසනු පිණිස, උෂ්ණය නසනු පිණිස ඇට මැසි මදුරු අවු සුළං සර්‍ප යන මොවුන්ගේ ස්පර්‍ශය වළක්වනු පිණිස ඍතුවිපර්‍ය්‍යාසයෙන් වන උවදුරු දුරැලීම පිණිස, චිත්තවිවේකයෙහි ඇලෙනු පිණිස සෑහෙයි.
Pali BJTයො වො මයා ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො අනුඤ්ඤාතො, අලං වො සො යාවදෙව උප්පන්නානං වෙය්යාබාධිකානං වෙදනානං පටිඝාතාය අබ්යාපජ්ඣපරමතායා ති.
Sinhala BJTමා විසින් තොපට යම් බෙහෙතක් පිරිකරෙක් අනුදන්නා ලද ද, එය තොපට උපදනා යම්තාක් රෝගවේදනා වැළැක්ම පිණිස, ව්‍යාබාධ නැති බව (නිදුක් බව) පරම කොට ඇති බව පිණිස සෑහෙයි.
Pali BJTසුඛල්ලිකානුයොගා
Sinhala BJT__missing translation__
Pali BJT17. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං “සුඛල්ලිකානුයොගමනුයුත්තා සමණා සක්යපුත්තියා විහරන්තී”ති. එවං වාදිනො චුන්ද අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා “කතමො සො ආවුසො සුඛල්ලිකානුයොගො? සුඛල්ලිකානුයොගා හි බහූ අනෙකවිහිතා නානප්පකාරකා”ති.
Sinhala BJT17. චුන්‍දයෙනි, ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ සුඛල්ලිකානුයෝගයෙහි (සුව සෙවිනුයෙහි) ඇලී වෙසෙත් යැ’ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියන්නාහු ය’ යන මේ කාරණයෙක් ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ කවර සුඛල්ලිකානුයෝගයෙක් ද? (සුව සෙවිනුයෙහි ඇලීමෙක් ද?) සුඛල්ලිකානුයෝගයෝ (සුව සෙවිනුයෙහි ඇලීම්) වූ කලි බොහෝ හ, නොයෙක් වැදෑරුම් හ, නන් අයුරු හ” යි මෙසේ කියැ යුතු වන්නාහ. (අන්තොටු පිරිවැජ්ජනට මෙසේ කියැ යුතු)
Pali BJTචත්තාරො’මෙ චුන්ද, සුඛල්ලිකානුයොගා හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තන්ති. කතමෙ චත්තාරො? ඉධ චුන්ද, එකච්චො බාලො පාණෙ වධිත්වා වධිත්වා අත්තානං සුඛෙති පීණෙති. අයං පඨමො සුඛල්ලිකානුයොගො. පුන චපරං චුන්ද, ඉධෙකච්චො අදින්නං ආදියිත්වා ආදිසිත්වා අත්තානං සුඛෙති පීණෙති. අයං දුතියො සුඛල්ලිකානුයොගො. පුන චපරං චුන්ද, ඉධෙකච්චො මුසා භණිත්වා භණිත්වා අත්තානං සුඛෙති පීණෙති. අයං තතියො සුඛල්ලිකානු යොගො. පුන චපරං චුන්ද, ඉධෙකච්චො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගිභූතො පරිචාරෙති. අයං චතුත්ථො සුඛල්ලිකානුයොගො. ඉමෙ ඛො චුන්ද, චත්තාරො සුඛල්ලිකානුයොගා හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තන්ති.
Sinhala BJTචුන්‍දයෙනි, හීන වූ ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන් අයත් වූ අනාර්‍ය්‍ය වූ අවැඩ ඇසුරු කළාවූ සුඛල්ලිකානුයෝගයෝ (සුව සෙවිනුයෙහි ඇලීම්) සතරෙකි, ඔහු සසරැ කලකිරෙනු පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නසනු පිණිස, කෙලෙස් සංසිඳෙනු පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන් පිණිස නො පවතිත්. කවර සතර දෙනෙක් ද? යත්: චුන්‍දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් පණිවා කොට කොට තමා සුව පත් කෙරෙයි, තමා පිණවයි. මේ පළමු වන කාමසුඛල්ලිකානුයෝගය යි. තව ද චුන්‍දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් අයිනාදන් කොට කොට තමා සුව පත් කෙරෙයි, තමා පිණවයි. මේ දෙවෙනි සුඛල්ලිකානුයෝගය යි. තව ද චුන්‍දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් මුසවා බැණ බැණ තමා සුව පත් කෙරෙයි, තමා පිණවයි. මේ තෙවෙනි සුඛල්ලිකානුයෝගය යි. තව ද චුන්‍දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් පස්කම් ගුණයෙන් සමර්පිත වැ යුක්ත වැ ඉඳුරන් හසුරුවයි. මේ සිවු වන සුඛල්ලිකානුයෝගය යි. චුන්‍දයෙනි, සතර සුඛල්ලිකානුයෝගයෝ හීන හ, ග්‍රාම්‍ය හ, පුහුදුනන් අයත් හ, අනාර්‍ය්‍ය හ, අනර්‍ත්‍ථනිඃශ්‍රිත හ, සසරැ කලකිරෙනු පිණිස නො පවත්නා හ, විරාගය පිණිස නො පවත්නාහ, නිරෝධය පිණිස නො පවත්නාහ, කෙලෙස් සංසිඳීම පිණිස නො පවත්නාහ, විශිෂ්ටඥානය පිණිස නො පවත්නාහ, සම්බෝධිය පිණිස නො පවත්නාහ, නිවන පිණිස නො පවත්නාහ.
Pali BJTඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං ‘ඉමෙ චත්තාරො සුඛල්ලිකානුයොගෙ අනුයුත්තා සමණා සක්යපුත්තියා”ති. තෙ වො ‘මා හෙවන්තිස්සුවචනීයා. න තෙ සම්මා වදමානා වදෙය්යුං අබ්භාචික්ඛෙය්යුං අසතා අභූතෙන.
Sinhala BJTචුන්‍දයෙනි, ‘ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මේ සතර කාමසුඛල්ලිකානුයන්හි යෙදුනෝ ව වෙසෙත් යැ’ යි මෙසේ අන් තොටු පිරිවැජ්ජෝ කියන්නාහ යන මේ කාරණය වූකලි ඇත. (එසේ කියන) ඔහු ‘එසේ නො කියවු’ යැ යි කියැ යුතු වන්නාහ. ඔහු තොපට මොනොවට නිවැරැදි ලෙස නො කියන්නෝ ම එසේ කියන්නාහ. නැති දැයින් නොවූ දැයින් දොස් කියන්නාහ.
Pali BJTචත්තාරො’මෙ චුන්ද, සුඛල්ලිකානුයොගා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ චත්තාරො? ඉධ චුන්ද, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං පඨමො සුඛල්ලිකානුයොගො. පුන චපරං චුන්ද, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං දුතියො සුඛල්ලිකානුයොගො.
Sinhala BJTචුන්‍දයෙනි, මේ සුඛල්ලිකානුයෝගයෝ සතර දෙනෙකි. ඔහු ඒකාන්තයෙන් සසරැ කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශෝපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක් ද? යත්: චුන්‍දයෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුවය හා ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ පළමු වන සුඛල්ලිකානුයෝගය යි. තව ද චුන්‍දයෙනි, මෙහි මහණ තෙමෙ විතර්‍ක විචාරයන් සංසිඳීමෙන්, තමා තුළ පැහැදීම ඇති කරන, සිත එකඟබව ඇති, විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සැපය හා ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ දෙවෙනි සුඛල්ලිකානුයෝගය යි.
Pali BJTපුන චපරං චුන්ද, භික්ඛු පීතියා ච විරාගා -පෙ- තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං තතියො සුඛල්ලිකානුයොගො. පුන චපරං චුන්ද, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථො සුඛල්ලිකානුයොගො. ඉමෙ ඛො චුන්ද, චත්තාරො සුඛල්ලිකානුයොගෙ එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති.
Sinhala BJTචුන්‍දයෙනි, තව ද මහණ තෙමෙ ප්‍රීතිය ද පහ වීමෙන් … ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ තෙවෙනි සුඛල්ලිකානුයෝගය යි. චුන්‍දයෙනි, තව ද මහණ තෙමෙ සුඛවේදනාව ද පහ කිරීමෙන් … චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ සිවුවැනි සුඛල්ලිකානුයෝගය යි. චුන්‍දයෙනි, මේ සතර සුඛල්ලිකානුයෝගයෝ ඒකාන්තයෙන් සසර කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශෝපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස පවතිත්.
Pali BJT18. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං “ඉමෙ චත්තාරො සුඛල්ලිකානුයොගා අනුයුත්තා සමණා සක්යපුත්තියා විහරන්තී”ති. තෙ වො එවං ති’ස්සු වචනීයා සම්මා තෙ වො වදමානා වදෙය්යුං, න තෙ වො අබ්භාචික්ඛෙය්යුං අසතා අභූතෙන.
Sinhala BJT18. චුන්‍දයෙනි, ‘ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මේ සතර සුඛල්ලිකානුයන්හි යෙදී වෙසෙත්’ යැ යි අන්තොටු පිරිවැජ්ජෝ කියන්නාහ යන මේ කාරණය ඇත. ‘එසේ යැ’ යි ඔහු කියැ යුත්තාහ (ඔවුනට පිළිතුරු දියැ යුතු.) ඔහු මොනොවට කියන්නාහු. නැති දැයින් නොවූ දැයින් තොපට දොස් නො කියන්නාහ.
Pali BJTසුඛල්ලිකානුයොගානිසංසා
Sinhala BJT__missing translation__
Pali BJTඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං ‘ඉමෙ පන ආවුසො චත්තාරො සුඛල්ලිකානුයොගෙ අනුයුත්තානං විහරතං කති ඵලානි කතානිසංසා පාටිකඞ්ඛා?”ති. එවංවාදිනො චුන්ද අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා “ඉමෙ ඛො ආවුසො චත්තාරො සුඛල්ලිකානුයොගෙ අනුයුත්තානං විහරතං චත්තාරි ඵලානි චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛා. කතමෙ චත්තාරො? ඉධාවුසො, භික්ඛු තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො. ඉදං පඨමං ඵලං පඨමො ආනිසංසො. පුන චපරං ආවුසො, භික්ඛු තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමි හොති සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. ඉදං දුතියං ඵලං දුතියො ආනිසංසො. පුන චපරං ආවුසො, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා’ති. ඉදං තතියං ඵලං තතියො ආනිසංසො. පුන චපරං ආවුසො, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදං චතුත්ථං ඵලං චතුත්ථො ආනිසංසො. ඉමෙ ඛො ආවුසො, චත්තාරො සුඛල්ලිකානුයොගෙ අනුයුත්තානං විහරතං ඉමානි චත්තාරි ඵලානි චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛා”ති.
Sinhala BJTචුන්‍දයෙනි, ‘ඇවැත්නි, මේ සතර සුඛල්ලිකානුයෝගයන්හි යෙදී වසනවුන් විසින් ඵල කීයෙක්, අනුසස් කීයෙක් කැමැති වියැ යුතු දැ’? යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ පුළුවුස්නාහ’ යන මේ කාරණය වූ කලි ඇත. චුන්‍දයෙනි, මෙසේ පුළුවුස්නා අන්තොටු පිරිවැජියෝ මෙසේ කිය යුතු (අන් තොටු පිරිවැජියනට මෙසේ පිළිතුරු දියැ යුතු:) “ඇවැත්නි, මේ සතර කාමසුඛල්ලිකානුයෝගයන්හි යෙදී වසන්නවුන් විසින් සතර ඵල කෙනෙක් සතර ආනිසංස කෙනෙක් කැමැති වියැ යුතු හ. කවර සතර දෙනෙක් ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අපායට නොවැටෙන සුලු, ධර්‍මනියාමයෙන් නියත වූ. උපරිමාර්‍ගත්‍රයය පරායණය කොටැති (අවශ්‍යයෙන් පැමිණියැ යුතු) සෝවාන් පුඟුලෙක් වෙයි. මේ පළමු වන ඵලය යැ, පළමු වන අනුසස යැ. ඇවැත්නි, තව ද මහණ තෙමෙ තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන්, රාග ද්වේෂ මෝහයන් තුනී වීමෙන් සෙදැගැමි වෙයි, එක් වරක් ම මේ කාම ලෝකයට අවුත් දුක් කෙළවර කෙරෙයි. මේ දෙවෙනි ඵලය යි, දෙවෙනි අනුසස යි. ඇවැත්නි, තව ද, මහණ තෙමෙ අවරභාගික සංයෝජන පස ක්‍ෂය වීමෙන් ශුද්ධාවාස බඹලොව්හි උපදනේ, එහි පිරිනිවෙන සුලු වූයේ, ඒ ලොවින් මෙහි පෙරළා නොඑන සුලු වෙයි. මේ තෙවෙනි ඵලය යැ, තෙවෙනි අනුසස යැ. තවද ඇවැත්නි, මහණ තෙමෙ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ ඵලසමාධියත් ඵලඥානයත් මෙ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට, එයට පැමිණ වෙසෙයි. මේ සතර වන ඵලය යැ, සතර වන අනුසස යැ. ඇවැත්නි, සතර සුඛල්ලිකානුයෝගයන්හි යෙදී වසනවුන් විසින් මේ සතර ඵල, සතර අනුසස් කැමැති වියැ යුතු යැ යි, (ඒ අන්තොටු පිරිවැජියනට) කියැ යුතු.
Pali BJTඛීණාසවානං අභබ්බට්ඨානානි
Sinhala BJT__missing translation__
Pali BJT19. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං “අට්ඨිතධම්මා සමණා සක්යපුත්තියා විහරන්තී”ති. එවං වාදිනො චුන්ද, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: අත්ථි ඛො ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සාවකානං ධම්මා දෙසිතා පඤ්ඤත්තා යාවජීවං අනතික්කමනීයා. සෙය්යථාපි ආවුසො, ඉන්දඛීලො වා අයොඛීලො වා ගම්භීරනෙමො සුනිඛාතො අචලො අසම්පවෙධී, එවමෙව ඛො ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සාවකානං ධම්මා දෙසිතා පඤ්ඤත්තා යාවජීවං අනතික්කමනීයා. යො සො ආවුසො, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො අභබ්බො සො නව ඨානානි අජ්ඣාචරිතුං: අභබ්බො ආවුසො ඛීණාසවො භික්ඛු සංචිච්ච පාණං ජීවිතා වොරොපෙතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං, සෙය්යථාපි පුබ්බෙ ආගාරිකභූතො. අභබ්බො ඛීණාසවො භික්ඛු ඡන්දාගතිං ගන්තුං, අභබ්බො ඛීණාසවො භික්ඛු දොසාගතිං ගන්තුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මොහාගතිං ගන්තුං, අභබ්බො ඛීණාසවො භික්ඛු භයාගතිං ගන්තුං. යො සො ආවුසො, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, අභබ්බො සො ඉමානි නව ඨානානි අජ්ඣාචරිතු”න්ති.
Sinhala BJT19. චුන්‍දයෙනි, ‘මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයන් ස්ථීර ස්වභාවයක් නැති වැ වෙසෙතැ’ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහ යන මේ කාරණය විද්‍යමාන ය. චුන්‍දයෙනි, මෙසේ කියන සුලු අන්තොටු පිරිවැජියෝ මෙසේ කියැ යුත්තාහ (අන්තොටු පිරිවැජියනට මෙසේ උත්තර දියැ යුතු) : ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට දෙසන ලද පනවන ලද දිවිහිමියෙන් නො ඉක්මියැයුතු දහම්හු ඇත්හ. පොළවැ ගැඹුරට පිවිසී, බිමැ මොනොවට සිටුවන ලද, නො සැලෙන, කම්පිත නො වන ඉන්‍ද්‍රකීලයෙක් හෝ අයස්කීලයෙක් යම්සේ ද, ඇවැත්නි, එසේ ම දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භගවත්හු විසින් දිව්හිමියෙන් නොඉක්මියැ යුතු ධර්‍මයෝ දෙසන ලද හ, පනවන ලද හ. ඇවැත්නි, ක්‍ෂීණ ආස්‍රව ඇති, වැස නිමැවූ මඟබඹසර ඇති සිවුමඟින් කොට නිමැවූ කෘත්‍ය ඇති, බහා තුබූ කෙලෙස් බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථය (රහත්බව) ඇති, හැම අයුරින් නැසූ භවබන්‍ධන ඇති, මනානුවණින් දැන මිදුණු යම් රහත් මහණෙක් වේ ද, හේ නව තැනක් ඉක්මැ හැසිරෙන්නට නො හැකි වෙයි: ඇවැත්නි, රහත් මහණ තෙමෙ දැන සතක්හු දිවියෙන් තොර කරන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ නොදුන් දැයක් සොර සිතින් ගන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ මෙවුන්දම් සෙවිනුවට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ දැන මුසාබස් කියන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ, පෙරැ ගිහි වැ සිටියේ යම්සේ ද එසේ, කාමයන් රැස් කොට ගෙන පරිභෝග කරන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ ඡන්‍දයෙන් අගතියට යන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ ද්වේෂයෙන් අගතියට යන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ මෝහයෙන් අගතියට යන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ බියෙන් අගතියට යන්නට නො හැකි වෙයි. ඇවැත්නි, කළ ආස්‍රව ඇති, වැස නිමැවූ මඟබඹසර ඇති, සතර මඟින් කොටැ නිමැවූ කෘත්‍ය ඇති, බහා තුබූ කෙලෙස් බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථය (රහත් බව) ඇති, සියලු අයුරින් නැසූ භවබන්‍ධන ඇති, මොනොවට නුවණින් දැනැ මිදුණු යම් රහත් මහණෙක් වේ ද, හෙ තෙමෙ මේ නව තැන් ඉක්මැ හැසිරෙන්නට නො හැකි වේ යැ යි (ඔවුනට) කියැ යුතු.
Pali BJTපඤ්හබ්යාකරණානි
Sinhala BJT__missing translation__
Pali BJT20. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං “අතීතං ඛො අද්ධානං ආරබ්භ සමණො ගොතමො අතීරකං{1} ඤාණදස්සනං පඤ්ඤපෙති, නො ච ඛො අනාගතං අද්ධානං ආරබ්භ අතීරකං ඤාණදස්සනං පඤ්ඤපෙති. තයිදං කිංසු තයිදං කථංසූ?”ති.
Sinhala BJT20. චුන්‍දයෙනි, ‘මහණ ගොයුම් තෙමෙ ඉකුත් කල ඇරැබැ අසීම වූ ඥානදර්‍ශනය පනවයි, එහෙත් අනා කල ඇරැබැ අසීම වූ ඥානදර්‍ශනය නො පනවයි, එයි (ඒ අනාගතඥානදර්‍ශනය නොපැණවීම) කිමෙක් ද? ඒ කවර හෙයින් දැ?’ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහ’ යන මේ කාරණය ඇත.
Pali BJTතෙ ච අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අඤ්ඤවිහිතකෙන ඤාණදස්සනෙන අඤ්ඤවිහිතකං ඤාණදස්සනං පඤ්ඤාපෙතබ්බං මඤ්ඤන්ති, යථරිව බාලා අබ්යත්තා. අතීතං ඛො චුන්ද, අද්ධානං ආරබ්භ තථාගතස්ස සතානුසාරි ඤාණං හොති. සො යාවතකං ආකඞ්ඛති තාවතකං අනුස්සරති. අනාගතඤ්ච ඛො අද්ධානං ආරබ්භ තථාගතස්ස බොධිජං ඤාණං උප්පජ්ජති ‘අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො’ති. අතීතඤ්චෙපි ඛො චුන්ද හොති අභූතං අතච්ඡං අනත්ථසංහිතං, න තං තථාගතො බ්යාකරොති. අතීතඤ්චෙපි චුන්ද හොති භූතං තච්ඡං අනත්ථසංහිතං, තම්පි තථාගතො න බ්යාකරොති. අතීතඤ්චෙපි චුන්ද හොති භූතං තච්ඡං අත්ථසංහිතං, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්ස පඤ්හස්ස වෙය්යාකරණාය. අනාගතං චෙපි චුන්ද හොති අභූතං අතච්ඡං අනත්ථසංහිතං -පෙ- පච්චුප්පන්නං චෙපි චුන්ද හොති අභූතං අතච්ඡං අනත්ථසංහිතං න තං තථාගතො බ්යාකරොති. පච්චුප්පන්නඤ්චෙපි චුන්ද හොති භූතං තච්ඡං අනත්ථසංහිතං තම්පි තථාගතො න බ්යාකරොති. පච්චුප්පන්නඤ්චෙපි චුන්ද හොති භූතං තච්ඡං අත්ථසංහිතං, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්ස පඤ්හස්ස වෙය්යාකරණාය.
Sinhala BJTඒ අන්තොටු පිරිවැජියෝ වූකලි අව්‍යක්ත අන්‍ධබාලයන් සේ අනෙකක් ඇරැබැ පැවැති ඥානදර්‍ශනයෙකින් අනෙකක් ඇරැබැ පවත්නා ඥානදර්‍ශනයක් පැනැවියැ යුතු කොට හඟිත්. චුන්‍දයෙනි, තථාගතයාහට ඉකුත් කල ඇරැබැ සතානුසාරි නුවණ (පෙරවුසූ අත්බව් සිහි කරන) නුවණ වෙයි. හෙ තෙමෙ (එයින්) යම් පමණ කැමැති වේ ද, එපමණ සිහි කෙරෙයි. අනා කල් ඇරැබැ වූ කලි තථාගතයාහට ‘මේ කෙළවරැ ඉපැත්ම ය, දැන් මෙයින් මත්තෙහි භවයෙක් නැතැ’ යි බෝධිජ ඥානය උපදී. චුන්‍දයෙනි, ඉකුත් කාල පිළිබඳ වුව ද යමෙක් අභූත ද අහත්‍ය ද, අනර්‍ත්‍ථ නිඃශ්‍රිත ද එය තථාගත තෙමෙ නො පවසයි. ඉකුත් කල පිළිබඳ වූ ද යමෙක් භූත ද සත්‍ය ද එහෙත් අනර්‍ත්‍ථනිඃශ්‍රිත ද, එයත් තථාගත තෙමේ නො පවසයි. ඉකුත්කල පිළිබඳ වූ ද යමෙක් භූත ද, සත්‍ය ද අර්‍ත්‍ථ නිඃශ්‍රිත ද, ඒ පැනය විසැඳීමෙහි තථාගත තෙමේ කාලඥ වෙයි. චුන්‍දයෙනි, අනාකල් පිළිබඳ වූ ද යමෙක් අභූත ද අසත්‍ය ද අනර්‍ත්‍ථ නිඃශ්‍රිත ද, … වත්මන් කල පිළිබඳ වූ ද යමෙක් අභූත ද අසත්‍ය ද අනර්‍ත්‍ථනිඃශ්‍රිත ද, එය තථාගත තෙමේ නො පවසයි. චුන්‍දයෙනි, වත්මන් කල පිළිබඳ වූ ද යමෙක් භුත ද සත්‍ය ද එහෙත් අනර්‍ත්‍ථනිඃශ්‍රිත ද, එයත් තථාගත තෙමෙ නො පවසයි. වත්මන් කල පිළිබඳ වුව ද යමෙක් භූත ද සත්‍ය ද අර්‍ත්‍ථනිඃශ්‍රිත ද, ඒ පැනය විසැඳීමෙහි තථාගත තෙමේ කියැ යුතු කල් දන්නේ වෙයි.
Pali BJT21. ඉති ඛො චුන්ද, අතීතානාගතපච්චුප්පන්නෙසු ධම්මෙසු තථාගතො කාලාවාදී භූතවාදී{1} අත්ථවාදී ධම්මවාදී විනයවාදී. තස්මා ‘තථාගතො’ති වුච්චති. යඤ්ච ඛො චුන්ද, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ්බං තථාගතෙන අභිසම්බුද්ධං. තස්මා ‘තථාගතො’ති වුච්චති. යඤ්ච චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බාති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා. තස්මා ‘තථාගතො’ති වුච්චති. යථාවාදී චුන්ද තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, තස්මා ‘තථාගතො’ති වුච්චති. සදෙවකෙ ලොකෙ චුන්ද සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී. තස්මා ‘තථාගතො’ති වුච්චති.
Sinhala BJT21. චුන්‍දයෙනි. මෙසේ අතීත අනාගත වර්‍තමාන ධර්‍මයන්හි තථාගත තෙමේ කල් දැන කියන සුලු ද, වූ දැයක් ම කියන සුලු ද, වැඩක් ම කියන සුලු ද, දහමක් ම කියන සුලු ද, විනය ම කියන සුලු ද වෙයි, එ හෙයින් තථාගත යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝවැස්සා විසින්, දෙව් මිනිසුන් සහිත, මහණබමුණන් සහිත සත්‍වප්‍රජාව විසින් යමෙක් දැක්ක යුතු ද, ඇසිය යුතු ද, යමෙක් යමෙක් ආඝ්‍රාණයත් ආස්වාදනයත් ස්පර්‍ශනයත් කළ යුතු ද, දන්නා ලද ද, ප්‍රාප්ත ද (ලබන ලද ද), පිරියෙස්නා ලද ද, සිතින් කල්පනා කරන ලද ද, ඒ සියල්ල තථාගතයන් විසින් වෙසෙසින් අවබෝධ කරන ලද්දේ ය. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, යම් රැයෙක තථාගත තෙමේ නිරුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙරෙයි ද, යම් රැයෙක අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙයි ද, මේ දෑතුරෙහි හෙ තෙමෙ යමක් කියා ද, පවසා ද, දක්වා ද, ඒ සියල්ල ඒ කී පරිදි ම වේ, අන් සැටියෙකින් නො වේ. එහෙයින් ‘තථාගත’ යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, තථාගත තෙමේ යම් සේ කියන සුලු ද, එසේ ම කරන සුලු ය, යම් සේ කරන සුලු ද, එසේ ම කියන සුලු ය. මෙසේ තථාගත තෙමේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදි ද වේ. එහෙයින් ‘තථාගත’ යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත, ලොව්හි, මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්‍වප්‍රජායෙහි තථාගත තෙමෙ මෙරමා මැඩලනුයේ ය, මෙරමා විසින් නො මැඩලන ලද්දේ ය, සියල්ල දක්නේ ය, මෙරමා සිය වශයෙහි පවත්වන්නේ ය. එ හෙයින් ‘තථාගත’ යැ යි කියනු ලැබේ.
Pali BJTඅබ්යාකතට්ඨානානි
Sinhala BJT__missing translation__
Pali BJT22. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං “කින්නු ඛො ආවුසො හොති තථාගතො පරම්මරණා? ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති? එවංවාදිනො චුන්ද, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා “අබ්යාකතං ඛො ආවුසො භගවතා: හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති.” ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං කිං පනාවුසො න හොති තථාගතො පරම්මරණා. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති?” එවංවාදිනො චුන්ද, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා “එවම්පි ඛො ආවුසො භගවතා අබ්යාකතං: න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති’. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං “කිං පනාවුසො හොති ච න හොති ච තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති.” එවංවාදිනො චුන්ද, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: “අබ්යාකතං ඛො පනෙතං ආවුසො භගවතා හොති ච න හොති ච තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති”.
Sinhala BJT22. චුන්‍දයෙනි, “ඇවැත්නි, කිමෙක් ද? තථාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේ ද? මෙය ම සත්‍යත් අන් සියල්ල මෝඝත් (අසාරත්) වේ දැ? යි අන්තොටු පිරිවැජියෝ කියන්නාහුය” යන මේ කරුණ ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේ ද? මෙය ම සත්‍යත් අන් සියල්ල මෝඝත් වේ දැ? යි භගවත්හු විසින් මෙය නො කියන ලදැ” යි මෙසේ කියැ යුතු හ. “ඇවැත්නි, කිමෙක් ද? තථාගත තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ස හිස් දැ?’ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියන්නාහ” යන මේ කාරණය ඇත. එසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ, ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස යැ’ යි මෙසේත් භගවත්හු විසින් නො කියන ලදැ’යි මෙසේ කිය යුතු වන්නාහ.
Pali BJTඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං ‘කිම්පනාවුසො නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. එවංවාදිනො චුන්ද අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා “එවම්පි ඛො ආවුසො භගවතා අබ්යාකතං: නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති”. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “කස්මා පනෙතං ආවුසො සමණෙන ගොතමෙන අබ්යාකතන්ති?” එවං වාදිනො චුන්ද අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: “නහෙතං ආවුසො අත්ථසංහිතං න ධම්මසංහිතං න ආදිබ්රහ්මචරියකං න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. තස්මා තං භගවතා අබ්යාකතන්ති.”
Sinhala BJT“කිමෙක් ද? ඇවැත්නි තථාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේත් නොවන්නේත් වේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ස හිස් දැ?’ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ අසන්නාහුය” යන මේ කාරණය ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ, ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේත් වේ නොවන්නේත් වේ යැ යි භගවත්හු විසින් නො කියන ලදැ”යි මෙසේ කියැ යුතු වන්නාහ. චුන්‍දයෙනි, “ඇවැත්නි, කිමෙක් ද? තථාගත තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ද හිස් දැ?’ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහ” යන මේ කාරණය වනාහි ඇත. චුන්‍දයෙනි, මෙසේ කියත් අන්තොටු පිරිවැජ්ජෝ, ‘ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ යැ යි මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ යි මෙසේ ද භගවත්හු විසින් නො පවසන ලදැ” යි මෙසේ කියැ යුතු වන්නාහ. චුන්‍දයෙනි, “ඇවැත්නි, මහණ ගොයුම්හු විසින් මෙය කවර හෙයින් අප්‍රකාශිත දැ’ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියන්නාහ” යන මේ කාරණය ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ, “ඇවැත්නි, මෙය අර්‍ත්‍ථනිඃශ්‍රිත ද නො වේ, ධර්‍මනිඃශ්‍රිත ද නො වේ. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් ද නොවේ. සසරැ කලකිරෙනු පිණිස, නො පවතී, විරාගය පිණිස නො පවතී, නිරෝධය පිණිස නො පවතී, ක්ලේශෝපශමය පිණිස නො පවතී, විශිෂ්ට ඥානය පිණිස නො පවතී, සම්බෝධිය පිණිස නො පවතී නිර්‍වාණය පිණිස නො පවතී. එ හෙයින් එය භගවත්හු විසින් නො පවසන ලදැ” යි මෙසේ කියැ යුතු වන්නාහ.
Pali BJTබ්යාකතට්ඨානානි
Sinhala BJT__missing translation__
Pali BJT23. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං “කිං පනාවුසො සමණෙන ගොතමෙන බ්යාකතන්ති?” එවං වාදිනො චුන්ද, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: “ඉදං දුක්ඛන්ති ඛො ආවුසො භගවතා බ්යාකතං. අයං දුක්ඛසමුදයො’ති ඛො ආවුසො භගවතා බ්යාකතං, අයං දුක්ඛනිරොධො’ති ඛො ආවුසො භගවතා බ්යාකතං, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති ඛො ආවුසො භගවතා බ්යාකතන්ති”.
Sinhala BJT23. චුන්‍දයෙනි, “ඇවැත්නි, මහණ ගොයුම්හු විසින් කිමෙක් නම් පවසන ලද දැ?’ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ අසන්නාහ” යන මේ කාරණය වනාහි ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ දුකැ යි ම භගවත්හු විසින් පවසන ලදි, මේ දුක් උපදනා හේතුව යැ යි ම භගවත්හු විසින් පවසන ලදී. මේ දුක් වැනැස්ම යැ යි ම භගවත්හු විසින් පවසන ලදි. මේ දුක් වැනැස්මට යන පිළිවෙතැ යි ම භගවත්හු විසින් පවසන ලදැ” යි මෙසේ කියැ යුතු වන්නාහ.
Pali BJT24. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං “කස්මා පනෙතං ආවුසො සමණෙන ගොතමෙන බ්යාකතන්ති? එවං වාදිනො චුන්ද, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: “එතඤ්හි ආවුසො අත්ථසංහිතං, එතං ධම්මසංහිතං, එතං ආදිබ්රහ්මචරියකං, එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තස්මා තං භගවතා බ්යාකතන්ති.”
Sinhala BJT24. චුන්‍දයෙනි, “ඇවැත්නි, කවර හෙයින් මෙය මහණ ගොයුම්හු විසින් පවසන ලද දැ?’යි අන්තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහ” යන මෙ කරුණ ඇත. චුන්‍දයෙනි, එසේ පුළුවුස්නා අන්තොටු පිරිවැජියෝ මෙසේ කියැ යුතු: “ඇවැත්නි, මෙය අර්‍ත්‍ථනිඃශ්‍රිත ය, මෙය ධර්‍මනිඃශ්‍රිත ය, මෙය මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල ය. මෙය ඒකාන්තයෙන් සසරැ කලකිරෙනු පිණිස පවතී, විරාගය පිණිස නිරෝධය පිණිස ක්ලේශෝපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස පවතී. එහෙයින් එය භගවත්හු විසින් පවසන ලදැ’ යි (කියැ යුතු.)
Pali BJTපුබ්බන්තසහගතා දිට්ඨිනිස්සයා
Sinhala BJT__missing translation__
Pali BJTයෙ පි තෙ චුන්ද, පුබ්බන්තසහගතා දිට්ඨිනිස්සයා, තෙපි වො මයා බ්යාකතා යථා තෙ බ්යාකාතබ්බා. යථා ච තෙ න බ්යාකාතබ්බා කිං වො අහං තෙ තත්ථ බ්යාකරිස්සාමි? යෙ පි තෙ චුන්ද අපරන්තසහගතා දිට්ඨිනිස්සයා, තෙපි වො මයා බ්යාකතා, යථා තෙ බ්යාකාතබ්බා. යථා ච තෙ න බ්යාකාතබ්බා කිං වො අහං තෙ තත්ථ බ්යාකරිස්සාමි.
Sinhala BJTචුන්‍දයෙනි, පූර්‍වාන්තය (පෙරැ පැවැති ස්කන්‍ධ කොටස) පිළිබඳ වූ යම් දෘෂ්ටි කෙනෙක් ඇද්ද, ඔහු ද ඔවුන් පැවැසියැ යුතු පරිදි මා විසින් ප්‍රකාශිත හ. ඔහු යම්සේ නො පැවැසියැ යුතු නම් කිම? මම් එහි තොපට එය පවසන්නෙම් ද? චුන්‍දයෙනි, අපරාන්තසහගත (මතු ස්කන්‍ධ කොටස පිළිබඳ වූ) යම් දෘෂ්ටි කෙනෙක් ඇද්ද, ඔවුන් හෙළි කළ යුතු පරිද්දෙන් ඔහු ද මා විසින් ප්‍රකාශිත හ. යම් හැටියෙකින් ඔහු හෙළි නො කළ යුතු නම්, කිම? එහි මම් ඔවුන් තොපට හෙළි කරන්නෙම් ද?
Pali BJT25. කතමෙ ච තෙ චුන්ද, පුබ්බන්තසහගතා දිට්ඨිනිස්සයා, යෙ වො මයා බ්යාකතා යථා තෙ බ්යාකාතබ්බා? සන්ති ඛො චුන්ද, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතො අත්තා ච ලොකො ච’ ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. සන්ති පන චුන්ද, එකෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවං දිට්ඨිනො: ‘අසස්සතො අත්තා ච ලොකො ච, සස්සතො ච අසස්සතො ච අත්තා ච ලොකො ච, නෙව සස්සතො නාසස්සතො අත්තා ච ලොකො ච, සයංකතො අත්තා ච ලොකො ච, පරකතො අත්තා ච ලොකො ච, සයං කතො ච පර කතො ච අත්තා ච ලොකො ච, අසයංකාරො අපරකාරො අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. සස්සතං සුඛදුක්ඛං, අසස්සතං සුඛදුක්ඛං, සස්සතඤ්ච අසස්සතඤ්ච සුඛදුක්ඛං, නෙව සස්සතං නාසස්සතං සුඛදුක්ඛං, සයංකතං සුඛදුක්ඛං, පරංකතං සුඛදුක්ඛං, සයං කතඤ්ච පරං කතඤ්ච සුඛදුක්ඛං, අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං. ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති”.
Sinhala BJT25. චුන්‍දයෙනි, පැවැසියැ යුතු පරිද්දෙන් මා විසින් තොපට හෙළි කරන ලද පූර්‍වාන්ත සහගත දෘෂ්ටීහු කවුරු ද? යත්: චුන්‍දයෙනි, ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ’යි මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි මෙසේ වාද ඇති, මෙසේ වූ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. චුන්‍දයෙනි, ‘ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ යි ද, ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වේ යැ යි ද, ආත්මයත් ලෝකයත් ශාශ්වතත් නො ම වේ අශාශ්වතත් නො ම වේ යැ යි ද, ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ය යි ද, ආත්මයත් ලෝකයත් පරකෘත යැ යි ද, ආත්මයත් ලෝකයත් ස්වයංකෘතත් පරකෘතත් වේයැ යි ද, ආත්මයත් ලෝකයත් ස්වයාකාර ද පරකාර ද නො වේ, යදෘච්ඡාසමුත්පන්න යැ යි ද, මෙය ම සත්‍ය යැ යි, සෙස්ස හිස් යැ’ යි මෙසේ වාද ඇති, මෙසේ වූ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත.
Pali BJT26. තත්ර චුන්ද, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: අත්ථිනු ඛො ඉදං ආවුසො, වුච්චති සස්සතො අත්තා ච ලොකො චා?”ති යඤ්ච ඛො තෙ එවමාහංසු ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති, තං තෙසං නානුජානාමි. තං කිස්ස හෙතු? අඤ්ඤථාසඤ්ඤිනො පි හෙත්ථ චුන්ද සන්තෙකෙ සත්තා. ඉමාය පි ඛො අහං චුන්ද, පඤ්ඤත්තියා නෙව අත්තනා සමසමං සමනුපස්සාමි කුතො භිය්යො. අථ ඛො අහමෙව තත්ථ භිය්යො යදිදං අධිප්පඤ්ඤත්ති.
Sinhala BJT26. සුව දුක් ශාශ්වත ය, සුවදුක් අශාශ්වත ය, සුවදුක් ශාශ්වත ද අශාශ්වත ද වේ, සුවදුක් ශාශ්වත ද නො ම වේ. ආශාශ්වත ද නො ම වේ, සුවදුක් ස්වයංකෘත ය, සුවදුක් පරකෘත ය, සුව දුක් ස්වයංකෘත ද පරකෘත ද වේ. සුවදුක් ස්වයංකාර ද නො වේ, පරකාර ද නො වේ, යදෘච්ඡාසමුත්පන්න ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ යි මෙසේ වූ වාද ඇති, මෙසේ වූ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. චුන්‍දයෙනි, එහි ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ’ යි ‘මෙය ම සත්‍ය යැ සෙස්ස හිස් යැ’ යි මෙසේ වාද ඇති, මෙසේ දෘෂ්ටි ඇති යම් මහණ කෙනෙක් බමුණුකෙනෙක් ඇද්ද, මම් ඔවුන් කරා එළැඹ, ‘ඇවැත්නි, ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ යි කියනු ලැබේ යන මෙය ඇත්ත දැ?’ යි මෙසේ විචාරමි. ඔහු ‘මෙය ම සත්‍ය ය සෙස්ස හිස් යැ’ යි මෙසේ යම් වචනයක් කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නො අනුදනිමි. ඒ කවර හෙයින්ද? චුන්‍දයෙනි, මෙහි අන් සැටියෙකින් හඟිනා ඇතැම් සත්‍ව කෙනෙක් ඇත. චුන්‍දයෙනි, මේ දෘෂ්ටි ප්‍රඥප්තියෙන් ද තමාහට සමසමයක් හු නො ම දකිමි. තමාට වැඩි තරම් එකකු කොයින් දකිම් ද? වැලිදු අධිප්‍රඥප්ති (විශේෂ පැනවීම) යන යමෙක් ඇද්ද, එහි මම ම වැඩිතරම් වෙමි.
Pali BJT27. තත්ර චුන්ද, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො “සස්සතො අත්තා ච ලොකො ච, අසස්සතො අත්තා ච ලොකො ච, සස්සතො ච අසස්සතො ච අත්තා ච ලොකො ච, නෙව සස්සතො නාසස්සතො අත්තා ච ලොකො ච, සයං කතො අත්තා ච ලොකො ච, පරංකතො අත්තා ච ලොකො ච, සයං කතො ච පරකතො ච අත්තා ච ලොකො ච, අසයංකාරො අපරකාරො අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො ච, සස්සතං සුඛදුක්ඛං; අසස්සතං සුඛදුක්ඛං, සස්සතඤ්ච අසස්සතඤ්ච සුඛදුක්ඛං, නෙව සස්සතං නාසස්සතං සුඛදුක්ඛං, සයංකතං සුඛදුක්ඛං, පරකතං සුඛදුක්ඛං, සයංකතං ච පරකතං ච සුඛදුක්ඛං අසයංකාරං අපරකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති”. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි “අත්ථි ඛො ඉදං ආවුසො වුච්චති අසයංකාරං අපරකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛන්ති?” යඤ්ච ඛො තෙ එවමාහංසු ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති’. තං තෙසං නානුජානාමි, තං කිස්ස හෙතු? අඤ්ඤථාසඤ්ඤිනො පි හෙත්ථ චුන්ද සන්තෙකෙ සත්තා. ඉමාය පි ඛො අහං චුන්ද පඤ්ඤත්තියා නෙව අත්තනා සමසමං සමනුපස්සාමි කුතො භිය්යො. අථ ඛො අහමෙව තත්ථ භිය්යො යදිදං අධිපඤ්ඤත්ති. ඉමෙ ඛො තෙ චුන්ද, පුබ්බන්තසහගතා දිට්ඨිනිස්සයා, යෙ තෙ මයා බ්යාකතා යථා තෙ බ්යාකාතබ්බා යථා ච තෙ න බ්යාකාතබ්බා, කිං වො අහං තෙ තත්ථ බ්යාකරිස්සාමී?”ති.
Sinhala BJT27. චුන්‍දයෙනි, එහි ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ’ යි ‘ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ’ යි ‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වේ’ යැ යි ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද නො ම වේ, අශාශ්වත ද නො ම වේ’ යැ යි, ‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත යැ’ යි ‘ආත්මයත් ලෝකයත් පරකෘත යැ’ යි ‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ද පරකෘත ද වේ යැ’ යි ‘ආත්මයත් ලෝකයත් ස්වයංකාර ද නො වේ, පරකාර ද නොවේ යදෘච්ඡාසමුත්පන්න යැ’ යි, ‘සුඛදුඃඛ දෙක ශාශ්වත යැ’ යි ‘සුඛ දුඃඛ දෙක අශාශ්වත යැ’ යි, ‘සුඛ දුඃඛ දෙක ශාශ්වතත් අශාශ්වතත් වේ යැ’ යි ‘සුඛ දුඃඛ දෙක ශාශ්වතත් නො ම වේ අශාශ්වතත් නො ම වේ යැ’ යි, ‘සුඛදුඃඛ දෙක ස්වයංකෘත යැ’ යි, ‘සුඛ දුඃඛ දෙක පරකෘත යැ’ යි, ‘සුඛ දුඃඛ දෙක ස්වයංකෘත ද පරකෘත ද වේ යැ’ යි ‘සුඛ දුඃඛ දෙක ස්වයංකාර ද පරකාර ද නො ව යදෘච්ඡාසමුත්පන්න යැ, ‘මෙය ම සත්‍ය ය සෙස්ස හිස් යැ’ යි, මෙසේ වූ වාද ඇති මේ බඳු වූ දෘෂ්ටි ඇති යම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇද්ද, මම ඔවුන් කරා එළැඹ, ‘ඇවැත්නි, සුඛ දුඃඛ ස්වයංකාර ද පරකාර ද නොව යදෘච්ඡාසමුත්පන්න යැ යි කියනු ලැබේ’ යන මෙය ඇත්ත දැ? යි විචාරමි. ඔහු ‘මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි යම් වචනයක් කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නො අනුදනිමි. ඒ කවර හෙයින? යත්: චුන්‍දයෙනි, මෙහි අන් සැටියෙකින් හඟිනා ඇතැම් සත්‍ව කෙනෙක් ඇත. චුන්‍දයෙනි, මේ දෘෂ්ටිප්‍රඥප්තියෙන් ද තමාහට සමසමයක්හු නො ම දකිමි. තමාහට වැඩිතරම් එකකු කොයින් දකිම් ද? වැලි දු අධිප්‍රඥප්ති යන යමෙක් ඇද්ද, එහි මම ම වැඩිතරම් වෙමි. චුන්‍දයෙනි, මොහු පැවැසියැ යුතු පරිදි මා විසින් පවසන ලද පූර්‍වාන්තය පිළිබඳ වූ දෘෂ්ටීහු ය. යම්සේ ඔහු නො පැවැසියැ යුතු නම්, කිම? එහි මම් තොපට ඒ පවසන්නෙම් ද?
Pali BJTඅපරන්තසහගතා දිට්ඨිනිස්සයා
Sinhala BJT__missing translation__
Pali BJT28. කතමෙ ච චුන්ද, අපරන්තසහගතා දිට්ඨිනිස්සයා යෙ තෙ මයා බ්යාකතා යථා තෙ බ්යාකාතබ්බා? යථා ච තෙ න බ්යාකාතබ්බා කිං වො අහං තෙ තත්ථ බ්යාකරිස්සාමී?”ති. සන්ති චුන්ද එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: “රූපී අත්තා හොති අරොගො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති.” සන්ති පන චුන්ද එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො “නාරූපී අත්තා හොති -පෙ- රූපී ච අරූපී ච අත්තා හොති -පෙ- නෙව රූපී නාරූපී අත්තා හොති -පෙ- සඤ්ඤී අත්තා හොති, -පෙ- අසඤ්ඤී අත්තා හොති, -පෙ- නෙවසඤ්ඤීනාසඤ්ඤී අත්තා හොති, -පෙ- අත්තා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති.” තත්ර චුන්ද, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො, රූපී අත්තා හොති අරොගො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: අත්ථි ඛො ඉදං ආවුසො, වුච්චති “රූපී අත්තා හොති අරොගො පරම්මරණා?”ති. යං ඛො තෙ එවමාහංසු “ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති” තං තෙසං නානුජානාමි. තං කිස්ස හෙතු? අඤ්ඤථාසඤ්ඤිනො පි හෙත්ථ චුන්ද සන්තෙකෙ සත්තා. ඉමායපි ඛො අහං චුන්ද පඤ්ඤත්තියා නෙව අත්තනා සමසමං සමනුපස්සාමි කුතො භිය්යො, අථ ඛො අහමෙව තත්ථ භිය්යො යදිදං අධිප්පඤ්ඤත්ති.
Sinhala BJT28. චුන්‍දයෙනි, යම්සේ හෙළි කළ යුතු නො වෙත් නම්, ‘එහි මම් කුමට එය පවසන්නෙම් දැ?’ යි කියැ යුතු වූ, හෙළි කළ යුතු පරිදි මා විසින් හෙළි කරන ලද්දාවූ අපරාන්ත සහගත (අනාගත ස්කන්‍ධ කොටස පිළිබඳ වූ) දෘෂ්ටීහු කවරහ? යත්: චුන්‍දයෙනි, ‘ආත්මය රූපවත් ය, මරණින් මතු අරෝග යැ. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි මෙසේ කියන, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ‘ආත්මය රූපරහිත ය … ආත්මය රූපවත් ද අරූපවත් ද වෙයි … ආත්මය රූපවත් ද නොම වෙයි, අරූපවත් ද නො ම වෙයි … ආත්මය සංඥාවත් වෙයි … ආත්මය සංඥා නැත්තේ වේ … ආත්මය සංඥා ඇත්තේ ද වේ ... සංඥාව නැත්තේ ද වේ … ආත්මය මරණින් පසු මුල් සුන් වෙයි, වැනැසෙයි, මරණින් මත්තෙහි නො වෙයි, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි මෙසේ කියන, මෙබඳු දෘෂ්ටි ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. චුන්‍දයෙනි, එහි යම් මහණ බමුණු කෙනෙක් ආත්මය රූපවත්ය, මරණින් මත්තෙහි අරෝග යැ, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි කියත් ද, මම් ඔවුන් කරා එළැඹ, ‘ඇවැත්නි, ආත්මය රූපවත් ය. මරණින් මතු අරෝග යැ’ යි තොප විසින් යම් වචනයෙක් කියනු ලැබේ ද, එය ඇත්තේ දැ? (එය හුදු වචනමාත්‍රයක් නො ව තොපගේ දෘෂ්ටි දැ?’) යි විචාරමි. ‘මෙය ම සත්‍ය යැ, සෙස්ස හිස් යැ’ යි යමක් මෙසේ ඔහු කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නො අනුදනිමි. ඒ කවර හෙයින? චුන්‍දයෙනි, මෙහි මෙයට වෙනස් සංඥා ඇති එක්තරා සත්‍ව කෙනෙක් ඇත්හ. චුන්‍දයෙනි, මේ දෘෂ්ටිප්‍රඥප්තියෙන් ද තමාට සමසම එකක්හු නො දකිමි, වැඩි තරම් එකකු කොයින් දකිම් ද? වැලි දු යම් අධිප්‍රඥප්තියෙක් වේ ද එයින් මම ම එහි වැඩි තරම් වෙමි.
Pali BJT29. තත්ර චුන්ද, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො අරූපී අත්තා හොති -පෙ- රූපී ච අරූපී ච අත්තා හොති -පෙ- නෙව රූපී නාරූපී අත්තා හොති -පෙ- සඤ්ඤී අත්තා හොති -පෙ- අසඤ්ඤී අත්තා හොති -පෙ- නෙවසඤ්ඤීනාසඤ්ඤී අත්තා හොති -පෙ- අත්තා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති.” ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: අත්ථි ඛො ඉදං ආවුසො, වුච්චති “අත්තා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරම්මරණා ති?” මඤ්ච ඛො තෙ චුන්ද එවමාහංසු. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති, තං තෙසං නානුජානාමි. තං කිස්ස හෙතු? අඤ්ඤථාසඤ්ඤිනොපි හෙත්ථ චුන්ද සන්තෙ’කෙ සත්තා. ඉමායපි ඛො අහං චුන්ද, පඤ්ඤත්තියා නෙව අත්තනා සමසමං සමනුපස්සාමි කුතො භිය්යො? අථ ඛො අහමෙව තත්ථ භිය්යො යදිදං අධිපඤ්ඤත්ති. ඉමෙ ඛො තෙ චුන්ද අපරන්තසහගතා දිට්ඨිනිස්සයා, යෙ තෙ මයා බ්යාකතා යථා තෙ බ්යාකාතබ්බා. යථා ච තෙ න බ්යාකාතබ්බා, කිං වො අහං තෙ තත්ථ බ්යාකරිස්සාමී”ති
Sinhala BJT29. චුන්‍දයෙනි, එහි යම් මහණ බමුණු කෙනෙක් ‘ආත්මය රූප රහිත වෙයි … ආත්මය රූපවත් ද රූපරහිත ද වෙයි … ආත්මය රූපවත් ද නො ම වෙයි, රූපරහිත ද නොම වෙයි … ආත්මය සංඥා ඇත්තේ වෙයි … ආත්මය සංඥා නැත්තේ වෙයි ... ආත්මය සංඥීත් (සංඥාව ඇත්තේත්) නො ම වෙයි, අසංඥීත් නො ම වෙයි … ආත්මය මුල්සුන් වෙයි, වැනැසෙයි මරණින් මතු නො වෙයි. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි මෙසේ කියත් ද, මම් ඔවුන් කරා එළැඹ, “ඇවැත්නි. ආත්මය උච්ඡින්න වේ, වැනසේ, මරණින් මතු නො වේ, මෙය ම සත්‍යය ය, සෙස්ස හිස්යැ’ යි යමක් කියනු ලැබේ ද එය (ඒ දෘෂ්ටිය) ඔබට ඇත්දැයි?” යි මෙසේ විචාරමි. ‘මෙය ම සත්‍ය ය, සෙස්ස හිස්යැ’ යි මෙසේ යමක් ම ඔහු කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නො අනුදනිමි, ඒ කවර හෙයින? යත්: චුන්‍දයෙනි, මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් වෙනස් සංඥා ඇත්තාහු ද වෙත්. (එහෙයිනි.) චුන්‍දයෙනි, මේ දෘෂ්ටිප්‍රඥප්තියෙන් ද තමා හා සමසමයකු මම් නො ම දකිමි. තමාට වැඩිතරම් එකක්හු කොයින් දකිම් ද? වැලි දු යම් අධිප්‍රඥප්තියෙක් වේ ද එහි මම ම වැඩිතරම් වෙමි. චුන්‍දයෙනි, හෙළි කළ යුතු පරිද්දෙන් මා විසින් හෙළි කරන ලද, යම්සේ නොපැවැසියයුතු නම් ‘කුමට එය තොපට පවසන්නෙම් දැ’ යි මා විසින් නො පවසන ලද, අපරාන්තසහගත වූ දෘෂ්ටීහු මොහු ය.
Pali BJT30. ඉමෙසං ච චුන්ද, පුබ්බන්තසහගතානං දිට්ඨිනිස්සයානං ඉමෙසං ච අපරන්තසහගතානං දිට්ඨිනිස්සයානං පහානාය සමතික්කමාය එවං මයා චත්තාරො සතිපට්ඨානා දෙසිතා පඤ්ඤත්තා. කතමෙ චත්තාරො? ඉධ චුන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු -පෙ- චිත්තෙසු -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ච චුන්ද, පුබ්බන්තසහගතානං දිට්ඨිනිස්සයානං ඉමෙසං ච අපරන්තසහගතානං දිට්ඨිනිස්සයානං පහානාය සමතික්කමාය. එවං මයා ඉමෙ චත්තාරො සතිපට්ඨානා දෙසිතා පඤ්ඤත්තා ති.
Sinhala BJT30. චුන්‍දයෙනි, මේ පූර්‍වාන්ත සහගත දෘෂ්ටීන්ගේ ද මේ අපරාන්ත සහගත දෘෂ්ටීන්ගේ ද ප්‍රහාණය පිණිස ඉක්මීම පිණිස, මා විසින් මෙසේ සතර සතිපට්ඨානයෝ දෙසන ලදහ, පනවන ලදහ. කවර සතරෙක් ද? යත්: චුන්‍දයෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ අභිධ්‍යාව හා දොම්නස හා දුරු කොට, කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වේදනාවන්හි … චිත්තයන්හි … කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ අභිධ්‍යාව හා දොම්නස හා දුරු කොට, ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. චුන්‍දයෙනි, මේ පූර්‍වාන්තසහගත දෘෂ්ටීන්ගේ ද මේ අපරාන්ත සහගත දෘෂ්ටීන්ගේ ද ප්‍රහාණය පිණිස, ඉක්මීම පිණිස, මෙසේ මා විසින් සතර සතිපට්ඨානයෝ දෙසන ලද හ, පනවන ලදහ.”
Pali BJT31. තෙන ඛො පන සමයෙන ආයස්මා උපවාණො භගවතො පිට්ඨිතො හොති භගවන්තං විජයමානො. අථ ඛො ආයස්මා උපවාණො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ අබ්භුතං භන්තෙ, පාසාදිකො වතායං භන්තෙ ධම්මපරියායො, සුපාසාදිකො වතායං භන්තෙ ධම්මපරියායො. කො නාමායං භන්තෙ ධම්මපරියායො?”ති. “තස්මා තිහ ත්වං උපවාණ ඉමං ධම්මපරියායං පාසාදිකොත්වෙව නං ධාරෙහී”ති.
Sinhala BJT31. එ සමයෙහි උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේට පවන් සලනුවෝ ඔබ පිටුපසින් සිටියාහු වෙත්. එ කලැ උපවාණ තෙරණුවෝ ‘වහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස, අද්භූත ය, වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යායය ඒකාන්තයෙන් ප්‍රසාද එළවන සුලු ය, වහන්ස, මේ ධර්‍ම පර්‍ය්‍යායය කිනම් දැ? යි ඇසූහ. ‘උපවාණයෙනි, එහෙයින් මෙහි මේ ධර්‍ම පර්‍ය්‍යාය ‘පාසාදිකයැ’ යි කියා ම සලකවු යැ’ යි වදාළ සේක.
Pali BJTඉදමවොච භගවා අත්තමනො ආයස්මා උපවාණො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
Pali BJTපාසාදිකසුත්තං නිට්ඨිතං ඡට්ඨං.
Sinhala BJTසවැනි පාසාදික සූත්‍රය නිමියේ යැ.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTලක්ඛණසුත්තං
Sinhala BJTලක්ඛණ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි:
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති{1} තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
Pali BJTද්වත්තිංසිමානි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා: සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති සෙය්යථිදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා හොන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො{2} කතමානි තානි භික්ඛවෙ ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා? සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්ති -පෙ- සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො.
Sinhala BJT“මහණෙනි, යමෙකින් සමන්‍විත මහ පුරිස්හට නිෂ්ඨා දෙකෙක් ම වේ ද, අන් තෙවැන්නෙක් නැද්ද, එසේ වූ මහපුරිස්හුගේ මහ පුරිස් ලකුණු දෙතිසෙක් වෙත්. ඔහු පිළිබඳ වූ ඒ නිෂ්ඨා දෙක නම්: ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, දැහැමි වූ (දස කුසල් දහම් රක්නා), දැහැමෙන් රජය ලැබ රජ වූ, සිවුසයුර ඉම් කොටැති සිවු මහදිවයිනට නායක වූ, සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත් රුවනින් සමන්‍වාගත වූ, සක්විති රජෙක් වෙයි. සක්රුවන, ඇත්රුවන, අස්රුවන, මිණිරුවන, ඉතිරිරුවන, ගැහැවිරුවන, සත්වනු පුත්රුවන ම යැ යි ඔහුට මේ සත්රුවන් කෙනෙක් වෙත්. ශූර, වීර ඇඟ රුව ඇති, සතුරු සෙන් මඩිනුයෙහි බුහුටි වූ පුත්තු අයිරා දහස් දෙනෙක් ඔහුට වෙත්. ඒ සක්විති තෙමේ සයුරහිම් කොට මේ පොළොව දඬුවමින් තොර වැ අවියෙන් තොර වැ දැහැමෙන් දිනා එයට අධිපති වැ වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි බිම වදනේ වී නම්. පෙරළා ලූ කෙලෙස් සෙවෙණි ඇති, රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි. මහණෙනි, යම් දෙතිස් මහපුරිස් ලකුණින් යුත් මහ පුරිස්හට ගති දෙකෙක්ම වේ ද, අන් තෙවැන්නෙක් නො වේ ද, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වන්නේ ද, ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම්, ලොවැ කෙලෙස් සෙවෙණි පෙරළා ලූ රහත් සම්මාසම්බුදුවරයෙක් වන්නේ ද, මහපුරිස්හුගේ එසේ වූ දෙතිස් මහපුරිස් ලකුණු කවුරු ද? යත්:
Pali BJT2. ඉධ භික්ඛවෙ, මහාපුරිසො සුප්පතිට්ඨිතපාදො හොති. යම්පි භික්ඛවෙ, මහාපුරිසො සුප්පතිට්ඨිතපාදො හොති, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
Sinhala BJT2. මහණෙනි, මෙහි මහ පුරිස් තෙමේ සුපිහිටි පා ඇත්තේ වෙයි. මහණෙනි ‘මහපුරිස්තෙමේ සුපිහිටි පා ඇත්තේය’ යන යමෙක් ඇද්ද, මෙය මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි.{1} යම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
Sinhala BJTතව ද අනෙකක් කියමි. මහ පුරිස්හුගේ යැටි පතුල්හි දහසක් දැවි ඇති, නිම්වළලු සහිත, නාභි සහිත හැම අයුරින් පිරිපුන් මොනොවට බෙදුණු අතර ඇති, සක් ලකුණෝ පහළ වූවාහු වෙත්. මහණෙනි, පුරිස්හුගේ යැටි පතුල්හි දහසක් දැවි ඇති, නිම්වළලු සහිත, නාභිසහිත, හැම අයුරින් පිරිපුන්, මොනොවට බෙදුණු අතර ඇති, සක් ලකුණෝ පහළ වූවාහු වෙත් යන යමෙක් ඇද්ද, මෙය ද මහණෙනි, මහපුරිස්හුගේ ලකුණෙක් වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, මහාපුරිසො ආයතපණ්හී හොති -පෙ- දීඝඞ්ගුලී හොති -පෙ- මුදුතළුනහත්ථපාදො හොති -පෙ- ජාලහත්ථපාදො හොති -පෙ- උස්සඞ්ඛපාදො හොති -පෙ- එණිජඞ්ඝො හොති -පෙ- ඨිතකො’ව අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති -පෙ- කොසොහිතවත්ථගුය්හො හොති -පෙ- සුවණ්ණවණ්ණො හොති කඤ්චනසන්නිභත්තචො -පෙ- සුඛුමච්ඡවි හොති සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙ න උපලිප්පති -පෙ- එකෙකලොමො හොති, එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි -පෙ- උද්ධග්ගලොමො හොති, උද්ධග්ගානි ලොමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි{2} පදක්ඛිණාවත්තකජාතානි -පෙ- බ්රහ්මුජ්ජුගත්තො හොති -පෙ- සත්තුස්සදො හොති -පෙ- සීහපුබ්බද්ධකායො හොති -පෙ- චිතන්තරංසො හොති -පෙ- නිග්රොධපරිමණ්ඩලො හොති, යාවතක්වස්ස කායො තාවතක්වස්ස බ්යාමො, යාවතක්වස්ස බ්යාමො තාවතක්වස්ස කායො -පෙ- සමවත්තක්ඛන්ධො හොති -පෙ- රසග්ගසග්ගී හොති -පෙ- සීහහනු හොති -පෙ- චත්තාළීසදන්තො හොති -පෙ- සමදන්තො හොති -පෙ- අවිරළදන්තො හොති -පෙ- සුසුක්කදාඨො හොති -පෙ- පහූතජිව්හො හොති -පෙ- බ්රහ්මස්සරො හොති, කරවීකභාණී -පෙ- අභිනීලනෙත්තො හොති -පෙ- ගොපඛුමො හොති -පෙ- උණ්ණා භමුකන්තරෙ ජාතා හොති ඔදාතා මුදුතූලසන්නිභා. යම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස උණ්ණාභමුකන්තරෙ ජාතා හොති ඔදාතා මුදුතූලසන්නිභා, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති. පුන චපරං භික්ඛවෙ, මහාපුරිසො උණ්හීසසීසො හොති. යම්පි භික්ඛවෙ, මහාපුරිසො උණ්හීසසීසො හොති, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
Sinhala BJTතව ද අනෙකෙකි. මහණෙනි, මහපුරිස් තෙමේ දික් විලුම් ඇත්තේ වෙයි … දික් ඇඟිලි ඇත්තේ වෙයි … මොළොක් වූ තුරුණු අතුල් පතුල් ඇත්තේ වෙයි … දැල් කවුළුවකට බඳු අත් පා ඇත්තේ වෙයි … මත්තෙහි ගොප් ඇටය පිහිටි පා ඇත්තේ වෙයි … ඕළු මුවන්ගේ බඳු කෙංඩා ඇත්තේ වෙයි … සිටියේ ම නො නැමෙනුයේ දෙ අත්ලෙන් දෙ දන ස්පර්‍ශ කෙරෙයි, පිරිමදියි … කොපුයෙහි ගිලුණු වස්තු ගුහ්‍යය ඇත්තේ වෙයි … රන් බඳු පැහැ ඇත්තේ, කසුන් පැහැ සිවිය ඇත්තේ වෙයි … සියුම් සිවිය ඇත්තේ වෙයි; සිවිය සියුම් බැවින් කයෙහි රජස් දැලි නො ලැගෙයි … එකෙකි ලොම් ඇත්තේ වෙයි. රෝමකූපයන්හි තනි තනි ම වැ (එකෙක් එකෙක් ම) ලොම් හට ගත්තේ වෙයි … උඩුකුරු අක්ඇති ලොම් ඇත්තේ වෙයි. උඩුකුරු වූ අක් ඇති, නිල් පැහැ අඳුන්වන්, කොඬොල් බඳු වක් වූ, දකුණට කරකැවුණු ලොම්හු හටගත්තාහු වෙත් … බඹහුගේ බඳු ඍජු (නොනැමුණු) සිරුරු ඇත්තේ වෙයි … කයැ දෙ අත් පිටු ඈ උස් වැ මතු වූ සත් තැනක් ඇත්තේ වෙයි … සීරදහක්හුගේ පෙරඩ කය බඳු පිරුණු කය ඇත්තේ වෙයි … පිරුණු (මොනොවට තැනුණු) පිටතුරු ඇත්තේ වෙයි … නුගරුකක් බඳු පිරිමඬුලු (සමප්‍රමාණ) කය ඇත්තේ වෙයි … ඔහුගේ කය යම් පමණ ද ඔහුගේ බඹය ද එ පමණ ම ය. ඔහුගේ බඹය යම් පමණ ද ඔහුගේ කයත් එ පමණ ම ය (කයේ උස පමණ ම බඹය ද වෙයි) … සම වට ගෙල ඇත්තේ වෙයි … (සත් සියක්) රසනහර තුඩු දුන් ගෙල ඇත්තේ වෙයි … සීරදක්හුගේ බඳු හනු ඇත්තේ වෙයි … සම සතලිසක් දත් ඇත්තේ වෙයි … සම වූ දත් ඇත්තේ වෙයි … අතරැ විවර නැති සේ පිහිටි දත් ඇත්තේ වෙයි … ඉතා සුදු දළ ඇත්තේ වෙයි … පුළුල් දිව ඇත්තේ වෙයි … බඹහුගේ බඳු කටහඬ ඇත්තේ, කුරවිකෙවිල්ලනගේ බඳු මධුර නාද ඇත්තේ වෙයි … ඉතා නිල් නෙතැත්තේ වෙයි … රත්පැහැ ලමා වස්සක්හුගේ බඳු ඇස්මඬල ඇත්තේ වෙයි … සුදු මොළොක් පුලුන් රොදක් බඳු ඌර්‍ණ රෝමයක් දෙබැම අතරැ හටගත්තේ වෙයි. මහණෙනි, යම් සුදු වූ මොළොක් වූ පුලුන් රොදක් බඳු ඌර්‍ණ රෝමයෙක් ද බැම අතරැ හටගත්තේ ද, මහණෙනි, මෙය ද මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි. තව ද අනෙකෙකි. මහපුරිස් තෙමේ උෂ්ණිෂ ශීර්‍ෂ වෙයි. (නළල් පටින් වෙළුණක්හු බඳු පිරිපුන් නළල් තල ද පිරිපුන් හිස ද ඇත්තේ වෙයි). මහණෙනි, මහපුරිස් තෙමෙ උෂ්ණීෂ ශීර්‍ෂ වෙයි යන යමෙක් ඇද්ද මෙය ද මහණෙනි, මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
Pali BJTඉමානි ඛො තානි භික්ඛවෙ, ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී -පෙ- සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො.
Sinhala BJTමහණෙනි, මොහු වනාහි යමෙකින් යුත් මහ පුරිස්හුහේ ගති දෙකෙක් ම වේ ද, අන් තෙවැන්නෙක් නො වේ ද, ගිහිගෙහි වුසුවොත් … සක්විති වන්නේ ද, ගිහි ගෙන් නික්ම ලොවැ කෙලෙස් සෙවෙණි පෙරළාලූ රහත් සම්මාසම්බුදුවරයෙක් වන්නේ ද, එසේ වූ මහ පුරිසක්හු පිළිබඳ වූ ඒ දෙතිස් මහ පුරිස් ලකුණුහු වෙත්.
Pali BJT3. ඉමානි ඛො භික්ඛවෙ, ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි බාහිරකා පි ඉසයො ධාරෙන්ති. නො ච ඛො තෙ ජානන්ති ‘ඉමස්ස කම්මස්ස කතත්තා ඉදං ලක්ඛණං පටිලභන්තී’ති.
Sinhala BJT3. මහණෙනි, ඒ මේ දෙතිස් මහ පුරිස් ලකුණුහු සස්නෙන් බැහැරැ වූ ඍෂීහු ද සිත්හි ලා දරත්. ඔහු එය සිත්හි නො දරන්නාහු නම්, මෙබඳු කර්‍මයක් කළ බැවින් මෙ නම් ලකුණ ලබා යැ යි නො දන්නාහු ය.
Pali BJTසුප්පතිට්ඨිතපාදලක්ඛණං (1)
Sinhala BJTසුප්‍රතිෂ්ඨිත පාද ලක්‍ෂණය (1)
Pali BJTයම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො දළ්හසමාදානො අහොසි කුසලෙසු ධම්මෙසු අවත්ථිතසමාදානො, කායසුචරිතෙ වචීසුචරිතෙ මනොසුචරිතෙ, දානසංවිභාගෙ සීලසමාදානෙ උපොසථුපවාසෙ මත්තෙය්යතාය පෙත්තෙය්යතාය සාමඤ්ඤතාය බ්රහ්මඤ්ඤතාය කුලෙජෙට්ඨාපචායිතාය අඤ්ඤතරඤ්ඤතරෙසු ච අධිකුසලෙසු ධම්මෙසු, සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. සො තත්ථ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති, දිබ්බෙන ආයුනා දිබ්බෙන වණ්ණෙන දිබ්බෙන සුඛෙන දිබ්බෙන යසෙන දිබ්බෙන ආධිපතෙය්යෙන දිබ්බෙහි රූපෙහි දිබ්බෙහි සද්දෙහි දිබ්බෙහි ගන්ධෙහි දිබ්බෙහි රසෙහි දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි. සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, සුප්පතිට්ඨිතපාදො හොති, සමං පාදං භූමියං නික්ඛිපති, සමං උද්ධරති, සමං සබ්බාවන්තෙහි පාදතලෙහි භූමිං ඵුසති. සො තෙන ලක්ඛණෙන සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්තරතනානි භවන්ති, සෙය්යථීදං චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං.
Sinhala BJTමහණෙනි, තථාගත තෙමේ පෙර දෑහි පෙර බෙවෙහි පෙරැ වුසූ තන්හි දී, පෙරැ මිනිස් වූයේ ම (පෙරැ මිනිස් වැ ඉපැද සිටි කල්හි) කුසල් දහම්හි දැඩි ගැනුම් ඇත්තේ, නිසල සමාදන් ඇත්තේ වී ද, කාය සුචරිතයෙහි ද වාක් සුචරිතයෙහි ද මනස්සුචරිතයෙහි ද, තමා ලත් කොටස බෙදා දී වැළඳීමෙහි ද, පන්සිල් ඈ සිල්සමාදන් වැ ගැන්මෙහි ද, පෙහෙවස් වුසුම්හි ද මවට කටයුතු වතාවත්හි ද පියාට කටයුතු වතාවත්හි ද මහණුනට කටයුතු සත්කාරයෙහි ද, බමුණනට කටයුතු සත්කාරයෙහි ද, කුලදෙටුවන් පුදන බව්හි ද, තවත් මෙ බඳුවූ අන් අන් වෙසෙසි කුසල් දහම්හි දැඩි ගැනුම් ඇත්තේ නිසල සමාදන් ඇත්තේ වී ය යන යමෙක් ඇද්ද, හෙ තෙම ඒ කර්‍ම කළ බැවින්, පුන පුනා කළ බැවින්, ඒ කර්‍මයාගේ උත්සන්න බැවින් අප්‍රමාණ බැවින් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. එහි ඒ මහපුරිස් තෙමෙ දෙව් ආයෙන් ද, දෙව් පැහැයෙන් ද, දෙව් සැපයෙන් ද, දෙව් යසසින් ද, දෙව් අධිපති බැවින් ද, දෙව් රුවින් ද, දෙව් හඬින් ද, දෙව් ගඳින් ද, දෙව් රෙසෙන් ද, දෙව් පහසින් ද යන දස කරුණෙකින් අන් දෙවියන් ඉක්මැ සිටී. හේ එයින් සැව මේ මිනිසත් බවට පැමිණියේ ම මේ මහපුරිස් ලකුණු ලබයි. හේ සුපිහිටි පා ඇත්තේ වෙයි, බිමැ සම ලෙස පා තබයි, සම ලෙස පා නඟයි. සියලු අවයවයෙන් යුත් පත්ලෙන් සමලෙස බිම පහසී (පාගායි). හේ ඒ ලකුණින් සමන්‍විතවූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ වී නම්, දසකුසල් දහම් රක්නා, දැහැමෙන් රජ වූ, සිවු සයුර හිම් කොටැති සිවු මහදිවයිනට නායක වූ, සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත් රුවනින් සමන්‍වාගත වූ සක්විති රජෙක් වෙයි. සක්රුවන ඇත්රුවන අස්රුවන මිණිරුවන ඉතිරිරුවන ගැහැවිරුවන සත් වනු පුත්රුවන ම යැයි ඔහුට මේ සත් රුවන් කෙනෙක් වෙත්.
Pali BJTපරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අඛීලමනිමිත්තමකණ්ටකං ඉද්ධං ඵීතං ඛෙමං සිවං නිරබ්බුදං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන සමෙන අභිවිජිය අජ්ඣාවසති. රාජා සමානො කිං ලභති? අවික්ඛම්භියො හොති කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පච්චාමිත්තෙන. රාජා සමානො ඉදං ලභති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො. බුද්ධො සමානො කිං ලභති? අවික්ඛම්භියො{1} හොති. අබ්භන්තරෙහි වා බාහිරෙහි වා පච්චත්ථිකෙහි පච්චාමිත්තෙහි රාගෙන වා දොසෙන වා මොහෙන වා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච.
Sinhala BJTශූර වූ, වීර ඇඟ රුවැති, සතුරු සෙන් මඩිනුයෙහි බුහුටි, අයිරාදහස් පුත් කෙනෙක් ඔහුට වෙත්. හේ සයුර හිම් කොටැති, සතුරන් නමැති හුල් නැති, උවදුරට කරුණු නැති, සතුරන් නමැති කටු නැති (නොහොත් සොරුන් සතුරන් නැති), සමෘද්ධ වූ සැපතින් පිරුණු, බිය රහිත, උවදුරු නැති, සොර සතුරු කැලැල් නැති මේ පොළොව දඬුයෙන් අවියෙන් තොර වැ දැහැමෙන් අත්පත් කොට ගෙන, නායක වැ වෙසෙයි. හෙ තෙමෙ රජ වන්නේ කුමක් නම් ලබා ද? හේ මිනිස් වූ කිසිදු සතුරු පසමිතුරක්හු විසින් නො මැඩැ ලියැ හැක්කේ වෙයි. රජ වනුයේ හේ මේ අනුසස් ලබයි. ඉදින් හෙ තෙමෙ ගිහි ගෙන් නික්මැ පැවිදි වන්නේ නම්, රහත් වූ ලොවැ සිඳ පෙරළා හළ කෙලෙස් සෙවෙණි ඇති සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදු වූයේ ම කුමක් නම් ලබා ද? ඇතුළතැ හෝ බැහැරතැ සිටි සතුරන් විසින්, පසමිතුරන් විසින් රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ දෙවියක්හු විසින් හෝ මරක්හු විසින් හෝ බඹක්හු විසින් හෝ ලොවැ කිසිදු එකක්හු විසින් මැඩැලියැ නොහැක්කේ වෙයි. බුදු වූයේ ම මේ අනුසස් ලබයි.
Pali BJTතත්ථෙතං වුච්චති:
Sinhala BJTභගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය ම ගාථාබන්‍ධනයෙන් කියනු ලැබේ:{1}
Pali BJTසච්චෙ ච ධම්මෙ ච දමෙ ච සංයමෙ සොචෙය්යසීලාලයුපොසථෙසු ච, දානෙ අහිංසාය අසාහසෙ රතො දළ්හං සමාදාය සමත්තමාචරි{2}
Sinhala BJT“හෙ තෙම සබවස්හි ද දස අකුසල්දහම්හි ද ඉඳුරන් දමනුයෙහි ද සිල් හැවුරුමෙහි ද තුන්දොරින් පිවිතුරු බව්හි ද සිල්රැක්මෙහි ද පෙහෙවස් වුසුම්හි ද දීමෙහි ද මෙරමා නොපෙළීමෙහි ද රෞද්‍ර නොවූ ක්‍රියාහි ද ඇලුණේ එය තරයේ සමාදන් ව ගෙන, නිමාවට ම පිරී ය.
Pali BJTසො තෙන කම්මෙන දිවං අපක්කමි{3} සුඛං ච ඛිඩ්ඩාරතියො ච අන්වභි තතො චවිත්වා පුනරාගතො ඉධ සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං.
Sinhala BJTහේ ඒ කුසල් කමින් දෙව්ලෝ පැමිණියේ ය. සැප ද කෙළිසුව ද පස්කම් ද හේ වැළැඳුයේ ය. එයින් සැව නැවැත මෙහි ආයේ, සම දෙපත්ලෙන් පොළොව පැහැසී.
Pali BJTබ්යාකංසු වෙය්යඤ්ජනිකා සමාගතා සමප්පතිට්ඨස්ස න හොති ඛම්භනා, ගිහිස්ස වා පබ්බජිතස්ස වා පුන{4} තං ලක්ඛණං භවති තදත්ථජොතකං.
Sinhala BJTරජගෙට සපැමිණි ගත ලකුණු කියන බමුණෝ “සම ලෙස බිමැ පිහිටුනා පතුල් ඇතියහුගේ සිටි තැනින් සැලීමෙක් නොවෙයි”ද, “ඒ සුපිහිටි පා ලකුණ ගිහියකු හෝ පැවිද්දකු හෝ පිළිබඳ වූ ඒ අරුත පවසනුයේ වේ යැ”යි ද පැවැසූහ.
Pali BJTඅක්ඛම්භියො හොති අගාරමාවසං පරාභිභූ සත්තුභි සත්තුමද්දනො, මනුස්සභූතෙනිධ හොති කෙනචි අක්ඛම්භියො තස්ස ඵලෙන කම්මුනො.
Sinhala BJTහේ ගිහි ගෙහි වසන්නේ නම්, සතුරන් විසින් නො මැඩැලියැ හැකි, අනුන් මැඩැ පවත්වනුයෙහි සමත්, සතුරන් මඩනා සක්විත්තෙක් වෙයි. ඒ කම්හුගේ ඵලයෙන් මිනිස් වූ කිසිවකු විසිනුත් සෙලැවියැ නො හැක්කේ වෙයි.
Pali BJTසචෙ ච පබ්බජ්ජමුපෙති තාදිසො නෙක්ඛම්මඡන්දාභිරතො විචක්ඛණො, අග්ගො න සො ගච්ඡති ජාතු ඛම්භතං නරුත්තමො එසහි තස්ස ධම්මතා’ති.
Sinhala BJTඑ බඳුවූ ඒ නුවණැත්තේ මහණදහම්හි ඇලුණේ ඉදින් පැවිදි වන්නේ නම්, ලොවට අගපත් වූයේ, හැම සත්නට උතුම් වූයේ, කිසි කලෙකත් මෙරමා ගෙන් සැලෙන බවට නො පැමිණෙයි. මේ ඒ මහාපුරිස්හු පිළිබඳ ධර්‍මතා යි.
Pali BJTපාදතලෙසු චක්කලක්ඛණං (2)
Sinhala BJTපාදතලයන්හි චක්‍රලක්‍ෂණ (2)
Pali BJT4. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො බහුජනස්ස සුඛාවහො අහොසි, උබ්බෙගං උත්තාසං භයං අපනුදිතා ධම්මිකං ච රක්ඛාවරණගුත්තිං සංවිධාතා සපරිවාරං ච දානං අදාසි. සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති. හෙට්ඨා පාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි සුවිභත්තන්තරානි. සො තෙන ලක්ඛණෙන සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? මහාපරිවාරො හොති, මහා’ස්ස හොන්ති පරිවාරා බ්රාහ්මණගහපතිකා නෙගමජානපදා ගණකා මහාමත්තා. අනීකට්ඨා දොවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානො භොගියා කුමාරා. රාජා සමානො ඉදං ලභති.
Sinhala BJT4. මහණෙනි, තථාගත තෙම පෙර දෑහි පෙර බෙවෙහි, පෙරැ වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම උද්වේග (සොර ආදීන්ගෙන් වන) බිය ද, උත්‍රාස (යක් ආදීන්ගෙන් වන උවදුරු) බිය ද දුරැලනුයේ දැහැමි රැකවරණ සලසනුයේ බොහෝ දෙනාගේ සුව පහසුව පිණිස වූයේ ය, පිරිවෙර සහිත ව දන් දුන්නේ ය යන යමෙක් ඇද්ද, හෙ තෙමෙ ඒ කර්‍ම කළ බැවින්, පුනපුනා කළ බැවින්, ඒ කර්‍මයාගේ උත්සන්න බැවින් අප්‍රමාණ බැවින් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොව උපදී … හේ එයින් සැව, මෙ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස් ලකුණ ලබයි. ඔහුගේ යැටි පතුල්හි දහසක් දැවි ඇති, නිම් වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන්, මොනොවට බෙදුණු අතර ඇති, සක්ලකුණු පහළ වූවෝ වෙත්. ඒ ලකුණෙන් සමන්‍විත හෙ තෙමෙ ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වූයේ ම කුමක් ලබා ද? මහ පිරිවර ඇත්තේ වෙයි. ඔහුගේ ඒ පිරිවර බමුණන් හා ගැහැවියෝ ය, නිගම්වැස්සන් හා දනවු වැස්සෝය, ගණකයන් (රජුගේ අයවැය ගණින්නන්) හා මහ ඇමැත්තෝ ය, සෙනඟ රක්නා ඇමැත්තෝ ය, දොරටු පල්ලෝ ය, පිරිස ද (පරපුරෙන් ම රජ පිරිසැ වූ) ඇමැත්තෝ ය, රජ දරුවෝ ය, ගම් මුදලියෝ ය, රජකුමරහු ය යන මහත් පිරිවර ඔහුට වෙයි. රජ වන්නේ හේ මෙකී දෑ ලබයි.
Pali BJTසචෙ අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො. බුද්ධො සමානො කිං ලභති? මහාපරිවාරො හොති, මහා’ස්ස හොන්ති පරිවාරා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච තත්ථෙතං වුච්චති:
Sinhala BJTඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම්, ලොවැ පෙරැළු කෙලෙස් සෙවෙණි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි. බුදු වනුයේ කුමක් ලබා ද? මහපිරිවර ඇත්තේ වෙයි. මහණහුය, මෙහෙණියෝ ය, උවසුවෝ ය, උවැසියෝ ය, දෙව්හු ය, මිනිස්සු ය, අසුරයෝ ය, නාගයෝ ය, ගඳෙවුහු යැ යි මහ පිරිවර ඔහුට වෙයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළසේක. එහි ගාථා බන්‍ධන වශයෙන් මෙය කියනු ලැබේ:
Pali BJTපුරෙ පුරත්ථා පුරිමාසු ජාතිසු මනුස්සභූතො බහුනං සුඛාවහො, උබ්බෙගඋත්තාසභයාපනූදනො ගුත්තීසු රක්ඛාවරණෙසු උස්සුකො.
Sinhala BJT“පෙරැ බොහෝ පූර්‍ව කාලයෙහි පළමු ජාතීන්හි දී මිනිස් වූයේ බොහෝ දෙනාට සුව එළැවී ය. උද්වේග උත්‍රාස නිසා උපදනා බිය දුරු කරන්නේ විය. ගෝපනයෙහි ද රක්‍ෂාවරණයෙහි ද උත්සුක විය.
Pali BJTසො තෙන කම්මෙන දිවං සමක්කමි සුඛඤ්ච ඛිඩ්ඩා රතියො ච අන්වභි, තතො චවිත්වා පුනරාගතො ඉධ චක්කානි පාදෙසු දුවෙසු වින්දති සමන්තනෙමීනි සහස්සරානි ච.
Sinhala BJTහේ ඒ කර්‍මයෙන් දෙව්ලෝ ගියේ ය. දෙව්ලෝ සුව ද දිව්‍ය ක්‍රීඩා හා පංචකාරම රතීන් ද වින්දේ ය. එයින් සැව, නැවත මෙහි ආයේ, හාත්පස නිම්වළලු ඇති, දහසක් දැවි ආදිය ඇති සක් ලකුණු දෙපත්ලෙහි ලබයි.
Pali BJTබ්යාකංසු වෙය්යඤ්ජනිකා සමාගතා, දිස්වා කුමාරං සතපුඤ්ඤලක්ඛණං පරිවාරවා හෙස්සති සත්තුමද්දනො තථා හි චක්කානි සමන්තනෙමීනි.
Sinhala BJTරජගෙට රැස්වූ නිමිත්තපාඨක බමුණෝ සිය පින් ලකුණු ඇති, කුමරහු දැක, මෙ තෙම මහත් පිරිවර ඇති, සතුරන් මඩින සක්විති රජෙක් වන්නේ ය. එසේ හෙයින් ම එයට පෙර නිමිති විසින් පතුල්හි හාත්පස නිම්වළලු ඇති සක්ලකුණු ඇත.
Pali BJTසචෙ න පබ්බජ්ජමුපෙති තාදිසො, වත්තෙති චක්කං පඨවිං පසාසති තස්සානුයුත්තා’ධ{1} භවන්ති ඛත්තියා මහායසං සම්පරිවාරයන්ති නං.
Sinhala BJTඉදින් එබඳු තැනැත්තේ පැවිද්දට නො පැමිණේ නම්, අණසක පවත්වයි, පෘථිවියට අනුශාසන කෙරේ. ඔහුට මෙහි ක්‍ෂත්‍රියයෝ අනුයුක්ත වෙත්. මහත් යශස් ඇත්තාහු ඔහු හාත්පස පිරිවරත්.
Pali BJTසචෙ ච පබ්බජ්ජමුපෙති තාදිසො, නෙක්ඛම්මඡන්දාභිරතො විචක්ඛණො දෙවා මනුස්සා සුරයක්ඛ{2}රක්ඛසා ගන්ධබ්බනාගා විහගා චතුප්පදා අනුත්තරං දෙවමනුස්සපූජිතං මහායසං සංපරිවාරයන්ති නන්ති.
Sinhala BJTඉදින් නෛෂ්කාම්‍යඡන්‍දයෙහි ඇලුණු එබඳු ඒ නුවණැත්තේ පැවිදි බවට පැමිණෙන්නේ නම්, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද යක්‍ෂයෝ ද රකුසෝ ද, ගන්‍ධර්‍වයෝ ද, නාගයෝ ද, පක්‍ෂීහු ද, සිවුපාවෝ ද අනුත්තර වූ දෙව්මිනිසුන් විසින් පුදන ලද මහත් යසස් ඇති ඔහු පිරිවරත්.
Pali BJTආයතපණ්හිතාදීනි තීණි ලක්ඛණානි (3-5)
Sinhala BJTආයතපණ්හිතාදි තුන් ලකුණු (3, 4, 5)
Pali BJT5. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො අහොසි, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහාසි, සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි තීණි මහාපුරිසලක්ඛණානි පටිලභති. ආයතපණ්හි ච හොති, දීඝඞ්ගුලි ච බ්රහ්මුජුගත්තො ච. සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො, සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? දීඝායුකො හොති චිරට්ඨිතිකො, දීඝමායුම්පාලෙති. න සක්කා හොති අන්තරා ජීවිතා වොරොපෙතුං කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පච්චාමිත්තෙන. රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? දීඝායුකො හොති චිරට්ඨිතිකො, දීඝමායුම්පාලෙති, න සක්කා හොති අන්තරා ජීවිතා වොරොපෙතුං පච්චත්ථිකෙහි පච්චාමිත්තෙහි සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. බුද්ධො සමානො ඉදං ලභති.
Sinhala BJT5. මහණෙනි, තථාගත තෙමේ පළමු ජාතීන්හි, පෙරැ සසරෙහි, පෙරැ වුසූ තන්හි පෙරැ මිනිස් වූයේ ම ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වැළැක්කේ වී ය, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ශස්ත්‍ර ඇත්තේ, පණිවායෙහි ලජ්ජා ඇත්තේ, සත්‍වයන් කෙරෙහි දයායෙන් යුක්ත වූයේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ විසීය යන යමෙක් ඇද්ද, හෙ තෙමෙ ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, උත්සන්න බැවින්, අප්‍රමාණ බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ එයින් සැව, මේ මිනිස්බවට පැමිණියේ ම, මේ මහ පුරිස් ලකුණු තුන ලබයි. හේ දික් විලුම් ඇත්තේ වෙයි, දිගැඟිලි ඇත්තේ ද වෙයි. බඹහට බඳු ඍජු ශරීරය ඇත්තේ වෙයි. ඒ ලක්‍ෂණයන්ගෙන් සමන්‍විත වූ හෙ තෙමේ ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, … සක්විති රජෙක් වෙයි. රජ වනුයේ කුමක් ලබා ද? හේ බොහෝ කල් ජීවත් වනුයේ දීර්‍ඝායුෂ්ක වෙයි. දීර්‍ඝ ආයුෂයක් රක්‍ෂා කෙරෙයි. මනුෂ්‍ය වූ කිසි සතුරකු විසින් පසමිතුරකු විසින් අතරැ දිවියෙන් තොර කරන්නට නො හැකි වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබා ද? බොහෝ කල් ජීවත් වනුයේ දීර්‍ඝායුෂ්ක වෙයි, දීර්‍ඝ ආයුෂ පාලනය කෙරෙයි. කිසි සතුරු පසමිතුරු මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවකුදු විසින් අතරැ දිවියෙන් තොර කරන්නට නො හැකි වෙයි. බුදු වන්නේ මෙය ලබයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය ගාථායෙන් මෙසේ කියනු ලැබේ:
Pali BJTමරණවධ{1}භයත්තනො විදිත්වා පටිවිරතො පරමාරණායහොසි{2} තෙන සුචරිතෙන සග්ගමගමා{3} සුකතඵලවිපාකමනුභොසි.
Sinhala BJT‘තමහට මරණ වධයෙන් උපන් බිය දැන, මෙරමා නැසීමෙන් වැළැක්කේ විය. ඒ කුශලකර්‍මයෙන් ස්වර්‍ගයට පැමිණියේ ය. කුශල කර්‍මයාගේ ඵලවිපාකය අනුභව කෙළේ ය.
Pali BJTචවිය පුනරිධාගතො සමානො පටිලභති ඉධ තීණි ලක්ඛණානි, භවති විපුලදීඝපාසණ්හිකො බ්රහ්මා’ව සුජු සුභො සුජාතගත්තො.
Sinhala BJTදෙව්ලොවින් සැව, නැවැත මෙහි ආයේ ම, ලක්‍ෂණ තුනක් ලබයි. මහත් වූ දික් විලුම් ඇත්තේ වෙයි. බඹහු මෙන් මොනොවට ඍජු වූයේ ශෝභන වෙයි, මොනොවට උපන් ගාත්‍ර ඇත්තේ වෙයි.
Pali BJTසුභුජො සුසු සුසණ්ඨිතො සුජාතො මුදුතළුණඞ්ගුලියස්ස හොන්ති දීඝා, තීහි පුරිසවරග්ගලක්ඛණෙහි චිරයපනාය{4}කුමාරමාදිසන්ති.
Sinhala BJTයහපත් බාහු ඇත්තේ, තරුණ වූයේ, මනා සටහන් ඇත්තේ, මොනොවට උපන්නේ වෙයි, ඔහුගේ මොළොක් තරුණ ඇඟිල්ලෝ දික් වෙත්. මෙකී ශ්‍රේෂ්ඨ වූ තුන් මහ පුරිස් ලකුණින් කුමරහු බොහෝ කල් ජීවත් වනු පිණිස (සමතක්හු කොට) නිමිත්තපාඨකයෝ දක්වත්.
Pali BJTභවති යදි ගිහී චිරං යපෙති චිරතරං පබ්බජති යදි තතො හි යාපයති වසිද්ධි භාවනාය ඉති දීඝායුකතාය තන්නිමිත්තන්ති.
Sinhala BJTඉදින් ගිහි වන්නේ නම්, බොහෝ කල් ජීවත් වේ. ඉදින් පැවිදි වන්නේ නම්, වශීතාප්‍රාප්ත වූයේ, ඍද්ධි භාවනායෙන් යුක්ත වූයේ, එයට වඩා බෝකල් ජීවත් වෙයි. මෙසේ දීර්‍ඝායුෂ්ක බවට ඒ ලකුණැ යි කීහ.
Pali BJTසත්තුස්සදතාලක්ඛණං (6)
Sinhala BJTසප්තෝත්සද ලක්‍ෂණ (6)
Pali BJT6. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො දාතා අහොසි පණීතානං රසිතානං ඛාදනීයානං භොජනීයානං සායනීයානං ලෙහනීයානං පානානං, සො තස්ස කම්මස්ස කතත්තා -පෙ- තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, සත්තුස්සදො හොති. සත්තස්ස උස්සදා හොන්ති: උභොසු හත්ථෙසු උස්සදා හොන්ති, උභොසු පාදෙසු උස්සදා හොන්ති, උභොසු අංසකූටෙසු උස්සදා හොන්ති, ඛන්ධෙ උස්සදො හොන්ති. සො තෙන ලක්ඛණෙන සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? ලාභී හොති පණීතානං රසිතානං ඛාදනීයානං භොජනීයානං සායනීයානං ලෙහනීයානං පානානං. රාජා සමානො ඉදං ලභති. බුද්ධො සමානො කිං ලභති? ලාභී හොති පණීතානං රසිතානං ඛාදනීයානං භොජනීයානං සායනීයානං ලෙහනීයානං පානානං. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT6. මහණෙනි, තථාගත තෙමේ පෙර දෑහි, පෙර සසරෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම ප්‍රණීත වූ රසවත් වූ කෑ යුතු දෑ ද, බුදියැ යුතු දෑ ද, රස වින්ද යුතු දෑ ද, ලෙවියැ යුතු දෑ ද, අෂ්ට පානයන් ද දෙන්නේ වි ය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, ඒ කර්‍මයාගේ උත්සන්න බැවින්, මහත් බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි … හේ එයින් සැව මේ මිනිස් බවට පැමිණියේ ම මෙ මහ පුරිස්ලකුණ ලබයි: සත් තැනෙක උත්සන්න වෙයි: සත් තැනෙක්හි පිරිපුන් මස් ඇති වෙයි: දෙ පිටු අත්ලෙහි පිරිපුන් මස් ඇති වෙයි. දෙ පිටු පතුල්හි පිරිපුන් මස් ඇති වෙයි, දෙ උරහිස්හි පිරිපුන් මස් ඇති වෙයි, කරෙහි පිරිපුන් මස් ඇති වෙයි. හෙ තෙමේ ඒ සප්ත උත්සද ලක්‍ෂණයෙන් සමන්‍විත වූයේ, ඉදින් ගිහි ගෙහි වෙසේ නම්, … සක්විති රජ වෙයි. රජ වන්නේ මෙය ලබයි. ප්‍රණීත වූ රසවත් වූ ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙයයන් ලබන සුලු වෙයි. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබා ද? ප්‍රණීත වූ රසවත් වූ ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙයයන් ලබන සුලු වෙයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ගාථාබන්‍ධනයෙන් මෙය කියනු ලැබෙයි:
Pali BJTඛජ්ජභොජනං අථ ලෙය්යසායියං උත්තමග්ගරසදායකො අහු. තෙන සො සුචරිතෙන කම්මුනා නන්දනෙ චිරමභිප්පමොදති.
Sinhala BJT‘ලෝකෝත්තම තෙමේ ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය ස්වාද්‍ය යන අග්‍ර රස දෙන්නේ විය. හේ ඒ කුශල කර්‍මයෙන් බොහෝ කල් නදුනුයනෙහි වෙසෙසින් ප්‍රමුදිත වෙයි.
Pali BJTසත්තචුස්සදො ඉධාධිගච්ඡති හත්ථපාදමුදුතලඤ්ච වින්දති, ආහු බ්යඤ්ජනනිමිත්තකොවිදා ඛජ්ජ භොජ්ජ රසලාභිතාය නං.
Sinhala BJTමෙහි උත්සන්න වූ සත් තැනක් ලබයි. මෘදු වූ අතුල් පතුල් ද ලබයි. ඛාද්‍ය භෝජ්‍ය රස ලබන බවට එය ලකුණෙකැ’යි ලක්‍ෂණ ශාස්ත්‍රඥයෝ කීහ.
Pali BJTතං ගිහිස්සපි තදත්ථජොතකං පබ්බජ්ජම්පි ච තදාධිගච්ඡති, ඛජ්ජභොජනස්ස ලාභිරුත්තමං ආහු සබ්බගිහිබන්ධනච්ඡිදන්ති.
Sinhala BJTඒ ලක්‍ෂණය ගිහියාටත් ඒ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නේ වෙයි. පැවිදි වන්නේ ද එය ලබයි. එය උතුම් ඛාද්‍ය භෝජ්‍ය රස ලබන සුලු, සියලු ගිහිබැඳුම් සිඳිනා කෙනකු පවසයි.
Pali BJTකරචරණමුදුජාලතාලක්ඛණානි (7-8)
Sinhala BJTකරවරණමෘදුතාජාලතාලක්‍ෂණ (7, 8)
Pali BJT7. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො චතූහි සඞ්ගහවත්ථූහි ජනං සඞ්ගාහකො අහොසි දානෙන පෙය්යවජ්ජෙන{1} අත්ථචරියාය සමානත්තතාය, සො තස්ස කම්මස්ස කතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි ද්වෙ මහාපුරිසලක්ඛණානි පටිලභති, මුදුතළුණහත්ථපාදො ච හොති ජාලහත්ථපාදො ච. සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො, සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? සුසඞ්ගහිතපරිජනො හොති, සුසඞ්ගහිතා’ස්ස හොන්ති බ්රාහ්මණගහපතිකා නෙගමජානපදා ගණකා මහාමත්තා අනීකඨා දොවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානො භොගියා කුමාරා. රාජා සමානො ඉදං ලභති. බුද්ධො සමානො කිං ලභති? සුසඞ්ගහිතපරිජනො හොති, සුසඞ්ගහිතා’ස්ස හොන්ති භික්ඛූ භික්ඛුණියො උපාසකා උපාසිකායො දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT7. මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි පළමු අත්බව්හි, පළමු වාසස්ථානයන්හි පෙරැ මිනිස්වූයේ ම, දානයෙන් ප්‍රිය වචනයෙන් අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් සමානාත්මතායෙන් යන සතර සංග්‍රහ වස්තූන්ගෙන් ජනයාට සංග්‍රහ කරන්නේ වී ය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින් රැස් කළ බැවින්, ඒ කර්‍මයාගේ උත්සන්න බැවින්, මහත් බැවින්, කාබුන් මරණින් මතු, මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ එයින් සැව, මෙ මිනිස්බවට ආයේ ම මේ මහපුරිස් ලකුණු දෙක ලබයි: හේ මොළොක් තරුණ අතුල් පතුල් ඇත්තේ ද දැල් කවුළුවකට බඳු අත් පා ඇත්තේ ද වෙයි. හේ ඒ ලකුණුවලින් සමන්‍විත වූයේ, ඉදින් ගිහි ගෙයි වසන්නේ නම් ... සක්විති රජ වෙයි. රජවන්නේ කුමක් ලබයි ද? (සිවු සඟරා වතින්) මොනොවට සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇත්තේ වෙයි. ඔහු විසින් බමුණු ගැහැවි ජනයෝ ද, නිගම් වැසි දනවු වැසි ජනයෝ ද, අයවැය ගණන් කරන්නෝ ද, මහා මාත්‍රයෝ ද, සේනාඞ්ගරක්නා හස්ත්‍යාචාර්‍ය්‍යාදීහු ද ඇමැතියෝ ද පරම්පරාගත වැ රජ පිරිසෙහි වූවෝ ද, රජහු ද, රජුන්ගෙන් ලත් භෝග සම්පත් ඇත්තෝ ද, රජකුමරුවෝ ද යන මොහු හැම ඔහු විසින් මොනොවට සංග්‍රහ කරන ලද්දාහු වෙත්. රජ වන්නේ මෙය ලබයි. බුදු වන්නේ කුමක් ලබා ද? යත්: මොනොවට සංග්‍රහ කරන ලද පරිවාර ජනයා ඇත්තේ වෙයි. ඔහු විසින් මහණහු ද මෙහෙණෝ ද උවසුවෝ ද උවැසියෝ ද දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්‍ධර්‍වයෝ ද මොනොවට සංග්‍රහ කරන ලද්දාහු වෙත්. බුදු වන්නේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි එය මෙසේ ගාථායෙන් කියනු ලැබේ:
Pali BJTදානම්පි චත්ථචරියතඤ්ච{2} පියවදනංච සමානඡන්දතංච{3} කරිය චරිය සුසඞ්ගහං බහුන්නං{4} අනවමතෙන ගුණෙන යාති සග්ගං.
Sinhala BJT‘හෙ තෙම දානය ද අර්‍ත්‍ථචර්‍ය්‍යාව ද ප්‍රියවාදිතාව ද සමානාත්මතාව ද කොට බොහෝ දෙනාට මැනැවින් සංග්‍රහ කොට, අනින්‍දිත (ප්‍රශස්ත) ගුණ හෙයින් ස්වර්‍ගයට යෙයි.
Pali BJTචවිය පුනරිධාගතො සමානො කරචරණමුදුතලඤ්ච ජාලිනො ච, අතිරුචිරසුවග්ගුදස්සනෙය්යං පටිලභති දහරො සුසු කුමාරො.
Sinhala BJTඑයින් සැව නැවත මෙහි ආයේ ම ළදරු වූයේ, ඉතා සිවුමැලි වූයේ, ඉතා පැහැපත්, ඉතා මනෝඥ, දැකුම් කටයුතු, මොළොක් වූ අතුල් පතුල් ද ජාලලක්‍ෂණ ද ලබයි.
Pali BJTභවති පරිජනස්සවො විධෙය්යො මහිමිම මාවසතෙ{1} සුසඞ්ගහිතො, පියවදූ හිතසුඛතං ජිගිංසමානො{2} අභිරුචිතානි ගුණානි ආචරන්තො.{3}
Sinhala BJTපිරිවර ජන තෙමේ කීකරු වේ. කටයුත්තෙහි මෙහෙයැවියැ හැකි වේ. මොනොවට සංග්‍රහ කරන ලද්දේ මෙ පොළොවෙහි වෙසෙයි. පිය බස් කියන්නේ, හිත සුව සොයනුයේ, වෙසෙසින් සිත්කලු වූ ගුණයන් වඩන්නේ වෙයි.
Pali BJTයදි ච ජහති සබ්බකාමභොගං කථයති ධම්මකථං ජිනො ජනස්ස, වචනපටිකරස්සාභිප්පසන්නා සුත්වා ධම්මනුධම්මමාචරන්තී{4}ති
Sinhala BJTඉදින් සියලු පස්කම් සුව හරනේ නම් පව් දිනූයේ (බුදු වූයේ) දහම් දෙසයි. උන්වහන්සේගේ දේශනාව අසා ඉතා පහන්වූවාහු, වචනය පිළිපදනාහු ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ති පුරත්.