Pali BJT“සක්කා මහාරාජ. තෙන හි මහාරාජ සුණොහි සාධුකං මනසි කරොහි භාසිස්සාමී”ති.
Sinhala BJT“හැකි යි, මහරජාණෙනි. එසේ නම් අසන්නැ. මොනවට සිත යොමු කරන්නැ. කියන්නෙමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
Pali BJT“එවං භන්තෙ”ති ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පච්චස්සොසි.
Sinhala BJT“එසේ ය, වහන්සැ” යි කියා වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ පිළිවදන් දුන්නේ ය.
Pali BJT28. භගවා එතදවොච: “ඉධ මහාරාජ, තථාගතො ලොකො උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති.
Sinhala BJT28. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහරජාණෙනි, මෙහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තරපුරුෂදම්‍යසාරථී වු දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත, සම්මත දෙවියන්(රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද)කොට, මධ්‍යෙයහි භද්‍රක (නිවරද)කොට, අවසනැ භද්‍රක (නිවරද) කොට, අර්‍ත්‍ථ සහිත කොට, ව්‍යඤ්ජනයෙන් සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පූර්‍ණ කොට, පිරිසිදු කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහීත වූ සියලු) ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි.
Pali BJTතං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: ‘සම්බාධො ඝරාවාසො රජාපථො{1}. අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති.
Sinhala BJTගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍විත වූයේ, ‘ගිහිගෙයි විසීම් සම්බාධයෙකි (අවහිරයෙකි). (රාගාදී රජස් නැගෙන) රජස් පථයකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශංඛලිඛිතයක් සේ මේ බඹසර සරන්නට පහසු නොවේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’යි මෙසේ නුවණින් සලකයි.
Pali BJTසො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙන. පරිසුද්ධාජීවො සීලසම්පන්නො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො සන්තුට්ඨො.
Sinhala BJTහේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වු හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිසි හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමෝක්ඛසංවරයෙන් සමන්‍විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නේ, නිවරද වූ කායවාක්කර්‍මයෙන් සමන්‍විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සත් තන්හි) සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ, සිව්පසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්‍ෂාපදයන්හි සමාදන් වැ හික්මෙයි.
Pali BJT29. කථඤ්ච මහාරාජ, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ මහාරාජ, භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො. සබ්බපාණභූතහිතානුකම්පී විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT29. මහරජ, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේද? යත්: මහරජ, මෙහි මහණ තෙමේ ප්‍රාණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නොදරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නො දරන්නේ) පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.
Pali BJTඅදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී. අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTහේ අදත්තාදානය හැරැ දමා, නොදුන් දෑ ගැන්මෙන් මුළුමනින් වැළැක්කේ වෙයි. දුන් දැය ම පිළිගන්නාසුලු වූයේ, දුන් දැය ම සිතිනුත් කැමැති වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදු සිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJTඅබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී{1} විරතො මෙථුනා ගාමධම්මා. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTහේ අබ්රම්සර දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJTමුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො{2} පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTහේ බොරු කීම දුරැ ලා, බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJTපිසුණං වාචං{3} පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය. අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සහිතානං වා අනුප්පදාතා{4} සමග්ගාරාමො{5} සමග්ගරතො සමග්ගනන්දිං සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTහේ කේලාම් කීම දුරැ ලා, කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන් ගෙන්) බිඳවනු පිණිස එතැන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතන්හි නො කියන සුලු වූයේ, මෙසේ බිඳුනවුන් ගළපන්නේ (සමඟි කරන්නේ) ද, එකට ගැළැපුනවුන් (සමඟියට පැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමඟියෙන් සිටින්නවුන් හා වාසය කැමැත්තේ, සමඟියෙන් වසන්නවුනට කැමැත්තේ, සමඟ වැ සිටින්නවුනට සතුටු වනුයේ, සමඟිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJTඵරුසං වාචං{6} පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා{7} හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං{8} වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTහේ රළු බිණුම් දුරැ ලා, රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදැගන්නා, නො ගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලයෙක් වේ.
Pali BJTසම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී. නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසඤ්හිතං. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTහේ බොල් හිස් දෙඩැවිලි හැරැදමා, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාල වේලායෙහි කථා කරනසුලු වූයේ, ඇත්තම කියනසුලු වූයේ, වැඩ සලසන බසක් ම කියනසුලු වූයේ, නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක්ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT30. බීජගාමභූතගාමසමාරම්භා{1} පටිවිරතො හොති. එකභත්තිකො{2} හොති රත්තූපරතො{3} පටිවිරතො{4} විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා{5} පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා{6} පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා{6} පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා{6} පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා{6} පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා{6} පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා{6} පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා{6} පටිවිරතො හොති. හත්ථිගවස්සවළවා{7}පටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපෙහණ{8}ගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා{9} පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචි{10}යොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා{11} පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT30. හේ බීජසමූහ (=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූත මෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJTචුල්ලසීලං{12} නිට්ඨිතං.
Sinhala BJTචූල්ලසීලය නිමියේ ය.
Pali BJT31. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භං{13} අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: මූලබීජං ඛන්ධබීජං ඵලුබීජං{14} අග්ගබීජං බීජබීජමෙව{15} පඤ්චමං. ඉති වා ඉති එවරූපා{16} බීජගාමභූතගාමසමාරම්භා{17} පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT31. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලවීජ ද (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්‍ධවීජ ද (නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද (වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි) කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වූ වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT32. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං. ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT32. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම, වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT33. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාලං කුම්භථූනං සොභනකං{1} චණ්ඩාලං වංසං ධොපනකං{2} හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං{3} උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං{4} කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං{5} නිබ්බුද්ධං උය්යොධිකං බලග්ගං සෙනාබ්යූහං අණීකදස්සනං{6}. ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT33. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසීම), වේතාල (දඬුමුවා තාලම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිව්රස් බෙර වැයුම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දෙවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්‍දීගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සණදොවුන් කෙළිය (හෝ ආයෝගුඩ ක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය (මළවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අශ්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙතෙමේ මේ හෝ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT34. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලකං පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං. ඉති වා ඉති එවරූපා ජූතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT34. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළ නළා පිඹුම, කෙළිනගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රිඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය, (පිටේ හෝ අහසේ අකුරු ඇඳ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන් ආදීන් සේ ඉරියව් පැවැත්වීම) යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT35. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං ඉති වා ඉති එවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT35. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, පලඟය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, එළුලොම්මුවා සුදු ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය, තිලිය(පුළුන් මෙත්තය), සිංහාදිරූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, කෝසේයිය හුයින් වියූ ඇතිරිය, අසු පිටැ එලන ඇතිරිය, රිය එලන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන බෙමඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT36. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාවිලෙපනං මුඛචුණ්ණකං{1} මුඛලෙපනං{2} හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩකං නාළිකං ඛග්ගං ඡත්තං චිත්රූපාහනං උණ්හීසං මණිං වාලවීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි. ඉති වා ඉති එවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT36. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත් පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිසඈහි මස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදී ඇඟ අඩු තැන් පිරවීමටත් ඇඟ සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT37. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං [කුමාරකථං කුමාරිකථං]{3} සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT37. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමාත්‍ය කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, ආහාර කථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලා කථා, ගන්‍ධකථා, ඥාති කථා, යාන කථා, ග්‍රාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, ස්ත්‍රී කථා, පුරුෂ කථා, කුමාර කථා, කුමාරී කථා, ශූර කථා, වීථි කථා, කුම්භස්ථාන කථා, නානාත්‍ව කථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභව කථා යන මේ බඳු වූ තිරශ්චීන කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT38. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි. අහමස්මි සම්මා පටිපන්නො. සහිතං මෙ, අසහිතං තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච. පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං{4} තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො. නිග්ගහීතො ත්වමසි. චර වාදප්පමොක්ඛාය. නිබ්බෙඨෙහි වා සචෙ පහොසී”ති. ඉති වා ඉති එවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT38. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම් විනය කිමැ’යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT39. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්යපහිණගමනානුයොගමනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රඤ්ඤං රාජමහාමත්තානං ඛත්තියානං බ්රාහ්මණානං ගහපතිකානං කුමාරානං “ඉධ ගච්ඡ. අමුත්රාගච්ඡ. ඉදං හර. අමුත්ර ඉදං ආහරා”ති. ඉති වා ඉති එවරූපා දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT39. යම්සේ සමහර භවත් මහණබමුණෝ “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්න, අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ, මෙබඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මේ වැනි වූ දූත මෙහෙවරින්, පණිවිඩ ගෙන යෑමෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT40. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච ලාභෙන ච ලාභං නිජිගිංසිතාරො. ඉති වා ඉති එවරූපා කුහනලපනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT40. යම්සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJTමජ්ඣිමසීලං නිට්ඨිතං.
Sinhala BJTමධ්‍යමශීලය නිමියේ ය.
Pali BJT41. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං{1} කප්පෙන්ති, සෙය්යථිදං: අඞ්ගං නිමිත්තං උප්පාතං{2} සුපිණං{3} ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං __කණහොමං__ තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා{4} සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං{5} සරපරිත්තාණං මිගචක්කං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT41. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්‍ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්‍ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT42. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං{6} අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං{7} ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිසලක්ඛණං{8} උසභලක්ඛණං ගොලක්ඛණං{9} අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං{10} කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT42. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය, වත්ලකුණුය, දඬුලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණු ය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස්ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය, යන ආදී මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT43. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති සෙය්යථිදං: රඤ්ඤං නිය්යානං භවිස්සති, රඤ්ඤං අනිය්යානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති. ඉති ඉමස්ස ජයො භවිස්සති. ඉමස්ස පරාජයො භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT43.. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල සිටින සතුරු රජුන්ගේ යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය, අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, රට ඇතුළතැ සිටින රජුනට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු වු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT44. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථීදං: චන්දග්ගාහො භවිස්සති. සුරියග්ගාහො භවිස්සති. නක්ඛත්තග්ගාහො භවිස්සති. චන්දිමසුරියානං පථගමනං භවිස්සති. චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති. නක්ඛත්තානං පථගමනං භවිස්සති. නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. උක්කාපාතො භවිස්සති. දිසාඩාහො භවිස්සති. භූමිචාලො භවිස්සති. දෙවදුන්දුභි භවිස්සති. චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං{1} සංකිලෙසං වොදානං භවිස්සති. එවංවිපාකො චන්දග්ගාහො භවිස්සති. එවංවිපාකො සුරියග්ගාහො භවිස්සති. එවංවිපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති. එවංවිපාකං චන්දිමසුරියානං පථගමනං භවිස්සති. එවංවිපාකං චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති. එවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති. එවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. එවංවිපාකො උක්කාපාතො භවිස්සති. එවංවිපාකො දිසාඩාහො භවිස්සති. එවංවිපාකො භූමිචාලො භවිස්සති. එවංවිපාකො දෙවදුන්දුභි භවිස්සති. එවංවිපාකං චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සඞ්කිලෙසං වොදානං භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT44. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍ය්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය. සූර්‍ය්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චන්‍ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්‍ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නො මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT45. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: සුබ්බුට්ඨිකා භවිස්සති. දුබ්බුට්ඨිකා භවිස්සති. සුභික්ඛං භවිස්සති. දුබ්භික්ඛං භවිස්සති. ඛෙමං භවිස්සති. භයං භවිස්සති. රොගො භවිස්සති. ආරොග්යං භවිස්සති. මුද්දා ගණනා සංඛානං කාවෙය්යං ලොකායතං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT45. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම)ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT46. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: ආවාහනං විවාහනං සංවදනං විවදනං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිත්ථම්භනං{2} හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිකපඤ්හං දෙවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හානං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT46. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගැබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳීම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම යන මේ හෝ අන් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවිපවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද, අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT47. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරෙචනං උද්ධවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභෙසජ්ජානං අනුප්පදානං ඔසධීනං පටිමොක්ඛො. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT47. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, ප්‍රණිධිකර්‍ම, භූරිකර්‍ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තුකර්‍ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවීම, සෙත් පතා ගිනිපිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශිර්‍ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහියන් සඳහා ඇස පටලයට සිසිල ගන්වන නෙත් තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම, ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට පිළියම් කිරීම, ගිහියනට ශල්‍යකර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කායචිකිත්සාව) , කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගලවා දැමීම යැ” යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිර්‍ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT48. ස ඛො{1} සො මහාරාජ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සෙය්යථාපි මහාරාජ, ඛත්තියො මුද්ධාවසිත්තො{2} නිහතපච්චාමිත්තො න කුතොචි භයං සමනුපස්සති යදිදං පච්චත්ථිකතො, එවමෙව ඛො මහාරාජ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති. එවං ඛො මහාරාජ, භික්ඛු සීලසම්පන්නො හොති.
Sinhala BJT48. මහරජාණෙනි, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. මහරජාණෙනි, ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්‍ෂත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී. හේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මහරජ, මෙසේ වනාහි මහණ තෙමේ ශීලසම්පන්න වේ.
Pali BJT49. කථඤ්ච මහාරාජ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති? ඉධ මහාරාජ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං{3} තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති. එවං ඛො මහාරාජ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJT49. මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේ ද? යත්: මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදිවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද) එහි (ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී. ඒ චක්‍ෂුරින්‍ද්‍රියය රකී. ඒ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ... නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට … දිවෙන් රස ආස්වාද කොට … කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්‍ශ කොට … සිතින් ධර්‍මාලම්බන දැන, ශුභාදිවශයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට ගන්නේ නො වේ. යම් කරුණෙකින් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය … ඝ්‍රාණේන්‍ද්‍රියය … ජිහ්වේන්‍ද්‍රියය … කායේන්‍ද්‍රියය … මනඉන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂමලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නොහොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද), ඒ ශ්‍රෝත්‍රෙන්‍ද්‍රියයාගේ … ඝ්‍රාණේන්‍ද්‍රියයාගේ …ජිහ්වේන්‍ද්‍රියයාගේ … කායේන්‍ද්‍රියයාගේ … මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත්‍ර … ඝ්‍රාණ … ජිහ්වා … කාය … මන ඉන්‍ද්‍රියය රකී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. මහරජාණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ වේ.
Pali BJT50. කථඤ්ච මහාරාජ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධ මහාරාජ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සමිඤ්ජිතෙ{1} පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො මහාරාජ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති.
Sinhala BJT50. මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්‍විත වේ ද? යත්: මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි, නුවණින් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. මහරජාණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ සිහි නුවණින් සමන්‍විත වෙයි.
Pali BJT51. කථඤ්ච මහාරාජ, භික්ඛු සන්තුට්ඨො හොති? ඉධ මහාරාජ, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන කුච්ඡිපරිහාරියෙන{2} පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි මහාරාජ, පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරො’ව ඩෙති, එවමෙව ඛො මහාරාජ, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන කුච්ඡිපරිහාරියෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. එවං ඛො මහාරාජ, භික්ඛු සන්තුට්ඨො හොති.
Sinhala BJT51. මහජරාණෙනි, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද? යත්: මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. මහරජාණෙනි, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, මහරජාණෙනි, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. මහරජාණනි, මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.
Pali BJT52. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන{3} සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJT52. මහරජාණෙනි, ඒ මහණ තෙමේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජානනයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි, පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා, කමටහනට අභිමුඛ කොට සිහිය එළවා හිඳී.
Pali BJT53. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT53. හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්‍ධය කෙරෙහි) ඇල් ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජ්ඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත්(කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ), සංසිඳුනු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJT54. සෙය්යථාපි මහාරාජ, පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්යුං, සො යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තීකරෙය්ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරභරණාය, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසිං. තස්ස මෙ තෙ කම්මන්තා සමිජ්ඣිංසු. සො හං යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තී අකාසිං. අත්ථි ච මෙ උත්තරිං අවසිට්ඨං දාරභරණායා”ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT54. මහරජාණෙනි, යම්සේ පුරුෂයෙක් (පොලියට) ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පළමුයෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි, ඒ මගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම් එය ගෙවා අවසන් කෙළෙමි, අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ”යි, මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණය නැති බව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT55. සෙය්යථාපි මහාරාජ, පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො, භත්තං චස්ස නච්ඡාදෙය්ය, න චස්ස කායෙ බලමත්තා, සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය, භත්තඤ්චස්ස ඡාදෙය්ය, සියා චස්ස කායෙ බලමත්තා, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො. භත්තං ච මෙ නච්ඡාදෙසි. නචස්ස මෙ ආසි කායෙ බලමත්තා. සො’ම්හි එතරහි තම්හා ආබාධා මුත්තො භත්තඤ්ච මෙ ඡාදෙති. අත්ථි ච මෙ කායෙ බලමත්තා”ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT55. මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟ පත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියෙන්නේ නම්, ඔහු ඇඟ පත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩිව ගිලන් බව් ඇති ලෙඩෙක් වීමි. මට ආහාර ද රිසි නොවී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට ආහාර ද රිසියෙයි. මා ඇඟ පත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT56. සෙය්යථාපි මහාරාජ, පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස, සො අපරෙන සමයෙන තම්හා බන්ධනාගාරා මුච්චෙය්ය සොත්ථිනා අබ්බයෙන{1}, න චස්ස කිඤ්චි භොගානං වයො, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං. සො’ම්හි එතරහි තම්හා බන්ධනාගාරා මුත්තො සොත්ථිනා අබ්බයෙන. නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයො”ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT56. මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිරගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT57. සෙය්යථාපි මහාරාජ, පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො, සො අපරෙන සමයෙන තම්හා දාසබ්යා මුච්චෙය්ය අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො, සො’ම්හි එතරහි තම්හා දාසබ්යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො”ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT57. මහරජාණෙනි, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ, කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT58. සෙය්යථාපි මහාරාජ, පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය දුබ්භික්ඛං සප්පටිභයං. සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්ය, සොත්ථිනා ගාමන්තං අනුපාපුණෙය්ය ඛෙමං අප්පටිභයං, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං දුබ්භික්ඛං සප්පටිභයං. සො’ම්හි එතරහි තං කන්තාරං තිණ්ණො සොත්ථිනා ගාමන්තං අනුප්පත්තො ඛෙමං අප්පටිභය”න්ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT58. මහරජාණෙනි, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්‍ලභ වූ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ පසු කෙලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක් මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම්, භෝග සම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්‍ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළෙමි. නිරුපද්‍රැත භය රහිත ගමකට පැමිණෙයෙම් වෙමි” යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT59. එවමෙව ඛො මහාරාජ, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්යං යථා කන්තාරද්ධානමග්ගං එවං ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීණෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි මහාරාජ ආනණ්යං යථා ආරොග්යං යථා බන්ධනා මොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමන්තභූමිං එවමෙව ඛො මහාරාජ, භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සති.
Sinhala BJT59. මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල් බවක් මෙන් දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙළින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. මහරජ, ණය නැති බව යම්සේ ද, ලෙඩ නැති බව යම්සේ ද, හිරගෙන් මිදුණු බව යම්සේ ද, නිවහල් බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේම (පිළිවෙළින්) මේ පහ වූ නිරවණ පස(හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
Pali BJT60. තස්සිමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJT60. තමා කෙරෙහි පහවූ මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ. (එකඟ වේ.)
Pali BJT61. සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්නෙති{1} පරිසන්නෙති{2} පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT61. හේ කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල දහමුන් ගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහවීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පළමු ධ්‍යානය ලැබ වෙසේ. හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි, සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT62. සෙය්යථාපි මහාරාජ, දක්ඛො න්හාපකො වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය{3} සායං න්හානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන න ච පග්ඝරණී-
Sinhala BJT62. මහරජාණෙනි, යම් සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුළත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ දිය නො වගුරුවන්නේත් වේද -
Pali BJT63. එවමෙව ඛො මහාරාජ, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්නෙති පරිසන්නෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. ඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJT63. මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරාලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ ද වඩා උතුම් වූ ද සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
Pali BJT64. පුන චපරං මහාරාජ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT64. මහරජාණෙනි, නැවැත ද (අනෙකක් කියමි.) මහණ තෙමේ විතර්‍ක විචාරයන්ගේ සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු) සිතැ එකඟ බව ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. සමාධියෙන් උපන් පීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් ඔහුගේ කයේ නො වෙයි.
Pali BJT65. සෙය්යථාපි මහාරාජ, උදකරහදො __ගම්භීරො__ උබ්භිදොදකො, තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්ස ආයමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්ස ආයමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්ස ආයමුඛං, න උත්තරාය දිසාය උදකස්ස ආයමුඛං, දෙවො ච න කාලෙන කාලං සම්මා ධාරං අනුපවෙච්ඡෙය්ය. අථ ඛො තම්හා ච උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්දෙය්ය පරිසන්දෙය්ය පරිපූරෙය්ය පරිප්ඵරෙය්ය, නාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස වාරිනා සීතෙන අප්ඵුටං අස්ස–
Sinhala BJT65. මහරජ, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේ ද, එයට පෙරදිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද, කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී ඒ විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැනම වැද ගෙන පැතිර සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද -
Pali BJTඑවමෙව ඛො මහාරාජ, භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTමහරජ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් පීති සුවයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් පීති සුවය පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ ද වඩා උතුම් ද වේ.
Pali BJT66. පුන චපරං මහාරාජ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJT66. නැවත ද (අනෙකක් කියමි:) මහරජ, මහණ තෙමේ ප්‍රීතියගේ ද විරාගයෙන් (පහවීමෙන්, සංසිඳීමෙන්), උපේක්‍ෂායෙන් ද යුක්ත වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපේක්‍ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ යැ’යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ.
Pali BJTසො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTහේ මේ කයම නිෂ්ප්‍රීතික සුවයෙන් තෙමයි, හැම පරිදි තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයන් පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT67. සෙය්යථාපි මහාරාජ, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි{1} තානි යාව චග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි{2} පරිසන්නානි{3} පරිපූරානි පරිප්ඵුටානි නාස්සා{4} කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස.
Sinhala BJT67. මහරජ, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, දිය තුළෑම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිහිල් දියෙන් තෙමුණේ, හැමපරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නො ගත් තැනෙක් නො වන්නේ ද -
Pali BJTඑවමෙව ඛො මහාරාජ, භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTමහරජ, එසේ ම මහණ තෙමේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හැමපරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පළමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූත් වඩා ප්‍රණීත වූත් එකකි.
Pali BJT68. පුන චපරං මහාරාජ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJT68. මහරජ, නැවත ද (අනෙකක් කියමි:) මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුඃඛ වේදනාව ද දුරැලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහවීමෙන් දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්‍ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු බව් ඇති සතර වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැතිරැ වැදගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැතිර වැද නො ගෙන සිටි කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTසෙය්යථාපි මහාරාජ, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස, එවමෙව ඛො මහාරාජ, භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJTමහරජ, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිසින් වටා පෙරෙව හුන්නේ වේ නම්, ඔහුගේ කයෙහි සුදු වතින් වැද නොගත් (නො වැසුණ) කිසි ද තැනෙක් නොවන්නේ ද, මහරජ, එසේම මහණ තෙම මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැරැ වැද ගෙන නොසිටි කිසිද තැනෙක් නොවෙයි.
Pali BJTඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා ප්‍රණීත වූ එකෙක.
Pali BJT69. පුන චපරං මහාරාජ, සො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති: “අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධ”න්ති.
Sinhala BJT69. තව ද (අනෙකක් කියමි:) මහරජ, ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කිලිටි නැති වූ කල්හි, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි, මෘදු වූ කල්හි, විදර්‍ශනා භාවනාවට යෝග්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස (පරිකර්‍ම) සිත එයට අභිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි. හේ “මගේ මේ කය වූ කලී රූපවත් ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුත් බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැන ගනී.
Pali BJT70. සෙය්යථාපි මහාරාජ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො, තත්ර’ස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය “අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො, අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො. තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා”ති.
Sinhala BJT70. මහරජ, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරියම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදී සියලු අකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අමුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන්, ඇටැස් වූ මොනවට පිරියම් කැරුණු, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදී ආකාරයෙන් සම්පූර්‍ණ වූ වෙරළු මිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ යම් හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද -
Pali BJTඑවමෙව ඛො මහාරාජ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති.
Sinhala BJTමහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් යටපත් වූ කල්හි, උපක්ලේශයන් පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, එය අතට නමා හරියි. හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිසි බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී.
Pali BJTඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.
Pali BJT71. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මිනනාය{1} චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං,
Sinhala BJT71. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් නොමැති වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ (ඍද්ධි ඉපදීවීමට යෝග්‍ය වූ) කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, විකල නොවූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
Pali BJTසෙය්යථාපි මහාරාජ, පුරිසො මුඤ්ජම්හා ඉසිකං{2} පවාහෙය්ය{3}. තස්ස එවමස්ස: අයං මුඤ්ජො අයං ඉසිකා අඤ්ඤො මුඤ්ජො අඤ්ඤා ඉසිකා මුඤ්ජම්හාත්වෙව ඉසිකා පවාළ්හාති{4}.
Sinhala BJTමහරජ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් තණකූර (තණබඩය) ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ මුදුතණගස ය, මේ එහි තණ බඩ ය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි. මුදුතණ ගස කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
Pali BJTසෙය්යථාපි වා පන මහාරාජ, පුරිසො අසිං කොසියා පවාහෙය්ය. තස්ස එවමස්ස: “අයං අසි අයං කොසි, අඤ්ඤො අසි අඤ්ඤා කොසි, කොසියාත්වෙව අසි පවාළ්හො”ති.
Sinhala BJTමහරජ, යම්සේ වනාහි පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,
Pali BJTසෙය්යථාපි වා පන මහාරාජ, පුරිසො අහිං කරණ්ඩා උද්ධරෙය්ය. තස්ස එවමස්ස: “අයං අහි අයං කරණ්ඩො. අඤ්ඤො අහි අඤ්ඤො කරණ්ඩො, කරණ්ඩාත්වෙව අහි උබ්භතො”ති{5}.
Sinhala BJTමහරජ, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන් කරන්නේ ද, ඔහුට “මේ නයා ය, මේ සැවය ය. නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
Pali BJTඑවමෙව ඛො මහාරාජ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං. ඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පත් කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟින් යුක්ත වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. මහරජ, මෙය ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයට වඩා කාන්ත වූ ද ... සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
Pali BJT72. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකො’පි හුත්වා බහුධා හොති බහුධාපි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ, පඨවියා’පි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙ’පි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමති සෙය්යථා’පි පක්ඛී සකුණො. ඉමෙ’පි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJT72. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණය වූ (=ඍද්ධියට යෝග්‍ය වු) කල්හි, සිටි කල්හි, නිශ්චලත්‍වයට පැමිණි කල්හි, ඍද්ධිවිධඥානය පිණිස (අභිඥාපාදක) පරිකර්‍ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ ඍද්ධිවිධය (ඍද්ධි කොට්ඨාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්‍ශ කෙරෙයි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, ලබයි). පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (ඍද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (=පෙනීසිටී). අප්‍රකට බව කෙරෙයි (=නොපෙනී සිටියි). බිත්තියෙන් පිටතට, පවුරෙන් පිටතට, පර්‍වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නො ගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම (=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (=යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්‍ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්) යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්‍ශනය කෙරෙයි (=අල්ලයි), (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.
Pali BJT73. සෙය්යථාපි මහාරාජ, දක්ඛො කුම්භකාරො වා කුම්භකාරන්තෙවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යං යදෙව භාජනවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය-
Sinhala BJT73. මහරජ, යම්සේ දක්‍ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද -
Pali BJTසෙය්යථාපි වා පන මහාරාජ, දක්ඛො දන්තකාරො වා දන්තකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යං යදෙව දන්තවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය-
Sinhala BJTමහරජ යම්සේ දක්‍ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදියෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ) දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (=දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ ද,
Pali BJTසෙය්යථා වා පන මහාරාජ, දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං සුවණ්ණස්මිං යං යදෙව සුවණ්ණවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය-
Sinhala BJTමහරජ, යම්සේ හෝ දක්‍ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ රනෙහි යම් යම් ස්වර්‍ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, නිපදවන්නේ ද,
Pali BJTඑවමෙව ඛො මහාරාජ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකො’පි හුත්වා බහුධා හොති. බහුධා’පි හුත්වා එකො හොති. ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියා’පි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙ’පි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙ’පි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකා’පි කායෙන වසං වත්තෙති.
Sinhala BJTමහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, ඍද්ධිවිධඥානය පිණිස සිත මෙහෙයවයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ ඍද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි, බොහෝ දෙනෙක් වැ එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, පවුරෙන් පිටතට විනිවිදැ අහසෙහි මෙන් කිසිවෙකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළොව මතු පිටැ සේ නො බිඳෙන දියෙහි යෙයි. පක්‍ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි.
Pali BJTඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ, මෙය ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණයඵලයෙකි.
Pali BJT74. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJT74. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (=දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූ ද මානුෂක වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.
Pali BJT75. සෙය්යථාපි මහාරාජ, පුරිසො අද්ධානමග්ගපටිපන්නො. සො සුණෙය්ය භෙරිසද්දම්පි මුදිඞ්ගසද්දම්පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දම්පි තස්ස එවමස්ස: භෙරිසද්දො ඉති’පි මුදිඞ්ගසද්දො ඉති’පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දො ඉති’පි. එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJT75. මහරජ, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟුබෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟුබෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬැ’යි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණය (කර්‍මක්‍ෂම) වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණින් දිව්‍ය වූත් මානුෂක වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි.
Pali BJTඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ, මේ ද පළමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.
Pali BJT76. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: “සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJT76. හේ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍ය්‍යායඥානය පිණිස (=අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්‍වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතැ යි ද දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්‍ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්‍ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.
Pali BJT77. සෙය්යථාපි මහාරාජ, ඉත්ථි වා පුරිසො වා දහරො වා යුවා මණ්ඩනජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සකණිකං වා සකණිකන්ති ජානෙය්ය, අකණිකං වා අකණිකන්ති ජානෙය්ය-
Sinhala BJT77. මහරජ, යම්සේ සැරැසෙනසුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදොස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද -
Pali BJTඑවමෙව ඛො මහාරාජ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති.
Sinhala BJTමහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.
Pali BJTසො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJTහේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳැ දනී. සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීතද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි ද දනී. සංක්‍ෂිප්ත සිත සංක්‍ෂිප්ත සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද ... අමහද්ගත සිත අමහද්ගත සිතැයි ද … සෝත්තර සිත සෝත්තර සිතැ යි ද ... අනුත්තර සිත අනුත්තර සිතැ යි ද ... සමාහිත සිත සමාහිත සිතැ යි ද ... අසමාහිත සිත අසමාහිත සිතැ යි ද ... විමුක්ත සිත විමුක්ත සිතැ යි ද ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී.
Pali BJTඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ, වඩා උතුම්, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
Pali BJT78. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො __පඤ්ඤාසම්පි ජාතියො__ ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJT78. හෙ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වු කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පත් කල්හි, පුර්‍වේනිවාසානුස්මෘති ඥානය (=පෙර වුසූ කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්‍ත කල්ප ද බොහෝ විවර්‍ත කල්ප ද බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප ද, “අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු සුව දුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම් එයින් සැවැ අසෝ තැන උපනිමි. එහිද මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් විමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි, මෙසේ අනේකවිධ වු පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්‍ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පූර්වේනිවාසය සිහි කෙරෙයි.
Pali BJT79. සෙය්යථාපි මහාරාජ, පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය තම්හා’පි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය. සො තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගච්ඡෙය්ය. තස්ස එවමස්ස: ‘අහං ඛො සකම්හා ගාමා අමුං ගාමං අගච්ඡිං තත්රා එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං. තම්හාපි ගාමා අමුං ගාමං අගච්ඡිං තත්රාපි එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං. සො’ම්හි තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගතො’ති.
Sinhala BJT79. මහරජ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. ඒ මම් ඒ ගමින් සිය ගමට පෙරළා ආයෙම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද -
Pali BJTඑවමෙව ඛො මහාරාජ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTමහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්ත කල්හි, කෙලෙස් රහිත කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වු කල්හි, සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි, මේ බඳු ගොත් ඇතියෙම් විමි, මේ බඳු පැහැ ඇතියෙම් විමි, මේ බඳු ආහාර ඇතියෙම් විමි, මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි, මේ බඳු ආයු සීමා ඇතියෙම් විමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මෙ නම් ඇතියෙම්, මේ නම් ගොත් ඇතියෙම්, මෙ බඳු පැහැ ඇතියෙම්, මෙ බඳු ආහාර ඇතියෙම්, මෙ බඳු සුවදුක් විඳින්නෙම් විමි, මෙතෙක් ආයු සීමා ඇතියෙම් විමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි, මෙසේ එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප දැ යි, මෙසේ අනේකවිධ වු පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේශ සහිත වූ පෙරැ වුසූ නොයෙක් වැදෑරුම් කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
Pali BJTඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ක ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
Pali BJT80. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJT80. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාව්‍රත ඇතියහ. ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්‍ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්‍මයට තමන් පරවශ බැවින්) තමනට අවශග වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්‍වයෝ වූ කලී කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තහ, සම්දිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ. ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තා වූද, හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද, සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්‍වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්‍ණ දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත, සත්ත්‍වයන් දකී. කර්‍මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්‍වයන් දකී.
Pali BJT81. සෙය්යථාපි මහාරාජ, මජ්ඣෙ සිංඝාටකෙ පාසාදො. තත්ථ චක්ඛුමා පුරිසො ඨිතො පස්සෙය්ය මනුස්සෙ ගෙහං පවිසන්තෙ’පි නික්ඛමන්තෙපි රථියා වීථිසඤ්චරන්තෙ’පි මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නෙ’පි, තස්ස එවමස්ස: එතෙ මනුස්සා ගෙහං පවිසන්ති. එතෙ නික්ඛමන්ති. එතෙ රථියා වීථිසඤ්චරන්ති. එතෙ මජ්ඣෙ සිඞ්ඝාටකෙ නිසින්නා’ති.
Sinhala BJT81. මහරජ, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙනවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දිය මැද හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද -
Pali BJTඑවමෙව ඛො මහාරාජ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTමහරජ, එපරිදි ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ කෙලෙස් නැති වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ ලබනු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මානුෂක විෂයය ඉක්මැ වූ පිරිසිදු වූ දිවැසින්, “අහෝ මේ භවත් සත්හු කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද කළහ, මිසදිටුවහ, මිසදිටු වශයෙන් ගත් ව්‍රත ඇතියහ. ඒ මොහු කාබුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ට කර්‍මයෙන් උපන් ගතිය වු, තමනට තමන් අවශග වැ වැටෙන තැන වු, නිරයට වන්හ. එහෙත්, මේ භවත් සත්ත්‍වයෝ වූ කලී කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තහ, සම්දිටු විසින් ගත් ශීලාදිය ඇත්තහ. මොහු කාබුන් මරණින් මතු, ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මෙසේ මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තන් වූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද, සුගතියට පැමිණියන් වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගිය සත්ත්‍වයන් දකී. මෙසේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත, සත්ත්‍වයන් දකී. කර්‍මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්‍වයන් දකී.
Pali BJTඉදම්පි ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ, වඩා උතුම් වූ, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
Pali BJT82. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති භවාසවාපි චිත්තං විමුච්චති අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJT82. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්‍ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ) හෙ තෙමේ ‘මේ දුකැ’ යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මැ’යි (=දුක් නැස්මට අරමුණු වන නිවනැ’යි) යි ඇති සැටි ලෙස දනී, ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘මොහු ආස්‍රවයෝ යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධ යැ’යි (=ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ’යි) ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ’යි ඇති සැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදේ. (ඔහු) සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. එසේ සිත මිදුණු කල්හි ‘මා සිත (ආස්‍රව කෙරෙන්) මිදුණේ යැ’යි (ප්‍රත්‍යවේක්‍ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්‍ෂීණ විය (හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි), ‘මඟ බඹසර වැස නිමැවිණි. (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළොස් වැදෑරුම්) කිස කොට නැමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්‍ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
Pali BJT83. සෙය්යථාපි මහාරාජ, පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස එවමස්ස: අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්රිමෙ සිප්පිසම්බුකා’පි සක්ඛරකඨලා’පි මච්ඡගුම්බා’පි චරන්තිපි තිට්ඨන්තිපීති.
Sinhala BJT83. මහරජ, යම්සේ කඳු මුදුනකැ වූ පහන් වු, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නොවූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුළැ හැසිරෙන්නා වූත් සිටුනා වූත් සිප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත්, මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොකැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත්, සක්බෙල්ලෝත්, කැට කැබිලිතිත්, මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නෝත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද,
Pali BJTඑවමෙව ඛො මහාරාජ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. __අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති__. අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති.
Sinhala BJTමහරජ, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්ලේශ පහ වැ, මෘදු වැ, කර්‍මණ්‍ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුකට කරුණැ’යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව සමුදය යැ (ඉපැද්මට කරුණැ)’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධ යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයට පැමිණෙන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී.
Pali BJTතස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති, භවාසවා’පි චිත්තං විමුච්චති, අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJTමෙසේ දන්නා, මෙසේ දක්නා, ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ, භවාස්‍රවය කෙරෙන් ද මිදේ, අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ, මිදුණු කල්හි ‘මිදුණේ යැ’යි දැනීම වේ. භවෝත්පත්තිය ක්‍ෂීණ විය, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය වැස නිමවන ලද්දේ ය, (සිවු සස්හි සිවු මඟින්) කළයුතු (සොළොස් වැදෑරුම්) කෘත්‍යය කොටැ නිමැවිණ. මේ බව පිණිස (=මේ ක්ලේශක්‍ෂයය පිණිස) කළ යුතු අන් කිසිත් නැතැ’යි හේ දනී.
Pali BJTඉදං ඛො මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. ඉමස්මා ච පන මහාරාජ සන්දිට්ඨිකා සාමඤ්ඤඵලා අඤ්ඤං සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං උත්තරිතරං වා පණීතතරං වා නත්ථීති.
Sinhala BJTමහරජ, මේ වූ කලී පළමුවෙන් දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ , වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි. “මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙන් අන්‍ය වූ, මෙයට වඩා මනෝඥ වූ හෝ මෙයට වඩා උතුම් වූ හෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙක් නැතැ”යි (වදාළ සේක).
Pali BJT84. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං එතදවොච: ‘අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙව භන්තෙ භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යො’හං පිතරං ධම්මිකං ධම්මරාජානං ඉස්සරියස්ස කාරණා ජීවිතා වොරොපෙසිං. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පටිග්ගණ්හාතු ආයතිං සංවරායා’ති.
Sinhala BJT84. මෙසේ වදාළ කල්හි මගධේශ්වර වෛදේහීපුත්‍ර අජාතශත්‍රැ රජ තෙම, “වහන්ස, ධර්‍ම දේශනාව අභිකාන්ත ය. (අතිමනෝඥ ය) වහන්ස, ධර්‍මදේශනාව අභිකාන්තය. වහන්ස, යම්සේ යැටිකුරු කොට තැබූ (මුහුණින් නැමූ) බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියෝ රූප දකිතැ’යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් ධර්‍මය පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂු සංඝයා ද සරණ යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු කොට දන්නා සේක් වා. වහන්ස, යම් බඳු මම් සිය පිය වූ දැහැමි දැමිටු රජහු ඉසුරු කරුණින් දිවියෙන් තොර කෙළෙම් වෙම් ද, වහන්ස, ඒ අපරාධය බාලබවට ගැළපෙනසේ මූඩබවට අනුරූපසේ අදක්‍ෂ බවට නිසිසේ මා මැඩගෙන ගියේ ය. වහන්ස, මත්තෙහි මා මෙබඳු වරද නො කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ මගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් පැවැසී ය.
Pali BJT85. තග්ඝ ත්වං මහාරාජ, අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යො ත්වං පිතරං ධම්මිකං ධම්මරාජානං ජීවිතා වොරොපෙසි. යතො ච ඛො ත්වං මහාරාජ, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි. තං තෙ මයං පටිගණ්හාම. වුද්ධි හෙසා මහාරාජ, අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජතීති.
Sinhala BJT85. (එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක්:) “මහරජ, යම්බඳු තෝ පිය වූ දැහැමි දැමිටු රජහු දිවියෙන් තොර කෙළෙහි වෙයි ද, ඒකාන්තයෙන් ඒ වරද බාලබවට, අනුරිවින් මූඩබවට අනුරිවින් අකුසලට අනුරිවින් තා ඉක්මැ ගියේ යැ. (මැඩ ගෙන පැවැත්තේ ය.) මහරජ, යම් හෙයකින් යුෂ්මත් තෙමේ වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි පිළියම් කෙරෙහි නම්, යුෂ්මත්හුගේ ඒ වරද අපි පිළිගනුම්හ (=ඉවසමු). මහරජ, යමෙක් වරද වරද විසින් දැක දහම් වූ පරිදි පිළියම් කරන්නේ නම්, මත්තෙහි ඒ වැන්නක් නොකරනුවට සංවරයට පැමිණෙන්නේ නම් (=ආයතිසංවරයෙහි පිහිටන්නේ නම්) මෙය ආර්‍ය්‍යවිනයයෙහි (බුදු සස්නෙහි) වෘද්ධිය (=වැඩීම) නම් වේ” යැ යි වදාළ සේක.
Pali BJT86. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං එතදවොච: හන්ද ච දානි මයං භන්තෙ ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයා’ති.
Sinhala BJT86. මෙසේ වදාළ කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තමෝ බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ” යි කී ය.
Pali BJT“යස්ස’දානි ත්වං මහාරාජ, කාලං මඤ්ඤසී”ති.
Sinhala BJT“මහරජ, යුෂ්මත් තෙමේ යම් ගමනකට කල් දනිහි ද එයට යුෂ්මත් ම කල් දැන ගන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.