Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3801-3900 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅථ ඛො භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො අමච්චෙ පාරිසජ්ජෙ ගණෙක මහාමත්තෙ අනීකට්ඨෙ දොවාරිකෙ මන්තස්සාජීවිනො සන්නිපාතාපෙත්වා අරියං චක්කවත්තිත්තං පුච්ඡි.
Sinhala BJTමහණෙනි, ඉක්බිත්තෙන් ඒ මූර්‍ධාභිෂික්ත කැත් රජ ඇමතියන් ද රාජපර්‍ෂදෙහි වූවන් ද ගණකයන් ද මහාමාත්‍රයන් ද අනිකස්ථයන් ද ද්වාරපාලයන් ද මන්ත්‍රාජීවින් ද රැස් කරවා, අරී සක්විති වත් විචාළේ ය.
Pali BJTතස්ස තෙ අරියං චක්කවත්තිවත්තං පුට්ඨා බ්යාකරිංසු. තෙසං සුත්වා ධම්මිකං හි ඛො රක්ඛාවරණගුත්තිං සංවිදහි. නො ච ඛො අධනානං ධනමනුප්පාදාසි{1}. අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං{2} වෙපුල්ලමගමාසි. දාළිද්දියෙ වෙපුල්ලං ගතෙ අඤ්ඤතරො පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියි. තමෙනං අග්ගහෙසුං ගහෙත්වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සෙසුං අයං දෙව පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී’ති. එවං වුත්තෙ භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තං පුරිසං එතදවොච: “සච්චං කිර ත්වං අම්භො පුරිස පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී?{3}“ති. “සච්චං දෙවා”ති. “කිං කාරණා?”ති. “න හි දෙව ජීවාමී”ති.
Sinhala BJTඑ රජහු විසින් අරී සක්විති වත් පුළුවුස්නා ලද ඔහු ඔහුට එය පැවැසූහ. හෙ තෙමෙ ඔවුන් කී බස් අසා දැහැමි රකවළ යෙදී ය. වැලි දිළින්දනට ධනය නො දුන්නේය. දිළින්දනට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව විපුලත්‍වයට පැමිණියේ ය. දිළිඳු බව මහත් වැ ගිය කල්හි එක්තරා මිනිසෙක් අනුන් සතු නොදුන් දැයක් සොර සිතින් ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන මුදුනැ අබිසෙස් ලත් ඒ කැත් රජහට ‘දේවයිනි, මෙ පුරිස් තෙම මෙර මා සතු නො දුන් දැයක් සොර සිතින් ගත්තේ යැ’ යි දැක්වූ හ. මහණෙනි, මෙසේ ඔවුන් කී කලැ, මූර්‍ධාභිෂික්ත ඒ කැත් රජ ‘එම්බා පුරුෂය, සැබෑ ද? තෝ මෙරමා සතු දැයක් සොර සිතින් ගත්තෙහි දැ?’ යි රජ පුළුවුත. ‘සැබෑව, දේවයිනි’ යි හේ කිව. ‘කවර හෙයිනැ?’ යි රජ පුළුවුත. ‘දේවයිනි, දිවි රකිනු නො හැක්කෙමි’ යි හේ කිව.
Pali BJT9. අථ ඛො භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තස්ස පුරිසස්ස ධනමනුප්පාදාසි “ඉමිනා ත්වං අම්භො පුරිස ධනෙන අත්තනා ච ජීවාහි, මාතාපිතරො ච පොසෙහි, පුත්තදාරඤ්ච පොසෙහි, කම්මන්තෙ ච පයොජෙහි, සමණබ්රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨපෙහි{4} සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකන්ති”. “එවං දෙවා”ති ඛො භික්ඛෙව සො පුරිසො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස පච්චස්සොසි. අඤ්ඤතරො පි ඛො භික්ඛවෙ, පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියි. තමෙනං අග්ගහෙසුං ගහෙත්වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සෙසුං “අයං දෙව පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී”ති. එවං වුත්තෙ භික්ඛවෙ රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තං පුරිසං එතදවොච: “සච්චං කිර ත්වං අම්භො පුරිස පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී”ති. “සච්චං දෙවා”ති. “කිං කාරණා?”ති. “නහි දෙව ජීවාමී”ති. අථ ඛො භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තස්ස පුරිසස්ස ධනමනුප්පාදාසි “ඉමිනා ත්වං අම්භො පුරිස ධනෙන අත්තනා ච ජීවාහි, මාතාපිතරො ච පොසෙහි, පුත්තදාරඤ්ච පොසෙහි, කම්මන්තෙ ච පයොජෙහි, සමණබ්රාහ්මණෙසු{5} උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨපෙහි, සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකන්ති’. “එවං දෙවා”ති ඛො භික්ඛවෙ සො පුරිසො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස පච්චස්සොසි.
Sinhala BJT9. මහණෙනි, එක ලැ ඒ මූර්‍ධාභිෂික්ත කැත් රජ ‘එම්බා පුරුෂය, තෝ මේ ධනයෙන් තෙමේ ද ජීවත්වව මා පියන් ද පෝෂිත කරව, අඹු දරුවන් ද පෝෂිත කරව, කර්‍මාන්ත ද යොදව, මහණුන් කෙරෙහි බමුණන් කෙරෙහි සගසුවට හිත වූ, සැප විපාක දෙන, සුගතිය පිණිස පවත්නා, මතු මතු බිම්හි පල දෙන දක්‍ෂිණාව පිහිටුවව’ යි කියා, ඒ පුරුෂයාට ධනය දුන්නේ ය. මහණෙනි, ‘එසේ ය, දේවයිනි’ යි කියා ම ඒ පුරුෂ තෙම ඒ මූර්‍ධාභිෂික්ත කැත් රජුහු බස මුදුනින් පිළිග්තේ ය. මහණෙනි, අන් එක්තරා පුරුෂයෙක් ද මෙරමා සතු නොදුන් දෑ සොර සිතින් ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලාගෙන මූර්‍ධාභිෂික්ත කැත් රජහට ‘දේවයිනි, මේ පුරිස් මෙරමා සතු නොදුන් දෑ සොර සිතින් ගතැ’ යි දැක්වූහ. මෙසේ කී කලැ එ රජ ‘එම්බා පුරිස, තෝ මෙරමා සතු දෑ සොර සිතින් ගතුයෙහි සැබෑ දැ?’ යි විචාළේ ය. ‘සැබෑව දේවයිනි’ යි හේ කිව. ‘කවර හෙයිනැ?’ යි රජ විචාළේ ය. ‘දේවයිනි, දිවි පවත්වනු නො හැක්කෙමි’ යි හේ කිව. මහණෙනි, එ කලැ එ රජ ‘එම්බා පුරිස, මේ ධනයෙන් තෝ තෙම්ත් යැපෙව, මා පියන් ද පෝෂිත කරව, අඹු දරුවන් ද පෝෂිත කරව, කර්‍මාන්ත ද යොදව, මහණ බමුණන් කෙරෙහි මතු මත්තෙහි පල දෙන, සුගතියට හිත වූ, සඟ සුව පිණිස පවත්නා දක්‍ෂිණාව පිහිටුවව, (දන් දෙව)’ යි ඒ මිනිසාට ධනය දුන්න ය. ‘එසේ ය, දේවයිනි’ යි කියා ම හේ පුරිස් තෙම ඒ රජු බස මුදුනෙන් පිළිගත.
Pali BJTඅස්සොසුං ඛො භික්ඛවෙ මනුස්සා: යෙ කිර භො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියන්ති, තෙසං රාජා ධනමනුප්පදෙතී{6}’ති. සුත්වාන තෙසං එතදහොසි “යන්නූන මයම්පි පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්යාමා”ති.
Sinhala BJT‘භවත්නි, යම් කෙනෙක් මෙරමා සතු ධනය සොරා ගනිත් ද, ඔවුනට රජ තෙම ධනය දෙන්නේ යැ’ යි මිනිස්සු ඇසූහ. ඇසීමෙන්, ඔවුනට අපිත් මෙරමා සතු දෑ සොර ගනුමෝ නම් යෙහෙකැ’ යි මේ සිත විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරො පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියි. තමෙනං අග්ගහෙසුං ගහෙත්වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සෙසුං “අයං දෙව පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී”ති.
Sinhala BJTමහණෙනි, එ කල්හි එක්තරා පුරුෂයෙක් මෙරමා සතු දැයක් සොරා ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන ‘දේවයිනි, මේ පුරිස් තෙම මෙරමා සතු දෑ සොර සිතින් ගත්තේ යැ’යි රජුහට දැක්වී ය.
Pali BJTඑවං වුත්තෙ භික්ඛවෙ රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තං පුරිසං එතදවොච: “සච්චං කිර ත්වං අම්භො පුරිස, පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී”ති. “සච්චං දෙවා”ති. “කිං කාරණා?”ති. “න හි දෙව ජීවාමී”ති. අථ ඛො භික්ඛවෙ, රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස එතදහොසි: “සචෙ ඛො අහං යො යො පි පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියිස්සති, තස්ස තස්ස ධනමනුප්පදස්සාමි, එවමිදං අදින්නාදානං පවඩ්ඪිස්සති. යන්නූනාහං ඉමං පුරිසං සුනිසෙධං නිසෙධෙය්යං මූලඡෙජ්ජං{1} කරෙය්යං, සීසමස්ස ඡින්දෙය්ය”න්ති.
Sinhala BJT‘සැබෑ ද? තෝ මෙරමා සතු දැය සොරා ගත්තෙහි දැ?’ යි රජ පුළුවුත. ‘ එසේ යැ දේවයිනි’ යි හේ කී ය. ‘කවර හෙයින් දැ?’ යි රජ පුළුවුත. ‘දේවයිනි, දිවි පැවැත්විය නො හැක්කෙමි. එ හෙයිනැ’යි හේ කිව. එ විට ‘මෙරමා සතු දැය සොරා ගන්නා ගන්නා හැම එකකුට ම මම් ධනය දෙන්නෙම් වීම් නම් මෙසේ මේ නොදුන් දෑ සොරා ගැන්ම වැඩෙන්නේ ය. මේ මිනිසා යලි අයිනාදන් නො කළ හැකි වන සේ කළෙම් නම්, මුලින් ම සිඳැලූයෙම් නම්, මොහුගේ හිස සිඳලූයෙම් නම් යෙහෙකැ’යි එ රජහට මේ සිත විය.
Pali BJT10. අථ ඛො භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො පුරිසෙ ආණාපෙසි: “තෙන හි භණෙ ඉමං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා, ඛරස්සරෙන පණවෙනරථියා රථිං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සුනිසෙධං නිසෙධෙථ, මූලඡෙජ්ජං කරොථ, සීසමස්ස ඡින්දථා”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ තෙ පුරිසා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස පටිස්සුත්වා තං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං{2} ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා, ඛරස්සරෙන පණවෙන රථියා{3} රථිං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා, දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා,{4} දක්ඛිණතො නගරස්ස සුනිසෙධං නිසෙධෙසුං මූලඡෙජ්ජං අකංසු, සීසමස්ස ඡින්දිංසු. අස්සොසුං ඛො භික්ඛවෙ මනුස්සා, “යෙ කිර භො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියන්ති, තෙ රාජා සුනිසෙධං නිසෙධෙති, මූලඡෙජ්ජං කරොති, සීසානි තෙසං ඡින්දතී”ති. සුත්වාන තෙසං එතදහොසි: යන්නූන මයම්පි තිණ්හානි සත්ථානි කාරාපෙස්සාම{5} තිණ්හානි සත්ථානි කාරාපෙත්වා යෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියිස්සාම, තෙ සුනිසෙධං නිසෙධෙස්සාම, මූලඡෙජ්ජං කරිස්සාම, සීසානි තෙසං ඡින්දිස්සාමා”ති. තෙ තිණ්හානි සත්ථානි කාරාපෙසුං, තිණ්හානි සත්ථානි කාරාපෙත්වා ගාමඝාතකම්පි උපක්කමිංසු කාතුං, නිගමඝාතම්පි උපක්කමිංසු කාතුං, නගරඝාතම්පි උපක්කමිංසු කාතුං, පන්ථදුහනම්පි උපක්කමිංසු කාතුං. යෙසං තෙ අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියන්ති, තෙ සුනිසෙධං නිසෙධෙන්ති, මූලඡෙජ්ජං කරොන්ති, සීසානි තෙසං ඡින්දන්ති. ඉති ඛො භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වෙපුල්ලමගමාසි. දාළිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි. අදින්නාදානෙ වෙපුල්ලං ගතෙ සත්ථං වෙපුල්ලමගමාසි. සත්ථෙ වෙපුල්ලං ගතෙ පාණාතිපාතො වෙපුල්ලමගමාසි. පාණාතිපාතෙ වෙපුල්ලං ගතෙ තෙසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණො පි පරිහායි, තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං අසීතිවස්සසහස්සායුකානං මනුස්සානං පුත්තා චත්තාරීසං වස්සසහස්සායුකා අහෙසුං.
Sinhala BJT10. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රාජ තෙම ‘සගයෙනි, එසේ වී නම්, තෙපි මේ මිනිස් දැඩි රැහැනින් දෙ අත් පිටට කොට තරයේ බැඳ, කරයෙන් හිස මුඩු කොට, රළු හඬ ඇති පණා බෙර හඬින් යුක්ත කොට වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට ගෙන ගොස්, දකුණු දොරින් නික්මවා, නුවරට දකුණු දික්හි දී යලි වරද නො කළ හැකි සේ කරවු. මුලින් ම සිඳීම කරවු, මොහු හිස සිඳිවු’ යැයි ඇණැවී ය. මහණෙනි, ඒ පුරුෂයෝ ‘එසේ ය, දේවයිනි’ යි කියා ම එ රජු බස මුදුනින් පිළිගෙන, ඒ මිනිසා දැඩි රැහැනින් දොහොත් පිටට කොට තරයේ බැඳ කරයෙන් හිස මුඩු කොට, රළු හඬ ඇති පණාබෙරින් යුක්ත කොට, වීථියෙන් වීථියට, මංහන්දියෙන් මංහන්දියට පමුණුවා, දකුණු දොරින් නික්මවා, නුවරට දකුණු දිගැදී යළි වරදක් නො කළ හැකියකු කළහ, ඔහු මුලින් සිඳැලූහ, ඔහු හිස සිඳැලූහ. මහණෙනි, ‘යම් කෙනෙක් මෙරමා සතු නොදුන් දෑ ගනිත් නම්, රජහු ඔවුන් යලි එ බඳු වරදක් නො කළ හැකි වන සේ කරති යි, ඔවුන් මුල් සිඳුමෙන් සිඳිති යි, ඔවුන් හිස සිඳලති’ යි මිනිස්සු ඇසූහ. ඇසීමෙන් ඔවුනට අපිත් තියුණු ආයුධ කරවන්නමෝ නම්, තියුණු ආයුධ කරවා, යම් කෙනකුන් සතු නොදුන් දෑ, ගනුමෝ නම්, ඔවුන් දිවි තොර කරන්නමෝ නම්, මුලින් සිඳලන්නමෝ නම්, ඔවුන් හිස් සිඳ ලන්නමෝ නම් මැනැව’ යි සිත විය. ඔහු තියුණු අවි කැරැවූහ. තියුණු අවි කරවා, ගම් වොලෝ ගන්නට ද පටන් ගත්හ, නියම්ගම් වොලෝ ගන්නට ද පටන් ගත්හ. නුවරවල් වොලෝ ගන්නට ද පටන්ගත්හ. මං පැහැරීම කරන්නට ද පටන්ගත්හ. ඔහු යම් කෙනෙකුන් සතු දෑ සොරා ගනිත් ද, ඔවුන් දිවි තොර කෙරෙත්, මුලින් සිඳීම කෙරෙත්, ඔවුන් හිස් සිඳිත්. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය දෙනු නො ලබන කල්හි දිළිඳු බව වැඩීමට ගියේ ය. දිළිඳු බව වැඩීමට ගිය කල්හි නොදුන් දෑ සොරා ගැන්ම වැඩීමට ගියේ ය. නොදුන් දෑ සොරා ගැන්ම වැඩීමට ගිය කල අවි දැරීම වැඩීමට ගියේ ය. අවි දැරීම වැඩීමට ගිය කල්හි ප්‍රාණඝාතය වැඩීමට ගියේ ය. ප්‍රාණඝාතය වැඩීමට ගිය කල්හි ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ, අසූදහසක් හවුරුදු ආයුෂ ඇති, ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන මිනිසුන්ගේ දරුවෝ හවුරුදු සතළිස් දහසක් ආයුෂ ඇත්තෝ වූහ.
Pali BJT11. චත්තාරීසංවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු අඤ්ඤතරො පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියි. තමෙනං අග්ගහෙසුං, ගහෙත්වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සෙසුං “අයං දෙව පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී”ති. එවං වුත්තෙ භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තං පුරිසං එතදවොච: “සච්චං කිර ත්වං අම්භො පුරිස පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී?”ති. “න හි දෙවා”ති සම්පජානමුසා අභාසි. ඉති ඛො භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වෙපුල්ලමගමාසි. දාළිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි. අදින්නාදානෙ වෙපුල්ලං ගතෙ සත්ථං වෙපුල්ලමගමාසි. සත්ථෙ වෙපුල්ලං ගතෙ පාණාතිපාතො වෙපුල්ලමගමාසි. පාණාතිපාතෙ වෙපුල්ලං ගතෙ මුසාවාදො වෙපුල්ලමගමාසි. මුසාවාදෙ වෙපුල්ලං ගතෙ තෙසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණො පි පරිහායි. තෙසං ආයුනා පි පරිහායමානානං වණ්ණෙන පි පරිහායමානානං චත්තාරීසවස්සසහස්සායුකානං මනුස්සානං වීසතිවස්සසහස්සායුකා පුත්තා අහෙසුං. වීසතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු අඤ්ඤතරො පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියි. තමෙනං අඤ්ඤතරො පුරිසො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස ආරොචෙසි: “ඉත්ථන්නාමො දෙව පුරිසො පරෙසං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී”ති පෙසුඤ්ඤමකාසි. ඉති ඛො භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වෙපුල්ලමගමාසි. දාළිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි. අදින්නාදානෙ වෙපුල්ලං ගතෙ සත්ථං වෙපුල්ලමගමාසි. සත්ථෙ වෙපුල්ලං ගතෙ පාණාතිපාතො වෙපුල්ලමගමාසි. පාණාතිපාතෙ වෙපුල්ලං ගතෙ මුසාවාදො වෙපුල්ලමගමාසි. මුසාවාදෙ වෙපුල්ලං ගතෙ පිසුණා වාචා වෙපුල්ලමගමාසි. පිසුණාය වාචාය වෙපුල්ලං ගතාය තෙසං සත්තානං ආයු පි පරිහායි වණ්ණො පි පරිහායි. තෙසං ආයුනා පි පරිහායමානානං වණ්ණෙන පි පරිහායමානානං වීසතිවස්සසහස්සායුකානං මනුස්සානං දසවස්සසහස්සායුකා පුත්තා අහෙසුං.
Sinhala BJT11. මහණෙනි, සතළිස් දහසක් අවුරුදු ආයු ඇති මිනිසුන් අතුරෙහි එක්තරා පුරුෂයෙක් අනුන් සතු නොදුන් දැයක් සොරා ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන මූර්‍ධාභිෂික්ත කැත් රජහට ‘දේවයිනි, මේ පුරිස් තෙම මෙරමා සතු දෑ සොරා ගත්තේ’ යැයි දැක්වූහ. මහණෙනි, ඔවුන් එසේ කී කල්හි එ රජ ‘එම්බා පුරිස, තෝ මෙරමා සතු දෑ සොරා ගත්තෙහි ද? ඒ සැබෑ දැ?’ යි පුළුවුත. ‘දේවයිනි, නැතැ’ යි (සොරා නො ගතිමියි) හේ දැන බොරු කීයේ ය. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය නොදෙනු ලබන කලැ අයිනාදන් වැඩීමට ගියේ ය. අයිනාදන වැඩීමට ගිය කලැ අවි දැරීම වැඩීමට ගියේ ය. අවි දැරීම වැඩීමට ගිය කලැ ප්‍රාණවධය වැඩීමට ගියේ ය. ප්‍රාණවධය වැඩීමට ගිය කලැ බොරුකීම වැඩීමට ගියේ ය. බොරුකීම වැඩීමට ගිය කලැ ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන සතලිස්දහසක් හවුරුදු පරමායු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ විසිදහස් හවුරුදු ආයු ඇත්තෝ වූහ. මහණෙනි, විසිදහස් හවුරුදු ආයු ඇති ඒ මිනිසුන් අතුරෙහි එක්තරා මිනිසෙක් අනුන් සතු දැයක් සොරා ගත්තේ ය. එක්තරා පුරුෂයෙක් රජුහට ‘දේවයිනි, මෙ නම් පුරුෂයා මෙරමා සතු දෑ සොරා ගත්තේ යැ’ යි ඔහු ඇරැබැ කේලාම් කී ය. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව වැඩීමට ගියේ ය. දිළිඳු බව වැඩීමට ගිය කලැ අයිනාදන් වැඩීමට ගියේ ය. අයිනාදන් වැඩීමට ගිය කලැ අවි දැරීම වැඩීමට ගියේ ය. අවි දැරීම වැඩීමට ගිය කලැ ප්‍රාණවධය වැඩීමට ගියේ ය. ප්‍රාණවධය වැඩීමට ගිය කලැ මුසාවාදය වැඩීමට ගියේ ය. මුසාවාදය වැඩීමට ගිය කලැ කේලාම් කීම වැඩීමට ගියේ ය. කේලාම් කීම වැඩීමට ගිය කලැ ඒ සතුන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන වර්‍ණයෙන් ද පිරිහෙන හවුරුදු විසිදහසක් ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ අවුරුදු දසදහසකට ආයු ඇත්තෝ වූහ.
Pali BJT12. දසවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු එකිදං සත්තා වණ්ණවන්තො{1} හොන්ති, එකිදං සත්තා දුබ්බණ්ණා. තත්ථ යෙ තෙ සත්තා දුබ්බණ්ණා, තෙ වණ්ණවන්තෙ සත්තෙ අභිජ්ඣායන්තා පරෙසං දාරෙසු චාරිත්තං ආපජ්ජිංසු. ඉති ඛො භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වෙපුල්ලමගමාසි. දාළිද්දියෙ වෙපුල්ලං ගතෙ -පෙ- කාමෙසු මිච්ඡාචාරො වෙපුල්ලමගමාසි. කාමෙසු මිච්ඡාචාරෙ වෙපුල්ලං ගතෙ තෙසං සත්තානං ආයු පි පරිහායි වණ්ණො පි පරිහායි. තෙසං ආයුනා පි පරිහායමානානං වණ්ණෙන පි පරිහායමානානං දසවස්සසහස්සායුකානං මනුස්සානං පඤ්චවස්සසහස්සායුකා පුත්තා අහෙසුං.
Sinhala BJT12. මහණෙනි, අවුරුදු දස දහසක් ආයු ඇති මිනිසුන් අතුරෙහි ඇතැම් සත්හු වර්‍ණවත් වෙත්, ඇතැම් කෙනෙක් දුර්වර්‍ණ වෙත්, ඔවුන් අතුරෙන් යම් සත්‍ව කෙනෙක් දුර්වර්‍ණ ද, ඔහු වර්‍ණවත් සත්‍වයන් දෙස සරාග සිතින් බලන්නාහු, ඒ මෙරමා අඹුවන් කෙරෙහි වරදවා හැසිරෙන බවට පැමිණියහ. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව වැඩීමට පැමිණියේ ය. දිළිඳු බව වැඩීමට පැමිණි කල්හි … කාමයන්හි වරදවා හැසිරීම වැඩීමට ගියේ ය. කාමයන්හි වරදවා හැසිරීම වැඩීමට ගිය කල්හි ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන හවුරුදු දස දහසක් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ හවුරුදු පන්දහසක් ආයු ඇත්තෝ වූහ.
Pali BJT13. පඤ්චවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු ද්වෙ ධම්මා වෙපුල්ලමගමංසු ඵරුසා වාචා සම්ඵප්පලාපො ච. ද්වීසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු තෙසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණො පි පරිහායි. තෙසං ආයුනා පි පරිහායමානානං වණ්ණෙන පි පරිහායමානානං පඤ්චවස්සසහස්සායුකානං මනුස්සානං අප්පෙකච්චෙ අඩ්ඪතෙය්යවස්සසහස්සායුකා අප්පෙකච්චෙ ද්වෙවස්සසහස්සායුකා පුත්තා අහෙසුං. අඩ්ඪතෙය්යවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු අභිජ්ඣාව්යාපාදා{1} වෙපුල්ලමගමංසු. අභිජ්ඣාව්යාපාදෙසු වෙපුල්ලං ගතෙසු තෙසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණො පි පරිහායි. තෙසං ආයුනා පි පරිහායමානානං වණ්ණෙන පි පරිහායමානානං අඩ්ඪතෙය්යවස්සසහස්සායුකානං මනුස්සානං වස්සසහස්සායුකා පුත්තා අහෙසුං. වස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු මිච්ඡාදිට්ඨි වෙපුල්ලමගමාසි. මිච්ඡාදිට්ඨියා වෙපුල්ලං ගතාය තෙසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණො පි පරිහායි. තෙසං ආයුනා පි පරිහාය මානානං වණ්ණෙනපි පරිහායමානානං වස්සසහස්සායුකානං මනුස්සානං පඤ්චවස්සසතායුකා පුත්තා අහෙසුං. පඤ්චවස්සසතායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු තයො ධම්මා වෙපුල්ලමගමංසු. අධම්මරාගො විසමලොභො මිච්ඡාධම්මො. තීසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු තෙසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණො පි පරිහායි. තෙසං ආයුනා පි පරිහායමානානං වණ්ණෙන පි පරිහායමානානං පඤ්ච වස්සසතායුකානං මනුස්සානං අප්පෙකච්චෙ අඩ්ඪතෙය්යවස්සසතායුකා අප්පෙකච්චෙ ද්වෙවස්සසතායුකා පුත්තා අහෙසුං. අඩ්ඪතෙය්යවස්සසතායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු ඉමෙ ධම්මා වෙපුල්ලමගමංසු අමත්තෙය්යතා අපෙත්තෙය්යතා අසාමඤ්ඤතා අබ්රහ්මඤ්ඤතා න කුලෙජෙට්ඨාපචායිතා.
Sinhala BJT13. මහණෙනි, පන්දහසක් හවුරුදු ආයු ඇති මිනිසුන් අතුරෙහි පරුෂ වචනය ද සම්ඵප්‍රලාප ද යන දෙ අකුසල්හු වැඩීමට ගියහ. ඒ දෙ අකුසල් වැඩීමට කිය කලැ ඒ සත්‍වයන්ගේ ආයු ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන වර්‍ණයෙන් ද පිරිහෙන, හවුරුදු පන්දහසක් ආයු ඇති මිනිසුන්ගේ ඇතැම් දරුවෝ හවුරුදු දෙදහස් පන්සියක් ද ඇතැම් දරුවෝ හවුරුදු දෙදහසක් ද ආයු ඇත්තෝ වූහ. මහණෙනි, හවුරුදු දෙදහස් පන්සියක් ආයු ඇති මිනිසුන් අතුරෙහි අභිධ්‍යාවත් ව්‍යාපාදයත් යන දෙ අකුසල් දහම්හු වැඩීමට පැමිණියහ. අභිධ්‍යා ව්‍යාපාදයන් වැඩීමට ගිය කල්හි ඒ සත්‍වයන්ගේ ආයු ද පිරිහිණ, පැහැය ද පිරිහිණ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද පිරිහෙන ඒ වර්‍ෂ දෙදහස් පන්සියක් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ වර්‍ෂ දහසක් ආයු ඇත්තෝ වූහ. මහණෙනි, වර්‍ෂ දහසක් ආයු ඇති මිනිසුන් අතුරෙහි මිථ්‍යා දෘෂ්ටිය වැඩීමට ගියේ ය. මිථ්‍යා දෘෂ්ටිය වැඩීමට ගිය කලැ ඒ සතුන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන, වර්‍ෂ දහසක් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ හවුරුදු පන්සියක් ආයු ඇත්තෝ වූහ. මහණෙනි, හවුරුදු පන්සියක් ආයු ඇති මිනිසුන් අතුරෙහි අධර්‍ම රාගය ද විෂම ලෝභය ද මිථ්‍යාධර්‍මය ද යන තුන් අකුසල ධර්‍මයෝ වැඩීමට ගියහ. ඒ තුන් අකුශල ධර්‍මයන් වැඩීමට ගිය කල්හි, ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන පන්සියක් හවුරුදු ආයු ඇති ඒ මිනිසුන්ගේ ඇතැම් දරුවෝ දෙසිය පනසක් හවුරුදු ආයු ඇත්තෝ වූහ. ඇතැම් දරුවෝ දෙසියයක් හවුරුදු ආයු ඇත්තෝ වූහ. මහණෙනි, හවුරුදු දෙසිය පනසක් ආයු ඇති මිනිසුන් කෙරෙහි මවට සත්කාර නො කරන බව, පියාට සත්කාර නො කරන බව, මහණුනට ගරු නො කරන බව, බමුණනට ගරු නො කරන බව, කුලෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් නැති බව යන මේ ලාමක දහම්හු වැඩීමට පැමිණියහ.
Pali BJT14. ඉති ඛො භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වෙපුල්ලමගමාසි. දාළිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි. අදින්නාදානෙ වෙපුල්ලං ගතෙ සත්ථං වෙපුල්ලමගමාසි. සත්ථෙ වෙපුල්ලං ගතෙ පාණාතිපාතො වෙපුල්ලමගමාසි. පාණාතිපාතෙ වෙපුල්ලං ගතෙ මුසාවාදො වෙපුල්ලමගමාසි. මුසාවාදෙ වෙපුල්ලං ගතෙ පිසුණා වාචා වෙපුල්ලමගමාසි. පිසුණාය වාචාය වෙපුල්ලං ගතාය කාමෙසු මිච්ඡාචාරො වෙපුල්ලමගමාසි. කාමෙසු මිච්ඡාචාරෙ වෙපුල්ලං ගතෙ ද්වෙ ධම්මා වෙපුල්ලමගමංසු, ඵරුසා වාචා සම්ඵප්පලාපො ච. ද්වීසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු අභිජ්ඣාව්යාපාදා’ වෙපුල්ලමගමංසු, අභිජ්ඣාව්යාපාදෙසු වෙපුල්ලං ගතෙසු මිච්ඡාදිට්ඨි වෙපුල්ලමගමාසි.
Sinhala BJT14. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය නොදෙනු ලබන කල්හි, දිළිඳු බව වැඩීමට ගියේ ය. දිළිඳු බව වැඩීමට ගිය කල්හි අදත්තාදානය වැඩීමට ගියේ ය. අදත්තාදානය වැඩීමට ගිය කල්හි ආයුධ වැඩීමට ගියේ ය. ආයුධ වැඩීමට ගිය කල්හි ප්‍රාණඝාතය වැඩීමට ගියේය. ප්‍රාණඝාතය වැඩීමට ගිය කල්හි මුසාවාදය වැඩීමට ගියේ ය. මුසාවාදය වැඩීමට ගිය කල්හි පිසුණාවාචාව (කේලාම් කීම) වැඩීමට ගියේ ය. පිසුණාවාචාව වැඩීමට ගිය කල්හි කාමමිථ්‍යාචාරය වැඩීමට ගියේ ය. කාමමිථ්‍යාචාරය වැඩීමට ගිය කල්හි පරුෂ වචනයත් සම්ඵප්‍රලාපයත් යන දෙ අකුසල්හු වැඩීමට ගියහ. ඒ දෙඅකුසල් වැඩීමට ගිය කල්හි, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් වැඩීමට ගියහ. අභිධ්‍යාව්‍යාපාදයන් වැඩීමට ගිය කල්හි මිථ්‍යාදෘෂ්ටිය වැඩීමට ගියේ ය.
Pali BJTමිච්ඡාදිට්ඨියා වෙපුල්ලං ගතාය තයො ධම්මා වෙපුල්ලමගමංසු අධම්මරාගො විසමලොභො මිච්ඡාධම්මො, තීසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු ඉමෙ ධම්මා වෙපුල්ලමගමංසු අමත්තෙය්යතා අපෙත්තෙය්යතා අසාමඤ්ඤතා අබ්රහ්මඤ්ඤතා න කුලෙජෙට්ඨාපචායිතා. ඉමෙසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු තෙසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනා පි පරිහායමානානං වණ්ණෙන පි පරිහායමානානං අඩ්ඪතෙය්යවස්සසතායුකානං මනුස්සානං වස්සසතායුකා පුත්තා අහෙසුං.
Sinhala BJTමිථ්‍යාදෘෂ්ටිය වැඩීමට ගිය කල්හි අධර්‍මරාග, විෂමලෝභ, මිථ්‍යාධර්‍ම යන තුන් ලාමක ධර්‍මයෝ වැඩීමට පැමිණියහ. ඒ තුන් දහමුන් වැඩීමට ගිය කල්හි, මවට සත්කාර නොකරන බව, පියාට සත්කාර නොකරන බව, මහණුනට ගරු නො කිරීම, බමුණනට ගරු නොකිරීම, කුලෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් නැති බව යන මේ පාපධර්‍මයෝ වැඩීමට ගියහ. මේ පාපධර්‍මයන් වැඩීමට ගිය කල්හි, ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන හවුරුදු දෙසියපනසක් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ හවුරුදු සියයක් ආයු ඇත්තෝ වූහ.
Pali BJTදසවස්සායුකසමයො
Sinhala BJT__missing translation__
Pali BJT15. භවිස්සති භික්ඛවෙ සො සමයො යං ඉමෙසං මනුස්සානං දසවස්සායුකා පුත්තා භවිස්සන්ති. දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු පඤ්චවස්සිකා{1} කුමාරිකා අලම්පතෙය්යා භවිස්සන්ති. දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු ඉමානි රසානි අන්තරධායිස්සන්ති, සෙය්යථිදං සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං ලොණං. දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කුද්රූසකො අග්ගං භොජනානං{2} භවිස්සති. සෙය්යථාපි භික්ඛවෙ එතරහි සාලිමංසොදනො අග්ගං භොජනානං, එවමෙව ඛො භික්ඛවෙ දසවස්සායුකෙසු මනුස්සෙසු කුද්රූසකො අග්ගං භොජනානං භවිස්සති. දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු දසකුසලකම්මපථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති, දසඅකුසලකම්මපථා අතිබ්යා{3} දිප්පිස්සන්ති. දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කුසලන්තිපි න භවිස්සති. කුතො පන කුසලස්ස කාරකො. දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු යෙ තෙ භවිස්සන්ති අමත්තෙය්යා අපෙත්තෙය්යා අසාමඤ්ඤා අබ්රහ්මඤ්ඤා න කුලෙ ජෙට්ඨාපචායිනො, තෙ පුජ්ජා ච{4} භවිස්සන්ති පාසංසා ච. සෙය්යථාපි භික්ඛවෙ එතරහි මත්තෙය්යා{5} පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො පුජ්ජා ච පාසංසා ච, එවමෙව ඛො භික්ඛවෙ දසවස්සායුකෙසු මනුස්සෙසු යෙ තෙ භවිස්සන්ති අමත්තෙය්යා අපෙත්තෙය්යා අසාමඤ්ඤා අබ්රහ්මඤ්ඤා න කුලෙ ජෙට්ඨාපචායිනො, තෙ පුජ්ජා ච භවිස්සන්ති පාසංසා ච. දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු න භවිස්සති මාතා ති වා මාතුච්ඡා ති වා මාතුලානී ති වා ආචරියභරියා ති වා{6} ගරූනං දාරො{7} ති වා. සම්භෙදං ලොකො ගමිස්සති යථා අජෙළකා කුක්කුටසූකරා සොණසිගාලා{8}.
Sinhala BJT15. මහණෙනි, මේ මිනිසුන්ගේ දරුවෝ යම් කලෙක දස හවුරුදු පරමායු ඇත්තෝ වෙත් ද, එසේ වූ කාලයෙක් වන්නේ ය. මහණෙනි, දසවස් ආයු ඇති මිනිසුන් අතුරෙහි, පස් හැවිරිදි කුමරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නාහ. මහණෙනි. දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි ගිතෙල් වෙඬරු තලතෙල් මී සකුරු ලුණු යන මේ රසයෝ අතුරුදහන් වන්නාහ. මහණෙනි, දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි කුද්‍රෑසක ධාන්‍යය (හමු) බොජුන් අතුරෙහි අග්‍ර වන්නේ ය. මහණෙනි, දැන් මස සහිත හැල් සාල් බත මිනිසුන්ගේ පිළිගැන්ම පරිදි බොජුන් අතුරෙහි අග්‍ර වේ ද, එසේ ම දසවස් ආයු ඇති මිනිසුන් කෙරෙහි කුද්‍රෑසක ධාන්‍යය (හමු) බොජුන් අතුරෙන් අග්‍ර වන්නේ ය. මහණෙනි, දස වස් ආයු ඇති මිනිසුන් අතුරෙන් දශකුශල කර්‍මපථයෝ හැම ලෙසින් ම අතුරු දහන් වන්නාහ. දශ අකුශල කර්‍මපථ ඉතා ම දීප්ත වන්නාහ. මහණෙනි, දශවර්‍ෂ යුෂ්ක මිනිසුන් කෙරෙහි කුශල යැ යන නම පවා නො වන්නේ ය. කුසල් කරන්නෙක් කොයින් වේ ද? මහණෙනි, දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි යම් කෙනෙක් මවට ගරු නො කරනුවෝ, පියාට ගරු නො කරනුවෝ, මහණුනට ගරු නො කරනුවෝ, බමුණනට ගරු නො කරනුවෝ, කුලෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් නැත්තෝ වෙත් ද, ඔහු පූජ්‍ය ද ප්‍රශංසාර්‍හ ද වන්නාහ. මහණෙනි, මෙ කලැ මව කෙරෙහි මොනොවට පිළිපදනාහු, පියා කෙරෙහි මොනොවට පිළිපදනාහු, මහණුන් කෙරෙහි මොනොවට පිළිපදනාහු, බමුණන් කෙරෙහි මොනොවට පිළිපදනාහු, කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් ඇතියාහු යම්සේ පූජ්‍යයත් ප්‍රශංසාර්‍හත් වෙත් ද, මහණෙනි, එ සේ ම දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි යම් කෙනෙක් මව කෙරෙහි මොනොවට නො පිළිපදනාහු ද, පියා කෙරෙහි මොනොවට නො පිළිපදනාහු ද, මහණුන් කෙරෙහි මොනොවට නො පිළිපදානාහු ද, බමුණන් කෙරෙහි මොනොවට නො පිළිපදනාහු ද, කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් නැතියාහු ද, ඔහු පුජ්‍ය ද ප්‍රශංසාර්‍හ ද වන්නාහ. මහණෙනි, දශවර්‍ෂායුෂ්ක මිනිසුන් කෙරෙහි මෑණියෝ යැ යි හෝ සුළු මෑණියෝ යි නැන්දැණියෝ යි හෝ ඇදුරු බිරින්දෑ යි හෝ සුළු පිය දෙටුපිය ආදීන්ගේ බිරියෝ යි කියා හෝ (හැඟීමෙක්) නො වන්නේ ය. එළුවෝ බැටෙළුවෝ කුකුළෝ හූරෝ බල්ලෝ කැණහිල්ලු යම්සේ ද, එසේ ම ලෝවැසි තෙමේ (කුලසීමාව බිඳ) මිශ්‍රභාවයට යන්නේ ය. (කුල සිරිත් නොතකා ඔවුන් පාවාගන්නාහ.)
Pali BJT16. දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු තෙසං සත්තානං අඤ්ඤමඤ්ඤම්හි තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති, තිබ්බො බ්යාපාදො, තිබ්බො මනොපදොසො, තිබ්බං වධකචිත්තං මාතු පි පුත්තම්හි, පුත්තස්ස පි මාතරි, පිතු පි පුත්තම්හි පුත්තස්ස පි පිතරි, භාතු පි භාතරි, භාතු පි භගිනියා, භගිනියා පි භාතරි, තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති තිබ්බො බ්යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං. සෙය්යථාපි භික්ඛවෙ, මාගවිකස්ස මිගං දිස්වා තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො හොති තිබ්බො බ්යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං, එවමෙව ඛො භික්ඛවෙ, දසවස්සායුකෙසු මනුස්සෙසු තෙසං සත්තානං අඤ්ඤමඤ්ඤම්හි තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති තිබ්බො බ්යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං මාතු පි පුත්තම්හි, පුත්තස්ස පි මාතරි, පිතු පි පුත්තම්හි, පුත්තස්ස පි පිතරි, භාතු පි භාතරි, භාතු පි භගිනියා, භගිනියා පි භාතරි, තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති, තිබ්බො බ්යාපාදො, තිබ්බො මනොපදොසො, තිබ්බං වධකචිත්තං. දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු සත්තාහං සත්ථන්තරකප්පො භවිස්සති. තෙ අඤ්ඤමඤ්ඤම්හි මිගසඤ්ඤං පටිලභිස්සන්ති. තෙසං තිණ්හානි සත්ථානි හත්ථෙසු පාතුභවිස්සන්ති. තෙ තිණ්හෙන සත්ථෙන ‘එස මිගො එස මිගො’ති අඤ්ඤමඤ්ඤං ජීවිතා වොරොපෙස්සන්ති{1}.
Sinhala BJT16. මහණෙනි, දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි, ඒ සත්‍වයන්ගේ උනුන් කෙරෙහි දැඩි වෛරයෙක්, දැඩි ව්‍යාපාදයෙක්. දැඩි මනඃප්‍රද්වේෂයෙක් දැඩි වධක චිත්තයෙක් එළැඹ සිටියේ වන්නේ ය. පුතු කෙරෙහි මවගේ ද, මව කෙරෙහි පුතුගේ ද, පුතු කෙරෙහි පියාගේ ද, පියා කෙරෙහි පුතුගේ ද, බෑයා කෙරෙහි බෑයාගේ ද, බිහිනිය කෙරෙහි බෑයාගේ ද, බෑයා කෙරෙහි බිහිනියගේ ද, දැඩි ආඝාතයෙක්, දැඩි ව්‍යාපාදයෙක්, දැඩි චිත්ත ප්‍රද්වේෂයෙක්, දැඩි වධක චිත්තයෙක් එළැඹ සිටියේ වන්නේ ය. මහණෙනි, යම්සේ මුවවැද්දකුට මුවකු දැක්මෙන් දැඩි ආඝාතයෙක්, දැඩි ද්වේෂයෙක්, දැඩි චිත්ත ප්‍රද්වේෂයෙක්, දැඩි වධක චිත්තයෙක් එළැඹ සිතුනේ වේ ද, මහණෙනි, එසේ ම මිනිසුන් දශවර්‍ෂායුෂ්ක කල්හි ඒ සත්‍වයන්ගේ උනුන් කෙරෙහි දැඩි ආඝාතයෙක්, දැඩි ව්‍යාපාදයෙක්, දැඩි චිත්ත ප්‍රද්වේෂයෙක්, දැඩි වධක චිත්තයෙක් එළැඹ සිටියේ වන්නේ ය. මහණෙනි, මිනිසුන් දශවර්‍ෂායුෂ්ක කල්හි සත් දවසක් ශස්ත්‍රාන්තඃකල්පය වන්නේ ය. ඔහු ඔවුනොවුන් කෙරෙහි මෘගසංඥාව (මේ මුවෙකැ යි හැඟීම) ලබන්නාහ. ඔවුන්ගේ අත්හි තියුණු අවි පහළ වන්නේ ය. ඔහු තියුණු අවියෙන් ‘මේ මුවෙක, මේ මුවෙකැ’ යි ඔවුනොවුන් දිවියෙන් තොර කරන්නාහ.
Pali BJTආයුවණ්ණාදිවඩ්ඪනකථා
Sinhala BJT__missing translation__
Pali BJT17. අථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එකච්චානං එවං භවිස්සති, ‘මා ච මයං කඤ්චි{2}, මා ච අම්හෙ කොචි, යන්නූන මයං තිණගහණං වා වනගහණං වා රුක්ඛගහණං වා නදීවිදුග්ගං වා පබ්බතවිසමං වා පවිසිත්වා වනමූලඵලාහාරා යාපෙය්යාමා’ති. තෙ තිණගහණං වා වනගහණං වා රුක්ඛගහණං වා නදීවිදුග්ගං වා පබ්බතවිසමං වා පවිසිත්වා සත්තාහං වනමූලඵලාහාරා යාපෙස්සන්ති{3}. තෙ තස්ස{4} සත්තාහස්ස අච්චයෙන තිණගහණා වනගහණා රුක්ඛගහණා නදීවිදුග්ගා පබ්බතවිසමා නික්ඛමිත්වා අඤ්ඤමඤ්ඤං ආලිඞ්ගිත්වා සභාගායිස්සන්ති සමස්සාසිස්සන්ති ‘දිට්ඨා භො සත්ත ජීවසි, දිට්ඨා භො සත්ත ජීවසී’ති. අථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො අකුසලානං ධම්මානං සමාදානහෙතු එවරූපං ආයතං ඤාතික්ඛයං පත්තා යන්නූන මයං කුසලං කරෙය්යාම.
Sinhala BJT17. මහණෙනි, එ කල්හි ඒ සතුන් අතුරෙන් ඇතැම් කෙනෙකුට ‘අපි කිසිවකුදු දිවියෙන් තොර නො කරමෝ වා, කිසිවෙක් අප ද දිවියෙන් තොර නො කෙරේවා අපි තණහඬුවකට හෝ වනලැහැබකට හෝ රුක්බැද්දකට හෝ අන්තර්ද්විපාදි නදීන්ගේ දුර්‍ගමස්ථානයකට හෝ කඳුවලින් විෂම වූ තැනකට හෝ වැද, වෙනෙහි මුල් පල ආහාර කොටැති වැ යැපෙන්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු තණහඬුවකට හෝ වනලැහැබකට හෝ රුක්බද්දකට හෝ නදීවිදුර්‍ගයකට හෝ පර්‍වත විෂමයකට හෝ පිවිස සත් දවසක් වනමූලඵල ආහාර කොටැති ව යැපෙන්නාහ. ඔහු එහි සතිය ඇවෑමෙන් තණහඬුවෙන් වනලැහැබෙන් රුක්බැද්දෙන් නදීවිදුර්‍ගයෙන් පර්‍වතවිෂමයෙන් නික්ම, උනුන් වැලැඳගෙන, භවත් සත්‍වය, ‘පිනෙකි! තව ම ජීවත් වෙහි! වූ සේ යහපති! තව ම ජීවත් වෙහි’ යැ යි උනුන් හා සතුටු වන්නාහ, උනුන් අස්වසන්නාහ. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වනාහි අකුසල් දහම් සමාදන් කොට ගත් හෙයින් මෙබඳු වූ මහත් ඥාතිවිනාශයකට පත්තම්හ. අපි කුසල් කරමෝ නම් යෙහෙක.
Pali BJTකිං කුසලං කරෙය්යාම? යන්නූන මයං පාණාතිපාතා විරමෙය්යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා”ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනා පි වඩ්ඪිස්සන්ති වණ්ණෙන පි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනා පි වඩ්ඪමානානං වණ්ණෙන පි වඩ්ඪමානානං දසවස්සායුකානං මනුස්සානං වීසතිවස්සායුකා පුත්තා භවිස්සන්ති. අථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති, “මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණෙන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං අදින්නාදානා විරමෙය්යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති අදින්නාදානා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනා’පි වඩ්ඪිස්සන්ති, වණ්ණෙන පි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං වීසතිවස්සායුකානං මනුස්සානං චත්තාලීසතිවස්සායුකා පුත්තා භවිස්සන්ති.
Sinhala BJTකවර කුසලක් කරමෝ ද? අපි ප්‍රාණඝාතයෙන් වළකින්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවතින්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. කුසල් දහම් සමාදන් කොට ගත් හෙයින් ඔහු ආයුෂයෙන් ද වැඩෙන්නාහ, පැහැයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, පැහැයෙන් ද වැඩෙන දශවර්‍ෂායුෂ්ක වූ ඒ මිනිසුන්ගේ දරුවෝ විසි හවුරුද්දක් ආයු ඇත්තෝ වන්නාහ. එ කල්හි, මහණෙනි, ඒ සත්නට, ‘අපි, කුසල් දහම් සමාදන් කොට ගත් හෙයින් ආයුෂයෙන් ද වැඩෙමු, වර්‍ණයෙන් ද වැඩෙමු, අපි තවත් බොහෝ සෙයින් කුසල් කරන්නමෝ නම් යෙහෙක. කවර කුසලක් කරන්නමෝ ද? අපි අදත්තාදානයෙන් වළකන්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අයිනාදනින් වළක්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, විසි හවුරුදු ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ හවුරුදු සතලිසක් ආයු ඇතියෝ වන්නාහ.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම, වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං කාමෙසුමිච්ඡාචාරා විරමෙය්යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති වණ්ණෙන පි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං චත්තාලීසවස්සායුකානං මනුස්සානං අසීතිවස්සායුකා පුත්තා භවිස්සන්ති.
Sinhala BJTමහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූ කලි කුසල් දහම් සමාදන් කොට ගැනීමේ හේතුයෙන් ආයුෂයෙන් ද වැඩෙමු, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරන්නමෝ නම් යෙහෙක. කවර කුසලක් කරන්නමෝ ද? අපි කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්කමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පැවැත්තමෝ නම් යෙහෙකැ’ යි මේ සිත වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ, අයිනාදනින් වළකින්නාහ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වළකින්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනීම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, සතළිස් වසක් ආයු කොටැති ඒ මිනිසුන්ගේ දරුවෝ අසූ හවුරුදු ආයු ඇත්තෝ වන්නාහ.
Pali BJT18. අථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං මුසාවාදා විරමෙය්යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති.
Sinhala BJT18. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වනාහි කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙමු, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරන්නමෝ ද? අපි මුසවා බිණීමෙන් වැළැක්කමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පැවැත්තමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අයිනාදනින් වළක්නාහ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වළක්නාහ, මුසවා බිණීමෙන් වළක්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවත්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ.
Pali BJTතෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං අසීතිවස්සායුකානං මනුස්සානං සට්ඨිවස්සසතායුකා පුත්තා භවිස්සන්ති. අථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම, වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං පිසුණාය වාචාය විරමෙය්යාම ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති. පිසුණාය වාචාය විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං සට්ඨිවස්සසතායුකානං මනුස්සානං වීසංතිවස්සසතායුකා පුත්තා භවිස්සන්ති.
Sinhala BJTආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, අසූවසකට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ එක්සිය සැට හවුරුදු ආයු ඇත්තෝ වන්නාහ. මහණෙනි, එ කල්හි ඒ සත්නට ‘අපි වනාහි කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙමු, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි පෙහෙසුන් තෙප්ලෙන් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළකින්නාහ, අයිනාදනින් වළකින්නාහ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වඪකින්නාහ, මුසවායෙන් වළකින්නාහ, පෙහෙසුන් තෙප්ලෙන් වළකින්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවත්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ. වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන වර්‍ණයෙන් ද වැඩෙන, එක්සිය සැටවසක් ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ තෙසියවිසි හවුරුද්දකට ආයු ඇත්තෝ වන්නාහ.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං ඵරුසාය වාචාය විරමෙය්යාම. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං වීසංතිවස්සසතායුකානං මනුස්සානං චත්තාරීසංජබ්බස්සසතායුකා පුත්තා භවිස්සන්ති.
Sinhala BJTමහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූ කලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි පරොස් බසින් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අයිනාදනින් වළකින්නාහ, කාමමිථාචාරයෙන් වළකින්නාහ, මුසාවාදයෙන් වළකින්නාහ, පෙහෙසුන් තෙප්ලෙන් වළක්නාහ, පරොස් බසින් වළකින්නාහ, මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවත්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, තෙවිසි විසි වසක් ආයු ඇති ඒ මිනිසුන්ගේ මිනිසුන්ගේ දරුවෝ හසිය සතළිස් හවුරුද්දකට ආයු ඇතියෝ වන්නාහ.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං සම්ඵප්පලාපා විරමෙය්යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති. පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති, වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං චත්තාරීසංජබ්බස්සසතායුකානං මනුස්සානං ද්වෙවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.
Sinhala BJTමහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූ කලි කුශල ධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි සම්ප්‍රඵලාපයෙන් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අයිනාදනින්, කාමමිථාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන් වළක්නාහ. සම්ඵප්‍රලාපයෙන් වළක්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවත්නාහ. ඔහු කුශල ධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, හසිය සතළිස් හවුරුද්දකට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ හවුරුදු දෙදහසකට ආයු ඇතියෝ වන්නාහ.
Pali BJT19. අථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම, වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං අභිජ්ඣං පජහෙය්යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති. පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති. අභිජ්ඣං පජහිස්සන්ති, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං ද්වෙවස්සසහස්සායුකානං මනුස්සානං චත්තාරිවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.
Sinhala BJT19. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූකලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි අභිධ්‍යාව දුරැලන්නමෝ මේ කුසල් දහම සමාදන් කොටගෙන් පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මෘෂාවාදයෙන්, පෛශුන්‍යයෙන්, පරුෂවචනයෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ, අභිධ්‍යාව දුරැලන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, දෙදහසක් හවුරුද්දට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ සාරදහස් හවුරුද්දකට ආයු ඇත්තෝ වන්නාහ.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම, වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං ව්යාපාදං පජහෙය්යාම, ඉදං කුසලං ‘ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති. පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ව්යාපාදං පජහිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං චත්තාරිවස්සසහස්සායුකානං{1} මනුස්සානං අට්ඨවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.
Sinhala BJTමහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූ කලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි ව්‍යාපාදය බැහැර කරමෝ නම්, මේ කුසල් දහම (ව්‍යාපාද ප්‍රහාණය) සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන්, ඵරුසවාචයෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ. අභිධ්‍යාව බැහැර කරන්නාහ. ව්‍යාපාදය බැහැර කරන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. කුසල් දහම් සමාදාන් කොට ගැනුම් හේතුයෙන් ඔහු ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, සාරදහසක් හවුරුද්දට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ අවුරුදු අටදහසක් ආයු ඇත්තෝ වන්නාහ.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම, වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං මිච්ඡාදිට්ඨිං පජහෙය්යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ව්යාපාදං පජහිස්සන්ති, මිච්ඡාදිට්ඨිං පජහිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං අට්ඨවස්සසහස්සායුකානං මනුස්සානං වීසතිවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති,
Sinhala BJTමහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූකලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි මිථ්‍යා දෘෂ්ටිය බැහැර කරමෝ නම්, මේ (මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණමය) කුශලධර්‍මය සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන්, ඵරුසවාචායෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ. අභිධ්‍යාව, ව්‍යාපාදය බැහැර කරන්නාහ. මිථ්‍යාදෘෂ්ටිය බැහැර කරන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ඔහු ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, අටදහසක් හවුරුද්දට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ වර්‍ෂ විසිදහසකට ආයුෂ ඇත්තෝ වන්නාහ.
Pali BJT20. අථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති: ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම, වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාමාති. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං තයො ධම්මෙ පජහෙය්යාම අධම්මරාගං විසමලොභං මිච්ඡාධම්මං, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ව්යාපාදං පජහිස්සන්ති, මිච්ඡාදිට්ඨිං පජහිස්සන්ති, තයො ධම්මෙ පජහිස්සන්ති: අධම්මරාගං විසමලොභං මිච්ඡාධම්මං. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති, වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති, තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං වීසතිවස්සසහස්සායුකානං මනුස්සානං චත්තාරීවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.
Sinhala BJT20. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූකලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි අධර්‍ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාධර්‍මය යන මේ තුන් ලාමක ධර්‍ම දුරැලන්නමෝ නම්, මේ කුශලධර්‍මය සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන්, ඵරුෂවාචායෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ. අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය දුරැ ලන්නාහ. අධර්‍ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාධර්‍මය යන තුන් පාපධර්‍ම බැහැර කරන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, හවුරුදු විසිදහසක් ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ හවුරුදු සතළිස් දහසකට ආයු ඇතියෝ වන්නාහ.
Pali BJT21. අථ ඛො තෙසං භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම වණ්ණෙනපි වඩ්ඪාම. යන්නූන මයං භිය්යොසොමත්තාය කුසලං කරෙය්යාම. කිං කුසලං කරෙය්යාම? යන්නූන මයං මත්තෙය්යා අස්සාම පෙත්තෙය්යා අස්සාම සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙජෙට්ඨාපචායිනො, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමෙසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ව්යාපාදං පජහිස්සන්ති, මිච්ඡාදිට්ඨිං පජහිස්සන්ති, තයො ධම්මෙ පජහිස්සන්ති: අධම්මරාගං විසමලොභං මිච්ඡාධම්මං, මත්තෙය්යා භවිස්සන්ති පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙජෙට්ඨාපචායිනො. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං චත්තාරීසංවස්සසහස්සායුකානං මනුස්සානං අසීතිවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති. අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු පංචවස්සසතිකා කුමාරිකා අලම්පතෙය්යා භවිස්සන්ති. අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු තයො ආබාධා භවිස්සන්ති ඉච්ඡා අනසනං ජරා.
Sinhala BJT21. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වනාහි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුශලයක් කරමෝ ද? අපි මව කෙරෙහි මොනවට පිළිපදින්නමෝ, පියා කෙරෙහි මොනොවට පිළිපදින්නමෝ, මහණුනට සත්කාර කරන්නමෝ, බමුණනට සත්කාර කරන්නමෝ, කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් ඇත්තමෝ වන්නමු නම්, මේ කුශල ධර්‍ම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන්, ඵරුසවාචායෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ. අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය බැහැර ලන්නාහ. අධර්‍ම රාගය, විෂමලෝභ, මිථ්‍යාධර්‍මය යන තුන් පාපධර්‍ම බැහැර කරන්නාහ. මවුට සත්කාර කරන්නෝ, පියාට සත්කාර කරන්නෝ, මහණුනට සත්කාර කරන්නෝ, බමුණනට සත්කාර කරන්නෝ, කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් දක්වන්නෝ වන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුශල ධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, හවුරුදු සතළිස් දහසකට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ හවුරුදු අසූ දහසක් ආයු ඇතියෝ වන්නාහ. මහණෙනි, අවුරුදු අසූදහසක් ආයු ඇති මිනිසුන් අතුරෙහි පන්සියක් හවුරුදු වයස් වූ කුමරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නාහ. මහණෙනි, අසූදහසක් හවුරුදු ආයු ඇති මිනිසුන් අතුරෙහි ආහාරතෘෂ්ණාව ද ආහාරක්ලාන්තිය ද මහලු වීම ද යන තුන් ආබාධ කෙනෙක් ම වන්නාහ.
Pali BJTසඞ්ඛරාජුප්පත්ති
Sinhala BJT__missing translation__
Pali BJT22. අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු අයං ජම්බුදීපො ඉද්ධො චෙව භවිස්සති ඵීතො ච, කුක්කුටසම්පාතිකා{1} ගාමනිගමජනපද රාජධානියො.{2} අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු අයං ජම්බුදීපො අවීචි මඤ්ඤෙ ඵුටො භවිස්සති මනුස්සෙහි, සෙය්යථාපි නළවනං සරවනං{3} වා.
Sinhala BJT22. මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසක් ආයු ඇතියන් වූ කල්හි මේ දඹදිව සමෘද්ධ (ධාන්‍යාදියෙන් සම්පන්න) ද, ස්ථිත (වස්ත්‍රාදියෙන් පරිපූර්‍ණ) ද වන්නේ ය. ගම් නියම්ගම් දනවු රජදහන්හු වහළ මතුයෙන් ගමෙකින් ගමකට කුකුළකු විසින් යෑ හැකි වන් සේ ඒකාබද්ධ වැ පිහිටි දහස්ගණන් ගෙවලින් යුක්ත වන්නාහ. මහණෙනි, අසූ දහසක් හවුරුදු ආයු ඇති මිනිසුන් ඇති වන කල්හි මේ දඹදිව උනවනයක් බටවනයක් සේ, අවීචිය මෙන් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති සේ ගැවැසුණේ වන්නේ ය.
Pali BJTඅසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු අයං බාරාණසී කෙතුමතී නාම රාජධානි භවිස්සති ඉද්ධා චෙව ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු ඉමස්මිං ජම්බුදීපෙ චතුරාසීති නගරසහස්සානි භවිස්සන්ති කෙතුමතීරාජධානිපමුඛානි. අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කෙතුමතියා රාජධානියා සංඛො නාම රාජා උප්පජ්ජිස්සති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්තරතනානි භවිස්සන්ති, සෙය්යථිදං, චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවිස්සන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසිස්සති.
Sinhala BJTමහණෙනි, මිනිසුන් වස් අසූදහසක් ආයු ඇත්තන් වන කල්හි, මේ බරණැස් නුවර සමෘද්ධ වූ ද ආඪ්‍ය වූ ද බොහෝ ජනයා ඇත්තා වූ ද මිනිසුන්ගෙන් ආකීර්‍ණ වූ ද සුලභ ආහාර ඇත්තාවූ ද කේතුමති නම් රජ දහනෙක් වන්නේ ය. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇත්තවුන් වූ කල්හි මෙ දඹදිව්හි කේතුමතී රාජධානිය පාමොක් කොටැති සුවාසූ දහසක් නගරයෝ වන්නාහ. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇතියන් වූ කල්හි කේතුමති රාජධානියෙහි ධාර්මික වූ ධර්‍මරාජ වූ සිවු සයුරු හිම් කොට සතර මහාද්වීපයට අධිපති වූ, සියලු සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් යුත් ශංඛ නම් සක්විති රජෙක් පහළ වන්නේ ය. ඔහුට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වන පරිනායක රත්නයැ යි මේ සප්ත රත්න කෙනෙක් වන්නාහ. ඔහුට බාන සුලු නොවූ මූර්තිමත් වීර්‍ය්‍යය බඳු ශරීර ඇති, පර සෙන් මඩිනු සමත් වූ, දහසකට වැඩි දරු කෙනෙක් වන්නාහ. හෙ තෙම සයුරුහිම් මෙ මහ පොළොව දඬුවමින් තොර වැ, අවියෙන් තොර වැ, දැහැමෙන් සෙමෙන් ජය ගෙන අධිපති වැ වසන්නේ ය.
Pali BJTමෙත්තෙය්යබුද්ධුප්පාදො
Sinhala BJT__missing translation__
Pali BJT23. අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු මෙත්තෙය්යො නාම භගවා ලොකෙ උප්පජ්ජිස්සති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සෙය්යථාපහං එතරහි ලොකෙ උප්පන්නො අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙස්සති, සෙය්යථාපහං එතරහි ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙමි. සො ධම්මං දෙසෙස්සති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙස්සති. සෙය්යථාපහං එතරහි ධම්මං දෙසෙමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙමි. සො අනෙකසතසහස්සං භික්ඛුසඞ්ඝං පරිහරිස්සති සෙය්යථාපහං එතරහි අනෙකසතං භික්ඛුසඞ්ඝං පරිහරාමි.
Sinhala BJT23. මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසකට පරමායුෂ ඇත්තවුන් වූ කල්හි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණ සම්පන්න වූ, සුගත වූ, ලොව දන්නා, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිස්නට ශාස්තෘ වූ, සිවුසස් අවබෝධ කළ, සියලු භාග්‍යගුණ ඇති, මෛත්‍රෙය නම් භාග්‍යවත් තෙම ලොවැ උපදින්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට පළ කෙරෙම් ද, එසේ ම ඒ මෛත්‍රෙය බුදුරජ ද දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට දන්වන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසම් ද, හැම ලෙසින් පිරිපුන් වූ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරම් ද, එසේ ම ඒ බුදුරජ තෙමේ ද ආදිකල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යංජන සහිත වූ දහම් දෙසන්නේ ය. හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කරන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි නොයෙක් සිය ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කෙරෙම් ද, එසේ ම ඒ බුදුරජ නොයෙක් සියදහස් ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කරන්නේ ය.
Pali BJT24. අථ ඛො භික්ඛවෙ, සඞ්ඛො නාම රාජා යො සො යූපො රඤ්ඤා මහාපනාදෙන කාරාපිතො, තං යූපං උස්සාපෙත්වා අජ්ඣාවසිත්වා තං දත්වා විස්සජ්ජෙත්වා{1} සමණබ්රාහ්මණකපණද්ධිකවණිබ්බකයාචකානං දානං දත්වා{2} මෙත්තෙය්යස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සති. සො එවං පබ්බජිතො සමානො එකො වූපකට්ඨෙ අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති.
Sinhala BJT24. මහණෙනි, එ කල්හි ශඞ්ඛ නම් ඒ සක්විති රජ තෙම, පෙරැ මහාපනාද රජහු විසින් කරවන ලද යම් ප්‍රාසාදයෙක් වේ ද, (ගංගානදියෙහි ගිලී ඇති) ඒ පහය (ගඟෙන්) මත්තට නංවා, කලක් එහි වැස, මහණ බමුණු දුගී මගී පුලනු යදි ආදීනට එය පරිත්‍යාග කොට හැර දමා කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙයින් නික්මැ භගවත් අර්‍හත් මෛත්‍රෙය සම්මාසම්බුදු රජුහු වෙතැ, පැවිදි වන්නේ ය. හෙ තෙම මෙසේ පැවිදි වූයේ ම, හුදෙකලා වූයේ, කයින් සිතින් විවික්ත වූයේ, නොපමා වූයේ, කෙලෙස් තවන වැර ඇතියේ, නිවන් කරා මෙහෙයූ සිතැත්තේ, මඳ කලෙකින් ම යමක් පිණිස කුල දරුවෝ ගිහි ගෙන් නික්ම මනා කොට ම සසුන් වදිත් නම්, ඒ නිරුත්තර වූ සසුන් බඹසරැ අවසන වූ රහත්පලය වත්මනු බෙවෙහි ම තමා ම දැන පසක් කො සපයා වසන්නේ ය.
Pali BJT25. අත්තදීපා භික්ඛවෙ, විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා.
Sinhala BJT25. මහණෙනි, (එබැවින්) ආත්මය (ලොවී ලොවුතුරා දහම්) ද්වීප කොටැත්තෝ වැ ආත්මය ශරණ කොටැත්තෝ වැ අන් ශරණයක් අපේක්‍ෂා නො කරන්නෝ වැ, ධර්‍මය ද්වීප කොටැත්තෝ වැ ධර්‍මය ශරණ කොටැත්තෝ වැ, අන් ශරණයක් නැත්තෝ වැ වසවු.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ තෙම ආත්මය ද්වීප කොටැති වැ, ආත්මය ශරණ කොටැති වැ, අන් ශරණයක් නැත්තෙක් වැ වෙසේ ද? ධර්‍මය ද්වීප කොටැති වැ, ධර්‍මය ශරණ කොටැති වැ, අන් ශරණයක් නැති වැ වෙසේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො.
Sinhala BJTමහණෙනි මෙහි මහණ තෙම කයෙහි කය අනුව බලනුයේ, කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, එලැඹැවු සිහි ඇත්තේ, ලොවෙහි (කයෙහි) අභිධ්‍යාවත් දොම්නසත් පහ කොට වෙසෙයි. වේදනාවන්හි ... සිතෙහි … ධර්‍මයන්හි ධර්‍ම අනුව බලනුයේ කෙලෙස් තවන වැර ඇත්තේ නුවණින් දන්නේ එළැඹැවූ සිහි ඇත්තේ, ලොවෙහි (ධර්‍මයන්හි) අභිධ්‍යාවත් දොම්නසත් පහ කොට වෙසෙයි. මහණෙනි, මෙසේ ම මහණ තෙම ආත්මය ද්වීප කොටැති වැ, ආත්මය ශරණ කොටැති වැ අන් ශරණයක් නැති වැ, ධර්‍මය ද්වීප කොටැති වැ ධර්‍මය ශරණ කොටැති වැ, අන් ශරණයක් නැති වැ වෙසෙයි.
Pali BJTභික්ඛුනො ආයුවණ්ණාදිවඩ්ඪනකථා
Sinhala BJT__missing translation__
Pali BJT26. ගොචරෙ භික්ඛවෙ, චරථ සකෙ පෙත්තිකෙ විසයෙ. ගොචරෙ භික්ඛවෙ චරන්තා සකෙ පෙත්තිකෙ විසයෙ ආයුනා පි වඩ්ඪිස්සථ, වණ්ණෙන පි වඩ්ඪිස්සථ, සුඛෙන පි වඩ්ඪිස්සථ, භොගෙන පි වඩ්ඪිස්සථ, බලෙන පි වඩ්ඪිස්සථ. කිඤ්ච භික්ඛවෙ භික්ඛුනො ආයුස්මිං? ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාර-සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසා සමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො ඉමෙසං චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. ඉදං ඛො භික්ඛවෙ භික්ඛුනො ආයුස්මිං.
Sinhala BJT26. මහණෙනි, තමන් සතු වූ පියාගෙන් තමනට උරුම වැ ආ හැසිරීමට නිසි පෙදෙසෙහි හැසිරෙවු. තෙපි පියාගෙන් උරුම වැ ආ හැසිරීමට නිසි පෙදෙසෙහි හැසිරෙන්නහු, ආයුෂයෙන් ද වැඩෙන්නහු, වර්‍ණයෙන් ද වැඩෙන්නහු, සුවයෙන් ද වැඩෙන්නහු, භෝගයෙන් ද වැඩෙන්නහු, බලයෙන් ද වැඩෙන්නහු ය. මහණෙනි, මහණහුගේ ආයුෂයට කරුණු කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම ඡන්‍ද සමාධිය ප්‍රධාන කොටැති සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය සමාධිය … චිත්ත සමාධිය … වීමංසා සමාධිය ප්‍රධාන කොටැති සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හේ මේ සතර ඍද්ධිපාද වැඩූ බැවින් බහුල කොට කළ බැවින් කැමැති වන්නේ කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටියැ හැකි වන්නේ ය. මහණෙනි, මෙය වනාහි මහණහුගේ ආයුෂයට කරුණ වෙයි.
Pali BJTකිඤ්ච භික්ඛවෙ භික්ඛුනො වණ්ණස්මිං? ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. ඉදං ඛො භික්ඛවෙ භික්ඛුනො වණ්ණස්මිං.
Sinhala BJTමහණෙනි, මහණහුගේ වර්‍ණයට කාරණ කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම සිල්වත් වේ ද, පාමොක් හැවුරුමෙන් හැවුරුණේ, ආචාර ගෝචර දෙකින් යුක්ත වූයේ, අණුමාත්‍ර වරදෙහි ද බිය දක්නා සුලු වූයේ වෙසේ ද, සමාදන් කොට ගෙන සිකපදන්හි හික්මේ ද, මහණෙනි, මෙය මහණහුගේ වර්‍ණයට කාරණ වේ.
Pali BJTකිඤ්ච භික්ඛවෙ භික්ඛුනො සුඛස්මිං? ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{1} උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො පන භික්ඛවෙ භික්ඛුනො සුඛස්මිං.
Sinhala BJTමහණෙනි, මහණහුගේ සුවයට කාරණ කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති, පළමු දහන ලැබ වෙසෙයි. විතර්‍ක විචාරයන් සංහිඳීමෙන් … දෙවෙනි දහන … තෙවෙනි දහන … සිවුවන දහන ලැබ වෙසෙයි. මහණෙනි, මේ වනාහි මහණහුගේ සුවයට කාරණ වෙයි.
Pali BJTකිඤ්ච භික්ඛවෙ භික්ඛුනො භොගස්මිං? ඉධ භික්ඛවෙ, භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන{2} ඵරිත්වා විහරති. ඉධ භික්ඛවෙ, භික්ඛු කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. ඉදං ඛො භික්ඛවෙ භික්ඛුනො භොගස්මිං.
Sinhala BJTමහණෙනි, මහණහුගේ භෝගයට කාරණ කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම මෛත්‍රී සහගත සිතින් එක් දෙසක් පැතිරැ ගෙන වෙසෙයි, එසේ දෙවෙනි දෙස, එසේ තෙවෙනි දෙස, එසේ සිවුවන දෙස, මෙසේ උඩ, යට, සරස, හැම තැන, සියලු ලොව මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ වෛර රහිත වූ ක්‍රෝධ රහිත වූ මෛත්‍රී සහගත සිතින් පැතිර ගෙන වෙසෙයි. මහණෙනි, මෙහි මහණ තෙම කරුණා සහගත සිතින් … මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දෙසක් පැතිර ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙස, එසේ තෙවෙනි දෙස, එසේ සිවුවන දෙස, මෙපරිද්දෙන් උඩ, යට, සරස, හැම තැන, සියලු ලොව මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ වෛර රහිත වූ, ක්‍රෝධ රහිත වූ උපේක්‍ෂා සහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. මහණෙනි, මෙය මහණහුගේ භෝගයට කාරණ වෙයි.
Pali BJTකිඤ්ච භික්ඛවෙ භික්ඛුනො බලස්මිං? ඉධ භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදං ඛො භික්ඛවෙ භික්ඛුනො බලස්මිං.
Sinhala BJTමහණෙනි, මහණහුගේ බලයට කාරණ කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම ආස්‍රවයන්ගේ විනාශයෙන් ආස්‍රව රහිත වූ ඵල සමාධිය ද ඵල ඥානය ද මෙ අත්බව්හි ම තෙමේ ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට ලැබ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි මහණහුගේ බලයට කාරණ වේ.
Pali BJTනාහං භික්ඛවෙ, අඤ්ඤං එකබලම්පි සමනුපස්සාමි යං එවං දුප්පසහං යථයිදං භික්ඛවෙ මාරබලං කුසලානං භික්ඛවෙ ධම්මානං සමාදානහෙතු එවමිදං පුඤ්ඤං පවඩ්ඪතීති.
Sinhala BJTමහණෙනි, මාර බලය සේ දුක ස් මැඩැලියැ යුතු වූ අන් එක ද බලයක් මම් (නුවණැසින්) නො දකිමි. (එය ද මේ රහත් පල තෙම මැඩ ලයි.) මහණෙනි, මෙසේ කුශල ධර්‍මයන්ගේ සමාදාන හේතුයෙන් මේ (ලොවුතුරා) පින ද (රහත් පලය තෙක් ම) වැඩේ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආරාධිත සිතැති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
Pali BJTචක්කවත්තිසීහනාදසුත්තං නිට්ඨිතං තතියං.
Sinhala BJTතෙවෙනි චක්‍රවර්ති සිංහනාද සූත්‍රය නිමියේ යැ.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTඅග්ගඤ්ඤසුත්තං
Sinhala BJTඅග්ගඤ්ඤ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන වාසෙට්ඨභාරද්වාජා භික්ඛූසු පරිවසන්ති{1} භික්ඛුභාවං ආකඞ්ඛමානා. අථ ඛො භගවා සායණ්හසමයං පටිසල්ලානා වුට්ඨිතො පාසාදා ඔරොහිත්වා පාසාදපච්ඡායායං{2} අබ්භොකාසෙ චඞ්කමති. අද්දසා ඛො වාසෙට්ඨො භගවන්තං සායණ්හසමයං පටිසල්ලානා වුට්ඨිතං පාසාදා ඔරොහිත්වා පාසාදපච්ඡායායං අබ්භොකාසෙ චඞ්කමන්තං. දිස්වාන භාරද්වාජං ආමන්තෙසි: “අයං ආවුසො භාරද්වාජ භගවා සායණ්හසමයං පටිසල්ලානා වුට්ඨිතො පාසාදා ඔරොහිත්වා පාසාදපච්ඡායායං අබ්භොකාසෙ චඞ්කමති. ආයාමාවුසො භාරද්වාජ යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම. අප්පෙවනාම ලභෙය්යාම භගවතො සන්තිකා{3} ධම්මිං කථං සවණායා”ති. ‘එවමාවුසො’ති ඛො භාරද්වාජො වාසෙට්ඨස්ස පච්චස්සොසි. අථ ඛො වාසෙට්ඨභාරද්වාජා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවන්තං චඞ්කමන්තං අනුචඞ්කමිංසු.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා මිගාරමාතුපාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වාශිෂ්ඨ භාරද්වාජ යන හෙරණ දෙ නම භික්‍ෂුභාවය (උපසපුව) පතන්නාහු භික්‍ෂූන් කෙරෙහි පිරිවෙසෙත්, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක්. පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණෙහි එළිමහනෙහි සක්මන් කරන සේක. වාශිෂ්ඨ හෙරණ තෙම, සවස් වේලෙහි පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාරද්වාජ හෙරණහු බණවා, ‘ඇවැත්නි, භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලේ පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන සේක. ඇවැත්නි, භාරද්වාජයෙනි, එමු. භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමු. භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්‍ම කථාවක් අසන්නට ලබන්නමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, ඇවැත්නි’ යි කියා ම භාරද්වාජ තෙම වාශිෂ්ඨයාට පිළිවදන් දුන. ඉක්බිති වාශිෂ්ඨ භාරද්වාජ දෙ නම භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් ඔබ වැඳ, සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළහ.
Pali BJT2. අථ ඛො භගවා වාසෙට්ඨං ආමන්තෙසි: ‘තුම්හෙ ඛ්වත්ථ වාසෙට්ඨා, බ්රාහ්මණජච්චා බ්රාහ්මණකුලීනා බ්රාහ්මණකුලා අගාරස්මා අනගාරියං පබ්බජිතා. කච්චි වො වාසෙට්ඨා, බ්රාහ්මණා න අක්කොසන්ති න පරිභාසන්තී?ති.
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාශිෂ්ඨයා බණවා, ‘වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි බ්‍රාහ්මණජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්‍රාහ්මණ කුලය හැර ගිහිගෙන් නික්ම සසුන් වන්නෝ වහු. කිමෙක් ද වාශිෂ්ඨයෙනි, තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රෝශ නො කෙරෙත් ද? පරිභව නො කෙරෙත් දැ?’ යි අසා වදාළ සේක.
Pali BJT“තග්ඝ නො භන්තෙ, බ්රාහ්මණා අක්කොසන්ති පරිභාසන්ති අත්තරූපාය පරිභාසාය පරිපුණ්ණාය නො අපරිපුණ්ණායා?ති”.
Sinhala BJT‘වහන්ස, ඒකාන්තයෙන් ම බ්‍රාහ්මණයෝ අපරිපූර්‍ණ නො වූ (අතරැ නොනැවැති) පරිපුර්‍ණවූ (නිරතුරු වූ) තමනට හුරු වූ පරිභව වචනයෙන් අපට ආක්‍රෝශ කෙරෙත්, පරිභව කෙරෙත්’ යැ යි හේ කී ය.
Pali BJT“යථා කථං පන වො වාසෙට්ඨා, බ්රාහ්මණා අක්කොසන්ති පරිභාසන්ති අත්තරූපාය පරිභාසාය පරිපුණ්ණාය නො අපරිපුණ්ණායා?ති”.
Sinhala BJT‘වාශිෂ්ඨයෙනි, අපරිපූර්‍ණ නොවූ පරිපූර්‍ණ ම වූ තමනට හුරු වූ පරිභව වචනයෙන් කෙසේ නම් තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රෝශ පරිභව කෙරෙත් දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
Pali BJTබ්රාහ්මණා භන්තෙ එවමාහංසු: “බ්රාහ්මණො’ව සෙට්ඨො වණ්ණො හීනා අඤ්ඤෙ වණ්ණා බ්රාහ්මණො’ව සුක්කො වණ්ණො, කණ්හා අඤ්ඤෙ වණ්ණා{1}. බ්රාහ්මණා’ව සුජ්ඣන්ති නො අබ්රාහ්මණා බ්රාහ්මණා’ව බ්රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්රහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදා. තෙ තුම්හෙ සෙට්ඨං වණ්ණං හිත්වා හීනමත්ථ වණ්ණං අජ්ඣුපගතා, යදිදං මුණ්ඩකෙ සමණකෙ ඉබ්භෙ කණ්හෙ බන්ධුපාදාපච්චෙ. තයිදං න සාධු, තයිදං නප්පටිරූපං, යං තුම්හෙ සෙට්ඨං වණ්ණං හිත්වා හීනමත්ථ වණ්ණං අජ්ඣුපගතා, යදිදං මුණ්ඩකෙ සමණකෙ ඉබ්භෙ කණ්හෙ බන්ධුපාදාපච්චෙ”ති. එවං ඛො නො භන්තෙ බ්රාහ්මණා අක්කොසන්ති පරිභාසන්ති අත්තරූපාය පරිභාසාය පරිපුණ්ණාය නො අපරිපුණ්ණායා”ති.
Sinhala BJT“වහන්ස, ‘බ්‍රාහ්මණ වර්‍ණය ම ශ්‍රේෂ්ඨ ය, අන්‍ය වර්‍ණයෝ පහත් හ. බ්‍රාහ්මණවංශය ම ශුක්ලවර්‍ණ ය, ඉතිරි තුන් වංශයෝ ම කෘෂ්ණවර්‍ණ හ. බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත්. බ්‍රාහ්මණ නොවූවෝ ශුද්ධ නොවෙත්. බ්‍රාහ්මණයෝ ම බඹහුගේ මුවින් බිහි වූ, බඹහුගෙන් උපන්, බඹහු විසින් මවන ලද, (වේදවේදාඞ්ගාදි) බඹහුගේ දෑවැද්දට උරුම කරු වූ, බඹහුගේ ඔෳරස පුත්‍රයෝ ය. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වර්‍ණය හැරැදමා, ගැහැවි වූ කලු වූ මාරපාක්‍ෂික වූ, බඹහුගේ පයින් උපන් මුඩු මහණුන් වූ හීන වර්‍ණයකට බටුවෝ වහු. ශ්‍රේෂ්ඨ වර්‍ණය හැරැලා ගැහැවි වූ කලු වූ මාරපාක්‍ෂික වූ බඹහුගේ පයින් උපන් මුඩුමහණුන් වූ හීන වර්‍ණයකට පැමිණියහු ය යන යමෙක් ඇද්ද, එය නො මැනව, එය නො සුදුසු යැ’ යි, වහන්ස, මෙසේ අපරිපූර්‍ණ නො වූ, පරිපූර්‍ණ ම වූ, තමනට හුරුවූ ගැරහුම් බසින් අපට ආක්‍රෝශ කෙරෙත්, පරිභව කෙරෙත්” යැ යි වාශිෂ්ඨ තෙම කී ය.
Pali BJT“තග්ඝ වො වාසෙට්ඨා බ්රාහ්මණා පොරාණං අසරන්තා එවමාහංසු: බ්රාහ්මණො’ව සෙට්ඨො වණ්ණො, හීනා අඤ්ඤෙ වණ්ණා. බ්රාහ්මණො ව සුක්කො වණ්ණො, කණ්හා අඤ්ඤෙ වණ්ණා, බ්රාහ්මණා’ව සුජ්ඣන්ති නො අබ්රාහ්මණා, බ්රාහ්මණා’ව බ්රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්රාහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදා”ති. දිස්සන්ති ඛො පන වාසෙට්ඨා බ්රාහ්මණානං බ්රාහ්මණියො උතුනියො’පි ගබ්භිනියො’පි විජායමානා’පි පායමානා’පි. තෙ ච බ්රාහ්මණා යොනිජා’ව සමානා එවමාහංසු: බ්රාහ්මණො’ව සෙට්ඨො වණ්ණො -පෙ- පුත්තා ඔරසා -පෙ- බ්රහ්මදායාදා”ති. තෙ ච බ්රහ්මානඤ්චෙව අබ්භාචික්ඛන්ති මුසා ච භාසන්ති බහුඤ්ච අපුඤ්ඤං පසවන්ති.
Sinhala BJT‘වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයෝ ඒකාන්තයෙන් ම පුරාණ කථාව (ලෝකෝත්පත්තිචර්‍ය්‍යාවංශය) සිහි නො කරන්නාහු. ‘බ්‍රාහ්මණයෝ ම ශ්‍රේෂ්ඨ වර්‍ණය ය, අන් වර්‍ණයෝ හීනයහ, බ්‍රාහ්මණයෝ ම ශුක්ල වර්‍ණය ය, අන්‍ය වර්‍ණයෝ කෘෂ්ණයහ, අබ්‍රාහ්මණයෝ නො ව බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත්, බ්‍රාහ්මණයෝ ම බ්‍රාහ්මයාගේ මුඛයෙන් බිහි වූ, බ්‍රහ්මයාගෙන් උපන් බ්‍රහ්මයා විසින් මවන ලද, බ්‍රහ්මයාගේ දායාද වූ, බ්‍රහ්මයාගේ ඔෳරස පුත්‍රයෝ’ යි කියත්. වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූ ද, ගැබිනි වූ ද, වදන්නාවූ ද, (දරුවනට) කිරි පොවන්නාවූ ද බැමිණියෝ දක්නා ලැබෙත්. ඒ බමුණෝ යෝනියෙන් උපන්නෝ වන්නාහු බ්‍රාහ්මණවර්‍ණය ම ශ්‍රේෂ්ඨය … බ්‍රහ්මයෝ ම බ්‍රහ්මයාගේ දායාද වූ බ්‍රහ්මයාගේ ඔෳරසපුත්‍රයෝ යැ යි මෙසේ කියත්. එසේ කියන්නාහු බ්‍රහ්මයාට ම නින්‍දා කෙරෙත්, මුසවා තෙපලත්, බොහෝ අකුසල් ද රැස් කෙරෙත්.
Pali BJTචාතුවණ්ණසුද්ධි
Sinhala BJT__missing translation__
Pali BJT3. චත්තාරො’ මෙ වාසෙට්ඨ වණ්ණා, ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. ඛත්තියො’පි ඛො වාසෙට්ඨා, ඉධෙකච්චො පාණාතිපාතී හොති අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුණවාචො ඵරුසවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨී. ඉති ඛො වාසෙට්ඨ, යෙ’මෙ ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා න අලමරියා න අලමරියසඞ්ඛාතා, කණ්හා කණ්හවිපාකා විඤ්ඤුගරහිතා, ඛත්තියෙ පි තෙ ඉධෙකච්චෙ සන්දිස්සන්ති. බ්රාහ්මණො පි ඛො වාසෙට්ඨ -පෙ- වෙස්සො පි ඛො වාසෙට්ඨ -පෙ- සුද්දො පි ඛො වාසෙට්ඨ ඉධෙකච්චො පාණාතිපාතී හොති අදින්නාදායී -පෙ- මිච්ඡාදිට්ඨී. ඉති ඛො වාසෙට්ඨ, යෙ’ මෙ ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා -පෙ- කණ්හා කණ්හවිපාකා විඤ්ඤුගරහිතා, සුද්දෙ පි තෙ ඉධෙකච්චෙ සන්දිස්සන්ති.
Sinhala BJT3. වාශිෂ්ඨයෙනි, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යැ යි මේ වර්‍ණ සතරෙකි. වාශිෂ්ඨයෙනි, මෙහි එක්තරා ක්‍ෂත්‍රියයෙක් ද පණිවා කරන සුලු වෙයි. නොදුන් දෑ ගන්නා සුලු වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන සුලු වෙයි. මසුවා බණන සුලු වෙයි. පෙහෙසුන් තෙප්ලන සුලු වෙයි. පරොස් බස් කියන සුලු වෙයි. සම්ඵප්‍රලාප දොඩන සුලු වෙයි. අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටි ගත්තෙක් වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ අකුසල් යැයි කියන ලද, අකුසල් ම වූ, වරද සහිත යැයි කියන ලද, වරද සහිත ම වූ, නොසෙවියැ යුතු යැ යි කියන ලද, නොසෙවියැයුතු ම වූ, ආර්‍ය්‍යභාවයට නොපොහොසත් යැ යි කියන ලද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි නො පොහොසත් ම වූ. කෘෂ්ණවිපාක ඇති, කෘෂ්ණම වූ, නුවණැත්තන් විසින් ගරහන ලද, යම් පාප ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ ඇතැම් ලාමක ධර්‍මයෝ මෙහි ක්‍ෂත්‍රියයා කෙරෙහි ද දක්නා ලැබෙත්, … බ්‍රාහ්මණයා කෙරෙහි ද දක්නා ලැබෙත්. වෛශ්‍යයා කෙරෙහි ද දක්නා ලැබෙත් … ශුද්‍රයා කෙරෙහි ද දක්නා ලැබෙත්.
Pali BJTඛත්තියො පි ඛො වාසෙට්ඨ, ඉධෙකච්චො පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, පිසුනාය වාචාය පටිවිරතො, ඵරුසාය වාචාය පටිවිරතො, සම්ඵප්පලාපා පටිවිරතො, අනභිජ්ඣාලු අබ්යාපන්නචිත්තො සම්මාදිට්ඨි. ඉති ඛො වාසෙට්ඨා, යෙ’ මෙ ධම්මා කුසලා කුසලසඞ්ඛාතා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා අලමරියා අලමරියසඞ්ඛාතා සුක්කා සුක්කවිපාකා විඤ්ඤුප්පසත්ථා, ඛත්තියෙ පි තෙ වාසෙට්ඨා ඉධෙකච්චෙ සන්දිස්සන්ති.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, මෙහි ඇතැම් ක්‍ෂත්‍රියයෙක් ද පණිවායෙන් වැළැක්කේ වෙයි, අයිනාදනින් වැළැක්කේ වෙයි, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්කේ වෙයි, මුසවායෙන් වැළැක්කේ වෙයි, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්කේ වෙයි, පරොස් බසින් වැළැක්කේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ වෙයි, අභිධ්‍යා නැත්තේ වෙයි, ව්‍යාපාදසහිත සිත් නැත්තේ වෙයි, සම්දිටු ගත්තේ වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ කුශල යැ යි කියන ලද කුසල් ම වූ, වරද රහිත යැ යි කියන ලද, වරද රහිත ම වූ, සෙවියැ යුතු යැ යි කියන ලද, සෙවියැ යුතු ම වූ, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි පොහොසත් යැ යි කියන ලද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි පොහොසත් ම වූ ශුක්ලවිපාක ඇති, ශුක්ල ම වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ ඇතැම් දහම්හු මෙහි ක්‍ෂත්‍රියයා කෙරෙහි ද දක්නා ලැබෙත්.
Pali BJTබ්රාහ්මණො පි ඛො වාසෙට්ඨා, -පෙ- වෙස්සො පි ඛො වාසෙට්ඨා -පෙ- සුද්දො පි ඛො වාසෙට්ඨා ඉධෙකච්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- අනභිජ්ඣාලු අබ්යාපන්නචිත්තො සම්මාදිට්ඨි. ඉති ඛො වාසෙට්ඨා, යෙ’මෙ ධම්මා කුසලා කුසලසඞ්ඛාතා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා අලමරියා අලමරියසඞ්ඛාතා සුක්කා සුක්කවිපාකා විඤ්ඤුප්පසත්ථා,{1} සුද්දෙපි තෙ ඉධෙකච්චෙ සන්දිස්සන්ති.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, මෙහි බ්‍රාහ්මණයා ද … වෛශ්‍යයා ද … ශුද්‍රයා ද පණිවායෙන් වැළැක්කේ වෙයි, අයිනාදනින් වැළැක්කේ වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්කේ වෙයි, මුසවායෙන් වැළැක්කේ වෙයි, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්කේ වෙයි, පරොස් බසින් වැළැක්කේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ වෙයි, අභිධ්‍යා නැත්තේ වෙයි, ව්‍යාපාද සහිත සිත් නැත්තේ වෙයි, සම්දිටු ගත්තේ වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ කුසල් යැ යි කියන ලද, කුසල් ම වූ, වරද රහිත යැ යි කියන ලද වරද රහිත ම වූ, සෙවියැ යුතු යැ යි කියන ලද සෙවියැ යුතු ම වූ, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි පොහොසත් යැ යි කියන ලද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි පොහොසත් ම වූ, ශුක්ලවිපාක ඇති, ශුක්ල ම වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ ඇතැම් දහම්හු මෙහි බ්‍රාහ්මණයා කෙරෙහි ද, … වෛශ්‍යයා කෙරෙහි ද ශුද්‍රයා කෙරෙහි ද දක්නා ලැබෙත්.
Pali BJTඉමෙසු ඛො වාසෙට්ඨා, චතුසු වණ්ණෙසු එවං උභයවොකිණ්ණෙසු වත්තමානෙසු කණ්හසුක්කෙසු ධම්මෙසු විඤ්ඤුගරහිතෙසු චෙව විඤ්ඤුප්පසත්ථෙසු ච. යදෙත්ථ බ්රාහ්මණා එවමාහංසු: බ්රාහ්මණො’ව සෙට්ඨො වණ්ණො හීනා අඤ්ඤෙ වණ්ණා. බ්රාහ්මණො’ව සුක්කො වණ්ණො කණ්හා අඤ්ඤෙ වණ්ණා, බ්රාහ්මණා’ව සුජ්ඣන්ති නො අබ්රාහ්මණා, බ්රාහ්මණා’ව බ්රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්රහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදා”ති. තං තෙසං විඤ්ඤූ නානුජානන්ති. තං කිස්ස හෙතු? ඉමෙසං හි වාසෙට්ඨා, චතුන්නං වණ්ණානං යො හොති භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො, සො නෙසං{2} අග්ගමක්ඛායති. ධම්මෙනෙව නො අධම්මෙන. ධම්මො හි වාසෙට්ඨා සෙට්ඨො ජනෙතස්මිං දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායෙච{3}.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, මේ සතර වර්‍ණයන් මෙසේ නුවණැත්තන් විසින් ගරහන ලද දහම්හි ද නුවණැත්තන් විසින් පසස්නා ලද දහම්හි ද, කෘෂ්ණ ධර්‍මයන්හි ද ශුක්ලධර්‍මයන් හි දැ යි මෙසේ කුශලාකුශල යන විවිධ ධර්‍මයන්ගෙන් ම මිශ්‍ර ව පවත්නා කල්හි, බ්‍රාහ්මණවර්‍ණය ම ශ්‍රේෂ්ඨ යැ යි ඉතර වර්‍ණයෝ හීනහ යි, බ්‍රාහ්මණවර්‍ණය ම සුදු යැ යි, සෙසු වර්‍ණයෝ කලු හ යි, බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත් යැ යි, බ්‍රාහ්මණ නොවුවෝ ශුද්ධ නො වෙත් යැ යි, බ්‍රාහ්මණයෝ ම බ්‍රහ්මයාගෙන් උපන්, බ්‍රහ්මයා විසින් මවන ලද, බ්‍රහ්මදායදා වූ, බ්‍රහ්මයාගේ මුවින් උපන් ඔෳරස පුත්‍රයෝ හ යි යම් වචනයක් කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නුවණැත්තෝ නො අනුදනිත්. ඒ කවර හෙයින? යත්: වාශිෂ්ඨයෙනි, මේ සතර වර්‍ණ අතුරෙන් කවරකට අයත් වුව ද යම් මහණෙක් රහත් ද, ක්‍ෂීණාස්‍රව ද, වුසූ මඟ බඹසර ඇත්තේ ද, කොට නිමි කටයුතු ඇත්තේ ද, පැමිණි ස්වාර්‍ත්‍ථය (රහත් බව) ඇත්තේ ද, හැම ලෙසින් නැසූ භවබන්‍ධන ඇත්තේ ද, මොනොව ට දැන මිදුණේ ද, හෙ තෙමේ ඒ හැම දෙනා අතුරෙහි අග්‍ර යැ යි කියනු ලැබේ. ඒ ද අධර්‍මයෙන් නොව ධර්‍මයෙන් ම ය. වාශිෂ්ඨයෙනි, ධර්‍මය ම සත්මුළුයෙහි මෙ ලොව්හි ද පරලොව්හි ද ශ්‍රේෂ්ඨ ය. එහෙයිනි.
Pali BJT4. තදමිනාපෙතං වාසෙට්ඨා, පරියායෙන වෙදිතබ්බං යථා ධම්මොව සෙට්ඨො ජනෙතස්මිං දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායෙ{1}ච. ජානාති ඛො පන වාසෙට්ඨා, රාජා පසෙනදි කොසලො “සමණො ගොතමො අනුත්තරො සක්යකුලා පබ්බජිතො”ති. සක්යා ඛො පන වාසෙට්ඨා, රඤ්ඤො පසෙනදිනො කොසලස්ස අනන්තරා අනුයුත්තා භවන්ති. කරොන්ති ඛො වාසෙට්ඨා, සක්යා රඤ්ඤෙ පසෙනදිම්හි කොසලෙ නිපච්චකාරං අභිවාදනං පච්චුඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං. ඉති ඛො වාසෙට්ඨා, යං කරොන්ති සක්යා රඤ්ඤෙ පසෙනදිම්හි කොසලෙ නිපච්චකාරං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං, කරොති තං රාජා පසෙනදි කොසලො තථාගතෙ නිපච්චකාරං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං. නනු{2} ‘සුජාතො සමණො ගොතමො, දුජ්ජාතො{3}’හමස්මි, බලවා සමණො ගොතමො දුබ්බලො’හමස්මි, පාසාදිකො සමණො ගොතමො දුබ්බණ්ණො’හමස්මි, මහෙසක්ඛො සමණො ගොතමො, අප්පෙසක්ඛො’ හමස්මී”ති. අථ ඛො නං ධම්මං යෙව සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං මානෙන්තො ධම්මං පූජෙන්තො ධම්මං අපචායමානො එවං රාජා පසෙනදි කොසලො තථාගතෙ නිපච්චකාරං කරොති අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං. ඉමිනා’පි ඛො එතං වාසෙට්ඨා, පරියායෙන වෙදිතබ්බං යථා ධම්මො’ව සෙට්ඨො ජනෙ’තස්මිං දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායෙ{1}ච. තුම්හෙ ඛ්වත්ථ වාසෙට්ඨා නානාජච්චා නානානාමා නානාගොත්තා නානාකුලා අගාරස්මා අනගාරියං පබ්බජිතා. ‘කෙ තුම්හෙ?’ති පුට්ඨා සමානා, ‘සමණා සක්යපුත්තියම්හා’ති පටිජානාථ. යස්ස ඛො පනස්ස වාසෙට්ඨා, තථාගතෙ සද්ධා නිවිට්ඨා මූලජාතා පතිට්ඨිතා දළ්හා අසංහාරියා{4} සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, තස්සෙතං කල්ලං වචනාය: භගවතො’ම්හි පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො’ති. තං කිස්ස හෙතු? තථාගතස්ස හෙතං වාසෙට්ඨා අධිවචනං ධම්මකායො ඉති පි, බ්රහ්මකායො ඉති පි, ධම්මභූතො ඉති පි, බ්රහ්මභූතො ඉති පි.
Sinhala BJT4. වාශිෂ්ඨයෙනි, මෙ ලොව්හි ද, පර ලොව්හි ද ජන මුළුයෙහි ධර්‍මය ම ශ්‍රේෂ්ඨ වන නියා මේ කරුණින් ද දත යුතු. වාශිෂ්ඨයෙනි. ‘මහණ ගොයුම් ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ නිරුත්තර කෙනෙකැ’ යි පසේනදී කොසොල් රජ දනී. වාශිෂ්ඨයෙනි, ශාක්‍යයෝ වනාහි පසේනදී කොසොල් රජුහට අතරක් නැති (කුලවශයෙන් සමාන වූ) ඔහු අනුව යන්නෝ වෙත්. වාශිෂ්ඨයෙනි, ශාක්‍යයෝ පසේනදී කොසොල් රජු කෙරෙහි ආදරය දැක්වීම ද වැඳීම ද දැක නැගීසිටීම ද ඇඳිලිබැඳීම ද (දැක මගින් ඉවත් වීම් ආදි) වත් දැක්වීම් ද කෙරෙත්. වාශිෂ්ඨයෙනි, මෙසේ ශාක්‍යයෝ පසේනදි කොසොල් රජු කෙරෙහි ආදරය ද වැඳීම ද දැක නැගී සිටීම ද ඇඳිලිබැඳීමද වත් දැක්වීම ද යන යමක් කෙරෙත් ද, පසේනදී කොසොල් රජ තෙම තථාගතයන් කෙරෙහි ඒ ආදර දැක්වීම ද වැඳීම ද දැක අස්නෙන් නැගීසිටීම ද ඇඳිලි බැඳීම ද වත් දැක්වීම ද යන සියල්ල කෙරෙයි. ‘මහණ ගොයුම් සුජාත ය, මම දුර්‍ජාතයෙමි’ යි කියා හෝ ‘මහණ ගොයුම් බලවත් ය, මම දුඹුලිමි’ යි කියා හෝ ‘මහණ ගොයුම් දැකුම් කලු ය, මම් දැකුම් කලු නො වෙමි’ යි කියා හෝ ‘මහණගොයුම් මහායශස්ක ය, මම් අල්පයශස්ක වෙමි’ යි කියා හෝ හෙ තෙමේ එසේ නො කෙරෙයි. වැලි ධර්‍මයට ම සත්කාර කරනුයේ, ධර්‍මයට ම ගෞරව කරනුයේ, ධර්‍මයට ම බුහුමන් කරනුයේ, ධර්‍මයට ම පුදනුයේ, ධර්‍මයට ම යටත් පැවැතුම් දක්වනුයේ, මෙසේ පසේනදී කොසොල් රජ තෙම තථාගතයන් කෙරෙහි ආදර දැක්වීම ද වැඳීම ද දැක හුනස්නෙන් නැඟී සිටීම ද ඇඳිලිබැඳීම ද වත් දැක්වීම ද යන මෙ හැම කෙරෙයි. වාශිෂ්ඨයෙනි, මෙ කරුණිනුත් ‘මේ ජන මුළුයෙහි දිටුදැමියෙහි ද පරලොව්හි ද ධර්‍මය ම උතුම්’ වන නියා දත යුතු. වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි නානා ජාතියට අයත් වන්නාහු නානා ගෝත්‍රයට අයත් වන්නාහු, නානා කුලයට අයත් වන්නාහු ගිහිගෙන් නික්මැ සස්නැ පැවිදි වූහු ය. ‘තෙපි කවුරු දැ?’ යි විචාරනු ලද්දහු ම ‘අපි ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයම්හ’ යි පිළින කරවු. වාශිෂ්ඨයෙනි, තථාගතයන් කෙරෙහි යමකුගේ සැදැහැව නොසැලී පිහිටියේද මුල්බැස ගෙන සිටියේද දැඩි වූයේද එය මහණකු හෝ බමුණකු හෝ දෙවියකු හෝ මරකු හෝ බඹකු හෝ ලොවැ කිසි ද කෙනකු විසින් සෙලැවියැ හැකි නො වේ නම්, ඒ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ‘මම් භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් ධර්‍මයෙන් උපන් ධර්‍මයෙන් නිර්මිත වූ ධර්‍මයට දායාද වූ ඔෳරස (ළෙහිදා) පුත් වෙමි’ යි ඔහු විසින් මේ වචනය කියනු සුදුසු ය. ඒ කවර හෙයින් ද? යත්: වාශිෂ්ඨයෙනි, ධර්‍මකාය යනු ද බ්‍රහ්මකාය යනු ද ධර්‍මභූත යනු ද බ්‍රහ්මභූත යනු දැ යි මෙ හැම තථාගතයනට නම් ය. එ හෙයිනි.
Pali BJT5. හොති ඛො සො වාසෙට්ඨා, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්ටති. සංවට්ටමානෙ ලොකෙ යෙභුය්යෙන සත්තා ආභස්සරසංවත්තනිකා හොන්ති. තෙ තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයම්පභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. හොති ඛො සො වාසෙට්ඨා, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො විවට්ටති. විවට්ටමානෙ ලොකෙ යෙභුය්යෙන සත්තා ආභස්සරකායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡන්ති. තෙ’ධ හොන්ති මනොමයා පීතිභක්ඛා සයම්පභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො, චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.
Sinhala BJT5. වාශිෂ්ඨයෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි යම් සමයෙක මෙ ලොව වැනැසෙන්නේ ද, එසේ වූ කැලයෙක් වෙයි. එසේ ලොව නැසෙන කල්හි සත්‍වයෝ බෙහෙවින් ආභස්සර බඹලොවැ උපන්නාහු වෙති. ඔහු එහි ධ්‍යානචිත්ත බලයෙන් උපන්නෝ වෙති, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු වෙයි, තුමූ ම (සිය සිරුරු පෙබෙන් බබලන්නාහු වෙති.) අහසින් යන්නාහු වෙති. සිත්කලු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටින්නාහු වෙති. එහි ඔහු ඉතා බොහෝ කලක් සිටිත්. වාශිෂ්ඨයෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව හටගන්නේ ද, එසේ වූ කාලයෙක් වෙයි. ඒ ලොව හට ගන්නා සමයෙහි බෙහෙවින් සත්හු ආභස්සර බ්‍රහ්මනිකායයෙන් සැව මෙ මිනිසත් බවට පැමිණෙත්. ඔහු මෙහි ධ්‍යාන සිතින් උපන්නාහු, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු, සිය සිරුරු පෙබෙන් බබළන්නාහු, අහසින් යන්නාහු, සිත්කලු වස්ත්‍රාභරණ ඇති වැ සිටින්නාහු ඉතා බොහෝ කලක් එසේ සිටිත්.
Pali BJTරසපඨවිපාතුභාවො
Sinhala BJT__missing translation__
Pali BJT6. එකොදකීභූතං ඛො පන වාසෙට්ඨා, තෙන සමයෙන හොති අන්ධකාරො අන්ධකාරතිමිසා. න චන්දිමසුරියා පඤ්ඤායන්ති, න නක්ඛත්තානි තාරකරූපානි පඤ්ඤායන්ති, න රත්තින්දිවා පඤ්ඤායන්ති, න මාසද්ධමාසා{1} පඤ්ඤායන්ති, න උතුසංවච්ඡරා පඤ්ඤායන්ති, න ඉත්ථිපුමා{2} පඤ්ඤායන්ති. සත්තා සත්තාත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. අථ ඛො තෙසං වාසෙට්ඨා සත්තානං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන රසා පඨවී උදකස්මිං සමතානි{3} සෙය්යථාපි නාම පයසො{4} තත්තස්ස{5} නිබ්බායමානස්ස උපරි සන්තානකං හොති, එව මෙව ඛො සා පාතුරහොසි. සා අහොසි වණ්ණසම්පන්නා ගන්ධසම්පන්නා රසසම්පන්නා. සෙය්යථාපි නාම සම්පන්නං වා සප්පි සම්පන්නං වා නවනීතං, එවංවණ්ණා අහොසි, සෙය්යථාපි නාම ඛුද්දමධු{6} අනෙළකං{7} එවමස්සාදා අහොසි.
Sinhala BJT6. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි සියලු සක්වළ එක් මැ දිය කඳෙක් වැ සිටියි. අඳුරෙක් මහ ගනඳුරෙක් ම වෙයි. සඳු හිරුහු නො පැනෙත්, නකත්හු තරුහු නො පැනෙත්. රෑ දාවල්හු නො පැනෙත්, මාස පක්‍ෂයෝ නො පැනෙත්. ඍතු සංවත්සරයෝ නො පැනෙත්, ස්ත්‍රී පුරුෂයෝ නො පැනෙත්. සත්‍වයෝ සත්‍වයෝ යැ යි ම ව්‍යවහාරයට පැමිණෙත්. වාශිෂ්ඨයෙනි, ඉක්බිති යම්සේ නිවෙන්නාවූ හුණු කිරි මත්තෙහි යොදයෙක් වේ ද, එසේ ම රස පොළොව ඒ දිය මතුයෙහි සිසාරා පැතිරගෙන පහළ විය. එය වර්‍ණ සම්පන්න ද ගන්‍ධ සම්පන්න ද රස සම්පන්න ද විය. මනාකොට නිපැයුණු ගිතෙලෙක් හෝ වෙඬුරෙක් යම්බඳු වේ ද, ඒ රස පොළොව එබඳු පැහැ ඇත්තේ ද විය. නිදොස් වූ (පිළවුන් නැති) දඬුවැල්බෑ මීවදයෙක් යම් බඳු වේ ද, ඒ රස පොළොවේ රසය ද එබඳු විය.
Pali BJTඅථ ඛො වාසෙට්ඨා, අඤ්ඤතරො සත්තො ලොලජාතිකො, ‘අම්භො කිමෙවිදං භවිස්සතී’ති රසං පඨවිං අඞ්ගුලියා සායි. තස්ස රසං පඨවිං අඞ්ගුලියා සායතො අච්ඡාදෙසි, තණ්හා චස්ස{8} ඔක්කමි. අඤ්ඤෙ’පි ඛො වාසෙට්ඨා සත්තා තස්ස සත්තස්ස දිට්ඨානුගතිං ආපජ්ජමානා රසං පඨවිං අඞ්ගුලියා සායිංසු. නෙසං රසං පඨවිං අඞ්ගුලියා සායතං අච්ඡාදෙසි, තණ්හා ච තෙසං ඔක්කමි.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, එක්තරා ලෝල ස්වභාවය ඇති සත්‍වයෙක් භවත්නි, මේ කුමක් විය යුතු දැ?’ යි රස පොළොව මඳක් ඇඟිල්ලෙන් ගෙන දිවැ ගෑයේ ය. රස පොළොව ඇඟිල්ලෙන් මඳක් ගෙන දිවැ ගෑ ඔහුට එය ප්‍රිය විය. එහි තෘෂ්ණාව ද ඔහු සිතට බැස ගත.
Pali BJTචන්දිමසුරියාදිපාතුභාවො
Sinhala BJT__missing translation__
Pali BJTඅථ ඛො තෙ වාසෙට්ඨා, සත්තා රසං පඨවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. යතො ඛො තෙ{1} වාසෙට්ඨා, සත්තා රසං පඨවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. අථ ඛො තෙසං වාසෙට්ඨා, සත්තානං සයම්පභා අන්තරධායි. සයම්පභාය අන්තරහිතාය චන්දිමසුරියා පාතුරහෙසුං. චන්දිමසුරියෙසු පාතුභූතෙසු, නක්ඛත්තානි තාරකරූපානි පාතුරහෙසුං, රත්තින්දිවා පඤ්ඤායිංසු. රත්තින්දිවෙසු පඤ්ඤායමානෙසු, මාසද්ධමාසා පඤ්ඤායිංසු. මාසද්ධමාසෙසු පඤ්ඤායමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤායිංසු. එත්තාවතා ඛො වාසෙට්ඨා, අයං ලොකො පුන විවට්ටො හොති.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, අන් සත්හු ද ඒ සත්‍වයාගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු (ඒ සත්‍වයා කළ දෑ දැක එය අනුගමනය කරන්නාහු) රසපොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කෑහ. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කන ඔවුනට එය ප්‍රිය විය. එය කෙරෙහි තෘෂ්ණාව ද ඔවුන් සිතට බැස ගත. වාශිෂ්ඨයෙනි, එකල්හි ඒ සත්හු රස පොළොව පිඬු කොට කඩාගෙන වළඳන්නට පටන්ගත්හ. වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්‍වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. රෑ දාවල් පැනුණහ. රෑ දාවල් පැනෙන කල්හි මාස පක්‍ෂයෝ පැනුණහ. මාසපක්‍ෂයන් පැනෙන කල්හි ඍතු සංවත්සරයෝ පහළ වූහ. වාශිෂ්ඨයෙනි, මෙ තෙකින් මෙ ලොව යලි දු පහළ වූයේ වෙයි.
Pali BJT7. අථ ඛො තෙ වාසෙට්ඨා, සත්තා රසං පඨවිං පරිභුඤ්ජන්තා තම්භක්ඛා{2} තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨංසු. යථා යථා ඛො තෙ වාසෙට්ඨා, සත්තා රසං පඨවිං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨංසු, තථා තථා තෙසං වාසෙට්ඨා, සත්තානං රසං පඨවිං පරිභුඤ්ජන්තානං ඛරත්තඤ්චෙව කායස්මිං ඔක්කමි, වණ්ණවෙවණ්ණතා{3} ච පඤ්ඤායිත්ථ. එකිදං සත්තා වණ්ණවන්තො හොන්ති, එකිදං සත්තා දුබ්බණ්ණා. තත්ථ යෙ තෙ සත්තා වණ්ණවන්තො, තෙ දුබ්බණ්ණෙ සත්තෙ අතිමඤ්ඤන්ති. ‘මයමෙතෙහි වණ්ණවන්තතරා, අම්හෙහෙතෙ දුබ්බණ්ණතරා’ති. තෙසං වණ්ණාතිමානප්පච්චයා මානාතිමානජාතිකානං රසං පඨවී අන්තරධායි. රසාය පඨවියා අන්තරහිතාය සන්නිපතිංසු, සන්නිපතිත්වා අනුත්ථුනිංසු අහොරසං අහොරසන්ති. තදෙතරහි පි මනුස්සා කිඤ්චිදෙව සුරසං{4} ලභිත්වා එවමාහංසු අහොරසං අහොරසන්ති. තදෙව පොරාණං අග්ගඤ්ඤං අක්ඛරං අනුසරන්ති නත්වෙවස්ස අත්ථං ආජානන්ති.
Sinhala BJT7. වාශිෂ්ඨයෙනි, එ කල්හි, ඒ සත්‍වයෝ රසපොළොව පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය ම ආහාර කොටැත්තාහු බොහෝ දික් කලක් සිටියාහ. වාශිෂ්ඨයෙනි, යම් යම් සේ ම ඒ සත්‍වයෝ රසපොළොව පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එයි ම ආහාර කොට ඇත්තාහු ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ම ඒ සතුන්ගේ සිරුරෙහි රළු බව ඇති විය, නො පැහැපත් බව පැනිණ. ඔවුන් අතුරෙහි ඇතැම් සත් කෙනෙක් පැහැපත් ද ඇතැම් සත් කෙනෙක් නො පැහැපත් ද වෙත්, ඔවුන් අතුරෙන් යම් කෙනෙක් පැහැපත් වූහු ද, ඔහු අපි මොවුනට වඩා පැහැපත්තම්හ මොහු අපට වඩා පැහැයෙන් අඩුහ’ යි නොපැහැපත්තන් ඉක්මැ සිතක් (පහත් කොට සලකත්). වර්‍ණාතිමාන හේතුයෙන් මානාතිමාන ස්වභාවය ඇති ඔවුන්ගේ ඒ රස පොළොව අතුරුදහන් විය. රස පොළොව අතුරුදහන් වූ කල්හි, ඔහු එක් රැස්වූහ. එක්රැස් වැ ‘අහෝ පෘථිවි රස ය, අහෝ පෘථිවි රසයැ’යි පුනපුනා කීහ. අද ද මිනිස්සු මනාප රසයක් ලැබ, ‘අහෝ රස ය, අහෝ රස යැ’ යි මෙසේ කියත්. ඒ පැරැණි ලෝකෝත්පත්ති වංශකථාව අනුව යෙත්. එහෙත් එහි අරුත් නො දනිත්.
Pali BJTභූමිපප්පටකපාතුභාවො
Sinhala BJT__missing translation__
Pali BJTඅථ ඛො තෙසං වාසෙට්ඨා, සත්තානං රසාය පඨවියා අන්තරහිතාය භූමිපප්පටකො{1} පාතුරහොසි. සෙය්යථාපි නාම අහිච්ඡත්තකො එවමෙව පාතුරහොසි. සො අහොසි වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො. සෙය්යථාපි නාම සම්පන්නං වා සප්පි සම්පන්නං වා නවනීතං එවංවණ්ණො අහොසි. සෙය්යථාපි නාම ඛුද්දමධු අනෙළකං එවමස්සාදො අහොසි.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, එසමයෙහි ඒ සත්නට රස පොළොව අතුරුදහන් වූ කල්හි, භූමිපප්පටකය (බිම් පප්පඩම්) පහළ වී ය. යම්සේ නාහතු පහළ වන්නේ ද, එ මෙන්ම එය පහළ වීය. එය පැහැපැත් ද සුවඳවත් ද රසවත් ද විය. මොනොවට නිපැයුණු ගිතෙල් යම් සේ ද, මොනොවට නිපැයුණු වෙඬරු යම් සේ ද, එය එබඳු පැහැ ඇත්තේ විය, පිළවුන් නැති දඬුවැල බෑ මීය යම්සේ ද, එය එබඳු රස ඇත්තේ විය.
Pali BJTඅථ ඛො තෙ වාසෙට්ඨා, සත්තා භූමිපප්පටකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං තෙ තං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨංසු. යථා යථා ඛො තෙ වාසෙට්ඨා, සත්තා භූමිපප්පටකං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨංසු, තථා තථා තෙසං වාසෙට්ඨා, සත්තානං භිය්යොසොමත්තාය ඛරත්තඤ්චෙ ව කායස්මිං ඔක්කමි, වණ්ණවෙවණ්ණතා ච පඤ්ඤායිත්ථ. එකිදං සත්තා වණ්ණවන්තො හොන්ති, එකිදං සත්තා දුබ්බණ්ණා. තත්ථ යෙ තෙ සත්තා වණ්ණවන්තො, තෙ දුබ්බණ්ණෙ සත්තෙ අතිමඤ්ඤන්ති මයමෙතෙහි වණ්ණවන්තතරා, අම්හෙහෙතෙ දුබ්බණ්ණතරා’ති. තෙසං වණ්ණාතිමානප්පච්චයා මානාතිමානජාතිකානං භූමිපප්පටකො අන්තරධායි.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්හු භූමිපර්‍පටකය වළඳන්නට පටන් ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු එය වළඳන්නාහු එය අහර කොට ඇත්ත හු ඉතා දික් කලක් සිටියාහ. වාශිෂ්ඨයෙනි, යම් යම්සේ ඒ සත්හු භූමිපර්‍පටකය පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය අහර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ම බොහෝසෙයින් ඒ සතුන්ගේ කයෙහි රළු බව ද බැස ගත, පැහැය අඩු බවද පැනිණ. ඇතැම් සත් කෙනෙක් පැහැපත් වෙත්, ඇතැම් කෙනෙක් නො පැහැපත් වෙත්. ඔවුන් අතුරෙන් යම් සත් කෙනෙක් පැහැපත් වෙත් ද, ඔහු ‘අපි මොවුනට වඩා පැහැපතතම්හ. මොහු අපට වඩා පැහැයෙන් අඩු හ’ යි නො පැහැපත් සතුන් ඉක්මැ සිතත් (අවමන් කෙරෙත්). මානාතිමානය ස්වභාවය කොටැති ඔවුන්ගේ ඒ පැහැය නිසා ඇති වූ අතිමාන කාරණයෙන් භූමිපර්‍පටකය අතුරුදහන් විය.
Pali BJTබදාලතාපාතුභාවො
Sinhala BJT__missing translation__
Pali BJTභූමිපප්පටකෙ අන්තරහිතෙ බදාලතා{2} පාතුරහොසි. සෙය්යථාපි නාම කලම්බුකා,{3} එවමෙව පාතුරහොසි. සා අහොසි වණ්ණසම්පන්නා ගන්ධසම්පන්නා රසසම්පන්නා. සෙය්යථාපි නාම සම්පන්නං වා සප්පි සම්පන්නං වා නවනීතං, එවංවණ්ණා අහොසි. සෙය්යථාපි නාම ඛුද්දමධු අනෙළකං, එවමස්සාදා අහොසි. අථ ඛො තෙ වාසෙට්ඨා, සත්තා බදාලතං උපක්කමිංසු පරිභුඤ්ජිතුං තෙ තං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨංසු. යථා යථා ඛො තෙ වාසෙට්ඨා, සත්තා බදාලතං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨංසු, තථා තථා තෙසං වාසෙට්ඨා, සත්තානං භිය්යොසොමත්තාය ඛරත්තඤ්චෙව කායස්මිං ඔක්කමි වණ්ණවෙවණ්ණතා ච{4} පඤ්ඤායිත්ථ. එකිදං සත්තා වණ්ණවන්තො හොන්ති, එකිදං සත්තා දුබ්බණ්ණා. තත්ථ යෙ තෙ සත්තා වණ්ණවන්තො, තෙ දුබ්බණ්ණෙ සත්තෙ අතිමඤ්ඤන්ති ‘මයමෙතෙහි වණ්ණවන්තතරා, අම්හෙහෙතෙ දුබ්බණ්ණතරා’ති. තෙසං වණ්ණාතිමානප්පච්චයා මානාතිමානජාතිකානං බදාලතා අන්තරධායි. බදාලතාය අන්තරහිතාය සන්නිපතිංසු, සන්නිපතිත්වා අනුත්ථුනිංසු ‘අහු වත නො, අහායි වත නො බදාලතා’ති. තදෙතරහිපි මනුස්සා කෙනචිදෙව දුක්ඛධම්මෙන ඵුට්ඨා එවමාහංසු: ‘අහු වත නො, අහායි වත නො’ති. තදෙව පොරාණං අග්ගඤ්ඤං අක්ඛරං අනුසරන්ති{5}, නත්වෙවස්ස අත්ථං ආජානන්ති.
Sinhala BJTභූමිපර්‍පටකය අතුරුදහන් වූ කල්හි බදාලතාව පහළ විය. විල්පලා යම් සේ ද ඒ බදාලතාව ද එසේ ම පහළ විය. එය පැහැපත් ද සුවඳවත් ද රසවත් ද විය. මොනොවට නිපැයුණු ගිතෙල් හෝ මොනොවට නිපැයුණු වෙඬරු යම බඳු ද, එය එබඳු පැහැ ඇත්තේ විය. පිළවුන් නැති දඬුවල් බෑ මීයක් යම් බඳු ද එසේ ම එය මිහිරි රසැත්තේ විය. වාශිෂ්ඨයිනි, එකල්හි ඒ සත්හු බදාලතාව වළඳන්නට පටන්ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය ආහාර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහ. වාශිෂ්ඨයිනි, යම් යම් සේ ම ඒ සත්‍වයෝ බදාලතාව පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය අහර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ම බොහෝ සෙයින් ඒ සතුන්ගේ කයෙහි රළු බව ද ඇති විය. පැහැ අඩුබව ද පැනිණ. ඇතැම් සත් කෙනෙක් පැහැපත් වෙත්. ඇතැම් කෙනෙක් නොපැහැපත් වෙත්. ඔවුන් අතුරෙන් යම් සත් කෙනෙක් පැහැපත් වෙත් ද, ඔහු ‘අපි මොවුනට වඩා පැහැපත් වම්හ, මොහු අපටත් වඩා පැහැයෙන් අඩු හ’ යි නොපැහැපත් සතුන් ඉක්මැ සිතත්. මානාතිමානජාතික වූ ඔවුන්ගේ වර්‍ණාතිම නප්‍රත්‍යය හෙයින් බදාලතාව අතුරුදහන් විය. බදාලතාව අතුරුදහන් වූ කල්හි ඔහු එක්රැස් වූහ. එක් රැස් වැ (මිහිරි රසැති බදාලතාව) අපට ඇති විය. එය දැන් නැති වී යැ’යි පුනපුනා කීහ. දැනුදු මිනිස්සු කිසි දුකෙකි, පැහැසුණාහු ‘අපට ඇති විය, දැන නැති වී යැ’ යි මෙසේ කියත්. ඒ පැරැණි වංශකථාව අනුව යෙත්. වැලිදු එහි අර්‍ත්‍ථය නො දනිත්.
Pali BJTඅකට්ඨපාකසාලිපාතුභාවො
Sinhala BJT__missing translation__
Pali BJT8. අථ ඛො තෙසං වාසෙට්ඨා, සත්තානං බදාලතාය අන්තරහිතාය අකට්ඨපාකො සාලි පාතුරහොසි අකණො අථුසො සුද්ධො සුගන්ධො තණ්ඩුලඵලො{1} යං තං සායං සායමාසාය ආහරන්ති. පාතො තං හොති පක්කං පටිවිරූළ්හං, යං තං පාතො පාතරාසාය ආහරන්ති, සායං තං හොති පක්කං පටිවිරූළ්හං, නාපදානං පඤ්ඤායති. අථ ඛො තෙ වාසෙට්ඨා, සත්තා අකට්ඨපාකං සාලිං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨංසු.
Sinhala BJT8. වාශිෂ්ඨයෙනි, ඉක්බිත්තෙන් ඒ සත්නට බදාලතාව අතුරුදහන් වූ කල්හි නොසෑ පොළවෙහි හටගෙන පැසෙන, කුඩු නැති, දහවෙයියා නැති, සුවඳවත් සහල් ම ඵල කොට ඇති හැල් වෙසෙසෙක් පහළ විය, යම් සහලක් සවස් වේලෙහි සවස් බොජුනට ගෙනෙත් ද, පසු දින උදාසනැ එය පැසුණේ යලි දු වැඩුණේ වෙයි. කපා නොගන්නා ලද තැනක් ව (නොඅඩු ව) පැනෙයි. වාශිෂ්ඨයෙනි, එකල්හි ඒ සත්‍වයෝ නො සාන ලද බිමෙහි හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නාහු, එය ම වළඳන්නාහු, එය ම ආහාර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහ.
Pali BJTලිඞ්ගපාතුභාවො
Sinhala BJT__missing translation__
Pali BJT9. යථා යථා ඛො තෙ වාසෙට්ඨා, සත්තා අකට්ඨපාකං සාලිං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨංසු, තථා තථා තෙසං වාසෙට්ඨා, සත්තානං භිය්යොසොමත්තාය ඛරත්තඤ්චෙව කායස්මිං ඔක්කමි, වණ්ණවෙවණ්ණතා ච පඤ්ඤායිත්ථ. ඉත්ථියා ච ඉත්ථිලිඞ්ගං පාතුරහොසි, පුරිසස්ස ච පුරිසලිඞ්ගං. ඉත්ථි ච සුදං ‘පුරිසං අතිවෙලං උපනිජ්ඣායති, පුරිසො ච ඉත්ථිං. තෙසං අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායතං සාරාගො උදපාදි, පරිළාහො කායස්මිං ඔක්කමි. තෙ පරිළාහපච්චයා මෙථුනං ධම්මං පටිසෙවිංසු. යෙ ඛො පන තෙ වාසෙට්ඨා තෙන සමයෙන සත්තා පස්සන්ති මෙථුනං ධම්මං පටිසෙවන්තෙ, අඤ්ඤෙ පංසුං ඛිපන්ති, අඤ්ඤෙ සෙට්ඨිං ඛිපන්ති, අඤ්ඤෙ ගොමයං ඛිපන්ති ‘නස්ස වසලී නස්ස වසලී{2}, කථං හි නාම සත්තො සත්තස්ස එවරූපං කරිස්සතී’ති. තදෙතරහි පි මනුස්සා එකච්චෙසු ජනපදෙසු වධුයා{3} නිබ්බුයහමානාය{4} අඤ්ඤෙ පංසුං ඛිපන්ති, අඤ්ඤෙ සෙට්ඨිං ඛිපන්ති, අඤ්ඤෙ ගොමයං ඛිපන්ති. තදෙව පොරාණං අග්ගඤ්ඤං අක්ඛරං අනුසරන්ති, නත්වෙවස්ස අත්ථං ආජානන්ති.
Sinhala BJT9. වාශිෂ්ඨයෙනි, යම්සේ යම්සේ ඒ සත්හු නො සෑ බිමැ හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නාහු, එය ම වළඳන්නාහු, එය ම ආහාර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ඒ සතුන්ගේ සිරුරෙහි බොහෝ සෙයින් රළුබව පහළ විය, නොපැහැපත් බවද පැනිණ. ස්ත්‍රියට ස්ත්‍රීලිංගය ද, පුරුෂයාට පුරුෂලිංගය ද පහළ විය. ස්ත්‍රී ද වූ කලී ඉතා බොහෝ වේලාවක් පුරුෂයා දෙස බලාඉඳී, පුරුෂයා ද ස්ත්‍රිය දෙස බොහෝ වේලා බලාඉඳී. මෙසේ ඉතා බොහෝ වේලා ඔවුනොවුන් දෙස බලා ඉන්නා ඔවුනට සරාගය පහළ විය. රාගපරිදාහය කයෙහි බැස ගත්තේ ය. ඔහු රාගපරිදාහ හේතුයෙන් මෙවුන්දම් සෙවූහ. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි යම් සත්‍ව කෙනෙක් මෙවුන්දම් සෙවුනාවුන් දකිත් ද ඒ අන්‍යයෝ ‘වසලිය, නැසෙව, වසලිය, වැනැසෙව. කෙසේ නම් සතෙක් සතක්හට මෙබන්දක් කරන්නේ දැ’ යි කිය, පස් දමාගසත්, අන් කෙනෙක් අළු දමාගසත්, තව කෙනෙක් ගොම දමාගසත්. දැනුදු ඇතැම් දනවුහි මිනිස්සු එය කරත්. ස්ත්‍රියක ගෙනයනු ලබන කල්හි අන් කෙනෙක් පස් දමාගසත්, අන් කෙනෙක් අළු දමාගසත්, තව කෙනෙක් ගොම දමාගසත්. ඒ පැරැණි ලෝකෝත්පත්තිවංශ කථාව අනුව යෙත්. එහෙත් එහි අදහස නො ම දනිත්.
Pali BJTමෙථුනධම්මසමාචාරො
Sinhala BJT__missing translation__
Pali BJT10. අධම්මසම්මතං ඛො{5} පන වාසෙට්ඨා, යං තෙන සමයෙන හොති, තදෙතරහි ධම්මසම්මතං. යෙ ඛො පන වාසෙට්ඨා තෙන සමයෙන සත්තා මෙථුනං ධම්මං පටිසෙවන්ති, තෙමාසම්පි ද්වෙමාසම්පි න ලභන්ති ගාමං වා නිගමං වා පවිසිතුං. යතො ඛො පන තෙ වාසෙට්ඨා සත්තා තස්මිං සමයෙ අසද්ධම්මෙ අතිවෙලං පාතබ්යතං ආපජ්ජිංසු, අථ ඛො අගාරානි උපක්කමිංසු කාතුං, තස්සෙව අසද්ධම්මස්ස පටිච්ඡාදනත්ථං.
Sinhala BJT10. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි පස් දමාගැසුම් ආදි විසින් අධර්‍මයැ යි සම්මත වූ යමෙක් වී ද, එය දැන් ධර්‍ම යැ යි සම්මත වැ ඇත. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි යම් සත්ත්‍ව කෙනෙක් වනාහි මෙවුන්දම් සෙවිත් ද, ඔහු තුන් මසකුදු නැත හොත් දෙ මසකුදු ගමකට හෝ නියම්ගමකට හෝ පිවිසෙන්නට අවසර නො ලබත්. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි සත්‍වයෝ යම් හෙයෙකින් අසද්ධර්‍මයෙහි (මෙවුන්දම්හි) ඉතා බොහෝ වේලාවක් යෙදිය යුතු බවට පැමිණියාහු ද, එහෙයින් ම ඒ අසද්ධර්‍මය වසා ලනු පිණිස ගෙවල් කරන්නට පටන්ගත්හ.
Pali BJTඅථ ඛො වාසෙට්ඨා, අඤ්ඤතරස්ස සත්තස්ස අලසජාතිකස්ස එතදහොසි: “අම්භො කිමෙවාහං විහඤ්ඤාමි සාලිං ආහරන්තො සායං සායමාසාය පාතො පාතරාසාය? යන්නූනාහං සාලිං ආහරෙය්යං සකිදෙව{1} සායපාතරාසායා”ති. අථ ඛො සො වාසෙට්ඨා, සත්තො සාලිං ආහාසි සකිදෙව සායපාතරාසාය. අථ ඛො වාසෙට්ඨා, අඤ්ඤතරො සත්තො යෙන සො සත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං සත්තං එතදවොච: “එහි භො සත්ත සාලාහාරං ගමිස්සාමා”ති. “අලං භො සත්ත ආහටො{2} මෙ සාලි සකිදෙව සායපාතරාසායා”ති. අථ ඛො සො වාසෙට්ඨා සත්තො තස්ස සත්තස්ස දිට්ඨානුගතිං ආපජ්ජමානො සාලිං ආහාසි සකිදෙව ද්වීහාය. ‘එවම්පි කිර භො සාධූ’ති. අථ ඛො වාසෙට්ඨා අඤ්ඤතරො සත්තො යෙන සො සත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං සත්තං එතදවොච: “එහි භො සාලාහාරං ගමිස්සාමා”ති. “අලං භො සත්ත ආහටො මෙ සාලි සකිදෙව ද්වීහායා”ති. අථ ඛො සො වාසෙට්ඨා, සත්තො තස්ස සත්තස්ස දිට්ඨානුගතිං ආපජ්ජමානො සාලිං ආහාසි සකිදෙව චතූහාය, ‘එවම්පි කිර භො සාධූ’ති. -පෙ- අථ ඛො සො වාසෙට්ඨා, සත්තො තස්ස සත්තස්ස දිට්ඨානුගතිං ආපජ්ජමානො සාලිං ආහාසි සකිදෙව අට්ඨාහාය, ‘එවම්පි කිර භො සාධූ’ති. යතො ඛො තෙ වාසෙට්ඨා, සත්තා සන්නිධිකාරකං සාලිං උපක්කමිංසු පරිභුඤ්ජිතුං, අථ කණො පි තණ්ඩුලං පරියොනද්ධි, ථුසො පි තණ්ඩුලං පරියොනද්ධි, ලූනම්පි නප්පටිවිරූළ්හං අපදානං පඤ්ඤායිත්ථ, සණ්ඩසණ්ඩා සාලයො{3} අට්ඨංසු.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, එ කල්හි එක්තරා අලස ගති ඇති සතක්හට “භවත්නි, උදේ බොජුන් පිණිස උදාසන ද හවස බොජුන් පිණිස සවස් කල්හි ද හැල් ගෙන එනුයෙම් මම් කුමට මෙසේ වෙහෙසෙම් ද? උදේ හවස දෙක්හි ම බොජුන් පිණිස එක් වරට ම හැල්ගෙන ආයෙම් වීම් නමැ යෙහෙකැ” යි මේ සිත විය. වාශිෂ්ඨයෙනි. ඒ සත් තෙම උදේ සවස බොජුන් පිණිස එක්වර ම හැල් ගෙනායේ ය. එ කලැ එක්තරා සත්‍වයෙක් ඒ සත්‍වයා කරා එළැඹි යේ ය. එළැඹ ඔහුට ‘භවත් සත්‍වය, එව, හැල් ගෙන ඊමට යම්හ’ යි කී ය. ‘භවත් සත්‍වය, කම් නැත. උදේ සවස බොජුන් පිණිස මා විසින් එක් වර ම හැල් ගෙනෙන ලදැ’ යි හේ කී ය. වාශිෂ්ඨයෙනි, එ විට ඒ සත්‍ව තෙම ඒ (එක් වර දෙවේලට ම හැල් ගෙනා) සත්‍වයාගේ දෘෂ්ටානුගතියට (ඔහු කළා දුටු දැය අනුව යෑමට) පැමිණෙනුයේ, ‘භවත්නි, මෙසේත් යහපතැ’ යි කිය දෙදවසකට එක් වරක් හැල් ගෙනායේ ය. වාශිෂ්ඨයෙනි, එ කල්හි එක්තරා සත්‍වයෙක් (ඒ දෙදවසකට එක් වරක් හැල් ගෙනා) සත්‍වයා කරා එළැඹියේ ය, එළැඹ, ‘භවත් සත්‍වය, හැල් ගෙනීමට යම්හ’ යි කී ය. ‘භවත් සත්‍වය, එයින් කම් නැත. මා විසින් දෙදවසකට ම (පොහෝනා පමණ) හැල් එක් වරට ම ගෙනෙන ලදැ’ යි ඒ සත්‍ව තෙම කී ය, වාශිෂ්ඨයෙනි, එ විට ඒ සත්‍ව තෙම අනෙකා කළා දුටු දෑ අනුව යන්නේ, ‘භවත්නි, මෙසේත් යහපතැ’ යි කියා එක් වර ම සතර දිනකට පොහෝනා පමණ හැල් ගෙන්යේ ය. … එකල්හි ඒ සත් තෙම අනෙකා කළා දුටු දෑ අනුව යනුයේ, ‘භවත්නි, මෙසේත් යහපතැ’ යි කියා එක් වර ම අට දවසකට පහොනා පමණ හැල් ගෙනායේ ය. වාශිෂ්ඨයෙනි, ඒ සත්‍වයෝ යම් කලෙක හැල් රැස් කොට තබා පරිභෝග කරන්නට පටන් ගත්තු ද, එකල්හි කුඩු ද සහල වසා ගත්තේ ය. දහවෙයියා ද සහාල වසා ගත්තේ ය. හැල් කපා ගත් තැන ද යලි නො වැඩුණේ ය. හැල් කපා ගත් තැන ද ඌන ව පැනුණේ ය. හැල්හු පඳුරු පඳුරු වැ සිටියාහ.
Pali BJTසාලිවිභාගො
Sinhala BJT__missing translation__
Pali BJTඅථ ඛො තෙ වාසෙට්ඨා, සත්තා සන්නිපතිංසු, සන්නිපතිත්වා අනුත්ථුනිංසු, ‘පාපකා වත භො ධම්මා සත්තෙසු පාතුභූතා, මයං හි පුබ්බෙ මනොමයා අහුම්හ පීතිභක්ඛා සයම්පභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං අට්ඨම්හ{4} තෙසං නො අම්හාකං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන රසා පඨවී උදකස්මිං සමතානි. සා අහොසි වණ්ණසම්පන්නා ගන්ධසම්පන්නා රසසම්පන්නා. තෙ මයං රසං පඨවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිම්හ පරිභුඤ්ජිතුං, තෙසං නො රසපඨවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමතං පරිභුඤ්ජිතුං සයම්පභා අන්තරධායි.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, එ කල් හි ඒ සත්‍වයෝ එක් තැනකට රැස්වූහ. රැස් ව උනුන් හා මෙසේ කතා කැරැගත්හ: භවත්නි, ඛෙදයෙක! ලාමක ස්වභාවයෝ සත්‍වයන් කෙරෙහි පහළ වූහ. අපි පෙරැ මනෝමය වූ, ප්‍රීතිය භෝජනය කොටැති ව ස්වයම්ප්‍රභ ව, ශෝභන වස්ත්‍රාභරණ ඇති ව සිටින්නමෝ ඉතා බොහෝ කල් සිටුම්හ. ඒ අපට කිසි කලෙක්හි ඉතා බොහෝ කලක් ඇවෑමෙන් රස පොළොව දියෙහි පැතිරැගෙන සිටියේය. එය පැහැවත් ද සුවඳවත් ද රසවත් ද විය. ඒ අපි රස පොළොව අත්වලින් පිඬුකොට ගෙන වළඳන්නට පටන් ගතුම්හ. රස පොළොව අත්වලින් පිඬු කොට ගෙන වළඳන්නට පටන්ගත් අපගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය.
Pali BJTතාය අන්තරහිතාය චන්දිමසුරියා{1} පාතුරහෙසුං. චන්දිමසුරියෙසු පාතුභූතෙසු නක්ඛත්තානි තාරකරූපානි පාතුරහෙසුං, නක්ඛත්තෙසු තාරකරූපෙසු පාතුභූතෙසු රත්තින්දිවා පඤ්ඤායිංසු. රත්තින්දිවෙසු පඤ්ඤායමානෙසු මාසද්ධමාසා පඤ්ඤායිංසු. මාසද්ධමාසෙසු පඤ්ඤායමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤායිංසු. තෙ මයං රසං පඨවිං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨම්හ. තෙසං නො පාපකානඤ්ඤෙව අකුසලානං ධම්මානං පාතුභාවා රසා පඨවී අන්තරධායි. රසාය පඨවියා අන්තරහිතාය භූමිපප්පටකො පාතුරහොසි. සො අහොසි වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො. තෙ මයං භූමිපප්පටකං උපක්කමිම්හ පරිභුඤ්ජිතුං. තෙ මයං තං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨම්හ. තෙසං නො පාපකානඤ්ඤෙව අකුසලානං ධම්මානං පාතුභාවා භූමිපප්පටකෙ අන්තරධායි. භූමිපප්පටකෙ අන්තරහිතෙ බදාලතා පාතුරහොසි. සා අහොසි වණ්ණසම්පන්නා ගන්ධසම්පන්නා රසසම්පන්නා. තෙ මයං බදාලතං උපක්කමිම්හ පරිභුඤ්ජිතුං. තෙ මයං තං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨම්හ. තෙසං නො පාපකානඤ්ඤෙව අකුසලානං ධම්මානං පාතුභාවා බදාලතා අන්තරධායි. බදාලතාය අන්තරහිතාය අකට්ඨපාකො සාලි පාතුරහොසි, අකණො අථුසො සුද්ධො සුගන්ධො තණ්ඩුලඵලො. යං තං සායං සායමාසාය ආහරාම, පාතො තං හොති පක්කං පටිවිරූළ්හං. යං තං පාතො පාතරාසාය ආහරාම, සායන්තං හොති පක්කං පටිවිරූළ්හං. නාපදානං පඤ්ඤායිත්ථ. තෙ මයං අකට්ඨපාකං සාළිං පරිභුඤ්ජන්තා තම්භක්ඛා තදාහාරා චිරං දීඝමද්ධානං අට්ඨම්හ. තෙසං නො පාපකානඤ්චෙව අකුසලානං ධම්මානං පාතුභාවා කණො පි තණ්ඩුලං පරියොනද්ධි, ථුසො පි තණ්ඩුලං පරියොනද්ධි, ලූනම්පි නප්පටිවිරූළ්හං, අපදානං පඤ්ඤායිත්ථ, සණ්ඩසණ්ඩා සාලයො ඨිතා. යන්නූන මයං සාලිං විභජෙය්යාම, මරියාදං ඨපෙය්යාමා’ති. අථ ඛො තෙ වාසෙට්ඨ, සත්තා සාලිං විභජිංසු, මරියාදං ඨපෙසුං.
Sinhala BJTඑය අතුරුදහන් වූ කල්හි සඳහිරුහු ප්‍රකට වූහ. සඳුහිරුන් පහළවූ කල්හි නක්‍ෂත්‍රයෝ ද තාරකාරූපයෝ ද ප්‍රකට වූහ. නක්‍ෂත්‍රතාරකාරූප ප්‍රකට වූ පසු රෑදාවල්හු පැනුණහ. රෑදාවල් පැනෙන කල්හි මාස පක්‍ෂයෝ පැනුණහ. මාසපක්‍ෂයන් පැනෙන කල්හි ඍතුසංවස්තරයෝ පැනුණහ. ඒ අපි රස පොළොව පරිභෝග කරන්නමෝ, එය වළඳන්නමෝ, එය ආහාර කොටැ ගත්තමෝ, ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහම් පහළ වීමෙන් ම රසපොළොව අතුරුදහන් විය. රස පොළොව අතුරුදහන් වූ කල්හි භූමිපර්‍පටකය පහළ විය. ඒ අපි භූමිපර්‍පටකය පරිභෝග කරන්නට පටන් ගතුම්හ. ඒ අපි එය පරිභෝග කරන්නමෝ, එය වළඳන්නමෝ එය ම ආහාර කොට ඇත්තමෝ ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහමුන් පහළ වීමෙන් භූමිපර්‍පටකය අතුරුදහන් විය. භූමිපර්‍පටකය අතුරුදහන් වූ කල්හි බදාලතාව පහළ විය. එය පැහැවත් සුවඳවත් රසවත් විය. ඒ අපි බදාලතාව පරිභෝග කරන්නට පටන් ගතුමු. එය පරිභෝග කරන්නමෝ, එය වළඳන්නමෝ, එය ම ආහාර කොටැත්තමෝ ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුශල ධර්‍ම පහළ වීමෙන් බදාලතාව අතුරුදහන් විය. බදාලතාව අතුරුදහන් වූ කල්හි කුඩු නැති දහවෙයියා නැති පිරිසිදු සුවඳැති සහල ම ඵල කොටැති නො සානා ලද බිමැ හටගෙන පැසෙන හැල් වෙසෙසෙක් පහළ විය. සවස් කලැ සවස් බොජුනට යම් සහලක් ගෙනෙත් ද පසුදිනැ උදාසනැ එය පැසුණේ යලි දු වැඩුණේ වෙයි. කපා නොගන්නා ලද තැනෙක් ම (නොඅඩු ව) පැහුණේ ය. ඒ අපි නො සාන ලද බිමැ හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නමෝ, එය ම වළඳන්නමෝ, එය ම අහර කොටැත්තමෝ, ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහම් පහළ වීමෙන් ම කුඩු ද සහල වසාගෙන බැඳී සිටියේ ය. දහවෙයියා ද සහල වසා බැඳී සිටියේ ය. කපා ගන්නා ලද තැන ද යලි නො නැඟුණේ ය. ඌනත්‍වය පැනුණේ ය. පඳුරු පඳුරු වැ හැල්හු සිටියාහ. අපි හැල් (අප අතරැ) වෙන වෙන ම බෙදා ගන්නමෝ නම්, ඉම් තබන්නමෝ නම් මැනැවැ” යි මෙසේ කතා කැරැගත්හ. වාශිෂ්ඨයෙනි, ඉක්බිති ඒ සත්‍වයෝ හැල් බෙදූහ. ඉම් තැබූහ.
Pali BJT11. අථ ඛො වාසෙට්ඨා අඤ්ඤතරො සත්තො ලොලජාතිකො සකං භාගං පරිරක්ඛන්තො අඤ්ඤතරං භාගං අදින්නං ආදියිත්වා පරිභුඤ්ජි. තමෙනං අග්ගහෙසුං, ගහෙත්වා එතදවොචුං: ‘පාපකං වත භො සත්ත කරොසි, යත්ර හි නාම සකං භාගං පරිරක්ඛන්තො අඤ්ඤතරං භාගං අදින්නං ආදියිත්වා පරිභුඤ්ජිස්සසි{2}. මාස්සු භො සත්ත පුනපි එවරූපමකාසී’ති.
Sinhala BJT11. වාශිෂ්ඨයෙනි, එ කල්හි ලොල්පියෙවි ඇති එක්තරා සතෙක් සිය කොටස රැකගනුයේ තමාට නො දෙන ලද එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙළේ ය. (සෙස්සෝ) ඔහු අල්ලා ගත්හ, අල්ලා ගෙන ‘භවත් සත්‍වය, යම් බඳු තෝ සිය කොටස රකිනුයෙහි තමහට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙළෙහි ද, ඒ තෝ ඒකානත්තයෙන් ලාමක දැයක් කෙළෙහි ය. භවත් සත්‍වය, යලිත් මෙබන්දක් නහමක් කරව’ යි කී හ.
Pali BJT‘එවං භො’ති ඛො වාසෙට්ඨා, සො සත්තො තෙසං සත්තානං පච්චස්සොසි. දුතියම්පි ඛො වාසෙට්ඨා, සො සත්තො සකං භාගං පරිරක්ඛන්තො අඤ්ඤතරං භාගං අදින්නං ආදියිත්වා පරිභුඤ්ජි. තමෙනං අග්ගහෙසුං, ගහෙත්වා එතදවොචුං: ‘පාපකං වත භො සත්ත කරොසි, යත්ර හි නාම සකං භාගං පරිරක්ඛන්තො අඤ්ඤතරං භාගං අදින්නං ආදියිත්වා පරිභුඤ්ජිස්සි. මාස්සු භො සත්ත පුනපි එවරූපමකාසී’ති. තතියම්පි ඛො වාසෙට්ඨා, සො සත්තො සකං භාගං පරිරක්ඛන්තො අඤ්ඤතරං භාගං අදින්නං ආදියිත්වා පරිභුඤ්ජි. තමෙනං අග්ගහෙසුං, ගහෙත්වා එතදවොචුං: පාපකං වත භො සත්ත කරොසි, යත්ර හි නාම සකං භාගං පරිරක්ඛන්තො අඤ්ඤතරං භාගං අදින්නං ආදියිත්වා පරිභුඤ්ජිස්සසි. මාස්සු භො සත්ත පුනපි එවරූපමකාසී’ති. අඤ්ඤෙ පාණිනා පහරිංසු, අඤ්ඤෙ ලෙඩ්ඩුනා{1} පහරිංසු, අඤ්ඤෙ දණ්ඩෙන පහරිංසු. තදග්ගෙ ඛො පන වාසෙට්ඨා, අදින්නාදානං පඤ්ඤායති, ගරහා පඤ්ඤායති, මුසාවාදො පඤ්ඤායති, දණ්ඩාදානං පඤ්ඤායති.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, ඒ සත්‍ව තෙම ‘එසේ ය භවත්නි’ යි කියා ම ඒ සත්නට පිළිවදන් දුන. වාශිෂ්ඨයෙනි, දෙවෙනි වර ද ඒ සත් තෙම සිය කොටස රකිනුයෙහි, තමාට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කළේය. සෙස්සෝ ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන, ‘භවත් සත්‍වය, යම්බඳු තෝ සිය කොටස රකිනුයෙහි, තමාට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙරෙහි ද, ඒ තෝ ලාමක දැයක් කෙරෙහි ය. භවත් සත්‍වය, යලිත් මෙබන්දක් නො කරව’ යි කී හ. වාශිෂ්ඨයෙනි, තෙවෙනි වර ද ඒ සත් තෙම සිය කොටස රකිනුයෙහි, තමාට නො දුන් කොටසක් ගෙන පරිභෝග කළේ ය. සෙස්සෝ ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන, ‘භවත් සත්‍වය, යම් බඳු තෝ සිය කොටස රකිනුයෙහි, තමාහට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙරෙහි ද, ඒ තෝ ලාමක දැයක් ම කෙරෙහි ය. භවත් සත්‍වය, යලිත් මෙබන්දක් නහමක් කරව’ යි කී හ. කෙනෙක් අතින් පහළහ. කෙනෙක් කැටින් පහළහ. කෙනෙක් දංඩෙන් පහළහ, වාශිෂ්ඨයෙනි, එතැන් පටන් කොට අයිනාදන පැනෙයි, ගැරැහුම පැනෙයි, මුසා බිණීම පැනෙයි, දඬු ගැනුම් පැනෙයි.
Pali BJTමහාසම්මතරාජා
Sinhala BJT__missing translation__
Pali BJT12. අථ ඛො තෙ වාසෙට්ඨා, සත්තා සන්නිපතිංසු, සන්නිපතිත්වා අනුත්ථුනිංසු “පාපකා වත භො ධම්මා සත්තෙසු පාතුභූතා, යත්ර හි නාම අදින්නාදානං පඤ්ඤායිස්සති, ගරහා පඤ්ඤායිස්සති, මුසාවාදො පඤ්ඤායිස්සති, දණ්ඩාදානං පඤ්ඤායිස්සති. යන්නූන මයං එකං සත්තං සම්මන්නෙය්යාම, යො{2} නො සම්මා ඛීයිතබ්බං ඛීයෙය්ය, සම්මා ගරහිතබ්බං ගරහෙය්ය, සම්මා පබ්බාජෙතබ්බං පබ්බාජෙය්ය. මයං පනස්ස සාලීනං භාගං අනුප්පදස්සාමා”ති. අථ ඛො තෙ වාසෙට්ඨා, සත්තා යො නෙසං සත්තො අභිරූපතරො ච දස්සනීයතරො ච පාසාදිකතරො ච මහෙසක්ඛතරො ච, තං සත්තං උපසඞ්කමිත්වා එතදවොචුං: එහි භො{3} සත්ත, සම්මා ඛීයිතබ්බං ඛීය, සම්මා ගරහිතබ්බං ගරහ, සම්මා පබ්බාජෙතබ්බං පබ්බාජෙහි. මයං පන තෙ සාලීනං භාගං අනුප්පදස්සාමා”ති. ‘එවං භො’ති ඛො වාසෙට්ඨා සො සත්තො තෙසං සත්තානං පටිස්සුණිත්වා, සම්මා ඛීයිතබ්බං ඛීයි, සම්මා ගරහිතබ්බං ගරහි, සම්මා පබ්බාජෙතබ්බං පබ්බාජෙසි. තෙ පනස්ස සාලීනං භාගං අනුප්පදංසු. මහාජනසම්මතො’ති ඛො වාසෙට්ඨා ‘මහාසම්මතො මහාසම්මතො’ත්වෙව පඨමං අක්ඛරං උපනිබ්බත්තං.
Sinhala BJT12. වාශිෂ්ඨයෙනි, ඉක්බිති ඒ සත්‍වයෝ එක් රැස් වූ හ. එක්රැස් වැ, “භවත්නි, ඛේදයෙක! යම් කෙනෙකු කෙරෙහි අයිනාදන පැනෙන්නේ ද, ගැරැහුම පැනෙන්නේ ද, මුසා බිණීම පැනෙන්නේ ද, දඬු ගැන්ම පැනෙන්නේ ද, ඒ සතුන් කෙරෙහි එසේ වූ ලාමක අකුශල ධර්‍ම කෙනෙක් පහළ වූහ. යමෙක් අපගෙන් දොස්නැගිය යුත්තාට මොනොවට දොස්නගන්නේ ද ගැරැහිය යුත්තහු ට මොනොවට ගරහන්නේ ද, නෙරැපිය යුත්තහු මොනොවට නෙරපන්නේ ද, අපි එසේ වූ එක් සත්‍වයකු සම්මත කැරැගනුමෝ නම් ඉතා යෙහෙක. අපි වූ කලී ඔහුට හැල් කොටසක් දෙන්නමු” යි කතා කැරැගත්හ. වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්‍වයෝ යම් සත්‍වයෙක් ඔවුන් අතුරෙහි වඩා රූපසම්පන්න ද, වඩා දැකුම්කලු ද, වඩා සිත පහදවන සුලු ද, වඩා මහ තෙදැත්තේ ද, ඒ සත්‍වයා කරා එළැඹ, ‘භවත් සත්‍වය, මෙහි එන්න, දොස්නැගියැ යුත්තාට නිසිපරිදි දොස් නගන්න, ගැරැහිය යුත්තාට මොනොවට ගරහන්න, නෙරැපිය යුත්තහු මොනොවට නෙරපන්න. අපි වනාහි ඔබට හැල් කොටසක් දෙන්නමු” යි මෙ බස් කීහ. ‘භවත්නි, එසේ යැ’ යි කියා ම ඒ සත්ත්‍ව තෙම ඔවුනට පිළිවදන් දී දොස් නැගිය යුත්තහුට මොනොවට දොස් නැගීය, ගැරැහිය යුත්තහුට ගැරැහී ය, නෙරැපිය යුත්තහු මොනොවට නෙරැපී ය. ඔව්හු ඔහුට හැල් කොටසක් දුන්හ. වාශිෂ්ඨයෙනි. මහා ජනාය විසින් සම්මත හෙයින් ම ඔහුට ‘මහාසම්මත ය, මහාසම්මත යැ’ යි ම පළමු නම් වහර ඇති විය.
Pali BJTඛෙත්තානං අධිපතීති ඛො වාසෙට්ඨා, ‘ඛත්තියො ඛත්තියො’ත්වෙව දුතියං අක්ඛරං උපනිබ්බත්තං. ධම්මෙන පරෙ{1} රඤ්ජෙතීති ඛො වාසෙට්ඨා, ‘රාජා, රාජා’ත්වෙව තතියං අක්ඛරං උපනිබ්බත්තං. ඉති ඛො වාසෙට්ඨා, එවමෙතස්ස ඛත්තියමණ්ඩලස්ස පොරාණෙන අග්ගඤ්ඤෙන අක්ඛරෙන අභිනිබ්බත්ති අහොසි. තෙ සඤ්ඤෙව සත්තානං අනඤ්ඤෙසං,{2} සදිසානඤ්ඤෙව නො අසදිසානං. ධම්මෙනෙව, නො අධම්මෙන. ධම්මො හි වාසෙට්ඨා සෙට්ඨො ජනෙ’තස්මිං දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායෙච.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, කෙත්නට අධිපති වී නු යි ‘ක්‍ෂත්‍රිය ය, ක්‍ෂත්‍රිය යැ’ යි ම දෙවෙනි නම් වහර ඇති විය. වාශිෂ්ඨයෙනි, දැහැමින් මෙරමා රඳවානු යි (සුවපත් කෙරෙනු යි පිණවානු යි) ‘රජ ය, රජ’ යැ යි කියා ම තෙවෙනි නම් වහර ඇති විය. වාශිෂ්ඨයෙනි, මෙසේ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද නම් වහරින් ක්‍ෂත්‍රිය මණ්ඩලයාගේ ආරම්භය විය. එ ද ඒ සත්‍වයනට ම ය, අන් සත්‍වකෙනෙකුට නො වේ. සමාන සත්‍වයනට ම ය, අසමාන සත්‍ව කෙනෙකුට නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, එහෙයින් මේ ජනයා කෙරෙහි මෙ ලොව්හි ද පරලොව්හි ද ධර්‍මය ම ශ්‍රේෂ්ඨ ය.
Pali BJTබ්රාහ්මණමණ්ඩලං
Sinhala BJT__missing translation__
Pali BJT13. අථ ඛො තෙසං වාසෙට්ඨා, සත්තානඤ්ඤෙව එකච්චානං එතදහොසි: පාපකා වත භො ධම්මා සත්තෙසු පාතුභූතා, යත්ර හි නාම අදින්නාදානං පඤ්ඤායිස්සති, ගරහා පඤ්ඤායිස්සති, මුසාවාදො පඤ්ඤායිස්සති, දණ්ඩාදානං පඤ්ඤායිස්සති, පබ්බාජනං පඤ්ඤායිස්සති. යන්නූන මයං පාපකෙ අකුසලෙ ධම්මෙ වාහෙය්යාමා”ති. තෙ පාපකෙ අකුසලෙ ධම්මෙ බාහෙසුං{3}. පාපකෙ අකුසලෙ ධම්මෙ බාහෙන්තීති ඛො වාසෙට්ඨා, ‘බ්රාහ්මණා බ්රාහ්මණා’ත්වෙව පඨමං අක්ඛරං උපනිබ්බත්තං. තෙ අරඤ්ඤායතනෙ පණ්ණකුටියො කරිත්වා පණ්ණකුටීසු ඣායන්ති, වීතඞ්ගාරා වීතධූමා පන්නමුසලා සායං සායමාසාය පාතො පාතරාසාය ගාමනිගමරාජධානියො ඔසරන්ති ඝාසමෙසානා{4} තෙ ඝාසං පටිලභිත්වා පුනදෙව අරඤ්ඤායතනෙ පණ්ණකුටීසු ඣායන්ති. තමෙනං මනුස්සං දිස්වා එවමාහංසු: ‘ඉමෙ ඛො භො සත්තා අරඤ්ඤායතනෙ පණ්ණකුටියො කරිත්වා පණ්ණකුටීසු ඣායන්ති, විතඞ්ගාරා වීතධූමා පන්නමුසලා සායං සායමාසාය පාතො පාතරාසාය ගාමනිගමරාජධානියො ඔසරන්ති ඝාසමෙසානා. තෙ ඝාසං පටිලභිත්වා පුනදෙව අරඤ්ඤායතනෙ පණ්ණකුටීසු ඣායන්ති ඣායන්තීති ඛො පන වාසෙට්ඨා, ‘ඣායකා ඣායකා’ත්වෙව දුතියං අක්ඛරං උපනිබ්බත්තං. තෙසඤ්ඤෙව ඛො වාසෙට්ඨා, සත්තානං එකච්චෙ සත්තා අරඤ්ඤායතනෙ පණ්ණකුටීසු තං ඣානං අනභිසම්භුණමානා ගාමසාමන්තං නිගමසාමන්තං ඔසරිත්වා ගන්ථෙ කරොන්තො අච්ඡන්ති. තමෙනං මනුස්සා දිස්වා එවමාහංසු: ඉමෙ ඛො භො සත්තා අරඤ්ඤායතනෙ පණ්ණකුටීසු තං ඣානං අනභිසම්භුණමානා ගාමසාමන්තං නිගමසාමන්තං ඔසරිත්වා ගන්ථෙ කරොන්තා අච්ඡන්ති! න’දානි මෙ ඣායන්ති, න’දානි මෙ ඣායන්තී ති ඛො වාසෙට්ඨා, ‘අජ්ඣායකා අජ්ඣායකා’ත්වෙව තතියං අක්ඛරං උපනිබ්බත්තං.
Sinhala BJT13. වාශිෂ්ඨයිනි, එක්බිති ඒ ඇතැම් සත්‍ව කෙනකුට, “භවත්නි, ඛේදයෙක! යම් කෙනකු කෙරෙහි අයිනාදන පැනෙන්නේ ද, ගැරහුම පැනෙන්නේ ද, මුසවා ව පැනෙන්නේ ද, දඬු ගැන්ම පැනෙන්නේ ද, රටින් නෙරැපීම පැනෙන්නේ ද එසේ වූ සතුන් කෙරෙහි ලාමක ධර්‍මයෝ පහළ වූවාහු වෙයි. අපි ලාමක වූ අකුශල ධර්‍මයන් බාහනය (බැහැර ලීම) කරන්නමෝ නම් යෙහෙකැ” යි මේ සිත විය. ඔහු ලාකම වූ අකුශල ධර්‍ම බාහනය කළහ (බැහැරැ ලූහ). වාශිෂ්ඨයෙනි, ලාමක වූ අකුශල ධර්‍මයන් වාහනය කෙරෙත් (බැහැර ලත්) නු යි ම ‘බ්‍රාහ්මණයෝ ය, බ්‍රාහ්මණයෝ ය’ කියා ම පළමු නාම ව්‍යවහාරය පහළ විය. ඔහු තුමූ වන පෙදෙස්හි පන්සල් කොට ගෙන එහි ධ්‍යාන කෙරෙත්. (පිස කැව යුතු දැයක් නැති බැවින්) පහවූ අඟුරු ඇත්තාහු පහ වූ දුම් ඇත්තාහු, කොටා පිසියැ යුතු දැයක් නැති බැවින් බිමට වන් මොහොල් ඇත්තාහු (අඟුරු දුම් මොහොල් යන මේ කිසිවකුත් නැත්තාහු), සවස් බොජුන පිණිස සවස ද, උදේ බොජුන් පිණිස උදාසන ද අහර සොයනුවෝ ගම් නියම් ගම් රජදහන්වලට බසිත්. ඔහු අහර ලැබගෙන් පෙරළා ගොස් වන පෙදෙස්හි පන්සල්හි ධ්‍යාන කෙරෙත්. වාශිෂ්ඨයෙනි, ‘ධ්‍යාන කෙරෙත්, ධ්‍යාන කෙරෙත් නු’ යි ම ‘ධ්‍යායකයෝ ය, ධ්‍යායකයෝ යැ’ යි කියා ම දෙවෙනි නම් වහරෙක් ඔවුනට ඇති විය. වාශිෂ්ඨයිනි, ඒ සත්‍වයන් ම අතුරෙන් ඇතැම් කෙනෙක් වන පෙදෙසෙහි පන්සල්හි ඒ දහන් වැඩීම නොකළ හැකි වන්නාහු ගම් අසලට නියම්ගම් අසලට බැස, ග්‍රන්‍ථ කෙරෙමින් ඉඳිත්, මිනිස්සු ඔවුන් දැක, “භවත්නි, මේ සත්හු වෙනෙහි පන්සල්හි ඒ ධ්‍යාන කළ නො හැක්කාහු, ගම් අසලට නියම්ගම් අසලට බැස, ග්‍රන්‍ථ කෙරෙමින් ඉඳිත්.” වාශිෂ්ඨයිනි, ‘දැන් මොහු ධ්‍යාන නො කෙරෙත්, දැන් මොහු ධ්‍යාන නොකෙරෙත්’ නු යි මොහු ‘අධ්‍යායකයෝ’ යැ යි ම ඔවුනට තෙවෙනි නම් වහරෙක් උපන්නේය.
Pali BJTහීනසම්මතං ඛො පන වාසෙට්ඨා, යං තෙන සමයෙන හොති, තදෙතරහි සෙට්ඨසම්මතං. ඉති ඛො වාසෙට්ඨා, එවමෙතස්ස බ්රාහ්මණමණ්ඩලස්ස පොරාණෙන අග්ගඤ්ඤෙන අක්ඛරෙන අභිනිබ්බත්ති අහොසි. තෙසඤ්ඤෙව සත්තානං අනඤ්ඤෙසං, සදිසානඤ්ඤෙව නො අසදිසානං, ධම්මෙනෙව, නො අධම්මෙන. ධම්මො හි වාසෙට්ඨා, සෙට්ඨො ජනෙ’තස්මිං දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායෙච.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, එ සමයෙහි යම් ඒ අධ්‍යායකත්‍වය (ධ්‍යාන නො කරන බව) පහත් යැ යි සම්මත වී ද, එය දැන් උසස් යැ යි සම්මත ය. වාශිෂ්ඨයිනි, මෙසේ පැරැණි අග්‍ර යැ යි ගන්නා ලද නම්වහරින් ඒ බ්‍රාහ්මණ මණ්ඪලයාගේ නිපැත්ම විය. එ ද ඒ සත්‍වයනට ම ය. අන් සත්‍ව කෙනෙකුට නො වේ. සමාන සත්‍වයනට මය, අසමාන සත්‍වයනට නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, ධර්‍මය ම මෙලොව්හි ද පරලොව්හි ද මේ ජනයා කෙරෙහි උසස් ය.
Pali BJTවෙස්සමණ්ඩලං
Sinhala BJT__missing translation__
Pali BJT14. තෙසඤ්ඤෙව ඛො වාසෙට්ඨා, සත්තානං එකච්චෙ සත්තා මෙථුනං ධම්මං සමාදාය විස්සුතං කම්මන්තෙ{1} පයොජෙසුං. මෙථුනං ධම්මං සමාදාය විස්සුතං කම්මන්තෙ පෙයාජෙන්තීති ඛො වාසෙට්ඨා, වෙස්සා වෙස්සාත්වෙව අක්ඛරං උපනිබ්බත්තං. ඉති ඛො වාසෙට්ඨා, එවමෙතස්ස වෙස්සමණ්ඩලස්ස පොරාණෙන අග්ගඤ්ඤෙන අක්ඛරෙන අභිනිබ්බත්ති අහොසි, තෙසඤ්ඤෙව සත්තානං අනඤ්ඤෙසං සදිසානඤ්ඤෙව නො අසදිසානං ධම්මෙනෙව නො අධම්මෙන. ධම්මො හි වාසෙට්ඨා, සෙට්ඨො ජනෙ’තස්මිං දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායෙච.
Sinhala BJT14. වාශිෂ්ඨයෙනි, ඒ සතුන් අතුරෙහි ම ඇතැම් කෙනෙක් මෛථූන ධර්‍ම සේවනය කොට ඒ ඒ අවස්ථාහි නැඟුණු (හෝ ප්‍රකට වූ) ගවපාලනාදි කර්‍මාන්තයන් කළහ. මෛථුනධර්‍ම ගෙන ඒ ඒ අවස්ථාහි නැඟුණු හෝ ප්‍රකට කර්‍මාන්ත කෙරෙත් නු යි ‘වෛශ්‍යයෝ ය, වෛශ්‍යයෝ යැ’ යි ම නම් වහර උපන. වාශිෂ්ඨයිනි, මෙසේ ම පැරැණි වූ. අග්‍ර යැ යි දන්නා ලද නම් වහරින් වෛශ්‍යමණඩලායාගේ ආරම්භය විය. එ ද ඒ සතුන් පිළිබඳ ව ම ය. අන් සත් කෙනකු පිළිබඳ ව නො වේ. සමානයන් පිළිබඳ ව ම ය. අසමානයන් පිළිබඳ ව නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, ධර්‍මය ම මේ ජනයා කෙරෙහි මෙ ලොව්හි ද පර ලොව්හි ද ශ්‍රේෂ්ඨ ය.
Pali BJTසුද්දමණ්ඩලං
Sinhala BJT__missing translation__
Pali BJT15. තෙසඤ්ඤෙව ඛො වාසෙට්ඨා, සත්තානං යෙ තෙ සත්තා අවසෙසා තෙ ළුද්දාචාරා{2} ඛුද්දාචාරා අහෙසුං. ළුද්දාචාරා ඛුද්දාචාරාති ඛො වාසෙට්ඨා, සුද්දා සුද්දාත්වෙව අක්ඛරං උපනිබ්බත්තං. ඉති ඛො වාසෙට්ඨා, එවමෙතස්ස සුද්දමණ්ඩලස්ස පොරාණෙන අග්ගඤ්ඤෙන අක්ඛරෙන අභිනිබ්බත්ති අහොසි. තෙසඤ්ඤෙව සත්තානං අනඤ්ඤෙසං, සදිසානඤ්ඤෙව නො අසදිසානං, ධම්මෙනෙව නො අධම්මෙන. ධම්මො හි වාසෙට්ඨා, සෙට්ඨො ජනෙ’තස්මිං දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායෙච.
Sinhala BJT15. වාශිෂ්ඨයෙනි, ඒ සත්‍වයන් අතුරෙහි ම යම් කෙනෙක් රෞද්‍රාචාර ක්‍ෂුද්‍රාචාර ඇත්තෝ වූහු ද, මොහු රෞද්‍රාචාර ඇත්තාහ, ක්‍ෂුද්‍රාචාර ඇත්තාහ යි කියා ම, ඔවුනට ‘ශුද්‍රයෝය ශුද්‍රයෝ යැ’ යි ම නම්වහර උපන. වාශිෂ්ඨයෙනි, මෙසේ අග්‍රයැ යි දන්නා ලද පැරැණි නම් වහරින් මේ ශුද්‍රගණයාගේ ආරම්භය විය. එ ද ඒ සත්‍වයන් පිළිබඳ ව ම ය, අන් සත්‍ව කෙනෙකු පිළිබඳ ව නො වේ. සමානයන් පිළිබඳ ව ම ය, අසමානයන් පිළිබඳ ව නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, එහෙයින් මෙලෝහි ද පරලෝහි ද ධර්‍මය ම මේ ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨ ය.
Pali BJT16. අහු ඛො සො වාසෙට්ඨා, සමයො යං ඛත්තියො පි සකං ධම්මං ගරහමානො අගාරස්මා අනගාරියං පබ්බජති, ‘සමණො භවිස්සාමී’ති. බ්රාහ්මණොපි ඛො වාසෙට්ඨා සකං ධම්මං ගරහමානො අගාරස්මා අනගාරියං පබ්බජති, ‘සමණො භවිස්සාමී’ති, වෙස්සොපි ඛො වාසෙට්ඨා සකං ධම්මං ගරහමානො අගාරස්මා අනගාරියං පබ්බජති, ‘සමණො භවිස්සාමී’ති, සුද්දොපි ඛො වාසෙට්ඨා, සකං ධම්මං ගරහමානො අගාරස්මා අනගාරියං පබ්බජති ‘සමණො භවිස්සාමී’ති. ඉමෙහි ඛො වාසෙට්ඨා, චතූහි මණ්ඩලෙහි සමණමණ්ඩලස්ස අභිනිබ්බත්ති අහොසි. තෙසඤ්ඤෙව සත්තානං අනඤ්ඤෙසං, සදිසානඤ්ඤෙව නො අසදිසානං, ධම්මෙනෙව නො අධම්මෙන. ධම්මො හි වාසෙට්ඨා, සෙට්ඨො ජනෙ’තස්මිං දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායෙච.
Sinhala BJT16. වාශිෂ්ඨයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රියයාත් සිය දහමට ගරහනුයේ මහණ වන්නෙමි යි ගිහිගෙන් නික්ම පැවිදි බිම් වදනේ ද, බ්‍රාහ්මණයාත් සිය දහමට ගරහනුයේ මහණ වන්නෙමි යි ගිහි ගෙන් නික්මැ පැවිදිබිම් වදනේ ද, වෛශ්‍යයාත් සිය දහමට ගරහමින් ගිහි ගෙන් නික්ම පැවිදිබිම් වදනේ ද, ශුද්‍රයාත් සිය දහමට ගරහනුයේ මහණ වන්නෙමි යි පැවිදි බිම් වදනේ ද, එසේ වූ කාලයෙක් විය. (එ කල්හි) මේ සතර මණ්ඩලයන්ගෙන් ම ශ්‍රමණමණ්ඩලයාගේ ආරම්භය විය. එ ද ඒ සත්‍වයන් පිළිබඳ ම ය, අන් සත්‍ව කෙනෙකු පිළිබඳ නො වේ. සමානයන් පිළිබඳ වැ ම ය, අසමානයන් පිළිබඳ වැ නො වේ. ධර්‍මයෙන් ම ය. අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, එහෙයින් මෙ ලොව්හි ද පර ලොව් හි ද ධර්‍මය ම ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨ ය.
Pali BJTදුච්චරිතාදිකථා
Sinhala BJTදුශ්චරිතාදිකථා
Pali BJTඛත්තියො පි ඛො වාසෙට්ඨා, කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, මිච්ඡාදිට්ඨිකො, මිච්ඡාදිට්ඨිකම්මසමාදානො මිච්ඡාදිට්ඨිකම්මසමාදානහෙතු කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. බ්රාහ්මණො පි ඛො වාසෙට්ඨා -පෙ- වෙස්සො පි ඛො වාසෙට්ඨා -පෙ- සුද්දො පි ඛො වාසෙට්ඨා -පෙ- සමණො පි ඛො වාසෙට්ඨා කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, මිච්ඡාදිට්ඨිකො මිච්ඡාදිට්ඨිකම්මසමාදානො මිච්ඡාදිට්ඨිකම්මසමාදානහෙතු කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, ක්‍ෂත්‍රියයා ද කයින් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට, මිසදිටු වැ, මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇති වැ, මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු, සැප නැති දුකට ස්ථාන වු, විවස ව පතිත වන තැන වූ නිරයට පැමිණෙයි. වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයා ද ... වෛශ්‍යයා ද … ශුද්‍රයා ද … ශ්‍රමණයා ද කයින් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, සිතින් දුසිරිත් කොට, මිථ්‍යාදෘෂ්ටික වැ මිථ්‍යාදෘෂ්ටි කර්‍මසමාදාන ඇති වැ මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු, සැප නැති, දුකට තැන් වූ, විවස වැ පතිත වන තැන වූ නිරයට පැමිණෙයි.
Pali BJTඛත්තියොපි ඛො වාසෙට්ඨා, කායෙන සුචරිතං චරිත්වා, වාචාය සුචරිතං චරිත්වා, මනසා සුචරිතං චරිත්වා, සම්මාදිට්ඨිකො සම්මාදිට්ඨිකම්මසමාදානො සම්මාදිට්ඨිකම්මසමාදානහෙතු කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. බ්රාහ්මණො පි ඛො වාසෙට්ඨා -පෙ- වෙස්සො පි ඛො වාසෙට්ඨා -පෙ- සුද්දො පි ඛො වාසෙට්ඨා -පෙ- සමණො පි ඛො වාසෙට්ඨා කායෙන සුචරිතං චරිත්වා -පෙ- සග්ගං ලොකං උපපජ්ජති. ඛත්තියො පි ඛො වාසෙට්ඨා කායෙන ද්වයකාරී, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී, විමිස්සදිට්ඨිකො විමිස්සදිට්ඨිකම්මසමාදානො විමිස්සදිට්ඨිකම්මසමාදානහෙතු කායස්ස භෙදා පරම්මරණා සුඛදුක්ඛපටිසංවෙදී{1} හොති. බ්රාහ්මණො පි ඛො වාසෙට්ඨා -පෙ- වෙස්සො පි ඛො වාසෙට්ඨා -පෙ- සුද්දො පි ඛො වාසෙට්ඨා -පෙ- සමණො පි ඛො වාසෙට්ඨා කායෙන ද්වයකාරී, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී, විමිස්සදිට්ඨිකො විමිස්සදිට්ඨිකම්මසමාදානො විමිස්සදිට්ඨිකම්මසමාදානහෙතු කායස්ස භෙදා පරම්මරණා සුඛදුක්ඛපටිසංවෙදී හොති.
Sinhala BJTවාශිෂ්ඨයෙනි, ක්‍ෂත්‍රියයා ද කයින් සුසිරි පුරා, වචනයෙන් සුසිරි පුරා, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇති වැ සිතින් සුසිරි පුරා, සම්‍යග්දෘෂ්ටික වැ සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු, මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයා ද … වෛශ්‍යයා ද … ශුද්‍රයා ද … ශ්‍රමණයා ද කයින් සුසිරි පුරා … සග ලොවට යෙයි. වාශිෂ්ඨයෙනි, ක්‍ෂත්‍රියයා ද (විටෙක් කුසල් ද විටෙක අකුසල් දැයි) කුශලාකුශල දෙක ම කරන සුලු වූයේ, වචනයෙන් කුශලාකුශල දෙක ම කරන සුලු වූයේ, සිතින් කුසලාකුශල දෙක ම කරන සුලු වූයේ, (විටෙක සම්‍යග්දෘෂ්ටික ද විටෙක මිථ්‍යාදෘෂ්ටික දැ යි) මිශ්‍ර දෘෂ්ටි ඇතියේ, මිශ්‍රදෘෂ්ටික සර්‍මසමාදාන ඇතියේ, මිශ්‍රදෘෂ්ටික කර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු සුව දුක් විඳුනේ වෙයි. වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයා ද … වෛශ්‍යයා ද … ශුද්‍රයා ද … ශ්‍රමණයා ද කයින් කුසල් අකුසල් දෙක ම කරන සුලු වූයේ, … වචනයෙන් කුසල් අකුසල් දෙක ම කරන සුලු වූයේ, … මනසින් කුසල් අකුසල් දෙක ම කරන සුලු වූයේ, මිශ්‍ර දෘෂ්ටි ඇතියේ, මිශ්‍රදෘෂ්ටික කර්‍මසමාදාන ඇත්තේ, මිශ්‍රදෘෂ්ටිකකර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු සුව දුක විඳුනේ වෙයි.
Pali BJTබොධිපක්ඛියභාවනා
Sinhala BJT__missing translation__