Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3701-3800 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසංකප්පො. යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසංකප්පො. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි, හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් ආරාධිත සිතැත්තේ නො වෙයි. පිරිපුන් සංකල්ප ඇත්තේ නො වෙයි. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයකින් ම තවුස් තෙම තපස සමාදන් කොට ගනී ද, හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවා ද, හේ ලාභ සත්කාර කීර්තියෙන් ආරාධිත සිතැත්තේ නො වෙයි ද, පිරිපුන් මනෝරථය ඇත්තේ නො වෙයි ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හේ ලාභ සත්කාර කීර්තියෙන් තමා හුවා නො තබයි. මෙරමා හෙලා නො දකී. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයකින් තවුස් තෙම තපස සමාදන් කොට ගනී ද, ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවා ද, හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් තෙම හුවා නො තබා ද, මෙරමා හෙලා නො දකී ද, මෙසේ හෙ තෙම එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති න මුච්ඡති න පමාදමාපජ්ජති. යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති න මුච්ඡති න පමාදමාපජ්ජති. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි, හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත් නො වෙයි, මුසපත් නො වෙයි, පමාවකට නො පැමිණෙයි. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයකින් තවුස් තෙම තපස සමාදන් කොට ගනී ද, හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවා ද, හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත් නො වේ ද, පමාවකට නො පැමිණේ ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. භොජනෙසු න වොදාසං ආපජ්ජති ‘ඉදං මෙ ඛමති, ඉදං මෙ නක්ඛමතී’ති. සො යඤ්ච ඛ්වස්ස නක්ඛමති තං අනපෙක්ඛො පජහති, යං පනස්ස ඛමති තං අගථිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, තව ද තවුස් තෙම තපස සමාදන් කොට ගනී ද, ‘මෙය මට රිසියෙයි, මෙය මට නො රිසියෙයි’ කියා බොජුන්හි දෙකොටසකට බෙදීමට නො පැමිණෙයි ද, තමාට නොරිසි දැය ආශා නැති ව බැහැර කෙරේ ද, තමාට රිසි දැය ගිජු නො වූයේ මුස පත් නො වූයේ, සිතින් එහි නො ගිලුණේ, ආදීනව දක්නා සුලු වූයේ, ප්‍රතිග්‍රහණ ප්‍රත්‍යවේක්‍ෂණ ප්‍රමාණ දන්නේ වළඳා ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී න තපං සමාදියති, ලාභසක්කාරසිලොකනිකන්තිහෙතු ‘සක්කරිස්සන්ති මං රාජානො රාජමහාමත්තා ඛත්තියා බ්රාහ්මණා ගහපතිකා තිත්ථියා’ති. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම ‘රාජ රාජමහාමාත්‍ය ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති තීර්‍ත්‍ථක යන මොවුන් මට සත්කාර කරති’යි ලාභ සත්කාර කීර්තියෙහි ඇලුම් හෙයින් තපස සමාදන් කොට නො ගනී ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී අඤ්ඤතරං සමණං වා බ්රාහ්මණං වා නාපසාරෙතා හොති: කිම්පනායං සම්බහුලාජීවො සබ්බං සම්භක්ඛෙති. සෙය්යථිදං, මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං, අසනිවිචක්කං දන්තකූටං සමණප්පවාදෙනාති, එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම ‘කිමෙක් ද? පසය බහුල කොට ඇති වැ දිවි පවත්වන මේ තෙමේ මූලබීජ, ස්කන්‍ධබීජ, පරුබීජ, අග්‍රබිජ, පස් වනු බීජ බීජ ම දැ යි යන සියල්ල කා දමයි, මොහුගේ දත් (එයට හසු වන සියල්ල සුණුවිසුණු කරන) මහත් හෙන සකක් වැන්න, එහෙත් ශ්‍රමණ නාමයෙන් මොහු හඳුනති’ යි කිසි මහණකු හෝ බමුණකු හෙලා දක්නේ නො වේ ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී පස්සති අඤ්ඤතරං සමණං වා බ්රාහ්මණං වා කුලෙසු සක්කරීයමානං ගරුකරීයමානං මානීයමානං පූජීයමානං. දිස්වා තස්ස න එවං හොති: ඉමඤ්හි නාම සම්බහුලාජීවිං කුලෙසු සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති. මං පන තපස්සිං ලූඛාජීවිං කුලෙසු න සක්කරොන්ති න ගරුකරොන්ති න මානෙන්ති න පූජෙන්තීති, ඉති සො ඉස්සාමච්ඡරියං කුලෙසු අනුප්පාදෙතා හොති, එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුසෙක් කුලයන්හි සත්කාර කරනු ලබන, ගෞරව කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන එක්තරා මහණකු හෝ බමුණකු හෝ දක්නේ ද, දැකීමෙන් “පසය බහුල කොටැති ව දිවි පවත්වන මොහුටත් කුලයන්හි සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පූජා කරත්, රූක්‍ෂ පැවැත්මෙන් දිවි පවත්වන තපස් වූ මට කුලයන්හි සත්කාර නො කරත්, ගරු නො කරත්, බුහුමන් නො කරත්, පූජා නො කරත් යැ” යී ඔහුට මෙසේ සිතෙක් නො වන්නේ ද, මෙසේ හෙ තෙමේ කුලයන් කෙරෙහි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය නො උපදවන්නේ වේ ද, මෙසේ හෝ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී න ආපාතකනිසාදී හොති එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJT__missing translation__
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී න අත්තානං අදස්සයමානො කුලෙසු චරති ‘ඉදම්පි මෙ තපස්මිං, ඉදම්පි මෙ තපස්මින්ති’, එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම “මේත් මගේ තපෝගුණයෙක, මේත් මගේ තපෝගුණයෙකැ”යි තමා දක්වනුයේ කුලයන්හි නො හැසිරෙයි ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී න කිඤ්චිදෙව පටිච්ඡන්නං සෙවති, සො ‘ඛමති තෙ ඉදන්ති?’ පුට්ඨො සමානො අක්ඛමමානං ආහ නක්ඛමතීති. ඛමමානං ආහ ඛමතී ති, ඉති සො සම්පජානමුසා න භාසිතා හොති. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම කිසි දු පිළිසන් තැනක් නො සෙවී ද (කිසි දොසක් සඟොවා ගෙන නො හැසිරෙයි ද), හෙ තෙම ‘මෙය ඔබට කැප ද?’ යි විචාරන ලදුයේ ම, කැප නො වන දැය ‘නො කැප යැ’ යි කියා ද, කැප වන දය ‘කැප යැ’ යි කියා ද, මෙසේ හේ දැන දන මුසවා නො බෙණෙන්නේ ද, මෙපරිද්දෙන් හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තථාගතස්ස වා තථාගතසාවකස්ස වා ධම්මං දෙසෙන්තස්ස සන්තං යෙව පරියායං අනුඤ්ඤෙය්යං අනුජානාති, එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම දහම් දෙසන්නා වූ තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ අනුදත යුතු වූ ම (අනුමෙවියැ යුතු වූ ම) ධර්‍ම කථාව අනුදනී ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී අක්කොධනො හොති අනුපනාහී. යම්පි නිග්රොධ, තපස්සී අක්කොධනො හොති අනුපනාහී, එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම ක්‍රෝධ නො කරන්නේ වෛර නො බඳින්නේ වේ ද, න්‍යග්‍රෝධයෙනි, ‘තවුසා ක්‍රෝධ නො කරන්නේ ය, වෛර නො බඳින්නේ ය’ යන යමෙක් ඇද්ද, මෙසේ එ කරුණෙහි තවුස් තෙම පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී අමක්ඛී හොති අපලාසී -පෙ- අනුස්සුකී හොති අමච්ඡරී -පෙ- අසඨො හොති අමායාවී -පෙ- අත්ථද්ධො හොති අනතිමානී -පෙ- න පාපිච්ඡො හොති න පාපිකානං ඉච්ඡානං වසං ගතො, න මිච්ඡාදිට්ඨිකො හොති න අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො -පෙ- න සන්දිට්ඨිපරාමාසී හොති න ආධානග්ගාහී සුප්පටිනිස්සග්ගී. යම්පි නිග්රොධ, තපස්සී න සන්දිට්ඨිපරාමාසී හොති න ආධානග්ගාහී සුප්පටිනිස්සග්ගී, එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ ගුණමකු නො වේ ද, යුගග්‍රාහී නො වේ ද ... ඊර්‍ෂ්‍යා නො කරන්නේ මසුරු බව් නො කරන්නේ වේ ද ... ශඨ නො වන්නේ වංචා නැත්තේ වේ ද ... තද ගති නැත්තේ අධික මාන නැත්තේ වේ ද ... ලාමක ආශා නැත්තේ ලාමක ආශාවනට වශග නො වූයේ වේ ද ... මිසදිටු නො වනුයේ අන්තග්‍රාහික මිසදිටුයෙන් යුක්ත නො වේ ද ... තමා ගත් දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරනුයේ දැඩි ගැනුම් නැත්තේ පහසුයෙන් බැහැරැ කළ හැකි දෘෂ්ටි ඇත්තේ වේ ද, න්‍යග්‍රෝධයෙනි, මේ තවුස් තෙමේ තමා ගත් දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ ය, දැඩි ගැනුම් නැත්තේ ය, පහසුවෙන් බැහැරැ කට හැකි දෘෂ්ටි ඇත්තේ ය යන යමෙක් ඇද්ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
Pali BJT“තං කිම්මඤ්ඤසි නිග්රොධ? යදි එවං සන්තෙ තපොජිගුච්ඡා පරිසුද්ධා වා හොති අපරිසුද්ධා වා?ති”
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, එය කිමැ යි සිතහි ද? ඉදින් මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පිරිසිදු හෝ වේ ද? අපිරිසිදු හෝ වේ ද?”
Pali BJTඅද්ධා ඛො භන්තෙ, එවං සන්තෙ තපොජිගුච්ඡා පරිසුද්ධා හොති නො අපරිසුද්ධා, අග්ගප්පත්තා ච සාරප්පත්තා චා”ති.
Sinhala BJT“වහන්ස, මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව ඒකාන්තයෙන් පිරිසිදු වෙයි, අපිරිසිදු නො වේ, මුදුන් පැමිණියේ වේ, හරයට පැමිණියේ වේ යැ” යි පිරිවැජියා කී ය.
Pali BJT“න ඛො නිග්රොධ, එත්තාවතා තපොජිගුච්ඡා අග්ගප්පත්තා ච හොති සාරප්පත්තා ච. අපි ච ඛො පපටිකප්පත්තා ව{1} හොතී”ති.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, මෙ තෙකින් තපෝජුගුප්සාව මුදුන් පැමිණියේ ද නො වේ, හරයට පැමිණියේ ද නො වේ. වැලිදු පිට සුඹුලට පැමිණියේ ම වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTපරිසුද්ධත්වප්පත්තකතා - කථා
Sinhala BJTපරිශුද්ධ - ත්‍වක්ප්‍රාප්තකතා - කථාව
Pali BJT12. “කිත්තාවතා පන භන්තෙ, තපොජිගුච්ඡා අග්ගප්පත්තා ච හොති සාරප්පත්තා ච. සාධු මෙ භන්තෙ භගවා තපොජිගුච්ඡාය අග්ගඤ්ඤෙව පාපෙතු, සාරඤ්ඤෙව පාපෙතූ”ති.
Sinhala BJT12. “වහන්ස, තපෝජුගුප්සාව කොතෙකින් මුදුන් පැමිණියේ වේ ද, හරයට පැමිණියේ වේ ද? යාච්ඤා කරම්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට තපෝජුගුප්සාවගේ මුදුන ම දක්වා දම් දෙසන සේක් වා, හරය ම දක්වා දම් දෙසන සේක් වා” යි පිරිවැජි කී ය.
Pali BJT“ඉධ නිග්රොධ, තපස්සී චාතුයාමසංවරසංවුතො හොති. කථඤ්ච නිග්රොධ, තපස්සී චාතුයාමසංවරසංවුතො හොති?
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙමේ චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ කෙසේ නම් චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද? යත්:
Pali BJTඉධ නිග්රොධ, තපස්සී න පාණමතිපාතෙති, න පාණමතිපාතාපයති, න පාණමතිපාතයතො සමනුඤ්ඤො හොති, න අදින්නං ආදියති, න අදින්නං ආදියාපෙති, න අදින්නං ආදියතො සමනුඤ්ඤො හොති, න මුසා භණති, න මුසා භණාපෙති, න මුසා භණතො සමනුඤ්ඤො හොති, න භාවිතමාසිංසති, න භාවිතමාසිංසාපෙති, න භාවිතමාසිංසතො සමනුඤ්ඤො හොති. එවං ඛො නිග්රොධ, තපස්සී චාතුයාමසංවරසංවුතො හොති, යතො ඛො නිග්රොධ, තපස්සී චාතුයාමසංවරසංවුතො හොති, අදුං චස්ස හොති තපස්සිතාය. සො අභිහරති නො හීනායාවත්තති.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙම පණිවා නො කෙරෙයි, පණිවා නො කරවයි, පණිවා කරන්නක්හට නො ම අනුදන්නේ වෙයි. මෙරමා අයත් නො දුන් දෑ නො ගනී, නො දුන් දෑ නො ද ගන්වයි, නො දුන් දැය ගන්නහුට අනුදන්නේ ද නො වෙයි. බොරු නො කිය යි, බොරු නො ද කියව යි, බොරු කියන්නහුට අනුදන්නේ ද නො වෙයි. පස් කම් සුව සෙව්නේ නො වෙයි, පස් කම් ගුණ සෙවවන්නේ නො වෙයි, පස් කම් ගුණ සෙවුනාහට අනුදන්නේ ද නො වෙයි. න්‍යග්‍රෝධයෙනි, මෙසේ තවුස් තෙමේ චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වෙයි. මෙය ඔහුගේ තවුස් බව වෙයි. හේ එය මතුමත්තට ගෙන යෙයි (වඩයි), ගිහි බවට නො පෙරැළෙයි.
Pali BJTසො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති, සබ්බපාණභූතහිතානුකම්පීබ්යාපාදපදොසාචිත්තං පරිසොධෙති, ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති, ආලොකසඤ්ඤී සතො සම්පජානො ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති, අජ්ඣත්තං වූපසන්තචිත්තො උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති, අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති. සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති.
Sinhala BJTහෙ තෙමේ අරණක්, රුක්මුලක්, පව්වක්, කඳුරක්, ගිරි ලෙනක්, සොහොනක්, වනපෙතක්, එළි මහනක්, පිදුරු ගොඩක් යන මේ කිසි විවික්ත වූ යම් සෙනස්නක් බෙපේයි. හේ පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ පසු බත්හි පළක් බැඳ කය ඍජු කොට පිහිටුවා, සිහිය කමටහනට යොමු කොට එළවා හිඳියි. හේ ලොවැ (අත්බව කෙරෙහි) ඇල්ම හැර, (විෂ්කම්භණ ප්‍රහාණ වශයෙන්) පහ වූ අභිධ්‍යාව ඇති සිතින් වෙසෙයි. අභිධ්‍යාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද සංඛ්‍යාත ප්‍රද්වේෂ්ය (ක්‍රෝධය) පහ කොට, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ අනුකම්පා ඇති වැ වෙසෙයි. (විෂ්කම්භණ වශයෙන්) ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යාන මිද්ධය හැර පහ වූ ස්ත්‍යාන මිද්ධය ඇතිව, දව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥා ඇත්තේ, ස්මෘතිමත් වැ, නුවණ ඇති ව, ස්ත්‍යාන මිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චය ද (සිතැ නො සංහුන් බව ද) කුක්කුච්චය ද (කළ නො කළ දැයෙහි පසුතැවිල්ල ද) සිතින් දුරැලා, සංසුන් වූයේ සංහිඳුණු සිත් සතන් ඇත්තේ, උද්ධච්ච කුක්කුච්ච දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව (සැකය) දුරැලා, තිණූ (ඉක්මි) සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ වෙසෙයි, විචිකිච්ඡාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. හේ නුවණ දුබල කරන, සිත කෙලෙසන මේ පංච නීවරණයන් (විෂ්කම්භණ ප්‍රහාණයෙන්) පහ කොට, මෛත්‍රීසහිත සිතින් එක් දිසාවක් පැතිරැගෙන වෙසෙයි. එසේ ම දෙවෙනි දිශාව ද, තෙවෙනි දිශාව ද, සිවුවැනි දිශාව ද, මෛත්‍රී සහිත සිතින් පැතිර වෙසෙයි. මෙසේ උඩ ද යට ද සරස ද යන හැම තන්හි සර්‍වාත්මතායෙන් (තමා හා සම කොට) සර්‍වසත්ත්‍වවත් (සියලු සතුන් ඇති) ලෝකය (හෙවත් මුළු ලොව) (ස්ඵරණ වශයෙන්) විපුල වූ, (භූමි වශයෙන්) මහද්ගත වූ (ආලම්බන වශයෙන්) අප්‍රමාණ වූ ව්‍යාපාද රහිත (දොම්නස් නැති බැවින්) නිදුක් වූ මෛත්‍රී සහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. … කරුණා සහගත සිතින් … මුදිතාසහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පැතිර ගෙන වෙසෙයි, එසේ දෙවෙනි දිශාව ද තෙවෙනි දිශාව ද සිවුවැනි දිශාව ද පැතිරැගෙන වෙසෙයි. මෙසේ උඩ ද යට ද සරස ද හැම තන්හි සර්‍වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ, වෛර නැති දොම්නස් නැති උපේක්‍ෂා සහගත සිතින් පැතිර ගෙන වෙසෙයි.
Pali BJTතං කිම්මඤ්ඤසි නිග්රොධ, යදි එවං සන්තෙ තපොජිගුච්ඡා පරිසුද්ධා වා හොති. නො අපරිසුද්ධා.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, ඉදින් මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පිරිසිදු ද නොහොත් අපිරිසිදු ද?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“අද්ධා ඛො භන්තෙ, එවං සන්තෙ තපොජිගුච්ඡා පරිසුද්ධා හොති නො අපරිසුද්ධා, අග්ගප්පත්තා ච සාරප්පත්තා’චා”ති.
Sinhala BJT“වහන්ස, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් තපෝජුගුප්සාව පිරිසිදු වෙයි, අපිරිසිදු නො වෙයි, අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද වේ” යැ යි පිරිවැජි කී ය.
Pali BJT“න ඛො නිග්රොධ, එත්තාවතා තපොජිගුච්ඡා අග්ගප්පත්තා ච හොති සාරප්පත්තා ච, අපි ච ඛො තචප්පත්තා හොතී”ති.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, මෙ පමණෙකින් තපෝජුගුප්සාව අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද නො වේ ම ය. වැලි එහි පොත්ත බඳු බවට පැමිණියේ වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTපරිසුද්ධඵෙග්ගුපත්තකතා - කථා
Sinhala BJTපරිශුද්ධ ඵල්ගුප්‍රාප්තකතා කථාව
Pali BJT13. “කිත්තාවතා ච ඛො පන භන්තෙ, තපොජිගුච්ඡා අග්ගප්පත්තා ච හොති සාරප්පත්තා ච? සාධු මෙ භන්තෙ භගවා තපොජිගුච්ඡාය අග්ගඤ්ඤෙව පාපෙතු සාරඤ්ඤෙව පාපෙතූ”ති.
Sinhala BJT13. “වහන්ස, කොපමණෙකින් තපෝජුගුප්සාව අග්‍රප්‍රාප්ත සාරප්‍රාප්තත් වේ ද? යාච්ඤා කරම්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට තපෝජුගුප්සාවේ අග ම (දේශනයෙන්) පමුණුවන සේක් වා, හරය ම (දේශනායෙන්) පමුණුවන සේක් වා” යි පිරිවැජි කී ය.
Pali BJT“ඉධ නිග්රොධ, තපස්සී චාතුයාමසංවරසංවුතො හොති. කථඤ්ච පන නිග්රොධ තපස්සී චාතුයාම සංවරසංවුතො හොති. -පෙ- යතො ඛො නිග්රොධ, තපස්සී එවං චාතුයාමසංවරසංවුතො හොති අදුං චස්ස හොති තපස්සිතාය. සො අභිහරති නො හීනායාවත්තති. සො විවිත්තං සෙනාසනං භජති -පෙ- සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා -පෙ- ඵරිත්වා විහරති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාළීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකානි’පි ජාතිසතානි අනෙකානි’පි ජාතිසහස්සානි අනෙකානි’පි ජාතිසතසහස්සානි, අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ: අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො”ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වෙයි. කෙසේ නම් තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද? යත්: ... න්‍යග්‍රෝධයෙනි යම් කලෙක තවුස් තෙම මෙසේ චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද, එය ඔහුගේ තපස්වී බව වෙයි. හෙ තෙම එය වඩ යි, ගිහි බවට පෙරළා නො හැරෙයි: හේ ... විවික්ත සෙනස්නක් බෙජෙයි. හේ සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන මේ පංච නීවරණ දුරුකොට, මෛත්‍රීසහගත සිතින් … පැතිර ගෙන වෙසෙයි. හේ අනේකවිධ පෙරැවුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි: “අසෝ තැනැ මෙනම් ඇති වීමි, මෙගොත් ඇති වීමි, මෙවන් පැහැ ඇත්තෙම් වීමි, මෙවන් අහර ඇත්තෙම් වීමි, මෙ බඳු සුවදුක් විඳුනෙම් වීමි, මෙ තෙක් ආයු සීමා ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත් ඇත්තේතම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු අහර ඇත්තෙම්, මෙසේ සුවදුක් විඳුනෙම්, මෙසේ වූ ආයු ශීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැව, මෙහි උපනිමි’යි. මෙසේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දහයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සිය දහසක් ද නොයෙක් සිය ගණන් ජාතීන් ද නොයෙක් දහස් ගණන් ජාතීන් ද නොයෙක් සිය දහස් ගණන් ජාතීන් ද නොයෙක් සංවර්‍ත කල්ප ද නොයෙක් විවර්‍ත කල්පද නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්ප දැ යි ආකාර සහිත උද්දේස සහිත නොයෙක් වැදෑරුම් පෙරැවුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
Pali BJTතං කිම්මඤ්ඤසි නිග්රොධ, යදි එවං සන්තෙ තපොජිගුච්ඡා පරිසුද්ධා වා හොති අපරිසුද්ධා වා?”ති.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, එය කිමැයි සිතවු ද? ඉදින් මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පිරිසිදු වේ ද? නැත හොත් අපිරිසිදු වේ ද?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“අද්ධා ඛො භන්තෙ, එවං සන්තෙ තපොජිගුච්ඡා පරිසුද්ධා හොති නො අපරිසුද්ධා, අග්ගප්පත්තා ච සාරප්පත්තා චා”ති.
Sinhala BJT“වහන්ස, මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව ඒකාන්තයෙන් පිරිසිදු වෙයි, අපිරිසිදු නො වෙයි, අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද වේ යැ”යි පිරිවැජි කී ය.
Pali BJT“න ඛො නිග්රොධ, එත්තාවතා තපොජිගුච්ඡා අග්ගප්පත්තා ච හොති සාරප්පත්තා ච. අපි ච ඛො ඵෙග්ගුප්පත්තා හොතී”ති.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, මෙතෙකින් තපෝජුගුප්සාව අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද නො වෙයි. වැලි දු එහි එළය පැමිණියේ වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTපරිසුද්ධ අග්ගප්පත්තසාරප්පත්තකතා - කථා
Sinhala BJTපරිශුද්ධ - අග්‍රප්‍රාප්තසාරප්‍රාප්තතා - කථාව
Pali BJT14. “කිත්තාවතා පන භන්තෙ, තපොජිගුච්ඡා අග්ගප්පත්තා ච හොති සාරප්පත්තා ච? සාධු මෙ භන්තෙ භගවා තපොජිගුච්ඡාය අග්ගඤ්ඤෙව පාපෙතු සාරඤ්ඤෙව පාපෙතූ”ති.
Sinhala BJT14. “වහන්ස, කොතෙකින් තපෝජුගුප්සාව අග්‍රප්‍රාප්තත් සාරප්‍රාප්තත් වේ ද? යාච්ඤා කරම්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට තපෝජුගුප්සාවගේ කෙළවර ම සාරය ම (දේශනායෙන්) පමුණුවන සේක් වා” යි පිරිවැජි කී ය.
Pali BJT“ඉධ නිග්රොධ, තපස්සී චාතුයාමසංවරසංවුතො හොති. කථඤ්ච නිග්රොධ තපස්සී චාතුයාමසංවරසංවුතො හොති -පෙ- යතො ඛො නිග්රොධ, තපස්සී චාතුයාමසංවරසංවුතො හොති, අදුං චස්ස හොති තපස්සිතාය. සො අභිහරති නො හීනායාවත්තති. සො විවිත්තං සෙනාසනං භජති -පෙ- සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, මෙත්තාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වෙයි. න්‍යග්‍රෝධයෙනි, කෙසේ නම් තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද? ... යම් විටෙක තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද, එය ඔහුගේ තවුස් බව වේ. හෙ තෙම එය මතු මත්තට ගෙන යයි, ගිහි බවට නො පෙරැළෙයි. හේ ... විවික්ත සෙනස්නක් බෙජෙයි ... සිත කෙලෙසන, නුවණ දුබල කරන, මේ පංව නීවරණයන් ප්‍රහීණ කොට, විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ දොම්නස් රහිත වූ මෛත්‍රී සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් පැතිර ගෙන වෙසෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත ව උද්දේස සහිත ව අනේකවිධ වූ පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
Pali BJTසො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති “ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා, ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා”ති. තං කිම්මඤ්ඤසි නිග්රොධ යදි එවං සන්තෙ තපොජිගුච්ඡා පරිසුද්ධා වා හොති අපරිසුද්ධා වා?”ති.
Sinhala BJTහේ මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මා පැවැති පිරිසිදු දිවැසින් ‘අහෝ, මේ භවත් සත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යෝපවාද කරන්නාහු, මිසදිටු ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදාන ඇත්තෝ වූහ. ඒ මොහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට ස්ථාන වූ, සතුන් විවශ ව පතිත වන තැන වූ නිරයට වන්නාහ. මේ සත්හු වූ කලී කායසුචරිතයෙන් යුක්ත වූවාහු, වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු, මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු, සම්දිට් ඇත්තාහු, සම්‍යග්දෘෂ්ටි විසින් ගත් කර්‍ම සමාදාන ඇත්තාහු ය. ඒ මොහු කාබුන් මරණින් මතු සැපයට ස්ථාන වූ සඟ ලොවට පැමිණියාහ’ යි පහත් වූ ද, උසස් වූ ද, සුරූප වූ ද, විරූප වූ ද, ධනවත් වූ ද, දිළිඳු වූ ද, තම තමන්ගේ කර්‍මයට අනුරූප වැ එළ බැ සිටියා වූ මරණාසන්න වූ ද, එ කෙණෙහි උපන්නා වූ ද, සත්ත්‍වයන් දකියි. න්‍යග්‍රෝධයිනි, එය කිමැයි සිතවු ද? ඉදින් මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පිරිසිදු ද නොහොත් නො පිරිසිදු ද?” යි අසා වදාළ සේක.
Pali BJT“අද්ධා ඛො භන්තෙ, එවං සන්තෙ තපොජිගුච්ඡා පරිසුද්ධා හොති, නො අපරිසුද්ධා, අග්ගප්පත්තා ච සාරප්පත්තා චා”ති.
Sinhala BJT“වහන්ස, මෙසේ ඇති කල්හි තපෝජුගුප්සා ව ඒකාන්තයෙන් පිරිසිදු වේ. අපිරිසිදු නො වේ, අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද වේ” යැ යි පිරිවැජි කී ය.
Pali BJT“එත්තාවතා ඛො නිග්රොධ, තපොජිගුච්ඡා අග්ගප්පත්තා ච හොති සාරප්පත්තා ච. ඉති ඛො නිග්රොධ,{1} යං මං ත්වං අවචාසි: කො නාම සො භන්තෙ භගවතො ධම්මො යෙන භගවා සාවකෙ විනෙති, යෙන භගවතා සාවකා විනීතා අස්සාසප්පත්තා පටිජානන්ති අජ්ඣාසයං ආදිබ්රහ්මචරියන්ති. ඉති ඛො තං නිග්රොධ, ඨානං උත්තරිතරඤ්ච පණීතතරඤ්ච යෙනාහං සාවකෙ විනෙමි, යෙන මයා සාවකා විනීතා අස්සාසප්පත්තා පටිජානන්ති අජ්ඣාසයං ආදිබ්රහ්මචරියන්ති”.
Sinhala BJT“න්‍යග්‍රෝධයිනි, තපෝජුගුප්සාවාදී තීර්‍ත්‍ථකයන්ගේ සමය පරිදි තපෝජුගුප්සාව මෙතෙකින් අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද වේ. න්‍යග්‍රෝධයිනි, ‘යමෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයෝ හික්මවන ලද්දාහු, සතුටට පැමිණියාහු උත්තම නිඃශ්‍රය වූ පැරැණිතම බඹසරක් පිළින කෙරෙද් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්‍මය කවරේ ද?” යි යම් වචනයක් තෙපි මට කිවු ද (යම් ප්‍රශ්නයක් තෙපි මා විචාළහු ද), එහි ලා මා විසින් හික්මවන ලද ශ්‍රාවකයෝ මෙයින් සතුටට පැමිණියම්හ යි උත්තමානිඃශ්‍රය වූ යම් ආදි බ්‍රහ්මචර්‍ය්‍යයක් පිළින කෙරෙත් ද, න්‍යග්‍රෝධයෙනි, මෙසේ ඒ කාරණය මේ ඉහත කී හැමට ම වඩා ශ්‍රේෂ්ඨ ද වඩා උතුම් ද වේ” යැ යි වදාළ සේක.
Pali BJTඑවං වුත්තෙ තෙ පරිබ්බාජකා උන්නාදිනො උච්චාසද්දමහාසද්දා අහෙසුං “එත්ථ මයං අනස්සාම සාචරියකා, එත්ථ මයං පනස්සාම සාචරියකා න මයං ඉතො භිය්යො උත්තරිතරං පජානාමා”ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ඒ පිරිවැජියෝ “මෙහි ආචාර්‍ය්‍යයා සහිත වූ, අපි නටුවම්භ, මෙහි ආචාර්‍ය්‍යයා සහිත වූ අපි වැනසුණම්හ. අපි මෙයට වැඩි තරම් කිසිවක් මෙයට වඩා ශේෂ්ඨ දැයක් නො දන්මහ”යි උද්ඝෝෂවත් වූවාහු උස් භඩ මහ හඩ ඇත්තෝ වූ හ.
Pali BJTනිග්රොධස්ස පජ්ඣායනං
Sinhala BJTන්‍යග්‍රෝධයාගේ ප්‍රධ්‍යානය
Pali BJT15. යදා අඤ්ඤාසි සන්ධානො ගහපති ‘අඤ්ඤදත්ථු ඛො’ දානිමෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතො භාසිතං සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤාචිත්තං උපට්ඨපෙන්තී’ති. අථ නිග්රොධං පරිබ්බාජකං එතදවොච: ඉති ඛො භන්තෙ නිග්රොධ යං මං ත්වං අවචාසි, ‘යග්ඝෙ ගහපති ජානෙය්යාසි කෙන සමණො ගොතමො සද්ධිං සල්ලපති? කෙන සාකච්ඡං සමාපජ්ජති? කෙන පඤ්ඤාවෙය්යත්තියං සමාපජ්ජති? සුඤ්ඤාගාරහතා සමණස්ස ගොතමස්ස පඤ්ඤා, අපරිසාවචරො සමණො ගොතමො, නාලං සල්ලාපාය, සො අන්තමන්තානෙව සෙවති, සෙය්යථාපි නාම ගො කාණා පරියන්තචාරිනී අන්තමන්තානෙව සෙවති. එවමෙව සුඤ්ඤාගාරහතං සමණස්ස ගොතමස්ස පඤ්ඤා, අපරිසාවචරො සමණො ගොතමො, නාලං සල්ලාපාය, සො අන්තමන්තානෙව සෙවති. ඉංඝ ච ගහපති සමණො ගොතමො ඉමං පරිසං ආගච්ඡෙය්ය, එකපඤ්හෙනෙව නං සංසාදෙය්යාම, තුච්ඡකුම්භී’ව නං මඤ්ඤෙ ඔරොධෙය්යාමා”ති. අයං ඛො සො භන්තෙ භගවා අරහං සම්මාසම්බුද්ධො ඉධානුප්පත්තො. අපරිසාවචරං පන නං කරොථ, ගොකාණං පරියන්තචාරිනිං කරොථ, එකපඤ්හෙනෙව නං සංසාදෙථ, තුච්ඡකුම්භී’ව නං මඤ්ඤෙ ඔරොධෙථා”ති.
Sinhala BJT15. සන්‍ධාන ගෘහපති තෙතම යම් විටෙක මේ අන්තොටු පිරිවැජියෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය අසනු කැමැත්තාහ යි, එයට කන් එළවත් යැ යි, දැන ගැන්ම පිණිස සිත යොමු කෙරෙත් යැ යි දැන ගත්තේ ද, එ කල්හි න්‍යග්‍රෝධ පිරිවැජියා අමතා “වහන්ස, න්‍යග්‍රෝධයෙනි, ‘එසේ නම් ගැහැවිය, දනුව. කවරකු හා මහණ ගොයුම් කතාබස් කෙරේ ද? කවරකු හා සාකච්ඡාවට බස්නේ ද? කවරකු හා උතුරු පිළිතුරු කතායෙන් ප්‍රඥාව්‍යක්තතාවට පැමිණේ ද? මහණ ගොයුම්හුගේ ප්‍රඥාව ශුන්‍යයාගාරයන්හි ම නටුයේ ය. මහණ ගොයුම් අවිසාර ද බැවින් පිරිස් මැදට බස්නට නො හැක්කේ ය. ආලාපසංලාපයට සමත් නො වෙයි. කිසිවක් ඇඟැ හැපෙතැයි බියෙන් මඟ හැර යන එකැස් කණ දෙනක මෙන් ප්‍රශ්න අසතැ යි බියෙන් ගමින් බොහෝ දුරැ සෙනසුන් සෙව්නේ ය. එ බැවින් දැන ගනුව ගැහැවිය, මහණ ගොයුම් මේ පිරිසට ආවොත් එක් ප්‍රශ්නයෙන් ම ඔහු යටපත් කරන්නමු. හිස් කළයක් (ඒ මේ අත පෙරළා බැඳ තබන්නාක්) සෙයින් වාද කථායෙන් බැඳ තබන්නමු” යි මෙසේ ඔබ මට යම් වචනයක් කීවෙන් ද, වහන්ස, ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දැන් මෙහි වැඩ ඉන්නා සේක. උන්වන්හසේ පිරිස් මැදට නො බස්නකු කරන්න, මඟැ අයින් වෙවි යන දෙනක වැන්නකු කරන්න. එක් ප්‍රශ්නයෙකින් ම උන්වහන්සේ යටපත් කරන්න, හිස් කළයක් මෙන් උන්වහන්සේ පෙරළා බැඳ තබන්නා යි කී ය.
Pali BJT16. “එවං වුත්තෙ නිග්රොධො පරිබ්බාජකො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
Sinhala BJT16. මෙසේ කී කල්හි න්‍යග්‍රෝධ පිරිවැජි තෙම නිහඬ වූයේ තෙද නැත්තේ, කර බා ගත්තේ, යටට හෙලූ මුහුණ ඇත්තේ, සිතිවිලි සිතනුයේ, කිසිත් වටහාගත නො හැකිව හුන්නේ ය.
Pali BJTඅථ ඛො භගවා නිග්රොධං පරිබ්බාජකං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා නිග්රොධං පරිබ්බාජකං එතදවොච; “සච්චං කිර නිග්රොධ භාසිතා තෙ එසා වාචා”ති.
Sinhala BJTඑ කලැ භාග්‍යවතුන් වහන්සේ න්‍යග්‍රෝධ පිරිවැජියා නිහඬ වැ තෙද නැති වැ කර බා ගත්තකු ව යටට හෙලූ මුහුණ ඇති වැ සිතිවිලි සිතමින් වැටහෙන නුවණක් නැති වැ හුන්නහු දැන, ඔහු බණවා, ‘න්‍යග්‍රෝධයෙනි, සැබෑ ද? තොප ඒ වවන කීවා ද?’ යි අසා වදාළ සේක.
Pali BJT“සච්චං භන්තෙ, භාසිතා මෙ එසා වාචා යථා බාලෙන යථා මූළ්හෙන යථා අකුසලෙනා”ති.
Sinhala BJT“වහන්ස, එවැනි බසක් කියන්නට තරම් ම අඥාන වූ මූඪ වූ අදක්‍ෂ වූ මා විසින් ඒ වචන කියන ලද,” යි පිරිවැජි කී ය.
Pali BJT“තං කිම්මඤ්ඤසි නිග්රොධ, කින්ති තෙ සුතං පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං යෙ තෙ අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, එවං සු තෙ භගවන්තො සංගම්ම උන්නාදිනො උච්චාසද්දමහාසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරිංසු, සෙය්යථිදං රාජ කථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉති වා, සෙය්යථාපි ත්වං එතරහි සාචරියකො? උදාහු එවං සු තෙ භගවන්තො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි, සෙය්යථාපාහං එතරහී?”ති.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි. ඒ කිමැ යි සිතවු ද? කරුණු කියන්නා වූ, වයසින් වැඩී සිටි, මහලු වූ තොපගේ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන්ගේ වචනය තොප විසින් කෙසේ අසන ලද ද? ඉකුත් කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භාග්‍යවත්හු එක් රැස් ව එක් රැස් වැ ඝෝෂවත් ව උස්හඬ මහ හඬ ඇති ව, ඇදුරා සහිත ව, අද තොප කරන නියායෙන් රාජ කථා චෝර කථා ... ඉතිභවාභව කථා ය යන අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදී වුසූහු ද? නොහොත් දැන් මා කරන සෙයින් ඒ භගවත්හු අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, ජනවාත විරහිත, මන්ත්‍රණාදි මිනිසුන්ගේ රහස් ක්‍රියාවනට සුදුසු ව පිහිටි, විවේකයට නිසි වූ, වෙනෙහි දුර සෙනසුන්, වඩාත් දුරැ වූ මනුෂෙයාපචාර විරහිත සෙනසුන් සෙවිත් දැ?”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
Pali BJT“සුතං මෙතං භන්තෙ, පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: ‘යෙ තෙ අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, න එවං සු{1} තෙ භගවන්තො සංගම්ම සමාගම්ම උන්නාදිනො උච්චාසද්දමහාසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉති වා, සෙය්යථාපාහං එතරහි සාචරියකො. එවං සු තෙ භගවන්තො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි සෙය්යථාපි භගවා එතරහී”’ති.
Sinhala BJT“වහන්ස, ඉකුත් කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හු එක් රැස් ව එක් රැස් වැ ඝෝෂවත් ව උස් හඬ මහ හඬ ඇති ව, ඇදුරා සහිත වැ අද මා කරන නියායෙන් රාජ කථා චෝර කථා ... ඉතිභවාභවකථා යන අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදී නො වූසූහ. දැන් භාග්‍යවතුන් වහන්සේ සෙයින් අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, ජනවාත විරහිත, මන්ත්‍රණාදි මිනිසුන්ගේ රහස් ක්‍රියාවනට සුදුසු ව පිහිටි, විවේකයට නිසි වූ, වනයෙහි දුරැ පිහිටි සෙනසුන්, මනුෂෙයාපචාර විරහිත වඩාත් දුරැ සෙනසුන් සෙවිත්” යැ යි මේ පිළිබඳ ව කරුණු කියනු වයෝවෘද්ධ වූ මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය වූ පිරිවැජියන්ගේ මේ වචනය මා විසින් අසන ලද” යි පිරිවැජි කී ය.
Pali BJT“තස්ස තෙ නිග්රොධ, විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: බුද්ධො සො භගවා බොධාය ධම්මං දෙසෙති, දන්තො සො භගවා දමථාය ධම්මං දෙසෙති, සන්තො සො භගවා සමථාය ධම්මං දෙසෙති, තිණ්ණො සො භගවා තරණාය ධම්මං දෙසෙති, පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බානාය ධම්මං දෙසෙතී?”ති.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, විඥ වූ ම මහලු වූ ඒ තොපට, ‘ඒ භගවත් තෙමේ සත්‍යාවබෝධය කෙළේ ම මෙරමාගේ සත්‍යයාවබෝධය පිණිස දහම් දෙසයි, ඒ භගවත් තෙමේ ඉන්‍ද්‍රියදමනයෙන් දාන්ත වූයේ ම අනුන්ගේ ඉන්‍ද්‍රිය දමනය පිණිස දහම් දෙසයි, ඒ භගවත් තෙමේ ශාන්ත වූයේ ම අනුන්ගේ ශාන්තිය පිණිස දහම් දෙසයි, ඒ භගවත් තෙමේ ඕඝතරණය කෙළේ ම අනුන්ගේ ඕඝතරණය පිණිස දහම් දෙසයි, ඒ භාග්‍යවත් තෙමේ කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ ම අනුන්ගේ කෙලෙස් නිවනු පිණිස දහම් දෙසා’ යැ යි මේ සිත නො වී ද?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTබ්රහ්මචරියපරියොසාන-සච්ඡිකිරියා
Sinhala BJT__missing translation__
Pali BJT17. “එවං වුත්තෙ නිග්රොධො පරිබ්බාජකො භගවන්තං එතදවොච: “අච්චයො මෙ භන්තෙ අච්චගමා යථා බාලං යථා මූළ්හං යථා අකුසලං, ස්වාහං එවං භගවන්තං අවචාසිං. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පටිගණ්හාතු ආයතිං සංවරායා”ති.
Sinhala BJT17. මෙසේ වදාළ කල්හි, න්‍යග්‍රෝධ පිරිවැජි තෙම ‘වහන්ස, වරද තෙම යම්සේ බාලයකු, යම්සේ මූඪයකු, යම්සේ අදක්‍ෂයකු ඉක්මැයේ ද (මැඩගෙන යේ ද), එසේ ම වරද බාල වූ මූඪ වූ අදක්‍ෂ වූ මා ඉක්මැ (මැඩගෙන) ගියේ ය. ඒ මම්, භාග්‍යවතුන් වහන්සේට එසේ කීයෙමි. වහන්ස, මගේ මතු සංවරය පිණිස භාග්‍යවතුන් වහන්සේ මගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක් වා (වරද වශයෙන් පිළිගන්නා මට ක්‍ෂමාව දෙන සේක්වා)’ යි කී ය.
Pali BJT“තග්ඝ ත්වං නිග්රොධ, අච්චයො අච්චගමා යථාබාලං යථා මූළ්හං යථා අකුසලං, යො මං ත්වං එවං අවචාසි. යතො ච ඛො ත්වං නිග්රොධ, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තන්තෙ මයං පටිගණ්හාම, වුද්ධි හෙසා නිග්රොධ අරියස්ස විනයෙ, යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජති. අහං ඛො පන නිග්රොධ එවං වදාමි: “එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි: යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්ත වස්සානි.
Sinhala BJT“එ බැවින් න්‍යග්‍රෝධයෙනි, යම් බඳු තෙපි මට එසේ කීහු ද වරද තෙම යම්සේ අනුවණයකු, මුළාවූවකු, අදක්‍ෂයකු ඉක්ම යේ ද, එසේ ම තොප ද ඉක්මා ගියේ ය. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයෙකින් තෙපි වරද වරද වශයෙන් දැක, ධර්‍මය වූ පරිදි එයට පිළියම් කරවු ද, තොප කරන ඒ දැය අපි පිළිගනිමු. න්‍යග්‍රෝධයෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක, එයට ධර්‍මය වූ පරිදි පිළියම් කෙරේ ද, මත්තෙහි සංවරයට පැමිණේ ද, මෙය ආර්‍ය විනයයෙහි වැඩිමෙක. න්‍යග්‍රෝධයෙනි, මම් වූ කලි මෙසේ කියමි: ‘ඇති වරද නො සඟොවන, නැති ගුණ නො පෙන්වන සුලු, ඍජු ස්වභාවය ඇති, සිහි නුවණ ඇති පුරුෂ තෙමේ පැමිණේ වා. මම් උපදෙස් දෙමි, මම් දහම් දෙසමි. මගේ අනුශාසන පරිදි පිළිපදනේ, කුල පුත්තු යමක් පිණිස මැනැවින් ගිහි ගෙන් නික්ම පැවිදි බිම් වදිත් නම්, ඒ නිරුත්තර මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් ඵලය) හෝ මෙ අත්බව්හි ම සත් වසක් ඇතුළත, තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට, ලැබ වසන්නේ ය.
Pali BJTතිට්ඨන්තු නිග්රොධ සත්ත වස්සානි. එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපවයොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති ඡ වස්සානි -පෙ- පඤ්ච වස්සානි -පෙ- චත්තාරි වස්සානි -පෙ- තීණි වස්සානි -පෙ- ද්වෙ වස්සානි -පෙ- එකං වස්සං.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, සත් වසෙක් තිබේ වා. ඇති වරද නො සඟොවන, නැති ගුණ නො පෙන්වන සුලු, ඍජු ස්වභාවය ඇති, සිහි නුවණැති පුරුෂ තෙමේ පැමිණේ වා. මම් උපදෙස් දෙමි, මම් දහම් දෙසමි. මගේ අනුශාසන පරිදි පිළිපදනේ, යමක් පිණිස කුලපුත්තු මැනැවින් ගිහි ගෙන් නික්ම, පැවිදි බිම් වදිත් නම්, ඒ නිරුත්තර මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් ඵලය) හෝ මෙ අත්බව්හි ම ස වසක් තුළ ... පස් වසක් තුළ ... සිවු වසක් තුළ ... තුන් වසක් තුළ ... දෙ වසක් තුළ ... එක් වසක් තුළ තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට, ලැබ වසන්නේ ය.
Pali BJTතිට්ඨතු නිග්රොධ එකං වස්සං. එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්ත මාසානි.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, එක් වසෙක් තිබේ වා. ශඨ නො වූ මායාවී නොවූ ඍජු ජාතික නුවණැති පුරුෂ තෙමේ පැමිණේ වා. මම් අනුශාසන කරමි, මම් දහම් දෙසමි. මගේ අනුශාසන පරිදි පිළිපදනේ, යමක් සඳහා කුලපුත්තු මැනැවින් ගිහි ගෙන් නික්මැ පැවිදි බිම වදිත් නම්, ඒ නිරුත්තර මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් ඵලය) හෝ මේ අත්බව්හි ම සත් මසක් තුළ තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට, ලැබ වසන්නේ ය.
Pali BJTතිට්ඨන්තු නිග්රොධ සත්ත මාසානි -පෙ- ඡ මාසානි -පෙ- පඤ්ච මාසානි -පෙ- චත්තාරි මාසානි -පෙ- තීණි මාසානි -පෙ- ද්වෙ මාසානි -පෙ- එකමාසං -පෙ- අඩ්ඪමාසං.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, සත් මසෙක් තිබේ වා. අශඨ වූ අමායාවී වූ ඍජු ජාතික වූ නුවණැති පුරුෂ තෙමේ පැමිණේ වා. මම් අනුශාසන කරම්, මම් දහම් දෙසමි. මගේ අනුශාසන පරිදි පිළිපදනේ, යමක් සඳහා කුලපුත්තු මැනැවින් ගිහි ගෙන් නික්මැ පැවිදි බිම වදිත් නම්, ඒ නිරුත්තර මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් ඵලය) හෝ මෙ අත්බව්හිම ස මසක් තුළ ... පස් මසක් තුළ ... සිවු මසක් තුළ ... තුන් මසක් තුළ ... දෙ මසක් තුළ ... එක් මසක් තුළ ... අඩ මසක් තුළ තෙමේ ම වෙසෙසි නුවණින් දන පසක් කොට ලැබ වසන්නේ ය.
Pali BJTතිට්ඨතු නිග්රොධ අඩ්ඪමාසො. එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්තාහං.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, අඩ මසෙක් තිබේ වා. අශඨ වූ අමායාවී ඍජු ජාතික විඥ පුරුෂ තෙමේ පැමිණේ වා. මම් අනුශාසන කරමි, මම් දහම් දෙසමි. මා අනුශාසන කළ පරිදි පිළිපදනේ, යමක් පිණිස කුලපුත්තු මොනොවට ම ගිහි ගෙන් නික්ම, පැවිදි බිම වදිත් ද, ඒ නිරුත්තර මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් බව) හෝ මෙ අත්බව්හි ම සතියක් තුළ තෙමේ ම වෙසෙසි නුවණින් දෘන පසක් කොට ලැබ වසන්නේ ය.
Pali BJTපරිබ්බාජකානං පජ්ඣායනං
Sinhala BJT__missing translation__
Pali BJT18. සියා ඛො පන තෙ නිග්රොධ එවමස්ස: අන්තෙවාසිකම්යතා නො සමණො ගොතමො එවමාහා ති. න ඛො පනෙතං නිග්රොධ එවං දට්ඨබ්බං, යො එව තෙ ආචරියො සො එව තෙ ආචරියො හොතු.
Sinhala BJT18. න්‍යග්‍රෝධයෙනි, තමාගේ අතැවැස්සකු කැරැගනු කැමැති වැ මහණ ගොයුම් තෙම මෙසේ කීයේ දෝ හෝ යි තොපට මෙසේ සිතක් විය හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො දත යුතු. යමෙක් තොපගේ ආචාර්‍ය්‍ය වී ද, හේ ම තොප ගේ ආචාර්‍ය්‍ය වේ වා.
Pali BJTසියා ඛො පන තෙ නිග්රොධ එවමස්ස: උද්දෙසා නො චාවෙතුකාමො සමණො ගොතමො එවමාහා ති. න ඛො පනෙතං නිග්රොධ එවං දට්ඨබ්බං. යො එව තෙ උද්දෙසො, සො එව තෙ උද්දෙසො හොතු.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, ‘මහණ ගොයුම්හු අපගේ ධර්‍මතන්ත්‍රෝද්ග්‍රහණයෙන් අප බැහැර කරනු රිසි වැ මෙසේ කියතැ යි තොපට මෙසේ සිතක් වියැ හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත යුතු. තොපගේ යම් ධර්‍මතන්ත්‍ර ඉගැන්මෙක් වේ ද, එය ම තොපගේ ඉගැන්ම වේ වා.
Pali BJTසියා ඛො පන තෙ නිග්රොධ එවමස්ස: ආජීවා නො චාවෙතුකාමො සමණො ගොතමො එවමාහා ති. න ඛො පනෙතං නිග්රොධ එවං දට්ඨබ්බං. යො එව තෙ ආජීවො සො එව තෙ ආජීවො හොතු.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, ‘මහණ ගොයුම්හු අපගේ ජීවිකාවෘත්තියෙන් අප බැහැර කරනු කැමැති ව මෙසේ කියතැ යි තොපට මෙසේ සිතක් විය හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත යුතු. තොපගේ යම් ජීවිකාවෘත්තියෙක් වේ ද එයම තොපගේ ජීවිකාවෘත්තිය වේ වා.
Pali BJTසියා ඛො පන තෙ නිග්රොධ එවමස්ස: යෙ නො ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා සාචරියකානං, තෙසු පතිට්ඨාපෙතුකාමො සමණො ගොතමො එවමාහා ති. න ඛො පනෙතං නිග්රොධ එවං දට්ඨබ්බං අකුසලා චෙව වො ධම්මා{1} හොන්තු අකුසලසඞ්ඛාතා ච සාචරියකානං.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, ‘අකුසල් කොටසට අයත් කොට ඇදුරා සහිත අප විසින් කියන ලද අකුසල් වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් නම්, එහි අප පිහිටුවනු කැමැති ව, මහණ ගොයුම්හු මෙසේ කිය තැ’ යි තොපට මෙසේ සිතක් වියැ හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත යුතු. ඇදුරා සහිත තොප විසින් අකුසල් කොටසට අයත් යැ යි කියන ලද අකුසල් වූ ඒ ධර්‍මයෝ එසේ ම වෙත් වා.
Pali BJTසියා ඛො පන තෙ නිග්රොධ එවමස්ස: යෙ නො ධම්මා කුසලා කුසලසඞ්ඛාතා සාචරියකානං, තෙහි විවෙචෙතුකාමො සමණො ගොතමො එවමාහා ති. න ඛො පනෙතං නිග්රොධ එවං දට්ඨබ්බං, කුසලා චෙව වො ධම්මා හොන්තු කුසලසඞ්ඛාතා ච සාචරියකානං. ඉති ඛ්වාහං නිග්රොධ නෙව අන්තෙවාසිකම්යතා එවං වදාමි, නපි උද්දෙසා චාවෙතුකාමො එවං වදාමි. නපි ආජීවා චාවෙතුකාමො එවං වදාමි, නපි යෙ ච වො ධම්මා{2} අකුසලා අකුසලසඞ්ඛාතා සාචරියකානං තෙසු පතිට්ඨාපෙතුකාමො එවං වදාමි. නපි යෙ ච වො ධම්මා කුසලා කුසලසඞ්ඛාතා සාචරියකානං තෙහි විවෙචෙතුකාමො එවං වදාමි. සන්ති ච ඛො නිග්රොධ අකුසලා ධම්මා අප්පහීණා සංකිලෙසිකා පොනොභවිකා{3} සදරා{4} දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, යෙසාහං පහානාය ධම්මං දෙසෙමි. යථා පටිපන්නානං වො සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වෙපුල්ලත්තඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, “කුසල් කොටසට අයත් කොට ඇදුරා සහිත අප විසින් කියන ලද යම් කුසල් දහම් කෙනෙක් වෙත් නම්, එයින් අප බැහැරැ කරනු කැමැති වැ මහණ ගොයුම්හු මෙසේ කිය තැ’ යි මෙසේ සිතක් තොපට විය හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත යුතු. ඇදුරා සහිත තොපගේ කුසලසංඛ්‍යාත වූ ඒ කුසල් දහම්හු එසේ ම වෙත් වා. න්‍යග්‍රෝධයෙනි, අතැවැසි කැරැගනු කැමැත්තෙන් මෙසේ නො ම කියමි. තොපගේ ඉගැන්මෙන් බැහැරැ කරනු කැමැති ව මෙසේ නො ද කියමි. තොපගේ ජීවිකාවෘත්තියෙන් බැහැර කරනු කැමැති ව මෙසේ නො ද කියමි. ඇදුරා සහිත තොප අකුසල් යැ යි අකුසල් කොටසට ඇතුළත් යැ යි සලකන ලද දහම් හි තොප පිහිටුවනු කැමැති ව මෙසේ නො ද කියමි. ඇදුරා සහිත තොප කුසල් යැ යි කුසල් කොටසට අයත් යැයි පිළිගත් දහම් කෙරෙන් තොප බැහැර කරනු කැමැති ව මෙසේ නො ද කියමි. න්‍යග්‍රෝධයෙනි, යම් කෙනෙකුන්ගේ ප්‍රහාණය පිණිස මම් දහම් දෙසම් ද, සිත් සතන් කෙලෙසන, පුනර්‍භවය පිණිස පවත්නා, කෙලෙස් පෙළුම් සහිත වූ, දුක් විපාක ගෙන දෙන, මතු ජාතිජරාමරණයට ප්‍රත්‍යය වූ (තොප සිත්සතන්හි) අප්‍රහීණ වූ ඒ අකුසල ධර්‍ම කෙනෙක් ඇත් ම ය. යම් සේ පිළිපන් තොපගේ ඒ සිත් කෙලෙසන ස්වභාවයෙන් ප්‍රහීණ වන්නාහු ද, සිත් සතන් පිරිසිදු කරන ධර්‍මයෝ තොප සිත් සතන්හි වැඩෙන්නාහු ද, මාර්‍ගප්‍රඥාවගේ පරිපූර්‍ණත්‍වයත් ඵල ප්‍රඥාවගේ විපුලත්‍වයත් මේ අත්බව්හි ම තුමූ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසවු ද, එසේ වනු පිණිස මම් දහම් දෙසමි.”
Pali BJT19. “එවං වුත්තෙ තෙ පරිබ්බාජකා තුණ්හීභූතා මඞ්කුභූතා පත්තක්ඛන්ධා අධොමුඛා පජ්ඣායන්තා අප්පටිභානා නිසීදිංසු, යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තා. අථ ඛො භගවතො එතදහොසි: සබ්බෙ පි මෙ මොඝපුරිසා ඵුට්ඨා පාපිමතා. යත්ර හි නාම එකස්සපි න එවං භවිස්සති “හන්ද මයං අඤ්ඤාණත්ථම්පි සමණෙ ගොතමෙ බ්රහ්මචරියං චරාම, කිං කරිස්සති සත්තාහො”ති.
Sinhala BJT19. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, මාරයා විසින් මඩනා ලද සිතැත්තාහු යම් සේ ද, එසේ ඒ පිරිවැජියෝ නිහඬ ව, තෙද නැති ව, කර බා ගත්තෝ වැ, බිමට හෙලූ මුහුණු ඇති ව, සිතිවිලි සිතන්නාහු වැටහෙන නුවණ නැතියෝ ව හුන්හ. එ කල, භාග්‍යවතුන් වහන්සේට, ‘එසේ නම් අපි දැනගනු පිණිස නුමුදු මහණ ගොයුම් කෙරෙහි බඹසර කරමු’ යි ‘සත් දින අපිට කවර අපහසුවක් කරන්නේ ද’ යි මෙසේ සිතෙක් යම් ඒ පිරිවැජියන් අතුරෙහි එකකුට දු නො වන්නේද, එ පමණට ම මේ සියලු ම හිස් පුරුෂයෝ පාපි වූ මරහු විසින් ස්පර්‍ග කරන ලදහ’ යි මේ සිත විය.
Pali BJTඅථ ඛො භගවා උදුම්බරිකාය පරිබ්බාජකාරාමෙ සීහනාදං නදිත්වා, වෙහාසං අබ්භුග්ගන්ත්වා, ගිජ්ඣකූටෙ පබ්බතෙ පච්චුට්ඨාසි{5} සන්ධානො පන ගහපති තාවදෙව රාජගහං පාවිසී ති.
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ උදුම්බරිකාවගේ පිරිවැජි අරමැ මෙසේ පරවාදච්ඡේදක ස්වවාද සමුත්‍ථාපක අභීත නාදය පවත්වා, අහස් නැඟ, ගිජුකුළු පව්වෙහි පිහිටි සේක. සන්‍ධාන ගෘහපති එ කෙණෙහි ම රජගහ පුරයට පිවිසියේ ය.
Pali BJTඋදුම්බරිකසුත්තං නිට්ඨිතං දුතියං.
Sinhala BJTදෙවෙනි උදුම්බරික සීහනාද සූත්‍රය නිමියේ ය.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTචක්කවත්තිසුත්තං
Sinhala BJTචක්‍රවර්ති සිංහනාද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා මගධෙසු විහරති මාතුලායං. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ රටැ මාතුලා නුවරැ වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු ඔබට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්‍මය වදාළ සේක:
Pali BJTඅත්තදීපා භික්ඛවෙ, විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. කථඤ්ච පන භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො?
Sinhala BJTමහණෙනි, ආත්මය හෙවත් ලොවී ලොව්තුරා දහම් ද්වීප කොට ඇත්තෝ වැ, ආත්මය ශරණ කොට ඇත්තෝ වැ, අන් සරණයක් අපේක්‍ෂා නො කරන්නෝ වැ, ධර්‍මය ද්වීප කොටැත්තෝ වැ, ධර්‍මය ශරණ කොටැත්තෝ වැ, අන් සරණයක් නැත්තෝ වැ වසවු. මහණෙනි, මහණ තෙම කෙසේ නම් ආත්මය ද්වීප කොටැති වැ, ආත්මය ශරණ කොටැති වැ, අනන්‍ය ශරණ වැ, ධර්‍මය ද්වීප කොටැති වැ, ධර්‍මය ශරණ කොටැති වැ අනන්‍ය ශරණ වැ වෙසේ ද? යත්.
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී -පෙ- චිත්තෙ චිත්තානුපස්සී -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙමේ කයෙහි කායානුපස්සී වැ (කය අනුව බලන්නෙක් වැ), කෙලෙස් තවන වැර ඇති වැ, නුවණින් දන්නේ, එළඹැ සිටි සිහි ඇත්තේ, ලොවෙහි (කයෙහි) අභිධ්‍යාවත් දොම්නසත් බැහැර කොට වෙසෙයි. වේදනාවන්හි වේදනානුපස්සී වැ … සිතෙහි චිත්තානුපස්සී වැ … ධර්‍මයන්හි (සංඥා සංස්කාරයන්හි) ධම්මානුපස්සී වැ කෙලෙස් තවන වැර ඇති වැ, නුවණින් දන්නේ, එළැඹැ සිටි සිහිඇත්තේ, ලොවෙහි (සංඥා සංස්කාර ස්කන්‍ධයන්හි) අභිධ්‍යාව ද දොම්නස ද බැහැරැ කොට වෙසෙයි. මහණෙනි, මෙසේ ම මහණ තෙම ආත්මද්වීප වැ ආත්ම ශරණ වැ අනන්‍ය ශරණ වැ ධර්‍මද්වීප වැ ධර්‍ම ශරණ වැ අනන්‍ය ශරණ වැ වෙසෙයි.
Pali BJTගොචරෙ භික්ඛවෙ, චරථ සකෙ පෙත්තිකෙ විසයෙ. ගොචරෙ භික්ඛවෙ, චරතං සකෙ පෙත්තිකෙ විසයෙ න ලච්ඡති මාරො ඔතාරං, න ලච්ඡති මාරො ආරම්මණං. කුසලානං භික්ඛවෙ, ධම්මානං සමාදානහෙතු එවමිදං පුඤ්ඤං පවඩ්ඪති.
Sinhala BJTමහණෙනි, තමන් සතු වූ, පියාගෙන් තමනට උරුම වැ පැමිණි හැසිරීමට නිසි පෙදෙසෙහි හැසිරෙවු. පියාගෙන් උරුම ව ආ හැසිරීමට නිසි පෙදෙසෙහි හැසිරෙන්නවුන්ගේ සිදුරක් මාර තෙමේ නො දකින්නේ ය, අරමුණක් මාර තෙමේ නො ලබන්නේ ය. මහණෙනි, කුශල ධර්‍ම සමාදන් කොට ගෙන පවත්නා හෙයින් මෙසේ මේ පින් වැඩෙයි.
Pali BJT2. භූතපුබ්බං භික්ඛවෙ, රාජා දළ්හනෙමි නාම අහොසි චක්කවත්තී ධම්මිකො රාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්තරතනානි අහෙසුං, සෙය්යථිදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා අහෙසුං සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන{1} අභිවිජිය අජ්ඣාවසි. අථ ඛො භික්ඛවෙ, රාජා දළ්හනෙමි බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: “යදා ත්වං අම්භො පුරිස පස්සෙය්යාසි දිබ්බං චක්කරතනං ඔසක්කිතං, ඨානා චුතං, අථ මෙ ආරොචෙය්යාසී”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සො පුරිසො රඤ්ඤො දළ්හනෙමිස්ස පච්චස්සොසි. අද්දසා ඛො භික්ඛවෙ, සො පුරිසො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන දිබ්බං චක්කරතනං ඔසක්කිතං ඨානා චුතං. දිස්වාන යෙන රාජා දළ්හනෙමි තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං දළ්හනෙමිං එතදවොච: යග්ඝෙ දෙව ජානෙය්යාසි දිබ්බං තෙ චක්කරතනං ඔසක්කිතං ඨානා චුතන්ති.
Sinhala BJT2. මහණෙනි, පෙරැ වූවක් කියම්. පෙරැ දැහැමි වූ දැහැමින් රජය කරවන්නා වූ, සතර මහ සයුරුහිම් කොටැති (සිවු මහ දිවයින වූ) මුළු පොළොවට අධිපති වූ, සියලු සතුරන් දිනූ, (කිසිවකු විසිනුත් සොලොවාලියැ නො හැකි බැවින්) දනවුහි ස්ථීර බවට පැමිණි, සත් රුවනින් සමන්‍විත දළ්හනේමි නම් වූ සක්විති රජෙක් විය. චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපතිරත්නය, සත්වැනි පරිනායකරත්නය ම යැ යි ඔහුට මේ සත් රුවන් කෙනෙක් වූහ. බාන සුලු නොවූ, මූර්තිමත් වීර්‍ය්‍යය බඳු ශරීර ඇති, පර සෙන් මඩිනු සමත් වූ, දහසකට වැඩි පුත්‍ර කෙනෙක් ඔහුට වූහ. එ සක්විති තෙම සයුරහිම් මෙ මහ පොළොව දඬුවමින් තොර වැ අවියෙන් තොර වැ, දැහැමෙන් සෙමෙන් දිනා අධිපති වැ විසී ය. මහණෙනි, එ කල්හි දළ්හනේමි රජ තෙමෙ හවුරුදු බොහෝ ගණනෙක, හවුරුදු සිය ගණනෙක, හවුරුදු දහස් ගණනෙක ඇවෑමෙන් එක්තරා මිනිසකු බණවා, ‘එම්බා පුරුෂය, යම් විටෙක තෝ දෙව් සක්විති රුවන තුබූ තැනින් ඉවත් වැ සිටියා, තුබූ තැනින් පහ වැ සිටියා දුටුයෙහි වී නම්, එ විටැ මට දන්වව’ යි කී ය. මහණෙනි. එ පුරිස් තෙමෙ ‘එසේ ය දේවයන් වහන්සැ’ යි ම දළ්හනේමි රජු බස් මුදුනින් පිළිගත. මහණෙනි, හේ පුරිස් තෙම බොහෝ හවුරුදු ගණනෙක, බොහෝ හවුරුදු සිය ගණනෙක, බොහෝ හවුරුදු දහස් ගණනෙක ඇවෑමෙන් දෙව් සක්රුවන තුබූ තැනින් ඉවත් වූවා, පහ වැ සිටියැ දිටී ය. දැක, දළ්හනේමි රජු කරා එළඹියේ ය. එළඹ ඔහුට, ‘දේවයන් වහන්ස, දැනැ ගන්න. ඔබගේ දෙව් සක්රුවන ඉවත් විය, තුබූ තැනින් පහ වියැ’ යි සැළ කෙළේ ය.
Pali BJT3. අථ ඛො භික්ඛවෙ, රාජා දළ්හනෙමි ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තෙත්වා{2} එතදවොච: දිබ්බං කිර මෙ තාත කුමාර චක්කරතනං ඔසක්කිතං ඨානා චුතං. සුතං ඛො පන මෙතං ‘යස්ස රඤ්ඤො චක්කවත්තිස්ස දිබ්බං චක්කරතනං ඔසක්කති, ඨානා චවති, න’දානි තෙන රඤ්ඤා චිරං ජීවිතබ්බං හොතී’ති. භුත්තා ඛො පන මෙ මානුසිකා කාමා, සමයො’දානි මෙ දිබ්බෙ කාමෙ පරියෙසිතුං. එහි ත්වං තාත කුමාර ඉමං සමුද්දපරියන්තං පඨවිං පටිපජ්ජ. අහං පන කෙසමස්සුං ඔහාරෙත්වා, කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා, අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී”ති. අථ ඛො භික්ඛවෙ, රාජා දළ්හනෙමි ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජෙ සමනුසාසිත්වා, කෙසමස්සුං ඔහාරෙත්වා, කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා, අගාරස්මා අනගාරියං පබ්බජි.
Sinhala BJT3. මහණෙනි, එ විටැ දළ්හනේමි රජ තෙම දෙටුපුත් කුමරු කැඳවා, ‘දරුව, මගේ දෙව් සක්රුවන ඉවත් වී ල, තුබූ තැනින් පහ වී ල. ‘යම් සක්විති රජක්හුගේ දෙව් සක්රුවන ඉවත් වේ ද, තුබූ තැනින් පහ වේ ද, දැන් එ රජු විසින් බොහෝ කල් ජීවත් විය හැකි නො වේ’යන මෙය මා විසින් අසන ලදී. මිනිසුන් විසින් වින්දැ හැකි කාමයෝ මා විසින් විඳුනා ලදුහ. දැන් මට දිව්‍ය කාම සම්පත් සොයන්නට කල් පැමිණියේ වෙයි. දරුව, කුමාරය, මෙහි එව. මේ මුහුදුහිම් පොළොව තෝ අනුභව කරව. මම් වනාහි කෙහෙ රවුලු බහවා, කසා වත් හැඳ, ගිහි ගෙයින් පැවිදි බිමට වදනෙමි’ යි මෙ බස් පැවැසී ය. මහණෙනි, ඉක්බිති දළ්හනේමි සක්විති තෙමෙ දෙටුපුත් කුමර හට මොනොවට රජයෙහි අනුසැසැ (මෙසේ රජය කරව යි අනුශාසාන කොට), කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි බිම් වන.
Pali BJTසත්තාහපබ්බජිතෙ ඛො පන භික්ඛවෙ, රාජිසිම්හි දිබ්බං චක්කරතනං අන්තරධායි.
Sinhala BJTමහණෙනි, ඒ රාජර්ෂිහු පැවිදි වැ සත් දවස් ගියකලැ දෙව් සක්රුවන අතුරුදහන් විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරො පුරිසො යෙන රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො{1} තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං ඛත්තියං මුද්ධාභිසිත්තං එතදවොච: යග්ඝෙ දෙව ජානෙය්යාසි දිබ්බං චක්කරතනං අන්තරහිතන්ති. අථ ඛො භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො දිබ්බෙ චක්කරතනෙ අන්තරහිතෙ අනත්තමනො අහොසි. අනත්තමනතඤ්ච පටිසංවෙදෙසි. සො යෙන රාජිසි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජිසිං එතදවොච: යග්ඝෙ දෙව ජානෙය්යාසි දිබ්බං චක්කරතනං අන්තරහිතන්ති. එවං වුත්තෙ භික්ඛවෙ, රාජිසි රාජානං ඛත්තියං මුද්ධාභිසිත්තං එතදවොච: ‘මා ඛො ත්වං තාත දිබ්බෙ චක්කරතනෙ අන්තරහිතෙ අනත්තමනො අහොසි, මා අනත්තමනතඤ්ච පටිසංවෙදෙසි න හි තෙ තාත දිබ්බං චක්කරතනං පෙත්තිකං දායජ්ජං, ඉඞ්ඝ ත්වං තාත අරියෙ චක්කවත්තිවත්තෙ වත්තාහි. ඨානං ඛො පනෙතං විජ්ජති යන්තෙ අරියෙ චක්කවත්තිවත්තෙ වත්තමානස්ස තදහුපොසථෙ පණ්ණරසෙ සීසං නහාතස්ස{2} උපොසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතු භවිස්සති සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූර”න්ති.
Sinhala BJTමහණෙනි, එ කල්හි එක්තරා මිනිසෙක් මුදුනැ ලත් අභිෂේක ඇති එ රජු කරා එළැඹියේ ය. එළැඹ මූර්‍ධාභිෂික්ත වූ එ රජහට, ‘දේවයිනි, දැන ගන්න, දෙව් සක්රුවන අතුරුදහන් අතුරුදහන් වී යැ’ සැළ කෙළේ ය. මහණෙනි, ඉක්බිති මූර්‍ධාභිෂික්ත ඒ ක්‍ෂත්‍රිය රාජ තෙම දෙව් සක්රුවන අතුරුදහන් වූ කලැ නො සතුටු සිතැති විය. නො සතුටු සිතැති බව ද දැන්වී ය. හේ රාජර්ෂිහු කරා එළැඹියේ ය. එළැඹ ඔහුට ‘දේවයිනි, දෙව් සක්රුවන අතුරුදහන් වී යැ’ යි සැළ කෙළේ ය. මහණෙනි. මෙසේ කී කල්හි රාජර්ෂි තෙමෙ මූර්‍ධාභිෂික්ත ඒ කැත් රජුහට දරුව, දෙව් සක්රුවන අතුරුදහන් වූ කල්හි නො සතුටු නො වව, නොසතුටු බව නො පළ කරව, දෙව් සක්රුවන තට පියාගෙන් ලැබෙන දෑවැද්දක් නො වේ, ‘දරුව, දැන් තෝ අරී (නිදොස්) සක්විති වත් පුරව, අරී (නිදොස්) සක්විති වත් පුරන, ඒ පණුරැස් පොහෝ දිනැ හිස සෝදා නා, පෙහෙවස් සමාදන් කොට ගෙන, පහයැ මතු මාළට පැමිණ ඉන්නා තාහට දහසක් දැවි ඇති නිම් වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් ම පිරිපුන් දෙව් සක්රුවන පහළ වන්නේ ය යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන යැ’ යි කී ය.
Pali BJT4. “කතමං පන තං දෙව අරියං චක්කවත්තිවත්තන්ති”?
Sinhala BJT4. “දේවයිනි, ඒ අරී (නිදොස්) සක්විති වන කවර යැ?”යි රජ පුළුවුත.
Pali BJT“තෙන හි ත්වං තාත ධම්මං යෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො{3} ධම්මං මානෙන්තො ධම්මං පූජෙන්තො ධම්මං අපචායමානො, ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහස්සු අන්තොජනස්මිං.
Sinhala BJT“දරුව එසේ නම්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ඇසුරු කොට (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම සත්කාර කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම ගරු කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම බුහුමන් කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම පුදමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම යටත් පැවැත්ම දක්වමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ධ්වජයක් සේ පෙරටු කැරැගත්තෙක් වැ, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම කුන්තයක් සේ ඔසොවා ගත්තෙක් වැ (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ආධිපත්‍යය කොට ඇත්තෙක් වැ, (හැම ක්‍රියාවක් දශ කුශලකර්‍ම පථ වශයෙන්ම කරන්නෙක් වැ) (පුත්‍ර දාරාදි) අන්තෝජනයා කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
Pali BJTධම්මං යෙව නිස්සාය -පෙ-
Sinhala BJTධර්‍මය ම ඇසුරු කොට … බලසෙන් කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධානය කරව.
Pali BJTබලකායස්මිං ධම්මං යෙව නිස්සාය ඛත්තියෙසු අනුසුත්තෙසු{4}.
Sinhala BJTධර්‍මය ම ඇසුරු කොට … යටත් වූ අනුයුක්ත ක්‍ෂිත්‍රයයන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
Pali BJTධම්මංයෙව නිස්සාය -පෙ- බ්රාහ්මණගහපතිකෙසු,
Sinhala BJTධර්‍මය ම ඇසුරු කොට … බමුණන් කෙරෙහි ද ගැහැවියන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
Pali BJTධම්මංයෙව නිස්සාය -පෙ- නෙගමජානපදෙසු,
Sinhala BJTධර්‍මය ම ඇසුරු කොට … නියම්ගම්වැසි දනවුවැසි ජනයා කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
Pali BJTධම්මංයෙව නිස්සාය සමණබ්රාහ්මණෙසු,
Sinhala BJTධර්‍මය ම ඇසුරු කොට … මහණුන් කෙරෙහි ද (බාහිත පාපි) බමුණන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
Pali BJTධම්මංයෙව නිස්සාය -පෙ- මිගපක්ඛීසු.
Sinhala BJTධර්‍මය ම ඇසුරු කොට … මෘගපක්‍ෂීන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
Pali BJTමා ච තෙ තාත විජිතෙ අධම්මකාරො පවත්තිත්ථ.
Sinhala BJTදරුව, තගේ රටෙහි අධර්‍මක්‍රියා නොපවත්නා ලෙසට කටුයුතු සලසව.
Pali BJTයෙ ච තෙ තාත විජිතෙ අධනා අස්සු, තෙසඤ්ච ධනමනුප්පදෙය්යාසි{1}
Sinhala BJTදරුව, තා රටෙහි යම් කෙනෙක් ධනය නැත්තාහු ද, ඔවුනට ධනය දෙව.
Pali BJTයෙ ච තෙ තාත විජිතෙ සමණබ්රාහ්මණා මදප්පමාදා පටිවිරතා ඛන්තිසොරච්චෙ නිවිට්ඨා එකමත්තානං දමෙන්ති, එකමත්තානං සමෙන්ති, එකමත්තානං පරිනිබ්බාපෙන්ති. තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡෙය්යාසි පරිඤ්හෙය්යාසි: කිං භන්තෙ කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං කිං අනවජ්ජං, කිං සෙවිතබ්බං කිං න සෙවිතබ්බං, කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය අස්ස, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය අස්සා?”ති. තෙසං සුත්වා යං අකුසලං තං අභිනිවජ්ජෙය්යාසි, යං කුසලං තං සමාදාය වත්තෙය්යාසි.
Sinhala BJTදරුව, තා රටෙහි යම් මහණ බමුණු කෙනෙක් මදයෙන් හා ප්‍රමාදයෙන් වැළැක්කාහු, ක්‍ෂාන්තියෙහි ද සෞරත්‍යෙයෙහි ද (කායික වාචසික සුචරිතයෙහි ද) පිහිටියාහු එක ම තම සිත දමනය කෙරෙත් ද, එකම තම සිත සංහිඳුවත් ද, එක ම තම සිත පිරිනිවත් ද, ඔවුන් කරා කලින් කලැ එළැඹ, “වහන්ස, කුසල් කවර යැ? අකුසල් කවර යැ? වරද කවර යැ? නිවරද කවර යැ? සෙවියැ යුත්ත කවර යැ? නොසෙවියැ යුත්ත කවර යැ? මා කරන කිමෙක් නම් බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස පවත්නේ ද? මා කරන කිමෙක් හෝ බොහෝ කලක් වැඩ පිණිස සුව පිණිස පවත්නේ දැ?” යි නැවත නැවත විචාරව පුන පුනා ප්‍රශ්න කරව. ඔවුන් කී බස් අසා යමෙක් අකුසල් වේ ද, එය බැහැර කරව. යමෙක් කුසල් වේ ද, එය සමාදන් කොට ගෙන පවතුව.
Pali BJTඉදං ඛො තාත අරියං චක්කවත්තිවත්ත”න්ති.
Sinhala BJTදරුව, මේ අරී සක්විතිවත නම් වේ” යැ යි රාජර්ෂි කී ය.
Pali BJT“එවං දෙවා”ති ඛො භික්ඛවෙ රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො රාජිසිස්ස පටිස්සුත්වා අරියෙ චක්කවත්තිවත්තෙ{2} වත්ති. තස්ස අරියෙ චක්කවත්තිවත්තෙ වත්තමානස්ස තදහුපොසථෙ පණ්ණරසෙ සීසං නහාතස්ස උපොසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුරහොසි සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං.
Sinhala BJT“එසේ යැ දේවයිනි”යි කියා ම, මහණෙනි, මුදුනැ අබිසෙස් ලත් ඒ කැත් රජ රාජර්ෂිහට පිළිවදන් දී අරී සක්විති වතෙහි පැවැත්තේ ය. අරී සක්විති වත්හි පවත්නා, ඒ පසොළොස්වක් පුණු පොහෝදා හිස සෝදා නා, සමාදන් කොට ගත් පෙහෙවස් ඇති වැ, පහයැ මතු මහල් තලයට නැංගාවූ ඔහුට දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් දෙව් සක්රුවන පහළ විය.
Pali BJTදිස්වාන රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස එතදහොසි: සුතං ඛො පන මෙතං යස්ස රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස තදහුපොසථෙ පන්නරසෙ සීසං නහාතස්ස උපොසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුභවති. සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං, සො හොති රාජා චක්කවත්තීති. අස්සං නු ඛො අහං රාජා චක්කවත්තී”ති.
Sinhala BJTඑය දැක්මෙන් මූර්‍ධාභිෂික්ත වූ ඒ කැත් රජුහට මේ සිත විය : ‘එ පුණුපොහෝ දින හිස සෝදා නා සමාදන් කොට ගත් පෙහෙවස් ඇති වැ පහයැ මතු මහල් තලයට නැගී හුන්, අරී සක්විති වත්හි පවත්නා මුදුනැ අබිසෙස් ලත් යම් කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් දෙව් සක්රුවන පහළ වේ ද, හෙ තෙමේ සක්විති රජ වේ යැ” යි මෙය මා විසින් අසන ලදී. මම් සක්විති රජ වන්නෙම් දෝ?’ යි යනු ය.
Pali BJT5. අථ ඛො භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො උට්ඨායාසනා, එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වාමෙන හත්ථෙන භිඞ්කාරං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන චක්කරතනං අබ්භුක්කිරි, ‘පවත්තතු භවං චක්කරතනං, අභිවිජිනාතු භවං චක්කරතන’න්ති. අථ ඛො තං භික්ඛවෙ, චක්කරතනං පුරත්ථිමං දිසං පවත්ති, අන්වදෙව රාජා චක්කවත්තී සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යස්මිං ඛො පන භික්ඛවෙ, පදෙසෙ චක්කරතනං පතිට්ඨාසි, තත්ථ රාජා චක්කවත්තී වාසං උපගඤ්ඡි සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යෙ ඛො පන භික්ඛවෙ, පුරත්ථිමාය දිසාය පටිරාජානො, තෙ රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහංසු: එහි ඛො මහාරාජ, ස්වාගතං තෙ මහාරාජ, සකන්තෙ මහාරාජ, අනුසාස මහාරාජා’ති.
Sinhala BJT5. මහණෙනි, ඉක්බිති මූර්‍ධාභිෂික්ත වූ ඒ කැත් රජ තෙම හුනස්නෙන් නැගී, උතුරු සළුව එකස් කොට පෙරෙවැ, වම් අතින් කෙංඩිය ගෙන, ‘භවත් චක්‍රරත්නය පෙරැළේ වා, භවත් චක්‍රරත්නය දිශාවෙන් දිනා ව’ යි දකුණතින් සක්රුවනට දිය ඉස්සේ ය. මහණෙනි, එ කලැ ඒ සක්රුවන පෙර දෙසට පෙරැළිණ. සක්විති රජ ද සිවුරග සෙන් හා එය අනුව ම ගියේ ය. මහණෙනි, යම් පෙදෙසෙක සක් රුවන පිහිටියේ ද, සක්විති රජ එ තන්හි සිවුරඟ සෙන් හා වුසුම් ගත්තේ ය. මහණෙනි, පෙර දෙසැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු සක්විති රජු කරා එළැඹ, ‘මහරජුනි, වඩින්න, මහරජුනි, ඔබ මෙහි වැඩි නියා යහපත. මහරජුනි, මේ සියල්ල ඔබ සතු ය. මහරජුනි, අපට අනුශාසන කරන්නැ’ යි කීහ.
Pali BJTරාජා චක්කවත්තී එවමාහ:
Sinhala BJTඑ විට සක්විති රජ ඔවුන් බණවා,
Pali BJTපාණො න හන්තබ්බො. අදින්නං නාදාතබ්බං කාමෙසුමිච්ඡා න චරිතබ්බා. මුසා න භාසිතබ්බා. මජ්ජං න පාතබ්බං. යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති.
Sinhala BJT“ප්‍රාණවධ නො කටයුතු, අයිනාදන් නො කට යුතු, කාමයන්හි වරදවා නො හැසිරියැ යුතු, මුසවා නො බිණියැ යුතු, මත් පැන් නො පියැ යුතු, තමන් සතු දෑ පරිභෝග කළ පරිදි ම දැහැමෙන් පරිභෝග කරවු” යැ යි මෙසේ කී ය.
Pali BJTයෙ ඛො පන භික්ඛවෙ, පුරත්ථිමාය දිසාය පටිරාජානො තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයුත්තා{1} අහෙසුං.
Sinhala BJTමහණෙනි පෙර දෙසැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු සක්විති රජුට අනුකූල වූහ.
Pali BJTඅථ ඛො තං භික්ඛවෙ, චක්කරතනං පුරත්ථිමං සමුද්දං අජ්ඣොගාහිත්වා පච්චුත්තරිත්වා දක්ඛිණං දිසං පවත්ති -පෙ- අනුයුත්තා අහෙසුං.
Sinhala BJTමහණෙනි, ඉක්බිති සක්රුවන පෙරදිගැ මුහුද වැද ගොඩ නැඟ දකුණු දිගට පෙරැළිණ … දකුණු දිග යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු සක්විති රජුට අනුකූල වූහ.
Pali BJTඅථ ඛො තං භික්ඛවෙ, චක්කරතනං දක්ඛිණං සමුද්දං අජ්ඣොගාහිත්වා පච්චුත්තරිත්වා පච්ඡිමං දිසං පවත්ති, අන්වදෙව රාජා චක්කවත්තී සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යස්මිං ඛො පන භික්ඛවෙ, පදෙසෙ දිබ්බං චක්කරතනං පතිට්ඨාසි, තත්ථ රාජා චක්කවත්තී වාසං උපගඤ්ඡි සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යෙ ඛො පන භික්ඛවෙ, පච්ඡිමාය දිසාය පටිරාජානො, තෙ රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහංසු: එහි ඛො මහාරාජ, ස්වාගතං තෙ මහාරාජ, සකන්තෙ මහාරාජ, අනුසාස මහාරාජා’ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති ඒ සක්රුවන දකුණු දිග මුහුද වැද ගොඩ නැඟ පැසිම් දිගට පෙරැළිණ. එය අනුව ම සක්විති රජ සිවුරඟ සෙන් හා ගියේ ය. මහණෙනි, යම් පෙදෙසෙක දෙව් සක්රුවන පිහිටියේ ද, සක්විති රජ එහි සිවුරඟ සෙන් හා ලැගුම් ගත්තේ ය. මහණෙනි, පැසිම් දිගැ යම් පිළිමලා රජ කෙනෙක් වූහු ද, ඔහු සක්විති රජු කරා එළැඹ, ‘මහරජුනි, වඩින්න. මහරජුනි, ඔබ වැඩි සේ යහපත. මහරජුනි, මේ සියල්ල ඔබ සතු ය. මහරජුනි, අනුශාසනා කරන්නැ’ යි කීහ.
Pali BJTරාජා චක්කවත්තී එවමාහ:
Sinhala BJTඑ විටැ සක්විති රජ,
Pali BJTපාණො න හන්තබ්බො, අදින්නං නාදාතබ්බං, කාමෙසු මිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථා භුත්තඤ්ච භුඤ්ජථා’ති. යෙ ඛො පන භික්ඛවෙ පච්ඡිමාය දිසාය පටිරාජානො, තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයුත්තා{1} අහෙසුං.
Sinhala BJT‘ප්‍රාණවධ නො කළ යුතු, අයිනාදන් නොකළ යුතු, කාමමිථ්‍යාචාර නො කළ යුතු, මුසවා නොබිණියැ යුතු, මත් පැන් නො පියැ යුතු. තමන් පරිභෝග කළ රට එ පරිද්දෙන් ම පරිභෝග කරවු’ යැ යි මෙසේ කී ය. මහණෙනි. පැසිම් දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු ඒ සක්විති රජු අනුව යන්නෝ වූහ.
Pali BJTඅථ ඛො තං භික්ඛවෙ, චක්කරතනං පච්ඡිමං සමුද්දං අජ්ඣොගාහිත්වා පච්චුත්තරිත්වා උත්තරං දිසං පවත්ති, අන්වදෙව රාජා චක්කවත්තී සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යස්මිං ඛො පන භික්ඛවෙ, පදෙසෙ දිබ්බං චක්කරතනං පතිට්ඨාසි, තත්ථ රාජා චක්කවත්තී වාසං උපගඤ්ඡි සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යෙ ඛො පන භික්ඛවෙ, උත්තරාය දිසාය පටිරාජානො තෙ රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහංසු: එහි ඛො මහාරාජ, ස්වාගතං{2} තෙ මහාරාජ, සකන්තෙ මහාරාජ, අනුසාස මහාරාජා’ති. රාජා චක්කවත්තී එවමාහ: පාණො න හන්තබ්බො, අදින්නං නාදාතබ්බං, කාමෙසු මිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිත්තෙන් ඒ සක්රුවන පැසිම් මුහුද වැද ගොඩ නැඟ, උතුරු දෙසට පෙරැළිණ. සක්විති රජ ද එය අනුව ම සිවුරඟ සෙන් හා ගියේ ය. මහණෙනි, යම් පෙදෙසක දෙව් සක්රුවන රැදුණේ ද, සක්විති රජ සිවුරඟ සෙන් හා එහි වාසයට එළැඹියේ ය. මහණෙනි, උතුරු දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද ඔහු සක්විති රජහු කරා එළැඹ, ‘මහරජුනි, වඩින්න. මහරජුනි, ඔබ වැඩි සේ යහපත. මහරජුනි, මෙ හැම ඔබ සතු ය. මහරජුනි, අනුශාසනා කළ මැනවැ’ යි කීහ. සක්විති රජ ඔවුන් බණවා: ‘පණිවා නො කළ යුතු, අයිනාදන් නොකළ යුතු, කාමයන්හි වරදවා නො හැසිරියැ යුතු, මුසවා නොබිණියැ යුතු, මත්පැන් නො පියැ යුතු, වැළඳු පරිදි ම සිය රට වළඳවු’ යැ යි මෙසේ කී ය.
Pali BJTයෙ ඛො පන භික්ඛවෙ, උත්තරාය දිසාය පටිරාජානො තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයුත්තා අහෙසුං.
Sinhala BJTමහණෙනි. උතුරු දෙසැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු නම්, ඔහු සක්විති රජහු අනුවැ යන්නෝ වූහ.
Pali BJT6. අථ ඛො තං භික්ඛවෙ, චක්කරතනං සමුද්දපරියන්තං පඨවිං{3} අභිවිජිනිත්වා තමෙව රාජධානිං පච්චාගන්ත්වා රඤ්ඤො චක්කවත්තිස්ස අන්තෙපුරද්වාරෙ අත්ථකරණප්පමුඛෙ{4} අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසි, රඤ්ඤො චක්කවත්තිස්ස අන්තෙපුරං උපසොභයමානං. -පෙ-
Sinhala BJT6. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ සක්රුවන මුහුදුහිම් පොළොව දිනා, ඒ රජදහනට ම පෙරළා අවුත්, සක්විති රජුහුගේ ඇතොවරු බබලවනුයේ, ඇතොවුර දොරැ යුක්ති පසිඳිනා හලැ අක්දෙරියෙහි අකුර ගැසුවාක් මෙන් සිටියේ ය …
Pali BJTදුතියො පි ඛො භික්ඛවෙ රාජා චක්කවත්තී -පෙ- තතියො පි ඛො භික්ඛවෙ රාජා චක්කවත්තී -පෙ- චතුත්ථො පි ඛො භික්ඛවෙ රාජා චක්කවත්තී -පෙ- පඤ්චමො පි ඛො භික්ඛවෙ රාජා චක්කවත්තී -පෙ- ඡට්ඨො පි ඛො භික්ඛවෙ රාජා චක්කවත්තී -පෙ- සත්තමො පි ඛො භික්ඛවෙ රාජා චක්කවත්තී බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: යදා ත්වං අම්භො පුරිස පස්සෙය්යාසි දිබ්බං චක්කරතනං ඔසක්කිතං ඨානා චුතං, අථ මෙ ආරොචෙය්යාසී’ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සො පුරිසො රඤ්ඤො චක්කවත්තිස්ස පච්චස්සොසි. අද්දසා ඛො භික්ඛවෙ සො පුරිසො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන දිබ්බං චක්කරතනං ඔසක්කිතං ඨානා චුතං. දිස්වාන යෙන රාජා චක්කවත්තී තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං චක්කවත්තිං එතදවොච: යග්ඝෙ දෙව ජානෙය්යාසි දිබ්බන්තෙ චක්කරතනං ඔසක්කිතං ඨානා චුතන්ති.
Sinhala BJTමහණෙනි, දෙවෙනි සක්විති රජ ද … තෙවෙනි සක්විති රජ ද … සතර වැනි සක්විති රජ ද … පස්වැනි සක්විති රජ ද … සවැනි සක්විති රජ ද … සත්වැනි සක්විති රජ ද බොහෝ හවුරුදු ගණනක්, බොහෝ හවුරුදු සිය ගනණක්, බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් එක්තරා මිනිසකු බණවා, ‘හෙම්බා පුරුෂය, තෝ යම් විටෙක දෙව් සක්විති රුවන තුබූ තැනින් ඉවත් වැ සිටියැ, තුබූ තැනින් පහ වැ සිටියැ දුටුයෙහි වී නම්, එවිට මට දන්වව’ යි කී ය. ‘එසේ ය, දේවයිනි’ යි එ රජුහු බස මුදුනින් පිළිගත. මහණෙනි, හේ පුරිස් තෙම බොහෝ හවුරුදු ගණනක්, බොහෝ හවුරුදු සිය ගණනක්, බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් දෙව් සක්රුවන තුබූ තැනින් ඉවත් වූවා, පහ වැ සිටියැ දිටී ය. දැක, සක්විති රජු කරා එළැඹ, ‘දේවයිනි, දැනගන්න, ඔබගේ දෙව් සක්රුවන ඉවත් විය, තුබූ තැනින් පහ වියැ’ යි සැළ කෙළේ ය.
Pali BJT7. අථ ඛො භික්ඛවෙ, රාජා චක්කවත්තී ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තෙත්වා එතදවොච: “දිබ්බං කිර මෙ තාත කුමාර චක්කරතනං ඔසක්කිතං ඨානා චුතං. සුතං ඛො පන මෙ තං යස්ස රඤ්ඤො චක්කවත්තිස්ස දිබ්බං චක්කරතනං ඔසක්කති ඨානා චවති, න’දානි තෙන රඤ්ඤා චිරං ජීවිතබ්බං හොතී’ති. භුත්තා ඛො පන මෙ මානුසිකා කාමා, සමයො’දානි මෙ දිබ්බෙ කාමෙ පරියෙසිතුං. එහි ත්වං තාත කුමාර, ඉමං සමුද්දපරියන්තං පඨවිං පටිපජ්ජ, අහං පන කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී”ති. අථ ඛො භික්ඛවෙ, රාජා චක්කවත්තී ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජෙ සමනුසාසිත්වා, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. සත්තාහපබ්බජිතෙ ඛො පන භික්ඛවෙ, රාජිසිම්හි දිබ්බං චක්කරතනං අන්තරධායි. අථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරො පුරිසො -පෙ- අන්තරහිතන්ති. අථ ඛො භික්ඛවෙ රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො දිබ්බෙ චක්කරතනෙ අන්තරහිතෙ අනත්තමනො අහොසි, අනත්තමනතඤ්ච පටිසංවෙදෙසි. නො ච ඛො රාජිසිං උපසඞ්කමිත්වා අරියං චක්කවත්තිවත්තං පුච්ඡි. සො සමතෙනෙව සුදං ජනපදං පසාසති. තස්ස සමතෙන ජනපදං පසාසතො පුබ්බෙනාපරං ජනපදා න පබ්බන්ති, යථා තං පුබ්බකානං රාජූනං අරියෙ චක්කවත්තිවත්තෙ වත්තමානානං.
Sinhala BJT7. මහණෙනි, එ කලැ සක්විති රජ තෙම දෙටුපුත් කුමරහු බණවා, ‘දරුව, මගේ දෙව් සක්රුවන ඉවත් වී ල, තුබූ තැනින් පහ වී ල. යම් සක්විති රජක්හුගේ දෙව් සක්රුවන ඉවත් වේ ද, තුබූ තැනින් පහ වේ ද, දැන් එ සක්විති රජුහු විසින් බොහෝ කල් ජීවත් වියැ හැකි නො වේ’ යැ යි මෙය මා විසින් අසන ලද. මිනිසුන් විසින් වින්දැයුතු කාමයෝ මා විසින් විඳුනා ලදහ. දැන් දෙව් කම් සැපත් සොයන්නට කල් පැමිණියේ වෙයි. දරුව, කුමාරය, මෙහි එව. මේ මුහුදුහිම් පොළොව තෝ අනුභව කරව. මම් වනාහි කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ, ගිහි ගෙන් පැවිදි බිමට වදනෙමි’ යි කී ය. මහණෙනි, ඉක්බිති සක්විති රජ තෙම දෙටුපුත් කුමරහට රජයෙහි මොනවට අනුසැස, කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ, ගිහි ගෙන් නික්මැ පැවිදි බිම් වනි. මහණෙනි, ඒ රාජර්ෂීහු පැවිදි වැ සතියක් ගිය කලැ දෙව් සක්රුවන අතුරුදහන් විය. මහණෙනි, එකල්හි එක්තරා පුරුෂයෙක් … දෙව් සක්රුවන අතුරුදහන් වී යැ’යි රජහට දැන්වී ය. මහණෙනි, ඉක්බිති මුදුනැ අබිසෙස් ලත් එ කැත් රජ තහෙම දෙව් සක්රුවන අතුරුදහන් වූ කල්හි නො සතුටු විය. නො සතුටු බව පළ කෙළේ ය. එහෙත් රාජර්ෂීහු කරා එළැඹ අරී සක්විතිවත් නො විචාළේ ය. හේ සිය මතයෙන් ම රට පාලනය කෙරෙයි. සිය මතයෙන් ම රට පාලනය කරන ඔහුගේ දනවුහු පසු කලැ අරී සක්විති වත්හි පවත්නා පෙරැසිටි රජුන්ගේ දනවු සෙයින් නො වැඩෙත්.
Pali BJT8. අථ ඛො භික්ඛවෙ, අමච්චා පාරිසජ්ජා ගණකා මහාමත්තා අනීකට්ඨා දොවාරිකා මන්තස්සාජීවිනො සන්නිපතිත්වා රාජානං ඛත්තියං මුද්ධාභිසිත්තං උපසඞ්කමිත්වා එතදවොචුං: “න ඛො තෙ දෙව, සමතෙන සුදං ජනපදං පසාසතො පුබ්බෙනාපරං ජනපදා පබ්බන්ති, යථා තං පුබ්බකානං රාජූනං අරියෙ චක්කවත්තිවත්තෙ වත්තමානානං. සංවිජ්ජන්ති ඛො තෙ දෙව, විජිතෙ අමච්චා පාරිසජ්ජා ගණකා මහාමත්තා අනීකට්ඨා දොවාරිකා මන්තස්සාජීවිනො, මයඤ්චෙව අඤ්ඤෙ ච, යෙ මයං අරියං චක්කවත්තිවත්තං ධාරෙම. ඉඞ්ඝ ත්වං දෙව, අම්හෙ අරියං චක්කවත්තිවත්තං පුච්ඡ, තස්ස තෙ මයං අරියං චක්කවත්තිවත්තං පුට්ඨා බ්යාකරිස්සාමා”ති.
Sinhala BJT8. මහණෙනි, එ කල්හි ඇමැතියෝ ද රාජපර්‍ෂද්හි වූවෝ ද ගණකයෝ ද මහාමාත්‍රයෝ ද බල ඇණිහි සිටුනා හස්ත්‍යාචාර්‍ය්‍යාදිහු ද දොරටුපල්හු ද මන්ත්‍රාජීවිහු (උපදෙස් දෙන්නෝ) ද එක් රැස් ව මූර්‍ධාභිෂික්ත කැත් රජුහු කරා එළැඹ “දේවයිනි, ස්වමතයෙන් රට පාලනය කරන ඔබගේ දනුවුහු පෙරැ සිටි අරී සක්විති වත්හි පැවැති රජුන්ගේ දනවු සෙයින් නො වැඩෙත්. දේවයිනි, යම් බඳු වූ අපිත් අන්‍යයෝත් අරී සක්විති වත් සිත්හිලා දරමෝ ද, එසේ වූ ඇමතියෝ ද රාජපර්‍ෂදට අයත්හු ද ගණකයෝ ද මහාමාත්‍යයෝ ද අනීකස්ථයෝ ද මන්ත්‍රාජීවිහු ද ඔබ රටැ ඇත්හ. එබැවින් දේවයිනි, ඔබ අරී සක්විතිවත් අප විචාරන්න. ඔබ විසින් අරී සක්විති වත් විචාරනු ලැබූ අපි ඔබට එය පවසන්නමෝ වෙ දැ” යි කීහ.
Pali BJTආයුවණ්ණාදිපරිහාණිකථා
Sinhala BJTආයුෂ පිරිහීම පිළිබඳ කථා