Pali BJT17. “චෙතසා චෙතො පරිච්ච විදිතො චෙව මෙ සුනක්ඛත්ත අචෙලො පාථිකපුත්තො අභබ්බො අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස: අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්යා’ති. දෙවතා පි මෙ එතමත්ථං ආරොචෙසුං: අභබ්බො භන්තෙ අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා භගවතො සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස: අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්යා’ති.
Sinhala BJT17. “සුනක්ඛත්තය, අචේලක පාථිකපුත්‍රයා ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැ ලා මා හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැ ලා, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වතොත්, ඔහුගේ හිස ද ගිලිහෙතැ යි මා සිතින් ඔහු සිත පිරිසිඳැ අචේලක පාථිකපුත්‍රයා මා විසින් දන්නා ලද්දේ ය. දේවතා කෙනෙක් ද ‘වහන්ස, අචේලක පාථිකපුත්‍ර තෙමේ ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැලා, භාග්‍යවතුන් වහන්සේ හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැ ලා, ‘මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වතොත් ඔහු හිස ද ගිලි හෙතැ’යි මෙ පවත මට සැළ කළහ.
Pali BJTඅජිතො පි නාම ලිච්ඡවීනං සෙනාපති අධුනා කාලකතො තාවතිංසකායං උපපන්නො. සො පි මං උපසඞ්කමිත්වා එවමාරොචෙසි: ‘අලජ්ජී භන්තෙ අචෙලො පාථිකපුත්තො මුසාවාදී භන්තෙ අචෙලො පාථිකපුත්තො මම්පි භන්තෙ අචෙලො පාථිකපුත්තො බ්යාකාසි වජ්ජිගාමෙ ‘අජිතො ලිච්ඡවී සෙනාපති මහානිරයං උපපන්නො ති. න ඛො පනාහං භන්තෙ මහානිරයං උපපන්නො තාවතිංසකායම්හි උපපන්නො. අලජ්ජී භන්තෙ අචෙලො පාථිකපුත්තො, මුසාවාදී භන්තෙ අචෙලො පාථිකපුත්තො, අභබ්බො ච භන්තෙ අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා භගවතො සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස: අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්යා”ති.
Sinhala BJTලිච්ඡවීන්ගේ අජිත නම් සෙනෙවි ද නොබෝ දවස්හි කලුරිය කෙළේ, තවුදිසා දෙව් ලොවැ උපන්නේ ය. හේ ද මා කරා එළැඹ, “වහන්ස, පාථිකපුත්‍ර අචේලක තෙමෙ මුසාබස් දොඩන්නෙක. වහන්ස, ‘ලිච්ඡවීන්ගේ අජිත නම් සෙනෙවි මහ නිරයට වන්හ’ යි පාථිකපුත්‍ර අචේලක තෙමෙ වැදෑගම්හි මා ඇරැබැ ද දෙඩී ය. වහන්ස, මම් මහ නිරයට නො වනිමි. මම් තවුදිසා දෙව්ලොවැ උපනිමි. වහන්ස, පාථිකපුත්‍ර අචේලක අලජ්ජී යැ, පාථිකපුත්‍ර අචේලක මුසාවාදී යැ, වහන්ස, පාථිකපුත්‍ර අචේලක ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැලා, භාග්‍යවතුන් වහන්සේ හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින්, ‘මම් ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැලා, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතක් වතොත් (එසේ යතොත්), ඔහු හිස ද ගිලිහෙතැ” යි මට සැළ කෙළේ ය.
Pali BJTඉති ඛො සුනක්ඛත්ත, චෙතසා චෙතො පරිච්ච විදිතො චෙව මෙ අචෙලො පාථිකපුත්තො අභබ්බො අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති’ මුද්ධාපි තස්ස විපතෙය්යාති. දෙවතා’පි මෙ එතමත්ථං ආරොචෙසුං අභබ්බො භන්තෙ අචෙලො පාථිකපුත්තෙ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා භගවතො සම්මුඛීභාවං ආගන්තුං. සචෙ’පි’ස්ස එවමස්ස අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්යා’ති. සො ඛො පනාහං සුනක්ඛත්ත, වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන අචෙලස්ස පාථිකපුත්තස්ස ආරාමො තෙනුපසඞ්කමිස්සාමි දිවාවිහාරාය. යස්ස දානි ත්වං සුනක්ඛත්ත ඉච්ඡසි, තස්ස ආරොචෙහී”ති.
Sinhala BJTසුනක්ඛත්තය, මෙසේ මා විසින් අචේලක පාථිකපුත්‍ර තෙමෙ ‘ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැලා මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතක් වතොත් (එසේ එතොත්), ඔහු හිස ද ගිලිහෙතැ’ යි පාථිකපුත්‍ර තෙමේ ඔහු සිත් මා සිතින් පිරිසිඳ මා විසින් ද දන්නා ලද්දේ වෙයි. දේවතා කෙනෙක් ද ‘වහන්ස, අචේලක පාථිකපුත්‍ර තෙමෙ ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැලා, භාග්‍යවතුන් වහන්සේ හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැලා, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වතොත්, (එසේ ම යතොත්) ඔහු හිස ගිලිහෙතැ’ යි ද මට මෙ පවත් සැළ කළහ. සුනක්ඛත්තය, ඒ මම් විසල්පුරැ පිඬු පිණිස හැසිරැ, පසුබත්හි පිඬුපයෙන් පෙරළා ඇක්මුණෙම්, දිවා විහාරය පිණිස, අචේලක පාථිකපුත්‍රයාගේ ආරාමය කරා යන්නෙමි. සුනක්ඛත්තය, දැන තෝ මෙ පවත් යමකුට සළ කරනු රිස්සෙහි නම් ඔහුට සැළ කරව’ යි කීමි.
Pali BJTඉද්ධිපාටිහාරියකථා
Sinhala BJTඍද්ධිප්‍රාතිහාර්‍ය කථා
Pali BJT18. අථ ඛ්වාහං{1} භග්ගව, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසිං. වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන අචෙලස්ස පාථිකපුත්තස්ස ආරාමො තෙනුපසඞ්කමිං දිවාවිහාරාය. අථ ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො තරමානරූපො වෙසාලිං පවිසිත්වා යෙන අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අභිඤ්ඤාතෙ අභිඤ්ඤාතෙ ලිච්ඡවී එතදවොච: එසාවුසො භගවා වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන අචෙලස්ස පාථිකපුත්තස්ස ආරාමො තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අභික්කමථායස්මන්තො අභික්කමථායස්මන්තො. සාධුරූපානං සමණානං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං භවිස්සතී ති.
Sinhala BJT18. භාර්‍ගවය, එ කල්හි මම් පෙර වරුයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන පිඬු පිණිස විසල්පුරට පිවිසියෙමි. විසල්පුරැ පඬු පිණිස හැසිරැ පිණ්ඩපාතයෙන් පෙරළා ඇක්මුණෙම්, පසුබත්හි දිවාවිහරණය පිණිස අචේලක පාථිකපුත්‍රයාගේ ආරාමය කරා ගියෙමි. භාර්‍ගවය, එ කල්හි ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙම වෙළෙවි වෙළෙවි වැ විසල්පුර වැද, ප්‍රකට ප්‍රකට ලිච්ඡවීන් කරා එළැඹියේය. එළැඹ, ‘ඇවැත්නි, තෙල භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ පිඬු පිණිස හැසිරැ, පිණ්ඩපාතයෙන් පෙරළා ඇක්මුණාහු පසුබත්හි දිවාවිහරණ පිණිස අචේලක පාථිකපුත්‍රයාගේ ආරාමය කරා වැඩි සේක. ආයුෂ්මත්නි, එහි යවු. සාධු ස්වභාවය ඇති මහණුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරෙක් වන්නේ යැ’ යි කී ය.
Pali BJTඅථ ඛො භග්ගව, අභිඤ්ඤාතානං අභිඤ්ඤාතානං ලිච්ඡවීනං එතදහොසි: සාධුරූපානං කිර භො සමණානං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං භවිස්සති. හන්ද වත භො ගච්ඡාමා ති.
Sinhala BJTභාර්‍ගවය, එ විටැ ඒ ප්‍රකට ප්‍රකට ලිච්ඡවීනට, ‘සාධුරූප වූ මහණුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරක් වන්නේ ල. භවත්නි, දැන් එහි යම්හ’ යි මේ සිත විය.
Pali BJTඅථ ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙන අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්රාහ්මණමහාසාලා ගහපතිනෙචයිකා නානාතිත්ථියා සමණබ්රාහ්මණා{2} තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අභිඤ්ඤාතෙ අභිඤ්ඤාතෙ නානාතිත්ථියෙ සමණබ්රාහ්මණෙ එතදවොච: එසාවුසො භගවා වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන අචෙලස්ස පාථිකපුත්තස්ස ආරාමො තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අභික්කමථායස්මන්තො අභික්කමථායස්මන්තො. සාධුරූපානං සමණානං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං භවිස්සතී ති. අථ ඛො භග්ගව, අභිඤ්ඤාතානං අභිඤ්ඤාතානං නානාතිත්ථියානං සමණබ්රාහ්මණානං එතදහොසි: සාධුරූපානං කිර භො සමණානං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං භවිස්සති. හන්ද වත භො ගච්ඡාමා”ති.
Sinhala BJTඉක්බිති ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමෙ ප්‍රකට ප්‍රකට නන් තොටු මහණ බමුණන් ද කරා එළැඹැ, ‘ඇවැත්නි, තෙල භාග්‍යවතුන් වහන්සේ විසල් පුරැ පිඬු පිණිස හැසිරැ, පිණ්ඩපාතයෙන් පෙරළා ඇක්මුණාහු, පසුබත්හි දිවාවිහරණය පිණිස අචේලක පාථිකපුත්‍රයාගේ ආරාමයට වැඩි සේක. ආයුෂ්මත්නි, එහි යවු, ආයුෂ්මත්නි, එහි යවු, සාධු ස්වභාවය ඇති මහණුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරෙක් වන්නේ යැ’ යි සැළ කෙළේ ය. භාර්‍ගවය, එ කලැ ඒ ප්‍රකට ප්‍රකට නන්තොටුවනට, මහණබමුණනට ‘භවත්නි, සාධුරූප වූ මහණුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරෙක් වන්නේ ල. භවත්නි, දැන් එහි යම්හ’ යි මේ සිත විය.
Pali BJT19. අථ ඛො භග්ගව, අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ච බ්රාහ්මණමහාසාලා ගහපතිනෙචයිකා නානාතිත්ථියා සමණබ්රාහ්මණා යෙන අචෙලස්ස පාථිකපුත්තස්ස ආරාමො තෙනුපසඞ්කමිංසු. සා එසා භග්ගව, පරිසා හොති{3} අනෙකසතා අනෙකසහස්සා. අස්සොසි ඛො භග්ගව, අචෙලො පාථිකපුත්තො ‘අභික්කන්තා කිර අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී, අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ච බ්රාහ්මණමහාසාලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ච බ්රාහ්මණමහාසාලා ගහපතිනෙචයිකා නානාතිත්ථියා සමණබ්රාහ්මණා, සමණො පි ගොතමො මය්හං ආරාමෙ දිවාවිහාරං නිසින්නො’ති. සුත්වානස්ස භයං ඡම්භිතත්තං ලොමහංසො උදපාදි.
Sinhala BJT19. භාර්‍ගවය, එ කලැ ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු ද, ප්‍රකට ප්‍රකට බමුණු මහසල්හු ද, ගැහැවි මහසල්හු ද, නන් තොටුවෝ ද, මහණබමුණෝ ද පාථිකපුත්‍ර අචේලකයාගේ ආරාමය කරා එළැඹියහ. භාර්‍ගවය, ඒ නොයෙක් සිය ගණන් නොයෙක් දහස ගණන් ජනයා ඇති පිරිසෙක් විය. භාර්‍ගවය, පාථිකපුත්‍ර අචේලක තෙමෙ ‘ප්‍රකට ප්‍රකට ලිච්ඡවීන් ආහ යි, ප්‍රකට ප්‍රකට බමුණු මහසලුන් ද ගැහැවි මහසලුන් ද නන් තොටු මහණබමුණන් ද ආහ’ යි, මහණ ගොයුම්හු ද මා අරමෙහි දිවාවිහාර පිණිස හුන්හ යි ද ඇසී ය. ඇසීමෙන් ඔහුට බිය ද තැති ගැන්ම ද ලොමුදහ ගැන්ම ද උපන.
Pali BJT20. අථ ඛො භග්ගව, අචෙලො පාථිකපුත්තො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො යෙන තින්දුකඛාණුපරිබ්බාජකාරාමො{1} තෙනුපසඞ්කමි. අස්සොසි ඛො භග්ගව, සා පරිසා ‘අචෙලො කිර පාථිකපුත්තො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො යෙන තින්දුකඛාණුපරිබ්බාජකාරාමො තෙනුපසඞ්කන්තො’ති. අථ ඛො භග්ගව, සා පරිසා අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: එහි ත්වං භො පුරිස, යෙන තින්දුකඛාණුපරිබ්බාජකාරාමො යෙන අචෙලො පාථිකපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා අචෙලං පාථිකපුත්තං එවං වදෙහි: අභික්කමාවුසො පාථිකපුත්ත. අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී, අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ච බ්රාහ්මණමහාසාලා ගහපතිනෙචයිකා නානාතිත්ථියා සමණබ්රාහ්මණා, සමණො පි ගොතමො ආයස්මතො ආරාමෙ දිවාවිහාරං නිසින්නො. භාසිතා ඛො පන තෙ එසා ආවුසො පාථිකපුත්ත වෙසාලියං පරිසතිං වාචා: සමණො පි ගොතමො ඤාණවාදො අහම්පි ඤාණවාදො. ඤාණවාදො ඛො පන ඤාණවාදෙන අරහති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙතුං. සමණො චෙ ගොතමො උපඩ්ඪපථං ආගච්ඡෙය්ය, අහම්පි උපඩ්ඪපථං ගච්ඡෙය්යං. තෙ තත්ථ උභො පි උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෙය්යාම. එකං චෙ සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, ද්වාහං කරිස්සාමි. ද්වෙ චෙ සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියානි කරිස්සති, චත්තාරාහං කරිස්සාමි. චත්තාරි චෙ සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියානි කරිස්සති, අට්ඨාහං කරිස්සාමි. ඉති යාවතකං සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, තන්දිගුණං තන්දිගුණාහං කරිස්සාමී”ති. අභික්කමස්සෙව{2} ඛො ආවුසො පාථිකපුත්ත උපඩ්ඪපථං. සබ්බපඨමං යෙව ආගන්ත්වා සමණො ගොතමො ආයස්මතො ආරාමෙ දිවාවිහාරං නිසින්නො’ති.
Sinhala BJT20. ‘භාර්‍ගවය, එ කලැ වනාහි අචේලක පාථිකපුත්‍ර තෙමේ බිය පත් වූයේ, බියෙන් කලකිරුණේ, උපන් ලොමුදහ ගැනුම් ඇත්තේ, තින්‍දුඛාකණු පරිව්‍රාජකයාගේ (තිඹිරිකණු පිරිවැජ්ජාගේ) ආරාමය කරා ගියේ ය. භාර්‍ගවය, අචේලක පාථිකපුත්‍ර තෙමේ බිය පත්තේ, බියෙන් කලකිරුණේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, තිඹිරිකණු පිරිවැජ්ජාගේ ආරාමය කරා ගියේ ලැ’ යි ඒ පිරිස ඇසූහු ම ය. භාර්‍ගවය, ඉක්බිති එ පිරිස එක් පුරුෂයකු බණවා, ‘භවත් පුරුෂය, මෙහි එව, තිඹිරිකණු පිරිවැජ්ජාගේ අරමට, අචේලක පාථිකපුත්‍රයා වෙතට යා. ගොස්, අචේලක පාථිකපුත්‍රයාට, ‘ඇවැත් පාථිකපුත්‍රයෙනි, නැඟී එවු. ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු ඔබ අරමැ රැස් වූහ. ප්‍රකට ප්‍රකට බමුණු මහසල්හු ද ගැහැවි මහසල්හු ද නන්තොටුවෝ ද මහණබමුණෝ ද (ඔබ අරමැ) රැස් වූහ. මහණ ගොයුම්හු ද ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණය පිණිස අවුත් උන්හ. ඇවැත් පාථිකපුත්‍රයෙනි, විසල්පුරැ පිරිස් මැදැ දී ඔබ විසින් “මහණ ගොයුම් ඥානවාද ඇත්තේ ය, මම් ද ඥානවාද ඇතියෙමි. ඥානවාද ඇත්තේ ඥානවාද ඇත්තකු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේ ය. මහණ ගොයුම් වාද පිණිස අඩ මඟක් එන්නේ නම්, මමත් අඩ මඟක් ඉදිරියට යන්නෙමි. එහිදී ඒ අපි දෙ දෙනා ම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නමු. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් එක් ඉදු පෙළහරක් කරන්නේ නම්, මම් ඉදු පෙළහර දෙකක් කරන්නෙමි. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දෙකක් කරන්නේ නම්. මම් සතරක් කරන්නෙමි, මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්නේ නම්, මම් අටක් කරන්නෙමි. මෙසේ මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් යම් පමණ පෙළහර කරන්නේ ද, මම් එමෙන් දෙගුණ දෙගුණ ඉදු පෙළහර කරන්නෙමි” යි මෙ තෙපුල් කියන ලද්දේ ය. “ඇවැත් පාථිකපුත්‍රයිනි, අඩ මඟක් නැඟී එවු. හැමට පළමු ම මහණ ගොයුම්හු අවුත්, ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණය පිණිස ඉන්නාහ’ යි මෙසේ කියව” යි කියා යැවූහ.
Pali BJT“එවං භො”ති ඛො භග්ගව, සො පුරිසො තස්සා පරිසාය පටිස්සුත්වා යෙන තින්දුකඛාණුපරිබ්බාජකාරාමො යෙන අචෙලො පාථිකපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අචෙලං පාථිකපුත්තං එතදවොච: අභික්කමාවුසො පාථිකපුත්ත, අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ච බ්රාහ්මණමහාසාලා ගහපතිනෙචයිකා නානාතිත්ථියා සමණබ්රාහ්මණා. සමණොපි ගොතමො ආයස්මතො ආරාමෙ දිවාවිහාරං නිසින්නො. භාසිතා ඛො පන තෙ එසා ආවුසො පාථිකපුත්ත වෙසාලියං පරිසතිං වාචා: සමණො පි ගොතමො ඤාණවාදො අහම්පි ඤාණවාදො. ඤාණවාදො ඛො පන ඤාණවාදෙන අරහති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙතුං -පෙ- ඉති යාවතකං සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති තන්දිගුණං තන්දිගුණාහං කරිස්සාමී”ති. අභික්කමස්සෙව ඛො ආවුසො පාථිකපුත්ත උපඩ්ඪපථං. සබ්බපඨමං යෙව ආගන්ත්වා සමණො ගොතමො ආයස්මතො ආරාමෙ දිවාවිහාරං නිසින්නො”ති.
Sinhala BJTභාර්‍ගවය, ‘එසේ යැ භවත්නි’ යි කියා ම ඒ පුරුෂ තෙම එ පිරිසට පිළිවදන් දී, තිඹිරිකණු පිරිවැජ්ජාගේ අරම කරා, අචේලක පාථිකපුත්‍රයා වෙතට ගියේ ය. ගොස් ඔහු බණවා, ‘ඇවැත් පාථිකපුත්‍රයිනි, නැඟී එවු. ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු ද අවුත් රැස් වූවාහු වෙත්, ප්‍රකට ප්‍රකට බමුණු මහසල්හු ද ගැහැවි මහසල්හු ද නන් තොටුවෝ ද මහණබමුණෝ ද අවුත් රැස් වූවාහු වෙත්. මහණ ගොයුම්හු ද ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණය පිණිස අවුත් උන්නාහු වෙත්. ඇවැත්නි, ඔබ විසින් විසල්පුරැ පිරිස් මැදැ දී ‘මහණ ගොයුම් ද ඥානවාද ඇත්තේ ය, මම් ද ඥානවාද ඇත්තෙමි. ඥානවාද ඇත්තේ වූ කලි ඥානවාද ඇත්තක්හු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේ ය, මෙසේ යම් පමණ මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නේ ද, එමෙන් දෙගුණ දෙගුණ මම් ඉදු පෙළහර කරන්නෙමි යි මේ තෙප්ල කියන ලද්දේ ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, අඩ මඟක් නැඟී එවු. හැමට පෙරාතු ව ම මහණ ගොයුම්හු අවුත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණ පිණිස ඉන්නාහු වෙති” යි කී ය.
Pali BJT21. එවං වුත්තෙ භග්ගව, අචෙලො පාථිකපුත්තො ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති. න සක්කොති ආසනාපි වුට්ඨාතුං. අථ ඛො භග්ගව, සො පුරිසො අචෙලං පාථිකපුත්තං එතදවොච: කිංසු නාම තෙ ආවුසො පාථිකපුත්ත පාවළා{1} සු නාම තෙ පීඨකස්මිං අල්ලීනා පීඨකංසු නාම තෙ පාවළාසු අල්ලීනං? ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනා පි වුට්ඨාතුන්ති. එවම්පි ඛො භග්ගව, වුච්චමානො අචෙලො පාථිකපුත්තො ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනා පි වුට්ඨාතුං. යදා ඛො සො භග්ගව පුරිසො අඤ්ඤාසි ‘පරාභූතරූපො අයං අචෙලො පාථිකපුත්තො, ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති. න සක්කොති ආසනාපි වුට්ඨාතුන්ති, අථ තං පරිසං ආගන්ත්වා එවමාරොචෙසි: පරාභූතරූපො භො අයං අචෙලො පාථිකපුත්තො. ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනාපි වුට්ඨාතුන්ති.
Sinhala BJT21. භාර්‍ගවය, ඔහු මෙසේ කී කලැ පාථිකපුත්‍ර අචේලක තෙමේ ‘ඇවැත්නි එමි, ඇවැත්නි, එමි’ යි කියා එතැන ම ගැලී, ඒ මේ අතට සැලෙයි. හුන තැනින් නැඟෙන්නට ද නො හැකි වෙයි. භාර්‍ගවය, ඉක්බිති ඒ පුරුෂ තෙමේ අචේලක පාථිකපුත්‍රයාට, “ඇවැත් පාථික පුත්‍රයෙනි, කිමෙක් ද? ඔබේ හිද්මඇට හුන් තැනැ ඇලුණේ ද? ඔබ හුන් තැන හෝ ඔබේ හිද්මඇටෙහි ඇලුණේ ද? ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි කියා ඔහි ම ගැලී ඒ මේ අතට සැලෙති. හුනස්නෙන් නැඟෙන්නට දු නොහැකි වෙති” යි කීය. භාර්‍ගවය, අචේලක පාථිකපුත්‍ර තෙමේ මෙසේ කියනු ලබන්නේ ද, ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි කියා එහි ම ගැලී ඒ මේ අතට සැලෙයි, හුනස්නෙනුදු නැංග නො හෙයි. ඒ පුරුෂ තෙම “මේ අචේලක පාථිකපුත්‍රයා පැරැදුණු සැහැවි (හෝ නටුවාවු සැහැවි) ඇත්තේ ය: ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ කියා එහි ම ගැලී ඒ මේ අත සැලෙයි. හුනස්නෙනුදු නො නැංග හේ’ යැ යි යම් විටෙක දැනගත්තේ ද, එ විට ඒ පිරිස කරා අවුත්, ‘භවත්නි, මේ අචේලක පාථිකපුත්‍ර පැරැදුණු සැහැවි ඇත්තේ ය, ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි එතැනැ මැ ගැලී ඒ මේ අත සැලෙයි. හුනස්නෙනුදු නො නැංග හේ’ යැ යි මෙසේ සැළ කෙළේ ය.
Pali BJTඑවං වුත්තෙ අහං භග්ගව, තං පරිසං එතදවොචං: අභබ්බො ඛො ආවුසො, අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්යා”ති.
Sinhala BJTභාර්‍ගවය, ඔහු මෙසේ කී කල්හි, මම් ඒ පිරිස බණවා, ‘ඇවැත්නි, අචේලක පාථිකපුත්‍ර තෙමෙ ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැරැ නො කොට, මා හමුවට එන්නට නො සුදුසු ය. ඉදින් ඔහුට, ‘මම් ඒ තෙප්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැර නො කොට, මහණ ගොයුම්හු හමුවට යන්නෙමි’ යි මෙසේ සිතෙක් වන්නේ නම, ඔහුගේ හිස ද ගිලිහෙන්නේ යැ’ යි මෙ පවත් කීමි.
Pali BJTපඨමභාණවාරො නිට්ඨිතො.
Sinhala BJTපළමු බණවර නිමියේ ය.
Pali BJT22. අථ ඛො භග්ගව, අඤ්ඤතරො ලිච්ඡවි මහාමත්තො උට්ඨායාසනා තං පරිසං එතදවොච: තෙන හි භො මුහුත්තං තාව ආගමෙථ යාවාහං ගච්ඡාමි. අප්පෙවනාම අහම්පි සක්කුණෙය්යං අචෙලං පාථිකපුත්තං ඉමං පරිසං ආනෙතුන්ති. අථ ඛො සො භග්ගව, ලිච්ඡවි මහාමත්තො යෙන තින්දුකඛාණුපරිබ්බාජකාරාමො යෙන අචෙලො පාථිකපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා අචෙලං පාථිකපුත්තං එතදවොච. අභික්කමාවුසො පාථිකපුත්ත, අභික්කන්තං තෙ සෙය්යො, අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී -පෙ- සමණො පි ගොතමො ආයස්මතො ආරාමෙ දිවාවිහාරං නිසින්නො. භාසිතා ඛො පන තෙ එසා ආවුසො පාථිකපුත්ත වෙසාලියං පරිසතිං වාචා ‘සමණො පි ගොතමො ඤාණපාදො -පෙ- තංදිගුණං තංදිගුණාහං කරිස්සාමීති. අභික්කමස්සෙව ඛො ආවුසො පාථිකපුත්ත උපඩ්ඪපථං. සබ්බපඨමඤ්ඤෙව ආගන්ත්වා සමණො ගොතමො ආයස්මතො ආරාමෙ දිවාවිහාරං නිසින්නො භාසිතා ඛො පනෙසා ආවුසො පාථිකපුත්ත, සමණෙන ගොතමෙන පරිසතිං වාචා: ‘අභබ්බො ඛො අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස අහං තං වාචං අප්පහාය -පෙ- සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධං පි තස්ස විපතෙය්යා’ති. අභික්කමාවුසො පාථිකපුත්ත, අභික්කමනෙනෙව තෙ ජයං කරිස්සාම, සමණස්ස ගොතමස්ස පරාජයන්ති.”
Sinhala BJT22. භාර්‍ගවය, එ කලැ එක්තරා ලිච්ඡවී මහ ඇමැත්තෙක් හුනස්නෙන් නැඟ, ඒ පිරිස අමතා, “භවත්නි, එසේ වී නම්, මා ගොස් එන තාක් තව මොහොතක් බලවු. මමත් ගොස් අචේලක පාථිකපුත්‍රයා මෙ පිරිස කරා ගෙන එන්නට හැකි වීම් නම්, ඒ ඉතා යෙහෙකැ” යි කීය. භාර්‍ගවය, ඉක්බිති ඒ ලිච්ඡවී මහ ඇමැත්තා තිඹිරිකණු පිරිවැජියා අරමට, අචේලක පාථිකපුත්‍රයා වෙතට ගියේ ය. ගොස් ඔහු අමතා, ‘ඇවැත් පාථිකපුත්‍රයෙනි, නැඟී එන්න. ඔබ නැඟී ආවොත් ඒ මැනැව. ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු අවුත් රැස් වැ උන්නාහ ... මහණ ගොයුම්හු ද ආයුෂ්මතතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණ පිණිස හුන්හ. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, ‘මහණ ගොයුම් ද ඥානවාද ඇත්තේ ය, මම් ද ඥානවාද ඇත්තෙමි ... මම් එ මෙන් දෙගුණයක් දෙගුණයක් ඉදු පෙළහර කරන්නෙමි’ යි විසල් පුරැ පිරිසෙහි මේ තෙප්ල ඔබ විසින් කියන ලද ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, අඩමඟක් නැඟී එන්න. මහණ ගොයුම්හු හැමට පළමු ම අවුත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණ පිණිස හුන්හ. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, ‘අචේලක පාථිකපුත්‍රයා ඒ වචනය නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැර නො කොට මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ඔහුට, ‘එ වචන නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැර නො කොට මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වුවොත් ඔහු හිස ද ගිලිහෙතැ’ යි මහණ ගොයුමන් විසින් පිරිස මැදැ මේ වචනය කියන ලද ම ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, නැඟී එන්න. නැඟී ඊම් පමණින් ඔබට ජය ලබවන්නමු, මහණ ගොයුමනට පරාජය කරන්නමු” යි මෙ තෙපුල් කීය.
Pali BJTඑවං වුත්තෙ භග්ගව, අචෙලො පාථිකපුත්තො ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනා පි වුට්ඨාතුං. අථ ඛො භග්ගව, ලිච්ඡවී මහාමත්තො අචෙලං පාථිකපුත්තං එතදවොච: කිං සු නාම තෙ ආවුසො පාථිකපුත්ත, පාවළා සු නාම තෙ පීඨකස්මිං අල්ලීනා, පීඨකං සු නාම තෙ පාවළාසු අල්ලීනං? ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පසි, න සක්කොසි ආසනා පි වුට්ඨාතුන්ති.
Sinhala BJTභාර්‍ගවය, ඔහු එසේ කී කල්හි අචේලක පාථිකපුත්‍ර ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි කියා එහි ම ගැලී සැලෙයි. හුනස්නෙනුදු නො නැංග හෙයි. භාර්‍ගවය, එ කල්හි ලිච්ඡවී මහ ඇමැති අචේලක පාථිකපුත්‍රයා බණවා “කිමෙක් ද ඇවැත්නි පාථිකපුත්‍රයෙනි, ඔබ හිද්මඇට හුන්තැන්හි ඇලී ගත්තේ ද? නැත හොත් හුන් තැන ඔබ හිද්මෙහි ඇලීගත්තේ ද? ‘එමි ඇවැත්නි, එමි ඇවැත්නි’ යි කියා එහි ම ගැලී සැලෙති, හුන් තැනිනුදු නො නැංග හෙති” කී ය.
Pali BJTඑවම්පි ඛො භග්ගව, වුච්චමානො අචෙලො පාථිකපුත්තො ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනාපි වුට්ඨාතුං. යදා ඛො සො භග්ගව, ලිච්ඡවි මහාමත්තො අඤ්ඤාසි පරාභූතරූපො අයං අචෙලො පාථිකපුත්තො, ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනාපි වුට්ඨාතුන්ති. අථ තං පරිසං ආගන්ත්වා එවමාරොචෙසි: පරාභූතරූපො භො අචෙලො පාථිකපුත්තො, ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනා පි වුට්ඨාතුන්ති.
Sinhala BJTභාර්‍ගවය, මෙසේ කියනු ලබනුයේ ද අචේලක පාථිකපුත්‍ර ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි එහිම ගැලී සැලෙයි. හුනස්නෙනුදු නො නැංගැ හෙයි. භාර්‍ගවය, ඒ ලිච්ඡවී මහමැති තෙමෙ ‘මේ අචේලක පාථිකපුත්‍ර පැරැදුණු සැහැවි ඇතියේ ය. ‘එමි ඇවැත්නි, එමි ඇවැත්නි’ යි එහි ම ගැලී සැලෙයි, හුනස්නෙනුදු නො නැංගැ හේ’ යැ යි දත් කෙණෙහි ම ඒ පිරිස කරා අවුත් භවත්නි, අචේලක පාථික පුත්‍ර පැරැදුණු සැහැවි ඇත්තේ, ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි එහි ම ගැලී සැලෙයි, හුනස්නෙන් නො නැංග හේ’ යැ යි සැළ කෙළේ ය.
Pali BJT23. එවං වුත්තෙ අහං භග්ගව, තං පරිසං එතදවොචං: අභබ්බො ඛො ආවුසො අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය -පෙ- මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස: අහං තං වාචං අප්පහාය -පෙ- සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති මුද්ධා පි තස්ස විපතෙය්ය. සචෙ පායස්මන්තානං ලිච්ඡවීනං එවමස්ස: ‘මයං අචෙලං පාථිකපුත්තං වරත්තාහි බන්ධිත්වා ගොයුගෙහි ආවිඤ්ජෙය්යාමා’ති{1}, තා වරත්තා ඡිජ්ජෙරං පාථිකපුත්තො වා. අභබ්බො අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය -පෙ- සචෙ පි’ස්ස එවමස්ස ‘අහං තං වාචං අප්පහාය -පෙ- සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති මුද්ධා පි තස්ස විපතෙය්යා”ති.
Sinhala BJT23. භාර්‍ගවය, ඔහු එසේ කී කලැ මම් ඒ පිරිස අමතා, “ඇවැත්නි, අචේලක පාථිකපුත්‍ර ඒ තෙප්ල නො හැරපියා ... මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො හැරපියා ... මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වතොත්, ඔහු හිස ද ගිලිහෙන්නේ ය. ඉදින් ආයුෂ්මත් ලිච්ඡවීනට ‘අපි අචේලක පාථිකපුත්‍රයා වර පටින් බැඳ ගොනුන් යෙදූ වියෙන් ඇද ගෙන එන්නමු’ යි මෙසේ සිතක් වතොත්, ඒ වරපට සිඳෙන්නේ ය. බන් තැනින් පාථිකපුත්‍ර හෝ බිඳී වෙන් වන්නේ ය. හේ තෙප්ල හො හැරපියා … මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ‘මම් ඒ තෙප්ල නො හැරපියා … මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතක් වතොත් ඔහුගේ හිස ද ගිලිහේනේ යැ’ යි කීමි.
Pali BJTඅථ ඛො භග්ගව, ජාලියො දාරුපත්තිකන්තෙවාසී උට්ඨායාසනා තං පරිසං එතදවොච: තෙන හි භො මුහුත්තං තාව ආගමෙථ යාවාහං ගච්ඡාමි, අප්පෙවනාම අහම්පි සක්කුණෙය්යං අචෙලං පාථිකපුත්තං ඉමං පරිසං ආනෙතුන්ති. අථ ඛො භග්ගව, ජාලියො දාරුපත්තිකන්තෙවාසී යෙන තින්දුකඛාණුපරිබ්බාජකාරාමො යෙන අචෙලො පාථිකපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අචෙලං පාථිකපුත්තං එතදවොච: අභික්කමාවුසො පාථිකපුත්ත, අභික්කන්තං තෙ සෙය්යො. අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී -පෙ- සමණොපි ගොතමො ආයස්මතො ආරාමෙ දිවාවිහාරං නිසින්නො. භාසිතා ඛො පන තෙ ආවුසො පාථිකපුත්ත වෙසාලියං පරිසතිං වාචා: “සමණො පි ගොතමො ඤාණවාදො -පෙ- තංදිගුණං තංදිගුණාහං කරිස්සාමී”ති. අභික්කමස්සෙව ආවුසො පාථිකපුත්ත උපඩ්ඪපථං. සබ්බපඨමඤ්ඤෙව ආගන්ත්වා සමණො ගොතමො ආයස්මතො ආරාමෙ දිවාවිහාරං නිසින්නො. භාසිතා ඛො පනෙ තෙ එසාවුසො පාථිකපුත්ත සමණෙන ගොතමෙන පරිසතිං වාචා: “අභබ්බො අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය -පෙ- සචෙ පි’ස්ස එවමස්ස “අහං තං වාචං අප්පහාය -පෙ- සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්ය”න්ති, මුද්ධාපි තස්ස විපතෙය්ය. සචෙ’පායස්මන්තානං ලිච්ඡවීනං එවමස්ස: මයං අචෙලං පාථිකපුත්තං වරත්තාහි බන්ධිත්වා ගොයුගෙහි ආවිඤ්ජෙය්යාමාති. තා වරත්තා ඡිජ්ජෙරං පාථිකපුත්තො වා. අභබ්බො පන අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස “අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ආගච්ඡෙය්යන්ති මුද්ධා පි තස්ස විපතෙය්යා”ති. අභික්කමාවුසො පාථිකපුත්ත, අභික්කමනෙනෙව තෙ ජයං කරිස්සාම, සමණස්ස ගොතමස්ස පරාජයන්ති.
Sinhala BJTභාර්‍ගවය, එ කල්හි දාරුපාත්‍රික පිරිවැජියක්හු අතැවැසි ජාලිය නමැත්තෙක් හුනස්නෙන් නැඟී, “භවත්නි, එසේ වී නම් මා එන තුරු මොහොත්තමක් බලවු. අචේලක පාථිකපුත්‍රයා මෙ පිරිස කරා ගෙන එන්නට මම් වත් හැකි වීම් නම් යෙහෙකැ’ යි කී ය. භාර්‍ගවය, ඉක්බිති දාරුපාත්‍රික පිරිවැජ්ජහු අතැවැසි ජාලිය තෙමේ තිඹිරිකණු පිරිවැජ්ජා අරම යම් තැනෙක ද, (එහි) අචේලක පාථිකපුත්‍රයා යම් තැනෙක ද එ තැනට ගියේ ය. ගොස් ඔහු බණවා, ‘ඇවත් පාථිකපුත්‍රයෙනි, නැඟී එවු. ඔබ නැඟී අව උතුම. ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු … අවුත් රැස් වැ ඉඳිති. මහණ ගොයුම්හු ද දිවාවිහරණ පිණිස අවුත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි උන්නාහු වෙත්. ඇවැත්නි, ඔබ විසින් විසල්පුරැ මහ පිරිස් මැදැ දී ‘මහණ ගොයුම් ද ඥානවාද ඇත්තේ ය, මම් දු ඥානවාද ඇත්තෙමි … ඔහු එක් ඉදු පෙළහරක් කළ විට මම් එ මෙන් දෙ ගුණයක් දෙ ගුණයක් ඉදු පෙළහර කරන්නෙමි’ යි මේ වචන කියන ලදුයේ ම ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, අඩ මඟක් නැඟී එවු. මහණ ගොයුම්හු හැමට පෙරාතු වැ මැ අවුත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණ පිණිස උන්නාහු වෙත්. ඇවැත් පාථිකපුත්‍රයෙනි, මහණ ගොයුමන් විසින් ‘අචේලක පාථිකපුත්‍ර ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා … මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ‘මම් ඒ තෙප්ල නො හැරපියා … මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට සිතක් වතොත්, ඔහු හිස ද ගිලිහෙන්නේ ය. ඉදින් ආයුෂ්මත් ලිච්ඡවීනටත් ‘අපි අචේලක පාථිකපුත්‍රයා වර පටින් බැඳ ගවයන් යෙදූ වියෙන් ඇදැ ගෙන එන්නමු’ යි මෙසේ සිතෙක් වී නම් (එසේ කරන්නට තැත් කරන්නාහු නම්), ඒ වරපට සිඳී යන්නේ ය, පාථිකපුත්‍රයා හෝ බන් තැනින් බිඳී වෙන් වන්නේ ය. අචේලක පාථිකපුත්‍රයාට ‘ඒ තෙප්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැරැ නො කොට මහණගොයුම් හමුවට යන්නෙමි’ යි මේ සිත වතොත් ඔහු හිස ගිලිහෙන්නේ යැ’ යි මහපිරිස් මැද මෙ බස් තෙපලන ලද්දේ ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, නැඟී එවු, නැඟී ඊමෙන් ම ඔබට ජය ද මහණ ගොයුම්හට පරාජය ද ලබවන්නමු’ යි කී ය.
Pali BJTඑවං වුත්තෙ භග්ගව, අචෙලො පාථිකපුත්තො ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනා’පි වුට්ඨාතුං, අථ ඛො භග්ගව, ජාලියො දාරුපත්තිකන්තෙවාසී අචෙලං පාථිකපුත්තං එතදවොච: “කිං සු නාම තෙ ආවුසො පාථිකපුත්ත පාවළා සු නාම තෙ පීඨකස්මිං අල්ලීනා, පීඨකං සු නාම තෙ පාවළාසු අල්ලීනං ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පසි, න සක්කොසි ආසනා පි වුට්ඨාතුන්ති?”
Sinhala BJTභාර්‍ගවය, එසේ කී කල්හි අචේලක පාථිකපුත්‍ර තෙමේ ‘එමි ඇවැත්නි, එමි ඇවැත්නි’ යි එහි ම ගැලී සැලෙයි. හුනස්නෙන් නැඟෙනු ද නො හැකි වෙයි. භාර්‍ගවය, එ කල්හි දාරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙමේ අචේලක පාථිකපුත්‍රයා අමතා, ‘ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, කිමෙක් ද? ඔබේ හිද්මඇට හුනස්නැ ඇලීගත්තේ ද? හුනස්න හෝ ඔබ හිද්ම ඇටෙහි ඇලීගත්තේ ද? ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි උන් තැන්හිම ගැලී සැලෙහු. හුනස්නෙන් නැඟෙන්නට දු නො හැක්කහු’ යැ යි කී ය. භාර්‍ගවය, එසේ කියනු ලබනුයේ ද, අචේලක පාථිකපුත්‍ර තෙමේ ‘එමි ඇවැත්නි, එමි ඇවැත්නි’ යි උන් තන්හි ම ගැලී සැලෙයි, හුනස්නෙන් නැඟෙනුවටදු නො හැකි වෙයි.
Pali BJTඑවම්පි ඛො භග්ගව, වුච්චමානො අචෙලො පාථිකපුත්තො ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනා පි වුට්ඨාතුන්ති. යදා ඛො භග්ගව, ජාලියො දාරුපත්තිකන්තෙවාසී අඤ්ඤාසි පරාභූතරූපො අයං අචෙලො පාථිකපුත්තො, ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනා පි වුට්ඨාතුන්ති, අථ නං එතදවොච:
Sinhala BJTභාර්‍ගවය, දාරුපාත්‍රකාන්තේවාසී ජාලිය තෙම ‘මේ අචේලක පාථිකපුත්‍ර පැරැදුණු සැහැවි ඇත්තේ ය. ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි කියා එහි ම ගැලී සැලෙයි, හුනස්නෙන් නැඟෙනුවටදු නො හැකි වේ’ යැ යි දැනගත් කෙණෙහි, ඔහුට මෙ තෙපුල් කී ය:
Pali BJT24. “භූතපුබ්බං ආවුසො පාථිකපුත්ත සීහස්ස මිගරඤ්ඤො එතදහොසි: යන්නූනාහං අඤ්ඤතරං වනසණ්ඩං නිස්සාය ආසයං කප්පෙය්යං, තත්රාසයං කප්පෙත්වා සායණ්හසමයං ආසයා නික්ඛමෙය්යං, ආසයා නික්ඛමිත්වා විජම්භෙය්යං, විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලොකෙය්යං, සමන්තා චතුද්දිසා අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදෙය්යං, තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමෙය්යං, සො වරං වරං විගසඞ්ඝෙ{1} වධිත්වා මුදුමංසානි මුදුමංසානි භක්ඛයිත්වා තමෙව ආසයං අජ්ඣුපෙය්යන්ති. අථ ඛො සො සීහො මිගරාජා අඤ්ඤතරං වනසණ්ඩං නිස්සාය ආසයං කප්පෙසි. තත්රාසයං කප්පෙත්වා සායණ්හසමයං ආසයා නික්ඛමි. ආසයා නික්ඛමිත්වා විජම්භි. විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලොකෙසි. සමන්තා චතුද්දිසා අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදි. තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමි. සො වරං වරං මිගසඞ්ඝෙ වධිත්වා මුදුමංසානි මුදුමංසානි භක්ඛයිත්වා තමෙව ආසයං අජ්ඣුපෙසි.
Sinhala BJT24. “ඇවත් පාථිකපුත්‍රයෙනි පෙරැ වූවක් කියම්. මෘගරාජ වූ එක්තරා සිංහයකුට කිසි වන ලැහැබක් නිසා ලැග්මක් කැරැගන්නෙම් වීම් නම් යෙහෙක, එහි ලැග සවස් වේලේ ඒ ලැග්මෙන් නික්මෙන්නෙම් නම්, එසේ නික්මැ වැජඹෙන්නෙම් නම්, වැජැඹැ හාත්පස සිවු දිසා බලන්නෙම් නම්, හාත්පසැ සිවු දිසා බලා, තෙවරක් සිංහනාද කරන්නෙම් නම්, තෙවරක් සිංහනාද කොට ගොදුරු පිණිස බැහැරැ යන්නෙම් නම්, මුව මුළුව අතුරෙන් හොඳ හොඳ මුවකු මරා මොළොක් මොළොක් මස් කා, ඒ ලැග්මට පෙරළා යන්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. එයින් පසු මෘගරාජ වූ ඒ සිංහ තෙමෙ එක්තරා වන ලැහැබක් නිසා ලැගුම් ගත. එහි සවස් වේලෙහි ඒ ලැග්මෙන් නික්මිණ. ලැග්මෙන් නික්මැ වැජැඹිණ. වැජැඹැ හාත්පස සිවු දිසා බැලී ය. හාත්පස සිවු දිසා බලා, තුන් වරක් සිංහනාද කෙළේ ය. තුන් වරක් සිංහනාද කොට, ගොදුරු සඳහා බැහැර ගියේ ය. හේ මුවමුළුව අතුරෙන් උතුම් උතුම් මුවකු මරා, මොළොක් මොළොක් මස් කා, ඒ ලැග්මට ම පෙරළා ආයේ ය.
Pali BJTතස්සෙව ඛො ආවුසො පාථිකපුත්ත, සීහස්ස මිගරඤ්ඤො විඝාසෙසංවද්ධො ජරසිගාලො{1} දිත්තො චෙව බලවා ච. අථ ඛො ආවුසො තස්ස ජරසිගාලස්ස එතදහොසි “කො චාහං කො සීහො මිගරාජා? යන්නූනාහම්පි අඤ්ඤතරං වනසණ්ඩං නිස්සාය ආසයං කප්පෙය්යං, තත්රාසයං කප්පෙත්වා සායණ්හසමයං ආසයා නික්ඛමෙය්යං, ආසයා නික්ඛමිත්වා විජම්භෙය්යං, විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලොකෙය්යං, සමන්තා චතුද්දිසා අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදෙය්යං, තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාස පක්කමෙය්යං. සො වරං වරං මිගසංඝෙ වධිත්වා මුදුමංසානි මුදුමංසානි භක්ඛයිත්වා තමෙවාසයං අජ්ඣුපෙය්යන්ති.” අථ ඛො සො ආවුසො ජරසිගාලො අඤ්ඤතරං වනසණ්ඩං නිස්සාය ආසයං කප්පෙසි. තත්රාසයං කප්පෙත්වා සායණ්හසමයං ආසයා නික්ඛමි.
Sinhala BJTඇවැත් පාථිකපුත්‍රයෙනි, මෘගරාජ වූ ඒ සිංහයාගේ විඝාසයෙහි (කා ඉතිරිකළ දැයින්) වැඩුණු මහලු කැණහිලෙක් දෘප්ත (දැපුණේ) ද ශක්තිමත් ද විය. එ කල්හි ඒ මහලු කැණහිලුට ‘මම් කවරෙම් ද! මෘගරාජ වූ සිංහ කවරේ ද? මමත් එක්තරා වනලැහැබක් නිසා තිත්පලක් කැරැ ගන්නෙම් නම්, එහි ලැග සවස් වේලේ තිත්පොලෙන් නික්මෙන්නෙම් නම්, එසේ නික්මැ වැජඹෙන්නෙම් නම්, වැජැඹැ හාත්පසැ සිවු දිග බලන්නෙම් නම්, හාත්පසැ සිවු දිග බලා තුන් යලක් සිංහනාද කරන්නෙම් නම්, තුන් යලක් සිංහනාද කොට ගොදුරු සඳහා පිටත් වැ යන්නෙම් නම්, ඒ මම් මුවමුළුයෙන් සොඳුරු සොඳුරු මුවකු මරා මොළොක් මොළොක් මස් කා තිත්පොලට ම එළැඹෙන්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඇවැත්නි, ඉක්බිති ඒ මහලු කැණහිල් එක්තරා වනලැහැබක් නිසා ලැගුම් ගත්තේ ය. ලැගුම් ගෙන සවස් වේලෙහි ඒ තිත්පොලෙන් නික්මියේ ය. තිත්පොලෙන් නික්මැ වැජැඹුණේ ය. වැජැඹැ හාත්පස සිවු දිග බැලී ය. හාත්පසැ සිවු දිග බලා ‘සිංහනාද කරන්නෙමි’ යි තුන් යලක් කැණහිල් හඬ ම හැඬී ය. නොමනා හඬක් ම හැඬී ය. ලාමක සිවලා කවරේ ද! සිංහනාදය කවරේ ද!! (මොවුන් දෙදෙනාගේ කවර සමතාවෙක් ද!) ඇවැත් පාථිකපුත්‍රයෙනි, ඒ කැණහිලු සේ ම තෙපි සුගතයන් වහන්සේට නියමිත වූ පසය නිසා ජීවත් වන්නහු, සුගතයන් වහන්සේ වළඳා ඉතිරි වූ දෑ වළඳන්නහු, ‘ඒ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටියැ යුතු යැ’ යි සිතවු ද? ලාමක වූ පාථිකපුත්‍රයා කවර යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා (ඉදුපෙළහර කරමි යි) ගැටෙනු කවර යැ!” (යනු යි)
Pali BJTආසයා නික්ඛමිත්වා විජම්භි. විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලොකෙසි. සමන්තා චතුද්දිසා අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදිස්සාමී ති සෙගාලකං යෙව අනදි, භෙරණ්ඩකං{2} යෙව අනදි. කො ච ඡචො සෙගාලකො කො පන සීහනාදො!{3}
Sinhala BJTභාර්‍ගවය, යම් හෙයකින් දාරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙමෙ මේ උපමායෙන් අචේලක පාථිකපුත්‍රයා ඒ අස්නෙනුදු ඉවත් කරන්නට නො හැකි වී ද, එ හෙයින් හේ ඔහුට මෙය (මතු දැක්වෙන පරිදි) කී ය: “සිවලෙක් තමා දෙස බලා ‘මම් මෘගරාජ වූ සිංහයෙමි’ යි සිතී ය. එසේ ම හේ සිවල් හඬම හැඬීය, සිවල් හඬම හැඬීය. ලාමක සිවල් හඬ කවර යැ! සිංහනාදය කවර යැ!
Pali BJT“එවමෙව ඛො ත්වං ආවුසො පාථිකපුත්ත, සුගතාපදානෙසු ජීවමානො සුගතාතිරිත්තානි භුඤ්ජමානො තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ ආසාදෙතබ්බං මඤ්ඤසි. කො ච ඡචො පාථිකපුත්තො{4} කා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ආසාදනා!”ති.
Sinhala BJTපාථිකපුත්‍රයෙනි, එසේ ම තෙපි සුගතයනට නිසි පසයෙන් දිවි පවත්වනුවෝ, සුගතයන් ඉතිරි කළ දෑ වළඳනුවෝ, ඒ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටියැ යුතු කොට සිතවු ද? නීච පාථිකපුත්‍රයෝ කවුරු යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ඔවුන් ගැටෙනු කවර යැ!”
Pali BJT25. යතො ඛො භග්ගව, ජාලියො දාරුපත්තිකන්තෙවාසී ඉමිනා ඔපම්මෙන නෙව අසක්ඛි අචෙලං පාථිකපුත්තං තම්හා ආසනා චාවෙතුං, අථ නං එතදවොච.
Sinhala BJT25. භාර්‍ගවය, දාරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙම මේ උපමායෙනුත් අච්ලක පාථිකපුත්‍රයා එ අස්නෙන් සොලොවන්නට යම් හෙයකින් නො හැකි වී ද, එ හෙයින් ඔහුට මෙ බස් ද තෙප්ලී ය:
Pali BJTසීහො’ති අත්තානං සමෙක්ඛියාන අමඤ්ඤි කොත්ථු මිගරාජා, හමස්මි, තථෙව සො සෙගාලකං{1} අනදි කො ච ඡචො සෙගාලො{2} කො පන සීහනාදො!ති.
Sinhala BJT‘කැණහිල් තෙමෙ වෙනෙහි හැවිදුනේ, තර වූ තම සිරුරැ පළිබිඹුව ඉඳුල්දිය පිරි දිය වළෙකැ දැක, යම් තාක් ‘තමා සිංහයාගේ ඉඳුල් කා වැඩුණෙකැ’ යි නො දක්නේ ද, ඒ තාක් ම තමා සිංහයකුට බඳු බල ඇත්තෙකැ යි (ව්‍යාඝ්‍ර සමාන බල ඇත්තෙකැ යි) සිතී. එසේ ම හේ කැණැහිල් හඬ ම හැඬී ය. ලාමක සිවල් හඬ කවර යැ! සිංහනාදය කවර යැ!’
Pali BJTඑවමෙව ඛො ත්වං ආවුසො පාථිකපුත්ත, සුගතාපදානෙසු ජීවමානො සුගතාතිරිත්තානි භුඤ්ජමානො තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ ආසාදෙතබ්බං මඤ්ඤසි. කො ච ඡවො පාටිකපුත්තො කා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ආසාදනා!ති.
Sinhala BJT“ඇවැත් පාථිකපුත්‍රයෙනි, තෙපි එසේ ම සුගතයනට නියමිත පසයෙන් දිවි පවත්වනුවෝ, සුගතයන් ඉතිරි කළ දෑ වළඳනුවෝ ඒ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටියැ යුතු කොට සිතවු ද? ලාමක පාථිකපුත්‍ර කවර යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටෙනු කවර යැ!”
Pali BJT26. යතො ඛො භග්ගව, ජාලියො දාරුපත්තිකන්තෙවාසී ඉමිනාපි ඔපම්මෙන නෙව අසක්ඛි අචෙලං පාථිකපුත්තං තම්හා ආසනා චාවෙතුං. අථ නං එතදවොච:
Sinhala BJT26. භාර්‍ගවය, දාරු පාත්‍රිකාන්තේවාසී ජාලිය තෙමේ මේ උපමායෙනුත් අචේලක පාථික පුත්‍රයා ඒ අස්නෙන් ඉවත් කරන්නට යම් හෙයෙකින් නො හැකි වී ද, එ හෙයින් ඔහුට මෙ තෙපුල් තෙප්ලී ය:
Pali BJTඅමඤ්ඤී අනුචඞ්කමනං අත්තානං විඝාසෙ සමෙක්ඛිය යාවත්තානං න පස්සති කොත්ථු තාව බ්යග්ඝො ති මඤ්ඤති තථෙව සො සෙගාලකං{1} අනදි කො ච ඡවො සෙගාලො{2} කො පන සීහනාදො!ති.
Sinhala BJT“මහ වෙනෙහි, සිංහව්‍යාඝ්‍රාදීන්ගෙන් හිස් වූ වෙනෙහි මැඩියන් ද කලවිටි බිල්හි වූ මීයන්ද සොහොන්හි ලූ මළ කුණු ද කා මහත් වැ වැඩුණු කැණැහිල් තෙමේ ‘මම් මෘගරාජයයමි’ යි සිතී. එසේ ම (සිංහ නාද යැ යි සිතා) කැණැහිල් හඬ ම හැඬී. නීච කැණහිල්හඬ කවරයැ! සිංහනාදය කවර යැ!”
Pali BJTඑවමෙව ඛො ත්වං ආවුසො පාථිකපුත්ත, සුගතාපදානෙසු ජීවමානො සුගතාතිරිත්තානි භුඤ්ජමානො තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ ආසාදෙතබ්බං මඤ්ඤසි. කො ච ඡවො පාථිකපුත්තො කා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ආසාදනා!ති.
Sinhala BJTපාථිකපුත්‍රයෙනි, මෙසේ ම තෙපි සුගතයනට නියමිත පසය නිසා දිවි රක්නහු, සුගතයන් ඉතිරි කළ දෑ වළඳන්නහු, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටිය යුතු සේ සිතහු. ලාමක පාථිකපුත්‍ර කවර යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටෙනු කවර යැ!”
Pali BJT27. යතො ඛො භග්ගව, ජාලියො දාරුපත්තිකන්තෙවාසී ඉමිනාපි ඔපම්මෙන නෙව අසක්ඛි අචෙලං පාථිකපුත්තං තම්හා ආසනා චාවෙතුං, අථ නං එතදවොච:
Sinhala BJT27. භාර්‍ගවය, දාරු පාත්‍රිකාන්තේවාසී ජාලිය තෙමේ මේ උපමායෙනුත් අචේලක පාථික පුත්‍රයා ඒ අස්නෙන් ඉවත් කරන්නට යම් හෙයෙකින් නො හැකි වී ද, එ හෙයින් ඔහුට මෙ තෙපුල් තෙප්ලී ය:{*}
Pali BJTභුත්වාන භෙකෙ{3} ඛළමූසිකායො කටසීසු ඛිත්තානි ච කොණපානි,{4} මහාවනෙ සුඤ්ඤවනෙ විවඩ්ඪො අමඤ්ඤි කොත්ථු මිගරාජාහමස්මි. තථෙව සො සෙගාලකං අනදි කො ච ඡවො සෙගාලො කො පන සීහනාදො!ති.
Sinhala BJT__missing translation__
Pali BJTඑවමෙව ඛො ත්වං ආවුසො පාථිකපුත්ත, සුගතාපදානෙසු ජීවමානො සුගතාතිරිත්තානි භුඤ්ජමානො තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ ආසාදෙතබ්බං මඤ්ඤසි. කො ච ඡවො පාථිකපුත්තො, කා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ආසාදනා!ති.
Sinhala BJTපාථිකපුත්‍රයෙනි, මෙසේ ම තෙපි සුගතයනට නියමිත පසය නිසා දිවි රක්නහු, සුගතයන් ඉතිරි කළ දෑ වළඳන්නහු, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටිය යුතු සේ සිතහු. ලාමක පාථිකපුත්‍ර කවර යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටෙනු කවර යැ!” {*}
Pali BJTයතො ඛො භග්ගව, ජාලියො දාරුපත්තිකන්තෙවාසී ඉමිනා පි ඔපම්මෙන නෙව අසක්ඛි අචෙලං පාථිකපුත්තං තම්හා ආසනා චාවෙතුං. අථ තං පරිසං ආගන්ත්වා එවමාරොචෙසි: “පරාභූතරූපො භො අචෙලො පාථිකපුත්තො, ‘ආයාමි ආවුසො, ආයාමි ආවුසො’ති වත්වා තත්ථෙව සංසප්පති, න සක්කොති ආසනාපි වුට්ඨාතුන්ති. එවං වුත්තෙ අහං භග්ගව තං පරිසං එතදවොචං:
Sinhala BJTභාර්‍ගවය, දාරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙම මේ උපමායෙනුත් අචේලක පාථිකපුත්‍රයා ඒ හුන් තැනින් ඉවත් කරන්නට යම් විටෙක නොහැකි වී ද, එ විට ඒ පිරිස් වෙත අවුත්, ‘භවත්නි, අචේලක පාථිකපුත්‍රයා පැරැදුණු සැහැවි ඇත්තේ ය. ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි එතන්හි ම ගැලී ඒ මේ අතැ සැලෙයි. හුනස්නෙන් නැඟෙන්නට ද නොහැකි වේ යැ’ යි සැළ කෙළේ ය. භාර්‍ගවය, ඔහු මෙසේ කී කලැ මම් ඒ පිරිසට මේ වචන කීමි:
Pali BJT“අභබ්බො ඛො ආවුසො අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස: අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්ය. සචෙ’ පායස්මන්තානං ලිච්ඡවීනං එවමස්ස “මයං අචෙලං පාථිකපුත්තං වරත්තාහි බන්ධිත්වා ගොයුගෙහි ආවිඤ්ඡෙය්යාමාති, තා වරත්තා ඡිජ්ජෙරං පාථිකපුත්තො වා. අභබ්බො පන අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙ’පි’ස්ස එවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති මුද්ධා පි තස්ස විපතෙය්යා”ති.
Sinhala BJT“ඇවැත්නි, අචේලක පාථිකපුත්‍ර ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැර නො කොට, මා හමුවට එන්නට නො නිසි ය. ඉදින් ‘මම් ඒ තෙපුල් නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැර නො කොට, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතක් වතොත් (එසේ එන්නට තැත් කළ හොත්), ඔහු හිස ද ගිලිහෙන්නේ ය. ඉදින් ආයුෂ්මත් ලිච්ඡවීනට, ‘අපි අචේලක පාථිකපුත්‍රයා වර පටින් බැඳ ගොනුන් බැඳි වියෙන් ඇද ගෙන එම්හ’ යි මෙසේ සිතක් වුවොත් (එයට තැත් කළ හොත්), ඒ වරපට හෝ සිඳෙන්නේ ය, පාථිකපුත්‍රයා හෝ ඒ වර පට කෙරෙන් කැඩී වෙන් වන්නේ ය. අචේලක පාථිකපුත්‍ර ඒ තෙප්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැර නො කොට මා හමුවට එන්නට නො නිසි ය. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැර නො කොට මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මේ සිත වී නම්, (එයට තැත් කෙළේ නම්), ඔහු හිස ද ගිලිහෙන්නේ ය” (යනුයි).
Pali BJT28. අථ ඛ්වාහං භග්ගව, තං පරිසං ධම්මියා කථාය සන්දස්සෙසිං සමාදපෙසිං සමුත්තෙජෙසිං සම්පහංසෙසිං. තං පරිසං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා මහාබන්ධනා මොක්ඛං කරිත්වා, චතුරාසීතිපාණසහස්සානි මහාවිදුග්ගා උද්ධරිත්වා, තෙජොධාතුං සමාපජ්ජිත්වා සත්තතාලං වෙහාසං අබ්භුග්ගන්ත්වා අඤ්ඤං සත්තතාලම්පි අච්චිං{1} අභිනිම්මිනිත්වා පජ්ජලිත්වා ධූමායිත්වා{2} මහාවනෙ කූටාගාරසාලායං පච්චුට්ඨාසිං. අථ ඛො භග්ගව සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං එතදවොචං: තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත, යථෙව තෙ අහං අචෙලං පාථිකපුත්තං ආරබ්භ බ්යාකාසිං, තථෙව තං විපක්කං අඤ්ඤථා වා?ති. “යථෙව මෙ භන්තෙ භගවා අචෙලං පාථිකපුත්තං ආරබ්භ බ්යාකාසි, තථෙව තං විපක්කං නො අඤ්ඤථා”ති.
Sinhala BJT28. භාර්‍ගවය, ඉක්බිති මම් ඒ පිරිසට දැහැමි කතායෙන් කරුණු දක්වා කීම්, කී දෑ සමාදන් කැරැවීමි (ගැන්වීමි), එහි ඔවුන් සිත් තියුණු කෙළෙමි, එහි ඔවුන් තුටු පහටු කෙළෙමි. ඒ පිරිසට දැහැමි කතායෙන් කරුණු දක්වා, දැක්වූ කරුණු ගන්වා, එහි ඔවුන් සිත් තියුණු කොට, එහි ඔවුන් තුටු පහටු කොට, මහ කෙලෙස් බැම්මෙන් ඔවුන්ගේ මිදීම සිදු කොට, සුවාසූ දහසක් ප්‍රාණීන් මහා විදුර්‍ගයෙන් (කාමාදි සතර ඕඝයෙන්) ගොඩ ලා, තේජෝධාතු සමාපත්තියට සමවැද, සත් තලක් අහස් නැඟ, අන් සත් තලක් ද උසට ගිනි දැල් මවා, දිලිහී දුමා, මහ වෙනෙහි කුළාර හලැ පිහිටියෙමි. භාර්‍ගවය, එ කලැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමෙ මා කරා එළැඹියේ ය. එළැඹ මා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා, බණවා ‘සුනක්ඛත්තය, එය කිමැයි සිතයි ද? මම් තට අචේලක පාථිකපුත්‍රයා ඇරැබැ කී නියායෙන් ම එය නිපන්නේ ද? නැත හොත් අන් නියායෙකින් වී දැ?’ යි පුළුවතිමි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අචේලක පාථිකපුත්‍රයා ඇරැබැ මට වදාළ නියායෙන් ම එය නිපන. අන් සැටියෙකින් එය නො වී යැ’ යි හේ කීය.
Pali BJT“තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත, යදි එවං සන්තෙ කතං වා හොති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං අකතං වා?”ති.
Sinhala BJT‘සුනක්ඛත්තය, එය කිමැ යි සිතයි ද? මෙසේ වන කලැ උතුරු මිනිස් දහමින් ඉඳු පෙළහර කරන ලද ද? නො කරන ලද දැ?’ යි පුළුවතිමි.
Pali BJT“අද්ධා ඛො පන භන්තෙ, එවං සන්තෙ කතං හොති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං නො අකතන්ති.”
Sinhala BJT“වහන්ස, මෙසේ වන කලැ ඒකාන්තයෙන් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන ලදු යේ ය. නො කරන ලදු යේ නොවේ” යි හේ කී ය.
Pali BJT“එවම්පි ඛො මං ත්වං මොඝපුරිස, උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොන්තං එවං වදෙසි: න හි පන මෙ භන්තෙ භගවා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොතී ති. පස්ස මොඝපුරිස තඤ්ච තෙ ඉදං අපරද්ධන්ති.”
Sinhala BJT“හිස් පුරුෂය, මෙසේත් උතුරු මිනිස් දහමින් පෙළහර කරන මට, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර නො කරන සේකැ’ යි කීයෙහි, හිස් පුරුෂය, බලව, තා විසින් මේ කොතරම් මහ වරදෙක් කරන ලද දැ?” යි ඔහුට කීමි.
Pali BJTඑවම්පි ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො මයා වුච්චමානො අපක්කමෙව ඉමස්මා ධම්මවිනයා යථා තං ආපාධිකො නෙරයිකො.
Sinhala BJTභාර්‍ගවය, මෙසේත් මා විසින් කියනු ලබනුයේ ද ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමේ අපායට නිස්සක්හු, නිරයට සුදුස්සක්හු සෙයින් මෙ දහම්විනයෙන් (මෙ සස්නෙන්) බැහැරැ වැ ගියේ මැ ය.
Pali BJTඅග්ගඤ්ඤපඤ්ඤත්තිකථා
Sinhala BJTඅග්ගඤ්ඤ ප්‍රඥප්ති කථාව
Pali BJT29. අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි, තඤ්ච පජානාමි තතෙං ච උත්තරිතරං පජානාමි, තඤ්ච පජානනංන පරාමසාමි, අපරාමසතො ච මෙ පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා, යදභිජානං තථාගතො නො අනයං ආපජ්ජති.
Sinhala BJT29. භාර්‍ගවය, මම් අග්ගඤ්ඤය ද (ලෝකෝත්පත්ති වංශ කථාව ද) දනිමි. එය ද දනිමි. එ මතු නොව එයින් මත්තෙහි දෑත් දනිමි. එය දන්නෙම් ද (ඒ දැන්ම තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන්) පරාමර්‍ශනය නො කරමි. එසේ එය පරාමර්‍ශනය නොකරන්නාවූ ද මා විසින් තමා කෙරෙහි ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. යම් නිවීමක් දන්නා තථාගත තෙමේ අනයව්‍යසනයකට නො පැමිණෙන්නේ ද, ඒ එබඳු වූ නිවීමෙක.
Pali BJTසන්ති භග්ගව, එකෙ සමණබ්රාහ්මණා ඉස්සරකුත්තං බ්රහ්මකුත්තං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපෙන්ති. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: සච්චං කිර තුම්හෙ ආයස්මන්තො ඉස්සරකුත්තං බ්රහ්මකුත්තං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙථා?”ති. තෙ ච මෙ එවං පුට්ඨා ‘ආමො’ති{1} පටිජානන්ති. ත්යාහං එවං වදාමි: කථංවිහිතකං පන{2} තුම්හෙ ආයස්මන්තො ඉස්සරකුත්තං බ්රහ්මකුත්තං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙථා”ති. තෙ මයා පුට්ඨා න සම්පායන්ති. අසම්පායන්තා මමඤ්ඤෙව පටිපුච්ඡන්ති. තෙසාහං පුට්ඨො බ්යාකරොමි:
Sinhala BJTභාර්‍ගවය, “ලොව ඉසුරකු විසින් මැවිණැ යි, බඹකු විසින් මැවිණැයි යන ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්තිවංශකථාව පණවන ඇතැම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇත. මම් ඔවුන් කරා එළැඹ, ‘ආයුෂ්මත්නි, ලොව ඉසුරක්හු විසින් මැවිණ බඹහු විසින් මැවිණ යන ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකථාව (අග්ගඤ්ඤය) තෙපි පණවවු දැ? යි ඔවුන් විචාරමි. මා විසින් විචාරන ලද ඔහු, ‘එසේ යැ’ යි පිළිණ කෙරෙත්. මම් ඔවුනට ‘ආයුෂ්මත්නි, ලොව කවර සැටියෙන් මවන ලද්දේ දැ යි යන ඊශ්වරනිර්‍මාණයක්, බ්‍රහ්මනිර්‍මාණයක්, ආචාර්‍ය්‍යවාදයක්, ලෝකෝත්පත්තිවංශ කථාවක් පණවවු දැ?’ යි ඔවුන් පිළිවිසිමි. ඔහු මා විසින් (මෙසේ) විචාරන ලද්දාහු, (පිළිතුරු දීම් විසින්) ඥානගතියෙන් ඉදිරියට නො යත්. එසේ නො යන්නාහු, ඔහු මා ම පිළිවිසිත්. ඔවුන් විසින් විචාරන ලද මම් මෙසේ (එය) හෙළි කෙරෙමි:
Pali BJT30. හොති ඛො සො ආවුසො සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්ටති. සංවට්ටමානෙ ලොකෙ යෙභුය්යෙන සත්තා ආභස්සරසංවත්තනිකා හොන්ති. තෙ තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයම්පභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො, චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. හොති ඛො සො ආවුසො සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො විවට්ටති, විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්රහ්මවිමානං පාතුභවති. අථ ඛො අඤ්ඤතරො{1} සත්තො ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා සුඤ්ඤං බ්රහ්මවිමානං උපපජ්ජති. සො තත්ථ හොති මනොමයො පීතිභක්ඛො සයම්පභො අන්තලික්ඛචරො සුභට්ඨායී, චිරං දීඝමද්ධානං තිට්ඨති. තස්ස තත්ථ එකකස්ස දීඝරත්තං නිවුසිතත්තා අනභිරති පරිතස්සනා උප්පජ්ජති: “අහො වත අඤ්ඤෙ පි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්යුන්ති”. අථ අඤ්ඤතරෙ පි සත්තා ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා සුඤ්ඤං බ්රහ්මවිමානං උපපජ්ජන්ති තස්ස සත්තස්ස සහබ්යතං. තෙ පි තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයම්පභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. තත්රාවුසො යො සො සත්තො පඨමං උපපන්නො, තස්ස එවං හොති: අහමස්මි බ්රහ්මා මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සට්ඨා{2} සජිතා{3} වසී පිතා භූතභව්යානං. මයා ඉමෙ සත්තා නිම්මිතා. තං කිස්ස හෙතු? මමඤ්හි පුබ්බෙ එතදහොසි: “අහො වත අඤ්ඤෙ පි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්යුන්ති. ඉති මමඤ්ච මනොපණිධි. ඉමෙ ච සත්තා ඉත්ථත්තං ආගතා”ති.
Sinhala BJT30. “ඇවැත්නි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව නැසෙයි ද, එ බඳු කාලපරිච්ඡේදයෙක් වෙයි. ලොව නැසෙන සමයෙහි සත්‍වයෝ බෙහෙවින් ආභස්සර බඹ ලොව උපදනාහු වෙත්. ඔහු එහි ධ්‍යාන චිත්ත බලයෙන් උපන්නාහු, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු, සිය සිරුරු එළියෙන් බබළන්නාහු, අහසැ හැසිරෙන්නාහු, සිත්කලු උයන් විමන් ඈහි සිටුනාහු (නොහොත් සිත්කලු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටුනාහු) වෙත්. ඔහු එහි ඉතා බොහෝ කල් සිටුනාහ. ඇවැත්නි, දික්කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව හැදෙන්නේ ද, එසේ වූ කාලපරිච්ඡේදයෙක් වෙයි. ලොව හැදෙන කලැ හිස් බඹ විමනෙක් පහළ වෙයි. එ කලැ එක්තරා සත්‍වයෙක් ආයු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් ආභස්සර බඹලොවින් සැව එකී හිස් බඹ විමනට පැමිණෙයි (හිස බඹ විමනැ උපදී). හෙ තෙමේ එහි ධ්‍යාන සිතින් උපන්නේ, ප්‍රීතිය ගොදුරු කොටැත්තේ, සිය සිරුරෙන් විහිදෙන එළියෙන් බබළනුයේ, අහසැ හැසිරෙනුයේ, ශෝභන උද්‍යාන විමාන ආදියෙහි සිටුනේ (නොහොත් ශෝභන වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටුනේ) වෙයි. හේ එසේ බොහෝ කලක් සිටියි. එහි එකලා වැ දිගු කලක් වුසූ බැවින් ‘අන් සත් කෙනෙකුත් මෙ අත්බවට එන්නාහු නම් යෙහෙකැ’ යි එ කලා විසීමෙහි නො ඇල්මෙක්, අමුතු කෙනකු හා සහභාවයෙහි ආශාවෙක් උපදී. එයින් පසු අන් සත් කෙනෙක් ද ආයු ගෙවීමෙන් හෝ පින ගෙවීමෙන් හෝ ආභස්සර බඹලොවින් සැව, එ හිස් බඹ විමනට, ඒ පළමු ඉපැදැ සිටියහුගේ සහභාවයට පැමිණෙයි. ඔහු ද එහි ධ්‍යාන සිතින් උපන්නාහු, ප්‍රීතිය ගොදුරු කොටැත්තාහු, ස්වයම්ප්‍රභ වූවාහු, අහසැ හැසිරෙන්නාහු, සිත්කලු උයන් ඈහි සිටිනාහු වෙත්. එසේ දිගු කලක් ඔහු එහි සිටිත්. ඇවැත්නි, එහි යම් සතෙක් පළමුව උපන්නේ ද, ඔහුට, “මම් බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි, මෙරමා මැඩ අධිපති වැ සිටුනෙම් වෙමි, අනුන් විසින් නො මඩනා ලදුයෙම් වෙමි, ඒකාන්තයෙන් සියල්ල දක්නෙම් වෙමි, සියල්ලන් සිය වශයෙහි පවත්වනු යෙම් වෙමි, ලොවැ ඊශ්වර වෙමි, ලොවැ කාරකවෙමි, ලොවැ නිර්‍මාතෘ වෙමි, ලොවැ ස්‍රෂ්ටෘ වෙමි, ලොවැ සකසන්නා වෙමි. මෙරමා තමා වශයෙන් පවත්වන්නෙම් වෙමි, උපන් උපදනා හැමගේ පියා වෙමි. මේ සත්හු මා විසින් මවන ලදහ. ඒ (කියනුයේ) කවර හෙයින? පෙරැ මට ‘අන් සත් කෙනෙකුත් මෙ අත්බවට එන්නාහු නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙ සිත විය. මෙසේ මගේ ප්‍රාර්‍ත්‍ථනාව ද වීය. ‘මේ සත්හු ද මෙහි ආහ’ යි මට මේ සිත වෙයි.
Pali BJTයෙ පි තෙ සත්තා පච්ඡා උපපන්නා, තෙසම්පි එවං හොති; අයං ඛො භවං බ්රහ්මා මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සට්ඨා සජිතා වසී පිතා භූතභව්යානං. ඉමිනා මයං භොතා බ්රහ්මුනා නිම්මිතා. තං කිස්ස හෙතු? ඉමඤ්හි මයං අද්දසාම ඉධ පඨමං උපපන්නං, මයං පනම්හා පච්ඡා උපපන්නා’ති. තත්රාවුසො යො සො සත්තො පඨමං උපපන්නො, සො දීඝායුකතරො ච හොති වණ්ණවන්තතරො ච මහෙසක්ඛතරො ච. යෙ පන තෙ සත්තා පච්ඡා උප්පන්නා, තෙ අප්පායුකතරා ච හොන්ති දුබ්බණ්ණතරා ච අප්පෙසක්ඛතරා ච. ඨානං ඛො පනෙතං ආවුසො විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථා සමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානුස්සරතී ති. සො එවමාහ: යො ඛො සො භවං බ්රහ්මා මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සට්ඨා සජිතා වසී පිතා භූතභව්යානං, යෙන මයං භොතා බ්රහ්මුනා නිම්මිතා, සො නිච්චො ධුවො සස්සතො{1} අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සති. යෙ පන මයං අහුම්හා තෙන භොතා බ්රහ්මුනා නිම්මිතා, තෙ මයං අනිච්චා අද්ධුවා{2} අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා ති. එවංවිහිතකං නො තුම්හෙ ආයස්මන්තො ඉස්සරකුත්තං බ්රහ්මකුත්තං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපෙථා”ති. තෙ එවමාහංසු: “එවං ඛො නො ආවුසො ගොතම සුතං යථෙවායස්මා ගොතමො ආහා”ති. අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි -පෙ- යදභිජානං තථාගතො නො අනයං ආපජ්ජති.
Sinhala BJTයම් සත්‍ව කෙනෙක් පසු වැ උපන්නාහු ද, ඔවුනටත් ‘මේ භවත් තෙමෙ බ්‍රහ්මයා ය, මහා බ්‍රහ්මයා ය, අනුන් මැඩ අධිපති වැ සිටුනේ ය. මෙරමා විසින් නො මැඩුණේ ය, ඒකාන්තයෙන් සියල්ල දක්නේ ය, මෙරමා සිය වශයෙහි පවත්වන්නේ ය, ඊශ්වර ය, කර්‍තෘ ය, නිර්‍මාතෘ ය, ස්‍රෂ්ටෘ ය, ලොව සදන්නා ය, මෙරමා තමන් වශයෙහි පවත්වන්නේ ය, උපන් උපදනා හැම දෙනාගේ පියා ය, මේ භවත් බ්‍රහ්මයා විසින් අපි මවන ලදුම්හ, එසේ කියනුයේ කවර හෙයින? යත්: අපි අපට පෙරැ මොහු ඉපිදැ සිටියහු අපි දුටුමු. අපි වූ කලි පසු ව උපන්නමෝ යැ” යි මෙසේ සිතෙක් වෙයි. ඇවැත්නි, එහි යම් සතෙක් පළමු ව උපන්නේ ද, හේ වඩා දීර්‍ඝායුෂ්ක ද වඩා පැහැපත් ද වඩා මහත් යසස් ඇත්තේ ද විය. යම් සත් කෙනෙක් පසුවැ උපන්නාහු ද, ඔහු පළ මු උපන්නාහට වඩා අල්පායුෂ්ක ද වඩා අල්ප වර්‍ණ සම්පත් ඇත්තාහු ද වඩා අල්ප යශස්ක ද වූහ. එක් සත්‍වයෙක් එ බඹමුළුයෙන් සැව, මෙ මිනිසත් බවට එන්නේ ය. හේ මේ මිනිසත්බවට පැමිණියේ ම ගිහි ගෙන් නික්මැ පැවිදි වෙයි. ගිහි ගෙන් නික්මැ පැවිදි වූයේ ම, උත්සාහ වඩා, වැර වඩා පුන පුනා වෑයම් කොට, නොපමා බව නිසා, නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනාව පිහිටි කලැ මෙයින් පළමු වූ අත්බව සිහි කළ හැකි වෙයි. එයින් ඔබ්බෙහි සිහි කළ නොහැකි වෙයි ද, එබඳු චිත්ත සමාධියක් ලබයි යන මෙ කරුණ ඇත. (එසේ චිත්ත සමාධියක් ලත්) හෙ තෙම “යම් ඒ භවත් බ්‍රහ්මයෙක් මහා බ්‍රහ්ම ද, අනුන් මැඩ අධිපති වේ ද, ඊශ්වර ද, කාරක ද, නිර්‍මාපක ද, ස්‍රෂ්ටෘ ද, ලොව සකසන්නේ ද, මෙරමා සිය වශයෙහි පවත්වන්නේ ද, උපන් උපදනා හැමගේ පිතෘ ද, යම් ඒ භවත් මහ බඹක්හු විසින් අපි මවන ලදුමෝ ද, හෙ තෙමේ නිත්‍ය ය, ඕරුව ය (නො මැරෙන්නේ ය), සදාභාවී ය, වෙනස් නොවන සුලු ය, මහ පොළෝ ඈ ශාශ්වත වස්තූන් හා සම වැ එ සැටියෙන් ම නො වෙනස් වැ සිටුනේ ය. යම්බඳු වූ අපි ඒ භවත් බඹුහු විසින් මවන ලදුමෝ ද, ඒ අපි අනිත්‍යයම් හ, අධ්රුවයම්හ, අල්පායුෂ්කයම්හ, සැවෙන සුල්ලම්හ, එහෙයින් එයින් සැව මේ මිනිස් බවට ආම්හ” යි කියයි. ආයුෂ්මත්නි, තෙපි මෙසේ සකස් කැරැගන්නා ලද ඊශ්වර නිර්මිතයක්, බ්‍රහ්මනිර්මිතයක්, ආචාර්‍ය්‍යවාදයක් ලෝකෝත්පත්ති වංශකථාවක් පණවවු ද? (යනුයි). “ඇවැත්නි, ගෞතමයිනි, යම් සේ ම ආයුෂ්මත් ගෞතමයෝ කීහු ද, එ සේ ම අප විසින් අසන ලදි” යි මෙසේ ඔහු කිවු ය. භාර්‍ගවය මම අග්ගඤ්ඤය ද (ලෝකෝත්පත්ති කථාව ද) දනිමි … තථාගත තෙමේ යමක් දන්නේ අන්‍ය ව්‍යසනයකට නො පැමිණේ ද, එසේ වූ කෙලෙස් නිවීම මා විසින් දන්නා ලද්දේ ය.
Pali BJT31. සන්ති භග්ගව, එකෙ සමණබ්රාහ්මණා ඛිඩ්ඩාපදොසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපෙන්ති. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: සච්චං කිර තුම්හෙ ආයස්මන්තො ඛිඩ්ඩාපදොසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපෙථා?ති”. තෙ ච මෙ එවං පුට්ඨා ‘ආමො’ති පටිජානන්ති. ත්යාහං එවං වදාමි: කථංවිහිතකං පන තුම්හෙ ආයස්මන්තො ඛිඩ්ඩාපදොසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපෙථා?ති. තෙ මයා පුට්ඨා න සම්පායන්ති. අසම්පායන්තා මමඤ්ඤෙව පටිපුච්ඡන්ති. තෙසාහං පුට්ඨො බ්යාකරොමි: සන්තාවුසො ඛිඩ්ඩාපදොසිකා නාම දෙවා. තෙ අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරන්ති තෙසං අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං{1} විහරතං සති සම්මුස්සති. සතියා සම්මොසා{2} තෙ දෙවා තම්හා කායා චවන්ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ්ජති, යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති යථා සමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති තතොපරං නානුස්සරතී ති. සො එවමාහ: යෙ ඛො තෙ භොන්තො දෙවා න, ඛිඩ්ඩාපදොසිකා තෙ න අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරන්ති. තෙසං න අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති න සම්මුස්සති. සතියා අසම්මොසා තෙ දෙවා තම්හා කායා න චවන්ති, නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති. යෙ පන මයං අහුම්හා ඛිඩ්ඩාපදොසිකා තෙ මයං අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරිම්හා. තෙසං නො අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති සම්මුස්සි. සතියා සම්මොසා එවං{3} මයං තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා”ති.
Sinhala BJT31. භාර්‍ගවය, ක්‍රීඩාප්‍රදූෂක දෙවියන් මුල් කොටැති ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකථාවක් (අග්ගඤ්ඤයක්) යම් කෙනෙක් පණවත් ද, එසේ වූ ඇතැම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇත. මම් ඔවුන් කරා එළැඹ “ආයුෂ්මත්නි, තෙපි ක්‍රීඩාප්‍රදූෂක මූලක ආචාර්‍ය්‍යවාදයක් වූ ලෝකෝත්පත්ති වංශ කථාවක් පණවවු ද? ඒ සැබෑ දැ?” යි කියමි. ඔහු මා විසින් මෙසේ විචාරන ලද්දාහු, ‘එසේ’ යි පිළින කෙරෙත්. “ආයුෂ්මත්නි, තෙපි කෙසේ පිළියෙල කැරැගන්නා ලද ආචාර්‍ය්‍යවාදයක් වූ ක්‍රීඩාප්‍රදූෂක මූලක ලෝකෝත්පත්ති වංශ කථාවක් පණවවු දැ?” යි මෙසේ මම් ඔවුන් විචාරමි. ඔහු මා විසින් විචාරන ලද්දාහු, පිළිතුරු දිය නො හැකි වෙත්. නො හැකි වන්නාහු, මා ම පුළුවුසිත්. එසේ විචාරන ලද මම් ඔවුනට මෙසේ හෙළි කොට කියමි: “ඇවැත්නි, ක්‍රීඩාප්‍රදූෂක නම් දෙවි කෙනෙක් ඇත. ඔහු ඉතා අධික වේලාවක් (අහර වළඳනා කාලය ද ඉක්මැ) මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රීඩාහි ද ඇලෙන සැහැවියට වැටුණාහු වෙසෙත්. ඉතා අධික වේලාවක් මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රීඩාහි ද ඇලෙන සැහැවියට වැටී වසන ඔවුනට බොජුන් ගනුවට සිහි නැති වේ. එසේ සිහි නැති වීමෙන් (බොජුන් නොගැනුම් හේතුයෙන්) ඒ දෙවියෝ දිව්‍ය නිකායයෙන් ච්‍යුත වෙත්. මෙසේ ච්‍යුත වූ එක්තරා සත්‍වයෙක් ඒ දේව නිකායෙන් ච්‍යුත ව මේ මිනිස් බවට පැමිණේ. එසේ මිනිසත් බවට පැමිණියා වූ ම හෙ තෙම ගිහි ගෙන් නික්ම පැවිදි වේ. පැවිදි වූයේ ම උත්සාහ වඩා, වැර වඩා, පුන පුනා වැර වඩා, සිහිය වඩා, නුවණ වඩා, යම් සමාධියෙකින් සිත මොනොවට පිහිටි කලැ ඒ පෙරැ අත් බව සිහි කළ හැකි වේ ද, එයින් යට සිහි කළ හැකි නො වේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි’ යන මෙය විද්‍යමාන එකෙකි. හේ මෙසේ කියයි: ‘යම් භවත් දෙවි කෙනෙක් ක්‍රීඩාප්‍රදූෂක නො වෙත් ද, ඔහු බොජුන් වේලාව ඉක්මැ මෙවුන්දම්හිත් කායික වාචසික ක්‍රීඩාහිත් ඇලෙන සැහැවියට පත්තෝ වැ නො වෙසෙත් ද, එසේ වේලාව ඉක්මැ මෙවුන්දම්හිත් සෙසු කායික වාචසික ක්‍රීඩාහිත් ඇලෙන සැහැවියට පැමිණ නො වසන ඔවුනට බොජුන් ගනුයෙහි සිහි නැති නො වේ. එසේ සිහි නැති නොවනුයෙන් ඒ දෙවියෝ ඒ දේවනිකායයෙන් නො සැවෙත්. ඔහු නිත්‍ය හ, ධ්රුව හ, සදාභාවී හ. නො පෙරැළෙන සුල්ලහ. හැම කල් පවත්නා පොළෝ ආදි වස්තූනට සම වැ එසේ ම (නො වෙනස් ව) සිටුනාහ. යම් බඳු අපි වනාහි ක්‍රීඩාප්‍රදූෂක වූමෝ ද, වේලාව ඉක්මැ හර්‍ෂ ක්‍රීඩාරති ස්වභාවයට පැමිණියෝ වැ වුසූමෝ ද, එසේ වසන අපට බොජුන් ගැන්මෙහි සිහි නැති විය. එයින් අපි ඒ දෙව්නිකායෙන් ච්‍යුත වූ මෝ එහෙයින් ම අනිත්‍ය වූමෝ අධ්‍රැව වූ මෝ අල්පායුෂ්ක වූමෝ මැරෙන සුලු වූමෝ මෙ මිනිස් බවට පැමිණියම්හ.” (යනු යි.)
Pali BJTඑවංවිහිතකං නො තුම්හෙ ආයස්මන්තො ඛිඩ්ඩාපදොසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙථා?ති. තෙ එවමාහංසු: එවං ඛො නො ආවුසො ගොතම සුතං යථෙවායස්මා ගොතමො ආහා ති. අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි -පෙ- යදභිජානං තථාගතො නො අනයං ආපජ්ජති.
Sinhala BJTආයුෂ්මත්නි, මෙසේ සකස් කැරැගන්නා ලද ක්‍රීඩාප්‍රදූෂක මූලක ආචාර්‍ය්‍ය වාදයක් වූ ලෝකෝත්පත්ති වංශකථාවක් තෙපි පණවවු දැ” යි මම් අසමි. ‘ඇවැත්නි ගෞතමයිනි, එසේ ආයුෂ්මත් ගෞතමයන් පැවැසූ පරිදි ම අප විසින් අසන ලදි’ යි ඔහු කීහ. භාර්‍ගවය, මේ ලෝකෝත්පත්ති වංශකථාව ද මම් දනිමි … යමක් තථාගත තෙමේ වෙසෙසි නුවණින් දන්නේ අනය ව්‍යසනයට නො පැමිණේ ද, එසේ වූ කෙලෙසේ නිවීම මා විසින් තමා කෙරෙහි ම දන්නා ලද්දේ ය.
Pali BJT32. සන්ති භග්ගව, එකෙ සමණබ්රාහ්මණා මනොපදොසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙන්ති. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: සච්චං කිර තුම්හෙ ආයස්මන්තො මනොපදොසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙථා?ති. තෙ ච මෙ එවං පුට්ඨා ‘ආමො’ති පටිජානන්ති. ත්යාහං එවං වදාමි: කථංවිහිතකං නො පන තුම්හෙ ආයස්මන්තො මනොපදොසිකං ආචරියකං අග්ගඤ්ඤංපඤ්ඤපෙථා?ති. තෙ මයා පුට්ඨා න සම්පායන්ති. අසම්පායන්තා මමඤ්ඤෙව පටිපුච්ඡන්ති. තෙසාහං පුට්ඨො බ්යාකරොමි: සන්තාවුසො මනොපදොසිකා නාම දෙවා. තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසෙන්ති. අඤ්ඤමඤ්ඤං පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා තෙ දෙවා තම්හා කායා චවන්ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති, ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය -පෙ- තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථා සමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානුස්සරතීති. සො එවමාහ: “යෙ ඛො තෙ භොන්තො දෙවා න මනොපදොසිකා තෙ නාතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තෙ නාතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි නප්පදූසෙන්ති. අඤ්ඤමඤ්ඤම්හි{1} අප්පදුට්ඨචිත්තා අකිලන්තකායා අකිලන්තචිත්තා{2} තෙ දෙවා තම්හා කායා න චවන්ති නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති. යෙ පන මයං අහුම්හා මනොපදොසිකා තෙ මයං අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායිම්හා.
Sinhala BJT32. භාර්‍ගවය, මනඃප්‍රදූෂක මූලක ආචාර්‍ය්‍යවාදයක් වූ ලෝකෝත්පත්ති වංශකථාවක් යම් කෙනෙක් පණවත් ද, එසේ වූ සමහර මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇත. මම් ඔවුන් කරා ගොස් මෙසේ කියමි. “ආයුෂ්මත්නි, තෙපි මනඃප්‍රදූෂකමූලක වූ ආචාර්‍ය්‍යවාද වූ සත්‍වොත්පත්ති වංශකථාවක් පණවවු ද? ඒ සැබෑ දෑ?’ යි ප්‍රශ්න කරමි. මා විසින් මෙසේ විචාරනු ලැබූ ඔහු ‘එසේ යැ’ යි පිළින කෙරෙත්. මම් ඔවුන් බණවා, “ආයුෂ්මත්නි, කෙසේ සැදුණු මනඃප්‍රදූෂකමූලක ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකථාවක් තෙපි පණවවු දැ?’ යි මෙසේ කියමි. මා විසින් ප්‍රශ්න කරන ලද ඔහු එයට පිළිතුරු දෙනු නො හැකි වෙත්. නො හැකිවන්නාහු පෙරළා මා ම විචාරත්. ඔවුන් විසින් විචාරන ලද මම් ඔවුනට මෙසේ හෙළි කරමි: “ඇවැත්නි, මනඃප්‍රදූෂක නම් දෙවි කෙනෙක් ඇත. ඔහු ඉතා බොහෝ වෙලාවක් උනුන් දෙස බලා හිඳිත්. ඉතා බොහෝ වේලා උනුන් දෙස බලා ඉන්නා ඔහු උනුන් කෙරෙහි සිත් දූෂිත කැරැ ගනිත්. උනුන් කෙරෙහි ප්‍රදූෂිත වූ සිතැත්තාහු ක්ලාන්ත වූ කයැත්තාහු ක්ලාන්ත සිතැත්තාහු ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් ච්‍යුත වෙත්, ඔවුන් අතුරෙන් එක්තරා සත්ත්‍වයකු ඒ දෙව්ලොවින් සැව, මේ මිනිසත්බවට එතැ යි ද මෙ මිනිසත් බවට ආවහු ගිහි ගෙන් නික්ම පැවිදි බවට පැමිණෙතැ යි ද, පැවිදි බිමට පැමිණියහු ම උත්සාහ වඩා … යම්සේ සිත සමාධිගත කල්හි ඒ පෙරැ වුසූ අත්බව සිහි කරතැ යි ද, එයින් ඔබ්බෙහි සිහි නො කරතැ යි ද යන මේ කාරණය විද්‍යමාන ය. හේ මෙසේ කියයි: “යම් භවත් දෙවි කෙනෙක් මනඃප්‍රදූෂක නො වූහු ද, ඔහු අධික වෙලාවක් උනුන් නොබලන්නාහු උනුන් කෙරෙහි සිත් දූෂිත කැරැ නො ගනිත්. උනුන් කෙරෙහි ප්‍රදුෂ්ට නොවූ සිතැත්තාහු, ක්ලාන්ත නොවූ කයැත්තාහු, ක්ලාන්ත නොවූ සිතැත්තාහු, ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් නො සැවෙත් නිත්‍ය වැ ධ්‍රැව වැ ශාශ්වත වැ නො පෙරැළෙන සැහැවි ඇති වැ (මහාපෘථිවි ආදි) ශාශ්වත වස්තූන් සෙයින් ම නො වෙනස් ව සිටුනාහ. යම් බඳු වූ අපි මනඃප්‍රදූෂක වූමු ද, ඒ අපි අධික වේලාවක් උනුන් දෙස බලා උන්නම්හ.
Pali BJTතෙ මයං අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසයිම්හා{1}, තෙ මයං අඤ්ඤමඤ්ඤම්හි පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා එවං මයං{2} තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අසස්සතා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා”ති. එවංවිහිතකං නො තුම්හෙ ආයස්මන්තො මනොපදොසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙථා?”ති. තෙ එවමාහංසු: “එවං ඛො නො ආවුසො ගොතම සුතං යථෙවායස්මා ගොතමො ආහා”ති.
Sinhala BJTඒ අපි උනුන් දෙස බලා ඉන්නමෝ උනුන් කෙරෙහි සිත් දූෂිත කැරැ ගතුම්හ. ඒ අපි උනුනට ප්‍රදුෂ්ට වූ සිතැත්තමෝ එයින් ක්ලාන්ත කයැති වැ ක්ලාන්ත සිතැති වැ මෙසේ ඒ දෙව්ලොවින් චුත වූමෝ, අනිත්‍ය වූමෝ, අධ්‍රැව වූමෝ, ආශාශ්වත වූමෝ, අල්පායුෂ්ක වූමෝ, සැවෙන සුල්ලමෝ මෙ මිනිස්බවට ආම්හ’ යි මෙසේ කියයි. ආයුෂ්මත්නි, තෙපි මෙසේ සැකැසුණු මනඃප්‍රදූෂක මූලක ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකතාවක් පනවවු දැ?’ යි මම් ඇසීමි. ‘ඇවැත්නි. ගෞතමයිනි, යම්සේ ආයුෂ්මත් ගෞතමයෝ කීහු ද, එසේ ම අප විසින් අසන ලදැ’ යි ඔහු කීහ.
Pali BJTඅග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි තඤ්ච පජානාමි -පෙ- යදභිජානං තථාගතො නො අනයං ආපජ්ජති.
Sinhala BJTභාර්‍ගවය, මම් ලෝකෝත්පත්ති වංශකථාව ද දනිමි. එය ද දනිමි … තථාගත තෙමේ යමක වෙසෙසි නුවණින් දන්නෝ අනයව්‍යසනයට නො පැමිණේ ද එසේ වූ කෙලෙස් නිවීම තමා කෙරෙහි ම දන්නා ලද්දේ ය.
Pali BJT33. සන්ති භග්ගව, එකෙ සමණබ්රාහ්මණා අධිච්චසමුප්පන්නං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙන්ති. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: සච්චං කිර තුම්හෙ ආයස්මන්තො අධිච්චසමුප්පන්නං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙථා?ති. තෙ ච මෙ එවං පුට්ඨා ‘ආමො’ති පටිජානන්ති. ත්යාහං එවං වදාමි: කථංවිහිතකං නො පන තුම්හෙ ආයස්මන්තො අධිච්චසමුප්පන්නං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙථා?ති. තෙ ච මයා පුට්ඨා න සම්පායන්ති. අසම්පායන්තා මමඤ්ඤෙව පටිපුච්ඡන්ති. තෙසාහං පුට්ඨො බ්යාකරොමි: “සන්තාවුසො අසඤ්ඤසත්තා නාම දෙවා. සඤ්ඤුප්පාදා ච පන තෙ දෙවා තම්හා කාය චවන්ති. ඨානං ඛො පනෙතං ආවුසො විජ්ජති, යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති, ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය -පෙ- තථාරූපං චෙතොසමාධිං ඵුසති යථා සමාහිතෙ චිත්තෙ තං සඤ්ඤූප්පාදං අනුස්සරති, තතො පරං නානුස්සරතී ති. සො එවමාහ: අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො ච. තං කිස්ස හෙතු? අහං පුබ්බෙ නාහොසිං, සො’ම්හි එතරහි අහුත්වා සන්තතාය{3} පරිණතො”ති. එවංවිහිතකං නො පන තුම්හෙ ආයස්මන්තො අධිච්චසමුප්පන්නං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙථා”ති. තෙ එවමාහංසු: “එවං ඛො නො ආවුසො ගොතම සුතං යථෙවායස්මා ගොතමො ආහා”ති. අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි, තඤ්ච පජානාමි, තතො ච උත්තරිතරං පජානාමි, තඤ්ච පජානනං න පරාමසාමි, අපරාමසතො ච මෙ පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා, යදභිජානං තථාගතො නො අනයං ආපජ්ජති.
Sinhala BJT33. භාර්‍ගවය, යම් කෙනෙක් යදෘච්ඡාසමුත්පන්න වූ, ආචාර්‍ය්‍යවාද වූ, ලෝකෝත්පත්ති වංශ කථාවක් පනවත් ද, එසේ වූ සමහර මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇත. මම් ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්නි, තෙපි යදෘච්ඡාසමුත්පන්න ලෝකෝත්පත්ති වංශකථා සංඛ්‍යාත ආචාර්‍ය්‍යවාදයක් පණවන්නහු ලු. ඒ සැබෑ දැ?’ යි මෙසේ ප්‍රශ්න කරමි. මා විසින් පුළුවුත් ඔහු ‘එසේ යැ’ යි පිළින කෙරෙත්. “ආයුෂ්මත්නි, කෙසේ සැදුණු, යදෘච්ඡාසමුත්පන්න වූ, ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකථාවක් තෙපි පණවවු දැ?’ යි මම් ඔවුන් පිළිවිසිමි. මා විසින් පුළුවුස්නා ලද ඔහු එයට උත්තර දෙනු නො හැකි වෙත්. උත්තර දිය නො හැකි වන්නාහු, මා ම පුළුවුසිත්. එසේ පුළුවුස්නා ලදුයෙම් මම ඔවුනට මෙසේ හෙළි කොට කියමි, “ඇවැත්නි, අසංඥසත්‍ව නම් දෙව් කෙනෙක් ඇත. සංඥාව ඉපැත්මෙන් ම ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් ච්‍යුත වෙත්. ඇවැත්නි, එක්තරා සත්‍වයකු ඒ දෙව්ලොවින් සැවැ මෙ මිනිස් බවට පැමිණෙතැයි ද, එසේ මෙ මිනිසත් බවට පැමිණියාහු ගිහි ගෙන් පැවිදි බිමට යෙතැ යි ද, ගිහි ගෙන් නික්ම පැවිදි බිමට පැමිණ ම උත්සාහ වඩා … යම් සේ ම සිත සමාහිත කල්හි ඒ සංඥාවගේ ඉපැත්ම සිහි කෙරේ නම් එයින් ඔබ්බෙහි සිහි නො කෙරේ නම් එසේ වූ චිත්තසමාධියක් ඔහු ස්පර්‍ශ කරතැයි ද යන මේ කාරණය විද්‍යමාන එකෙක. හෙ තෙමේ ආත්මයත් ලෝකයත් යදෘච්ඡා සමුත්පන්නාහ (ඉබේ පහළ වූහ)’ යි පණවයි. එසේ කියනු යේ කවර හෙයින? යත්: ‘මම් පෙරැ නොවීමි, ඒ මම් පෙරැ නො වී දැන් සත්‍ව භාවයට පෙරැළිණිමි’ යි හේ කියයි. ‘ආයුෂ්මත්නි, තෙපි මෙසේ සැකැසුණු ආචාර්‍ය්‍යවාද වූ යදෘච්ඡාසමුත්පන්න ලෝකෝත්පත්ති වංශකථාවක් පණවවු දැ?’ යි මම් ඔවුන් පිළිවිසිමි: ‘ඇවැත්නි, ගෞතමයිනි, යම්සේ ආයුෂ්මත් ගෞතමයෝ කීහු ද, එසේ ම අප විසින් අසන ලද්දේ යැ යි ඔහු කියත්. භාර්‍ගවය, අග්ගඤ්ඤය ද (ලෝකෝත්පත්ති වංශකථාව ද) මම් දනිමි. එය ද දනිමි, එයින් වඩා උසස් වූ දැය ද දනිමි, ඒ දැනීම ද තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්‍ශනය නො කරමි. එය පරාමර්‍ශ නොකරන්නා වූ ද මා විසින් යමක් වෙසෙසි නුවණින් දන්නා තථාගත තෙම අනයව්‍යසනයකට නො පැමිණෙයි ද, එසේ වූ කෙලෙස් නිවීම තමා කෙරෙහි ම දන්නා ලද්දේ ය.
Pali BJT34. එවංවාදිං ඛො මං භග්ගව, එවමක්ඛායිං එකෙ සමණබ්රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති: “විපරීතො සමණො ගොතමො භික්ඛවො ච. සමණො ගොතමො එවමාහ: යස්මිං සමයෙ සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරති සබ්බං තස්මිං සමයෙ අසුභන්ත්වෙව{1} පජානාතී ති. න ඛො පනාහං භග්ගව එවං වදාමි: යස්මිං සමයෙ සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරති. සබ්බං තස්මිං සමයෙ අසුභන්තෙව පජානාතීති.{2} එවං ච ඛ්වාහං භග්ගව වදාමි: යස්මිං සමයෙ සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරති, සුභන්ත්වෙව තස්මිං සමයෙ පජානාතී’ති.
Sinhala BJT34. භාර්‍ගවය, මෙසේ කියන, මෙසේ කරුණු පවසන මට, ඇතැම් මහණ කෙනෙකේ බමුණු කෙනෙක් ‘මහණ ගොයුම් පෙරැළුණු සංඥා ඇත්තේ ය, ඔහු සවු මහණහු ද පෙරැළුණු සංඥා ඇත්තෝ යැ’ යි ද, ‘යම් විටෙක ශුභ විමෝක්‍ෂය ලැබ වෙසේ නම් එ කලැ සියල්ල අශුභ යැ යි ම හඳුනා යැ යි දැ’ යි නැති දැයින්, හිස් මුසායෙන්, අභූතයෙන් දොස් නඟත්. භාර්‍ගවය, ශුභවිමෝක්‍ෂය ලැබ වසන කලැ ‘සියල්ල අශුභ යැ යි හඳුනා යැ’ යි මෙසේ මම් නො කියමි. වැලි ‘යම් සමයෙක ශුභවිමෝක්‍ෂය ලැබ වෙසේ නම්, එ කලැ ශුභ යැ යි ම හඳුනා යැ’ යි මෙසේ නම් මම් කියමි.
Pali BJT“තෙ’ච භන්තෙ, විපරීතා යෙ භගවන්තං විපරීතතො දහන්ති භික්ඛවො ච. එවං පසන්නො අහං භන්තෙ භගවති, පහොති ච මෙ භගවා තථා ධම්මං දෙසෙතුං යථා අහං සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරෙය්යන්ති.”
Sinhala BJT“වහන්ස යම් කෙනෙක් වූකලී භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂූන් ද, විපරීත වශයෙන් පිහිටුවත් නම් (ඇති තතු වෙනස් කොටැ දක්වා දොස් නගත් නම්), ඔහු ම විපරීතයෝ ය (පෙරැළුණු සංඥා ඇත්තෝ ය). වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුණෙම් වෙමි. යම් සේ මම් ශුභ විමෝක්‍ෂය ලැබ විසිය හැකි වන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එසේ දහම් දෙසන්නට පොහොසත් සේකැ’ යි මෙසේ මම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි” යි භාර්‍ගව කී ය.
Pali BJT“දුක්කරං ඛො එවං භග්ගව, තයා අඤ්ඤදිට්ඨිකෙන අඤ්ඤඛන්තිකෙන අඤ්ඤරුචිකෙන අඤ්ඤත්රායොගෙන අඤ්ඤත්රාචරියකෙන සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරිතුං. ඉඞ්ඝ ත්වං භග්ගව, යො ච තෙ අයං මයි පසාදො, තමෙව ත්වං සාධුකමනුරක්ඛා”ති.
Sinhala BJT“භාර්‍ගවය, අන්‍ය දෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍යරුචික වූ අන්‍ය ප්‍රතිපත්තියෙක යෙදුණු, අන්‍යතීර්‍ත්‍ථායතනයෙක ඇදුරු වූ තා විසින් මෙසේ ශුභ විමෝක්‍ෂය ලැබ වසන්නට දුෂ්කර ය. එබැවින් භාර්‍ගවය, මා කෙරෙහි තාගේ මේ යම් පැහැදීමෙක් ඇද්ද, එය ම තෝ මොනොවට රකුව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“සචෙ තං භන්තෙ, මයා දුක්කරං අඤ්ඤදිට්ඨිකෙන අඤ්ඤඛන්තිකෙන අඤ්ඤරුචිකෙන අඤ්ඤත්රායොගෙන අඤ්ඤත්ර ආචරියකෙන සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරිතුං, යො ච මෙ අයං භන්තෙ භගවති පසාදො, තමෙවාහං සාධුකමනුරක්ඛිස්සාමී”ති.
Sinhala BJT“වහන්ස, ඉදින් අන්‍යදෘෂ්ටික අන්‍යලබ්ධික අන්‍යරුචික අන්‍යප්‍රතිපත්තියෙක යෙදුණු අන් තීර්‍ත්‍ථායතනයෙක ඇදුරු වූ මා විසින් ඒ ශුභ විමෝක්‍ෂය ලැබ වසන්නට දුෂ්කර වේ නම්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මගේ මේ යම් පැහැදීමෙක් ඇද්ද, එය ම මම් මොනොවට රකින්නෙම්” යි භාර්‍ගව තෙම පැවසී ය.
Pali BJTඉදමවො ච භගවා. අත්තමනො භග්ගවගොත්තො පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දී ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ දහම දෙසූ සේක. භාර්‍ගවගෝත්‍ර පරිව්‍රාජක තෙම ආරාධිත සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්තේ ය.
Pali BJTපාථිකසුත්තං නිට්ඨිතං පඨමං.
Sinhala BJTපළමු වන පාථික සූත්‍රය නිමියේ යැ.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTඋදුම්බරිකසුත්තං
Sinhala BJTඋදුම්බරික සීහනාද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJTඑකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන නිග්රොධො පරිබ්බාජකො උදුම්බරිකාය පරිබ්බාජකාරාමෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං තිංසමත්තෙහි පරිබ්බාජකසතෙහි. අථ ඛො සන්ධානො ගහපති දිවා දිවස්ස{1} රාජගහා නික්ඛමි භගවන්තං දස්සනාය. අථ ඛො සන්ධානස්ස ගහපතිස්ස එතදහොසි: අකාලො ඛො තාව භගවන්තං දස්සනාය, පටිසල්ලීනො භගවා, මනොභාවනීයානම්පි භික්ඛූනං අසමයො දස්සනාය. පටිසල්ලීනා මනොභාවනීයා භික්ඛූ. යන්නූනාහං යෙන උදුම්බරිකාය පරිබ්බාජකාරාමො යෙන නිග්රොධො පරිබ්බාජකො තෙනුපසඞ්කමෙය්යන්ති.
Sinhala BJTඑක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු නොළං තන්හි වූ ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ සමයෙහි න්‍යග්‍රෝධ නම් පිරිවැජි තෙමේ තුන් දහසක් පමණ වූ මහත් පිරිවැජි පිරිසක් හා උදුම්බරිකා දේවියගේ පිරිවැජි අරමෙහි වෙසෙයි. එ කල්හි සන්‍ධාන නම් ගෘහපති භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඉරමුදුන් වේලෙසහි රජගහ නුවරින් නික්මිණ. එ කලැ ඔහුට ‘තව ම භාග්‍යවතුන් වහන්සේ දක්නට නො කල් ම ය. භාග්‍යවතුන්වහන්සේ චිත්ත විවේකයෙන් වැඩ ඉන්නා සේක. සිත වඩන භික්‍ෂූන් ද දක්නට කාලය නො වේ. සිතවඩන භික්‍ෂූහු චිත්ත විවේකයෙන් උන්නාහු වෙති. උදුම්බරිකා දේවියගේ පිරිවැජි අරමට, න්‍යග්‍රෝධ පිරිවැජියා කරා ගියෙම් වීම් නම් යෙහෙකැ යි මේ සිත විය.
Pali BJT2. අථ ඛො සන්ධානො ගහපති යෙන උදුම්බරිකාය පරිබ්බාජකාරාමො යෙන නිග්රොධො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන නිග්රොධො පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා - සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. අද්දසා ඛො නිග්රොධො පරිබ්බාජකො සන්ධානං ගහපතිං දූරතො’ව ආගච්ඡන්තං. දිස්වා සකං පරිසං සණ්ඨපෙසි: අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ. අයං සමණස්ස ගොතමස්ස සාවකො ආගච්ඡති සන්ධානො ගහපති. යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා ගිහී ඔදාතවසනා රාජගහෙ පටිවසන්ති, අයං තෙසං අඤ්ඤතරො සන්ධානො ගහපති. අප්පසද්දකාමා ඛො පනෙතෙ ආයස්මන්තො අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනො. අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යා ති. එවං වුත්තෙ තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං.
Sinhala BJT2. එ කල්හි සන්‍ධාන ගෘහපති තෙම උදුම්බරිකා දේවියගේ පිරිවැජි අරම කරා, න්‍යග්‍රෝධ පිරිවැජියා වෙතට ගියේ ය. එ සමයෙහි න්‍යග්‍රෝධ පිරිවැජි තෙම උන්නාදී වැ ඝෝෂයෙන් යුක්ත වැ උස් හඬ මහ හඬ ඇති වැ, මහත් පිරිවැජි පිරිස හා රාජකථා, චෝරකථා, මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, අන්නකථා, පානකථා, වස්ත්‍රකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, සූරකථා, විසිඛාකථා, කුම්භස්ථානකථා, පූර්‍වප්‍රේතකථා, නානාත්‍වකථා, ලෝකාඛ්‍යායිකා, සමුද්‍රාඛ්‍යායිකා, ඉතිභවාභවකථා යන මේ කථා හෝ මෙ බඳු වූ තිරශ්චීන කථා කියමින් හුන්නේ වෙයි. න්‍යග්‍රෝධ පිරිවැජි තෙම එන්නාවූ සන්‍ධාන ගෘහපතියා දුටුතේ ය. දැක ‘භවත්හු නිහඬ වෙත් වා. භවත්නි, ශබ්ද නො කරවු. මහණ ගොයුමන්ගේ සවු වූ මේ සන්‍ධාන ගෘහපති එයි. මහණ ගොයුමන්ගේ සවු වූ සුදු වත් හඳිනා, යම් පමණ ගිහි කෙනෙක් රජගහ නුවරැ වෙසෙත් ද, මේ සන්‍ධාන ගෘහපති ඔවුන්ගෙන් එක්තරා කෙනෙක. මේ ආයුෂ්මතුන් නිහඬ බව කැමැත්තෝ ය, නිහඬ බව්හි හික්මුණෝ ය, නිහඬ බවේ ගුණ කියන්නෝ ය. නිහඬ පිරිස දැන මෙහි එළැඹියැ යුතු යැ යි සිතුවොත් යෙහෙකැ” යි කියා සිය පිරිස නිහඬ කෙළේ ය. මෙසේ කී කල්හි ඒ පිරිවැජියෝ නිහඬ වූහ.
Pali BJT3. අථ ඛො සන්ධානො ගහපති යෙන නිග්රොධො පරිබ්බාජකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා නිග්රොධෙන පරිබ්බාජකෙන සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සන්ධානො ගහපති නිග්රොධං පරිබ්බාජකං එතදවොච: අඤ්ඤථා ඛො ඉමෙ භොන්තො අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සංගම්ම සමාගම්ම උන්නාදිනො උච්චාසද්දමහාසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං ඉති වා අනුයුත්තා විහරන්ති - සෙය්යථිදං රාජකථං -පෙ- ඉතිභවාභව කථං අඤ්ඤථා ඛො{1} පන සො භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්යකානි පටිසල්ලානසාරුප්පානී’ති.
Sinhala BJT3. එ කල්හි සන්‍ධාන ගෘහපති න්‍යග්‍රෝධ පිරිවැජියා කරා එළඹියේ ය. එළැඹ න්‍යග්‍රෝධ පිරිවැජියා හා සතුටු විය. සතුටු විය යුතු සිතැ රැඳැවිය යුතු කථාව අවසන් කොට එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ම සන්‍ධාන ගෘහපති තෙම න්‍යග්‍රෝධ පිරිවැජියාට මෙය කී ය: “මේ භවත් අන්තොටු පිරිවැජියෝ එක්තැන් ව එක්රැස් ව ඝෝෂා ඇත්තාහු, උස් හඬ මඟ හඬ ඇත්තාහු, රාජකථා ... ඉතිභවා භව කථා යන මේ හෝ මෙබඳු වූ අනේකවිධ තිරශ්චීන කථාහි යෙදුණාහු අන් සැටියෙකින් වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වල්ප භඩ ඇති, මඳ භඩ ඇති, ජනවාත රහිත වූ, හුදෙකලා වැ කරන කටයුතුවලට සුදුසු වූ, ඒකීභාවයට යෝග්‍ය වූ අරණ්‍ය වනප්‍රස්ථයන්, ගොදුරු ගමට දුරැ සෙනසුන් සෙව්නාහු අන් සැටියෙකින් ම වෙසෙත්” (යනුයි).
Pali BJTඑවං වුත්තෙ නිග්රොධො පරිබ්බාජකො සන්ධානං ගහපතිං එතදවොච: යග්ඝෙ ගහපති ජානෙය්යාසි, කෙන සමණො ගොතමො සද්ධිං සල්ලපති? කෙන සාකච්ඡං සමාපජ්ජති? කෙන පඤ්ඤාවෙය්යත්තියං ආපජ්ජති. සුඤ්ඤාගාරහතා සමණස්ස ගොතමස්ස පඤ්ඤා, අපරිසාවචරො සමණො ගොතමො, නාලං සල්ලාපාය. සො අන්තමන්තානෙව{1} සෙවති. සෙය්යථාපි නාම ගො කාණා පරියන්තචාරිනී අන්තමන්තානෙව සෙවති. එවමෙව සුඤ්ඤාගාරහතා සමණස්ස ගොතමස්ස පඤ්ඤා, අපරිසාවචරො සමණො ගොතමො, නාලං සල්ලාපාය. සො අන්තමන්තානෙව සෙවති. ඉඞ්ඝ ගහපති, සමණො ගොතමො ඉමං පරිසං ආගච්ඡෙය්ය, එකපඤ්හෙනෙව නං සංසාදෙය්යාම,{2} තුච්ඡකුම්භීව නං මඤ්ඤෙ ඔරොධෙය්යාමා’ති.
Sinhala BJTමෙසේ කී කල්හි න්‍යග්‍රෝධ පිරිවැජි තෙම, සන්‍ධාන ගෘහපතියාට මෙය කී ය: “එසේ නම් ගැහැවිය දැන ගන්න. මහණ ගොයුම් කවරකු හා කතා බස් කෙරේ ද? කවරකු හා සාකච්ඡාවට බස්නේ ද? කවරකු හා උතුරු පිළිතුරු කතායෙන් ප්‍රඥාව්‍යක්තතාවට පැමිණේ ද? මහණගොයුම්හුගේ ප්‍රඥාව ශූන්‍යාගාරයන්හි ම නටුයේ ය. මහණ ගොයුම් අවිසාරද බැවින් පිරිස් මැදට බස්නට නො හැක්කේ ය. ආලාපසංලාපයට සමත් නො වෙයි. ඇඟේ කිසිවක් හැපෙතැ යි මඟ හැර හැර යන එකැස් කණ දෙනක සේ ප්‍රශ්න අසතැ යි බියෙන් ගමින් බොහෝ දුරැවූ සෙනසුන් සෙව්නේ ය. එබැවින් දැනගනුව, ගැහැවිය, මහණ ගොයුම් මේ පිරිසට ආවොත් එක් ප්‍රශ්නයෙන් ම ඔහු යටපත් කරන්නමු, හිස් කළයක් (ඒ මේ අත පෙරළා බැඳ තබන්නාක්) සෙයින් වාද කථායෙන් බැඳ තබන්නෙමු” (යනු යි).
Pali BJT4. අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය සන්ධානස්ස ගහපතිස්ස නිග්රොධෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො භගවා ගිජ්ඣකූටා පබ්බතා ඔරොහිත්වා යෙන සුමාගධාය තීරෙ මොරනිවාපො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සුමාගධාය තීරෙ මොරනිවාපෙ අබ්භොකාසෙ චඞ්කමි. අද්දසා ඛො නිග්රොධො පරිබ්බාජකො භගවන්තං සුමාගධාය තීරෙ මොරනිවාපෙ අබ්භොකාසෙ චඞ්කමන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපෙසි: අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ, අයං සමණො ගොතමො සුමාගධාය තීරෙ මොරනිවාපෙ අබ්භොකාසෙ චඞ්කමති. අප්පසද්දකාමො ඛො පන සො ආයස්මා, අප්පසද්දස්ස වණ්ණවාදී. අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්ය. සචෙ සමණො ගොතමො ඉමං පරිසං ආගච්ඡෙය්ය, ඉමං තං පඤ්හං පුච්ඡෙය්යාම ‘කො නාම සො භන්තෙ භගවතො ධම්මො යෙන භගවා සාවකෙ විනෙති, යෙන භගවතා සාවකා විනීතා අස්සාසප්පත්තා පටිජානන්ති අජ්ඣාසයං ආදිබ්රහ්මචරියන්ති? එවං වුත්තෙ තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං.
Sinhala BJT4. භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය විෂය සීමා ඉක්මි පිරිසිදු දිවකන් නුවණින් සන්‍ධාන ගෘහපතිහු න්‍යග්‍රෝධ පිරිවැජියා හා කැරෙන මේ කථාසංලාපය අසා වදාළසේක. ඉක්බිති ගිජුකුළු පව්වෙන් බැස, සුමාගධා පොකුණු තෙරැ වූ මයුරනිවාප නම් තැනට වැඩි සේක. වැඩ එහි සුමාගධා පොකුණු තෙරැ මයුර නිවාපයෙහි එළිමහනෙහි සක්මන් කළසේක. න්‍යග්‍රෝධ පිරිවැජි තෙම සුමාගධාතීරයෙහි මයුර නිවාපයෙහි එළිමහනැ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැක සිය පිරිස බණවා, ‘භවත්හු නිහඬ වෙත් වා. භවත්නි, ශබ්ද නො කරවූ. මේ ශ්‍රමණ ගෞතම තෙමේ සුමාගධාව තෙරැ මයුර නිවාපයෙහි පිළිමිහනැ සක්මන් කෙරෙයි. ඒ ආයුෂ්මත් තෙමේ නිහැඬියාව කැමැත්තේ, නිහඬ බවැ ගුණ කියන සුලු ය. මෙ පිරිස නිහඬ වැ ඉඳිනාහු දැන එළැඹියැ යුතු කොට සිතුයේ වී නම් ඉතා යෙහෙක. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මෙ පිරිස කරා ආයේ වී නම්, ‘වහන්ස’ භාග්‍යවතුන් වහන්සේ යම් දහමෙකින් ශ්‍රාවකයන් හික්මවන සේක්ද භාග්‍යවතුන් වහන්සේ විසින් යම් දහමෙකින් හික්මවන ලද සව්වෝ සතුටට පැමිණියාහු උත්තම නිඃශ්‍රයයක්, ආදිම බ්‍රහ්මචර්‍ය්‍යක් (ලොවුතුරා මඟක්) තමන් සතුටට කාරණ යැ යි) පිළින කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්‍මය කවරේ වේ ද?’යි මේ පැණය විචාරන්නමු’ යි කී ය. මෙසේ කී කලැ ඒ පිරිවැජියෝ නිහඬ වූහ.
Pali BJTතපොජිගුච්ඡාවාදා
Sinhala BJT__missing translation__
Pali BJT5. අථ ඛො භගවා යෙන නිග්රොධො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො නිග්රොධො පරිබ්බාජකො භගවන්තං එතදවොච: එතු ඛො භන්තෙ භගවා, ස්වාගතං භන්තෙ භගවතො. චිරස්සං ඛො භන්තෙ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තෙ භගවා, ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිග්රොධො පි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො නිග්රොධං පරිබ්බාජකං භගවා එතදවොච: ‘කායනුත්ථ නිග්රොධ එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරා කථා විප්පකතා?ති. එවං වුත්තෙ නිග්රොධො පරිබ්බාජකො භගවන්තං එතදවොච: “ඉධ මයං භන්තෙ අද්දසාම භගවන්තං සුමාගධාය තීරෙ මොරනිවාපෙ අබ්භොකාසෙ චඞ්කමන්තං. දිස්වාන එවං අවොචුම්හා: සචෙ සමණො ගොතමො ඉමං පරිසං ආගච්ඡෙය්ය, ඉමං තං පඤ්හං පුච්ඡෙය්යාම: කො නාම සො භන්තෙ භගවතො ධම්මො යෙන භගවා සාවකෙ විනෙති, යෙන භගවතා සාවකා විනීතා අස්සාසප්පත්තා පටිජානන්ති අජ්ඣාසයං ආදිබ්රහ්මචරියන්ති?” අයං ඛො නො භන්තෙ අන්තරා කථා විප්පකතා, අථ භගවා අනුප්පත්තො”ති.
Sinhala BJT5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ න්‍යග්‍රෝධ පිරිවැජි කරා වැඩි සේක. එ විට න්‍යග්‍රෝධ පිරිවැජිතෙම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක් වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩි සේ මැනැව. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩනා පිණිස යම් ගමන වාරයෙක් වේ ද, බොහෝ කලෙකින් ඒ ගමනවාරය කළ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනා සේක් වා. මේ අස්නෙක් පැනැවිණැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කී ය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥප්තාසනයෙහි වැඩ හුන් සේක. න්‍යග්‍රෝධ පිරිවැජි ද එක්තරා මිටි අස්නක් ගෙන පසෙක උන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක උන්නාවූ ම න්‍යග්‍රෝධ පිරිවැජියා බණවා, “න්‍යග්‍රෝධයෙනි, දැන් තෙපි කවර කථාවෙකින් හුන්නහු ද? තොප අතර කවර කථාවෙක් අඩාළ වී ද?”යි අසා වදාළ සේක. මෙසේ වදාළ කලැ න්‍යග්‍රෝධ පිරිවැජිතෙම “වහන්ස, මෙහි සුමාගධා පොකුණු තෙරැ මයුර නිවාපයෙහි එළිමහනැ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දුටුමු. දැක, ‘ඉදින් ශ්‍රමණ ගෞතමයෝ මේ පිරිස කරා වඩනාහුනම්, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් දහමෙකින් ශ්‍රාවකයන් හික්මවන සේක් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් දහමෙකින් හික්මවන ලද සව්වෝ සතුටට පැමිණියාහු උත්තම නිඃශ්‍රය වූ පැරැණිතම බඹසරක් පිළින කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්‍මය කවරේ වේ ද?’යි මේ පැණය ඔබ විචාරන්නමු’යි කීම්හ. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ විය. එ කලැ, භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක”යි පැවැසීය.
Pali BJT“දුජ්ජානං ඛො පනෙතං නිග්රොධ, තයා අඤ්ඤදිට්ඨිකෙන අඤ්ඤඛන්තිකෙන අඤ්ඤරුචිකෙ අඤ්ඤත්රායොගෙන අඤ්ඤත්රාචරියකෙන ‘යෙනාහං සාවකෙ විනෙමි, යෙන මයා සාවකා විනීතා අස්සාසප්පත්තා පටිජානන්ති අජ්ඣාසයං ආදිබ්රහ්මචරියන්ති. ඉඞ්ඝ ත්වං මං නිග්රොධ සකෙ ආචරියකෙ අධිජෙගුච්ඡෙ පඤ්හං පුච්ඡ “කථං සන්තා නු ඛො භන්තෙ තපොජිගුච්ඡා පරිපුණ්ණා හොති, කථං අපරිපුණ්ණා”?ති.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, ‘යමෙකින් මම් සව්වන් භික්මවන්නෙම් ද, මා විසින් යමෙකින් හික්මවන ලද සව්වෝ සතුටට පැමිණියාහු, උත්තමධාරය වූ පැරණිතම බඹසරක් පිළින කෙරෙත් ද, එය අන්‍යදෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍යරුචික වූ අන්‍ය ප්‍රතිපත්තියෙක යෙදුණු, අන්‍ය තීර්‍ත්‍ථායතනයෙක ඇදුරු වූ තොප විසින් දත නො හැක්ක. එබැවින් න්‍යග්‍රෝධයිනි, ‘වහන්ස, කෙසේ වූ තපෝජුගුප්සාව පරිපූර්‍ණ වේද? කෙසේ වූ තපෝජුගුප්සාව අපරිපූර්‍ණ වේ ද?’යි තෙපි ස්වකීය ආචාර්‍ය්‍ය වාදය වූ අධිජේගුච්ඡයෙහි (රූක්‍ෂ පිළිවෙතින් අතිශයින් පව් බැහැරැ ලීමෙහි) මා විචාරවු”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT6. එවං වුත්තෙ තෙ පරිබ්බාජකා උන්නාදිනො උච්චාසද්දා මහාසද්දා අහෙසුං, “අච්ඡරියං වත භො අබ්භුතං වත භො සමණස්ස ගොතමස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාම සකවාදං ඨපෙස්සති, පරවාදෙන පවාරෙස්සතී”ති. අථ ඛො නිග්රොධො පරිබ්බාජකො තෙ පරිබ්බාජකෙ අප්පසද්දෙ කත්වා භගවන්තං එතදවොච: “මයං ඛො භන්තෙ තපොජිගුච්ඡාවාදා තපොජිගුච්ඡාසාරා{1} තපොජිගුච්ඡං අල්ලීනා{2} විහරාම. කථං සන්තා නු ඛො භන්තෙ තපොජිගුච්ඡා පරිපුණ්ණා හොති, කථං අපරිපුණ්ණා?ති”
Sinhala BJT6. මෙසේ වදාළ කලැ, ඒ පිරිවැජියෝ ‘ස්වකීය වාදය පසෙක තබා පරවාදයෙන් පවරන සේ වූ මහණ ගොයුමන්ගේ මහ ඉදුමත් බව අසිරිය, මහ තෙද බලඇති බව පුදුම යැ! යි ඝෝෂා පවත්වනුවෝ උස් හඬැත්තාහු මහත් හඬැත්තාහු වූහ, ඉක්බිති න්‍යග්‍රෝධ පිරිවැජි ඒ පිරිවැජ්ජන් නිහඬ කොට, ‘වහන්ස, අපි තපෝජුගුප්සාවාදය (රළු පිළිවෙතින් පව් අරැ ලියැ යුතුය යන දෘෂ්ටිය) ඇත්තමෝ, තපෝජුගුප්සාව සාරය කොටැත්තමෝ තපෝජුගුප්සාවාදයෙහි ඇලුණමෝ වසම්හ. වහන්ස, කෙබඳු වූ ම තපෝජුගුප්සාව පරිපූර්‍ණ වේ ද? කෙබඳු වූ ම තපෝජුගුප්සාව පරිපූර්‍ණ නො වේ ද?”යි භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පැණය පුළුවුත.
Pali BJT“ඉධ නිග්රොධ තපස්සී අචෙලකො හොති, මුත්තාචාරො හත්ථාපලෙඛනො,{1} න එහිභදන්තිකො, න තිට්ඨභදන්තිකො, නාභිහටං න උද්දිස්සකටං න නිමන්තනං සාදියති. සො න කුම්භිමුඛා පටිගණ්හාති, න කළොපිමුඛා පටිගණ්හාති. න එළකමන්තරං, න දණ්ඩමන්තරං, න මුසලමන්තරං, න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා, න පායමානාය, න පුරිසන්තරගතාය, න සංකිත්තීසු, න යත්ථ සා උට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං, න මංසං, න සුරං, න මෙරයං, න ථුසොදකං පිවති. සො එකාගාරිකො වා හොති එකාලොපිකො, ද්වාගාරිකො වා හොති ද්වා ලොපිකො, සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො, එකිස්සාපි දත්තියා යාපෙති, ද්වීහි පි දත්තීහි යාපෙති -පෙ- සත්තහි පි දත්තීහි යාපෙති. එකාහිකම්පි ආහාරං ආහාරෙති, ද්වාහිකම්පි{2} ආහාරං ආහාරෙති තීහිකම්පි ... චතූහිකම්පි ... පඤ්චාහිකම්පි ... ඡාහිකම්පි ... සත්තාහිකම්පි ආහාරං ආහාරෙති -පෙ- ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “න්‍යග්‍රෝධයෙනි, මෙහි තපස්වී තෙම නිරුවත් වෙයි, සිට ගෙන මල මූ පහකිරීම් ආදිවශයෙන් තොරවූ ශිෂ්ටාචාර ඇත්තේ වෙයි, කෑම කා අත ලෝනේ ය. මෙහි වඩින්නැ වහන්සැ යි බික් පිළිගන්නට කැඳවූ විට නො එන්නේ ය. මෙහි වැඩ සිටින්නැ’යි අයැදු විට නො සිටී, වේලායෙන් පළමු එළවූ බොජුන් නො පිළිගනී, තමා උදෙසා පිළියෙල කළ බොජුන් නො පිළිගනී, නිමන්ත්‍රණය නො ඉවසයි. හෙ තෙම සැළිමුවින් නඟා දුන් බොජුන් නො පිළිගනී. සැළිපසින් නඟා දුන් බොජුන් නො පිළිගනී. එළිපත අතරැ කොට (එළිපතින් එහා පැත්තේ සිට) තුබූ බොජුන් නො පිළිගනී. දංඩක් අතරැ කොට තුබූ බොජුන් නො පිළිගනී. මොහොලක් අතරැ කොට තුබූ බොජුන් නො පිළිගනී. බොජුන් වළඳන දෙදෙනෙකුගෙන් එකකු නැඟී එළැවූ බොජුන් නො පිළිගනී. ගැබින්නක දුන් බොජුන් නො පිළිගනී. කිරිපොවන්නියක එළැවූ බොජුන් නො පිළිගනී. පුරුෂයකු හා වාසයට ගිය ස්ත්‍රියක දුන් බොජුන් නො පිළිගනී. කිහිප දෙනෙකුගේ සම්මාදමින් පිළියෙල කොට එළැවූ බොජුන් නො පිළිගනී. ළඟ හුන් සුනඛයාට නොදී තමාට දුන් අහර නො පිළිගනී. මැස්සන් කැටි කැටි ව ගැවැසෙන තැනදී දුන් අහර නො පිළිගනී. දියමස් නො වළඳයි. ගොඩමස් නො වළඳයි. සුරා නො බොයි. පුෂ්පාසවාදි ආසව නො බොයි. සොවිරකය (සියලු ශශ්‍යසම්භාරයෙන් කළ කාඩිය) නොබොයි. හේ ඒකාගාරික (එක් ගෙයෙකින් පමණක් අහර ලැබ නවත්නේ) හෝ ඒකාලෝපික (එක් බත් පිඬෙකින් පමණක් යැපෙන්නේ) හෝ වෙයි. සාප්තාගාරික (සත් ගෙයෙකින් පමණක් අහර ලැබ නවත්නේ හෝ සත් අහර පිඬෙකින් පමණක් යැපෙන්නේ) වෙයි. එක් දත්තියෙක (කුඩා තලියෙක) බතින් ද යැපෙයි. දත්ති (කුඩා තලි) දෙකෙක බතින් ද යැපෙයි, ... දත්ති සතෙක බතින් ද යැපෙයි. දවසක් හැර දවසක් ද අහර ගනී. දෙ දවසක් හැර දවසක් ද අහර ගනී. තුන් දවසක් ... සතර වසක් … පස් දවසක් ... ස දවසක් ... සත් දවසක් හැර දවසක් ද අහර ගනී ... මෙසේ මේ අයුරින් අඩ මසක් හැර දවසක් ද වාර බත් වැළඳීමේ ව්‍රතයේ යෙදුණේ වෙසෙයි.
Pali BJTසො සාකභක්ඛො වා හොති, සාමාකභක්ඛො වා හොති, නීවාරභක්ඛො වා හොති, දද්දුලභක්ඛො වා හොති, හටභක්ඛො වා හොති, කණභක්ඛො වා හොති, ආචාමභක්ඛො වා හොති, පිඤ්ඤාකභක්ඛො වා හොති, තිණභක්ඛො වා හොති, ගොමයභක්ඛො වා හොති, වනමූලඵලාහාරො යාපෙති පවත්තඵලභොජී.
Sinhala BJTහේ අමු පලා බුදින්නේ හෝ වෙයි, බොඩහමු බුදින්නේ හෝ වෙයි. සියදා වී (ඌරුහැල්) බුදින්නේ හෝ වෙයි. සම් ලියාලූ කසට බුදින්නේ හෝ වෙයි. ලහටු ද දිය සෙවෙල් ද බුදින්නේ හෝ වෙයි. සහල්කුඩු බුදින්නේ හෝ වෙයි. දඹු බත් කන්නේ හෝ වෙයි. මුරුවට කන්නේ හෝ වෙයි. තණකොළ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. තමන් ම වැටුණු පල වළඳනුයේ, වනැ මුල් පල අහර කොටඇත්තේ යැපෙයි.
Pali BJT7. සො සාණානි පි ධාරෙති, මසාණානි පි ධාරෙති, ඡවදුස්සානි පි ධාරෙති, පංසුකූලානි පි ධාරෙති, තිරීටානි පි ධාරෙති, අජිනානි පි ධාරෙති, අජිනක්ඛිපම්පි ධාරෙති, කුසචීරම්පි ධාරෙති, වාකචීරම්පි ධාරෙති, ඵලකචීරම්පි ධාරෙති, කෙසකම්බලම්පි ධාරෙති, වාළකම්බලම්පි ධාරෙති, උලූකපක්ඛම්පි ධාරෙති.
Sinhala BJT7. හේ හණ වැහැරි ද දරයි, අන් හූ හා හණ නූල් මුසු කොට වියූ වස්ත්‍ර දරයි, මිණියෙන් බැහැරකෙකාට ලූ වස්ත්‍ර දරයි, ඉවතැ ලූ කඩමාලු රෙදි දරයි, රිටි සුඹුලුයෙන් වියූ වස්ත්‍ර දරයි, අඳුන් මුවසම් දරයි. මැදින් පළන ලද කුර සහිත අඳුන් මුව සම් දරයි, කුසතණ ගොතා කළ වැහැරි ද දරයි, නියඳ වැහැරි ද දරයි, මිනිස් කෙහෙයෙන් කළ කම්බිලි ද දරයි. අස්වලග ලොමින් කළ කම්බිලි ද දරයි, මහමුහුණු පියා පතින් කළ වැහැරිද දරයි,
Pali BJTකෙසමස්සුලොචකොපි හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො, උබ්භට්ඨකො පි{1} හොති ආසනපටික්ඛිත්තො, උක්කුටිකො පි හොති උක්කුටිකප්පධානමනුයුත්තො, කණ්ටකාපස්සයිකො පි හොති කණ්ටකාපස්සෙ සෙය්යං කප්පෙති, ඵලකසෙය්යම්පි කප්පෙති, ථණ්ඩිලසෙය්යම්පි කප්පෙති, එකපස්සයිකො පි හොති රජොජල්ලධරො, අබ්භොකාසිකො පි හොති යථාසන්ථතිකො, වෙකටිකො පි හොති විකටභොජනානුයොගමනුයුත්තො, ආපානකො පි හොති අපානකත්තමනුයුත්තො, සායංතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJTකේසමස්සු ලෝචනානුයෝගයෙහි යෙදුණේ කෙහෙ රවුලු උදුරන්නේ වෙයි, පිළිකෙවු කළ අසුන් ඇත්තේ නැගී (ඍජුව) සිටුනේ වෙයි. උක්කුටිකප්පධානයෙහි (එළිල්ලෙන් හිඳගෙණ කරන වීර්‍ය්‍යයෙහි) යෙදුණේ උත්කුටුක (පැන පැන යන්නේ) ද වෙයි, කණ්ටකාපස්සයික ව්‍රත රක්නේ කටුමැස්සෙහි ශයනය කෙරෙයි, පුවරුයෙහි ශයනය ද කෙරෙයි, බිමැ ශයනය ද කෙරෙයි, එක් ඇලයකින් හෝනේ ද වෙයි, රජස් දැලි දරනුයේ එළිමහනේ වසනුයේ ද වෙයි. අතුරන ලද පරිදි වූ අස්නැ හිඳුනේ ද වෙයි, විකෘත භෝජනයෙහි (ගූථානුභවයෙහි) යෙදුණේ වෛකෘතික ව්‍රතය රක්නේ වෙයි, සිහිල් දිය නො බොනුයේ අපානක ව්‍රතය (සිහිල් දිය නොබොන වත) රක්නේවෙයි, සවස තෙවැනි කොට උදේ මද්දහන සවස යන තුන් වේලෙහි (පව් සෝදන්නට) දියට බසිනුයෙහි යෙදුණේ වෙසෙයි.
Pali BJTතං කිම්මඤ්ඤසි නිග්රොධ, යදි එවං සන්තෙ තපොජිගුච්ඡා පරිපුණ්ණා වා හොති අපරිපුණ්ණා වා?ති.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, එය කිමැයි සිතවූද? ඉදින් මෙසේ ඇති කල්හි තපෝ ජුගුප්සාව පරිපූර්‍ණ වේ ද? පරිපූණ නො වේ ද?”
Pali BJTඅද්ධා ඛො භන්තෙ, එවං සන්තෙ තපොජිගුච්ඡා පරිපුණ්ණා හොති නො අපරිපුණ්ණා”ති.
Sinhala BJT“වහන්ස, මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පරිපූණ වෙයි, අපරිපූණ නො වෙයි” පිරිවැජි කී ය.
Pali BJTතපො උපක්කිලෙසා
Sinhala BJTතප උපක්ලේශයෝ
Pali BJT8. “එවං පරිපුණ්ණාය පි ඛො අහං නිග්රොධ, තපොජිගුච්ඡාය අනෙකවිහිතෙ උපක්කිලෙසෙ වදාමී”ති.
Sinhala BJT8. “න්‍යග්‍රෝධයෙනි, මෙසේ පරිපූර්‍ණ වූ ද තපොජුගුප්සාවෙහි අනේකවිධ උපක්ලේශයන් කියමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“යථාකථං පන භන්තෙ භගවා එවං පරිපුණ්ණාය තපොජිගුච්ඡාය අනෙකවිහිතෙ උපක්කිලෙසෙ වදතී?ති.”
Sinhala BJT“වහන්ස, කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පරිපූර්‍ණ වූ ද තපොජුගුප්සාවෙහි අනේකවිධ උපක්ලේශයන් වදාරන සේක් ද?” යි පිරිවැජි පුළුවුත.
Pali BJT“ඉධ නිග්රොධ තපස්සී තපං සමාදියති. සො තෙන තපසා අත්තමනො හොති පරිපුණ්ණසංකප්පො. යම්පි නිග්රොධ තපස්සී තපං සමාදියති, සො තෙන තපසා අත්තමනො හොති පරිපුණ්ණසංකප්පො. අයම්පි ඛො නිග්රොධ තපස්සිනො උපක්කිලෙසො’ හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “න්‍යලෝධයෙනි, මෙහි තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් සතුටු වූ සිතැත්තේ, අවසන් කළ සංකල්ප ඇත්තේ (තෘප්ත වූයේ) වෙයි. න්‍යග්‍රෝධයිනි, තවුස් තෙම යම් තපසක් සමාදන් කොට ගනී නම්, හෝ ඒ තපසින් සතුටු වේ නම්, තෘප්ත වේ නම්, න්‍යග්‍රෝධයෙනි, මෙය ද තවුස් හට උපක්ලේශයෙක් වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා අත්තානුක්කංසෙති පරං වම්භෙති. යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා අත්තානුක්කංසෙති. පරං වම්භෙති. අයම්පි නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයිනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් තමා හුවා තබයි, මෙරමා හෙලා දකී. න්‍යග්‍රෝධයෙනි, තවුසකු තපස සමාදන් කොට ගෙන එයින් තමා හුවා තබනු ද මෙරමා හෙලා දකිනු ද යන මෙය ද තවුස්හට උපක්ලේශයෙකි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා මජ්ජති මුච්ඡති පමාදමාපජ්ජති.{1} යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති, සො තෙන තපසා මජ්ජති මුච්ඡති පමාදමාපජ්ජති, අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමෙ තපස සමාදන් කොට ගනී. හේ එයින් මත් වෙයි, මුසපත් වෙයි, පමාවට පැමිණෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුසක්හු තපස සමාදන් කොට ගෙන එයින් මත් වනු, මුසපත් වනු පමාවට පැමිණෙනු ද තවුස්හට උපක්ලේශයෙකි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමානො හොති පරිපුණ්ණසංකප්පො. යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති, සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති, සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමනො හොති පරිපුණ්ණසංකප්පො. අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTන්‍යග්‍රෝධයෙනි, තව ද තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී, ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් සතුටු වෙයි, පරිපූර්‍ණ සංකල්ප ඇත්තේ වෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුසක්හු තපස සමාදන් කොට ගෙන එයින් ලාභ සත්කාර කීර්ති උපදවනු ද ඔහු එයින් සතුටු වනු ද පරිපූර්‍ණ මනෝරථ ඇති වනු ද තවුස් හට උපක්ලේශයෙක් වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා ලාභසක්කාර සිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කංසෙති පරං වම්භෙති. යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති, සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති, සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හෝ එයින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් තමා හුවා තබයි, මෙරමා හෙලා දකී. න්‍යග්‍රෝධයෙනි, තවුසක්හු තපස සමාදන් කොට ගෙන එයින් ලාභ සත්කාර කීර්ති උපදවනු ද එයින් තමා හුවා තබනු ද මෙරමා හෙලා දකිනු ද යන මෙය තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන මජ්ජති මුච්ඡති පමාදමාපජ්ජති. යම්පි ඛො නිග්රොධ, තපස්සී තපං සමාදියති, සො තෙන තපසා ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති, සො තෙන ලාභසක්කාරසිලොකෙන මජ්ජති මුච්ඡති පමාදමාපජ්ජති. අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හේ එයින් මත් වෙයි, මුස පත් වෙයි, පමාවට පැමිණෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුසක්හු තපස සමාදන් කොට ගෙන එයින් ලාභ සත්කාර කීර්ති උපදවනු ද එයින් මත් වනු ද මුස පත් වනු ද පමාවනු ද යන මෙ හැම තවුස්හට උපක්ලේශ වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති, භොජනෙසු වොදාසං ආපජ්ජති ‘ඉදං මෙ ඛමති, ඉදං මෙ නක්ඛමතී’ති. සො යඤ්ච{2} ඛ්වස්ස නක්ඛමති තං සාපෙක්ඛො පජහති, යං පනස්ස ඛමති තං ගථිතො{3} මුච්ඡිතො අජ්ඣොපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති -පෙ- අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හෝ (තමා ලත්) බොජුන්හි මෙය ‘මට රිසියෙයි, මෙය නො රිසියෙයි’ කියා දෙකොටසකට බෙදන බවට පැමිණෙයි. හේ තමාට නො රිසියෙන බොජුන් තෘෂ්ණා සහිත ව බැහැර කෙරෙයි. තමාට රිසියෙන බොජුන් ගිජු වූයේ මුස පත් වූයේ, එහි ලැගුණේ, ආදීනවමාත්‍රා දු නො දක්නේ ප්‍රත්‍යවේක්‍ෂණ මාත්‍රා පරිභෝග මාත්‍රා ද නො දන්නේ වළඳයි ... මෙය ද න්‍යග්‍රෝධයෙනි, තවුස්හට උපක්ලේශ වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති ලාභසක්කාරසිලොකනිකන්තිහෙතු ‘සක්කරිස්සන්ති මං රාජානො රාජමහාමත්තා ඛත්තියා බ්රාහ්මණා ගහපතිකා තිත්ථියා’ති. -පෙ- අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ ‘රජුන් ද රාජ මහාමාත්‍යයන් ද ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද ගෘහපතියන් ද තීර්‍ත්‍ථකයන් ද මට සත්කාර කරතැ’යි ලාභ සත්කාර කීර්ති අපේක්‍ෂායෙන් තපස සමාදන් කොට ගනී ද ... මෙය ද තවුස්හට උපක්ලේශ වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී අඤ්ඤතරං සමණං වා බ්රාහ්මණං වා අපසාදෙතා{1} හොති: කිම්පනායං සම්බහුලාජීවො{2} සබ්බං සම්භක්ඛෙති. සෙය්යථිදං මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං අසනිවිචක්කං දන්තකූටං සමණප්පවාදෙනාති -පෙ- අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, ‘කිමෙක් ද? මෙ තෙම පසය බහුල කොට ඇති වැ දිවි පවත්වන්නේ, මූලවීජ, ස්කන්‍ධවීජ, පරුවීජ, අග්‍රවීජ, පස්වනු වීජවීජ යන හැම දැයක් ම කා දමයි. මොහුගේ දත් (එයට හසු වන සියල්ල සුණු විසුණු කරන) මහ හෙන සකක් වැන්න, එහෙත් ශ්‍රමණ නාමයෙන් මොහු හඳුනති’යි කියා තවුස් තෙමේ කිසි යම් මඟණකු හෝ බමුණකු හෝ හෙලා දක්නේ වේ ද, මෙය ද තවුස්හට උපක්ලේශ වෙයි.
Pali BJT9. පුන චපරං නිග්රොධ, තපස්සී පස්සති අඤ්ඤතරං සමණං වා බ්රාහ්මණං වා කුලෙසු සක්කරීයමානං ගරුකරීයමානං මානීයමානං පූජීයමානං දිස්වා තස්ස එවං ‘හොති ඉමඤ්හි නාම සම්බහුලාජීවං කුලෙසු සක්කරොන්ති ගරු කරොන්ති මානෙන්ති පූජෙන්ති, මං පන තපස්සිං ලූඛාජීවිං කුලෙසු න සක්කරොන්ති න ගරු කරොන්ති න මානෙන්ති න පූජෙන්තී’ති, ඉති සො ඉස්සාමච්ඡරියං කුලෙසු උප්පාදෙතා හොති -පෙ- අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJT9. තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම කුලයන්හි සත්කාර කරනු ලබන, ගෞරව කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන කිසි යම් මහණකු හෝ බමුණකු හෝ දකී ද, දැකීමෙන් ‘පසය බහුල කොටැති වැ දිවි පවත්වන මොහුට කුලයන්හි සත්කාර කරත්, ගෞරව කරත්, බුහුමන් කරත්, පුදත්. රූක්‍ෂ වැ ජීවත් වන මට වනාහි කුලයන්හි සත්කාර නො කරත්, ගෞරව නො කරත්, බුහුමන් නො කරත්, පූජා නො කරත්’ යැ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි ද, හෙ තෙමේ මෙසේ කුලයන් කෙරෙහි ඊර්‍ෂ්‍යයාවත් මාත්සර්‍ය්‍යයත් උපදවන්නේ වෙයි ද … න්‍යග්‍රෝධයෙනි, මෙය ද තවුස්හට උපක්ලේශ වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී ආපාතකනිසාදී{3} හොති. යම්පි ඛො නිග්රොධ, තපස්සි ආපාතකනිසාදී හොති අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ තපස් කරනුයේ මිනිසුනට පෙනෙන තන්හි හිඳුනේ වෙයි ද, න්‍යග්‍රෝධයෙනි, මේ මිනිසුනට පෙනෙන තන්හි හිඳ තපස් කරන බව තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී අත්තානං ආදස්සයමානො කුලෙසු චරති ඉදම්පි මෙ තපස්මිං ඉදම්පි මෙ තපස්මින්ති. -පෙ- අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම මේ ද මගේ තපස යි මේ ද මගේ තපසැ යි තමාගේ ගුණ දක්වනුයේ කුලයන්හි හැසිරෙයි ද ... න්‍යග්‍රෝධයෙනි, මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී කිඤ්චිදෙව පටිච්ඡන්නං සෙවති සො ‘ඛමති තෙ ඉදන්ති?’ පුට්ඨො සමානො අක්ඛමමානං ආහ ‘ඛමතී’ති ඛමමානං ආහ ‘නක්ඛමතී’ති. ඉති සො සම්පජානමුසා භාසිතා හොති -පෙ- අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තමාගේ කිසි දොසක් සඟොවා ගෙන හැසිරෙයි ද, මෙය ඔබට කැප ද?’ යි විචාරන ලදුයේ ම නො කැප දැය කැප යැ යි කියයි ද, කැප දැය කැප නො වේ යැ යි කියයි ද, මෙසේ හෙ තෙමේ දදැන මුසවා කියන්නේ වේ ද … න්‍යග්‍රෝධයෙනි, මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තථාගතස්ස සන්තඤ්ඤෙව පරියායං අනුඤ්ඤෙය්යං නානුජානාති -පෙ- අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, දහම් දෙසන තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ අනුදැනියැ යුතු (මැනැවැ යි අනුමෙවියැ යුතු) ඇත්තා වූ ම දේශනාව නො අනුදනී ද ... න්‍යග්‍රෝධය, මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී කොධනො හොති උපනාහී. යම්පි නිග්රොධ, තපස්සී කොධනො හොති උපනාහී, අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුසෙක් ක්‍රෝධ කරන සුලු වෙයි. වෛර බඳින සුලු වෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුසෙක් ක්‍රෝධ කරන සුලු ය, වෛර බඳින සුලු ය යන මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී මක්ඛී හොති. පළාසී{1} -පෙ- උස්සුකී හොති මච්ඡරී -පෙ- සඨො හොති මායාවී -පෙ- ථද්ධො හොති අතිමානී -පෙ- පාපිච්ඡො හොති පාපිකානං ඉච්ඡානං වසං ගතො -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො -පෙ- සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී. යම්පි නිග්රොධ, තපස්සී සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී, අයම්පි ඛො නිග්රොධ, තපස්සිනො උපක්කිලෙසො හොති.{2}
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුසෙක් ගුණමකු වෙයි. උතුමන් තමා හා සම කොට සිතන්නේ වෙයි, ඊර්‍ෂ්‍යා කරන්නේ වෙයි, මසුරු වෙයි, කෛරාටික වෙයි, කළ වරද සඟොවන මායා ඇත්තේ වෙයි, තෙත් ගති නැත්තේ කරුණාව නැත්තේ තද ගති ඇත්තේ වෙයි, අධිකමාන ඇත්තේ වෙයි. ලාමක ඊප්සා ඇත්තේ ලාමක ඊප්සාවනට වශග වූයේ වෙයි, උච්ඡේදදාෂ්ටියෙන් සමන්‍විත මිසදිටුවෙක් වෙයි. තමා ගත් දෘෂ්ටිය පරාමර්‍ශනය කරනුයේ, දැඩි කොට ගත්තේ, බැහැරැ කැරැවිය නො හැකි සේ ගත් දෘෂ්ටි ඇත්තේ වෙයි. න්‍යග්‍රෝධයෙනි, ගුණමකු වෙයි ... තමා ගත් දෘෂ්ටිය පරාමර්‍ශන කරනුයේ දැඩි කොට ගත්තේ, බැහැර කැරැවිය නො හැකි දෘෂ්ටි ඇත්තේ වෙයි යන යමෙක් ඇද්ද, මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
Pali BJTතං කිම්මඤ්ඤසි නිග්රොධ, යදි මෙ තපොජිගුච්ඡා උපක්කිලෙසා වා අනුපක්කිලෙසා වා?ති.
Sinhala BJT“න්‍යග්‍රෝධයෙනි, එය කිමැ යි සිතවු ද? මේ තපෝජුගුප්සාවෝ උපක්ලේශ ඇත්තෝ ද? නැත හොත් උපක්ලේශ නැත්තෝ ද?”
Pali BJT“අද්ධා ඛො ඉමෙ භන්තෙ, තපොජිගුච්ඡා උපක්කිලෙසා නො අනුපක්කිලෙසා, ඨානං ඛො පනෙතං භන්තෙ විජ්ජති, යං ඉධෙකච්චො තපස්සී සබ්බෙහෙව ඉමෙහි උපක්කිලෙසෙහි සමන්නාගතො අස්ස, කො පන වාදො අඤ්ඤතරඤ්ඤතරෙනා?”ති.
Sinhala BJT“වහන්ස, මේ තපෝජුගුප්සාවෝ උපක්ලේශ ඇත්තෝ වෙත්, උපක්ලේශ නැත්තෝ නො වෙත්. වහන්ස, මෙහි එක්තරා තවුසෙක් මේ සියලු උපක්ලේශයන්ගෙන් සමන්‍විත වන්නේ ය යන මේ කාරණය ඒකාන්තයෙන් ඇත්තේ ය. එක්තරා උපක්ලේශයෙකින් සමන්‍විත වන්නේ ය යනු කියනු ම කවරේ ද?” යි තවුසා කී ය.
Pali BJTපරිසුද්ධපපටිකප්පත්ති-කථා
Sinhala BJTපරිශුද්ධ ප්‍රපාටිකාප්‍රාප්ති කථා
Pali BJT10. ඉධ නිග්රොධ, තපස්සී තපං සමාදියති, සො තෙන තපසා න අත්තමනො හොති න පරිපුණ්ණසංකප්පො. යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති, සො තෙන තපසා න අත්තමනො හොති න පරිපුණ්ණසංකප්පො. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJT10. න්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ තපසින් ආරාධිත සිතැත්තේ නො වෙයි, පරිපූර්‍ණ සංකල්ප ඇත්තේ නො වෙයි. මෙසේ හෙ තෙම එ තන්හි පිරිසිදු වෙයි.
Pali BJTපුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා න අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති, සො තෙන තපසා න අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJTතව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් තමා හුවා නො තබයි, මෙරමා හෙලා නො දකි. මෙසේ හේ එ තන්හි පිරිසිදු වෙයි.
Pali BJT11. පුන චපරං නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා න මජ්ජති න මුච්ඡති න පමාදමාපජ්ජති. යම්පි නිග්රොධ, තපස්සී තපං සමාදියති. සො තෙන තපසා න මජ්ජති න මුච්ඡති න පමාදමාපජ්ජති. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති.
Sinhala BJT11. තව ද න්‍යග්‍රෝධයෙනි,තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් මත් නො වෙයි, මුස පත් නො වෙයි, පමාවට නො පැමිණෙයි. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයකින් තවුසා තපස සමාදන් කොට ගනී ද හේ ඒ තපසින් මත් නො වෙයිද මුස පත් නො වෙයිද පමාවකට නො පැමිණෙයිද මෙසේ හෙ තෙම එ කරුණෙහි පිරිසිදු වෙයි.