Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3501-3600 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT17. තෙන හි රාජඤ්ඤ, උපමන්තෙ කරිස්සාමි. උපමායපි ඉධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං රාජඤ්ඤ, අඤ්ඤතරො ජනපදො වුට්ඨාසි. අථ ඛො සහායකො සහායකං ආමන්තෙසි: ‘ආයාම සම්ම, යෙන සො ජනපදො තෙනුපසඞ්කමිස්සාම, අප්පෙවනාමෙත්ථ කිඤ්චි ධනං අධිගච්ඡෙය්යාමා’ති. ‘එවං සම්මා’ති ඛො සහායකො සහායකස්ස පච්චස්සොසි. තෙ යෙන සො ජනපදො යෙනඤ්ඤතරං ගාමපත්ථං තෙනුපසඞ්කමිංසු. තත්ථ අද්දසංසු පහූතං සාණං ඡඩ්ඩිතං. දිස්වා සහායකො සහායකං ආමන්තෙසි: ‘ඉදං ඛො සම්ම පහූතං සාණං ඡඩ්ඩිතං, තෙන හි සම්ම ත්වඤ්ච සාණභාරං බන්ධ, අහඤ්ච සාණභාරං බන්ධිස්සාමි. උභො සාණභාරං ආදාය ගමිස්සාමා’ති. ‘එවං සම්මා’ති ඛො සහායකො සහායකස්ස පටිස්සුත්වා සාණභාරං බන්ධිත්වා තෙ උභො පි සාණභාරං ආදාය යෙනඤ්ඤතරං ගාමපත්ථං තෙනුපසඞ්කමිංසු. තත්ථ අද්දසංසු පහූතං සාණසුත්තං ඡඩ්ඩිතං. දිස්වා සහායකො සහායකං ආමන්තෙසි: යස්ස ඛො සම්ම අත්ථාය ඉච්ඡෙය්යාම සාණං ඉදං පහූතං සාණසුත්තං ඡඩ්ඩිතං. තෙන හි සම්ම ත්වඤ්ච සාණභාරං ඡඩ්ඩෙහි, අහඤ්ච සාණභාරං ඡඩ්ඩෙස්සාමි, උභො සාණසුත්තභාරං ආදාය ගමිස්සාමා’ති. ‘අයං ඛො මෙ සම්ම සාණභාරො දූරාභතො ච සුසන්නද්ධො ච, අලං මෙ, ත්වං පජානාහී’ති.
Sinhala BJT17. කුමරකසුප් - “එසේ වී නම් ඔබට උවමක් කරන්නෙමි. උපමායෙනුත් මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ කී කරුණෙහි අරුත් දැන ගනිත්. රාජන්‍යයෙනි, පෙරැ වූවක් කියමි: එක්තරා දනව්වෙක් නැගී ගියේ ය (දනවු වැස්සෝ දනව්ව හැර දමා ගියාහ.) එ කලැ යහලුවෙක් යහලුවකු බණවා, ‘යහලුව, එමු. ඒ දනව්ව කරා යන්නම්හ. එහි දී කිසි ධනයක් ලදුමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, යහලුවැ’ යි කියා ම අනිත් යහලු තෙම ඔහුට පිළිවදන් දුන. ඔහු ඒ දනව්වට ගොස් එහි එක්තරා ජනශුන්‍ය වූ ගමකට පැමිණියාහු ය. එහි දමා පියන ලද බොහෝ හන වැහැරි දුටුහ. දැක එක් යහලුවෙක් අනෙකා බණවා, ‘යහලුව, මේ හැරැ දමා පියන ලද බොහෝ හණ වැහැරි ය. එ බැවින් යහලුව, තෝත් හණ වැහැරි බරක් බඳුව, මමත් හණ වැහැරි බරක් බඳින්නෙමි. අපි දෙදෙනා ම හණවැහැරි බරක් ගෙන යන්නමු’ යි කී ය. ‘යහලුව, එසේ යැ’ යි අනෙකා සිය යහලුවාට පිළිවදන් දී, හණ වැහැරි බරක් බැඳ ඔහු දෙදෙනා ම එය ගෙන ජනයාගෙන් හිස් එක්තරා ගමකට ගියාහ. ඔහු එහි දී හැර දමා පියන ලද බොහෝ හණනූල් දුටුහ. දැක එක් යහලුවෙක් අනිත් යහලුවාට ‘යහලුව යම් ධනයක් සඳහා අපි හණවැහැරි ගෙන යනු කැමැතිවූ මු ද, මේ එයට වඩා අගනා ඉවත දමන ලද බොහෝ හණනූල් ඇත. එ බැවින් යහලුව, තෝත් හණවැහැරි බර ඉචත දමව, මමත් හණ වැහැරි බර ඉවත ලන්නෙමි. අපි දෙ දෙනා ම හණනූල් බරක් ගෙන යන්නම්හ’ යි කී ය. ‘යහලුව මේ හණ වැහැරි බර වනාහි මා විසින් දුරැ සිටම ගෙනෙන ලද්දෙක මොනොවට බඳනා ලද්දේ ය. මට හනනූලින් කම් නැත. කළ යුත්ත හෝ දනුව’ යි කී ය.
Pali BJTඅථ ඛො සො සහායකො සාණභාරං ඡඩ්ඩෙත්වා සාණසුත්තභාරං ආදියි. තෙ යෙනඤ්ඤතරං ගාමපත්ථං තෙනුපසඞ්කමිංසු. තත්ථ අද්දසංසු පහූතා සාණියො ඡඩ්ඩිතා, දිස්වා සහායකො සහායකං ආමන්තෙසි: ‘යස්ස ඛො සම්ම අත්ථාය ඉච්ඡෙය්යාම සාණං වා සාණසුත්තං වා, ඉමා පහූතා සාණියො ඡඩ්ඩිතා. තෙන හි සම්ම ත්වඤ්ච සාණභාරං ඡඩ්ඩෙහි, අහඤ්ච සාණසුත්තභාරං ඡඩ්ඩෙස්සාමි, උභො සාණභාරං ආදාය ගමිස්සාමා’ති. ‘අයං ඛො මෙ සම්ම සාණභාරො දූරාභතො ච සුසන්නද්ධො ච, අලං මෙ ත්වං පජානාහී’ති. අථ ඛො සො සහායකො සාණසුත්තභාරං ඡඩ්ඩෙත්වා සාණභාරං ආදියි. තෙ යෙනඤ්ඤතරං ගාමපත්ථං තෙනුපසඞ්කමිංසු. තත්ථ අද්දසංසු පහූතං ඛොමං ඡඩ්ඩිතං -පෙ- පහූතං ඛොමසුත්තං ඡඩ්ඩිතං -පෙ- පහූතං ඛොමදුස්සං ඡඩ්ඩිතං -පෙ- පහූතං කප්පාසං ඡඩ්ඩිතං -පෙ- පහූතං කප්පාසිකසුත්තං ඡඩ්ඩිතං -පෙ- පහූතං කප්පාසිකදුස්සං ඡඩ්ඩිතං -පෙ- පහූතං අයං ඡඩ්ඩිතං -පෙ- පහූතං ලොහං ඡඩ්ඩිතං -පෙ- පහූතං තිපුං ඡඩ්ඩිතං පහූතං සීසං ඡඩ්ඩිතං දිස්වා -පෙ- පහූතං සජ්ඣුං ඡඩ්ඩිතං -පෙ- පහූතං සුවණ්ණං ඡඩ්ඩිතං. දිස්වා සහායකො සහායකං ආමන්තෙසි: ‘යස්ස ඛො සම්ම අත්ථාය ඉච්ඡෙය්යාම සාණං වා සාණසුත්තං වා සාණියො වා ඛොමං වා ඛොමසුත්තං වා ඛොමදුස්සං වා කප්පාසං වා කප්පාසිකසුත්තං වා කප්පාසිකදුස්සං වා අයං වා ලොහං වා තිපුං වා සීසං වා සජ්ඣුං වා, ඉදං පහූතං සුවණ්ණං ඡඩ්ඩිතං. තෙන හි සම්ම ත්වඤ්ච සාණභාරං ඡඩ්ඩෙහි, අහඤ්ච සජ්ඣුභාරං ඡඩ්ඩෙස්සාමි, උභො සුවණ්ණභාරං ආදාය ගමිස්සාමා’ති. ‘අයං ඛො මෙ සම්ම සාණභාරො දූරාභතො ච සුසන්නද්ධො ච අලං මෙ, ත්වං පජානාහී’ති. අථ ඛො සො සහායකො සජ්ඣුභාරං ඡඩ්ඩෙත්වා සුවණ්ණභාරං ආදියි. තෙ යෙන සකො ගාමො තෙනුපසඞ්කමිංසු. තත්ථ යො සො සහායකො සාණභාරං ආදාය අගමාසි. තස්ස නෙව මාතාපිතරො අභිනන්දිංසු, න පුත්තදාරා අභිනන්දිංසු, න මිත්තාමච්චා අභිනන්දිංසු, න ච තතොනිදානං සුඛං සොමනස්සං අධිගච්ඡි. යො පන සො සහායකො සුවණ්ණභාරං ආදාය අගමාසි, තස්ස මාතාපිතරොපි අභිනන්දිංසු, පුත්තදාරාපි අභිනන්දිංසු, මිත්තාමච්චාපි අභිනන්දිංසු, තතො නිදානඤ්ච සුඛං සොමනස්සං අධිගච්ඡි. එවමෙව ඛො ත්වං රාජඤ්ඤ, සාණභාරිකූපමො මඤ්ඤෙ පටිභාසි. පටිනිස්සජ්ජෙතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං, පටිනිස්සජ්ජෙතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති.
Sinhala BJTඑවිට අනිත් යහලුවා තමා ගෙනා හන වැහැරි බර ඉවත දමා හණනූල් බරක් ගත්තේ ය. ඔහු මිනිසුන් හැර දමා ගිය එක්තරා ගමකට ගියාහ. එහි හැර දමා පියන ලද බොහෝ හණරෙදි (ගෝනි) දුටුහ. දැක පළමු සගයා දෙවැනි යහලුවා බණවා ‘යහලුව, යම් ධනයක් සඳහා අපි හණ හෝ හණ නූල් හෝ කැමැත්තමෝ ද, (එයට සුදුසු වූ) මේ හැරදමා පියන ලද බොහෝ හණරෙදි ඇත. යහලුව, එ බැවින් තෝත් හණවැහැරි බර ඉවත දමා පියව, මමත් හණනූල් බර ඉවත දමා පියන්නෙමි. අපි දෙදෙනා ම හණ රෙදි බරක් ගෙන යමු’ යි කී ය. ‘යහලුව, මේ හණ වැහැරි බර මා විසින් දුරැ සිට ගෙනෙන ලද්දේ ද මොනොවට බඳනා ලද්දේ ද වෙයි. මට හණ රෙද්දෙන් වැඩෙක් නැත. කළ යුත්තක් හෝ දනුව’ යි දෙවැන්නා කී ය. ඉක්බිති ඒ යහලු තෙම හණනූල් බර ඉවත දමා හණරෙදි බරක් ගත්තේ ය. ඔහු මිනිසුන් හැර දමා ගිය එක්තරා ගමකට පැමිණියාහ. එහි ඉවත දමා පියන ලද බොහෝ කොමුවැහැරි දුටුහ … ඉවත දමා පියන ලද බොහෝ කොමු නූල් දුටුහ … ඉවත දමා පියන ලද බොහෝ කොමු පිළී … ඉවත දමා පියන ලද බොහෝ කපු … ඉවත දමා පියන ලද බොහෝ කපු නූල් … ඉවත දමා පියන ලද බොහෝ කපු පිළී … ඉවත දමා පියන ලද බොහෝ යකඩ …ඉවත දමා පියන ලද බොහෝ තඹ … ඉවත දමා පියන ලද බොහෝ කලු ඊයම් … ඉවත දමා පියන ලද බොහෝ සුදු ඊයම් … ඉවත දමා පියන ලද බොහෝ රිදී … ඉවත දමා පියන ලද බොහෝ රන් දුටුහ. දැක පළමු යහලුවා දෙවැන්නා බණවා ‘යහලුව, යම් ධනයක් සඳහා හණ වැහැරි හෝ හණ නූල් හෝ හණ පිළී හෝ කොමු වැහැරි හෝ කොමු නූල් හෝ කොමු පිළී හෝ කපු හෝ කපු හූ හෝ කපු පිළී හෝ යකඩ හෝ තඹ හෝ කලු ඊයම් හෝ සුදු ඊයම් හෝ රිදී හෝ කැමැති වන්නමෝ ද, ඒ සඳහා ම (අපට ඇවැසි වූ) මේ හැර දමා පියන ලද බොහෝ රන් ලැබී ඇත. එ බැවින්, යහලුව, තෝත් හණවැහැරි බර ඉවත දමා පියව, මමත් රිදී බර ඉවත දමා පියන්නෙමි. අපි දෙදෙනා ම රන් බරක් ගෙන යම්හ’ යි කී. ‘යහලුව, මේ හණවැහැරි බර මා විසින් දුරැ සිට ගෙනෙන ලද්දේ ද මොනොවට බැඳ ගන්නා ලද්දේ ද වෙයි. එ බැවින් මට රනින් කම් නැත. තා කළ යුතු දැය තෝ ගනුව’ යි කී ය. එ විට ඒ පළමු යහලු තෙම රිදී බර ඉවත දමා පියා රන් බරක් ගත්තේ ය. ඔහු දෙදෙන සිය ගම කරා ගියාහ. ඔවුන් අතුරෙන් යම් යහලුවෙක හණ වැහැරි බර ගෙන ගියේ ද, ඔහුගේ මා පියෝ ඔහු නො ම පිළි ගත්හ. අඹු දරුවෝ ද ඔහු නො පිළිගත්හ. එ හෙයින් හේ සුවක් සොම්නසක් නො ලදුයේ ය. යම් යහලුවෙක් වනාහි රන් බරක් ගෙන ගියේ ද, ඔහුගේ මා පියෝ ද ඔහු පිළි ගත්හ, අඹුදරුවෝ ද ඔහු පිළිගත්හ. මිත්‍රාමාත්‍යයෝ ද පිළිගත්හ, එහෙයින් හේ සුවයත් සොම්නසත් ලැබී ය. රාජන්‍යයෙනි, එ පරිද්දෙන් ම ඔබ ද හණ වැහැරි ගෙන ගිය පුරුෂයා වැන්නකු සේ පෙනෙති. රාජන්‍යයෙනි, මේ ලාමක දෘෂ්ටිය බැහැර කරන්න. එය ඔබට දිගු කලක් අවැඩ පිණිස දුක් පිණිස නො වේ වා.”
Pali BJT18. “පුරිමෙනෙවාහං ඔපම්මෙන භොතො කස්සපස්ස අත්තමනො අභිරද්ධො. අපිචාහං ඉමානි විචිත්රානි පඤ්හපටිභානානි සොතුකාමො එවාහං භවන්තං කස්සපං පච්චනීකං කාතබ්බං අමඤ්ඤිස්සං. අභික්කන්තං භො කස්සප, අභික්කන්තං භො කස්සප! සෙය්යථාපි භො කස්සප, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙව භොතා කස්සපෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භො කස්සප තං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං කස්සපො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. ඉච්ඡාමි චාහං භො කස්සප, මහායඤ්ඤං යජිතුං. අනුසාසතු මං භවං කස්සපො යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT18. පායාසී - “පළමු උපමායෙන් ම මම් භවත් කාශ්‍යපයන් වහන්සේ ට සතුටු වීමි, වෙසෙසින් පැහැදිණිමි. එතෙකුදු වුවත් මේ විසිතුරු පැණ විසැඳුම් අසනු කැමැත්තෙම් ම භවත් කාශ්‍යපයන් වහන්සේට විරුද්ධ වැ කථා කළ යුතු කොට සිතීමි. භවත් කාශ්‍යපයන් වහන්ස, ඔබේ දෙසුම අභිකාන්ත යැ, භවත් කාශ්‍යපයන් වහන්ස, ඔබ දෙසුම වෙසෙසින් කාන්ත යැ. භවත් කාශ්‍යයන් වහන්ස, යම් සේ මුණින් නමා තබන ලද බඳුනක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් වැහුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මඟ කියන්නේ ද, ඇස් ඇතියන් මෙයින් රූප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් දල වන්නේ හෝ වේ ද, එ පරිද්දෙන් ම භවත් කාශ්‍යපයන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. භවත් කාශ්‍යපයන් වහන්ස, ඒ මම් ඒ භගවත් ගෞතමයන් වහන්සේ ද, ධර්‍මය ද භික්‍ෂු සංඝයා ද සරණ යෙමි. භවත් කාශ්‍යපයන් වහන්සේ මා අද සිට දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට සලකන සේක් වා! භවත් කාශ්‍යපයන් වහන්ස, යම් ඒ යඥයක් මට දිගුකලක් වැඩ පිණිස වන්නේ ද එසේ වූ මහා යඥයක් යජනට (මහ දනක් දෙන්නට) කැමැත්තෙම් ද වෙමි. එහි ලා භවත් කාශ්‍යපයන් වහන්සේ මට අනුශාසනා කරන සේක්වා”.
Pali BJT“යථාරූපෙ ඛො රාජඤ්ඤ, යඤ්ඤෙ ගාවො වා හඤ්ඤන්ති, අජෙළකා වා හඤ්ඤන්ති, කුක්කුටසූකරා වා හඤ්ඤන්ති, විවිධා වා පාණා සංඝාතං ආපජ්ජන්ති, පටිග්ගාහකා ච හොන්ති මිච්ඡාදිට්ඨී මිච්ඡාසඞ්කප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධි, එවරූපො ඛො රාජඤ්ඤ, යඤ්ඤො න මහප්ඵලො හොති න මහානිසංසො න මහාජුතිකො න මහාවිප්ඵාරො. සෙය්යථාපි රාජඤ්ඤ, කස්සකො බීජනඞ්ගලමාදාය වනං පවිසෙය්ය. සො තත්ථ දුක්ඛෙත්තෙ දුබ්භූමෙ අවිහතඛාණුකණ්ටකෙ බීජානි පතිට්ඨාපෙය්ය ඛණ්ඩානි පූතීනි වාතාතපහතානි අසාරාදානි අසුඛසයිතානි, දෙවො ච න කාලෙන කාලං සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය. අපි නු තානි බීජානි වුද්ධිං වෙරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය? කස්සකො වා විපුලං ඵලං අධිගච්ඡෙය්යා”ති?
Sinhala BJTකුමරකසුප් - “රාජන්‍යයෙනි, යම් බඳු යඥයෙක (දානයෙක) ගවයෝ හෝ මරනු ලැබෙත් ද, එළුවෝ තිරෙළුවෝ හෝ මරනු ලැබෙත් ද, කුකුළෝ හූරෝ හෝ මරනු ලැබෙත් ද, විවිධ ප්‍රාණීහු හෝ මරණයට පැමිණෙත් ද, එය පිළිගන්නෝත් මිථ්‍යා දෘෂ්ටි ඇත්තෝ, මිථ්‍යා සංකල්ප ඇත්තෝ, මිථ්‍යා වචන ඇත්තෝ, මිථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ, මිථ්‍යා ආජීවය ඇත්තෝ, මිථ්‍යා ව්‍යායාමය ඇත්තෝ, මිථ්‍යා ස්මෘතිය ඇත්තෝ, මිථ්‍යා සමාධිය ඇත්තෝ වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය වූ කලී මහත් ඵල ඇත්තෝ නො වෙයි, මහත් අනුසස් ඇත්තේ නො වෙයි, මහත් බැබැළීම් ඇත්තේ නො වෙයි, මහත් පැතිරීම් ඇත්තේ නො වෙයි. රාජන්‍යයෙනි, යම් බඳු වූ යඥයෙක (දානයෙක) වනාහි ගවයෝ නො ම මරනු ලැබෙද්ද, එළුවෝ තිරෙළුවෝ නො ම මරනු ලැබෙද්ද, කුකුළෝ හූරෝ නො ම මරනු ලැබෙද්ද, විවිධ ප්‍රාණීහු හෝ මරණයට නො පැමිණෙත් ද, ඒ යඥය පිළීගන්නෝත් සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්සංකල්ප ඇත්තාහු, සම්‍යක් වචන ඇත්තාහු, සම්‍යක්කර්‍මාන්ත ඇත්තාහු, සම්‍යගාජීවය ඇත්තාහු, සම්‍යක් ව්‍යායාමය ඇත්තාහු, සම්‍යක් ස්මෘතිය ඇත්තාහු, සම්‍යක්සමාධිය ඇත්තාහු වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය මහත් ඵල ඇත්තේ වෙයි, මහත් අනුසස් ඇත්තේ වෙයි, මහත් බැබැළීම් ඇත්තේ වෙයි, මහත් පැතිරීම් ඇත්තේ වෙයි. රාජන්‍යයෙනි, යම්සේ ගොවියෙක් බිජුවට හා නඟුල හා ගෙන වනයකට පිවිස්නේ ද, හේ එහි නො නසන ලද කණු කටු ඇති, නො සම වූ බිම් ඇති නිසරු කෙතෙක කැඩී ගිය කුණු වූ අවුසුළඟින් පෙළුනු, පොළොවේ සාරය නො ඇද ගන්නා වූ තවාණෙහි සුවසේ නො ම හොවනා ලද්දා වූ බිජුවට වපුරන්නේ නම්, මේඝයත් කලින් කලැ මොනොවට වැසි දහර නො වස්වන්නේ නම්, ඒ බීජයෝ වැඩීමට නැඟීමට මහත් බවට පැමිණෙන්නාහු ද? ගොවියා හෝ මහත් ඵල ලබන්නේ ද?”
Pali BJT“නොහිදං භො කස්සප”.
Sinhala BJTපායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙය නො ම වන්නේ ය.”
Pali BJT“එවමෙව ඛො රාජඤ්ඤ, යථාරූපෙ යඤ්ඤෙ ගාවො වා හඤ්ඤන්ති අජෙළකා වා හඤ්ඤන්ති කුක්කුටසූකරා වා හඤ්ඤන්ති විවිධා වා පාණා සංඝාතං ආපජ්ජන්ති, පටිග්ගාහකා ච හොන්ති. මිච්ඡාදිට්ඨී මිච්ඡාසඞ්කප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධි. එවරූපො ඛො රාජඤ්ඤ, යඤ්ඤො න මහප්ඵලො හොති න මහානිසංසො න මහාජුතිකො න මහාවිප්ඵාරො. යථාරූපෙ ච ඛො රාජඤ්ඤ, යඤ්ඤෙ නෙව ගාවො හඤ්ඤන්ති න අජෙළකා හඤ්ඤන්ති න කුක්කුටසූකරා හඤ්ඤන්ති න විවිධා වා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති, පටිග්ගාහකා ච හොන්ති සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පා සම්මාවාචා සම්මාකම්මන්තා සම්මාආජීවා සම්මාවායාමා සම්මාසතී සම්මාසමාධී, එවරූපො ඛො රාජඤ්ඤ, යඤ්ඤො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. සෙය්යථාපි රාජඤ්ඤ, කස්සකො බීජනඞ්ගලං ආදාය වනං පවිසෙය්ය, සො තත්ථ සුඛෙත්තෙ සුභූමෙ සුවිහතඛාණුකණ්ටකෙ බීජානි පතිට්ඨාපෙය්ය අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි, දෙවො ච කාලෙන කාලං සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය, අපි නු තානි බීජානි වුද්ධිං වෙරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුං, කස්සකො වා විපුලං ඵලං අධිගච්ඡෙය්යාති?”
Sinhala BJTකුමරකසුප් - “රාජන්‍යයෙනි, එ පරිද්දෙන් ම යම්බඳු යඥයෙක ගවයෝ හෝ මරනු ලැබෙත් ද, එළුවෝ තිරෙළුවෝ හෝ මරනු ලැබෙත් ද, කුකුළෝ හූරෝ හෝ මරනු ලැබෙත් ද, විවිධ ප්‍රාණීහු හෝ මරණයට පැමිණෙත් ද, ඒ යඥය පිළිගන්නෝත් මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝ, මිථ්‍යා සංකල්ප ඇත්තෝ, මිථ්‍යා වචන ඇත්තෝ, මිථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ, මිථ්‍යා ආජීවය ඇත්තෝ, මිථ්‍යා ව්‍යායාමය ඇත්තෝ, මිථ්‍යා ස්මෘතිය ඇත්තෝ, මිථ්‍යා සමාධිය ඇත්තෝ වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය වනාහි මහත්ඵල ඇත්තේ නො වේ, මහත් අනුසස් ඇත්තේ නො වේ, මහත් බැබැළීම් ඇත්තේ නො වේ, මහත් පැතිරීම් ඇත්තේ නො වේ. රාජන්‍යයෙනි, යම් බඳු වූ යඥයෙක වනාහි ගවයෝ නො ම මරනු ලැබෙත් ද, එළුවෝත් තිරෙළුවෝත් නො ම මරනු ලැබෙත් ද, කුකුළෝත් ඌරෝත් නො ම මරනු ලැබෙත් ද, විවිධ ප්‍රාණීහු හෝ මරණයට නො පැමිණෙත් ද, ඒ යඥය පිළි ගන්නෝත් සම්‍යග් දෘෂ්ටිය ඇත්තෝ, සම්‍යක් සංකල්පය ඇත්තෝ, සම්‍යග් වචනය ඇත්තෝ, සම්‍යගාජීවය ඇත්තෝ, සම්‍යග් ව්‍යායාමය ඇත්තෝ, සම්‍යක් ස්මෘතිය ඇත්තෝ, සම්‍යක් සමාධිය ඇත්තෝ වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය මහත් ඵල ඇත්තේ, මහත් අනුසස් ඇත්තේ, මහත් බැබැළීම් ඇත්තේ, මහත් පැතිරීම් ඇත්තේ වෙයි. රාජන්‍යයෙනි, යම්සේ ගොවියෙක් බිජුවට හා නගුල හා ගෙන වනයකට පිවිස්නේ නම්, හේ එහි මොනොවට නසා පියන ලද කණු හා කටු හා ඇති, සමතලා බිම ඇති සරු කෙතෙක කැඩී නො ගිය, කුණු නො වූ අවුසුළං දෙකින් නො පහළ, පොළොවේ සාරය ඇද ගනුයෙහි සමත් තවාණෙහි සුව සේ හොවිනා ලද බීජයන් පිහිටුවන්නේ නම්, මේඝය ද කලින් කලැ මොනොවට වැසි දහර පිවිස්වන්නේ නම, ඒ බීජයෝ වැඩීමට නැඟීමට මහත් බවට පැමිණෙන්නාහු නම්, ගොවියා මහත්ඵල ලබන්නේ ද?”
Pali BJT“එවං භො කස්සප.”
Sinhala BJTපායාසී - “එසේ ම ය, භවත් කාශ්‍යපයන් වහන්ස.”
Pali BJT“එවමෙව ඛො රාජඤ්ඤ, යථාරූපෙ යඤ්ඤෙ නෙව ගාවො හඤ්ඤන්ති න අජෙළකා හඤ්ඤන්ති න කුක්කුටසූකරා හඤ්ඤන්ති න විවිධා වා පාණා සංඝාතං ආපජ්ජන්ති, පටිග්ගාහකා ච හොන්ති සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පා සම්මාවාචා සම්මාකම්මන්තා සම්මාආජීවා සම්මාවායාමා සම්මාසතී සම්මාසමාධී, එවරූපො ඛො රාජඤ්ඤ, යඤ්ඤො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො”ති.
Sinhala BJTකුමරකසුප් - “රාජන්‍යයෙනි, එ පරිද්දෙන් ම යම්බඳු වූ යඥයෙක ගවයෝ නො ම මරනු ලැබෙත් ද, එළුවෝත් තිරෙළුවෝත් නො ම මරනු ලැබෙත් ද, කුකුළෝත් ඌරෝත් නො ම මරනු ලැබෙත් ද, විවිධ ප්‍රාණීහු හෝ විනාශයට නො ම පැමිණෙත් ද, යඥය පිළිගන්නෝත් සම්‍යග් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් සංකල්පය ඇත්තාහු, සම්‍යග් වචනය ඇත්තාහු, සම්‍යක්කර්‍මාන්ත ඇත්තාහු, සම්‍යගාජීව ඇත්තාහු, සම්‍යග්ව්‍යායාම ඇත්තාහු සම්‍යක්ස්මෘති ඇත්තාහු, සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය මහත් පල ඇත්තේ, මහත් අනුසස් ඇත්තේ, මහත් බැබැළීම් ඇත්තේ, මහත් පැතිරීම් ඇත්තේ වෙයි.”
Pali BJT19. අථ ඛො පායාසි රාජඤ්ඤො දානං පට්ඨපෙසි සමණබ්රාහ්මණකපණඩිකවණිබ්බකයාචකානං. තස්මිං ඛො පන දානෙ එවරූපං භොජනං දිය්යති කණාජකං බිලඞ්ගදුතියං, ධොරකානි ච{1} වත්ථානි ගුළගාළකානි{2}. තස්මිං ඛො පන දානෙ උත්තරො නාම මාණවො බ්යාවටො අහොසි. සො දානං දත්වා එවමනුද්දිසති ‘ඉමිනාහං දානෙන පායාසිං රාජඤ්ඤමෙව ඉමස්මිං ලොකෙ සමාගඤ්ඡිං මා පරස්මින්ති.’ අස්සොසි ඛො පායාසි රාජඤ්ඤො ‘උත්තරො කිර මාණවො දානං දත්වා එවමනුද්දිසති ‘ඉමිනාහං දානෙන පායාසිං රාජඤ්ඤමෙව ඉමස්මිං ලොකෙ සමාගඤ්ඡිං මා පරස්මින්ති’. අථ ඛො පායාසි රාජඤ්ඤො උත්තරං මාණවං ආමන්තාපෙත්වා එතදවොච: සච්චං කිර ත්වං තාත උත්තර දානං දත්වා එවමනුද්දිසසි. ‘ඉමිනාහං දානෙන පායාසිං රාජඤ්ඤමෙව ඉමස්මිං ලොකෙ සමාගඤ්ඡිං මා පරස්මින්ති’?
Sinhala BJT19. ඉක්බිත්තෙන් පායාසී රාජන්‍ය තෙම මහණ බමුණනට දුගියනට මගියනට යදියනට දන් පිහිටු වී ය. ඒ දානයෙහි වනාහි කාඩි දෙවනු කොට ඇති නිවුඩු සහාලින් පිසූ බත් ඇති බොජුනෙක් දෙවෙයි. මහත් දාවලු ඇති දළ පිළී ද දෙවෙයි. ඒ දානයෙහි වූ කලී උත්තර නම් මාණවකයෙක් ව්‍යාපෘත විය. හේ දන් දී, මම මේ දානය කරණ කොට පායාසී රාජන්‍යයා හා ම මෙ ලොව්හි දී එක් වීමි. පර ලොව්හිදී ඔහු හා නොම එක් වෙම් වා’ යි මෙසේ පුන පුනා කියයි. පායාසී රාජන්‍ය තෙම “උත්තරමාණවක දන් දී, ‘මේ දානය කරණ කොට මම් පායාසී රාජන්‍යයා හා ම මෙලොව්හි දී එක් වීමි, පරලොව්හි දී නොම එක් වෙම්වා’ යි මෙසේ පුන පුනා කියති” යි මෙ පවත් ඇසීය. ඉක්බිති පායාසී රාජන්‍ය තෙම උත්තර මාණවකයා කැඳවා ‘දරුව උත්තර ය, තෝ දන් දී ‘මේ දානය කරණ කොට මම් පායාසී රාජන්‍යයා හා ම මෙලොවෙහි දී එක් වීමි. පර ලොව්හි දී නො ම එක් වෙම් වා’ යි මෙසේ පුන පුනා කියහි ද? ඒ සැබෑද?’ යි විචාළේ ය.
Pali BJT‘එවං භො’ති. “කිස්ස පන භො ත්වං තාත උත්තර දානං දත්වා එවමනුද්දිසසි. ‘ඉමිනාහං දානෙන පායාසිං රාජඤ්ඤමෙව ඉමස්මිං ලොකෙ සමාගඤ්ඡිං මා පරස්මින්ති නනු මයං තාත උත්තර පුඤ්ඤත්ථිකා දානස්සෙව ඵලං පාටිකඞ්ඛිනො?”ති.
Sinhala BJT‘එසේ ය, සැබැවැ’ යි උත්තර මාණවක කී ය. “භවත් දරුව උත්තරය, තෝ දන් දී කවර හෙයින්, ‘මේ දානය කරණ කොට මම් පායාසී රාජන්‍යයා හා ම මෙ ලොව්හි දී එක් වීමි, පර ලොව්හි දී නො ම එක් වෙම් වා’ යි පුන පුනා කියහි ද? දරුව, උත්තරය, අපි පිනෙන් ප්‍රයෝජන ඇත්තමෝ, දානයේ විපාක කැමැත්තමෝ නො වමුදැ?” යි පායාසී රාජන්‍ය කී ය.
Pali BJT“භොතො ඛො පන දානෙ එවරූපං භොජනං දිය්යති කණාජකං බිලඞ්ගදුතියං. භවං පාදාපි න ඉච්ඡෙය්ය ඵුසිතුං, කුතො භුඤ්ජිතුං. ධොරකානි ච වත්ථානි ගුළගාළකානි යානි භවං පාදාපි න ඉච්ඡෙය්ය ඵුසිතුං, කුතො පරිදහිතුං. භවං ඛො පනම්හාකං පියො මනාපො, කථං මයං මනාපං අමනාපෙන සංයොජෙමා?”ති. “තෙන හි ත්වං තාත උත්තර යාදිසාහං භොජනං භුඤ්ජාමි තාදිසං භොජනං පට්ඨපෙහි, යාදිසානි චාහං වත්ථානි පරිදහාමි තාදිසානි ච වත්ථානි පට්ඨපෙහී”ති.
Sinhala BJT“භවත්හු ගේ දානයෙහි වූකලී කාඩි දෙවනු කොටැති නිවුඩු සහලින් පිසූ බත් ඇති මෙබඳු බොජුණෙක් දෙවෙයි. භවත්හු එය පයිනුදු පහස්නට නො කැමැති වනු ඇත. වළඳන්නට කොයින් කැමැති වන්නේ ද? භවත් තෙමේ යම් වස්ත්‍රයන් හඳින්නට තබා පයිනුදු පහස්නට කැමැති නො වන්නේ ද, එසේ වූ මහත් දාවලු ඇති දළ පිළී දෙවයි. භවත් තෙමේ වූ කලී අපට ප්‍රිය ය, මනාප ය. අපි කෙසේ නම් මනාපයක්හු අමනාපයක්හු හා එක් කොට යොදමෝ දැ”යි උත්තරමාණවක කී ය. “එසේ වී නම් දරුව, උත්තරය, මම් යම් බඳු බොජුනක් වළඳම් ද, එ බඳු බොජුනක් දානයෙහි පිහිටුවව (පිළියෙල කොට තබව), යම් බඳු පිළී මම් හඳිම් ද, එසේ වූ පිලීත් දානයෙහි පිහිටුව ව” යි පායාසී රාජන්‍ය කී ය.
Pali BJT“එවං භො”ති ඛො උත්තරො මාණවො පායාසිරාජඤ්ඤස්ස පටිස්සුත්වා යාදිසං භොජනං පායාසි රාජඤ්ඤො භුඤ්ජති තාදිසං භොජනං පට්ඨපෙසි, යාදිසානි ච වත්ථානි පායාසි රාජඤ්ඤො පරිදහති තාදිසානි ච වත්ථානි පට්ඨපෙසි.
Sinhala BJT“එසේ ය, භවත” යැයි කියා ම උත්තර මාණවක තෙම පායාසී රාජන්‍යයාට පිළිවදන් දී, පායාසී රාජන්‍යයා යම් බඳු බොජුනක් වළඳයි ද, එබඳු බොජුනක් දන් පිණිස පිහිටුවී ය, යම් බඳු පිළී පායාසී රාජන්‍ය තෙම හදියි ද, එබඳු වූ පිළී දන් පිණිස පිහිටුවී ය.
Pali BJTඅථ ඛො පායාසි රාජඤ්ඤො අසක්කච්චං දානං දත්වා අසහත්ථා දානං දත්වා අචිත්තීකතං දානං දත්වා අපවිද්ධං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්යතං උපපජ්ජි සුඤ්ඤං සෙරිස්සකං විමානං. යො පන තස්ස දානෙ බ්යාවටො අහොසි උත්තරො නාම මාණවො, සො සක්කච්චං දානං දත්වා සහත්ථා දානං දත්වා චිත්තීකතං දානං දත්වා අනපවිද්ධං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජි දෙවානං තාවතිංසානං සහබ්යතං.
Sinhala BJTඉක්බිත්තෙන් පායාසී රාජන්‍ය තෙම නොසකසා දන් දී, සියතින් දන් නො දී, ගෞරව නැති ව දන් දී, ඉවත දමන දැයක් මෙන් දන් දී, කාබුන් මරණින් මතු සිවු මහරජයේ දෙවියන් හා එක් වීමට, සේරිස්සක නම් හිස වූ විමනකට උත්පත්ති විසින් පැමිණියේ ය. යම් උත්තර නම් මාණවකයෙක් ඔහුගේ දානයෙහි ව්‍යාපෘත වී ද, හේ සකසා දන් දී, ගෞරව ඇති වැ දන් දී, ඉවත ලන දැයක් මෙන් නොකොට ආදරෙයන් දන් දී, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියේ ය.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ගවම්පති අභික්ඛණං සුඤ්ඤං සෙරිස්සකං විමානං දිවාවිහාරං ගච්ඡති. අථ ඛො පායාසි දෙවපුත්තො යෙනායස්මා ගවම්පති තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ගවම්පතිං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො පායාසිං දෙවපුත්තං ආයස්මා ගවම්පති එතදවොච; ‘කො’සි ත්වං ආවුසො?’ති. ‘අහං භන්තෙ පායාසි රාජඤ්ඤො’ති. “නනු ත්වං ආවුසො එවංදිට්ඨිකො අහොසි. ‘ඉතිපි නත්ථි පරො ලොකො, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො’ති?” “ස්වාහං භන්තෙ එවං දිට්ඨිකො අහොසිං; ‘ඉතිපි නත්ථි පරො ලොකො, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො’ති. අපි චාහං අය්යෙන කුමාරකස්සපෙන එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචිතො”ති.
Sinhala BJTඑ සමයෙහි වනාහි ආයුෂ්මත් ගවම්පති මහතෙරණුවෝ හිස් වූ සේරිස්සක නම් විමනට දිවා විහරණය පිණිස එක වන් වඩිති. එ කලැ පායාසී දෙව්පුත් ආයුෂ්මත් ගවම්පති තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ එකත්පස් වැ සිටියේ ය. එකත්පස් වැ සිටියාවූ ම පායාසී දෙව් පුතුට ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ “ඇවැත්නි, තෙපි කවුරුදැ?” විචාළෝ ය. ‘වහන්ස, මම් පායාසී රාජන්‍ය වෙමි’ යි හේ උත්තර දුන. ‘ඇවැත්නි, තෙපි ‘මෙසේත් පර ලොව් නැත, උපපාදුක සත්‍වයෝ නැත, කුශලාකුශල කර්‍මයනට ඵල විපාක නැතැ’ යි මෙසේ වූ දෘෂ්ටි ඇත්තෝ නො වූහු දැ?’ යි තෙරණුවෝ පුළුවුත්හ. ‘වහන්ස, ඒ මම් ‘මෙසේත් පරලොව නැත, මෙසේත් උපපාදුක සත්‍වයෝ නැත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි මෙබඳු වූ දෘෂ්ටි ඇත්තෙකිම් වීමි. එහෙත් ආර්‍ය්‍ය වූ කුමාරකාශ්‍යපයන් වහන්සේ විසින් ඒ ලාමක දෘෂ්ටිය කෙරෙන් මම් වෙන් කරන ලදුයෙම් වෙමි’.
Pali BJT“යො පන තෙ ආවුසො, දානෙ බ්යාවටො අහොසි උත්තරො නාම මාණවො, සො කුහිං උපපන්නො?’ති. “යො මෙ භන්තෙ, දානෙ බ්යාවටො අහොසි උත්තරො නාම මාණවො, සො සක්කච්චං දානං දත්වා සහත්ථා දානං දත්වා චිත්තීකතං දානං දත්වා අනපවිද්ධං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං තාවතිංසානං සහබ්යතං. අහං පන භන්තෙ අසක්කච්චං දානං දත්වා අසහත්ථා දානං දත්වා අචිත්තීකතං දානං දත්වා අපවිද්ධං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්යතං උපපන්නො සුඤ්ඤං සෙරිස්සකං විමානං. තෙන හි භන්තෙ ගවම්පති, මනුස්සලොකං ගන්ත්වා එවමාරොචෙහි: සක්කච්චං දානං දෙථ, සහත්ථා දානං දෙථ, චිත්තීකතං දානං දෙථ, අනපවිද්ධං දානං දෙථ, පායාසි රාජඤ්ඤො අසක්කච්චං දානං දත්වා
Sinhala BJT“ඇවැනි, යම් උත්තර නම් වූ මාණවකයෙක් ඔබගේ දාන ක්‍රියායෙහි ව්‍යාපෘත වූයේ ද හේ කොහි උපන්නේ දැ?” යි තෙරණුවෝ පුළුවුත්හ, “වහන්ස, යම් උත්තර නම් මාණවයෙක් මගේ දානයෙහි ව්‍යාපෘත වී ද, හේ සකසා දන් දී, සියතින් දන් දී, සැදැහැයෙන් දන් දී, ඉවතැ ලූ දැයක් සේ නො කොට සාදර වැ දන් දී, කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියේ ය. වහන්ස, මම් වූ කලී නො සකසා දන් දී, නො සියතින් (අනුන් ලවා) දන් දී, ශ්‍රද්ධාගෞරව නැති වැ දන් දී, ඉවතැ ලූ දැයක් මෙන් කොට දන් දී, කාබුන් මරණින් මතු සිවු මහ රජයෙහි වැසි දෙවියන් හා එක් වීමට හිස් වූ මේ සේරිස්සක විමානයට උත්පත්ති විසින් පැමිණියෙමි. එ බැවින් වහන්ස, ගවම්පතිනි, මිනිස් ලෝ වැඩ කොටැ, ‘සකසා දන් දෙවු, සියතින් දන් දෙවු, ශ්‍රද්ධා ගෞරව උපදවා දන් දෙවු, ඉවත දැමූ දැයක් සේ නො කොට ආදර සහිත ව දන් දෙවු. පායාසි රාජන්‍යයා නොසකසා දන් දී,
Pali BJTඅසහත්ථා දානං දත්වා අචිත්තීකතං දානං දත්වා අපවිද්ධං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්යතං උපපන්නො සුඤ්ඤං සෙරිස්සකං විමානං. යො පන තස්ස දානෙ බ්යාවටො අහොසි උත්තරො නාම මාණවො, සො සක්කච්චං දානං දත්වා සහත්ථා දානං දත්වා චිත්තීකතං දානං දත්වා අනපවිද්ධං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං තාවතිංසානං සහබ්යතන්ති.”
Sinhala BJTනොසියතින් දන් දී, ගරුසැලැකිලි නැති වැ දන් දී, ඉවත ලූ දැයක් සේ කොට දන් දී, කාබුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන් හා එක් වීමට ශූන්‍ය වූ සේරිස්සක නම් වියනකට පැමිණියේ ය. ඔහුගේ දානයෙහි ව්‍යාපෘත වූ උත්තර නම් යම් මාණවයෙක් වී ද හේ සකසා දන් දී, සියතින් දන් දී, ශ්‍රද්ධා ගෞරව ඇති වැ දන් දී ඉවත ලූ දැයක් සේ නො කොට සැලැකිලිමත් වැ දන් දී, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියේ යැ’ යි මෙසේ දන්වා වදාරනු මැනැවැ’ පායාසී රාජන්‍ය කී ය.”
Pali BJTඅථ ඛො ආයස්මා ගවම්පති මනුස්සලොකං ආගන්ත්වා එවමාරොචෙසි: “සක්කච්චං දානං දෙථ, සහත්ථා දානං දෙථ, චිත්තීකතං දානං දෙථ, අනපවිද්ධං දානං දෙථ. පායාසි රාජඤ්ඤො අසක්කච්චං දානං දත්වා අසහත්ථා දානං දත්වා අචිත්තීකතං දානං දත්වා අපවිද්ධං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්යතං උපපන්නො සුඤ්ඤං සෙරිස්සකං විමානං. යො පන තස්ස දානෙ බ්යාවටො අහොසි උත්තරො නාම මාණවො, සො සක්කච්චං දානං දත්වා සහත්ථා දානං දත්වා චිත්තීකතං දානං දත්වා අනපවිද්ධං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං තාවතිංසානං සහබ්යතන්ති.”
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ මිනිස් ලොවට අවුත්, සකසා දන් දෙවු, සියතින් දන් දෙවු, ශ්‍රද්ධා ගෞරව උපදවා දන් දෙවු, ඉවත ලූ දැයක් සේ නො කොට සැලැකිලිමත් වැ දන් දෙවු. පායාසී රාජන්‍යයා නො සකසා දන් දී, නො සියතින් දන් දී, ශ්‍රද්ධා ගෞරව නො උපදවා දන් දී, ඉවත ලූ දැයක් සේ කොට දන් දී, කාබුන් මරණින් මතු සිවු මහරජයෙහි දෙවියන්ගේ සහභාවයට (දෙවියන් හා එක් වීමට), ශුන්‍ය විමානයකට පැමිණියේ ය. යම් උත්තර නම් මාණවයෙක් ඔහුගේ දානයෙහි ව්‍යාපෘත වී ද, හේ සකසා දන් දී, සියතින් දන් දී, ශ්‍රද්ධා ගෞරව උපදවා දන් දී ඉවත ලූ දැයක් සේ නො කොට සාදර වැ දන් දී කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට (දෙවියන් හා එක් වීමට) පැමිණියේ යැ” යි මෙසේ දැන්වූහ.
Pali BJTපායාසිරාජඤ්ඤසුත්තං නිට්ඨිතං දසමං.
Sinhala BJTදස වනු පායාසී රාජඤ්ඤ සූත්‍රය නිමියේ ය.
Pali BJTඅපදානඤ්ච නිදාඤ්ච නිබ්බානඤ්ච සුදස්සනං, ජනවසභඤ්ච ගොවින්දං සමයං සක්කමෙවච සතිපට්ඨානපායාසි මහාවග්ගස්ස සඞ්ගහො.{1}
Sinhala BJTමහාවර්‍ගයේ උද්දාන ය : මහාපදාන, නිදාන, නිර්‍වාණ, සුදර්‍ශන, ජනවසභ, ගෝවින්‍ද, සමය, සක්කපඤ්හ, මහාසතිපට්ඨාන, දස වන පායාසී සූත්‍රය ද යන මොවුන්ගෙන් මහාවර්‍ගයාගේ සංග්‍රහය වෙයි.
Pali BJTමහාවග්ගො නිට්ඨිතො දුතියො.
Sinhala BJTදෙවෙනි මහාවර්‍ගය නිමියේ ය.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTදීඝනිකායො
Sinhala BJTදික් සඟිය
Pali BJTතතියො භාගො
Sinhala BJTතෘතීය භාගය
Pali BJTපාථිකවග්ගො{1}
Sinhala BJTපාථික වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTපාථිකසුත්තං
Sinhala BJTපාථික සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං. එකං සමයං භගවා මල්ලෙසු විහරති අනුපියා නාම මල්ලානං නිගමො.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ, මල්ල රටැ - මල්ලයන්ගේ අනුපියා නම් යම් නියම්ගමෙක් වී ද - එහි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය අනුපියං{2} පිණ්ඩාය පාවිසි. අථ ඛො භගවතො එතදහොසි: “අතිප්පගො ඛො තාව අනුපියායං{3} පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යෙන භග්ගවගොත්තස්ස පරිබ්බාජකස්ස ආරාමො, යෙන භග්ගවගොත්තො පරිබ්බාජකො තෙනුපසඞ්කමෙය්යන්ති.”
Sinhala BJTඑ කලැ භාග්‍යවතුන් වහන්සේ පෙර වරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, අනුපියා නිගමයට පිඬු පිණිස වන් සේක. එ කල්හි (එසේ වඩනා) භාග්‍යවතුන් වහන්සේට ‘අනුපියා නිගමයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම ඉතා උදාසන ය. මේ භාර්‍ගවගෝත්‍ර පිරිවැජ්ජාගේ අරමට, භාර්‍ගවගෝත්‍ර පිරිවැජ්ජා කරා, ගියෙම් වීම් නම් යෙහෙකැ’ යි මෙ සිත විය.
Pali BJT2. අථ ඛො භගවා යෙන භග්ගවගොත්තස්ස පරිබ්බාජකස්ස ආරාමො, යෙන භග්ගවගොත්තො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො භග්ගවගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: “එතු ඛො භන්තෙ භගවා. ස්වාගතං භන්තෙ භගවතො, චිරස්සං ඛො භන්තෙ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තෙ භගවා, ඉදමාසනං පඤ්ඤත්තන්ති.” නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. භග්ගවගොත්තො’පි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භාර්‍ගවගෝත්‍ර පිරිවැජ්ජාගේ ආරාමය යම් තැනෙක ද, භාර්‍ගවගෝත්‍ර පිරිවැජ්ජා යම් තැනෙක ද, එ තැනට වැඩි සේක. එකල්හි භාර්‍ගවගෝත්‍ර පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩිනා සේක් වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩි සේ මැනව, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අද මෙහි වැඩියේ බොහෝ කලකට පසු යැ{1}, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනා සේක් වා, මේ අස්නෙක් පනවන ලද්දේ වේ’ යැ යි මේ වචන කී ය. පනවන ලද අස්නෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් සේක. භාර්‍ගවගෝත්‍ර පිරිවැජි ද එක්තරා මිටි අස්නෙක් ගෙන පසෙක ඉඳ ගත.
Pali BJT3. එකමන්තං නිසින්නො ඛො භග්ගවගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJT3. එකත් පස් වැ හුන්නා වූ ම භාර්‍ගවගෝත්‍ර පිරිවැජි තෙමෙ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය:
Pali BJT“පුරිමානි භන්තෙ, දිවසානි පුරිමතරානි සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මං එතදවොච: ‘පච්චක්ඛාතො’දානි මයා භග්ගව භගවා, නදානාහං භග්ගව භගවන්තං උද්දිස්ස විහරාමී’ති. කච්චෙතං භන්තෙ තථෙව, යථා සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො අවචා?”ති.
Sinhala BJT“වහන්ස, පෙර දවසැ, බොහෝ පෙර දවසැ, ලිච්ඡවීරාජපුත්‍ර සුනක්ඛත්ත තෙමේ මා වෙත ආයේ ය. අවුත්, ‘භාර්‍ගවය, දැන් මා විසින් භාග්‍යවතුන් වහන්සේ පරිත්‍යක්ත සේක. මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් වීමි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා නො වෙසෙමි’ යි මට සැළ කෙළේය. වහන්ස, කිමෙක් ද? මෙය ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා කී සේ ම වී ද?” (යනු යැ).
Pali BJT4. “තථෙව ඛො එතං භග්ගව, යථා සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො අවච. පුරිමානි භග්ගව දිවසානි පුරිමතරානි සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භග්ගව සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො මං එතදවොච: ‘පච්චක්ඛාමි’දානාහං භන්තෙ භගවන්තං, නාහං භන්තෙ භගවන්තං උද්දිස්ස විහරිස්සාමී’ති. එවං වුත්තෙ අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං එතදවොචං:
Sinhala BJT4. “භාර්‍ගවය, මෙය ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා කී සේ ම විය. භාර්‍ගවය, පෙර දවසැ බොහෝ පෙර දවසැ, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා වෙත ආයේ ය, අවුත් මා වැඳ, පසෙක ඉඳ ගත්තේ ය, එසේ හුන්නේ ම “වහන්ස, මම් දැන් භාග්‍යවතුන් වහන්සේ හැරපියා යෙමි, වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා නො වසන්නෙමි” යි කී ය. භාර්‍ගවය, ඔහු මෙසේ කී කලැ, මම් ඔහු අමතා,
Pali BJT“අපි නු ත්යාහං{1} සුනක්ඛත්ත එවං අවචං: එහි ත්වං සුනක්ඛත්ත, මමං උද්දිස්ස විහරාහී ති?”
Sinhala BJT‘සුනක්ඛත්තය, තෝ මෙහි එව, මා උදෙසා වසව’ යි මම් තට කිම් දැ?’ යි ඔහු පුළුවත්මි.
Pali BJT“නො හෙතං භන්තෙ.”
Sinhala BJT‘වහන්ස, එසේ වූ කථාවෙක් නො වී යැ’ යි හේ කී ය.
Pali BJT‘ත්වං වා පන මං එවං අවච: අහං භන්තෙ භගවන්තං උද්දිස්ස විහරිස්සාමී ති?”
Sinhala BJT“තෝ හෝ මට ‘මම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි කීහි දැ?” යි පුළුවත්මි.
Pali BJT“නො හෙතං භන්තෙ.”
Sinhala BJT‘වහන්ස, මෙසේ වූ කථාවෙක් ද නො වී’ යැ යි හේ කිව.
Pali BJT“ඉති කිර සුනක්ඛත්ත, නෙවාහන්තං වදාමි: එහි ත්වං සුනක්ඛත්ත මමං උද්දිස්ස විහරාහීති. නපි කිර මං ත්වං වදෙසි: අහං භන්තෙ භගවන්තං උද්දිස්ස විහරිස්සාමී ති. එවං සන්තෙ මොඝපුරිස කො සන්තො කං පච්චාචික්ඛසි? පස්ස මොඝපුරිස යාවඤ්ච{2} තෙ ඉදං අපරද්ධන්ති.”
Sinhala BJT“සුනක්ඛත්තය, මෙසේ ‘මෙහි එව මා උදෙසා වසවැ’ යි මම් තට නො ම කීමි. ‘මම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි තෝ ද මට නො කී ය. හිස් මිනිස, මෙසේ ඇති කලැ, තෝ කවරෙක් වනුයෙහි, කවරක්හු හැරපියා යෙහි ද? හිස් මිනිස, මෙහි ලා තා කෙළේ කොතරම් මහත් වරදෙක් දැ? යි සලකා බලව” යි මම් ඔහුට කීමි.
Pali BJT5. “න හි පන මෙ භන්තෙ භගවා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොතී”ති.
Sinhala BJT5. එවිටැ, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට උතුරුමිනිස් දහමින් පෙළහර නො කරන සේකැ’ යි සුනක්ඛත්තයා කී ය. එවිටැ
Pali BJT“අපි නු ත්යාහං සුනක්ඛත්ත එවං අවචං: එහි ත්වං සුනක්ඛත්ත, මමං උද්දිස්ස විහරාහි, අහන්තෙ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සාමී ති?”
Sinhala BJT‘සුනක්ඛත්තය, තෝ එව, මා උදෙසා වසව, මම් තට උතුරුමිනිස් දහමින් පෙළහර කරන්නෙමි’ යි තා අමතා මම් කීයෙම් දැ?’ යි ඔහු පුළුවත්මි.
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT__missing translation__
Pali BJT“ත්වං ච පන මං එවං අවච:
Sinhala BJT__missing translation__
Pali BJTඅහං භන්තෙ භගවන්තං උද්දිස්ස විහරිස්සාමි, භගවා මෙ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සතී ති?”
Sinhala BJT__missing translation__
Pali BJT“නො හෙතං භන්තෙ.”
Sinhala BJT‘වහන්ස, මෙය එසේ නො ම වී’ යැ යි සුනක්ඛත්තයා කී ය.
Pali BJT“ඉති කිර සුනක්ඛත්ත, නෙවාහන්තං වදාමි: එහි ත්වං සුනක්ඛත්ත, මමං උද්දිස්ස විහරාහි, අහන්තෙ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සාමී ති. න පි කිර මං ත්වං වදෙසි: අහං භන්තෙ භගවන්තං උද්දිස්ස විහරිස්සාමි, භගවා මෙ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සතී ති. එවං සන්තෙ මොඝපුරිස කො සන්තො කං පච්චාචික්ඛසි? තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත? කතෙ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියෙ අකතෙ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියෙ, යස්සත්ථාය මයා ධම්මො දෙසිතො සො නිය්යාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයායා?”ති.
Sinhala BJT‘භාග්‍යවතුන් වහන්සේ මට උතුරුමිනිස් දහමින් පෙළහර කරති’ යි සිතා මම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි ද තෝ මට නො කීහි. මෙසේ ඇති කලැ, හිස් මිනිස, තෝ කවරෙක් වනුයෙහි කවරක්හු හැරපියා යෙහි ද? සුනක්ඛත්තය, ඒ කිමැ යි සිතහි ද? උතුරුමිනිස්දහමින් ඉදු පෙළහර කළ ද නො කළ ද, යම් දුක්වැනැස්මක් පිණිස මා විසින් දහම් දෙසන ලද නම්, එය ඒ දහම පරිදි පිළිපදනහුට මොනොවට දුක් නසනු පිණිස පවත්නේ දැ?’ යි මම් පුළුවත්මි.
Pali BJT“කතෙ වා භන්තෙ, උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියෙ අකතෙ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියෙ, යස්සත්ථාය භගවතා ධම්මො දෙසිතො සො නිය්යාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයායා”ති.
Sinhala BJT‘වහන්ස, උතුරුමිනිස් දහමින් පෙළහර කළත් නොකළත් යම් දුක්වැනැස්මක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසන ලද නම්, ඒ දහම එය වූ පරිදි පිළිපදනහුට මොනොවට දුක් නසනු පිණිස පවතී’ යැ යි සුනක්ඛත්තයා කී ය.
Pali BJT“ඉති කිර සුනක්ඛත්ත, කතෙ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියෙ අකතෙ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියෙ, යස්සත්ථාය මයා ධම්මො දෙසිතො සො නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා ති, තත්ර සුනක්ඛත්ත කිං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කතං කරිස්සති? පස්ස මොඝපුරිස යාවඤ්ච තෙ ඉදං අපරද්ධන්ති.”
Sinhala BJT‘සුනක්ඛත්තය, මෙසේ කලැ උතුරුමිනිස් දහමින් පෙළහර කළ ද නො කළ ද, යම් දුක්වැනැස්මක් පිණිස මා විසින් දහම් දෙසන ලද නම්, එහි කී පරිදි පිළිපදනහුට එය මොනොවට දුක් නසනු පිණිස පවත්නේ නම්, උතුරුමිනිස් දහමින් ඉදුපෙළහර කරන ලදුයේ කවර නම් වැඩක් සිදු කරන්නේ ද? හිස් මිනිස, මෙහි තා කෙළේ කොතරම් මහ වරදෙක් දැ? යි බලව’ යි මම් කීමි.
Pali BJT6. “න හි පන මෙ භන්තෙ භගවා අග්ගඤ්ඤං පඤ්ඤපෙතී”ති.
Sinhala BJT6. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකෝත්පත්ති වංශකථාව නො ම වදාරන සේකැ’ යි සුනක්ඛත්තයා කී ය.
Pali BJT“අපි නු ත්යාහං සුනක්ඛත්ත එවං අවචං. එහි ත්වං සුනක්ඛත්ත මමං උද්දිස්ස විහරාහි, අහන්තෙ අග්ගඤ්ඤං පඤ්ඤපෙස්සාමී ති?”
Sinhala BJT‘සුනක්ඛත්තය, තෝ මෙහි එව, මා උදෙසා වස, මම් තට ලෝකෝත්පත්ති වංශකථාව කියන්නෙමි’ යි මම් තට කීම් දැ?’ යි මම ඔහු පුළුවත්මි.
Pali BJT“නො හෙතං භන්තෙ.”
Sinhala BJT‘වහන්ස, එ වැනි බසක් නො වදාළ සේකැ’ යි හේ කී ය.
Pali BJT“ත්වං වා පන මං එවං අවච: අහං භන්තෙ භගවන්තං උද්දිස්ස විහරිස්සාමි, භගවා මෙ අග්ගඤ්ඤං පඤ්ඤපෙස්සතී ති?”
Sinhala BJT‘භාග්‍යවතුන් වහන්සේ මට ලෝකෝත්පත්ති වංශකථාව වදාරති’ යි භාග්‍යවතුන් වහන්සේ නිසා වසන්නෙමි’ යි හෝ තෝ මට කීහි දැ?’ යි මම ඔහු පුළුවත්මි.
Pali BJT“නො හෙතං භන්තෙ.”
Sinhala BJT‘වහන්ස, එ වැනි බසක් නොකීමි’ යි හේ කිව.
Pali BJT“ඉති කිර සුනක්ඛත්ත, නෙවාහන්තං වදාමි: “එහි ත්වං සුනක්ඛත්ත මමං උද්දිස්ස විහරාහි, අහන්තෙ අග්ගඤ්ඤං පඤ්ඤපෙස්සාමීති. න පි කිර මං ත්වං වදෙසි: අහං භන්තෙ භගවන්තං උද්දිස්ස විහරිස්සාමි, භගවා මෙ අග්ගඤ්ඤං පඤ්ඤපෙස්සතී ති. එවං සන්තෙ මොඝපුරිස කො සන්තො කං පච්චාචික්ඛසි? තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත? පඤ්ඤත්තෙ වා අග්ගඤ්ඤෙ අපඤ්ඤත්තෙ වා අග්ගඤ්ඤෙ යස්සත්ථාය මයා ධම්මො දෙසිතො, සො නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති?
Sinhala BJT‘සුනක්ඛත්තය, මම් ද ‘මෙහි එව, මා උදෙසා වසව, මම් තට ලෝකෝත්පත්ති වංශකථාව කියන්නෙමි’ යි මෙසේ නො කීමි. තෝ හෝ ‘භාග්‍යවතුන් වහන්සේ මට ලෝකෝත්තිපත්ති වංශකථාව වදාරති. මම් ඔබ උදෙසා වසන්නෙමි’ යි නො කීයෙහි. හිස් මිනිස, මෙසේ ඇති කලැ තෝ කවරෙක් වනුයෙහි කවරක්හු පියා යෙහි ද? සුනක්ඛත්තය, ඒ කිමැ යි සිතයි ද? ලෝකෝත්පත්ති වංශකථාව කිවත් නොකිවත්, යම් දුක්වැනැස්මක් පිණිස මා විසින් දහම් දෙසණි නම්, ඒ දහම එය අනුව පිළිපදනහුට මොනොවට දුක් නැසීම පිණිස නො පවත්නේ දැ?’ යි මම පුළුවුත්මි.
Pali BJT‘පඤ්ඤත්තෙ වා භන්තෙ, අග්ගඤ්ඤෙ අපඤ්ඤත්තෙ වා අග්ගඤ්ඤෙ, යස්සත්ථාය භගවතා ධම්මො දෙසිතො සො නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති.
Sinhala BJT‘වහන්ස, ලෝකෝත්පත්ති වංශකථාව වදාළ ද නො වදාළ ද, යමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසිණි නම්, ඒ දහම එය අනුව පිළිපදනහුට දුක්වැනැස්ම පිණිස පවත්නේ යැ’ යි සුනක්ඛත්තයා කී ය.
Pali BJT‘ඉති කිර සුනක්ඛත්ත, පඤ්ඤත්තෙ වා අග්ගඤ්ඤෙ අපඤ්ඤත්තෙ වා අග්ගඤ්ඤෙ, යස්සත්ථාය මයා ධම්මො දෙසිතො, සො නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. තත්ර සුනක්ඛත්ත කිං අග්ගඤ්ඤං පඤ්ඤත්තං කරිස්සති? පස්ස මොඝපුරිස යාවඤ්ච තෙ ඉදං අපරද්ධං. අනෙකපරියායෙන ඛො තෙ සුනක්ඛත්ත මම වණ්ණො භාසිතො වජ්ජිගාමෙ: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා ති. ඉති ඛො තෙ සුනක්ඛත්ත අනෙකපරියායෙන මම වණ්ණො භාසිතො වජ්ජිගාමෙ.
Sinhala BJTඑවිට, ‘සුනක්ඛත්තය, මෙසේ ලෝකෝත්පත්ති වංශකථාව කිව ද නො කිව ද, යමක් පිණිස මා විසින් දහම් දෙසන ලද නම්, එය පිළිපදනහුට ඒ දහම මොනොවට දුක් වැනැස්ම පිණිස පවත්නේ නම්, එහි ලා ලෝකෝත්පත්ති වංශකථාව කියන ලදුයේ කවර අර්‍ත්‍ථයක් සිදු කරන්නේ ද? හිස් මිනිස, මෙහි තා විසින් කොතරම් මහ වරදෙක් කරන ලද දැ යි සිතා බලව. සුනක්ඛත්තය, පෙරැ තා විසින් වැදෑගම (විසල් මහ පුර) වැද නොයෙක් කරුණින් මා ගුණ කියන ලද්දේ ය. ‘ඒ භගවත්හු මේ මේ කරුණින් අර්‍හත් හ, සම්‍යක්සම්බුද්ධ හ, විද්‍යාචරණසම්පන්න හ, සුගත හ, ලෝකවිත් හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි හ. දෙව්මිනිස්නට ශාස්තෘ හ, බුද්ධ හ, භගවත්හ’ යි මෙසේ නොයෙක් කරුණින් මා ගුණ වණන ලද්දේ ය.
Pali BJTඅනෙකපරියායෙන ඛො තෙ සුනක්ඛත්ත ධම්මස්ස වණ්ණො භාසිතො වජ්ජිගාමෙ; ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{1} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. ඉති ඛො තෙ සුනක්ඛත්ත අනෙකපරියායෙන ධම්මස්ස වණ්ණො භාසිතො වජ්ජිගාමෙ. අනෙකපරියායෙන ඛො තෙ සුනක්ඛත්ත සඞ්ඝස්ස වණ්ණො භාසිතො වජ්ජිගාමෙ: සුපටිපන්නො{2} භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො{3} භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො{4} භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො, ආහුනෙය්යො පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා ති. ඉති ඛො තෙ සුනක්ඛත්ත අනෙකපරියායෙන සඞ්ඝස්ස වණ්ණො භාසිතො වජ්ජිගාමෙ. ආරොචයාමි ඛො තෙ සුනක්ඛත්ත පටිවෙදයාමි ඛො තෙ සුනක්ඛත්ත, භවිස්සන්ති ඛො තෙ සුනක්ඛත්ත වත්තාරො: නො විසහි සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො සමණෙ ගොතමෙ බ්රහ්මචරියං චරිතුං. සො අවිසහන්තො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො ති. ඉති ඛො තෙ සුනක්ඛත්ත භවිස්සන්ති වත්තාරො’ති. එවං ඛො භග්ගව සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො මයා වුච්චමානො අපක්කමෙව ඉමස්මා ධම්මවිනයා යථා තං ආපායිකො නෙරයිකො.
Sinhala BJTවැදෑගමෙහි දී නොයෙක් කරුණින් දහම්හි ගුණ කියන ලද්දේ යැ. ‘භගවත් බුදුන් විසින් ධර්‍මය මොනොවට වදාරන ලද්දේ යැ, එය සාන්දෘෂ්ටික යැ, අකාලිකා යැ, ඒහිපස්සික යැ, උපනෙයක යැ, නුවණැත්තන් විසින් තමන් සිත්හි ලා දතයුතු යැ’ යි මෙසේ තා විසින් නොයෙක් කරුණින් දහමැ ගුණ කියන ලද්දේ ය. සුනක්ඛත්තය, තා විසින් ‘යම් පුරුෂ යුග සතරක් වූ, පුරුෂපුද්ගල අට දෙනෙක් වූ ශ්‍රාවක කෙනෙක් වෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙම් සුප්‍රතිපන්න යැ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඍජු ප්‍රතිපන්න යැ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ න්‍යායප්‍රතිපන්න යැ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිප්‍රතිපන්න යැ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය යැ, ප්‍රාහුණේය යැ, දක්‍ෂිණේය යැ, අඤ්ජලිකරණීය යැ, ලොවට නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යැ’ යි මෙසේ වැදෑ ගමැදී සඞ්ඝයාගේ ගුණ නොයෙක් කරුණින් කියන ලද්දේ ය. සුනක්ඛත්තය, මම් තට කියමි. මම් තට දන්වමි, තට දොස් කියන්නන් වෙති: ‘ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මහණ ගොයුමන් වෙත බඹසර පුරන්නට නො හැකි විය. නො හැකි වූයේ ශික්‍ෂාව හැර පියා ගිහි බවට පෙරැළී ආයේ වනැ’ යි මෙසේ තට දොස් කියන්නන් වෙති’ යි මම් කීමි. භාර්‍ගවය, මෙසේ මා විසින් කියනු ලබනුයේ ම ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙම, අපායෙහි උපදනට සුදුසු වූවක්හු සේ, නිරයෙහි උපදනට සුදුසු වූවක්හු සේ, මෙ සස්නෙන් බැහැරැ වැ ගියේ ම ය.
Pali BJTකොරක්ඛත්තියවත්ථු
Sinhala BJTකෝරක්ඛත්තිය වස්තුව
Pali BJT7. එකමිදාහං භග්ගව, සමයං ඛුලූසු විහරාමි, උත්තරකා නාම ඛුලූනං නිගමො. අථ ඛ්වාහං භග්ගව පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සුනක්ඛත්තෙන ලිච්ඡවිපුත්තෙන පච්ඡාසමණෙන උත්තරකං පිණ්ඩාය පාවිසිං. තෙන ඛො පන සමයෙන අචෙලො කොරක්ඛත්තියො කුක්කුරවතිකො චාතුකුණ්ඩිකො ඡමා නිකිණ්ණං භක්ඛසං මුඛෙනෙව ඛාදති මුඛෙනෙව භුඤ්ජති අද්දසා ඛො භග්ගව සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො අචෙලං කොරක්ඛත්තියං කුක්කුරවතිකං චාතුකුණ්ඩිකං ඡමා නිකිණ්ණං භක්ඛසං මුඛෙනෙව ඛාදන්තං මුඛෙනෙව භුඤ්ජන්තං. දිස්වානස්ස එතදහොසි: සාධුරූපො වත භො අරහං සමණො චාතුකුණ්ඩිකො{1} ඡමා නිකිණ්ණං භක්ඛසං මුඛෙනෙව ඛාදති මුඛෙනෙව භුඤ්ජතී ති.
Sinhala BJT7. භාර්‍ගවය, එක් සමයෙක්හි මම් බුලු ජනපදයෙහි, බුලු රටට අයත් උත්තරකා නම් යම් නිගමයෙක් වේ ද, එහි වෙසෙමි. භාර්‍ගවය, එ කලැ මම් (එක් දවසෙක) පෙර වරුයෙහි හැඳ පෙරෙවැ, පා සිවුරු ගෙන, පසුමහණහු වූ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා හා උත්තරකා නිගමයට පිඬු පිණිස වනිමි. එ සමයෙහි කෝරක්ඛත්තිය නම් නිරුවත් තවුසෙක් බලුතපස් රක්නේ, දෙ දණ හා දෙ වැලමිටු හා යන සිවු අවයව බිමැ ඔබා හැවිදුනේ, බිමැ ලූ අහර (අතින් නො ගෙන) මුවින් ම ගෙන කයි, මුවින් ම ගෙන බුදියි. භාර්‍ගවය, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා බලුතපස් කරන, දෙ දණත් දෙ වැලමිටුත් බිම ඔබා හැවිදින, බිමැ ලූ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින, කෝරක්ඛත්තිය නම් නිරුවත් තවුසා දුටුයේ ය. දැකීම, ‘ආශ්චර්‍ය්‍යයෙක, භවත්නි, මේ සොඳුරු සැහැවි ඇති රහත් මහණ කෙනෙක! මොහු දෙ දණ හා දෙ වැලමිටු හා බිමැ ඔබා ඇවිදුනා කෙනෙක. බිමැ ලූ අහර මුවින් ම ගෙන කයි, මුවින් ම ගෙන බුදී’ යැ යි ඔහුට මේ සිත විය.
Pali BJT8. අථ ඛ්වාහං භග්ගව, සුනක්ඛත්තස්ස ලිච්ඡවිපුත්තස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං එතදවොචං: ‘ත්වම්පි නාම මොඝපුරිස සමණො සක්යපුත්තියො පටිජානිස්සසී?’ති.
Sinhala BJT8. භාර්‍ගවය, එ කලැ මම් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයාගේ චිත්තසංකල්පනාව මා සිතින් දැක, “හිස් මිනිස, තෝත් ‘ශාක්‍යපුත්‍රීය මහණෙකිමි’ යි පිළින කෙරෙයි දැ?” යි ඔහුට කීමි.
Pali BJT‘කිං පන මං භන්තෙ භගවා එවමාහ: ත්වම්පි නාම මොඝපුරිස සමණො සක්යපුත්තියො පටිජානිස්සසී ති?’
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ‘හිස් මිනිස තෝත් ශාක්‍යපුත්‍රීය මහණෙකිමි’ යි පිළින කෙරෙයි දැ?’ යි කවර හෙයින් මෙසේ වදාරන සේක් දැ?” යි හේ මා පුළුවුත.
Pali BJT“නනු තෙ සුනක්ඛත්ත, ඉමං අචෙලං කොරක්ඛත්තියං කුක්කුරවතිකං චාතුකුණ්ඩිකං ඡමා නිකිණ්ණං භක්ඛසං මුඛෙනෙව ඛාදන්තං මුඛෙනෙව භුඤ්ජන්තං. දිස්වාන එතදහොසි: සාධුරූපො වත භො අරහා{2} සමණො චාතුකුණ්ඩිකො ඡමා නිකිණ්ණං භක්ඛසං මුඛෙනෙව ඛාදති මුඛෙනෙව භුඤ්ජතී ති?”
Sinhala BJT“සුනක්ඛත්තය, බලුතපස් කරන දෙ දණ හා දෙ වැලමිටු හා බිමැ ඔබා හැවිදුනා, බිමැ ලූ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින මේ නිරුවත් කෝරක්ඛත්තිය තවුසා දැක, ‘ආශ්චර්‍ය්‍යයෙක, භවත්නි, දෙ දණ හා දෙ වැලමිටු හා බිමැ ඔබා හැවිදුනා, බිමැ ලූ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින මොහු සොඳුරු සැහැවි ඇති රහත් මහණ කෙනෙකැ!’ යි මේ සිත තට පහළ වූයේ නො වේ දැ?” යි මම් කීමි.
Pali BJT“එවං භන්තෙ. කිං පන භන්තෙ භගවා අරහත්තස්ස මච්ඡරායතී?”ති.
Sinhala BJT“එසේ යැ වහන්ස. කිමෙක් ද? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ (මෙය අනෙකකුට නො වේ වා යි) රහත්බවට මසුරුකම් කරන සේක් දැ?” යි සුනක්ඛත්තයා කී ය.
Pali BJT“න ඛො’හං මොඝපුරිස, අරහත්තස්ස මච්ඡරායාමි. අපි ච තුය්හෙවෙතං පාපකං දිට්ඨිගතං උප්පන්නං, තං පජහ. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛාය. යං ඛො පනෙතං සුනක්ඛත්ත මඤ්ඤසි අචෙලං කොරක්ඛත්තියං: සාධුරූපො අරහං සමණො ති, සො සත්තමං දිවසං අලසකෙන කාලං කරිස්සති, කාලකතො ච - කාලකඤ්ජිකා නාම අසුරා, සබ්බනිහීනො අසුරකායො - තත්ර උපපජ්ජිස්සති. කාලකතඤ්ච නං බීරණත්ථම්භකෙ සුසානෙ ඡඩ්ඩෙස්සන්ති. ආකඞ්ඛමානො ච ත්වං සුනක්ඛත්ත අචෙලං කොරක්ඛත්තියං උපසඞ්කමිත්වා පුච්ඡෙය්යාසි: ජානාසි ආවුසො අචෙල කොරක්ඛත්තිය අත්තනො ගතින්ති? ඨානං ඛො පනෙතං සුනක්ඛත්ත විජ්ජති, යන්තෙ අචෙලො කොරක්ඛත්තියො බ්යාකරිස්සති: ජානාමි ආවුසො සුනක්ඛත්ත අත්තනො ගතිං - කාලකඤ්ජිකා නාම අසුරා, සබ්බනිහීනො අසුරකායො - තත්රම්හි උපපන්නො”ති.
Sinhala BJT“හිස් මිනිස, මම් රහත්බවට නො ම මසුරුකම් කරමි. වැලි තට ම මේ ලාමක මිථ්‍යාදෘෂ්ටිය උපන. එය බැහැර කරව. එය තට බොහෝ කල් අවැඩ පිණිස, දුක් පිණිස නොවේ වා. සුනක්ඛත්තය, තෝ ‘සොඳුරු සැහැවි ඇති රහත් මහණෙකැ’ යි මේ කෝරක්ඛත්තිය නම් යම් නිරුවත් තවුසකු හඟනෙහි ද, හේ මෙයින් සත්වන දා අලසක රෝගයෙන් මියෙන්නේ ය. මිය ගියේ, සැමට නිහීන වූ කාලකඤ්ජ නම් යම් අසුර නිකායයෙක් ඇත් ද, එහි උපදනේ ය. (මිනිස්සු) මළා වූ ඔහු බීරණත්‍ථම්භක නම් සොහොනට ඇද දමන්නාහ. සුනක්ඛත්තය, ඉදින් තෝ කැමැත්තෙහි නම්, අචේලක කෝරක්ඛත්තියයා කරා ගොස් ‘ඇවැත් කෝරක්ඛත්තියයෙනි, තොප ගතිය දනිවු දැ?’ යි විචාරව. ‘ඇවැත් සුනක්ඛත්තය, මම් තමාගේ ගතිය දනිමි. හැමට නිහීන වූ කාලකඤ්ජ නම් යම් අසුර නිකායෙක් ඇද්ද, මම් එහි උපන්නෙම් වෙමි’ යි අචේලක කෝරක්ඛත්තියයා තට හෙළි කරන්නේ ය යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යමාන යැ” යි මම් ඔහුට කීමි.
Pali BJT9. අථ ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙන අචෙලො කොරක්ඛත්තියො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අචෙලං කොරක්ඛත්තියං එතදවොච: බ්යාකතො ඛො’සි ආවුසො කොරක්ඛත්තිය සමණෙන ගොතමෙන; අචෙලො කොරක්ඛත්තියො සත්තමං දිවසං අලසකෙන කාලං කරිස්සති, කාලකතො ච - කාලකඤ්ජිකා නාම අසුරා, සබ්බනිහීනො අසුරකායො - තත්ර උපපජ්ජිස්සති. කාලකතඤ්ච නං බීරණත්ථම්භකෙ සුසානෙ ඡඩ්ඩෙස්සන්තී”ති. යෙන ත්වං ආවුසො කොරක්ඛත්තිය මත්තමත්තඤ්ච භත්තං{1} භුඤ්ජෙය්යාසි, මත්තමත්තඤ්ච පානීයං පිවෙය්යාසි, යථා සමණස්ස ගොතමස්ස මිච්ඡා අස්ස වචනන්ති”. අථ ඛො භග්ගව සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො එකද්වීහිකාය සත්තරත්තින්දිවානි ගණෙසි යථා තං තථාගතස්ස අසද්දහමානො.
Sinhala BJT9. භාර්‍ගවය, ඉක්බිති ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමෙ අචේලක කෝරක්ඛත්තියයා කරා ගියේ ය. ගොස්, කෝරක්ඛත්තියයා බණවා, ‘ඇවැත් කෝරක්ඛත්තියය, ‘අචේලක කෝරක්ඛත්තියයා මෙයින් සත්වන දවසැ අලසක රෝගයෙන් මියෙති’ යි, ‘මිය ගියාහු ම කාලකඤ්ජ නම් හැමට නිහීන අසුර නිකායෙහි උපදිති’ යි, ‘මිය ගිය ඔහු බීරණත්‍ථම්භක නම් සොහොනට ඇද දමතැ’ යි ශ්‍රමණ ගෞතමයන් විසින් ඔබ ව්‍යාකෘතහ (ඔබේ අනාගත ගතිය හෙළි කොට කියන ලදී). ඇවැත් කෝරක්ඛත්තියයෙනි, එබැවින් ශ්‍රමණ ගෞතමයන්ගේ බස යම් සේ බොරු වන්නේ ද, එසේ වනු පිණිස තෙපි මඳ මඳ කොට බොජුන් වළඳවු, මඳ මඳ කොට පැන් බොවු’ යැ යි කී ය. භාර්‍ගවය, එ කලැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමේ තථාගතයන් කී බස යම් සේ නො අදහන්නේ ද, එසේ එක් දවසෙක් ගෙවිණ, දෙ දවසෙක් ගෙවිණැ යි යන ආදි වශයෙන් සත් රෑ දාවලක් ගිණුයේ ය.
Pali BJTඅථ ඛො භග්ගව, අචෙලො කොරක්ඛත්තියො සත්තමං දිවසං අලසකෙන කාලමකාසි. කාලකතො ච - කාලකඤ්ජිකා නාම අසුරා, සබ්බනිහීනො අසුරකායො - තත්ර උපපජ්ජි. කාලකතඤ්ච නං බීරණත්ථම්භකෙ සුසානෙ ඡඩ්ඩෙසුං. අස්සොසි ඛො භග්ගව සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො අචෙලො කිර කොරක්ඛත්තියො අලසකෙන කාලකතො බීරණත්ථම්භකෙ සුසානෙ ඡඩ්ඩිතො’ති.
Sinhala BJTභාර්‍ගවය, එ කලැ සත් වන දවසැ අචේලක කෝරක්ඛත්තිය තෙමේ අලසක රෝගයෙන් මිය ගියේ ය. මියැ කාලකංජ නම් සර්‍වනිහීන අසුර නිකායයෙහි උපන්නේ ය. (මිනිස්සු) මිය ගියා වූ ද ඔහු බීරණත්‍ථම්භක නම් සොහොනට ඇද දැමූහ. භාර්‍ගවය, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙම ‘අචේලක කෝරක්ඛත්තියයා අලසක රෝගයෙන් මිය ගියේ, බීරණත්‍ථම්භක නම් සොහොනට ඇද දමන ලදැ’ යි යන්න ඇසීය.
Pali BJTඅථ ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙන බීරණත්ථම්භකං සුසානං යෙන අචෙලො කොරක්ඛත්තියො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අචෙලං කොරක්ඛත්තියං තික්ඛත්තුං පාණිනා ආකොටෙසි: “ජානාසි ආවුසො කොරක්ඛත්තිය අත්තනො ගතින්ති?”. අථ ඛො භග්ගව අචෙලො කොරක්ඛත්තියො පාණිනා පිට්ඨිං පරිපුඤ්ජන්තො වුට්ඨාසි ‘ජානාමි ආවුසො සුනක්ඛත්ත අත්තනො ගතිං - කාලකඤ්ජිකා නාම අසුරා - සබ්බනිහීනො අසුරකායො, තත්රම්හි උපපන්නො ති වත්වා තත්ථෙව උත්තානො පරිපති.
Sinhala BJTඉක්බිති හේ බීරණත්‍ථම්භක සොහොන කරා, අචේලක කෝරක්ඛත්තියාගේ මළසිරුර වෙතට ගියේ ය. ගොස්, ‘ඇවැත්නි, කෝරක්ඛත්තියයෙනි, ඔබ තමන් ඉපැද ඉන්නා ගතිය දනිත් දැ?’ යි ඔහු මළ සිරුර තෙවිටක් අත්ලෙන් පහළේ ය. භාර්‍ගවය, එ විටැ අචේලක කෝරක්ඛත්තියයා අත්ලෙන් පිට පිස දමනුයේ නැඟී සිටියේ ය. නැඟී සිට, ‘ඇවැත් සුනක්ඛත්තය, මම් සිය ගතිය දනිමි. කාලකංජක නම් සර්‍වනිහීන අසුර නිකායයෙහි උපනිමි’ යි කියා එ තැන්හි ම උඩුකුරු වැ ඇද වැටුණේ ය.
Pali BJT10. අථ ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං එතදවොචං: තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත? යථෙව තෙ අහං අචෙලං කොරක්ඛත්තියං ආරබ්භ බ්යාකාසිං, තථෙව තං විපක්කං{1} අඤ්ඤථා වා?ති.
Sinhala BJT10. භාර්‍ගවය, එවිටැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා වෙත එළැඹියේ ය. එළැඹැ මා වැඳ පසෙක ඉඳගත්තේ ය. එසේ පසෙක හුන් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා අමතා, ‘සුනක්ඛත්තය, එය කිමැ යි සිතයි ද? මම් අචේලක කෝරක්ඛත්තියයා ඇරැබැ යම්සේ තට කීයෙම් ද, එසේ ම ඒ වචනයේ නිෂ්පත්තිය වී ද? නැත හොත් අන් සැටියකින් වී දැ?’ යි පුළුවුත්මි.
Pali BJT“යථෙව මෙ භන්තෙ, භගවා අචෙලං කොරක්ඛත්තියං ආරබ්භ බ්යාකාසි, තථෙව තං විපක්කං නො අඤ්ඤථා”ති.
Sinhala BJT‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අචේලක කෝරක්ඛත්තියයා ඇරැබ මට යම් සේ වදාළ සේක් ද, එසේ ම ඒ විපාකය විය, අන් ලෙසෙකින් නො වී යැ’ යි ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත කී ය.
Pali BJT“තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත, යදි එවං සන්තෙ කතං වා හොති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං අකතං වා?”ති. “අද්ධා ඛො භන්තෙ, එවං සන්තෙ කතං හොති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං නො අකතන්ති.” එවම්පි ඛො මං ත්වං මොඝපුරිස, උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොන්තං එවං වදෙසි: න හි පන මෙ භන්තෙ භගවා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොතී’ති. පස්ස මොඝපුරිස, යාවඤ්ච තෙ ඉදං අපරද්ධන්ති. එවම්පි ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො මයා වුච්චමානො අපක්කමෙව ඉමස්මා ධම්මවිනයා, යථා තං ආපායිකො නෙරයිකො.
Sinhala BJT’සුනක්ඛත්තය, ඉදින් මෙසේ ඇති කලැ, උතුරුමිනිස් දහමින් ඉදුපෙළහර කරන ලද ද? නොකරන ලද දැ?’ යි ඇසීමි. ‘වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් උතුරු මිනිස් දහමින් ඉදිපෙළහර කරන ලද්දේ ය, නො කරන ලද්දේ නො වෙයි’ හේ කී ය. හිස් මිනිස, මෙසේ උතුරු මිනිස් දහමින් ඉදුපෙළහර කරන මට ‘භාග්‍යවතුන් වහන්සේ මට උතුරු මිනිස්දහමින් ඉදුපෙළහර නොකරන සේකැ’ යි තෝ කීයෙහි, හිස් මිනිස, බලව, තා කළ මේ වරදෙහි මහත!’ යැ යි මම් කීමි: භාර්‍ගවය, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා විසින් මෙසේ කියනු ලබනු යේ ද, අපායට සුදුසු වූවකු, නිරයට සුදුසු වූවකු සේ මෙ සස්නෙන් බැහැර වැ ගියේ ම ය.
Pali BJTකළාරමට්ඨුකවත්ථු
Sinhala BJTකළාරමට්ඨුක වස්තුව
Pali BJT11. එකමිදාහං භග්ගව, සමයං වෙසාලියං විහරාමි මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන අචෙලො කළාරමට්ඨුකො{2} වෙසාලියං පටිවසති ලාභග්ගප්පත්තො චෙව යසග්ගප්පත්තො ච වජ්ජිගාමෙ. තස්ස සත්ත වතපදානි සමත්තානි සමාදින්නානි හොන්ති:
Sinhala BJT11. භාර්‍ගවය, මම් එක් සමයෙක විසල්පුරැ මහ වෙනෙහි කුළාර හල් වෙහෙරැ වෙසෙමි. එ සමයෙහි වූ කලී කළාරමට්ඨුක නම් අචේලකයෙක් ලාභයෙන් අක් පත් වූයේ, යසසින් අක් පත් වූයේ වැදෑගමැ වූ විසල්පුරැ වෙසෙයි. ඔහු විසින්,
Pali BJTයාවජීවං අචෙලකො අස්සං න වත්ථං පරිදහෙය්යං.
Sinhala BJT“දිවි ඇති තාක් නිරුවත් වන්නෙමි, පිළි නො හඳින්නෙමි යි,
Pali BJTයාවජීවං බ්රහ්මචාරී අස්සං න මෙථුනං ධම්මං පටිසෙවෙය්යං.
Sinhala BJTදිවි ඇති තාක් බඹසැරි වන්නෙමි, මෙවුන්දම් නො සෙවින්නෙමි යි,
Pali BJTයාවජීවං සුරාමංසෙනෙව යාපෙය්යං න ඔදනකුම්මාසං භුඤ්ජෙය්යං.
Sinhala BJTදිවි ඇති තාක් රා මස් දෙකින් යැපෙන්නෙමි, බත් කොමුපිඬු ඈ අහර නො වළඳන්නෙමි යි,
Pali BJTපුරත්ථිමෙන වෙසාලිං උදෙනං නාම චෙතියං තං නාතික්කමෙය්යං,
Sinhala BJTවිසල්පුරට පැදුම් දෙසින් උදේන නම් දෙවොල ඇත, එය ඉක්මැ නොයන්නෙමි යි,
Pali BJTදක්ඛිණෙන වෙසාලිං ගොතමකං නාම චෙතියං තං නාතික්කමෙය්යං,
Sinhala BJTවිසල්පුරට දකුණු දෙසින් ගෞතමක නම් දෙවොල ඇත, එය ඉක්මැ නොයන්නෙමි යි,
Pali BJTපච්ඡිමෙන වෙසාලිං සත්තම්බං නාම චෙතියං තං නාතික්කමෙය්යං,
Sinhala BJTවිසල්පුරට පෑළ දිගින් සත්තම්බ නම් දෙවොල ඇත, එය ඉක්මැ නො යන්නෙමි යි,
Pali BJTඋත්තරෙන වෙසාලිං බහුපුත්තං නාම චෙතියං තං නාතික්කමෙය්ය’න්ති.”
Sinhala BJTවිසල්පුරට උතුරු දිගින් බහුපුත්තක නම් දෙවොල ඇත, එය ඉක්මැ නො යන්නෙමි යි”
Pali BJTසො ඉමෙසං සත්තන්නං වතපදානං{1} සමාදානහෙතු ලාභග්ගප්පත්තො චෙව යසග්ගප්පත්තො ච වජ්ජිගාමෙ. අථ ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙන අචෙලො කළාරමට්ඨුකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා අචෙලං කළාරමට්ඨුකං පඤ්හං පුච්ඡි. තස්ස අචෙලො කළාරමට්ඨුකො පඤ්හං පුට්ඨො න සම්පායාසි. අසම්පායන්තො කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. අථ ඛො භග්ගව, සුනක්ඛත්තස්ස ලිච්ඡවිපුත්තස්ස එතදහොසි “සාධුරූපං වත භො අරහන්තං සමණං ආසාදිම්හසෙ, මා වත නො අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති.
Sinhala BJTමෙසේ වූ සප්ත ව්‍රතපද කෙනෙක් සමාදන් කොට ගන්නා ලද්දාහු වෙත්. මේ ව්‍රතපද සත සමාදන් කොට ගෙන වසන හෙයින් හෙ තෙමෙ වැදෑගමැ ලාභයෙන් අග පත් වූයේ ද යසසින් අග පත් වූයේ ද වෙයි. භාර්‍ගවය, එ කල්හි ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමේ නිරුවත් කළාරමට්ඨුකයා කරා එළැඹියේ ය, එළැඹැ ඔහුගෙන් ප්‍රශ්න විචාළේය. ඔහු විසින් පැණ පුළුවුස්නා ලද කළාරමට්ඨුක තෙමෙ ඒ පැණ විසඳන්නට (සපයා කියන්නට) නොහැකි විය, එසේ නො හැකි වූයේ, කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ කෙළේ ය. භාර්‍ගවය, එ විටැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයාට ‘අහෝ! සාධු ගුණ ඇති රහත් මහණක්හු කෙරේ ගැහැටුණම්හ. එය අපට බොහෝ කල් අවැඩ පිණිස, දුක් පිණිස නො වේ ව’ යි මේ සිත විය.
Pali BJT12. අථ ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං එතදවොචං: ත්වම්පි නාම මොඝපුරිස සමණො සක්යපුත්තියො පටිජානිස්සසී?ති.
Sinhala BJT12. භාර්‍ගවය, ඉක්බිත්තෙන් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමෙ මා කරා එළැඹියේ ය. එළැඹැ, මා වැඳ පසෙක හිඳගත්තේ ය. භාර්‍ගවය, එසේ පසෙක හුන් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා අමතා, ‘හිස් මිනිස, තෝත් ශාක්‍යපුත්‍රීය මහණෙකිමි’ යි පිළින කෙරෙයි දැ?’ යි කීමි.
Pali BJT“කිං පන මං භන්තෙ භගවා එවමාහ: ත්වම්පි නාම මොඝපුරිස සමණො සක්යපුත්තියො පටිජානිස්සසී?”ති.
Sinhala BJT‘වහන්ස, කවර හෙයින් මට එසේ වදාරන සෙයෙක් දැ?’ යි හේ කීය.
Pali BJT“නනු ත්වං සුනක්ඛත්ත, අචෙලං කළාරමට්ඨුකං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡි? තස්ස තෙ අචෙලො කළාරමට්ඨුකො පඤ්හං පුට්ඨො න සම්පායාසි. අසම්පායන්තො කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. තස්ස තෙ එතදහොසි: සාධුරූපං වත භො අරහන්තං සමණං ආසාදිම්හසෙ, මා වත නො අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති.
Sinhala BJT‘සුනක්ඛත්තය, තෝ නිරුවත් කළාරමට්‍ඨුකයා කරා එළැඹැ පැණ පුළුවුසූයෙහි නො වෙහි ද? නිරුවත් කළාරමට්ඨුක තෙමෙ ඒ තා විසින් පැණ පුළුවුස්නා ලදුයේ, එය විසඳන්නට නොහැකි වූයේ නො වේ ද? නො හැකි වනුයේ කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙළේ නොවේ ද? ඒ තට ‘සාධු ගුණ ඇති රහත් මහණක්හු කෙරේ ගැහැටුණම්හ, එය අපට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස නොවේ ව’ යි මේ සිත වූයේ නො වේ දැ?’ යි මම් කීමි.
Pali BJT“එවං භන්තෙ. කිං පන භන්තෙ භගවා අරහත්තස්ස මච්ඡරායතී?”ති.
Sinhala BJT‘වහන්ස, එසේ ය, කිමෙක් ද? භාග්‍යවතුන් වහන්සේ රහත් බවට මසුරු වන සේක් දැ?’ යි හේ කී ය.
Pali BJT“න ඛො අහං මොඝපුරිස, අරහත්තස්ස මච්ඡරායාමි. අපි ච තුය්හෙවෙතං පාපකං දිට්ඨිගතං උප්පන්නං, තං පජහ. මා තෙ අහොසි දීඝරත්තඅහිතාය දුක්ඛාය. යං ඛො පනෙතං සුනක්ඛත්ත, මඤ්ඤසි අචෙලං කළාරමට්ඨුකං ‘සාධුරූපො අරහං සමණො”ති, සො න චිරස්සෙව පරිහිතො{1} සානුචරියො{2} විචරන්තො ඔදනකුම්මාසං භුඤ්ජිමානො සබ්බානෙව වෙසාලියානි චෙතියානි සමතික්කමිත්වා යසා නික්කිණ්ණො{3} කාලං කරිස්සතී”ති.
Sinhala BJT‘හිස් මිනිස, මම් රහත්බවට මසුරු නොවෙමි. වැලි, තා හට මේ ලාමක මිසදිටෙක් උපන. එය බැහැරැ ලව. එය තට බොහෝ කල් අවැඩ පිණිස දුක පිණිස නො වේ වා. සුනක්ඛත්තය, නිරුවත් කළාරමට්ඨුක නම් යම් එකකු ‘සාධු ගුණ ඇති රහත් මහණෙකැ’ යි තෝ සිතයි ද, හේ නො බෝ දිනෙකින් ම පිළී හැන්දේ බිරියක ඇති වැ හැවිදුනේ, බත් කොමු ඈ අහර වළඳනුයේ විසල්පුරැ හැම දෙවොල් ම ඉක්මැ ගොස් යසසින් පිරිහුණේ කලුරිය කරන්නේ යැ’ යි කීමි.
Pali BJT13. අථ ඛො භග්ගව, අචෙලො කළාරමට්ඨුකො න චිරස්සෙව පරිහිතො සානුචරියො විචරන්තො ඔදනකුම්මාසං භුඤ්ජිමානො සබ්බානෙව වෙසාලියානි චෙතියානි සමතික්කමිත්වා යසා නික්කිණ්ණො කාලමකාසි. අස්සොසි ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො: අචෙලො කිර කළාරමට්ඨුකො පරිහිතො සානුචරියො විචරන්තො ඔදනකුම්මාසං භුඤ්ජමානො සබ්බානෙව වෙසාලියානි චෙතියානි සමතික්කමිත්වා යසා නික්කිණ්ණො කාලං කතො’ති. අථ ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අහං භග්ගව, සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං එතදවොචං:
Sinhala BJT13. භාර්‍ගවය, එ කලැ නිරුවත් කළාරමට්ඨුක තෙමෙ නොබෝ දිනෙකින් පිළී හැන්දේ, බිරියක් ඇති වැ හැවිදිනුයේ, බත් කොමු ඈ අහර වළඳනුයේ, විසල්පුරැ සියලු දෙවොල් ම ඉක්මැ ගොස්, යසසින් පිරිහී කලුරිය කෙළේ ලැ’ යි සුනක්ඛත්තයා ඇසී ය. එ කලැ හේ මා කරා එළැඹියේ ය. එළැඹැ මා වැඳ පසෙකැ හුන්නේ ය. පසෙකැ හුන් සුනක්ඛත්තයා අමතා,
Pali BJTතං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත, යථෙව තෙ අහං අචෙලං කළාරමට්ඨුකං ආරබ්භ බ්යාකාසිං, තථෙව තං විපක්කං අඤ්ඤථා වා?ති.
Sinhala BJT‘සුනක්ඛත්තය, එය කිමැ යි සිතයි ද? නිරුවත් කළාරමට්ඨුකයා ඇරැබැ තට යම් සේ මම් කීම් ද, එසේ ම එය නිපන්නේ ද? නැත හොත් අන් සැටියෙකින් වී දැ?’ යි කීමි.
Pali BJT“යථෙව මෙ භන්තෙ, භගවා අචෙලං කළාරමට්ඨුකං ආරබ්භ බ්යාකාසි, තථෙව තං විපක්කං නො අඤ්ඤථා”ති.
Sinhala BJT‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නිරුවත් කළාරමට්ඨුක තවුසා ඇරැබැ යම් සේ මට වදාළ සේක් ද, එසේ ම එය නිපන, අන් සැටියෙකින් නො වී යැ’ යි හේ කී ය.
Pali BJT“තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත, යදි එවං සන්තෙ කතං වා හොති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං, අකතං වා?”ති,
Sinhala BJT‘සුනක්ඛත්තය, තෝ එය කෙසේ සිතහි ද? ඉදින් මෙ ලෙස ඇති කලැ මා විසින් උතුරු මිනිස් දහමින් ඉදුපෙළහර කරන ලද ද?, නො කරන ලද දැ?’ යි ඇසීමි.
Pali BJT“අද්ධා ඛො භන්තෙ, එවං සන්තෙ කතං හොති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං, නො අකතන්ති.”
Sinhala BJT‘වහන්ස, මෙසේ ඇති කලැ, උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන ලදුයේ වෙයි, නො කරන ලදුයේ නොවේ’ යැ යි හේ කී ය.
Pali BJT“එවම්පි ඛො මං ත්වං මොඝපුරිස, උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොන්තං එවං වදෙසි න හි පන මෙ භන්තෙ භගවා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොතී’ති. පස්ස මොඝපුරිස, යාවඤ්ච තෙ ඉදං අපරද්ධන්ති.”
Sinhala BJT‘හිස් මිනිස, මෙසේත් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන මට; ‘භාග්‍යවතුන් වහන්සේ මට උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර නො කරන සේකැ’ යි තෝ කියෙහි. හිස් මිනිස, බලව, තා විසින් කොතරම් මහ වරදෙක් කරන ලද දැ?’ යි මම් කීමි.
Pali BJTඑවම්පි ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො මයා වුච්චමානො අපක්කමෙව ඉමස්මා ධම්මවිනයා, යථා තං ආපායිකො නෙරයිකො.
Sinhala BJTභාර්‍ගවය, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා විසින් මෙසේ කියනු ලබනුයේ ම, අපායට සුදුසු වූවක්හු, නිරයට සුදුසු වූවක්හු සේ ම හේ මේ ධර්‍මවිනය කෙරෙන් (මෙ සස්නෙන් බැහැර වැ) ගියේ ම ය.
Pali BJTපාථිකපුත්තවත්ථු
Sinhala BJTපාථික පුත්‍ර වස්තුව
Pali BJT14. එකමිදාහං භග්ගව, සමයං තත්ථෙව වෙසාලියං විහරාමි මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන අචෙලො පාථිකපුත්තො{1} වෙසාලියං පටිවසති ලාභග්ගප්පත්තො චෙව යසග්ගප්පත්තො ච වජ්ජිගාමෙ. සො ච වෙසාලියං පරිසතිං එවං වාචං භාසති: සමණො ගොතමො ඤාණවාදො අහම්පි ඤාණවාදො. ඤාණවාදො ඛො පන ඤාණවාදෙන අරහති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙතුං. සමණො චෙ ගොතමො උපඩ්ඪපථං ආගච්ඡෙය්ය, අහම්පි උපඩ්ඪපථං ගච්ඡෙය්යං. තෙ තත්ථ උභොපි උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෙය්යාම. එකං චෙ සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, ද්වාහං කරිස්සාමි. ද්වෙ චෙ සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියානි කරිස්සති, චත්තාරාහං කරිස්සාමි. චත්තාරි චෙ සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියානි කරිස්සති, අට්ඨාහං කරිස්සාමි. ඉති යාවතකං සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, තන්දිගුණං තන්දිගුණාහං{2} කරිස්සාමී”ති.
Sinhala BJT14. භාර්‍ගවය, මම් එක් කලෙක විසල්පුර අසලැ මහ වෙනෙහි කුළාරහල් වෙහෙරැ වෙසෙමි. එ සමයෙහි පාථිකපුත්‍ර නම් නිරුවත් තවුසෙක් ලාභයෙන් ද යසසින් ද අගපත් වූයේ, වැදෑරජුන්ගේ වාසභූමි වූ විසල්පුරැ වෙසෙයි. හේ ‘මහණ ගොයුම් ඥානවාද ඇත්තෙක මම් ද ඥානවාද ඇතියෙමි. ඥානවාද ඇත්තේ වූ කලි ඥානවාද ඇත්තක්හු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේ ය. ඉදින් මහණ ගොයුම් (වාද පිණිස) අඩ මඟක් එන්නේ වී නම්, මම් ද අඩ මඟක් (ඔහු දෙසට) ඉදිරි වැ යන්නෙමි. එහි දී ඒ අපි දෙ දෙනා ම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නමු. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් එක් ඉදු පෙළහරක් කරන්නේ නම්, මම් ඉදු පෙළහර දෙකක් කරන්නෙමි. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දෙකක් කරන්නේ නම්, මම් සතරක් කරන්නෙමි. ඉදින් මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්නේ නම්, මම් අටක් කරන්නෙමි. මෙසේ මහණගොයුම් උතුරු මිනිස් දහමින් යම් පමණ පෙළහර කරන්නේ ද, මම් එ මෙන් දෙගුණයක් දෙගුණයක් ඉදු පෙළහර කරන්නෙමි’ යි පිරිස් මැද මෙසේ වූ බසක් කියයි.
Pali BJT15. “අථ ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භග්ගව, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො මං එතදවොච: අචෙලො භන්තෙ පාථිකපුත්තො වෙසාලියං පටිවසති ලාභග්ගප්පත්තො චෙව යසග්ගප්පත්තො ච වජ්ජිගාමෙ. සො වෙසාලියං පරිසතිං එවං වාචං භාසති: ‘සමණො ගොතමො ඤාණවාදො, අහම්පි ඤාණවාදො. ඤාණවාදො ඛො පන ඤාණවාදෙන අරහති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙතුං. සමණො ගොතමො චෙ උපඩ්ඪපථං ආගච්ඡෙය්ය, අහම්පි උපඩ්ඪපථං ගච්ඡෙය්යං. තෙ තත්ථ උභොපි උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෙය්යාම. එකං චෙ සමණො ගොතමො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, ද්වාහං කරිස්සාමි -පෙ- තන්දිගුණං තන්දිගුණාහං කරිස්සාමී’ති.
Sinhala BJT15. භාර්‍ගවය, එ කලැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා වෙත එළැඹියේ ය. එළැඹ මා වැඳ පසෙක උන්නේ ය. පසෙක හුන්නේ ම, “වහන්ස, වැදෑගම වූ විසල්පුරැ පාථිකපුත්‍ර නම් නිරුවත් තවුසෙක් ලාභයෙන් ද යසසින් ද අගපත් වැ වෙසෙයි. ඔහු විසල්පුරැ පිරිස් මැදැ දී “මහණගොයුම් (මම් සියල්ල දනිමි යි) ඥානවාද ඇත්තෙක. මම් ද ඥානවාද ඇත්තෙකිමි. ඥානවාද ඇත්තේ වූ කලි ඥානවාද ඇත්තෙකු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේ ය. ඉදින් මහණ ගොයුම් (වාද පිණිස) අඩ මඟක් එන්නේ වි නම්, මම් ද අඩ මඟක් ඉදිරියට යන්නෙමි. එහි දී ඒ අපි දෙ දෙනා ම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නමු. මහණ ගොයුම් උතුරු දහම් මිනිස් දහමින් එක් ඉදු පෙළහරක් කරන්නේ නම්, මම් ඉදු පෙළහර දෙකක් කරන්නෙමි. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දෙකක් කරන්නේ නම්, මම් සතරක් කරන්නෙමි. ඉදින් මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්නේ නම්, මම් අටක් කරන්නෙමි. මෙසේ මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් යම් පමණ ඉදු පෙළහර කරන්නේ ද, මම් එ මෙන් දෙගුණ දෙගුණ ඉදු පෙළහර කරන්නෙමි’ යි මෙසේ කියතැ” යි මට සැළ කෙළේ ය.
Pali BJT16. එවං වුත්තො අහං භග්ගව, සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං එතදවොචං: අභබ්බො ඛො සුනක්ඛත්ත අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙපි’ස්ස එවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්යා’ති.
Sinhala BJT16. භාර්‍ගවය, මෙසේ කී කලැ මම් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයාට, “සුනක්ඛත්තය, නිරුවත් පාථිකපුත්‍රයා ඒ තෙපුල් නො හැරපියා ඒ සිත නො හැරපියා ඒ දෘෂ්ටිය නොදුරැලා මා හමුවට එන්නට නො හැක්ක. ඉදින් ඒ වචන නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැ ලා, ‘මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ ඔහුට සිතෙක් වී නම් ඔහුගේ හිස ද ගිලි හෙතැ” යි මම් කීමි.
Pali BJT“රක්ඛතෙතං භන්තෙ භගවා වාචං, රක්ඛතෙතං සුගතො වාචන්ති.”
Sinhala BJT“වහන්ස භාග්‍යවතුන් වහන්සේ මේ වචනය රක්නා සේක් වා, සුගතයන් වහන්සේ මේ වචනය රක්නා සේකේ වා” යි සුනක්ඛත්ත කී ය.
Pali BJT“කිම්පන මං ත්වං සුනක්ඛත්ත එවං වදෙසි: රක්ඛතෙතං භන්තෙ භගවා වාචං, රක්ඛතෙතං සුගතො වාචන්ති?”.
Sinhala BJT“සුනක්ඛත්තය, කිමෙක් ද? ‘භාග්‍යවතුන් වහන්සේ මේ වචනය රක්නා සේක් වා, සුගතයන් වහන්සේ මේ වචනය රක්නා සේක් වා’ යි මෙසේ මට කවර හෙයින් කියහි දැ?” යි මම් පුළුවුතිමි.
Pali BJT“භගවතා චස්ස භන්තෙ එසා වාචා එකංසෙන ඔධාරිතා{1} ‘අභබ්බො අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචෙ පි’ස්ස එවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්යා’ති. අචෙලො ච භන්තෙ පාථිකපුත්තො විරූපරූපෙන භගවතො සම්මුඛීභාවං ආගච්ඡෙය්ය, තදස්ස භගවතො මුසා”ති.
Sinhala BJT“වහන්ස, නිරුවත් පාථිකපුත්‍ර තවුසා ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දෘෂ්ටිය නො දුරැ ලා, මා හමුවට එන්නට නො හැක්ක. ඉදින් ‘මම් ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැ ලා, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙබඳු සිතෙක් වී නම්, ඔහුගේ හිස ද ගිලිහෙතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ඒකාන්තයෙන් අවධාරණය කොට (නියත කොට) ම වදාරන ලද සේ යැ. වහන්ස, අචේලක පාථිකපුත්‍ර තෙමෙ ඍද්ධියෙන් වෙස්වළා (සිංහ ව්‍යාඝ්‍රාදීන් බඳු අන් වෙසෙකින්) භාග්‍යවතුන් වහන්සේ වෙතට ආයේ වී නම්, භාග්‍යවතුන් වහන්සේගේ ඒ තෙප්ල බොරු වන්නේ යැ” යි හේ කී ය.
Pali BJT“අපි නු සුනක්ඛත්ත, තථාගතො තං වාචං භාසෙය්ය යා සා වාචා ද්වයගාමිනී?”ති.
Sinhala BJT‘සුනක්ඛත්තය, තථාගත තෙමේ සැටියෙන් එකක් වූ, අරුතෙන් වෙනෙකක් වූ, දෑතකට යන බසක් කියන්නේ දැ?’ යි මම් ඇසීමි.
Pali BJT“කිං පන භන්තෙ, භගවතා අචෙලො පාථිකපුත්තො චෙතසා චෙතො පරිච්ච විදිතො අභබ්බො අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං, සචෙ පි’ස්ස එවමස්ස තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්යා’ති. උදාහු දෙවතා භගවතො එතමත්ථං ආරොචෙසුං අභබ්බො භන්තෙ ච අචෙලො පාථිකපුත්තො තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා භගවතො සම්මුඛීභාවං ආගන්තුං. සචෙපි’ස්ස එවමස්ස; අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගොතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්යන්ති මුද්ධා පි තස්ස විපතෙය්යා ති?”
Sinhala BJT“කිමෙක් ද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අචේලක පාථිකපුත්‍ර තෙම ඒ තෙපුල් නො හැරැපියා, ඒ සිත නොහැරපියා, ඒ දිට් නො දුරැ ලා මා හමුවට එන්නට නො හැක්කැ’ යි ද, එසේ ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නොහැරපියා, ඒ දිට් නො දුරැ ලා මහාණ ගොයුම් වෙත යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වී නම්, ඔහු හිස ද ගිලිහෙතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් සිය සිතින් ඔහු සිත පිරිසිඳැ අචේලක පාථිකපුත්‍රයා දන්නා ලද්දේ ද? නැත හොත්, ‘අචේලක පාථිකපුත්‍ර ඒ තෙපුල් නො හැරපියා … භාග්‍යවතුන් වහන්සේ හමුවට එනු නො හැක්කැ’ යි, … ඉදින් ඒ තෙප්ල නො හැරපියා ... මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි සිතා යන්නේ නම්, ඔහු හිස ගිලි හෙතැ’ යි දේවතා කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළෝ දැ?” යි හේ පුළුවුත.