Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3301-3400 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT22. පුන චපරං භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. කථඤ්ච පන භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු:
Sinhala BJT22. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙමෙ කෙසේ නම් ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුඤ්ච පජානාති, රූපෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤොජනං තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සඤ්ඤොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සඤ්ඤොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සඤ්ඤොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙම චක්‍ෂුඃප්‍රසාදය ද දනී, රූපයන් ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නොඋපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ම ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
Pali BJTසොතඤ්ච පජානාති, සද්දෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤොජනං තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සඤ්ඤොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. __යථා ච උප්පන්නස්ස සඤ්ඤොජනස්ස පහානං හොති තඤ්ච පජානාති__. යථා ච පහීනස්ස සඤ්ඤොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTශ්‍රෝත්‍රප්‍රසාදය ද දනී, ශබ්දයන් ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ ම නො උපන් සංයෝජනයක්හුගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ම ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
Pali BJTඝානඤ්ච පජානාති, ගන්ධෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤොජනං තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සඤ්ඤොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සඤ්ඤොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සඤ්ඤොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTඝ්‍රාණප්‍රසාදය ද දනී, ගන්‍ධයන් ද දනී, ඒ දෙ දෙනා නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම්සේත් නූපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ප්‍රහීණ සංයෝජනයාගේ මතු නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
Pali BJTජිව්හඤ්ච පජානාති, රසෙ ච පජානාති. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සඤ්ඤොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සඤ්ඤොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සඤ්ඤොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTජිහ්වා ප්‍රසාදය ද දනී, රසයන් ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නොඋපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
Pali BJTකායඤ්ච පජානාති, ඵොට්ඨබ්බො ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤොජනං තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සඤ්ඤොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සඤ්ඤොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සඤ්ඤොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTකාය ප්‍රසාදය ද දනී, ස්ප්‍රෂ්ටව්‍යයන් (කයැ හැපෙන දෑ) ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නො උපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
Pali BJTමනඤ්ච පජානාති, ධම්මෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤොජනං තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සඤ්ඤොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථාච උප්පන්නස්ස සඤ්ඤොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සඤ්ඤොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTමනෝද්වාරය ද දනී, ධර්‍මාලම්බනයන් ද දනී, ඒ දෙ කොටස නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නො උපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නොඉපැද්මෙක් වේ ද එයත් දනී.
Pali BJTඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති.
Sinhala BJTමෙසේ තමා කෙරෙහි වූ ආයතන ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි. මෙරමා පිළිබඳ ආයතන ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි. විටෙක තමා පිළිබඳ වූ ආයතන ධර්‍මයන්හි ද විටෙක මෙරමා පිළිබඳ ආයතන ධර්‍මයන්හි ද ධම්මානුපස්සී වැ වෙසෙයි. ආයතන ධර්‍මයන්ගේ ඉපැද්මට ප්‍රත්‍යය වූ දෑ නොයෙක් අයුරින් නැවැත නැවැත බලන සුලු වූයේ හෝ ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. ආයතන ධර්‍මයන්ගේ විනාශයට කරුණු නොයෙක් අයුරින් නැවැත නැවැත බලන සුලු වූයේ හෝ ආයතන ධර්‍මයන් හි ධම්මානුපස්සී වැ වෙසෙයි. විටෙක ආයතන ධර්‍මයන්ගේ ඉපැද්මට කරුණු ද විටෙක ආයතන ධර්‍මයන්ගේ වැනැස්මට කරුණුද නොයෙක් අයුරින් නැවත නැවත බලන සුලු වූයේ හෝ ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
Pali BJTඅත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTඔහුට ‘ආයතන ධර්‍මයෝ ඇතැ’යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) කියා හෝ සිහිය එළැඹ සිටියේ හෝ වෙයි. එය නුවණ වැඩීම පිණිස ම සිහිය වැඩීම පිණිස ම වේ. එසේ වූ හෙ තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකට නො හසු වූයේද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නොගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු.
Sinhala BJTමහණෙනි, මෙසේත් මහණ තෙම ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
Pali BJTආයතනපබ්බං නිට්ඨිතං.
Sinhala BJTආයතන පර්‍වය නිමියේ ය.
Pali BJT23. පුන චපරං භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු. කථඤ්ච පන භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු:
Sinhala BJT23. තව ද අනෙකක් කියම්. මහණ තෙමේ සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන් හි ධම්මානුදර්ශී වැ වෙසේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගොති පජානාති. යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙමේ (සතතයෙන් සන්තානයෙහි පහළ වීම් වශයෙන්) තමා කෙරෙහි ඇත්තා වූ ම ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි දැන් ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හෝ දනී. (අප්‍රතිලාභ වශයෙන්) තමා කෙරෙහි නැත්තා වූ හෝ ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි ස්මෘති සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නොඋපන් ස්මෘති සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැත්ම යම්සේ වේ ද එයත් දනී. උපන්නා වූ ස්මෘති සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් සේ වේ ද එයත් දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගොති පජානාති. යථා ච අනුප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
Sinhala BJTතමා කෙරෙහි ඇත්තා වූ ම ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි දැන් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හෝ දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ‘මා කෙරෙහි ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. යම් සේ නො උපන් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැත්ම වේ ද, එයත් දනී. යම් සේ උපන් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය වේ ද, එයත් දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං විරියසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං විරියසම්බොජ්ඣඞ්ගොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං විරියසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං විරියසම්බොජ්ඣඞ්ගොති පජානාති. යථා ච අනුප්පන්නස්ස විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
Sinhala BJTතමා කෙරෙහි ඇත්තා වූ ම වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය දැන් ඇතැ’යි දනී. තමා කෙරෙහි නැත්තා වූ වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය ‘මා කෙරෙහි වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. යම්සේ නො උපන් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය වේ ද එයත් දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
Sinhala BJTතමා කෙරෙහි ඇත්තා වූ ම ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය දැන් ඇතැ’යි දනී. තමා කෙරෙහි නැත්තා වූ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ‘මා කෙරෙහි ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. යම් සේ නො උපන් ප්‍රීති සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැත්ම වේ ද, එයත් දනී, යම් සේ උපන් ප්‍රීති සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය වේ ද එයත් දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
Sinhala BJTතමා කෙරෙහි ඇත්තා වූ හෝ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නො උපන්න ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් සේ වේ ද එයත් දනී, උපන් ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය යම් සේ වේ ද එයත් දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
Sinhala BJTතමා කෙරෙහි ඇත්තා වූ හෝ සමාධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි සමාධි සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හෝ දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ සමාධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි සමාධි සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නො උපන්නා වූ සමාධි සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් සේ වේ ද එයත් දනී. උපන් සමාධි සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය යම් සේ වේ ද එයත් දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
Sinhala BJTතමා කෙරෙහි ඇත්තා වූ හෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හේ දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නො උපන්නා වූ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගයාගේ යම් සේ ඉපැද්ම වේ ද, එය ද දනී. උපන්නාවූ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය යම් සේ වේ ද එයත් දනී.
Pali BJTඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති.
Sinhala BJTමෙසේ තමා කෙරෙහි වූ හෝ බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමා කෙරෙහි වූ හෝ බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, විටෙක තමා කෙරෙහි වූ ද විටෙක මෙරමා කෙරෙහි වූ ද බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි.
Pali BJTසමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති.
Sinhala BJTබෝධ්‍යඞ්ග ධර්‍මයන්ගේ ඉපැද්මට කාරණ වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩනුයේ වෙසෙයි. බෝධ්‍යඞ්ග ධර්‍මයන්ගේ විනාශයට කාරණ වූ අවිද්‍යාදි අකුශල ධර්‍මයන් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩනුයේ වෙසෙයි. විටෙක බෝධ්‍යඞ්ගයන්ගේ ඉපැද්මට කරුණු වූ දෑ ද විටෙක බෝධ්‍යඞ්ගයන්ගේ වැනැස්මට කරුණු වූ දෑ ද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩනුයේ වෙසෙයි.
Pali BJT‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJT‘බෝධ්‍යඞ්ග ධර්‍මයෝ ම ඇතැ’යි (ඔවුන් වඩන සතෙක් පුඟුලෙක් නැතැ යි) ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය විරහිත ව ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු සම්බොජ්ඣඞ්ගෙසු.
Sinhala BJTමහණෙනි, මහණ තෙම මෙසේත් සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
Pali BJTබොජ්ඣඞ්ගපබ්බං නිට්ඨිතං.
Sinhala BJT(බෝධ්‍යඞ්ග පර්‍වය නිමියේ ය)
Pali BJTපඨමභාණවාරං නිට්ඨිතං
Sinhala BJTපළමු බණවර නිමි.
Pali BJT24. පුන චපරං භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු. කථඤ්ච පන භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතුසු අරියසච්චෙසු:
Sinhala BJT24. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම සතර ආර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙම කෙසේ නම් සතර ආර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයො ති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධො ති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා ති යථාභූතං පජානාති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණතෙම ‘මේ දුකැ’යි තතු වූ පරිදි දනී. ‘මේ දුඃඛසමුදය යැ’යි තතු වූ පරිදි දනී. ‘මේ දුඃඛනිරෝධයැ’යි තතු වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති යැ’යි තතු වූ පරිදි දනී.
Pali BJT25. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං: ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා පි දුක්ඛා.
Sinhala BJT25. මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරේ ද යත්: ඉපැද්ම ද දුක් යැ, ජරාව ද දුක් යැ, මරණය ද දුක් යැ, ශෝකය ද වැලැප්ම ද කායික පීඩා ද මානසික පීඩා ද දැඩි ආයාස ද දුක් යැ. අප්‍රියයන් හා එක්වීම ද දුක් යැ. ප්‍රියයන්ගෙන් වෙන්වීම ද දුක් යැ. යමක් කැමැති වන්නේ එය නො ලබන්නේ ද, ඒ ද දුක් යැ. සැකෙවින් උපාදාන ස්කන්‍ධ පස ම දුක් යැ.
Pali BJTකතමා ච භික්ඛවෙ, ජාති: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති භික්ඛවෙ ජාති.
Sinhala BJTමහණෙනි, ඉපැදීම නම් කවරේ ද: ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්‍ව නිකායයෙහි (නො පිරිපුන් ආයතන ඇතියන්ගේ වශයෙන්) යම් ඉපැද්මෙක් වේ ද, (පිරිපුන් ආයතන ඇතියන්ගේ වශයෙන්) යම් ඉපැද්මෙක් වේ ද, (අණ්ඩජ ජලාබුජයන්ගේ වශයෙන්) උත්පත්ති ස්ථානයට බැස ගැන්මෙක් වේ ද, (සංසේදජ ඕපපාතික වශයෙන්) ප්‍රකට වැ ඉපැත්මෙක් වේ ද, (පරමාර්‍ත්‍ථ වශයෙන්) ස්කන්‍ධයන්ගේ ප්‍රාදුර්‍භාවයෙක් වේ ද, ෂඩායතනයන්ගේ ලැබීමෙක් වේ ද, මහණෙනි, මෙය ජාති (ඉපැද්ම) යැ යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, ජරා: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති භික්ඛවෙ ජරා.
Sinhala BJTමහණෙනි, ජරා නම් කවරේ ද යත්: ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්‍ව නිකායයෙහි යම් දිරීමෙක්, දිරන බවෙක්, දත් ආදීන්ගේ කැඩීම් වශයෙන් විකාරයට පැමිණි බවෙක්, ආයු ගෙවීමෙක්, චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන්ගේ මුහුකුරා යෑමෙක් වේ ද, මේ ජරා නැමැ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, මරණං: යං තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදො කළෙබරස්ස නික්ඛෙපො ජීවිතින්ද්රියස්සුපච්ඡෙදො, ඉදං වුච්චති භික්ඛවෙ මරණං.
Sinhala BJTමහණෙනි, මරණය නම් කවරේ ද යත්: ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්‍ව නිකාය කෙරෙන් ච්‍යුතියෙක්, සැවෙන බවෙක්, බිඳීමෙක්, අතුරුදහන් වීමෙක්, මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක්, කලුරිය කිරීමෙක්, ස්කන්‍ධයන්ගේ බිඳීමෙක්, සිරුර බහා තැබීමෙක්, ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මෙය මරණ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සොකො: යො ඛො භික්ඛවෙ, අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො, අයං වුච්චති භික්ඛවෙ සොකො.
Sinhala BJTමහණෙනි, ශෝකය නම් කවරේ ද යත්: මහණෙනි, ඥාති ව්‍යසනාදීන්ගෙන් එක්තරා ව්‍යසනයෙකින් යුක්තයාගේ හෝ (සිර ගෙහි බැඳීම් ආදි) එක්තරා දුඃඛ කාරණයෙකින් ස්පර්‍ශ කරනු ලැබුවහුගේ හෝ යම් ශෝකයෙක්, ශෝක කරන බවෙක් (සිරුර තුළැ වියැළීම ඇති කරන සේ වූ) ඇතුළත ශෝකයෙක්, ඇතුළත හාත්පස්හි ම ශෝකයෙක් වේ ද, මහණෙනි, මෙ ශෝක යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, පරිදෙවො: යො ඛො භික්ඛවෙ, අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං, අයං වුච්චති භික්ඛවෙ පරිදෙවො.
Sinhala BJTමහණෙනි, පරිදේවය යනු කවරේ ද යත්: මහණෙනි, (ඥාති ව්‍යසනාදි) යම් එක්තරා දුඃඛ කාරණයෙකින් ස්පර්‍ශ කරනු ලැබුවහුගේ ද, (මගේ පුත්‍රයා ය යන ආදි විසින්) වස්තුවෙහි නම කියා හැඬීමෙක්, වස්තුවෙහි ගුණ වණමින් හැඬීමෙක්, නම කියා හඬන අයුරෙක්, ගුණ වණමින් හඬන අයුරෙක්, නම කියා හඬන බවෙක්, ගුණ වණමින් හඬන බවෙක් වේ ද, මෙය පරිදේව යැ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, දුක්ඛං: යං ඛො භික්ඛවෙ, කායිකං දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ දුක්ඛං.
Sinhala BJTමහණෙනි, දුඃඛ නම කවරේ ද යත්: මහණෙනි, යම් කායික දුකෙක් (කාය ප්‍රසාදයෙහි රළු ලෙස යමක් ගැටීමෙන් වූ දුකෙක්), කායික නො මිහිරි බවෙක්, කාය ස්පර්‍ශයෙන් උපදනා නො ඉවැසියැ හැකි වේදනාවෙක්, අතිකර්‍කශ විඳීමෙක් වේ ද, මෙය දුඃඛ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, දොමනස්සං: යං ඛො භික්ඛවෙ, චෙතසිකං දුක්ඛං චෙතසිකං අසාතං මනොසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ දොමනස්සං.
Sinhala BJTමහණෙනි, දෞර්‍මනස්‍යය (දොම්නස) නම් කවරේ ද යත්: සිතැ උපන් යම් දුකෙක්, සිතැ උපන් නොමිහිරි බවෙක්, සිතැ නොමනා අරමුණු ගැටීමෙන් උපදනා දුකෙක්, නො සැප වූ විඳුමෙක් වේ ද, මෙය දෞර්‍මනස්‍ය යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, උපායාසො: යො ඛො භික්ඛවෙ, අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති භික්ඛවෙ උපායාසො.
Sinhala BJTමහණෙනි, උපායාස නම් කවරේ ද යත්: මහණෙනි, ඥාති ව්‍යසනාදි ව්‍යසන අතුරෙන් යම් එක්තරා ව්‍යසනයෙකින් සමන්‍විතයක්හුගේ හෝ (සිර ගෙහි බැඳුම් ආදි) යම් එක්තරා දුඃඛ ස්වභාවයෙකින් ස්පර්‍ශ කරනු ලැබුවහුගේ (දුකෙහි ගිලුණු අයුරින් පැවැති චිත්තක්ලමථාකාර) ආයාසයෙක්, දැඩි ආයාසයෙක් සිතැ ක්ලාන්ත ස්වභාවයෙක් සිතැ දැඩි ක්ලාන්ත බවෙක් වේ ද, මෙය උපායාස යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, අප්පියෙහි සම්පයොගො දුක්ඛො: ඉධ යස්ස තෙ හොන්ති අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා ධම්මා, යෙ වා පනස්ස තෙ හොන්ති අනත්ථකාමා අහිතකාමා අඵාසුකකාමා අයොගක්ඛෙමකාමා, යා තෙහි සද්ධිං සඞ්ගති සමාගමො සමොධානං මිස්සීභාවො, අයං වුච්චති භික්ඛවෙ, අප්පියෙහි සම්පයොගො දුක්ඛො.
Sinhala BJTමහණෙනි, ‘අප්‍රියයන් හා එක් වීම දුක් යැ’ යනු කවරේ ද යත්: මහණෙනි, මෙහි යමකුහට අනිටු වූ, නො සිත්කලු වූ, මන නොවඩන්නා වූ යම් රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ධර්‍ම යන ආලම්බන කෙනෙක් වෙත් ද, ඔහුට අවැඩ කැමැති, අහිත කැමැති, නොපහසුව කැමැති, උවදුරු නැති බව, නොකැමැති යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් හා යම් සංගමයෙක්, යම් එක්වීමෙක්, යම් එකතුබවෙක්, යම් මුසු බවෙක් වේ ද, මහණෙනි, මෙය ‘අප්‍රියයන් හා එක් වීම දුක් යැ’ යන්න යැ.
Pali BJTකතමො ච භික්ඛවෙ, පියෙහි විප්පයොගො දුක්ඛො: ඉධ යස්ස තෙ හොන්ති ඉට්ඨා කන්තා මනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා ධම්මා, යෙ වා පනස්ස තෙ හොන්ති අත්ථකාමා හිතකාමා ඵාසුකකාමා යොගක්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා ජෙට්ඨා වා කනිට්ඨා වා මිත්තා වා අමච්චා වා ඤාතිසාලොහිතා වා, යා තෙහි සද්ධිං අසඞ්ගති අසමාගමො අසමොධානං අමිස්සීභාවො, අයං වුච්චති භික්ඛවෙ, පියෙහි විප්පයොගො දුක්ඛො.
Sinhala BJTමහණෙනි, ‘ප්‍රියයන්ගෙන් වියෝ වීම දුක් යැ’ යන්න කවරේ ද යත්: මහණෙනි, මෙහි යමකුහට ඉටු වූ සිත්කලු වූ මන වඩන්නා වූ යම් රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ධර්‍ම යන ආලම්බන කෙනෙක් වෙත් ද, ඔහුට වැඩ කැමැති, හිත කැමැති, පහසුව කැමැති, උවදුරු නැති බව කැමැති මව හෝ පියා හෝ බෑයා හෝ බිහිනිය හෝ දෙටු හෝ කනිටු නෑ කෙනෙක් හෝ මිතුරෝ හෝ ඇමැත්තෝ හෝ සහලේ නෑ කෙනෙක් හෝ යම් යම් කෙනෙක් දැද්ද, ඔවුන් හා යම් අසඞ්ගමයෙක් යම නොඑක් වීමෙක්, නො එකතු බවෙක් ඇද්ද, මහණෙනි, මෙය ‘ප්‍රියයන්ගෙන් වියෝ වීම දුක් යැ’ යන්න යැ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං: ජාතිධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න ජාතිධම්මා අස්සාම, න ච වත නො ජාති ආගච්ඡෙය්යා ති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම එය ද දුක් යැ’ යනු කවරේ ද? යත්: මහණෙනි, භවයෙහි උපදින සුලු සත්ත්‍වයනට ‘අපි භවයෙහි උපදින ස්වභාවය නැත්තමෝ නම්, අපට ඒකාන්තයෙන් භවයෙහි ඉපැද්ම නො පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නොලබන්නේ නම් එය ද දුක් යැ’ යන්න යැ.
Pali BJTජරා ධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න ජරාධම්මා අස්සාම, න ච වත නො ජරා ආගච්ඡෙය්යා ති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, දිරන සුලු සත්‍වයනට ‘අපි දිරන සුලු බව නොමැත්තමෝ නම්, අපට දිරීම ඒකාන්තයෙන් නො ම පැමිණෙනේනේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නොලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න ය.
Pali BJTබ්යාධිධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න බ්යාධිධම්මා අස්සාම, න ච වත නො බ්යාධි ආගච්ඡෙය්යාති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, ව්‍යාධීන් ගෙන් පෙළෙන සුලු සත්‍වයනට ‘අපි ව්‍යාධි ස්වභාවය (ලෙඩ වන සුලු බව) ඇත්තෝ නොවන්නමෝ නම්, ඒකාන්තයෙන් ව්‍යාධියෙක් අප කරා නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. වැලි දු මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ යි’ යන්න යැ.
Pali BJTමරණධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න මරණධම්මා අස්සාම, න ච වත නො මරණං ආගච්ඡෙය්යා’ති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, මැරෙන සුලු සත්‍වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.
Pali BJTසොකධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න සොකධම්මා අස්සාම, න ච වත නො සොකො ආගච්ඡෙය්යාති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, ශෝකය පියෙවි කොට ඇති සත්‍වයනට ‘අපි සොවින සුලු නො වන්නමෝ නම්, අප කරා ශෝකය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
Pali BJTපරිදෙවධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න පරිදෙවධම්මා අස්සාම, න ච වත නො පරිදෙවො ආගච්ඡෙය්යාති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, හඬන සුලු සත්නට ‘අපි හඬන සුලු නො වන්නමෝ නම්, අප කරා හැඬීම නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
Pali BJTදුක්ඛධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න දුක්ඛධම්මා අස්සාම, න ච වත නො දුක්ඛං ආගච්ඡෙය්යාති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, කායික දුකින් පෙළෙන සුලු සත්‍වයනට ‘අපි කායික දුකින් පෙළෙන පියෙවි ඇත්තෝ නො වන්නමෝ නම්, අප කරා කායික දුක නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
Pali BJTදොමනස්සධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න දොමනස්සධම්මා අස්සාම, න ච වත නො දොමනස්සං ආගච්ඡෙය්යාති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, දොම්නසින් (මානසික දුකින්) පෙළෙන සුලු සත්‍වයනට ‘අපි දොම්නසින් පෙළෙන සුලු නො වන්නමෝ නම්, අප කරා දොම්නස නො එන්නේ නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙයද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
Pali BJTඋපායාසධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න උපායාසධම්මා අස්සාම, න ච වත නො උපායාසො ආගච්ඡෙය්යාති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, දැඩි ආයාස ඇති සත්‍වයනට ‘අපි දැඩි ආයාසසයෙන් පෙළෙන සුලු නොවන්නමෝ නම්, දැඩි ආයාසයෙක් අප කරා නො එන්නේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා: සෙය්යථිදං රූපූපාදානක්ඛන්ධො වෙදනූපාදානක්ඛන්ධො සඤ්ඤූපාදානක්ඛන්ධො සඞ්ඛාරූපාදානක්ඛන්ධො විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං.
Sinhala BJTමහණෙනි, සැකෙවින් දුක් වූ පංච උපාදාන ස්කන්‍ධයෝ නම් කවුරු ද යත්: ඒ රූප උපාදාන ස්කන්‍ධය, වේදනෝපාදාන ස්කන්‍ධය, සංඥෝපාදාන ස්කන්‍ධය, සංස්කාරෝපාදාන ස්කන්‍ධය, විඥානෝපාදාන ස්කන්‍ධය යන මොහු ය. මහණෙනි, මොහු පංච උපාදාන ස්කන්‍ධයෝ දුක්හ යි කියනු ලැබෙත්. මහණෙනි, මෙය දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ යි කියනු ලැබේ.
Pali BJT26. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛසමුදයො අරියසච්චං: යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.
Sinhala BJT26. මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්: පුනර්‍භවය ඇති කරන සුලු වූ, නන්‍දිරාගය හා එක් වැ ගිය, ඒ ඒ උපනුපන් අත්බව්හි සතුටු වන, කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභව තෘෂ්ණා යන යම් තෘෂ්ණාවෙක් වේ ද එය යැ.
Pali BJTසා ඛො පනෙසා භික්ඛවෙ, තණ්හා කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති: කත්ථ නිවිසමානා නිවිසති: යං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. කිඤ්ච ලොකෙ පියරූපං සාතරූප: චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ -පෙ- ඝානං ලොකෙ -පෙ- ජිව්හා ලොකෙ -පෙ- කායො ලොකෙ -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTමහණෙනි, ඒ තෘෂ්ණාව උපදනේ කොහි උපදී ද? නැවැත නැවැත පවත්නේ (පිහිටනුයේ) කොහි පවතී ද? (පිහිටා ද?) යත්: යමෙක් ලොවැ ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද, ඒ තෘෂ්ණාව පහළ වනුයේ මෙහි පහළ වෙයි, පිහිටනුයේ මෙහි පිහිටයි. කිමෙක් නම් ලොවැ ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද යත්‍: චක්‍ෂුස (ඇස) ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි. ශ්‍රෝත්‍රය (කන) … ඝ්‍රාණය (නාසය) … ජිහ්වාව (දිව) … කය … මනස ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTරූපා ලොකෙ -පෙ- සද්දා ලොකෙ -පෙ- ගන්ධා ලොකෙ -පෙ- රසා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බා ලොකෙ -පෙ- ධම්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTරූපයෝ … ශබ්දයෝ … ගන්‍ධයෝ … රසයෝ …ස්ප්‍රෂ්ටව්‍යයෝ … ධර්‍මාලම්බනයෝ ලොවැ ප්‍රිය ස්වභාව ය යැ, මධුර ස්වභාවය යැ. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTචක්ඛුවිඤ්ඤාණං ලොකෙ -පෙ- සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං. එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTචක්‍ෂුර්විඥානය … ශ්‍රෝත්‍රවිඥානය … ඝ්‍රාණවිඥානය … ජිහ්වාවිඥානය … කායවිඥානය … මනෝ විඥානය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTචක්ඛුසම්ඵස්සො -පෙ- සොතසම්ඵස්සො -පෙ- ඝානසම්ඵස්සො -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- කායසම්ඵස්සො -පෙ- මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTචක්‍ෂුඃසංස්පර්‍ශය … ශ්‍රෝතසංස්පර්‍ශය … ඝ්‍රාණසංස්පර්‍ශය … ජිහ්වාසංස්පර්‍ශය … කායසංස්පර්‍ශය … මනඃසංස්පර්‍ශය ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTචක්ඛුසම්ඵස්සජා වෙදනා -පෙ- සොතසම්ඵස්සජා වෙදනා -පෙ- ඝානසම්ඵස්සජා වෙදනා -පෙ- ජිව්හාසම්ඵස්සජා වෙදනා -පෙ- කායසම්ඵස්සජා වෙදනා -පෙ- මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTචක්‍ෂුඃසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … ශ්‍රෝතසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … ජිහ්වාසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … කායසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … මනඃසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTරූපසඤ්ඤා -පෙ- සද්දසඤ්ඤා -පෙ- ගන්ධසඤ්ඤා -පෙ- රසසඤ්ඤා -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤා -පෙ- ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTරූපසංඥාව … ශබ්දසංඥාව … ගන්‍ධසංඥාව … රසසංඥාව …ස්ප්‍රෂ්ටව්‍යසංඥාව … ධර්‍මසංඥාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTරූපසඤ්චෙතනා -පෙ- සද්දසඤ්චෙතනා -පෙ- ගන්ධසඤ්චෙතනා -පෙ- රසසඤ්චෙතනා -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනා -පෙ- ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTරූප සංඤ්චේතනාව … ශබ්ද සංචේතනාව … ගන්‍ධ සංචේතනාව … රස සංචේතනාව …ස්ප්‍රෂ්ටව්‍ය සංචේතනාව … ධර්‍ම සංචේතනාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTරූපතණ්හා -පෙ- සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බතණ්හා -පෙ- ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTරූපතෘෂ්ණාව … ශබ්ද තෘෂ්ණාව … ගන්‍ධතෘෂ්ණාව … රස තෘෂ්ණාව …ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව … ධර්‍මතෘෂ්ණාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTරූපවිතක්කො -පෙ- සද්දවිතක්කො -පෙ- ගන්ධවිතක්කො -පෙ- රසවිතක්කො -පෙ- ඵොට්ඨබ්බවිතක්කො -පෙ- ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTරූපවිතර්‍කය … ශබ්දවිතර්‍කය … ගන්‍ධවිතර්‍කය … රසවිතර්‍කය …ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය … ධර්‍මවිතර්‍කය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTරූපවිචාරො -පෙ- සද්දවිචාරො -පෙ- ගන්ධවිචාරො -පෙ- රසවිචාරො -පෙ- ඵොට්ඨබ්බවිචාරො -පෙ- ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTරූප විචාරය … ශබ්ද විචාරය … ගන්‍ධ විචාරය … රසවිචාරය …ස්ප්‍රෂ්ටව්‍ය විචාරය … ධර්‍ම විචාරය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ දුක්ඛසමුදයො අරියසච්චං.
Sinhala BJTමහණෙනි, මෙය දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයැ යි කියනු ලැබේ.
Pali BJT27. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, සා ඛො පනෙසා භික්ඛවෙ, තණ්හා කත්ථ පහීයමානා පහීයති, කත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති: යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJT27. මහණෙනි, දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය කවරේ ද යත්: ඒ තෘෂ්ණාවගේ ම නිරවශේෂයෙන් ක්‍ෂයයට පැමිණීමෙක්, නො පැවැත්මට යෑමෙක්, නිරුද්ධ වීමෙක්, ත්‍යජනයෙක් නැවැත නො පවත්නා සේ දුරු වීමෙක්, බැඳුම් මිදීමෙක්, නො ඇලීමෙක් වේ ද එය යැ. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වන්නේ කොහි ප්‍රහීණ වේ ද? නිරුද්ධ වනුයේ කොහි නිරුද්ධ වේ ද යත්: ලොවැ යම් ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
Pali BJTකිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTකිමෙක් නම් ලොවැ ප්‍රිය ස්වභාව මධුර ස්වභාව වේ ද යත්: චක්‍ෂුස (ඇස) ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධවෙයි. ශ්‍රෝත්‍රය … ඝ්‍රාණය … ජිහ්වාව … කය … මනස ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
Pali BJTරූපා -පෙ- සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූපයෝ … ශබ්දයෝ … ගන්‍ධයෝ … රසයෝ … ස්ප්‍රෂ්ටව්‍යයෝ … ධර්‍මාලම්බනයෝ ලොවැ ප්‍රිය ස්වභාව යැ, මධුර ස්වභාව යැ, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
Pali BJTචක්ඛුවිඤ්ඤාණං -පෙ- සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTචක්‍ෂුර්විඥානය … ශ්‍රෝත්‍ර විඥානය … ඝ්‍රාණ විඥානය … ජිහ්වා විඥානය … කාය විඥානය … මනෝ විඥානය ලොවැ ප්‍රිය ස්වභාව යැ, මධුර ස්වභාව යැ. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.
Pali BJTචක්ඛුසම්ඵස්සො -පෙ- සොතසම්ඵස්සො -පෙ- ඝානසම්ඵස්සො -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- කායසම්ඵස්සො -පෙ- මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTචක්‍ෂුඃ සංස්පර්‍ශය … ශ්‍රෝත්‍ර සංස්පර්‍ශය … ඝ්‍රාණ සංස්පර්‍ශය … ජිහ්වා සංස්පර්‍ශය … කාය සංස්පර්‍ශය … මනඃ සංස්පර්‍ශය ලොවැ ප්‍රිය ස්වභාවය යැ, මධුර ස්වභාවය යැ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.
Pali BJTචක්ඛුසම්ඵස්සජා වෙදනා -පෙ- සොතසම්ඵස්සජා වෙදනා -පෙ- ඝානසම්ඵස්සජා වෙදනා -පෙ- ජිව්හාසම්ඵස්සජා වෙදනා -පෙ- කායසම්ඵස්සජා වෙදනා -පෙ- මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTලොවැ චක්‍ෂුඃසංස්පර්‍ශජ වේදනාව … ශ්‍රෝතසංස්පර්‍ශජ වේදනාව … ඝ්‍රාණසංස්පර්‍ශජ වේදනාව … ජිහ්වාසංස්පර්‍ශජ වේදනාව … කායසංස්පර්‍ශජ වේදනාව … මනඃසංස්පර්‍ශජ වේදනාව ලොවැ ප්‍රිය ස්වරෑප යැ, මධුර ස්වරෑප යැ. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.
Pali BJTරූපසඤ්ඤා -පෙ- සද්දසඤ්ඤා -පෙ- ගන්ධසඤ්ඤා -පෙ- රසසඤ්ඤා -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤා -පෙ- ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූප සංඥාව … ශබ්ද සංඥාව … ගන්‍ධ සංඥාව … රස සංඥාව …ස්ප්‍රෂ්ටව්‍ය සංඥාව … ලොවැ ධර්‍ම සංඥාව ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
Pali BJTරූපසඤ්චෙතනා -පෙ- සද්දසඤ්චෙතනා -පෙ- ගන්ධසඤ්චෙතනා -පෙ- රසසඤ්චෙතනා -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනා -පෙ- ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූප සංචේතනාව … ශබ්ද සංචේතනාව … ගන්‍ධ සංචේතනාව … රස සංචේතනාව …ස්ප්‍රෂ්ටව්‍ය සංචේතනාව … ධර්‍ම සංචේතනාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
Pali BJTරූපතණ්හා -පෙ- සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා -පෙ- ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූප තෘෂ්ණාව … ශබ්ද තෘෂ්ණාව … ගන්‍ධ තෘෂ්ණාව … රස තෘෂ්ණාව … ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව … ධර්‍මතෘෂ්ණාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
Pali BJTරූපවිතක්කො -පෙ- සද්දවිතක්කො -පෙ- ගන්ධවිතක්කො -පෙ- රසවිතක්කො -පෙ- ඵොට්ඨබ්බවිතක්කො -පෙ- ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූප විතර්‍කය … ශබ්ද විතර්‍කය … ගන්‍ධ විතර්‍කය … රස විතර්‍කය …ස්ප්‍රෂ්ටව්‍ය විතර්‍කය … ධර්‍ම විතර්‍කය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි..
Pali BJTරූපවිචාරො -පෙ- සද්දවිචාරො -පෙ- ගන්ධවිචාරො -පෙ- රසවිචාරො -පෙ- ඵොට්ඨබ්බවිචාරො -පෙ- ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූප විචාරය … ශබ්ද විචාරය … ගන්‍ධ විචාරය … රස විචාරය …ස්ප්‍රෂ්ටව්‍ය විචාරය … ධර්‍ම විචාරය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං.
Sinhala BJTමහණෙනි, මෙය දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයැ යි කියනු ලැබේ.
Pali BJT28. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT28. මහණෙනි, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය කවරේ ද යත්: ඒ සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සංකල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය මැ යැ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාදිට්ඨි? යං ඛො භික්ඛවෙ, දුක්ඛෙ ඤාණං දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියාපටිපදාය ඤාණං. අයං වුච්චති භික්ඛවෙ, සම්මාදිට්ඨි.
Sinhala BJTමහණෙනි, සම්‍යග්දෘෂ්ටිය කවර යැ? මහණෙනි, දුඃඛසත්‍යයෙහි යම් දැනීමෙක්, දුඃඛ සමුදය සත්‍යයයෙහි යම් දැනීමෙක්, දුඃඛ නිරෝධ සත්‍යයෙහි යම් දැනීමෙක්, දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයෙහි යම් දැනීමෙක් වේ ද, මහණෙනි, මෙය සම්‍යග්දෘෂ්ටි යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාසඞ්කප්පො? නෙක්ඛම්මසඞ්කප්පො අබ්යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො. අයං වුච්චති භික්ඛවෙ, සම්මාසඞ්කප්පො.
Sinhala BJTමහණෙනි, සම්‍යක් සංකල්පය කවර යැ? නෛෂ්කාම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ සම්‍යක් සංකල්පයැ යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාවාචා? මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී. අයං වුච්චති භික්ඛවෙ, සම්මාවාචා.
Sinhala BJTමහණෙනි, සම්‍යග්වචනය කවර යැ? මුසවායෙන් වැළැක්ම, පෙහෙසුන් බසින් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, හිස් තෙප්ලෙන් වැළැක්ම යන මොහු යැ. මහණෙනි, මේ සම්‍යග්වචනයැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාකම්මන්තො? පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී. අයං වුච්චති භික්ඛවෙ, සම්මාකම්මන්තො.
Sinhala BJTමහණෙනි, සම්‍යක් කර්‍මාන්තය කවර යැ? පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම යන මොහු යැ. මහණෙනි, මේ සම්‍යක් කර්‍මාන්ත යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාආජීවො? ඉධ භික්ඛවෙ, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිතං කප්පෙති. අයං වුච්චති භික්ඛවෙ, සම්මාආජීවො.
Sinhala BJTමහණෙනි, සම්‍යක්ආජීවය කවර ය? මහණෙනි, මෙහි අරී සවු තෙම මිථ්‍යා ආජීවය හැරැ, සම්‍යක් ආජීවයෙන් දිවි පවත්වයි. මහණෙනි, මෙය සම්‍යගාජීව නමැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාවායාමො? ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති භික්ඛවෙ, සම්මාවායාමො.
Sinhala BJTමහණෙනි, සම්‍යග්ව්‍යායාමය කවර යැ? මහණෙනි, මෙහි මහණ තෙම නො උපන් ලාමක අකුසල් දහමුන්ගේ නොඉපැද්ම පිණිස රිසිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහමුන් දුරැලීම පිණිස රිසිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසොවයි, ප්‍රධන් (වීර්‍ය්‍ය) කෙරෙයි. නො උපන් කුසල් දහමුන්ගේ ඉපැද්ම පිණිස රිසිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසොවයි, ප්‍රධන් කෙරෙයි. උපන් කුසල් දහමුන් සිටිනු පිණිස, නො නැස්ම පිණිස, බොහෝ වනු පිණිස, මහත් බව පිණිස, භාවනායෙන් පිරිපුන් වනු පිණිස රිසිය දනවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසොවයි, ප්‍රධන් කෙරෙයි. මහණෙනි, මෙය සම්‍යග් ව්‍යායාමයැ යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාසති? ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ, සම්මාසති.
Sinhala BJTමහණෙනි, සම්‍යක් ස්මෘතිය කවර යැ? මහණෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති වැ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, කාය සංඛ්‍යාත ලොව කෙරෙහි අභිධ්‍යාව ද (කාමච්ඡන්‍දය ද), දොම්නස ද (ව්‍යාපාදය ද සෙසු නීවරණ ද) සන්හිඳුවා කරජ කයෙහි කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද, දොම්නස ද සන්හිඳුවා, වේදනාවන්හි වේදනානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති වැ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ චිත්ත සංඛ්‍යාත ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද දොම්නස ද සන්හිඳුවා සිතෙහි චිත්තානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇත්තේ, සිහි ඇත්තේ (නීවරණාදි) ධර්‍ම නමැති ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද දොම්නසද සන්හිඳුවා (නීවරණාදි) ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. මහණෙනි, මෙය සම්‍යක් ස්මෘතියැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාසමාධි? ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, සම්‍යක් සමාධිය කවර යැ? මහණෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් වැ මැ, අකුසල් දහමුන්ගෙන් වෙන වැ මැ, විතර්‍ක සහිත වූ, විචාර සහිත වූ විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුවය ඇති පළමු දහන ලැබ වෙසෙයි, විතර්‍ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් සිය සතන්හි මනා පැහැදීම ඇති කරන, සිතැ එකඟ බව ඇති, විතර්‍ක රහිත වූ, විචාර රහිත වූ, චිත්ත සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සුවය හා ඇති දෙවෙනි දහන ලැබ වෙසෙයි, ප්‍රීතිය ද පහවීමෙන් උපේක්‍ෂාව ඇත්තේ ද වෙසෙයි, සිහි ද ඇත්තේ මනා නුවණ ඇත්තේ සුවය ද නාම කයින් විඳී. ‘උපේක්‍ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුව වුසුම් ඇත්තේ යැ’යි ආර්‍ය්‍යයෝ යමක් අරැබැ කියත් ද ඒ තෙවෙනි දහන ලැබ වෙසෙයි. සුඛ වේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛ වේදනාවගේ ද ප්‍රහාණයෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සන්හිඳීමෙන් දුඃඛ වේදනා ද නැති සුඛ වේදනා ද නැති, උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු ව ඇති සතර වැනි ධ්‍යානය ලැබ වෙසෙයි. මහණෙනි, මෙය සම්‍යක් සමාධියැ යි කියනු ලැබේ.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං.
Sinhala BJTමහණෙනි, මේ අරී අටැඟි මඟ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයැ යි කියනු ලැබේ.
Pali BJT29. ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති.
Sinhala BJT29. මෙසේ සිය සතන්හි වූ ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සනා වඩන සුලු වූයේ වෙසෙයි, මෙරමා සතන්හි වූ ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සනා වඩන සුලු වූයේ වෙසෙයි. විටෙක සිය සතන්හි වූ ධර්‍මයන්හි ද විටෙක මෙරමා සතන්හි වූ ධර්‍මයන්හි ද ධම්මානුපස්සනා වඩන සුලු වූයේ වෙසෙයි. ඒ ධර්‍මයන්ගේ ඉපැද්මට කාරණ දක්නා සුලු වූයේ හෝ ධර්‍මයන් හි ධම්මානුපස්සී වැ වෙසෙයි, ඒ ධර්‍මයන්හි වැනැස්මට කරුණු දක්නා සුලු වූයේ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි, විටෙක ඒ ධර්‍මයන්ගේ ඉපැද්මට කරුණු ද විටෙක ඔවුන්ගේ වැනැස්මට කරුණු ද දක්නා සුලු වූයේ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
Pali BJTඅත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTදුඃඛාදි ධර්‍මයෝ ම ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුට සිහි එළඹැ සිටියේ වෙයි. ඒ මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. මෙසේ වූ හේ තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකින් තොර වැ ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතුසු අරියසච්චෙසු.
Sinhala BJTමහණෙනි, මෙසේ ම මහණ තෙම සතර ආර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
Pali BJT30. යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය සත්තවස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJT30. මහණෙනි, යම් කිසිවෙක් මෙ පරිද්දෙන් මේ සතර සතිපට්ඨාන යන් සත් වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ කෙලෙසුන් හෝ, ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු (අපේක්‍ෂා කළ යුතු).
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ සත්තවස්සානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය ඡ වස්සානි තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, හවුරුදු සතෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මෙ පරිද්දෙන් මේ සතර සතිපට්ඨානයන් සාවුරුද්දක් වඩන්නේ නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති විය යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ ඡ වස්සානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය පඤ්ච වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, හවුරුදු සයෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් හවුරුද්දක් මෙසේ වඩන්නේ නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති විය යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ පඤ්ච වස්සානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය චත්තාරි වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, පස් වසෙක් සිටීවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් සිවු වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ චත්තාරි වස්සානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය තීණි වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, සිවු වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් තුන් වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ තීණි වස්සානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය ද්වෙ වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, තුන් වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් දෙ වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ ද්වෙ වස්සානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය එකං වස්සං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, දෙ වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් එක් වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
Pali BJT31. තිට්ඨන්තු භික්ඛවෙ එකං වස්සං, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය සත්ත මාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJT31. මහණෙනි, එක් වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් සත් මසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ සත්ත මාසානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය ඡ මාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, සත් මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් ස මසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ ඡ මාසානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය පඤ්ච මාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, ස මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් පස් මසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ පඤ්ච මාසානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය චත්තාරි මාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, පස් මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සිවු මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ චත්තාරි මාසානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය තීණි මාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, සිවු මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ තීණි මාසානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය ද්වෙ මාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, තුන් මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් දෙ මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨන්තු භික්ඛවෙ ද්වෙ මාසානි, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය එකං මාසං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, දෙ මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
Pali BJTතිට්ඨතු භික්ඛවෙ මාසො, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය අඩ්ඪමාසං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අඩමසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.