Pali BJTවෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං,
Sinhala BJTකෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති වැ, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොව (වේදනාවන්) කෙරෙහි අභිධ්‍යාව (කාමච්ඡන්‍දය) ද, දොම්නස (ව්‍යාපාදය) ද (සෙසු නීවරණ ද) (තදඞ්ග වශයෙන් ද විෂ්කම්භණ වශයෙන් ද) සන්හිඳුවා, වේදනාවන්හි වේදනානුපස්සී වැ (වේදනාවන් අනිත්‍යාදි වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
Pali BJTචිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං,
Sinhala BJTකෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති ව, ලොව (චිත්තය කෙරෙහි) අභිධ්‍යාව (කාමච්ඡන්‍දය) ද, දොම්නස ද (ව්‍යාපාදය ද) (සෙසු නීවරණ ද තදඞ්ග ප්‍රහාණ විෂ්කම්භණ ප්‍රහාණ වශයෙන්) සන්හිඳුවා සිතෙහි චිත්තානු පස්සී වැ (සිත් අනිත්‍යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
Pali BJTධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTකෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොවැ (නීවරණාදි ධර්‍මයන් කෙරෙහි) අභිධ්‍යාව ද (කාමච්ඡන්‍දය ද) දොම්නස ද (ව්‍යාපාද නීවරණය ද) (සෙසු නීවරණ ද තදඞ්ග ප්‍රහාණ විෂ්කම්භණ ප්‍රහාණ වශයෙන්) සන්හිඳුවා (නීවරණාදි) ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ (නීවරණාදීන් අනිත්‍යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
Pali BJTඋද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTඋද්දේශවාරය නිමියේ ය.
Pali BJT3. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති? ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතො’ව අස්සසති, සතො’ව පස්සසති. දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJT3. මහණෙනි, කෙසේ නම් මහණ තෙමෙ කයෙහි කායානුපස්සී වැ (කරජ කය අනිත්‍යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ) වෙසෙයි ද? යත්: මහණෙනි, මහණ තෙම අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ විවිත් සෙනස්නකට (ජනයාගෙන් වන සම්බාධ නැති හිස් ගෙයකට) ගියේ හෝ හසරමිණිය අවුළුවා (පලක් බැඳ), උඩු කය ඍජු කොට තබා ගෙන, සිහිය කමටහන් අරමුණට ම යොමු කොට පිහිටුවා ඉඳී. හේ සිහි ඇත්තේ ම (සිහිය කමටහන් අරමුණට යොමු කොට ම) ආශ්වාස කෙරෙයි, සිහි ඇත්තේ ම (සිහිය කමටහන් අරමුණට යොමු කොට ම) ප්‍රාශ්වාස කෙරෙයි. දීර්‍ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) ආශ්වාස කරනුයේ, ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’ යි දනී. දීර්‍ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) ප්‍රශ්වාස කරනුයේ, ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී. හ්‍රස්ව කොට (ලුහුඬු කොට - ඉක්මනින්) ආශ්වාස කරනුයේ ‘ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි’යි දනී. හ්‍රස්ව කොට (ලුහුඬු කොට - ඉක්මනින්) ප්‍රශ්වාස කරනුයේ ‘හ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී. ‘සියලු ආශ්වාස කයේ (මුල මැද අග යන තුන් තන්හි ම) පැවැත් ම ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙහි (ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරෙයි). සියලු ප්‍රශ්වාස කයේ (මුල මැද අග යන තුන් තන්හි ම) පැවැත් ම ප්‍රකට කොට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’ යි පුහුණු කෙරෙයි (ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරෙයි). ඖදාරික වූ කාය සංස්කාරය (ආශ්වාස වායුව) සංහිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි). ඖදාරික වූ කාය සංස්කාරය (ප්‍රශ්වාස වායුව) සංහිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි).
Pali BJT4. සෙය්යථාපි භික්ඛවෙ, දක්ඛො භමකාරො වා භමකාරන්තෙවාසී වා දීඝං වා අඤ්ඡන්තො දීඝං අඤ්ඡාමීති පජානාති, රස්සං වා අඤ්ඡන්තො රස්සං අඤ්ඡාමීති පජානාති, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.
Sinhala BJT4. මහණෙනි, දක්‍ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවක්හුගේ අතවැස්සෙක් හෝ දික් වූ හෝ මහත් වූ බඩුවක් ලියන කල්හි දීර්‍ඝ කොට (කල්ගනිමින් සෙමෙන්) අත් පා ආදිය අදනේ ‘දීර්‍ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) අදිමි’යි දනී ද, (ඉදි කටු කුලා ආදි කුඩා බඩුවක් ලියන කල්හි) අත් පා ලුහුඬු කොට (ඉක්මනින්) අදනේ, ලුහුඬු කොට (ඉක්මනින්) අදිමි’යි දනී ද, මහණෙනි, එ සේ ම මහණ තෙම දීර්‍ඝ කොට ආශ්වාස කරනුයේ හෝ ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’යි දනී, දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී, හ්‍රස්ව කොට ආශ්වාස කරනුයේ හෝ ‘හ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි’යි දනී. හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ‘හ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී, සියලු ආශ්වාස කය (ආශ්වාසයේ මුල මැද අග යන හැම තැන ම පැවැත් ම) ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි), සියලු ප්‍රශ්වාස කය (ප්‍රශ්වාසයේ මුල මැද අග යන හැම තැන ම පැවැත්ම) ප්‍රකට කොට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි). කාය සංස්කාරය (ආශ්වාස වායුව) සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි), කාය සංස්කාරය (ප්‍රශ්වාස වායුව) සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි).
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) කයෙහි හෝ කායානුපස්සී වැ (අනිත්‍යාදීන් නොයෙක් අයුරින් බලන සුලු වැ) වෙසෙයි. මෙරමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) කයෙහි හෝ කායානුපස්සී වැ (අනිත්‍යාදීන් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ) වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද ආශ්වාස ප්‍රශ්වාස කයෙහි (අනිත්‍යාදීන්) නොයෙක් අයුරින් බලන සුලු වැ හෝ වෙසෙයි.
Pali BJTසමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJT(කරජකය නාසාපුට සිත යන) ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ඉපැත්මට කාරණ වන දෑ නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කරජකය ආදීන්ගේ ආභාවයෙහි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වැනැස්ම නොයෙක් අයුරින් පුන පුනා දක්නේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වරෙක ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ඉපැත්ම ද වරෙක ඔවුන්ගේ වැනැස්ම ද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJTඅත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJT(මෙසේ කමටහන් වඩන) ඒ යෝගාවචරයාහට ආශ්වාස ප්‍රශ්වාස කය වූකලී ඇතැ යි (පරමාර්‍ත්‍ථ වශයෙන් සත්‍වයෙක් පුද්ගලයෙක් නැතැ යි) ම හෝ සිහිය එළැඹැ සිටියේ වෙයි. ඒ සිහිය ද මතුමත්තෙහි ඥානයේ වැඩීම පිණිස ම වේ. මතුමත්තෙහි සිහියේ වැඩීම පිණිස ම වේ (අන් කිසිවක් පිණිස නො වේ). මෙසේ වූ ඒ යෝගාවචර තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙදෙනාගේ වශයට නො හසු වැ (අනිඃශ්‍රිත වැ) වෙසෙයි. ලොවැ කිසිවක් ආත්ම ආත්මීය වශයෙන් නො ගනී. මහණෙනි, මහණ තෙමෙ මෙසේත් රූ කයෙහි කායානුපස්සනාව කරන සුලු වැ වෙසෙයි.
Pali BJTආනාපානපබ්බං නිට්ඨිතං.
Sinhala BJTආනාපානපර්‍වය නිමියේ ය.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ, භික්ඛු ගච්ඡන්තො වා ගච්ඡාමීති පජානාති, ඨිතො වා ඨිතොම්හීති පජානාති, නිසින්නො වා නිසින්නොම්හීති පජානාති, සයානො වා සයානොම්හීති පජානාති, යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති.
Sinhala BJT5. තව ද අනෙකක් කියම්. යෝගාවචර මහණ තෙම යන්නේ හෝ යෙමි යි (පරමාර්‍ත්‍ථ වශයෙන් යන්නෙක් නැතැ යි ද ‘යෙමි’ යි පහළ වූ සිතින් ඉපි ද කය පුරා පැතිරැ ගිය වායු ධාතු වේගයෙන් වූ රූකයේ චලනය ම ඇතැ යි) දනී. සිටියේ හෝ සිටියෙම් වෙමි යි (‘සිටිමි’ යන සිතින් ඉපැද කය පුරා පැතිර ගිය වායු වේගයෙන් රූ කයේ චලන විශේෂයක් වූ සිටීම් නැමැති ඉරියව්ව ම ඇතැ යි) දනී. හිඳින්නේ හෝ හිඳිමියි දනී. වැදැ හෝනේ හෝ වැදැහෙන්නෙම් වෙමි යි (චිත්ත ක්‍රියා වායු ධාතුව පැතිරැ යෑමෙන් වූ වැද හෝනා ඉරියව්ව පැවැත්ම ම ඇතැ යි) දනී. යම් යම් අයුරින් හෝ ඔහුගේ රූ කයැ පවත්නේ වේ ද ඒ ඒ අයුරින් එය දනී.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ ඉරියවු කයෙහි හෝ (ගමන් ඈ ඉරියවු පිරිසිඳිනුයේ) කායානුපස්සනාව වඩන සුලු වැ වෙසේ. මෙරමාගේ ඉරියවු කයෙහි හෝ (ඉරියවු පිරිසිඳිනුයේ) කායානුපස්සනාව වඩන සුලු වැ වෙසේ. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද ඉරියවු කයෙහි කායානුපස්සනාව වඩනුයේ වෙසේ. (ගමන් ඈ) ඒ ඒ ඉරියව්වේ ඉපැත්ම බලනුයේ හෝ ඉරියවු කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. ඒ ඒ ඉරියව්වේ නැසීම බලනුයේ හෝ ඉරියවු කයෙහි කායානුපස්සී වැ වෙසේ. වරෙක ඉරියවු කයෙහි ඉපැත්ම ද වරෙක එහි වැනැස්ම ද නොයෙක් අයුරින් පුන පුනා දක්නේ හෝ වෙසේ.
Pali BJTඅත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTඒ ඒ ඉරියවුහි සිහිය යොමු කොට වසන ඒ යෝගාවචර මහණහට ‘ඉරියවු පැවැත්ම ම ඇතැ යි (පරමාර්‍ත්‍ථයෙන් ඉරියවු පවත්වන සතෙක් පුඟුලෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයි. මෙසේ එළැඹ සිටි සිහිය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වේ (අන් කිසිවක් පිණිස නො වේ). මෙසේ වූ ඒ යෝගාවචර තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකේ වශයට නො හසු වැ (අනිඃශ්‍රිත වැ) වෙසෙයි. ලොවැ කිසිවක් ආත්ම ආත්මීය විසින් නො ගනී. මහණෙනි, මහණ තෙමෙ මෙසේද රූ කයෙහි කායානුපස්සනාව කරන සුලු වැ වෙසෙයි.
Pali BJTඉරියාපථපබ්බං නිට්ඨිතං.
Sinhala BJTඊර්‍ය්‍යාපථ පර්‍වය නිමියේ ය.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
Sinhala BJT6. තව ද අන් කමටහනක් කියම්. මහණෙනි, මහණ තෙමෙ ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද (සත්‍ව පුද්ගල නො වන හුදු ධාතු සමූහයෙක් ම ඉදිරියට ම යෑම පෙරැළා ඊම ද කෙරේ යැ යි) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් එය කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහි ද අනුදික් බැලීමෙහි ද (උඩ සඳහන් පරිදි) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් (එය) කරන්නේ වෙයි. අත් පා හැකිළීමෙහි ද දිගු කිරීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. සඟළ සිවුරු හා පා සිවුරු හා දැරීමෙහි ද (ධාතු සමූහයක් ධාතු සමූහයක් වැළැඳ ගනී යන ආදීන්) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. බොජුන් වැළැඳීමෙහි ද පැන් පීමෙහි ද ඛාද්‍යාදිය විකා කෑමෙහි ද (මී සකුරු ආදිය) රස විඳීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. මල මූ පහ කිරීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් (එය) කරන්නේ වෙයි. යෑමෙහි ද සිටීමෙහි ද හිඳීමෙහි ද නිදි ගැන්මෙහි ද පිබිදීමෙහි ද කථා කිරීමෙහි ද නිහඬ වීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (ඒ ඒ ක්‍රියා) කරන්නේ වෙයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. (ඉදිරියට යෑම් ආදි) ක්‍රියාවන්ගේ ඉපැත්මට කරුණු දක්නා සුලු වූයේ හෝ කයෙහි කායානුපස්සනායෙහි යෙදී වෙසෙයි. (ඉදිරියට යෑම් ආදි) ක්‍රියාවන්ගේ වැනැස්මට කරුණු දක්නා සුලු වූයේ හෝ කයෙහි කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක ඒ ක්‍රියාවන්ගේ ඉපැත්මට කරුණු ද වරෙක ඒ ක්‍රියාවන්ගේ වැනැස්මට කරුණු ද දක්නා සුලු වූයේ හෝ කයෙහි කායානුපස්සනායෙහි යෙදී වෙසෙයි.
Pali BJT‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJT(මෙසේ චතුසම්පජඤ්ඤය වැඩීමෙහි යෙදුණු) ඒ යෝගාවචර මහණහට වනාහි (ඉදිරියට යෑම් ආදි ක්‍රියා පැවැත්ම වූ) කය ම ඇතැ යි (ඒ ක්‍රියා කරන සතෙක් පුඟුලෙක් නැතැ’යි) සිහිය එළැඹැ සිටියේ වෙයි. ඒ සිහිය ද වූ කලී මතු මත්තෙහි නුවණ වැඩීම පිණිස ම, සිහිය වැඩීම පිණිස ම වෙයි. මෙසේ වූ හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ වසන්නේ ද වේ. තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ලොවැ යෑම් ආදි කිසිදු ක්‍රියාවක් (සත්‍ව පුද්ගල ආත්ම ආත්මීයාදි විසින් නො ද) ගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මහණ තෙම මෙස් ද කයෙහි කායානුපස්සනාව කරන සුලු වැ වෙසෙයි.
Pali BJTසම්පජඤ්ඤපබ්බං නිට්ඨිතං.
Sinhala BJTසම්ප්‍රජන්‍ය පර්‍වය නිමියේ ය.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති.
Sinhala BJT7. තව ද අනෙක් කමටහනක් කියම්. මහණෙනි, මහණ තෙම පතුලෙන් උඩ, කෙසඟින් යට, (සරසින්) සම කෙළවර කොටැ ඇති නන් අයුරු අසුචියෙන් පිරී සිටි මේ කරජ කය ම මතු දැක්වෙන පරිදි නුවණින් සලකා බලයි:
Pali BJT“අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති”.
Sinhala BJTමෙ සිරුරෙහි කෙස් යැ, ලොම් යැ, නිය යැ, දත් යැ, සම යැ, මස් පිඬු යැ, නහර යැ, ඇට යැ, ඇට මිඳුලු යැ, වකු ගඩු යැ, හද මස යැ, අක්මා යැ, දළ බුව යැ, බඩ දිව යැ, පපු මස යැ, අතුනු වැටිය යැ, අතුනු බහන යැ, නොදිරු අහර යැ, මල යැ, පිත යැ, සෙම යැ, සැරොව යැ, ලෙහෙ යැ, ඩහදිය යැ, මේද තෙල යැ, කඳුළු යැ, වුරුණු තෙල යැ, කෙළ යැ, සොටු යැ, සඳමිඳුලු යැ, මුත්‍ර යැ යන මේ දෙතිසක් කුණපයෝ ඇත” යනු යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උභතො මුඛා පුටොළී{1} පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස, සෙය්යථිදං සාලීනං විහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. තමෙනං චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්ය: “ඉමෙ සාලී, ඉමෙ වීහී, ඉමෙ මුග්ගා, ඉමෙ මාසා, ඉමෙ තිලා, ඉමෙ තණ්ඩුලා’ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො, අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති.
Sinhala BJTමහණෙනි, දෙ පසින් මුව දෙකක් ඇති මල්ලෙක් හැල්වී මාවී මුං මෑ තල සහල් යන නන් වැදෑරුම් ධාන්‍යයෙන් යම්සේ පිරුණේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මල්ල මුදා (ලිහා) ඒ හැම ධාන්‍ය බලා, මේ හැල් වී ය, මේ මා වී ය, මේ මුං ය, මේ මෑ ය, මේ තල ය, මේ සහල් යැ යි ඒ ඒ ධාන්‍ය වර්‍ග වෙන් වෙන් කොට සලකා බලන්නේ ද, එ පරිද්දෙන් ම, මහණෙනි, මහණ තෙමෙ මෙ කයෙහි පතුලෙන් උඩ කෙසඟින් යට (සරසින්) සම කෙළවර කොට ඇති නන් අයුරු අසූචියෙන් පිරී සිටි මෙ සිරුර ම නුවණින් සලකා බලයි. (කෙසේ ද?) මෙ කයෙහි කෙස් යැ, ලොම් යැ, නිය යැ, දත් යැ, සම යැ, මස් යැ, නහර යැ, ඇට යැ, ඇට මිඳුලු යැ, වකුගඩු යැ, හදමස යැ, අක්මාව යැ, දලබුව යැ, බඩදිව යැ, පපුමස යැ, අතුනුවැටිය යැ, අතුනුබහන යැ, නොදිරු අහර යැ, මල යැ, පිත යැ, සෙම යැ, සැරොව යැ, ලෙහෙ යැ, ඩහදිය යැ, මේද තෙල යැ, කඳුලු යැ, වුරුණු තෙල යැ, කෙළ යැ, සොටු යැ, සඳමිඳුලු යැ, මුත්‍ර යැයි මේ දෙතිසක් කුණප ඇතැ”යි යනු යි. මෙසේ තම කයෙහි හෝ කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි, මෙරමා කයෙහි හෝ කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි. විටෙක තමා කයෙහි ද විටෙක මෙරමා කයෙහි ද කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි. ඒ කේශාදීන් හටගන්නා සැටි (හටගැන්මට ප්‍රත්‍යය වන දෑ) පුන පුනා නොයෙක් අයුරින් බලන සුලු වැ වෙසෙයි, (ප්‍රත්‍යයයන්ගේ අභාවයෙන්) ඔවුන් නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. වරෙක ඒ කේශාදීන් හටගන්නා සැටි ද වරෙක ඔවුන් නැසෙන සැටි ද නොයෙක් අයුරින් පුනපුනා බලන සුලු වැ වෙසෙයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමෙසේ කමටහන් වඩන ඔහුට “කුණප කොටස් රැසෙක් ම ඇත්තේ යැ. (සතෙක් පුඟුලෙක් නොමැත්තේ යැ) යි සිහිය එළැඹ සිටියේ වෙයි. එ ද මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වේ. මෙසේ හෙ තෙමේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නොහසු ව ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙමෙ කයෙහි කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි.
Pali BJTපටික්කූලමනසිකාරපබ්බං නිට්ඨිතං.
Sinhala BJTප්‍රතිකූලමනස්කාර පර්‍වය නිමියේ ය.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ ති.
Sinhala BJT8. තවද අන් කමටහනක් කියම්. මහණෙනි, මහණ තෙමෙ මේ කය සිටි පරිදි, පිහිටුවූ පරිදි, ‘මෙ කයැ පෘථිවි ධාතුව ඇත, අබ් ධාතුව ඇත, තේජෝ ධාතුව ඇත, වායු ධාතුව ඇතැ’ යි ධාතු වශයෙන් පස්විකයි (නුවණින් සලකා බලයි).
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා චාතුම්මහාපථෙ බිලසො විභජිත්වා නිසින්නො අස්ස, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති.
Sinhala BJTමහණෙනි, යම් සේ දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතකයක්හුගේ ඇතැවැස්සෙක් හෝ දෙනක මරා සතරමං හන්දියෙක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා හුන්නේ වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම මහණ තෙම මෙ සිරුර ම සිටි පරිදි, පිහිටු වූ පරිදි, ‘මෙ කයෙහි පෘථිවි ධාතුව ඇත, අබ්ධාතුව ඇත, තේජෝ ධාතුව ඇත, වායු ධාතුව ඇතැ’යි ධාතු වශයෙන් පස් විකයි (නුවණින් බෙද බෙදා බලයි).
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ කයෙහි හෝ මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි. ඒ සතර ධාතූන් උපදනා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. ඒ සතර ධාතූන් නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වරෙක සතර ධාතූන් උපදනා සැටිත් වරෙක ඔවුන් නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුනපුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJTඅත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTඒ යෝගාවචර මහණහට වනාහි මේ ධාතුමාත්‍ර වූ ශරීරය ඇතැ යි (පරමාර්‍ත්‍ථ වශයෙන් සත්‍වයෙක් පුද්ගලයෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයි. ඒ එළැඹ සිටි සිහිය ද මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. මෙසේ වූ හෝ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොවැ (ධාතුමාත්‍ර කයෙහි) කිසිත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ආත්ම ආත්මීය විසින් නො ද ගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJTධාතුමනසිකාරපබ්බං නිට්ඨිතං.
Sinhala BJTධාතුමනස්කාර පර්‍වය නිමියේ ය.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං, සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතො’ති.
Sinhala BJT9. තව ද අනෙකක් කියම්. මහණෙනි, මෙහි මහණ තෙම අමු සොහොනැ දමන ලද, මැරී දවසක් ගත වූ හෝ මැරී දෙ දවසක් ගත වූ හෝ මැරී තුන් දවසක් ගත වූ, ඉදිමුණු, නිල් වූ, පූයා වැගිරෙන, සිරුරක් යම්සේ දක්නේ ද, හෙ තෙමෙ ‘මේ මගේ සිරුරත් මෙබඳු ස්වභාවය ඇත්තේ යැ’යි ‘මෙසේ වන සුලු යැ’යි ‘මේ ඉදිමුම් ආදි ගති නො ඉක්මැ සිටියේ යැ’යි මේ සිරුර ම එ කයෙහි එළවා බලයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමා සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක තමාගේ සිරුරෙහිත් වරෙක මෙරමාගේ සිරුරෙහිත් කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කය උපදනා සැටි නොයෙක් අයුරින් නැවැත නැවැත බලන සුලු වැ වෙසෙයි. සිරුර නැසෙන සැටි නොයෙක් අයුරින් නැවත නැවත බලන සුලු වැ වෙසෙයි. වරෙක සිරුර උපදනා සැටිත් වරෙක සිරුර නැසෙන සැටිත් නොයෙක් අයුරින් නැවත නැවත බලන සුලු වැ වෙසෙයි.
Pali BJTඅත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTමෙසේ බවුන් වඩන ඔහුට ඉදිමෙන සුලු බව ආදි නොයෙක් ආදිනවයෙන් යුත් නිසරු සිරුර ම ඇතැ යි හෝ සිහිය එළැඹ සිටියේ වෙයි, එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයන්ගෙන් විරහිත මැ වෙසෙයි. ලොවැ (සිරුරෙහි) කිසිත් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නො ගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(පඨමං සීවථිකං)
Sinhala BJT(පළමු සීවථිකයයි)
Pali BJT10. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං සුනඛෙහි වා ඛජ්ජමානං සිගාලෙහි වා ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං, සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතො ති.
Sinhala BJT10. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙමෙ අමුසොහොනෙහි දමා පියන ලද කවුඩන් විසින් කනු ලබන හෝ උකුස්සන් විසින් කනු ලබන හෝ ගිජුලිහිණියන් විසින් කනු ලබන හෝ බල්ලන් විසින් කනු ලබන හෝ සිවලුන් විසින් කනු ලබන හෝ විවිධ ප්‍රාණීන් විසින් කනු ලබන මළ සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙම ‘මාගේ සිරුරත් මෙබඳු ස්වභාවය ඇත්තේ යැ, මෙසේ වන සුලු යැ, මේ ස්වභාවය නො ඉක්මියේ මැ’යි මෙ සිරුර ම එකී සොහොනෙහි දමන ලද සිරුර හා එළවා බලයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ හෙතෙම තමාගේ සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමාගේ සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක තමාගේ සිරුරෙහිත් වරෙක මෙරමාගේ සිරුරෙහිත් කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. මෙ සිරුරැ උපදනා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි, මෙ සිරුර නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. වරෙක සිරුර උපදනා සැටිත් වරෙක සිරුර නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි.
Pali BJTඅත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTඔහුට ‘ඉදිමීම් ආදීන් නිසරු වූ කය ම ඇත (සතෙක් පුඟුලෙක්) නැතැ යි)’ සිහිය එළැඹ සිටියේ වෙයි, එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ම ගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(දුතියං සීවථිකං)
Sinhala BJT(දෙවෙනි සීවථිකය යි)
Pali BJT11. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකඞ්ඛලිකං සමංසලොහිතං නහාරුසම්බද්ධං සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො’ති.
Sinhala BJT11. තව ද අනෙකක් කියම්. මහණ තෙම ලේ මස් සහිත, නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ, සොහොනෙහි දමා පියන ලද සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙම මේ මගේ සිරුරත් මෙසේ වූ ස්වභාවය ඇත්තේ යැ, මෙසේ වන සුලු යැ, මේ ස්වභාවය නො ඉක්මි යැ’ යි මේ සිරුර ම ඒ සොහොනෙහි දමන ලද සිරුර හා එළවා බලයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. කලෙක තමාගේ කලෙක මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. මෙ කය උපදනා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. මෙ සිරුරැ නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. වරෙකැ කය උපදනා සැටිත් වරෙක එය නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි.
Pali BJTඅත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTඔහුට ඉදිමීම් ආදීන් නිසරු වූ කය ම ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි ඔහුගේ නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොව කිසිත් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නො ම ගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(තතියං සීවථිකං)
Sinhala BJT(තෙවෙනි සීවථිකය යි)
Pali BJT12. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං අට්ඨිසඞ්ඛලිකං නිම්මසං ලොහිතමක්ඛිතං න්හාරුසම්බද්ධං සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො’ති.
Sinhala BJT12. තව ද අනෙකක් කියම්. මහණෙනි, යම්සේ මහණ තෙම මස් නැති, ලෙයින් වැකුණු නහරින් බැඳුණු ඇටසැකිල්ලක් වූ සොහොනෙහි දමා පියන ලද මළ සිරුරක් දක්නේ ද, ඒ මහණ තෙම ‘මේ මගේ සිරුරත් මෙබඳු ස්වභාවය ඇත්තේ යැ යි, මෙසේ වන සුලු යැ යි, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මේ තමාගේ සිරුර ම ඒ ඇටසැකිල්ලෙහි එළවා බලයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ කයෙහි ද වරෙක මෙරමාගේ කයෙහි ද කායානුපස්සී වැ වෙසෙයි. කය හටගන්නා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. කය නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කය හටගන්නා සැටි ද වරෙක කය නැසෙන සැටි ද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
Pali BJT‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTඒ යෝගාවචර මහණහට ඉදිමීම් ආදි දෝෂයෙන් නිසරු වූ කය ඇත්තේ යැ (සතෙක් පුඟුලෙක් නැතැ) යි සිහිය එළැඹ සිටියේ වෙයි. එසේ වූ ඒ සිහිය වනාහි මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ද සිහිය වැඩෙනු පිණිස ද වේ. එසේ වූ හෙ තෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වූයේ ද වෙසෙයි. ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මහණ තෙම මෙසේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(චතුත්ථං සීවථිකං)
Sinhala BJT(සතරවන සීවථිකය යි)
Pali BJT13. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං අට්ඨිසඞ්ඛලිකං අපගතමංසලොහිතං න්හාරුසම්බද්ධං. සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො’ති.
Sinhala BJT13. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම පහ වූ ලේ මස් ඇති, නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ, සොහොනෙහි දමන ලද සිරුරක් යම්සේ දක්නේ ද, හෙ තෙමෙ ‘මේ මගේ සිරුර ද මෙබඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු යැ, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි එය හා මෙ සිරුර එළවා බලන්නේ ය.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කයෙහි උපදනා සැටිය නන් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. කයෙහි නැසෙන සැටිය නන් අයුරින් පුන පුනා බලන සුලු වැ හෝ වෙසෙයි. වරෙක කයෙහි උපදනා සැටියත් වරෙක නැසෙන සැටියත් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
Pali BJT‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTඉදිමිම් ආදීන් නිසරු වූ කය ඇතැ (සතෙක් පුඟුලෙක් නැතැ) යි හෝ ඔහුට සිහිය එළඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි ඥානයාගේ වැඩීම පිණිස ම සිහියේ වැඩීම පිණිස ම වේ. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයන් විසින් නො හසු කැරැ ගන්නා ලදු ව ද වෙසෙයි, ලොවැ කිසිවකුත් හේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයන්ගෙන් නො ගනී.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(පඤ්චමං සීවථිකං)
Sinhala BJT(පස් වන සීවථිකය යි)
Pali BJT14. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකානි අපගතසම්බන්ධානි දිසාවිදිසාසු වික්ඛිත්තානි අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ගොප්ඵට්ඨිකං අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරුට්ඨිකං අඤ්ඤෙන පිට්ඨිට්ඨිකං අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන ඛන්ධට්ඨිකං අඤ්ඤෙන ගීවට්ඨිකං අඤ්ඤෙන දන්තට්ඨිකං අඤ්ඤෙන සීසකටාහං. සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො’ති.
Sinhala BJT14. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙමෙ පහ වූ නහර බැඳුම් ඇති, අන් දිසාවෙක අත් ඇට ද, අන් දිසාවෙක පා ඇට ද, අන් දෙසෙකැ ගොප් ඇට ද, අන් දිසාවෙක කෙංඩා ඇට ද, අන් දිසාවෙක කලවා ඇට ද, අන් දිසාවෙක ඉඟ ඇට ද, අන් දිසාවෙක පිටකටු ඇට ද, අන් දෙසෙකැ කඳැට ද, අන් දිසාවෙක ගෙලැට ද, අන් දිසාවෙක හනු ඇට ද, අන් දෙසෙකැ දත් ඇට ද, අන් දිසාවෙක හිස් කබල දැ යි මෙසේ දසනු දෙස්හි විසිරී ගිය ඇට කැබැලි ම වූ සිරුරක් යම්සේ දක්නේ ද, හේ මගේ මේ සිරුර ද මෙබඳු ස්වාභවය ඇත්තේ යැ යි මෙසේ වන සුලුයැ’යි ‘මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මෙ සිරුර ම එ කී ඇට කැබැලි රැස හා එළවා බලයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කයැ හටගන්නා සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. කයැ නැසෙන සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කයැ හටගන්නා සැටිත් වරෙක කයැ නැසෙන සැටිත් නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
Pali BJTඅත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTඔහුට ‘කැබැලි කැබැලි වැ විසිරී යන ඇට ගොඩක් ම වූ මේ සිරුර ඇත, (සතෙක් පුඟුලෙක් මෙහි නැත)’ කියා සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ද සිහිය වැඩෙනු පිණිස ද වෙයි. මෙසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා නිඃශ්‍රය රහිත වැ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නො ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙමෙ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(ඡට්ඨං සීවථිකං)
Sinhala BJT(සවන සීවථිකය යි)
Pali BJT15. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණුපනිභානි, සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො’ති.
Sinhala BJT15. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම හක් බඳු සුදුපැහැති ඇට ගොඩක් ම වූ, සොහොනෙහි දමන ලද සිරුරක් යම්සේ දක්නේ ද, හේ ‘මේ මගේ සිරුර ද එසේ ඇට රැසක් බවට පැමිණෙන සුලු ය, මෙබඳු වන සුලු ය, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි එකී ඇට රැසක් ම වූ සිරුරෙහි එළවා බලයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ හේ තමාගේ සිරුරෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ සිරුරෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ සිරුරෙහි ද වරෙක මෙරමාගේ සිරුරෙහි ද කායානුපස්සී වැ වෙසෙයි. කයේ හටගන්නා සැටිය නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි, කයේ නැසෙන සැටිය නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කයැ හටගන්නා සැටිත් වරෙක කයැ නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
Pali BJT‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTඇට කැබැලි රැසක් ම වූ සිරුර ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩීම පිණිස, සිහිය වැඩීම පිණිස වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණාදෘෂ්ටීන් නො ගන්නේ ද වෙයි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(සත්තමං සීවථිකං)
Sinhala BJT(සත්වන සීවථිකය යි)
Pali BJT16. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකානි පුඤ්ජිකතානි තෙරොවස්සිකානි. සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො’ති.
Sinhala BJT16. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම සොහොනැ දමන ලදු වැ අවුරුද්දක් ඉක්ම ගියැ තැන තැන ගොඩ ගැසුණු, ඇට රැසක් ම වූ සිරුරක් යම් සේ දක්නේ ද, එ සේ හෙ තෙමේ ‘මේ මගේ කය ද මෙ බඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු ය, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මේ කය ම යට කී ඇට ගොඩක් ම වූ සිරුරෙහි එළවා බලයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කයෙහි උපදනා සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. කයෙහි නැසෙන සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කය උපදනා සැටිත් වරෙක කය නැසෙන සැටිත් නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
Pali BJT‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTඇට ගොඩක් ම වූ කය ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ) යි හෝ ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය නුවණ වැඩෙනු පිණිසම, සිහිය වැඩෙනු පිණිස ම වේ. එසේ වූ හේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත ව ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(අට්ඨමං සීවථිකං)
Sinhala BJT(අටවන සීවථිකය යි)
Pali BJT17. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි, සො ඉමමෙව කායං උපසංහරති ‘අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො’ති.
Sinhala BJT17. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම සොහොනැ දමන ලදු වැ, කුණු වූ සුණු වූ ඇට සුණු රැසක් ම වූ සිරුරක් යම් සේ දක්නේ ද, එසේ හේ ‘මේ සිරුර ද මෙ බඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු ය, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මේ සිරුර ම එකී ඇට සුණු රැස හා එළවා බලයි.
Pali BJTඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කය හටගන්නා සැටි නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කය නැසෙන සැටි නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වරෙක කය උපදනා සැටි ද වරෙකැ නැසෙන සැටි ද නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTකය ම ඇතැ යි (මෙහි සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත වැ ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ද ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(නවමං සීවථිකං)
Sinhala BJT(නවවන සීවථිකය යි) නවසීවථික පර්‍වය නිමියේ ය.
Pali BJTචුද්දස කායානුපස්සනා නිට්ඨිතා.
Sinhala BJTතුදුස් කායානුපස්සනාවෝ නිමවන ලදහ.
Pali BJTවෙදනානුපස්සනා
Sinhala BJTවේදනානුපස්සනාව
Pali BJT18. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති? ඉධ භික්ඛවෙ, භික්ඛු සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමී ති පජානාති, දුක්ඛං වා වෙදනං වෙදියමානො දුක්ඛං වෙදනං වෙදියාමී ති පජානාති. අදුක්ඛමසුඛං වා වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී ති පජානාති.
Sinhala BJT18. මහණෙනි, මහණ තෙම කෙසේ නම් වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසේ ද යත්: මහණෙනි මෙහි මහණ තෙම කායික හෝ චෛතසික සුඛ වේදනාවක් විඳුනේ, ‘සුඛ වේදනාවක් විඳිමි’යි දනී, කායික හෝ චෛතසික දුක් වේදනාවක් විඳුනේ, ‘දුක් වේදනාවක් විඳිමි’යි දනී, දුක් ද නොවූ සුව ද නොවූ (මැදහත් අයුරු වූ) උපේක්‍ෂා වේදනාවක් විඳුනේ, ‘උපේක්‍ෂා වේදනාවක් විඳිමි’යි දනී.
Pali BJTසාමිසං වා සුඛං වෙදනං වෙදියමානො සාමිසං සුඛං වෙදනං වෙදියාමී ති පජානාති. නිරාමිසං වා සුඛං වෙදනං වෙදියමානො නිරාමිසං සුඛං වෙදනං වෙදියාමී ති පජානාති. සාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානො සාමිසං දුක්ඛං වෙදනං වෙදියාමී ති පජානාති. නිරාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානො නිරාමිසං දුක්ඛං වෙදනං වෙදියාමී ති පජානාති. සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො සාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී ති පජානාති. නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී ති පජානාති.
Sinhala BJTකාමනිඃශ්‍රිත සුඛවේදනාවක් හෝ විඳුනේ ‘කාමනිඃශ්‍රිත සුඛ වේදනාවක් විඳිමි’ යි දනී. නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත සුඛ වේදනාවක් විඳුනේ, ‘නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත සුඛවේදනාවක් (පින් රිසියන් විසින් ලැබියැ යුතු කුශල සහගත සොම්නසක්) විඳිමි’යි දනී. කාමනිඃශ්‍රිත දුක්වේදනාවක් හෝ විඳුනේ ‘දුක් වේදනාවක් විඳිමි’යි දනී. නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත (කුශලපක්‍ෂගත) දුක් වේදනාවක් හෝ විඳුනේ ‘දුක් වේදනාවක් විඳිමි’යි දනී. කාමනිඃශ්‍රිත උපේක්‍ෂා වේදනාවක් හෝ විඳුනේ ‘උපේක්‍ෂා වේදනාවක් විඳිමි’යි දනී. නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත උපේක්‍ෂා වේදනාවක් හෝ විඳුනේ ‘උපේක්‍ෂා වේදනාවක් විඳිමි’යි දනී.
Pali BJTඉති අජ්ඣත්තං වා වෙදනාසු වෙදනානුපස්සී විහරති, බහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා වෙදනාසු විහරති, වයධම්මානුපස්සී වා වෙදනාසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා වෙදනාසු විහරති.
Sinhala BJTමෙසේ තමාගේ වේදනාවන්හි හෝ වේදනානුපස්සී වැ වෙසෙයි. මෙරමාගේ වේදනාවන්හි හෝ වේදනානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි. වේදනාවන්ගේ හටගැන්මට ප්‍රත්‍යය වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි. වේදනාවන්ගේ වැනැස්මට කරුණු වූ දෑ නොයෙක් අයුරින් පුනපුනා බලනුයේ, වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි. වරෙක වේදනාවන්ගේ හටගැන්මට කරුණු වූ දෑ ද වරෙක වේදනාවන්ගේ වැනැස්මට කරුණු වූ දෑ ද බලනුයේ වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි.
Pali BJT‘අත්ථි වෙදනා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති.
Sinhala BJTවේදනාව ඇතැයි (විඳුනා සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩීම පිණිස ම, සිහිය වැඩීම පිණිස ම වෙයි. එසේ වූ හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නො ගනී. මහණෙනි, මෙසේ ම මහණ තෙම වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි.
Pali BJTවෙදනානුපස්සනා නිට්ඨිතා.
Sinhala BJTවේදනානුපස්සනාව නිමියේ ය.
Pali BJTචිත්තානුපස්සනා
Sinhala BJTචිත්තානුපස්සනාව
Pali BJT19. කථඤ්ච පන භික්ඛවෙ, භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති:
Sinhala BJT19. මහණෙනි, මහණ තෙමෙ සිතෙහි කෙසේ නම් චිත්තානුපස්සී වැ වෙසේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති, සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති, වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති, සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති, වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති, සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති, වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති, මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති, සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති, සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති, අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති, විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙම රාග සහිත සිත (අට වැදෑරුම් ලෝභ සහගත සිත) රාග සහිත සිත යැ යි දන්නේ හෝ වේ. පහ වූ රාගය ඇති සිත (ලෞකික කුසල් සිත් හා අව්‍යාකෘතසිත්) පහ වූ රාගය ඇති සිතැ යි දන්නේ හෝ වේ. ද්වේෂ සහිත සිත (දොම්නස් සහගත දෙ සිත) ද්වේෂ සහිත සිතැ යි දන්නේ හෝ වේ. පහ වූ ද්වේෂය ඇති සිත (ලෞකික කුශලාව්‍යාකෘත සිත්) පහ වූ ද්වේෂය ඇති සිතැ යි දන්නේ හෝ වේ. මෝහ සහිත සිත (මෝමූහ දෙ සිත) මෝහ සහිත සිතැ යි දන්නේ හෝ වේ. පහ වූ මෝහය ඇති සිත පහ වූ මෝහය ඇති සිතැ යි දන්නේ හෝ වේ. සංක්‍ෂිප්ත (හැකුලුණු) සිත (ථිනමිද්ධ සහගත සිත) සංක්‍ෂිප්ත සිත යැ යි දන්නේ හෝ වේ. වික්‍ෂිප්ත වූ සිත (උද්ධච්ච සහගත සිත) වික්‍ෂිප්ත සිත යැ යි දන්නේ හෝ වේ. මහද්ගත සිත (රූපාවචර අරූපාවචර සිත්) මහද්ගත සිත යැ යි දන්නේ හෝ වේ, අමහද්ගත සිත (කාමාවචර සිත) අමහද්ගත සිත යැ යි දන්නේ හෝ වේ. සෝත්තර සිත (තමාහට උත්තරයක්හු ඇති සිත හෙවත් කාමාවචර සිත) සෝත්තර සිත යැ යි දන්නේ හෝ වේ. අනුත්තර සිත (ලොවී සිත් අතුරෙහි තමාහට උත්තරයක්හු නැති සිත) අනුත්තර සිත යැ යි දන්නේ හෝ වේ. සමාහිත සිත (අර්‍පණා වශයෙන් හෝ උපචාර වශයෙන් හෝ එකඟ වූ සිත) සමාහිත සිත යැ යි දන්නේ හෝ වේ. අසමාහිත සිත (අර්‍පණා උපචාර යන දෙ සැටියෙන් ම සමාධිගත නො වූ සිත) අසමාහිත සිත යැ යි දන්නේ හෝ වේ. (තදඞ්ග විමුක්ති විෂ්කම්භණ විමුක්ති දෙකින්) මිදුණු සිත මිදුණු සිතැ යි දන්නේ හෝ වේ, නො මිදුණු සිත නො මිදුණු සිතැ යි දන්නේ හෝ වේ.
Pali BJTඉති අජ්ඣත්තං වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, බහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති.
Sinhala BJTමෙසේ තමාගේ සිතෙහි හෝ චිත්තානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ සිතෙහි හෝ චිත්තානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද සිතෙහි හෝ චිත්තානුපස්සී වැ වෙසෙයි. සිත උපදනට ප්‍රත්‍යය වූ ධර්‍ම නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ සිතෙහි (චිත්තානුපස්සී වැ) වෙසෙයි. සිත නැස්මට ප්‍රත්‍යය වූ ධර්‍මය නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ සිතෙහි (චිත්තානුපස්සී වැ) වෙසෙයි. වරෙක සිත් හටගන්නටත් වරෙක සිත් නැසෙන්නටත් ප්‍රත්‍යය වූ කරුණු නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ සිතෙහි (චිත්තානුපස්සී වැ) වෙසෙයි.
Pali BJTඅත්ථි චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති.
Sinhala BJTමෙහි සිත වනාහි ඇතැයි (සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුට සිහි එළැඹ සිටියේ වෙයි. ඒ මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වේ. මෙසේ වූ හෙ තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටි නිඃශ්‍රය දෙකින් නො හසු කැරැගන්නා ලද්දේ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි දෙකින් නො ගන්නේ ද වෙයි. මහණෙනි, මෙසේ මහණ තෙම සිතෙහි චිත්තානුපස්සී වැ වෙසෙයි.
Pali BJTචිත්තානුපස්සනා නිට්ඨිතා.
Sinhala BJTචිත්තානුපස්සනාව නිමියේ ය.
Pali BJTධම්මානුපස්සනා
Sinhala BJTධම්මානුපස්සනාව
Pali BJT20. කථඤ්ච පන භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති:
Sinhala BJT20. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් නීවරණාදි ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ (ධර්‍මානුදර්ශී වැ) වෙසේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු. කථඤ්ච පන භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු:
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙමෙ පංචනීවරණ ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ (ඒ ඒ නීවරණයක් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි. මහණෙනි, මහණ තෙම පංචනීවරණ ධර්‍මයන්හි කෙසේ ධම්මානුපස්සී වැ වෙසේ ද? යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං ‘අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං ‘නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙම ‘මගේ සිත් සතන්හි කාමච්ඡන්‍දය ඇතැ’ යි හෝ තමාගේ සිත් සතන් හි ඇති කාමච්ඡන්‍දය දනී. ‘මගේ සිත් සතන්හි කාමච්ඡන්‍දය නැතැ’යි හෝ තමාගේ සිත් සතන්හි නැති කාමච්ඡන්‍දය දනී. යම් සේ (යම් කරුණෙකින්) නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම්සේ උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මත්තෙහි (රහත් වන්නට පෙරැ) නො ඉපැද්මෙක් වේ ද, එය ද දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං බ්යාපාදං ‘අත්ථි මෙ අජ්ඣත්තං බ්යාපාදො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං බ්යාපාදං ‘නත්ථි මෙ අජ්ඣත්තං බ්යාපාදො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස බ්යාපාදස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස බ්යාපාදස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස බ්යාපාදස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTඇත්තා වූ හෝ ස්වසන්තාන ගත ව්‍යාපාදය ‘මගේ සතන්හි ව්‍යාපාදයෙක් දැන් ඇතැ’යි හෝ දනී. ස්වසන්තාන ගත වැ නැත්තා වූ හෝ ව්‍යාපාදය ‘මගේ සිත් සතන්හි ව්‍යාපාදයෙක් දැන් නැතැ’යි හෝ දනී. යම් සේ ම නූපන් ව්‍යාපාදයාගේ ඉපැද්ම වේ ද, එයත් දනී. යම්සේ උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණය වේ ද, එයත් දනී. යම් සේ ම ප්‍රහීණ වූ ව්‍යාපාදයාගේ මත්තෙහි නොඉපැද්ම වේ ද, එයත් දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං ථිනමිද්ධං ‘අත්ථි මෙ අජ්ඣත්තං ථිනමිද්ධ’න්ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං ථිනමිද්ධං ‘නත්ථි මෙ අජ්ඣත්තං ථිනමිද්ධ’න්ති පජානාති, යථා ච අනුප්පන්නස්ස ථිනමිද්ධස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස ථිනමිද්ධස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස ථිනමිද්ධස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTඇත්තා වූ හෝ ස්වසන්තානගත ථීනමිද්ධය ‘මගේ සන්තානයෙහි ථීනමිද්ධය ඇතැ’යි දනී. තම සතන්හි නැත්තා වූ හෝ ථීනමිද්ධය ‘මගේ සන්තානයෙහි ථීනමිද්ධය නැතැ’යි දනී. යම් සේ ම නූපන් ථීනමිද්ධයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ ම උපන් ථීනමිද්ධයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ම ප්‍රහීණ වූ ථීනමිද්ධයාගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං ‘අත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්ච’න්ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං ‘නත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්ච’න්ති පජානාති, යථා ච අනුප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස උද්ධච්චකුක්කුච්චස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTඇත්තා වූ හෝ ස්වසන්තානගත උද්ධච්ච කුක්කුච්චය ‘මගේ සන්තානයෙහි උද්ධච්ච කුක්කුච්චය ඇතැ’යි දනී. සිය සතන්හි නැත්තා වූ හෝ උද්ධච්ච කුක්කුච්චය ‘මගේ සන්තානයෙහි උද්ධච්ච කුක්කුච්චය නැතැ’යි දනී. යම්සේ ම නූපන් උද්ධච්ච කුක්කුච්චයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ ම උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ම ප්‍රහීණ වූ උද්ධච්ච කුක්කුච්චයාගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං ‘අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං ‘නත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති, යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTඇත්තාවූ හෝ ස්වසන්තානගත විචිකිච්ඡාව ‘මගේ සන්තානයෙහි විචිකිච්ඡාව ඇතැ’යි දනී. සිය සතන්හි නැත්තා වූ හෝ විචිකිච්ඡාව ‘මගේ සන්තානයෙහි විචිකිච්ඡාව නැතැ’යි දනී. යම්සේ ම නූපන් විචිකිච්ඡාවගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ ම උපන් විචිකිච්ඡාවගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ම ප්‍රහීණ වූ විචිකිච්ඡාවගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
Pali BJTඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති,
Sinhala BJTමෙසේ හෙ තෙම තම සතන්හි හෝ නීවරණ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වැ වෙසෙයි. මෙරමාගේ සතන්හි හෝ නීවරණ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වැ වෙසෙයි. විටෙක තම සතන්හි වූත් විටෙක මෙරමා සතන්හි වූත් නීවරණ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වැ වෙසෙයි. නීවරණයන්ගේ ඉපැද්මට ප්‍රත්‍යය වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ නීවරණධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. නීවරණයන්ගේ විනාශයට කාරණ වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ නීවරණ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
Pali BJTයාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු.
Sinhala BJTනීවරණ ධර්‍මයෝ ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුට සිහි එළැඹ සිටියේ වෙයි. ඒ මත්තෙහි නුවණ වැඩීම පිණිස ම සිහිය වැඩීම පිණිස ම වේ. එසේ වූ හෝ තෘෂ්ණානිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකට නො හසු වූයේද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නොගනී. මහණෙනි, මෙසේත් මහණ තෙම පංච නීවරණ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
Pali BJT(නීවරණපබ්බං නිට්ඨිතං.)
Sinhala BJTනීවරණ පර්‍වය නිමියේ ය.
Pali BJT21. පුන චපරං භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු. කථඤ්ච පන භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු: ඉධ භික්ඛවෙ, භික්ඛු ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො, ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො, ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො, ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො, ඉති විඤ්ඤාණං, __ඉති විඤ්ඤාණස්ස සමුදයො__, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති.
Sinhala BJT21. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙමෙ උපාදාන ස්කන්‍ධ ධර්‍ම පසෙහි ධම්මානුස්සී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙම කෙසේ නම් උපාදානස්කන්‍ධ ධර්‍ම පසෙහි ධම්මානුපස්සී වැ වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙම “රූපය මෙසේ යැ (මෙ තෙක් ය), රූපයේ ඉපැද්ම මෙසේ යැ, රූපයේ වැනැස්ම මෙසේ යැ, වේදනාව මෙතෙක් ය, වේදනාවගේ ඉපැද්ම මෙසේ යැ, වේදනාවගේ වැනැස්ම මෙසේ යැ, සංඥාව මෙතෙක් යැ, සංඥාවගේ ඉපැද්ම මෙසේ යැ, සංඥාවගේ වැනැස්ම මෙසේ යැ, සංස්කාරයෝ මෙතෙක්හ, සංස්කාරයන්ගේ ඉපැද්ම මෙසේ යැ, සංස්කාරයන්ගේ වැනැස්ම මෙසේ යැ, විඥානය මෙතෙක් යැ, විඥානයාගේ ඉපැද්ම මෙසේ යැ, විඥානයාගේ වැනැස්ම මෙසේ යැ” යි.
Pali BJTඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති.
Sinhala BJTමෙසේ අධ්‍යාත්ම සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි, විටෙක අධ්‍යාත්ම සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි ද විටෙක මෙරමාගේ සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි ද ධම්මානුපස්සී වැ වෙසෙයි.
Pali BJT‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTඋපාදාන ස්කන්‍ධ ධර්‍මයෝ ම ඇතැ යි කියා හෝ ඔහුට සිහිය එළැඹ සිටියේ වෙයි, එය මතුමත්තෙහි නුවණ වැඩීම පිණිස ම, සිහිය වැඩීම පිණිස ම වෙයි. එසේ වූ හේ තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටි නිඃශ්‍රය විසින් නොහසු කැරැ ගන්නා ලද්දේ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නොගන්නේ ද වෙයි.
Pali BJTඑවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු.
Sinhala BJTමහණෙනි, මෙසේත් මහණ තෙම පංච උපාදාන ස්කන්‍ධ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
Pali BJTඛන්ධපබ්බං නිට්ඨිතං.
Sinhala BJTස්කන්‍ධ පර්‍වය නිමියේ ය.