Pali BJT10. ඉමෙ ඛො භන්තෙ, සක්කො දෙවානමින්දො බ්රහ්මුනො සනංකුමාරස්ස භගවතො අට්ඨ යථාභුච්චෙ වණ්ණෙ පයිරුදාහාසි. තෙන සුදං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො අත්තමනො හොති පමුදිතො පීතිසොමනස්සජාතො භගවතො අට්ඨ යථාභුච්චෙ වණ්ණෙ සුත්වා. අථ භන්තෙ, බ්රහ්මා සනංකුමාරො ඔළාරිකං අත්තභාවං අභිනිම්මිනිත්වා කුමාරවණ්ණී හුත්වා පඤ්චසිඛො දෙවානං තාවතිංසානං පාතුරහොසි. සො වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ පල්ලඞ්කෙන නිසීදි. සෙය්යථාපි භන්තෙ, බලවා පුරිසො සුපච්චත්ථතෙ වා පල්ලඞ්කෙ සමෙ වා භූමිභාගෙ පල්ලඞ්කෙන නිසීදෙය්ය, එවමෙව ඛො භන්තෙ, බ්රහ්මා සනංකුමාරො වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තලික්ඛෙ පල්ලඞ්කෙන නිසීදිත්වා දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි:
Sinhala BJT10. වහන්ස, සක් දෙවිඳු සනත්කුමාර බඹහට භාග්‍යවතුන් වහන්සේගේ මේ යථාභූත ගුණ අට විස්තරයෙන් පැවැසී ය. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම භාග්‍යවතුන් වහන්සේගේ යථාභූත ගුණ අට අසා, එයින් බොහෝ සෙයින් සතුටු වෙයි, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ වෙයි. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම දළ අත් බවක් මවා ගෙන පන්සිළු ඇති වැ තව්තිසා වැසි දෙවියන් අතර පහළ විය. හේ අහස් නැඟ අන්තරීක්‍ෂ ආකාශයෙහි පළඟින් හුන්නේ ය. වහන්ස, ශක්තිමත් පුරුෂයෙක් මෙනාවට පසතුරුණු අතුළ පළඟෙක හෝ සම බිම් පෙදෙසෙක හෝ පළක් බැඳ හිඳුනේ ද, වහන්ස, එසේ ම සනත් කුමාර බඹ තෙම අහස් නැඟ අන්තරීක්‍ෂ අකාශයෙහි පළඟින් හිඳ තව්තිසා වැසි දෙවියන් අමතා මෙසේ කී ය:
Pali BJTගොවින්දබ්රාමණවත්ථු
Sinhala BJTගෝවින්‍ද බ්‍රාහ්මණ වස්තුව
Pali BJT11. තං කිම්මඤ්ඤන්ති භොන්තො දෙවා තාවතිංසා. යාව දීඝරත්තං මහාපඤ්ඤො’ව සො භගවා අහොසි. භූතපුබ්බං භො රාජා දිසම්පති නාම අහොසි, දිසම්පතිස්ස රඤ්ඤො ගොවින්දො නාම බ්රාහ්මණො පුරොහිතො අහොසි. දිසම්පතිස්ස රඤ්ඤො රෙණු නාම කුමාරො පුත්තො අහොසි. ගොවින්දස්ස බ්රාහ්මණස්ස ජොතිපාලො නාම මාණවො පුත්තො අහොසි. ඉති රෙණු ච රාජපුත්තො ජොතිපාලො ච මාණවො අඤ්ඤෙ ච ඡ ඛත්තියා ඉච්චෙතෙ අට්ඨ සහායා අහෙසුං.
Sinhala BJT11. “භවත් තව්තිසා වැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් දික් කලක් මහාප්‍රාඥ ම වූ සේක් ද! පෙරැ වූවක් කියමි. භවත්නි පෙර දවසැ දිසම්පති නම් රජෙක් විය. දිසම්පති රජහට ගෝවින්‍ද නම් බමුණෙක් පෙරෙවි විය. දිසම්පති රජුගේ පුත් රේණු නම් කුමරෙක් විය. ගෝවින්‍ද බමුණහු පුත් ජෝතිපාල නම් මාණවකයෙක් විය. මෙසේ රජ පුත් රේණු කුමර ද ජෝතිපාල මාණවක ද අන් ස දෙනෙක් ක්‍ෂත්‍රියයෝ ද යි මේ අට දෙන යහලුවෝ වූහ.
Pali BJTඅථ ඛො භො අහොරත්තානං අච්චයෙන ගොවින්දො බ්රාහ්මණො කාලමකාසි. ගොවින්දෙ බ්රාහ්මණෙ කාලකතෙ රාජා දිසම්පති පරිදෙවෙසී “යස්මිං වත භො මයං සමයෙ ගොවින්දෙ බ්රාහ්මණෙ සබ්බකිච්චානි සම්මා වොස්සජ්ජිත්වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරෙම තස්මිං නො සමයෙ ගොවින්දො බ්රාහ්මණො කාලකතො”ති. එවං වුත්තෙ භො රෙණු රාජපුත්තො රාජානං දිසම්පතිං එතදවොච: “මා ඛො ත්වං දෙව ගොවින්දෙ බ්රාහ්මණෙ කාලකතෙ අතිබාළ්හං පරිදෙවෙසි. අත්ථි දෙව ගොවින්දස්ස බ්රාහ්මණස්ස ජොතිපාලො නාම මාණවො පුත්තො පණ්ඩිතතරො චෙව පිතරා අලමත්ථදසතරො චෙව පිතරා. යෙ’පි’ස්ස පිතා අත්ථෙ අනුසාසි. තෙ’පි ජොතිපාලස්සෙව මාණවස්ස අනුසාසනියා”ති. ‘එවං කුමාරා’ති. ‘එවං දෙවා’ති.
Sinhala BJTභවත්නි දික් කලක් ඇවෑමෙන් ගෝවින්‍ද බමුණු කලුරිය කෙළේ ය. ගෝවින්‍ද බමුණු කලුරිය කළ කලැ “භවත්නි යම් කලෙක අපි ගෝවින්‍ද බමුණහු කෙරෙහි සියලු කටයුතු මැනැවින් පවරා පංච කාමගුණයන් ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවමෝ ද, එ සමයෙහි ම අප ගෝවින්‍ද බමුණු කලුරිය කෙළේ වේ ද!” යි දිසම්පති රජ විලාප කී ය. භවත්නි, මෙසේ විලාප කී කල රාජපුත්‍ර රේණුකුමාර තෙම දිසම්පති රජුහු බණවා “දේවයිනි, ඔබ ගෝවින්‍ද බමුණුහු කලුරිය කළ කල (මෙසේ) ඉතා දැඩි කොට නො වැලැපුණ මැනැව. දේවයිනි, ගෝවින්‍ද බමුණාට පියාට වැඩි තරම් පණ්ඩිත වූ ද ඒ ඒ කටයුතු දැකීමෙහි පියාට වඩා සමර්‍ත්‍ථ වූ ද ජෝතිපාල නම් පුත්‍ර මාණවකයෙක් ඇත. ඔහුගේ පියා යම් කටයුතු අනුසැසී ද (යම් කටයුතු පිළිබඳ ව අනුශාසන කෙළේ ද) ඒ කටයුතු ද ජෝතිපාල මාණවකයාගේ අනුශාසනයෙන් ම කෙළේ යැ” යි කී ය. ‘එසේ ද කුමරුවනි?’ යි රජ ඇසී ය. ‘එසේ යැ දේවයිනි’ යි කුමර පිළිවදන් දුන.
Pali BJT12. අථ ඛො භො රාජා දිසම්පති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි, ‘එහි ත්වං අම්භො පුරිස, යෙන ජොතිපාලො නාම මාණවො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා ජොතිපාලං මාණවං එවං වදෙහි: භවමත්ථු භවන්තං ජොතිපාලං මාණවං, රාජා දිසම්පති භවන්තං ජොතිපාලං මාණවං ආමන්තයති, රාජා දිසම්පති භොතො ජොතිපාලස්ස මාණවස්ස දස්සනකාමො’ති. ‘එවං දෙවා’ති ඛො භො සො පුරිසො දිසම්පතිස්ස රඤ්ඤො පටිස්සුත්වා යෙන ජොතිපාලො මාණවො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජොතිපාලං මාණවං එතදවොච: “භවමත්ථු භවන්තං ජොතිපාලං මාණවං, රාජා දිසම්පති භවන්තං ජොතිපාලං මාණවං ආමන්තයති, රාජා දිසම්පති භොතො ජොතිපාලස්ස මාණවස්ස දස්සනකාමො”ති. ‘එවං භො’ති ඛො සො ජොතිපාලො මාණවො තස්ස පුරිසස්ස පටිස්සුත්වා යෙන රාජා දිසම්පති තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා දිසම්පතිනා රඤ්ඤා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො භො ජොතිපාලං මාණවං රාජා දිසම්පති එතදවොච: “අනුසාසතු නො භවං ජොතිපාලො, මා නො භවං ජොතිපාලො අනුසාසනියා පච්චබ්යාහාසි, පෙත්තිකෙ තං ඨානෙ ඨපෙස්සාමි, ගොවින්දියෙ අභිසිඤ්චිස්සාමී”ති. ‘එවං භො’ති ඛො සො ජොතිපාලො මාණවො දිසම්පතිස්ස රඤ්ඤො පච්චස්සොසි.
Sinhala BJT12. භවත්නි, ඉක්බිති දිසම්පති රජ එක්තරා පුරුෂයකු බණවා, හෙම්බා පුරුෂය, තෝ මෙහි එව, ජෝතිපාල නම් මාණවකයා වෙත යව. ගොස් ඔහුට, “භවත් ජෝතිපාල මාණවකයාට වැඩෙක් වේ වා! දිසම්පති රජ භවත් ජෝතිපාල මාණවකයාණන් කැඳවයි. දිසම්පති රජ භවත් ජෝතිපාල මාණවකයාණන් දක්නා කැමැත්තේ යැ” යි මෙසේ කියව යි කී ය. භවත්නි, ‘එසේ යැ දේවයිනි’ යි කියා ම ඒ පුරුෂ තෙම දිසම්පති රජහට පිළිවදන් දී, ජෝතිපාල මාණවකයා කරා එළැඹියේ ය. එළඹැ, ජෝතිපාල මාණවකයාට, “භවත් ජෝතිපාල මාණවකයාණනට වැඩෙක් වේ වා. දිසම්පති රජුහු භවත් ජෝතිපාල මාණවකයාණන් කැඳවති, දිසම්පති රජුහු භවත් ජෝතිපාල මාණවකයාණන් දක්නා කැමැත්තාහ” යි සැළකෙළේ ය. ‘භවත, එසේ දැ’ යි කියා ම ජෝතිපාල මාණවක ඒ පුරුෂයාට පිළිවදන් දී දිසම්පති රජු වෙත එළහැඹියේ ය. එළැඹ, දිසම්පති රජු හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳවියැ යුතු කථා අවසන් කොට, එක් පසෙක හිඳ ගත. එක් පසෙක හුන්නා වූ ම ජෝතිපාල මාණවකයාට දිසම්පති රජ, “භවත් ජෝතිපාල තෙමේ අපට අනුශාසන කෙරේ වා, භවත් ජෝතිපාල තෙමේ අපට අනුශාසන කිරීමෙන් ඉවත් නො වේ වා (අපට අනුශාසන කිරීම පිළිකෙවු නො කෙරේ වා), ඔබ සිය පියා අයත් වැ තුබුණු තනතුරෙහි තබන්නෙමි, ගෝවින්‍ද බමුණානන් දැරු තනතුරෙහි අභිෂික්ත කරන්නෙමි” යි කී ය. ‘එසේ යැ, භවතාණනි’ යි හේ ජෝතිපාල මාණවක දිසම්පති රජහට පිළිවදන් දුන.
Pali BJT13. අථ ඛො භො රාජා දිසම්පති ජොතිපාලං මාණවං ගොවින්දියෙ අභිසිඤ්චි, පෙත්තිකෙ ඨානෙ ඨපෙසි. අභිසිත්තො ජොතිපාලො මාණවො ගොවින්දියෙ, පෙත්තිකෙ ඨානෙ ඨපිතො, යෙ’පි’ස්ස පිතා අත්ථෙ අනුසාසි තෙපි අත්ථෙ අනුසාසති, යෙ’පි’ස්ස පිතා අත්ථෙ නානුසාසි තෙ’පි අත්ථෙ අනුසාසති, යෙ’පි’ස්ස පිතා කම්මන්තෙ අභිසම්භොසි, තෙ’පි කම්මන්තෙ අභිසම්භොති, යෙ’පි’ස්ස පිතා කම්මන්තෙ නාභිසම්භොසි තෙ’පි කම්මන්තෙ අභිසම්භොති. තමෙනං මනුස්සා එවමාහංසු: “ගොවින්දො වත භො බ්රාහ්මණො, මහාගොවින්දො වත භො බ්රාහ්මණො”ති. ඉමිනා ඛො එවං භො පරියායෙන ජොතිපාලස්ස මාණවස්ස ගොවින්දො මහාගොවින්දො’ත්වෙව සමඤ්ඤා උදපාදි.
Sinhala BJT13. භවත්නි, ඉක්බිති දිසම්පති රජ ජෝතිපාල මාණවකයා ගෝවින්‍ද බමුණා දැරු තනතුරෙහි අභිෂික්ත කෙළේ ය. ඔහු පිය බමුණු දැරු තනතුරෙහි තැබී ය. ජෝතිපාල මාණවක තෙම ගෝවින්‍ද බමුණා දැරු තනතුරෙහි අභිෂික්ත වූයේ, සිය පියා දැරු තනතුරෙහි තබන ලදුයේ, ඔහු පියා යම් අර්‍ත්‍ථයන් අනුසැසි ද, ඒ අර්‍ත්‍ථ ද අනුසසී. ඔහු පියා යම් අර්‍ත්‍ථ නො අනුසැසී ද ඒ අර්‍ත්‍ථත් අනුසසී. ඔහු පියා යම් කර්‍මාන්ත සංවිධාන කොට තැබී ද, ඒ කර්‍මාන්ත ද සංවිධාන කෙරෙයි. ඔහු පියා යම් කර්‍මාන්ත සංවිධාන නො කෙළේ ද, ඒ කර්‍මාන්ත ද සංවිධාන කෙරෙයි. මිනිස්සු ඔහුට, “ආශ්චර්‍ය්‍යයෙක! භවත්නි, මේ ගෝවින්‍ද බමුණා යැ, පුදුමයෙකි! මේ තෙමේ මහා ගෝවින්‍ද බ්‍රාහ්මණ යැ!” යි මෙසේ කීහ. භවත්නි, මෙ කරුණින් ජෝතිපාල මාණවකයාට ‘ගෝවින්‍ද ය, මහාගෝවින්‍ද’ යැ යි ම නම උපන.
Pali BJTරජසංවිභාගො
Sinhala BJTරාජ්‍ය සංවිභාගය
Pali BJT14. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො යෙන තෙ ඡ ඛත්තියා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ ඡ ඛත්තියෙ එතදවොච: දිසම්පති ඛො භො රාජා ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. කො නු ඛො පන භො ජානාති ජීවිතං, ඨානං ඛො පනෙතං විජ්ජති යං දිසම්පතිම්හි රඤ්ඤෙ කාලකතෙ රාජකත්තාරො රෙණුං රාජපුත්තං රජ්ජෙ අභිසිඤ්චෙය්යුං, ආයන්තු භොන්තො යෙන රෙණු රාජපුත්තො තෙනුපසඞ්කමථ. උපසඞ්කමිත්වා රෙණුං රාජපුත්තං එවං වදෙථ: “මයං ඛො භොතො රෙණුස්ස සහායා පියා මනාපා අප්පටිකූලා, යංසුඛො භවං තංසුඛා මයං. යංදුක්ඛො භවං තංදුක්ඛා මයං. දිසම්පති ඛො භො රාජා ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. කො නු ඛො පන භො ජානාති ජීවිතං, ඨානං ඛො පනෙතං විජ්ජති යං දිසම්පතිම්හි රඤ්ඤෙ කාලකතෙ රාජ කත්තාරො භවන්තං රෙණුං රජ්ජෙ අභිසිඤ්චෙය්යුං. සචෙ භවං රෙණු රජ්ජං ලභෙථ, සංවිභජෙථ නො රජ්ජෙනා”ති.
Sinhala BJT14. එකලැ ඒ මහාගෝවින්‍ද බමුණාණෝ ඒ (යහලු) ක්‍ෂත්‍රියයන් සදෙනා වෙත එළැඹියාහ. එළඹැ ඒ ක්‍ෂත්‍රියයන් ස දෙනාට මෙය සැළ කෙළේය: “භවත්නි, දිසම්පති රජ ජීර්‍ණය, වෘද්ධය, මහලු ය, ඉක්මුණු කල් ඇත්තේ ය, පැසිම් වයසට පැමිණියේ ය. භවත්නි, ජීවිතය (මෙතෙක් පවතිතැ යි) කවරෙක් දනී ද? දිසම්පති රජුහු කලුරිය කළ කල්හි රාජකාරක (රජක්හු පත් කරන) ඇමැතියෝ රාජපුත්‍ර රේණු කුමරහු රජයේ අභිෂික්ත කරන්නාහ යන යමෙක් ඇද්ද, මෙ කරුණ ඒකාන්තයෙන් විද්‍යමාන ය. භවත්හු එත් වා. රජ පුත් රේණු කුමර කරා එළඹෙත් වා. එළැඹ ඔහුට “අපි වූ කලි භවත් රේණුහුගේ ප්‍රිය වූ මන වඩන නොපිළිකුල් (අවිරුද්ධ) යහලුවෝ වම්හ. භවත් තෙමේ යම් සැපයක් ඇත්තේ ද අපිත් ඒ සැපය ම ඇත්තම්හ. භවත් තෙමේ යම් දුකක් ඇත්තේ ද අපිත් ඒ දුකම ඇත්තම්හ(අපි සහසුඛි සහශෝකී මිතුරම්හ). භවත් තෙමේ ඉදින් රජය ලබන්නේ ද, (එසේ කලැ) අපට රාජ්‍යයෙන් සංවිභාග කරන්නේ මැනැවැයි (රාජ්‍යයන් බෙදා දුන මැනැවැයි) මෙසේ කියවු” යනු යි.
Pali BJT‘එවං භො’ති ඛො භො තෙ ඡ ඛත්තියා මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙන රෙණු රාජපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා රෙණුං රාජපුත්තං එතදවොචුං: “මයං ඛො භොතො රෙණුස්ස සහායා පියා මනාපා අප්පටිකූලා. යංසුඛො භවං තංසුඛා මයං, යංදුක්ඛො භවං තංදුක්ඛා මයං. දිසම්පති ඛො භො රාජා ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. කො නු ඛො පන භො ජානාති ජීවිතං. ඨානං ඛො පනෙතං විජ්ජති යං දිසම්පතිම්හි රඤ්ඤෙ කාලකතෙ රාජකත්තාරො භවන්තං රෙණුං රජ්ජෙ අභිසිඤ්චෙය්යුං. සචෙ භවං රෙණු රජ්ජං ලභෙථ, සංවිභජෙථ නො රජ්ජෙනා”ති. “කො නු ඛො භො අඤ්ඤො මම විජිතෙ සුඛමෙධෙථ{1} අඤ්ඤත්ර භවන්තෙහි. සචාහං භො රජ්ජං ලභිස්සාමි සංවිභජිස්සාමි වො රජ්ජෙනා”ති.
Sinhala BJT‘භවත එසේ යැ’ යි ම ඒ ක්‍ෂත්‍රියයෝ ස දෙන මහාගෝවින්‍ද බමුණාට පිළිවදන් දී, රේණු රාජපුත්‍රයා කරා එළැඹියාහ. එළඹැ ඔහුට “අපි වූ කලි භවත් රේණුහුගේ ප්‍රිය වූ මනාප වූ අනුකූල වූ යහලුවෝ වම්හ. භවත් තෙමේ යමක් සැප කොට ඇත්තේ ද අපිත් එය ම සැප කොට ඇත්තම් හ. භවත් තෙමේ යමක් දුක් කොට ඇත්තේ ද අපිත් එය ම දුක් කොට ඇත්තම්හ. භවත, දිසම්පති රජ ජරාජීර්‍ණ ය, වෘද්ධ ය, මහලු ය, ඉක්මි කල් ඇත්තේ ය, පැසිම් වියට පැමිණියේ ය. භවත කවරෙක් ජීවිතය දනී ද? දිසම්පති රජහු කලුරිය කළ කලැ රාජකාරක ඇමැතියෝ රේණුහු රජයෙහි අභිෂික්ත කරන්නාහ යන මෙ කරුණ ඇති එකෙක. ඉදින් භවත් රේණු තෙමේ රජය ලද්දේ වී නම්, අපට රාජ්‍යයෙන් සංවිභාග කළ මැනැවැ” යි සැළ කළාහ. “භවත්නි, භවතුන් හැර, අන් කවර කෙනෙක් මා රටෙහි සැපයට පැමිණෙන්නාහු දl භවත්නි, ඉදින් මේ රජය ලදිම් නම් ඔබ හැමට රාජ්‍යසංවිභාගය කරන්නෙමි” යි රේණු කුමර පිළිවදන් දුන.
Pali BJT15. අථ ඛො භො අහොරත්තානං අච්චයෙන රාජා දිසම්පති කාලමකාසි. දිසම්පතිම්හි රඤ්ඤෙ කාලකතෙ රාජකත්තාරො රෙණුං රාජපුත්තං රජ්ජෙ අභිසිඤ්චිංසු. අභිසිත්තො රෙණු රජ්ජෙන පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගිභූතො පරිචාරෙති. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො යෙන තෙ ඡ ඛත්තියා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ ඡ ඛත්තියෙ එතදවොච: දිසම්පති ඛො භො රාජා කාලකතො අභිසිත්තො රෙණු රජ්ජෙන, පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගිභූතො පරිචාරෙති. කො නු ඛො පන භො ජානාති. මදනීයා කාමා. ආයන්තු භොන්තො යෙන රෙණු රාජා තෙනුපසඞ්කමථ, උපසඞ්කමිත්වා රෙණුං රාජානං එවං වදෙථ: දිසම්පති ඛො භො රාජා කාලකතො. අභිසිත්තො භවං රෙණු රජ්ජෙන. සරති භවං තං වචනන්ති.
Sinhala BJT15. භවත්නි, ඉක්බිති කල් යෑමෙන් දිසම්පති රජ කලුරිය කෙළේ ය. දිසම්පති රජු කලුරිය කළ කල්හි රාජකාරක ඇමැතියෝ රේණු රජකුමර රජයෙහි අභිෂික්ත කළහ. රාජ්‍යයෙන් අභිෂික්ත වූ රේණු තෙම පස් කම් ගුණවලින් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවයි. භවත්නි, එ කල්හි මහාගෝවින්‍ද බමුණු ඒ ක්‍ෂත්‍රියයන් ස දෙනා කරා එළැඹියේ ය. එළැඹ ඒ ක්‍ෂත්‍රියයන් සදෙනා බණවා, “භවත්නි, දිසම්පති රජ කලුරිය කෙළේ ය. රේණු තෙම රජයෙන් අබිසෙස් ලදුයේ පස් කම් කොටසුන්ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවයි. කාමයෝ මද ප්‍රමාදයනට කරුණුහ. එයින් මත් වැ පෙරැ තමා ගිවිසූ දෑ සිහි නො කෙරේ දෝ යි කවරෙක් දනී ද? භවත්නි එත් වා, රේණු රජු කරා එළැඹෙනු මැනැව. එළැඹ රේණු රජහට, “භවත්නි, දිසම්පති රජ කලුරිය කෙළේ ය. භවත් රේණු තෙම රජයෙන් අබිසෙස් ලද්දේ ය. භවත් තෙම (පෙර දවසැ කී) ඒ වචනය සිහි කෙරෙයි දැ?’ යි මෙ වචන කියනුමැනැවැ” යි සැළකෙළේ ය.
Pali BJT‘එවං භො’ති ඛො භො තෙ ඡ ඛත්තියා මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙන රෙණු රාජා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා රෙණුං රාජානං එතදවොචුං: දිසම්පති ඛො භො රාජා කාලකතො, අභිසිත්තො භවං රෙණු රජ්ජෙන. සරති භවං තං වචනන්ති.’ ‘සරාමහං භො තං වචනං කො නු ඛො භො පහොති ඉමං මහාපථවිං උත්තරෙන ආයතං දක්ඛිණෙන සකටමුඛං සත්තධා සමං සුවිභත්තං විභජිතුන්ති.” ‘කො නු ඛො භො අඤ්ඤො පහොති අඤ්ඤත්ර මහාගොවින්දෙන බ්රාහ්මණෙනා’ති.
Sinhala BJT‘භවත, එසේ යැ’ යි ම ඒ කැත්හු ස දෙන මහාගෝවින්‍ද බමුණුහට පිළිවදන් දී, රේණු රජු කරා එළැඹුණාහ. එළැඹ, රේණු රජුට, ‘භවතාණනි, දිසම්පති රජ කලුරිය කෙළේ ය. භවත් රේණු තෙම රජයෙන් අබිසෙස් ලද්දේ ය. භවත් තෙමේ (පෙර දවස කී) ඒ වචනය සිහි කෙරෙයි දැ? යි කීහ. “භවත්නි, ඒ වචනය මම් සිහි කෙරෙමි. භවත්නි, උතුරින් දික් වැ දකුණින් ගැල්මුව සේ පිහිටි මේ මහ පොළොව සමලෙස සත් කොටසකට මොනොවට බෙදන්නට කවරෙක් සමත් වෙයි” ? දැ යි රජ කී ය. “භවත, මහාගෝවින්‍ද බමුණු හැර අන් කවරෙක් සමත් වෙ යි දැ”? යි ඒ කැත්හු කීහ.
Pali BJT16. අථ ඛො භො රෙණු රාජා අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: එහි ත්වං අම්භො පුරිස, යෙන මහාගොවින්දො බ්රාහ්මණො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මහාගොවින්දං බ්රාහ්මණං එවං වදෙහි: ‘රාජා තං භන්තෙ රෙණු ආමන්තෙතී’ති. ‘එවං දෙවා’ති ඛො භො සො පුරිසො රෙණුස්ස රඤ්ඤො පටිස්සුත්වා යෙන මහාගොවින්දො බ්රාහ්මණො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මහාගොවින්දං බ්රාහ්මණං එතදවොච: ‘රාජා තං භන්තෙ රෙණු ආමන්තෙතී’ති. ‘එවං භො’ති ඛො සො මහාගොවින්දො බ්රාහ්මණො තස්ස පුරිසස්ස පටිස්සුත්වා යෙන රෙණු රාජා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රෙණුනා රඤ්ඤා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො භො මහාගොවින්දං බ්රාහ්මණං රෙණු රාජා එතදවොච: එතු භවං ගොවින්දො, ඉමං මහාපථවිං උත්තරෙන ආයතං දක්ඛිණෙන සකටමුඛං සත්තධා සමං සුවිභත්තං විභජතූ’ති. ‘එවං භො’ති ඛො සො මහාගොවින්දො බ්රාහ්මණො රෙණුස්ස රඤ්ඤො පටිස්සුත්වා ඉමං මහාපථවිං උත්තරෙන ආයතං දක්ඛිණෙන සකටමුඛං සත්තධා සමං සුවිභත්තං විභජි සබ්බානි සකටමුඛානි පට්ඨපෙසි තත්ර සුදං මජ්ඣෙ රෙණුස්ස රඤ්ඤො ජනපදො හොති.
Sinhala BJT16. භවත්නි, ඉක්බිති රේණු රජ එක්තරා පුරුෂයකු බණවා, ‘හෙම්බා මිනිස, මෙහි එව. මහාගෝවින්‍ද බමුණහු කරා යව. ගොස් ඔහුට, ‘වහන්ස,රේණු රජ ඔබ කැඳවා’ යැ යි මෙසේ කියව’ යි කී ය. භවත්නි, ‘දේවයිනි, එසේ යැ’ යි ම කියා ඒ පුරුෂ තෙම රේණු රජුට පිළිවදන් දී, මහාගෝවින්‍ද බමුණු වෙත එළැඹියේ ය. එළැඹැ ඔහුට, ‘වහන්ස, රේණු රජ්ජුරුවෝ ඔබ අමතති’ යි සැළ කෙළේ ය. ‘එසේ ද භවත’ යැ යි කියා ම ඒ මහා ගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම ඒ පුරුෂයාට පිළිවදන් දී රේණු රජු කරා එළැඹියේ ය. එළැඹ, රේණු රජු හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැ වියැ යුතු වූ කථා නිමවා, එක් පසෙක හුන්නේ ය. රේණු රජ එක් පසෙක හුන්නාවූ ම මහාගෝවින්‍ද බමුණහු බණවා, ‘භවත් ගෝවින්‍දයෝ එත් වා. උතුරුදිගින් දික් වැ ද දකුණුදිගින් ගැල්මුවක් බඳු ව ද පිහිටි මේ මහ පොළොව සම ලෙස සත් කොටසකට බෙදා වා’ යි කී ය. ‘එසේ යැ, භවත්නි’ යි ම ඒ මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම රේණු රජුහට පිළිවදන් දී, උතුරින් දික් වැ ද දකුණින් ගැල්මුවක් සේ ව ද පිහිටි මේ මහ පොළොව සම ලෙස සත් කොටසකට බෙදී ය. සියලු රාජ්‍යයන් ගැල්මුව සේ සිටිනුවන් කොට පිහිටුවී ය. එහි ඒ හැම මැද රේණු රජුගේ ජනපදය වෙයි.
Pali BJT“දන්තපුරං කලිඞ්ගානං{1} අස්සකානඤ්ච පොතනං මාහිස්සතී අවන්තීනං සොවීරානඤ්ච රොරුකං මිථිලා ච විදෙහානං චම්පා අඞ්ගෙසු මාපිතා, බාරාණසී ච කාසීනං එතෙ ගොවින්දමාපිතා”ති.
Sinhala BJT“කලිඟු රටැ දන්තපුරය ද, අශ්මකරට පෝතන පුරය ද, අවන්ති රටැ මාහිස්සති පුරය ද, සෝවිර රටැ රෝරුක පුරය ද, විදේහ රටැ මිථිලා පුරයද, අංගරටැ චම්පා පුරයද, කසී රටැ බාරාණසී පුර ය ද යන මේ නුවර සත ගෝවින්‍ද බමුණුහු විසින් කරවන ලදී.”
Pali BJT17. අථ ඛො භො තෙ ඡ ඛත්තියා යථාසකෙන ලාභෙන අත්තමනා අහෙසුං පරිපුණ්ණසඞ්කප්පා “යං වත නො අහොසි ඉච්ඡිතං යං ආකඞ්ඛිතං යං අධිප්පෙතං යං අධිපත්ථිතං. තං නො ලද්ධන්ති.”
Sinhala BJT17. භවත්නි, ඉක්බිති ඒ කැත්හු ස දෙන “ආශ්චර්‍ය්‍යයෙක! භවත්නි, අප විසින් යමෙක් රිසියෙන ලද්දේ වී ද, යමෙක් අපේක්‍ෂිත වී ද, යමෙක් අදහස් කරන ලද්දේ වී ද, යමෙක් පතන ලද්දේ වී ද, එය අප විසින් ලබන ලද” යි තමන් ලද පරිදි වූ ලාභයෙන් සතුටු වූවාහු, පිරිපුන් මනෝරථ ඇත්තෝ වූහ.
Pali BJT“සත්තභූ බ්රහ්මදත්තො ච වෙස්සභූ භරතො සහා රෙණු ද්වෙ ච ධතරට්ඨා{2} තදාසුං සත්තභාරතා”ති.
Sinhala BJT“සත්තභූ රජ ද බ්‍රහ්මදත්ත රජ ද වෙස්සභූ රජ ද භරත රජ ද රේණු රජ ද දෙදෙනෙක් ධෘතරාෂ්ට්‍ර රජුහු දැ යි එදා භාරත රජුහු සත් දෙනෙක් වූහ.”
Pali BJTපඨමභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTපළමු බණවර නිමියේ ය.
Pali BJTකිත්තිසද්දබ්භුග්ගමනං
Sinhala BJTතික්හඩ නැඟීම
Pali BJT18. අථ ඛො භො තෙ ඡ ඛත්තියා යෙන මහාගොවින්දො බ්රාහ්මණො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මහාගොවින්දං බ්රාහ්මණං එතදවොචුං: “යථා ඛො භවං ගොවින්දො රෙණුස්ස රඤ්ඤො සහායො පියො මනාපො අප්පටික්කූලො. එවමෙව ඛො භවං ගොවින්දො අම්හාකම්පි සහායො පියො මනාපො අප්පටික්කූලො. අනුසාසතු නො භවං ගොවින්දො, මා නො භවං ගොවින්දො අනුසාසනියා පච්චබ්යාකාසී’ති. “එවං භො”ති ඛො සො මහාගොවින්දො බ්රාහ්මණො තෙසං ඡන්නං ඛත්තියානං පච්චස්සොසි. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො සත්ත ච රාජානො ඛත්තියෙ මුද්ධාවසිත්තෙ රජ්ජෙ අනුසාසි, සත්ත ච බ්රාහ්මණමහාසාලෙ, සත්ත ච න්හාතකසතානි මන්තෙ වාචෙසි.
Sinhala BJT18. භවත්නි, එ කල ඒ ක්‍ෂත්‍රියයෝ සදෙන මහාගෝවින්‍ද බමුණහු කරා එළඹියාහ. එළැඹ, ඔහු බණවා, “භවත් ගෝවින්‍දයාණෝ යම් සේ රේණු රජුහට යහලුත් ප්‍රියත් මනාපත් අවිරුද්ධත් වේ ද, එසේ ම භවත් ගෝවින්‍දයෝ අපට ද යහලුත් ප්‍රියත් මනාපත් අවිරුද්ධත් වෙත්. භවත් ගෝවින්‍දයෝ අපට අනුශාසන කෙරෙත් වා. භවත් ගෝවින්‍දයෝ අපට අනුශාසන කිරීමෙන් ඉවත් නො වෙත් වා” යි මෙ බස් පැවැසූහ. ‘එසේ ය භවත්නි’ යි ම ඒ මහා ගෝවින්‍ද බමුණු ඒ ක්‍ෂත්‍රියයන් ස දෙනාට පිළිවදන් දුන. භවත්නි, එ කලැ ඒ මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම රජබව්හි මුදුනැ අබිසෙස් ලත් සත් කැත් රජුනට ද, (අනුපුරෝහිත වූ) බමුණු මහසල් සත් දෙනකුට ද අනුශාසන කෙළේ ය. ස්නාතකයන් සත් සියයකට වේද හැදෑරැවී ය.
Pali BJT19. අථ ඛො භො මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස අපරෙන සමයෙන එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගඤ්ඡි” සක්ඛී මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මානං පස්සති, සක්ඛී මහාගොවින්දො බ්රාහ්මණො බ්රාහ්මුනා සාකච්ඡෙති සල්ලපති මන්තෙතී’ති. අථ ඛො භො මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස එතදහොසි: මය්හං ඛො එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො.{1} සක්ඛි මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මානං පස්සති, සක්ඛි මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මුනා සාකච්ඡෙති සල්ලපති මන්තෙතී’ති. න ඛො පනාහං බ්රහ්මානං පස්සාමි න බ්රහ්මුනා සාකච්ඡෙමි, න බ්රහ්මුනා සල්ලපාමි න බ්රහ්මුනා මන්තෙමි, සුතං ඛො පන මෙතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: “යො වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයති කරුණං ඣානං ඣායති, සො බ්රහ්මානං පස්සති බ්රහ්මුනා සාකච්ඡෙති බ්රහ්මුනා සල්ලපති බ්රහ්මුනා මන්තෙතී’ති. යන්නූනාහං වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයෙය්යං කරුණං ඣානං ඣායෙය්යන්ති.”
Sinhala BJT19. භවත්නි, පසු කලෙක මහාගෝවින්‍ද බමුණා පිළිබඳ වැ “මහාගෝවින්‍ද බමුණාණෝ සියැසින් ම බ්‍රහ්මයා දකී. මහාගෝවින්‍ද බමුණාණෝ සියැසින් දැක ම බ්‍රහ්මයා හා සාකච්ඡා කෙරෙයි, කථා කෙරෙයි, මන්ත්‍රණය කෙරේ” යැ යි මෙසේ කල්‍යාණ වූ යශෝඝෝෂයෙක් උස් වැ නැංගේ ය. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණාහට “මහාගෝවින්‍ද බමුණු සියැසින් බ්‍රහ්මයා දකී’ යැ යි, ‘සියැසින් දැක බ්‍රහ්මයා හා සාකච්ඡා කෙරෙයි, සංලාප කෙරෙයි, මන්ත්‍රණය කෙරේ යැ” යි මා පිළිබඳ වැ මෙසේ කල්‍යාණ වූ යශෝඝෝෂයෙක් උස් වැ නැංගේ ය. එහෙත් මම් වූ කලි බ්‍රහ්මයා නො ම දකිමි, බ්‍රහ්මයා හා සාකච්ඡා නොකරමි, බ්‍රහ්මයා හා කතා බහ නො කරමි, බ්‍රහ්මයා හා මන්ත්‍රණය නො කරමි. එතෙකුදු වුවත්, ‘යමෙක් වැසි සාර මස විවික්ත වැ වසන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, හෝ බඹහු දක්නේ ය, බඹහු හා කතාබහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ’ යි කියන වැඩී සිටි මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන්ගේ වචනය මා විසින් අසන ලදුයේ වෙයි. මම් වැසි සාර මස විවික්ත වන්නෙම් නම්, කරුණාධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත වී ය.
Pali BJT20. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො යෙන රෙණු රාජා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රෙණුං රාජානං එතදවොච: මය්හං ඛො භො එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො, සක්ඛි මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මානං පස්සති, සක්ඛි මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මුනා සාකච්ඡෙති සල්ලපති මන්තෙතීති. න ඛො පනාහං භො බ්රාහ්මනං පස්සාමි, න බ්රහ්මුනා සාකච්ඡෙමි න බ්රහ්මුනා සල්ලපාමි න බ්රහ්මුනා මන්තෙමි.
Sinhala BJT20. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු රේණු රජ කරා එළඹියේ ය. එළඹ ඔහුට මෙය කීය: “භවත, මහාගෝවින්‍ද බමුණා බඹහු සියැසින් දකියි, මහාගෝවින්‍ද බමුණා සියැසින් දැක බඹා හා සාකච්ඡා කෙරෙයි, කතාබහ කෙරෙයි, මන්ත්‍රණය කෙරේ” යැ යි මෙසේ මා පිළිබඳ කලායාණ වූ අද්භූත වූ යශෝඝෝෂයෙක් උස් වැ නැංගේ ය. එහෙත්, භවත, මම බඹහු නො දකිමි, බඹහු හා සාකච්ඡා නො කෙරෙමි, බඹහු හා කතාබහ නො කරමි, බඹහු හා මන්ත්‍රණය නො කරමි.
Pali BJTසුතං ඛො පන මෙතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: යො වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයති කරුණං ඣානං ඣායති, සො බ්රහ්මානං පස්සති බ්රහ්මුනා සාකච්ඡෙති බ්රහ්මුනා සල්ලපති බ්රහ්මුනා මන්තෙතීති. ඉච්ඡාමහං භො වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයිතුං, කරුණං ඣානං ඣායිතුං, නාම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන භත්තාභිහාරෙනා”ති. “යස්ස’දානි භවං ගොවින්දො කාලං මඤ්ඤතී”ති.
Sinhala BJT‘යමෙක් වැසි සාර මස විවික්ත වන්නේ නම් කරුණාධ්‍යානය වඩන්නේ නම් හේ බඹහු දක්නේ ය, බඹහු හා සාකච්ඡා කරන්නේ ය, බඹහු හා කතාබහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ’ යි කියන වැඩී සිටි මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන්ගේ මේ වචනය මා අසා ඇත. භවත, වැසි සාරමස විවික්ත වන්නට, කරුණාධ්‍යානය වඩන්නට මම් කැමැත්තෙමි. එක ම බත් එළවන්නක්හු විනා අන් කිසිවකු දු විසින් නො එළැඹියැ යුත්තෙම් වෙමි” යනු යි. “භවත් ගෝවින්‍දයෝ යමකට කල් සලකන්නාහු නම් එය කළ මැනැවැ” යි රජ කී ය.
Pali BJT21. අථ ඛො සො මහාගොවින්දො බ්රාහ්මණො යෙන තෙ ඡ ඛත්තියා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ ඡ ඛත්තියෙ එතදවොච: මය්හං ඛො භො එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො සක්ඛි මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මානං පස්සති සක්ඛී මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මුනා සාකච්ඡෙති සල්ලපති මන්තෙතී’ති. න ඛො පනාහං භො බ්රහ්මානං පස්සාමි න බ්රහ්මුනා සාකච්ඡෙමි න බ්රහ්මුනා සල්ලපාමි න බ්රහ්මුනා මන්තෙමි. සුතං ඛො පන මෙතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: යො වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයති කරුණං ඣානං ඣායති, සො බ්රහ්මානං පස්සති බ්රහ්මුනා සාකච්ඡෙති බ්රහ්මුනා සල්ලපති බ්රහ්මුනා මන්තෙතී’ති. ඉච්ඡාමහං භො වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයිතුං, කරුණං ඣානං ඣායිතුං නාම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන භත්තාභිහාරෙනා”ති. ‘යස්ස’දානි භවං ගොවින්දො කාලං මඤ්ඤතී’ති.
Sinhala BJT21. ඉක්බිති ඒ මහාගෝවින්‍ද බ්‍රාහ්මණ ඒ ක්‍ෂත්‍රියයන් සදෙනා කරා එළැඹියේ ය. එළඹ ඔවුන් බණවා “භවත්නි, මහා ගෝවින්‍ද බමුණු බඹහු සියැසින් දකී යැ යි, මහාගෝවින්‍ද බමුණු ප්‍රත්‍යක්‍ෂයෙන් බඹහු හා සාකච්ඡා කෙරේ යැ”යි ‘කතාබහ කෙරේ යැ’යි, ‘මන්ත්‍රණ කෙරේ යැ’ යි මෙසේ මා පිළිබඳ වැ කල්‍යාණ වූ අද්භූත වූ යශෝඝෝෂයෙක් ඉතා උස් වැ නැංගේ ය. භවත්නි, එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ඡා කෙරෙමි, නො ම කතාබහ කරමි, මන්ත්‍රණ ද නො කරමි, වැලිදු ‘යමෙක් වැසි සාර මසැ විවික්ත වන්නේ නම්, කරුණාධ්‍යානය වඩන්නේ නම්, හෝ බඹහු දක්නේ ය, බඹහු හා සාකච්ඡා කරන්නේ ය, බඹහු හා කතා බහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ’යි කියන වැඩිසිටි මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන්ගේ මේ වචනය මා අසා ඇත. භවත්නි, මම් වැසි සාර මසැ විවික්ත වන්නට, කරුණා ධ්‍යානය වඩන්නට කැමැත්තෙමි. එක ම බත් එළවන්නක්හු විනා අන් කිසිවකු දු විසින් මම් නො එළැඹියැ යුත්තෙම් වෙමි” යි කී ය. “භවත් ගෝවින්‍දයෝ යමකට කල් සලකන්නාහු නම් එය කළ මැනැවැ” යි ඔහු කීහ.
Pali BJT22. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො යෙන සත්ත ච බ්රාහ්මණමහාසාලා සත්ත ච න්හාතකසතානි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සත්ත ච බ්රාහ්මණමහාසාලෙ සත්ත ච න්හාතකසතානි එතදවොච: ‘මය්හං ඛො භො එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො. සක්ඛී මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මානං පස්සති සක්ඛී මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මුනා සාකච්ඡෙති සල්ලපති මන්තෙතී’ති. න ඛො පනාහං භො බ්රහ්මානං පස්සාමි න බ්රහ්මුනා සාකච්ඡෙමි න බ්රහ්මුනා සල්ලපාමි න බ්රහ්මුනා මන්තෙමි. සුතං ඛො පන මෙතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: යො වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයති, කරුණං ඣානං ඣායති සො බ්රහ්මානං පස්සති බ්රහ්මුනා සාකච්ඡෙති බ්රහ්මුනා සල්ලපති බ්රහ්මුනා මන්තෙතීති. තෙනහි ‘භො යථාසුතෙ යථාපරියත්තෙ මන්තෙ විත්ථාරෙන සජ්ඣායං කරොථ, අඤ්ඤමඤ්ඤං ච මන්තෙ වාචෙථ. ඉච්ඡාමහං භො වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයිතුං, කරුණං ඣානං ඣායිතුං, නාම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන භත්තාභිහාරෙනා”ති. “යස්ස’දානි භවං ගොවින්දො කාලං මඤ්ඤතී”ති.
Sinhala BJT22. භවත්නි, ඉක්බිති ඒ මහාගෝවින්‍ද බමුණු (උපපෙරෙවි) සත් බමුණු මහ සලුන් ද, සත් සියක් ස්නාතකයන් ද වෙත එළැඹියේ ය. එළැඹ, ඔවුන් බණවා, “භවත්නි, ‘මහාගෝවින්‍ද බමුණු බඹහු සියැසින් දකී යැ යි, මහාගෝවින්‍ද බමුණු බඹා හා ප්‍රත්‍යක්‍ෂයෙන් සාකච්ඡා කෙරේ යැ යි කතාබහ කෙරේ යැ යි, මන්ත්‍රණ කෙරේ යැ’යි මෙසේ මනා පිළිබඳ වැ අද්භූත වූ, කල්‍යාණ යශෝසෝෂයෙක් ව ඉතා උස් වැ නැංගේ ය. භවත්නි, එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ඡා කරමි. නො ම කතාබහ කරමි, මන්ත්‍රණ ද නො කරමි. වැලි දූ ‘යමෙක් වැසි සාර මසැ විවික්ත වන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, හේ බඹහු දක්නේ ය, බඹහු හා සාකච්ඡා කරන්නේ ය, බඹහු හා කතා බහ කරන්නේය. බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ’යි කියන වැඩී සිටි මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන්ගේ මේ වචනය මා අසා ඇත. භවත්නි, මම් වැසි සාරමසැ විවික්ත වන්නට, කරුණා ධ්‍යානය වඩන්නට කැමැත්තෙමි. එක් බත් එළවන්නක්හු ම විනා අන් කිසි කෙනෙකු දු විසින් මම් නො එළඹියැ යුත්තෙම් වෙමි” යි මෙ බස් පැවැසී ය. ‘භවත් ගෝවින්‍දයෝ යමකට කල් සලකන්නාහු නම්, එය කළ මැනැවැ” යි ඔහු කීහ.
Pali BJT23. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො යෙන චත්තාරීසා භරියා සාදිසියො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා චත්තාරීසා භරියා සාදිසියො එතදවොච: “මය්හං ඛො භොතී එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො; සක්ඛි මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මානං පස්සති, සක්ඛි මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මුනා සාකච්ඡෙති සල්ලපති මන්තෙතී’ති. න ඛො පනාහං භොතී බ්රහ්මානං පස්සාමි න බ්රහ්මුනා සාකච්ඡෙමි න බ්රහ්මුනා සල්ලපාමි න බ්රහ්මුනා මන්තෙමි. සුතං ඛො පන මෙතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: යො වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයති, කරුණං ඣානං ඣායති, සො බ්රහ්මානං පස්සති බ්රහ්මුනා සාකච්ඡෙති බ්රහ්මුනා සල්ලපති බ්රහ්මුනා මන්තෙතී’ති. ඉච්ඡාමහං භොතී වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයිතුං, කරුණං ඣානං ඣායිතුං. නාම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන භත්තාභිහාරෙනා”ති. “යස්ස’දානි භවං ගොවින්දො කාලං මඤ්ඤතී”ති.
Sinhala BJT23. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු එක්බඳු සතළිස් බිරියන් කරා එළඹියේ ය. එළැඹ, ඔවුන් බණවා, ‘භවතියනි, මහාගෝවින්‍ද බමුණු බඹහු සියැසින් දකී යැ යි, මහාගෝවින්‍ද බමුණු ප්‍රත්‍යක්‍ෂයෙන් බඹහු හා සාකච්ඡා කෙරේ යැ යි, කතා බහ කෙරේ යැ යි, මන්ත්‍රණ කෙරේ යැ යි මෙසේ මා පිළිබඳ වැ අද්භූත වූ කල්‍යාණ යශෝසෝෂයෙක් ඉතා උස් වැ නැංගේ ය. භවතියනි, එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ඡා කරමි, නො ද කතාබහ කරමි, නො ද මන්ත්‍රණය කරමි. වැලි දු ‘යමෙක් වැසි සාර මස විවික්ත වන්නේ නම්, කරුණාධ්‍යානය වඩන්නේ නම්, හේ බඹහු දක්නේ යැ යි බඹහු හා සාකච්ඡා කරන්නේ යැයි බඹහු හා කතාබහ කරන්නේ යැ යි, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ යි කියන වැඩි සිටි මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන්ගේ මේ වචනය මා අසා ඇත. භවතියනි, මේ වැසි සාර මසැ විවික්ත වන්නට, කරුණාධ්‍යානය වඩන්නට කැමැත්තෙමි, එක ම බත් එළවන්නක්හු විනා අන් කිසිවක් හු විසින් මම් නො එළඹියැ යුතු වෙමි” යි කී ය. “භවත් ගෝවින්‍දයෝ යමකට කල් සලකන්නාහු නම් එය කළ මැනැවැ”යි ඔහු කිවුය.
Pali BJT24. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො පුරත්ථිමෙන නගරස්ස නවං සන්ථාගාරං කාරාපෙත්වා වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයි, කරුණං ඣානං ඣායි. නාස්සු’ධ කොචි උපසඞ්කමති{1} අඤ්ඤත්ර එකෙන භත්තාභිහාරෙන. අථ ඛො භො මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස චතුන්නං මාසානං අච්චයෙන අහු දෙව උක්කණ්ඨනා අහු පරිතස්සනා: සුතං ඛො පන මෙතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: යො වස්සිකෙ චත්තාරො මාසෙ පටිසල්ලීයති, කරුණං ඣානං ඣායති, සො බ්රහ්මානං පස්සති බ්රහ්මුනා සාකච්ඡෙති බ්රහ්මුනා සල්ලපති බ්රහ්මුනා මන්තෙතී’ති. න ඛො පනාහං බ්රහ්මානං පස්සාමි, න බ්රහ්මුනා සාකච්ඡෙමි, න බ්රහ්මුනා සල්ලපාමි, න බ්රහ්මුනා මන්තෙමී’ති.
Sinhala BJT24. ඉක්බිති මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම නුවරට පෙර දිගැ අළුත් සන්‍ථාගාරයක් කරවා, වැසි සාර මස මුළුල්ලෙහි විවේකී විය, කරුණාධ්‍යානය දැහී ය, එක ම බත් එළවන්නක්හු විනා කිසිවෙක් මෙහි නො එළැඹෙයි. භවත්නි, එ කලැ සිවු මසක් ඇවෑමෙන් මහාගෝවින්‍ද බ්‍රාහ්මණයාට “යමෙක් වැසි සාරමස විවේකී ව හිඳුනේ නම් කරුණාධ්‍යානය දහනුයේ නම් හේ බඹහු දක්නේ යැ යි, බඹහු හා සාකච්ඡා කරන්නේ යැ යි බඹහු හා කතා බහ කරන්නේ යැ යි බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ යි ද කියන වැඩි සිටි මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන් කියන වචනය මා විසින් අසන ලද්දේ ම ය. එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ඡා කරමි, බඹහු හා නො ද කතා බහ කරමි, බඹහු හා නො ද මන්ත්‍රණ කෙරෙමි’ යි බඹහු එනු දැක්මෙහි ආශාව ඇති වූයේ ම ය. බඹහු දැක්මෙහි අභිලාෂය ඇති වූයේ ම ය.
Pali BJTබ්රහ්මුනා සාකච්ඡා
Sinhala BJTබඹහු හා සාකච්ඡාව
Pali BJT25. අථ ඛො භො බ්රහ්මා සනංකුමාරො මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය, සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස සම්මුඛෙ පාතුරහොසි. අථ ඛො භො මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස අහුදෙව භයං, අහු ඡම්භිතත්තං, අහු ලොමහංසො, යථා තං අදිට්ඨපුබ්බං රූපං දිස්වා. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො බ්රහ්මානං සනංකුමාරං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT25. භවත්නි, එයින් පසු සනත්කුමාර බ්‍රහ්ම තෙම සිය සිතින් මහාගෝවින්‍ද බමුණුහුගේ චිත්ත සංකල්පය දැන, ශක්තිමත් පුරුෂයකු වක් කළ අතක් දිගු කරන්නා සේ, දිගු කළ අත වක් කරන්නා සේ ම බඹලොවැදි අතුරුදහන් වූයේ, මහාගෝවින්‍ද බමුණුහුගේ හමුයෙහි පහළ විය. භවත්නි, එ කලැ නොදුටු විරූ ඒ රූපය දැකීමෙන් මහාගෝවින්‍ද බමුණුහට බියෙක් වූයේ ම ය, කයැ තද බවෙක් වූයේ ම ය, ලොමුදහගැන්මෙක් වූයේ ම ය. ඉක්බිති මහාගෝවින්‍ද බමුණු බියපත් වූයේ සංවිග්න වූයේ හටගත් ලොමුදහගැනුම් ඇත්තේ, සනත් කුමාර බඹහට ගාථායෙන්,
Pali BJT“වණ්ණවා යසවා සිරිමා කො නු ත්වමසි මාරිස, අජානන්තා තං පුච්ඡාම කථං ජානෙමු තං මයන්ති.”
Sinhala BJT“නිදුකාණනි, පැහැපත්, යශස් ඇති, ශෝභාවත් ඔබ කවුරු නම් වෙත් ද? අපි නො දන්නමෝ ඔබ විචාරම්හ. අපි ඔබ කෙසේ දැන ගනුමෝ ද?” යි මෙය කී ය.
Pali BJT“මං වෙ කුමාරං ජානන්ති බ්රහ්මලොකෙ සනන්තනං සබ්බෙ ජානන්ති මං දෙවා එවං ගොවින්ද ජානහි”.
Sinhala BJT“බඹලොවැ මා සනාතන කුමාර යැ යි ම දනිත්. සියලු දෙවියෝ මෙසේ මා දනිත්. ගෝවින්‍දයෙනි, මේ කරුණ මෙසේ දනිවු” යි බ්‍රහ්ම කී ය.
Pali BJT“ආසනං උදකං පජ්ජං මධුපාකඤ්ච{1} බ්රහ්මුනො, අග්ඝෙ භවන්තං පුච්ඡාම අග්ඝං කුරුතු නො භවං”{a}
Sinhala BJTමේ අසුන් ද දිය ද (පය ගල්වනුවට) තෙල් ද මිහිරි අහර ද යන මේ අමුත්තන් පුදන දැයින් භවතාණන් නිමතමු. භවත්හු අපගේ මේ ආගන්තුක සංග්‍රහය පිළිගනිත් වා” යි බමුණු කී ය.
Pali BJT“පටිග්ගණ්හාම තෙ අග්ඝං යං ත්වං ගොවින්ද භාසසි, දිට්ඨධම්මහිතත්ථාය සම්පරාය සුඛාය ච. කතාවකාසො පුච්ඡස්සු යං කිඤ්චිමභිපත්ථිතන්ති.”{b}
Sinhala BJT“ගෝවින්‍දයෙනි, යමක් ඔබ කියත් ද, ඒ ඔබගේ පූජා ද්‍රව්‍ය පිළිගනුම්හ. මෙ අත් බව්හි වැඩ පිණිස, පරලොවැ සුව පිණිස යම් කිසි දෙයක් පතන ලද ද, එය විචාරනුයෙහි කරන ලද අවකාස ඇති තෙපි එය විචාරවු” යි බ්‍රහ්ම කී ය.
Pali BJT26. අථ ඛො භො මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස එතදහොසි: “කතාවකාසො ඛො’ම්හි බ්රහ්මුනා සනඞ්කුමාරෙන. කින්නු ඛො අහං බ්රහ්මානං සනඞ්කුමාරං පුච්ඡෙය්යං, දිට්ඨධම්මිකං වා අත්ථං සම්පරායිකං වා”ති. අථ ඛො භො මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස එතදහොසි: “කුසලො ඛො අහං දිට්ඨධම්මිකානං අත්ථානං, අඤ්ඤෙපි මං දිට්ඨධම්මිකං අත්ථං පුච්ඡන්ති, යන්නූනාහං බ්රහ්මානං සනඞ්කුමාරං සම්පරායිකඤ්ඤෙව අත්ථං පුච්ඡෙය්යන්ති. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො බ්රහ්මානං සනඞ්කුමාරං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT26. එ කලැ මහාගෝවින්‍ද බමුණුහට “සනත් කුමාර බඹහු විසින් කරන ලද අවකාශ ඇත්තෙම් වෙමි. කුමක් නම් මම් සනත්කුමාර බඹහු විචාරම් ද, මෙ ලොවැ අභිවෘද්ධියට මඟ විචාරම් ද නො හොත් පර ලොවැ අභිවෘද්ධියට මඟ විචාරම් ද?” යි මේ සිත විය. ඉක්බිති මහාගෝවින්‍ද බමුණහට “මම් වූ කලි මෙ ලොවැ වැඩට කරුණු වන දැයෙහි සමතිමි (දැනුම ඇත්තෙමි). සෙස්සෝ ද මෙ ලොවැ වැඩට කරුණු වන දෑ මා විචාරත්. මම් පරලොවැ වැඩට කරුණු වන දෑ ම සනත්කුමාර බඹහු විචාරන්නෙම් වීම් නම් මැනැවැ” යි මේ සිත විය. ඉක්බිති මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම සනත්කුමාර බඹහට ගාථායෙන් මෙසේ කී ය:
Pali BJT“පුච්ඡාමි බ්රහ්මානං සනඞ්කුමාරං කඞ්ඛී අකඞ්ඛිං පරවෙදියෙසු, කත්ථට්ඨිතො කිම්හි ච සික්ඛමානො පප්පොති මච්චො අමතං බ්රාහ්මලොකන්ති.{c}
Sinhala BJT“මම් සැක ඇතියෙම්, මෙරමා විසින් දන්නා ලද ප්‍රශ්නයන්හි සැක නැති සනත්කුමාර බඹහු විචාරම්: සත්ත්‍ව තෙම කොහි පිහිටියේ, කිමෙක හික්මෙනුයේ, අමෘත (මරණය නැති) බඹ ලොවට පැමිණෙ යි ද?”
Pali BJT“හිත්වා මමත්තං මනුජෙසු බ්රහ්මෙ එකොදිභූතො කරුණාධිමුත්තො,{2} නිරාමගන්ධො විරතො මෙථුනස්මා එත්ථ ඨිතො එත්ථ ච සික්ඛමානො පප්පොති මච්චො අමතං බ්රහ්මලොකන්ති.”{d}
Sinhala BJTසනත් කුමාර බ්‍රහ්ම මෙසේ උත්තර දුන: “බ්‍රාහ්මණය, මනුෂ්‍යයන් අතුරෙහි යමෙක් මමත්‍වය (උපකරණ තෘෂ්ණාව) දුරු කොට හුදෙකලා වූයේ, කරුණා ධ්‍යානයෙහි ඇලුණේ (කරුණාධ්‍යානය නිපදවා), ආමගන්‍ධ විරහිත වූයේ, මෙවුන්දමින් වැළැකුණේ ද, මෙසේ මෙහි පිහිටි මෙ දහම්හි හික්මෙන සත්ත්‍ව තෙමෙ අමෘත වූ බඹලොවට පැමිණෙයි.
Pali BJT27. ‘හිත්වා මමත්තන්ති’ අහං භොතො ආජානාමි, ඉධෙකච්චො අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉති හිත්වා මමත්තං තාහං භොතො ආජානාමි. ‘එකොදිභූතො’ති අහං භොතො ආජානාමි. ඉධෙකච්චො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං, ඉති ‘එකොදිභූතො’ති අහං භොතො ආජානාමි.
Sinhala BJT27. “මමත්‍වය දුරු කොට” යන භවතාණන් කී වචනය දනිමි. මෙහි එක්තරා පුඟුලෙක් මඳ වූ භෝග රැසක් හෝ මහත් භෝග රැසක් හෝ හැරදමා මඳ වූ නෑ පිරිස හැර දමා, මහත් වූ හෝ නෑ පිරිස හැරදමා, කෙහො රවුලු බහවා, කසාවත් හැඳ ගිහිගෙන් නික් මැ පැවිදි බිම් වදී. මෙසේ ‘මමත්‍වය හැර’. භවතාණන්ගේ ඒ වචනය මෙ පරිදි දැනගනිමි. ‘හුදෙකලා වූයේ’ යන භවතාණන් කී වචනය මෙසේ මම් දැනගනිමි. මෙහි එක්තරා පුඟුලෙක් අරන, රුක්මුල, පව්ව, කඳුරැළිය, ගිරිගුහාව, සොහොන, වනපෙත, එළිමහන, පිදුරු ගොඩ යන මේ විවික්ත සෙනස්නක් බෙජෙයි. මෙසේ ‘එකලා වූයේ’ යන භවතාණන්ගේ වචනය මම් දැනගනිමි.
Pali BJT‘කරුණාධිමුත්තො’ති අහං භොතො ආජානාමි. ඉධෙකච්චො කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. ඉති කරුණාධිමුත්තොති. අහං භොතො ආජානාමි. ආමගන්ධෙ ච ඛො අහං භොතො භාසමානස්ස න ආජානාමි.
Sinhala BJT‘කරුණායෙහි ඇලුණේ’ යන භවතාණන්ගේ වචනය මෙසේදැනගනිමි: “මෙහි එක්තරා පුඟුලෙක් කුළුණු සහගිය සිතින් එක් දෙසක් පැතිරැ වැද ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙසක් එසේ තෙවෙනි දෙසක්, එසේ සිවුවැනි දෙසක්, මෙසේ උඩ ද යට ද සරස දැ යි හැම තන්හි සව් සතුන් කෙරෙහි ආත්ම සමතායෙන් මුළු ලොව මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ වෛර නැති, ව්‍යාපාද රහිත කුළුණු සහගිය සිතින් පැතිර වැද ගෙන වෙසෙයි.” මෙසේ ‘කරුණාධ්‍යානයෙහි ඇලුණු’ යන භවතාණන්ගේ වචනය දැන ගනිමි. වැලි එකෙක් ඇත. කරුණු කියන භවතාණන්ගේ ‘ආමගන්‍ධ’ යන්නෙහි අදහස මම් නො දනිමි.
Pali BJT“කෙ ආමගන්ධා මනුජෙසු බ්රහ්මෙ එතෙ අවිද්වා ඉධ බ්රූහි ධීර, කෙනාවුතා වාති පජා කුරූරා{1} ආපායිකා නිවුතබ්රහ්මලොකා”ති.{e}
Sinhala BJT‘බ්‍රහ්මයෙනි, මිනිසුන් අතුරෙහි ආමගන්‍ධ නම් කවුරු ද? මොවුන් නොදන්නෙම් වෙමි. ධීරයෙනි, මෙහි ඔබ මෙ කරුණ වදාරන්න. කිමෙකින් ඇවුරුණු සත්‍ව ප්‍රජාව දුගඳ වහනය කෙරෙයි ද? අපායගාමී වේ ද? වැහුණු බඹලොව ඇත්තේ වේ ද?” යි මහාගෝවින්‍ද බමුණු පුළුවුත.
Pali BJTකොධො මොසවජ්ජං නිකති ච දොබ්භො{2} කදරියතා අතිමානො උසුය්යා, ඉච්ඡා විවිච්ඡා පරහෙඨනා ච ලොභො ච දොසො ච මදො ච මොහො.
Sinhala BJT“ක්‍රෝධය ද මෘෂාවාදය ද වංචාව ද මිත්‍රද්‍රෝහය ද තද මසුරු බව ද අතිමානය ද ඊර්‍ෂ්‍යාව ද ඉච්ඡාව (තෘෂ්ණාව) ද විප්සාව (ලාභයෙහි අධික ආශාව) ද මෙරමා පෙළීම ද ලෝභය ද දේවේෂය ද මදය ද මෝහය ද
Pali BJTඑතෙසු යුත්තා අනිරාමගන්ධා ආපායිකා නිවුතබ්රහ්මලොකාති.{f}
Sinhala BJTයන මේ තුදුස් කෙලෙසුන්හි යෙදුණු සත්ත්‍වයෝ ආමගන්‍ධ රහිතයෝ නො වෙත් (ආමගන්‍ධය ඇත්තෝ ය), අපායගාමීහු ය, වැසුණු බඹලොව ඇත්තෝ යැ”.
Pali BJT28. ‘යථා ඛො අහං භොතො ආමගන්ධෙ භාසමානස්ස ආජානාමි. තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා. පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.’ ‘යස්ස’දානි භවං ගොවින්දො කාලං මඤ්ඤතී’ති.
Sinhala BJT28. “ආමගන්‍ධයන් විස්තර කොට කියන භවතාණන්ගේ වචනය මම් යම් සේ දැන ගනිම් ද, ඒ ආමගන්‍ධ කරුණු ගිහි ගෙහි වසන්නහු විසින් පහසුවෙන් මැඩලියැ හැකි (පහ කළ හැකි) නො වේ. (එහෙයින්) භවත්නි, මම් ගිහි ගෙන් අනගාරික බවට පැමිණෙන්නෙමි” යි මහාගෝවින්‍ද බමුණු කී ය. “භවත් ගෝවින්‍ද තෙමේ යම් පැවිද්දකට කාලය සලකයි නම් මේ ඒ කාලය වේ” යැ යි සනත්කුමාර බ්‍රහ්ම පැවැසී ය.
Pali BJTරෙණුරාජා මන්තනා
Sinhala BJTරේණුරාජා මන්ත්‍රණය
Pali BJT29. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො යෙන රෙණු රාජා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රෙණුං රාජානං එතදවොච: අඤ්ඤං’දානි භවං පුරොහිතං පරියෙසතු යො භොතො රජ්ජං අනුසාසිස්සති. ඉච්ඡාමහං භො අගාරස්මා අනගාරියං පබ්බජිතුං. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා. පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.”
Sinhala BJT29. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු රේණු රජු වෙත ගියේ ය, ගොස් ඔහුට, “යමෙක් භවත්හට අනුශාසන කරන්නේ ද, භවත් තෙමේ එසේ වූ අන් පෙරෙවියකු දැන් සොයා වා. භවත, මම් ගිහි ගෙන් මහණ බිමට වදින්න ට රිසියෙමි. ආමගන්‍ධයන් හෙළි කොට කියන බ්‍රහ්මයාගේ වචනය මා විසින් අසන ලද පරිදි ගිහි ගෙහි වසන්නහු විසින් ඒ ආමගන්‍ධයෝ පහසුවෙන් මැඩැලිය නො හැක්කෝ ය. භවත, (එ හෙයින්) මම් ගිහිගෙන් මහණ බිමට යන්නෙමි” යි කීයේ ය.
Pali BJT“ආමන්තයාමි රාජානං රෙණුං භූමිපතිං අහං ත්වං පජානස්සු රජ්ජෙන නාහං පොරොහිච්චෙ රමෙ”{g}.
Sinhala BJT“මම් පොළොවට ස්වාමි වූ රේණු රජුහු අමතමි. රජ බැවින් කටයුතු දෑ ඔබ දැන ගන්නැ. මම් පෙරෙවි බව්හි නො ඇලෙමි” යි (බමුණු කී.)
Pali BJT“සචෙ තෙ ඌනං කාමෙහි අහං පරිපූරයාමි තෙ, යො තං හිංසති වාරෙමි භූමි සෙනාපතී අහං.” තුවං පිතා අහං පුත්තො මා නො ගොවින්ද පාජහි”{h}
Sinhala BJT“ඉදින් ඔබට කාමයන්ගෙන් කිසිවෙක් ඌන නම්, ඒ හැම සම්පූර්‍ණ කරන්නෙමි. යමෙක් ඔබ වෙහෙසයි නම්, ඔහු වළක්වමි. මම් පෘථිවියෙහි සියලු සේනාවට ස්වාමි වෙමි. ඔබ මට පිය වෙති (පිය තන්හි සිටියෝ වෙති). මම් ඔබේ පුත් වෙමි (පුත් තන්හි සිටිමි). ගෝවින්‍දයෙනි, අප හැර නො යනු මැනැවැ.” යි (රජ කී ය).
Pali BJT“න මත්ථි ඌනං කාමෙහි හිංසිතා මෙ න විජ්ජති. අමනුස්සවචො සුත්වා තස්මා’හං න ගහෙ රමෙ. අමනුස්සො කථංවණ්ණො කං තෙ අත්ථං අභාසථ.{i} යං ච සුත්වා ජහාසි නො ගෙහෙ අම්හෙ ච කෙවලෙ”.{j}
Sinhala BJT“මට කාමයන්ගෙන් අඩුවෙක් නැත. මා වෙහෙසන එකෙක් ද නැත. අමනුෂ්‍යයක්හුගේ වචනය අසා, ඔහු බස් ඇසූ හෙයින් ගිහි ගෙයි නො ඇලෙමි” යි (බමුණු කී ය). “යමකුට කන් දී අප ගෙවල් ද අප හැම ද හැර යන්නහු නම්, ඒ අමනුෂ්‍ය තෙම කෙසේ වූ පැහැ සටහන් ඇතියෙක් ද? හේ ඔබට කවර කරුණක් කීයේ ද?” යි (රජ විචාළේ ය).
Pali BJT“උපවුත්ථස්ස මෙ පුබ්බෙ යට්ඨුකාමස්ස මෙ සතො. අග්ගි පජ්ජලිතො ආසි කුසපත්තපරිත්ථතො{k} තතො මෙ බ්රහ්මා පාතුරහු බ්රහ්මාලොකා සනන්තනො. සො මෙ පඤ්හං වියාකාසි තං සුත්වා න ගහෙ රමෙ”{l}
Sinhala BJT“පෙරැ සිවු මසක් එකලා බවට පැමිණැ වුසූ යජනු කැමැති වූ ම මා විසින් (යාගවේදිකායෙහි) ගින්න දල්වන ලදුයේ, කුසපතින් වසන ලද්දේ විය. එ විටැ සනාතන බ්‍රහ්ම තෙම බඹ ලොවින් අවුත් මෙහි මා ඉදිරියෙහි පහළ විය. හෙතෙම මගේ ප්‍රශ්න විසඳී ය. එය අසා ගිහිගෙහි නො ඇලෙමි” යි (බමුණු කී ය.)
Pali BJT“සද්දහාමි අහං භොතො යං ත්වං ගොවින්ද භාසසි. අමනුස්සවචො සුත්වා කථං වත්තෙථ අඤ්ඤථා.{m} තෙ තං අනුවත්තිස්සාම සත්ථා ගොවින්ද නො භවං. මණි යථා වෙළුරියො අකාචො විමලො සුභො, එවං සුද්ධා චරිස්සාම ගොවින්දස්සානුසාසනෙ”ති.
Sinhala BJT“ගෝවින්‍දයෙනි, යමක් ඔබ යමක් කියත් ද, භවතාණන්ගේ ඒ වචනය මම් හදහමි. අමනුෂ්‍යයාගේ වචනය අසා කෙසේ නම් (එයට පිටු පා) අන් සැටියෙකින් පැවැත්ත හැක්කාහු ද? ඒ අපි ඔබ අනුව පවතින්නමු. ගෝවින්‍දයෙනි, භවත්හු අපගේ ශාස්තෘහු ය. කැඩුම් බිඳුම් නැති පිරිසිදු වූ ශෝභන වූ වෙරළු මිණ යම් සේ ද, එසේ ම ගෝවින්‍දයන්ගේ අනුශාසනයෙහි පිරිසිදු වැ හැසිරෙන්නමු.”
Pali BJT“සචෙ භවං ගොවින්දො අගාරස්මා අනගාරියං පබ්බජිස්සති, මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම. අථ යා තෙ ගති සා නො ගති භවිස්සතී”ති.
Sinhala BJT“ඉදින් භවත් ගෝවින්‍දයෝ ගිහි ගෙන් නික්ම මහණබිමට වදනාහු නම්, අපි දු ගිහිගෙන් නික්මැ මහණ බිමට වදින්නමු. එ කලැ ඔබගේ යම් (පරලොවැ) ගතියෙක් වන්නේ ද එය අපගේ ද (පරලොවැ) ගතිය වන්නේ යැ” යි රේණු රජ කී ය.
Pali BJTඡක්ඛත්තියාමන්තනා
Sinhala BJTක්‍ෂත්‍රියයන් ස දෙනා ඇමැතීම
Pali BJT28. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො යෙන තෙ ඡ ඛත්තියා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ ඡ ඛත්තියෙ එතදවොච: “අඤ්ඤං’දානි භවන්තො පුරොහිතං පරියෙසන්තු, යො භවන්තානං රජ්ජෙ අනුසාසිස්සති. ඉච්ඡාමහං භො අගාරස්මා අනගාරියං පබ්බජිතුං. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස, තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා. පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.” අථ ඛො භො තෙ ඡ ඛත්තියා එකමන්තං අපක්කම්ම එවං සමචින්තෙසුං. “ඉමෙ ඛො බ්රාහ්මණා නාම ධනලුද්ධා, යන්නූන මයං මහාගොවින්දං බ්රාහ්මණං ධනෙන සික්ඛෙය්යාමා”ති. තෙ මහාගොවින්දං බ්රාහ්මණං උපසඞ්කමිත්වා එවමාහංසු, “සංවිජ්ජති ඛො භො ඉමෙසු සත්තසු රජ්ජෙසු පහූතං සාපතෙය්යං, තතො භොතො යාවතකෙන අත්ථො තාවතකං ආහරීයතන්ති.”
Sinhala BJT28. ඉක්බිත්තෙන් මහාගෝවින්‍ද බමුණු තෙම ඒ කැත් රජුන් ස දෙනා කරා එළඹියේ ය. එළැඹ, ඒ කැත් රජුන් සදෙනා බණවා “යමෙක් භවත්නට රජ බව්හි අනුශාසන කරන්නේ ද, එසේ වූ අන් පෙරෙවියකු භවත්හු සොයත් වා. භවත්නි, මම් ගිහි ගෙන් නික් මැ මහණ බිමට වදිනු කැමැත්තෙමි. ආමගන්‍ධයන් පැහැදිලි කොට වදාරන බඹහුගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එ පරිද්දෙන් එ ආමගන්‍ධයෝ (කෙලෙස්හු) ගිහි ගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැකිය හ. එ හෙයින් භවත්නි, ගිහි ගෙන් නික්මැ මහණ බිමට වදනෙමි” යි මෙ වචන කී ය. භවත්නි, එ කලැ ඒ කැත්හු ස දෙන එක් පසකට ඉවත් වැ “මේ බමුණෝ වූ කලි ධනයෙහි ඇලුණෝ ය. අපි මහාගෝවින්‍ද බමුණහු ධනයෙන් සගන්නමු යි (ඔහු සිත් ගන්නමු යි) මෙසේ කල්පනා කළහ. (ඉක්බිති) ඔහු මහාගෝවින්‍ද බමුණහු කරා ගොස් “භවතාණනි, මෙ සත් රාජ්‍යයන්හි බොහෝ සම්පත් ඇත. එයින් භවතාණනට යම් පමණෙකින් ප්‍රයෝජන ද එ පමණ (වුවමනා තරම) ගෙණෙනු ලැබේ ව” යි කීහ.
Pali BJT“අලං භො මමපිදං පහූතං සාපතෙය්යං භවන්තානං යෙව වාහසා. තමහං සබ්බං පහාය අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමි. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස, තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා. පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.
Sinhala BJT“භවත්නි, කම් නැත. භවතුන්ගේ ම උපකාරයෙන් (භවතුන් දුන් බැවින් ම) රැස් වූ, මා සතු වූ ද මේ බොහෝ ධනය ඇත. මම් ඒ සියල්ල හැර දමා ගිහි ගෙන් නික්ම පැවිදි වදින්නෙමි. ආමගන්‍ධයන් පැහැදිලි කොට වදාරන බඹහුගේ වචනය යම් සේ මා විසින් අසන ලද ද, එ පරිද්දෙන් ඔහු ගිහි ගෙහි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැකියහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය.
Pali BJTඅථ ඛො භො තෙ ඡ ඛත්තියා එකමන්තං අපක්කම්ම එවං සමචින්තෙසුං: ඉමෙ ඛො බ්රාහ්මණා නාම ඉත්ථිලුද්ධා. යන්නූන මයං මහාගොවින්දං බ්රාහ්මණං ඉත්ථීහි සික්ඛෙය්යාමා”ති. තෙ මහාගොවින්දං බ්රාහ්මණං උපසඞ්කමිත්වා එවමාහංසු: සංවිජ්ජන්ති ඛො භො ඉමෙසු සත්තසු රජ්ජෙසු පහූතා ඉත්ථියො, තතො භොතො යාවතිකාහි අත්ථො, තාවතිකා ආනීය්යන්තන්ති.
Sinhala BJTභවත්නි, ඉක්බිති ඒ කැත්හු ස දෙන එක් පැත්තකට වී “මේ බමුණෝ වනාහි ස්ත්‍රීන් කෙරෙහි ලොල් හ. අපි ගෝවින්‍ද බමුණා ස්ත්‍රීන්ගෙන් සගන්නමු” යි මෙසේ සිතූහ. (ඉක්බිති) ඔහු මහාගෝවින්‍ද බමුණු කරා එළැඹ, “භවතාණනි, මේ සත් රජයන්හි බොහෝ ස්ත්‍රීහු ඇත් ම ය. භවතාණනට ඔවුන්ගෙන් යම් පමණ කෙනකුගෙන් ප්‍රයෝජන ද (යම් පමණ වුව මනා ද) එ පමණ කෙනෙක් ගෙනෙනු ලැබෙත් වා” යි මෙසේ කීහ.
Pali BJTඅලං භො, මමපි තා චත්තාරීසා භරියා තාදිසියො තා’පාහං සබ්බා පහාය අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමි. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස, තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා. පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති”.
Sinhala BJT“භවත්නි, කම් නැත. මගේ ඒ සතළිස් බිරියෝ ද එ බන්ද හ. උන් හැම ද හැර දමා ගිහි ගෙන් පැවිදි බිමට යන්නෙමි. ආමගන්‍ධයන් පැහැදිලි කොට වදාරන බඹහුගේ වචනය යම් සේ මා විසින් අසන ලද ද, ඔහු ගිහි ගෙහි වසන්නහු විසින් පහසුවෙන් මැඩපැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කීය.
Pali BJT29. සචෙ භවං ගොවින්දො අගාරස්මා අනගාරියං පබ්බජිස්සති, මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම. අථ යා තෙ ගති සා නො ගති භවිස්සතීති.
Sinhala BJT29. “ඉදින් භවත් ගෝවින්‍ද තෙම ගිහිගෙන් පැවිදි බිමට යන්නේ නම්, අපි දු ගිහිගෙන් පැවිදි බිමට යන්නම්හ. එවිට යමක් ඔබගේ පර ලොවැ ගතියෙක් වන්නේ ද එය අපගේ පරලොව් ගතිය වන්නේ යැ” යි ඒ ක්‍ෂත්‍රියයෝ කීහ.
Pali BJT“සචෙ ජහථ කාමානි යත්ථ සත්තො පුථුජ්ජනො, ආරභව්හො දළ්හා හොථ ඛන්තීබලසමාහිතා.{n}
Sinhala BJT“පුහුදුන් තෙමේ යමෙක්හි ඇලුණේ ද, ඉදින් ඒ කාමයන් හැර දමන්නහු නම්, ක්‍ෂාන්ති බලයෙන් සමන්‍විත ව වැර වඩවු, වැර ඉටා එහි දැඩි වවු.
Pali BJTඑස මග්ගො උජු මග්ගො එස මග්ගො අනුත්තරො, සද්ධම්මො සබ්භි රක්ඛිතො බ්රහ්මලොකූපපත්තියා”ති:{o}
Sinhala BJTමේ කරුණාධ්‍යාන මාර්‍ගය ඇද නැති මඟ වේ. මේ නිරුත්තර මඟ වේ. මේ බඹ ලොව ඉපැත්ම පිණිස සත්පුරුෂයන් විසින් රක්නා ලද සද්ධර්‍මය වේ.”
Pali BJT30. “තෙන හි භවං ගොවින්දො සත්ත වස්සානි ආගමෙතු, සත්තන්නං වස්සානං අච්චයෙන මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම, අථ යා තෙ ගති සා නො ගති භවිස්සතී”ති.
Sinhala BJT30. “එසේ වී නම්, භවත් ගෝවින්‍ද තෙමේ සත් වසක් බලාපොරොත්තු වේ වා. සත් වසක් අයාමෙන් අපි දු ගිහි ගෙන් පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපේ ද පරලොව් ගතිය වන්නේ යැ” යි එ කැත් රජුහු කීහ.
Pali BJT“අතිචිරං ඛො භො සත්ත වස්සානි. නාහං සක්කොමි භවන්තෙ සත්තවස්සානි ආගමෙතුං. කො නු ඛො පන භො ජානාති ජීවිතානං ගමනීයො සම්පරායො මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධො භාසමානස්ස තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා, පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.” “තෙන හි භවං ගොවින්දො ඡබ්බස්සානි ආගමෙතු -පෙ- පඤ්ච වස්සානි ආගමෙතු -පෙ- චත්තාරි වස්සානි ආගමෙතු -පෙ- තීණි වස්සානි ආගමෙතු -පෙ- ද්වෙ වස්සානි ආගමෙතු -පෙ- එකං වස්සං ආගමෙතු එකස්ස වස්සස්ස අච්චයෙන මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම, අථ යා තෙ ගති සා නො ගති භවිස්සතී”ති.
Sinhala BJT“භවත්නි, සත් හවුරුද්ද ඉතා බොහෝ කලෙක් වෙයි, භවතුන් බලා සත් හවුරුද්දක් පොරොත්තු වන්නට මම් නො හැකියෙමි. කවරෙක් නම් ජීවිතයේ ගතිය දන්නේ ද? පරලොව යෑ යුතු ය. නුවණින් මෙ කරුණ දත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය, උපන්නහු නො මැරෙන බවෙක් නැත. යම් සේ ආමගන්‍ධයන් හෙළි කොට කියන ඔහුගේ වචනය මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්‍ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩලියැ නොහැක්කාහ. භවත්නි,මම්ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය. “එසේ වී නම් භවත් ගෝවින්‍ද තෙම ස වසක් පොරොත්තු වේ වා ... පස් වසක් පොරොත්තු වේ වා ... සිවු වසක් පොරොත්තු වේ වා … තුන් වසක් පොරොත්තු වේ වා ... දෙ වසක් පොරොත්තු වේ වා ... එක් වසක් පොරොත්තු වේ වා. එක් වසක් ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික් මැ පැවිදි බිමට යන්නම්හ. එ කලැ ඔබගේ යම් පරලොව් ගතියෙක් වන්නේ ද එය ම අපගේ ද පරලොව් ගතිය වන්නේ යැ” යි කැත්හු කීහ.
Pali BJT“අතිචිරං ඛො භො එකං වස්සං, නාහං සක්කොමි භවන්තෙ එකං වස්සං ආගමෙතුං. කො නු ඛො පන භො ජානාති ජීවිතානං ගමනීයො සම්පරායො මන්තායං බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස, තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා, පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.
Sinhala BJT“භවත්නි, එක් වසෙක් ඉතා දික් කාලයෙකි. භවතුන් බලා එක් වසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. ජීවිතයේ ගතිය (පැවැත් ම මෙතෙක් කලැයි) දන්නේ ද? පර ලොව යෑ යුතු ය. මෙ කරුණ නුවණින් අවබෝධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නොමියෙන බවෙක් නැත. ආමගන්‍ධයන් හෙළි කොට වදාරන බඹහුගේ වචනය යම් සේ මා විසින් අසන ලද ද, එ පරිද්දෙන් ගිහි ගෙහි වසන්නහු විසින් පහසුවෙන් ඔව්හු මැඩැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදිබිමට යන්නෙමි” යි බමුණු කී.
Pali BJT“තෙන හි භවං ගොවින්දො සත්ත මාසානි ආගමෙතු, සත්තන්නං මාසානං අච්චයෙන මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම අථ යා තෙ ගති සා නො ගති භවිස්සතී”ති.
Sinhala BJTඑසේ වී නම් භවත් ගෝවින්‍ද තෙමේ සත් මසක් පොරොත්තු වේ වා සත් මස ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපට ද පරලොව් ගතිය වන්නේ යැ යි ඒ කැත්හු කිවු ය.
Pali BJT“අති චිරං ඛො භො සත්ත මාසානි, නාහං සක්කොමි භවන්තෙ සත්ත මාසානි ආගමෙතුං. කො නු ඛො පන භො ජානාති ජීවිතානං? ගමනීයො සම්පරායො, මන්තායං බොද්ධබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්රහ්මචරියං නත්ථි ජාතස්ස අමරණං. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.”
Sinhala BJT“භවත්නි, සත් මස ඉතා බොහෝ කලෙක, භවතුන් බලා සත් මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, ජීවිත පිළිබඳ පැවැත්ම කවරෙක් නම් දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් අවබෝධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මීයෙනු නැත. ආමගන්‍ධයන් හෙළි කොට වදාරන බඹහුගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්‍ධයෝ ගිහි ගෙහි වසන්නහු විසින් සුව සේ මැඩිය නො හැක්කාහ. භවත්නි, එ බැවින් මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය.
Pali BJT“තෙන හි භවං ගොවින්දො ඡ මාසානි ආගමෙතු -පෙ- පඤ්ච මාසානි ආගමෙතු -පෙ- චත්තාරි මාසානි ආගමෙතු -පෙ- තීණි මාසානි ආගමෙතු -පෙ- ද්වෙ මාසානි ආගමෙතු -පෙ- එකං මාසං ආගමෙතු -පෙ- අද්ධමාසං ආගමෙතු. අද්ධමාසස්ස අච්චයෙන මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම, අථ යා තෙ ගති සා නො ගති භවිස්සතී”ති.
Sinhala BJT“එසේ වී නම් භවත් ගෝවින්‍ද තෙම ස මසක් පොරොත්තු වේ වා ... පස් මසක් පොරොත්තු වේ වා ... සිවු මසක් පොරොත්තු වේ වා ... තුන් මසක් පොරොත්තු වේ වා ... දෙ මසක් පොරොත්තු වේ වා … එක් මසක් පොරොත්තු වේ වා ... අඩ මසක් පොරොත්තු වේ වා, අඩ මස ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ කලැ ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, අපට ද ඒ පරලොව් ගතිය ම වන්නේ යැ” යි කැත්හු කිවු ය.
Pali BJTඅතිචිරං ඛො භො අද්ධමාසො. නාහං සක්කොමි භවන්තෙ අද්ධමාසං ආගමෙතුං. කො නු ඛො පන භො ජානාති ජීවිතානං. ගමනීයො සම්පරායො, මන්තායං බොද්ධබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා, පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.”
Sinhala BJT“භවත්නි, අඩ මස ඉතා බොහෝ කලෙකි, භවතුන් බලය අඩ මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, කවරෙක් නම් ජීවිත පිළිබඳ පැවැත්ම දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් මෙ කරුණ දැනගත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නොමියෙනු නැත. යම් සේ ආමගන්‍ධයන් හෙළි කොට කියන බඹහුගේ වචනය මා විසින් අසන ලද ද, එ පරිදි ඒ ආමගන්‍ධයෝ ගිහි ගෙහි වසන්නහු විසින් සුවසේ මැඩැලියැ නො හැකියහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය.
Pali BJTතෙන හි භවං ගොවින්දො සත්තාහං ආගමෙතු, යාව මයං සකෙ පුත්තභාතරො රජ්ජෙන{1} අනුසාසිස්සාම, සත්තාහස්ස අච්චයෙන මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම, අථ යා තෙ ගති සා නො ගති භවිස්සතී”ති.
Sinhala BJT“එසේ වී නම් භවත් ගෝවින්‍ද තෙමේ අප සිය පුතුන් බෑයන් රජයෙහි අනුසස්නා තෙක් (රජය කරවන සැටි ඔවුනට පුහුණු කරවන තෙක්) සතියක් පොරොත්තු වේ වා. සතිය ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ කලැ යමක් ඔබගේ පරලොව් ගතිය වන්නේ ද, අපගේ පරලොව් ගතිය ද එය වන්නේ යැ” යි ක්‍ෂත්‍රියයෝ ස දෙන කීහ.
Pali BJT“න චිරං ඛො භො සත්තාහං, ආගමෙස්සාමහං භවන්තෙ සත්තාහන්ති.”
Sinhala BJT“භවත්නි, සතිය බොහෝ කලෙක් නො වේ. භවතුන් බලා මම් සතියක් පොරොත්තු වන්නෙමි” යි ගෝවින්‍ද බමුණු කී ය.
Pali BJTබ්රාහ්මණමහාසාලාදීනං ආමන්තනා
Sinhala BJTබමුණු මහසල් ආදීන් ඇමැතීම
Pali BJT30. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො යෙන තෙ සත්ත ච බ්රාහ්මණමහාසාලා සත්ත ච න්හාතකසතානි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සත්ත ච බ්රාහ්මණමහාසාලෙ සත්ත ච න්හාතකසතානි එතදවොච: අඤ්ඤං’දානි භවන්තො ආචරියං පරියෙසන්තු යො භවන්තානං මන්තෙ වාචෙස්සති. ඉච්ඡාමහං භො අගාරස්මා අනගාරියං පබ්බජිතුං යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස. තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා, පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.”
Sinhala BJT30. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු මහසලුන් සත් දෙනා ද ස්නාතකයන් හත්සිය දෙනා ද කරා එළැඹියේ ය. එළඹ ඔවුන් බණවා “යමෙක් භවත්නට වේදයන් කියවන්නේ ද, භවත්හු එසේ වූ ඇදුරකු සොයත් වා. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නට කැමැත්තෙමි. ආමගන්‍ධයන් හෙළි කොට වදාරන බඹහුගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්‍ධයෝ ගිහි ගෙයි වසන්නහු විසින් පහසුසේ බැහැර ලිය නො හැකිය හ. භවත්නි, (එ හෙයින්) මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි ගෝවින්‍ද බමුණු කීය.
Pali BJT“මා භවං ගොවින්දො අගාරස්මා අනගාරියං පබ්බජි. පබ්බජ්ජා භො අප්පෙසක්ඛා ච අප්පලාභා ච බ්රහ්මඤ්ඤං මහෙසක්ඛඤ්ච මහාලාභඤ්චාති.
Sinhala BJT“භවත් ගෝවින්‍ද තෙමේ ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට නො යේ වා. භවත්නි, පැවිද්ද අල්පයශස්ක ද අල්පලාභ ඇතියෙක් ද වේ. බ්‍රාහ්මණ බව මනායශස්ක ද මහාලාභ ඇතියෙක් ද වේ” යැ යි බමුණු මහසල්හු ද ස්නාතකයෝ ද කීහ.
Pali BJT“මා භවන්තො එවං අවචුත්ථ “පබ්බජ්ජා අප්පෙසක්ඛා ච අප්පලාභා ච, බ්රහ්මඤ්ඤං මහෙසක්ඛඤ්ච මහාලාභඤ්චා”ති. කො නු ඛො භො අඤ්ඤත්ර මයා මහෙසක්ඛතරො වා මහාලාභතරො වා? අහං හි භො එතරහි රාජා’ව රඤ්ඤං, බ්රහ්මා’ව බ්රහ්මානං, දෙවතා’ව ගහපතිකානං. තමහං සබ්බං පහාය අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමි. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස, තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා. පබ්බජිස්සාමහං භො අගාරස්මා අනගාරියන්ති.
Sinhala BJT“පැවිද්ද අල්පයශස්ක අල්පලාභ එකෙකැ යි ද බමුණු බව මහා යශස්ක මහාලාභ එකෙකැ’ යි ද භවත්හු නො කියත් වා. භවත්නි, මා හැර කවරෙක් නම් වඩා මහායශස්ක හෝ වඩා මහාලාභී හෝ වේ ද? භවත්නි, මම් දැන් රජුනට (සක්විති) රජක්හු බඳු වෙමි, බමුණනට බඹහු බඳු වෙමි. ගැහැවියනට සක්දෙවි බඳු වෙමි. මම් ඒ සියලු දෑ හැර දමා, ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි. ආමගන්‍ධයන් පැහැදිලි කොට වදාරන බඹහු කී වචනය මා විසින් යම් සේ අසන ලදද, එසේ ඒ ආමගන්‍ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් බැහැරලිය නො හෙන්නාහ. (එහෙයින්) භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය.
Pali BJT“සචෙ භවං ගොවින්දො අගාරස්මා අනගාරියං පබ්බජිස්සති, මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම. අථ යා තෙ ගති සා නො ගති භවිස්සතී”ති.
Sinhala BJT“ඉදින් භවත් ගෝවින්‍ද තෙමේ ගිහි ගෙයින් නික්මැ පැවිදි බිමට යන්නේ නම්, අපි දු ගිහි ගෙයින් නික්ම පැවිදි බිමට යන්නම්හ. එ කල යමක් ඔබගේ පරලොවැ ගතිය වන්නේ ද, අපගේත් පරලොව් ගතිය එය ම වන්නේ යැ” යි ඒ බමුණෝත් ස්නාතකයෝත් කීහ.
Pali BJTභරියානං ආමන්තනා
Sinhala BJTබිරියන් ඇමැතුම
Pali BJT31. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො යෙන චත්තාරිසා ච භරියා සාදිසියො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා චත්තාරිසා භරියා සාදිසියො එතදවොච: “යා භොතීනං ඉච්ඡති සකානි වා ඤාතිකුලානි ගච්ඡතු, අඤ්ඤං වා භත්තාරං පරියෙසතු. ඉච්ඡාමහං භොතී අගාරස්මා අනගාරියං පබ්බජිතුං. යථා ඛො පන මෙ සුතං බ්රහ්මුනො ආමගන්ධෙ භාසමානස්ස, තෙ න සුනිම්මදයා අගාරං අජ්ඣාවසතා. පබ්බජිස්සාමහං භොතී අගාරස්මා අනගාරියන්ති.”
Sinhala BJT31. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම (රූ වයස් ආදියෙන්) එක් බඳු වූ සතළිස් බිරියන් කරා එළඹියේ ය. එළැඹ ඔවුන් බණවා, “පින්වතියන් අතුරෙන් යම් තැනැත්තියක් කැමැත්තී ද, ඕ සිය නැකුල කරා යේ වා, අන් සැමියකු හෝ සොයා ගනී වා. පින්වතියනි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නට රිසියෙමි. ආමගන්‍ධයන් හෙළි කොට කියන බඹහුගේ වචනය මා ඇසූ පරිදි ගිහිගෙහි වසන්නහු විසින් ඒ ආමගන්‍ධයන් බැහැරැ ලනු දුෂ්කර ය. (එ හෙයින්) පින්වතියනි, මම් ගිහිගෙය හැර පැවිදිවන්නෙමි” යි කී ය.
Pali BJT“ත්වඤ්ඤෙව නො ඤාති ඤාතිකාමානං, ත්වං පන භත්තා භත්තුකාමානං. සචෙ භවං ගොවින්දො අගාරස්මා අනගාරියං පබ්බජිස්සති, මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම, අථ යා තෙ ගති සා නො ගති භවිස්සතී”ති.
Sinhala BJT“නෑයන් පතන අපට ඔබ ම නෑයාණෝ ය, සැමියකු පතන අපට ඔබ ම සැමියාණෝ ය. භවත් ගෝවින්‍දයන් ගිහි ගෙන් නික්ම පැවිදි වතොත් අපිත් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නෙමු. එ කල ඔබට ලැබෙන පරලොව් ගතිය ම අපට ද ලැබෙන්නේ යැ යි බිරියෝ කීහ.
Pali BJTමහාගොවින්දපබ්බජ්ජා
Sinhala BJTමහාගෝවින්‍ද ප්‍රව්‍රජ්‍යාව
Pali BJT32. අථ ඛො භො මහාගොවින්දො බ්රාහ්මණො තස්ස සත්තාහස්ස අච්චයෙන කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. පබ්බජිතං පන මහාගොවින්දං බ්රාහ්මණං සත්ත ච රාජානො ඛත්තියා මුද්ධාවසිත්තා, සත්ත ච බ්රාහ්මණමහාසාලා සත්ත ච න්හාතකසතානි, චත්තාරිසා ච භරියා සාදිසියො, අනෙකානි ච ඛත්තියසහස්සානි අනෙකානි ච බ්රාහ්මණසහස්සානි, අනෙකානි ච ගහපතිසහස්සානි, අනෙකෙහි ච ඉත්ථාගාරෙහි ඉත්ථිකායො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා මහාගොවින්දං බ්රාහ්මණං අගාරස්මා අනගාරියං පබ්බජිතං අනුපබ්බජිංසු. තාය සුදං භො පරිසාය පරිවුතො මහාගොවින්දො බ්රාහ්මණො ගාමනිගමරාජධානීසු චාරිකං චරති. යං ඛො පන භො තෙන සමයෙන මහාගොවින්දො බ්රාහ්මණො ගාමං වා නිගමං වා උපසඞ්කමති තත්ථ රාජා’ව හොති රඤ්ඤං, බ්රහ්මා’ව බ්රාහ්මණානං, දෙවතා’ව ගහපතිකානං.
Sinhala BJT32. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු එ සතිය ඇවෑමෙන් කෙහෙ රවුලු බහවා, කසා වත් හැඳ, ගිහිගෙන් පැවිදි බිමට වන. එසේ පැවිදි වූ මහාගෝවින්‍ද බමුණහු අනුව, මුදුනැ අබිසෙස් ලත් සත් කැත් රජුහු ද, සත් බමුණු මහ සල්හු ද, ස්නාතකයෝ සත්සියය ද, එකබඳු සතළිස් බිරියෝ ද, නොයෙක් දහස් ගණන් කැත්හු ද, නොයෙක් දහස් ගණන් බමුණෝ ද, නොයෙක් දහස් ගණන් ගැහැවියෝ ද, නොයෙක් ඇතොවුරු වලින් නොයෙක් තරුණ ස්ත්‍රීහු ද කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ පැවිදි වූහ. භවත්නි, මහාගෝවින්‍ද බමුණු ඒසා මහ පිරිසක් විසින් පිරිවැරුණේ ගම් නියම්ගම් රජදහන්හි සැරිසරයි. භවත්නි, ඒ සමයෙහි මහාගෝවින්‍ද බමුණු යම් ගමකට හෝ නියම්ගමකට එළඹෙයි ද, හේ එහි රජුනට සක්විති රජක්හු බඳු වෙයි, බමුණනට බඹහු බඳු වෙයි, ගැහැවියනට සක්දෙව් බඳු වෙයි.
Pali BJTතෙන ඛො පන සමයෙන මනුස්සා ඛිපන්ති වා උපක්ඛලන්ති වා තෙ එවමාහංසු: ‘නමත්ථු මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස, නමත්ථු සත්ත පුරොහිතස්සා’ති.
Sinhala BJTඑ සමයෙහි මිනිස්සු කිවිසුම් හරනාහු හෝ කණු කටු ආදියෙකැ හැපෙන්නාහු හෝ වෙත් ද ඔහු ‘මහාගෝවින්‍ද බමුණුහට නමස්කාර වේ වා, සත් රජුන්ගේ පෙරෙවියාට නමස්කාර වේ වා’ යි මෙසේ කීහ.
Pali BJT33. මහාගොවින්දො භො බ්රාහ්මණො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහාසි. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහාසි. සාවකානඤ්ච බ්රහ්මලොකසහබ්යතාය මග්ගං දෙසෙසි.
Sinhala BJT33. භවත්නි, මහාගෝවින්‍ද බමුණු තෙම එක් දිගක් පැතිරැ ගෙන විසී ය. එසේ දෙවෙනි දිග ද, එසේ ම තෙවෙනි දිග ද, එසේ ම සතර වන දිග ද, මෙසේ උඩ යට සරස දැ යි සියලු තන්හි සර්‍වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහද්ගත වූ, අප්‍රමාණ වූ, වෛර රහිත වූ ව්‍යාපාද රහිත වූ මෛත්‍රීසහගත සිතින් පැතිරැ ගෙන විසී ය; කරුණා සහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පැතිර ගෙන විසී ය. එසේ දෙවෙනි දිශාව ද ... එසේ තෙවෙනි දිශාව ද ... එසේ සිවුවන දිශාව ද පැතිර ගෙන විසී ය. මෙසේ උඩ යට සරස දැ යි සියලු තන්හි සර්‍වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ වෛර රහිත වූ ව්‍යාපාද රහිත වූ උපේක්‍ෂා සහගත සිතින් පැතිර ගෙන විසී ය. සව්වනට ද බඹලොවැ බඹහු හා එක් වීමට මඟ දෙසී ය.
Pali BJT34. යෙ ඛො පන භො තෙන සමයෙන මහාගොවින්දස්ස බ්රාහ්මණස්ස සාවකා සබ්බෙන සබ්බං සාසනං ආජානිංසු. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං බ්රහ්මලොකං උපපජ්ජිංසු. යෙ න සබ්බෙන සබ්බං සාසනං ආජානිංසු, තෙ කායස්ස භෙදා පරම්මරණා අප්පෙකච්චෙ පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ නිම්මානරතීනං දෙවානං සහබ්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ තුසිතානං දෙවානං සහබ්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ යාමානං දෙවානං සහබ්යතං උපපජ්ජිංසු, අප්පෙකච්චෙ තාවතිංසානං දෙවානං සහබ්යතං උපපජ්ජිංසු, අප්පෙකච්චෙ චාතුමහාරාජිකානං දෙවානං සහබ්යතං උපපජ්ජිංසු, යෙ සබ්බනිහීනං කායං පරිපූරෙසුං තෙ ගන්ධබ්බකායං පරිපූරෙසුං.
Sinhala BJT34. භවත්නි, ඒ සමයෙහි මහාගෝවින්‍ද බමුණාගේ යම් සවු කෙනෙක් මහාගෝවින්‍ද බ්‍රාහ්මණයාගේ ශාසනය සියල්ලෙන් සියල්ල දැන ගත්තාහුද (හෙවත් අට සමවත් හා පංච අභිඥා හා ඉපැදවූවාහු ද), ඔහු කා බුන් මරණින් මතු මනා ගති ඇති බඹ ලොවට උත්පත්ති වශයෙන් පැමිණියාහ. යම් කෙනෙක් ඔහුගේ ශාසනය සියල්ලෙන් සියල්ල නොම දැන ගත්තාහුද (හෙවත් අට සමවත් හා පංච අභිඥා හා) නො ම ඉපැදැවූහු ද, ඔහු කා බුන් මරණින් මතු ඇතැම් කෙනෙක් පරනිර්මිත වශවර්ත්තී දෙවියන්ගේ සහභාවයට පැමිණියා හ. ඇතැම් කෙනෙක් නිර්‍මාණරති දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් තුෂිත දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් යාම දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් සිවු මහරජයෙහි දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. යම් කෙනෙක් හැම දෙනාට ම පහත් දෙව්මුළුවක් පුරාලුවෝ ද, ඔහු ගඳෙවු මුළුව පුරාලූහ.
Pali BJTඉති ඛො පන සබ්බෙසං යෙව තෙසං කුලපුත්තානං අමොඝා පබ්බජ්ජා අහොසි අවඤ්ඣා සඵලා සඋද්රයා”ති.
Sinhala BJTමෙසේ එ සියලු ම කුලපුතුන්ගේ පැවිද්ද නො සිස් ද නොවඳ ද ඵල සහිත ද වැඩීම් සහිත ද වී ය.”
Pali BJT35. “සරති තං භගවා”ති.
Sinhala BJT35. පන්සිළු තෙම දෙව් සබේ දී සනත්කුමාරයා කී මේ කථාව පවසා, භාග්‍යවතුන් වහන්සේ එ පවත් සිහි කරන සේක් ද?” යි විචාළේය.
Pali BJT“සරාමහං පඤ්චසිඛ, අහං තෙන සමයෙන මහාගොවින්දො බ්රාහ්මණො අහොසිං. අහං තෙසං සාවකානං බ්රහ්මලොකසහබ්යතාය මග්ගං දෙසෙසිං. තං ඛො පන මෙ පඤ්චසිඛ, බ්රහ්මචරියං න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව බ්රහ්ම ලොකූපපත්තියා.
Sinhala BJT“පන්සිළුව, එය මම් සිහි කෙරෙමි. එ සමයෙහි මම් මහාගෝවින්‍ද බ්‍රාහ්මණ වීමි. මම් ඒ සව්වනට බඹලොවැ බඹා හා එක්වනුවට මඟ දෙසීමි. පන්සිළුව, මගේ ඒ බඹසර සසරැ කලකිරෙනු පිණිස නො පැවැත්තේය. විරාගය පිණිස නො පැවැත්තේය. නිරෝධය පිණිස නො පැවැත්තේය. උපශමය (දුක් සංසිඳුවීම) පිණිස නො පැවැත්තේය. අභිඥාව පිණිස නො පැවැත්තේය. සම්බෝධිය පිණිස නො පැවැත්තේය. නිවන් පිණිස නො පැවැත්තේය. වැලිදු බඹ ලොවැ ඉපැත්ම පිණිස පැවැත්තේය.
Pali BJTඉදං ඛො පන මෙ පඤ්චසිඛ, බ්රහ්මචරියං එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති’ති. කතමඤ්ච තං පඤ්චසිඛ, බ්රහ්මචරියං එකන්ත නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං? සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. ඉදං ඛො තං පඤ්චසිඛ, බ්රහ්මචරියං එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTපන්සිළුව, මගේ මේ බඹසර (මෙසස්න) ඒකාන්තයෙන් සසරැ කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යූපශමය පිණිස,අභිඥාව පිණිස, සම්බෝධය පිණිස, නිවන් පිණිස පවතී. __missing trans__
Pali BJT36. යෙ ඛො පන මෙ පඤ්චසිඛ සාවකා සබ්බෙන සබ්බං සාසනං ආජානන්ති, තෙ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. යෙ න සබ්බෙන සබ්බං සාසනං ආජානන්ති, තෙ පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා හොන්ති, තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. යෙ න සබ්බෙන සබ්බං සාසනං ආජානන්ති, අප්පෙකච්චෙ තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා තනුත්තා සකදාගාමිනො හොන්ති, සකිදෙව ඉමං ලොකං රාගදොසමොහානං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. යෙ න සබ්බෙන සබ්බං සාසනං ආජානන්ති අප්පෙකච්චෙ තිණ්ණං සඤ්ඤොයොජනානං පරික්ඛයා සොතාපන්නා හොන්ති අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. ඉති ඛො පඤ්චසිඛ, සබ්බෙසං යෙව ඉමෙසං කුලපුත්තානං අමොඝා පබ්බජ්ජා අවඤ්ඣා සඵලා සඋද්රයා”ති.
Sinhala BJT36. පන්සිළුව, මගේ යම් සවු කෙනෙක් මගේ ශාසනය සියල්ලෙන් සියල්ල (මගේ මුළු සස්නම) දැනගන්නාහු ද, ඔහු ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආශ්‍රව රහිත වූ, ඵලසමාධිය ද ඵල ඥානය ද මෙ අත්බව්හිම තුමූ වෙසෙසිනුවණින් දැන, පසක් කොට, ලැබ වෙසෙත්. යම් කෙනෙක් මෙසස්න සියල්ලෙන් සියල්ල (මුළු සස්න ම) නො දැන ගනිත් ද, ඔහු අවරභාගික සංයෝජනයන් වැනැසීමෙන්, එහි දී පිරිනිවෙන සුලු වැ, එ ලොවින් පෙරළා නො එන සුලු වැ සුදවස් බඹලොවැ ඕපපාතික වැ උපදනාහු වෙති. යම් කෙනෙක් සස්න සියල්ලෙන් සියල්ල (මුළු සස්න ම) නො දන්නාහු ද, ඔවුන්ගෙන් ඇතැම් කෙනෙක් තුන් සංයෝජනයන් ක්‍ෂීණ වීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී බැවින් සෙදැගැමිහු වෙත්. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. යම් කෙනෙක් සස්න සියල්ලෙන් සියල්ල නො දන්නාහු ද, ඒ ඇතැම් කෙනෙක් තුන් සංයෝජනයන් ක්‍ෂීණ වීමෙන් අවාහි නොවැටෙන සුලු, රහත් බවට නියත වූ, සම්බෝධිය (රහත්බව) ප්‍රතිෂ්ඨා කොටඇති, සෝවාන්හු වෙත්. පන්සිළුව, මෙසේ ම මේ සියලු ම (සසුන් වන්) කුල පුතුන්ගේ පැවිද්ද නොසිස් වෙයි, නොවඳ වෙයි, සඵල වෙයි, වැඩීම් සහිත වෙයි.”
Pali BJTඉදමවො ච භගවා අත්තමනො පඤ්චසිඛො ගන්ධබ්බපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායී ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ පන්සිළු ගඳැවු පුත් තෙම භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන, අනුමොවන් කොට ඔබ ආදරයෙන් වැඳ, පැදැකුණු කොට, එහි ම අතුරුදහන් විය.
Pali BJTමහාගොවින්දසුත්තං ඡට්ඨං.
Sinhala BJTසවැනි මහාගෝවින්‍ද සූත්‍රය නිමියේ ය.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTමහාසමයසුත්තං
Sinhala BJTමහාසමය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච. අථ ඛො චතුන්නං සුද්ධාවාසකායිකානං දෙවතානං{1} එතදහොසි:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහද් භික්‍ෂූ සමූහයක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙනුත් භගවත් බුදුරජුන් ද බික්සඟන ද දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්.
Pali BJT“අයං ඛො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච, යන්නූන මයම්පි යෙන භගවා තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ පච්චෙකං ගාථං{2} භාසෙය්යාමා”ති.
Sinhala BJTඑ කල්හි “මේ භාග්‍යවතුන් වහන්සේ වනාහි සැහැ රටැ කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙන් ද භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂූසංඝයාත් දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්. අපි දු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමෝ නම්, එළැඹ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි එක් එක් ගයක් කියන්නමෝ නම් යෙහෙකැ”යි සතර සුදවැසි බඹලෝ වැසි දෙවියනට මේ සිත විය.
Pali BJT2. අථ ඛො තා දෙවතා සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං{3} වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය,{4} එවමෙව සුද්ධාවාසෙසු දෙවෙසු අන්තරහිතා භගවතො පුරතො පාතුරහෙසුං.{5} අථ ඛො තා දෙවතා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJT2. ඉක්බිති ඒ දෙවියෝ, බල ඇති මිනිසක්හු වක් කළ අතක් දික් කරනු ද, දික් කළ අතක් වක් කරනු ද සෙයින් ම සුදවැසි දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු, භගවත් බුදුරජුන් හමුයෙහි පහළ වූහ. එයට පසු ඒ දෙවියෝ භගවත් බුදුරජුන් වැඳ එක් පසෙකැ සිටියාහ. (ඔවුනතුරෙන්) එක් පසෙකැ සිටියා වූ ම එක් දෙවියෙක් භගවත් බුදුරජුන් හමුයෙහි මේ ගාථාව කී ය: (ගාථාවේ අර්‍ත්‍ථය)
Pali BJT“මහාසමයො පවනස්මිං දෙවකායා සමාගතා, ආගතම්හ ඉමං ධම්මසමයං දක්ඛිතායෙ අපරාජිතසඞ්ඝන්ති.”
Sinhala BJT“මහ වෙනෙහි මහ මුළුවෙකි. දෙව්මුළුහු රැස් වූහ. කෙලෙසුන්ගෙන් නොපැරැදුණු සඟන දක්නට මේ දම් සමාම් ආමු.”
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑ විටැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
Pali BJT“තත්ර භික්ඛවො සමාදහංසු චිත්තමත්තනො උජුකමකංසු, සාරථීව නෙත්තානි ගහෙත්වා ඉන්ද්රියානි රක්ඛන්ති පණ්ඩිතා”ති.
Sinhala BJT“එ දහම් සමාම්හි මහණහු තමන් සිත එකඟ කළහ. (තමන් සිත) ඍජු කළහ. රියසැරියක්හු රැහැන් ගෙන (රිය හසුරුවන්නා) මෙන් නැණැත්තෝ ඉඳුරන් රකිත්” යැ යි ගයෙකින් පැවැසී ය.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
Pali BJT“ඡෙත්වා ඛීලං ඡෙත්වා පලිඝං ඉන්දඛීලං ඌහච්ච{1} මනෙජා, තෙ චරන්ති සුද්ධා විමලා චක්ඛුමතා සුදන්තා සුසු නාගා’ති.
Sinhala BJT“ඒ තරුණ නාගයෝ (රහත්හු) පසැසි බුදුරජුන් විසින් මොනොවට දැමුණාහු, කෙලෙස් හුල සිඳ, කෙලෙස් කණයම ද සිඳ, රාගද්වේෂ මෝහ ඉන්‍ද්‍රකීලය උදුරා පියා, තෘෂ්ණා නැති ව, පිරිසිදු වැ, නිර්‍මල වැ හැසිරෙත්” යි ගයින් කී ය.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
Pali BJT“යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ න තෙ ගමිස්සන්ති අපායභූමිං{2} පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්තී’ති.
Sinhala BJT“යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ඔහු අපායට නො යන්නාහ. මිනිස් කය හැර දෙව්මුළුව සපුරන්නාහ” යි ගයින් කී ය.
Pali BJT3. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි, “යෙභුය්යෙන භික්ඛවෙ, දසසු ලොකධාතූසු දෙවතා සන්නිපතිතා හොන්ති, තථාගතං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච, යෙ පි තෙ භික්ඛවෙ අහෙසුං, අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතංපරමා{3} යෙව දෙවතා සන්නිපතිතා අහෙසුං සෙය්යථාපි මය්හං එතරහි. යෙ පි තෙ භික්ඛවෙ, භවිස්සන්තිඅනාගතමද්ධානංඅරහන්තොසම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතංපරමා යෙව දෙවතා සන්නිපතිතා භවිස්සන්ති සෙය්යථාපි මය්හං එතරහි. ආචික්ඛිස්සාමි භික්ඛවෙ දෙවකායානං නාමානි, කිත්තයිස්සාමි භික්ඛවෙ දෙවකායානං නාමානි, දෙසිස්සාමි භික්ඛවෙ දෙවකායානං නාමානි. තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමී”ති.
Sinhala BJT3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා, “මහණෙනි, බොහෝ සෙයින් දස (දහසක්) ලෝදාහි දෙවියෝ තථාගතයන් ද බික් සඟන ද දක්නට මුළුදෙවුණාහු වෙත්. මහණෙනි, ඉකුත් කලැ යම් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුන්ගේ ද, දැන් මගේ (මෙ සමයෙහි) මෙන්, මෙ පරම කොට (මෙ පමණ) ම වූ දෙවියෝ රැස් වූහ. මහණෙනි, අනා කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු ද, ඔවුන්ගේ ද දැන් මගේ (මෙ සමයෙහි) සෙයින්, මෙතෙක් ම (මෙ පමණ) ම දෙවියෝ රැස් වන්නාහ. මහණෙනි, දේව සමූහයන්ගේ නම් හෙළි කරන්නෙමි. මහණෙනි, දේව සමූහයන්ගේ නම් පෙහෙළි කරන්නෙමි. මහණෙනි, දෙවියන්ගේ නම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි වදාළ සේක.
Pali BJT“එවම්භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT“එසේ ය, වහන් සැ” යි ම එ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT4. සිලොකමනුකස්සාමි යත්ථ භුම්මා තදස්සිතා, යෙ සීතා ගිරිගබ්භරං{4} පහිතත්තා සමාහිතා.
Sinhala BJT4. “සිලොවක් කියන්නෙමි. යම් තැනෙක බූමාටු දෙවියෝ ඇත් ද, රහත් හු එ තැන් ඇසුරු කළාහු වෙත්. නිවන් කරා මෙහෙයූ සිත් ඇති, සමාධිගත සිත් ඇති,